කාලෙකින් මුකුත්ම ලියන්නේ නැතුව බ්ලොග් කියවන්නෙත් නැතුව හිටියා කම්මැලිකමට... ඒ මදිවට අපි දෙන්නම හෙම්බිරිස්සා උණ හැදිලා හිටියා නේ... ලෙඩේ ගෙනාවේ අපේ මහත්තයා.. දැන් මට තෑගි දීලා... මං දැන් දුකසේ ඉන්නවා කැහැ කැහැ, වැල්මිලික්ස් බිබී..... හි හි....
ඊයේ පෙරේදා යන්තම් උඩින් පල්ලෙන් බ්ලොග් දිහා බලාගෙන යද්දී අහුවෙච්ච දෙයක් හින්දා ඔන්නොහෙ අමාරුවෙන් හරි මේක ලියලා දානව කියලා හිතා ගත්තා... මොකද නැත්තම් මට මේක අමතක වෙනවා.... ( අද උදේ මතක තියාගෙන හිටියා තව දෙයක් ලියනවා කියලා.. දැන් මට ඒ මොකද්ද මතක නෑ... හි හි)
ඒ තමයි සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...? කියලා සංවේදී බ්ලොග් එකේ ලියවුන සටහන... ඒ සටහනේදි මට යම් දෙයක් මතක් උන නිසා මේ ලියන්න හදන්නේ ඒ ගැන.... මේක ටිකක් නයි ඇරීමක් වගේත් කියලා හිතුනොත් ඔන්නොහෙ ගනං ගන්න එපා... හි හි...
අපි දෙන්නා බැන්ඳ අලුත අපේ මාමලගේ ගෙදර බර්ත්ඩේ පාටියක් තිබ්බා... තාත්තගෙයි, පුතාගෙයි, ආච්චිගෙයි තුන් දෙනාගෙම උපන් දින එකට... කොහොමත් අපේ අම්මලගේ නෑයන්ගේ ගෙවල් වල පාටි කියන්නේ අපි කන්න හදාගෙන යන්න ඕනේ පාටි තමයි...හි හි... ඔය පාටි වලට මූලික හේතුව තමයි කට්ටිය එක තැනකට එකතු වෙලා පොඩ්ඩක් පිස්සු නටන එක... තාත්තලා කවුරුවත් බොන අය නැති නිසා, ඒ කිව්වේ අපේ තාත්තා ඇර... එයත් එහෙම තැනකදි නම් බොන්නේ නෑ..., ඒ වගේ පාටි හරි ජොලි.... අමතක උනා නේ.. අපේ අම්මගේ පැත්තෙන් දැනට ඉන්න තුන්වෙනි වැඩිමල් එකා මං... අනිත් අක්කයි අයියයි දෙන්නා ඉන්නේ අනුරාධපුරේ නිසා එයාලා මේ වගේ ඒවට සෙට් වෙනවා අඩුයි... ( එයාලා ගැන මං කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා...) ඉතිං දැනට ඉන්න වැඩිමල්ම එකා, සමාවෙන්න දෙන්නා... ( ඇයි අපේ මහත්තයා.. හි හි) මම තමයි...
ඔන්න ඉතිං එදා පාටිය ගැන කිව්වම මං දැනගත්තා නඩේ ඔක්කොම සෙට් වෙනවා කියලා... මගේ මාමලා නැන්දලා ඔක්කොගෙම ළමයි තාම පොඩියි... සමහරු මොන්ටිසෝරි වයසේ.. සමහරැ පහේ හයේ... කට්ටියක් ඕලෙවල්... ඔහොම බැලුවාම ඉන්නවා 14ක විතර පොඩි උන් නඩයක්.... ( අපි දෙන්නත් එක්ක... හා ඇයි...අපිත් පොඩි උන් තමයි... හරිද.. හි හි)
ඉතිං දැන් තෑගි ගනිල්ලකෝ... සාමාන්‍යයෙන් මම තෑගි තෝරන්නේ දෙන එකාගේ වයස අනුව.... දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවා.. පොඩ්ඩට අවුරුදු 1යි... මාමට... ම්ම්ම්.. මතක නෑ... 40- 45ක් විතර ඇති.. ආච්චිට...ම්ම්ම්.. කොහෙත්ම මතක නෑ.. ඒත් ඉතිං ආච්චිනේ... හි හි...
ඇත්තටම පොඩිම එකාට ගන්න තෑග්ගක් මට හිතාගන්න බැරි උනා.. අනිත් එක ඒ වයසේ ළමයින්ට කියලා දාලා තියෙන සෙල්ලම් බඩු පුදුම ගනං... එච්චර සල්ලියක් මගේ අතේ තිබ්බෙත් නෑ... කොහොමත් අනිත් අය එයාට තෑගි ගේන නිසා මම ගත්තා ලොකු ටෙඩියෙකුයි සූප්පු දෙකකුයි... තාත්තටයි ආච්චිටයි... හි හි..
එතකොට ඕලෙවල්, 8-9 හිටපු කට්ටියට ගත්තා පොඩි සොෆ්ට් ටෝයිස් ටිකක්... පොඩි සත්තු... 6-7 වසරේ කොල්ලෝ තුන් දෙනාට ගත්තා අර පොඩි මොඩ්ල් කාර් ජාතියක්... බෙන්ස්ද මොනාද මන්දා...තුන් දෙනාට ජාති තුනකින්... දොරවල් අරින්න එහෙම පුළුවන් ජාතියක්... මොකද උන් තුන් දෙනාම කාර් පිස්සෝ...
I copied this photo from Keen 4 Green community bloggers. There are some instructions about a really nice way to do something fun and useful with your kids destroyed and left over old toys, games and small things that you've been collecting over the years coz' u don't want to throw those away ... and a way to give your kids a really nice time.... and also a way to spend a quality time with them..
