ආදර කතාවක් කියන්න හිතුනා...... අද විශේෂයක් හින්දා නොවෙයි.... විශේෂ දවස පහු වුනා....ඒක තිබ්බේ අගෝස්තු 13 වෙනිදා...... ඒ තමයි අපේ අම්මගෙයි තාත්තගෙයි වෙඩින් ඇනිවසරි එක.......
කසාද බැදලා අවුරුදු 29ක් වෙච්ච දෙන්නෙක්ගේ ආදර කතාවක් හරි සුන්දරයි කියලා හිතෙනවා ඇති... අපේ අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව නම් සුන්දර වුනත් ජීවිත කතාව නම් කරදර කම්කටොලු මැද්දෙන් ගත උන එකක් කියලා මට ඉස්සර ඉදලම තේරුනා.....
මතකද කාලයක් වතුර ප්‍රශ්න හින්දා රෑට කරන්ට් කැපුවා අවුරුදු ගාණකට කලින්.... ඒ කාලෙදි තාත්ත ගෙදර ඉන්න දවස් වලට තාත්තා ඉස්සර කතා කිව්වා.... තාත්තා කරපු දඟ වැඩ... අම්මව හම්බුවුන හැටි... මං පොඩි කාලේ කරපු වීරකම්..... වෙනදා වගේ පොත් බදා ගෙන ඉන්න මටවත්, මොකක් හරි කුණු ගොඩක් ගලවගෙන කාමරේට වෙලා ඉන්න මල්ලිටවත් වෙන කරන්න දෙයක් නැති නිසා තාත්තාගේ ඒ කතන්දර සුරංගනා කතා වගේ හරි ආසාවෙන් අහන් හිටියා.... ඇත්තටම ඒ කරන්ට් කැපිල්ල නං අපිට ගොඩක් ලස්සන කාලයක් උදා කළා.... ( දැං වගේ නෙවෙයි...)
ඒ කාලේ තමා මේ දෙන්නගේ ආදර කතාව සවිස්තරාත්මකව අහන්න මටත් පුළුවන් උනේ....
අපේ තාත්තගේ ගම රාජගිරිය කියලා තමයි ඇහුවොත් කියන්නේ.. හැබැයි මං එහේ ගිහිල්ලා නෑ... තාත්තට අම්මව හම්බුවෙන කාලේ තාත්තලා ඉදලා තියෙන්නේ හෝකන්දර....
තාත්තා එක එක රස්සා කරලා.... ( මං දන්න විදියට බස් කොන්දොස්තර කෙනෙක්, බස් ඩ්‍රයිවර් කෙනෙක්, මුදලාලි කෙනෙක් සහ කම්පැනි කීපයක පෞද්ගලික රියදුරෙක් විදියට වැඩ කරලා තියෙනවා මුල කාලෙදි...)පොහොර නිෂ්පාදනය කරපු ආයතනයක වැඩ කරන කාලෙක, පොඩි පොඩි අනතුරු සිද්ධ උනාම ඒ අයව අරන් එන ෆාමසිය තිබිලා තියෙන්නේ කොට්ටාවේ අපේ අම්මලගේ ගේ ඉස්සරහා.... ලෙඩ්ඩු ගෙනල්ලා ඒ වැඩ ඉවර වෙනකම් වතුර බොන්න වගේ එක එක කාරණ වලට තාත්තලා එන්‌නේ මෙහෙටලු....
තාත්තගෙම වචන වලින් කියනවා නම් ඔය ගෙදර හිටපු “වසන්ති චතුරානිට කන්න නැතුව“ වගේ කෙල්ලට තාත්තගේ හිත ගියාලු... අපේ අම්මා ඉස්කෝලෙ යන කෙල්ලෙක් නෙවැ එතකොට.... අනිත් එක සහෝදර සහෝදරියෝ 5 ක් සහ ආච්චියි ආතයි එක්ක හිටපු අම්මට පවුලේ වැඩිමල් ගෑණු ළමයා හැටියට කරන්න ගොඩක් වැඩත් තිබ්බලු... අම්මගේ අම්මා එතකොට පිටරට ගිහිල්ලා... අම්මගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ අම්මලා පොඩි කාලේ...තවත් නෑදෑයෝ ගොඩක් ළගපාත හිටියත් තනිකමත් එක්ක හිටපු අම්මට මේ ආදරේ එපා කියන්න හිතුනේ නෑ කියලා අම්මා කියනවා.... ඇත්තටම මේ ආදරේට අපේ අම්මගේ අම්මා කැමති වෙලා නෑ.... තාත්තගේ පවුල දුප්පත් නිසා..... තාත්තටත් සහෝදර සහෝදරියො 6 යි...
