Thursday, April 11, 2013

අවන් එකක් නැති උනත් පීසා හදන්න පුළුවන්...


අද ලියන්න ගත්තේ ජීවිතේට මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ කියලා හිතං හිටපු ජාතියේ පෝස්ට් එකක්... එහෙම හිතාගත්තේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි... මට කෑම හැදිල්ල ගැන ඒ තරම් තේරුමක් නැති නිසා... මං දන්න ජාති වල කෑම හදන්න මට තාම පහසුකමුත් නෑ... ඒක නිසයි... 

ඒත් මේ ඊයේ පෙරේදා මාරයියා දාපු පීසා හදන හැටි පෝස්ට් එකට වැටුන කමෙන්ට් වල අවන් එකක් නැති නිසා මේක හදන්න බෑ කියලා කීප දෙනෙක් කියලා තිබ්බ නිසා මේක හදලා දාන්න කියලා හිතුවේ... මටත් අවන් එකක් නෑ... ඒක නිසා තමයි මම කිව්වේ හදන්න දන්න ජාති හදන්න පහසුකම් නෑ කියලා... 

ඒත් පීසා, මම මේ කිව්වේ කඩේන් ගන්න තරම් කොලිටියට නෙවෙයි, ඒත් අපිට කන්න පුළුවන් වෙන තරමට, කටට රසට, අවන් එකක් නැතුව හදාගන්න හැටි පොඩියට පෝස්ට් එකක් දාන්න හිතුවා ඒ අයට අත්හදා බලන්න පුළුවන් වෙන්නත් එක්ක... 

මෙන්න මෙතනින් ගිහින් මාරයියගේ පෝස්ට් එක බලලා ආවා නං හොඳයි ඒක බැලුවේ නැත්තම්... මොකද මේ පෝස්ට් එකේ මම ඒකේ මාරයියා කියලා තිබ්බ දේවල් ටිකක් වෙනස් විදියට කරපු එක විතරයි වෙනසකට තියෙන්නේ... 

හරි... මාරයියා කියපු දේවල් වලට අමතරව මේකට ඕනේ වෙන්නේ නොන්ස්ටික් පෑන් එකක් විතරයි.... ඔය අපි බිත්තර බඳින්න එහෙම ගන්නේ.. අන්න ඒ ජාතියේ එකක්... 

හරි.. එහෙනං.. ගිහින් බලලා ආවා නං දැන් තියෙන්නේ මෙච්චරයි... මාරයියා කියලා තිබ්බ විදියට ‌මෝලිය ( Pizza dough එක ) හදාගෙන පිපෙන්න තියන කොටසට වෙනකම් ඒ විදියටම කරන්න... පිපෙන්න තියන කොට කරන්න තියෙන්නේ මෝලිය තූනී කරන එකයි මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේ පෑන් එකටම... 


මගේ පෑන් එක ටිකක් ලොකු නිසා ( මීඩියම් සයිස් පීසා එකක් විතර...) මට අර මාරයියා කළා වගේ වීදුරුවකිනුත් තුනී කරගන්න පුලුවන් උනා.. බැරි නම් අවුලක් නෑ... ඇඟිලි වලින් තුනී කරගන්න... ඊට පස්සේ ඕක පියනක් තියෙනවා නං ඒකෙන් හරි නැත්තම් පිරිසිදු රෙදි කෑල්ලකින් හරි වහලා පැයක් විතර පිපෙන්න තියන්න... 

ඊට පස්සේ කරන්න තියෙන්නේ එළවලු මිශ්‍රණය හදා ගන්න එක... අවන් එකක් නැති නිසා මේකදි මිශ්‍රණයට දාන ජාති ඔක්කොම දාලා හොඳට හදා ගන්න... තම්බන ඒවා තම්බලා, තෙල් දාන ඒවා තෙල් දාගෙන, ඕනේ කරන ලුණු, ගම්මිරිස්, මිරිස්, ළුණු ඔක්කොම දාගෙන එහෙම හදා ගන්න...  මම නම් ගෙදර තිබ්බ කැරට්, බෝංචි, මල් ගෝවා ඔක්කොම ජාති ටිකත් එක්ක සෝසේජස් ටිකකුත් පොඩියට කපලා දැම්මා... සෝස් ටිකකුත් ඉතිං ජොලියට වගේ දැම්මා... මේකේදි හොඳම වැඩේ තියෙන්නේ ගෙදර එළවලු එහෙම ඉවර වෙච්ච දවසට ඔය ඉතුරු සුන්බුන් ටික ඔක්කොම දාලා මේක හදාන්න පුළුවන්.. නම පීසා නේ... ඔහේ ඕනේ කෙනෙක් රසකර කර කනවා... හි හි.. 

