Showing posts with label පොඩි කතා. Show all posts
Showing posts with label පොඩි කතා. Show all posts

Friday, May 16, 2014

කම්මැලි කවි....

සුදෝ සුදු බිත්ති
ටයිල් ඇල්ලූ බිම
ලස්සන ත්‍රී ලේයර් කර්ට්න්ස්....

හැමෝම කියන්නෙ
ගෙවල් විනාස කරන්නෙ නැති ළමයි ඉන්න ගෙයක්....

අනේ පවු අප්පා....








ප/ලි : 

අපේ අම්මයි මායි, ආච්ච් ගෙනත් දුන්න රටහුණු පෙට්ටිය ඉවර වෙනකං ගෙදර සිමෙන්ති බිමේ චිත්‍ර ඇඳපු හැටියට, ඒ නිර්මාණශීලීත්වය A4 කොලේකට, වයිට් බෝර්ඩ් එකකට සීමා වෙලා තියෙන දැං කාලෙ ළමයි ගැන විතරක් නෙවෙයි,  අම්මලා ආච්චිලා පණ වගේ පරිස්සම් කරන ගෙවල් වල බිත්ති, කවදාවත් අත්දකින්නෙ නැති ළමා ලෝකයෙ සුන්දරත්වය.... කාට පවු කියන්නද මන්දා... 

Tuesday, August 6, 2013

පස්-වල-රතු-ලේ....

විසිකළෙමි
තිස්වසක් පය ගැටුනු,
ඉරීගිය මුවහම

පෙරළමි
කුණු ගඳ ගහන
කුණු කඳු, කුණු බාල්දි

සොයමි
තව කාලයක්,
තඩිබාන්න මුවහමක්


ප/ලි : බ්ලොග් කියෝ කියෝ ඉඳලා හිතිච්ච දෙයක්.... 

Thursday, June 13, 2013

මිනිස්සු හරි පුදුමාකාරයි....




පහුගිය ටිකේ ලිවිල්ල කෙරැණේ ටිකක් අඩුවෙන්... නොලිව්වාමත් නෙවෙයි .. ඒත් බ්ලොග් එක ලියන්න පටන් ගත්ත හේතුවෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා කියලා දැනුනා... සාහිත්‍යමය පැත්තට යන්න උවමනාව තිබ්බ නිසා පොඩි පොඩි කතා කීපයක් ලිව්වත් සුපුරුදු ශෛලියෙන් බැහර වීම නිසා ලොකු අඩුවක් හිතට දැනෙන්න පටන් ගත්තා... 

දැන් සති තුනකට විතර කලින් අපි ඉන්න ගෙදර වැඩ කරන්න ඉන්න කෙනාට ( අපි ඉන්නේ කුලියට... ) අනතුරක් උනා... රෑ හතාමාරට විතර ගේ ඉස්සරහම කහ ඉර උඩදි බයික් එකක් හප්පගෙන ගිහින්... ඒ බයික් එක නවත්තලා නැති උනත් ඊට පස්සෙ ආපු බයික් එකක් නවත්තලා ගෙදරට කතා කරලා... මුණියන්ඩිට අවුරුදු 60ක් විතර... මේ ගෙදර ඇන්ටි රෑ වෙලා කවුරුහරි ආවත් එළියට බහින්නේ නෑ.. මුණියන්ඩි තමයි හැමදේම බලන්නේ... ඇත්තටම බස් පාර අයිනේ තියෙන ගෙයක් නිසාත්, තනියම ජීවත් වෙන කෙනෙක් නිසාත් ඇන්ටි එහෙම එළියට බහින්නේ නැති එක සාධාරණයි... ඉතිං ඒ වෙලාවෙත් නෝනට කතා කරන්න කියලා මුණියන්ඩි කියලා, පාරෙ හිටපු අය කතා කරද්දි ඇන්ටි කලබල වෙලා මට කතා කරලා කිව්වම, මම එළියට බැහැලා බලද්දි තමයි සිද්ධිය දැනගත්තේ.. 

කොච්චර කිව්වත් රෑ වෙලා එළියට යන්න එපා කියලා මුණීයන්ඩිට ඉතිං අහල පහල අය එක්ක කියවන්න යන්නම ඕනේ... නාට්ටි ටික ගෙදර ඉඳන් බලන්න කිව්වට අහන්නෙත් නෑ... පහුගිය ටිකේම ඒකට ඇන්ටි බැන බැනත් එක්ක හිටියේ..... 

මුණියන්ඩි වයසක මනුස්සයා නිසා අපි බය උනා ලොකු තුවාලයක් වෙලාද කියලා... ඉක්මණට තීවීල් එකක් කතා කරලා ළඟම තියෙන නර්සිං හෝම් එකට ඇන්ටිත් එක්ක පිටත් කරලා මං නැවතුනේ අපේ මහත්තයට කෝල් කළාට ආන්සර් කළේ නැති නිසා.. බයික් එකේ එනකොට ෆොන් එක ඇහෙන්නෙ නෑ. වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා... 

අපේ මහත්තයා ආවම අපි දෙන්නම ගියා නර්සිං හෝම් එකට.. එතකොට 8ට විතර ඇති... අපි යනකොට එක්ස්රේ එකක් අරන් බලලා... වාසනාවට කැඩීම් බිඳීම් මුකුත් නෑ.. බත් කෙන්ඩ හරියෙක් පදාසයක්ම ගැලවිලා ගිහින්... මුණියන්ඩි නං කියනවා රිදෙන්නේ නෑ කියලා.. ඒත් තුවාලේ දැක්කම අපිට රිදෙනවා... මැහුම් 17ක් දාලා, පිටගැස්මට බේත් විඳලා, තුවාලේ වේලෙන්න බේතුත් අරන් ගෙදර එනකොට 10ට විතර ඇති... 

ඇන්ටි මගෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා... මේ ගෙදර ලොකු වැඩ ගොඩක් නොතිබුනාට මුණියන්ඩි තමයි උයන්නේ එහෙම.. මං කිව්වා මුණියන්ඩිගේ ගෙදරට කතා කරලා කියන්න කියලා‌ කෝකටත්... මොකද අමාරුවක් උනොත් ඇන්ටිටත් බැනගෙන එන්න පුළුවන් ඒ කට්ටිය කියලා.... තියෙන ප්‍රශ්නේ මුණීයන්ඩිට සිංහල පුළුවන් උනාට ගෙදර අයට සිංහල බෑ... මුණියන්ඩි ගෙදරට කියන්න කැමතිත් නෑ එයාලා කලබල වෙයි කියලා.. ( කියන්න අමතක උනා මුණීයන්ඩිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.. දුව බැඳලා... අම්මයි, ඒ කට්ටියයි ඉන්නේ ටිකක් ඈත.. තලවාකැලේ පැත්තේ ) කොහොමහරි ගෙදරට කියන්න කිව්වම මුණියන්ඩි කියලා තියෙන්නේ පොඩි තුවලයක් උනා කියලා විතරයි... 

දැන් සති තුනක් තිස්සේ මායි ඇන්ටියි දවසක් ඇර දවසක් මුණීයන්ඩිට එක්කන් යනවා තුවාලෙට බේත් දාන්න.. දැන් නම් මැහුම් කපලා... ඒත් තාමත් තුවාලේ වේලිලා නෑ.... 

අවුරැදු ගානක් තිස්සේ මේ ගෙදර වැඩකරපු මුණීයන්ඩිට හැමෝම සලකන්නෙ පවුලේ කෙනෙක්ට වගේ... ඇන්ටිගේ නෑයෝ ඇවිත් උදේට දවල්ට රෑට කෑම හදලා දීලා යනවා.. දොස්තර පුතෙක් ඉන්නවා, එයත් දවල්ට ඇවිත් යනවා.... මුණීයන්ඩි‌ෙග් වැඩ කරන්නත් ඇන්ටි වෙන කෙනෙක්ව සල්ලි දීලා ගෙනත් තියලා තියනවා දවල්ට ... ඒත් මුණීයන්ඩිගේ ගෙදරින් නම් තාමත් එක්කෙනෙක්වත් ආවේ නෑ බලන්න... 

