Monday, September 17, 2012

ගවුම් මෝස්තර...



උදේට උයන ගමන් ඔය මොකක් හරි චැනල් එකක (ගොඩක් වෙලාවට රූපවාහිනියේ)යන පත්තර විස්තර ටික අහන එක මගේ පුරුද්දක්... කියන්නේ ඉතිං එකම ටිකනේ.. අනිත් එක කුනුහරප කියවන් නෑ නේ රේඩියෝ චැනල් වල වගේ.. හි හි.. හැබැයි ඉතිං ඕවයේ ගොඩක් වෙලාවට නිවුස් එක පොඩියට කියනවා මිසක් ඔක්කොම කියන් නෑ නේ... ඉතිං ගිය සිකුරාදා ඕක අහන් ඉන්න ගමන් මට ඇහුනා දිණමිණේ මේ කාටූන් එක ගැන කියනවා... දැන් පත්තර බලන අය දන්නවා ඇති මේක හැමදාම යන කාටූන් එකක් කියලා... මොකක් හරි වැදගත් යමක් කියලා දෙන්න හදන එකනේ මේකෙන් කරන්නේ.. ඒක නිසා ඉතිං මේක හොදයි....

මේ කතාව ඇහුනට පස්සේ මං කල්පනා කලේ ඇත්තට මේ කොටට අදින එකයි, දිගට අදින එකයි මෙච්චර කතා කරන මතෘකාවක් වෙලා තියෙන්නේ ඇයි කියලා....

ජොලියටත් එක්ක මට වෙච්ච වැඩක් කියන්නම්කෝ...

ඔය ඉස්සර .... ඒ කිව්වේ අපේ අම්මලා ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝලෙ ගවුම කොටට නොවැ ඇන්දේ.. ඒත් මට නම් කවදාවත් ගවුම කොටට අදින්න නම් හම්බුනේ නෑ.. ඒකට මම එච්චර දැඟලුවෙත් නෑ... මේ කොල්ලා වගේ දඟලන එකාට මොන මොස්තරද.. හි හි..

ඒත් ඉතිං වැඩට යන්න පටන් ගත්තට පස්සේ මම තාත්තට කරදර කරන්න පටන් ගත්තා කොටට අදින්න දෙන්න කියලා... “ඇයි තාත්තේ අම්මට හොද නම් මම ඇන්දට මොකද වෙන්නේ.. මේ ෆොටෝ වල අම්මගේ සායවල් ඔක්කොම කොටම කොටයි..“. ඒක තමා මගේ සටන් පාඨේ... ඉතිං අන්තිමට තාත්තාම මාව එක්කරන් ගිහිල්ලා දණිස්සට අඟල් 4ක් විතර කොට කිට් එකක් අරන් දුන්නා බර්ත් ඩේ එකට.. මට මතක විදියට 21 ටද කොහෙද... එච්චරකල්ම මම ඔෆිස් ඇන්දේ දිග සායවල්... එළිෆන්ට් පෑන්ට් කියන කලිසම් ජාතිය.. ( ඔය කකුලට තද කලිසම් මට අදින්න බෑ... කෙට්ටුම කෙට්ටු නිසා තාත්තා නෝණ්ඩිය දානවා පොඩි සයිස් ෆියට් එකක් යන්න ඉඩ තියෙනවා, හරිම කැතයි කියලා...ඒක ඉතිං මටත් තේරිලා තිබුනේ..හි හි)

ඔ‌ෆිස් යන්න කලින් තාත්තලගේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට්ටුගෙදර් එකට යන්න උනා.. ඉතිං මාත් චණ්ඩියා වගේ ඕක ඇදගෙන ගියා.... අපේ අම්මා ගියේ සාරියක් ඇදලා... එදා මට තේරුනා මේ ඇදුම ඇදගෙන කොල්ලො ගොඩක් ඉන්න තැනකට ආපු එක මහ ගොන් වැඩක් කියලා... වෙනදට පොඩි එකෙක් විදියට මං දිහා බලන අයියලා සෙට් එකට එදාද කොහෙද මාව පෙනිලා තිබුනේ... ( මගේ වයසේ වෙන ගෑණු ළමයි අඩුයි එතන.. ඔක්කොම වගේ පොඩි ළමයි නේ ඉන්නේ ඉතිං..)

එදයින් පස්සේ ෆොන් කෝල් ඉවරයක් නෑ අපේ ඔෆිස් එකට.. හි හි..... ඒව නම් ඉතිං ජොලි... ඒත් එදා බලපු විදිය මට ඇල්ලුවේ නෑ....

ඕකෙදි ලස්සනම , ස්මාර්ට්ම, හොදම පර්සනැලිටි එක තියෙන වයිෆ්ව තෝරන තරඟයක් තිබුනා... ඒක ඔය නටන කරන දේවල් නෙවෙයි.. ළගට ඇවිල්ලා කතාබහ කරලා තමයි තෝරන්නේ.. ඉතිං අපේ අම්මා තමයි ඒ අවුරුද්දේ තේරැනේ.. තව ගොඩක් තරුණ අය හිටියා.. ( අපේ තාත්තා තමයි එයාලගේ ගෲප් එකේ වයසින් වැඩිම...) මම ටිකක් කල්පනා කරනකොට තේරුනා අම්මට ඒ තැන හම්බුනේ අම්මා ඒ තැනට වැදගත් ඇදුමක්, වැදගත් විදියට ඇදගෙන ගිය නිසා කියලා.... අනිත් එක එයා සාරියට හිරිම ලස්සනයි... හි හි...

මම පස්සෙත් ඒ ඇදුම ඇන්දා.... හැබැයි වෑන් එකේ යන එනකොට විතරයි... කෝච්චියේ යනකොට ඉතිං ඔය වගේ ඇදුමක් කොහෙත්ම අදින්න බෑ නේ.... මං ඉතිං තාමත් ආසයි කොටට අදින්න.. හැබැයි අපේම වාහනේක යනවා නම් විතරයි.... අපේ මහත්තයක් මට ගොඩක් කොට ඇදුම්, ආසයි කියන කොට අරන් දුන්නට ඉතිං ඒවා වැඩි හරියක් අල්මාරියක මුල්ලේ පුස් කනවා.. ඇත්තටම අපි වගේ මධ්‍යම පන්තියේ දුප්පත් මිනිස්සුන්ට ඕවා ඇදගෙන යන්න තැන් සෙට් වෙනවා අඩුයි නේ....

මම කියන්න ගියේ ඒක නෙවෙයි... කොහෙද වටේම යැවෙනවා මෙහෙම එකක් කියන්න යනකොට...