හරි.. මිශ්‍රණයත් හරි ගස්ස ගත්තට පස්සේ පෑන් එකේ රොටිය පිපිලා හරි ගිහින් නම් ගෑරොප්පුවකින් පොඩ්ඩක් ඇන ගන්න.. ඊට පස්සේ ලිපේ තියන්න... ඔන්න දැන් තමයි මං අමාරුවේ වැටිච්ච තැන... මට තියෙන්නේ ළුණු සිවිය වගේ වැඩකට නැති පෑන් එකක්... නමට විතරක් නොන්ස්ටික්... ඝණකම නැති නිසා හරි ඉක්මණට කරවෙනවා... ඒත් එච්චරනේ තියෙන්නේ.. වැඩේ කරගන්නත් එපැයි.... එකපාරටම රොටිය තද ගින්දරේ තිබ්බොත් බිස්කට් වෙලා තමයි නවතින්නේ... ඒක නිසා මං කරපු වැඩේ රොටි, තෝසේ හදන තැටිය ලිපේ තියලා, ඒක උඩින් මේ පෑන් එක තිබ්බ එක... ගෑස් ලිප් වල හැම තිස්සෙම වගේ ගින්දර සෙට් වෙන්නේ එකම තැනට නිසා හරි ඉක්මණට එකම තැන කරවෙනවා.. ඒ අවුලත් අඩු වෙනවා මෙහෙම කළාම.... 

හරි විනාඩි 5ක් විතර යන‌ෙකාට එක පැත්තක් හරි යනවා... ඊට පස්‌සේ රොටිය අනිත් පැත්ත හරවන්න...  ඊට පස්සේ ඉක්මණට එළවලු මිශ්‍රණය සහ චීස් මේකට දාගන්න... ඒ ටික කරගන්න වෙලාව යනවා නම් ලිප ඕෆ් කරලා කරගන්න.. අවුලක් නෑ.. මෙහෙම කරන්නේ රොටිය දෙපැත්තම කරවෙන්නේ නැතුව ගානට හදා ගන්නයි, චීස් ටික දියවෙන්නයි ඕනෙ නිසා... රොටිය බිස්කට් වෙන්න ( කර වෙන්න)  කලින් බාගන්න.. ඔච්චරයි වැඩේ.... 

දැන් තියෙන්නේ උපදෙස් ටිකක් දෙන්න.. මේ ටික ඔක්කොම ඕනේ මයික්‍රොවේවි හරි මොකක් හරි අවන් එකක් නැති අයට තමයි හරි... රොටිය ලිපේ තියන්න ඕනේ කන්න ගන්න ලෑස්ති වෙලා.. ඒ කියන්නේ 8.30ට කනවා නම් 8.15ට විතර මේක ලිපේ තිබ්බම හරි... ඒ ව‌ගේම එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න... ඇයි එහෙම කිව්වේ දන්නවද...? අපේ පෑන් එකේදි රත්වෙන්නේ යට පැත්තෙන් විතරක් නිසා එළවලු මිශ්‍රණය නිවිලා තිබ්බොත් උඩින් දාන චීස් ටික දියවෙන්නේ නෑ... චීස් දියවෙනකම් හිටියොත් රොටිය බිස්කට් වෙනවා... 

මට ඒ සන්තෑසිය උනා... හි හි.... මම උනන්දුව වැඩි හින්දා වෙලාසනින් මේ ටික හැදුව නිසා කන්න ගන්න වෙලාව වෙනකොට එළවලු මිශ්‍රණය නිවිලා.. ඒක නිසා චීස් හොඳට දියවූනේ නෑ... මාත් මේක හදපු පළවෙනි වතාවනේ.. ඒක නිසා මං ඉගෙන ගත්තා වැඩේ වැරදුන තැන් ටික.... 

හැබැයි මේ මට වෙච්ච අවුල් වලින් මේක කන්න බැරි තරම් අවුලක් නම් උනේ නෑ... ඒක නිසා පාවිච්චි කරපු දේවල් අපතේ ගියෙත් නෑ... ‌පේනවනේ... පිරිමින්ට වගේ ගෑණුන්ට චෙෆ්ලා වෙන්න අමාරු ඇයි කියන එකට උදාහරණයක් මෙතෙනම තියෙනවා.... විසිකරන්න ලෝබයි... මම හදපු එළවලු මිශ්‍රණය ඔක්කොම මේකට දාපු නිසා පීසා එක ලස්සනට ආවේ නෑ... ඒත් ඉතිං අපි දෙන්නා විතරක් නිසා අවුලක් නෑ... ඊළඟ පාර හදද්දි ගානට මිශ්‍රණය හදාගන්න මට දැන් පුළුවන්... 


ෆොටෝ ටික නම් මාරයියා තරමට ලස්සනට, හැඩ කරලා ගන්න මට බැරි උනා... ෆොටෝග්‍රැෆර් ආවේ පරක්කු වෙලානේ..  ඔන්න තිබ්බ හැටියට ගත්තා මං... හි හි

ප/ලි :

විශේෂ ස්තූතිය... අපේ මහත්තයට... 

ඔයා මොනවා හරි හදනවා නං මං ආසයි.... කන්න බැරි වෙලා විසිකරත් මට කමක් නෑ... ඔයා කිසි දෙයක් හදන්නේ නැතුව ඉන්නකොටයි මට දුක හිතෙන්නේ .. කියලා බොහොම ආසාවෙන් හදපු එක කාලා, ඇඟිලිත් ලෙව කාලා, ඊට පස්සේ “ බඩ උස්සගන්න බෑ, කෑවා වැඩියි... ” කිය කිය හිටපු නිසා.... හි හි.... ඇත්තටම මීට කලින් මේක හදන්න හිතං හිටියත් හැමදාම බඩු ගන්න ගියාම චීස් වලට රු 400.00 ක් විතර වියදම් කරන්න ලෝබ හිතෙන නිසා මම මේක මෙච්චර දවස් හැදුවේ නැත්තේ... ඒත් මෙහෙම හරි හැදුවම නම් මාර සන්තෝසයි.... හි හි... 

