Thursday, June 20, 2013

දැන දැන කරපු පොඩි වැරදි සහ නොදැන කරපු ලොකු වැරදි... ඉස්කෝල මතක...

සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යන කාලේ මං වැරදි කරලා දඬුවම් ලබපු ජාතියේ එකෙක් නෙවෙයි... එක්කෝ වැරදි කරන්නේ නෑ .. නැත්තම් කරන වැරදි අහුවෙන්නේ නෑ.. ඔය එක් එක ජාතියේ වැරදි තියෙනවානේ... ගෙදර වැඩ නොකරන එක.. පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක... ඉස්කෝලෙ කට් කරන එක... ගවුම කොට වෙන එක.. කොණ්ඩේ රිබන් නැතුව එන එක.. බෙල්ට් එකට කටු ගහන එක... හවුස් බැජ් එක නැතුව එන එක... පොත් ගෙදර දාලා එන එක... පීරියඩ් කට් කරන එක... හ්ම්ම්.. ඔච්චරයි වගේ මතක... තව තියෙනව මං හිතන්නේ... හි හි.. 

මං සාමාන්‍යයෙන් නොකරන වැරද්දක් කමයි ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක... කෝච්චිය පරක්කු උනාම ඒක අපේ වැරැද්දක් නෙවෙයි කියලා ටීචර්ලා අපිට කවදාවත් දඩුවම් දුන්නේ නෑ... අනිත් එක ඉතිං පරක්කු වෙනවා නං සෙට් එකක්ම පරක්කුයිනේ.. ගේට්ටුව ගාව ඔය කිව්ව වැරදි  චෙක් කරන්න ඉන්න ශිෂ්‍ය නායිකාවොත් දන්නවා අපි සෙට් එක කෝච්චියේ එන්නේ කියලා.. ඉතිං බුදුන් වැඳලා ඉවරවෙනකම් ගේට්ටුව ගාව තියාගෙන ඉඳලා දඬුවම් නැතුවම අපිව පන්තියට යනවා... 

ගේට්ටුව ගාවදි බලන්නේ ශිෂ්‍ය වාර්තා‌ පොත තියෙනවද කියලා, හවුස් බැජ් එක තියෙනවද කියලා සහ ඔය කටු ගැහිලි අරවා මේවා යන්තම් උඩින් පල්ලෙන්.. අක්කලට ඕවා ඔක්කොම බලන්න බෑනේ.. ඔන්න ශිෂ්‍ය නායක වෙච්ච අලුත නම් පොඩ්ඩක් උවමනාවෙන් බලනවා.. ශිෂ්‍ය වාර්තා පොත බැලුවේ නම් මොන මඟුලකටද කියලා මං දන්නේ නෑ... එක එක කාලෙකට ඔය ගේට්ටුව ගාවදි බලන ඒවා වෙනස් වෙනවා... කාලයක් කෑම පෙට්ටිත් බැලුවා බත් කොලවල ඔතං එනවද කියලා... අපේ බෙල්ට් බකල් එකනේ බැජ් එක... යුනිෆොම් එකේ නීතිය බෙල්ට් එක ඉණට උඩින් තියෙන්න ඕනේ කියන එක.. අපේ උන් කට්ටක් ගහගෙන ඇවිත් ඉස්කෝලෙන් එලියෙදි ඕක පල්ලෙහාට වැටෙන්න හදාගන්නවා.. ඒ කාලේ විලාසිතාව ඉණ පල්ලෙහාට දාලා අඳින එක... ඒක හින්දා නීතියක් දාලා තිබ්බා බෙල්ට් එකට‌ බොත්තමක් අල්ලන්න ඕනේ කියලා.. අපි ඊට වැඩිය කට්ටයි.. අපි කරන්නෙ බෙල්ට් එක බකල් එකේ රඳවනවා... ආයිත් ඕකට බොත්තම් ඕනැයැ.. හි හි... හවුස් බැජ් නීතිය නම් ආවේ මොන මංගල්ලෙටද කියලා මට මතක නෑ... හැබැයි ඒ නීතිය දැම්මට පස්සේ අපේ බැජ් වල ලොකුවට ගහලා තිබ්බ හවුස් වල නම් ටික නං අයින් කළා.. අහල පහල උන් ඕවට එක එක නම් දාගෙන හිටියේ... ඒක හින්දා වෙන්න ඇති... හි හි... 

හැබැයි වැලන්ටයින් කාලෙට හොඳට චෙක් කරනවා.. පන්තිවලටත් පැන පැන... අපේ උන් අක්කලට වඩා කට්ටයි... අපේ අක්කලා කරන්නේ උන්ගේ තෑගියි ලියුමුයි අරවයි මේවයි ඔක්කොම 6 - 7 උන්ගේ බෑග් වලට දානවා... උන්ගේ බෑග් බලන්නේ නෑනේ... අපේ මැඩම් කවදාවත් 12-13 අක්කලගේ බෑග් චෙක් කරවන්නේ නෑ... ලොකු උන්ට කොහොමත් කොල්ලෝ ඉන්නවා කියලා මැඩම් දන්නවා වෙන්න ඇති.. වැඩිපුර බලන්නේ 8-11 තමයි...පොඩි උන් ගැන වැඩි සැලකිල්ලක් තිබ්බා.. උන්ව පරිස්සම් කරන්න එපැයි.... 

කියන්න ගියේ වෙන එකක්... 

9 විතර ඉන්න කාලේ මං ගියේ වෑන් එකක... අපේ ඉස්කෝලෙ ළමයෙක්ගෙම තාත්ත කෙනෙක්ගේ.. ඒ පවුලෙ කට්ටියම අපි එක්ක යනවා.. රස්සාවල් වලට එහෙම.. ඉතිං හැමදාම මේ වෑන් එක පරක්කු වෙනවා... එක දවසක් ඉස්කෝලෙට යනකොට 9.30යි.. හැමදාම පරක්කු වෙලා දඬුවම් විඳලා අපි‌ට ඇති වෙලා තිබ්බේ.. කෝච්චියෙ යනවා වගේ නිදහසට කරුණක් තිබ්බේ නෑ.. ඉතිං හැමදාම රැස්වීම් වලට ඉන්නයි, අතුගාන්නයි, ඊට පස්සේ පන්තියට ගිහින් ටීචර්ලගෙන් බැනුම් අහන්නයි... ඒක නිසා අපි කීප දෙනෙක් කිව්වා අද ඉස්කෝලෙ යන්න බෑ ආපහු ගෙදර යං කියලා... ( එතන ඉස්කෝල දෙක තුනක ළමයි හිටියා..) කතන්දරේ ගොඩක් දිග උනත් කියන්න තියෙන්නේ අපි ගෙදර ගියේ වෙනදා ගෙදර යන වෙලාවටම තමයි, ඉස්කෝලෙ ගියෙත් නෑ.. වෑන් එකේම හිටියා.. ඇත්තටම එදා උනේ බය වෙච්ච එක... 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට 9.30ට යන්න බය නැති ළමයා කවුද... 

මං ඉතිං ගෙදර ගිහින් වෙනදා වගේම අම්මට හැමදේම කිව්වා.. අම්මා මට බැන්නෙ නෑ.. ඒක නිසා මං බය උනෙත් නෑ... 

ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියාම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේදි මට ඔෆිස් එකෙන් පණිවිඩයක් ආවා.. ජීවිතේ පළවෙනි වතාවට එහෙම එකක් උනේ.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායකයෙක්, පන්ති නායකයෙක් නොවිච්ච එකෙක්ට ඔෆිස් එක කියන්නෙ හෙන භයානක තැනක්... මාත් එහෙම එකෙක්.. එතනට යද්දි අපේ තුන්දෙනාම එතන... ප්‍රින්සිපල් මැඩම් ( අපි කිව්වෙ එළිසබෙත් රැජින කියලා ආදරේට..තල්දෙන මැඩම්ව දැකලා තියෙන කෙනෙක් නම් දන්නවා ඇයි ඒ කියලා... හි හි) මාව අල්ලගෙන කලින් දවසේ විස්තර ඔක්කොම ඇහුවා... මං බය වෙලා හිටියට කරපු වැරැද්දෙ බරපතලකම දැනං හිටියේ නෑ... අඩුම ගානේ කරපු වැරද්ද මොකද්ද කියලාවත් මට හරියට තේරුමක් තිබ්බේ නෑ... මං වගේම තමයි අනිත් එකත්.. ( ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අර අන්කල්ගේ දුව... ) මං ඉතිං විස්තරේ කිව්වා... ඊට පස්සේ මැඩම් අපිට කිව්වේ මීට පස්සේ එහෙම බය වෙන්න එපා.. කීයට ඉස්කෝලෙට ආවත් අපි බාරගන්නවා... බය නැතුව මගේ ගාවට ඇවිත් මට ‌හේතුව කියන්න... මීට පස්සේ මෙහෙම වැඩ කරන්නත් එපා... කියලා...  අපිත් ඉතිං ඔලුව වනලා ආපහු පන්තියට ගියා...  එතකොට තේරිච්ච හැටියට අපි කරපු වැරද්ද ඉස්කෝලෙට එන්නේ නැතුව හිටපු එක කියලා මං හිතං හිටියේ... 

