Thursday, March 7, 2013

රුවන් වැකි... නිතර පේන තැන්වල....



ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ...


ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ


සිරියාවයි කම්මුල්පෙති ඒකයි බැලුවේ දුප්පත් මට සමච්චලේටද හිනා වුනේ


පෙව් කිරිවලට අම්මේ ණය ගැති සේම සුවඳයි පියාණනි ඔබේ ගුණ හැමදාම


මිනිසත්කමේ පොහොසත්කම මනුස්ස කමයි


මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා


අම්මා පෙවු කිරි කඳුලින් 
මේ ලොව මෙතරම් හැඩවුනේ


ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මේ


කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි අම්මා යන වදන කියා ලෝකය හැඩකරමි


නොමිලේ දියහැකි වස්තුව සිනහව පමණයි


කෝ පුතේ යාලුවෝ නමට විතරයි අම්මේ

Cheguevara  
Freedom of Creative mind

ඇතිදා වවුලෝ එල්ලිලා      නැතිදා වවුලෝ ඉගිල්ලිලා යති


එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා


මට මුළු ලෝකයම මාගේ දෙමවුපියන්....


මිදි කොහෙද තිත්ත     නරි කියයිද ඇත්ත


උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ


No love no life
Life is a question mark with out a question
To be heard it is something


ඔන්න අදත් අපේ මහත්තය‌ෙග වීරකමක් තමයි... ෆොටෝ ටික සහ අදහස සියල්ලම එයාගේ... 

ඔය මං දාපු රුවන් වැකි වලට අමතරවත් මේවයේ තව එක එක ඒවා තියෙනවා.. හොයාගන්න පුළුවන් නම් ඉතිං කියමුකො බලන්න.... හි හි... 

හැම එකකම අම්මා තාත්තා ගැන ගහලා තියෙන්නේ මෙයාලව දකින මිනිස්සු වැඩි දෙනෙක් අම්මලා තාත්තලා මතක් කරන හින්දද දන් නෑ කියලා අපේ මහත්තයා කියනවා... ඒකත් හැබෑව නේ.. හි හි

ප/ලි , මේවා දැකලා මට හිතෙන දේවල් වලට වඩා ඔයාලට හිතෙන දේ දැනගන්න මං කැමතියි... ඒ වගේම ඔයාලා දැකලා තියෙන ඒවත් ලිව්වට කමක් නෑ.... 

( තව ෆොටෝ ටිකක් තියෙනවලු.. ඒ ටික දෙවනි කොටසකට වත් දාමු නේ.. හි හි) 



ප/ලි  මේකේ ලින්ක් එක දුන්නේ අපේ නවදැලිහේනේ අයිතිකාර මහත්තයා... හි හි.... 
මාත් දැක්ක ගමන් අපේ මහත්තයටත් පෙන්නලා ඔන්න ඇඩි කළා... 
ඔන්න බලන්නකෝ කට්ටිය... හි හි

72 comments:

  1. ලගදි ලංකාවට ආපු වෙලේ දැක්ක, "ළිඳ මගේ නම්, මම ළිඳේ නම්, කාටවත් ඇයි වේදනා" කියල ගහපු එකක්...

    ReplyDelete
    Replies
    1. ඒකද දන්නෙ නැහැ විජේරාමේ ලිද ලග අම්ම කෙනෙක්ව කෙලසුවෙ.

      Delete
    2. ඔය කතාව මං තමයි අපේ නැන්දම්මට එහෙම කිව්වේ... කට්ටිය ගෙයින් එළියට බහින්න බයේ හිටියා ඒ දවස්වල වෙවුල වෙවුල... තමන් ඉන්න හරිය එහෙම දෙයක් වෙන්න තරම් විනාස වෙලා කියලා පන්සලේ ඉන්න අයටත් තේරුනේ ඒ වෙලාවෙද කොහෙද...

      ඕක අපේ ලෝයර් මස්සිනාට කියලා, දහ අතේ කෝල් කර කර දැඟළුවා විස්තර හොයන්න.. අහන්න ඕනේ මොනාද හොයාගත්තේ කියලා...

      Delete
    3. කෙන්ජි මේක දාල තියෙන්නෙ මම කරාවගේනේ.... අපොයි...