103 comments:

  1. ෆොටෝ එකේ පේන්නේ නම් වෙන මොනවද ජාතියක් වගේ.
    ඒත් ඉතින් මහත්තයා කාලා අතත් ලෙව කෑවා නම් ඉතින් තවත් මොනවද?

    ReplyDelete
  2. මේක කන්න පුලුවන්ද හිරු,
    මහත්තයා මේක කෑවේ නැතිනම් ගුටිකන්න වෙන නිසා වෙන්න ඇති කන්න ඇත්තේ..:D

    ReplyDelete
    Replies
    1. පුළුවන් පුළුවන් අනේ... හි හි...

      Delete
  3. \\\\\\\\\\\\විශේෂ ස්තූතිය... අපේ මහත්තයට...

    “ ඔයා මොනවා හරි හදනවා නං මං ආසයි.... කන්න බැරි වෙලා විසිකරත් මට කමක් නෑ... ඔයා කිසි දෙයක් හදන්නේ නැතුව ඉන්නකොටයි මට දුක හිතෙන්නේ ..” කියලා බොහොම ආසාවෙන් හදපු එක කාලා, ඇඟිලිත් ලෙව කාලා, ඊට පස්සේ “ බඩ උස්සගන්න බෑ, කෑවා වැඩියි... ” කිය කිය හිටපු නිසා.... හි හි.... ඇත්තටම මීට කලින් මේක හදන්න හිතං හිටියත් හැමදාම බඩු ගන්න ගියාම චීස් වලට රු 400.00 ක් විතර වියදම් කරන්න ලෝබ හිතෙන නිසා මම මේක මෙච්චර දවස් හැදුවේ නැත්තේ... ඒත් මෙහෙම හරි හැදුවම නම් මාර සන්තෝසයි.... හි හි... ///////

    මෙන්න මේ කොටසට තමයි මම ආසම හිරු ..
    එකෙම්ම වැටක් ගහන්නම ඕනේ...
    +++++++++++++++++++++++++++++++++++

    පීසාවක් හදල බලමු අපි ..මම නම් වැඩිය හදන්නේ
    මාළු පාන් තමයි..මාළු පාන් වගේද පීසා ..හදන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. මං හිතුවා සහන්ට ඔය ටික අහුවෙයි කියලා.. හි හි

      Delete
  4. පෙනුම නැතත් අවුලක් නෑ රස තියනව නං.
    මහත්තය පෑනක් ඉල්ලුවෙ නැද්ද?

    //බොහොම ආසාවෙන් හදපු එක කාලා, ඇඟිලිත් ලෙව කාලා, ඊට පස්සේ “ බඩ උස්සගන්න බෑ, කෑවා වැඩියි... ” කිය කිය...//
    ඒ අහිංසකය දන්නව ඒක කාල උඹට බටර් පොඩ්ඩක් ගෑවෙ නැත්තං ඊලඟ කෑමවේල ඔයිට හපං වෙනව කියල!

    ReplyDelete
    Replies
    1. පෑනක් ඉල්ලන්නේ මොකටද... හි හි....

      අනේ මන්දා .. ඒකද දන් නෑ එහෙම කිව්වේ.. ආවම අහලා බලන්නම්කෝ... හි හි....

      Delete
    2. පෑනෙ කතාව මේකයි.
      ඔන්න දවසක් මම ගියා රවි අයියලගෙ ගෙදර.(අර මගේ කතාවල ඉන්න එකා) එදා උගේ අම්ම හිටියෙත් නෑ. බයිට් එකට ඔම්ලට් හදන වැඩේ බාරගත්තෙ මම. බලනකොට බිත්තර බදින්න තෙල් නෑ. තෙල් බෝතලේ ඇලකරල තියල තේ හැන්දක් විතර තෙල් ටිකක් එකතු කරගෙන ඔම්ලට් එකක් හැදුව. හදල ගෙනිච්ච. ඊ‍ට පස්සෙ මෙහෙමයි
      රවි:මල්ලී මගේ කාමරේ ඇති පෑනක් හරි මාකර් පෙන් එකක් හරි ගෙනෙං
      මම:ඇයි?
      රවි:නෑ මෙකෙ ඔම්ලට් කියල ගහන්න.

      Delete
    3. බඩ පැලුනා පට්ට කතාව.

      Delete
    4. තෙල් තේ හැන්දක් තියේනං ඒ ඇති රාජ් බිත්තර තුනක් විතර එකට දාලා ඔම්ලට් හදන්න... හතරක් උනත් බැරි නැහැ. කරන්න තියෙන්නේ තෙල් ටිර රත් වෙන්න ඇරලා තැටිය හොඳට කරකවලා තෙල් තැටිය පුරාම ලාවට හරි ගෑවෙන්න ඇරලා ගින්දර අඩුම කරලා බිත්තර මිශ්‍රණය දාන එකයි.. එහෙම දාලා පටස් ගාලා පියනකින් වහන්න ඕන.. කිසිම අවුලක් නැහැ.