Here's the Link.... Recycling Old Toys, Games and Puzzles
අනිත් පොඩිම අයට ගන්න දෙයක් හොය හොය යනකොට මට අමුතු සෙල්ලම් බඩුවක් හම්බුනා... ඒක ඇවිල්ලා පොඩි puzzle එකක්.. ( දන්නැති අයට... ප්‍රෙහේලිකාවක් ඈ....හි හි..)හයිය කාඩ්බෝඩ් වලින් හදලා තිබ්බේ... අර කෑලි සෙට් කරන ජාති දන්නවානේ... අන්න ඒකක්... මේක ලංකාවෙම හදපු එකක්... එකක් රැපියල් 30.00යි.. එක එක විදියේ රෑප, ගනං හදන්න, විද්‍යාත්මක දේවල් අරවා මේවා තමා තිබ්බේ... අපි දෙන්නා ජොලියට වගේ මේකෙන් එක එක ජාති වලින් 10ක් ගත්තා... තව ඉතිං උන් ටිකට චොක්ලට් ටිකකුත් ගත්තා.. පවුනේ.. හි හි...
ඔය ටික ඔක්කොම අරගෙන අපි දෙන්නා එහෙ යනකොට කටිටිය පාටිය පටන් අරන්... කේක් හැමදාම වගේ අපේ අම්මගෙන්... එතකොට ඩෙසර්ට් වටලප්පමත් අම්මගෙන්.. පුංචි හදං ඇවිත් තිබ්බා කජු එකක් මාර රහයි... ( අපේ පුංචිට ඉස්සර උයන්න බෑලු... අනේ මන්දා.. මට නම් එයාගේ කෑම රහයි.. හි හි)
මං තෑගි අරං ගිය හැටි දැකලා කට්ටියට පණ යනකම් හිනා.. කොහොමත් මම ඉස්සරත් ඔය වගේ වැඩ කරනවා... තෑගි දෙන්නේ මොනා හරි විකාරයක් කරලා... අර ලොකු වේවැල් බාස්කට් තියෙනවානේ.. මං තෑගි ටික ඔක්කොම ඕකකට දාලා, ඒක ලොකු රැපින් පේපර් දෙකකින්ම ඔතලා උස්සගෙන ගියේ.. ( හොඳ වෙලාවලට ඒ දවස්වල මාමණ්ඩිගේ කාරෙක තිබ්බා... හි හි)
ඉතිං පොඩි උන් ටිකට මාර ජොලි.. හැමෝටම තෑගි තියෙනවානේ.. මේක මං වෙච්ච පොරොන්දුවක් ඉෂ්ඨ කරන්නත් එක්ක තමයි මම කළේ... මං උන් ටිකට කිව්වා මගේ වෙඩින් එක දවසේ වීඩියෝ කරන්නේ නෑ.. ඔයාලා තමයි ඔක්කොම විඩියෝ කරන්න ඕනේ කියලා... හොඳට කරලා තිබ්බොත් තෑග්ගක් දෙනවා කියලා... අනේ මුන් ටික කරපු වීඩියෝවක් නෑ.... ඔක්කොටම එදා නැටිල්ල විතරයි සිහියේ තිබ්බේ.... ෆොටෝ එකට ඉන්නත් හොයන්න යන්න උනා...හි හි... ( ඕවට කියන්නේ මානසික අල්ලස් කියලා... පොඩි උන්ට ලොකු වැඩක් බාර දුන්නම හරි වැදගත් ගතියක් දැනිලා දැගලිල්ල ටිකක් අඩු වෙනවා... ඕක දන්න නිසා තමයි මම එහෙම කළේ... හි හි)
එදා ඒ පොඩි ගානක් වියදම් කරලා කරපු වැඩේ නිසා කට්ටිය පුදුම සතුටක් ලැබුවා... මට සෙල්ලම් බඩු ඔක්කොටම ගියේ 3500ක් විතර...බාස්කට් එක විතරක් ටිකක් ගනං.. ඒක ගත්තේ නැන්දට...
ඒත් එදා වෙච්ච වටිනාම දේ සිද්ධ උනේ අර රැ. 30.00 ප්‍රෙහේලිකා ටික නිසයි... කෑම කාලා ඉවර වෙලා ඩෙසර්ට් අරන් අපි කට්ටියම එක තැනක වාඩි උනාම පොඩි උන් කට්ටියම බිම වාඩි වෙලා ඔය ටික ඔක්කොම කලවම් කරගත්තා.. ඊට පස්සේ හදන්න පටන් ගත්තා.. ඕකට අම්මලා තාත්තලත් සෙට් උනා... අන්තිමට පාන්දර 1 වෙනකම්ම කට්ටියම ළමයි එක්ක සෙල්ලම් කළා මිසක් වෙනදා වගේ තාත්තලා කට්ටිය පැත්තකට වෙලා ලොකු කතා කරන්නයි, අම්මලා කුස්සියට සෙට් වෙන්නයි, ළමයි ටික ටීවි එකේ ෆිල්ම් එකක් දාගන්නයි යන්නේ නැතුව, කට්ටියම පොඩි කාලේ කතා කිය කිය, ( වැඩිපුරම ඒවා කිව්වේ අපේ මහත්තයට.. එයානේ පවුලේ අලුත් සාමාජිකයා....), මාව වර්ණනා කර කර (ඒ කිව්වේ මං පොඩි කාෙල් ඉඳලා කරපු ඔක්කොම මෝඩ වැඩ, බූරැ වැඩ, හොර වැඩ, මී හරක් වැඩ ටික එහෙම) ළමයි එක්කම හිටියා...
එදයින් පස්සේ අද වෙනකොටත් අපේ කට්ටියගේ මේ සෙල්ලම් බඩු සම්ප්‍රදාය තියෙනවා... මාමලයි, නැන්දලයි කියන්නේ එදා තමයිලු හරියටම තේරුම් ගත්තේ සෙල්ලම් බඩුවක් තෑගි දෙන්න ලොකු පොඩි බේදයක් නෑ කියලා... කොච්චර ලොකු කෙනෙක්ට උනත් හොඳ තෑග්ගක් එක්ක, පොඩි ගානක සෙල්ලම් බඩුවක් දෙන එක අපේ මාමලා කීපදෙනෙක්ම තාමත් කරනවා.. ඒ හැම වෙලාවකම කියනවා මේක පටන් ගත්තේ මෙන්න මේකි තමයි කියලා... හි හි....