ගෙදර ගියාම අම්මා තමයි මට විස්තරේ කිව්වේ.. උ‌ෙද්ම මැඩම් අපේ ගෙදරට කතා කරලා... කලින් දවසේ අපි යුනි‌ෆොම් එකෙන් ඉන්නවා දැකපු කෙනෙක් ඉස්කෝලෙට කතා කරලා කියලා... මැඩම් වෑන් එකේ නම්බර් එක අරගෙන, අපේ පන්ති හොයාගෙන, අපේ ගෙවල් වල නොම්බර් අරන් ගෙවල් වලට කතා කරලා,අම්මලට ඉස්කෝලෙට එන්න කියලා, වෑන් එකේ කට්ටියටත් එන්න කියලා ලොකු මෙහෙයුමක් ඒ වෙනකොටත් ඉස්කෝලෙන් කරලා... එදා මගේ බෙල්ල බේරුනේ මං ගෙදර ගිහින් අම්මට විස්තරේ කියලා තිබ්බ නිසා... කොහොමහරි කරපු වැරුද්දට අපිට නම් කිසිම දඬුවමක් දුන්නේ නැති උනාට ජීවිතේට ඇතිවෙන්න බය උනා එදා... 

ටික කාලෙකට පස්සෙ තමයි එදා අපි කරපු වැරැද්දේ තිබ්බ බරපතලකම හොඳටම ‌තේරුම් ගියේ... ඕක උනේ 1997 විතර.. අද මේක ලියනකොටත් මගේ ඇඟ සීතල වෙන තරම් ... 

මම කවදාවත් යුනි‌ෆොම් එකට මෝස්තර කරලා ඇඳලා නෑ...කොල්ලා වගේ දගල දඟල හිටපු එකානේ මං... ඕවයේ ගානක් තිබ්බේ නෑ.. පන්තියේ දෙවනියට විතර උසම එකා උනාට මගේ ගවුම දණිස්සෙන් පහලට අඟල් දෙකක්වත් අඩුම ගානේ තිබ්බා...ඒකට හේතුව ගවුම් මැහුවේ අපේ අම්මා හින්දා... අම්මත් එක්ක ඉඳල හිටලා වලි දාගත්තට ගවුම දිග වැඩියි කියලා මට ඕක එච්චර ගානක් තිබ්බේ නෑ.. මොන දේට හරි නීතියක් තියෙනවානං ඒ නීතිය අනුව වැඩ කරන එක මගේ පුරුද්ද.. වැඩකට නැති නීති, නීති වාත වෙච්ච වෙලාවට නං අල්ලලා දානවා ඉතිං... හි හි.. 

ඒත් එකපාරක් වැස්ස කාලෙක,සිකුරාදා දවසක අනිත් ගවුම් වේලිලා නැතුව පරණ ගවුමක් ඇඳන් යන්න උනා... එදා රැස්වීමෙදි අක්කලට අහු උනා මගේ ගවුම කොටයි කියලා... ඒ කාලේ ගවුම කොටද කියලා බැලුවේ දණ ගස්සලා කෙලින් උනාම, ගවුම බිම ගෑවෙන්න තියෙන්න ඕනේ කියලා... එදා මගේ ගවුම යන්තම් අඟල් කාලක් විතර කොටයි... අක්කලා ඉතිං මාව අල්ලලා වාටියෙන් බාගයක් ලෙහලා යන්න ඇරියා.. මට ඕක එච්චර ගාණක් උනේ නෑ තව ඇතුලටත් වාටියක් නවලා මැදලා තිබ්බ නිසා... නූල් එල්ලෙන්නේ නෑ නේ.. වාටිය ලෙහලා කියලා පේන්නෙත් නෑ... ඒත් හෝම් සයන්ස් වලට ගිය වෙලාවේ අපේ ටීචර් නූල් පාරවල් දෙක තුනකින් වාටිය ෂේප් කරලා දුන්නේ එදා වාටි ගැලෙව්ව අපේ කීප දෙනෙක්ම හිටිය නිසා වෙන්න ඇති.. ඒ ටීචර්ගේ හැටි ඉතිං.. ළමයින්ට හරි ආදරෙයි...  අනිත් එක හැමෝම එදා පරණ ගවුම් ඇඳන් ඇවිත් තිබ්බේ.. අක්කලා නීතියට අනුව වැඩ කළාට ටීචර්ට තේරෙන්නේ ඇති මේ අහුවෙලා ඉන්නේ විච්චූර්ණකාරියෝ නෙවෙයි කියලා... හි හි... 

මායි මගේ යාලු තවත් පිස්සියෝ තුන්දෙනෙකුයි... හි හි.. 
මුන් තුන්දෙනා දැන් කොහෙ කොහෙ ඉන්නවද කියල මං දන් නෑ... 


ප/ ලි : මට මේ කතාව කියන්න හිතුනේ ගවුම් වාටි කතන්දර කියවෙන නිසා... 

අපි ඉස්සර දැන දැන වැරදි කළා.... මං කවදාවත් ගෙදර වැඩ ගෙදරදි කරපු එකෙක් නෙවෙයි... හැබැයි අහුවෙලා දඬුවම් විඳලත් නෑ...ස්පෝර්ට් මීට් කාලේ අව්වේ කරවෙන්න කම්මැලිකමට පන්තියෙන් කට්ටි පැන්නා.. ඒ ජොලියට... සිල් ගන්න අස්සේ නවල් කියෙව්වා... කම්මැලි හින්දා... 

‌ජොලියට කරපු වැරදි සහ නොදැනුවත්කමින් කරපු වැරදි අඳුනගෙන ඒ අනුව වැඩ කරන්න පුළුවන් ගුරුවරු අපිට හිටියා... ඒක නිසා අපි ඉගෙන ගත්තා බරපතල වැරදි කියලා ජාති තියෙනවා කියලා... ඒ වගේම නීතියක් තියෙන්නේ හේතුවක් ඇතුව කියන එකත් අපි ඉගෙන ගත්තා.. අපිත් ටීචර්ලා එක්ක එක එක දේවලට වලි දාගත්තා... කේන්ති ගත්තා.. රණ්ඩු උනා.. නියෝගවලට අකීකරු උනා...ඒවා අස්සෙම විහිළුත් කළා.. හිනා උනා.. පිස්සු නැටුවා... එක එක ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ උනා...  ඒත් ඒ ඔක්කොමත් එක්ක ගෞරව සම්ප්‍රයුක්ත බයක් ගුරුවරු ගැන තිබ්බා... ගුරුවරුයෙක් එක්ක යකා වැහුනත්, ඒ වෙලාවේ කට වහගෙන ඉන්න, ගෙදර ගිහින් අම්මලට කියන්න අපිට සංයමයක් තිබ්බා... 

මටත් වැරදි කරපු ගුරුවරු හිටියා... හැබැයි ඒ අයගෙන් පලිගන්න අදහසක් මට නම් ආවේ නෑ... සමහර විට ඒ අය වැරදියි කියලා ඔප්පු කරපු එක මගේ පලිගැනීම වෙන්න ඇති... ඒකෙන් මට නරකක් උනේ නෑ... ඒ ටීචර්ල‌ට නරකක් උනා කියලා මං හිතන්නෙත් නෑ... මොකද එයාලා හැමෝම මං ඉස්කෝලෙන් අවුට් වෙනකෙට ගිහින් යනවා කියලා වැන්දම, ඔලුව අතගාලා තව හොඳින් ඉගෙන ගන්න කියලා කිව්ව නිසා... 

අද ඇහෙන දේවල් එක්ක මට තේරෙන්නේ එක්කෝ අපිට හිටපු ජාතියේ ටීචර්ලා දැන් නැතුව ඇති.. නැත්තම් අපිට හම්බුවෙලා තියෙන්නේ හිටපු හොදම ගුරුවරු ටික වෙන්නැති කියලා... අපි ඉගෙන ගත්ත කාලේ හිටපු ළමයෙක්ට ගෙදර ගිහින් තාත්තට කියලා ගුරුවරුයගෙන් පළිගන්න අදහසක් එන්නෙත් නෑ... අපි එක්ක ඉගෙන ගත්ත කිසිම කෙනෙක්ට තමන්ගේ ළමයට දඬුවම් කළා කියලා ගුරුවරුයව දණගස්සන්න අදහසක්‌ එන්නෙත් නැ..

ඊයේ ඇහුනා ප්‍රොජෙක්ට් එකක් බාරගත්තේ නෑ කියලා දොස්තර කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ දැන් ගුරුවරියව මන්නෙන් කපලා කියලා.. තමන්ගේ ව්‍යාපෘති වාර්තාව දෙපාරක්ම අසාධාරණ විදියට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ නැතුව තව පාරක් ඒ ව්‍යාපෘතිය හදලා දුන්න වෛද්‍යවරයෙක්ව මට මතක් වෙන්නෙ මේ වෙලාවේ... 