      අනිත් දේ තමා අපේ අය තෙල් භාවිතා කරනවයි නාස්ති කරනවයි වැඩියි කෑම්ක් හදන්න ගියාම.. තෙල් කියන්නේ නිකං පෙන්නලා වැඩ ගන්න ඕන ජාතියක්. තෙල් වැඩියෙන් දැම්මම කෝකියට ලේසියි ඕක එකක් හදලා දාන්න.. හැබැයි කන එකා ලෙඩෙක් වෙනවා.. ඒත් තෙල් අඩුවෙන් දාලා හැදුවම කෝකියා ටිකක් ඒකට මහන්සි වෙන්න ඕන..හැබැයි ඒක කන එකාට කිසි අවුලක් නැහැ.

      Delete
    5. චෙෆ් මාරයාගේ විශේෂඥ උපදෙස්.

      Delete
    6. කමෝන් චෙප් මාරෙ.. ඔහොම කියලා විතරක් මදි අහවල් තෙල් ජාතිය අහවල් උපකරණෙ පාවිච්චි කළාමයි හොඳට හැදෙන්නෙ කියලා කියන්නත් ඕනෙ..

      Delete
    7. තෙල් නම් මාත් ‌බොහොම අඩුවෙන් තමයි පාවිච්චි කරන්‌ෙන්... තෙල් වලට බයේමත් නෙවෙයි... දැන් පුරුදු වෙලා...

      Delete
  5. ශ්‍රීලන්කන් ස්ටයිල් රොටීසා.. අපේ මහත්තයා ඉතිං කෝකටත් හොඳයි කියන හින්දා හොඳයි..

    ReplyDelete
    Replies
    1. හික් හික්... කැතයි හොදේ..

      Delete
    2. ගෙදර ගමේ කෑම රසට කාපු මමත්,බැදපු අලුත මගේ කෙනත් හදල දෙන මෙලෝ රහක් නැති කෑම බඩට දාගෙන පිගානත් ලෙව කාල උම්මා එහෙකුත් දීල කෑම හරිම රසයි ලයිම් ජුස් එහෙකුත් හදාගෙන එන්නකො පැටියෝ කියනව අප්පිරියාව යවාගන්න.

      Delete
    3. ලෝභ කමට මොශරෙල්ල චීස් නොදැම්මොත් සරත් කිව්ව වගේ රොටිශා තමයි කන්න වෙන්නෙ.

      Delete
    4. @කෙන්ජි මාමා: හිකිස්.... :) :)

      Delete
    5. අනේ කෙන්ජි.. හදලා දෙන එක කාලා ඉවරවෙලා ඔහොම කියනව කියලා දන්නවා නං ඉතිං හදලා නොදී ඉන්න එක තමයි කරන්න වෙන්නේ... ඒත් ඉතිං මොනවා කිව්වත් ඒවා අහගෙන ගෑණු හැමදාම කෑම හදලා දෙනවානේ... නේද.... හි හි...

      Delete
    6. Kenji
      හිටුකො උඹේ නෝනගෙ මේල්එක හොයාගෙන මේවගේ කමෙන්ට් යවනකල්!

      Delete
    7. එයා අහු වෙයි බොළාගේ මේලට.
      අහු වෙලා තියෙන්නෙ හොදම කෝච්චියකට නේ.

      Delete
  6. කට්ටියම සෙට් වෙලා පීස හට් එක වහන්න වගේ හදන්නෙ.

    හොඳයි හොඳයි ඇහැක් විදියට හදල කමුකො පීට්සා.

    ReplyDelete
    Replies
    1. පීසා හට් එකේ පීසා කලා ඉවර උනාම හිතෙනවා අපරාදේ සල්ලි කියලා ප්‍රසා අයියේ... ඊට හොඳයි මෙහෙම හරි ගෙදර හදාගෙන කනවා..

      Delete
    2. අනිවාර්යයෙන්ම...

      මේ ලගදී අපි තුන් දෙනෙක් BMICH එකෙදී කෑවා කෑලි 3ක්.. කෙලින් 480යි... මට එවෙලේ හිතනේ යකෝ මං ගෙදර හදාගත්තනං ඔය ගානටම බඩ පිරෙන්න කනවා නේද කියලා.

      Delete
    3. ඒ වගෙම තමයි KFC එකේ චිකන් බුරියානි. ඒකෙන් 3 ක් වත් කන්න ඕන යංතං බඩ පුරවගන්න.

      Delete
    4. KFC එකේ චිකන් බුරියානි කද්දි පරිස්සමෙන් හැන්දෙන් ගන්ඩ ඕනා.. කලබලෙන් හැන්ද දැම්මොත් භාජනයේ අඩියෙ වදිනවා..

      Delete
  7. අයියෝ, ටිකක් පිළිවෙලකට කරපන්කෝ බං.... එළවලු පුරවලා වැඩියි... අනික ඉතිං ඕක ලංකන් ඉස්ටැයිල් එකට කන්න කලින් පොඩ්ඩක් ඔරිජිනල් විදිහ ට්‍රයි කලා නම් හොඳයි.

