Thursday, July 16, 2015

වෙඩිං කතා....


මේ දවස්වල තදබල රයිටර්ස් බ්ලොග් එකක් ඇවිල්ල... රජගල ගියපු කතාවෙ ඉතුරු හරිය දාන්නවත් බ්ලොග් එක පැත්ත පළාතේ එන්න හිතෙන්නෙ නැති තරං....කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඊටත් වඩා කම්මැලියි... කම්පියුටරේම එපා වෙලා ඉන්නෙ ජීවිතේ පළවෙනි වතාවට... කොහොමත් මේ ටිකේ පරණ ටීවී සීරීස් ඩවුන්ලෝඩ් කරන අබිං කෑමක‌ට සෙට් වෙලා හින්ද 10 වෙනිද වෙනකොට බයිට් ටික ඉවරයි.... අන්ලිමිටඩ් කිව්වට ඉතිං මේව ස්ලෝ උනාම ස්ලෝ වෙන්නෙ ආයිත් ඉතිං වැඩක් කරගන්න බැරි වෙන්නමනෙ.... හි හි.. 

කොහොම උතන් ලියන්න දේවල් නැතුව බ්ලොග් අතෑරලා ඉන්නව එහෙම නෙවෙයි... ලියන්න දේවල් තියෙනව.. ඒත් ලියන්න කම්මැලියි.... පහුගිය ටිකේ කඩේටම වෙලා හිටපු හින්ද හැමදාම ඉතිං මොන මොනව හරි විකාරයක් සිද්ද වෙනව.... වැඩියම ඉතිං මේ වෙඩිං කේක් හදන කාලෙනෙ... මගෙ වෙඩිමට මම කාපු කට්ට මට විතරක් අදාල දෙයක් නෙවෙයි කියල හිතෙන්නෙ ඒක හින්ද.... ගොඩක් එවුන්ට කොල්ලෙක්\ කෙල්ලෙක් හොයාගෙන බඳින්න ලෑස්ති වෙනකොට වැඩිහිටියොන්ගෙ අත ගැහිලි හින්ද අන්තිමට වෙඩිම වෙනකොට කසාදෙ එපා වෙලා... 

පහුගිය ටිකේ එහෙම වෙඩිමක් කැන්සල් වෙලා තිබ්බෙ වෙඩිමට කලින් ද‌වසෙ.... අවුරදු 6ක් යාලු වෙලා ඉඳලා, වෙඩිම ගන්න ගිහින් කොල්ලෙගෙ අම්මගෙ තාත්තගෙ ඇඟිලි ගැහීම් හින්ද, කෙල්ලට කසාදෙ එපා වෙලා... එක අතකින් ඒක කොච්චර හොඳද කියල මට නං හිතුනෙ... මොකද දැං බැන්දෙ නැත්තං මිනිස්සුන්ට මූණ දෙන්නෙ කොහොමද කියල අම්මල පොළවෙ පස් කද්දිත්, අම්මල මිනිස්සුන්ට මූණ දුන්නත්, මං එපායෑ ඔය මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ඕනෙ කියල කියන්න තරං හයියක් ඒ කෙල්ලට තිබ්බ හින්ද.... කොල්ලට කතා කරල වෙඩිම කැන්සල් කරල, අපිට කතා කරලා ඇහුවෙ වෙඩිං කේක් එක ඕනෙ නෑ, ඒ වෙනුවට එයාගෙ නංගිට බර්ත්ඩේ කේක් එකක් හදලා දෙන්න පුළුවන්ද කියල... අපි සාමාන්‍යයෙන් එහෙම ඕඩර් කැන්සල් කරන්නෙ නෑ.. අපිට පාඩු නිසා... ඒත් ඕඩර් එක දෙන්න ආපු වෙලාවෙ, අපිටත් තේරුන මේක නං හරි යන මඟුලක් නෙවෙයි කියල... වෙඩිං කේක් එක ගන්න අපි එන්න කියන්නෙ සාමාන්‍යයෙන් මනමාලිට... මනමාලයන්ට ඕව තේරෙන්නෙ නැතිව නෙවෙයි.. ඒ උනාට උන් ඕවයෙ වගකීම් ගන්න බයයි.. හ‌පොයි මං තෝරලා ඕක හරි ගියෙ නැත්තං එහෙම කියල.... හි හි... මෙතන දහ දෙනෙක් විතර ආව ඕඩරේ දෙන්න.. මං හිතුවෙ වෙඩිමට වියදම් කරන්නෙ අම්මල තාත්තල වෙන්න ඇති කියල.... එහෙමත් නැති පාටයි.. අපිටත් ලොකු පාඩුවක් තමයි... ඒත් වෙලා තිබ්බ දේ හැටියට සහ කරලා දෙන්න කියල ඉල්ලපු දේ සාධාරණ හින්ද ඉතිං කොහොම හරි අපි ඒ ඕඩරේ කැන්සල් කරල දුන්න...  

කොහොම හරි දැං ඔය යාලුවෙලා, බඳින්න හිත හිත ඉන්න, මේක කියවන එවුන්ට මට කියන්න තියෙන්නෙ යාලුවෙලා ඉන්න එකාගෙ\ එකීගෙ ගෙදර මිනිස්සු තමන්ට දිරවන්නෙ නැත්තං වහාම එක්කො ඕක නවත්තල දාන්න.. එහෙම නැත්තං කසාදෙ කරගත්ත ගමන් බස් එකකින් පැය බාගෙකට එහා යන්න වෙන තැනක පදිංචි වෙන්න, පුළුවන් නං දෙන්නටම මේ රටෙන්ම යන්න ලෑස්ති කරගන්න කියල.. මොකද අපි කොච්චර හිතුවත් අපි බඳින්නෙ එයාගෙ පවුලෙ අය නෙවෙයිනෙ... මං බඳින කෙනා මට කැමතියිනෙ කියල... ඒක හරියන සිතුවිල්ලක් නෙවෙයි.. අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම.... 

අනිත් එක කොල්ලොත් කල්පනා කරල බලන්න ඕනෙ තමන්ට කොන්දක් තියෙනවද කියල.. තමන්ට අම්මල තාත්තල කියන කියන විදියටම කරන්න වෙනවනං, එහෙම නැත්තං ඊට ඉහලින් යන්න බෑ බෑ වගේ නං,තමන් කසාද බඳින්න සුදුසු තත්වෙක නෑ කියල තේරුම් ගන්න ඕනෙ...  කෙල්ලන්ට නං තේරෙනව කොල්ලන්ට කොන්දක් නැති උනාම... ඒත් ඉතිං ආදරේ නිසා, වෙන කරන්න දෙයක් නැති නිසා ඉවසනව.... 

මේ මං කිව්වෙ අම්මල තාත්තල නොසලකා ඉන්න ඕනෙ, එයාලා කියන දේවල් සතපහකට ගනං ගන්න එපා කියල එහෙම නෙවෙයි... වැරදියට වටහා ගන්න එපා.... තමන්ගෙ ජීවිතේ ගත කරන විදිය තමන්ට තීරණය කරන්න පුළුවන්ද කියල හිතල බලන්න... ඒ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න තමන්ට ශක්තිය තියෙනවද කියල හිතල බලන්න.. බැරි නං තවත් කෙනෙක්ව අමාරුවෙ දාන්න එපා... එත‌ෙකාට ඔයාගෙ ජීවිතේ ගැන ඔයා සතුටුත් නෑ.. ඔයා නිසා තවත් කෙනෙක්, දෙතුන් දෙනෙක් දුකට පත්වෙනව.... 

මෙහෙම හිතල අම්මල තාත්තල පැත්තකට දාලා කසාද කරගන්න තීරණය කරනව නං, ඊට කලින් හිතන්න ඕනෙ ඔයාට ඒ ශක්තිය තියෙනවද කියල.. ආර්ථික වශයෙන් සහ මානසික වශයෙන්... මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ... කොටාගන්න වංගෙඩිය ඕනෙ.... බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ... නැත්තං, වෙඩිමෙදි අම්මලගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් ඉතිං ජීවිත කාලෙම ගෙවන්න ණයක් ගත්ත හා සමානයි.... 

