ගොඩ දවසකට පස්සේ පොඩි විකාර කතාවක් ලියන්න හිතුනා... ගිය ටිකේ කට්ටියම පරණ පෙම් කතාවලට පැටලිලා, කවි, කතා, පරණ ස්ටෝරි ලිය ලිය, කවි තෙල් බි බී හිටියනේ... ( අම්මපා මාරයියව දැක්කෙත් නෑ ඊට පස්සේ.. හි හි)
මේකත් ඉතිං මඟුල් කතාවක් තමයි.....
අපේ අම්මගේ කේක් කතන්දරේ කට්ටිය දන්නවනේ... කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... බොෙහාම පොඩියට, ලස්සනට, හිමීට කරගෙන යන වැඩක්.. ගොඩක් වෙලාවට හැම කෙනාම අම්මව හොයා ගෙන තමයි එන්නේ.. කඩේ වැඩ කරන ගර්ල්ස්ලා හිටියත් හැමෝටම අම්මා එක්ක කතා කරන්න ඕනේ ඕඩර්ස් දෙන්න... විශේෂයෙන් උපන් දින, මඟුල් වලට හදන කේක් වලට... ඩිසයින් තෝරන්න අම්මම ඕනේ.. මං හිටපු කාලේ නං මට ඒ තැන තිබ්බා.. ඒත් දැං නං අම්මම කරන්න ඕනේ ඔක්කොම..
ඔය එන කට්ටිය වෙලාවකට හෙන වාතත් වෙනවා..ඒත් ඉතිං එහෙමයි කියලා කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.. ඒක නිසා හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ..
ඔය ඕඩර්ස් බාර දෙන්න ආවාම අපිට මරු මරු වැඩ වෙනවා...
ඔන්න දවසක් කොල්ලෙක් ඇවිත් බර්ත්ඩේ කේක් එකක් හදවගන්න...
අපි ඉතිං විස්තර අහනවා...
ගෑණු ළමයෙක්ටද ... ඔව්
වයස කීයක එක්කෙනෙක්ද.... 15යි...
ඉතිං සාමාන්‍යයෙන් ඒ වයසේ අයට හදන්නේ ඩිසයින් වලට වඩා කන්න පුළුවන් කේක් නේ... හැබැයි මෙයාට ඕනේ කියන්නේ හාවෙක්.. අපිට සාමාන්‍යයෙන් ඉවර වගේ තේරෙනවා මෙතන මොකද වෙන්නේ කියලා...
නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි
ඉතිං දැං අපි හාර හාර විස්තර අහනවා....
නෑයෙක්ද... නෑ
යාලුවෙක් ද..... ( ඇඹරිලා.... ) ඔව්...
හරි අපේ සැකේ කන්ෆ්ර්ම්.... හි හි
දැං මෙයාට ඕනේ මේ හාවව හදලා බොක්ස් එකක දාලා ගිහින් දෙන්න.. ඒ අලි තඩියව බොක්ස් වල දාන්න බෑ... ඒකා වීදුරුවක හදන්න ඕනේ...
ඉතිං දැං මේකා ඇඹරි ඇඹරි විස්තරේ කියනවා... කේක් එක එයාගේ කෙල්ලටලු... ආදරේට කියන්නේ බනී කියලලු.. ඒක නිසාලු හාවෙක් ඕනේ.. ගෙදරට හොරෙන් ගෙනියන්න ඕනේලු... ඒක නිසාලු බොක්ස් එකක දාලා ඕනේ...
අපිට හිනා මැරෙන්න.. කොහොම හරි ඉතිං අපි අවශ්‍යතාවය අනුව පොඩි පොඩි වෙනස් කම් කරලා කේක් එක හදලා දුන්නා.. ඒ වගේ ඒවට සපොට් කරන්න එපැයි.. නැද්ද මං අහන්නේ.... හි හි
ඔය වගේ හිනා යන තව කේක් ඕඩර් ජාතියක් තියෙනවා...
ඒ තමයි මනමාලියෝ බලන්න යනකොට අරන් යන කේක්...
ඔව් ඔව්.. ඒ වගේ කේක් ටිකක් විශේෂ විදියට තමයි හදන්නේ... හැබැයි ඒවා ඩිස්ප්ලේ එකේ නෑ... ඕඩර්ස් වලට විතරයි හදන්නේ.. ඉතිං ඕවට එන අය පටන් ගන්‌ෙන් මෙන්න මෙහෙම...
චොක්ලට් කේක් කිලෝ එකක් කීයද...
රු.. මෙච්චරයි.. ( මට ඇත්තටම ගාන මතක නෑ දැං)
බොක්ස් එකක දාලාද දෙන්නේ...