    බිත්තර බඳින්න ඔට්ටු නෑ හරි.. බදින්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් විදියට ට්‍රයි කරන්න අවන් එකක් නෑනේ තිසර... හි හි

      Delete
  8. //මගේ පෑන් එක ටිකක් ලොකු නිසා // ඇත්ත.....දදදදදදදද...

    හික්ස් මේව දකිනකොට හිනා නොයා තියේද?

    ReplyDelete
    Replies
    1. ඔයා නම් අන්තිමයි නලීන් අයියේ... හි හි... කොහෙන් හරි ඔහොම එකක් අල්ලගන්නවා නේද....

      Delete
    2. නලීන් මාමේ....... :) :)

      Delete
    3. මේ රජා කවද ඉඳලද චූටි එකා වෙලා තියෙන්නේ ? හැමෝටම මාමා මාමා කියාගෙන යන්නේ. මෙහෙම යනකොට මු මටත් මාම කියන්න බැරි නෑ.

      Delete
  9. මම මෙහෙ නාව දවස් ටිකට මේ දැරිවි වෙනස් වෙලාතියෙන තරම. හොඳයි හොඳයි. පීට්සා කතාවටත් වඩා "පලියට" හිත ගියා හිරූ. හැබෑවටම මහත්තුරු එහෙම කරන්න ඕන. නෝනලගේ හැකියාවන් අගය කලහම එයාලට දෙනෙන සතුට වෙන මොනවයින් වත් අපට දෙන්න බෑ. නිතරම එයාලව දිරි ගන්නෙන විදිහට අපි එයාලව අගය කරනවා නම් අපට රසට කන්න විතරක් නෙමේ තව අමතර වාසිත් තියෙනවා. හරි වැඩි කතා ඕන නෑ, ඔබ දෙපොලටත් දෙදෙනාගේම ඥාති හිතමිත්‍රාදී සැමටත් අලුත් අවුරුද්දට සුභ පතනවා මම.

    ReplyDelete
    Replies
    1. සරා අයියටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....

      Delete
  10. මෙන්න පිළිගන්න බ්ලොග් අවකාශයේ අලුත්ම චෙප් තුමිය
    චෙප් හිරූ

    ReplyDelete
    Replies
    1. මේ ජාතියෙන් දාන පළවෙනි සහ අවසාන පෝස්ට් එක... හි හි

      Delete
  11. අවුරුද්දට ට්‍රයි කරලා බලන්න වටින රෙසිපියක් තැන්කූ හිරූට වගේම මාරයාටත්..

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න රෑ.. එච්චර අමාරු නෑ...

      Delete
  12. මහත්තයා ඇගිලිති ලෙව කෑවා කියන්නේ රසට ඇති.. එළවලු සුට්ටක් අඩුවෙන් දැම්මනං බපනුමත් එන්න තිබ්බා මරුවටම..මටත්් ආසා හිතුනා හදලා බලන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් බණ්ඩා.. එළවලු වැඩි උන එකෙන් තමයි පෙනුම නැති උනේ.. හැබැයි රසට නම් අවුලක් උනේ නෑ... හි හි

      Delete
  13. අපේ අම්ම හදන රොටිය උඩට එළවලු දැම්මම වගේ..... හි හි

    මේක කඩන් කනකොට කඩේ එව්ව වගේ අදින්න පුළුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මොසරුල්ලා චීස් එකනේ යසිත් ඔහොම ඇදෙන්නේ.. ඒක දැම්මොත් හරි.... හි හි

      Delete
    2. මොසරල්ලා චීස් නැත්නම් හදා ගන්න විදියක් තියෙනවා. කොස් ගෙඩියක තියෙන කොහොල්ලෑ ටිකකට තියෙන චීස් ටිකක් කලවම් කරලා එකතු කර ගන්න.

      Delete
  14. අන්තිම පින්තුරෙ බිත්තර කොත්තුවක රොටි කෑලියි,බිත්තර කෑලියි කාල ඉවර කොත්තුවක් වගේ?

    ReplyDelete
    Replies
    1. මේක හරි යන් නෑ... මං අයින් කරලා දානවා ෆොටෝ ටික...

      Delete
    2. අපි මේ පිස්සු කතා කියන එව්වා අහල පින්තුර අයින් කරන්න එපා.
      අඩු ගානෙ දුර ගමනක් ගිහිල්ල අතරමං වෙච්ච එවුන්වත් ඔහොම හදාගෙන කන්නෙ නැතා.

      Delete
  15. බඩේගින්දරේ බැරුවා!!!! බඩේ ගින්දරේ!!!!!

    ReplyDelete
  16. බඩම පල.....බඩම පල.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. හිරු මෙච්චර ලෝභයි කියලා අද නේ දන්නේ?

    ReplyDelete
    Replies
    1. බැඳලම බලන්නකෝ.. අනේ තියෙන ගානෙන් මාසෙම වැඩ ටික ‌ෂේප් කරගන්න ගියාම අත්‍යවශ්‍ය බඩු ටික ගත්තට පස්සේ මේ වගේ දේවල් වලට වියදම් කරන්න හිතෙන්නේ නෑ... මේ මාසෙත් ඔහොම යමු කියලා හිතෙන්‌නේ... ඒ තරම් වියදම්.... හි හි..

