Monday, April 8, 2013

එයාට හැමදේම විහිළු... පාරමී දම් 10 කොටස






ඉතිං... මට කිරිබත් කෑල්ලක් කවන්නේ නැද්ද.... 

අප්පච්චි එහෙම අහගෙන මං ළඟට ආවා.... අම්මා ලෑස්ති කරපු කිරිබත් පිඟානෙන් කෑල්ල ගානේ අම්මටයි අප්පච්චිටයි කවලා සුදු අයියට කවන්න ගියාම පෙරේතයා වගේ මගේ අතත් එක්කම කෑවා.... 

ඒ අස්සෙම මං දැක්කේ අයියගේ අත බැන්ඩේජ් කරලා තියෙනවා... මෙයා මේ දවස් ටිකට මක් කර ගත්තද....මං අහගන්නම්කෝ.... 

කාලා බීලා ඉවර වෙලා කට්ටියම වෙන වෙන කතාවල එල්ලිලා ඉන්නකොට මං සුදු අයියවම ඇඳගෙන සාලෙට පැන ගත්තා... 

කොහෙද දුවන්නේ මෝඩියේ....

එහෙම අහගෙනම සුදු අයියත් මගේ පස්සෙන් ආවා..

දැං ඉතිං ලොකු ගෑණු ළමයි දඟලන්නේ නෑ... 

අනේ මේ .. ඔයා පණ්ඩිතයා නොවී ඉන්නවා... ඒක නෙවෙයි... අතට මොකද්ද කර ගත්තේ.... 

මොකද්ද... මේකද... මුකුත් නෑ සුද්දියේ.... 

මෙහෙම හරි යන්නේ නෑ මෙයාට....

එදා මට ඇහුනා ඔයා කෑ ගහනවා සුදු අයියේ... කියන්න... මොකද උනේ....

මං සුදු අයියගේ ඇස් දෙක දිහාම බලං ඇහුවා... 

ලොකු දෙයක් උනේ නෑ සුද්දි.... එදා කැවුම් හදද්දි මගේ අතට තෙල් විසි උනා... ටිකක් පිච්චුනා... 

සුදු අයියා මගේ කර වටේට අත දාගන්න ගමන් කිව්වේ... ඒත් මං දන්නවා ටිකක් නෙවෙයි ගොඩක් පිච්චිලා කියලා.. එදා ගේ ඇතුලේ ලොකු කලබලයක් දැනුනා මට....

ගොඩක් පිච්චුනා නේද.... 

මං අයියගේ අතින් අල්ලගෙනම උරහිසට හේත්තු උනා... 

මං හින්දා ඔයා තුවාලත් කර ගත්තා නේද... දැන් අත කැත වෙයි...

නෑ සුද්දි... එහම කියන්නෙපා... ඔයා නිසා නෙවෙයිනේ මේක උනේ... මං එතන දඟලපු නිසා නේ... 

සුදු අයියා මාව තුරුළු කරගෙන කිව්වේ... මට ඒකට ගොඩක් දුක හිතුනා... අයියා කොච්චර දෙයක් උනත් මං වෙනුවෙන් දරාගන්නා කියලා මං දන්නවා.... 

තව එකක් තියෙනවා අහන්න....

ඒ පාර මොකද්ද...

මගේ යාලුවෙක් කිව්වා බිග් ගර්ල් කෙනෙක් උණාම අයියලා ගාව නිදාගන්න දෙන්නේ නෑ කියලා....

මං හිමීට බිම බලං ඇහුවා... මේ බිග් ගර්ල් කතාව ගැන කතා කරන්න මට හරි ලැජ්ජා ඇයිද මන්දා... 

ඉතිං...

සුදු අයියා හිනාවෙනවා මට දැනුනා...

ඉතිං.. මට ඔයා නැතුව නින්ද යන්නේ නෑ නේ...

අනේ.. අනේ... මෙයා හිතලා තියෙන දුර...

සුදු අයියට නම් ඔක්කොම විහිළු... 