දැන් ටිකකට කලින් බ්ලොග් පෝස්ට් වගයක් කියව කියව ඉන්නකොට කල්පනා උනේ ඒ ගැන... මුණියන්ඩි මාසෙකට දෙතුන් සැරයක් පඩිය සැරින් සැරේ ගෙදරට යවනවා... එහෙ මොනවාහරි දෙයක් කිව්වොත් දුවගෙන යන්න දඟලනවා... දැනුත් යන්න දඟලනවා පුතාට මනමාලියෙක් බලන්න යන්න තියෙනවා කියලා.. ඇන්ටියි මායි බැනලා නවත්තගෙන ඉන්නේ තුවාල පිටින් ඔච්චර දුර යන්නත් බෑ. ගිහින් බේත් ටික කෙරෙන්නෙත් නෑ කියලා.. 

මිනිස්සු හරි පුදුමාකාරයි අප්පා... අම්මලා, තාත්තලා, ළමයි කියන්නේ හරිම සංකීර්ණ සම්බන්ධතාවයන් ගොඩක් ... එතන ආදරේද, කැපකිරීමද, යුතුකම්ද හැමදේම තියෙනවා.... ඒත් සමහර වෙලාවට ඒ බැඳීම් පේන්න මේ වගේ සිද්ධි අත්දකින්නම වෙනවා.... 

ප/ලි : මේ දවස් ටිකේ දොස්තරලා ගැන, ඉස්පිරිතාල ගැන ටිකක් දේවල් දැක්කා.. කලින් ලියවෙච්ච මල්ලිගේ ලියුම ඇතුලේ ඒ සිතුවිලි ඇතුලත් උනා... 

Photo from  http://mommymatters.co.za/parenting/will-you-be-around-for-your-kids-40th

Monday, June 10, 2013

වෙස්මූණු...




ආදරණීය අක්කේ...

අක්කගේ සැප සනීප කොහොමද..? අපි නම් හොඳින් ඉන්නවා... තාත්තට දැන් ටිකක් ගුණයි... වෙද මහත්තයා දුන්න බේත් තෙල් අපි දිගටම ගානවා... අර බේත් කොල දාලා තම්බපු වතුරෙන් නාවන්න කියපු එකත් කළා... ඒකෙන් පස්සේ ඇඳ වණ ටික නම් හොඳටම හොඳ උනා වගේ... 

මගේ නිවාඩු කාලේ ඉවර වෙන්න ළඟයි... ලබන සෙමෙස්ටර් එකේ ෆයිනල් එක... ඒ අස්සේ මේ ස්ට්‍රයික් එක නිසා සෙමෙස්ටර් එක තව ටිකක් දික්වෙලා... තාත්තගේ බේත් ටික ඉවර කරගන්න කම් නිවාඩුව තිබ්බනං හොඳයි කියලත් හිතෙනවා මෙච්චර කල් පරක්කු වෙච්ච එකේ... දැන් මං ගියාම අම්ම එපැයි තනියම හැම එකම කරගන්න ඕනේ... 

අම්මා දුක් විඳිනවා බලං ඉන්න අමාරුයි අක්කේ... ගෙදරින් ඉක්මණට යන්න තියෙනවා නම් හොඳයි කියලත් හිතෙනවා... මේ විභාග ඉවර වෙලා ඉක්මණට පත්වීමක් හම්බනොත් හරි... ඒත් දැන් ඒකත් ඒ තරම් ෂුවර් එකක් නෑ... පාස් වෙන හැමඑකාටම දෙන්න තරම් දොස්තර පත්වීම් තියෙනවද මේ ලංකාවේ... වෙලාවකට හිතෙනවා මම මෙඩිකල් කොලේජ් යන්න පාස් උනේ අපි කට්ටියගෙම කරුමට කියලා... නැත්තම් මං මෙලහකට කුලී වැඩක් හරි කරලා කීයක් හරි හම්බුකරනවා... මේ ඉගෙනිල්ලට වඩා මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න එක වටිනවා අක්කේ... 

මං දන්නවා මං මෙහෙම කියද්දි අක්කගේ හිතත් රිදෙනවා කියලා... ඔයා ඉගෙනගැනිල්ලයි, අම්මලයි ඔක්කොම දාලා ඇවිත් දුක් විඳින්නේ මං ඉගෙන ගන්න නිසා කියලත් මං දන්නවා... ඒත් මොකද්ද අක්කේ අපි මේ පස්සෙන් දුවන මිරිඟුව...? ඔයා‌ෙග් තරණ කාලෙන් බාගෙකට වැඩිය දැන් ඔය ගාමන්ට් එකට දිය කරලා ඉවරයි... ඒත් ඔයාට කියලා දෙයක් කරගත්තේ නෑ නේ තාමත්... 

ගමේ අයට කිව්වේ ඔයා කොළඹ රස්සාවක් කරනවා කියලා විතරයි... ඒත් ගාමන්ට් එකක කියලා කිව්වේ නෑ... මට හිතෙනවා වෙලාවකට ඒකත් කියන්න... ගමේ උන් හිතන් ඉන්නේ ඔයා කොළඹ ලොකු රස්සාවක් කරලා සැපෙන් ඉන්නවා කියලා... අපිට සලකන්නෙ නෑ කියලා... මට එහෙම කියද්දි හොම්බට අනින්න හිතෙනවා අක්කේ... මුන් දන්නේ නෑ අපි විඳින දුක... 

තාත්තා ගුරුවරුයෙක් නිසා අම්මට රස්සාවක් කරන්න දුන්නේ නෑ.. .. අම්මට කඩයප්පන් ඕඩර් එකක් හම්බුඋනත් තාත්තා ඒක කරන්න දෙන්නෙත් නෑ... ඒක නිසා තාත්තගේ පෙන්ෂන් එකෙනුයි, අම්මගේ ඇදුම් මැහිල්ලෙනුයි තමයි ගෙදර වියදම් ටික පියව ගන්නේ... ඒත් දැන් අය ගොඩක් හැට්ට මහන්න යන්නේ ටවුන් එකේ අලුත් මනමාලියන්ට අන්දන තැනට... එතන අම්මා මහනවට වඩා ඉක්මණට මහලා දෙනවලු... අපේ අම්මා රෙදි පරිස්සම් කරගෙන, ගානට මිම්මට හැට්ට මැහැව්වට, ඒකට වඩා අලුත් ක්‍රම තියෙනවා ඉක්මණට වැඩේ කරන්න... ඔයා එවන සල්ලි මම පුළුවන් තරම් පරිස්සමෙන් ඉතුර කරගන්නවා... ගෙදර හිටපු ටිකේම ගමෙන් පිට පොඩි පොඩි වැඩ කරලා මාත් සල්ලි ටිකක් හොයා ගත්තා.. තාත්තා කැමති නෑ මම ගමේ කිසිම වැඩක් කරනවට... එයාගේ නම්බුව කන්න එපාලු මට....

මේ දොස්තරකම හම්බුවෙයිද කියලා ෂුවර් නැති එකේ හම්බුඋනොත් කරන්නේ මොනවද කියලවත් මට හිතාගන්න බෑ අක්කේ... කරන්න කියලා කොච්චර ජාති තියෙනවාද...? තාත්තගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙයිද මට... ? ඔයාව ගමට ගෙන්නගන්න මට පුළුවන් වෙයිද... මං දන්නවා ඔයා කොච්චර දුක් විඳිනවද කියලා... 