ඔව්...
වටේට අයිසින් කරලා එහෙම නේද...
එහෙම නම් හදන්නේ ඕඩර්ස් වලට විතරයි.. ටික වෙලාවක් ඉන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන්.. හැබැයි ගාන ටිකක් වැඩියි....
අපිට මේ ගෙදරකට අරන් යන්න... ටිකක් හොඳට අරන් යන්න ඕනේ....
අපේ කට්ටියට මේ වෙනකොට සීන් එක තේරිලා ඉවරයි... ඉතිං අපි කෙලින්ම මාතෘකාවට බහිනවා...
මනමාලියක් බලන්න යන්නද....?
(අම්මා නම් හිනා වෙලා, කොල්ලා නම් ඇඹරිලා ) ඔව්....
ආ ඒකට අපේ ස්පෙෂල් කේක් එකක් තියෙනවා.. චොක්ලට්, කජු එහෙම දාලා...
ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි
ඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්...
ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එතෙකාට තමයි වැඩේ.... හි හි
අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ...
ඉතිං එයාලම අපිට විස්තරත් කියනවා.. එතකොට තමයි ඉතිං යාලු වෙලා හිටපු ඒවයේ ඉඳලම විස්තර එළියට එන්නේ... ඉතිං අපි ඒ වගේ ඒවත් අහගෙන තව කේක් එකක් හදනවා... කොල්ලව අල්ලගෙන නෝන්ඩිත් දානවා....අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... ( ඇයි දෙයියනේ තව වෙඩින් එකකුත් එනවනේ ඉතිං.. හි හි)
යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි...
ඔන්න ඔහොමයි කතා කරන විදියෙන් අපි කට්ටියව අඳුර ගන්නේ.. ඒ වගේ ඉවක් නැතුව බිස්නස් එකක් කරගෙන යන්න අමාරුයි....
අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා.. මොක උනත් කමක් නෑ.. ඔන්න මං දානවා.. නැත්තම් කට්ටිය කයි තෙල් බී බී, අතීත ප්‍රේම පුරණ මතක් කර කර ඉඳලම ලොකු අමාරුවක වැටෙනවා.... හි හි
අද දාන්න කේක් එකක් ඇත්තෙම නෑ වගේ.. ඒක නිසා ඔන්න පළවෙනි පාරට මෙග් වෙඩින් කේක් එක බ්ලොග් එකේ දානවා...
ඔන්න හිරුවෝ මේ කැල්ලට කියන්නේ
ReplyDelete//නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි//
කොල්ලව හාව කරනවා කියලා...
කොහොමත් අම්මයි දුවයි දෙන්නම බිස්නස් වලට නං කියාපු දෙන්නා කියලා පේනවා. ඒ වගේම තමයි ඔයාගේ වෙඩින් කේක් එකත් මාර ලස්සනයි. මනමාලිටත් වඩා ලස්සනද මන්දා....
මම ඕක දැක්කෙත් ෆොටෝ වලින් නලීන් අයියේ... හි හි...
Deleteමොකේ බං ඒ හරුපේ.. තේරුන්නැතෝ...
Deleteමේ කේක් එක හැදුවෙ කවුද ? :D
ReplyDeleteමං වචන 4ක් ගහන වෙලාවෙ නලින් අයිය ඇවිත් පේළි 7ක කොමෙන්ට් එකක් දාල. මේක අසාධාරණයි :( මමයි මුලින් ආවෙ..
Delete//මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා... // හික්ස්.. ජීවිතේටම එක පාරනෙ අනේ..
ඉතිං ඒක ඇත්තනේ නේද..... අමාරුවේ වැටෙන්න කට්ටිය කොච්චර ආසද.... හි හි...
Deleteඕක හැදුවේ අපේ අම්මයි එයාගේ යාලුවෝ දෙන්නයි....
Deleteඔක්කෝම වැඩ නවත්තලා මට උඹේ වෙඩිමේ කේක් එක ගැන විචාරයක් දෙන්න හිතයි...?
ReplyDeleteඉතිං දෙන්න.... මේකේ ඉඩ තියෙනවා ඕනෙ තරම්... හි හි...
Deleteඅනේ පවුනේ අප්පා ඒ අහිංසක කොල්ලෝ... ඔහොම අසරණ කරන්න හොද නෑනේ ඉතිං...... :)
ReplyDeleteබනි කිව්වම මට කෝරලේ මලයව මතක් වුනේ......
වෙඩින් කේක් එක ලස්සනයි අක්කේ... :)
අහිංසක නම් ඕවා කොරන්න දඟලයිද සමනලී... හි හි...
Deleteතැන්ක් යු තැන්ක් යු....