කොහොම උනත් අන්තිමට මේ දෙන්නා හැමෝගෙම ආශිර්වාදයත් ඇතුව 1983 ජූලි කලබල අස්සේ කසාද බැන්දලු.... අම්මා කියනවා ඒ කාලේ අම්මට දාන්න සපත්තු දෙකක් හොයන්න යනකොට කඩ ඔක්කොම ගිනි තියලා තිබුනලු....
ඊළඟ අවුරුද්දේ මේ දෙන්නා අතරට මං එන කාලෙදි තාත්තට තේරුනාලු, අම්මට තාත්තගේ අම්මලා නංගිලා එක්ක ඉන්න බෑ කියලා.... ඇත්තටම අම්මා දැන් ඒ කාලේ ගැන කතා කළේ නැති උනත් තාත්තා කියනවා සාම්ප්‍රදායික වෙනස්කම් අතරෙම මුදල් අඟහිඟකම් සහ නිදහසක් නැතිකම නිසා අම්මා මානසික ලෙඩෙක් වේගෙන එනවා කියලා තාත්තට තේරුණාලු...( දැං තමයි ඔහොම කියන්නේ... ඒ කාලේ හිතුනලු මාවත් මරලා අම්මත් මැරෙයි කියලා...මං ඇහුවා අම්මගෙන් එහෙම හිතුනද කියලා.... අම්මා කියනවා මැරෙන්න හිතුනලු... ඒත් මං හින්දා හිටියලු....එතකොට අම්මට වයස අවුරුදු 21යි...)
පස්සේ ගොඩක් අමාරුවෙන් කුලියට ගේකට ගිහිල්ලා, ඊට පස්සේ අම්මගේ අම්මා දුන්න ඉඩම් කෑල්ලේ ලෑලි වලින් ගෙයක් හදාගෙන අපි එහෙ එනකොට මට අවුරුදු 4යි ලු..... තාත්තා ආච්චි මැරෙනකම් ආච්චි මොන දේ කිව්වත් ඉවසගෙන හිටියා ආච්චි එදා ඒ ඉඩම දුන් නැත්තම් අපි කවදාවත් ගොඩ එන්නේ නෑ කියලා.....
මේ ටික මං ලියලා තිබ්බා තාත්තා කියපු විදියටම.... ඉස්කෝලෙ යන කාලේ.... ඒ කාලේ මගේ කොල්ලා මගේ පවුලේ විස්තර අහුවම පුල්ස්කැප් පිටු 6ක් පුරෝලා ලියලා තිබ්බ මේ විස්තරේ මම එයාට දුන්නා කියවන්න කියලා....එයා තමයි මේ ටික පරිස්සම් කරලා තියා ගෙන තිබ්බේ......
“ අපි ගේ හැදුවේ ගෙයක් ගලෝපු තැනකිත් ලෑලි අරගෙන... ජයේ මාමා ලෑලි ටික ගහලා ගේ හදලා දුන්නේ... කාමරයයි නිදාගන්න කෑල්ලයි වෙන් කලේ අල්මාරියයි කැබිනට් එකයි තියලා... කුස්සියක් පොල් අතු වලින් හැදුවා... ටොයිලට් එකක් හදන්න බැරි උනා... රෑ වෙන කොට වලක් කපලා ඒකට ගිහිල්ලා වල වහලා දානවා... මතකද ඔයාට.. ..... අම්මා දවසම ඉන්නවා මං එනකම් ටොයිලට් යන්න....