අපි මේ දෙවල් කරගන්න කොට අපේ තරුණ කාලේ ගෙවිලා තියෙයි අක්කේ... ඔයාගේ හොඳ වයසත් ගිහිල්ලා තියෙයි.. අපි මොනවට ඉපදුනාද කියලා හිතෙනවා වෙලාවකට අක්කේ... 


මට වෙලාවකට හිතෙනවා අක්කේ අපි මේ දාගෙන ඉන්න වෙස්මූණූ ගලවන්න... ලෝකෙට පේන්න ජීවත් වෙලා වැඩක් තියෙනවද...? අපි ජීවත් වෙන්න ඕනේ අපිට පුළුවන් විදියට... අපේ තාත්තලට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා මට තේරෙන්නේ නෑ.. නැත්තම් එයාලා අපි ගැන හිතලද මේ හැමදෙයක්ම කරන්නේ..? මට එහෙම හිතෙන්නේ නෑ.... 

ඇයි අපිට බැරි මේ විදියට ලෝකෙට පේන්න බොරු කර කර ඉන්නේ නැතුව, තිත්ත උනත් හැමතිස්සෙම ඇත්ත කියලා, අපේ මේ ලෝකෙට ඕනෙ විදියට හිනාවෙන, ලෝකෙට පේන්න නම්බුකාරව ඉන්න මේ වෙස්මූණු ගලෝගෙන ඉන්න... එහෙම පුළුවන් උනානම් අපි කොච්චර සන්තෝසෙන් ජීවත් වෙයිද අක්කේ... එහෙම උනානම් අපිට ඇත්තටම මුළු හිතින්ම හිනාවෙලා ඉන්න පුළුවන් නේද අක්කේ... 

ඔයාට කෝල් එකක් අරගෙන ‌මේ දේවල් කියන්න බැරි හින්දයි මේ ලියුමක් ලිව්වේ අක්කේ... මේ හිතෙන දේවල් කියන්න මට වෙන කෙනෙක් නෑ කියලා අක්කා දන්නවානේ.. ඒත් මේවා ඔයාට කියලා ඔයාට බරක් දෙන්නත් මට දුකයි... ඒත් මම නම් කවදාවත් අපේ තාත්තලා අම්මලා වගේ ඇත්ත මූණ හංගගෙන, ඒ වෙනුවට ලස්සනට දිලිසෙන්න පාට කරලා, රැලි අල්ලලා, හැමිතිස්සෙම හිනාවෙන වෙස් මූණක් දාගෙන ජීවත් වෙන්නේ නෑ අක්කේ.... 

මීට 
මල්ලි

Tuesday, May 21, 2013

පන්දාහ




අලුත්ම රුපියල් පන්දාහේ නෝට්ටුව හැට්ටය තුළ රුවා ගත්තේ වැඩි පරිස්සමටය.

මතක හැටියට මේ මෙතෙක් කාලයකට ඇයට පඩි සල්ලි සඳහා ලැබුණ එකම පන්දාහේ නෝට්ටුව වේ. ඒ නිසා ඈ එය එසේ ප්‍රවේසම් කළේ තරමක ආඩම්බරයකිනුත් යුතුවය. 

විස්සේ කොලෙත් එකයි, පන්සියේ කොලෙත් එකයි, පන්දාහෙ කොලෙත් එකයි... යන්තම් එහෙට මෙහෙට උනොත් අලි පාඩුවක්... අනේ මන්දා .. මේවා එකම විදියට ගැහුවාම මාරු වෙනවා කියලා මේ ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්දා... 

මේ සල්ලි කොලේ ගෙදර ගිහින් වෙනදා තියන තැන් වල තියන්න නරකයි... හදිසියේ එතනින් ගන්න වෙලාවක හරි මාරුවෙලා ගියොත්... මේක හංගලාවත් තිබ්බොත් ඉතුරු කරගන්න පුළුවන් වෙයි... 

හැම මාසයකම පඩියෙන් කීයක් හරි ඉතුරු කරගැනීමට දත කෑම ඇයට අලුත් දෙයක් නොවේ. ඒ සඳහා තමාවම රවටා ගන්නා ක්‍රමද ඇයට ඕනෑ තරම් තිබේ. කිසිවෙකුත් නොදන්‌නා, අත නොගසන තැන්වල, එනම් තුනපහ බෝතල් අතර, අල්මාරියේ යට ඇඳුම් අතර, අත දිග හරියේ බිත්ති මුල්ලක රිංගවා තැබිය හැකි කුඩා ප්ලාස්ටික් ඩප්පිය ඈ යොදා ගන්නේ මේ කාර්යය සඳහාය. එසේ සැඟවූ නෝට්ටුව අමතක වූ බවක් හඟවමින් වැඩ කිරීම ඇයගේ ප්‍රියතම හිත රවටා ගැනීමේක්‍රමවේදයයි.

මෙතෙක් කාලයකට එම ක්‍රමවේදයෙන් පලක් නොවුනේ මාසය අඟ වන විට දැනෙන්නට පටන් ගන්නා අඟහිඟකම් නිසා නොකැමැත්තෙන් හෝ සැඟ වූ සල්ලි ටික වියදම් කිරීමට සිදුවන නිසාවෙනි. 

එහෙත් මෙවර නම් මේ නෝට්ටුව ඉතිරි කරගැනීමේ ඇගේ අධිෂ්ඨානය දැඩිය.

කොහොම හරි ‌මේක ඉතුරු කරගත්තොත් ලබන මාසේ තව කීයක් හරි දාලා ඇදුම් ටිකක් ගන්නෝනේ... කොල්ලට පන්ති යන්න තියෙන්නෙ එක ඇදුමයි.. ඌ හිඟන්නා වගේ ඒක ඇන්දම... හෝදලා හෝදලා වැරහැලි වෙලා... ඌට ඩෙනිම් කලිසමකුයි ටී ෂර්ට් දෙකකුයි අරන් දුන්නොත් අවුරුද්දටම ඇති.. තාත්තණ්ඩිටත් සේල් දාපු තැනකින් අඩුවට වත් සපත්තු දෙකක් අරන් දෙන්න ඕනේ... මේ පාර අඩිය ගහන්න අරන් ගියාම මටම ලැජ්ජයි.... එයාගේ බැනියම් ටිකත් හොඳටම ඉරිලා... පවු අහිංසකයා... කොච්චර අඩුපාඩු තිබ්බත් චවනයක්වත් කියන්නේ නෑ... 

ගේ කෑල්ල හදාගන්න ගත්තු ණය ටික ගෙවලා ඉවර වෙලා බිල් ටික ගෙව්වම එයාගේ පඩියෙ ඉතුරුවක් නෑ... මාසෙට ඕනේ හාල්, සීනි,පිටි ටික ගෙනල්ලා, මාසේ ගමන් වියදම් ටික වෙන් කළාම අතේ ඉතුරු වෙන්නේ සොච්චමයි... අද පඩිය ගෙදර ගෙනිහින් හෙට ඉඳලා බඩේ ගින්දරින් ඉන්න එපැයි.... අසනීපයක්වත් හදිස්සියේ හැදුනොත් කාට හරි ණය වෙන්න වෙනවා... මේ පන්දාහ හරි බැංකුවේ දාගත්තොත්.... එහෙනං ටික කාලෙකට හරි හිත නිදහස්... 

බසයේ අසුන්ගත් වෙලේ සිටම ඈගේ හිතේ පන්දාහ වියදම් කිරීමට ක්‍රම සීයක් පමණද, ඉතුරු කිරීමට ක්‍රම දහයක් පමණ සඳහාද සැලසුම් සකස් විය. 

ගෙට ගොඩවන විට දරුවා සිටියේ පාඩම් කරමිනි. ඒ දැක අගේ දෙනෙතට කඳුළු බිඳක්ද, දෙතොලතරට සිනා පොදක්ද නැඟුනි. 

තේ එකක්වත් හදා ගත්තේ නැද්ද පුතේ... 