මාත් මේ කල්පනා කර අර කොල්ලා කෝරලේ මලයාවත්ද කියලා..
Deleteඅයියෝ සමනලී අක්කේ සයුරි අක්කේ මම නම් නෙවේ. මමත් අහිංසකයි රටක් වටියි.
Deleteඅඩේ කෝරා .... මෙන්න ළිඳ ළඟ සංගමේ උඹව බයිට් එකට අරන්.
Deleteහැබෑට කෝමා හොද නිලි අක්කා බයිටින් පොරක්.. හිරුවෝ පරිස්සං වෙයං ආවම මේක අණ්ඩයා.
Delete@ DDT මොනා කරන්නද මචෝ මම අසරණයා :P
Delete@ දේශකයා හරියට හරි මතකයි නේ ඒ උනාට අන්ඩයා කිව්වට මම එහෙමමත් නැහැ අප්පා.
මමත් අහන්නයි හැදුවේ අර හාවගේ කේක් එක හදව ගන්න ආවේ කෝරලේ ගොයියද කියලා..
ReplyDelete//මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා...//
හි හි.. ඔයත් වැටිලනේ..
කෝරළයව මතක් උනා බනී මතක් වෙච්ච ගමන්... මේක වෙන කාලේ ඌ ලංකාවෙත් නෑ.. අනිත් එක ඌ කෙල්ලට අරන් ගියේ පණුවෝ ගහපු චොක්ලට් එකක් නේ.. හි හි
Delete@ බන්ඩා
Deleteඅනේ මචන් තාම නම් යන්න බැරි උනා ඒත් යන්න බයේ ඉන්නේ. මුන් සැට් එක මාව බයිට් කලොත් මොන දෙයියොන්ට කියන්නද? ඉන්ජෙක්ෂන් ගහන්න කියලයැ.
"සඳ සාවී මගේ" කියල සින්දුවක් කියන්නේ ඒ කේක් එක අරන් ගිය කෙනා වෙන්න ඇති නෙහ්..:)
ReplyDeleteපින්තුරේ තියන කේක් එක ලස්සනයි කිව්ව කියල අම්මට කියන්ට ඈ...
හා හා කියන්නම්..
Deleteසින්දු කියන අය කීපදෙනෙකුත් දිනපතා කේක් අරං යනවා... හි හි
අයියෝ..අර ආන්ටි දන්නවා නම් මේක මේ බ්ලොග් එකේ ආන්ටිගෙ ජොබ් එකේ රහස කියනවා කියලා...හි හි හී
ReplyDeleteවැඩිය මෙව්ව කියන්න එපා. බිස්නස්වල කපටිකම දැනගෙන අම්මට කස්ටර්මස්ලා නැතිවෙයි...ඔන්න හිරුවො..මම නම් මගෙ වෙඩිමට කපන්නෙ කිරිබත්... එතකොට කේක් වලට යන වියදම ඉතුරු කරගන්න පුළුවන්..අනික ඉතින් ඕක කේක් එකතුත් නෙමේනෙ. රිජිෆෝම් එකක්නෙ...හි හි හී
පල පල.. උඹ කොහෙද කිරිබත් කපන්නේ ... මං උඹේ කොල්ලව අල්ලගෙන දෙනවා ධර්ම දේසනාවක්.. දීලා කොහොම හරි කේක් එකක් ඇඟේ ගහනවා... හි හි..
Deleteමේක නම් රිජිෆොම් තමයි.. අපිට නම් ගානක් නෑ නේ.. ඒත් මීට වඩා පොඩි, මේ වගේ එකක් කේක් වලින්ම හදන්න පුළුවන් ළිහිණි.... අවුලක් නෑ...
ඔය මැජිකල් කේක් වලට මොනවද දාන හින්ද බිස්නස් කස්සටරමයරයන් අවුලක් නෑලු.. අර උදේම කඩේ එන්න හොද නැති උන්දැල ඇර..හැක්
Deleteතවත් කේක් කතාවක්, මේව කියවනකොට කේක් බඩගින්නක් එන එකට වගකියන්න වෙයි ඔන්න.
ReplyDeleteකේක් ගන්න ආවහම, බලන්න යන්න මනමාලියක් සෙට් කරන්න එහෙම බෑද.
//බලන්න යන්න මනමාලියක් සෙට් කරන්න එහෙම බෑද.//
Deleteඉස්සර එහෙම කේස් තිබ්බා.. සමහර කොල්ලෝ හැමදාම එනවා කේක් ගන්න කෙල්ලො ටික ඉන්න නිසා... අපේ අම්මට කෙල්ලො ටික බේර ගන්න හෙන ගේමක් තියෙන්නේ...
