Tuesday, August 14, 2012

කටුගෙයි හොරකම ගැන හිනා යන සිතුවිල්ලක්.....

අද උදේ පත්තර විස්තර අහගෙන ඉන්නකොට ඔන්න කියපි “ කටුගෙයි හොරකමේ සැකකරු නිදහස් කරයි. ළඟ තිබූ රන් කෑලි කෞතුකාගාරයෙන් හොරකම් කළ ඒවා නොවෙයි“ කියලා.....

හි හි..... ඕක ඇහුන ගමන් මට මතක් උනේ මොකද්ද දන්නවද.....

අපේ තාත්ත කියපු කතාවක්.....

අපේ රටේ බොහොම වැදගත් නායකයෙක් මලාට පස්සේ පත්තරේ ගියා ලු මේ නායකයට රජ වෙන්න ආසාවක් තිබුනා කියලා.... නිදා ගත්ත ඇදත් රන් ආලේපිත එකක් ලු.....

දැං කවුද කියලා දන්නවනේ....

කෞතුකාගාරෙන් හොරකම් කරලා තියෙන්නේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කඩුවයි,තව කඩු වගේකුයි,රන් කාසි වගේකුයි ලු... කැමරා ටිකත් දවස් ගානක ඉදලා වැඩ කරලා නෑ ලු...




ඔය කෞතුකාගාරේ මං දන්න විදියට බොහොම වටිනා රනින් නිම කළ සහ රන් ආලේපිත ප්‍රතිමා වගයක් සහ රන් කාසි වගයක් තියෙනවා බොහොම රහසිගත විදියට...අවලෝකිතේෂ්වර පිළිමය එහෙම.... ඔතනට හැමෝටම යන්න දෙන්නෙත් නෑ... ( මමත් ගියේ චිත්‍ර පන්තියේ සර් එක්කන් ගිය පාරක...)

රත්තරන් හොරකම් කරන්න ගියා නං ඇයි ඔය ටික හොරකම් කළේ නැත්‌තේ....? කැමරා වැඩ කරන්නේ නැති බව දැන ගන්න පුළුවන් කෙනෙකුට ඔය ටික ගැන දැන ගන්න බැරි කමක් නෑ කියලයි ඕන් මට හිතෙන්නේ.....

( ඊට පස්සේ අර කෝට්ටේ පන්සලේ හාමුදුරුවෝ දෙනම මරා දාපු එකේ සිද්ධිය ගැන තාමත් පරීක්ෂණ පැවැත්වෙනවා ලු නේ....)

දැං මට හිතුන දේ මේකයි....

මේක රත්තරන් හොරකමක් නම් වෙන්න බෑ.... මේක ආයිත් රජ වෙන්න හිතන කෙනෙකුගේ වැඩක්ම වෙන්න ඕනේ...

ඒ කියන්නේ නිල නොලත් මහ රජුගේ හරි, පිය රජතුමා අභාවයෙන් නැති වුන රජකමට එන්න දඟලන පුත් කුමාරයගේ වැඩක්ම හරි වෙන්ඩෝනේ......

හි හි.... අනේ මන් දන් නෑ..... මගේ මෝඩ මොලේට නම් හිතුනේ එහෙම තමා....

තව දෙයක්.... අනේ අපිට රජවරු නම් ඕනේ නැතෝ.........

( මේව ගැන ගොඩක් හොදට දන්න අය ඇති... මට ඔය ටීවි එකේ ඇහිච්ච දේවල් තමා.... )
පින්තූර දෙක හොයා ගත්තේ ගූගල් සර්ච් එකේ පිහිටෙන් තමා...

16 comments:

  1. තව ටික දවසකින් ඔය පින්තූර ගූගල් එකෙන්ම තමයි හොයාගන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබෑව රාජ්...

      Delete
  2. ඇත්තට මේ පිංතූරවල වටිනාකම කියා නිමකරන්ඩ බැරිවෙනවා. ක්ලොස් අප් තිබ්බනං රත්තරං ගානටම වික්කැකි කට්ටියට

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඉතිං දැන් ඉතුරු පින්තූර විතරයිනේ නැන්දේ...

      Delete
  3. //අපේ රටේ බොහොම වැදගත් නායකයෙක් මලාට පස්සේ පත්තරේ ගියා ලු මේ නායකයට රජ වෙන්න ආසාවක් තිබුනා කියලා.... නිදා ගත්ත ඇදත් රන් ආලේපිත එකක් ලු.....//

    හෑ කවුද අප්පා ඒ?

    ReplyDelete
    Replies
    1. අනේ සුදෝ මට නම් නං කියන්න බෑ.... ඒත් එතුමා බොහොම හදිස්සියෙන් බෝම්බයකට අහුවෙලා මැරුනා....

      Delete
  4. අර බයිලා චක්‍රවර්ති හාන්දුරුවෝ මෙන්න මේ වගේ කතවක් කිව්වොත්, ෂොරි නෝනේ. දේශනා කලොත් ඔහේ කලබල වෙලා පෝස්ට් එහෙම දානවා නෙමෙයි..

    "වටිනා බඩු භාන්ඩ කටු ගෙවල් වල තියන්නේ අහවල් කාරනේකටෙයි, ඒවා තියෙන්න ඕන මාලිගවල.."

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි හැබැයි හැබැයි....

      Delete
  5. අහින්සකයෝන්ගේ ආශාවල් වලට ඉඩ දෙමු. මොකද අපි පින්ගුත්තරයෝ නිසා.

    ReplyDelete
  6. :) මම දන්නේ නැතෝ ඕවා අක්කෝ :)

    ReplyDelete
    Replies
    1. පොඩි එකා පොඩ් එකා විදියට ඉන්නෝනේ..... මේවා උඹට ලොකු වැඩියි කෙල්ලේ....

      Delete
  7. කවුරු නමුත් රජ වෙන්ඩ දඟලන පාටයි නෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල හැමෝටම ඕනෙ වෙලා තියෙන්නේ ඒක ද කො‌ෙහද...... හි හි....

      Delete
  8. ඔය මුලින් කිව්ව කතාවේ කෙනා රත්තරන් ගාපු සිංහාසනයක් වගේ පුටුවක වාඩි වෙලා රාජකාරි කරපු කතාවකුත් තියෙනවානේ...

    ReplyDelete
  9. අනේ උන් හරි ඉන්නවනේ හොදින් .. ඒ ඇති ...

    ReplyDelete