අම්මා ඔයාට මතකද බන්දුල රු 50 නෝට්ටු වලින් රු 1000ක් දුන්නා ගෙට ආපු වෙලාවේ.... මං ඒ සල්ලි ටික ජයසේනට දුන්නම ඒ මනුස්සයා ආපහු රු 100ක් දුන්නා තෑග්ගක් කියලා.... අපි නැකත් බැලුවේ නෑ... උදෙන්ම ලොරියට බඩු දාගෙන ආවා... ලොරියත් මගේ යාලුවෙකුගේ.... පාන්දර 6ට යන්තම් එලිය වැටෙන කොට ඔයාගේ අතට බුදු පිළිමයක් දීලා ඉස්සෙල්ලම ගෙට යැව්වා... මං හට්ටි මුට්ටි දාපු පෙට්ටියයි රේඩියෝ එකයි අරගත්තා... අම්මා එළවලු හාල් පොල් දාපු බෑග් එකත් අරං අනිත් අතින් මගේ අතින් අල්ලන් ගේ ඇතුලට ආවා... ඔහොමයි අපි පදිංචි වුනේ.....ඉස්සර මං උදේට වැඩට යන්නෙ රු 10ක් අරං... බස් එකේ ගිහිල්ලා එන ගමන් රෑට කන්න පාන් ගෙඩියකුත් අරගෙන තව රු 3ක් ඉතුරු කරගෙනත් එනවා....ඔයා හම්බුවෙන්න ඉන්න කාලේ අම්ම ගොඩක් කෙට්ටුයි.. ඉතිං මං හවසට එනකොට කිරි හට්ටියකුයි කෙහෙල් ඇවරියකුයි අරං එනවා... අම්මා රෑ එළි වෙනකොට ඒ ඔක්කොම කනවා.... අන්තිමට ඔයා හම්බුවෙන්න හරිම අමාරු උනා... ඔයා රාත්තල් 8 කට වැඩියි... බබා ලොකු වැඩියි කියලා ඔයාව බේබි රෑම් එකේ තිබ්බා දවස් 10 ක්... බදින කොට කෙට්ටුම කෙට්ටුයි... මං තමයි එක්කගෙන ඇවිත් කන්න දීලා මහත් කර ගත්තේ... “
(බන්දුල කිව්වේ අපෙ අම්මගේ ලොකු අයියා.. ජයේ මාමා කිව්වේ අපේ ගෙවල් පැත්තේ හිටපු කුලි වැඩ කරපු මනුස්සයෙක්...මේ කතාව කියන කොට අම්මයි තාත්තයි එයාලගේ කාමරේ ඇදේ... මායි මල්ලියි කාමර වල...මේ වෙනකොටත් අපේ ගේ හදලා ඉවර කරලා තිබුනේ නෑ.... )
ඒ ඔක්කොම මෙතන ලියන්න බෑ..... කියවනකොටත් මට ඇඩෙනවා.....
අවුරුදු 7කට පස්සේ මල්ලි ආවා... එයා ගැන කලින් ලිව්වනේ... එයා ලෙඩ වෙන කොට අම්මා ගොඩක් දුක් වින්දා කියලා මට තේරුනේ දවසක් මං මල්ලිට පොට්ටයා කියලා බැන්නම අම්මා අඩපු ඇඩිල්ලට..... මොකද ඩොක්ටර්ස්ලා කිව්වලු මල්ලිට අවුරුදු 18 වෙනකොට ඇස් පෙනීම නැති වෙයි කියලා... එතකොට මට තේරෙන කාලේ... ඊට පස්සේ නම් මං කවදාවත් එහෙම කිව්වේ නෑ....දෙයියන්ගේ පිහිටෙන් ඌ තාම උගේ කෙල්ලට වද දිදී හොදින් ඉන්නවා...
ඉස්සර අපේ තාත්තට හරියට කේන්ති යනවා.... බත් පිඟාන පොළවේ ගහපු වාර අනන්තයි... ඒ මාත් එක්ක කේන්ති ගිහිල්ලා... දවසක් ටීවී එකත් උස්සලා පොලවේ ගැහුවා.... හැබැයි අම්මා ඒ වෙලාවට මුකුත් කියන්නේ නෑ.... බත් ටික එකතු කරලා පිඟානේ කෑලි ටිකත් එකතු කරලා අතුගාලා දාලා කාමරේට වෙලා අඩනවා..... ටීවී එක පොලවේ ගහපු පාර නං මං තාත්තත් එක්ක සතියක් කතා නොකර හිටියා... පස්සේ අම්මා මට රු 3000 දීලා කිව්වා ගිහින් සිංගර් එකෙන් ටීවී එකක් අරං එන්න කියලා...පස්සේ ගෙවන්න... එතකොට මං ජොබ් එකක් කරනවා...ඊට පස්සෙයි තාත්තත් එක්ක යාලු උනේ....ඔය විදියට ඕනෙ තරම් තාත්තත් එක්ක රණ්ඩු වෙලා කතා නොකර ඉදලා තියෙනවා මං.... හැබැයි වැඩිම කාලයක් හිටියේ ඔය පාර තමයි....