මං හදාගත්ත අම්මේ... තාත්තා කිව්වා රෑ වෙනවා කියලා එන්න.. ඒක නිසා මං කඩෙන් පාන් ගෙඩියක් ගෙනාවා...

ඇයි ළමයෝ... බත් කටක් කෑවනං මොකද වෙන්නෙ... පාන් ගිලල වැඩක් තියෙනවද...

ඈ එසේ කීවද පාන් ගෙඩියක් තිබීම ඇයට සහනයකි. මහන්සිය වැඩිකමට උයන දෙයක් කෑමට වත් පිරියක් නොමැති නිසා බොහෝ විට ඈ නිදාගත්තේ නිරාහාරවය. අද එයටත් වඩා සහනය සැමියාට අතිකාල සේවය සඳහා මේ මස යම් මුදලක් අමතරව ලැබිය හැකි බැවිනි. 

අම්මෙ... ආච්චම්මා කතා කළා හවස...

ඉතිං... මොකෝ කිව්වේ.... 

නිසංසලා අක්කගේ වෙඩින් එක තියෙනවලු මේ මාසේ... 25 වෙනිදා... 30 වෙනිදා අනිත් එක... මේ ඉරිදා මඟුල් කියන්න එනවලු... එතකොට පරක්කු නිසා ආච්චම්මා කෝල් කරල කිව්ව...

හ්ම්ම්.. එහෙමද... ඒකත් හොඳයි...

එසේ කියමින්ම කාමරයට ගිය ඈ හැට්ටය අස්සෙන් පන්දාහ අතට ගත්තාය. 

එහෙනං තාත්තට සපත්තු දෙක මේ මාසෙම ගන්න වෙනවා... මට නම් සාරියක් හොයාගන්න බැරියැ... යන්න එන්න ගමන් වියදම් වලටත් හොඳ ගානක් යනවා... පන්දාහ මදිවෙයිද මන්දා... කමක් නෑ.. එහෙම උනොත් කාගෙන් හරි ණයක් ගන්නවා... මට ලොකු දෙයක් කරන්න බැරි බව අයියලා දන්නවනේ... 

ඈ යලිත් රුපියල් පන්දාහේ නෝට්ටුව නමා රෙදි තට්ටුව අතරේ ගැසුවේ ප්‍රවේසමටය. 

Thursday, May 16, 2013

තනිකම....



අම්මේ.... මම තනියම..... 







ප/ලි : වේදනාව අකුරු කළ නොහැකි වූ කල..... 

ඡායාරෑපය උපුටා ගැනීම : මූණු පොතෙන්..

Friday, April 26, 2013

මගේ යාලුවෝ දෙන්නා....


Dear Diary.....

අද මට හරි දුක හිතෙන වැඩක් උනා....

අද උදේ එහා ගෙදර බ්ලැකී, ඔයාට මතකනේ මං කිව්වා හැමදාම රෑ එළිවෙනකම් කූඩුවට වෙලා කෑ ගහන එහා ගෙදර පොඩි බලු පැටියා, අන්න එයා , කීටීයා එක්ක පොරකනවා දැකලා මං ගියා රණ්ඩුව බේරන්න..... වත්ත බෙදලා නැති නිසා මුන් දෙන්නා පොරකෑවේ අපේ ලිඳ උඩ.. මං බය උනා එකෙක් හරි ලිඳට වැටෙයි කියලා... 

උන් දෙන්නම අනුන්ගේ තමයි .... ඒත් උන් දෙන්නටම මං හරි ආදරෙයි නේ.... උන් දෙන්නා තමයි දවල් දවසේ මාත් එක්ක මගේ පාලුව මකන්න ඉන්නේ... ඒකයි මං ගියේ රණ්ඩු බේරන්න.... 

ඒත් බලන්නකෝ මට වෙච්ච වැඩේ...  බ්ලැකී මාව කන්න පැන්නනේ... කිටීගේ නියපොතු පාරකුත් වැදුනා.... ඒක නිසා මං ආපහු ආවා... නැත්තම් මටයි බැනුම් අහන්න වෙන්නේ අහක යන බලු ‌පොර වලට මැදි වෙන්න යනවා කියලා වැඩක් බලාගෙන ඉන්‌ෙන් නැතුව... 

මට උනුත් එක්ක නම් පොඩ්ඩක් වත් තරහා නෑ..  ඒත් මං බයේ ඉන්නේ උන් දෙන්නගෙන් එකෙක් හරි කොයි වෙලාවේ හරි තුවාල කරගනියි, ලිඳට වැටෙයි කියලා.... උන් දෙන්නම මගේ හොඳ යාලුවෝනේ දැන්.... මාත් එක්ක සෙල්ලම් කරන උන් දෙන්නටම මොනවා හරි වෙනවට මං කැමති නෑ.. බ්ලැකී රෑ තිස්සේ කොච්චර කෑ ගැහුවත්, කිටී අපේ වත්තේ ජරා කරත් මං උන් දෙන්නට ආදරෙයි....

ඒත් මං දුකෙන් ඉන්නේ මට පොඩ්ඩක් තුවාල උන නිසා නෙවෙයි....

මං ආසයි උන් දෙන්නම මරාගන්‌ෙන් නැතුව ඉන්නවා නං.... උන් දෙන්නා එක්ක එකතු වෙලා සෙල්ලම් කරද්දි, මං හරි සතුටින් ඉන්නේ.... එකෙක් හරි තුවාල උනොත් මට දුක හිතෙනවා.... මට බේත් කරන්නත් බෑනේ.. උන් දෙන්නම අනුන්ගෙනේ.... 

එයාලා බ්ලැකීට නම් ආදරෙයි... බ්ලැකී ජර්මන් ෂෙපර්ඩ් එකෙක් නේ.... ඒක නිසා එයා වටිනවා ඇති... ඒත් එයාලා කිටීට ඒ තරම් ආදරේ නෑ.... ඌ නිකම් පූසෙක් නිසා එච්චර වටින්නේ නැතුව ඇති...  මට නම් උන් දෙන්නම එක වගේ වටිනවා.... උන් දෙන්නම මාත් එක්ක යාලුයි.... 

ඒ දෙන්නම මගේ නෙවෙයි උනත් මං නං ඒ දෙන්නටම ආදරෙයි.... උන්ගෙන් එකෙක් හරි, දෙන්නම හරි තුවාලයක් කරගනීයි, ලිඳට වැටෙයි කියලා මට බයයි...  මට ආයිත් එයාලා එක්ක හිනා වේවී, පිස්සු නටන්න, සෙල්ලම් කරන්න බැරි වෙයි කියලා බයයි.... 

ඒක නිසයි මට අද මෙච්චර දුක... මෙයාලා ඉක්මණට මේ රණ්ඩුව නවත්තලා යාලු වෙයි කියලා මං බලං ඉන්නවා..... එහෙම බැරි නම් අඩු ගානේ ලිඳේ වැටෙන්නෙවත් නැතුව හිටියොත් ඇති..... නැත්තම් ඉතිං ඇපේ ඇන්ටි තාප්පේ බැඳලා දායි බල්ලෝ පූසෝ එනවා කියලා.... 


Good night dear diary.......

Tuesday, February 26, 2013

හුදකලාවේ කල්පනාව...



බොහොම සාමාන්‍ය විදියට මුහුදේ ඈත පැත්තෙන්... මට මතක විදියට ඒකට කියන්නේ ක්ෂිතිජය කියල... ඉර බැහැගෙන යනවා... වෙනදා වගේම තමයි... මම සුපුරුදු විදියටම මූදු වෙරලේ පත ගල් ගෙඩියක් උඩට වෙලා, පස්ස පැත්ත රිදි රිදී, මූද දිහා.... වැරදුනා... ඉර දිහා බලං ඉන්නවා..... 

