Tuesday, July 28, 2015

සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි....


සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... 

මේ ටිකේ ගෙවෙන්නෙ මෙන්න මේ වාක්‍යයක් කියන්න වෙලා තියෙන කාලයක්..... ඇත්තටම කිව්වොත් බුද්ධාගමේ අන්තිම කාලෙ ගැන බුදු හාමුදුරුවොන්ටත් වැරදිලාද කොහෙද කියල හිතෙන කාලයක්... අවුරදු 5000ක්ද කොහෙද පවතිනව කිව්වලුනෙ... අනේ මන්ද... තාම 2500යි... 

කාලයක් තිස්සෙ හිත හිත හිටිය දෙයක් මේක.. අර පන්සල්. මේ ආරාම, සසුන්, මාළිගා, අසපු, උයන්, අරවා මේවා අටෝගෙන ඉන්න, බර්ත්ඩේ හාමුදුරුවොයි, සිල් මෑණියොයි, බුදුහාමුදුරුවො ඉපදුනෙ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවොයි, බුදු අම්මේ බුදු තාත්තේ ගගා බෙරිහන් දෙන හාමුදුරුවොයි, සිංහලෙන් ගාථා කියල හාමුදුරු‌වොයි, චණ්ඩි හාමුදුරුවොයි... තව මං දන්නැති කට්ටියත් ඇති.... කොහොම හරි මෙයාලා දැං බුද්දාගමට ලේබල් ගහගෙන.... දැං මේගොල්ලො අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයි... ඔය කිව්ව එක එක හාමුදුරුවන්ගෙ ආගම්...

මං මෙහෙම කියන්නෙ ඊයෙ පෙරේදා දවසක හෙන උගත්ය කියාගත්ත, වයසක මනුස්සයො දෙන්නෙක් මාත් එක්ක කියපු කතාවක් හින්ද.... එක්කෙනෙක් බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියාගෙන ඉන්න හාමුදුරුවන්ගෙ පොරක්.... අනිත් එක්කෙනා ඔය රත්තනපිටිය පැත්තෙ තියෙන සසුන කියන එකේ එක්කෙනෙක්... මෙයාලා දැං අනිත් පන්සල් වලට යන්නෙ නෑලු.. යන්නෙ අර පන්සල් වලට විතරයි ලු... ( ලු කිව්වට ඉතිං කෙලින්ම මට කිව්ව එයාලා යන්නෙ නෑ කියල...) මං ඇහුවා එතකොට දැං අදහන්නෙ බුදුහාමුදුරුවන්ගෙ බුද්ධාගම නෙවෙයිද කියල... නෑ ඉතිං කොහොමත් බුද්ධාගම තමයිනෙ කියල ලෙස්සලා ගියා.... 

ඔය නාකිත් එක්ක ඕවා කියනවට වඩා හොදයි කට පියාගෙන ඉන්න එක කියල හිතලා මං ඊට පස්සෙ සද්ද නැතුව හිටිය.... 

මෙයාලාගෙ පන්සල් වල එක එක ජාතියෙ චාරිත්‍ර තියෙනව.... මම දෙකකට ගිහින් තියෙනව.. මළමවිකාරයි... එකකට නං එකපාරයි ගි‌යෙ.. අනිත් එකට දෙතුන් පාරක් යන්න සිද්ධ උනා... දැං නං කෙලින්ම කියල තියෙන්නෙ... මට ඔය ගමේ තියෙන පන්සල හොඳටෝම ඇති මලක් පහනක් පූජ කරල එන්න .... මොකද ඒකටත් යන්නෙ අවුරද්දකට එක දවසනෙ... නැතුව ඕව බදාගෙන ඉන්න තරං පිස්සුවක් මට තාම හැදිල නෑ කියල ... 

වැඩේ කියන්නෙ මේවා බදාගෙන ඉන්නෙ හෙන සල්ලිකාර පොරවල් වීම තමයි... ඒ මදිවට ඉගෙනගෙන උපාධිත් අරගත්ත මහා ලොකු උගත් කියන කට්ටිය.... අම්මෝ... කට ඇරියොත් එයාලට වඩා බණ දහම් දන්න මිනිස්සු නෑ.... 

ඒ හෙන සල්ලිකාර පොරවල් වලින් බාගයක් ඕවලට හේත්තු වෙලා ඉන්නෙ උන්ට වාසි ගන්න.... විශේෂයෙන් බිස්නස්කාරයො.. එත‌කොට අනිත් මෝඩයො.... උන්ට වෙලා තියෙන්නෙ අමාරුවෙන් හම්බකරගෙන තියෙන සල්ලි ටිකත් දනට පිනට දීලා උඩ බලාගෙන ඉන්න.. මොකද ඔය පන්සල් බදාගෙන ඉන්න පොරවල් ටික කාලෙකින් ‌මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන එතනින් අයින් වෙනව.. එතකොට දීපුවත් නෑ.. හොඳ හිතත් නෑ.... 