      Delete
    4. හප්පට..කෙන්ජි ඒක නිකන් නදීට කියලා වගේ නේන්නම්...:D

      Delete
    5. ඒක හිතලා තමයි මාත් ටක් ගාලා යටින් රිප්ලයි එකක් දැම්මේ.. නැත්තම් නදියා පවු... හි හි

      Delete
  2. "රුසියාවට වඩා ළොකුයි ඉරිසියාව"
    "දෙන්න හඬ මෙන්න ඉඩ"
    "හප්පන්න එපා.. ණය වෙලා ගත්තේ"
    "අත හිත නැන්දම්මාගෙන්"
    "ඔය ඇස් අමතක වෙන්න නම්. මගේ ඇස් පියවෙන්න වෙයි"
    "බ්ලේඩ් වලින් කපන්න බෑ කෙනෙකුගෙ හොඳ හිත"
    "ඇත්නම් සල්ලි දෙවියොත් සාක්කුවේ මල්ලි"
    "අනේ ඉතින් ඉන්නකන්නේ"
    "අති දා සීනී නැති දා ගෝනී"
    ඒ වගේම ගොඩක් ඒවල තියෙනවා
    "මාෂා අල්ලා"

    ReplyDelete
    Replies
    1. ලොට් එකක්ම තියෙනවානේ.. මං ගොඩක් ඒවයේ දැක්කා මව්පිය සෙනෙහස කියලත් ගහලා තියෙනවා... හි හි

      Delete
    2. රජාත් දාල තිබුණ නේද පින්තූරයක් ළඟදි කාණුවෙ වැටිච්චි ත්‍රී වීල් එකක ලියල තිබ්බ වැකියක්

      Delete
    3. පුංචි දගකාරියේ........

      දගකාරි කාණුවේ ^_^

      Delete
    4. //දගකාරි කාණුවේ// දඟ කොරන්ට ගිහින් වෙන්ටැ.. :)

      Delete
    5. නෑ චන්දන.. පිය රජතුමා හැමෝටම කොන්ක්‍රීට් වළල්ලක් දෙනවලු කරේ තියාගෙන යන්න.. නේද වල් රජෝ... හි හි

      Delete
  3. "කලාවැවේ නිල් දියවර අපේ අම්මා" කියලා පිටි පස්සේ ගහපු ත්‍රී වීල් එකක් බීලා ඩ්‍රයිව් කරලද කොහෙද වැවකට වැටිලා තියෙද්දි ගත්තු පින්තූරයක් මතක් උනේ මට නම් . . .

    අන්න වැඩ බීලා එන ගමන් අම්මට උම්මා එකක් දෙන්න ගිහින් . .හික්ස්

    ReplyDelete
    Replies
    1. //අන්න වැඩ බීලා එන ගමන් අම්මට උම්මා එකක් දෙන්න ගිහින් . .හික්ස්//

      ඒකට නම් හිනා ගියා දුකා අයියේ... ඇත්තටම ත්‍රීවීල් අයියලගේ අම්මලා නේන්නං වැඩිපුරම කට්ටිය මතක් කරන්නෙත්... හි හි

      Delete
  4. හිරු ගෙ මහත්තැන්ලත් දැන් දැන් අපේ සමාජෙට මනාපයි වගෙ.දැන් දැන් ෆොටෝ දීල පස්සෙ කියයිද දන්නෙ නැහැ,හිරු නිකා ඉන්න මම ලියන්නම් කියල :) :) :) .

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කිසි බයක් නෑ කෙන්ජි.. මේක ගෙදරට ගෙනල්ලා දැන් අවුරුද්දකට කිට්ටුයි.. තාම එක වාක්‍යයක් ටයිප් කරලා නෑ එයා... ඒක නිසා මං බය නෑ... හි හි.... හැබැයි එයා බ්ලොග් එක‌ට ෆුල් සපෝට්....

      Delete
    2. හිරු නිකා ඉන්න මට මතක නෑ!

      Delete
  5. මමත් අම්බානෙක දැකල තියෙනව...


    ජීවිතේ මල් අපෙ අම්ම ඉන්න කල්
    අනින්න එපා මේක මගේ...
    අපි පාගල යාමුකෝ හැටේ...

    ReplyDelete
    Replies
    1. හි හි.. හොඳ ඒවා අහු වෙනවා මටත්... දවසක් දැක්කා,

      G = Ghost
      I = In
      R = Real
      L = Life

      කියලා ගහපු ත්‍රීවීල් එකක්.. ඒ වෙලාවේ ෆොන් එකවත් අතේ තිබ්‌ෙබ් නෑ... හි හි

      Delete
  6. මම කල්පනා කලේ කට්ටිය තව අලුත් බම්පර් ස්ටිකර් ටිකක් හදලා දෙමුද කියලා ත්‍රී වීල් කට්ටියට ගහගන්න.

    ReplyDelete
    Replies
    1. අන්න මරු වැඩේ ඩූඩ් අයියේ.. හි හි...

      Delete
    2. මෙන්න ව්‍යාපාරික මනස..

      Delete
  7. මම ආසම එක;

    "ඔබේ ද රෝඩ් රූල්ස්?"

