අද මේක ලියන්න හිතුනෙ අපේ කකාගේ අද කතන්දරේ දැකලා... කෝච්චියේ ජෝඩු දමා ආවෙමි කියල දාලා තියෙන එක... කොහොමත් කකාගේ සමහර වෙබ් ලොග් පෝස්ට් කියෙව්වම මටත් ලියන්න දේවල් මතක් වෙනවා.. හැබැයි ගොඩක් ඒවා තාම තියෙන්නෙ ටයිප් කරපු ගමන්මයි... මොකද ලියලා ඉවරඋනාට පස්සෙ හිතෙනවා මෙළෝ රක් නෑ හලෝ කියලා.. හි හි...
ඒත් අද එක නං ලියනවා, ලියලා බ්ලොග් එකේ දානවාමයි කියලා හිතාගත්තා...
මේ බ්ලොග් එක බලන ගොඩක් අය දන්නවා මායි අපේ මහත්තයයි කෝච්චි ලවු කාරයෝ කියලා... ඒ ඉතිං ඉස්කෝලෙ යන කාලේ ඉදලමනෙ... මේ ඒ කාලෙ වෙච්ච සිද්ධියක්...
පාදුක්කෙ කෝච්චි ස්ටේෂම ගැන දන්න අය නං දන්නවා ඒකෙ පිහිටීම... සුද්දන්ගේ කාලේ ස්ටේෂම එක පැත්තකත්, අලුතින් ෆවුසි ලොක්කා හදපු ස්ටේෂම අනිත් පැත්තෙත්, ඒ මැද්දෙ රේල් පාරවල් තුනක් තියෙන ස්ටේෂමක්නේ ඒක... ඕකෙ පරණ ස්ටේෂම තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එක පැත්තෙ.. ඒ කියන්නේ ටවුම පැත්තෙ.. පාරවල් තියෙන්නෙත් ඒ පැත්තෙමයි... අනිත් ස්ටේෂම තියෙන්නෙ රේල් ක්‍රොසිං එකෙනුත් පැනලා වට රවුමක් ගැහුවම තමයි.. ඒ පැත්තෙන් කෝචිචියට එන කට්ටියත් ටිකක් අඩුයි... ( ස්ටේෂන් දෙක යා කරලා පාලමකුත් තියෙනවා.. ඒත් ඒක නං වැඩිපුර පාවිච්චි වෙන්නෙ නෑ.. ඒක තවත් රවුමක්..) කොහොම හරි ටිකට් ගන්න නං අලුත් ස්ටේෂමට යන්න ඕනෙ... ඔන්න ඕක තමයි කතාවෙ මුල...
මේ තියෙන්නේ අලුත් ස්ටේෂම පැත්ත... ෆොටෝ එක අරන් තියෙන්නේ රේල් ක්‍රොසිං එක පැත්තෙ ඉඳලා.. පාදුක්කෙ ඉඳලා මීපෙට යන පාර තියෙන්නේ එතන.. අර පාලම දාලා තියෙන පැත්ත කොච්චර දුරද සහ අපහසුද කියලා පේනවනෙ.. ඔන්න අපේ අයගේ ප්ලෑනිං...
ෆොටෝ එක හොයා ගත්තෙ ගූගල් බාප්පගෙන්.. මෙන්න මෙතන තිබිලා..
මේකෙ මේ ආච්චි කෙනෙක් හිටගෙන ඉන්න පැත්තෙ තමයි පරණ ස්ටේෂම හෙවත් පළවෙනි වේදිකාව තියෙන්නෙ.. ෆොටෝ එක ගූගල් එකෙන් තමයි...
ස්කූල් ට්‍රේන් කියලා ජාතියක් ලංකාවෙ තියෙනවා කියල අහලා තියනවද... කැළණිවැලි එකේ නං දෙකක් තිබ්බා.. පාන්දර 5.40.. ඕක පස්සේ 6.00 වෙලා ඊටත් පස්සේ 5.30 වෙලා, දැන් 5.25 වෙලා තියෙන්නෙ.. හැබැයි දැන් අමතර කෝච්චියක් දුවනවා 6.00ටත් ... අපිට ඉස්කෝලෙ පටන් ගත්තා 7.30ට කාලයක්.. ඊට පස්සේ 7.45 උනාද මන්ද.. කොහොම හරි ඒ කාලෙ අපේ සෙට් එකම ගියෙ පහයි හතලිහේ... ඕක පටන් ගන්නෙ පාදුක්කෙන්.. ඒ කියන්නෙ රෑට නවත්තලා තියෙන්නේ පාදුක්කෙ ස්ටේෂමේ... අවිස්සාවේල්ල පැත්තෙ ඉඳලා එන කෝච්චි, පොතේ හැටියට දෙවනි වේදිකාව හෙවත් අලුත් ස්ටේෂම පැත්තෙ නැවැත්තුවට මෙයා ඉන්නෙ පරණ ස්ටේෂම පැත්තෙ... එක්කො වේදිකාවක් නැති මැද පීල්ලෙ ඉඳලා උදේ පාන්දරට මාරු වෙනවා පළවෙනි වේදිකාව හෙවත් පරණ ස්ටේෂම පැත්තට...
ඔන්න එක දවසක් මට කෝච්චිය මිස් උනා... මේකා මාව පෙනි පෙනිත් දාලා ගියා... වෙනදට නං බයික් එකෙන් බැහැලා දූවගෙන ඇවිත් කෝචිචියෙ එල්ලුනාට එදා වැඩේ කචල්.. මොකද සීසන් එක ඉවරයි.. සීසන් එක 30 හෝ 31 ඉවර උනාම පළවෙනිදට ගිහින් එන්න පුළුවන්.. දෙවනිදට යන්න පුළුවන්.. එනකොට ටිකට් ගන්න ඕනෙ.. මේ මං කිව්ව දවස තුන්වෙනි දවස... ටිකට් ගන්න අනිත් ස්ටේෂම පැත්තට ගියාට ආයිත් එන්න පරක්කුයි... ඔය වගේ වෙලාවට අපි කරන්නෙ කෝචිචිය පස්සෙන් එළෝගෙන යන එක... හි හි...