      Delete
  18. අපෙ සෙට් එක pizza hut ගිහින් පීට්සාත් එක්ක නොමිලයේ ගුටි නොකා බේරුනේ 99.999න්-ඉස්මුරුත්තාව හැදෙන්න කාලා බිල දැක්කාමයි සෙට් එකට එලව පොල් පෙනුනෙ-අම්මෝ තව ඩිංගෙන් කස්ටියම රෙදි නැතුව එන්නෙ-අනෙ ඉතින් කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්නෙ-

    ReplyDelete
    Replies
    1. නමටම ගැලපෙන වැඩක්නේ වෙලා තියෙන්නේ.. හි හි... හැබෑට ඔයිට වඩා දිග නමක් දාගන්න බැරි උනාද... ලේසියට පුවක් කොල්ලා කිව්වනං හරි ‌නේ... හි හි.... විහිළුවට ඈ......

      Delete
  19. Hiru post 1e udinma kiyala thiyanne mama gana wage penne.
    Thanks krame kiyala dunnata!

    ReplyDelete
    Replies
    1. මේත් මගේ ජාතියෙ එක්කෙනෙක්ද... හි හි...

      Delete
  20. පීසා හැදුන හැටි දන්නවද? ඇමරිකාවේ එක ගමක ළමයි 5ක් ඉන්න පවුලක දවසක් අම්මට කෑම හදලා දෙන්න බැරි වෙලා.ඉතින් එයා හදිසියට ඔය වගේ පිටි වලින් රොටිය වගේ හදලා උඩින් ගෙදර තියෙන එලවලු අරවා මේවා ඔක්කොම දාලා හදලා දීලා පස්සේ එයා හෝටලයක් පටන් අරන්.ඒ හෝටලෙනුත් ඔය කෑම වර්ගේ හදලා විකුනලා වැඩේ කියන්නේ මේකට ඉල්ලුම වැඩි වෙලා.ඔහොම ඔහොම දියුණු කරලා තමා අද ලෝකේ පුරාම ජනප්‍රිය පීසා හැදිලා තියෙන්නේ.

    ඇත්තම කතාවද දන්නේ නැහැ ඒත් මම ඕක කියෙව්වේ පත්තරේකින්!

    ReplyDelete
    Replies
    1. පුතා ඕක ඇමරිකාව නොවී ඉතාලිය කියලා වෙනස් උනානම්
      පිළිගන්න තිබ්බා ...

      Delete
    2. මේක ඉතාලියේ සාම්ප්‍රධායික කෑමක් මල්ලියේ... ඇමරිකාවේනං නෙවෙයි... හැබැයි කතාව ඇත්ත වෙන්න පුළුවන්.. බොහෝම කෑම ඔය විදිය තමයි. කල් ඇතිව ප්ලෑන් කල කෑම නෙවෙයි. හිටි හැටියේ බඩ ගින්න නිවා ගන්න හදපු කෑම ජාති තමා පහු කාලෙක වැඩි දියුණු වෙලා තියෙන්නේ... අපේ කොත්තු රොටියත් එහෙමයි කියනවනේ.. කතාවේ හැටියට ඕක මඩකලපුවේ මුදලාලි කෙනෙක් රෑක කෑමහොයං ආව දෙන්නෙකුට කඩේ ඉතිරි කෑම වලින් හදා දුන්න දෙයක්.. ඒත් දැන් පේනවනේ.. ඒක ලංකාවේ ජාතික ආහාරයක් බවට පත් වෙලා දැන් තරු පහේ හෝටල් දක්වාම පැතිරිලා ගිහින්.. දවසක ඕක ඉන්ටර්නැෂනල් මෙනු එකක් වෙනවම තමා.

      මං ගාවත් තියේ ඔහොම හදිසියට හදාගෙන සාර්ථක උන කෑම වට්ටෝරුවක්.. ඒක එළියට දාන්නේ ඒකට නියම කාලේ ආවම. :D

      Delete
    3. මගුල් මේසෙට වෙන්ටෑ ...

      Delete
    4. පේටන්ට් එක අරගෙනම එලියට දාන්න මාරයියේ නැත්තම් එහෙම ගෞරවය වෙන කාටවත් :)

      Delete
    5. මං අහලා තියෙන කතාව ඔයිට වෙනස්... දැන් කතා කියන්න වෙලා නෑ බොල... මේ රිප්ලයි ටිකත් දාන්නේ හදිස්සියෙන්... පස්සෙ වෙලාවල මතක් උනොත් කියන්නම්.... හි හි

      Delete
  21. ඉතින් මෙහෙව් එකක් හදා ගෙන එන්නකො අවුරුදු උත්සවේට අපේ මහත්තයක් එක්කම !

    ReplyDelete
    Replies
    1. අවුරදු උත්සවේ නම් ෂුවර් නෑ වෙනී අන්කල්... හි හි

      Delete
  22. ම්ම්..කන්න පුලුවන්නම් එච්චරයි ඉතින් ;)

    ReplyDelete
    Replies
    1. කබරගොයා තලගොයා

      Delete
    2. එහෙනං.... නේද සයුරි... හි හි

      Delete
  23. කාලෙකින් හිරූ අක්කාව දැක්කේ නැති නිසා ගොඩ උනා මේ පැත්තට..යකඩො මෙන්න පිසා එළ එළ..
    දැන් ඉතින් මේ පැත්තේ එන්න වෙලාවක් නෑ ඔන්න වෙලාවක් හොයා ගත්ත වෙලාවේ ආවා. :)

    ReplyDelete
    Replies
    1. මොකද මේ එන්න වෙලාවක් නෑ කියන්නේ... ඇයි අප්පා.. විභාගයක්වත්ද..