අම්මටත් හිටපු ගමන් හොදටම කේන්ති යනවා... දවසක් මෝල් ගහ උස්සන් ආවා මට ගහන්න... අපේ බලු රාල බිංගෝ මැද්දට පැන්නම පොලු පාර වැදුනේ ඌට.... තාත්තා ඒ වගේ වෙලාවට මුකුත් ම කියන්නෙත් නෑ.... අම්මව අල්ලගෙන හිටියා මිසක්.... ඊට පස්සේ අම්මට ප්‍රෙෂර් වැඩිවුනා ... එදා තමයි තාත්තා මට කිව්වේ අම්ම ඔය වගේ හැසිරැනා කියලා මුල කාලේ....
ඔහොම තමයි ගෙදර හිටපු කාලේ.... රණ්ඩු වෙනවා ඉවරයක් නෑ....එක්කෝ මායි මල්ලියි.. අම්මයි මල්ලියි... තාත්තයි අම්මයිත් හිටපු ගමන් රණ්ඩු වෙනවා... එතකොට සාමදාන විනිශ්චයවරු අපි දෙන්නා... එකපාරක් හොදටම තරහා උනා දෙන්නාම... මං ජොබ් කරනවා.... මල්ලි ඕලෙවල්ද කොහෙද... වලියට හේතුව නෑයෝ... ( මට නං පේන්න බෑ පොඩි කාලේ ඉදන්.. වැඩිපුර තාත්තගේ නෑයෝ තමයි.. ආවොත් ලෙඩක්...) අපි දෙන්නම කිසිම කතාවක් නැතුව අම්මගේ පැත්ත ගත්තා.. තාත්තගේ වැරුද්ද.... තාත්තගේ නෑයෙක් කියපු කට කැඩිච්ච කතාවකට අපේ අම්මගෙ අම්මා බැනලා... ඒකට තාත්තා අම්මට බැනලා... ඊට පස්සේ තාත්ත සතියක් තිස්සේ හැමදාම යාලුවොත් එක්ක බොනවා... දැං අම්මා අඩ අඩ ඉන්නවා....අම්මට මේක එපාලු. මෙච්චර කල් කියන කියන විදියට හිටියලු.. දැන්නං ඇති වෙලාලු...
ඔහොම කිව්වට අපිනේ දන්නේ දෙන්නට දෙන්නා නැතුව ඉන්න බෑ කියලා... අම්මයි මායි මල්ලියි දවස් තුනක ට්‍රිප් එකක් ගියා මගේ ඒලෙවල් ක්ලාස් එකකින්. හැමදාම හවසට අම්මා පස්සෙන් යන්න ඕනේ මං පේ ෆොන් එකක් හොයාගෙන, තාත්තට කතා කරන්න ඕනෙ කියලා... එහා ගෙදර අන්කල් අපි ආවම කියනවා..... තාත්ත හැමදාම ඉන්නවලු ගේ ඉස්සරහ කෑල්ලේ පුටුවක් තියාගෙන... “අනේ මේ ගෑනි නැතුව එක දවසක් වත් ඉන්න බැරි එකේ මං මේ දෙයියන්ට කියන්නේ මේ ගෑනිට කලින් මං මැරෙන්න කියලා... මලොත් මාත් ඒකටම පැනලා මැරෙනවා“ කිය කිය.... ( අපෙ තාත්තට තේ එකක්වත් හදන්න තෙරෙන්නේ නෑ ඒ කාලේ...)
