Monday, July 30, 2012

ඔව්. මම ගෑණියෙක්.. ඔයා පිරිමියෙක් වගේම....


සෙනසුරාදා උදේ පාන්දර මායි අපේ මහත්තයයි රණ්ඩු උනා. හේතුව සුළු දෙයක්. අත් අල්ලගෙන හිනා වෙවී කතා කර කර, වැඩක් කරන්න අම්මලගේ ගෙවල් පැත්තේ ගියා.අපේ මහත්තයා විහිළුවට මට පාරක් ගැහුවා. ඒක මට රිදුනා. මමත් එයාට හිමීට පාරක් ගැහුවා. හස්බන්ඩ්ට අත උස්සනවද කියලා එයා ඇහුවා. වයිෆ්ට ගහන්න හොදද කියලා මං අහුවා. මං ඔයාට ගැහුවත් ඔයාට මට ගහන්න හොද නෑ කියලා එයා කිව්වා. එතකොට ඔයාට මට ගහන එක හොදද කියලා මට ඇහුවා. මං පිරිමියෙක්, පිරිමින්ට අත් උස්සන්න හොද නෑ කියලා එයා කිව්වා. කිසිම පිරිමියෙක්ට ගැණියෙකුට අත උස්සන්න හොදයි කියලත් කවුරැවත් කියලා නෑ කියලා මං කිව්වා. එයාට කේන්නි ගියා.

මට හොදටම හිත රිදුනා. එයාගේ පාරට වඩා මට ඒ කියපු දේට හිත රිදුනා.

පිරිමියෙක්ගේ පිරිමිකමට වඩා මගේ ගෑණුකමේ අඩුව මොකද්ද ? එයාට සෙල්ලමට මට ගහන්න හොද නං ඇයි මට ආදරේට එයාට පොඩි පාරක් ගහන්න හොද නැත්තේ?

ඔය කේන්තිය ටිකක් පරණයි. ඇත්තටම ඕක අපේ නැන්දම්මත් එක්ක තියෙන තරහක් විතරයි. ඒත් හැම පාරකදිම පෑරි පෑරි තවත් තුවාල වෙන කවදාවත් හොද වෙන් නැති තුවාලයක් වගේ මගේ හිතේ තියෙන දෙයක්.

ගෙදරදි මගේ අම්මා මම කෙල්ලෙක් මල්ලි කොල්ලෙක් කියලා කවදාවත් වෙනසක් කරලා නෑ. අපි දෙන්නා ගහගත්තත් කවදාවත් මල්ලි කොල්ලෙක් කියලා ඒකට ගහන්න එපා කියලා නං අපේ අම්මා කියලා නෑ. ආච්චි කොල්ලට මුලින්ම බත් බෙදන්න ඕනේ කියලා කිව්වම මං හැමදාම කියන්නේ ආ ආච්චි ඕවා කළාට බලමුකෝ කවදාහරි ආච්චිව බලාගන්න අන්තිමට ඉතුරැවෙන්නේ කොල්ලද කෙල්ලද කියලා. ආච්චි එතකොට නෝ කතා. ( ආච්චි ඉන්නේත් ලොකු දුව ගාවනේ.)ඒත් අපේ නැන්දම්මා බැදලා ආපු ගමන් මට ඔය කතාව කිව්වා. මල්ලි කොල්ලෙක් හින්දා එයාට අත උස්සන්න එපා කියලා. මට ගහන්න තරම් තරහක් ආවත් මං ඒක දරා ගත්තා. පන්සල ඔලුව උඩ තියාගෙන ඉන්න අපෙ මාමණ්ඩිත් ගෑණු පිරිමින්ට වඩා පහත් කියන අදහස තමා මට දුන්නේ. කතා කරන්න තරම් හයියක් ඒ වෙලාවේ මට නොතිබිච්ච හින්දා මං කට වහගෙන හිටියත් මට කියන්න දේවල් ගොඩක් තිබුණා.

මට කියන්න තිබුනේ මෙච්චරයි.

උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ‌ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා.

ඒ ටික එයාට කියාගන්න මට හම්බුනේ නෑ. ඒත් එයා ඒක තේරැම් ගෙනද කොහෙද ම‌ෙග් අත මිරිකලා අල්ලගත්තා අම්මලා ආපු නිසා.

තරහා දරාගන්න බැරැව මට ඇඩුනත් ඊට පස්‌සේ එයා ඒක ගැන කතා කළේ නෑ. හවස් වෙනකම්ම අපි දෙන්නම මම ඔයා එක්ක තරහයි කිය කිය හිටියත් හවස් වෙනකොට මගේ තරහා නැති වෙලා ගියා.

ඒත් පෑරිච්ච තුවාලේ එහෙමමයි.

මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි.

Friday, July 27, 2012

පොඩියට පටන් අරං හදා ගමුද.... අපේ වැරදි.....

මේ දවස් වල මගේ ප්‍රියතම විනෝදාංශය තමයි හැම බ්ලොග් එකකම අහුවෙන අහුවෙන හැම එකම ඉවරයක් වෙන කම්ම කියවගෙන කියවගෙන යන එක... ඔය සමහර පෝස්ට් අවුරැදු දෙකක් විතර පරණයි.. මං මේ පැත්තේ ආවේ ඒ තරම්ම කාලෙකට පස්සේනේ... ඒත් සමහර දේවල් කියවද්දි හිතෙනවා මේ ලියලා තියෙන්නේ මගේම අදහස් නේද කියලා...

මේ එහෙම හිතුන එක තැනක්. දුකා අයියගේ බ්‌ලොග් එකේ තිබුනේ... (මං දැන් ලින්ක් දාන්න දන්නවා හොදේ...)

අපේ මහත්තයා ඊයේ වාහනේ හප්පගෙන කියලා මං කිව්වනේ.. ( ආයිත් අපේ මහත්තයගේ කතාවක්...) කට්ටිය මගුල් ගෙදර ගිහින් කෙල්ලෝ ටික එක වාහනේකත් බීලා පිස්සු කෙලපු අනිත් අංකල්ලා ටික අනිත් වාහනෙත් දාගෙන ඇවිල්ලා තියෙන්නේ.. කඩවත හන්දියෙදි ඉස්සරහින් ගිය වෑන් එක එකපාරටම බ්‍රේක් කළාම පස්සෙන් ගිය කැබ් එක බ්‍රේක් කළත් ලිස්සලා ඇවිල්ලා වෑන් එකේ වැදිලා..

බැලුවම වෑන් එක බ්‍රේක් කරලා තියෙන්නේ එකපාරටම පාර පැනපු වයසක මනුස්සයෙන්ව බේරන්න... අනේ මේ මනුස්සයා හිමින් හිමින් ගිහිල්ලා පාර පැනලා යන්න ගිහින්.. මේ තියෙන්නේ වාහනේ හැප්පිච්ච තැන..





වෑන් එක උදේ පේන්ට් කරලා අරන් ඇවිත් තියෙන්නේ... ඉතිං මොන තරම් අපරාදයක්ද... කැබ් එක ඉස්සරහා පේනවනේ... දැන් අර පාර පැනපු එකාව මරන් කන්න හිතෙන්නෙ නැද්ද වාහනේ අයිතිකාරයට...