ඇත්තටම සෙල්ලම් බඩු කියන්නෙ කවදාවත්, කාටවත් එපා වෙන දේවල් නෙවෙයි.. ඒත් වයසින් ලොකු වෙනකොට අපි සෙල්ලම් බඩු වලින් ඈත් වෙනවා... ඒ හිතින් අපි දැන් ලොකුයි කියලා හිතාගන්න නිසා... එදා මගේ නංගිලා මල්ලිලා ටික ඒ පොඩි සෙල්ලම් බඩු වලින් එච්චර සතුටු උනේ ඒ වෙනකොට එයාලට උපන් දිනවලට එහෙම වැඩි පුර තෑගි ලැබුනේ පොත් පත්, අධ්‍යාපනයට ඕනේ කරන දේවල් නිසා... සෙල්ලම් බඩු තිබුනත් ගොඩක් ඒවා ටිකක් මිල වැඩි ඒවා නිසත්, ඉස්කෝලේ යන අස්සේ සෙල්ලමට වෙලාවක් නැති තරම් නිසත්, එයාලා සෙල්ලමින් ඈත් වෙලා හිටියේ... නමුත් මේ වගේ සිම්පල් සෙල්ලම් හිතට හරි නිදහසක් ගේනවා.. අම්මලා තාත්තලා එක්ක ළමයි ගොඩක් ළං වෙනවා.. සහෝදර සහෝදරියෝ එකිනෙකා එක්ක ළං වෙනවා...
මං පොඩි කාලේ ගොඩක් සෙල්ලම් බඩු තිබ්බේ නෑ.. අම්මලට සල්ලි තිබ්බෙත් නෑ මට සෙල්ලම් බඩු අරන් දෙන්න.. හැබැයි අපේ ආච්චි රට ඉඳලා එනෙකාට ගේනවා මට අවුරුද්දටම ඇති වෙන්න වටිනා කියන සෙල්ලම් බඩුවක්.... ඒ තමයි සුදු පාට, පාට පාට රට හුණු පෙට්ටි කීපයක්.... අම්මයි මායි හැමදාම දවල්ට ගෙයි බිම දිගේම චිත්‍ර අඳිනවා... ඊට පස්සේ ගේ රෙදි කෑල්ලක් තෙමලා පිහ දානවා... ඒක මම 5 වසරට යනකම්ම කරපු දෙයක්... සෙල්ලම් බඩු වලට වඩා මට ඒ රට හුණු කූර ලොකු වටිනාකමක් තිබ්බා... මොකද අම්මයි මායි දෙන්නම ඒ වෙලාවට එකම වයසේ මිතුරියෝ දෙන්නෙක් වගේ පිස්සු නැටුවේ, ඒ රට හුණු කූර හින්දා නිසා... ඒ කාලයේ මතක මට ගොඩක් වටින නිසා...
ප / ලි :
සෙල්ලම් බඩු වල වටිනාකම දරුවන්ට තියෙන්නේ අම්මයි තාත්තයි ඒකට කොච්චර වියදම් කළාද කියන එකේ නෙවෙයි.... ඒ සෙල්ලම් බඩුවෙ මිල ගැන එයාට හැඟීමක් නෑ.... එයාට ඒක වැදගත් වෙන්නේ ඒ සෙල්ලම් බඩුවේ එයාට තේරුම් ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කියන එකයි... වැඩිහිටියෝ ලස්සන දකින විදියට නෙවෙයි දරුවො ලස්සන දකින්නේ.... ඒකයි සෙල්ලම් බඩුවක් අරන් දෙනකොට මිලෙන් වටිනාකම ඉහළම එකක් තෝරනවා වෙනුවට, ළමයාගේ වයසට ගැලපෙන සෙල්ලම් බඩුවක් තේරීම ගොඩක් සුදුසුයි කියලා මම හිතන්නේ...
අපේ අම්මා කියනවා මේ වගේ ප්‍රෙහේලිකා, චෙස්, දාම්, කැරම්, ස්ක්‍රැබල් විතරක් නෙවෙයි ඉස්සර ගෙවල් වල සහෝදර සහෝදරියෝ ගොඩක් හිටිය නිසා කට්ටිය ඕමිත් ගැහුවලු.. ඒ කිව්වේ කාඩ් සෙල්ලම් කළාලු... ඒත් දැන් හැම පවුලකම වැඩිම උනොත් ඉන්නේ ළමයි දෙන්නයි, තුන් දෙනයි... ඒක නිසා අම්මලා තත්තලත් ළමයි එක්ක එකතු වෙලා කරන මේ වගේ සෙල්ලම් වලින් පවුල එක තැනකට එකතු වෙනවා වගේම, අම්මලා තාත්තලට ළමයි ගැන දැනගන්න වෙලාවකුත් ලාබෙනවා... එහෙම පවුලක අම්මලා තාත්තලට දරුවෙක්ගේ පුංචි වෙනසක් උනත් ඉක්මණට තේරුම් ගන්න පුළුවන්....
මේ වගේ කාලෙක ළමයි ගැන අවධානයෙන් ඉන්න එක වැඩියෙන්ම අවශ්‍ය නිසා, සමහර විට මම මේ අද ලියපු දේ කෙනෙක්ගේ ඉරණම වෙනස් කරන්න පුලූවන් කියලා මං හිතෙනවා... දිග හෑල්ලක් නිසා ගොඩක් අය කියවන එකක් නෑ කියලා හිතුනත්, මං මේක මේ විදියටම පෝස්ට් කරනවා...
අපේ ඔය වගේ දේවල් තියෙන්නෙ හිරුවෝ( නම හරිනේ...) අලුත් අවුරුද්දට තමා... නමුත් කට්ටිය සෙට් වෙන්නෙ නෑ... මොකද කාටත් එක වගේ කාර්යබහුලත්වත් එක්ක..
ReplyDeleteකාර්යබහුලත්වය කියන්නේ අපි හදාගත්ත ගැලවීමට හේතුවක් විතරයිනේ... නෑයෝ නැතත් ගෙදර කට්ටියවත් මෙහෙම එකතු වෙන්නේ නැති ගෙවලුත් තියෙනවානේ දැං.. මං මේ ඒවා ගැනත් කල්පනා කරලා ලිව්වේ....
