අම්මයි මායි තනියෙන් ගතකරපු දහස් ගනං රැයවල් ගැන මතක් වෙනකොට මට මුලින්ම මතකොට එන්නේ මේ සිද්ධිය...
ගේක සැටලිමකට ගහලා ගලෝපු ලෑලි වලින් වටකරලා, උළු හෙවිල්ලලා බිමට සිමෙන්ති දාපු අපේ ගෙදර සාලෙයි නිදන කාමරෙයි වෙන් කරලා තිබ්බේ අල්මාරියයි කැබිනට් එකයි තියලා.. මට අද වෙනකොට මතක නෑ අපේ ගෙදර සාලේ ඒ කාලේ තිබ්බෙ මොනාද කියලා.. ඒත් නිදන කාමරේ තිබ්බ ඇඳන් දෙකක් එකතු කරලා හදපු ඇඳයි, ටිකක් එහායින් තිබ්බ මේසෙයි, ඊටත් එහා පැත්තෙන් තනි පලේට පොල් අතු හෙවිල්ලලා තිබ්බ කුස්සියයි මට තාමත් මතකයි...
අපේ අම්ම සැපට හැදිච්ච කෙනෙක්.. මං එහෙම කියන්නෙ සාපේක්ෂව... අම්මලට සල්ලි තිබ්බෙ නැති වෙන්න පුළුවන්.. ඒත් ඉන්න හොඳ ගෙයක් තිබ්බා.. අම්මගේ තාත්තා නැති උනත්, අම්මා පිට රටක හිටියත් අම්මලට ආච්චියි ආතයි හිටියා.. සහෝදර සහෝදරියෝ ගොඩක් හිටියා... ගොඩක් අමාරු කාලෙක උනත් ලස්සනට මඟුලක් කන්න තරම් අම්මලට හැකියාවක් තිබ්බා...
අම්මා දුක් විඳින්න පටන් ගත්තේ තාත්ත එක්ක ආවට පස්සේ කියලා මට පුංචිම කාලේ ඉඳලා හිතුනා... ඒ අම්මා අඬනවා, කියෝනවා දැකලා නෙවෙයි... අම්මා ජීවිතේට මූණ දෙන්න උත්සාහ කරපු හැටි දැකලා...සමහර විට එදා ඉඳලා අද වෙනතුරුත් මගේ හිතේ තියෙන වෙනස් නොවිච්ච එකම හැඟීම ඒක වෙන්න ඇති...
අම්මයි මායි තනියෙන් හිටපු දවසක, නිදා ගෙන හිටපු මං ඇහැරිලා බලනකාට අපේ ගෙදරට හොරු පැනලා... මං ඇඳ උඩ කෙලින් හිටගත්තාම අනිත් පැත්තේ සාලේ කෑල්ල පේනව.. මට එතනින් පෙන්නේ අම්මා සාලේ ඉන්නවා.. හිටගෙන... මං සාලෙට යනෙකාට දකින්නේ අම්මා හිටගෙන ඉන්නේ හරියට කුරුළු කූඩුවක් වගේ එකක් උඩ..
ඕක මං දැකපු හීනයක්... එතකොට මට අවුරුදු 5ක් විතර ඇති... අදටත් මගේ හිතේ තියෙන්නේ අම්මා ඒ හිටපු හැටි... අම්මා ඇඬුවා කියලා මට මතක නෑ.. අම්මා මං දිහා බැලුවෙත් නෑ.. අම්මා බලං හිටියෙ පාර දිහා...
හැබැයි අම්මා කවදාවත් දුකින් හිටියා කියලා මට මතක නෑ... අපි දෙන්න ඒ කාලේ ඉඳලම එකතු වෙලා පිස්සුම පිස්සු වැඩ කළා... මල්ලි හම්බුවෙනකම්ම අම්මා මාත් එක්ක හිටියේ අම්මා කෙනෙක්ටත් වඩා යාලුවෙක් වගේ... මල්ලි ආවට පස්සේ ටිකක් වෙනස් උනත් අයිත් අපි දෙන්නා මං ඕලෙවල් කරන කාලෙදි ඒ වගේම ළං උනා...
අම්මා ඒ කාලේ... |
ගෙදර හිටපු කාලෙදිත් අම්මත් එක්ක වලි දාගන්න එක තමයි මගේ වැඩේ.. ඇත්තටම හිතලා බැලුවොත් තාත්ත එක්ක වලි දාගත්තම, අම්මා තාත්තගේ පැත්ත ගත්තම , අම්මත් එක්ක රණ්ඩු වෙන එක තමයි ඒ... නැත්තං අම්මත් එක්ක ලොකු වලියක් ගිහිල්ලම නෑ... ඒත් ඇත්තටම අම්මා ගැන තේරුම් ගන්න පුළුවන් උනේ මං බැඳලා ආවට පස්සෙ...