මං විතරක් යැ දුර හිතුවේ..

එහෙනං.. කවුද තව...

ඇයි ඔයා.... ඔයානේ මට තැල්ලක් දුන්නේ... මනමාලියෙක් වෙන දවසට දාන්න කියලා.. ඒවට තව කොච්චර කල් තියෙනවද...

මං හිමින් හිනා වෙන ගමන් කිව්වා... 

මේකි පැහිලා වැඩියි... 

සුදු අයියා මගේ කනෙන් අල්ලගෙන නැගිට්ටා...  

සුදු අයියේ ... මේ....

ඒ පාර මොකද... 

ඔයා යාලුවන්ට කිව්වද...

මොකද්ද..

මේකා නම් හරිම හොරෙක්... දන්නෑ වගේ අහන හැටි.... 

මොකද්ද කියලා අහන්නේ..

මං නහයෙන් ඇඬුවා....

ආ.. කිව්වා කිව්වා... අන්න උන් ටික කේක් කන්න බලං ඉන්නවා....

හරි නරකයි සුදු අයියේ ඔයා...

මං එයාගේ අත ගසලා දැම්මේ තරහින්... ඒත් එයා නම් හිනා වෙනවා විතරයි... එයාට හැමදේම විහිළු... 



මතු සම්බන්ධයි.....

28 comments:

  1. අහ් බ්ලොග් එකත් වෙනස් වෙලා.. ලස්සනයි හොදේ.. කතාව දිගද ඒ.. ඔයා හෙමින් නේ මේක දාන්නේ..

    ReplyDelete
    Replies
    1. හි හි... ටිකක් හිමින් දැම්මම අඬන්න එපෝ.....

      Delete
  2. කළුවරේ ඉඳලා බ්ලොග් එකට ටිකක් එළිය වැටිලා.. මොකද්දෝ ගල් කුට්ටියක් වගේ එකක් පිටිපස්සෙන් පේනවා.

    අනේ මන්දා... කතාවේ අන්තිම ටික අපේ ළමයි ලොකුමහත්වෙච්ච කාලෙක උන් ලව්වා කියවගන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තිසර... එච්චර දිග නෑ.... හි හි

      Delete
  3. Mekath ara punchi kochchiyen Opanayaka yanawa wage wadakne affa..
    Tikak haiyen yamuko..

    ReplyDelete
    Replies
    1. එහෙනං මේක කවදාවත් ඉවරවෙන එකක් නෑ. මොකද දැං ඒ කෝච්චිය එන්නෙ අවිස්සාවේල්ලට විතරයි. :D

      Delete
    2. අවිස්සාවේල්ලටත් දැන් ඒක යන්නේ නෑ.. පුංචි කෝච්චියට යන්න පාරවල් නෑ එහේ... හි හි...

      Delete
  4. මේක හරියන්නෙ නෑ.. මේකි කපටිකමට දවස් ගානකට පස්සෙ පොඩ්ඩක් ටයිප් කරල දානවා. අපිත් ඉතින් ලෑස්ති වෙලා කියවන්න පටන්ගනිද්දිම කතාව ඉවරයි..

    ReplyDelete
    Replies
    1. අන්න හරි එකගයි එකගයි හද පතුලෙන් ම එකගයි මේ කතාවට..!!!

      Delete
    2. මේ කෙල්ලන්ට තියෙන හදිස්සිය... ඔතනින් කොටසක් ඉවරයිනේ බං.. මං මොනවා කරන්නද... හි හි

      Delete
  5. 'සුදු අයියට කවන්න ගියාම පෙරේතයා වගේ මගේ අතත් එක්කම කෑවා'
    ඊට පස්සෙ ඒ කෙල්ලගෙ අතත් බැන්ඩේජ් කරන්න උනාද?

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ නෑ හොඳ වෙලාවට... හි හි....