වැරද්ද තියෙන්නේ අධ්‍යාපනයෙද... අධ්‍යාපනයෙන් හදන මිනිස්සු සමාජයට ගියාමද... කියලා මං තාමත් කල්පනා කරනවා... 

107 comments:

  1. ගොඩාක් දැනුන පෝස්ට් එකක්.. අපි දෙන්නගේ ගොඩාක් සමානකම් තියනවනේ ඒ නිසා වෙන්න ඇති.. මමත් ඉස්කෝලේ යන කාලේ අවුරුදු 13 ටම එකම එක පාරක් විතරයි පරක්කු වෙලා ඇවිත් අහුවුනේ.. මගේ හැගීම තිබුනෙ නම් මොකද ලමයින්ට පොඩ්ඩක් වේලාසන එන්න බැරි කියන එක. හැබැයි ගවුම නම් කොටයි. ඒත් උදේ වරුවම නෙට්බෝල් ප්‍රැක්ටිස් ගිහින් එන නිසා මගේ ගවුම අහු උනා අඩුයි නැන්දා ඉස්කෝලේ උප විදුහල්පතිනියක්, එයාගේ දුවලා ලොකු පන්තිවල ඉතින් මට අක්කල, මිස්ලගෙන් කරදර අඩුයි.
    කරදර කරපු මිස් කෙනෙක් ගැනවත් එහෙම තරහ ගිහින් නෑ. ඒකාලේ හැමදේම සැහැල්ලුවෙන් ගන්න කාලේනෙ. දඩුවමක් වින්දත් ගෙදර ගිහින් කියන්නවත් උවමනාවක් නෑ. කිව්වත් ගෙදරින් ගනන් ගන්නෙට් නෑනේ.
    එක්කො දැන් ලමයි, ලමයි විදිහට හිතන්නෙ නෑ. නැත්නම් ගුරුවරු හරියට තමන්ගේ වැඩේ කරන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් තිබ්බේ එහෙම හැඟීමක් තමයි... හැබැයි ඉතිං අපි දුර ඉඳලා එන ළමයි... ළඟපාත අය තමයි හැමදාම පරක්කු වෙන්නේ.. ළඟපාත ඉඳලා එන ටීචර්ලත් බොහෝ වෙලාවට හැමදාම පරක්කුයි..

      Delete
  2. ඕකෙ වැරැද්ද දැං ඉන්න ගුරුවරු ඉස්සර ගුරුවරු තරං අත්දැකීම් නැති අය වීම. මොකද ගොඩ දෙනෙක් ටියුෂන් පන්තිවලින් ඉගෙනගෙන විභාග පාස් කරපු අය නිසා. ඒ හන්ද ඒ අයට ළමයි‍න්ගෙ වැරදි තේරුම් ගැනීමේ හැකියාව අඩුයි.

    අපිනං පටංගන්න පැය දෙකකට විතර කලින් ඉස්කෝලෙ ගියෙ. :D

    ReplyDelete
    Replies
    1. මට නං ඇත්තටම හිතෙන්නේ මෙතන අවුල තියෙන්නේ අම්මලා තාත්තලගේ කියලා ප්‍රසා අයියේ... අම්මලා තාත්තලා ළමයි ගැන ඉස්සරට වඩා හොයලා බලනවා කියලා දැන් කිව්වට මට නම් පේන්නේ ළමයි ටික ඩේ කෙයාර් එකට දානවා වගේ ඉස්කෝලෙට දාලා ඒ වගකීමෙන් නිදහස් වෙලා තමන්ගේ වැඩ කරගන්න බලනවා වගේ...

      ගුරුවරුත් ඒ වගේ තමයි ඉතිං.. එයාලටත් ළමයි ටික ගෙදර යවාගෙන තමන් ගෙදර යනකම් සිහියක් නෑ වගේ... ඉන්න ටිකේ ළමයින්ට යක්කු වගේ තමයි හැසිරෙන්නේ... මං මේ කියන්නෙ කොළඹ ඉස්කෝල සහ තදාසන්න පැති වල ඉස්කෝල ගැන... හමෝම නොවුනත් ගොඩක් අයට පඩියක් හම්බුවෙන රස්සාවක් විතරයි ගුරු වෘත්තිය..

      Delete
  3. දැන් තියෙන්නේ මොන දඬුවම්ද හිරු, අපේ කලේ නේ නියම දඬුවම් තිබුනේ මේ තියෙන්නේ මගේ එක අත්දැකීමක් කියවලා බලන්න
    වේවැල් කොටු නාරං සියඹලා අතු

    //ඊයේ ඇහුනා ප්‍රොජෙක්ට් එකක් බාරගත්තේ නෑ කියලා දොස්තර කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ දැන් ගුරුවරියව මන්නෙන් කපලා කියලා..//

    මෙයා මේ දවස්වල ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ප්‍රැක්ටිකල් කරනවාලු.

    ReplyDelete
    Replies
    1. හප්පා.. ඒක කියෙව්වා.. මාර ගැහිල්ලක්නේ...

      මෙයා නං මොනවා කරන්න යන කෙනෙක්ද මන්දා... ඔය ලොකු තැන් වල සමහරු පෞද්ගලික දේවල් නිසා සමහරුන්ට ‌කේස් දානවා කියලා දන්නවා... ඒත් මෙච්චර දෙයක් කරන්න තරම් කේන්තියක් එන්න නම් ... අනේ මන්දා.....

      Delete
    2. ඔය වගේ කතා කීපයක් තියෙනවා පාසල් ජිවිතේ ලේබලය යටතේ, විවේක වෙලාවක් කියවලා බලන්න.

      Delete
  4. අනේ මන්ද...ඔලුව මෙව්ව වෙනව මේවට උත්තර හොයන්න ගියාම..?

    අනෙකාට ගරු කරන්න ..පුරුදු පුහුනුවක් නොමැති කම...

    තමන් තමා ලොක්කො..අනිත් උන් ..කොක්කො කියල..හිතන සමාජයක්නෙ..බිහිවෙලා තියෙන්නෙ.
    දේශපාලනය විසින් අනෙක් සියලුම දේ යටපත් කරගෙන...කාබාසිනියා කරමින් යන අතර..තවත් දේ...ඉදිරියේදී..වෙවී..!

    ReplyDelete
    Replies
    1. හැබෑටම....හිරුව කවුද..පොටෝවෙ..අර පිටිපස්සෙම ඉන්න..මෝහිනී වගේ එක්කෙනාද..?

      Delete
    2. මම හිතන්නෙ කොන්ඩ කරල් දෙක ඉස්සරහට දාගෙන දත් සෙට් එක පෙන්නන්නෙ නැතිව සීරුවෙන් සිටින දැරිවි වෙන්න ඇති.

      Delete
    3. නෑ බොලව් අර පිටිපස්සෙ දෙවෙනියට ඉන්න ගිය ආත්මේ පුවක්ගස් සහ ඝන්ටාර පූජා කල එකී.

      Delete
    4. ඔව්..ඔව් මාත් කිව්වෙ ඒකි තමා ඩූඩ්..අනිත් උන්ගෙ කරට අත් දමාගෙන ඉන්නෙ..!
      පුවක් ගස්........)..

      Delete
    5. එහෙනම් ඒ කාලෙ ඉදලම හී..හී..ය තිබිල තියෙනව.පේන් නැද්ද ෆොටෝ එකටත් හී...ය දාගෙන ඉන්න ලස්සන.

      Delete
    6. පිටිපස්සේ මැද එක්කෙනා නේද ...?

      Delete
    7. ඒක නෙවේ මගේ කඳට දැනෙනවා මගේ පරාණකරියෙකුත් ඉඳලා තියෙන්නේ හිරුලා එක්ක..මට නම කියාගන්න බැරුව ඉන්නේ මේ ..හරිම විරළ නමක් සහ වාසගමක් එයාට තියෙන්නේ..මගේ රෙද්ද ගැලවෙනවා අඳුන ගත්තොත් එහෙම...

      Delete
    8. මොකැයි බොළ උඹේ රෙද්ද ගැලවෙන්නේ? දැන් උඹ අඳින්නේ කලිසම් නෙවේද? සාටකෙතුත් දානවද?

      Delete
    9. හිරුවෝ ඉක්මනට ඇවිත් මුගෙ රෙද්ද ගලවපියෝ..! කෝ බොල ..කොහේ ගිහින්ද..?

      Delete
    10. //මගේ පරාණකරියෙකුත් ඉඳලා තියෙන්නේ හිරුලා එක්ක//

      මට පේන හැටියට සහන්ගේ රෙද්ද විතරක් නෙවෙයි බෙල්ලත් ගැලවිලා තියෙන්න ඕනේ ගොඩ කාලෙකට කලින්... හි හි...