ගොඩක් අය මේ පන්සල් පස්සෙ යන්නෙ ලොකු කම් පෙන්නන්නත් එක්ක තමයි... ඇහුවාම කියන්නෙ ... අපේ මේ පන්සලටනෙ යන්නෙ .. ගිය මාසේ මෙච්චර විසාල දන්සැලක් දුන්න... අර බිස්නස්කාරය මෙච්චර ගානක් වටින කාරකෙක් අරන් දුන්න... මෙච්චර වටින බිල්ඩිමක් ගහල දුන්න... මෙච්චර පින්කං කළා.... අදත් හවසට පින්කමක් තියෙනව... ඔන්න ඔහොම ලොකුකම් කියෝ කියෝ තවත් මහන්තත්තකම වැඩිකරගන්න එක තමයි.... එළියෙ ඉඳන් බලන මට නං හිතෙන්නෙම මේ මිනිස්සුන්ට පිස්සුද කියල... බැරි වෙලා හරි වචනයක් කිව්වොත්... අපි පවුකාරයො වෙනව.... 

මට නං දැං බුද්ධාගම මතක් වෙනකොටත් තරහයි.... ඉඳල හිටල හරි හොඳක් හිතෙන්නෙ ඔය ෆේස්බුක් එකේ එකෙක් දෙන්නෙක් ක්වෝට්ස් ෂෙයාර් කරනව දැක්කම තමයි.... වැඩේ කියන්නෙ මේ හෙන උගත්, අති පණ්ඩිත, අත්දැකීම් තියෙන නාකි මිනිස්සු ( සම්ප්‍රදායික උපාසකම්මල ගැන නෙවෙයි මං මේ කියන්නෙ...පිරිමි අය ගැන...) මේ විකර වලට සම්බන්ධ වෙන එකනේ.... පිස්සුද මන්ද.... 

ප/ලි : මේ එකතැනකට අහුවෙලා ඉන්නෙ අපෙ ඉංජිනේරුවෙක් වෙන්න තරං උගත්, සල්ලි තියෙන, ඒත් හැමකෙනෙක්ටම රැවටෙන මාම කෙනෙක්... මට උන්දැ ගැන පුදුම තරං දුකයි... ඒත් මේවා කියල තේරුම් කරවන්න පුළුවන් මානසික තත්වෙක එයා නෑ.... බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ .... අවුරදු ගානක් හම්බුකරපු ටික ඔය කාට හරි පූජකරල දීලා, අන්තිමට සහෝදරයොත් නැති කරගෙන උන්දැටයි දරු‌වො ටිකටයි පාරට බහින්න වෙයිද කියල මට ඇත්තටම දුකයි.... දැනටත් සහෝදරයො ටිකට වැඩිය ලොකු කරගෙන ඉන්න ඔය වගේ කාක්කො කට්ටියක් වට කරගෙන ඉන්නෙ.. එකම හොඳකට තියෙන්නෙ සහෝදරයො ටික මෙයාගෙ මානසික තත්වෙ තේරුම් අරගෙන ඉන්න එක... 

මේ රජගලතැන්නෙදි දැක්ක හාමුදුරුවරු වැඩ වාසය කළ තැනක්...
දැං කාලේ ඒව වගේම තමා... ෆුල් ඒසී... ගිහිල්ලම බලන්න ඕනෙ ඉතිං.. හි හි

66 comments:

  1. බුදු දහම ඉතින් සංස්කෘතියත් එක්ක බැඳිල තියන හින්ද දවසෙන් දවස ආටෝප සාටෝප එකතුවෙනව තමා..
    ඒවා ඉතින් වැඩිහරියක් පොත්ත තුවාල කරනව මිසක් අරටුවට යමක් කරන්න හයියක් නෑ...
    ඔය ආටෝප සාටෝප ගැන මටනම් පුද්ගලිකව ලොකු අවුලක් නෑ..
    සතර දිසාවෙන් අගත අනගත ගංගාවල් සයුරට එක්කහු වෙලා කරදිය වෙනවා වාගේ කොයි ශාඛාවෙන් ආවත් අවසානෙදි අරටුව ග්‍රහණය කරගන්න නම් ඉතින් නුවණක් ඕනෑමයි...
    ඔවා පසුපස්සේ වැටුනත්, නොවැටුනත් නුවණක් නැත්නම් ඉතින් සසර ගමන අපේ ලබ්ධියට අනුව දුරයි නේද?
    සමහරු හෙවී මෙටල් සංගීතය බදා වැලඳ ගන්නවා..
    සමහරුන්ට චිත්‍ර ඇඳීම ජීවිතයමයි...
    සමහරි තමන්ගෙ රීසර්ච් ඒරියා එකෙන් පිට වෙන දෙයක් නෑ...
    සමහර ගණිතඥයෝ හැමදෙයක්ම ආකෘතිවල ඔබන්න හදනව...
    ඒවා ඒ හැටි සාමාජයිකව දෘෂ්‍යමාන නැති හින්දා අපි ඒවා ගැන කථා කරන්නේ නෑ නේද?
    අසීමිතව කොයිදේත් සිතින් වැලඳ ගන්නන් ගැන වෙහෙසීමෙන් කථා කිරීමෙන් ඵලක් ඇද්දැයි මට හිතේ...
    ලෝ-වැඩ පිණිස ගෙතුනු කවිවල "තම තම නැණ පමණින් දැනගත යුතු..." කියා කිව්වානේ...
    කපු පිළියේ ඉරුණු තැනක් දැක පටපනුවාගේ දොස් නොකියමු!
    ඔය "විකාර"වලට සම්බන්ධ වෙන අය ඔතැනින් නොගියත් වෙන තැනකින් ඔය මුලාවට යනවා... ඒ හිත් එපමණ භංගූරයි නේද?

    ගුණදාස කපුගේගේ මා කැමති ගීයක් තියෙනවා..

    දියාළුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
    රන්වන් රන් වියැට වලින් අටු පුරවා නම්
    රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
    මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම්
    ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පණ පොවලා
    මුවහත ඇති අවි ආයුධ නිම කරවා නම්
    සසර පුරා සරන තුරා දුවන පනින දඟලන හිත
    දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්..!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... මේව කතාකරන්න ගියාම තිස්ස අයිය කියපු දේ තමයි අන්තිමට හැමෝම කියන්නෙ... ඕවා කතා කරලා වැඩක් නෑ.... කියල... ඒ උනාට ඒකෙන් වෙන්නෙ අහිංසක මිනිස්සු හොරුන්ට අහුවෙන එක.... ත්‍රස්තවාදෙකට වඩා අන්තයි... අපේ එකෙක් ඉන්නව ගිය අවුරුද්දෙ ඒලෙවල් කරපු... බ්‍රේන්වොෂ් එකේ තරම කොච්චරද කියනවනං දැං අම්ම තාත්ත කියන දෙයක්වත් අහන්නෙ නෑ.....

      Delete
    2. 1. "මේව කතාකරන්න ගියාම තිස්ස අයිය කියපු දේ තමයි අන්තිමට හැමෝම කියන්නෙ..."

      2. "ඔය නාකිත් එක්ක ඕවා කියනවට වඩා හොදයි කට පියාගෙන ඉන්න එක කියල හිතලා මං ඊට පස්සෙ සද්ද නැතුව හිටිය.... "

      3. :-D :-D :-D

      PS. කතන්දරේ ඇත්ත කෞෂි.. වෙලාවකට බලන් ඉන්න බෑ තමා... හැබැයි ඉතින් ඔය දරුවා ඔතනට ඇහුවුනේ නැත්නම් ඔය වාගේම ආකර්ශනීය මන මෝහිනීය වෙනත් දේකටත් අහුවෙන්න තිබ්බා මට හිතෙන්නෙ... ඔක්කොමල්ල එකවැර නිවන් යන්නෙ නැත්තෙත් ඕක නිසා වෙන්නෑති.. "එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස..." ඔය අපේ කමිත් කියාලා තියෙන්නේ යමක වග්ගයෙන්ම...

      Delete
    3. තිස්ස අයියගෙ කමෙන්ට් එක නිකං සාත්තරයක් කිව්ව වගේ තමා... හි හි ( මං කිව්වෙ අර මාමා ගැන... එයා ඔය අහු උනේ කීවෙනි පාරටද මන්ද... කතන්දරේ පෞද්ගලික නිසා මීට වඩා ඒ ගැන ලියන්න බෑ ඉතිං..)