මේක කියෝන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං මේ ලියන දේවල් අපේ සමාජෙට ගැලපෙන්නෙ නෑ කියල... ජීවිත කාලෙම අම්මල තාත්තල බලාගෙන ඉන්න එක යුතුකමක් කියල උගන්නන සමාජයක මේක තේරුම් ගන්න අය ගොඩක් අඩුයි.. විශේෂයෙන් අපේ අය වැඩිපුරම අල්ලගන්නෙ වලිගෙ පැත්තෙන් හින්ද.... ඒ උනාට ඉතිං ගොඩක් විවාහ ජීවිත වල මේ ගැටලු ටික තියෙනව.. මේක ගෑනුන්ට ගෑනු එක්ක ඉන්න බෑනේ කියල ස්ටීරියෝටයිප් කරල අතෑරලා දාන්න පුළුවන් සිද්ධියකුත් නෙවෙයි.... මොකද හැම තැනකම ඒකට හේතුවක් තියෙනව... මම දැකල තියෙන ගොඩක් තැන් වලදි නං නැන්දම්ම ලේලි කේස් වලට ප්‍රධාන හේතුව පුතාට හරියට තීරණයක් ගන්න තරං ශක්තියක් නැති වීම තමයි... මුල ඉඳලම කොන්ද කෙලින් තියාගෙන තීරණ අරගෙන, ඒවා ක්‍රියාත්මක කරන්න ශක්තිය නැති කරල දාන එක අපේ මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට වෙනකං අධ්‍යාපන ක්‍රමයෙන් කරනව... සමාජය ඉතුරු ටික කරල දෙනව... තව ජෙනරේෂන් හතරක් පහක් යනකංවත් මේ තත්වය නැතිවෙයි කියල හිතන්න බෑ... එතකොට ඔන්න කෑගහන්න ගනියි, අවුරදු කොච්චරක්ද බර ගානක් තිබ්බ සංස්කෘතිය ඉවරයි කියල... 

සිම්පල් වෙඩිං කේක්... 

ප/ලි : ඉක්මණට කොටා ගෙන ගිය හින්ද සමහර තැන් හරියටම ලියවිලා නෑ වගේ පේනව.. ඒත් මට මේක හදන්න බෑ.. මේ ලියපු ටෝන් එක තමයි මට හිතෙන විදියට මේක ලියන්න පුළුවන් එකම ටෝන් එක... ඒක හින්ද කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වැල්වටාරමක් විතරයි කියල... එහෙම හිතුනොත් ඔන්නොහෙ අතෑරලා දාන්න... හි හි

ප/ප/ලි : රජගල කතාවෙ ඉතුරු ටික ගෙදර ගිහින් ෆොටෝ ටික හදා ගත්ත ගමන් දාන බවට පොරොන්දු වෙමි... හි හි

82 comments:

  1. නෙදකිං ඉදල ඉදල දාපු එක

    ReplyDelete
  2. කෝ මේකෙ කතාවක් නෑනෙ. මදැයි ටිකක් හිනාවෙනන කියල ආව
    පොහ් ඉතරක් 😋 😋 😋 😋

    ReplyDelete
    Replies
    1. මකුළු දැල් කැඩීම්... හි හි

      Delete
  3. අම්මලා තාත්තල අතරින් බොහොම ටිකයි අදකාලේ මහා බාධක පර බවට පත්වෙන්නේ. ඒ අර උපතින්ම සාම්ප්‍රදායික චින්තනය කරපින්නාගෙන ආපු අය. එහෙම නැත්නම් සල්ලි පෙරේතයෝ.

    අපේ දුවගේ වෙඩින් ක් කෑලි ටික සහ වෙඩින් කේක් එක අපේ ඇත්තීගේ අධීක්‍ෂණය යටතේ අවට හිතවතියන්ගේ ආධාරයෙන් ගෙදරදිමයි හැදුනේ.

    ReplyDelete
    Replies
    1. නෑ විචාරක.. ගොඩක් අය එහෙමයි.... ඔය මහා බාධක පර වලට වඩා පුංච් පුංචි බාධක පර උනාම හෙන කේස්... මොකද බෑ කියන්නත් බෑ.. වෙන කරන්න දේකුත් නෑ.. අපි හිතනව අපෝ ඕව හරි පුංච් කේස්නෙ කියල... ඒ උනාට ඒවා තමයි අන්තිමට ලොකු ප්‍රශ්න වෙන්නෙ... අනිත් ප්‍රශ්නෙ තමයි ගොඩක් පිරිමි ළමයින්ට ගොඩක් වෙලාවට තනියෙන් තීරණ ගන්න ශක්තිය නෑ... ඉතිං අම්මලට අත දාන්න වෙනව වැඩේට... එතකොටත් අවුල් ඇති වෙනව...

      ගොඩක් වෙලාවට ඔය වෙඩිං කේක් එක ගෙදර හදන එක සාර්ථක වෙන්නෙ නෑ කියල මට බොහොම කණගා‌ටුවෙන් උනත් මෙතනදි කියන්න වෙනව ඉතිං... හි හි... හේතුව මේකයි.. ප්‍රධාන හේතුව තමයි ඔය වැඩේට අතේ හුරුව තියෙන්නෙ ඕනෙ... අපි නං අවුරද්දකට දහ පාලොස් පාරක් ඔය කේක් එක දාන හින්ද අපිට අතේ හුරුව තියෙනව.. ඒත් කලාතුරකින් ඔය වැඩේ කරන අයට ඒක හරියට එන්නෙ නෑ.. එක්කො කේක් එක තෙතයි.. නැත්තං කර වෙනව... නැත්තං අන්තිමට පොත්ත වගේ... කොලේ ඇලෙනව... එක එක කේස්... මොකද දාන බඩු ඉස්තරම්මෙම්ම දැම්මත් ඕක හදන විදියට අතේ හුරුව ඕනෙමයි... අඩුම ගානෙ මෙච්චර කල් මටවත් ඕක හරියටම අහු වෙලා නෑ... අම්ම තමයි හැමදාම ඒ කේක් එක කරන්නෙ.. මම ඉතිං ෆෘට්ස් කපල දෙනව.. බේක් කරනව.. අන්තිමට කේක් කෑලි ඔතනව වගේ වැඩ විතරයි....

      තව දෙයක් තියෙනව... මීට අවුරුදු ගානකට කලින් සිස්ටම් එකට නෙවෙයි දැං වෙඩිං කේක් කෑල්ල හදන්නෙ.. ඉතිං හැමතිස්සෙම ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නෙ නැති අයට ඔය අප්ඩේට් එන්නෙ නෑ.. ඉතිං වෙඩිමම ඉවරයි... (අපිත් ඉවරයි... මොකද වෙඩිං කේක් එක අපි හැදුවම ඒක දකින අය හිතන්නෙ වෙඩිං කේකුත් අපි හැදුව කියලනෙ... හි හි...)

      ඔන්න ඕක මඟුල් අවුල් වෙන්න තව හේතුවක්... ලොකු ගානක් දීලා කේක් ගෙඩිය අපෙන් හදනව.... පවුලෙ කවුරුහරි කියනව මම වෙඩිං කේක් ටික හදල දෙන්නං , බඩු ටිකට විතරක් සල්ලි දෙන්න කියල... අන්තිමට වැඩේ අංජබජල්.. අනන්තවත් අපි හොයාගෙන එනව අන්තිමට මොහොතෙ වෙඩිං කේක් අප්සට් වෙල... එහෙම අයට ඉතිං සොරි ඩොට් කොම් තමයි.. මොකද අපි මාස ගනං කලින් කේක් හදල තියාගන්නෙ නැති හින්ද...

      මේ ඊයෙ පෙරේදත් එක කොල්ලෙක්ට ඔය වැඩේ උනා... තාත්තගෙ නංගි කේක් ටික හදල දෙන්නං කිව්ව කියල ඕඩරේ කැන්සල් කරන්න ආව.. මම ඕඩරේ කැන්සල් කරල දුන්න වෙන ටික පහදල දීල.. මට අන්තිමට කෝල් කරල කිව්වෙ අක්ක කිව්ව එකම තමයි උනේ අන්තිමට.. මේ හදපු කේක් මට ඔෆිස් එකට දෙන්න බෑ... පුළුවන් නං කේක් කෑලි 100ක් හදල දෙන්න කියල... උෟ අඳුරන එකක් හින්ද කේක් ටික හදල දුන්න අන්තිමට....

      Delete
    2. අපේ කේක් හදන්න රැස්වුණ කණ්ඩායම හොඳ දැනුමක් තියන අය. දෙදෙනෙක් හිටියා ගෘහ විද්‍යා ගුරු උපදේශක වරු. එක්කෙනෙක් කේක් ගැන හොඳ දැනුමක් තියන කෙනෙක්. මමත් හිතුවේ කෝකියෝ වැඩිවෙලා සුප් එක සවුත්තු වෙයි කියලා. මට එක දෙයක් පැහැදිලි වුනා. නිවැරදිව හදන ආකාරය ගැන නිවැරදි දැනුම සහ අත්දැකීම් තිබීම ඉතා වැදගත් බව. අපේ උන්දැට මීට කලින් සෑහෙන වතාවක් වෙඩින් ක් හදලා අත්දැකීම තියනවා. බඩු ලැයිස්තුව හරිම දිගයි. ආදේශක අමුද්‍රව්‍ය මොකුත් ගත්තේ නැහැ. නියමම දේවල් දැම්මේ. දර පෝරණුවක පිච්චුවේ. ඊට පස්සේ පදම් කලේ. හැම දෙනාම කිව්වා කේක් හරිම හොඳයි කියලා. තවමත් කේක් කෑලි 50 ක් විතර අරන් තියලා තියනවා හුලන් නොවදින ආවරණයක. මොකුත්ම වෙලා නැහැ. හැදුවේ මාර්තු මාසේ. ඩුබායි වලට පාර්සල් තැපෑලෙන් යැව්වා කෑලි 10ක් ඒවත් ඉතා හොඳ තත්වයෙන් තිබුනා කියලා කිව්වා.