හැබෑට ඉර දිහා කෙලින් බලන්න පුළුවන් එකම වෙලාව මේක නේද....නෑ නෑ.. මට මතක විදියට සූර්‌යග්‍රහණයක් වෙලාවටත් පුළුවන්.. හැබැයි කෙලින්ම ඉර දිහා බලන එක හොඳ නෑලු.. වතුර බේසමකින් පේන ප්‍රතිබිම්බය හරි කලු කරපු වීදුරු කෑල්ලක් තුළින් සුර්‌යග්‍රහණය බලන්න කියලා ඉස්කෝලෙන් කිව්වා මතකයි.... හප්පා.. ඒ කොයි කාලෙකට ඉස්සරද.... 

ඇත්තටම අද මම මේ පාලු මුහුදු වෙරළකට වෙලා, මොලේ කචල් වෙච්ච ගෑණියෙක් වගේ මොනවා කල්පනා කරනවාද... වැරදියිනේ... අද විතරක්ද... පහුගිය මාස කීපයෙම මම මේක පුරුද්දක් විදියට කරනවා... 

බොරුනේ... මේක පුරද්දක් වෙන්නේ කො‌ෙහාමද... පුරද්දක් නම් මම නොදැනුවත්වම මේ වැඩේ කරන්න ඕනේ.. මම 4.30 ඉඳලා මටම මතක් කරනවා මූද පැත්තේ ගිහින් ටිකක් කල්පනා කරන්න ඕනේ කියලා.... 

හැබෑට මම මොනවා කල්පනා කරන්නද මෙතනට ආවේ.... 

වෙනදට නිදහසේ කල්පනා කරන්න මෙතනට එන එකේ, අද නම් මට හිතුනා ඉර බැහැගෙන යන හැටි චිත්‍රයක් අඳින්න... අවුරදු ගානකින් පින්සලක් අල්ලපු නැති මං කොහෙ චිත්‍ර අඳින්නද.. ඒත් මං පැය ගානක් හොයලා අද මගේ චිත්‍ර මල්ල එල්ලගත්තා කරේ... ඉස්කෝලේ යන කාලේ කරේ එල්ලන් ගිය චිත්‍ර බම්බුවෙන් පරණ කොලේකුයි, හයිය කාඩ්බෝඩ් කෑල්ලකුයි හොයා ගන්න තව පැය බාගයක් විතර ගියා.... දැන් මං ඒ ටික ඔක්කොම මූදු රැළි වදින්නෙ නැති හරියක පරිස්සමට තියලා මෙතනට වෙලා ඉර දිහා බලං ඉන්නවා....  

මේක පුදුම වැඩක්නේ.. නිදහසේ කල්පනා කරන්න කියලා මම මෙතනට ආවේ.. මොනවට චිත්‍ර මල්ලක් උස්සන් ආවද මන්දා.... 

ඔන්න ඔන්න.. අත් අල්ලගෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එනවා මේ පැත්තට... හපොයි... මේ නාකි ගෑණියෙක් ගල් ගෙඩියක් උඩට වෙලා, කුණු ගෑවිච්ච මල්ලක් ළඟින් තියාගෙන ඉන්නවා දැකලා මොනවා හිතයිද දන් නෑ... චික්.. මං මේ මල්ල මොනවට අරං ආවද මන්දා.. ඒ මදිවට අද මම ඇඳාගෙන ආවෙත් හම්පඩ වෙච්ච පරණ සායක්.... ඇයි අප්පා.. චිත්‍ර අඳින්න ගියාම මම තින්න නාන හැටියට හොඳ ඇඳුම් අඳින්න පුළුවන්ද.... ඒකයි මම මේක ඇන්දේ.... 

දැන් නං ඉරේ කෑලිත් නෑ.. මොන චිත්‍රද දැන්.... කලුවරයි අප්පා... අර කොල්ලයි කෙල්ලයි මේ රෑ වෙනකම් මොනවා කරනවද මෙතන.. ගෙවල් වලට යන්නේ නැතුව... බැඳපු දෙන්නෙක් වෙන්න ඇති... 

අප්පා.. බැන්ඳට පස්සේ කවුද ඔහොම අත් අල්ලන් යන්නේ. මාත් හිතුවා නේන්නං බඳින්න කලින් අපිත් හැමදාම ඔහොම ඉඳියි කියලා.... 

අන්න හරි... මං ආවේ ඒක කල්පනා කරන්නනේ... මොකද්ද අපිට උනේ කියලා .. අද මම තනියෙන් මේ ගල් ගෙඩිය උඩට වෙලා ඉන්නේ ඇයි කියල...

මේ මොන මඟුලක්ද.... යන්තම් මතක් උනත් අඬන්න වෙන නිසා ද මම මෙතනට ඇවිත් මේක කල්පනා කරන්න හිතුවේ...  

බෑ බෑ.. දැන් බැ... හොඳටම කලුවරයි අප්පා.. තව ටිකකින් පාර පේන් නැතුව යනවා... අවුරුදු 30ක් උනත් මං නාකි ගෑණියෙක් නෙවෙයිනේ... මේ මහ දවල්වත් ගෑණියෙක්ට පාරේ ඉන්න පුළුවන් කාලයක්ද... 

ඔන්න ඔහෙ දැන් ගෙදර යමං... හෙට බැරියැ කල්පනා කරන්න.... 

----------------------------------------------------------------------------------
ප/ලි ..... අනේ මන්දා......... හි හි

Saturday, December 8, 2012

ලස්සන අනාගතයක් ම‌ෙග් මැණිකට....




ඔයා දන්නවද මගේ මැණික... 

මං එදා කොච්චර දුකෙන්ද හිටියේ කියලා.... 

ඔයාගේ සුදු මූණ ලස්සනට බැබලි බැබලි තියෙනවා මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න වගේ දැනුනේ එදා... මගේ ඇස් වල මොකද්දෝ මහා ගංවතුරක් හිරවෙලා තිබ්බා.. කොයි වෙලේ හරි කැඩිලා ‌දොරේ ගලං යන්න ලෑස්ති වෙච්ච මහා වතුරක් හිරකරගත්ත වේල්ලක් වගේ.... 

ඔයාගේ ලස්සන අත් දෙකේ පුංචි මල් පොකුරක් රැඳිලා තියෙනවා මට මැවිලා පෙනුනා මැණික... ඒ අත් දෙක වෙනදටත් වැඩිය ලස්සනයි මගේ කෙල්ලෙ... අනේ මට ඒ අත් දෙක අල්ලගෙන ඉන්න තිබුනා නම් එදා... 

ඔය මූණ වේල්පටින් වැහිලා තියෙනවා මතක් වෙනකොට මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා... හරියට අපි දෙන්නගේ අත් මුලින්ම අහම්බෙන් වගේ එකට ගැටුන දවසේ වගේ... අපි දෙන්නගේ ඇස් මුණ ගැහුණ දවසෙ වගේ... 

මං දන්නවා මගේ මැණික ලස්සන ගමනක් යන්න හදන්නේ කියලා.. පපුව පැලෙන්න එද්දි මං ප්‍රාර්ථනා කළා මගේ මැණිකට ඔය ගමන ලස්සනට යන්න ලැබේවා කියලා.... 

ඒත් මගේ මැණික දන්නවද මං එදා මුළු දවසම ම‌ෙග් රත්තරං කෙල්ල කොයි වෙලාවේ හරි ම‌ෙග් ළඟට දුවගෙන එයි කියලා ඇස් පියන්නේ නැතුව පාර බලං හිටියා... මං හිතුවා මගේ කෙල්ල අන්තිම මොහොතේ හරි මං ගාවට එයි කියලත්... 

මං දන්නවා මං වැරදියි කියලා... මං දන්නවා මගේ කෙල්ල ම‌ෙග් නෙවෙයි කියලා... ඒත් මේ පපුව පිළිගන්න කැමති නෑ මැණික අදටත්... ඔයා මගේ නෙවෙයි කියලා... 