ඔන්න පොලිස් කාරයෙක් දුවගෙන එනවලු වෑන් එක පැත්තට... හැරැන ගමන් වෑන් එක ඩ්‍රයිව් කරපු කෙනා ( අපේ මහත්තයගේ බොස්) බැනගෙන බැනගෙන ගියාලු.... ඕගොල්ලෝ මොනවද කරන්නේ මේ මිනිස්සු හැම තැනින්ම පාර පනින එකට... උඩ බලාගෙනද ඉන්නේ... බැරි වෙලා වත් හැප්පුනා නං අපිව පොලිසි ගෙනියන්න ඕන තරම් මිනිස්සු ඇති.... කියලා... පොලිස් කරයා ආවටත් වඩා හයියෙන් ආපහු දිව්වලු....

ඇත්ත කතන්දරේ මේකයි... පොලිසිය හිටියත් අපේ මිනිස්සු පාර පනින්නෙම වැරදි තැන් වලින්... කහ ඉර පෙනි පෙනී එහෙම ඕන තරම් පාර පනිනවනේ... අනිත් එක එකෙක් පැන්නොත් අනිත් එවුනුත් ගොන් රැලක් වගේ එතනින්ම පනිනවා... කට්ටිය දන්නවා ඇති... කීයෙන් කී දෙනාද එහෙම කෙනෙක් පාර පනිනව දැකලා එයාට පේන්නම කහඉර ළගට ගිහින් ටිකක් වෙලා ඉදලා හරි විදියට වාහනයක් නැවැත්තුවම පාර පනින්නේ...? ආ එහෙම කලොත් අර වැරදි තැනින් පාර පැනපු එකා මොකද දන්නවද කරන්නේ.... පල් විදියට හිනා වෙන එන.... හාපෝ මේම ගොනෙක් කියන්නා වගේ..... ( මේක මං අත්දකීමෙන් කියන එකක්....)

කුණු ගැන කියන්න දෙයක් නෑ වගේම තියෙනවා.. පාරේ හැමතැනම කුණු දාන එක... අපි දානකොට කොළයක් වෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොට ඒක කුණු වෙනවා. එතන කුණු ගොඩක් හැදෙනවා කියන එක ගොඩක් අය හිතන්නේ නෑ..

මේ මං ඇස් දෙකටම දැක්ක දෙයක්. මහරගම කියන්නේ කුණු ගොඩක් කියන එක ඉතිං හැමෝම දන්නේ නෑ නේ.. නේද.. 119 පාර දන්නවානේ.. ( නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහගන්න ආයුර්වේදෙ තියෙන පාර කොහෙද කියලා....) ඔය පාර දෙපැත්තෙම ටිකක් ගැඹුරු ලොකු කාණු තියෙනවා... දවසක් අපි දෙන්නා ( මේ මායි අපේ මහත්තයයි..) ඔය හරියෙන් රෑ 10.00ට විතර එනකොට මනුස්සයෙක් ලොකු ගහක මුලක් උස්සගෙන පාර පැනලා එනවා දැක්කා..මුලක් කිව්වට අඩි 2ක් විතර දිග ඔය රම්පෙ ගස් වගේ ගස් තියෙන්නේ අන්න ඒකක්.... මේ දවස්වල ඩෙංගු කේස් එකට ඒ ජාතියේ ගස් කපන්න කියනවානේ... මේ මනුස්සයා මේක අරන් ඇවිල්ලා දැම්මෙ නැද්ද කානුව පාරෙන් පහලට හැරෙන තැනකට... අපේ මහත්තයා හොදට මනුස්සයා දිහා බලලා ටිකක් හයියෙන් කැත වචනයකුත් කියලා බැනලා ( හම්මෝ එයා හරි චණ්ඩියා..)එන්න ආවා...

පස්සෙන්දා උදේ අපි දෙන්නා ගිහින් බැලුවාම අර මුල ගාව කාණුව දිගේ ආපු ඔක්කෝම කුණු හිරවෙලා... මේක මීට වඩා හිර උනොත් කාණුව උතුරනවා... කාට කියන්නද මේ අවනඩුව... අපි අර මුල ඇදලා අරන් කුණු ගෙනියන තැනට කිට්ටුවට දාලා ආවා.... ( අපි හොදයි නේ...) මේක මේ කොලර් එක උස්සගන්න කිව්වා නෙවෙයි...ඇයි අර මනුස්සයා එහෙම දෙයක් කළේ කියන එක කියන්න ඕනේ නිසා... එයාගේ ගේ ඉස්සරහින් කුණු ලොරිය සතියකට දවසක් යනවා. ඇයි එතනින් තියන්න බැරි... හැම අගහරැවාදම උදේ 8 වෙනකොට කුණු ‌ලොරිය එනවා.. ඇයි එදා වෙනකම් ඒක තමන්ගේ වත්තේ තියාගෙන ඉදලා එදාට කුණු ලොරියට දෙන්න බැරි...?

මේවා ආන්ඩුවෙන් වත් පිටරටින්වත් ඇවිල්ලා හදන්න ඕනේ දේවල්ද...? සුද්දෙක් ඇවිත් කිව්වොත් නම් අපේ අය කරයි නේද..?

ඇත්තටම ටිකක් ලොකු කුණු බාස්කට් එකක් එක තැනක කියන්න පුළුවන් නම් නගර සභාවෙන් කෙරෙන්න ඕනේ ලොකු දෙයක් කෙරැනා වෙනවා.. එතකොට බල්ලෙකට වත් පාර දිගේ ඇදගෙන යන්න බෑනේ... සමහර වෙලාවට විසි කරන්න දෙයක් තිබුනත් අහල පහල කුණු බාස්කට් එකක් නැති වෙන එක මටත් ගොඩක් වෙලාවට වෙලා තියෙනවා.. මම කොහොමත් කරන්නේ ඔක්කොම බෑග් එකේ දාගෙන ගෙදර එන එක තමයි....

ඔය ප්‍රතිචක්‍රීයකරණ එක එහෙම හරියට කෙරුනෙ නැත්‌ෙත් අණ්ඩුවේ හෝ නගර සභා‌ව තනිකර වැරැද්දෙන් නෙවෙයි කියන එකයි මගෙ අදහස.. අර වෙන වෙනම බෑග් වලට දාලා දෙන්න කියපු ඒවා හරියට කළේ ගෙවල් කීයෙන් කීයද.....? තමන්ගේ පහසුව විතරක් බලපු අය කිව්වේ කුනු වෙන් කරකර ඉන්න වෙලාව නෑ කියලා.... අපිට ඕනේ නම් අපි කොහොම හරි කරනවා නේ... ඒත් මේවා ඕනේ නෑ....

මේ ටික කාලෙකට කලින් වෙච්ච දෙයක්.... මම වැඩ කරපු කොම්පැනියට අලුතින් HR manager කෙනෙක් ආවා.... ටිකක් වසයක ඒත් බොහොම අභිමානවත් පෞරුෂත්වයක් තිබුණ පුද්ගලයෙක්.... අපි කතා කළේ කැප්ටන් කියලා... මෙයා නැවක කැප්ටන් කෙනෙක් වෙලා හිටපු කෙනෙක්... මම හිටපු අංශය කලේ ඔය Customer service documentation කියන දේ තමයි... ඔතන හැම තිස්සෙම ටිකක් හැඩි වෙන තැනක්.... මොකද ඔය පරණ dot metric ( ඒවට කියන්නේ ඒක නේද.... අර සරාස් බරාස් ගාලා ප්‍රින්ට් වෙන ඒවා...) ප්‍රින්ටර් වල දෙපැත්තේ තියෙන තීරැ ටික කඩලා බිම දාන එක අපේ කස්ටමර් අයියලගේ පුරුද්දක්... අපිට පෙන්නේ නෑ කවුන්ටර් උස නිසා...