      Delete
    11. වීයයි ඩූඩ් අයියයි මාව ගානට හොයාගත්තේ කොහොමද අප්පා... හි හි...

      Delete
  5. //"ඔය එක් එක ජාතියේ වැරදි තියෙනවානේ... ගෙදර වැඩ නොකරන එක.. පරක්කු වෙලා ඉස්කෝලෙ එන එක... ඉස්කෝලෙ කට් කරන එක................"//මාර වැරදිනේ හිරු ,මේවා වැරදිද? අපි එහෙම මෙහෙම වැරැද්දකට අහුවුනානම්, පිනා සර් කියයි ඇති යන්තං කියලා.
    තල්දෙන මැඩම් කිව්වම මට හිතිච්ච එක හරිද මන්දා, අනිවා හරි ඇති.

    ReplyDelete
    Replies
    1. වල් කොල්ලා පෙරලුවානේද අනිත් පැත්ත

      Delete
    2. අනේ අනේ කොලුවෝ...

      ඕකනේ කියන්නේ.. කොල්ලෝ කරන වැරදි බැලුවාම කෙල්ලෝ මල් වගේ කියලා... ( හි හි)

      Delete
  6. ඒකාලේ අපේ බැලුවේ.. බැගි දානවද දානවද, රෑප ගහනවද (කලිසම පාත් කරලා අඳින්නේ), මාල වළලු, මුදු, දානවද, කොන්ඩේ ජෙල් ගානවද, සෙරෙප්පු දානවද, නියපොතු වවනවද, ෆෝන් ගේනවද...වගේ තව අනම් මනම් දාහක් දේවල්. කිව්වත් වගේ කාලෙන් කාලෙට චෙක් කරන එව්වා වෙනස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ පැතුම්.. අපේ කාලේ ඉස්කෝලෙට ‌ෆොන් එකක් ගේනවා කියන්නේ මාරාන්තික වැරුද්දක්.. ඒත් දැන් ටැබ් ෆොන් එකක් තියෙන කීප දෙනෙක් හැම පන්තියෙම ඉන්නවා... හි හි... ඒවා එහෙම තමයි.... හැබැයි කොණ්ඩ යුනි‌ෆොම් නීති නම් තාමත් ඉඳලා හිටලා අහුවෙනවා නේ... කොළඹ මන් දන්නෑ.. අපේ ගෙවල් පැත්තේ ඉස්කෝලේ නම් කොල්ලන්ගේ කලිසම් මහන බාබර් සාප්පු වල අයවත් ඉස්කෝලෙට ගෙනල්ලා ලෙක්චර් දීලා තිබ්බා කලිසමේ නීති ගැන.. පිස්සු කෙලලා මහලා දෙන්න එහෙම එපා කියලා වෝනිං දීලා තිබ්බා ප්‍රින්සිපල්... හි හි...

      Delete
  7. ඔය හවුස් බැජ් එක නම් මට අදටත් ප්‍රශ්නයක්... අපේ කාලේ නම් මකලා තිබ්බෙත් නැහැ..පස්සේ ඉතින් පාරේ යද්දී තක්ෂිලා.. කියල කොල්ලෝ කෑ ගහන එක ගානක් නැතිව ගියා....

    ReplyDelete
    Replies
    1. හාපෝ වැඩක් නෑ කියලා.. මට නම් නම ගහපු බැජ් සෙට් උනේම නෑ.. ඒත් ඉතිං කොල්ලන්ට ඔය නම් නං අමතක වෙලා තිබ්බේ නෑ... සාංචි බෝංචි ගගා හිටියේ... අපි ගනං ගත්තෙත් නෑ.. හි හි...

      Delete
  8. ස්කෝල කාලේ කියන්නේ කාගේත් ජිවිත වල හොදම කාලය වෙන්න ඇති නේද.?
    //මං සාමාන්‍යයෙන් නොකරන වැරද්දක් කමයි ඉස්කෝලෙට පරක්කු වෙලා එන එක//මමනම් නිතරම කලේ ඒ වැරද්ද තමයි..:P කොහොම උනත් මේ දේවල් දකිනකොට මට හිතෙන්නේ ගුරු,ශිෂ්‍ය දෙගොල්ලොම එක වාගේ වැරදීයි කියලායි.

    ReplyDelete
    Replies
    1. ආ...මේ හිරු අක්කා ගියේ ගල්කිස්සේ බාලිකා පාසලකටද හිහි.....?

      Delete
    2. මුංව ගනියි ඒවට.. හැක්..

      Delete
    3. මොකද්ද අප්පා ඔය කියන ඉස්කෝලේ...

      Delete
    4. @දේශක යා උඹ ගියෙත් බාලිකාවකට නේද..?

      @ හිරු අක්කා ගල්කිස්සේ උසස් බාලිකා අහලා නැතිද..?
      යුනිෆොම් එක ඒ ඉස්කෝලේ වාගෙයි.

      Delete
    5. ගල්කිස්සේ බාලිකාව අහලා තියෙනවා.. යුනිෆොම් දන්නේ නෑ.. ( උඹලනේ ඒවා දන්නේ.. හි හි)
      ඔය ගෝතමී එක..

      Delete
    6. නැතුව නැතුව.. බාලක ඒවට ගිහිල්ල නිකං ගේ වෙන්න බැහැනේ බොල

      Delete
  9. ඔයාට කියන්න හිරූ..... දැන් කාලෙ ඉන්න ළමයි ගැන කියල වැඩක් නෑ... ඒකට අපි ඉස්කෝලෙ ගිය කාලෙ... කියල වැඩක් නෑ.."ගන්න දෙයක් නෑ,,"


    අද මට මාරම දුක හිතුන කේස් එකක් උනා... මම ඉගන ගත්ත ඉස්කෝලෙ කවුරුත් දන්න පොඩි ඉස්කෝලයක්... ඒකෙ මම උසස් පෙළට කලේ වාණිජ විශය.. අපිට ඉගැන්නුවා ඉකෝන් මිස් කෙනෙක්... ඒ මිස් ආපු ගමන් ලියනවා ලියනවා ලියනවා... කිසි කතාවක් නෑ... ලියල ඉවර උනාම අපි එක්ක ක්තා කරනව යන්න ඔන්න මෙන්න තියෙල.... ටිකක් විතර සැරයි... අපි ඔය මිස් එක්ක එච්චර ඇයි හොදැයියක් නෑ... " මම හිතන්නෙ අපි ඔය විශ‍යට ආස නැති නිසා වෙන්ට ඇති... "" මම අනන්තවත් බැනුන් අහල ඇති ඔය මිස්ගෙන්.. මට ගහලත් නැති.. මතක නෑ... වටේ පදුරු තැලුව ඇති..


    මෙන්න මේකයි කතාව.... මමයි අක්කයි අද බයික් එකේ එද්දි ඒ මිස්ගෙ කාර් එක ඉස්සරහින් යනව... මම අක්කට කිවුව අන්න අක්කේ ඒ මිස් තමා අපිට ඉගැන්නුවෙ කියල... ඔන්න ටික දුරක් මම පස්සෙන් තියාගෙන ගිහිල්ල ඉස්සර කරන්න හදද්දිම මිස් අත දාල නවත්තන්න් කිවුවා... මිස් මාව අදුරගෙන.... මම නවත්තල මිස් එක්ක කතා කරා... මිස්ට හරි සතුටුයි... මටත් එහෙමයි..... විනාඩි 10ක් විතර කතා කරා...

    අන්න එහෙමයි මිස්ල අපිට අදරේ... අපි එහෙම නැති උනාට.. මට මම ගැනම ලැජ්ජයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කොහොමද අප්පා එයාලට අපිව මෙච්චර මතක තියෙන්නේ.. මගෙත් චිත්‍ර ටීචර් කෙනෙක් අපේ අම්මගේ එක්සිබිෂන් එකකට ගිහින් හිටපු වෙලාවක හම්බුවෙලා ටක් ගාලා අඳුරගත්තා මාව...

      Delete
  10. අර ඉස්කෝලේ කස්ටි පැනපු දවසේ ඉස්කෝලෙන් කරපු ගිනිවිජ්ජුම්බරේ ගැන හිතා ගන්න පුළුවන්. තොපිට දඩුවම් දීල තැන්තේ කරුමෙටද කොහේද..

    අධයාපනය ගැන කතා කරොත් වැඩක් නෑ බං ළමයින්ට මොනවද උගන්වන්නේ විකාර විතරයි. ළමයෙක්ට උගන්වන්නේ නැහැ නේ පොවනවා විතරයි. මේ ගැන පස්සේ කතා කරන්න නෝට් කරගත්තා..

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙනං තව මඤ්ඤං දේශනයක් හම්බුවෙයි ළඟදිම.. හි හි

      Delete
  11. post,photo eka dakala yaluwo tika call, comment karot kohamada?
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් හොඳයි සංජීව.. මටත් මුන් ටික හොයා ගන්න ඕනේ.. හි හි

      Delete
  12. Mamath wadiyenma karapu waradda thamayi pramaada weema. E ithin Sri Lanka Railway 1e engine walata pin sidda wenna. Gedara wada nokarapu kaalekuth thibba.
    Dan inna guruwaruth maha amuthu jaathiyak. Kotinma kiwwoth ekayi hethuwa.