ඒ කිව්වෙ මාව උදේට එක්කන් එන්නෙ තාත්ත හරි අම්ම හරි ස්කූටරේනේ.. ඉතිං එහෙම්මම කෝච්චිය පස්සෙන් පන්නගෙන ගියාම ඊළඟට නවත්තන ස්ටේෂම, ඒ කියන්නේ වටරැක ස්ටේෂමේදි කෝච්චිය අල්ලගන්න පුළුවන්... ඒකත් බැරි උනොත් මීගොඩට හරි ගිහින් කෝචිචිය අල්ලගන්න තරම් උවමනාවක් අපිට තිබ්බා.. මොකද කිව්වොත් යාලුවො ටික නැතුව යන්නත් කම්මැලියි.. ඊළඟ කෝචිචියෙ යන්න හිටියොත් පරක්කු වෙනවා... බස් එකේ යන එක නං මහා කරුමයක්.... ඊටත් වඩා ඉතිං මට මගේ කොල්ලව මිස් වෙනවනේ... හි හි
ඔය කාලේ ටිකට් ගැනත් එක එක වැඩ තිබ්බා... කෝච්චියට පාදුක්කෙන් නැඟලා, වටරැකින් බැහැලා ටිකට් අරන් ආයිත් කෝචිචියට නඟින වෙලාවලුත් තිබ්බා.. බැහැලා, දූවගෙන ගිහින් ටිකට් එක අරන් ළඟම තියෙන පෙට්ටියට නඟිනවා.. ඊට පස්සේ ඊළඟ ස්ටේෂමෙන් බැහැලා යාලුවො ඉන්න පෙට්ටියට දුවනවා... හි හි... ඔය කාලේ වැඩි හරියක් යන්නෙ ඉතිං ෆුට්බෝඩ් එකේ තමයි...
ඔන්න ඉතිං එදත් ඒ විදියට පස්සෙන් එළෝගෙන ගිහින් මං කෝචිචියට වටරුකින් නැඟගත්තා... හති දාගෙන මං යාලුවො ටික ගාවට යද්දි මෙන්න මුන් ටික මහ කැත විදියට මට හිනාවෙනවා... මං හිතුවා මං දුවගෙන ඇවිත් එල්ලුන විදිය හින්දා වෙන්න ඇති කියලා... නෑ.. මුන් හිනාවෙන්නෙ ෆුට් බෝඩ් එක දිහා බලාගෙන... මාත් හැරිලා බැලුවා...
මෙන්න අපේ මහත්තයා ඉන්නවා ෆුට්බෝඩ් එකට වෙලා හිනාවේගෙන.....
මට නේද මාර ජොලි.. ඒ මදිවට පපුවත් නිකං කෝච්චි ඇංජිම වගේ සද්දෙන් ගැහෙනවා... අරයගෙත් කට කනේ... හි හි...
( හැබැයි ඒ කාලෙ ඉතිං පස්සෙන් එන එක්කෙනෙක් විතරයි...)
මේකනේ උනේ.. මං කෝචිචියට පාදුක්කෙන් නැග්ගට, මෙයා නඟින්නෙ නුගේගොඩින් හරි උඩහමුල්ලෙන් හරි... එදා මොකක්ද වැඩකට කළුඅග්ගල ගිහින් මහ පාන්දර නැගිටලා ඇවිත් මාව අල්ලගෙන පුදුම කරවන්න අපේ කෝච්චියට නැගලා.. අනේ දෙයියනේ එදා මං පරක්කු වෙලා කෝච්චිය මිස් උනා නං එහෙම මගේ කොල්ලා පවු....
ඔය විදියම සර්ප්‍රයිස් එකක් දුන්නා මට මෙයා ආයිත් දවසක්.. ඒක පස්සෙ දවසක වෙන කතාවක් එක්කම ලියන්නං නේද... හි හි
අනේ දෙයියනේ එදා කෝචිචිය මිස් උනානමි අදත් ඒ අංහිසකය හොදින් (විහිලුවට)
ReplyDeleteඅනිවා මේ වගේ වදකබාරියෙක්ගෙන් බේරෙන්න තිබ්බා
Deleteඅනේ දෙයියනේ :D
Deleteඒක ඇත්ත අනෙ... හි හි
Deleteමුන්ට ඊරිසියාවද කොහේද..?
Deleteමහව කෝච්චිය ගැන අර ජෙමා ලියපු කවියකුත් තිබ්බා. ඒක අළුත් සයිට් එකක්.. මට කෝච්චි කාල් ගාන සිරා තමා ඔත්තුව දුන්නේ..
ReplyDeletehttp://jemasplace.blogspot.com/2013/08/blog-post.html
මං ගියා ඒ පැත්තෙ...
Deleteඅම්මේ...කොහොමද ඒ වෙලාවේ කෙල්ලට ආපු කික් එක. ඕක බොක්කටම දැනෙනවා ඉතින් ලව් කරන කාලේ. සේම් හියර් නේ. ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයිත් අහලා... මං ඕක ඊයේ මතක් කළාමත් කොල්ලට මාර හිනාවක් ගියා... හැබැයි ඊට පස්සේ ඔය උඩ කියල තියෙන කතාවම කියලා රොමැන්ටික් ගතිය කාලා දැම්ම.... හි හි
Deleteඋඹ ඊලඟ සර්ප්‍රයිස් එක දුන්නෙ දවසක් වෙලාවට කෑම උයල දීල නේද?
ReplyDeleteඋබ පටලොගෙන රාජ්...අපහු අන්තිම ටික කියවපන් මචො..
Deleteයේස් ටැපලිලා
Deleteරාජ් කියන කතන්දරෙත් හරි අප්පා... හි හි
Deleteඋඩහමුල්ලෙන් කොච්චියට නගින එක තමයි අමරුම වෑඩෙ.....
ReplyDeleteප්ලැට්ෆොම් එක නිසාද...
Deleteඅප්පට හුඩු මූට හිතෙනවද දන්නේ නෑ එදාම බෙල්ල තිබ්බ නම් මීට හොඳයි කියලා.... :)
ReplyDeleteහි හි... ඒ ඔය එක එක කට්ටිය හිතන හැටි තමා... හි හි
Deleteඇත්තටම ඌ කොහොම හිතනවා ඇති ද?
Deleteබලමු බලමු මොකද්ද කතාව කියලා. මම නම් නුවර ආවට පස්සෙ තමා නිතර කෝච්චි ගමනට හුරු වුණේ...නිතර කියන්නේ මාස දෙක තුනකට සැරයක් ගෙදර යනකොට :-)
ReplyDeleteහපොයි මං නං දිනපතා කෝච්චියෙ තමයි.. කෝච්චියෙන් තොර ජීවිතයක් තිබ්බෙ නෑ ඒ කාලේ... හි හි..
Deleteමමත් ඉස්සර ඉස්කෝලේ ගියේ කොච්චියේ තමයි. ඒත් හැබැයි ඔය පාරේ නෙවෙයි. ප්‍රධාන මාර්ගයේ.
ReplyDeleteකෝච්චි කතා නම් එමටයි. අන්තිමේ ඒ ලෙවල් වලට ඔන්න මෙන්න තියලා කෝච්චියෙන් වැටිලා කකුල කඩාගෙන ඉන්නත් වුණා.