      Delete
    3. මේක අර රෑ වෙද්දී දාන ටෙලි මාර්කටින්ග් එකක් වගේ. ජැකී ශෝරෝෆ් වගේ එක්කෙනක් පනිනනවා. අනිත් එක්කෙනා වෙලදපොලේ අනික්වට වැඩ තමන්ගේ එක සුපීරියර් වෙන හැටි කියනවා.

      Delete
    4. විචාරක තුමනි.. දැං ඉතිං මං මේ කියන එක ගැන අමනාප වෙන්න එහෙම එපා... දර පෝරණුවෙ වෙඩිං කේක් පුච්චන ක්‍රමය දැං යල් පැනල.... ඒකට හේතුව දර පෝරණුවෙදි කේක් එක එක සමානව බේක් වෙන්නෙ නැති හින්ද... එක තැනක් හෝ වැඩිපුර පිච්චුනොත් කේක් තිත්ත රහ වෙනව... ( අපිට ඒක පාලනය කරන්න බෑ නේ... අපි බේකරියකට දීලා එපායෑ කේක් එක බේක් කරගන්න...) කේක් කෑලි කලු පාට වෙනව... ( අපිත් මුලදි ඔය විදියට තමයි හැදුවෙ.. හි හි... කාලයක් තිබ්බ ඔය කේක් එක හදද්දි අර මස් අඹරන මැෂින් එකට දාලා ෆෘට්ස් ටික තලපයක් වෙන්න හදපු කාලෙකුත්... හි හි... )

      ගෘහ විද්‍ය‌ ගුරු උපදේශකවරු ගැන මට එච්චර හොද හැඟීමක් නෑ අවංකවම... මම හෝම් සයන්ස් කරද්දි, ජීවිතේට කුස්සියට නොයා උනත් හරියට කේක් එක හදාගන්න පුලුවන්කම තිබ්බ අපේ ඉස්කෝලෙ හිටපු හෝම් සයන්ස් ටීචර්ලා තුන් දෙනෙකුට වඩා... එයාලා තියරි දන්නව උනාට අත හුරු නෑ..

      ( සාමාන්‍යයෙන් වෙඩිං කේක් නරක් වෙන්නෙ නැතුව අවුරදු 4ක් විතර තියන්න පුළුවන්.. තෙත නැතුව, හුලං වැදිලා පුස් එන්නෙ නැතිවෙන්න තිබ්බොත්.. මොකද ඒකට යොදන අමුද්‍රව්‍ය 90%ක්ම විතර වේලපු පළතුරු හින්ද.. හැබැයි කල් යනකොට ඒව කලු පාට වෙනව... කෑවහම ඇති වෙන මත් ගතිය වැඩි වෙනව.. ඒකට හේතුව නං ඉතිං දන්නව ඇති නේ... හි හි )

      වෙඩිං කේක් වලට දාන අමුද්‍රව්‍ය ගැන නං ගොඩක් දෙනා දන්නව... හෙන ලිස්ට් එකක් තියෙනව තමයි.... සාමාන්‍යයෙන් කඩවල විකුණන්න තියෙන කේක් කෑලි රැපියල් 25-50ත් අතර වගේ තියෙන්නෙ ඒවට රට ඉඳි සහ තව පොඩි පොඩි ලාබ දේවල් දාලා හදන නිසා.. හරිම අමුද්‍රව්‍ය දැම්මොත් රැපියල් 70- 80ක් විතර යනව බඩු වල වියදම විතරක් එක කේක් කෑල්ලකට...

      අකලංක... ඇයි වදේ... මෙච්චර වද විඳ විඳ ලියන එකේ මෙහෙම ඇඩ් එකක් දාලා හරි කීයක් හරි හොයා ගන්න එක හොඳ නැද්ද... හි හි....

      Delete
    5. අපි හදපු කේක් කෑල්ලක වියදම පෙට්ටිය සහ ඔතන කොළ සහිතව ආසන්න වශයෙන් රු 77 ක්.

      Delete
  4. මාත් දාන්න කියන කෙනෙක් ඉන්නවා . එයාල බැන්දට මොකද එයාගේ හුස්බන්ඩ් එක්ක ඉන්න වෙලාවට හබිගේ අම්ම මොකක්හරි බර බාරයක් දානවලු. නැත්නම් ඒ දෙන්න ලගින් ඉන්නවලු.
    දවසක් අහවල් වැඩේ කරද්දී දොරත් අරගෙන ඇවිල්ල එක විජ්ජුම්බරයක් වෙලා...

    දෙපැත්තම බැලන්ස් කරන් ඉන්න කව්රුත් දැනගන්න ඕනේ. . .

    ReplyDelete
    Replies
    1. හි හි.... පුතාලව ඉහේ තියාගෙන ඉන්න අම්මල එක්ක ලේලිලට හොඳින් ඉන්න බෑ කියන එක තමා ඇත්තම කතාව... ළමයට ආදරේ වෙන එක වෙනම දෙයක්... ඒත් කෙලින් හිටගන්න පුළුවන් වෙච්ච දවසෙ ඉඳලම ආදරෙයි ආදරෙයි කිය කිය ඒකගෙ කොන්ද කඩනව.... ( මේව කලින් අපිට කියල දෙන්න කෙනෙක් හිටිය නං මාත් හොයාගන්නෙ ගෙදර අය පණ වගේ ආදරේ එකෙක් නෙවෙයි.. ගෙදරට පෙන්නන්න බැරි එකෙක් කසාද බඳින්න.... මේ ඇත්තමයි... හි හි)

      Delete
    2. ඔය අපේ වෙනුරිගේ ආච්චිත් එක්ක මාමා බැදපු නැන්දා ඔව්ව කතාවෙලා මොකක්ද "මටනම් එයත් එක්ක කොච්චර හිටියත් එපාවෙන් නෑ "ද මොකද්ද කියලා ආච්චි මාමා නිවාඩු එනකම් ඉදල කියල උඹේ ගෑනිට අලියෙක් අල්ලලා දීපන් උඹ හරියන්නෑ කියලා. තාමත් නැන්දම්මා ලේලි වළි .

      අපි ගෙදර සීන් එක. නන්දම්මයි මාමණ්ඩියි දෙන්නා මට ලවු. දූට ඉලවු.ව්යිෆ්නම් කියන්නේ එයාගේ නංගිට ඔක්කොම ලියන්න ගහන කට්ටක් කියලා අනේ මංදා මටනම් දුන්නොත් හොදයි. නුදුන්නත් ඉතින් බලෙන් ගන්නැය.

      අර රුපියල් 5ක දුරින් ඉන්න ඕන කතාව තේරුම් ගන්න අපිට අවුරුදු 5ක් ගියා. සිරාවට බැදපු දවසෙම එලියට බැස්සනම් අද මිට වඩා හොඳට ඉදී කියලත් හිතෙනවා

      Delete
    3. ඔය කතාව එකෙක් දෙන්නෙක් විතරක් කියන කතාවක් නෙවෙයි අකලංක... හි හි

      Delete
  5. කේක් හදනවා, මගුල් කඩනවා, උපදෙස් දෙනවා... :D

    බැන්දයින් පස්සෙ ගෙදර තීරණ ගැනීමේ අයිතිය පිරිමිය අතේ තියෙන්න ඕන කියන එකට මාත් එකඟයි. නැත්තං වැඩ ඔක්කොම අවුල් වෙනව. හැබැයි ඉතිං සහෝදරයො ඉන්නවනං එහෙම ඒක ටිකක් අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. හි හි... ඒව එහෙම තමා...

      වෙනම ඉන්න ඕනෙ... ඒක තමයි කරන්න තියෙන එකම දේ.. කොහෙද... ඒකටත් කේස් දානවනෙ.... ගේ ලියල දෙනව කියයි... ඉතිං ඉවරයි... මම අපේ මල්ලිට ගේ හදාගනිං කිව්වම අපේ අහල පහල අයට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි අම්මලගෙ ගේ තියෙද්දි එයා ගෙයක් හදන්නෙ මොකටද කියල.. අම්ම කියල තිබ්බ දැං එයාලගෙ වැඩ එයාලා කරගන්න ඕනෙ.. අපි දෙන්නට දැං වත් නිදහසේ ඉන්න තියෙන්න ඕනෙ.. ඒක නිසා එයාලට වෙනම ගෙයක් හදා ගන්න කිව්ව කියල... ඇත්තම කතන්දරේ නං එහෙම කළේ මල්ලිට වගකීම් කියන දේ තේරුම් කරල දෙන්න ඕනෙ නිසා.... බැංකුවලින්, මිනිස්සුන්ගෙන් ඔය වගේ වැඩක් කරගන්න පුරුදු කරන්න ඕනෙ නිසා.. නැත්තං හැමදාම අම්මල ලව්ව ඕව කරගන්නව මිසක් ජීවිතේට සමාජය තේරුම් ගන්නෙ නෑ....