      Delete
  24. ඔය ක්‍රමේ වැරැද්දක් නෑ. ඒත් දාල තීන ජාති වැරදියි, ඒකයි පීස එක නිකන් රොටිසා වෙලා තීන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ඉන්දික අයියේ.. ඕකට ඇත්තටම ඔනේ ජාති ටික ගන්න ගියා නම් මේ මාසේ පීසා විතරයි කන්න වෙන්නේ.. හි හි...

      Delete
  25. මේ මොනවද බං මේ..කැරටුයි බෝංචියි...? යකෝ මං කිව්වේ පීසා මිසක් කොත්තු රොටී නෙවෙයි.. :D
    ඔය එලෝලු ජාති වාශ්පයෙන් තම්බලා හරි තෙම්පරාදු කරලා හරි මිස ඕකට දාලා හරියන්නේ නැහැ. ඒත් මං කිව්ව ජාති ටික දැම්මනං උඹට ආයේ අළුතින් ඕක වෙනම තම්බ තම්බ ඉන්න වෙන්නේ නැහැ... තක්කාලි/මාළුමිරිස්/ලොකුලූණු/සොසේජස් වගේ දේවල් රොටිය බේක් වෙද්දිම ඒ රස්සෙන් තවු මැරිලා පහදට එන ජාති.

    අනිත් දේ තමා ඕක හදද්දී උමට කරන්න තිබුනේ තැටිය ලොකු පියනකින් වහන එක.. එහෙම උනානං රොටියේ ජල වාෂ්පයෙන්ම වැඩේ ගොඩ දාගන්න තිබුනා.

    මං මුලින්ම මාළු පාන් හැදුවේ මීට අවුරුදු දාහතකට විතර කලින්... මටත් අවන් එකක්වත් මයික්‍රොවේව්වත් තිබුනේ නැහැ... මාළු පාන් තෝසේ තැටිය උඩින් තියලා ඇළුමීනියම් මැටි කෝප්පෙන් වහලා තමා හැදුවේ.. අඩිය කර උනා.. ඒත් අනිත් හැම දේම හරියටම ආවා.. පිහියකින් අඩියේ මිලි මිටර් දෙක්ක විතර කපලා ගත්තම ආයේ කිසිම අවුලක් තිබුනේ නැහැ.. තියෙන දෙයින් මිස නැති දෙයින් වැඩ ගන්න ඕන නැහැ. ඕන කම තියේනං ඔය කෝකත් කොහෙම හරි ගොඩ දාගතැකි...

    උත්සහය බොහෝම අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. මම කල්පනා කලේ එළවලු වලට බීට්රූට්, වැටකොළු, පිපිඥඥා, කොහිල, ඉන්නල, දඹල වගේ ජාති දැම්මොත් කොහොමට තියේද කියලා වෙනසකටත් එක්ක.

      Delete
    2. හික් හික් හික්..... ටැස් කොරලා බලලා මටත් කියපං යාලුවා.

      Delete
    3. තැටිය වහන්න තරම් ලොකු පියනක් මා ගාව නෑ මාරයියේ.. ඒකයි අවුල උනේ... නැත්තම් ඔයා කිව්ව වගේ වැඩේ ගොඩ තමා... මාළු පාන් නේ.. ඒවා නම් අම්මා හිටපු ගමන් හදලා එවන නිසා මම ට්‍රයි කලේ නෑ හදන්න.. බලන්න ඕනේ ඒකත් කරලා... හි හි...

      සුදීක අයියේ.. බීට් රූට් අරෙන්න අනිත් සමහර ජාති( කොහිල, ඉන්නල, දඹල) දැම්මොත් ‌ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ.. බීට් දැම්මොත් නම් විනාසයි... හි හි...

      Delete
  26. අසමොදගම් බෝතලයක් ලඟ තියාගෙනම කාලා බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට නම් ඒවා ඕනේ උනේ නෑ... හි හි

      Delete
  27. //..“ ඔයා මොනවා හරි හදනවා නං මං ආසයි.... කන්න බැරි වෙලා විසිකරත් මට කමක් නෑ... ඔයා කිසි දෙයක් හදන්නේ නැතුව ඉන්නකොටයි මට දුක හිතෙන්නේ ..”//

    මෙන්න හස්බන්ඩලා. අපි වුණත් කැමතියි කසාදයක් බැන්ද කාලෙක බිරින්දෑ හදලා දෙන කෑමක් කන්න :D

    ReplyDelete
    Replies
    1. කො‌ෙහාමත් ඉතිං හසිතට වෙන්නේ බිරින්දෑ හදලා දෙන කෑමක් කන්න තමයි.. ඔයාට උයන්න බෑ නේ.. හි හි...