මාත් වැටුන දවසක් බේස්ලයින් වලදි... කෝච්චියයි ප්ලැට්ෆොම් එකයි අතරට.. හොඳ වෙලාවට ළඟ හිටපු කෙනෙක් මාව ආඳල ගත්ත උඩට.. බෑග් එක පිටේ තිබ්බ නිසා මාව හිරඋනා... නැත්තං එදා සොරි ඩොට්කොම් තමයි... මොකද ළමයි ගොඩක් බහිනවනෙ ඒ ස්ටේෂමෙන්... ඉතිං ගාඩ්ලට පේන්නෑ කාවවත් වැටිල කියල...
Deleteමටත් මතක් වුණා.. එවැනි සුන්දර අතීත කතාවක්... හිමිදිරියක.... දුම්රිය නැවතුමක....බලා හිටියා කෙනෙක්... පුදුමෙන් විසල් කරමින් මගේ ඇස්....
ReplyDeleteඒත් දැන් ඉතින් ඒව ලියල වැඩක් නැහැ...
මට හිතාගත්තෑකි.... සමහර විට අමතක කරන්න දඟලන මතකයන් පුදුම විදියට මතකයේ රැඳිලා තියෙනව තරූ.... ඒවා අමතක කරන්න හදන එකත් මහ වැඩකට නැති දෙයක් වෙන තරමටම...
Deleteතරුරසීට තරුවක් මුණගැහෙයි.. මොකටද උල්කාපාත ගැන කල්පනා කරන්නේ?
Delete// කකාගේ සමහර වෙබ් ලොග් පෝස්ට් කියෙව්වම මටත් ලියන්න දේවල් මතක් වෙනවා.. //
ReplyDeleteඒ කියන්නෙ කකාගෙ කොච්චිය පමා උනොත් හිරුගෙ කොච්චියත් පමා වෙනවා කියන එකයි. නැතිනම් මගේ වෙබ් ලොග් පමාවට මට බනින්න එපා කකාට බැනපල්ලා කියන එකද ? එවා ඔට්ටු නෑ හිරුවෝ හරිය ..
හි හි.. කකාගේ කතා නිසා මට මතක් වෙනව ලියන්න දේවල්..
Deleteඅපි ගියෙත් කෝච්චියෙ තමයි. හැබැයි ඕ ලෙවල් වෙනකන් වෑන් එකේ.. පොල්ගහවෙල ලයින් එකේ. ගම්පහට කෝච්චියෙ එන එක ලේසියි බස් එකේ එනවට වඩා.අපි අඳුනන ඔය කැලණි වැලි මාර්ගෙ ඉන්න උන් නම් ඔක්කොම ගියෙ බස් එකේ.. කෝච්චියෙ යන එක එපා වෙනව කියල තමයි උන් නම් කිව්වෙ. පරක්කු වෙනවද මොකද හේතුව කියල නම් මට මතක නෑ..
ReplyDeleteඑවුන් ඇවිල්ලා කෝචිචි ගමනේ රහ දන්නෙ නැති මැටි මෝල්ලු.. හි හි.. හැබැයි කෝචිචියේ පාදුක්කෙන් නඟින එක තරම් ජොලියක් නෑ මඟින් නඟින අයට...
Deleteසමී , ඒ ඉස්සර දැන් කෝච්චි වෙලාවට යනවා හරිය.අනික ඉස්සර ගිය ලෑල්ල වගේද අලුත් නිල් කුමාරිලා ටික. හිරු කිවුවත් වගේ කොච්චි ගමන තරම් ෆන් එකක් තියෙනවාද බස් එකේ.අපි,අපේ යාලුවෝ සෙට් වෙලා කොච්චි වල යනවා රවුමක් දාලා එන්න.ගිහින් අතේ සතේට හිදෙනකන් කෝච්චි වල ගිහින් එනවා. =D
Deleteමට මතක් වුනේ අරූ කියපු කතාවක්.....//"//”ස්වාධීන මත දරනා ගැහැණුන් හා වෙසෙනා සහ එය ඉවසනා පිරිමින් සිටින්නේනම් ඒ අතලොස්සකි.ඔහු ඒ අතරින් එකෙක් විය හැක”// බලං ගියාම අපේ මහත්තයා සෑහෙන කාලයක් ඉවසලානේ බොලේ.....!
ReplyDeleteපෙර ආත්මවල කරපු අකුසල කර්ම කලප ගාණක් උනත් ගෙවන්න වෙ වෙලාවල් තියනවා කියලා මම බණ කතාවක අහලා තියනවා
Deleteමෙ ආත්මෙ කොහොමහරි ගෙවල ඉවර කරනවලු
Deleteබැරි වෙයි දමිත්.. ලබන ආත්මෙටත් මාවම ඕනෙලු... හි හි
Deleteකෝච්චිද කතා කරන්න එපා... මම 8 වසරෙ ඉදන් බයික් එක ගන්නකම් ගියේ කෝච්චියෙ.. කතාද .. කතා කරල වැඩක් නෑ... සම්පූර්න පෙට්ටියක්ම ඉන්නව සෙට් එක.. ඉති හිතපන්කො... කැලණි වැලි තමා...
ReplyDeleteඅපිත් එහෙම තමයි ඉතිං.. කොෙහාමත් ඉස්කෝලෙ ළමයි රංචුවක් සෙට් උනාම අනිත් අයව නිකම්ම එළියට විසි වෙනව.. හි හි...
Deleteඅපි දෙන්න රේල් පීලි දෙක වගේ
ReplyDeleteකවදාවත් එක්කහු වෙන්නෙ නෑ
ඉස්සර ප්‍රේමවන්තයින්ගෙ උපමාවක්
--------------
මං ඒකට එකඟ නෑ
එක්කහූනොත් කොහොමද හලෝ කෝච්චි දුවන්නෙ?
ඔව් පවුල් දුම් රිය දුවන්න
දෙන්න-දෙමාල්ලො පීලි දෙකක් වගේ !
ප්‍රේමවන්තයොයි, දෙන්න දෙමාල්ලො කියන්නෙ සම්පූණයෙන්ම වෙනස් චරිත බතී.. ඒකයි...
