Thursday, August 23, 2012

අතිශයින්ම පිරිමින්ට පමණයි. 2 කොටස



මේක කොටස් දෙකකට කඩන්න උනා මුල කතාව දිග වැඩි උන හින්දා....

මෙන්න කියෙව්වෙ නැත්තම් මුල කොටස.....

ඉතිං මං මේකෙන් කියන්න යන්නේ බිරිදක් තමන්ගේ සැමියගෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියල මට හිතෙන දේ ගැනයි....

1. තමන්ගේ බිරිද පෙම්වතිය වෙලා හිටිය කාලයේදී වගේ ඇයට ආදරය පෙන්වීම....
( ඕකෙ කියන්න දෙයක් තියෙනවායෑ... ආදරේ නැත්තම් බදිනවායැ කියලා හිතන්න එපා...ඇය ආදරය බලාපොරොත්තු වෙන්නේ ඔබෙන්.... ඉස්සර වගේම ඇය ගැන සැලකිලිමත් කියලා දැනෙනකොට ඇයගේ ඔබට තියෙන ආදරේ තවත් දැඩි වේවි...)

2. බිරිදගේ අවශ්‍යතාවයන් ගැන ඇය කියනකම් බලා නොසිට සොයා බලා අවශ්‍ය දේ කිරීම..
( ඇයි මට කිව්වේ නැත්තේ කියලා අහන්න ලෑස්ති වෙන්න එපා... ඇයගේ මුහුණ අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඔබට... පෙම් කරන කාලෙදි යන්තම් මූණ නරක් උන ගමන් “මොකක් හරි අවුලක්ද සුදු“ කියලා ඔබ ඇහුවනේ.. නේද...)

3. ඇයට අවශ්‍ය හැමවිටම තමන්ගේ රුකවරණය ඇයට ඇති බව ඇයට පෙන්වීම...
( ඇයගේ අවශ්‍යතාවයන් ඉටු කරදීම සදහා වෙන අයට පවරන්න එපා... ඔබේ මවට, නැගෙනියට හෝ ඇයගේ මවට උනත් ඔබේ බිරිදගේ හැඟීම්,අවශ්‍යතා තේරුම් ගන්න අපහසුවිය හැකි බව අමතක කරන්න එපා... ඇයට ඇගේ අපහසුතා කියන්න පුළුවන් ඔබට විතරක් විය හැකියි...)

4. ඔබ ඇයව හැම අතින්ම විශ්වාස කරන බව ඇයට සහතික කිරීම....
( ඔබේ බිරිදට මේ ලෝකයෙන්ම ඉන්න විශ්වාසවන්තම කෙනා ඔබයි... ඔබ ඇයව විශ්වාස කරන බව ඇය දැනගැනීමෙන් ඇයගේ ඔබ ගැන තියෙන ගෞරවය තවත් වැඩි වෙයි..අරක මේක කරන්න එපා කියා තහංචි දැමීමට වැඩියෙන් මේ විශ්වාසය තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්....)

5. ඇයව දිරිමත් කිරීම....
( ඇයට හැම දෙයක්ම හරියට කරන්න බැරි වෙන්න පුළුවන්... එත් ඔබ ඇය කරන දේ අගය කරනවානම් ඇයට එය ඉතාම වටීවි... හිතන්න ඇය ඉදලා හිටලා ෆේෂල් එකකට යන්න ඕනෙ කියලා කියනවා කියලා.... බැන්දට පස්සේ ගෙදරට වෙලා ඉන්න මට මොන ෆේෂල්ද කියලා හිතන කෙල්ලෙක්ට වැඩිය, ඔබ වෙනුවෙන් ලස්සනට ඉන්න ඇය කරන උත්සාහයක් හැටියට ඒ දේ අගය කරන්න ඔබ මොනවා හරි කලොත් ඇය ගොඩක් සතුටු වේවි.... )

6. අන් අය ඉදිරියේ ඇයව පහත් කර කතා කරන්න එපා.....
( විහිළු තහළු කරන අවස්ථා වල පොඩ්ඩක් ඇයව අවුස්සන්න මොනවා හරි කිව්වත් ඒක විහිළුවක් බව ඇයට පැහැදිලි වනසේ කරන්න... ඇය නොදැනුවත්ව ඇයව පහත් කොට කතා කරන්න එපා....මේ වගේ දේවල් වලින් ඇය කළකිරීමට පත් වේවි...)

7. ඇය කියන දේට සැලකිල්ලෙන් ඇහුම්කන් දීම....
( මේක තමයි වටිනාම දෙය.... බිරිදකට තමන්ගේ සැමියාට කියන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්...ඔබට කරදරයක් කියලා හිතෙන්න පුළුවන්... එකම දේ ටේප් කරලා වගේ හැමදාම කියනවා කියලා හිතෙන්නත් පුළුවන්...ඒත් ඔබ ඇයට ඇහුම්කන් දුන්නොත්, ඇයත් එක්ක එදිනෙදා තීරණ වලට හවුල් උනොත් ඇය ඔබට තවත් ගෞරව කරාවි... ඔබ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කර ගනීවි...)

