Thursday, August 9, 2012

හිරුගේ ෆිල්ම් පිස්සුව..

පරණ STAR WARS ෆිල්ම් එකක ඇඩ් එකක් යනවා ..... මගේ අම්මෝ... .මගේ පළවෙනි ඉංග්‍රීසි ෆිල්ම් එක CD එකකින් බලපු...


මට මතකයි මයිකල් ජැක්සන්ගේ Danger music CD එක හොයන්න අපේ මාමගේ CD ගොඩ අදිනකොට අහුවුන Return of the Jedi, Special Edition vcd එක තමා මුලින්ම මං බලපු ඉංග්‍රීසි ෆිල්ම් CD එක...

එතකොටත් මට බරපතල විදියට ඉංග්‍රීසි ෆිල්ම් ටෙලිඩ්‍රාමා පිස්සුව හැදිලා තිබුනා.... මට මතකයි රෑ 10.30 ට X-Files යන දවසට කොච්චර අමරුවෙන් හරි ඇහැරගෙන හිටිය හැටි.... අම්මට ඇහැරවන්න කියලා නිදා ගත්ත දවසුත් තිබුනා... ඇහැරෙව්වේ නැත්තම් උදේට අඩනවා කියලා දන්න නිසා අම්මා ඇහැරවනවා... ඕලෙවල් කාලෙත් ඒක නම් අතෑරියේ නෑ... උදේට කෝච්චියට නැග්ගම බ්‍රහස්පතින්දට ලොකුම කතාව ඕක තමයි... එතකොට Super man අර පරණ එක....තව හෙන සෙට් එකක් තිබ්බා....

හප්පා... ඔය ලෙඩේ තවත් වැඩි උනා ජොබ් පටන් ගත්තම.... DVD සල්ලි දීලා ගන්න පටන් ගත්තම... මුලින්ම ගෙදර බඩුවකට කියලා ගත්තේ JVC DVD Player එකක්... ඊට පස්සේ රු. 200.00 ගානේ කොච්චර DVD ගත්තද කිව්වොත් අන්තිමට අම්මා කියන්න ගත්තා දැන් ඉතිං දෑවැද්දට ගෙනියන්න වෙන්නේ ඔය ටික තමයි කියලා..... ( අපේ මහත්තයා දෑවද්ද එපා කියලා තිබුන නිසා ඒක එච්චර ගාන ක් උන් නෑ..හි හි)

X-Files Season එකක් රු. 2500.00 ද කොහෙද ඒ කාලේ... ඒත් මං ගත්තා.. ( මගේ පඩිය ඔය වගේ දෙගුණයයි. හි හි)

වැඩිපුර බලන්න ආස Cartoon වලට නිසා පරණ චිත්‍ර කතා වලින් හදපු Disney Snowwhite, Beauty and the Beast, Bambi, Little Marmaid, 101 Dalmatians,Tin Tin, The Rescuers වගේ පරණ Cartoon වගේම Jumanji, Mouse hunt, Free Wille, Narnia වගේ ළමා කතා වලට මම තාමත් ආසයි.... Animation cartoon වලටත් මාර ආසයි.... ළගදි ගහපු The Smurfs එකේ Animation නම් මරු.. හැබැයි කතාව නම් හරි නෑ... පරණ කාටූන් එක ඊට වඩා ලස්සනයි.. මල්ලිට ඉංග්‍රීසි පුරුදු කරන්න හොදම ක්‍රමය උනෙත් මේක...පොඩි ළමයින්ට ඉංග්‍රීසි උච්ඡාරණය අල්ලගන්න නම් Bambi එක හරි හොදයි.. ඒකේ ඉංග්‍රීසි හරි පැහැදිලියි... පොඩි සත්තුනේ වැඩිපුර ඉන්නේ... අනිත් එක අතින් ඇදපු චිත්‍ර තියෙන්නේ... හරිම ලස්සනයි...

ඊට පස්සේ ඉතිං Alien, Detective, Love ඒවට කොහොමත් ආසයි නේ... CSI Miami , X-Files තමා අදටත් මගේ ආසම TV Series දෙක.....

හැබැයි මං දෙමළ සහ හින්දි ෆිල්ම්සුත් බලනවා...ඒත් වැඩි ආසාවක් නෑ... සිංහල නම් බලන්නේ නෑ... ජාතිය පහත් කරනවා නෙවෙයි... ඒත් මං ආස විදියේ ෆිල්ම්ස් නැති නිසා... මුලින්ම බලපු සිංහල ෆිල්ම් එක සදකඩ පහන... ඒක බලද්දි මං අඩන්න පටන් ගත්තලු හූ තියලා. හැබැයි ඉවර වෙනකම් බැලුවලු... අම්මා තමා කිව්වේ... අන්තිමට බලපු සිංහල ෆිල්ම් ටික සිකුරැ හතේ.... මෝඩම මෝඩ ෆිල්ම් එකක් උනත් බඩ පැලෙන්න හිනා උනා... අලිමංකඩ... Elephant pass පොත කියවලා තිබුන නිසා ආසාවෙන් බලන්න ගියා... ඒකත් නරක නෑ... තව පොඩි එකෙක්ගෙ ෆිල්ම් එකක් බැලුවා... නම මතක නෑ... එකම කතා ජාති ටික සහ අපිට සුපුරැදු සහ නුපුරැදු ලංකාව ගැන කතා නිසාද මං දන් නෑ.. මට ඕවා එකක් වත් අල්ලන්නේ නෑ....

මේක තමා මගේ ෆිල්ම් පිස්සුව...DVDs ගොඩක් දැන් නැති වෙලා.... යාලුවෝ උස්සන් ගියාම ආපහු හම්බුවෙනවා අඩුයි නේ... මගේ පොත් වලටත් ඒකම තමා උනේ... මොනා කරන්නද... ඕවා ඔහොම තමා...