කොල්ලෝ කීපදෙනෙක්ම අම්මලව එවලා තිබ්බා අපේ අම්මව ෂේප් කරගෙන මං ගැන අහන්න. එයාලට නම් ඉතිං සොරි තමයි.... හි හි
මගේ වෙඩින් එකට කේක් එකක් හදාගන්න බැරි වෙයිද?තව කල් තියෙනවා ඔන්න හැබැයි අඩුවෙන් සල්ලි ගනින් ඈ :).
ReplyDeleteහි හි.. අඩුවෙන් නම් හම්බුවෙන්නේ නැ කොල්ලෝ අපේ අම්මගෙන්.... ඔක්කොටම කලින් උඹ කෙල්ලෙක් හොයා ගනින්කෝ... හි හි
Delete//යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි... //
ReplyDeleteපෙනේද? :O
හරිම රසවත් අප්ප මේ පෝස්ට් එක. කාටවත් නෑ කියන බෑ ඉතින්. කේක් නේ . හි හී :P
හි හි.. කේක් එක දැම්මේ අද නම් අන්තිමයි පෝස්ට් එක කියයි කියලා බයේ සමී...
Delete"කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... " මේ දාන ඇඩ් එක මදැයි..
ReplyDelete"ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා..." මට නම් ඔය කඩවල එවුන් එක එක එව්වා ඇඟේ ගහන්න ආවොත් නම් මම කියනවා 'මේ ඔයාලගෙ බඩු මගෙ සල්ලි. මම ගන්නෙ මට ඕන දේ' කියලා.. මට යකා නඟිනම වැඩක් තමයි සමහර රෙදි කඩවලට ගියාම මේක හොඳයී කිය කිය ඇඟේ ගහන්න එන එක..
කට්ටිය ගානට අන්දවලා සාක්කුවට බහිනවා නේද? :) බිස්නස් ට්‍රික්ස්.. රසවත්ව ලියලා තියෙනවා..
Home mage Magical Cakes ද? Home made Magical Cakes ද?
අකුරු මාරුවෙලා හරි... Home made තාමා.. හි හි...
Deleteකොෙහාමද තනියෙන් කොල්ලෙක්ව කෙල්ලෝ ගෙඩක් අල්ලගෙන බයිට් කරන්න ගත්තම... හි හි... ඇයි ඉතිං අපේ එවුන් හිනා වෙනවනේ ඕවා අහ අහ.... හැබැයි ඉතිං උනුත් හිනා වෙවී තමා ඕවා කියන්නේ.. මම ඉන්නකොට නම් ඌ අනිවා වෙඩින් කේක් එක හදන්නත් එන්‌ෙන් අපි ගාවටම තමයි.. ඒ තරමට ෆිට් කරගන්නවා...
කොහොමත් හරී සමහරු ඉන්නවා අපිව අන්දන්න එන ඇන්ටිලා එහෙම... එක එක ඒ වගේ ගනං අහගෙන ගිහින් පස්සේ ඒ ගනං වලට කේක් හදවන්න එහෙම බලාගෙන එන පණ්ඩිත කේස්... එයාලට නම් දෙනවා බැෂ්ටිය ආයිත් නැ දුවන්නම... හි හි....
කේක් එක ලස්සනයි
ReplyDeleteතැන්ක් යූ නැන්දේ.. හි හි
Deleteඑහෙනම් මමත් කේක් එකක් හදා ගන්න හිරුවා ගේ කඩේට එන්න ඕනේ! :D
ReplyDeleteඉස්සෙල්ලා විභාගේ ඉවර කරගෙන හිටු.... හි හි
Deleteකේක් ගන්න ඇවිත් බයිට් වෙන එකත් බලාගෙන ගියාම නරකම නෑ වගේ.
ReplyDeleteමම කෝරලයාගෙන් ඇහුවා ඒ පැත්තෙ ආවද කීයලා කේක් එකක් ගන්න.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නෑ නෑ ඩූඩ් අයියේ... මේ කේස් එක වෙන කාලේ මං හිතන්නේ කෝරළයා රට.. අනිත් එක ඌ කෙල්ලට අරං ගියේ පණුවෝ ගහපු චොක්ලට් එකක් නේ.. හි හි...
Delete@ ඩුඩ්
Deleteඅයියේ මම අනිවා යනවා ලන්කාවට ගිය ගමන් හාවෙක් හදව ගන්න. හැබැයි මම ගියොත් අක්කල සැට් එක අන්දොස් වෙන්නම බයිට් කොරලයි එන්නේ ඕන්......