ඇත්තටම ගෑණු ළමයින්ට ඇදුම් වලට බනින අය කොච්චර ඉන්නවද...? බැන්නම හිතෙනවා මේ මොන මඟුලක් ද අප්පා.. නිදහසේ ආස කරන ඇදුමක් ඇදගෙන යන්නවත් නෑ... කරුමේ තමා ... හැම කෙහෙල්මලටම සාරියක් පටලෝගෙන යන්නද කියන්නේ කියලා... හි හි.. ඒක ඇත්ත... මටත් එහෙම හිතිලා තියෙනවානේ..

හැබැයි මම ඒ කාලේම තේරුම් ගත්තා වැරැද්ද තියෙන්නේ අදින ඇදුම් වල නෙවෙයි කියලා..... ඈ යකෝ... එහෙනං මොන මඟුලෙද වැරැද්ද... .....

වැරැද්ද තමයි තැනට ගැලපෙන විදියට අදින්න අපේ ගෑණු ළමයින්ට තේරැමක් නැති එක.....

බස් එකේ, කෝච්චියේ යන කොට ගොඩක් කොටට තියෙන සායවල්, ඇඟට ගොඩක් හිර කලිසම්, කොට කලිසම්, පැත්තකින් ගොඩක් උඩට ඕපන් එකක් තියෙන සායක්,කර ගැඹුරට කපපු බ්ලවුස්,අත් නැති බ්ලවුස් ( ඒ කිව්වේ ස්කිනීස් වගේ ඒවා...) එතකොට බඩ ‌ගොඩක් පේන විදියට කොට බ්ලවුස් වගේ දේවල් ඇන්දම ගොඩක් අයගේ අවධානයට ඉක්මණට ලක් වෙනවා තමයි.... ගෑණූ ළමයි උනාම හැමෝගෙම අවධානය ගන්න හදන එක ඉතිං සාමාන්‍යයිනේ... එතකොට පොඩි ego boost එකක් වගේ එනවානේ... ඉස්සර වගේ ඇහෙන්න කතා කරන්න හොද නෑ, පේන්න ඉන්න හොද නෑ, කට ඇරලා හිනා වෙන්න හොද නෑ කියලා කෙල්ලන්ව හිර කරන්න බෑනේ දැන්.. ඒක සාධාරණත් නෑ....

හැබැයි මේ ලැබෙන අවධානය ගෑණු ළමයෙකු විදියට ලබන්න වටින අවධානයක් ද කියන එක ප්‍රශ්නයක්... මොකද ඔය ගොඩක් එය බලන්නේ “ මරු කෑල්ලක්.... මරු *ල් දෙක.. නේද මචන්...මාරැ බඩ්ඩක් සෙට් කර ගත්තනම් .. “ කියලා වගේ අදහසකින්....

අපේ රටේ කොල්ලන්ගේ ඔලුවල තාමත් යම්කිසි ප්‍රමාණයකින් ලාංකික සංස්කෘතිය ඉතුරු වෙලා තියෙනවා කියලා මම දකිනවා.. ඒකයි කොච්චර මේ වගේ කෙල්ලෝ ‌ගොඩක් මැද ඉන්න කොල්ලෙක් උනත් සාරියක් ඇදපු කෙල්ලෙක් දැක්කම දෙපාරක් හැරිලා බලන්නේ... තමන්ගේ වයිෆ් විදියට තෝර ගන්න කෙල්ල සාරියක් ඇදලා දකින්න කැමති....

1% - 2% විතර one night stand වලට පෙළඹෙන කෙල්ලෝ කට්ටියක් කොළඹ අලුත් සංස්කෘතියත් එක්ක බිහිවෙලා ඉන්නවා කියලා දැනුනට වැඩි හරියක් අපේ කෙල්ලෝ හොයන්නේ සෙක්ස් වලට වඩා තමන්ට ආදරේ කරන, තමන්ට ගෞරව කරන කොල්ලෙක් ගාව ජීවිතේ නතර කර ගන්න..... මට හිතන්නේ කොල්ලොත් ඒ වගේ හිතනවා කියලා....

ඉස්සරට වඩා ඕපන් එකේ කොල්ලෝ කෙල්ලෝ අශ්‍රය කළත් අදටත් අපේ කොල්ලෙක් ගේ හද ගැස්ම පොඩ්ඩක් වෙනස් වෙනවා සාරියක්, ඔසරියක් ඇදපු කෙල්ලෙක් ගාව.. ඒක මම අදහන දෙයක්.... මොකද මම ජීවිතේ වැඩි හරියක් කොල්ලෝ ගොඩක් ළඟින්ම ආශ්‍රය කරපු කෙල්ලෙක්.... ඒ වගේම හැමදාම කලිසම් අදින කෙල්ලෙක් උනත් සාරියක් ඇදපු දවසට ගමන බිමන, කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා එයාටත් නොදැනීම..... ඒ ඉතිං මට තේරුන හැටි...

ඉතිං අපේ කෙල්ලෝ ඇදුම් අදින කොට මේ වගේ හිතලා බලලා, තමන් යන තැන, තමන් යන වාහනේ මොකද්ද කියලා හිතලා බලලා ගැලපෙන, තමන්ගේ ඇඟේ වැසිය යුතු කොටස් ටික හරියට වැහෙන විදියේ ඇදුමක් ඇදගෙන ගියොත් කොල්ලෝ චීප් විදියට බලන එක අඩු වෙයි... නැති වෙයිම කියලා කියන්න බැ... මොකද කොච්චර හොදට ඇදගෙන ගියත් ජැක්සන්ලාගෙන් හරියට වද විදපු කෙනෙක් මාත්.... නමුත් ගොඩක් ඒ වගේ අය නාකි පප්පලා.. කොල්ලො ඇත්තටම කෙල්ලන්ගේ ආරක්ෂාවට එනවා... හැබැයි ඉතිං SPBR ලා නම් වදේ... හි හි...

කෙල්ලෙක්ට කෙල්ලෙක් විදියට ගෞරවයක් ලැබෙන්න අදින ඇදුමත් ඉතාම වැදගත්... කොල්ලෝ ගොඩක් එක්ක පිස්සු නට නට ඉන්න කෙල්ලෙක් උනත් සාරියක් හරි ලස්සන දිග ගවුමක් හරි ඇන්ද දවසට අර කොල්ලන්ගේ ප්‍රතිචාරය ටිකක් වෙනස් වෙන බව මම අත්දැකීමෙන් දන්නවා...

හා.... මට වේචච තව මරු වැඩක් මතක් උනා... ඒකත් කියමුකෝ.....