හිතුවාට වඩා දිග උන නිසාත්, ලිව්ව ටික කපලා සංශෝධනය කරන්න හිත දෙන්නෙ නැති නිසාත් මේක තවත් කොටසකට දික් කරන්න සිද්ද උනා..

26 comments:

  1. අනේ මන්ද ඉතිං නේද තිත් දෙකයි ඩී . අද්දැකීමෙන් කියන නිසා අනිව පිළිගන්නව ටීචර් !!!

    ReplyDelete
  2. අදමයි මේ පැත්තට ආවේ . හොඳ උපදෙස් ටිකක් දීල තියෙවනෙ හිරු .

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලෝ නම්............

      Delete
  3. හ්ම්... කියලා තියෙන කාරණා ඇත්ත..

    ReplyDelete
  4. වැදගත් ඔවදන් ටිකක්.

    බඳින්න කලින්ම දැන ගත්ත එක හොඳයි.

    අර කලින් එකේ මට කමෙන්ට් එකකින් කියපු ආදරේ කරන කාලෙට වැදගත් වෙන කරුනුත් පෝස්ට් එකකින්ම දාන්න..

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙට වැඩිය ඒවා නෑ.. මොකද පුළුවන් තරම් ජාති දාලා කෙල්ලව තියා ගන්නනේ බලන්නේ.... ලියලා දුන්නට පස්‌සේ තමයි අගේ නැතුව යන්නේ....

      Delete
  5. හොඳම කතා ටිකක් අක්කේ..
    ජය වේවා...!!

    ReplyDelete
  6. ඉගෙන ගන්න දේවල් තියෙනවා මම කලිනුත් කිව්වා වගේ :)

    ReplyDelete
    Replies
    1. අනේ පොඩි එකෝ.. මේවා ඉතිං 100% හැමෝටම අදාල වෙන් නෑ හොදේ...

      Delete
  7. කොහොමත් මෙයාලගේ ඉල්ලීම් ටික ලියලා ඉවර කරන කොට (මේ වගේ විස්තරාත්මකව..) හබියා නාකි වෙලා ඉඳියි.. මම දන්නෙ නැතෑ මෙයාලගේ ඉල්ලීම්.. අන්න ඒකට අපි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ විස්තරාත්මකව ලිව්වේ, එහෙම ලිව්වෙ නැත්තම් ඔයාලගේ ඔය කලයක් වගේ ඔලු ගෙඩිය ඇතු‌ෙල් තියෙන අලයක් තරම් මොල ගෙඩියට මේවා තේරුම් ගන්න බැරි හින්දා....... නැත්තම් මෙච්චර කියන්න දෙයක් නෑ.. පොඩි දේවල් ටිකක් තියෙන්නේ.... ඒ ටික ඊළඟ එකෙන් බලාගන්නකෝ......

      Delete
  8. කතාවනම් ඇත්ත තමයි ඒත ඕක හැම තැනටම හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුමිත් අයියේ.... හැමෝටම මේවා මේ විදියටම අදාල වෙන් නෑ..... සමහරැ මේ කිසි දෙයක් නැතුවත් ඔහේ පවුල් ජීවිත ගත කරනවා.....

      Delete
  9. මාතලන්ගේ එවත් කියෙවුවා.හිරුගේ එවත් කියෙවුවා.අනේ මන්දා.අත්දැකීම් නැති නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිමට ලකියා තීරනෙ කරා.සේරටම කලින් ලකියට කෙල්ලෙක් හොයාගන්න එපැයි.දැනුවත් කරාට තුති.අනාගතෙට වැදගත් වෙයි වගේ.ඊලග එකත් ඉක්මනට ලියන්නෝ......

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊළඟ එකත් ලිව්වා...

      Delete
  10. නියම පෝස්ට් දෙක.... :D

    ReplyDelete
  11. බඳින්න කලින් උපදෙස් නැද්ද? කමක් නෑ මේක ත් ප්‍රින්ට් කරන් තියාගන්නම්කො අදාළ බලධාරියාට දෙන්න :D

    ReplyDelete
    Replies
    1. හි හි..... බලාගෙන හොදේ... අර මාතලන් ගොයියා කිව්වා වගේ බය වෙලා දුවයිද දන්නෑ ඉල්ලීම් ගොඩක් කියලා....

      Delete
  12. Replies
    1. තැන්කියු වේවා නඟාටත්...

      Delete
  13. වටී වටී අනාගතතේට වටී :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. එල...ඇත්තටම හොදයි අක්කෙ..
    මොකද අපට පර චිත්ත විජානන නුවනක් නෑනේ...
    ඒ හින්දා
    මේක හොදට කට පාඩමින් තියා ගන්ඩ ඕනි... :)

    ReplyDelete
    Replies
    1. හි හි... ටිකක් ඔය පරචිත්ත විඥානය එනවා මල්ලි බැන්ඳම... මූණ වෙනස් උන ගමන් අවුලක් කියලා තේරෙන්නේ ඒක හින්දා තමයි....

      Delete