    ReplyDelete
    Replies
    1. කෝච්චි පරක්කු උනාට අපි පලියැ... ඒකට නම් කවදාවත් දඩුවම් හම්බුවුනේ නෑ... හි හි

      Delete
  13. වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළු වල. දැන් නීතිය අතට ගන්න එක විලාසිතාවක් වෙලා. ගුරුවරයෙකුට, දරුවෙකුට හරි වැරැද්දක් කියන්න බෑ දෙමාපියො රෙද්ද උස්සන් එනවා. වැරැද්දක් කරපු එකෙක්ට දඩුවමක් දෙන්න බෑ ඊට පස්සෙ ස්ට්‍රයික්. මෙහෙම ගිහින් කොහෙන් නවතියිද කියන එකයි බය. දැන් දැන්ම නිසි පියවර නොගත්තොත් මහා විනාශයක් වෙලා තමා නවතින්නෙ. කාටත් තරාතිරම නොබලා එක වගේ ක්‍රියාත්මකවෙන නීතියක් තිබුනනම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ.

    ජඩ මාධ්‍යත් මේවට වග කියන්න ඕනා. කාට හරි පඩයක් ගියත් ආන්න අරෙහෙ බෝම්බයක් පුපුරලා හැටක් මැරිලා කියලා උදේ හවහා ප්‍රචාරය කරනවා. අර ගුරුවරියට පිහියෙන් ඇනපු එක මම අද දවස ඇතුලත අහපු වාර ගනන 20කට වැඩි මිසක් අඩු නෑ.. මට හිතා ගන්න බෑ ඇයි මේ ජාතියෙ ප්‍රවෘත්ති නැවත නැවත ප්‍රචාරය කරවලා ඒවා සාමාන්‍යයකරණය කරවන්නෙ කියලා.. ඊට පස්සෙ ව්‍යාපෘති වාර්තාව බාර නොගත්තම ගුරුවරියට පිහියෙන් අනින එක එකම විසදුම/විකල්පය බවට පත් වෙනවා. ගුරුවරිය අවවාදයක් දුන්නම ආ මට ගෙදර ගිහින තාත්තව එක්ක ඇවිත් ටීචර්ව දණ ගස්සන්න පුලුවන් / එහෙම අවසර තියනවා කියලා හිතවන තැනටම ඒවා සාමාන්‍යකරණය කරවලා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්‌ගේ ඔලු ගැන කිව්වම ඉතිං මාධ්‍ය වල වැරැද්දක් තියෙනවා තමයි... අනිත් එක දේශපාලුවොයි බලපුලුවන්කාරයොයි ඔක්කොම නීතිය අතට ගන්නකොට දැන් ඉන්න ළමයි උනත් හිතන්නේ තමන්ටත් එහෙම කරන්න පුළුවන් කියලා... ඊළඟට ඉස්කෝල වලින් එළියට මොන වගේ උන් ටිකක් එයිද කියලා හිතාගත්තෑකි දැන්....

      Delete
  14. ලිපියට වඩා දිගයි පසු ලිවිල්ල. මොනව වුණත් වාටි කතාවකට නේ අවිත් තියෙන්නේ. කොහොම වුණත් බ්ලොගකට යමක් ලියන්නත් දේවල් දැන් සතිපතාම වගේ ලැබෙනවා නේද හිරුවෝ.
    අර උඩ කොටසේ වැරදිවලට තව එකක් අඩුයි නේද? අල්ලපු පිරිමි ඉස්කෝලේ සුපර් මෑන් කෙනෙක්ව සෙට් කරගන උන්න එක.

    ඒව ඒ දවස්වලට වැරදි තමා.. ඉතිං මටත් උන්නනේ ඔයාලගේ ඉස්කෝලේ එක්කෙනෙක්. ඒ ගැන මං කියලා තියනවනේ.

    ඔබ පෙන්වා දෙන දේ අනුව වැරැද්ද පුද්ගල හැදියාවයි. අකලට අවිධිමත්ව විවෘත වූ ආර්ථිකය නිසා මේ තත්ත්ව ඇති වුණා. යම් රටක ආර්ථිකය විවෘත වන්නේ නම් එයට සරිලනස සේ පුද්ගල දැනුම්වත් කිරීම වගේම එයට සරිලන යටිතල සැලසුම් ද ක්‍රියාත්මක විය යුතුයි. දැන් අපට ඒ අතීතයේ හැදියාවත් නෑ වර්තමානයේ හැදියාවකුත් නෑ. ආත්මාර්ථකාමයෙන් රටම වෙලිලා.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ යන කාලේ පස්සෙන් ආවට මං ගනං ගත්තේ නෑ නේ නලීන් අයියේ.. ඒක නිසා මං හොඳ ළමයා.. හි හි...

      Delete
  15. ගුරුවරයෙකුට තාවකාලික ජනප්‍රියත්වයක් ලබන්නත් පුලුවන් ළමයින්ට කැමති දේ කරගන්න ඉඩ ඇරලා, දෙපැත්ත කැපෙන කුණුහරප කිය කිය කාලෙ ගත කරලා හෙම. Short term popularity.

    එහෙම නැතුව ඒ වෙලාවට ජනප්‍රියත්වය හීන වුනත්, ළමයින්ව යහ මග යවන්න අවංකවම පියවර ගන්න ගුරුවරයා තමයි පස්සෙත් අපිට මතක තියෙන්නේ. Long term popularity.

    දැන් හිරුට අර ගුරුතුමීව මතක තියෙන්නෙත් අන්න ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. හෝම් සයන්ස් ටීචර් හිතං හිටියේ මං හරි හොඳ ළමයා, මට හොඳට උයන්න කරන්න පුළුවන් කියලා.. මගේ වැඩ ඉතිං දන්නේ මං විතරයි... හි හි.. කො‌ෙහාමහරි හෝම් සයන්ස් වලට ඩී එකකුත් ගත්තා....

      Delete
  16. හිරු විස්තර කරනකං මටත් තේරුණේ නෑ මොකද්ද අර බරපතල වැරැද්ද ප්‍රින්සිපල් ළඟට ගෙන්නන තරම් කියලා. :)

    ReplyDelete
    Replies
    1. හි හි.. අම්මෝ.. තමත් මතක් වෙන‌කොට බය හිතෙනවා...

      Delete
  17. මමත් මේ ගැන ලියන්න උන්නේ. වාටිය ලියුවම, දරුවෝ නූල් කෑලිත් එල්ලගෙන පාරේ යන්නේ කොහොමද? ප්‍රශ්ණ විසඳන්නේ මෙහෙමද..

    හැම එකාටම සහලවලා උණ.. ප්‍රධාන හේතුව ඒකයි...

    ReplyDelete
    Replies
    1. වාටිය ලිහිල්ල එච්චර ලොකු දඬුවමක් නෙවෙයි මට නම් තේරෙන විදියට මාතලන්... කොහොමත් ඕක ලෙහුවම අපි මොනවා හරි අටෝලා ගෙදර යනකම් ෂේප් කරගන්නවා... අඩු ගානේ සෙලෝ ටේප් කෑල්ලක් හරි ගහගෙන.. දැන් ඔය මගෙත් ටීචර් කෙනෙක්ම ඒක මහලා දුන්නේ.. හැබැයි ඒ වාටිය ගැලවිල්ල අදටත් මතක තියෙනවා මට නම්... එදයින් පස්සේ කවදාවත් එහෙම යුනිෆොම් එක ඇන්දෙත් නෑ...

      ඒක ප්‍රශ්නෙට විසඳුම නෙවෙයි වෙන්න පුළුවන්.. ඒත් ඒක සාධාරණ දඩුවමක් මට නම් හිතෙන හැටියට... යුනිෆොම් එකක් කියන්නේ නීතීරීති පද්ධතියකට හදපු එකක්.. ඒ නීති කැඩුවම දඩුවමක් දෙන්න ඕනේනේ.. ඕකේ ඊළඟ පියවර තමයි දෙතුන් පාරක්ම ඔය වැරැද්දට අහුවෙන ළමයින්ගේ අම්මලා ගෙන්නලා අවවාද කරන එක.. දවස් දෙක තුනක්ම වාටිය ලෙහාගෙන ගියාම අම්මලට තේරෙන්න එපැයි අවුල... අන්න ඒක දැන් කෙරෙන්නේ නෑ... ඒකත් එක හේතුවක් තමයි වැරැද්ද නොහැදෙන්න....

      ඉස්සර මම නං අම්මා ඉස්කෝලෙට එනවට මාර බයයි.. ගුරු දෙගුරු රැස්වීම දවසටත් පපුවේ බිත්තර තම්බ තම්බ ඉන්නේ.. මොකක් හරි වැරැද්දක් අහුවෙනවා හැමදාම ගෙදර ගිහින් බැනුමක් අහන්න... දැන් අම්මලට පණිවුඩ ඇරියම අම්මලා එන්නේ ළමයට ආදරයක් ඇතුව නෙවෙයි... මොන කරදරයක්ද කියල හිත හිත... ටීචර්ට බැන බැන...