      Delete
  6. ඕකට අපි වගේ නිදහස් පවුලකින් කෙල්ලෙක් හොයා ගන්ට ඕනේ.:D
    ඇත්තට ගොඩක් මගුල් අවුල් වෙන්න දෙමාපියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතු වෙනවා තමයි

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගෙ පවුල් වලට වඩා කොල්ලන්ගෙ පවුල් වලින් තමයි කේස් වැටෙන්නෙ.. කෙල්ලන්ගෙ පවුල් වලින් කේස් වැ‌ෙටන්නෙ ඒගොල්ලන්ට හෙනට සල්ලි තියෙනව නං තමයි... හි හි...

      Delete
  7. අනේ අප්පේ .... මේ යස අගේට සැපට තනිකඩව ඉන්න පුළුවන්කම තියෙද්දි මුං හිරේ යන්න ගිහින් නහින නැහිල්ලක්. ඔන්නොහෙ කමක් නෑ ඉතිං, අපි වගේ හිතන එවුන් හිටියොත් බොලාගෙ බිසිනොසුත් සුන් නේ... :)

    අර කිව්වත් වගේ ටීවී සීරීස් බැලිල්ල නම් අබිං කෑම වගේ තමා. මාත් දැන් ඇබ්බැහි වෙලා වගේ. මම බාපුවයි තව හම්බවෙච්චයි මහ ගොඩක් තියෙනව බලන්න. තියෙද්දිත් තව බානව සීඩ්ස්ල නැති වෙන නිසා ටොරන්ට්වල. සීසන් හතර පහක පත සීරීස් එකක් බලල ඉවර උනාට පස්සෙ නිකමට ගාන හදල බැලුවම පැය කීයක් නම් ද, එක දිගට බැලුවනම් දවස්ගානක් ඉවරයි වැඩේට. ඔන්න ඔහොමයි වෙන වැඩක් කරන්න වෙලාව නැති අපේ කාල කළමණාකරණය. අනික බලපුව ඩීලීට් කරන්න ලෝබයි. තණ්හාව. එකක් ඉවර වෙන්න එකක් හාඩ් අරන් පුරවනව. බලං ගියාම ඒකත් මහ පිස්සුවක් බං.

    https://www.dialog.lk/postpaid-broadband-postpaid-data-for-a-download-feast/

    බාන්න ගිහින් ඩේට ඉවර වෙන එකට ඕක හොඳ නැත්ද. ටොරන්ට් ටික බාන්න දාලා නිදාගන්න තියෙන්නෙ. මේ කාලෙ තියෙන ඩේටා අඩු ගාන වැඩි හිඟන පැකේජ් එක්ක බැලුවම ගානෙ හැටියට වරදකුත් නෑ. මටත් ට්‍රයිකරල බලන්නවත් විදියක් නෑ, වෙන උගුලක පැටලිල හින්ද. හි ... හි ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මේ ළඟදි House MD බලන්න පටං අරං අන්තිමට මංම කල්පනා කළා කොච්චර කාලයක් මේ මඟුලට වියදම් කළාද කියල... හි හි... ඒ උනාට ඉතිං මං වැ‌ඩේ අතෑරියෙ නෑ.. කොහොම හරි ඔක්කොම බැලුව.... හි හි

      Delete
  8. අපේ ළමයින්ගෙ කොන්දවල් කෙලින් තියාගෙන ඉන්න දෙන්නෙ නෑ කියන එක නම් සහතික ඇත්ත.

    අපිටත් ගෙදරින් පුදුම කරදරයක් තියෙන්නෙ. දෙමව්පියො හින්දම ඉවසන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හරියත් දැං හෙට අනිද්ද බඳිනව නේ... හි හි

      Delete
    2. //හරියත් දැං හෙට අනිද්ද බඳිනව නේ... //

      මොකක්? ආයෙ බඳින්ට. නෝනෙ ඕහේ හදන්නෙ මූව ඇත්තටම හිරේ යවන්න, බහුවිවාහ චෝදනාවකට. :)

      http://wicharaka.blogspot.com/2015/04/blog-post_30.html

      Delete
    3. විනාසයි... මට මිතක තිබ්බෙ මූ තාම වෙඩිම ගන්න ලෑස්ති වෙනව කියල... හි හි

      Delete
  9. අක්කේ ඔයාගේ කතාව එක්ක මං සම්පුරනම එකඟයි,, අවාසනාවට මට ඒ කෙල්ල වගේ එඩිතර වෙන්න විදියක් තිබ්බේ නෑ,,

    ///අපි බඳින්නෙ එයාගෙ පවුලෙ අය නෙවෙයිනෙ... මං බඳින කෙනා මට කැමතියිනෙ ‘ කියල... ඒක හරියන සිතුවිල්ලක් නෙවෙයි.. අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම..////

    මේක ගොඩක් වටින 100 % ඇත්ත කතාවක්,,, මං ඔය සිද්දිය අත්වින්දා එකෙන්ම,.

    නොලියම ඉන්න එපා මං වගේ ලියන්න අනේ මේ වගේ මොනාහරි

    ReplyDelete
    Replies
    1. කම්මැලියි බං.... ඒකනෙ මට තියෙන කරුමක්කාරම ලෙඩේ... හි හි

      Delete
  10. අපේ ගෙදර තියෙන්නේ ඔකේ අනිත් පැත්ත නෙහ්..මම කෙල්ලෙක් එක්ක යාලු උනාම අපේ අම්මට මට වඩා එයා හොදයි..රස්තියාදු පාරක් ගහනකොටත් අම්ම කෝල් කරලා කියන්නේ ඒකිට..කෙල්ල නැන්දාම්ම ෆුල් ලවු එක දිරෝගන්න බැරිව මට රිලවු,,
    තාමා කසාද බලා නැති නිසා ඕක ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ..ඒ වගේම පුතාට වඩා විස්වාස කරන හිටපු කෙල්ලෝ පුතාට කොකා පෙන්නපු එක ගැන අම්ම පසුතෙවෙනවා කියලත් වෙලාවකට මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ තාම යාලු වෙලා විතරයි හින්ද.. බැන්දම ඔක්කොම කණපිට ගහනව.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හි හි... මොකද එකට ජීවත් වෙනකොටනෙ එච්චරකල් නොපෙනිච්ච ඇද කුද පේන්නෙ..... හි හි....

      Delete
    2. මම රට ගිහින් හිටිය වෙලාවක අපේ අම්මට අසනීප වෙලා එකී ඇවිත් ගෙදර නවතිලත් හිටිය..නැන්දාම්ම ලේලිට මගේ කාමරේත් දීලා මම එනකොට අල්මාරියේ පැත්තකුත් බදු අරන්..ලංකාවට අපු ගෙදර එකට ඉන්න උනේ විසිටර්ස් රුම් එකේ දවස් 2කක්

      Delete
    3. කොච්චර සුන්දර උනත් වැඩක් නෑ ඇය දැන් වෙනෙකුගේ තුරුලේ

      Delete
  11. මම සාමාන්‍යයෙන් මූණු පොතේ තියෙන සමහර අදහස් වලට, එතකොට බ්ලොග් වල තියෙන සමහර අදහස් වලට එකඟ නෑ. නමුත් හිරූ කියලා තියෙන බොහොමයක් කරුණුවලට මම එකඟයි.

    අපි අපේ ගමේම ගෙයක් කුලියට අරං හිටියා. අපේ මහ ගේ තියෙන්නේ පාර අයිනේ. අපි කුලියට ගත්ත ගේ තියෙන්නේ පාරෙන් කිලෝමීටර් තුනක් විතර ඈත. පාරට එන්නම පෙට්‍රල් වලටත් අමතර වියදමක් යනවා. ඒත් අපි එහෙම කලේ ඔය අනවශ්‍ය ප්‍රශ්ණ නිසා. අපි විවාහ වුනාට පස්සේ කවදාවත් මහ ගෙවල්වල ඉඳලා නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් බඳින්න කලින් ඕක කට කැඩෙනකං කිව්වා.. කොහෙද.. මේ පිරිමින්ගෙ මොලේ තියෙන්නෙ මැටි විතරයි නෙ.... හි හි....

      Delete
  12. රයිටර්ස් බ්ලොග් එකක්නම් හොඳයි නෙ !

    ReplyDelete
    Replies
    1. ස්පෙලිං මිස්ටේක්.... හි හි

      Delete
  13. බ්ලොග් එක කියවන අයට විසේස වට්ටම් ඇතුව කේක් හදල දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඒව නං බැරියැ... බ්ලොග් කියෝන උන් ඇවිත් අපෙ අම්මට බ්ලොගේ කියෝලයි ආවෙ කියල, ආපු එකාගෙ නම ගම නොකිය යන එකනේ දිරවන්නෙ නැත්තෙ.. ඇයි ඉතිං මං ගියාම අපෙ අම්ම කියනව උස, සුදු, කෙට්ටු, මහත එකෙක් ආව කියල... මං දන්නවයැ මුන්ගෙ හැඩ රුව... හි හි

      Delete
  14. යුවතිය.. ඔබ නොමැති බ්ලොග් ලොව... පරිප්පු නැති “කැඳ හැලිය“ වගේයි.. හැක්..