කාලයක් මං ක්ලාස් එකකට ගියා ප්‍රින්ට්න් සහ ග්‍රැෆින් ඩිසයින් සම්බන්ධ... සතියට දවසක් විතරක් තිබුණ ඔය ක්ලාස් එකට අවුරුද්දතට කිට්ටු වෙන්න මම ඇන්දේ රැප් කලිසමකුයි, ( අර සාක්කු ගොඩක් තියෙන එක...) ටී ෂර්ට්සුයි.. හේතුව ඔය වගේ වැඩකට බැස්සාම මට ඇදුම් ගැන කල්පනාවක් නැති වෙන එක... සායවල් හද හද ඉන්න මම හරිම කම්මැලියි... අනිත් එක ඔය පන්තියට අරන් යන්න තිබුනෙත් එක පොතකුයි පෑනකුයි, ම‌ගේ ආදරණීය පෙන් එකයි විතරයි... ඕකට මොන බෑග්ද... මම ඔය ටික සාක්කුවක දාගෙන තමයි යන්නේ... ( ඔව්... මම කොහොමත් කොල්ලෙක් වගේ තමයි... හි හි...)

අන්තිමට සර්ටිෆිකේට් දුන්‌ෙන් ලොකු උත්සවයක් පවත්වලා.. එදාට සාරියක් ඇදන් එන්න කියපු නිසා මාත් එහෙම ගියා... නම් පිළිවෙලට ස්ටේජ් එකට යනකොට කට්ටිය ඔක්කොම හිතාගෙන ඉදලා තියෙන්නේ මම ඇවිල්ලා නෑ කියලා... කාටවත් මාව අදුර ගන්න බැරි වෙලා.... හි හි....

මේ කිව්වේ හැම තිස්සේම සාරි අදින්න කියලා නම් නෙවෙයි... මගෙත් ප්‍රියතම ඇදුම කලිසමයි ටී ෂර්ට් එකයි තමයි... නමුත් තැන බලලා ඇන්දාම වැඩක් කර ගන්න උනත් ලේසියි... ගෑණු මායම් කියන්නේ ඕවත් එක්ක තමයි.... හි හි...

තව කතාවක් කියන්නකෝ .... මේක මේ මම දැකපු දෙයක්..

අපේ රටේ බො‌ෙහාම ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක ඉංග්‍රීසි චැනල් එකක ඉන්ටවීව් එකකට ආවා අලුත්ම රූ රැජිණක්.. මේ ගෑනු ළමයා බොහොම ලස්සන, ඒ වගේම හොද උගත් කෙනෙක් කියලා තමයි කිව්වේ... හැබැයි එදා මේ ළමයා අමාරුවේ වැටුනා... බොහොම ලස්සන Little short black dress එකක් ඇදලා Tiara එක දාලා ආපු මේ ළමයට වාඩි වෙන්න තිබුනේ Spring loaded sofa එකක්... කට්ටිය දන්නවා ඇතිනේ ඕවායේ වාඩි උනාම පස්ස පැත්ත හොදට බැහැලා, සැප පහසු උනාට, කකුල් ඉස්සරහින් ඉස්සෙනවා කියලා.. දැන් වැඩසටහන මෙහෙයවන තරුණ නිවේදකයා ඉන්නේ මේ ගෑණු ළමයා ඉස්සරහා...

අනේ ඉතිං ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කම් කළේ අර කොල්ලා ඇඹරෙන එකයි, අර කෙල්ල කකුල් දෙක එකට තද කරගෙන පුළුවන් තරම් සාය ඉස්සරහට ඇද ඇද හිටපු එක තමයි... හැබැයි ඉතිං කැමරාකරු නම් අර කෙල්ලගේ ලස්සන කකුල් දෙක හොදට කැමරා කාචයට හසු කර ගත්තා...... හි හි...

දැන් ඉතිං අන්තිම ටික... මේ ටික දෙමවුපියන්ට....

දැන් ඉතිං ඔය ගෑණු ළමයි, පිරිමි ළමයි ටික ටික උස් මහත් වෙනකොට අම්මලට තාත්තලට නොවැ වැඩිම කරදරේ... අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, අරක හොද නෑ මේක හොද නෑ... “මට බැ මේවා අදින්න... ආච්චි කෙනෙක් වගේ ඉදියි...“, “ මොකද්ද තාත්තේ.. මෙහෙම ඇදන් ගියෙත් කොල්ලො සෙට් එක මට නෝන්ඩි දායි...“ .. ඕවගේ ඒවා ගොඩයි....

පොඩිඩික් අතීතෙට ගිහිල්ලා “ අපිත් මෙහෙම තමයිනේ“ කියලා හිතලා පොඩි බුරුලක් දෙන්න ගොඩක් දෙමව්පියෝ උත්සාහ කරනවා.. තමන්ගේ ළමයින්ගේ ඇදුම් පැලදුම් ගැන විතරක් නෙවෙයි, යන එන තැන්, ආශ්‍රය කරන යාලුවෝ ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලන එකත් කෙරෙනවා නම් මේ වගේ අවස්ථාවලදි දෙපාර්ශවයේම හිත් රිදවෙන එක අඩු කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස.....

අද නම් යාං හෑල්ලක් වගේ.. ඒක නිසා ජොලියට වගේ එක එක කාලවල මං ඇදපු හැටි හිනාවෙන්නත් එක්ක දාන්න හිතුවා.... හැබැයි ඉතිං මේ ඔක්කොම අදටත් මං ආස ඇදුම්....

මේ අර අඩලා අඩලා ගත්ත කිට් එක
මේ කට්ටියට මාව අදුරගන්න බැරි වෙච්ච දවසේ...
කොල්ලා වගේ ඇදපු කාලේ...
මේත් ඒ කාලෙම තමා....

79 comments:

  1. //තාත්තා නෝණ්ඩිය දානවා පොඩි සයිස් ෆියට් එකක් යන්න ඉඩ තියෙනවා//

    ඒ කිව්වේ මොකක්ද කියලා තේරුනේම නැහැනේ..?

    අර දෙවැනි පිංතූරේ හැබෑවටම ලස්සනයි නෙව...

    ReplyDelete
  2. කකුල් කෙට්ටුයිනේ මාරයියේ.. ඒ මදිවට බකලයි... ඒකයි.... හි හි.....

    තැන්කි යු කියන්න කලින් මොන පින්තූරෙද කියලා අහන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔසරිය ඔසරිය...
      අර අපේ සුසිල් ගොයියා ඉන්න එක..

      Delete
    2. තැන්ක් යු වේවා... හි හි..

      Delete
    3. මට නම් පේන විදිහට ඒ ඉන්නෙ සුසිල් ගොයියා නෙමෙයි.....

      Delete
    4. මගෙන් අහන්න එපා.. මට මතක නෑ කවුද කියලා.. හි හි...