      Delete
    2. ඔයාම කියලා තියෙනවනේ ප්‍රශ්ණයට විසඳුම. අම්මා තාත්තා ගෙන්නලා, අවවාද කරන්න ඕන. එහෙමත් බැරිනම්, ළමයා අස්කරගෙන යන්න කිව්වම ඉවරයි. ළමා අපචාරවල යෙදෙන්නේ නැතුව. ගුරුවරුන් මැදිහත් උනත්, ශිෂ්‍ය නායක නායිකාවන්ට දඬුවම් දෙන එකට නම් මම පාසල් යන කාළේ ඉඳන් විරුද්ධයි. අපිව පනිෂ් කරන්න ආපු උන්ටනම් දුන්නා පැණි බේරෙන්නම..

      Delete
    3. ඒත් එකපාරක් අහුවෙච්ච එකෙක්ට අවවාද කරලා යැව්වට වැඩක් වෙන්නෙත් නෑ.. අම්මලා ගෙන්නන එකත් සාධාරණ නෑ.. අනිත් එක පළවෙනි වතාව මට උනා වගේ නොදැනුවත්කමින් වෙන්නත් පුළුවන්.. හැමදාම ස්ටයිල් එකට කොට කරගෙන එන එකෙක්ගේ නම් අම්මලා ගෙන්නන එක සාධාරණයි...

      මොකද ළමයින්ට බැන්නා කියලා ගෙදර ගිහින් අම්මලට කියන ප්‍රතිශතය හුඟක් අඩුයි.. අම්මලට තේරෙන්න දඬුවමක් දෙන්න ඕනේ... එහෙම නැත්තම් අම්මලව කෝල් එකකින් හරි දැනුවත් කරන්න ඕනේ... මං හිතන්නේ නෑ අපේ ඉස්කෝලවල පරිපාලනය එහෙම දෙයක් කරන්න ඉඩ දෙයි කියලා ගුරුවරුන්ට... එහෙම දෙයක් කරනවා නම් මේ දඩුවම අයින් කරතෑකි...

      Delete
  18. මට නම් ඉතින් ඉස්කෝලෙ යන වෙලාව ගැන වද වෙන්න උනේ නෑ...ගෙදර ඉඳන් මීටර් 300....අපි ඉස්කෝලේ යන කාලෙ එක එක පිස්සු කෙලියා තමා..එත් ඒවාගෙන් අපිට හරි ,වෙන කාට හරිවත් කරදරයක් උනේ නෑ...එක ප්‍රින්සිපල් කෙනෙක් එක්ක නම් ඉස්කෝලේ වටේ ඔට්ටු සෙල්ලම් කලා මිසක, ගුරුවරුන්ට කරදරයක් කලෙත් නෑ...හැබැයි ඉතින් අහල පහල තිබුනු අන්නාසි වතු,තැඹිලි වතු නම් ටිකක් පාලු කලා තමයි....එත් අපි ලමා කාලෙදි ලමයි විදියටත් , කොලු කාලෙදි කොලු වීදියටත් හිටියා මිසක වැඩිහිටියන්ට ලොකු සයිස් පෙන්නන්න ගියෙ නෑ...
    ඒකට දැන් එවුන්, ලඟකදි ඇස් රතුකරගෙන, පියවි ලෝකෙන් එහාට ගිහින් ඉන්නෙ...කට ගහගෙනත් එනවා..හැබැයි එකෙක්ට කන රත් වෙන්න දුන්න ගමන් වටෙ ඉන්න උනුත් ලමයි වෙනවා....සමහර දෙමාපියො ඊට හපන්..ලමයි ගැන මොන කතාද..ගහේ කටු උල් කරන්න ඕනයැ..

    ReplyDelete
    Replies
    1. ළඟකදි ඉන්න පොඩි උන්ගේ වැඩ වලට වගකියන්න ඕනේ උන්ගේ මහ උන්... අන්න ඒ මහවුන්ගේ කාලේ වෙච්ච වැරැද්දයි හදන්න ඕනේ මුලින්ම...

      Delete
  19. මටත් මතක් උනා මගේ ඉස්කෝලේ කාලේ ඇත්තමයි මටත් හිතුනා ඒ ගැන ලියන්න :)
    අන්තිම දේ ගැන නම් මට කියන්න දේවල් හිතාගන්න බෑ දැන් කාලේ ගොඩක් ඉවසීම කියනදේ අඩු අය ඕනේ තරම්.....

    ReplyDelete
  20. ඉස්කෝලේ කාලේ කරපු වැරදි වැඩ ගැන ලියන්න කිව්වොත් වෙනම ටැග් එකක් හදලා ලියන්න වෙනවා! හැබැයි ඔය ජරා වැඩ කලේ නෑ! කලොත් කලේ මොකක් හරි අලුගුත්තේරු වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියන්නකෝ..... දැන් උන් ජරා වැඩත් අලුකුත්තේරු වැඩ ගොඩට දාගෙන ඉන්න එකනේ අවුල.. ඒක කියලා දෙන්න ඉන්න උනුත් ඒවයේ වෙනස දන්නේ නෑ.... ඒකයි මං මේ ලිව්වේ... අපේ කාලේ හිටපු අය තේරුම් ගත්තා වැරැද්දට හේතුව මොකද්ද කියලා. .ඒවා දැනගෙනයි දඬුවම් දුන්නේ...

      Delete
  21. හිරුගේ කතාව කියවන් යද්දි මට ඉස්කෝලේ ගිය කාලේ මතක් උනා :(
    අපිට හිටපු ගුරුවරු දැන් ඉන්න ගුරුවරුන්ට වඩා හොදයි කියලා මට නම් හිතෙනවා.....
    ගොඩාරියක් ආසාවෙන් කියෙව්වා.ආයෙමත් ඉස්කෝලේ එක්කම් ගියාට ස්තූති.. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කාලේ ගැන ලියන එක හරි ජොලි අප්පා... හි හි

      Delete
  22. මමත් පරක්කු වෙලානම් ඉස්කෝලේ ගිහින් නෑ. අපේ වෑන් එක ගිනි පාන්දර යනව නේ. බස් එකේ යන්න ගත්තට පස්සෙත් කොච්චර අමාරුවෙන් හරි ෆුට් බෝඩ් එකේ හරි ගිහින් වෙලාවට යා ගත්තා. නැත්නම් ඉස්කෝලෙට යනකොට ගේට්ටුව වහලා තියනවා කියන්නේ නිකන් දවසම අප්සට් යන වැඩක්

    ReplyDelete
    Replies
    1. අපි නම් ශනිකම්කරු වගේ මුළු ඉස්කෝලෙම කුණු ඇද්දා පරක්කු උන දාට...:( කොහොම උනත් නැවත හැරිලා ආව දවසක් ගැන නම් මතකයක් නැහැ ...බලමු තව කල්පනා කරලා..

      Delete
    2. ආයිත් අහලා... ඒ දවස්වල පුංචි දෙයක් උනත් උදේ පාන්දර, දවසම ඉවරයි තමයි... හි හි...

      Delete
  23. මම නම් A/L වෙනකම්ම ගියේ ඉස්කෝලේ පරක්කු වෙලා.. ඊට පස්සේ උදේම ගියා තව වැඩ තිබ්බ හන්දා..

    කාලයත් එක්ක ගුරුවරු වෙනස් වෙලා කියලා හිතෙනවා.. අපිට ඉස්සර ගහද්දී ඒ වෙලාවට කේනති ආවත් පස්සේ ඒවා අමතකයි.. ඒත් දැන් ජනප්‍රියත්වයට ඕනම දෙයක් කරන ගුරුවරුන්ව ලමයින්ට කොහොමත් ඉක්මනට අමතක වෙනවා..

    මේක කියවද්දී මතක් උනේ මගේ ඉස්කෝලේ කතා සීරිස් එක ලියලා ඉවර කරන්න උනෙත් නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඒ කතා සෙට් එකට මක් උනාද ඈ....

      Delete
  24. පාසල් මතක තරම් සුන්දර මතක ජීවිතයට තවත් නෑ.

    ReplyDelete
  25. මම නම් එක කාලයක් තිබබා පලවෙනි පාඩමට ගිහිල්ලම නැති. ඒ තුන්වෙනි බෙල් එකටත් පස්සේ ඉස්කෝලේ ගිහින්. කොච්චර පරක්කු උනත් සීසන් බස් එකක් එනකල් ඉන්නවා. ඉතිං ඉස්කෝලේ කුණු අතු ගන්න උනේ අපිට. ඒත් එවාගෙනුත් කට්ටි පැන්නා සමහරක් දවස් වල. ඒ දවස් වල නම් ඊට වඩා ලොකු දෙයක් තිබ්බේ නෑ. මෝඩකම තමා ඉතිං

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ දව්සවල ඒවා මාර වීරකම්... හි හි...