දවසක් කැපා ඇවිල්ලා අර කස්ටමර්ලා අස්සෙන් රිංගලා මොනාද කරනවා දැකලා මං කවුන්ටරේ උඩින් ඔලුව දාලා බැලුවා... කස්ටමර්ලා ටිකත් හොල්මන් වෙලා බලං ඉන්නවා... මෙයා අර ඔක්කොම තීරැ ටික එකතු කරලා අපි ළග තිබුණ කුණු එකට දාලා හිනාවක් එහෙම දාලා ඔලුව පාත් කරගෙන යන්න ගියා... අර කස්ටමර්ලා කොච්චර ලැජ්ජ උනාද කිව්වොත් කවදාවත් ඊට පස්සේ අපේ ඔෆිස් එක ඇතුලේ හැඩි ක‌ෙල් නෑ. තීරැ ටික ගලෝලා කුණු එකට දැම්මා, නැත්තම් අපේ අතට දුන්නා ළගපාත කුණු එක නැත්තම්... කීප දෙනෙකුම කිව්වා ඊට පස්සේ කවදාවත් කොහෙදිවත් එහෙම කරන්න හිතුනේ නෑ කියලා....

දැක්කනේ අවවාදයට වඩා ආදර්ශය උතුම්.. ( කැප්ටන් ගැන නම් කතා සීරියස් එකක් ලියතෑකි...)තව ගොඩක් දේවල් තියෙනවා.... මං දැකපු දේවල්.. මේ කතා දෙකක් විතරයි...

දුකා කිව්වා වගේ මටත් මේ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් කියෙනවා.... මාත් කුණු පාරේ දාන්නේ නෑ... පාරේ හැම තැනින්ම පාර පනින්නේ නෑ කහ ඉරකින් ඇර ( හැතැම්ම බාගෙකටවත් කහ ඉරක් නැත්තම් පුළුවන් තරම් වාහන අඩු, නැත්තම් වාහනයක් නවත්තලා අතින් යන්න කියනකම් ඉදලා තෑන්ක්ස් කියාගෙන හරි පොඩ්ඩක් ඔලුව පාත් කරලා ආචාරයක් කරලා පාර පනිනවා...) ... පුළුවන් හැම වෙලාවෙම දකුණු පැත්තෙන් ඇවිදගෙන යන්න උත්සහ කරනවා.... හැම තැනම කෙල ගහන පුරුද්දක් මට නෑ... ( ඒවා සිගරට් සහ බේබේලාගේ පුරුදු...)

මේවා හදන්න ඕනේ ආණ්ඩුවෙන් නෙවෙයි.... අපිම හදාගන්න ඕනේ පුරුදු... තව ගොඩක් තියෙනවා.. වෙන පෝස්ට් එකකින් ලියන්නම්.. මේක දැනටමත් දිග වැඩියි... දුකා කිව්වා වගේ ටික දවසක් කරනකොට අපිට පුරුදු වෙයි....

අර මනුස්සයා වැරුදි විදියට පාර පැනපු එකට අපේ මහත්තයා වැරුදි නෑ... එයාගේ වැරැද්ද අනිත් වාහනේ හදිස්සියෙ නතර කළොත් තමන්ටත් නවත්තගන්න පුළුවන් දුරක් වාහන දෙක අතර තියා නොගත්තාට සහ ( ඒ වගේ නීතියක් ඩ්‍රයිවින් වල කියලා දෙනවා කියලා මන් අහලා තියෙනවා..) වාහනේ ‌බ්‍රේක් චෙක් නොකර වාහනේ අරං ආපු එකයි.... ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනවා තමා... ඒත් වාහනේ අයිතිකාරයට කොච්චර වේදනාවක්ද අලුතින්ම පේන්ට් කරපු වාහනේ වගේම කොම්පැනියේ වාහන දෙකම ඩැමේජ් උනාම.... මම කිව්වේ දඩුවමක් දෙන්න ඕනේ... මම බොස් උනානං දෙන දඩුවම තමා වාහන දෙකම ගැරෙජ් දාලා මාසයක්ම කට්ටියව බස්වල යවන එක..... ලේසියට යන්න අරං දීලා තියෙන වාහන දෙක ඔයිට වඩා පරිස්සම් කරන්න හැමෝම දැන ගන්න ඕනේ... අපේ වාහනයක් හැප්පුනා නං බලාගන්න තිබුනා නටන නැටිල්ල...

මට අර පාර පැනපු වැරැද්ද කරපු මනුස්සයව හදන්න බෑ..බලු වලිගේ ඇද අරින්නත් ලේසියෙන් බෑ.... ඒත් මං මට හදා ගන්න පුළුවන් මනුස්සයව හදා ගන්න බලනවා....



නුගේගොඩ බෝ ගහ ගැන අතුරු කතාවක්.....



අද මේ ලියන්න යන කතාව ලියන්න හිතුනේ ගැමියගේ පත් ඉරැව පැත්තේ පළවෙනි වතාවට සංචාරයක් දාන්න ගිය වෙලාවේ දැක්ක දෙයක් හින්දා... මාරයියයි Dude මහත්තයයි ගුරැමුෂ්ටි තියා ගන්නේ නැතුව හිරුට ලින්ක් දාන හැටි කියලා දුන්න නිසා ඔන්න ලින්ක් එකකුත් දැම්මා...

හැබැයි නගර සෝබිනියෝ ගැනවත් පච්ච ගැනවත් නෙවෙයි මගේ මතකයට ආවේ. නුගේගොඩ බෝ ගහ ගැන අහල තියන දැකලා තියන දේවල් ටිකක් තමා.. ඒ ගැන කියන්න හිතුනා..

නුගේගොඩ බෝ ගහ කියන්නේ මට හිතෙන්නේ ලංකාවේ බෝ ගහක් ගැන කියන්න පුළුවන් නරකම කතා ටික අහගත්ත බෝ ගහ ඒක වෙන්න ඕනේ කියලයි. අපේ යාලුවෝ කවදාවත් මීටින් ස්පොට් එකක් විදියට නුගේගොඩ බෝ ගහ ළගට එන්න කියලා නං කවදාවත් කියන්නේ නෑ.. චුට්ටක් එහායින් තියෙන පන්සල ළගට හරි සරසවි එක ළගට හරි එන්න කියලා තමයි කියන්නේ. වැඩිය යාලුවෝ එක්ක රස්තියාදු ගහන්න යන් නැති මං ඕකේ තේරැමක් නං දැනං හිටියේ නෑ. ඔය වින්ඩෝ ෂොපින් එහෙම මට දිරවන්නෙම නෑ. පන්ති ඉවර උනාද බස් එකේ නැග්ගා මං ගෙදර.....