අපි දෙන්නා ප්ලෑනක් ගහලා දවස් දෙක තුනක් තිස්සේ දෙන්නගේ කොට්ට යට එක එක කාඩ් ජාති තියලා, පරණ ෆොටෝ අල්බම් පෙරලගෙන හැමදාම පරණ කතා කියවන්න පටන් ගත්තා... රු 2000ක් විතර වියදම් කරලා තාත්තට බර්ත්ඩේ ප්‍රසන්ට් එකකුයි කාඩ් එකකුයි ගෙනල්ලා අම්මට කියලා ලියවලා තාත්තා වැඩ ඇරිලා ආවම පේන්න අද උඩින් තියලා තිබ්බා... මෙන්න ටික වෙලාවකින් දෙන්නම කාමරේට වෙලා අඩනවා.... අම්මා කියෝගෙන කියෝගෙන යනවා... තාත්තා අම්මව බදාගෙන සද්ද නැතුව අඩනවා.... ( අපි හොරෙන් බැලුවා... හි හි...) අපේ ප්ලෑන වැඩ කලා නියමෙට..... ඒකෙන් පස්සේ තාත්තා ගොඩක් වෙනස් උනා..... අම්මගේ කේක් ෂොප් එක දැම්මෙත් ඊට පස්සේ තමා....
ඔය ටික ලිව්වේ මේ ටික හින්දා..... මෙග් ජීවිතේ අම්මටයි තාත්තටයි වද දිදී, බැන බැන, රණ්ඩු වේවී, ගුටි කකා, අවුරුදු 26ක් විතරම හිටියා.. ඒත් අවුරුදු 2ක් තිස්සේ අම්මයි තාත්තයි මං ආපහු ගෙදර එනකම් කාමරේ රෝස පාටින් පේන්ට් කරගෙන තියාගෙන බලාගෙන ඉන්නවා... මට තාමත් යන්න බැරි උනා....
මේ පාර අම්මලගේ ඇනිවසරි එකට මං නෑ... ඒත් මල්ලි මං වෙනුවෙන් මං නැති උනත් හැම දෙයක්ම කරලා තිබුනා...
මට වෙන කියන්න දෙයක් නෑ..... චූටි බබා අම්මටයි තාත්තටයි හැමදාම ගොඩක් ආදරෙයි...
මේක ගලෝ ගත්තේ තාත්තගේ කොන්දොස්තර ලයිසන් එකෙන්
මේ තාත්තෙග් ඩයරි එකක තිබිලා හම්බුන ෆොටෝ එකක්
මේ ඒකේ පිටිපස්සේ අම්මා ලියපු එකක් කියලා තමා කිව්වේ....
මේකත් එහෙම එකක්
මේක තාත්තගේ පර්ස් එකේ තිබුණ එක... අම්ම තරහා උනා වෙලාවක අම්මම ඕක අරගෙන ඉරුවලු... ඊට පස්සේ තාත්තා ඒක ආපහු ඇලෙව්වලු...
උඩ ෆොටෝ එකේ පිටිපස්සේ තාත්තා ලියලා තියන දේ...
මේ මගේ වෙඩින් එක දවසේ
අම්මා හරි ලස්සනයි නොවැ :ඪ් [ඒ කාලේ]
ReplyDeleteඇයි දැං.....? දැං වැඩිය ලස්සනයි.... වද දෙන්න, කේන්ති ගස්සන්න මං නෑ නේ ගෙදර.....
Deleteඒ.....මරුනේ ඈ....
ReplyDeleteමරු කිව්වේ මොකද්ද බොලේ......
Deleteනියමයි අක්කෝ ..:) මමත් සුභ පැතුවා කියන්නකෝ එයාලට හ්ම්ම් :)
ReplyDeleteකියන්නම්කෝ....... තැන්කූ නඟා .......
Deleteමරු ආදර කතාවක් නේ !
ReplyDeleteඅර කිව්වත් වගේ කරන්ට් කපනවා නම් පට්ට... එතකොට අර හැමදාම යන කච කච මෙගා නාට්ටි කන්දොස්කිරියාව නෑනේ !
මගෙත් සුබ පැතුම් එකතු කලයි කියන්ඩ හිරු !