Deleteමගේ පොඩ්ඩටත් සෙල්ලම්බඩු ඕන තරම් තියනව. ඒත් ඒක කැමති අපේ ෆෝන්, පොඩි කාඩ්බෝඩ් පෙට්ටි, ටීඩී රිමෝට් වගේඒවට.
ReplyDeleteඒ ගැන නම් කියල වැඩක් නෑ... මගේ නෑනගේ පොඩ්ඩිගේ බර්ත්ඩේ එක දවසේ සෙල්ලම් බඩු පුරෝලා ගේ පුරාම... මේකා ෆෑන් එකක් ගෙනාපු හිස් පෙට්ටියකට බැහැලා කෑගහනවා අපිට, ඒක ඇඳගෙන යන්න කියලා... කොන්ද කැඩෙන වැඩ.... හි හි.....
Deleteහිනාවෙන්න එපා. මමතාම පොඩි උන් ඉන්න ගෙදරකට ගියාම ඔය පසල් වගේ ඒවා එකතුකරගෙන පොඩි උන් එක්ක හදනවා පොඩි උන් උනත් මාත් එක්ක මාර එකතුයි මොකද උන්ගෙ කැඩිච්ච සෙල්ලම් බඩු මට කියලා හදව ගන්නත් පුලුවන්නෙ
ReplyDeleteහිනාවෙන්න දෙයක් නෑ... මාත් එහෙම තමා... හැබැයි සෙල්ලම් බඩු හදන්න නම් මට බෑ...හි හි... මාත් එක්කත් පොඩි උන් හරි එකතුයි.. ඉස්සර උන් ටික එකතු වෙලා මගේ කොණ්ඩේ විනාස කරනවා... මාත් ඉතිං ඔහේ ඕනෙ එකක් කරගනිල්ලා කියලා ඉන්නවා.. උන් ගාව තියෙන රබර් පටියි, එක එක ජාති වල කටුයි, හෙයාර් බෑන්ඩ් එහෙම දදා.. හි හි.... දැන් උන් සෙට් එක ලොකුයි... අප්පා.. දැන් හරි ගෑස්...
Delete( ඇවුරුදු 10 විතර වෙනකොට ළමයි පොඩ්ඩක් හැංගෙන්න බලනවා... උන් ටික දැන් ඒ වයසේ.. හි හි)
ඉස්සරනං අපිත් අවුරුදු කාලෙට ඔයවගේ කට්ටියම එකතුවෙලා පංච දාන ඒව එහෙම කළා. දැංනං ඉතිං වැඩත් එක්ක ඒව කරන්න වෙලාවක් නැතිවෙලා ගිහිල්ල.
ReplyDeleteඔය කාඩ්බෝඩ් ජිග්සෝ එකක්නං මා ගාවත් තියෙනව.
ඒකනේ ප්‍රසා අයියේ.. පවුල් අතර, සහෝදර සහෝදරියෝ අතර එකමුතුකමට මේ වගේ දේවල් හරි වැදගත්.. ඒත් අපි මුලින්ම නැති කරගන්නෙත් මේ වගේ වැදගත් දේවල් තමයි..
Deleteමම නම් පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආස අර පොඩි ප්ලාස්ටික් හමුදා සෙට් එකට. මට සෙට් පහක් විතර තිබුනා. මම ආසාවෙන් ඉන්නේ ඒ වගේ සෙට් එකක් ආයේ ගන්න. ගෙදර කාමරේ හැදුවාම අනිවා එකක් ගන්නවා
ReplyDeleteඔයා ඒක කිව්වම මට මතක් උනේ අර The Sixth Sense කියන ෆිල්ම් එක.. ඒකේ පොඩි එකා යන යන තැන ඔය වගේ හමුදා සෙට් එකක් බෑග් එකේ ඔබාගෙන යනවා... හි හි...
Deleteහැබැයි මම නම් පෞද්ගලිකව පොඩි ළමයින්ට හමුදාවට සම්බන්ධ, විශේෂයෙන්ම තුවක්කු පිස්තෝල එහෙම, තෑගි දෙනවට කැමති නෑ....
ඉස්සර අපිත් ඔය වගේ . කට්ටිය එකතු උනාම මොනා හරි සෙල්ලමක් පටන් ගන්නවා . 4 දෙනෙක් එකතු වෙනකම් ඉන්නේ කාඩ් ගහන්න . ඉස්සර අපිට ලස්සන ලමා කාලයක් තිබුනා . දැන් ඉන්න ලමයි ගැනනම් දුකයි .
ReplyDeleteහප්පේ පෙනෙද මුන් ලස්සන ළමාකාලේ කරලා තියෙන්නේ නරක වැඩ
Deleteඅපි කාඩ් සෙල්ලම් කරන්නෙ බොහෝ වෙලාවට මගේම සහෝදරියත් , සහෝදරයත් , මව හෝ පියා එක්ක . ඒ දෙන්නාට විවේකයක් එනකම් ඉන්නවා දෙන්නගෙන් එක්කෙනෙක් මේ වැඩේට අල්ල ගන්න . බොහෝ වෙලාවට පියා තමයි අපිට එකතු වෙන්නෙ . ගුරුපියෙක් උන මගේ පියා , කවදාවත් කියල නෑ කාඩ් සෙල්ලම් කරන එක නරක ක්‍රියාවක් කියලා ..
Deleteඇත්තටම ඒක වැරදි වැඩක්ද හිරු ?
කොහෙද.. එක්කෙනෙක්වත් තාම මට කියලා දීලා නෑ නේ ඔය කාඩ් සෙල්ලම් ටික.. මං දන්නෙ ඉතිං කම්පීතර් උන්නැහැ කියලා දුන්නු ටික විතරයි...
Delete///…ඇත්තටම ඒක වැරදි වැඩක්ද හිරු ?///
දන්නෑ බං... ඕක වැරැද්ද තියෙන්නේ බූරැවා ගැහිල්ලෙනේ.. ඒ කියන්නේ ඔට්ටු තියන එක... සූදුව... Gambling... ඒත් කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් කොච්චර වෙනත් සෙල්ලම් තියෙනවද....