ඒලෙවල් කරන්න ඉස්කෝලේ මාරැ කරලා නුගේගොඩ ඉස්කෝලෙට ආවට පස්සේ ඔය රොටරි එකේ, සක්‍යා එකේ පන්ති යන්න පටන් ගත්තට පස්සේ තමයි මට ටික ටික ඕකේ තේරැම දැන ගත්තේ. ඒත් ඉතිං එතකොට මගේ වෙන්ඩ මහත්තයා දවසක් එක්කෙනෙක්ව පෙන්නලා 'ඔන්න ඔය වගේ අය තමයි අර ජාතියේ අය' කියලා මට කියලා දුන්නේ. එයා කිව්ව විදියට ඔය Tramp stamp වගේ පච්ච කොටපු අය ටිකක් පොෂ් කට්ටියලු. අනිත් අයට වෙන එක එක විදියේ සිග්නල් තියෙනවලු. කු‌ඩේ අරන් යන විදිය, හෙයා ස්ටයිල්ස් සහ මේකප් එහෙම කරන විදිය. අපි ඉතිං ගොඩේ කෙල්ලොනේ. දැන ගත්තම ටිකක් බයත් හිතුනා. පන්ති වලට ඔය කියන හරියේ හරියට රස්තියාදු වෙන්න වෙනවානේ. ගෙදරින් ඉස්කෝලෙටයි ඉස්කෝලෙන් ගෙදරටයි ගිය මේ මට පොඩි හරි නිදහසක් හම්බුවෙලා තිබුනේ ඒ කාලේ. ක්ලාස් කිව්වම ඉතිං පාන්දර 7 ට විතර පටන් අරං හවස 6 විතර වෙනකම් තිබුණ කාලේනේ. අම්මලගේ 6 අදිරිනීතියත් පොඩ්ඩක් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් ඒ දවස් වල....

හැබැයි මේ සිද්ධිය උනේ ඊට ටික කාලෙකට පස්සේ... ඉස්කෝලෙන් අවුට් වෙලා ජොබ් කරන කාලේ.

දවසක් අම්මා කෝල් එකක් දුන්නා ඔෆිස් එකට කොහෙද ගමනක් (ෂොපින් පාරකටද කොහෙද..)යන්න අම්මයි තාත්තයි මල්ලියි එනවා, මට නුගේගොඩට අවිත් ඉන්න කියලා හාෆ් ඩේ එකක් එහෙම දාලා. ඉබ්බා දියේ දැම්මා වගේ මාත් දැන් 12.30ට විතර ඔෆිස් එකෙන් පැනලා ඇවිල්ලා බලං ඉන්නවා ඒ දවස්වල No limit එක ගාවට වෙලා. ( අනිත් පැත්තේ ඉන්න බෑනේ.) කාර් අස්සට වෙලා ඉන්නකොට මට ඉස්සරහා ගෑණු දෙන්නෙක් ඉන්නවා එකාට එකා රව රව ටිකක් ඈතට වෙලා.. මේක මට ඇල්ලුවේ නෑ. පොට් එකේ reputation එක දන්න හින්දා. කෝකටත් කියලා මම අම්මලට කෝල් කරනකොට කට්ටිය එතකොටත් කොට්ටාව හරියෙලු... මෙන්න මගේ කරැමෙට මං කවර් වෙලා හිටපු අර කාර් කබලත් යන්න ගියා.. දැන් ඉතිං මොනා කරන්නද.. මං අර බෑග් කවුන්ටරේ පැත්තට කිට්ටු කලා... ඔන්න ඒකේ ඉන්නවා පොඩි කොලු පැටියෙක්.. මේකා මගේ දිහා දැන් දෙතුන් පාරක් බලනවා මං දැක්කා.. ඒ අස්සේ අරැන් දෙන්නා රවා ගන්නවා හෝ ගාලා... කෝකටත් කියලා මං බෑග් එක තියලා ෂොප් එකට වත් වෙලා ඉන්නවා කියලා හිතලා බෑග් එක දෙන්න ගියා.. ඒ පාර අර කොල්ලා මට කියනවා ඔහොම තමයි මිස්.. කවුරැහරි එනකම් ඉන්නවනම් ඇතුලට වෙලා ඉන්න කියලා.. මට පොලව පැලෙන්න ලැජ්ජ හිතුනත් වෙලාවේ හැටියට දෙයියෙක් කියලත් හිතුනා.

ඔය තත්පරේට කාර් එකක් ඇවිත් එතන නතර කලා.. ඊළග තත්පරේට ඒක එතනින් ගියා... මෙන්න අරුන් ‌‌දෙන්නා ගහ ගන්න පටන් ගත්තා.... මේ අම්මපා කියන්නේ උන් දෙන්නා එදා එතන කියපු වචන සෙට් එක ඊට කලින් අහලා තිබුනෙත් නෑ. ඊට පස්සේ ඇහුනෙත් මේ බ්ලොග් කැරුවාවට ආවට පස්සේ ඔය කතන්දර කියවනකොට තමයි...හි හි ( අපි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මල් පැල වගේ වගේ ළමයි.) කොච්චර බය උනාද කිව්වොත් මං ගල් වෙලා බලං හිටියා දාඩිය දාගෙන වෙවුල වෙවුල... මෙන්න කොහෙන්දෝ මන්දා එතනට ආවා මගේ දෙයියා... ( අර කවුන්ටරේ හිටපු එක්කෙනා නෙවෙයි.) මගේ වෙන්ඩ මහත්තයා.. එයාට ෆොන් කට්ටක් තිබුනෙත් නෑ.. නුගේගොඩ රජ කරගෙන හිටපු මනුස්සයා නොවැ.. ආරංචිය ගිහිල්ලා... වැඩකට යන ගමන්... බෑග් එකයි මාවයි ඇදගෙන ෂොප් එක අස්සට පැන්නා... (ච්ත්තරපටියක් වගේ නේ... නෑ නෑ මේක ඇත්ත..)

කියන්න වචන මෙච්චර ගියත් ඔය ඔක්කොටම ගියේ විනාඩි දෙකක් විතර වෙලාවක්... අරුන් දෙන්නා කෙහෙවලු පටලෝගෙන තියෙන්නේ එකියක් අනිත් එකියගේ පෝට් එකට ඇවිල්ලලු. අලුතෙන් ආපු ගෑණු කෙනා ටිකක් තරුණ වැඩේට අලුත් කෙනෙක් ලු. ඉතිං ඉල්ලුම වැඩි ලු.. ඒකලු අනිත් එක්කෙනාට කේන්ති ගිහින් තියෙන්නේ...

ඔය ගොඩක් විස්තර කිව්‌වේ බෑග් කවුන්ටරේ හිටපු පිරිමි ළමයා.. ළග පාත හිටපු පොලිස් හෝ සිකියුරිටි මහත්තයෙක් ඇවිත් අර දෙන්නව එලෝලා දැම්මා....

මට දුක හිතුනේ මෙන්න මේ කතාව ඇහුවම.. ඒ ගෑණු කෙනාට ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් ඉන්නවලු... ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කලින් හැමදාම ගෙදර යනවලු... ළමයි දන්නෙත් නෑලු අම්මා කරන රස්සාව මොකද්ද කියලා...

මට ඇත්තටම දැනුනේ දුකක්... මුලින් මම ඒ ගැන හිතද්දි මට පිළිකුලක් දැනුනත් පහු වෙන කොට මට දැනුනේ දුකක් විතරයි.. තාමත් මම ඒ ගැන හිතනකොට කල්පනා වෙනවා අර ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්ත දරුවෝ දෙන්නට මොනවා උනාද කියලා....