@ හිරු අක්කා
අයියෝ අක්කේ මොනාද අනේ මාව කිච කරන්නේ මය පණු කේස් එකක් කියා කියා ලැජ්ජා නැද්ද අම්මපා. සිරාවට ඔය පණු චෝකෝ අරන් නේද අයියා ඔයාව බලන්න ආවේ :P
//ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි
ReplyDeleteඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්...
ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එතෙකාට තමයි වැඩේ.... හි හි
අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ...//
අම්මල දුවල හොද සුද්දෝධනලද කොහේද . පව් බොල ඔහොම හූරාගන කන්න
දංවැල් කැලි දෙකක් අරගන ඉනවටේ ගැට ගහලා අනිත් කොන බිම ගෑවෙන්ඩ දාගන හිටපල්ලා දෙන්නා එක්ක , වහින වෙලාවට
ඉතිං අටම් ඕවා තමයි බිස්නස් ට්‍රික්... හි හි...
ReplyDeleteඕක ලස්සන මෙහෙම කියනකොට නෙවෙයි.. ඕක බලං ඉන්නකොට... අප්පේ ඇඹරෙන ඇඹරිල්ල... හි හි.... ඇයි ඔය විස්තර ටික අහගන්න අපි දඟලන දැඟලිල්ල... හි හි.. මම නම් තේරුන ගමන් අහනවා මනමාලියක් බලන්න යන්නද කියලා... අනිත් උන් ටික එහෙම අහන්නේ නෑ.. උනුත් ලැජ්ජයි.... හි හි
අර අහිංසක හාවට ඔහොම විහිළු කරන එක හරිද මන් අහන්නේ ?
ReplyDeleteවෙඩින් කේක් එක නියමයි
හාවා ගානට වැඩේ කරගත්තා මලයා.. හි හි..
Deleteතැන්ක් යූ...
අඩේ ඔය ආපු කස්ටමර්ස්ලා ආපහු ඇඳුම් ඇඳගෙනද හිරුවො එන්නේ
ReplyDeleteඋන් අපිත් එක්ක හෙනට ෆිට් වෙනවනේ... ආයෙත් එනවමයි... හි හි
Deleteකේක් බඩගින්නක් ආවා.........
ReplyDeleteමටත්... හි හි
Delete// අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... //
ReplyDeleteමටත් එකෙක් ඔහොම විෂ් කරලා කොන්තයක් දුන්නා.. ඒක දුන්නත් හරි වැඩේ හබක්.. :-) එදා ඉඳලා මම ඔය විෂ්කරන ඒවා ගනන් ගන්නෙ නෑ.. හැබැයි උගේ විෂ් එක හින්දනම් වැඩේ හබක් වුනේ මම ඌට ආත්ම ගානකට ණයගැතියි.. සත්තයි.. හැහ් හැහ්...
සාමාන්‍යයෙන් මේ වගේ දේකදි විෂ් කරන එක ,එන කෙනාට හිතට සතුටක්.. ඒ වගේම මතකත් හිටිනවා.... මේක ඇවිල්ලා බිස්නස් ට්‍රික් එකක් සෙන්නා.. අපේ අය ගාව මැනර්ස් අඩුයි නේ... නැත්තම් මේ වගේ දේවල් සාමාන්‍යයි වෙන රටවල නම්...
Deleteඔහෙපලයන් මෙයා දන්න ඒවා...!!
Deleteමේක "හි හි නැති හෝරාව" වුනානම් නියමයි....
ReplyDeleteඇයි අනේ සුමිත් අයියේ එහෙම කියන්නේ...
Deleteකේක් එකනම් ලස්සනයි. මන්නම් ඉතින් කිරිබත් තමයි කැපුවේ. ගාන ශේප් :දී
ReplyDeleteඅර හාවා ගෙනිච්ච කොල්ලානම් පව් අනේ. අසරණයෙක් !!
නෑ නෑ.. ඒ කොල්ලා ලස්සනට ගේම දීලා තිබ්බා.. හි හි...
Deleteකිරිබත් වඩේ ලේසියි තමයි... ඒත් මගේ වෙඩින් තීම් එකටත් ඒක ගැලපුනේ නෑ... අම්මටත් හරි නෑ නේ.. හි හි
මම මේ කල්පනා කරේ හොද වෙලාවට cake එක ගෙනියපු එකා කෙල්ලට බනි කිවේ .බැරිවෙලාවත් සදා වගේ නමක් කිවනම් හිරු අක්කල අනාතයි .ඇයි ඉතින් හදපල්ලකෝ සදක් වගේ ලොකු cake එකක් හික් හික් හික් .ඊලග ප්‍රශ්නේ කොල්ල ඕක ගෙනියන්නේ මොකේ දාගෙනද ?