      Delete
  26. ඉස්කෝලෙ මතකය අලුත් වුණා.. ලියන්න නං කප්පරක් දේවල්... වෙලාව හරස් වෙලා...

    අද සමාජයේ හැම අංශයකම පිරිහීමක්නෙ තියෙන්නෙ... ඒවල ප්‍රතිඵල තමයි අපිට අහන්න දකින්න වෙන්නෙ කියල මට හිතෙනවා...මෑත කාලයේ ඉස්කෝලවල සිදුවීම් ගත්තම උණත් ගුරුවරුන්ට, ශිෂ්‍යයින්ට විතරක් නෙවෙයි දෙමව්පියන්ටත් මේ මොකද වෙලා තියෙන්නෙ කියල කම්පාවක් දැනෙනවා...

    මාධ්‍ය වුණත් මේ කුණු ගද ගහන කතා තලු මරනවට වඩා හොදයි මිනිස්සු තුළ සාමකාමී, යහපත් සිතුවිලි ඇති කරන දේවල් වැඩි වැඩියෙන් කතා කරන එක...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි තරූ.. මෙතන එක කොටසකට විතරක් බැනලා වැඩක් නෑ කියලයි මාත් හිතන්නෙ.. එතකො‌ට කොටස් කීපයක් වැරදි නම් ඒ වැරැද්ද පටන් ගත්තේ කොතනින්ද කියලත් කල්පනා කරන්න වෙනවා.. අන්න එතකොට නම් මොළේ කොලොප්පන් වෙනවා... හි හි

      Delete
  27. \\\කීයට ඉස්කෝලෙට ආවත් අපි බාරගන්නවා... බය නැතුව මගේ ගාවට ඇවිත් මට ‌හේතුව කියන්න...\\\

    මෙන්න අම්මලා...අම්මා කෙනෙක්ගේ වගකීම දන්න නියම අම්මා කෙනෙක්...මට එච්චරයි කියන්න තියෙන්නේ හිරු..

    ReplyDelete
    Replies
    1. ඕක කිව්වේ ප්‍රින්සිපල් මැඩම් සහන්... හි හි...

      ආයිත් මොනාද ඉතිං.. එදා ඉඳලා ඉස්කොලෙන් අයින් වෙනකම්ම මැඩම් ගාවට යන්න නම් මගේ කිසිම බයක් තිබ්බේ නෑ... හි හි...

      Delete
    2. ඔව් ඔව් මාත් කිව්වේ මැඩම්ව අරමුණු කරන් තමයි...

      Delete
    3. හීයෑ.. පෙරලුන පිට හොදයි කියනවා..

      Delete
  28. මට හිතෙන්නේ වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක් හිරු... දැනට ටික කාලයකට කලින් උණත් අපි අපේ විශ්වාසය සහ පොදු දැනුම අනුව හරි යැ‍යි හිතෙන දෙයක් කලාම ඒකට සමාජයේ පිළිගැනීමක් තිබ්බා. ළමයෙක් ගැන හොයලා බලන එක කාගෙත් වගකීමක් වගේ හැඟීමක් තිබ්බා. ඉස්කෝලෙක ගුරුවරයෙක් ළමයෙකුට දඬුවමක් කළහම ඒක ගුරුවරයගේ අයිතියක් වගේ හිතන ස්වභාවයක් අපිට තිබ්බේ. ගුරුවරු ගැන ගෙවල් වල ගිහින් පැමිණිලි කලාම අපේ අම්මලා තාත්තලා උනත් ගුරුවරුන් හමුවෙන්න ආවේ ගරුසරු ඇතිව. ඒ ළමයි හරි පාරේ යවන්න ගුරුවරුන්ට වගකීමක් තියන බව සහ ගුරුවරු පොඩි පොඩි වැරදි ඇතිව උනත් තමන්ගේ ඒ වගකීම හැකි පමණින් ඉටු කරනවා යන හැඟීම සමාජයේ තිබ්බා.

    අද වෙලා තියෙන්නේ මේ අන්‍යොන්‍ය විශ්වාසය බිඳ වැටිලා. අම්මලා ගුරුවරු විස්වාස කරන්නේ නෑ.. ගුරුවරු ළමයි විස්වාස කරන්නෙ නෑ. නමුත් මේක සමාජයේම බිඳ වැටීමේ කොටසක්. දැන් හරියට නීතිය ක්‍රියාත්මක කරපු කොච්චර පොලිස් නිළධාරීන් ගණනක් මාරු කලාද? තමන් කරන හරි දෙයට අදාල ප්‍රතිඵල ලැබෙන්නෙ නැත්නම්, තමන්ට වෙන අසාධාරණයට සමාජයේ අනිත් මිනිස්සු හඬ නගන්නෙ නැත්නම්, අපි හැමෝම ජීවත් වෙන්නෙ යාන්තම් ජාම බේරගන්න වගේ තත්වයකට පත්වෙනවා. මේ ගුරුවරිය කොයි විදිහේ චරිතයක්ද කියලා කියන්න මම දන්නෙ නැහැ.. නමුත් ගැහැණු ළමයින්ගේ ගවුමේ වාටිය ලෙහීම, පිරිමි ළමයින්ගේ කොන්ඩ කොටට කැපීම, සාක්කු පරීක්ෂාව මේ වගේ දේවල් අපේ ඉස්කෝල වල කාලයක ඉඳලා සිද්ධවෙච්ච දේවල්. මේවා අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමෙයි. මේවා හරියටම හරිය, අනිවාර්යයෙන් කල යුතුයි කියලා කියනවා නෙමෙයි. නමුත් මේක මේ ගුරුවරිය කරපු මින් පෙර සිදුනොවූ, අපි අසා නැති දෙයක් නෙමෙයි.

    මේ ප්‍රශනයේදි මේක සිද්ධවුනේ කොහොමද කියලා දන්නෙ නැති උනත්, ගුරුවරයෙක් ළමයෙකුට ගහන්නේ හරි වෙන දඬුවමක් දෙන්නේ හරි, තරහට සහ ළමයා ලැජ්ජාවට පත් කරන්න කියලා කියන්න බැහැ. අපිට ගහපු, අපිට දඬුවම් දීපු ගුරුවරු දිහා අද හැරිලා බලපුවහම අපිට හිතෙනවද ඒ හැම ගුරුවරයෙක්ම අපිට ගැහුවේ තරහකින් කියලා? මගේ අත්දැකීම නම් සමහර වෙලාවට මතක හිටින දඬුවමක් දීපු ගුරුවරයෙක් අපේ ජීවිත හොඳ පැත්තකට යොමුකලා කියලා හිතෙන වාර ගණන වැඩියි.

    හරි ඒකෙන් වැඩක් නැහැ.. මම කියන්න හැදුවේ සමාජයේ අපි එකිනෙකාට බැඳී හිටිය අන්‍යෝන්‍ය විශ්වාසය පළුදුවෙලා... අපේ දොස්තරව ෂුවර් නෑ... ගුරුවරයාව ෂුවර් නෑ, කඩේ මුදලාලිව ෂුවර් නෑ... හැමෝම අනිත් හැම දෙනාම දිහා බලන්නේ සැක මුසු හැඟීමකින්... ජීවිතය අසීරු තරඟයක් උණාම තමන්ගේ අම්මව තාත්තව පවා විශ්වාස කරන්නෙ නැති තැනකට මිනිස්සු වැටෙනවා.

    ReplyDelete
  29. ඉස්කෝලෙ යනකාලෙ කව් රුත් වාගෙ හොරෙන් හරි අහුවෙන්න හරි වැරදි කරනව. ඒව ඉතින් සාමන්ය දේවල්. හැබැයි දැන් ලමයි කරන වැරදි ඊට වඩා ගොඩක් බරපතලයි.ගුරුවරුන්ට කිසි ගරුසරුවක් නෑ. ගුරුවරුන්ට නරක වචනයෙන් කතා කරනවා. දෙමව්පියොත් ඒව වහනවා. ඒවල ප්‍රතිපල තමා අපි දැන් t.v. එකේ දකින්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..... ටීවී එක නම් නොබලා ඉන්න තරමට හොඳයි අප්පා

      Delete
  30. හික් ඉතින් අපි තාම මෙව්වා කොරනවානේ...))))

    ReplyDelete
    Replies
    1. හික්.. අම්මට පෙන්නලා හිනාවෙයන්කෝ මෙන්න මේ අක්කලත් අපි කරපුවා කරලා කියල ඒ දවස්වල... කොහෙන් හරි හොයන් ඇවිත් ගුටියක් දෙනව... හි හි

      Delete
  31. ගෝතමී ගිය අය සේරම එක වගෙයි එහෙනං.
    සේරම කොච්චි කරල් තමයි.
    මගේ තුමියටත් පෙන්නුව ඔන්න ඔයා ගිය එකේම තවත් කරලක් කියල.