ඕන් අර කාඩ් පැක් එක මගෙ ළඟ තියනවා ඒක ඕනෙදො ? හික් හික්
Deleteඅඩේ! මමත්නම් තාමත් සෙල්ලං බඩු එකතු කරනවා! පොඩි කාලේ පාවිච්චි කරපු ඒවාත් තාම පරිස්සම් කරලා තියනවා! ඒවා මරු ඈ! දැන් නෑනේ ඒ වගේ අයිටම්.....
ReplyDeleteහික්.. මේ ළඟදි අපේ මහත්තයලගේ පරණ ගේ අස් කළානේ.. මෙන්න මතු වෙනවා හට්ටි මුට්ටි අස්සේ තිබිලා මෙයාලගේ පරණ සෙල්ලම් බඩු කෑලි... ඔක්කොගෙම කෑලි විතරයි.. ඒ අස්සේ ඉතිං දැන් කට්ටිය ඕවා ගන විස්තර විචාරයෙත් යෙදනවනේ... දන් නැද්ද ඉතිං.. හි හි...
Deleteඔන්න එක කෑල්ලක් අහු උනා... බට්න් එක ප්‍රෙස් කළාම කන් හිරි වැටෙන සද්දයක් එනවා...
තාත්තයි පුතයි....
“ මේ අර කාර් එකේ රිමෝට් එක නේද...”
“ ඒක තමයි... කෝ කාර් එක...”
“ ඒකේ කෑලිත් නෑ.. රිමෝට් එක විතරයි තියෙන්නේ...”
ඒ අස්සේ මං....
” මේක රිමෝට් එකක් යැ.... ටක් ටික් ටුක් ගානවා විතරනේ...”
අපේ මහත්තයා....
“ ඒ කාර් එක සෙන්සර් කරන්නේ ඔය සද්දේ තමයි... ඕකේ තියෙන............ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්...”
... මට අන්තිම ටික තේරුනේ නෑ.... හි හි......
සෙල්ලම් බඩු නම් දැන් නැ.ඒත් සිහිවටන නම් ගොඩාක් තියෙනවා.අතීතයට ආයෙමත් ගියා.
ReplyDeleteබ්ලොග් එකට අමුතු එළියක් ඇවිල්ලා.
Deleteපොඩ්ඩක් වෙනස් කළා.. හරි යන් නෑ වගේ ගයනි.. ලබන මාසේ බයිට් ටික හම්බුන ගමන් වෙනස් කරනවා... හි හි
Deleteහරිම ශෝක් හිරු.... මගේ පුංචි කාලෙ මතක් උනා මට.
ReplyDeleteඅපි හිතුවට කෙනෙක්ට ලොකු තෑග්ගක් දෙන්න, ඊට වඩා මිලෙන් අඩු තෑග්ගක් එයාට ගොඩාක් වටින්න පුලුවන්.
ඇත්තටම තෑග්ගක වටිනාකම තියෙන්නෙ මිලේ නෙවෙයි
ඒක නම් හොඳටම තේරුනා
ලොකු අය දෙන තෑගි ගැන අපි කට්ටියක්ම කලින් ලිව්වනේ... හි හි.... ගිහින් බලන්නකෝ කමෙන්ට් ටිකත් එක්කම කියෙව්වොත් තේරුම් ගත්තෑකි ඕක හොඳටම.. හි හි...
Deleteමේ අද ලිව්වේ පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු ගැන... මේවාත් ඒ වගේම තමයි... වටිනාකම තියෙන්නේ මිලේ නෙවෙයි.. ළමයට ඒ සෙල්ලම් බඩුව මොන තරම් තේරුම් ගන්න පුළුවන්ද කියන එකේ...
//ඒක ඇවිල්ලා පොඩි puzzle එකක්..//ඔය ප්‍රහේලිකාවලට කියන්නෙ, Jigsaw puzzle කියල නේද???
ReplyDeleteහ්ම්ම්ම්.... සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න වයස් බේදයක් නෑ. මමත් මාමලගෙ ගෙදර ගියාම පොඩි උන් එක්ක නටනවා. වටේ පිටේ ඉන්න උන් බලනව ඇති "ළමා මහල්ලෙක්" කියලා :D
ඒක Jigsaw තමයි.. මට මතක් උනේ නෑ නම....
Deleteඔය වටේ පිටේ උන් ඉන්නවා නේද... මට පේන්න බැරි ජාතියක්... ඇත්තමයි.... ( “ වටේ පිටේ කතන්දර හදන උන්ට බම්බු ගහන්න කියන්න... ” ඉස්සර මං දවසට දෙතුන් පාරක්වත් මතුරන මන්තරයක්.. හි හි)
ඇඳුම වෙනස් කරලනෙ. මොකද ඒ?
ReplyDeleteමමත් මේ මාතෘකාව ගැන ලියලා තියෙනවාහිරු. පබ්ලිෂ් කරලා නෑ.
කිව්වාම විශ්වස කරයිද දන්නෙ නෑ මම තාමත් සෙල්ලම් බඩු වලට ආසයි. විශිෂයෙන්ම ඔය පරිමාවට හදලා තියෙන ඩයි කාස්ට් කාර් ඇතුලු වාහන, අර රිමෝට් එකෙන් යවන්න පුලුවන් හෙලිකොප්ටර් තව...
සිරාවටම ඩූඩ් මං අපේ කෙල්ලගේ උපන්දිනේට රිමෝට් හෙළිකොප්ටරය්ක් අරන් දුන්නා. ඒ උන්නට විනෝද වෙන්න නෙමේ මට විනෝද වෙන්න.
Deleteඩූඩ් අයියලගේ ගෙදර නම් මේ තත්වෙ ඇති කියලා මට හිතෙනවා... හි හි... කොහොමත් අපේ රටේ හිර වෙලා ඉන්න අයට වැඩිය පිටරටවල් වල ළමයින්ව ආශ්‍රය කරන අය විදියට, ඩූඩ් අයියලට අපේ අය වරද්දගන්න තැන් ගොඩක් ලේසියෙන් අහුවෙනවා... ඕක මම අල්ලගත්තේ අපේ බාප්පගෙන්... අපේ පුංචිගේ ඉවිල්ල ගැන සහ ළමයි හැදිල්ල ගැන අපේ අම්මලට එච්චර විශ්වාසයක් තිබ්බේ නෑ... මොකද පුංචි මහ අමුතු චරිතයක්... ළමයිනුත් ඒ වගේ...