    වල්කම් බෑක් වේවා!!

    ReplyDelete
    Replies
    1. කම්මැලියි බං... හි හි

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කටුනායක - මාතර එක්ප්‍රස් වේ බස් එකක් ඩ්‍රයිව්න් වේකැන්සියක් තියේලු...

      Delete
    3. අර කියුවත් වගේ උඹට මහ කරදරයක්නේ බං වෙලා තියෙන්නේ.. මින් මනතනම් කිසිම කිසි දේකට කරදර කරන්නේ නෑ ඕං වරෙන් කියල..

      Delete
    4. හෆොයි දෙයියනේ ... මට බස්සිගෙ කමෙන්ට් එක කියවලත් ගමන් මහන්සිය.

      Delete
    5. අපෙත් ඔය‌ කේස් තිබ්බ බං... අපෙ අම්මට මාව අන්දන්න ඕනෙ කිව්ව.. මල් බොකේ එක හදන්න ඕනෙ කිව්ව... තව චුට්ටෙන් සැරසිලිත් එයාම කරන්න ගන්නයි ලෑස්ති උනේ... මං වැඳල වගේ වෙන තැනකට දුන්නෙ... කේක් එක අම්මගෙ යාලුවෙක්ට දුන්න හදන්න... සිරාවටම බං මට කේක් එක ගැන මෙලෝ ගානක් තිබ්බෙ නෑ... ඩිසයින් සිලෙක්ට් කළෙත් නෑ.. කැමති එකක් කරගන්න කියල අතෑරල දැම්ම.... අපි දෙන්න කතා වෙලා හිටියෙත් වෙඩිම පොඩියට කරමු කියල තමා... මට නං වැඩිපුරම වෙඩිම පොඩියටම කරන්න ඕනෙ උනේ ඉඩං කෑල්ලක් තිබ්බ නිසා ගේ කෑල්ලක් හදා ගන්න ඕනකම හින්ද... මෙන්න නැන්දම්ම කියපි අපෙ ඉතිං එක වෙඩිමක් කළානෙ.. මේක පොඩියට කරන්න හිතං ඉන්නෙ කියල... ඒ අස්සෙ තට්ටු පිට තට්ටු ගේකුත් ගහන්න ලෑස්තිය ළමයි ඔක්කොටම එක තට්ටුව ගානෙ... මට නේද ඉතිං.... අපෙ මිනිහටත් කිව්වට තේරුම් ගත්තෙ නෑ.... රට ගිහින් හම්බකරන් ආපු සල්ලි ටිකත් එයා තාත්තට දීලා... අපෙ අම්මට මළ පැන්න පාර ගේ හදන්න කියල ඉතුරු කරගෙන හිටපු සල්ලි ටිකත් දාලා හත්මුතු පරම්පරාවටම කන්න දීලා වෙඩිම කරල දැම්ම...ඒ වෙඩිමම කරුමයක් උනා.... අපි දෙන්න තාම කුලි ගෙවල් වල... තට්ටු පිට තට්ටු ගේ ඔය වහල තියෙන්නෙ.... ඉතිං නෑයන්ට ඕකට හරිම ප්‍රශ්නෙ... අපි කොහෙ ගියත් ප්‍රධාන මාතෘකාව අච්චර ගෙයක් තියෙද්දි මොකටද කුලී ගෙවල් වල ඉන්නෙ කියන එක.. අම්මප ඔය එකෙක්ටවත් මේ අපිට තේරෙන ටික තේරෙන්නෙ නැද්ද මන්ද....

      Delete
    6. හපොයි :( වෙඩින් එක ගන්න කලින් නම් මටත් වෙඩින් එකේ වැඩ වාත වෙලා තිබුනේ. හැබැයි පවුලේ අය නිසා නෙමෙයි - perfectionist වීමේ නරක ගතිය මට තියෙන නිසා හැම දෙයක්ම මට ගානට මිම්මට ඕනේ. මට ඕනේ විදියටම වෙඩින් වැඩ කරන කට්ටිය (පෝරු ගහන මිනිස්සු, අන්දන එක්කෙනා, මහන එක්කෙනා, මල් බොකේ, සැරසිලි ඔහොම හැට හුටාමාරක් කට්ටිය) ලව්වා හරියටම කර ගැනීමේ උණ තමයි මට තිබුනේ.

      Delete
  16. වෙඩින්? අනෙ අම්මෙ........

    ReplyDelete
  17. //
    මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ... කොටාගන්න වංගෙඩිය ඕනෙ.... බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ...//

    සහතික ඇත්ත....ඒත් ඉතිං තේරුං යද්දි පරක්කු වැඩි හැමෝම

    ReplyDelete
    Replies
    1. උඹලට පිස්සුද? සම්බෝල කියන්නේ luxury කෑමක්නේ බොලව්. පොල්ගෙඩියක් කීයද!

      Delete
    2. ලක්ෂරි කියන්නෙ අපිත් පොල් සම්බෝල කන්නෙ මාසෙකට එක දවසක් වගේ තම දැං... හි හි

      Delete
  18. හිරු අක්කි මට ඔයාව මුණගැහිලා කතා කරන්න හිතෙනවා මේ මාතෘකාව ගැන. මගේ අම්මා ඇරුනම මම බලන පැත්තෙන් මේ කරදරේ ගැන හොඳට තේරුම් අරගෙන කතා කරන කෙනෙක් දැක්කේ ඔයා විතරයි. අපූර්වී කියල තියනවා වගේ මටත් හයියක් තිබුනේ නෑ කසාදෙට කලින් දවසේවත් මට බෑ කියල මේක නවත්තන්න. මට හිතුනේ මම යාළුවන්ට office එකට නෑදෑයන්ට මුණ දෙන්නේ කොහොමද කියලා. අනිත් එක මම හිතුවා බැන්දට පස්සේ ඕව ඔක්කොම හරියයි මාත් එක්කනේ ඉන්නේ කියලා. දැන් අපි බැඳලා අවුරුද්දක් වෙනවා. මුල කාලේ ඇත්තටම අපි husband ගේ පැත්තෙන් කරදරයක් නැතුව හිටියා. එත් දැන් ආපහු පරණ තැනටම ඇවිල්ලා. මට කරදරේ තියෙන්නේ නැන්දම්මගෙන් විතරක් නෙමෙයි. ආදරණීය ලොකු අක්කෙකුයි පොඩි අක්කෙකුයිත් මට හම්බ වුණා කසාදෙට තෑගි වශයෙන්. මගේ wedding එක කාලෙ ඔය වගේ ඇඟිලි ගැහීම් සැහෙන්න වුණා. මම හරිම දුකෙන් මනමාලියෙක් වුනේ. ලක්ෂ ගණන් වියදම් කරලා ලස්සනට අන්දලා හිටියට මගේ නෑනලා නැන්දම්මලා එක්කෙනුකටවත් මගේ ලස්සනක් පෙනුනේ නෑ. home coming දවසේ මගේ සාරියට විතරයි මගේ husband වියදම් කරේ. beutician ට, සපත්තු, මල් වගේ මාව සරසන හැම දෙකටම වියදම් කරේ මගේ තාත්තා. මට පොතක් ලියන්න තරම් දේවල් තියනවා මගේ in - laws මට කරපු වෙනස් කම් ගැන. එත් මම හැම දේම ඉවසගෙන ජිඉවත් වෙන්න උත්සහ කරනවා. අක්කි කියනවා වගේ පිරිමියාට කෙලින් ඉන්න බැරි නම් කරුනා කරලා කෙල්ලෙක්ව අසරණ කරන්න එපා . කොන්දක් නැති මිනිස්සුන්ට ගෑනු කෙමත් නෑ . බස්සිට නම්බස්සා හැමෝටම වැඩිය අදරෙයිනේ.ඒ නිසා ඔය ප්‍රශ්න දිගටම තියෙන්නේ නෑ. මගේ husband ට ලොකු එයාගේ පවුල ඊළගට තමයි මාව. මගේ හිත සනසන්න මගේ ගැන බලන්න මගේ රත්තරන් අම්මයි තාත්තයි නැත්තන් අද මම මේ ලෝකේ නැහැ.මම දැන් ගෙවන්නේ මගේ ජිවිතේ නරකම කාලේ.

    ReplyDelete
    Replies
    1. නැන්ද මාම එක්ක එක ගෙදර නම් ඉන්න එපා. වෙන තැනකට යන්න.