ReplyDeleteweddin cake එකනම් ලස්සනයි .මමත් හිතන් ඉන්නේ රිජිෆොඅම් වලින් නැතුව සිරා cake වලින් ලොකු cake එකක් order කරන්න මගේ weddin එකට .හැබෙයි අර පොඩි පොඩි weddin cake දෙන් නෑ .ලොකු cake එක කපලා හැමෝටම දෙනවා කාපියව් කියලා .(තව ගොඩක් කල් තියෙනවා හොදද weddin එකට ,තාම කෙල්ලෙකුත් නෑ ලකියට .හැබෙයි ඉතින් මේ යන විදිහට අපේ කාලේ එනකොට පාන් කපන්න වෙයිද දන් නෑ .එතකොට order කරන්න වෙන්නේ weddin පාන් .හිරු ලගේ අම්මටත් වෙන්නේ cake shop එක වහලා bakery එකක් දාන්න weddin පාන් ,bday පාන් ,චොකලට් පාන් ,butter පාන් ,පොල් පාන් ,අයිසින් පාන් හදන .මරු නෙහ් ?)
පානුයි කේකුයි එච්චර වෙනස් නෑ ලකී දැං කල්පනා කරලා බලනකොට... හි හි
Deleteමම මේ මතක් කරන්න මම වෙඩිමෙදි මොනවද කැපුවේ කියලා. මෙහෙම පතරංග බිල්ඩිමක් නම් තිබ්බ බවක් මතක නෑ. මේක දැක්කහම මට හිතෙන්නෙම මේක ඔන්න මෙන්න කඩං වැටෙයි කියලා. මේක වටේට කොඩිත් ගහලා නොවැ.
ReplyDeleteමේකත් ඉතිං හැබෑ දස්සකමක් තමයි. අම්ම ඔහොම කේක් හදනකොට දූගෙ වෙඩිමට කිරිබත් කපන්න පුළුවනැයි නේද?
කවි තෙලට තිත ද මේ? ඉහි ඉහි...
ඒක නිසානෙ තිසර මේක හදන්න උනේ... නැත්තම් මාත් පොඩි කේක් එකකට තමයි ආසාවෙන් හිටියේ... අමම්ට මේක මට හොරෙන් නේ හැදුවේ... හි හි
Deleteකයි තෙල් බීලා මුන්ට මොනා හරි උනොත් මට තමා වගකියන්න වෙන්නේ... හි හි
//අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා..// :D
ReplyDeleteකතාවනම් ටිකක් විතර පිස්සු වගේ තමයි අක්කෙ...ඒ වුනාට ඇත්තටම අන්තිම කොටස දක්වාම රසවත්....
තැන්ක් යූ මලයා... හි හි
Deleteතමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඇඩ් දාගන්න බැරි නම් කාටද පුලුවන් නේ..:)
ReplyDeleteවැරදිලාවත් ඔය පැත්තෙන් නම් කේක් ගන්නේ නෑ. වස චාටරේ නේ. මුන්දලාට කොල්ලෙක්ව බයිට් කරන තරම් වෙන රාජකාරියක් නැද්ද මන්දා. :)
මට අහුඋනොත් නම් අනිවා බයිට් කරනවා ... ඒ වගේම ඉතිං සමහර වෙලාවට මං බයිට් වෙනවා... හි හි
Deleteතාම තියෙනවයි බං ඔය කේක් එක.. හරියට අලි රතිඤ්ඤ වගේ ඉරටි වල එල්ලල තියෙන්නේ... මේ බං අර පළවෙනි කොල්ලා නං මට හැකයි අපේ කෝරලයද කියලා.. ඌ තමා ඔය විදියට ඇඹරෙන්නේ.. අනිකා ඒකාගේ එකී බනිය නෙව..උඹ ඉතිං පරණ වෙච්චි කේක් කෑල්ලෙන් හරි වැඩක් ගන්නවා.. හිහි
ReplyDeleteනෑ බං.. මේක එහෙම එච්චර කල් තියාගන්න පුළුවන් එකක් නෙවෙයි...
Deleteනෑ නෑ.. කෝමා නෙවෙයි.... හි හි
හා හා මේ මම ඉන්නවා. බොලා දෙන්න හිතුවද මම ඇඹරෙන්න ගැහැණු පරානයක් කියල???? මල්ලි මම වැලිකඩ කෝමා හරිද?????????? මම ආවනම් බයිට් වෙන්නේ අක්කල සැට් එක.
Deleteකෝමා ද කෝරා ද?
Deleteඕනේ එකක් අක්කේ ඊයේ එක මලබාරියෙක් මට කියනවා මිස්ටර්. අත කෝ රාල ලු මට ඉතින් මේ තියෙන්නේ කියල පෙන්වන්න හිතුනා. ඔන්න ඔහේ කැමති දෙයක් කියන්නකෝ. හිකිස්...... කෝමා කිව්වොත් ඒක නිකන් ලෙඩක් වගේ නේද අක්කේ?