Photo from Drama House of Tolerance

Thursday, July 26, 2012

අපේ මහත්තයගේ ඩ්‍රයිවින්....


මේ බ්ලොග් එකේ පළවෙනි ලේබල් එක අපේ මහත්තයගේ වීරකම් කියලා දාන්න වෙයි ද දන් නෑ....

මාරයියගේ පන්සල් දිවිය කියව කියව ඉන්න කොට අපේ මහත්තයා කෝල් කලා... මගුල් ගෙදර ගිය කට්ටිය ආපහු එනකොට කැබ් එක ඇසිඩන්ට් උනාලු..... (ඔය කිව්වට ඕක අපේ එකක් එහෙම නෙවෙයි.. ඔෆිස් එකේ වැඩ වලට යන එක....) දැං ඕක එලවන් ආවේ අපේ මහත්තයා නොවෑ....(දැං මට අර කලින් කියපු එක ෂුවර් නෑ නෑ වගේ.. ආපුදෙන්කෝ උන්දෑ අද ගෙදර.. නෑ නෑ අපේ මහත්තයා හොදයි...)

අපේ මහත්තයාගේ ඩ්‍රයිවින් ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ... අම්මලා තාත්තලා ළග ඉන්නවනං උපසක බළලා වගේ එලවන්නේ... 40 එහාට යන්නේ නෑ... අනිත් වෙලාවටත් 60ට එහා යන්නේ නෑ කියලා මට නං කියන්නේ.... කොහොම උනත් රෝද 4න් යන වෙලාවට නං මට කොහොම ගියත් කමක් නෑ... සීට් බෙල්ට් එක දා ගත්තා ඉස්සරහා බලා ගත්තා .. ඒ ඇරෙන්න ඩ්‍රයිවින් ගැන මං මෙලෝ දෙයක් කියන්නේ නෑ.... ( එයාගේ ගෙදර කට්ටිය එක්ක නං යන කොට අඩු ගානේ ඩ්‍රයිවර්ලා 4 දෙනෙක්වත් එක කර් එකේ යනවා....)

හැබැයි අපේ මහත්තයා රෝද දෙකේ යනකොට නං මං පිටිපස්සෙන් ඉදගෙන යන්නේ ඇගේ ලේ නැතුව... පාරේ දකුණක් වමක් ලේන් එකක් එයාට ගානක් නෑ... අස්සෙන් මුල්ලෙන් දාලා යනවා.. අහිංසක මං මේ දවස්වල බේරෙන්නේ කොන්ද පොළියට තියලා... (බැදලා සති දෙකෙන් මං කොන්ද කඩා ගත්තා...) හිමිං යන්න කිව්වම 20ට විතර තියාගෙන කොට කොට යනවා මල පැනලා... (පිරිමි හැමෝම එක වගේද මන්දා) කියන්නේ එහෙම නැතුව ලංකාවේ පාරවල්වල යන්න බෑ කියලා.... පේමන්ට් උඩිං, ත්‍රීවිල් අස්සෙන්, බස් අස්සෙන් දානකොට මං වෙවුල වෙවුල ඉන්නේ..... හැම එකාම එහෙම කිය කිය ඔය විදියට ගියාම හැමදාම ඔහොමම යන්න වෙයි කිව්වම කට වහගෙන තව හයියෙන් යනවා..... පුළුවන්නම් මම බයිසිකොල් එක විකුනනවා... ඒත් ඊටපස්සේ බස් වල යන්න බැරි නිසා ඒක කරන්නත් බෑ... රෝද 4ක් ගන්නත් වත්කමක් නෑ.. දුක තමයි....

මං කියන්න හැදුවේ පාරෙ යන කට්ටියගෙන් වැඩිම කරදර ත්‍රිවීල් කට්ටියගෙනුයි බයික් අයියලගෙනුයි තමයි...වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නෙත් එයාලම තමයි.... මරැම වැඩේ තමයි මේක... අපේ මහත්තයා රෝද 4 යන වෙලාවට ඔය දෙගොල්ලටම පලු යන්න බනිනවා කියන එකනේ... ඒ වෙලාවට මං එයා බයික් එකේ යන හැටි මතක් කලාම ඒ ඉතිං ඒ වෙලාවටනේ කියලා ෂේප් වෙනවා......

දැං ඉතිං එයා කැබ් එක ඉන්ෂුවරන්ස් එකට දාලා බොසාට කරැණු පැහැදිලි කලා දීලා එනකොට මහ රෑ වෙයි වගේ... අදත් මං ඉතිං තනියම ඉන්න එපැයි.... ආ දෙන්කෝ උන් දෑ.........

ඔන්න ආයිමත් බීම ගැන ...... නෑ නෑ.. මේක බ්ලොග් ගැන....

මේ වෙලාව වෙනකොට නම් මට ගොඩක් දවසට කම්මැලියි. ලංකාවටම කරන්ට් කපනවා කිව්වට තාම මේ පැත්තට නම් කැපුවෙ නෑ ද කොහෙද.... අපේ මහත්තයා මගුල් ගෙදරක ගිහින්... කට්ටිය තාම බොනවලු.. ඉතිං එයාට එන්න විදියක් නෑලු... ඩ්‍රයිව් කරන්න ඉන්නේ එයා විතරනේ... ඉතිං මම ‌ගොඩක් අයගේ බ්ලොග් වල පහුගිය කාලේ වෙලා තිබුණ පරණ සිද්ධි ගැන කියවා කියව ඉන්න කොට හිතට ආපු අදහස් ටික ගැන යමක් ලියන්න ඕනේ කියලා හිතුනා... හැබයි ඉතිං මම හැමෝගෙම බ්ලොග් කියෙව්වේ නම් නෑ...

ගොඩක් ලියලා තියෙන දේවල් වලින් තම තමන්ගේ පහුගිය තොරතුරැ. ජොලි කතා, පොර කතා, මඩ කතා, කුණුහරැප කතා (සිංහල භාෂාවේ කුණුහරැප කියලා දෙයක් නෑලු..අපේ සර් තමා කිව්‌වේ ඒ ලෙවල් ක්ලාස් එකේදි) වලියට බර කතා, ගුටි කන කතා, නිර්මාණාත්මක කතා, කවි කතා, ( තරහා වෙන්ඩ එපා මං කවි කියවන්ඩ නං ටිකක් හොරයි) එතකොට බොරැ කතා, තව තව කියන්න බැරි නම් වලින් ලේබල් ගහලා තියෙන කතා වගේ ගොඩක් දේවල් හම්බුනා.. ඒවයින් මට හම්බුන තව දෙයක් තමයි ආර්තික,සමාජීය හා අධ්‍යාපනික ප්‍රශ්න ගැන කතා කරලා තියෙන කතා... ( මේ කී බෝඩ් එක හින්දා කරන අක්ෂර වින්‍යාස වැරදි අ‌පේ සෑර් එහෙම දැක්කනං බෙල්ලෙ වැල දාගනී මුං වගේ එවුන්ට මං මොකට ඉගැන්නුවද කියලා)