12 comments:

  1. අටේ පංතියෙ ඉඳිද්දි ස්ටාර් වෝර්ස් අපෙත් ඔලුව කොලොප්පං කරල තිබුනේ එහි Harrison Ford රඟන Han Solo චරිතය තමයි අපේ ප්‍රියතම. ඇමරිකාවට ආවට පස්සෙ මුලින්ම කරේ මේ DVD සෙට් එක ගත්ත එකයි. වයස 40 යි තාම DVD පිස්සුව හොඳවී නොමැත. star gate සීසන් දහයම ලඟදි ගත්තා

    ReplyDelete
    Replies
    1. මම තාම ඔක්කොම ෆිල්මස් ටික බලලා නෑ අප්පා.. star gate එකත් ටිකයි බලලා තියෙන්නේ... එකතු කලේ X-files, Harry Potter, CSI Miami ටිකයි Cartoons ටිකයි තමයි... මියාමි සෙට් එකත් ඩවුන්ලෝඩ් කලා...

      Delete
  2. මෙහෙ එයාපෝට් එකේදි මගෙ මූවී කලෙක්ෂන් එක තියාගත්තනෙ. පස්සෙ සෙන්සර් බෝඩ් එකෙන් ඒවා බලලා මට ආපහු දෙනකොට මම සෙන්සර් බෝඩ් එකට ගෙවන්න ඕනෙ ගාස්තුව මූවී එකේ වටිනාකම වගෙ දෙකකටත් වැඩියි. උඹලම තියාගනිල්ලා කියලා නිකං හිටියා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරි අපරාදයක්.....
      CD එකක් හීරිලා වැඩ කරන් නැතුව ගියොත් ම‌ෙග් පපුවත් ටිකක් වෙලා නතර වෙනවා ඉස්සර....

      Delete
  3. ලස්සන ලිපියක්. මමනම් බයිස්කෝප් වලට එච්චර කැමති නෑ, රාමායනය නම් කීප ගමණක් බැලුව. දැන්නම් ඩීවීඩී එකක් රුපියල් 60 කට මිලදී ගන්න පුළුවන්ලු.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මම බයේ හිටියේ.... පින්තූරෙ ඉන්‌නේ මම බයම මනුස්සයෙක් නේ... වැඩිපුරම බය හිතුනේ Indiana Jones එකේ රගපාපු චරිතෙට තමයි.... ඒ ෆිල්ම් එකේ ලංකාවේ කට්ටිය සහ ඉන්දියාවේ කට්ටිය රගපෑවා.. ඔය පින්තූරෙ ඉන්න කෙනා තමා දුෂ්ටයා... ( හැමදාම එහෙමනේ.... නේද..)

      මං සල්ලි දීලා ගන්නේ ගෝල්ඩ් පාට ඒවා විතරයි... අනිත් ඒවා ඉක්මනට හීරිලා නාස්ති වෙනවා... මම කටපාඩම් කරනවානේ.....

      Delete
  4. ඔන්න හිරුව බලන්න මමත් ආවා. අනේ මටනම් දෙයියනේ කියලා ඔය ෆිල්ම් බලන ලෙඩේ නම් හැදුනෙම නෑ... ඉදලා හිටලා හරි බලන්න කැමති ලංකාවෙ පැරණි චිත්‍ර‍පට.. සමහර රෑප රාමු වල ලංකාවෙ ඒ කාලෙ ජන ජීවිතය, වාහන ආදිය තියෙන නිසා බලන්න ආසයි.. මොකද මම ඇන්ටික් වලට හරිම පෙරේත නිසා...

    ReplyDelete
    Replies
    1. ආවට බොහෝම ස්තූතියි... හි හි.... මාත් පරණ වාහන වලට නම් මාර ආසයි... අපේ මහත්තයා තමා ඒ ලෙඩේ බෝ කලේ....

      මං ආස නැත්තේ වැඩිපුර තියෙන්නේ මහ කැත ෆිල්ම්ස් නිසා... දවසක් මම සිංහල ෆිල්ම් එකක් බැලුවා.. ආසාවට.. එතකොට මට අවුරැදු 15 ක් විතර ඇති.. මේක ඇවිල්ලා අර සින්දුවක් තියෙන්නේ.. උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ කියලා... පොඩි ගෑණු ළමයෙක් ඉන්න... මං ආසාවෙන් මේක බලං ඉන්නකොට ටික වෙලාවකින් මේකේ යනවා ගීතා කුමාරසිංහ ෂර්ට් එකක් විතරක් ඇදගෙන කාමර වල යතුරැ හිල් වලින් එබි එබි බලන සීන් එකක්... ඇත්තමයි කියන්නේ... මට එදයින් පස්සේ තමයි සිංහල ෆිල්ම් එපාම උනේ....

      Delete
  5. ගමට ලයිට් එන්න ඉස්සර මටත් ඔය පිස්සුව තිබුන. ඒ කාලෙ ලේසියෙන් බලන්න ලැබෙන්නෙ නෑනේ. දැං නං නිදාගන්නව මොන ෆිල්ම්එක තිබුනත්. :)

    ReplyDelete
    Replies
    1. ටීවී එකේ යන ඒවා බලන්න කම්මැලි නිසා නිදිමරන්‌ේන නෑ මමත්.....

      Delete
  6. X-Files පිස්සුව නම් මටත් සැහෙන්න තිබුනා..හි හි..

    ReplyDelete
    Replies
    1. ඒක ලේසියෙන් හොද වෙන පිස්සුවක් නෙවෙයි සුදෝ.... මට තාම තියෙනවනේ...... හි හි....

      Delete