      Delete
  3. මටත් ඔය කොටට අඳින උං පේන්න බෑ. කොහොමත් සාරියට ඕන කෙල්ලෙක් ලස්සන කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙනං මං අපේ කොල්ලො හිතන විදිය ගැන කිව්වා හරි නේද...

      Delete
  4. අන්තිම පිංතූරෙ තමයි මට නම් ලස්සනටම පේන්නෙ.. කියලා තියෙන කතා බොහොමයක් ඇත්ත.. කොටට අඳින්න ආසා එක ගැන නම් කණගාටුයි..

    ReplyDelete
  5. හි හි.. ඇයි අප්පා එහෙම කියන්නේ.... ආසා උනාට මක් වෙනවද....? හි හි..

    ReplyDelete
  6. හිරූ සෑහෙන්ඩ උස පාටයි...
    කොළඹ රස්සා කරන අපට කොටට ඇඳ එකීලගේ අරුමයක් නෑ අප්පා. මුලදි නම් හැරි හැරි බැලුවා (ඇත්තම කියන්ඩ එපැයි.) පස්සේ පස්සේ නම් මෙලෝ රහක් නෑ කියලා හිතුනා.
    ඒ උනාට කිසිම මේකප් එකක් නැති චාමෙට ඇඳලා යන කෙනෙක්ගේ අමුතු ලස්සනක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වැඩිය නෑ මධූ... 5යි 5යි.. හි හි...
      ආහා.. ඔය කියලා තියෙන්නේ මේකප් ගැනත්...

      Delete
    2. මට නම් අන්තිම ෆොටෝ එක ලස්සනයි... !
      අර ප්‍රොෆයිල් පික් එකට දාලා තියෙන්නේ මෑතකදි ගත්ත එකක් ද... ඒකේ නම් මහත පාටයි... :)

      Delete
    3. දැන් මහතයි... ගෙදරට වෙලා කකා බිබී ඉන්න එකනේ කරන්නේ.. හි හි....

      Delete
  7. අන්තිම පින්තූරෙ තමා ලස්සනම.
    // ඒ වගේම හැමදාම කලිසම් අදින කෙල්ලෙක් උනත් සාරියක් ඇදපු දවසට ගමන බිමන, කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා එයාටත් නොදැනීම..... ඒ ඉතිං මට තේරුන හැටි...//

    ආයෙත් අහලා... :D

    ReplyDelete
    Replies
    1. හි හි.. මං විතරක් නෙවෙයි නේද එහෙනං...

      Delete
  8. හිරූ නම් තොහොම ඇන්දත් ලස්සනයි.... :)

    ඉස්සර බයිලයක් තිබුණා,....."සල්ලි ගවුම ගත්තෙ ඇඳගෙන යන්න-අල්ලි දෙකක්වත් බැහැ දුර අඩිය තියන්න.....අඳින්න මිනි ගවුම අඳින්න....." කියලා, අහලා නැද්ද...?

    ReplyDelete
    Replies
    1. අනේ තැන්ක් යු සුමිත් අයියේ...

      ඔව් ඔව්.. ඔය කාලෙට අහුවුනේ අපේ අම්මලා.... හපොයි එයාලගේ ගවුම් වල කොට...

      Delete
    2. ඔන්න සුමුත් අයියෙ "දීලා" හැලිලා.

      Delete
  9. මොකද අප්පේ පහුගිය දොහේ පේන්න නැතුව හිටියේ. මේ මං පොඩි යෝජනාවක් කරන්නං.මහත්තයත් කැමතිවෙයි ඒකට. තියන කොට ගවුම් සේරම ගෙදරට අඳින්න.මහත්තටය විතරක් පේන්න.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඒක තමයි කරන්නේ. හි හි...

      Delete
    2. මේ රහසක් හරිද..(කනට කර)මොකුත් නැතිව හිටියත් කමක් නෑ මහත්තය ළඟ

      Delete
    3. අමුතුවෙන් කියන්න ඕනැයැ... හි හි....

      Delete
  10. අන්තිම පින්තුරේ හරිම ලස්සනයිනේ!
    දේසේ හැටියට බාසේ කලොත් නේද සන්තෝසේ කියල තමයි මම ත් හිතන්නේ ...

    අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන සෙවීම උතුම් කියල දේශනා කරේ බුදු හාමුදුරුවෝ. ඒත් ලංකාවේ දැන් නම් ගොඩක් මිනිස්සු හොයන්නේ අනුන් ගැන නේ.
    ඉතින් ඒක නිසා පොදු ප්‍රවාහන වල යද්දී එල්ල වෙන අර හිරු කියල තිබ්බ වගේ අනවශ්‍ය අවධානයන් නිසා, තමන්ගේ යහපතට, වැඩිය කොටට හිරට නොඇන්දානම් හොඳයි...හැබැයි එහෙම අඳිනවා නම් ආයි අරහෙන් මෙහෙන් ඇද ඇද ඇඹරෙන්නේ නැතුව කොන්ෆිඩන්ට් පිට ඇඳන් යන්න දැන ගන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. අනිවා....

      ඇත්තටම නිරෝ බස් වලදි එහෙම ඔය විදියට ඇදන් යන කෙල්ලෝ නිසා අනිත් කෙල්ලෝ අපහසුතාවයට පත් වෙනවා... මට මතකයි දවසක් නුගේගොඩින් නැගපු කෙල්ලෙක් ජී ස්ට්‍රින්ග් එකක් ඇදලා, ඒක පේන්නමද මන්දා හිප්ස්ටර් ත්‍රී ක්වාටර් එකක් ඇදලා ඇවිල්ලා වෙච්ච මඟුලක්.. හැබැයි එයා එදා අහගත්ත ඒවට වග කියන්න ඕනේ එයාමයි ඉතිං...

      Delete
  11. තව දෙයක්...අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙන එක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. තමන්ට කැමති ඇඳුමක් අඳින්න ඕනේ කෙනෙක්ට නිදහස තිබුනත්, තමන් යන තැන අනුව ඒ රටේ, මිනිස්සුන්ගේ සංස්කෘතියට, අවස්ථාවට සංවේදී වෙලා ඇඳුම පැළඳුම තෝරාගන්න එක තමයි මොලේ තියෙන කෙනෙක් කරන්නේ ඕනේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. අපේ උන්දැලා ට්‍රයි කරන්නේ ගෙඩි පිටින් ඇමරිකාව මෙහෙ ගේන්නනේ.. හි හි...

      Delete
  12. මමත් කොටට අදින්නේ නැහැ. දැන් නම් හැමදාම සාරි තමයි :/

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. හැමදාම....?
      ඔවු ඉතිං.. ඕකත් වැඩක්යෑ .. නේද....?
      මට නම් තනියම සාරිය පටලෝගන්න එක ටිකක් අමාරු වැඩක්...
      මඟුලකට විතරයි නේ අදින්නේ.... හි හි...