Deleteහීන් තනිකමක් සමඟ
ReplyDeleteඋදෑසන සවස ගමන
අරඹා නිම කරමි
පාදුක්ක ඉස්ටේසමෙන්
කිසිවෙකුත් නැත
අත වැනුමට
සිනාසීමට
යටත් පිරිසෙයින්
රැවීමට ගෙරවීමට
කඳුකරයේ සිටින
මා මිතුරු මිතුරියන
හිත අගිස්සෙන් මතු වෙයි
මහා තනිකමක් දැනෙයි
කවුළුවක් අසලට සේන්දු ව
බලා යමි සිනා වෙන අත වනන
වෘන්දාව
පෙළින් පෙළ
පාදුක්ක වටරැක
අතරමැද
රබර් පේළිය
මා හොඳින් දන්න
ඉන් පසු කඩිනමින්
හිස් වෙල් තලා පසු කොට
දිය සීරා සොයා යන්න
ස්නානය කරන දන දැක
අහක බලාගෙන
මීගොඩ, හෝමාගම,
පන්නිපිටිය, ගොඩගම
තව බොහෝ දුර යන්න
හැකිද මිතුදම රැගෙන
තුන්වැනි පන්තියට එන්න
තවමත් යන්නේ කෝච්චියේ නම්..
අයියෝ කඳු.. මගේ කෝච්චි ගමන් දැන් ඉවරයි... දැන් ගෘහණියක් වෙලානේ... හැබැයි මගෙ යාලුවෝ ටික නං තාමත් යනවා...
Deleteමං එංඤෙඤයි.???
Deleteකඳුගේ මේ කවි හැකියාවට මට ඉරිසියයි... ඇත්තටම...
Deleteමහත්වරු
Deleteඑහි බොහොම යන
නිදි කිරා වැටෙන
හදිසියෙන් ඇහැරෙන
තල්ලු වී මඳක් වේගෙන්
ඉඩ අල්ලා ගෙන
ලොකුවට හැරී බලයි
කිසින් නොවුණා ලෙද
අත නොපායි
කිසිවෙකුගේ බෑගයක් හෝ
අල්ලා ගනු පිණිස
ළතෙත් ව
ආවාට කැමති වනු නැත
කිසිදු සුවඳක් නො එන
කටකාර නැති
නිහඬ ළමයෙකුට :)
ඉරිසියාවද ලැබෙන සම්මානය එහෙනම්.. :)
Deleteබැරිද ආදරය වගේ දෙයක් දෙන්න.. ආපිට කිසිත් නොපතා ම..
එච්චරට තත්වෙ නරක් වෙලාද දැන් ඒ කියන්නෙ.... අපේ පරම්පරාවෙ උන් නං අන්තිමයි කියල තමයි කියන්න වෙන්නෙ.. සමහර විට යුද්ධෙ කාලේ අත්දැකීම් හින්දද දන් නෑ ඔය කේස් එක.. ඒ කාලේ නං බෑග් එකක් වත් ගත්තෙ නැති කාලයක් තමයි....
Deleteමගේ ඉරිසියාව කියන්නේ ආදරයම තමයි කඳු..... ඒ දෙකේ එච්චර ලොකු වෙනසක් නෑ මගෙ නං... හි හි
කෝච්චි කතානම් ගොඩක් තියෙනවා ලියන්න තමයි කම්මැලි .......
ReplyDeleteමටත් වඩා කම්මැලියෝ ඉන්න බෑ... හි හි
Deleteඔය පාදුක්ක යන්නේ ඉස්සර ඕපනායකට ගිය කැළණිවැලි පුංචි කෝච්චිය නේ.
ReplyDeleteමේක හුඟ දෙනෙක් දන්න කවියක කොටසක්. රචකයා චන්ද්‍ර අනගිරත්න.
පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්
පුංචි කෝච්චිය නෑ කකා දැන්.. අලුත් ඒවට රේල් පාර හදනකොට මුලදි නං පුංචි කෝච්චියේ රේල් පාර ඉතුරු කරල හදලා තිබ්බ මට මතකයි මං පුංචි කාලේ... දැන් ඒ මැද පීල්ල ගලෝලා.. හැබැයි පාදුක්කෙන් එහාට සමහර විට අවිස්සාවේල්ල හරියෙදි ඒ රේල් පාර තියෙන්න පුලුවන් තාමත් මං හිතන්නෙ...
Deleteඅයියෝ හිරූ... ඔයා කොලබින් නෙමෙයි නේද නැග්ගේ... ඔය කතාව ඇත්තනම් මෙලහකට හිරූට ලමයි බරගානක් ඉන්න ඕන.... ඉස්සර වගේමයි දැනුත්... මාසයක් විතර යනව අවිස්සාවේල්ලට යන්න...
Deleteහෙහ් හෙහ්... ලස්සන සිදුවීම් ගොඩක් මතක් වුනා ඈ.. තෑන්ක්ස් හිරූ :)
ReplyDeleteහි හි... කෝචිචියේ ගිය අයට මිහිරි හෝ අමිහිරි, ඒත් ලස්සන මතක තියෙන බව දන්නවා....
Deleteඅනේ කෝච්චි ගැන කතා කරපුවහම මගේ පපුව හෝස් ගාල යනවා අෆ්ෆා!!!
ReplyDeleteඒ මොකෝ අනේ.. කෝච්චි එංජිමකට වත් ලවු කළාද.. හි හි..
Deleteඅපේ එක මල්ලි කෙනෙක් ඉන්නවා... උෟ ඔය දුමිරිය දෙපාර්තමේන්තුවෙ ඉංජිනේරු අංශේ... කෝල් කළාම කියනවා අනේ අක්කෙ මං මේ මගේ ලවු එකත් එක්ක ඉන්නෙ , කතා කරන්න බෑ කියලා.. පස්සෙ බැලින්නං මූ ලව් එක කියලා තියෙන්නෙ කෝච්චි ඇංජිමකට... හි හි...
නෑ නෑ.. මමත් ඔය කෝච්චි හුට්ටප්පර දෙක තුනකට සම්බන්ධයි!
Deleteකෝච්චිවලට අයි ගැහැණුන්ගේ නම් දාන්නේ ලොකු මේල් එකක් ආවා වගේ මතකයි උත්තර ගොඩක් එක්ක.....මට මතක උත්තර 3යි බලමු කට්ටියට තව ඒවා මතක් වෙයිද කියල
ReplyDelete1. පදවන්නේ ඩ්‍රයිවර් උනාට ගාර්ඩ් වෙන කෙනෙක් නිසා
2. කදු අදිනකොට එන්ජින් 2ක් පාවිච්චි කරන නිසා
3. යන කොට එක එන්ජිමකුත්එනකොට තව එන්ජිමකුත් පාවිච්චි කරන නිසා
කීයට වත් කියන වෙලාවට එන්නේ නැති නිසා..
Deleteමටත් මතකයි ඔහොම මේල් එකක්...
Deleteඕකෙ ඉතුරු ටික මට සම්පූර්ණ කරන්න පුලුවන්...ඒ උනාට ඒක මගේ සත්ගුණවත් නමට කැළැලක්...හැක හැක...