ඒ කියන්නේ අම්මා මොන තරම් ධෛර්‌යයක් තිබ්බ කෙනෙක්ද කියන එක... ඒ කාලෙදිත් බොහෝදුරට නාගරීකරණය වෙලා තිබ්බ කොට්ටාව වගේ පැත්තක ඉඳලා, පාදුක්ක වගේ හොඳටම කැලෑ පැත්තකට ආපු එකවත්, සහෝදර සහෝදරියෝ ගොඩක් මැද්දෙ ඉඳලා, දරුවෙකුත් එක්ක තනියෙන් ලෑලි ගේක හිටපු එකවත්, උසස්පෙළත් පාස් වෙලා හිටපු කෙනෙක් වෙලත් ගෙදරට වෙලා නිකම් ඉන්න සිද්ධ වෙච්ච එකත් කාගෙන හිටපු හින්දවත් නෙවෙයි... තමන්ගේ අත් වලින්ම බ්ලොග් ගල් හදලා ගේ කෑල්ලක් හදා ගන්න පටන් ගත්ත තැන ඉඳන්ම, අපි දෙන්නෙක්ම උස්මහත් කරපු හැටි ගැන මම හොඳට දන්න හින්දවත් නෙවෙයි... අවුරුදු 20ක්ම තමන්‌ෙග් හීනේ හිතේ තද කර ගෙන, තමන්ගේ වගකීම් යුතුකම් ඔක්කොමත් ඉෂ්ඨ කරලා, අවුරුදු 20කට පස්සේ තමන්ගේ හීනේ හැබෑ කරගන්න උත්සාහ කරලා සාර්ථක වෙච්ච නිසා...
ඒ තමයි කේක් ෂොප් එක...
තාම එල්ලපු නැති අලුත් බෝඩ් එක |
මං ඒ ලෙවල් කරල ඉවර වෙන කාලෙ වෙනකොට අම්මා අසනීප වෙන්න ගත්තෙ අපිව වදන්නයි හදන්නයි ගිහින් අම්මා දුර්වල වෙච්ච නිසා කියලමයි අද මට හිතෙන්නෙ... ඒත් තාත්තට ඒ වෙනෙකාට යම් තරමක පඩියක් හම්බුවෙන හොඳ කම්පැණියක රස්සාව තිබ්බ නිසා අම්මගේ අසනීප හොඳ කරගන්න පුළුවන් උනා...
කේක් හදන්න අම්මා දැනගෙන හිටියත්, කාලෙකට පස්සේ හැමදෙකම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනෙ නිසා අම්මා ආයිත් පන්ති යන්න පටං ගත්තේ මං A/L කරන කාලෙදිද කොහෙද... Clement සර්ගේ ක්ලාස් එකේ ඒ අවුරුද්දෙ හිටපු වැඩිම වයස කෙනා අපේ අම්මා වෙන්නැති... කේක් කලාවේ අලුත් ටෙක්නික්ස් ඉගෙන ගත්තා මිසක් නිර්මාණශීලීත්වය කියන එක අලුතින් ඉගෙන ගන්න ඕනෙ කමක් අම්මට තිබ්බෙ නෑ.. ෂොප් එක පටන් ගනිද්දි අම්මගේ සර්ම තමයි ෂොප් එක ඕපන් කළෙත්...
ෂොප් එක පටන් ගත්ත දවස් ටිකත් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...අපිට කේක් හදන්න මැෂින් තිබ්බෙ නෑ නේ.. අතින් තමයි බීට් කළේ.. අපි හතර දෙනාට අමතරව ඒකට උදවු වෙන්න අම්මගේ අයියලා මල්ලිලා නංගිලා පවුල් පිටින් අපේ ගෙදර ආවේ.. ඒ හැමෝම ඇවිත් උදවු උනා කඩේ ඕපනින් එකේ ඉඳල මාස ගානක් තිස්සේ කේක් හදන්නත්... මොකද අම්මටයි තාත්තටයි අපි දෙන්නටයි විතරක් කේක් ඔක්කොම අතින් බීට් කරන්න බැරි නිසා...
තාමත් අවුරුදු දවස්වලට ඒ කට්ටිය ඉන්නේ අපේ ගෙදර තමයි... ඉස්සර නං මං ගෙදර ඉඳන් කේක් හැදුවා අම්මා කඩේ ඉන්නකොට.. දැන් නං කේක් හදන්නෙත් ෂොප් එකේම තමයි... ඒක ඇත්තටම ලේසියි.. අවුරුදු කාලෙට සමහරු කේක් අරන් යන්නේ පාන් වගේ... අවන් එකෙන් බාපු ගමන් රස්නෙ පිටින්... හි හි...