Deleteහත්වලාමයි මට ඒක අමතක උනා. මොකෝ බං උඹේ තදියමට උනේ. චෙක්පොත් දෙක ගෙනාවැයි... වෙලාවට. නැත්නං පයින්ම ගියාද???
Deleteඊයේ රාම බක්කි කරත්තෙත් ගත්ත අලුත් එක අද ඔෆිස් ආවේ ඒකේ :)
Deleteජය වේවා!!!
Deleteකෝරලේ මලයට වාසි වෙගයි නේ.. හි හි
Deleteලස්සන කේක් එක .
ReplyDeleteතැන්ක් යූ.... හි හි...
Deleteයකෝ අක්කේ බෙල්ල මිරිකනවා. මේ ඔය උඩින්ම කියල තියෙන්නේ මගේ ගැන එහෙම නෙවෙයි නේද? හාවා???????? අයියෝ...... මමත් ලංකාවට ආවම අනිවා එනවා හාවෙක් හදව ගන්න. නැත්නම් මගේ හාවි මාව හාවා කරයි. හිකිස්..................
ReplyDeleteඋඹ කිටීනේ බං... මං කිව්වේ බනියෙක් ගැන.. හි හි...
Deleteඑන්න එන්න.. හැබැයි අපේ අම්මා තමයි ඉන්නේ හරිද.... හි හි
වෙඩින් කේක් එක ලස්සනයි.අම්මගෙයි දුවගෙයි මකටින්ග් පාර නියමයි.කොල්ලව ටිකක් බයිට් කරලා ගානට බිස්නස් එකත් කරගන්නවා.මේක කියවනකොට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි කේක් මතක් වෙලා බඩගිනි වෙන එක.
ReplyDeleteකේක් කන්න ආස කට්ටිය මෙච්චර ඉන්නවා නේ... හි හි
Deleteකේක් එක නියමයි
ReplyDeleteතෑන්ක්ස් චමී..
Deleteකොල්ලන්ව බයිට් කිරීම තරයේ හෙළා දකිමි ! ඇයි වදේ සල්ලි දීලා කේක් කෙල්ලො ඉස්සරහ හාවො වෙන්ට මුන්ට පිස්සුද?
ReplyDeleteහිරු දැන් ෂොප් එක පැත්තට පායන්නෙ නැති නිසා කොල්ලො හිතේ සැනසීමෙන් කේක් ඕඩර් කරන්න යනව ඇති මගේ හිතේ. දැන් හිරුව ගෙදර ඉඳන් අපේ මහත්තයව හාවා කරගෙන.
අපේ මහත්තයා හාවා උනේ ගොඩක් කාලෙකට කලින්... හි හි...
Deleteකොල්ලන්ටත් කෙල්ලෝ ගොඩක් මැද්දට වෙලා කියව කියව ඉන්න තියෙනවා නම් ඉතිං වෙන දෙයක් තියෙනවද... හි හි
කේක් කන්න අමාරුනං උදව්වට මේ රජා ඉන්නවා...
ReplyDeleteනොමිලේ සේවාව..
අයකිරීම් නොමැත..
අමතන්න... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි.. අපෝ ඔයයි ඔයාගේ අර යුව රජයි ආවොත් නම් ඉතිං කඩේම ඉවර කරළා යයි තමයි... හි හි
Deleteවෙඩින් කේක් එක ලස්සනයි. :) ඒත් කොච්චර ලොකුවට හැදුවත් කන්න හම්බවෙන්නේ පොඩි කෑල්ලක්නේ.
ReplyDeleteමේක නම් ඔය සිද්ධිය තමයි.. හැබැයි මේක කේක් වලින්ම හදන්න පුළුවන් ඉෂාන්...
Deleteහපෝයි. කේක් බඩගිනියෝ. පොල්කේක් ටිකක්වත් කාපු කාලයක් මතක නෑ. ඔබ පැත්තේ ආවොත්වත් හම්බෙයිද?
ReplyDeleteඅපේ අම්මගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ.. හි හි
Deleteඅපරාදේ. නුවරට කිට්ටුවේ වත් තිබ්බා නම්. වෙඩිං කේක් වැඩේ හිරුවට දෙන්න තිබ්බා. මොනා කරන්නද හිරු. කොළඹ ඉදන් නුවරට කේක් අරන් යන්න පුලුවනෑ. අර කේක් එක නම් ලස්සනයි හිරු. ඒ කේක් එක වගේම උබලගේ ජීවිතත් ලස්සන වෙන්න ඕන කියලා පතනවා.