ඒ වගේම මට දැනගන්න ලැබුන හැටියට අවුරැදු දෙකකට උඩදි මම මේ බ්ලොග් එක පටන් ගන්න කාලේ බ්ලොග් ලියන්න පටන් අරං තිබුනෙ කොල්ලෝ කෙල්ලෝ උනත් දැං ටිකක් වයසින් වැඩි පන්නරයක් ලැබූ අත්දැකීම් බහුල වැඩිහිටියන් කීපදෙනෙක් ම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය චරිත වෙලා ඉන්නවා...මම නම් කියන්න නම් යන්නේ නෑ... හැමෝටම ලින්ක් දාන්න වෙන නිසා (කට්ටිය හිතයි ලින්ක් දාන්න පුරැදු වෙනවා කියලා... ඒ තරමි සෙට් එකක් ඉන්නවා.. හි හි) ඒ වගේම ගොඩක් ප්‍රශ්න සාමාජයේ වැඩිපුර කතා වෙන්නේ නැති දේවල් මේ හරහා කතා වෙනවා කියලා දැක්කා.. ඇත්තටම ඒ ගැන සතුටක් ඇති උනා ලියලා තියෙන ලිපි සහ ලැබිලා තියෙන කොමෙන්ට් කියවද්දි... මොකද සාමාජීය ප්‍රශ්න ගැන කතා කරන්න විවෘත වේදිකාවක් සහ තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නත් ඒවයින් කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්නත් අවස්ථාවත් ලැබෙන නිසා..

බොරැවට පොර ටෝක් එකක් දුන්නත් ඒකෙන් ගන්න යමක් තියෙනවා නම් පොර ටෝක් අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ.... ඒත් මට එක පුරස්නයක් ආවා... මගේ ආසම මාතෘකාව නොවැ බේබදුකම.... ඒක ගැන...



සීයට පනහක් විතර තියෙන කතා තියෙන්නේ බීම සහ බීම ගැන සහ බීලා කරපු ජොලි වැඩ, අනා ගත්ත වැඩ සහ පඩි වැඩ ගැන කියලයි මට හිතුනේ... අනේ මන්දා කට්ටියට ඕවා වෙන්නේ බොනකොට විතර ද දන්නෑ... දැන් කට්ටිය කඩු පොලු හොයන්න යයි.... පුහ් .. මං බය වෙයි ඕවාට....

අපේ මහත්තයා පඩි ගත්තම මට මාසෙට ගෙදරට ඕනෙ කරන බඩු ටික අරන් දුන්නට පස්සේ මම එයාට ෂුවර් එකටම බියර් එකක් නැත්තම් දෙකක් අරං දෙනවා.. (හෝ ගිහින් අරගන්න කියනවා) මොකද එයා කවදාවත් එළියට ගිහින් බොන්නෙ නැති කෙනෙක් නිසා... මහ ලොකු ගාණක් යන්නේ නෑ... ඒත් එයා කවදාවත් වෙන කොහොවත් බොන්න යන්නෙත් නෑ. ( ඒවා ගෑණු ගැට.. හරිද)

මම කියන්න හැදුවේ මේකයි.. මහත්තුරැ බොන එකට හැම නෝනම කැමති නෑ කියලා දැං කට්ටිය කියයි.. ඒක ඉතිං එහෙම තමයි.. කට්ටිය සට් වෙලා බොන එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ.. මොකද ඕක බෝතලේකින් දෙකකින් ඉවර වෙන්‌නේ නැති නිසා. අලුතෙන් එන පොඩි මල්ලිලා ඔය අයියලගේ පොර ටෝක් අහලා නොමග යන්නත් පුළුවන් කියලා මට හිතුනා...

තවත් දෙයක් ගැන ලියන්න හිතුනා... ඒත් අයිත් හිතුනා අහක යන මඩ වලවල් වලට පැනලා ගද ගස්සගන්නේ මොකොටද කියලා....

Wednesday, July 25, 2012

දාලා යන්න බැරිම උන එකා.....

අපේ මලයා කෙල්ලෙක් සෙට් කරගෙන. කට්ටිය නඩු අහනවා. කොහෙවත් නැති මං වැරදිකාරයා වෙයි වගේ....


හිරු පොඩි කාලේ (ඒ කාලේ පොඩි කිව්වට දැං උනත් එච්චර ලොකුවක් නං නෑ ඉතිං) අවුරුදු 7ක් විතර වෙනකම් තනියමම තමයි හිටියේ. ගෙදර විතරක් නෙවෙයි අපේ මාමලා නැන්දලගේ ඔක්කොම ආදරේ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ සත්තං වලට අහුවුනේ මේ අහිංසක මං තමයි. ඔය කාලේ තමයි අපේ මලයා අපේ ගෙදර ආවේ. ඉස්කෝලෙ ගිහින් ගෙදර එනකොට අම්මා ඉන්නවා බබෙක් වඩාගෙන. අම්මට බබෙක් හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගියා කියලා දැනං උන්නත් මේ චූටිම චූටි බබාව දකිනකම් මට නංතේරැණේ නෑ මොකද්ද වෙන්න යන්නේ කියලා...

අනේ මන්දා කට්ටිය මාව පැත්තකට දාලා බබා වටේට වෙලා ඉන්නවා. මට රජ මගුල්. ඇයි ඉතිං මං කියන කොරන දේ හොයන්න බලන්න කවුරැවත් නෑ නේ... ඒත් ටික දවසක් යනකොට මට තේරැණා හැමෝම ඉස්සර වගේ මට ආදරේ නෑ කියලා. අම්මා හැමතිස්සේම මල්ලි වටේට කැරකෙනවා. තාත්තත් ගෙදර ආපු ගමන් මල්ලිව තමයි හොයන්නේ. ඉතිං මට මල්ලි ගැන දැනුනේ ලොකු තරහක්. අනිත් එක මූ රැහැයියා වගේ බෙරිහන් දෙනවා.අනිත් එක හිටපු ගමන් ලෙඩ වෙනවා. එතකොට අම්මා ඔක්කොම දාලා ඉස්පිරිතාලෙට දුවනවා. මට දැනුනේ මහා කරදරයක් වගේ. ඇත්තටම කිව්වොත් ඉපදෙන්න ඉස්පිරිතාලෙට ගියාට පස්සේ බේත් විදින්න විතරයි මාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නේ. ඒත් මෙයා රිච්වේ එකේ දවස් ගනන් ඉන්නවා. ඔපරේෂන් කරනවා. මට තේරැණේ නෑ ඇයි කියලා.

ටික කාලයක් යනකොට මල්ලි මොන්ටිසෝරි යන්න පටන් ගත්තා. එතකොට අම්මා මාවත් අරං නිවාඩු කාලෙට මොන්ටිසෝරියට යනවා. මම කොළඹ ඉස්කෝලෙකට ශිෂ්‍යත්වෙන් මාරැ උන නිසා මල්ලියි මායි එක ඉස්කෝලෙ කවදාවත් හිටියේ නෑ. ඒක නිසා මරා ගන්න හම්බුනේ ගෙදරදි විතරයි. අපි දෙන්නා කොච්චර මරා ගන්නවද කිව්වොත් කාටවත් බෑ අපි දෙන්නව යාලු කරන්න. මම ගහනවා ඇදෙන් බිමට වැටෙන්නම. දන්නෙම නැතුව මූ උස ගිහින් මටත් වඩා. දැං මූ ගහනවා මට බිම වටෙන්න. මම එක සෙරප්පුවකින් ගහලා ඒක වැදුන් නැති උනාම අනිත් එකෙනුත් ගහනවා.