      Delete
    2. @ හිරු

      මට "උ" යන්න විතරක් නෙමේ මුළු සිංහල හෝඩියම පුලුවන් :D

      මට උයන්න බැරිවුණත් උයන්න එළවළු කපලා දෙන්න පුලුවන්නේ :)

      Delete
  28. යකෝ දැන් පීට්සා ‍රැල්ලක්නේ. ඔන්න අද අපේත් පීට්සා දවස. මේ කමෙන්ට් එක කොටලා ඒකට දශ්ට කරන්නයි යන්නේ.

    ReplyDelete
  29. ඕනේම කෑමක් ඉස්සල්ලා කන්නේ ඇස්වලින්ලු. ඊට පස්සේ තමයි රස , ගුණ හොයන්නේ. ඒ අතින් බලපුවාම food presentation වලට ලකුණු දෙන්ට බෑ. හී හී...

    හැබැයි ඉතින් රස ඇති. මම නම් කොත්තුවලට ආසාම නෑ. :D:D

    මටත් ඉතින් උයන වැඩ බැරි හන්දා, මම මෙහෙම කියන්නේ ඔච්චර හරි කරපු එක ගැන පැහැදිලි ඊරිසියාවෙන් බවත් කියන්ටම ඕනි.:D

    ReplyDelete
    Replies
    1. ඇස්වලිං කන්න පුලුවන් මාර කෑමක්..

      Delete
    2. හි හි... ඒකනේ පොඩ්ඩි කියන්නේ... ලෝබකම පොඩ්ඩක් වැඩි උනා.. හි හි.. අනිත් එක ඉතිං වෙනදට හට්ටියෙන්ම පිඟානට බෙදාගෙන කන එකේ, මේකට ඔය තරම් භාජන ගොඩක් එළියට ඇදගත්ත එකත් මදෑ... හි හි.

      Delete
  30. කිඹුල කිරිමැටි ගිල්ල වගේ කියන්නේ මයේ හිතේ මේ උඹල හදපු කෑම විසි කරාම වෙන්නෝනෙ..

    ReplyDelete
    Replies
    1. අනේ යන්න සුදා .... ඔයා දන්න පීසා.. හි හි...

      Delete
  31. මට අවන් එකක් තියෙනවා. නමුත් ඒකේ කරන්න ගියාම වැඩ වැඩියි. නමුත් මේ ක්‍රමේ ඉක්මන් හා වැඩ අඩුයි. වැඩිය තම්බෙන්න කාලය ඕන නැති එලවලු (තක්කලි, සැර නැති මාලු මිරිස්) වගේ දැම්ම නම් හරි යයි කියල හිතෙනවා. මාත් පීසා ලෝලියෙක්. ඩැන් පීසා ‍රැල්ලක් ඇවිල්ල නේද? මේ පොස්ට් එක අන්තිම එක කරන්න එපා. කැම ගැන කියවන්න කැමති ගොඩක් අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.. ම‌ට කෑම ගැන ලියන්න නම් පුළුවන්.. හදන්නනේ අප්පා බැරි... හි හි...

      Delete
  32. තිබ්බ කමෙන්ට් ටික අතනට මෙතනට දාලා, හරියට අර අවුරුද්දට කැට ගහනකොට ඔට්ටු දාලා වගේ. මෙතනට දාන්න දෙයක් නැහැ කියලා තේරුණේ මෙතනට ආවහම. මේ රොටියටත් ඊස්ට් පොඩ්ඩක් එහෙම දැම්මොත් අර කිරිමැටි ගතිය නැති රොටියක් හදා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඊස්ට් දාලා තමයි සුදීක අයියේ මේක හදන්නේ...

      Delete
  33. ගෙදර ඉන්නකන් උයන්න පුලුවන් කමක් තිබුනෙ නෑ මට, ඒත් බැන්දයින් පස්සෙ හැමදාම 4ට නැගිටල ඉව්වා.. ඒ කාලේ අර කෙන්ජි දාල තිබුනා වගේ හරි රසයි කියල තමයි සැමි අයියා කෑවේ.. දැන් කියනවා කරන්න දයක් නැති කමට කෑවලු...
    කොහොමහරි හිරුවගේ වැඩේ නම් අගය කරන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. හා .. මේ ඉන්නේ කප් කේක් රැජින.. හි හි

      Delete
  34. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  35. සුබ අලුත් අවුරුද්දක් වේවා හිරු..!!

    ReplyDelete
  36. maru maru akke
    warnaa

    ReplyDelete
  37. හිරුවා, අපේ මහත්තයා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  38. එසේම වේවා නලින් අයියටත් පවුලේ කට්ටියටත්...

    ReplyDelete
  39. එසේම වේවා කෙන්ජි සීයාටත් පවුලේ අයටත්... හි හි....

    ReplyDelete
  40. //එළවලු මිශ්‍රණය රොටියට දානකොට රස්නෙන් තියාගන්න... ඇයි එහෙම කිව්වේ දන්නවද...? අපේ පෑන් එකේදි රත්වෙන්නේ යට පැත්තෙන් විතරක් නිසා එළවලු මිශ්‍රණය නිවිලා තිබ්බොත් උඩින් දාන චීස් ටික දියවෙන්නේ නෑ... චීස් දියවෙනකම් හිටියොත් රොටිය බිස්කට් වෙනවා... //

    චීස් ටික ග්‍රේට් කරලා දැම්මා නම් ඔච්චර අවුලක් නෑ.....

    ReplyDelete