Deleteඒත් බාප්පා මාලදිවයිනේ අවුරුදු 2ක් උගන්නලා ආවට පස්සේ ඇත්තටම ළමයි දෙන්නගේ ලොකු වෙනසක් අපිට පෙනුනා.. ඇත්තටම ඒ ළමයි දැන් ඉස්සරට වඩා අපිත් එක්කත් එකතුයි... බාප්පා එක්ක කතා කළාම කියන්නේ එයාට ගොඩක් ළමයිත්ගේ වෙනස්කම් ගැන තේරුනාලු පිටරට හිටිය කාලෙදි...
අපේ මහත්තයත් උස්සන් ඇවිත් තියෙන්නෙ ඔය හෙලියක් නලින් අයියේ.. හැබැයි ඒකට බැටරි දාන්න ඕනේ... ඒක නිසා සාර්ථක ලෙස අල්මාරියට දාන්න පුළුවන් උනා.. හි හි....
ඔය ප්‍රශ්නෙ පිරිමින්ට පොදු එකක්, අපේ සැමි අයියත් හෙලිකොප්ටර් හොයනවා රිමෝට් එකෙන් වැඩ කරන, මටනම් ලැජ්ජාවෙ බෑ කඩවල් වලට ගිහින් මෙයා ඔය දේවල් වල ගනන් අහනකොට, මම ඔරවද්දි කියනවා නෑ මම අර බබාට බැලුවෙ කියලා
Deleteඔයා ඔහොම කීවට මං අපේ හාමිනේට උපං දිනේට සෙල්ල්ං බඩුවක් දුන්නොත් යන්න ගෙයක් හොයාගන්නයි වෙන්නේ..
ReplyDeleteඒ උනාට මං නං අෙප් මහත්තයට කිසි හේතුවක් නැතුවත් සෙල්ලම් බඩු අරන් දෙනවා.. රිමෝට් කන්ට්‍රෝල් කාර්, තල්ලු කරලා යවන කාර්, ඇන්ටික් මොඩ්ල් කාර් එහෙම... හි හි..
Deleteඅපි නම් පොඩි කාළේ කරපු සෙල්ලම්ම තමයි දැණුත් කරන්නේ..
ReplyDeleteඒ කියන්නෙ බඩු නැතුව ද?
Deleteහැක හැක
Deleteපවුලක්ම (පිරිමිත් එක්කාස්ය් වෙලා රෑ එක වෙනකන් සෙල්ලං කරා කිව්වම. මට නම් හිනා ගියා.) බඩු ඕන තරම් තිබුනා.. හික්ස්.... මම කියන්නෙ හැම ජාතියම...
Deleteඒම කියන්න එපෑය ලොක්ක.තේරෙන සිංගලෙන්.
Deleteඅල්ලන සෙල්ලම්.. හි හි...
Delete(චික් මේ වයසක උන්දැලා ටික.....)
මන් නම් අදටත් මන් කැමති සෙල්ලම් බඩුවක් දැක්කොත් සල්ලි දීලා ගන්නවා..ඊට පස්සෙ ඒක වෙන කවුරු හරි පොඩ්ඩෙකුට දෙනවා..අපි පොඩි කාලෙ ගන්න හීන මවපු සෙල්ලම් බඩු දැන් ගන්න පුළුවන්..ඒත් ඒ නොමියගිය හීන එහෙම්මමයි..
ReplyDeleteමම සෙල්ලම් බඩු වලට හීන මවලා නෑ කවදාවත් වෙනි අන්කල්... මොකද ඒ තරමට මට වත්ත පිටියේ කොළ කෑලි, කෝටු කෑලි වලින් කරන්න සෙල්ලම් තිබ්බා... ඒත් දැන් සෙල්ලම් බඩු වැහි වැහැලා.. ඒත් ළමයින්ට අවශ්‍ය දේවල් වලට වඩා තියෙන්නෙ අනවශ්‍ය දේවල්....
Deleteතාම පොඩි එකානේ ඉතින් ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පුහ්.... හොඳ පොඩි එකා මේකා.... හි හි
Deleteදැන් පොඩි එව්වන්ගෙන්[ගෙදර අය නොවේ]පුතා/දුව බර්ත්ඩේ එකට මොනවාද ඕන කියල ඇහැව්වම කියන්නෙම ඉලෙක්ට්‍රොනික් අයිටම් ගැනනේ.
ReplyDeleteමම කවදාවත් ළමයෙක්ට තෑග්ගක් දෙන්න ගියාම අහන්නේ නෑ මොනාද ඕනේ කියලා... දැන් ළමයි හිතාගෙන ඉන්නේ සෙල්ලම් බඩු කියන්නේ පොත් පත්, කැල්ක්‍යුලේටර්, කම්පියුටර්, ෆොන් විතරයි කියලා... මමම තෝරලා මොකක් හරි ගෙනිහින් දුන්නම බදාගෙන හිනාවෙනවා... උන් එහෙම ඒවා තියෙනව කියලවත් දන්නේ නෑ....
Deleteඔය ප්‍රහේලිකා වලට කියන්නේ Jigsaw puzzle කියලා නේද? මමත් හරිම කැමතියි ඒවට.
ReplyDeleteසෙල්ලම් බඩු වලට නම් අකමැති කෙනෙක් නැතුව ඇති. මමත් එකතු කරනවා සෙල්ලම් බඩු. ටී සෙට් එහෙම. ඇයි තව බෝනික්කෝ? සොෆ්ට් ටෝයිස්?
Jigsaw puzzle තමයි ... හි හි.. එකතු කරනවා විතරද.. සෙල්ලම් කරන්‌ෙන් නෑ.....?????? හි හි
DeleteMage langath thiyanawa parana sellam badu tikak. E dawas wala apith ohoma thamaa.
ReplyDeleteහි හි... ඒ දවස්වල විතරක් මොකෝ....
Deleteමේ පොස්ට් එකම අකුරක් නෑර කියෙව්වා..මේ ගැන කියන්න දේ බොහෝයි.ඒත් ඒ ටික මං මෙතන කියන්නේ නැ.