Deleteමාසෙකට සැරයක් ඔයිල් ලීක් වෙන නිසා
Deleteකොච්චර පරිස්සම් කරත් පෙට්ටි කැඩෙන නිසා
කොච්චි...
ReplyDeleteලියන්න ගියා නම් කොච්චි ගැන, අත්දැකීම්, වෙන වෙන දේවල් ලියන්න තිබ්බ පොතක් උනත්.. මමත් 1996 ඉඳල කෝච්චියේ. හැබැයි අවුරුදු 2ක් ගියේ නිකම්. අප්පච්චිලා එක්ක ඒ ඔෆිස් එකට. මම පාසල් දුම්රියට කලින් කාර්යාල දුම්රියට සෙට් උනේ එහෙමයි.. හැබැයි මම කැළණි මිටියාවත් මාර්ගයේ නෙවේ.. උඩරට දුම්රිය මාර්ගයේ ගෙලිඔය- මහනුවර අතර. පාසල් යන්න පටන් ගත්තට පස්සේ ගෙලිඔය- අස්ගිරිය අතර.
මමත් 2008 ඉඳල අද වෙනකල් සීසන් මගියෙක්. ඒ කාලේ ඉඳල මම දුම්රිය අතරමග කැඩීම් වල සිට දුම්රියට පැනීම් දක්වා ඇසු දුටු දේ වෙලාවක බ්ලොග් එකේ ලියන්න හිතෙනවා. මගෙත් එක්ක හවස ටිකිරි මැණිකේ දුම්රියේ ගිය අයියල, අක්කල අපේ වයසේ අයගෙන් දැන් නම් අතලොස්සක් තමා ඉන්නේ. ඒ දවස් වල "වෙනත් මගීන් සඳහා ආසන වෙන්කර තබා ගැනීම තහනම්" කීවට අපේ ඉස්සෙල්ලම එන එක්කෙනා කරන්නේ 10ම අල්ලගන්නවා. ඒ කියන්නේ 4රයි 6යයි දෙකම!
කෝච්චිය 5ට මහනුවරින් හැටන් බලා එනවා.. ඒ අතරේ සිදු වෙච්ච රසවත් සිදුවීම් මතක් වෙද්දී නම් ඇහැට කඳුලක් එනවා..
කැළණි මිටියාවත මාර්ගයේ නම් දුම්රිය යන්නේ ඇවිදින වේගෙන් නේ. ඒ මොකද ඕකේ වංගු ගොඩයි. පාර අන්තිමයි. බලවේග කට්ටල විතරයි බොහෝ වෙලාවට. හිරු අක්කල ඉස්කෝලේ ගියේ පුංචි කෝච්චි වලද? ඔය පාර අවිස්සාවේල්ලෙන් දෙකට බෙදිලා එකක් යටියන්තොටටත් අනික රත්නපුරේ හරහා ඔපනායකටත් ගියා..
පුංචි කෝච්චිය මං පොඩි කාලෙදිත් තිබ්බ.. ඒත් අර හිටපු ගමන් ජොලියට ගමනක් වගේ අඟුරු ටිකක් පටෝගෙන ගියා විතරයි... සෙනඟ ඇද්දෙ නෑ.. දැන් ඒක නෑ....
Deleteඔය පාරේ තියෙන කේස් එක ඒක තමයි මල්ලි.. වංගු වැඩිකම... පෙට්ටි 5කට වඩා යන්න බෑ... අධික වේගයක් ගන්නත් බෑ...
හැබැයි ලංකාවේ තියන දර්ශනීයම ගමන් මාර්ගය කියන්නේ පාදුක්කෙන් එහාට කැළණිවැලි පාරලු...
මගේ ඉස්සර විනෝදාංශයක් වෙලා තිබුණා ඔය පාරේ ස්ටේෂන් තියෙන තැන් වල දැන් තියෙන්නේ මොනවද කියලා හොයලා බලන එක.
Deleteඇහැලියගොඩ - පුස්තකාලයක් වගේ මතකයි
කුරුවිට - බස් නැවතුම්පොළ
රත්නපුර - බස් නැවතුම්පොළ
කහවත්ත - බස් නැවතුම්පොළ
ඕපනායක - පොලීසිය
දෙහිඕවිට- MOH ඔෆිස් එක.
Deleteයටියන්තොට- පොලිසිය.
කරවනැල්ල- පාසලක්.
දෑල- අත්හැර දමා ඇත.
ඔය කියන කෝච්චියෙද මන්දා කොළඹ ඉදන් පාදුක්කට ගියා වසර හතරකට විතර පෙර. එතකොට අපි දෙන්න සැට් වෙලා අවුරුද්දක් විතර වෙනවා. හිකිස්.. අනේ ඒක යනවා නෙවේ පාවෙනවද මන්දා.. ටකස් ටකස් ගගා හෙමීට යන්නෙ..
ReplyDeleteඔය සීසන් එක අලුත් කරන දවසට කෝච්චි මිස් වෙන අය බහුලයි. මම වැඩිය කෝච්චි වල ගිය බුවෙක් නෙවෙ. ඒත් ගම්පහ ක්ලාස් ගියෙ කැළණියෙ ඉදලා කෝච්චියෙ. අපෙ උන් ඔය වැඩ වෙනවා. අනික අපිට ටිකට් එක මිස් වෙනවා. අවුලක් නැතිව අවුරුදු දෙකක්ම ක්ලාස් ගියා ටිකට් නැතුව වුනත්.
පව් අර මනුස්සයා සරපරයිස් කොරන්න ගිහින් තනියම කෝච්චියෙ ගිහින්.. :)
ජය !
ඒකනේ බං ඕක ලවු කරන උන්ට කියාපු කෝච්චිය කියන්නෙ.. පැය දෙකක් දෙකාමාරක් හිමින් හිමින් අඳිනවනේ... හි හි... කොහොමත් උදේට කොළඹ ඉඳන් එන කෝච්චි හිමින් එන්නෙ.. ඒ වෙලාවට ප්‍රයෝරිටි දෙන්නේ පාදුක්කෙ ඉඳන් යන කෝච්චි වලට... සෙනඟත් අඩුයිනේ... හවසට ඒකෙ අනිත් පැත්ත...
Deleteඋදේට කොළඹ ඉදන් එන එක කෝච්චියයි තියන්නේ.ඒකත් පාර්සල් අරන් එන ගමන් එන්නේ.ඒ නිසා පැය ගානක් යනවා අවිස්සාවේල්ලටම යන්න.ස්ටේෂන් වල නවත්තන් ඉන්නවා සෑහෙන වෙලා ( පාර්සල් පවටවන්න බාන්න එහෙම ) ඕනිම මාර්ගයක ලස්සන බලන්න යන්න ඕනි අන්න ඒ වගේ එකක.සමහර ස්ටේෂන් වල ඇවිදලා එන්නත් වෙලාව තියෙනවා ඒ වගේ කොච්චි වල ගියහම.