      Delete
    2. මං ඊයෙ ඉඳන් කල්පනා කළා මේකට දාන රිප්ලයි එක මොකද්ද කියල... මොකද ඕවා ඔහොම තමයි නංගි, ඉවසගෙන ඉන්න කියන එක මහ ලේම් රිප්ලයි එකක් හින්ද... පුළුවන් නං මේ බ්ලොග් එක මුල ඉඳන් කියවන්න.... මාත් අවුරුදු දෙකක් මේ මඟුල කරගෙන යනවද අතාරිනවද කියල හිත හිත හිටිය.. හැබැයි මං කට වහගෙන දුක් වින්දෙ නෑ.. කෙලින්ම ඒ හැමෝටම කිව්ව මං හිත හොඳින් නෙවෙයි මේ ඉන්නෙ කියල.. ඒ අම්මලටත් පවුලේ හැමෝම ඉන්න තැනකදි පැහැදිලි කරල දුන්න එයාලා අපිට කරන්න කියල ෆොස් කරන දේවලින් අපි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙන බව.... එයාලා එත‌කොට තේරුම් ගත්ත.. අපිට වෙන ගේකට යන්න උපරිමයෙන්ම උදවුත් කළා... එයාලා නරක අය නෙවෙයි.. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් විතරයි තිබ්බෙ... ඒ ප්‍රශ්නෙ ගැන කෙලින් එයාගේ අම්මලත් එක්ක කතා කරන්න ශක්තියක් මගේ හස්බන්ඩ්ට තිබ්බෙත් නෑ... ඉතිං මම කතා කළා... ඊට පස්සෙ ටික කාලෙකින් හැමදේම ගොඩක් දුරට හරි ගියා... ඒ අම්මලත් මාත් එක්ක තරහ උනේ නෑ... මොකද එයාල තේරම් ගත්ත නිසා... ( හැබැයි මම කියන්නෙ නෑ හැමෝම මේ වගේ තේරුම් ගන්න අය කියල... මගේ ලක් එක ටිකක් හරි තිබ්බ නිසා එයාලා මේ ප්‍රශ්නෙදි උගත්, වැදගත් මිනිස්සු කට්ටියක් විදියට වැඩ කළා බොහෝ දුරට... ගොඩක් වෙලාවට උගත්, වැදගත් කියල පෙන්නගෙන ඉන්න හැමෝම ඒ විදියට හැසිරෙන්නෙ නෑ...)

      ( කෙල්ලන්ට : අපෙ අම්මල තාත්තල දුක් මහන්සි වෙලා, අපිව ලොකු මහත් කරල, අඩුම ගානෙ උසස්පෙලට වෙනකම් හරි උගන්නල තියන්නෙ කට වහගෙන දුක් විඳින්න නෙවෙයි කියල මම තදින්ම විශ්වාස කරනව... කතාබහ කිරීමෙන් ‌ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්... ඒත් අපේ පිරිමි අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න කතා කරන්න තියෙන ලැජ්ජාව... ඒක එයාලගෙ පිරිමිකමට හරි නෑ කියලනෙ උගන්නල තියෙන්නෙ... ඒකනෙ අපේ රටේ මානසික වෛද්‍යවරයෙක් ළඟට යනකොට පිස්සු දොස්තර කෙනෙක් ගාවට යනව කියල ලේබල් ගහන්නෙ තාමත්...ඉතිං ගෑණු කට වහගෙන දුක් විඳිනව... )

      හැබැයි මම මුලදිම හොඳින් පැහැදිලිව කෙලින්ම කියල තිබ්බ මේ කේස් ස්ටේබල් වෙනකං මං ළමයි නං හදන්නෙ නෑ කියල.. මොකද ගොඩක් වැඩිහිටි අය දෙන උපදේසෙ තමයි ඕව ඔක්කොම හරි යයි ළමයෙක් හැදුවම කියල.. ඊට පස්සෙ එයාලම කියනව මේ ළමයි ගැන හිතල ඉවසලා ඉන්න කියල... ඒ උනාට ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ ළමයෙක් ඉන්න නිසා හැම එකම ඉවසගෙන ඉන්න.. නැත්තං ළමයෙක්ට එක පේරන්ට් කෙනෙක් නැති වෙන එක... ඔය දෙකෙන්ම උනත් අන්තිමට වෙන්නෙ ‘‘ළමයෙක්‘‘ අසරණ වෙන එක... දෙකම සාර්ථක විසඳුම් නෙවෙයි මට තේරෙන විදියට නං... අපේ ජීවිතේ ගැන තීරණ අපිට ගන්න පුළුවන් උනත්, වෙන ජීවිතයක් ගැන වගකීම ගන්නව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඈ බං බස්සියෙ... අපි ඔක්කොම එක බෝට්ටුවෙද බං.....

      Delete
    5. හ්ම්ම්ම්... ලංකාවේ තියෙන මේ දේවල් මොකුත් මේ රටවල නැහැ අප්පා,, සමහර පවුල් වල කොල්ලෝ කළුම කළු සුඩාන් කෙල්ලෝ බඳිනවා, ඒත් උගේ සහෝදරයෝ අම්මා පවුලේ අය කිසි දෙයක් කියන්නේ නෑ,, ඒක හරිම වෙනස්,,, අඩුගානේ මනුස්සයෙක් හැරිලාවත් කපල් එක දිහා බලන්නේ නෑ අමුතු විදියට,, හැම මනුස්සයෙක්ටම තමන්ගේ චොයිස් එකක් තියෙනවා, ජිවිතයක් තියෙනවා, කවුරුත් ඇගිලි ගහන්නේ නෑ,, දෑවැදි කියලා දේවල් මොකුත් නෑ,, දවස් 5ක කසාදෙකින් මං ජිවිත කාලෙටම පාඩමක් ඉගෙන ගත්තා., ඔයාට චුටිට,, හිරු අක්කට දැනෙන දේවල් මට හිතාගන්න පුළුවන්,,, :(((

      Delete
    6. හිරු අක්කා, බස්සි නංගි (නංගිද අක්කද සම වයසද දන්නෙත් නෑ ) අපුර්වී ඔයාලගේ කතා වලින් මගේ හිත ටිකක් හැදුනා මේ ප්‍රශ්න තියෙන්නේ මට විතරක් නෙමෙයි, හැම කෙල්ලෙක්ටම මේ ප්‍රශ්නේ එක එක විදියෙන් බලපානවා නේද. මම සමහර වෙලාවට බබා වගේ කියල දානවා මට අල්ලන්නේ නැති දේවල් වලට. ඒක නිසාද දන්නේ නෑ දැන් මට පණ්ඩිත කම් කියවන්න එනවා අඩුයි. ඒ උනාට husband ට විස පොවනවා මට හොරෙන්. මම කතා කරන්න දන්නේ නෑ කියනවා, වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැ කියනවා මම ඒ විදියට ඒගොල්ලන්ට කට උත්තර නැති වෙන්න කතා කරලා ආවම. ඉතින් ගෙදර ඇවිල්ලා මේ මිනිහා මට බනිනවා ඒවාට.මට විතරක් නම් නෙමෙයි මුන් මෙච්චර අවුරුදු ගානක් හොදට පවුල් කාපු මගේ අම්මටත් උගන්නන්න එනවනේ. අපේ මනුස්සයටත් කොන්දක් නෑනේ මගේ ගෑනිට ඔහොම වෙනස් කම් කරන්න එපා කියන්න. බස්සි කිව්වා වගේ මම උන්ගේ ගෙවල් වල යනකොට තියන තරම් හොදම ඒවා ඇදල හොදට මේක් අප් දාලා තමයි යන්නේ. මමත් මේ ප්‍රශ්න ඉවර වෙලා කවදාහරි මේක ස්ථාවර වෙනකම් දරුවෝ හදන්නේ නෑ කියලා තමි හිතාගෙන ඉන්නේ. මම ඒක ගැන හිතින් දුක් වෙනවා. මොනවා කරන්නද . husband ගේ ජීවිතේ පලවෙනි තැන ඉන්නේ මම කියලා තේරුණ දවසට තමයි මම ඒ ගැන හිතන්නේ.මගේ මනුස්සයා අද වෙනකන් කවදාවත් එයාගේ ජිවිතේ කිසිම වැදගත් තීරණයක් මාත් එක්ක කතා කරලා තීරණය කරලා නෑ. හැමදේටම අක්කා තමයි ලොකු කරගන්නේ. සතියක් ගානේ ඒ ගැනී බලන්න යන්න බැරි උනොත් ඊලග වීක් එන්ඩ් එක වෙනකන් ඒක ගැන කියවනවා.

      බස්සි දුක් වෙන්න එපා ඔයාගේ තාත්ති හොද තැනක ඉදන් ඔය ගැන බලාගෙන ඇති.අසරණ වුන වෙලාවට අපි හැමෝටම දෙමව්පියන්ගේ පිහිට විතරයි ඉතින්.