      Delete
  13. හිරු අන්තිම එකේ හුඟාක් ලස්සනයි තමයි

    කතාව ඇත්ත කොටට අඳින ඒක නෙවෙයි ප්‍රශ්නේ...ඒ ඇඳුම තැනට ගැලපෙනවද කියන එකයි

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්කූ තැන්කූ.....
      මී ගොඩයා නම් දැකලා නැතුවයැ ඒ පැත්තේ ගෑණු ළමයි අදින පළදින විදිය... බොහොම සංවරව.. නේද... ?
      හැබැයි දැන් නම් ටිකක් වෙනස් වෙලා... ගාමන්ට් ෆැක්ටරි කීපයක් මීගොඩට ඇවිල්ලා... දැන් තියෙන්නේ ගමත් නගරයත් අතර තැනක වගේ...

      Delete
  14. පින්තූර ගැන නම් මොනවත් කියන්න යන්නේ නෑ ඕං..... අපේ අම්මට දැන් 60 කට කිට්ටුයි, ඒ කාලේ මිනි ගවුම් ඇදලා ගත්තු පින්තූර අම්මා අපිටවත් පෙන්නනේ නෑ, කොටට කිව්වම බුදු කොටක්නේ අප්පා... කොහොම වුනත් මේක හොද වටින පෝස්ටුවක් වෙලා තියෙනවා අන්තිම හරියෙදි....

    ReplyDelete
    Replies
    1. අන්තිම හරියෙදි...? ඒ මොකෝ....

      Delete
  15. දැන් තමා ඔන්න කෙල්ලගෙ පෝස්ට් එක කියවන්න වෙලාවක් හම්බ උනේ. මේක ඉතින් පෝස්ටුවක් කිව්වට මාගලකට වඩා ඩිංගක් විතරනෙ පොඩි.
    ඇඳුම් ඉතින් හැම වෙලාවෙම තමන්ට ගැලපෙන වගේම තැනට ගැලපෙන විදියටත් අඳින්න කෙල්ලෙක් උනාම දැන ගන්න ඕනෙනෙ. නේද හිරූ..

    මගෙ වැඩක් තියෙනවා කවුරු කොහොම ඇන්දත් මම අඳින්නේ මට ගැලපෙන ඒවා විතරයි. හිතන්නකො අඩු 5 යි අගල් 8 ක් උස මම කොටම කොට සායක් ඇඳගෙන ගියොත් කොහොම තියේවිද කියලා..

    ඒ හන්දා වැඩියෙම කොට ඒවා මට ගැලපෙන්නෙ නැත. හැබැයි ඉතින් ඩෙනිම් කලිසමට ඕනෙ එකක් අඳිනවා ( ස්කිනි ඇරෙන්න ) මම හිතන්නෙ මට වැඩියෙන්ම ගැලපෙන්නේ සාරිය..හරි ඔසරිය හරි කියලා. ඒත් ඉතින් අපේ ෆීල්ඩ් එකේ ඔෆීස් වලට සාරි ඇඳන් වැඩ නෑනෙ.ලේසිම දේ කලිසම..

    ReplyDelete
    Replies
    1. ඉස්සර ළිහිණියෝ මට ඩෙනිම් අදින්න බෑ.... මගේ කකුල් කෙට්ටුනේ.... කොරවක්කා වගෙ... හි හි.. ඒ කාලේ මම ඩෙනිම් ඇන්දේ නෑ ඒක නිසා.. හැබැයි දැන් නම් අදිනවා... එත් මට ගැලපෙන ජාතිවල ඒවා විතරයි... ඉතිං මට හරියන ඩෙනිමක් හම්බුවෙන්නේ කලාතුරකින් තමා.. වැඩිපුර ඇන්දෙ බ්ලැක් ස්ලැක්ස් තමා... අහුවෙච්ච වෙලාවට ගන්නවා....

      Delete
  16. තැනට ගැළපෙන විදියට අඳින්න දැන ගන්න ඕනේ ගෑණු පිරිමි දෙගොල්ලන්ම... හැබැයි ගෑණු ළමයි ගැන විශේෂයිනේ ඉතින්... අපේ ෆැකල්ටි එකෙත් කොටට අඳින එක ගැන කතාවක් ගියා ළඟදි...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ උනත් තැනට ගැලපෙන්න අදින්න කියන එක අදාලයි සිතූ... ඒත් එයාලට ඉතිං කලිසමයි කමිසෙයි මැච් කරගත්තම ගොඩ... අපේ තාත්තා මඟුල් ගෙවල් වල යන්න නැෂනල් කිට් එකක් තියාගෙන ඉන්නවා.. ඒක ඇදන් ගියාම ඔක්කොම බොහොම ගරැසරැවෙන් බලලා, ඉන්න තැනින් ටිකක් අයින් වෙලා එහෙම ඉඩ දෙනවා ... නියම ඇමති කෙනෙක් වගේ... හි හි.....

      හැමෝම ඔය ගැන කතා කරනවා.. ඒකයි මටත් ලියන්න හිතුනෙ...

      Delete
  17. මම ඔයාට එකගම එකගයි අක්කෝ.අනිවාරෙන් තැනට ගැලපෙන ඇඳුම ඇන්දා නම් කිසි අවුලක් නැහැ.මම නම් ඉතින් ඩෙනිම හොයාගත්ත කෙනාට පින් දිදී ඉන්නවා..:)

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. හි හි.. මං නම් ඉතිං ඩෙනිම් අදින්න ගත්තේ ළඟදි... මට 20 - 23 කාලේ ආවේ කකුල් වලට තද, පැච් දාපු, සායම් ගිය ඩෙනිම් ජාතියක්... ඒවා මට ඇල්ලුවේ නෑ... දැන් නම් ඉතිං හොද ඒවා ටිකක් හොයාගෙන ඉන්නවා.. කෝකටත් තෛලේ වගේ අදින්නේ ඒවා තමයි...

      Delete
  18. අප්පච්චියේ ඔයා බ්ලොග් එකක් ලියනවා කියලා දැන ගන්න මම ගොඩක් පරක්කු වෙල නොවැ. මමත් මේ ලියන්නම ඉන්න දෙයක් ගැන තමා ඔයා මේ ලියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි.. දැන් දැන ගත්තනේ...
      ලියන්න ලියන්න.. කෙල්ලන්ගේ ඇදුම් වලට බනින කට්ටිය දැන් වැඩියිනේ.. අහක ඉන්න අපිත් ඕවට අහුවෙනවා ඉතිං....