Deleteඔව් අප්පා... ඒක නම් මහම කන්දොස්කිරියාවක් තමා.... මං දවසක් ගණන් කළා 7.30 ඉදලා 9.30 වෙනකම් කතා 40 කට වැඩිය යනවා. සිංහල දෙමල මෙගා නාට්ටි.....
Deleteහා කියන්නම්කො.... තැන්කිව් වේවා...
Deleteසෑහෙන්න දුක් විදලා තියෙනවා වගේ. දැන් සතුටෙන් නෙ.ඒකම මදෑ.ඉක්මනට ගෙදර යන්න ලැබේවා.
ReplyDeleteතැන්කූ වේවා..
Deleteහරිම දුක හිතෙන නමුත් මනුස්සකම වෑහෙන කතාවක්. ඒ දෙන්නගෙ ආදරෙත් බාධක මැදින් ගලපු එකක්. නමුත් අද වුනත් ලස්සනට ඉන්නෙ ඔය.
ReplyDeleteතාත්තා හරි අම්මා වසන්ති චතුරානි වගේ තමයි. ඇත්තටම එයා අදත් ලස්සනයි.
ඇයි හිරු, ඔයාට ඇනිවර්සරි එකට යන්න බැරි වුනේ?
ඒ දෙපලට වාසනාවන්ත අනගතයක් පතනවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපේ මහත්තයා එදා ගෙදර එනකොට රෑ 12 විතර උනා.... ඒකයි යන්න බැරි උනේ.... මල්ලි පාටියක් සෙට් කරලා කොහොම හරි.... තාත්තා බියර් එකක් ගේන්න කිව්වලු... මල්ලි ලොකුවයින් ජින්ජර් බියර් එකක් උස්සන් ආවලු.... තාත්තාත් හිනා වෙලා නිකම් හිටියලු.... මගෙ වෙඩින් එකෙන් පස්සේ මල්ලි තාත්තගේ බීමට සම්පූර්ණයෙන් විරුද්ධයි....
Deleteපළමු වතාවටයි මේ පැත්තෙ ආවෙ.... මගේ ඇස් දෙකට කඳුළු ආවා මේ කතාව කියවලා.... අර ඔයාලගෙ තාත්තගෙ තරුණ කාලෙ පින්තූරෙ දැක්කම මට කවුදෝ මතක් වෙනවා.... ඔයාලගෙ අම්මා හරිම ලස්සනයි... ඒ දෙන්නගෙ ආදරෙත් හරිම අපූරුයි....
ReplyDeleteමියුරු එඅක්කගේ බ්ලොග් ඒක මුල ඉදලම කියවනවා මේ දවස්වල මං....
Deleteහප්පේ අපේ තාත්තගේ චණ්ඩිකම් ලොට් එකක් තියෙනවා..... දාන්නංකො හිමීට......
තාත්තා කියන්නේ නම් කවුද නළුවෙක් වගේලු.... අර “කලංසූරිය“ කියන කෙනා වගේලු....
මගේ කණ්නාඩි දෙක මාරු කරන්න කාලෙ හරි වගේ. එක දිගට මේක කියෙව්වම ඇස් බොඳ වුනා!
ReplyDeleteඔන්න ස්පෑම් ගොඩේ තිබිලා හොයා ගත්තා..... තැන්කිවු වේවා....
Deleteදූ ගේ හැඩ රුව අම්මා වගේම නොවැ...දුක් කම්කටොලු මැදින් ගලන ජිවිතය හරිම සුන්දරයි කියල හිතෙන්නේ ජිවිතේ ජය අරන් ආපහු හැරිලා බලන කොට
ReplyDeleteහි හි.. අම්මා වගේම තමා....
Deleteඔව් ඒක ඇත්ත.. හැබැයි දුක් විදිද්දී එහෙම හිතෙන්‌ෙන් නෑ නේ....
ඒ කාලෙදි හිත හදා ගෙන ඉන්න එක හරි අමාරුයි...
This comment has been removed by the author.
ReplyDelete...අදයි ඉස්සරවෙලාම මේ පැත්තෙ ආවේ
ReplyDeleteකියෙව්වේ ඇත්තටම වින්ද ආදර කතාවක්
ම්ම්ම්.. ඔව්නේ.... ජෝන් අයියගේ බ්ලොග් එකත් කියෝගෙන යනවා මේ දවස් වල....