      Delete
  6. අක්කේ දානවනම් එක දිගට දාපිය බොල කියවන්න ගියාම කතාව මතක නැහැ

    ReplyDelete
  7. අනේ මන්දා බං. මේ දෙන්නා අයියයි නංගියි කියලා උඹම කියන හන්දා මිසක් මට නම් හිතෙන්නෙම නෑනයි මස්සිනයිවත්ද කියලා. පස්සෙ කියයිද දන්නේ නෑ සුදු අයියව අරන් හදාගත්ත කොල්ලෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... සුරංගනා කතාවක වත් අහලා නෑනෙ ඔහොම සහෝදර පෙරේමයක් ගැන.

      Delete
    2. අයියෝ ..මේක නං මෙ අසරණ කෙල්ල අත්දැකීමක් නැතිකමටම හිතල ලියන එවුව .. අයියල නංගිල කොහෙද මෙහෙම කතාකර ගන්නෙ ?

      Delete
    3. ඒකනේ කට්ටියට මං මුලින්ම කිව්වේ ... මේක ෆැන්ටසියක් විතරයි කියලා.... හි හි....

      ඇත්තටම අයියලා නංගිලා කතා කරගන්නේ කොහොමද මං අහන්නේ...???? මට අයියලා නෑ යකුනේ.. ඒකනේ මේක ලිව්වේ.... හි හි....

      ( ඇත්තටම අයියලා නංගිලා ඉන්න එවුන් කියන්නේ නෑනේ මෙහෙම කතාකරන එකෙක්වත් ඉන්නවද කියලා... මගේ හිතේ දුක යන්නවත්....)

      Delete
    4. මේ අයිය තමන්ගෙම අයිය නෙවෙයි අපතය අයියෙක් කරන්න හිරූ,අයියල නංගිල මෙහෙම කතා කරගන්නෙ නෑ මේ ශ්‍රී ලංකාවෙ නං

      Delete
    5. හාපර් ලීගේ To kill a mocking bird කියවලා තියෙනවද කට්ටිය.. ඒකේ ඉන්න අයියයි නංගියි කො‌ෙහාමද.. වෙලාවකට රණ්ඩු උනත් එකාට එකා මාර ආදරෙයි නේ....

      අනේයියා.. බෑ බෑ.. අයියයි නංගියිම තමයි මුන් දෙන්නා.... හි හි...

      Delete
  8. ඇත්තමයි ඩූඩ් ඔයා කියන පැත්තට කතාව හැරෙව්වනං තමා ටිකක් හෝ තාත්විත වෙන්නේ. නැත්තං ෆුල් රොමැන්ටික් තමා.

    ReplyDelete
    Replies
    1. බෑනේ නලින් අයියේ.. අකුරක්වත් වෙනස් කළොත් අටමා මාව මරන්න බලං නේ ඉන්නේ... හි හි...

      Delete
  9. මට නංගි කෙනෙක් නැති නිසා හරි අප්සැට් මෙයා ..
    කොටිම්ම මගේ ..

    නෑ ඒ ටික ඕනේ නැහැ ..නිකම් මොකටද ගියපු අය
    ගාව ගන්නේ...බලමු නංගි කෙනෙක්ගේ ආදරේ විඳින්න...

    අයදුම් පත් කැඳවන්නද මම ...?

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න සහන්.. වාසනාව තිබ්බොත්... හි හි..

      Delete
  10. අදයි ආවේ
    ටිකයි බැලුවේ
    හිතට වැදුණේ
    දිගට බැලුවේ

    ReplyDelete
    Replies
    1. හා හා..... එහෙනං දිගටම බලන්නකෝ... ( අනේ මේක විතරක් කියවලා යන්න එපා.... පරණ ඒවත් කියවන්ඩෝ... හි හි)

      Delete
  11. මටත් තියෙන ප්‍රශ්ණෙ ඇත්තටම අයියද කියල..?
    හිත හිරිවැටෙන වදන් නෙව දෙන්න කතාකරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෑ... ඇත්තටම එහෙම හිතෙනවද.................?????????????????

      Delete