    ReplyDelete
  32. ගෝතමිය කියන්නේ ගෝඩාආආඅක් හොද ඉස්කෝලයක්....මොකද ඒක ආනන්දෙට ගොඩාආආආඅක් ලගින් තියෙන්න්නේ......:))

    ReplyDelete
    Replies
    1. ආනන්දයේ මැද මිදුල ගෝතමියද?

      Delete
    2. ඇත්තම කිව්වොත් කෙන්ජි නාලන්දෙයි ආනන්දෙයි මැද මැදුල වගේ තමයි ගෝතමිය.... ඉස්‌කෝලෙ එක පැත්තකට ගියාම ආනන්දෙ.. අනිත් පැත්තේ නාලන්දෙ...

      Delete
  33. එක පාරට ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒක අපේ කාලේ අපේ අම්මලා තාත්තලාටත් හිතෙන්න ඇති කියලා හිතෙනවා, ලෝකේ නිතරම වෙනස් වෙන නිසා වෙන්න ඇති, නමුත් එදාට වඩා අද මාධ්‍ය ඔස්සේ හැම දෙයක්ම හැම අස්සක් මුල්ලකටම ප්‍රචාරය කෙරෙනවා එනිසා වෙන්න ඇති හිරු එදාට වඩා අද අපිට මේ විපර්‍යාස දකින්න ලැබෙන්නේ. අපේ කාලයේ, ගුරුවරුන්ට භය වුනා වගේම ගෞරව කරා කියලා හිතෙනවා. ඉගෙනීම මුල් තැනට දැම්මා වගේම දෙමාපියන් මේ තරම් අපේ පස්සෙන් පැන්නුවේ නෑනේ. අද වෙලා තියෙන්නේ දෙමාපියන්ගේ තරඟයට ළමයින්වත් ඇදලා දාලා වගෙයි. එයාලට සමාජ ආචාර ධර්ම කියන දේවල් වැඩක් නැති ගානයි. ගුරුවරියක් දඬුවම් කළොත් මානවහිමිකම් කොමිසමට යන්න තරම් දරුවෝ දෙමාපියෝ එඩිතර වෙලා. තත්වය නම් සෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... දැන් නං කාට ගරු කරන්නද, කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැරි තරම් අවුල් වෙලා තියෙන්නේ...

      Delete
  34. මම පුරුද්දක් විදියට සා පෙල/ උසස්පෙළ කරන කාලේ පමා වෙලා පාසැල් ගියේ පටන්ගන්න බෙල් එක ගැහුවට පස්සේ. ශරීර සුවතා කරන්න කම්මැලි කමට ශිෂ්‍යනායක පිරිස යාලුවෝ නිසා හැමදාම ෂේප් වෙනවා. අවුලක් වුනේ නැ එකම එක දවසක් දඩුවම් වින්දා.එච්චරයි.

    නමුත් අද සමාජය හරිම වෙනස්. අන්තිමේදි දඩුවම් කලොත් ගුරුවරයා වැරදියි. කොහොමද රට හදන්නේ..

    ReplyDelete
    Replies
    1. හප්පා.. එක්සයිස් කිරිල්ලත් මහම කම්මැලි වැඩක් තමයි ඒ කාලේ.. අපිත් පුළුවන් දෙයක් කරලා මඟාරිනවා ... හි හි ..

      Delete
  35. ඊට පස්සෙ හිරුවගෙ චණ්ඩි මහත්තය ගිහින් අර ගවුමෙ වාටිය ලිහපු අක්කල ටික දණ ගස්සවල තිබ්බලු.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ එයාව දන්නේ නෑ යසිත්.. අනිත් එක බැරි වෙලා හරි එයා හිටියනං ඕක වෙන කාලේ අනිවා තව ටිකක් බැනුම් අහන්න වෙනවා ගවුම කොටට ඇන්දා කියලා.. හි හි

      Delete
  36. හි හි, අපි යන කාලෙ වෙනකොටනම් හවුස් බැජ් එකෙ නම් මකලා තිබ්බෙ... :) ඒත් අනෙ අම්මෝ.... අපේ කාලෙ ආව බරපතලම නීතිය තමා ඉණ පල්ලෙහා තියෙන්න බෑ.. ගවුමෙ ඉණ වැලමිට ගානට උසට තියෙන්න ඕනෙ. නැත්තම් ගවුමෙ කෙලින්ම නිල් පෑනෙන් ඉරි ඇන්දා, අපෙත් කොයිතරම් නම් ගවුම් වාටි ලිහලා තියේද, පෑනෙන් ඇධලා තියේද, ඕනෙ තරම් දඬුවම් වින්දා ඉස්කෝලෙ කාලෙ. ඒත් අනේ මංදා.., දැන් මොනා වෙලාද කියලා

    ReplyDelete
    Replies
    1. අඩේ මෙයත් ගෝතමියක්ද.. හි හි...

      අපේ කාලේ නම් පෑන් ඉරි ඇඳිල්ල කළේ නෑ.. ගවුම විනාසයිනේ ඊට පස්සේ.. අනිත් එක බෙල්ට් එකේ නීති ටික ඇරෙන්න ඔය ඉණේ නීතිය තදට තිබ්බේ නෑ...

      Delete
  37. හැම බාලිකාවක්ම එක වගෙයි කියලා හිතුනා.........අතීතයට ගියා නොදැනිම.....මේ කතාව ලිව්වේ ඔයාද මමද කියලා මොහොතකට මට හිතුනා.....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එක කාලෙක එකම විදියයි තමයි නේද... ඉස්කෝලෙ යන කාලේ... හි හි

      Delete
  38. අපේ ඉස්කෝලෙ කෙල්ලොනෙ

    ReplyDelete
  39. ඔක්කොම කමෙන්ට් බලන්න බැරි නිසා කියන්න ආව දේ කියන්නම්. හිරු කියන්නේ හරිම සැහැල්ලුවෙන් හැදිච්ච කෙල්ලක්. මට මටත් වෙන්නේ ටෝට්ටෝ චාන් කියන ජපන් චරිතේ. මගේ දුවත් නිදහසේ හැදෙනවට මම කැමතියි. එහෙම අයගේ නිර්මාණශීලීත්වය ඉහලයි. මම ඉගෙන ගන්න වද කරන්නේ නෑ එයාට. ඒත් වටේ ඉන්න අයට මේක මදියි. මොනවා කරන්නද ? සියලු දේ සාපේක්ෂයි. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඕනෑම දෙයක් වෙන්නේ, එයට අවශ්‍ය පරිසරය නොහොත් වටපිටාව හැදුනම.

    ReplyDelete
    Replies
    1. හප්පා.. මං ටොට්ටො චං වගේ වැඩත් කරලා තියෙනවා... හි හි... මට ඉතිං එච්චර හිතන්න දෙයක් කියලා තිබ්බේ නෑ නේ ඒ කාලේ... හරි සැහැල්ලුයි තමයි....

      Delete
  40. මා ඔබගේ අලුත් සටහන් ටික කියෙව්වේ අද. මෙතනට ලියන්න ගොඩක් තිබුනත් මා ලියන්නේ නැහැ. වෙන තැනක ජිවත් වන නිසා. අධ්‍යාපනය කියන්නේ විභාග පාස් වීම සඳහා විතරක් අරමුණු කර ගන්න එකක් වුනහම අවසාන ප්‍රතිඵලය කොහොමත් හොඳ වෙන්නේ නැහැ. මේ ක්‍රමයෙන් ඉහල නැගුන අය, ලංකාවෙන් පිටට ගියත් එයින් මිදෙන්න උත්සහ නොකිරීම මා දකින එක දුක්ඛ දායක දෙයක්.

    ReplyDelete
  41. ඉගෙන ගෙන වැඩි උනාමත් පිස්සු හැදෙනවා නේ! එහෙම එකෙක් වෙන්න ඕන ඔය මන්න පාර දීපු එකා. හැබැයි ඔය ලොකු ලොකු ප්‍රොෆෙසර්ස් ලා ළමයින්ට දෙන වද ගැනත් මං පෞද්ගලිකවම දන්නවා.

    ReplyDelete
  42. අඩේ.... මගෙත් ගවුමේ වාටිය ලෙහලා තියෙනවා අප්පා..... හැබැයි ඉතිං අපිට ගානකුත් නෑ.... පරක්කු වෙලා ගියාම තමා ඕවට අහු වෙන්නේ. වේලාසනින් ඉස්කෝලෙට ගියාම ශේප් එකේ හිටියහැකි....

    ReplyDelete
  43. හප්පොච්චියෝ... කොමෙන්ට් 105ක්... ඉරිසියාවෙ බෑ

    ReplyDelete
    Replies
    1. ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් එකක් දැක්කොත් එහෙම උඹට හුස්මත් හිර වෙයි යසිතෝ...:D

      Delete
  44. ඕං මාත් ආව. ලස්සනට ලියල තියෙනව, මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් වුනා

    ReplyDelete