    ReplyDelete
    Replies
    1. “නෑ අපේ අම්මගේ ” කියලා තමයි තිසර කියන්න වෙන්නේ.. හි හි

      Delete
    2. මේක සිරා :)
      මම කාර් එකේ ගහන්න හදන්නේ :ඩී

      Delete
  8. මොකෝ බන් දුවේ බොලෑ මහත්තයා මේ දවස් වල ත්‍රීවීල් පස්සෙ යන්නෙ ???

    ReplyDelete
    Replies
    1. එයාගේ රස්සාවේ හැටි නොවැ වෙනි අන්කල්... හි හි

      Delete
    2. එහා සීට් එකේ හිරු නම් පැපරාසියා !

      Delete
  9. පිඹගෙන එන්නේ - ඇනගෙන යන්නද?

    මලින් පිරි විලක් වුවද කලක් යනවිට වැඩක් නැති මඩ වලක් වේ

    ReplyDelete
    Replies
    1. මලක් ඇති විලක් කලක් යන විට පලක් නැති වලක් වේ

      Delete
    2. විලක් උනත්
      කලක් යද්දී
      පලක් නැති
      වලක් වේ..

      Delete
  10. හිරුගෙ මහත්තයත් දැන් ඔයාගෙ බ්ලොග් එකට හොඳ සපොර්ට් එකක් දෙනව වගේ .

    ReplyDelete
  11. "මග මැරුණත් කුණ ඇරපන් ගමට සුදා"


    නියම කලෙක්ෂන් එක හිරු අක්කේ...අපේ මහත්තයාගේ අයිඩියා එක මරුනේ

    ReplyDelete
  12. ඉස්සරහට නීතියක් එනවා ඔය ස්ටිකර් වලට පොතේ හැටියට

    ReplyDelete
  13. මේ පිංතුර ටික ගන්න අපේ මහත්තයා සෑහෙන්න කට්ටක් කන්න ඇති නේද හිරුවෝ..

    ReplyDelete
  14. පාර තොටේ යද්දී එද්දී මගෙත් වැඩේ ඔය වගේ වැකි කියවන එක.. හොඳ හොඳ කතා තියෙනවා..

    මම වැඩියෙන්ම කැමති " හප්පන්න එපා...ණය වෙලා ගත්තේ " කතාවට. ත්‍රී වීල් එකේ පිටි පස්සෙ එහෙම ගහගෙන තිබ්බ ත්‍රී වීල් එකක් තව එකක හප්පගෙන..හි හි

    තව එකක් දැක්කා..

    " ඇතිදා හිනා වෙන - නැතිදා මඟ හරින
    අනේ කරුම යාළුවෝ - මටම හම්බ උන "

    ReplyDelete
    Replies
    1. " හප්පන්න එපා...ණය වෙලා ගත්තේ " ඕකම පොඩ්ඩක් වෙනස්ව තියනවා "හප්පන්න එපා අමාරුවෙන් ගත්තේ" කියලත්.

      Delete
  15. ‍ටුක් ‍ටුක් රුවන් වැකි එකතු කරල සින්දුවකුත් හදලා තිබුනා... මෙන්න ලින්ක් එක;

    www.youtube.com/watch?v=1RR3UVdpE7s

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ගමන් පෝස්ට් එකට ඇඩි කරන්න කියලා ඔන්න අපේ මහත්තයා කිව්වා.. හි හි

      Delete
  16. කෑවේ පැලේ... නෑවේ ඇලේ... දැන් මොකටද AC :)

    මම ආසම එක - සැමියා බිරිදගේ ටොමියාය ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. http://photos-h.ak.fbcdn.net/hphotos-ak-ash3/34503_404204078041_1564264_n.jpg

    මෙන්න මගේ ගානේ... :-D

    ReplyDelete
    Replies
    1. තැන්කියූ ඈ.. ඔන්න පුළුවන් නම් හොඳ කලෙක්ෂන් එකක් හදන්න මරු වැඩේ.. හි හි...

      Delete
  18. අනේ මට එකක්වත් මතක නෑ බං. මේක බ්‍රේන් වොෂ් කොරලා ගත්තේ අද තමයි. රටේම උන්ගේ දුක සැප බලන්න ගියාම මගේ වැඩ කොරගන්න වෙලාව මදිවෙනවා. සතියක් විතර ගෙහුන් සොෆ්ට්වෙයාර් ටික දමා ගත්තේ අද ඉවරෙටම.

    අනේ හතලිහේ.... බ්ලොග් කියවන්නත් බැරිවුනා කාලෙකින්.

    ReplyDelete
  19. අප්පට සිරි.. හෙන ගේමක් දීලා තියෙනවා වෑඩේට...