මං දන්නවා මගේ මැණිකට ලස්සන ජීවිතයක් තියෙනවා කියලා.... මං දන්නවා ඒ ජීවිතේ මට ඉඩ නෑ කියලා.. ඒත් මේ පපුවේ ඔයා සදහටම ඉන්නවා මැණික... 

මගේ රත්තරං කෙල්ලට ලස්සන අනාගතයක්... 


----------------------------------------------------------------------------------
ප/ලි - 
කැලැන්ඩර් ගොඩක් බදාගෙන, කොන්ද රිදි රිදී , මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ටිකක් දාගෙන ඉන්නකොට හිතට ආපු සිතුවිල්ලක් ලියවුනේ මෙහෙම... 

මේක තමන්ගේ පණ වගේ ආදරේ කරපු කෙල්ලට, ආදරේ හිතේ පුරෝගෙන ලස්සන අනාගතයක් පතන, එදත් හිටපු, අදත් ඉන්න අපේ රත්තරං කොල්ලන්ට මගෙන් ලැබෙන පුංචි තෑග්ගක්.... 

Wednesday, December 5, 2012

මගේ පුංචි මුද්ද....


ඔයාට මතකද මේ කතාව... 

මට මතක ඇති කාලේ ඉඳලම රත්තරං බඩු වලට ආසාවක් තිබ්බේ නෑ කවදාවත්.. ඒ කිව්වේ මාල, වළලු වගේ දේවල් ගැන... සාර ඇඳිලි, බෝනික්කෝ සෙල්ලම් කිරිල්ලට අකමැති වෙච්ච මං, ඒවට ආසා නැති උන එක අරුමයක් නෙවෙයි කියලා තමා අම්මා නම් කිව්වේ... ඒත් ඉතිං අම්මට අහුවෙච්ච වෙලාවට මට ඕවා අරං දුන්නා... මං මාල, වළලු වලට ආස නැති උනාට ආස එක ජාතියක් තියෙනවා... ඒ පුංචි මුදු... 

ඔව්.. අර චූටි ගල් අල්ලලා තියෙන, ඇඟිල්ලේ තියෙනවද කියලා පේන්නේ නැති තරම් හීනි මුදු තමා... 

ඉස්කෝලෙ යන කාලේ බැඩ්මින්ට්න් ටූනමන්ට් එකකට කුරුණෑගල ගිහින්, එහෙදි ගත්ත චූට් ඉමිටේෂන් මුද්ද, ගෙදර ආපු ගමන් ගලවන්න උනා... මගේ ඇඟිලි වල හීනී වැඩි කම නිසා ටිකක් තද කරලා දගත්ත මුද්ද, ඒ වෙනකොටත් ඇඟිල්ලෙ හිරවෙලා තිබ්බේ.. ගෙදර ආපු ගමන් අම්මා කළේ කතුරක් අරන් මුද්ද දෙකට කපලා මගේ ඇඟිල්ල බේරගත්ත එක... 

මතකද මම ඔය කතාව ඔයාට කිව්වේ කොහෙදිද කියලා.... මට නම් මතකයි.... 

ඔයාට මතකද ඔයා ඊට පස්සේ මට කියපු දේ... 

මම පුළුවන් උනොත් ඔයාට මුද්දක් අරං දෙන්නම් කියලා ඔයා කිව්වා.. මං ඒකට හිනා උනා විතරයි... 

මුදු තෑගි දෙන්න තරම් දෙයක් අපි අතරේ ඒ වෙද්දි තිබ්බේ නෑ කියලා මට හොදටම මතකයි... 

අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම ඔයා මුද්දක් මගේ අතට දැම්මා.... ඒත් ඒ මගේ දකුණු අතේ මැද ඇඟිල්ලට... කවදාවත් මගේ වම් අතේ මුදු දාන ඇඟිල්ලට අයිතියක් ඔයාට තිබ්බේ නෑ කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා... 

ඒත් ඒ මුද්ද අද මට ගලවන්න උනා.... 

ඔව්.. අර පුංචි ඉමිටේෂන් මුද්ද වගේම... දෙකට කපලා ඇඟිල්ල බේර ගත්තා... දැං අවුරුදු කොච්චරක්ද මේ මුද්ද මගේ අතේ කොටසක් වෙලා..... මට හිතාගන්නවත් බැරි තරම් කල් වෙන්නැති... සමහර විට අද ඊයේ වෙන්නත් ඇති... මට හරියටම මතක නෑ... 

මුද්ද ඇඹරිලා ගිහින්... ඒත් අදටත් දිලිසෙනවා.... ඒකේ පුංචි නිල් පාට ගල තාම එදා තිබ්බා වගේමයි... 

ඒත් අර ඔයා ආස කරපු ලස්සන හීනි දිග ඇඟිලි... අද නම් ඒතරම් හීනි නෑ... ඔයා ආස කරපු සිනිදු බවත් අද මේ අතේ නෑ... මුද්ද හිර උනෙත් ඒක හින්දම වෙන්න ඇති... 

අද ඉඳලා මුද්ද මගේ අල්මාරි ලාච්චුවට වෙලා ඉඳියි... ඒත් ඔයාගේ මතකය එහෙම ලාච්චුවට දාලා වහන්න මට බෑ... තව කොච්චර කල් මම ජීවත් වෙයිද... ඔයාගේ මතකය මාත් එක්ක එදා වගේම ඉඳියි.... 

අර නිල් පාට මැණික් ගල වගේ ලස්සනට දිලිසි දිලිසි... 

----------------------------------------------------------------------------------

ප/ලි .අද උදේ ලාච්චුවක් අඳිද්දි හම්බුවුන මගේ පුංචි මුද්දට තෑග්ගක් විදියට මේ නිර්මාණය මගේ අතින් ලියවුණා..... 

ෆොටෝ එක හොයාගත්තේ මෙතනින්.... 

මේක පෝස්ට් කළාට පස්සේ ඉෂාන් මලයා දාපු පෝස්ට් එකකට ලින්ක් එකක් දාලා තිබ්බා.. උගෙන් අවසර ගන්නේ නැතුව මම මේ ලින්ක් එක පෝස්ට් එකට එකතු කරනවා... මං හිතන්‌නේ මේක කියවලා කවි තෙල් බොන්න හිතෙන කට්ටියට අඬන්න පුළුවන් පෝස්ට් එකක් ඒක... 

ඉෂාන්ගේ සටහන් 

ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)

Thursday, November 22, 2012

ඔබ ගැන මතක....

මහ මෙරක්ම වූ, 
දිය පොදක්ම වූ,
පිනි සිසිලසක්ම වූ,
ආදරණීය ඔබේ උරතලය...

සිතේ සිතුවමක්ම වී,
අතීතයේ සිහිනයක්ම වී,
මතකයේ හැම අස්සකම,
ආදරණිය මතකයක්ම වී අද.....

ඇසට පෙනෙන දුරක සිටින්නම්,
හදට දැනෙන තැනක රැඳෙන්නම්,
තනිව වෙසෙන නිහඬ රැයක,
කනට ඇසෙන දුරක ගයන්නම්...

කවදා කොතැනකදි නමුදු,
යලි අප හමුවන බව දැන,
මා යන තැන මඟ සලකුණු,
සුළං රළක ලියා තියන්නම්..... 

නිමක් නොමැති මේ දිවි මඟ,
හසර නොදැන සරණ අතර,
නැවත නැවත අප හමුවන තුරු,
ඔබ යන එන මඟක රැඳෙන්නම්...... 


Saturday, October 27, 2012

සුදු රෝස වැල...


මිදුලේ තියෙන ලොකු සුදු රෝස මල් වැල මට සිහිවටනයක්...

රෝස වැල එතිලා තියෙන පතොක් ගහ අමිහිරිම මතකයක්...