ReplyDelete//සමහර විට මම මේ අද ලියපු දේ කෙනෙක්ගේ ඉරණම වෙනස් කරන්න පුලූවන්//
මේ ටික තදින්ම හිතට වැදුනා.
ඇත්තම කියන්න මං තාමත් ජිමික් සෙල්ලම් බඩුවලට ආසයි.මගේ වෙලාවට කෙල්ලො දෙන්නත් ඒවට ආසයි. උන්ට අරන් දීල මං තමා සෙල්ලං කරන්නේ.
හි හි...... කොහොමත් ඔය රිමෝට් හෙලිය එහෙම හරියට යවන්න ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ නේද..
Deleteඅපිත් ඉස්සර ඕමි ගහනවා දැනටත් කව්රු හරි ගෙදරට ආවම අම්මත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.මට නම් අවුරුදු දහයෙන් පස්සේ සෙල්ලම් බඩුවක් නෙවේ කාගෙන්වත් තෑග්ගක් වත් හම්බ වෙලා නැහැ!
ReplyDeleteමේ ඉන්නේ අර මං කිව්ව ජාතියේ අසරණ ළමයෙක්.....
Deleteඉඳල හිටලා ඒ වගේ දේවල් කළා වගේ මතකයි එත් වැඩිය කලේ ගෙදරින් පිට ඉඳන් කරන සෙල්ලම්.
ReplyDeleteපටන් ගන්නකොට හැම තැනම හි හි අන්තිමට හි හි ඇත්තෙම නෑ
ReplyDeleteඒ අද හෙම්බිරිස්ස නිසා ලියන්න පටන් ගත්තෙ නාහෙ හුරල.පස්සෙ පස්සෙ බයයි නාහෙන් හොටු පනියි කියල.
Deleteඅපට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නම ඉස්සර සීය කියනව
Deleteහා හා තියපල්ල ඕක අල්මාරියෙන් පරිස්සමට, කඩන්නෙ නැතුව කියල
මගේ හිනාවට මේ අන්කල්ලා ටික මෙච්චර ඊරිසියා මොකෝ... හි හි....
Deleteඅපේ ආතා ඒකට... ( මගේ සීයලා මං ඉපදෙනකොට හිටියේ නෑ.. මට හිටියේ ආච්චිගේ තාත්තා තමයි) .. මට හදලා දුන් නැති සෙල්ලම් බඩු ජාතියක් නෑ.... හි හි....
සෙල්ලම් වාහන වලට ඉස්සර පුදුම පිස්සුවක් තිබ්බේ .
ReplyDeleteඒවා වචනෙන් විස්තර කරන්න බැහැ.වෙසක් වලට එහෙම එළි
බැස්සම පිස්සු වගේ.පුංචි බබාලට ආස කරන සෙල්ලම් බඩු වලින්
50% වත් දෙන්න ඕනේ කියන තැන මම ඉන්නේ..ඒ තරම්
පුංචි කාලෙට ඒවා වටිනවා..ඒ එක්ක ගෙවෙන ලස්සන මතක හරි වටිනවා..
ඒක ඇත්ත සහන්....
Deleteඅර රටහුණු කතාව නම් මටත් අදාලයි. තත්ත හුණු කූරු පේට්ටියක් නම් අනිවා ගෙනත් තියනව. ඒවගෙන් බිම අදින්න අම්මත් එනවනෙ.
ReplyDeleteබොලාල හිනාවෙන්ට එපා ඔන්න මගෙ ලග බෝනික්කො තුන් දෙනෙක් ඉන්නව. එව්වගෙන් සෙල්ලම් කොරල නැතත් අම්මට කරදර කරල ගවුම් ගොතවගෙන නම් තියනව.
බෝනික්කෝ නම් මට ඉස්සරත් පේන්න බෑ දැනුත් පේන්න බෑ.. හි හි.... ඒත් ලයිට් පත්තුවෙන යෝයෝ එකක් නම් තිබ්බා මං ගාව... තව බිම දිගේ ඇදගෙන යන්න පුළුවන් ලේඩිබග් කෙනෙක් වගේ ටෙලිෆොන් එකකුත්..
Deleteමම ලංකාවට එද්දී මටත් සෙල්ලම් බඩු දෙක තුනක් අරන් තියන්න හොඳේ
ReplyDeleteඑනකොට කියන්න.. හි හි..
Deleteඇඳුම වෙනස්.....හ්ම්ම්ම්ම්!
ReplyDeleteමම ගමේ ගියාම ගේ වටේටම ඉන්න පොඩි එවුන් එක්ක සෙල්ලම් කරනවා.කැරම් ගහනවා..ඒ වෙලාවට මමත් පොඩි එකෙක් වගේ තමා...
හිරුට වගේම මටත් පොඩි කාලෙදි සෙල්ලම් බඩු තිබ්බේ නෑ.මමම කාඩ් බෝඩ් වලින් හදා බෝනික්කෝ තමා මට තිබුනේ..සමහර දෙමාපියන් ළමයින්ට සෙල්ලම් බඩු අරන් දීලා ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ කඩනවා කියලා.
//සමහර දෙමාපියන් ළමයින්ට සෙල්ලම් බඩු අරන් දීලා ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ කඩනවා කියලා.//
Deleteඔය ගැන තමයි මං අර ලින්ක් එක දාලා තියෙන එකේ ලියලා තියෙන්නේ ළිහිණි...
මල්ටි කලර් පෝස්ට් එකක් නෙව. අදහසුත් ඒ වගේම තමයි. ලස්සනයි.
ReplyDeleteඅපේ තාත්තගේ පවුලේ ඔක්කොම 10ක්. ඔතනින් ලොකු නැන්දා ඇරෙන්න (එයා තනිකදයි. අනික පොඩි කාලේ ඉඳන්ම ගෙදරින් පිට (කොළඹ) පුංචි කෙනෙක් ගාව හිටියේ. එයාලා කැමති නෑලු නැන්දා මහ ගෙදර එනවට) අනික් සේරම අවුරුද්දට එකතු වෙනවා. එහෙම බැරි උණත් නත්තලට එනවා. නත්තල කිට්ටු කරලා අච්චිවයි සීයවයි මතක් කරලා (මේ වෙනකොට තාත්තයි ලොකු නැන්දවත්) දානයක් දෙනවා. ඒකට අනිවා කට්ටිය එකතු වෙනවා. අපේ සහෝදර සමාගමත් එහෙම්මම තමයි.