      Delete
  19. කියෙව්වා
    සාරිය ගැන මමත් ළිපියක් ලිව්වා.. ඔය මගේ ජනප්‍රියම ගොඩේ ඇති. වෙලාවක බලන්න. උස කීයද. නිකන් අහන්නේ හොඳෙයි.... :D

    ReplyDelete
    Replies
    1. මාත් කියෙව්වා... සාරිය සෙක්සි තමයි. ..
      හැබැයි ඔසරිය ආඩම්බරයි.. මම ආස ඔසරියට.... මොකද මාත් ඒක ඇන්දම උඩරට කුමාරිහාමි කෙනෙක් වගේ ආඩම්බරයි.. හි හි... ( හිතලා නෙවෙයි. ඒක ඇන්දම වැඩිය නැවෙන්න කරන්න බෑ... කේක් ගෙඩිය තිබ්බා වගේ ඉන්න ඕනේ... හි හි..)

      උස අඩි 5යි අඟල් 5යි... හි හි...

      Delete
  20. ස්තුතියි හිරූ ගොඩාක් ස්තුතියි. ගෑණු ලමයෙක්ම ගෑණු ලමයින්ගේ ඇඳුම් පැලඳුම් ගැන මේ විදිහට සවිස්තරාත්මව සටහනක් තැබීම ගැන. ඒවගේම තැන නොතැන නොබලා නොගැලපෙන ඇදුම් පැලඳුම් ඇඳලා අපහසුවට පත්වුනු අයත් මම එමට දැකලා තියනවා. පෞද්ගලිකව මගේ අකමැත්තක් නෑ කැමති කෙනෙක් කැමති ඇඳුමක් ඇන්දට. මගේ බිරිඳටවත් මම නීති රීති පනවලා නෑ, ඔයා මෙහෙම අඳින්න කියලා ඒත් අපි අඳින ඇඳුම යනෙන තැනට ඔබිනවද කියලා හිතන්න වටිනවා නේද. උදා: විනෝද චාරිකාවකට සුදුසු ඇඳුමක් පූජනීය ස්ථානයකට ගැලපෙන්නේ නෑ. ක්‍රීඩා කරන්න අදින විදිහේ එකක් මල ගෙදරකට සුදුසු නෑ. අනික පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදි නම් විශේශයෙන්ම කාන්තා පාර්ශවය දෙපාරක් හිතනවා නම් ඒක වටිනවා. වැසිය යුතුතැන් වහගෙන ඉන්න ගෑණු ලමයෙක්ව පෙන්නලා මමවත් කවදාවත් "නියම ගෙඩිය" කියලා නැහැ. සැ: යු: මෙතන මම කියලා සඳහන් කලේ පොදුවේ කොල්ලෝ කියලා දැම්මොත් කවුරු හරි ඇනෝ ඇවිත් මටත් බැනලා ඔයාගේ පෝස්‍ටුවේ කැත කොරලා යන්න ඉඩ තියෙන නිසා. නැත්නම් මම බෝ පැලේ වගේ එකා,ඇල් වතුරත් නිවලයි බොන්නේ. ඕ යේස්...!

    ReplyDelete
    Replies
    1. මේකට ඇනෝ එන්න බෑ.. එන්නම ඕනේ නම් ප්‍රොෆයිල් එකක් හදාගෙන එන්න වෙනවා... හි හි.. නම් නැති කට්ටිය ගනන් ගන් නෑ.. හි හි...

      ඇත්තෙත්ම ඔය පූජනීය ස්ථානවලට යන එක ගැන මට ලියන්න අමතක උනා... ප්‍රතිපත්තියක් විදියට මම නම් පන්සලකට හෝ ගෙදරක හරි යම්කිසි ආගමික කටයුත්තකට යනකොට අදින්නේ සුදු පාට විළුඹ වැහෙන සායක් සහ සුදු පාට කර වැහුන බ්ලව්ස් එකක්.. රෝද හතරක යනවා නම් සුදු ඔසරියක් අදිනවා.... ඒ තැනට දිය යුතු ගෞරවය අපි දෙන්න ඕනේ... ඒක නිසා...

      බස් එකක යනකොට නම් අනිවාර්‌යයෙන්ම කර වැහෙන ඇදුමක් ඇදගෙන යන්න ඕනේ.. නැත්තම් ඉතිං පිං කැටේ ව‌ෙග් තමයි... හි හි.. ( ඕක කියන්නේ අපේ මහත්තයා...) අනිත් එක කොණ්ඩ මෝස්තරේ.. සමහර ගැණු ළමයින්ගේ කොණ්ඩ මොස්තර හින්දා බස් එකේ හිටගෙන යන අය හරියට අමාරුවේ වැටෙනවා... මූණේ කටේ කෙස් ගස් යනවා , කොහෙන් හරි අල්ලනකොට කෙස් ගස් ඇදෙනවා.... ඒවා ගැනත් හිතන්න ඕනේ....

      බෝ පැල නම් එපා.... . පොඩ්ඩක් කපුටු බෝ උනාම කමක් නෑ.... හි හි....

      Delete
  21. අන්තිම එක තමා මට නම් ලස්සනම!!
    ඔසරිය ලස්සන නං තමයි.ඒත් ඔක පටලවගෙන ඉන්න එක නේ අප්පා එපා කරපු වැඩේ.මම කොටටම අදින්නත් ආස නෑ,දිගටම අදින්නත් ආස නෑ.සාමාන්‍ය ගානට ඇන්දම ලේසියි.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ... ඔය ඉස්සර නේ.. හි හි..

      මම නම් ඉස්සර මේඩ් අප් කලා ඔසරිය.. මට අදින්න බැරි නිසා... අපේ නැන්දම්මා සාරි මේඩ් අප් කරනවට අන්තිම විරුද්ධයි... දැන් නම් ඉතිං මඟුලකට විතරනේ අදින්නේ.. එයා අන්දවනවා නම් මට මොකෝ... යන තැනක වාහනේක ගිහින්, දෙන දෙයක් කාලා එන එක විතරනේ... අවුලක් නෑ... හි හි....

      මට බාගෙට බෑ... එක්කෝ දිගට, එක්කෝ කොටට... කොට කිව්වට දණිස්සට තමා....හි හි...

      Delete

  22. මම පෝස්ට් එක කියවලා කමෙන්ට් කියෙව්වට පස්සෙ අදහස් ප්‍රකාශ කරලා වැඩක් නෑයි කියලා හිතුනා. හිරු කොහොමත් දැනටමත් දන්නවානෙ මගෙ අදහස ඔය ගැන.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියෙව්වම අදහස් ප්‍රකාශ කරලා වැඩක් නෑ කියලා හිතුනේ ඇයි ඩූඩ් අයියේ....

      Delete
  23. කියලා තියෙන කතාව නම් හරියටම හරි අක්කේ.. තැනට ගැලපෙන්න අඳින එක තමා නිවැරදිම දේ..