මං අහුවෙන්නෙ රටඉඳි කපන්න... පොල් ගාන්න... හෑන්ඩ් බීටරෙන් බීට් කරන්න..
දැන් ඒ හැමදේකටම මැෂින් තියෙනව.. හැබැයි රට ඉඳී කැපිල්ල නං තාමත් අතින්ම තමයි.... හාපෝ.. මතක් වෙනකොටත් එපා වෙනවා... හි හි...
කේක් ෂොප් එක පටං අරන් දැන් අවුරුදු 10ක් විතර වෙනව... කඩේ දියුණුවත් එක්ක අම්මත් අසනීප වෙනව වැඩියි වගේ... ඒත් අම්මා තාමත් අතෑරලා නෑ වැඩේ.. මේ ටිකේ ක්ලචර්ස් ගන්න හදනවා.. කකුල අමාරුයි කියලා.. අම්මට තියෙන්නේ ඔස්ටියෝ ආතරයිටිස්... තාම ඇවිදින්න බැරි ගතියක් නෑ.. ඒත් කකුල පැත්තට යනවා වගේ තේරෙනවලු... ඒක නිසා පහුගිය ටිකේ මං ගියා උදව්වට.. ඒත් මටත් ඒක දිගටම කරන්න බැරි වෙයි.. කේක් හැදිල්ලට අම්මට තියෙන දක්ෂකම මට තියෙනවා කියලා මම හිතන්නේ නෑ... අම්මගේ ෂොප් එක නිකම්ම තවත් එක කේක් බිස්නස් එකක් වෙනවටත් මගේ කැමැත්තක් නෑ... අම්මට කරන්න පුලුවන් තරම් කල් කරන්න උදවු වෙන එක විතරයි මට කරන්න පුලුවන්...
අම්මගේ හිත මට හැමදාම තේරුණා... අම්මා විඳපු දුක් මට එදත් තේරුණා.. අද වෙනකොට ඊටත් වඩා හොඳට තේරෙනවා... අම්මත් ඒක දැනගෙන හිටියා.. ගොඩක් වෙලාවට අම්ම මාව තේරුම් ගන්නව අදටත් අනිත් අයට වඩා හොඳට... අම්මට මොන වගේ ධෛර්යයක් තියෙනවද කියල මං දන්නවා... අම්ම වගේ වෙන්නයි මටත් ඕනෙ කළේ හැමදාම... සමහර විට මං තාමත් හීන මවන්නෙ අම්මා වගේ වෙන්න වෙන්නැති කියල මට හිතෙන්නෙ... මගේ ලෝකෙ හැමදාම රෝල් මොඩ්ල් වෙලා ඉන්නේ මගේ අම්මා තමයි...
ප/ලි
පහුගිය ටිකේම හැමදාම ගෙදර ගියා.. අම්මගේ ගෝලයා නැතුව වැඩ කරන්න බැරි හින්දා.. ඒ අස්සෙ මගේ පුංචි පුංචි නිර්මාණ වලටත් වෙලාව ගිය නිසා බ්ලොග් අතෑරලම දාලා වගේ හිටියෙ... ඒක නිසා හෙන ලොට් එකක් තියෙනව දැන් කියවන්න... හි හි...
ප/ප/ලි
අපේ අම්මයි තාත්තගෙයි ලවු ස්ටෝරි එක මං කලින් ලිව්වනේ... කියෙව්වෙ නැත්තං ඔන්න පාර... ආදර කතාවක් කියන්න හිතුනා...
ප/ලි
පහුගිය ටිකේම හැමදාම ගෙදර ගියා.. අම්මගේ ගෝලයා නැතුව වැඩ කරන්න බැරි හින්දා.. ඒ අස්සෙ මගේ පුංචි පුංචි නිර්මාණ වලටත් වෙලාව ගිය නිසා බ්ලොග් අතෑරලම දාලා වගේ හිටියෙ... ඒක නිසා හෙන ලොට් එකක් තියෙනව දැන් කියවන්න... හි හි...
ප/ප/ලි
අපේ අම්මයි තාත්තගෙයි ලවු ස්ටෝරි එක මං කලින් ලිව්වනේ... කියෙව්වෙ නැත්තං ඔන්න පාර... ආදර කතාවක් කියන්න හිතුනා...
අම්ම කෙනෙක් ගැන හරියටම තේරෙන්න ඔයත් අම්මෙක් වෙන්න ඕනේ අක්කේ......... මොකද බොල ලියන්නේ නැත්තේ.?