අපි දෙන්නම එකතු වෙලා ඉන්දපු රෝස පැලේ...රෝස වැල වැඩුණේ මගේ ලේ වලින්....

ඒත් ඒ කටු පදුරක්.....

ඇයි... රෝස වැලෙත් කටු පිරිලා.... පතොක් ගහට විතරක් නොක්කාඩු ....

ඔව්... ඒත් රෝස වැල මට රිද්දන්නේ නෑ...

ඒත් අර පතොක් ගහ මට හැමදාම කටු වලින් ඇන්නා... මම හිතුවේ ඒ ආදරේට කියලා....

ඒත් දවසක්...

ඒ ආදරණිය රිදුම මහ වේදනාවක් උනා... අන්න එදා මට පතොක් ගහේ කටු වල සැර දැනුනා... ඒත් ඒ වෙනකොටත් මගේ පුංචි රෝස පැලේට ඒ කටු උරුම වෙලා ඉවරයි...

මම මගේ රෝස පැලේට එදා වගේම ආදරෙයි... මට එයා එදා වගේම ලස්සනයි... සුදු රෝස මල් එයාගේ ලස්සන හැමදාම මං ඉස්සරහා මවනවා...

මට පතොක් ගහ උගුල්ලා දාන්න බෑ... මගේ පුංචි රෝස පැලේට නැගිටින්න වාරු දුන්නේ එයා හින්දා...

අද...

රෝස වැල පතොක් ගහ පුරාම පැතිරිලා... පතොක් ගහක් පෙන්නත් නෑ... ඒත් මම දන්නවා එයා ඉන්නවා කියලා... ඉස්සර වගේ සරුසාරෙට නෙවෙයි... වැඩීම බාල වෙලා.. පුංචි වෙලා.. ගුලි වෙලා... මගේ රෝස වැල අස්සේ හැංගිලා...

ඔයා දන්නවද....?

දැං මට ඒ ගැන හිතෙනකොට හිනා යනවා...
---------------------------------------------

ප.ලි. කමෙන්ට් ටික දැක්කම තේරුනා කාටවත්ම කතාව තේරිලා නෑ කියලා...

තමන්ගේ ජීවිතයම පීඩාකාරී සැමියාගේ අණසකට යටත් වෙලා ජීවත් උනත්, දුවණිය එසේ නොවී, ධෛර්‌යයෙන් යුතුව ජීවිතය ජය ගන්න ඉදිරියට යනවා දකින කොට අම්මා කෙනෙකුට ඇතිවෙන හාස්‍යය මුසු සතුට ගැන හිතලා ලියවුණ ලියවිල්ලක් විතරයි...

මේක පටන්ගත්තේ දයානන්ද අයියගේ අස්වැන්න කියවගෙන යනකොට හිතට ආපු සිතුවිල්ලකින්... ඒත් අන්තිමට ලියවුණේ හාත්පසින් වෙනස් කතාවක්....

Tuesday, September 18, 2012

ඇස් දෙක....


“... මා ඔබත් එක්ක සුහද කතාවක්....
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්....“

ඊයේ රෑ ෆොන් එක කනේ ගහගෙන නින්ද යනකන් රේඩියෝ එක අහගෙන ඉන්නකොට මේ ගීතය ඇහුනාම මට මතක් උනේ අපේ මහත්තයා මං ගැන කියන කතාවක්....

“කොහෙද... මං මෙයාව තේරුව දවසේ මගේ කණ්ණාඩි දෙක ගෙදර දාලා ඇවිත් නේ.... කණ්ණාඩි දාලා බැලුවමයි හොදට පෙනුනේ.. එතකොට ඉතිං පරක්කු වැඩියි...“

මාත් ඉතිං ඕකම එයාටත් කියනවානේ.... ඒක අපි දෙන්නගේ විහිළුවක්...

ඇත්තටම ආදරයට ඇස් කොතරම් වැදගත්ද....?

මේ ඒකාලේ මගේ ආසම ගීතයක්...

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල්වියේ
නොදැනීම අපගේම සිත් යාවුණා
දසුනින් හසුනක් මවා

ඉස්කෝලෙ යන කාලේ යුනිෆොම් එකට තිබුන බාධක, තහංචි මැද ආදරය කරන කොට ඇස් දෙක තරම් වැදගත් දෙයක් තවත් නෑ.. පෙරුම් පුරාගෙන බලං ඉන්නේ ඇස්‌ දෙකට දැක ගන්නකම්.... නැත්තම් විනාසයි.. එදාට දවසම මූඩ් ගහලා....

ගොඩක් වෙලාවට කතාකරන්න හම්බුවෙන්නේ නැති උනාම කතාවට උදවු වෙන්නේ ඇස් දෙක...

ඇස්පිය හෙලන වාරයක් පාසා කතාවක් කියවුන කාලයක් ඒ... කෝච්චි පෙට්ටියේ එහා කොනේ එයා ඉන්නකොට මං මෙහා කොනේ ඉදන් එයා එක්ක කතා කලා.... ඇස් දෙකින්....

සමහර දවසට එයා උදේට කෝච්චිය ස්ටේෂන් එකට එන වෙලාවට ඇවිල්ලා මගේ ඇස් දෙක දිහා බලාගෙන කෝච්චිය යනකම් ඉදලා ආපහු ගෙදර යනවා... ඒ ඇති දවසටම ඉතිං... හි හි..

අතින් අල්ලන්නවත් බය ඒ කාලේ බය නැතුව බලං හිටියේ ආදරේ උතුරපු ඒ ඇස් දිහා...

හොද නරක, සතුට, දුක, ආදරය,වේදනාව හැම එකම ඇස් දෙකෙන් බෙදා ගත්ත කාලයක් ඒ...

කදුළු බිංදුවක්, ඇස් කොනේ දිලිසෙන හිනාවක් ලොකු කතාවක් කියපු කාලයක්....

අදත් ඒ ඇස් ඒ වගේම තමයි...

Wednesday, September 12, 2012

කාලය ගෙවිලා ගියා විතරයි.....



“ මදී.. ක්ලයන්ට් කෙනෙක් ඇව්ල්ලා.... පොෂ් කේස් එකක් වගේ.... ඔයා ආවොත් හොදයි....“

“ මං එන්නම්... ඔයා චුට්ටක් කතා කරන්න...“

මේසය මත තිබූ පොඩි කණ්ණාඩිය අතට ගෙන, යන්තම් දියවී ගිය තොල් ආලේපනය නැවුම් කරගන්නා අතරම, ස්ට්‍රේට් කර තඔ පැහැ ගැන්වූ කෙටි කෙස් වැටිය අතින් සකස් කර ගත් මදී,අමුත්තන් පිළිගැනිමේ කාමරයට ඇතුලු වූවාය.
සැප පහසු සෝපාවේ වාඩි වී අවු කණ්ණාඩි යුවල තාලයට සොලවමින් ගීතයක තාලයක් මුමුණමින් සිටින තරණ පිරිමි රුව දෙස බැලූ ඈ එක්වරම ගල් ගැසී නතර වූවාය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔයා මට ‌ගොඩක් වටිනවා මදී මැණික....“
ලාවට සිත තුළ දෝංකාර දුන් හඩ, ඇයව ඈත අතීතයට කැන්දන් යන්නට සමත් විය.

“ඔයා කියන්නේ බොරුනේ ඉතිං... තච ගෑනු කී දෙනෙකුට ඔයා ඔහොම කිව්වද කවුද දන්නේ...“
ඔහුගේ පපුතුරේ මුහුණ හොවා හුරතල් උන හැටි ඇයට සිහි වේ.

“ ඔව්..‌ගොඩකට කිව්වා... ඒත ඔයා තරම් ඒ කවුරුවත් වටින්නේ නෑ.... “
ඔහුගේ දෙනෙත් තුළ දිලිසෙන කාන්තිය ඇයව සිනහා ගැස්වීමට සමත්ය.