ReplyDeleteනුවරටත් අරං යනවා මින් අපේ කේක්.. ඒත් ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න කට්ටියගේ ඕඩර්ස් තමයි එන්නේ අපිට...
Deleteතැන්ක් යු....
මේ ඇහුනද....? අරුන්දැගේ ඔය බ්ලොග් කෙරුවාව නිසා වැඩි දොහක් නොගිහින් මගේ මේ බිසුනොස් එකටත් කනකොකා හඬනවා..! ඕං මං නොකීවයි කියන්නෙපා..
ReplyDeleteහිරුවගේ අම්මා
අපෝ නෑ සරා අයියේ.. අපෙ අම්මා හරි කැමතියි.. නිකම් ලැබෙන පබ්ලිසිටියනේ.. හි හි..
Deleteමේ මේ ඔය බයිලා වැඩක් නෑ... අපි ඕඩරේ දුන්න දවසට අනං මනං අප්සැට් ටෝක් නැතුව ඉල්ලන සතා කොටු කරලා බොක්ස් එකට දාල දෙන්නයි තියෙන්නෙ අරිද...
ReplyDeleteමේ සිරා ඔදට ඔදයි...නරකට ඊටත් වඩා ඔදයි....
හරි හරි.. සිරාට බැරියැ අලියෙක් වත් බොක්ස් එකට දාලා දෙන්න.. හොයා ගනින්කෝ ඉක්මණට කෙල්ලෙක්.. හි හි..
Deleteඅන්න කස්ටමර්ස්ලව අල්ල ගන්න හැටි. ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ. වැඩේ වෙඩ්න් එක දක්වාම ෂුවර්.
ReplyDeleteහි හි...
Deleteමේ ලොකු කේක් හදන්න වැඩි ගානක් යන්නෙ නෑ නේද හිරූ.මොකද ඉතිං තනිකර රිජිෆෝම් නේ...එවෙලෙට කපන්නේ වෙඩින් කේක් කෑල්ලක් ....
ReplyDeleteඔය වගේ අලි පත කේක් හදන්න පුළුවන් එහෙම විතරයි බට්ටි.. ( යට තට්ටු වලට බර දරා ගන්න බෑ නේ නැත්තම්..) හැබැයි ඔයිට වැඩිය පොඩියට, තට්ටු කේක් හදන්න පුළුවන් කේක් වලින්ම... අපි ගොඩක් වෙලාවට හදන්නේ එහෙම...
Deleteඅඩේ මේකට මන් කමෙන්ට් එකක් දැම්මේ නැද්ද? නැත්නම් ස්පෑම් වෙලාද? යකෝ අද ආවේ රිප්ලයි බලන්නනේ.
ReplyDeleteතට්ටු කේක් එකක් හදන්න පන් හය දාහක් වියදම් කරලා, සුට්ටන් කෑල්ලක් කාලා ආයේ ඒකෙ ඉතුරු ටික ගිහින් දෙන්නත් එපැයි. අන්තිමට බලනකොට හයර් එකට අරන් තියෙන්නේ. ඒ මදිවට හාවත් වෙලා. හුහ්.. මන් හදනවා සිමෙන්තියෙන්. නැත්නම් ෆයිබර් වලින්. පොඩ්ඩක් බර වැඩිවෙයි. ඒත් කමක් නෑ. ජීවිත කාලෙම තියා ගත්තෑකිනේ.
අපි අහු වෙයි හිරුවට. :P
ස්පෑම් වෙලා නෑ...
Deleteමේවයේ තියෙන ඒවට යන වියදම හැටියට බඩු ටිකත් එක්කම දෙන්න පුළුවන් දැං දෙන ගාන වගේ තුන් හතර ගුණේකට විතර... හි හි..
කේක් එක ආපහු ගෙන්න ගන්නේ නෑ .. අපි ගිහින් අරං එනවා... හි හි.... හැබැයි අකම් අපි නම් එකම කේක් එක දෙන්නෙකුට දෙන්නේ නෑ.. හැම තිස්සේම අලුතින් කේක් එක හදනවා.. මොකද එක්කෙනෙකුට එහෙම කළොත් අනිත් අයත් හයර් එකට ගන්න හදන නිසා... ඒක නිසා අපේ ෂොප් එකේ කේක් හයර් එකට නෑ... හි හි...
Lassssana cake eka. Awulak na post eka hodai cake eka nisa rasawath una. Nodanna aya hari dana gaththane hawo wenawa oya wage welawata kiyala.
ReplyDeleteහි හි.. හාවෝ වෙන්නේ නෑ.. අපි හාවෝ කරනවා... හි හි...
Delete