ReplyDeleteඇයි බොල ඔය අන්තිමට ලියලා තියෙන්නෙ මට මේ ටිකේ බ්ලොග් බලන්නවත් බැරි උන බව... වැඩ වැඩ... හි හි..
ReplyDeleteකෝ අ.ම අයියා
Deleteවැඩට ගිහින් අනේ... හි හි..
Deleteඅපි ඕක කෙටි කරමු අමයියා කියලා...අපිටත් ලේසියි , එයාලටත් ලේසියි..
Deleteහිරූ ගොඩක් දවසකට පස්සෙ,අම්ම ගැන සංවේදී සටහනකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ.ඔයා අම්ම කෙනෙක් වෙච්චි දාට මේ සටහන මීට වඩා සිත් කාවදින ආකාරයට ලියාගන්න හැකිවෙයි.
ReplyDeleteමේ තමයි ඉතිං උපරිම හැලපයියේ... හි හි
Deleteදෙන්නම අභීත දියණියෝ දෙන්නේක්. අම්මලා තාත්තලගේ සල්ලි වලින් සෝ දාන උන්ට වඩා තමන්ගේ මහනිස්යෙන් ඉදිරියට එන මිනිස්සුන්ට මම හරිම ආදරෙයි. අද රටට අවශ්‍ය ඒ වගේ ගෑණූ. මාසේ පඩියක් බලාගෙන රස්සාවලට යන එක කාළකන්නි කමක්. මමත් එහෙම එකෙක් නිසා මට ඒක හොඳට දැනෙනවා. අපි ඒක තේරුම් ගන්න කොට පහු වෙලා.. ඒත් අද මම කරන්නේ ස්වාධීන රැකියාවක් ඒකේ තියෙන නිදහස වගේම නිර්මානශීලී බව මම අද විඳිනවා.. උඹට වරදින්නේ නෑ කවදාවත්..
ReplyDeleteකියන්න අමතක උනා දෙන්නම් ලස්සනයි.. ගොඩාක්.. හැබයි ෆෝටෝජෙනික් විතරද කියන්න දන්නෙත් නෑ...
ඔව් මාතලන්.. කොහොමත් මාසේ පඩියකට වැඩ කරන එක මට නං කරන්න හරිම ආමාරු වැඩක්... ඊට වඩා ලොකු තෘප්තියක් ලැබෙනවා මේ කරන පොඩි පොඩි දේවල් වලින්...
Deleteඇත්තටම හිරු නෙතට කඳුලක් ගේන්න තරම් සංවේදී පෝස්ට් එකක් . ඔයාගෙ අම්ම බොහොම උත්සාහවන්ත අම්ම කෙනෙක් . ඔයත් ඒ අඩි පාරේ යන දියණියක්. දෙදෙනාටම සුභ පතනවා! .
ReplyDeleteමගේ කම්මැලිකම තමයි කේස් එක ගිම්ස්... හි හි
Deleteවැල කතාවක් කියල හිතුවෙ😂
Deleteඅම්මයි දූයි දෙන්නම අගෙයි.. දෙන්නටම මගෙනුත් සුබ පැතුම්....
ReplyDeleteබොහොම ස්තූතියි තරු...
Deleteමේ මවටත් මේ දියණියටත් දිගාසිරි පතනවා මුලින්ම.
ReplyDeleteඒ වගේම මව්ගුණ අහන්න ලැබීම භාග්‍යයක්.
මවුගුණ ගැයිල්ලෙත් එක එක පැති තියෙනවා නේ... හි හි
Deleteඅම්මල එහෙම තමා බං තමන්ගේ දුක හංගන් දරුවන්ගේ සතුට වෙනුවෙන් තවත් දුක් කන්දක් බලෙන්ම ගන්න අය. හොදම දේ උඹට හොද අම්ම කෙනෙක් ඉන්න එකයි, ඒ අම්ම ගැන හිතන උඹ වගේ දුවෙක් ඉන්න එකයි තමා..
ReplyDeleteමාතලං “පොටෝජෙනික්“ විතරක්ද දන්නෑ කිව්වේ බොටද???
මොන ෆොටෝ ජෙනික්ද දේශකයෝ... හි හි
Deleteසංවේදීම පෝස්ට් එකක් හිරු... මේ පෝස්ට් එක තාත්තා ගැන එහෙම උනා නම් අනිවා මට කඳුළු එනවා.. අපේ අම්මගේ උපන් දිනේ ඊයේ ( සැප්තැම්බර් 22 ) ...
ReplyDeleteඅමතක උනා අමතක උනා වැදගත්ම එක.. දෙන්නම ලස්සනයි... ලස්සන නෝනෙකුයි , දුවෙකුයි ලබපු ඔයාගේ තාත්තා වාසනාවන්තයෙක්..!