      Delete
    7. අවුරුදු 32ක් වෙලත් ළමයි 3ක් හම්බවෙලත් අපි හිතන් ඉන්නවා අර අපේ අහිංසක ගැණු රණ්ඩු කොකු කියල. අර අනුර කුමාරයා කියන්න්නහේ "මෙව්වනෙ යකෝ බඩු"

      Delete
  19. මීට අවුරුදු බර ගානකට කලින් මගේ වෙඩිමේදී නම් මට වෙච්චි එකම කරදරේ හනිමූන් එකට හික්කඩුවේ ඉඳන් ඇල්ල ට යන්න වෙච්චි දුර විතරයි.. අනිත් ඔක්කෝම අන්ඩර් මයි කමාන්ඩ්. ඊවන් නැකත් දවස්.. හැක්. කසාද බැඳලත් අදටත් තියෙන ලොකුම අවුල තමයි ඉතින් ඔය දුර වැඩි කම.. පොරොන්දම් කියල හරිනම් බලන්නත් ඕනි ඕව තමයි මයේ හිතේ..
    හිරුවගේ කේක් ඇඩ් ටිකත් නරකම නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. පණ යනකං මේ නිකං ලියන එකේ ඇඩ් එකක්වත් දැගන්න එපායෑ.... නැද්ද මං අහන්නෙ.... හි හි

      Delete
  20. යකෝ මගෙ කමෙන්ට් එකට මේකි මොනවා කියලා ඇද්ද කියලා බලන්න ඇවිත් අනිත් උන්ගෙ කමෙන්ට් දැක්කාමනේ අනේ අපොයි කියලා හිතුනේ.

    යකුනේ. කසාද බැන්දානම් ආයි ගෙදර යන්න එපා. දුවපල්ලා ඈතට. ගෙයක් ගනිල්ලා කුලියට. ඔය මමාස් බෝයිස්ල බැඳගත්තාම නම් හෙන අවුල්. මතක තියාගනිල්ලා පිරිමි දහයක් එක වහලයක් යට හිටියත් අවුලක් නෑ. ගෑණු දෙන්නෙකුට එක වහලෙ යට ඉන්න බෑ ලේසියෙන්.

    ReplyDelete
    Replies
    1. //පිරිමි දහයක් එක වහලයක් යට හිටියත් අවුලක් නෑ. ගෑණු දෙන්නෙකුට එක වහලෙ යට ඉන්න බෑ ලේසියෙන්.//

      කෙළියා නේද තාප්පෙටම. හෙහ් හෙහ් ... ඇරහන් අයියෙ කට දහයෙ කාසියක් දාන්ට.

      Delete
    2. මමාස් බෝයිස්ල... ඕක තමයි ඩූඩ් ගොඩක් අපේ කොල්ලන්ට තියෙන ප්‍රධාන ලෙඩේ...

      Delete
  21. මොකද බඳිද්දි සම්බෝලයි බතුයි කාලා හරි ඉමු කිව්වට, පොල් ගෙඩිය බිඳගන්න පිහියක් ඕනෙ.. ගා ගන්න හිරමණේ ඕනෙ... කොටාගන්න වංගෙඩිය ඕනෙ.... බෙදාගෙන කන්න පිඟානක් ඕනෙ... නැත්තං, වෙඩිමෙදි අම්මලගෙන් යැපෙන්න හිතාගෙන ඉන්නවනං ඒකත් ඉතිං ජීවිත කාලෙම ගෙවන්න ණයක් ගත්ත හා සමානයි....
    සහතික ඇත්ත හිරු....

    ReplyDelete
    Replies
    1. බත් එක උයාගන්න රයිස් කූකර් එකක් සහ විදුලිය, එහෙම නැත්නම් මුට්ටියක් වගේ එකක් සහ , සම්බෝලෙට මිරිස් අමතක උනොත් කන්න වෙන්නෙ හාල් සහ පොල්.

      Delete
    2. හාලුයි පොලුයි හරි කාලා ඉමු කියලනෙ බං පටං ගන්නෙ.... හි හි

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක අයින් කරල තියෙන්නෙ අපරාදේ... සම්පූර්ණයෙන්ම එකඟයි...

      Delete
  23. මගේ වේදීන් එකේදී මගේ වයිපරෙයි අම්මයි තමයි බේරා ගන්න බැරි වුනේ. වයිෆ් ට ඕනේ යුරෝපියන් විදහට ලඟම 30 කට කතා කරන්න. අම්මට ඕනේ 300කට. අන්තිමට 150 ට කතා කරල ශේප් වුණා . කෑම ගොඩක් ඉතුරු වුණා =.

    ReplyDelete
    Replies
    1. යුරොපියන් විදිය තමයි හොඳ.. මිනිස්සුන්ටත් මල වදේ වෙඩිං වලට යනව කියන එක.. ඒ උනාට බැරි වෙලා හරි නොකිව්වොත් ඉතිං එතන තවත් කේස් එකක්... අපෝ මේ ලංකාවෙ මිනිස්සු නං.....

      Delete
  24. බැඳපු අලුත වෙනම ඉන්න එක හොඳයි කියලයි මටත් හිතෙන්නේ. දෙන්නෙක් එකට ඉන්නකොට මුලින් කොහොමත් පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ නේ. ඒවා දෙන්නටම නිදහසේ තේරුම් ගන්න විසඳගන්න අමාරුයි නෑද පරපුර මැද්දෙම හිටියොත්. අනිත් එක හිරුගේ අම්මා මල්ලිට කරා වගේම, වෙනම ඉන්න කොට තමා වගකීම් අරන් ගෙවල් වල තියෙන වැඩ සහයෝගෙන් කරන්න හුරු වෙන්නෙත්.

    දෙමව්පියනුත් ඉතින් පව් නේ වයසට ගියාම තනියම ඉන්ඳන්න. ඒ නිසා මුලින් වෙනම ඉඳල ටික කාලෙකට පස්සේ එයාල ව තමන් ඉන්න තැනකට/ළඟ තැනකට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මං නං කියන්නෙ අම්ම තාත්ත දෙන්නම ජීවතුන් අතර ඉන්නව නං එයාලට පාඩුවෙ ඉන්න දෙන්න ඕනෙ... කැමති දෙයක් කරගන්න ඉඩ දීලා... නැත්තං තමයි පවු.. අපි ගාව හිටියොත් අපේ වැඩ වලටත් කරගහන්න වෙන්නෙ ඒගොල්ලන්ට....

      අපේ අම්මට නං තනියම ඉන්න ඕනෙලු... එයාට ඉතිං වැඩ තියෙනවනෙ... මං හැමදාම වගේ දවල්ට ෂොප් එකට යනව... අවුලක් නෑ... අපේ මහත්තයගේ අම්මලටත් දරු‌වො එයාල ළඟම නෑ කියල නෑ ඉතිං.. අක්කල හැමදාම එහෙ යනව.. පොඩ්ඩ දවල්ට ඉන්නෙ ආච්චියි සීයයි එක්ක.. ( හැබැයි එත‌කොට කේස් එයාලට පන්සල් යන්න බෑ කියල...හි හි).... වයසට යනකොට මිනිස්සුන්ට වැඩ වැඩියි නිරෝ දැං කාලෙ....

      Delete
  25. සම්පූර්ණ වැරැද්ද කොල්ලන්ගේ. ආයේ කතා දෙකක් නෑ...:P

    ReplyDelete
  26. පෑහීම් නොපෑහීම් ගැන කියන්නනම් කරුනු කාරනා එමටයි කියමුකෝ. මුලින් ආපු වෙලේ වෙලාව මදිකමට වචනෙකින් මාරුව දැම්ම. පිරිමි අපිටත් කියන්න දේවල් තියේ. ඒත් කියම්දෝ නොකියම්දෝ කියල විචිකිච්චාවක්නම් දැනෙනව. හැදෙන පොඩ්ඩෙක් හරි කියවල ජීවිතාවබෝධයක් ගනී කියලත් හිතෙනව. පළමුවෙන්ම, පිරිමියෙක්ගෙ ඇහේ කඳුලක් දැක්කොත් බවලතුන්ට හිතෙන්නෙ කෝමද කියනවද?

    ReplyDelete
    Replies
    1. අඩල දොඩල හරි කමක් නෑ අනේ... ප්‍රශ්න කතා කරලා විසඳගන්න ට්‍රයි කරනව නං.... කොහෙද.. එහෙම කරන්නවත් පුරුද්දක් නෑ නෙ ගොඩක් කොල්ලන්ට... අනේ මන්ද... අපෙ උන්දැ නං එහෙමට අඬල නෑ මට මතක විදියට... මං එයාටත් හරියන්න අඬනවනෙ..... හි හි.... හැබැයි ඉතිං පිරිමි නං අඬනව ඕනෙ තරං දැකල තියෙනව... පොඩි කම්පනයක් එනව තමයි.... ඒකෙ අමුත්තක් නෑ නෙ...