හැබැයි ඔය කාලේ වෙනකොට අපි දෙන්න ටිකක් සමගි වෙලා හිටියේ. එයාගේ ඉස්කෝලෙ තියෙන වැඩ වලට එහෙම මට යන්න උනා. ශිෂ්‍යනායකයෙක් උනාමත් මමයි ගියේ. එදා කොල්ලො කෙල්ලො ටික වටවෙලා මට සැලකුවේ පිනාගෙ කාට හරි සලකනවා වගේ. මගෙත් පරණ ඉස්කෝලෙනේ... එදා තමයි මම දැනගත්තේ මූට කෙල්ලෝ තොගයක් ඉන්නවා කියලා.

ටික ටික මූ මට උපදෙස් දෙන සයිස් එකට ආවා.අපි දෙන්නා ෆුල් ෆිට් දැං. මට කොල්ලොන්ගේ හොද නරක හොයලා දෙන්නේ එයා තමයි. හැබැයි එයාගේ රහස් මම රකින්න ඕනේ. අම්මට අහුවුනොත් විනාසයිනේ. මාත් අනේ ඒකව පාවලා දුන් නෑ. මොනා උනත් මගේ මලයනේ. මට කියලා යාලුවො හිටියෙ නැති එකේ මල්ලිගේ සහ නංගිගේ (එයාගේ කතාව පස්සේ දාන්නම්) යාලුවෝ තමා මගෙත් යාලුවෝ උනේ.

මං බදින කොට මල්ලි ඒලෙවල් කරනවා. මම හිත හිත හිටියේ කවදා මුගෙන් ගැලවෙන්නද කියලා. ඒ තරම් වද දුන්නා මට ඒ දවස් ටිකේ. එයාගේ යාලුවෝ ඔක්කෝම අපේ ගෙදර. රූ එළිවෙනකම් ඇහැරගෙන බිම පොලිෂ් කලේ උන්ටික. හැබැයි රට වටේට කුණු කතා කිය කිය. මම ගිය ගමන්ම මගේ කාමරේ එයා ගන්නවලු. ආයි පැත්ත පලාතේ එහෙම එන්න එපාලු මට.

බදින දවසේ උදෙත් මට ඒතරම් ගානක් තිබුන් නෑ කිසි දෙයක් ගැන. ඒ තරමට කලබල වෙලා හිටපු නිසා. ෆොටො එකට වන්දව ගන්න උනෙත් හරිම අමාරැවෙන් අපේ මලයට කියලා.

ඒත් අන්තිමට පිටත් වෙන්න ලෑස්ති වලා උෟ මං ගාවට ආවම මට ඇඩුනා. අම්මවත් තාත්තවත් හින්දා නෙවෙයි මලයම දාලා යන්න වෙන එකට. ( මං හිතන් හිටියේ මට වැඩිපුර දුක අපේ බුලට්ව දාලා යන්න වෙන එකට කියලා.)මොකද මට යන්න තිබුණේ හිරගේකට වගේ තැනකට කියලා මම දැනන් හිටිය නිසා. මං ඔහේ ගිහින් කාත් එක්ක ගහ ගන්නද ඉතිං.

මගුලෙන් පස්සේ වෙච්ච දේවල් වලට පස්සේ මාත් අපේ ගෙදරත් මේ ගෙදරත් එක්ක මට තිබුණ එකම සැනසිලිදායක සම්බන්ධය මල්ලි විතරයි. කියන්න තිබුන දේවල් හිතේ හැටියට කියන්න පුළුවන් උනෙත් මල්ලිටම විතරයි. අනේ මං උට දැං හරිම ආදරෙයි.

දැං මට දුකයි ඒකා බැදපු දවසට මට මල්ලිවත් නැති වෙයි කියලා....... ආත්මාර්තකාමියි තමයි... ඒත් මං ඒකගේ අක්ක හැටියට පුළුවන් උදවුවක් කරනවා. අම්මලගේ බාල්දි එහෙම වෙන වෙන පැති වලට පෙරලලා....


දැං මගේ කෑම ටිකත් එක්කම කාලා අලියා වගේ මහත් වෙලා... හරකා, ගොනා, බූරැවා වෙලා හිටියට දැං මගේ කාමරේ පේන්ට් කරලා පොලිෂ් කරලා අලුතින් කර්ට්න් දාලා බලාගෙන ඉන්නවලු මං එනකං....... මටත් උඹත් එක්ක වලියක් දාගන්න ආසයි බං දැං.....

රාජ්ගේ මේ පෝස්ට් එක දැක්කමයි මට මේ දේ මතක් උනේ.... ලින්ක් එක දාන්න හැදුවා. තේරෙන්නේ නෑ. ඒක නිසා URL එක දැම්මා......

Friday, July 20, 2012

හිතේ තිබුන ලොකුම හීනේ





මගේ පොඩි කාලේ ඉදලම හිතේ තිබුන ලොකුම හීනේ තමයි (ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සේ) මාස 3ක් විතර හැමදාම උදේ 8-9 වෙනකම් නිදා ගන්න තියෙනවනම් කියන එක. මාර කම්මැලි කේස් එකක්නේ කියලා හිතුනට අනේ මන්දා මාත් එක්ක හිටපු ගොඩක් එවුන්ට ඔය ආසාව තිබුනා. ඕකට හේතුව තමයි හැමදාම මහ පාන්දර 4ට 4.30 ට නැගිටලා ඉස්කෝලෙ යන්න තියෙන කම්මැලිකම. ඒ මදිවට රෑටත් කරැවල වැටුනටත් පස්සේ නේ ගෙදර එන්නේ. ඇයි වදේ දෙයියනේ කියලා සැපට නිදාගෙන හීනයක් එහෙම බල බල ඉන්නකොට අම්මා ඇවිල්ලා දෙකක් තුනක් ඇනලා ඇහැරෙව්වම වෙන මොනවා ගැන හීන මවන්නදෑ ඉතිං.

ඔය ආසාව සංසිදුවා ගන්න ඕ ලෙවල් ඉවර වෙනකම් බලං හිටියට ඒ වැඩෙත් හරි ගියේ නෑ. ඒ මාස 3ක් උදේ පාන්දර ගෙදරින් යන්න උනා පාට් ටයිම් ජොබ් එකකට.(හැබැයි ඉතිං ඒක වොලන්ටරි තමා. පඩි නෑ) දන්නෙත් නැතුවම ඒ ලෙවලුත් ඉවරම උනා. ( දැන් දන් නැ කිව්වට ඉස්සර ඔය අවරැදු 2 අවුරැදු 20 ක් වගේ තමා දැනුනේ)

මගේ ඒ දවස් වල වෙන්ඩ මහත්තයට මම කියලා තිබුණ මගේ දෙවැනි ලොකුම ආසාව තමයි බැන්දට පස්සේ දෙයියනේ කියලා මට අවුරැද්දක් ගෙදරට වෙලා ඉන්න ඕනෙ කියන එක. ඒ තරමට හැමදාම වැඩට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මට එපා වෙලා තිබුනේ.