Deleteඔයාගේ අම්මටත් සුබ උපන් දිනයක් වේවා...
Deleteඅපේ අම්මත් බ්ලොක් ගල් ගැහුවා මට මතකයි.. ඒ අපේම ගේ හදන්න...වතුර නැති කාලේ වතුර කලේ උකුලේ තියාගෙන මාවත් අතින් අල්ලාගෙන හැතැප්ම ගානක් පයින් ඇවිද්ද මතකයි.
ReplyDeleteමෙන්න හිරු අක්කා...මුණ දාලා...මම දැක්කේ දැන්
ඇයි කොලුවෝ.. මගේ මූණ මේකේ පෝස්ට් කීයක තිබ්බද දැන්... හි හි
Deleteමම දන්නේ නෑ හිරු මේක කියවලා මට දැණුනේ දුකක්ද වෙන මොන හැඟීමක්ද කියන්න. ඒත් ඒක අස්සේ පුංචි තරහක් නම් තියෙනවා. ඒ මේක ලිවුවට නෙමෙයි. ඔයාට හැමදේම බෙදාගන්න අම්මා කෙනෙක් ඉන්නවා. ඔයාට අම්මට බැරි වෙලාවට උදව් කරන්න පුළුවන්.
ReplyDeleteඒත් මට ඒ එකම දෙයක්වත් කරන්න බෑ හීනෙන් මිසක්. ඒ වෙනුවෙන් මම හැමදාම අඬන කෙනෙක්. වෙන එකක් තියා මම මගෙ යාළුවෙක්ගෙන් උනත් අපේ අම්මාව හොයන කෙනෙක්.
ඔබේ අම්මා විතරක් නෙමෙයි ඔබත් බොහොම වාසනාවන්තයි. හොඳ දරුවෝ ලබන්නත් හොඳ දෙමාපියො ලබන්නත් ඔබ දෙදෙනාම වාසනාවන්තයි.
ඔන්න ඉතිං.. කාටවත් දුක හිතෙන්න නෙවෙයි මං මේක ලිව්වෙ... මොන මඟුල උනත්, ලෝකෙ පෙරළුනත් හීන දකින එක අතාරින්න එපා කියන්න....
Deleteකියන්න දෙයක් නෑ හිරූ.... අම්ම කෙනෙකුගෙ සෙනෙහස, ආදාරය, කරුණාව, දයාව ගැන ලියන්න බෑ හිරූ.... මොකද ඒ තරම්ම තියෙනව... මම කවදක හරි අම්ම ගැන බ්ලොග් එකේ ලියනව... ගොඩාක් දික් වෙයි ඒ කතාව.....
ReplyDeleteඔයාගේ අම්මගේ කතාවත් ලියන්න...
Deleteහිතට දැනෙන, සංවේදී වචන ටිකක්....
ReplyDeleteඅම්මාට කළ හැකි හොඳම උපහාරය තමන් ද හොඳ ම අම්මා කෙනෙක් වීමයි!
ReplyDeleteඑච්චරම දුර යන්නත් ඕනෙ නෑ වගේ කකා... හි හි
Deleteඅපේ අම්මත් අපි වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. අද මගේ බිරිඳත් අපේ පුතා වෙනුවෙන් මහන්සි වෙන තරම දැක්කම තමයි මට හිතෙන්නේ ඊටත් වඩා අඩු පහසුකම් මැද්දේ අපේ අම්මා අපිව හදන්න කොයි තරමට මහන්සි වෙන්න ඇතිද?
ReplyDeleteහිරුගේ අම්මාට මේ පෝස්ට් එක වගේම මගේ කමෙන්ට් එකත් උපහාරයක්ම වේවා.
ඒ දුක් ඉහිලිල්ල තේරම් ගන්න තාත්තලත් හරි අඩුයි අප්පා...
Deleteහැබැයි හිරුට වඩා ඒ කාලේ අම්ම ලස්සනයි...... කොහොම වුනත් මේ වගේ සටහන් ටිකක් හැගීම් බරයි ..........ලස්සනයි.
ReplyDeleteඅම්ම තාමත් මට වඩා ලස්සනයි... හි හි...
Deleteකොමන්ටුවකින්වත් නොදැක්කම මම හිතුවෙ වෙන එකක්.
ReplyDeleteමව් තුමියගෙ ශ්‍රීයාකාන්ත මුහුණ දුටු ගමන් පේනව දිරිය සහ පෙම්බර මවක් බව.
දෝනිත් අම්මගෙ කපාපු පලුව.
ඇයට නිරෝගී සුවය පතමි...!!!
මට හිතාගත්තෑකි මොනා හිතුවද කියල... හි හි....