      Delete
    2. මම හිතන්නෙත්, සිද්දවෙන්නෙත් ගොඩාක් පිරිමි අයගෙ හිතේ දුකක් තියේනම් ඒක පිටවෙන්නෙ කාටවත් පේන්න නෙමි. අනික ලලනාවක් අඬන දිහා බොහෝම ශෝකබරිතව බලන් ඉන්න පිරිමින්ට පිරිමියෙක්ගෙ කඳුලු බිංදුවක් දැක්කත් ඇති නොවෑ.😒
      ඒකෙන් මේකෙන් කියන්න ගියදේ පිටපොට ගියානෙ නේද? ඒක පිවිසීමක් කර ගනිමුකො. කෞෂි කියනව වගෙ කතා බහෙන්, සාමදානෙන් දෙයක් ගැන කතා කරන්න අමාරුයි අපෙ උන්දෑ එක්කනම්. හේතුව අහේතුවක්මැයි.😝
      දවසක් මම රාජකාරි වේලපහින් ඉවරවෙලා ගෙදෙට්ට ආව කියමුකො. වෙනද පේන්න ඉන්න කුරුලු පැටික්කෙක්වත් නෑ. හරිම නිසොල්මන්. උන්දෑ ගෙදර ඉන්නවානම් ගේ පුරාම ඇහෙන්න සින්දු දාගෙන තමයි ඉන්නෙ. ඉතින් මට අවුලක් දැන්. මේ මොනා වෙලාද? බොලේ තාම ගෙදර ඇවිත් නෑනෙ. මළා මේ මනුස්ස ළමිස්සි කෝල් එකක්වත් දුන්නෙත් නෑනෙ. මොකක්ද මේ උනේ? හ්ම්..... කමක් නෑ තාම 3.30නෙ. ටිකක් බලනව කියල හිතල නාල කාල මගෙ වැඩක් කලා. ඒ වෙද්දි බබාලත් නෑ. මී පැණි හඳේ ඉඳන් ඇවිත් මාසයකුත් නෑ. ටිකෙන් ටික තත්පර විනාඩි ගතවෙල පැය ගණන් වලටත් ආපි. කෝල් කරල බලන්නම හිතෙනව ආයෙම. ම්හු.......කමක් නෑ තව ටිකක් ඉන්නව කියල හිත හිතාම ඉදිද්දි ඕන් ආව. දොර වහල තියල මම ඇතුලට වෙලා හිටියෙ කෑම මේසෙ වාඩි වෙලා. ඇතුලට ආව. ඉන්නව දැක්කම ටිකක් අවුල් වගක් පෙනුන. කියනකම් මාත් බලන් හිටිය. ම්හු......නාල කාල අස්පස් කරනව මොකුත්ම නොවෙච්චි ගානට. 😈
      හරි කමක් නෑ කියල හිටිය. මම කෑම මේසෙමයි තාමත්. බොලේ දැන් දැන් මට හිතෙනව ඇටිකෙහෙල් කෑවෙ මමද? කියලත්. හරි ඕන්න තවත් වෙලා ගිහින් තේ කෝප්පයක් ගෙනත් දුන්න. ඒකත් බිව්ව. ඇයි යකෝ වැරදිකාරය මමනෙ දැන්? මම මේසෙ එහා කොනේ එයා එහා කොනේ. ඕන්න කෝප්පෙත් අරන් යන්න හදද්දි වාඩිවෙන්න කිවුවම වාඩිවුනා. මම ඇහුව කොහෙද ගියේ? ඇයි කෝල් එකක්වත් නොදුන්නෙ? 😖
      මොකක් උනා කියලද හිතෙන්නෙ? ගෙදර එද්දි හිටියෙත් නෑ. කෝල් එකක් දුන්නෙත් නෑ. ඇවිත් කියනකම් බලන් හිටියට කිව්වෙත් නෑ. ඇහුවම මොකක්ද උනේ? ගැහුව මගෙ කෝප්පෙ සී සී කඩ යන්න. අපොයි මම ආසාවෙන් තිබ්බ එකක් ඒක. මළ ගෙදරක ගියා කිව්ව. ඇයි කෝල් එකක්වත් නොදුන්නෙ? ඇහුවම නැගිට්ට මම ගෙදර යනව කියල රෙදි මදින්න ගත්ත. යකෝ ආදරේ කරලත් බැන්දෙ මෙහෙම ගෑනියෙක්ද? හිත හිතා හිටිය මිසක් මොකුත් කිව්වෙ නෑ මම.😊
      එදා ආදරේ පැත්තකින් තියල ගෙදරටම ගිහින් නොදාපු එකේ විපාක අදත් විඳිනව. දැන් කොල්ලො දෙන්නෙක් ඉන්නව. මම හිතන්නෙ උන් දෙන්න ගැන. ආහ්.......එයා ටීචර් කෙනෙක්.
      කවදාවත් කිසිම දෙයක් මාත් එක්ක කතා කරල නෙමි කරන්නෙ. අම්ම එක්කයි හැමදේම. හිතෙන හිතෙන ගමන් බිමන් යනව හොරෙන්. එදා නොබැන්නට අද එහෙම නැති නිසා වෙන්න ඇති. කියන්නදේ ගොඩයි. දැන් ඇති.
      බඳින්න ඉන්නවානම් සහ තාමත් ළමයි නැත්නම් මේ කතා බහේ මුලින්ම කෞෂි කියූ කෙල්ල වගේ ඉන්න ඕන. ආදරේ ගැන හිතල දෙමව්පියන් රටට ලෝකෙට මූණ දෙන්නෙ කොහොමද හිතල විවාහයක් රැකගන්න එපා කියලයි මමනම් මට උනු දේවල්වලින් තේරුම් ගත්තෙ. ඒත් පොඩ්ඩො හැදුවට පස්සෙනම් තීරණ ගනිද්දි පරිස්සමින්. 🌋

      Delete
    3. අපොයි.. ටීචර්ලද... කතා කරන්න එපා... අපේ ගෙදර දෙපැත්තෙම ඉන්නෙ ටීචර්ලා.... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ.... මට පෙන්නන්න බෑ....

      ඔය මුකුත් නොකියා ඉදීමත් හොඳ වැඩක් නෙවෙයි... කියල වැඩක් නෑනෙ කියල හිතල සද්ද නැතුව හිටියම ප්‍රශ්නෙ කොහොමවත් විසඳෙන්නෙ නෑ... විසඳීම කෙසේ වෙතත් ඔය සෙල්ලම හරි යන්නෙ නෑ කියල හරි වෝනිං එකක් දීල තිබ්බනං ඇති... එතකොට දෙවනි පාර කරන්න කලින් ටිකක් හිතල බලනව... ගහ මරා ගත්තත් කමක් නෑ... දෙන්නම හිතේ තියෙන දේ කියන්න ඕනෙ... සීයට අනූවකට විතර ඔය තියරිය හරි යනව... ඉතුරු දහය නං ඉතිං හෝප්ලස් තමයි... ( හැබැයි ඉතිං අම්මල තාත්තල එක්ක එකට ඉන්නකොට නං ගහ මරා ගන්න බෑ... එතකොට වෙන ගිනි විජ්ජුම්බරයක් වෙන්නෙ..)

      ( ඔය ජාතියෙම එක්කෙනෙක් බැඳගෙන අපෙ මාම කෙනෙක් දැං දුක් විඳිනව.. මේ කතාව වගේම තමයි එයාගෙ කතාවත්... ළමයි හින්ද ඉවසං ඉන්නව... මුලදි ටිකක් ටිකක් හරි කතා කරල ප්‍රශ්න විසඳගෙන හිටිය.. දැං නං කතාබහ කරන්නෙම නැති තරං දෙන්නට දෙන්න.... අම්මයි දුවයි එක පැත්තක.. අර යකා තනියම.... ළමයි තුන් දෙනෙක් ඉන්නව...)

      Delete
  27. සංස්කෘතිය බෙල්ලේ එල්ලගෙන ඉන්න අපේ වගේ රටකට වටිනා කියන කාලීන ලිපියක්. කසාදෙට අත්සන් කරන්න තියෙන අන්තිම තත්පරේ හරි නොපෑහෙන දීගේ අතාරින එක දාහෙන් සම්පතයි මැරෙනකම් දුක් විඳිනවට වඩා... මේ ලිපිය දාන්න ඕන පත්තරේට තරුණ කෙල්ලන්ට කොල්ලන්ට කියවල තේරුම් ගන්න.

    ReplyDelete
  28. ඔය බැන්දයින් පස්සේ සියළු වැදගත් තීරණ ගත යුත්තේ සැමියාය කියන එක වෙන පවුල් කියක් තියෙනවද අප්පා.. බොහෝවිට බිරිඳගේ අඩංගුවට පත්වන සැමියන් තමයි අපි දකින්නේ අහන්නේ...

    ReplyDelete
  29. "අපේ රටේ හැටියට කසාදෙදි අපිට එකෙක්ව නෙවෙයි කසාද බඳින්න තියෙන්නෙ... මුළු පරම්පරාවක්ම...." මේක තමයි සුපිරිම කතාව‍. මම බැදලා අවුරුද්දක් වෙනවා. ඔක ගැනනං කියන්න තියෙන්නේ අද්දැකීම්ද සහිතයි කියලා තමයි අනේ.ජය වේවා!!!!!

    ReplyDelete