කොහොමහරි ඔය හීනේ හැබෑ උනා කියමුකෝ. අවුරැද්දට අවුරැදු 2ක්ම නිකම්ම ගෙදරට වෙලා හිටියා. පුදුමේ කියන්නේ හරියට කූඩුවක දාලා තියෙනවා වගේ දැනෙන්න පටන් ගත්තනේ මට. ඇත්තම කිව්වොත් පුදුමාකාර පාළුවක් කාන්සියක් දැනෙන්න පටන් ගත්තා. කොම්පීතරෙත් නෑ. අපේ තාත්තා මෝඩයා වෙලා ආපු අලුතම රැ 14000 ක් දීලා ගත්ත ඩයලොග් ටීවී එකත් නෑ. කරන්ඩ කියලා මෙලෝ දෙකුත් නෑ. ටික ටික ජීවිතෙත් එක්කම එපා වෙන්න ගත්තා කියලා කිව්වොත් ඒකත් බොරැවක් නෙවෙයි ඕං...

නීදා ගන්න එක තමා හොදටම කරන්න පුළුවන්. ඒකනේ ඉතිං මගේ හීනේ. ඒත් ටික දවසක් යනකොට මට ඒකත් එපාම උනා. මොකද දවල්ට නිදා ගත්තම රෑට නින්ද යන්නේ නෑ නේ. පුදුම කරැමයක්.

අවුරැදු 2ක් නහයෙන් ඇඩුවට පස්සේ මට කොම්පීතරයක් නම් හම්බුනා. හැබැයි මගේ ආදරණීය ADSL connection එක නෑ. දැං මොකද කොරන්නේ...........

අනේ අම්මපා දැං නම් හිතෙනවා නිදා ගැනිල්ල පැත්තක තියලා දිගටම ජොබ් එකට ගියා නම් කියලා.

ආයිත් අලුතින්ම ඔන්න හිරැ පායනවා....


අවුරැදු 2 කට පස්‌සේ හිරැ බ්‌ලොග් පැත්තට ඔලුව දාලා බැලුවා විතරයි බාගෙට ‌නෙ‌වෙයි ෆුල් ‌හොල්මන් ‌වෙලා ගියා. අ‌නේ මන්දා ‌මේ අවුරැදු ‌දෙ‌කේ ‌‌‌වෙලා ති‌යෙන ‌දේවල් ටික ඔලුවට දා ගන්න අවුරැදු කීයක් යයිද දන්‌නෙ නෑ. ඒක නිසා ‌මේ දවස් ටි‌කේ උ‌දේ ඉදලා හවස් ‌‌වෙනකම් අහු‌වෙන හැම බ්‌ලොග් එකක්ම මුල ඉදලා අගටම කියවනවා. අ‌නේ ඉතිං අ‌පේ ‌බ්‌ලොග් ස‌‌හෝදර ස‌හෝද‌‌රිෙයා ඔය ඉදලා හිටලා පුස් කාපු ‌පොස්ට් එකකට ‌කොමන්ට් එකක් එ‌හෙම දාලා ති‌යෙනවා දැක්‌කොත් ‌‌‌කොෙහන් ආපු ‌හොල්මනක්ද කියලා වැඩිය කලබල ‌වෙන්න එ‌හෙම එපා හොදේ.

ඒ මදිවට දැන් නම් කී ‌බොඩ් එකත් අන්තිම අප්සට්. ‌‌‌‌‌‌‌මොලේ මලකඩ කාලා ව‌ගේ. අප්‌ඩේට් කර ගන්න මාර ‌ගේමක් ‌දෙන්න ‌වෙයි ව‌ගේ. ‌‌‌මොලේ පහු ගිය අවුරැදු 2 කට අවුරැදු 15 කින් විතර වයසට ගිහිල්ලා.. අප්ඩේට් කරගන්න ‌වෙලා ති‌යෙන්‌නේ දැන්.. දුක තමා..

කොහොම උනත් ‌ගොඩක් ‌දේවල් ති‌යෙනවා ‌බෙදා හදා ගන්න ව‌ගේම අදහස් දක්වන්නත්. ඒක නිසා ටිකක් කල් යයි ව‌ගේ ම‌ගේ බ්‌ලොග් එක අප්‌ඩේට් කරගන්නත්. බ්‌ලොග් එ‌කේ ‌වෙනසක් කරන්නත් අදහසක් ති‌යෙනවා. ඒ ‌මොනවා කරන්නත් අවුරැදු 2කින් අප්‌ඩේට් ‌වෙලා ති‌යෙන ‌කොම්පිතකර තාක්ෂ‌නේ ඔලුවට දාගන්නත් එපැයි.

තව ටික දවසකින් අලුත්ම විදියකින් ඔයාලා හමුවට එන්න ‌ලොකු අදහසක් හිරැ‌ගේ හි‌තේ ති‌යෙනවා. හිහ් හිහ්. එතකම් කට්ටිය‌ගේ බ්‌‌ලොග් ටික කියවන එක තමයි ‌ලොකුම වැ‌ඩේ.

Thursday, July 19, 2012

ආයු‌බෝවේවා ඕං මං ආවා


මේ ළගදි දවසක් මම අ‌පේ මහත්තයත් එක්ක ‌ගෙදර යන‌‌කොට දැක්ක ‌දෙයක්.. උදේ පාන්දර ‌‌මේක දැක්කම ටිකක් අන්දුන් කුන්දුන් ‌වෙච්ච අපි ‌දෙන්නා U turn එකක් ගහලා ආපහු ඇවිත් ‌හොදට බැලුවා.. බලලා ‌මේ photo ටිකත් ගත්තා.. කා‌ලෙකට පස්‌සේ බි‌‌‌‌‌‌ලොග් එකට ආපු ගමන් ‌මෙ‌හෙම ‌දෙයක් දැම්‌මේ ‌මේ දවස් වල යන යන තැන accidents ම ‌පේන නිසා.. යන යන තැන කැමරාව අරන් යන්‌නේ නැති හින්දා photo නැති උනත් මීට වඩා ‌‌‌ලොකු අනතුරැ කීපයක්ම පහුගිය ටි‌කේ දැක්කා... හැබැයි වැඩි හරියක් අනතුරැ වලට භාජනය ‌වෙලා තිබු‌නෙ three wheels සහ two wheels තමා.. එ‌හෙම නැත්තම් අනතුරැ වලට ‌හේතු ‌වෙලා තිබ‌නෙත් ඒවම තමා.. මට හිතුන විදියට නම් ‌මේ ර‌ටේ ‌මේ‌ලෝ‌කේ සිහියක් නැතුව එ‌හෙන් ‌මෙ‌‌හෙන් දාලා කඩා‌ගෙන යන three wheels සහ two wheels ති‌යෙන කම් පරිස්ස‌මෙන් පා‌රෙ යන්න නම් හම්බු‌වෙන එකක් නෑ ව‌ගේ.. කො‌හොම උනත් ‌මේ අනතුර නම් එ‌හෙම ‌දෙයක් ‌නෙ‌වෙයි.. පස්‌සේ දැනගත්ත විදියට නම් ලී වගයක් දා‌ගෙන ආපු ‌ලොරිය slab එක කඩා‌ගෙන යට තට්ටුවට වැටිලා.. කවරැවත් හිටපු නැති නිසා හානියක් ‌වෙලා නෑ කියලා තමා දැන ගත්‌තේ.. ඒත් ‌ලොරියටයි ක‌ඩේටයි නම් හානි සිදු‌වෙන්න ඇති..