    ReplyDelete
  20. "අපේ චූන්-අපිට චූන්" කියලා ගහලා තියනවා අපේ කැන්ටිමේ ඩයල් එකේ ත්‍රි විලරේ!

    ReplyDelete
  21. "අනුග්‍රහය බිරිඳ"
    "මේ වෑයම රජ වෙන්නට නොවේ"
    "පුංචි අපිට ඔරවන්නේ ඇයි අපි කළුද"
    "එන්නං ආ"
    "පොද වැස්සට අපි ආසයි"
    "............"

    ඇති. :)

    ReplyDelete
    Replies
    1. ඔය හිස්තැනක් තිව්වේ ඊළඟ පෝස්ට් එකට මං කමෙන්ට් කරන්න ඉන්න ටික. :)

      Delete
  22. මේ රුවන් වැකි ප්‍රාෙයා්ගිකව ජිවිතයට ගත්ත නම් අද අපි කොතනද?

    ReplyDelete
  23. “පුංචි පුතා හිංදයි හවසට ගෙදරට එන්නේ“
    “වයසට ගියත් හවසට ගෙදර“
    “විදගෙන එන්නේ ඉඹගෙන යන්නද“
    ඔන්න මට මතක් උන එවුවා ටික...

    ReplyDelete
  24. ගොඩක් ත්‍රීවීල් බුවල ගෙ ත්‍රීවීල් එක පිටිපස්ස සුභාශිතය, ලෝවැඩ සගරාව වගෙ වුනාට, කටේ තියෙන්නෙම කුනුහරුප

    ReplyDelete
  25. //මෙයාලව දකින මිනිස්සු වැඩි දෙනෙක් අම්මලා තාත්තලා මතක් කරන හින්දද දන් නෑ//

    අම්මල තාත්තල මතක් වෙන්නැද්ද අප්පා...වාහනයක් ඩ්‍රයිව් කරල බලන්න ඕන...ත්‍රීවීල් වලින් තියෙන කරදරේ බලන්න.

    පිට පැත්ත බැලුවම බෝ පැලේ වගේ ඒත් පාරෙ යන්නෙ....??????

    ReplyDelete
  26. පුංචි වුනත් හරි ආසයි හයියෙන් යන්න,එහෙන් මෙහෙන් වැරදුනාට එපා බනින්න.

    ReplyDelete
  27. අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති - ගණන් හදන්නැති ඒකාලේ
    කැම්පස් යන්නට ළකුණක් මදි ඇති - ඒකයි තවමත් මහපාරේ

    ඔක්කොමත් හරි මොකද්ද හිරු මේ හැම එකකටම දාන"හි හි" ය.... :/'
    අපේ ආච්චි නැතිවුනානෙ....හි හි
    ඊයෙ තමයි යට කළේ හි හි..
    අනිද්දා බණ හි හි...

    ReplyDelete
  28. “මේ ඔක්කොම බලා ඉන්නෙ වරදිනතුරු අපිට“
    මේකට උත්තරයක්ද මා දිනක් දැක්කා
    “අපිට වෙන වැඩක් නෑනෙ....“

    ReplyDelete
  29. මේක තාම මඟ එනවා :P

    ඇයි කලින් මෙහෙම ඩ්‍රයිවින් දැකලා නැද්ද ..? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ට් එකේ.... :D

      Delete
    2. හි හි... ඒක මරු .....

      Delete
  30. මම දැකල තියෙනවා "බුදු මල්ලියේ ඈතින් වරෙන්" තව තියෙනවා. "වද්දන්න එපා රෝහලේ සිවිලිම අප්‍රසන්නයි"

    ReplyDelete
  31. marenna hina giya hiru..

    hiru saha comment kala siyalu denaata
    +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  32. ඇයි සුදු මූණයි හුරතලයයි හරි අවදානම්....)))))))

    ReplyDelete
  33. ආප්පේ දන්නේ නැහැ තාච්චියේ හිටපු හැටි

    ReplyDelete
  34. මෙවුවා ගැන වෙනම පොත ගහන්න තරම්, කියවල ඇති ලංකාවෙ ඉන්න මාසෙට..

    ReplyDelete
  35. ඒ කලේ තවත් ඒ වගේ සංස්කෘතියක් තිබුන විවිදාකාර පච්ච (tatoo) කොටන. මම දැකපු හොදම පච්චය තමයි පුංචි බොරැල්ලේදී දැකපු එකක. "සෙම නෑ සෙවල නෑ" නමුත් මිනිහ හිටියේ බීඩියක් බිබී. කාසේ අදින්නේ නිකන් 12 ශ්‍රී ත්‍රීවීල් එකක් බෙරගල කන්ද අදින්න වගේ.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. කෝ පුතේ යාලුවෝ??
    අද සල්ලි නෑ අම්ෙම්...

    ReplyDelete