Deleteකොච්චි ගමන පට්ට නේද ? මං එක දාසයි ගිහිං තියෙන්නේ. ඒ අපේ බුකියේ මිතුරු සෙට් එක එක්ක බදුලු ගියා ටුවර් එකක් කෝච්චියේ පොල්ගහවෙල ඉඳන්. අම්මෝ තියෙන සැප. ටුකුස්.. ටකුස්..
ReplyDeleteඑදානම් එපා උණා. මටනම් නවමු අත්දැකීමක්. මොකද අපි බස් වල යන මිනිස්සු නෙව. කවදා ගියපු කොච්චි ද ?
හරි ආසයි.. ඒ උනාට කුරුණෑගල අපිටනම් බස් වල පිහිට තමයි. :D
Bora Diyaka Induwara
කෝච්චි ගමන කියන්නෙ කොච්චර කටු කෑවත් මට එපා නොවෙන ගමනක්... හි හි
Deleteඅපරාදේ දැන්නං පරක්කුයි... ඉස්සර දැනගෙන හිටියනං මේ විඩියෝ එක ශෙයාර් කරනවා...
ReplyDeleteදුවන කෝච්චියට නගින්න ඔයාටත් මේ සිස්ටම් එක ට්‍රයි කරන්න තිබ්බා... අපේ මහත්තය ෆුට්බෝඩ් එකේ ඉදන් හෙල්ප් කරනවා... තාත්තා ප්ලැට්ෆෝර්ම් එකේ ඉදන් හෙල්ප් කරනවා... :D
https://www.facebook.com/video/video.php?v=251685301564282
ගේමක් නෑ නේද..? :)
යකෝ ඒක බලද්දි පපුවෙ අමාරුව හැදෙනවනේ... හි හි...
Deleteමට ඔහොම කේස් නෑ... මොකද මං නඟින්නෙ නවත්තලා තියෙන කෝච්චියටනේ... අනිත් එක අපේ කෝච්චි ඔච්චර දිගත් නෑ නේ.. ලෑස්ති වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි... හි හි
කොච්චි කරල කෝච්චියෙන්ම කොල්ලව සෙට් කරගෙන එහෙනම්.
ReplyDeleteමං නෙවෙයි සීයේ .. එයා.... හි හි
Deleteමේ මාර්ගයෙ කවදාවත්ම ගිහිල්ලා නෑ මම....මටත් කෝච්චි කථා කීපයක් මතක් වුනා..වෙලාවක් ලියන්නම්...පොඩි කාලෙ ඉදලම මම ගමන් බිමන් යන්න ආසම මාධ්‍යයක් දුම්රිය...රැකියාවට යද්දි එල්ලිලා ගිය විදිය අම්මා දැක්කා නම් උන්දැ පපුව හිරවෙලා මැරෙනවා...
ReplyDeleteමේ මාර්ගයේ යනවනං අවිස්සාවේල්ලටම යන්න සිරා... පාදුක්කෙ ඉඳල අවිස්සාවෙල්ලට ගමයි ලස්සනම හරිය තියෙන්නෙ...
Deleteදැන් අපේ මහත්තයට පෙන්නන්න බැරි දේවල් ලැයිස්තුවෙන් තුනක් මම දන්නවා.
ReplyDelete1. මුහුද හා ඒ හා සම්බන්ධ දේ (සුනාමිය නිසා)
2.ඡායාරූප ශිල්පය හා ඒ හා සම්බන්ධ දේ
3. කෝච්චි හා ඒ හා සම්බන්ධ දේ
4. LOADING. PLEASE WAIT...
ඇයි මං මේක ඉස්සරහට වෙලා ඉන්න එක... හි හි
Deleteබොලේ පාට්නර් මගේ ලගින්ම කමෙන්ට් එක දාලා..පේනවනෙ සහජීවනය අපි අතර තියෙන...
Deleteශා .........ඒක කෝච්චි ආදරයක්ද සෝ......................................... යිනේ
ReplyDeleteඔව් ඔව්... දිගටම ඇදලා සෝ..........යි තමා... හි හි
Deleteමටත් කෝච්චියේ නම් ගොඩාක් සුන්දර මතක සටහන් තියනවා... රත්නපුරේ ඉතින් කෝච්චි නෑනේ.. බැන්දල ගියාම ඔෆිස් යන්න වුනේ කෝච්චියේ... දවස් 2, 3 ක් ගියාම කට්ටියකුත් සෙට් වුනා.. ඒත් අනේ දවසකට සෙට් වෙනව සමහර දවසට නෑ. හේතුව මම එකම කෝච්චි පෙට්ටියට නගින්න දන්නේ නැතිකම... පස්සේ දවසක් කට්ටිය කිව්වා බය වෙන්න එපා හෙට ඔයාව කොහොමහරි අපේ පෙට්ටියටම නග්ග ගන්නම් කියලා...කිව්වත් වගේ පහුවදා මම කෝච්චිය නවත්තද්දි හිටගෙන හිටිය එකම තැනක.. එතකොට ජනේලයෙන් එලියට ඔළුව දාපු මගේ යාළුවෝ සේරම "මේකට නගින්ඩෝ" කියලා මුලු ස්ටේෂන් එකටම ඇහෙන්න කෑගැහුවා අම්මෝ මට ලැජ්ජවේ පණ ගියා...
ReplyDeleteහි හි... ඕකෙ යන උන ඔහොම්ම තමයි... හි හි
Deleteබ්ලොගේ ලස්සන කරලා වැඩ දාල හරියට තොරණ වගේ,ඔන්න මම පාදුක්කේ ස්ටේෂන් එක දැක්කමයි.මමත් කෝච්චි ජීවියෙක් අපි ගියේ නං ප්‍රධාන මාර්ගයෙ,හිරූ ඉපදෙන්නත් කලින් තමයි මම දුම්රිය ගමන පටන් ගත්තේ.
ReplyDeleteසීසන් ටිකට් එකෙන් මාසෙ දෙවෙනිදත් යන්න එන්න දෙකම පුළුවන්,තුන්වෙනිදා නං බෑ ඒක මම ටික්කෙකුගෙන්මයි අහල දැනගත්තෙ.
ආපහු ලංකාවට ගියාම ආයෙත් දුම්රිය ගමනේ සුන්දර අත්දැකීම් දිනපතාම ලබන්න පුළුවනි.