    ReplyDelete
  24. අපෝ අක්කේ ඔයාට සාරි ලස්සනයි ඔය කොට ගවුම් කෑලි වලට වඩා
    අර කොල්ල වගේ අදාල ඉන්න එක පට්ට කැතයි
    ගැණු ළමයි තැනට ගැලපෙන ලෙස ඇන්ද නම් කිසි අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං ඒ කාලේනේ මලයා..... හි හි...

      Delete
  25. කෙල්ලෝ ඕන මගුලක් ඇද ගත්තට මගේ කිසි අමනාපයක් නෑ..
    ඒත් කෙල්ලො සහ ගෑනු මහ අසික්කිත වැඩක් කරනවා කොල්ලංට...
    පේන්න ඇදං ඇවිත් කොල්ලෙක් හැරුනත් ඇති වහ ගන්න දගලනවා..
    ඉතිං දෙයියනේ අපේ කාඩ් කුඩු වෙනවා නේද????
    නිකං අපි එවුවා බලන්නම හැරුනා වගේ හිතනවනේ අහල පහල මිනිස්සු..
    මමනං ඒ වගේ ඇදං යන ගෑනියෙක් බස් එකකට නැග්ගොත් ජනේලෙං එලිය බලං යනවා මිසක් ආයේ ඔළුව හරවන්නෑ සම්මජ්ජාතියකට..

    ReplyDelete
    Replies
    1. බලනකොට අමතක වෙනවානේ බං ඇදන් ආවේ බලන්න කියලා.. හි හි...
      දෙයියනේ කියලා බස් එකේදි නම් මට ඒ වගේ වැඩ වෙලා නෑ.. පුළුවන් තරම් කලිසමයි ටී ෂර්ට් එකයි නේ ඇන්දේ....

      Delete
  26. මම නම් ආස සාරි අදින අයට.. මදාරටත් වෙඩිමකට යන්න සාරියක් අදින වෙලේ නිවාඩු දාන් ගෙදර ඉදලා ස්කයිප් එකෙන් බලා ගත්තලු හොදේ... :)

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයත් ඔය ජාතියේ තමා.... මගේ 22 බර්ත්ඩේ එකට සාරියක් ගෙනල්ලා දුන්නා කලින්ම එදාට ඇදන් එන්න කියලා.... හවස මහ වැස්සේ තෙමිච්ච කුකුලා වගේ ආවා මාව බලන්න එදා.... සාරිය ඇදපු නිසාම... අපේ ගෙදරටම ඇවිල්ලා ෆොටෝ ටිකක් අරන් ගියා... තාමත් එයා ආසයි මම සාරිය අදිනවට ... හි හි.. එදාට කැමරාව අතේ තියන් වටේට කැරකෙනවා...

      ///නිවාඩු දාන් ගෙදර ඉදන්......// හි හි .. ඇත්තටම ආසයි නේද එහෙම හරි බලා ගන්න... මට හිතෙනවා ඔයත් බැන්දට පස්සේත් මදාරා සාරියක් අදින දවසට වටේට කැරකි කැරකි ඉදියි කියලා... හි හි....

      Delete
  27. තැනට සුදුසු විදියට ඇන්දානම් හරි.

    අන්තිම පින්තූරේ තමා ලස්සනම. මේවා දැකලා පොඩ්ඩිටත් හිතෙනවා එයාගේ පින්තූර ටිකක් දාන්ට හී හී...

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු තැන්ක යූ...

      අන්න හොද අයිඩියාවක්.. දාන්න දාන්න....

      Delete
  28. සුචරිතවාදියෙක් නොවන නිසා මමත් ඉස්සර ඔය බාගෙට හෙලුවෙන් ඉන්න කොට බැලුවා, හැබැයි හොරෙන් නෙමෙයි, පේන්නම. බලනවා දකිනවා කියලා දැන දැනම ඇදගන එන්නේ පෙන්නන්ඩ නං බලන උන් කෙලින්ම බැලුවට මක්වෙනවද අනේ, තමන්ගේ ලස්සන අනිත් උන්ට පෙන්නලා කොල්ලෝ බලනකොට වහගන්ඩ දගලන එක නං මහ විකාරයක්,

    කෙල්ලෝ දෙන්නෙක්ගේ තාත්තෙක් හන්දා දැන්නං උවමනාවෙන් නොබලා ඉන්නවා,
    අහලා තියනවද මේ කතාව

    මිනිස්සු කියන්නේ ලීංගික සත්තූ විනයගරුක නොවන එකා මොකාගේ උනත් රෙද්ද අස්සේ රීංගනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හලෝ අටම්.. මං බැලුවා මේ කවුද බොලේ මේ කියලා...
      එහෙම නොවෙන්නනේ ඉතිං නීතියක් සංස්කෘතියක් ඇති උනේ.... ඒත් තාමත් ඔය කියන ජාතියේ අය බස් වල නම් ඕනෙ තරම් ඉන්නවා .... ඇත්තටම කොච්චර හොදට ඇදන් ගියත් ජැක්සන්ලාගෙන් හරියට බැට කෑව කෙනෙක් මං.. රස්සාව අතාරින්න ලොකු හේතුවක් ඒකත්.. මොකද හැමදාම අපේ මහත්තයා මට වෙන ඔය වගේ වැඩ දැකලා, අහලා එපා වෙලා අන්තිමටම කිව්වා කීයක් උනත් කමක් නෑ වෑන් එකක යන්න කියලා....

      Delete
  29. අනේ මන්දා.. මම නම් හිතන්නේ අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්න ඔන නෑ නේ.. ඒ වගෙම ඉල්ලන් කන්නේ නැතුව තම තමන්ට ගැලපෙන දේ කලා නම් හරි නේ

    ReplyDelete
    Replies
    1. හි හි.. රොබින්ට කේන්ති ගිහිල්ලා වගේ....

      Delete
  30. ගෑනු කස්ටියට තියන ප්‍රස්න කන්දරාව මං මේ බැලුවේ... අනේ අපිටනම් දෙයියනේ කියලා කලිසම් දෙකයි ෂර්ට් දෙකයි... සිම්පල් ප්ලෑන් එක...

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට ලස්සනට පේන්න ඉන්නනේ දෙයියනේ කෙල්ලෝ මෙච්චර දුක් විදින්‌නේ..ඉතිං ඔහොම කියන එක හරිද මං අහන්නේ.... හි හි...