ඔයා තෑගී ගෙනියනකොට මතක් උණේ අපේ මහා ගෙදර. අපේ කට්ටිය.
ඔහොම පස්ල් එකක් මං අපේ නංගිට ගෙනත් දුන්නා. හැබැයි වැඩිපුරම සෙල්ලම් කළේ මම. ක්ලේ කියන්නෙත් පොඩි උන්ට වගේම අපිටත් හොඳ සෙල්ලම් බඩුවක් තමා. හැබැයි පොඩි එකෙක් ඉන්න තැනකට ගිහිං ඕවත් එක්ක සෙල්ලම් කරනවා මිසක් අපි ගෙදරට ගෙනාවොත් එහෙම අනිවා අපිව බලෙන් උස්සන් යන්නේ පිස්සන් කොටුවට. :D
අවුරුද්දට අපිත් ආස ගෙදර හැමෝම එකතු වෙන නිසා මිසක් පංච කෙලින කැට ගහන පිස්සු කෙලින එකට මිසක් අවුරුද්දට නෙවෙයිනේ.
ඔය පස්ල් වගේම ක්ලේ කියන්නෙත් පොඩ්ඩන්ට ලොක්කන්ට හොඳ භාණ්ඩයක්.
දැනුයි මතක් උනේ... මට ක්ලේ නැති උනාට ඇති වෙන්න අයිසින් තිබ්බනේ.. අම්මා මල් හදන්න හදා ගන්න අයිසින් බෝලෙන් ටිකක් මට දෙනවා ඉස්සර.... හදනවට වැඩිය කරන්නේ අයිසින් ටික කන එක තමයි... හි හි...
Deleteඒයි ඇවිත් උත්තර දෙන එක හොඳයි අපි මගෙ අලුත් ලියුමෙ කෙන්ජිගෙ සටහනේ යෝජනාවක් ගෙනාවා.
ReplyDeleteඅනේ මං අහිංසකයි...
Deleteපාට එහෙම වෙනස් වෙලා තියන්නේ...
ReplyDeleteඅපි නම් වැඩිහරියක් කලේ මාරාන්තික ක්‍රීඩා.. :) සෙල්ලම් බඩු නම් ඉතින්,කඩල බලනකල් ඉවසිල්ලක් තිබුනේ නෑ මට. මේක ඇතුලේ කොහොම ද තියන්නේ කියල බලන්නමයි හිතෙන්නේ.
දැන් එහෙම ඕව කරන්න යනවා නෙවේ..දැන් ලොකු
Deleteළමයි.විනීතව ඉන්න ඕනේ...
අන්න ඒකනේ වැඩේ.. කුතුහලේ... හි හි
Deleteඅපේ ගෙදරත් ඔය පසල් කෙරුවාව කරන්නේ නංගී...කෑලී දාහේ පන්දාහේ වගේම ඊට එහා ඒවත්.... එයා පටන් ගත්තම අම්මා අප්පච්චිගේ ඉඳන් සේරම එකතුවෙනවා. ඒක ඉවරයක් කරනකම් එක්කෙනෙක්ටවත් නින්ද යන්නේ නෑ. හරි රසවත් ලියුමක් ! අර අල්ලස් ගැන කීව එක හොඳයි. කොහෙද මට ඔහොම දේවල් මතක් වෙන්නෙම නෑනේ පොඩි උන් සන්සුන් කරන්න ගියහම.
ReplyDeleteloku ganak viyadam karala loku deyak denawata wada punchi dewalin loku sathutak labanawa kiyala mamath pili gannawa hiru. dannawada ape patikki "wonderbar" ekak kanawata wada loku sathutak labanawa "5 ice pakat" ekak kala. e wage thamai eyage hama deyakma.
ReplyDeleteවැල්මෙලික්ස් බොන්න එපා බං..! මම එකපාරක් බීල සීනි ඉහල ගියා..තවපොඩ්ඩෙන් සීනි තියෙනව කියල බේතුත් බොනව.
ReplyDeleteඔය රටහුණු සෙල්ලම මාත් ඉස්සර කලා.රටහුණු ඉස්සර කඩවල් වල තිබ්බෙ නෑ දැන් වගේ.ඉස්කෝලෙන් වීසි කරන කුඩා කෑලි එකතුකරගෙන ගෙදර ගේනව.
මගේ ලොකු අකුරු ඇඳීමේ හැකියාවත් දියුනු උනේ ඒක නිසා.මතක ඇති තොරන් ගැන මම ලිව්ව.
මටත් සැමි අයියා තාම සෙල්ලම් බඩු ගෙනත් දෙනවා පොඩි එකානේ මම.. :D
ReplyDeleteඅපෝ මේවා මොනවද මේ පොඩි ළමයින්ට දෙන්න විතරයැ සෙල්ලම් බඩු තියෙන්නේ.
ReplyDeleteඔයා කාර් වගේ දේවල් නම් ඉතින් ඒ කාලේ ඉඳන්ම මට උවමනාවක් තිබ්බේ නෑ. ඒත් පසල්ස් හා ගැජමැටික් එක්ක බැලුවමා නම් මම කවදාවත් වයසට යන ළමෙක් නෙමෙයි. මේ හින්දම මට ඉන්න විශේස යාළුවෝ පිරිසකුත් ඉන්නවා. මම එනකම් බලන් ඉන්නේ උන්ගේ ගේම් සෙල්ලම් කරන්න.... ...... :)
වෙනකක් තියා තාමත් රෑ එක දෙක වෙනකම් රස්ල් (Ruzzle) ප්ලේ කරේ නැත්නම් මට නිකම් කෑවේ නෑ වගේ....
ඔය පසල් නම් මම තාමත් අහු උනාම හදන්න මාරම කැමති..
ReplyDeleteමං චුට්ටි කාලෙ තිබුනෙ වැඩිපුරම බෝනික්කො තමයි.. හි හි
ReplyDelete