ඉස්කෝලෙ සීසන් වලට නං ඔය නීති එච්චරම බැලුවෙ නෑ... හැබැයි ජොබි කරන්න ගත්තට පස්සෙ සීසන් එකෙන් නං දෙවනිද යන්න විතරයි පුළුවන් මට මතක විදියට....
Deleteකෝච්චිය කියන්නෙ මතක ගබඩාවක්... ඒක ලේසියෙන් හිස් වෙන්නෙත් නෑ... හි හි
මරදානෙන් නෙ බහින්නෙ :)
ReplyDeleteඅයියත් මරදානෙ ඉස්කොලෙකමද?
බේස්ලයින්.... මරදානෙන් බැහැලා රවුමක් ගහන්න ඕනෙ... හි හි...
Deleteඅනේ ඉතින් මට තාත්තල අම්මල ගැන දුක හිතෙන්නෙ මෙවුව ඇහුවම.. කෙල්ල ඒකෙම යන්න නහින්නෙ ඉස්කෝලෙට වෙලාවට යන්න නෙවෙයි කොල්ල හින්ද කියල නොදන්න අහිංසක තාත්තයි අම්මයි "පවු කෙල්ල ඉස්කෝලෙ යන්න කොච්චර ආසද " කියල හති දාගෙන කෝච්චිය පස්සෙ එලවන හැටි හිතුනම මට අනේ පව් කියල හිතුනා.
ReplyDeleteසරත් අයිය ඔහොම කිව්වම මට මතක් උනේ. අපේ අක්කලගෙ ගෙවල් පැත්තෙ ඉන්නව දැරිවියො දෙන්නෙක්, තාත්තා ලංකාවෙ නැතිලු. අනේ අර අම්මා කකුල් දෙකට රෝද හයිකරපු වගේ ඉස්කෝලෙ යන්න - එන්න පන්ති යන්න - එන්න ගෙදර ඉඳල හන්දියෙ බස් හෝල්ට් එකට යනකන් හැමදාම කෙල්ලො දෙන්නත් එක්ක යනව, ටිකක් දුරයි. උන් දෙන්නත් ඇහැට කනට පේන ලස්සන ගෑල්ලමයි. ඉතිං පෙරහර පහුවෙනකන් අනිමිස ලෝචනය කරන ඒ පැත්තෙ කොල්ලො කියන්නෙ අරුන් ගෙදර ඉඳල හෝල්ට් එකට අම්ම එක්ක යනව, එතන ඉඳන් කොල්ල එක්ක යනව කියල. ඇත්තටම වෙන්නෙ කොල්ලා කලින්ම ඇවිත් හෝල්ට් එකේ බැහැල ඉන්නවලු. අම්ම දූලත් එක්ක බස් එක එනකන් ඉන්නකන් අඳුරන් නැති ගානට ඉඳල බස් එක ආවම නගිනවලු. අම්ම ටටා කියල ගෙදර යනව, කෙල්ල කොල්ල එක්ක පන්ති යනව.
Deleteඕවා ඔහොම තමයි සරත් අයියේ... හි හි...
Deleteහි හි.. ඕවා කියන්න එපා ඩීඩීටියෝ..
මමත් ඉස්සර කෝච්චි පොරක් තමයි...හැබැයි අවිස්සාවෙල්ල ලයින් එක නෙවෙයි....කීප දවසක් නුගේගොඩ පංති යන්න නම් ඔය ලයින් එකේ ගිහින් තියෙන්වා...බෙස්ලයින් හරියේ ෆූට් බෝඩ් යනකොට බඩ කපාගෙන යන්නැතුවෙ බේරූනේ කෝච්චි පිලිබද හසල දැනීම නිසා තමයි...
ReplyDeleteඅප්පා.. බේස්ලයින් හරිය නං මාරාන්තිකයි තමයි...
Deleteමගෙත් කොච්චි ලව් දෙකක් තියෙනවා..කාලයක් තිබ්බා කොටුවේ ස්ටේෂන් එක පැත්ත පළාතේ යන්න බැරි තරම් ෂොක් එකක්.. පස්සේ තව ෂොක් එකක් වැදුනා.. දැන් ඔක්කෝම නිව්ට්‍රල් වෙලා..
ReplyDeleteදවසක් කළුතර බෝදියට ගිහින් එද්දී සීලේ බිඳුනා කොච්චිදීම.. හරි සුන්දර අද්දැකීම් ඒවා.. ඒ කාලේ ගැන සතුටු වෙනවා අදටත්.. අපේ ළමයිත් ඕවා කරයි නේද කියලා හිතෙද්දි නම් බඩ පපුව පත්තු වෙනවා..:P
අපිට හොඳයි.. ළමයින්ට නරකයිද....හි හි
Deleteඅනේ ඇත්තට මට නම් කෝච්චියේ ගිහින් අත්දැකිම් තියේනනේ අතේ ඇඟලි ගානටත් අඩුවෙන්. ඔය පාදුක්ක හබරකඩ කිට්ටුව ඉන්නව මගෙත් යාලුවෙක්. බොහොම ලස්සන පැත්තක්. පරණ දේවල් මතක් වෙද්දි දැනෙන සතුට කොහොමද? කෝච්චි ගමන් ඒ තරමට මරු කියලා හිතෙන්නේ මම ඕවයේ යන්නේ කාලෙකින් නිසා වෙන්න ඇති.
ReplyDeleteඔව්... සමහරුන්ට කෝච්චියේ යනවා කියන්නේ ට්‍රිප් එකක් යනවා වගේ අලුත් අත්දැකීමක්... එකත් මරු... හි හි
Deleteඕං ඕං දැං මටත් කෝච්චි කතා මතක් වේගෙන වේගෙන එනවා...
ReplyDeleteමේම හිටියට මාත් කෝච්චි ලව් කාරයෙක් තමා... ^_^
අපි දන්නවා... හි හි...
Deleteමටත් කෝච්චි කතා මතක් උනා.සීදූව හරියෙදි බෝම්බයක් තියෙනවා කියල දිව්ව හැටි උනා..!!!
ReplyDeleteඇත්තටම කෝච්චි ලව් මාර ගති ඇති නේ..?