      ඉස්කෝලෙ යන කාලේ නම් මගුල් ගෙදර ගියෙත් මල ගෙදර ගියෙත් යුනිෆොම් එකෙන් නිසා ඒ කාලේ මට තිබුනේ ගෙදරට අදින්න කොට ගවුම් කෑලි දෙක තුනක් විතරයි... ඒ ලෙවල් ක්ලාස් යන කාලේ වත් මට ගොඩක් ඇදුම් තිබුනේ නෑ.... දැනුත් නෑ.... එහෙම බැලුවාම ඉතිං අපිටත් ඩෙනිමකුයි ටී ෂර්ට් දෙක තුනකුයි තිබ්බාම ඇති තමා.... ඒත් එහෙම බෑ නේ..නේද.... තැනකට ගැලපෙන විදියට අදින්න එපැයි... නැත්ම් පවුලටම හොද නෑ.... අන්න එතකොට තමයි ඇදුම් පුරස්නේ එන්‌ෙන්....

      Delete
    2. හැබෑව හැබෑව... තැනේ හැටියට ඇණේ කිව්වලුනේ...

      Delete
  31. // වැඩි හරියක් අපේ කෙල්ලෝ හොයන්නේ සෙක්ස් වලට වඩා තමන්ට ආදරේ කරන, තමන්ට ගෞරව කරන කොල්ලෙක් ගාව ජීවිතේ නතර කර ගන්න.....// මේ කතාව නම් ඇත්තම ඇත්ත.....

    මමත් දෙකටම නැතුව තමා වැඩිපුර අඳින්නේ... දිගත් නෑ කොටත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොදම වැඩේ... හි හි..

      Delete
  32. දැන්නම් කොටට ඇදපුව දැකලම එපාවෙලා.ලකියත් කැමති සාරිය අදින අයට...
    පිරිමි අපිටනම් ඉතින් හැම මගුලටම ‍ඞෙනිම තමා

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉතිං අපිටත් ඒ සන්තෑසියම තමා ලකියෝ...

      Delete
  33. nice post.. 100% agreed. Hmmm i'm so younger than you.. He he.. Sorry for the anger.. :D and for the comments.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒවා ගනන් ගන්න එපා... හැමෝම එකම දේට හැමතිස්සෙම ඇග්‍රී වෙන ලෝකයක් නෑ නේ... හි හි....

      Delete
  34. මේක මට වැදගත් නැති උනත් කෙල්ලොන්ට වැදගත්. මොකද ගොඩක් කෙල්ලෝ තැන නොතැන බලල අඳින්නේ නැහැ.

    ReplyDelete
  35. කියවන්න පටන් ගත්තෙ වෙනියගේ බ්ලොග් එකෙන් ඊට පස්සෙ ලිහිනිගෙ බ්ලොග් එක අන්තිමට හිරුගෙ එක. කා න්තා ඇඳුම් ගැන ඇඳුම් ඇඳීම ගැන නියම ලිපි සෙට් එකක් කියෙවුවා. තැනට ඔබින විදියට අඳින එක තමා මාත් අනුමත කරන්නෙ.

    මොකක්ද ඇත්තට spbr කියන්නෙ? මම නං ටියුබ් ලයිට්ද මන්ද

    අන්තිමට තියන පින්තූරෙ නං හැබෑවටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා දැක්කේ.. spbr කියන්නේ සත්‍ය ප්‍රේම භෘංග රාජයා කියන එක.. හි හි

      තැන්ක් යූ .. හි හි

      Delete
  36. තැනට,වේලාවට, තමන්ගේ ඇඟට, අගේ පාටට , ප්‍රමාණයට, , වයසටසහ කාලයට ගැලපෙන්න අදිනවානම් ලස්සනයි. කොටද දිගද ඔපන්ද ප්‍රශ්න නෙමෙයි.

    කෙල්ලෝ දිහා කොල්ලෝ බලනේ නැත්නම් උන්ට ලෙඩක් හැබැයි කුසල් සිත හෝ අකුසල් සිත් උපදවාගැනීම කොල්ලගේ සිතට අයිති දෙයක් මිසක් කෙල්ලගේ සිතට අදාල නැත

    කොල්ල සහ බල්ලා අතර විෂල් වෙනසක් ඇත. කොල්ලෝ බලල නොවියයුතුය

    ReplyDelete
  37. බස්සී ගේ පෝස්ටුවේ මේ ලිපියට ලින්ක් එකක් දැමීම ඉතා වැදගත් දෙයක් බව සඳහන් කරමි!
    එහෙම තමයි වැඩ වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. බස්සී ගේ පෝස්ට් එකට මා දැමූ කමෙන්ටුවේ සාරාංශයක් මෙතනත් දාන්නම්.

      1. පිරිමින්ට නැති තමන්ට කැමති ඇදුමක් ඇඳීමේ නිදහස කාන්තාවන්ගෙන් උදුරාගෙන ඇත්තේ පුරෂෝත්තමවාදී සමාජක්‍රමය මගිනි. මා ලියූ මොරටුව ආයතනයේ නිකාබ් ලිපියේ මේ බව කීවෙමි.

      2. ගෑල්ළමයකේ නිවසේ සිටිනතාක් කල් දෙමව්පියන්ගේ නීතිවලට යටත් විය යුතුය. ඉන්පසු ඉගෙන ගන්නා ආයතනවල ඇති පුරුෂෝත්තමවාදී නිතීවලට අනුකූලව (අට ජපුරේ ඇති අවනීති වගේ ඒවා) දිවි ගෙවිය යුතුය. ඉන්පසුවවත් නිදහස් තරුණියක්ව තමන්ට රිසි පරිදි ඇඳුම් ඇඳීමේ නිදහස ඇයට නැතිද?

      3. සායවල් ගැන කෙසේ වෙතත් ලෝ කට් බ්ලවුස් ගැන නම් කිව යුත්තේ ඒවා අඳින අයට ඉන් පසුවට පිරිමි පක්‍ෂයේ දෙනෙත්වලට චෝදනා කිරීම හරි මදි බවයි. මේ ගැන මගේ අත්දැකීමක් ගැන කතන්දරයක් ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම නමින් කලකට පෙර ලියුවා.

      Thanks.

      Delete
  38. කිව්වත් වගේ ගෑණියෙක්ගේ ලස්සන පේන්නේ පිළිවෙලකට සාරියක් ඔසරියක් ඇන්දොත් තමයි. මමත් වැඩියෙන්ම කැමති අපේ ගම හාමිනේ ඔසරිය අඳිනවට...

    අවශ්‍යය තැනට කලිසම් අඳින එකටත් මම කැමතියි. මගේ කෙල්ලන්ටත් මම කියන්නේ පිළිවෙලකට, තමන්ගේ ගරුත්වය තියාගෙන ඇඳුම් අඳින්න කියලයි.....!

    හරී අර ඇඳලා ඉන්න සාරියට නම් හරි පිළිවෙලයි, හැඩයි...!

    ReplyDelete