Deleteඅම්මලට මහන්සි දැනෙන්නේ නැහැ හිරු අපට වගේ. ඔබගේ අම්මගේ ව්‍යාපාරය තවත් සාර්ථක වෙන්නය කියල පතනවා. (අම්මත් බ්ලොග් කෙරුවාව ඒ කාලෙත් කරලා තියනවා).
ReplyDeleteමමත් කියාගෙන යනකොට දැක්කේ ඔය බ්ලොග් කෙරුවාව ගැන.
Deleteහි හි....
Deleteඅම්මලට මහන්සි දැනෙන්නේ නැහැ හිරු අපට වගේ. ඔබගේ අම්මගේ ව්‍යාපාරය තවත් සාර්ථක වෙන්නය කියල පතනවා. (අම්මත් බ්ලොග් කෙරුවාව ඒ කාලෙත් කරලා තියනවා).
ReplyDeleteමම එකක් කියන්නම් හිරු, ඔයා අම්මට වඩා කම්මැලියි. අම්මට පොඩ්ඩක් වත් හති දැනේනේ නෑ. මේක කියවද්දී මගේ පපුව අඟල් හතරක විතර පයිප්පයක් වගේ දැනුණා. ඒක ඇතුලෙන් ලොකු ගෑස් බුබුළු ගිනි ගෙන පිටවෙනවා වගේ දැනුණා.
ReplyDeleteමගේ කම්මැලිකම තමා කේස් එක සුදීක අයියෙ.. හි හි
Deleteඅම්මලා කියන්නේ දුක් කරදර කන්දරාවක් උහුලන් ඉන්න උදවියට. ඒ අයට සැපෙන් ජීවත් වෙන්න පුලුවන් වාතාවරණයක් හදල දෙන එක අපේ යුතුකම. තවමත් අපි වෙනුවෙන් නොමැරී මැරෙන අම්මයි අප්පච්චියි මට මේ වෙලාවේ මතක් වෙන්නේ හිතේ ලොකු දුකකුත් එක්ක. මම හිතන්නේ මගෙන් වෙන්න තියෙන දේවල් ඒ අයට වෙලා තියෙන ප්‍රමාණය මදි. නියම පෝස්ටුව හිරු. ලොකු හැඟිමක් ගෙනාව හිතය දෙමව්පියෝ ගැන. ඔයාගේ අම්මටත් තාත්තටත් දීර්ඝායු.
ReplyDeleteතවමත් අපි වෙනුවෙන් නොමැරී මැරෙන අම්මයි අප්පච්චියි///
Deleteඑක අතකට ඉතිං අපෙත් ඉරණම ඒකම තමයි නේද රතී...
ඔයාලගෙ ෂොප් එක කවදහරි ලොකුම ලොකු කම්පැනියක් කරන්න අක්කෙ අම්මට ගොඩක් සතුටු හිතෙයි..ඔයාල ඔක්කොමටම සුභ පැතුම්...
ReplyDeleteහපොයි.. ඕක කොච්චර ලොකු කම්පැණියක් උනත් කේක් ෂොප් එකම තමයි හැමදාම.. හි හි
Deleteලස්සන දැනෙන ලිපියක්.හිරු අක්කට වඩා අම්ම ලස්සනයි කිව්වට තරහ වෙන්නෙ නෑ නේද?
ReplyDeleteමොකට තරහා වෙන්නද අනේ.. ඇත්තනේ කියන්නෙ... හි හි
Deleteමේ දිවියේ අපට කවදත් දුක සැප දෙකම උරුම වෙනවා. ඒ තත්ත්වය තමයි මේ ඔබේ කතාවෙන් වුවත් පේන්න තියේන්නේ. අම්මා තාමත් හරි ලස්සනයිනේ හිරුවෝ. දෙන්නටම මගේ සුබ පැතුම්. ජීවිතය දුකක් සේ නොසිතා සතුටින් සිටීම තමයි වැදගත්ම.
ReplyDeleteනලීන් අයියා බණත් ටිකක් දන්නවාෙන.. හි හි
Deleteබණ තලන්න තමා
Deleteඈ බොල අම්මගෙ අහලකින් තියන්න බෑනෙ..හිරුවව...අම්ම ගොඩක් ලස්සනයි.!( අපේ මහත්තයට කියන්න එපෝ..!) :)))
ReplyDeleteරට ඉඳි කපන එක ජොලිනෙ..මං හිතන්නෙ ඉඳි කාලම ද කොහේද මහත් වෙලා තියෙන්නෙ.:.)))))
සතුටක්..!!! ජීවිත කතාවම කියෙව්ව වගේ...හැඟීමක් එන්නෙ. දුක් විඳල ජීව්තය ජයගත් අය අතර කෙනෙක් වීම සතුටක්. මං හිතන්නෙ හිරුව ඉතිරි බර කරට ගන්න ඕන කියල..!