අපි නං දුවල නෑ.. හැබැයි බය උන පාරවල් නං තිබ්බා අම්බානට.... හි හි
Deleteකෝච්චි කතා බැයිනම් නැව් කතා හරි ලියන්නකෝ. හිරු දැන් හොර වෙලා. :)
ReplyDeleteමම නම් කෝච්චියෙ ඉස්කෝලෙ ගියේ නෑ. මගීන් ඔක්කොම නැගලත් හතිදාගෙන දුවගෙන එන ළමයෙක් දෙන්නෙක් වෙනුවෙන්, යන්න ලැහැස්තිවෙල ගොජ ගොජ ගගා ඉන්න කෝච්චියෙ ගාඩ් කොඩිය වනන්නෙ නැතුව බලන් ඉන්නව නම් මම සමහරදාට දැකල තියෙනව. දැන්නම් උදේට නැඟිටින්නෙ දවස්වෙල නිසා ඕව දකින්න වෙන්නෙ නෑ. :)
ඒත් පොඩි කාලෙ කෝච්චියට තිබුනු ආදරේ අදටත් එහෙමයි හැබැයි. පාරෙ යද්දි රේල් ගේට් එක වහල තියෙන වෙලාවක මම නම් අස්සෙන් රිංගල යන වැඩේ කරන්නෙ නෑ, ට්‍රේන් එක යනව බලන් ඉන්නත් මම තවමත් ආසයි.
ඔය වගේ පරක්කු වෙලා එය එකෙක් තමයි මාත් ඒ දවස්වල... හි හි..
Deleteමේ දවස් ටිකේ ටිකක් වැඩ අනේ.. ඒකයි....
මමත් ඉස්සර ඉස්කෝලේ ගියේ කෝච්චියෙන්. සමුද්‍රදේවී එකේ ගිහිං ගාලු කුමාරි එකේ එනවා. මම මුහුණ දීපු ඇබැද්දි ගොඩක් තියෙනවා. වෙලාවක ලියන්නම්. ඔය කෝච්චියේ ගියේ ටික කාලයයි. දවසක් කැඩුනා කිරුලපන හරියේ, පාරක් හොයා ගන්න වරුවක් ගියා.
ReplyDeleteසුදීක, හවස් වෙලාවක වෙන්න ඇති.ස්ටේෂම හරියෙද කැඩුනේ.ඇයි අප්පා පාරවල් දෙකක්ම තියන්නේ.
Deleteකිරුලපොන හරියෙ නං කොහෙන් ගියත් අන්තිමට මහපාරට වැටෙනව... හි හි..
Deleteපීලි උඩ ජීවිතේ සුන්දරයි... හිත් පිත් නැති වානෙ පීලි දෙකට කවදාවත් එකතු වෙන්න බැරි උනාට, ඔය පීලි උඩ කී දෙනෙක් නම් හමුවෙන්නෙ ඇත්ද....
ReplyDeleteආයිත් අහලා... හි හි.. වෙන්වෙන්නත් ඇද්ද...
Deleteපිස්සු හැදුනා හිරු.පාදුක්ක, වටරැක, මීගොඩ, උඩහමුල්ල, නුගේගොඩ, ඒ මදිවට අර උන්නැහේ මොකක්ද වැඩකට කළු අග්ගලත් ඇවිල්ලා.මේවා ඔක්කොම දමලා ගහලා එන්න හිතුනා.අපේ හංවැල්ලේ සීයා මාව පුංචි කාලේ පාදුක්කේ පොලේ එක්කන් යනවා. බඩු අරන් ඉවර උනාම දෙන්නත් එක්ක කඩේකට ගිහිල්ලා හොඳට කනවා.සුන්දර අතීතයක් හිරු. උඩහමුල්ල ස්ටේශමට එහා පැත්තේ චූටි පැල්පතේ හිටියේ අපි දන්න පවුලක්.පුතා මගේ යාළුවා.මම කියන්නේ මීට අවුරුදු 35කට පෙර. අමු කුරහන් නේද?
ReplyDeleteදමලා ගහලා එන්නෝ... හි හි
Deleteඔය කැලණි වැලි දුම්රිය මාර්ගයේ පුංචි කෝච්චිය තමයි ලස්සනම අතීතය. මමත් ඒ පුංචි කෝච්චියේ එකවතාවක් ගිහින් තියෙනවා. ඊට පස්සේ ඒක දැක්කේ ටෙලි නාට්‍යකින්
ReplyDeleteපුංචි කෝචිචිය මටත් හීනෙං වගේ මතකයි.... හි හි
Deleteලව් කරන කාලේ ඔහොම කට්ටක්වත් කෑවේ නැත්නම් කිසි ගතියක් නැහැ අක්කේ
ReplyDeleteආයිත් අහලා... කොයි ලෝකෙද බොල ගිහින් හිටියේ....
Deleteමාත් කෝච්චියෙම මේ පැත්තට ආවා :D
ReplyDeleteඅපිට කෝච්චි අත්දැකීම් නෑ බස් අත්දැකීම් නම් ඇත....... හි...හි...හි
ReplyDeleteඉස්කෝලෙ යන කාලේ ඉතිං ඉස්කෝලෙට වඩා ජොලි ඔය යන එන ගමනනේ... ඉස්කෝෙල ළඟම ඉන්න එවුන්ට ඒ අත්දැකීමත් නෑ... හි හි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමටත් ඔය පලාතෙ කෝචිචයෙන් යන්න ලැබිල නෑ...බොහොම ආසාවෙන් ඉන්නෙ..හොදට මතකයි පවුසියෙ අපේ උන් ගිය පෙට්ටිය...වැරදිලා හරි ගවුම් පොඩිත්තක් ඇදගෙන ලමිස්සියක් නැග්ගොත් වාචික අපහරණය තමා...දන්නෝ දනිති...
ReplyDeleteහිරු... ගොඩ වදින්න අවසර දිගටම..
ReplyDeleteහෆූ. මාත් ගිහිං තියෙනවානේ හිරුවගෙ මේ කියන නල්ලමලේ කෝච්චි ලයින් එකේ අවිස්සාවේල්ලටම. කෝච්චියෙ ගිහිං කම්මැලි හිතුනහම, රේල් පාරට බැහැලා ටිකක් දුර ඇවිදං ගිහිං, ආයෙ ඉස්සරහ ටේටියකට නගින්නත් පුළුවං. ඒතරං හයි ස්පීඩ්. ෆුට්බෝඩ්එකේ යන උන් ගෙ කකුල් කැපෙනවා දෙපැත්තෙ තියෙන ටකරං වහල වල වැදිලා.
ReplyDeleteහැබැයි අර ගෝල්ෆ් පිට්ටනිය මැදින් යන එක නං මාර රොමැන්ටික් අෆ්ෆා...
මමත් කෝච්චි ලව් කාරයෙක්.. ගාලු කුමාරිට නම් එච්චර මනාපයක් නෑ ස්ලෝනෙ. ඒකට රුහුණු කුමාරි... හම්බෝ උඩ දාගෙන යන්නෙ.. අන්න කෝච්චි.......
ReplyDeletehiru koi kaleda wage me kochchiye giye
ReplyDeleteමේ 2000 - 2003 කාලෙ... මං A/L..
Delete