“ඔයා බොරු කියන්න හරිම හපනෙක් නේ...“
ඇය සිනාසුනාය.

“ ඉතිං දැං ඔයාමනේ කිව්වේ මට ගෑනු ගොඩක් ඉන්න ඇති කියලා...“

“ ඔයාට මාව ඔය තරම් වටිනවනම්, ඔය වැඩ අතෑරලා හොද රස්සවකට යන්නකෝ...“

“ කවුද මැණික මට රස්සාවල් දෙන්නේ.. පොලිසියෙන් මාව හොයනවා.. අරුන්ට අහුවුනොත් උන් මාව මරනවා....“

“ ඔයා මැරුනොත් මට මොනවද වෙන්නේ.... අනේ මං කියන දේ අහලා පොලිසියට බාර වෙන්නකෝ... එතකොට අඩුගානේ ඔයාගේ පණවත් බේරෙයි...“

“ මම දන්නවා මැණික.. ඒත් උන්ට මාව මරන්න ලේසියි ඇතුලේ හිටියොත්.. මේ වෙලාවේ මට පොලිසියට බාර වෙන්න බෑ...“

“ ඔයා මං ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැ නේද... ඔහොම කියනවට වැඩිය හොද නැද්ද මටත් වෙඩි තියලා මරලා දාන එක...ඔයා නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ...“

“ මම ඔයා ගැන බලාගන්නම් මැණික...මං පොරොන්දු වෙනවා... මං ඔයා ගැන බලාගන්නම්...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ දන්නවද.. මං ඔයාට ජොබ් එකක් බැලුවා.. ඔයා නිකම්ම ඉන්න කම්මැලියි කිව්ව නිසා... එතන ඔයාටත් හොදයි.. ඔයා ආස වෙයි....“
ඔහු එය ඇයට කිවු හැටි ඇයට තාමත් මතකය....ඒ ගෙදරට ගොඩ වුන ගමන්ය....

“ මට ජොබ් එකක්.... මොකද්ද අප්පේ ජොබ් එක...“

“ හෙට ලැස්ති වෙන්නකෝ.. මම එක්කන් යන්නම්... ඔයා ආස නම් අපි ඒක දිගටම කරමු.. අපි දෙන්නම එකතු වෙලා....“

“ හානේ... ඔය ඇත්තමද....“

“ හා හා. ඇති ඇති හුරතල් උනා.. .හෙට ගිහින් බලන්නකෝ ඔයා ආසද කියලා...“

“ ඔයා මං ළඟ ඉන්නවනම් ඕනෙ එකක් මට කමක් නෑ...“

ටිකක් දඟලා ඔහුගේ උරහිසට හිස තියාගෙන ඇස් පියා ගත් විට, නළල් තලය මත තැබූ ඔහුගේ අවසාන හාදුවේ උණුසුම ඇයට තවමත් දැනේ.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Good morning sir. Can I help you....? “

සීරුවෙන් මුවට නංවාගත් සිනාවත් සමඟ ඈ විමසුවාය.

“ Mrs. Madumathi....?“

ඒ සිනහව දුටුවිට, ඉහලට ගත් හුස්ම පහලට දැමීමට ඇයට අමතක විය....

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔය හිනාවෙන් තමයි කෙල්ලෝ අල්ලගන්නෙ නේද.....?

හුරතල් ලෙස ඔහුගේ උරහිසට බරවී ඇසුවා ඇයට මතකය.

“ ඒකනේ මගේ හොදම ආයුදේ....“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ Yes...That“s me.....“

“ This is for you... You should read this.....“

තරැණයා ඇය අත තැබුවේ Air mail ලියුම් කවරයකි.

හිතේ ප්‍රශ්නාර්ථයක් සමඟ ඈ කවරය දිග හැරියාය.

“ මදී... මගේ මැණික.. මෙච්චරකල් බලා ඉන්න උනාට මට සමාවෙන්න...“

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“මේ සැලොන් එක අද ඉදලා ඔයාගෙ මගේ මැණික....“

උදේ පාන්දර තමාව කැන්දාගෙන අවුත් මේ සාප්පුව බාර කල හැටි ඇයට මතක් විය.

“ඔයාට මං නැති උනත් මේක කරගෙන යන්න පුළුවන් දැන්...“

එසේ කියා ඇය හා විහිලු කළ ඔහු, එදිනම සවස මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ අයුරු ඇයට සිහිනයෙන් මෙන් මතකය.

–––––––––––––––––––––––––––––––––––––––––––––––

“ ඔවු මැණික ..... මම තාම ජීවත් වෙනවා... මේ ලියුම එවන්නේ මගේ පුතා අතේ.....“

ඇය හිස ඔසවා බැලුවා ය.

“ඔයා බිනර ද.....?“

ඔහු හිස සලා සිනා සෙයි.

ඒ හිනාව මයි.. ඇයට සිතින..

අර වචන පටලවමින් හුරතල් කතා කියූ, වැටි වැටි දුවපු පොඩි එකාද මේ....

“ පුතා එක්ක ඔයා එනකම් මං බලන් ඉන්නවා මගේ මැණික...“

ඇයට නිතැතින්ම බිනරගේ දෑස දෙස බැලින...

“ මාමා ගොඩක් දුක් වින්දා පහුගිය කාලේ.... නැන්දට කරදරයක් වෙයි කියලයි මාමා ජීවත් වෙලා ඉන්න බව නොකිව්වේ... නැන්දා මාත් එක්ක එනවා නේද.....“

කවදා හෝ ඔහු ආපසු එයි කියා බලා සිටි ඇගේ දෙනෙත් කදුලින් පිරෙනු බිනර දුටුවේය.

ඔහු සිනාසුනි... ඇය තවමත් ඔහුගේ ආදරණීය නැන්දාමය.... මාමා හැමවිටම කියන්නා වූ, සතුට වැඩි උනාම ඇස් වලට කදුලු පුරවා ගන්නා, දුක වැඩි උනාම නිහඩවෙන්නා වූ ඔහුගේ ආදරණීය නැන්දාමය.....




Wednesday, August 29, 2012

මේ ඇගේ පාපොච්චාරණයයි.....

නයෙකු තුරුළු කරගෙන නිදා සිටි සමාජ ශාලා නළඟන පොලිසියෙන් රෝහලට...
පුවතක්...


මේ ඇගේ පාපොච්චාරණයයි......

නිශාචර ජීවිතයකට ‌කොටු වුනු
ගෙවී ගිය යෞවනය
කියා දුන් පාඩමයි මේ.....

ම‌ෙග් මැණික හොදට ඉගෙනගනින්...
අප්පච්චි කිව්වා....
දුවේ උඹ අපේ අනාගතේ....
අම්මා හැමදාම කිව්වා....

ගෙන්දගම් පොළවේ
අමුත්තක් දැනුනේ නෑ....
නෙත පිනන සොදුරු දසුන්
මෙහේ මිස ගමේ නෑ...

ඇස් දෙකේ සතුට
දෝරේ ගලන කොට
ප්‍රේමයේ මල් ඵළ
කුසේ පීදී එන කොට

තනිකම දෝත මත
පුංචි දෝණි ඇස් පියන්
ඇට පෑදුණු බඩගෙඩියක් එක්ක
දත් නැති කටෙන් හිනා වෙච්චි...

නිශාචර සමාජයේ පිහිටෙන්
බත් කටක් ඒ බඩට
ඇදිවතක් ඒ ගතට
නොනවතින්නට ඒ හිනාව...

දුවේ උඹ මගේ ලෝකයයි......

සමාජය විසකුරුයි
මේ නයා ඒ තරම් විස නෑ....
මම නයා තුරුළු කර ගත්තේ ඒකයි.....


අද ලංකාදීපයේ මුල පිටුවේ තිබ්බ පුවතක් අහද්දි මගේ හිතට ආපු අදහසක් විතරයි......

Photo from