තවම එල්ලපු නැති බෝඩ් එක කිව්වම මතක් උනේ........ හිරුව ඉතාම අනඟි..ලෝගෝඑකක් මටත් නිර්මාණය කරලදුන් බව ස්තූතිපූර්වකම මතක් කරමි.
රට ඉඳි නං කන්නේ නෑ... හැබැයි කජු කපන්න ගියාම නං ඔය සන්තෑසිය තමයි වෙන්නෙ.. කිලෝ 10ක් කපන්න ගත්තොත් ඉවර වෙනකොට 9ක් විතර තමයි තියෙන්නෙ... හි හි..
Deleteලෝගෝ එක කෙසේ වෙතත් ඔයාගේ බ්ලොගේ මියුසියම් එකක් වෙලා දැන්...
අපේ අම්ම ගැන නම් මට මෙහෙම සුන්දර මතකයන් නම් නැති තරම්.. හැමෝගෙම අම්මල එක වගේ නැති නිසා වෙන්න ඇති.. ඒ උනාට සමහර අම්මල තමන්ගේ ළමයින්ට තියන ආදරේ කොච්චරද කියල පේනකොට මගේ ඇහැටත් කඳුලක් දෙකක් නොඑනවා නෙවෙයි.. ඒ උනාට ඉතින් මොනවා කරන්නද.. මගේ ලැබීම වෙන්න ඇති..
ReplyDeleteමොනා කියන්නද කියලා හිතාගන්න බෑ ඔයාට නං මලයෝ...
Deleteමොනවා කියන්නද කියලා හිතාගන්න බෑ
ReplyDeleteඅම්මලයි දුවලයි කවදත් හොද යාළුවෝ කියනවනේ ඉතින්..
ReplyDeleteඑහෙම වෙන්න එපැයි... හි හි
Deleteමොකුත් නොකියමි... ආසිරි පතමි... හදවතින්.....
ReplyDeleteස්තූතියි...
Deleteඅම්මා කියන චරිතයට ආදේශක නැති නිසා අම්මාගේ අගය ඇය ජීවතුන් අතර සිටිද්දිම හොදින් තේරුම් ගැනීම තමයි වැදගත්...ඇයට දීර්ඝායුෂ පතමි.
ReplyDeleteඅම්මා කෙල්ල කාලෙ බොට වඩා ලස්සනයි...
අම්මා තාමත් මට වඩා ලස්සනයි... හි හි
Deleteඔබගේ ආදරනීය මෑනියන්ට නිරෝගී සුවයත්, ඇයගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම සාර්ථක වන්න කියාත් පතනෙමි.
ReplyDeleteස්තූතියි..
Deleteඅම්මා කියන්නේ අපේ දෙවැනි බුදුන්. ඔබගේ අම්මට දීර්ඝායුෂ පතමි.
ReplyDeleteමගේ සිත්ගත් වැකිය :- මගේ ලෝකෙ හැමදාම රෝල් මොඩ්ල් වෙලා ඉන්නේ මගේ අම්මා තමයි...
ReplyDeleteඔස්ටියෝ ආතරයිටිස් සුවකිරිම ගැන e-mail එකක් ඔබට එව්වා.
ReplyDeleteලැබුනා.. බොහොම ස්තූතියි..
Deleteදැනට සර්ජරි එකට ඩේට් දීලා තියෙන්නේ අම්මට දෙසැම්බර් වලට... බර ටිකක් අඩු කරගන්න ඕනෙ නිසා ...
සංවේදී සටහනක්.
ReplyDeleteව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න දෙන්නටම නිදුක් නිරෝගී අනාගතයකට ආසිරි පතනව.
කපන රටඉඳි වලින් බාගයක් කනව කියල තමයි ආරංචිය. :D
රට ඉඳි කෙසේ වෙතත් කජු වලට නං ඔය සන්තෑසිය වෙනවා ප්‍රසා අයියෙ... හි හි
Deleteඅම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වුනාම තමා අම්මල තාත්තල ගත කරපු ජිවිතය ගැන දැනෙන්නෙ.
ReplyDeleteකමෙන්ට් එකක් විදිහට දාන්න ගිය එක මැකුවා. ඒක පස්සෙ කියන්නම්.. සමහර විට මගෙ බ්ලොග් එකෙ වැටෙ පෝස්ට් එකක් වේවි...
තාත්ත කෙනෙක් උනාට සුබපැතුම් සෑමෝ!
Deleteහි හි.. සෑම්ට වෙච්ච වැඩේ... හරි හරි.. ලියන්නකෝ..