Deleteතෑන්කූ වේවා
අව්‍යාජ ප්‍රේම කතාවක්.....
ReplyDeleteතාත්තයි අම්මයි දෙන්නම හරිම ලස්සනයිනෙ..... :)
තාත්තගේ යාලුවෝ ඉස්සර කිව්වෙ තැඹිලි ගෙඩියක කපුටෙක් වහලා වගේ කියලලු.... හි හි....
Deleteඅපූරුයි හිරු.. මෙච්චර දවස් එන්න හිතාන හිටියට.. අදයි එන්න පුළුවං වුණේ.. ඒ කතාව..ඔයා ලියලා තියෙන විදිහ.. ඔයාලගෙ පවුල.. හරිම සුන්දරයි.. ඉක්මණට එයාලව බලලා එන්න යන්න..
ReplyDeleteඅද ආවනේ... ඒ මදෑ...
Deleteයනවා යනවා....
who ate my comment?
ReplyDeleteඅදනේ අහු වුනේ... ඔන්න දැම්මා...
Deleteඅදනේ අහුවුනේ.. ඔන්න දැම්මා..
Deleteඔයාගේ අම්මා ඇත්තටම වසන්ති චතුරානි වගේනේ! හරි ලස්සනයි.
ReplyDeleteකතාවත් ලස්සනයි! :)
තැන්කිවු නඟා
Deleteහිරු අක්කියෝ.. ඔයා තරහා වෙන්න එපා පැටියෝ.. අම්මා නම් දුවට වඩා ගොඩා................ක් ලස්සනයි.. :) ජය වේවා...:D
ReplyDeleteඔවු අනේ... හැමෝම කියනවා... හි හි
Deleteමේ තරම් සුන්දරව අකුරු කරන්නට පුළුවන් ඔබ , මීට පෙර ගත් කරුවරියක නොවිමම තමයි පුදුමේ .... හිතට දැනෙන ,කතාවක් වින්දා ..
ReplyDeleteඔබේ මව් පිය දෙපලටම ජය සතුට නිරෝගී සුව පතනවා....
ස්තුතියි
හි හි... ඉස්සර නම් ලිව්වා... ඒත් දැං නම් ලියන්න අමාරුයි වගේ.. මේ තාම මොලේ මලකඩ ටික කඩනවා... අවුරුදු 2ක් තිස්සේ මලකඩ කාලා නේ තිබුනේ.....
Deleteස්තූතියි
මම අම්මලටත් කියන්නම්කෝ
ලස්සන කතාවක් අක්කි.. අහම්බෙන් හම්බුනේ.. අපේ අප්පච්චිත් මට සමහර වෙලාවට (අම්මා නැති වෙලාවට ) එයාලගේ කතා කියනවා.. ඉඩ තියෙන වෙලාවක ඔයාගේ කතාවත් කියවන්නම්. අද tv එකේ දකින කතා වලට වඩා ඇත්ත ආදර කතා ගොඩක් ලස්සනයි. දිගටම ලියන්න සුබ පතනවා.....
ReplyDeleteදුක් වින්දට දුකම එපා නොවන ප්‍රේමය...
ReplyDeleteමේ වගේ කතා කොච්චර ඇත්ද?
අද තමා මේ කතාව කියෙව්වේ. කතාව කියවගෙන යද්දී ඇස්වලට කඳුළුත් ආවා. හරි ලස්සන කතාවක්.
ReplyDeleteඅපේ අම්මගෙයි තාත්තාගෙයි ආදර කතාවේ කපුවෝ දෙන්නා, "කපුවා කපෝති" වුනාලු. ඒ කියන්නේ අම්මගෙයි තාත්තාගෙයි සම්බන්ධෙට සපෝට් කරපු අම්මා ගේ යාළුවායි, තාත්තා ගේ යාළුවායි දෙන්නා පස්සේ කසාද බැන්දලු.
ඔයාගේ අම්මාටයි තාත්තාටයි තවත් කාලයක් සතුටින්, නිරෝගිව දිවි ගෙවන්න වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කියවද්දි ඇස්වලට කදුලු ආව. හරිම ලස්සනයි.අම්මටයි තාත්තටයි සුභ පැතුව කියන්න
ReplyDelete