Deleteඅනේ ඔය උඩ එවුන් කියන ඒවා ගන්න ගන්න එපා අනේ...... ඔයත් ලස්සනයි... ඔයාලගේ අම්මත් ලස්සනයි.......
ReplyDeleteකවුද අනේ එයාලා කියන එවා ගනං ගන්නෙ... හි හි
Deleteලස්සන හැඟීම්බර ලිපියක් හිරු. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලද කියලා අපි හැමෝම පොඩි වෙලාවක් හරි අරන් කල්පනා කරලා බලන්න ඕනා.
ReplyDeleteමට් නම් පේන්නේ අම්මා දුවට වඩා ලස්සනයි වගේ. :)
අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලද කියලා//
Deleteමම ඕක ගොඩක් හිතනවා ගිහාන්.. ඒත් වෙලාවකට ඇයි ඒහෙම කළේ, දැන් ඒක අපිට මහ වදයක් වෙලා කියලත් හිතෙනව.. අනේ මන්ද.. මං හෙන ආත්මාර්ථකාමීයි වෙලාවකට...
අම්මයි දුවයි දැක්කෙ අදයි. අම්මට නීරෝගී සුව පතනවා!
ReplyDeleteඇයි මං කලිනුත් මේ ෆොටො දැම්මා රාජ්...
Deleteඔයාගේ අම්මත් ඉස්සර දැන් ඔයාගේ ශේප් මයි නේද?
ReplyDeleteඅම්මගේ කේක් ශොප් එක දියුණු වේවා කියලා පතනවා...
ඔයාල දෙන්නම ලස්සනයි හොඳද?
අම්මා ඉස්සර මටත් වඩා කෙට්ටුයි රෙහානි.. අපි කියන්නෙ ඉස්සර රීප්පෙ වගේ දැන් පීප්පෙ වගේ කියලා.. හි හි
Deleteඅම්මා බුදුවේවා..........මට වෙන කියන්න දෙයක් නැහැ හිරු. අම්මාත් එක්ක මගේ ජීවිතේ හැම තත්පරයක්ම මට ආලෝකයක් එදාත්...අදත්...හෙටටත්!
ReplyDeleteම්ම්ම්...
Deleteඅක්කයි නන්ගියි අක්කගෙ වෙඩින් එකෙදි ගනිපු ෆොටො එකක් වගෙ
ReplyDeleteමෙහෙමත් කියනවනේ හැබෑට.. හි හි...
Deleteමගේ අම්මටත් ඔය ආතරයිටිස් මගුල තියෙනව නේව හපෝ එක මහ විඳවන ලෙඩක් අප්පා....පාදුක්ක කැලැවක් උනේ කොහොමද මම පාදුක්කෙනම් නෙමෙ නමුත් කොට්ටාවත් තාම තරමක කැලැවක් හික්ස්
ReplyDeleteකොට්ටාවත් ඔහොම තියෙන්නේ තව ටික දවසයි රාජ්... ළඟදිම ටවුන් එක හරිය වෙනස් වෙනවා...
Deleteගොඩක් සංවේදී අක්කේ ,, ජීවිතේට ගන්න දේවලුත් එක්ක ඔයා ලියලා තියෙනවා ,අම්මා ඉක්මනට සනීප වෙයි ,එයාගේ මුහුණ හරිම පැහැපත් ,,ආදරණිය පාටයි ගොඩක්
ReplyDeleteඑයා රෝස පාටයි ඔමා.. ඉස්සර මං ඊරිසියාවේ හිටියෙ... හි හි
Deleteහිරු නැති හෝරාව කියල ලිවුවට හිරුට හිරු සඳු දෙන්නම පායපු ජීවිතයක්නෙ තිබිල (තාමත්) තියෙන්නෙ. අර මාසෙ පෝය පාට හබියා සොරි වැරදුනා වැරදුනා.. අන්තිම ටික ඉල්ලා අස්කරගන්නවා
ReplyDeleteපවු අනේ මගේ හබියා... ඒකා මාසේ පෝය පාට වෙලා තියෙන්නේ කරන රස්සාව හින්දා... හි හි...
Deleteහිරු අක්කෙ ,, ඔයා අර කේක් ෂොප් එකේ බැනර් එකේ ඩිසයින් එකක් දාල තියෙන්නෙ. එකේ ඇඩ්රස් එක අපේ ගමේ එකක්නෙ !!!
ReplyDeleteඔයාගේ ෂොප් එක අර සිරිපියරතනේ ගාව තියෙන එකද?? මොකද මට එකපාරටම වෙන එකක් මතක් වෙන්නේ නෑ නෙ ....
පියරතනෙ ගාව තමයි.. ඒ කියන්නෙ ඔයත් ඒ හරියෙද... හි හි ...
Delete