      Delete
  2. අපේ අම්මත් දැන් සිල් ගන්නවලු, නිකන් ගමේ පන්සලේ නෙමේලු හිරු අක්කේ. ලස්සනට බන විහිළු කතා අනම් මනම් කියන ෂෝයි සාදු කෙනෙක් ඉන්න පන්සලකලු, ගෙදර ඇවිල්ලා එදාට ස්කයිප් එකෙන් කතාකරන කල් කියන්නේ,. අනේ ඒ හාමුදුරුවෝ හරි පිං පාටයි උස මහත ලස්සන හාමුදුරුවෝ,, ඒ පන්සලේ ගාර්ඩ්න් එක නියමයි,, අම්මෝ එපා වෙනවා ඒවා අහලා,,, ප්‍රධාන නිකායවල් වලට අමතරව බුද්ධාගමේ අපේ අය අලුත් නිකායවල් හදාගෙන. පිළිම වන්දනාව තව දුරටත් පිළිම වලටම සීමා නොකර හිත් ඇතුලෙනුත් බොල් පිළිම හදාගෙන.. සසර කෙටි කරගන්න ගිහින් තව දික් කරගන්න එක තමයි වෙන්නේ .
    මට මතකයි අපේ අම්මත් තරුණ කාලේ පන්සල් වලට යන්නේ නෑ,, පිරිත් බන අහන්නේ නෑ ... හරියට පන්සල් බදාගෙන ඉන්න අයව විවේචනය කළා,, ඒත් කාළයත් එක්ක එයත් වෙනස් වෙලා.. ඒක හරි පුදුමයි... අපි දැන් මෙහෙම හිටියට වයසත් එක්ක අපි මොන දේවල් කරයිද අපිට හිතන්නත් අමාරුයි

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ඔමා... උපාසකම්මල ගැන නං මොකක් හරි කියතෑකි... ඒත් මේ උගත්, වගකිවයුතු රස්සා කරන, සමා‌ෙජ් ගැන දැනුම් තේරුම් තියන මිනිස්සු....? හි හි...

      Delete
  3. .......//මට නං දැං බුද්ධාගම මතක් වෙනකොටත් තරහයි..///...
    ඔයා බුදු සමය කියලා මෙි වෙනකමි දැනගෙන ඉදලා තියෙන්නේ එක එක චරිත බුදු දහම අදහන විදියි.නැතුව බුදුන් වහන්සේ ඉදරිපත් කල මුල් දර්ශණය නෙවෙයි.ඔයා ඇයි ඔවා පස්සේ ගියේ.ඔයා බුදුන් වහන්සේගේ දර්ශණය හොයන්න.අන්න එතකොට ඔයාට බුද්ධාගම මතක් වෙනකොට තරහා යන්නැ.ඒ වෙනුවට තරහා එනකොට ඒක නිවාගන්න බුදුන් වහන්සේ කියලා දුන්න දර්ශණය මතකයට ඒවි.

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම සහ බුද්ධ දර්ශනය ගැන මට හිතෙන හැටි....


      මම තරහ යනව කිව්වෙ ඔය බුද්ධාගම කියල උප්පැන්නෙ ලියල, අපේ ඇඟේ බලෙන් ගහල තියෙන දේ ගැන විතරයි....

      Delete
    2. හ්මි....,මම බාහිර උපාධි දරැවන්ට බෞද්ධ අධ්‍යයනය උගන්වනවා.මුල් බුදුසමය මොකක්ද කියලා උගන්වන්න ගියාම හරි අමාරැයි.ඒකට හේතුව ශ්‍රි ලාංකීය ඉපරණි සංස්කෘතික ලක්ෂණයි නොයෙක් ආගමික සංකල්පයි බුදු සමය විදියට ඒ අය පටලවා ගෙන ඉන්න එක.මෙි වෙනස මොකක්ද කියලා වෙන් කරගන්න ඇත්තටම එයාලට බැ.ඒ සංකල්ප තදින් ඒ අය අදහනවා.ඒක අපේ සාමිප්‍රදායික බොහෝ දෙනෙක් තුල තදින්ම තිබෙනවා.නිවන් දකිත්වා කියනකොට සාදු කියාගෙන බිම පෙරලුනාට හිතේ තියෙන්නෙම ඔිකුන්ටනමි හෙන හතම ගහපිය කියන එක විතරයි.ඔන්න ඔහොමයිලු අද තත්වෙි ඉතින්

      Delete
    3. බෞද්ධ අධ්‍යයනය කියන්නෙ බුද්ධ දර්ශනය නෙවෙයි නේද.. එතකොට සංස්කෘතියත් එක්ක බැඳිලා හැදිලා තියෙන බුද්ධාගම ගැන නේද උගන්නන්න වෙන්නෙ... එත‌කොට නං මේක කැඳ හැලියක් පැහැදිලි කරනව වගේ වැඩක් වෙන්න ඇති.... හි හි

      කොහොමත් මම එච්චර ආගමික පැත්තට බර කෙනෙක් නෙවෙයි... ඉතිං මට වැරදි පේනව වැඩියි.. ගොඩක් වෙලාවට මම කට පියාගෙන ඉන්නව මං ඉතිං පන්සලකට වත් යන්නෙ නැතුව යන මිනිස්සුන්ව විවේචනය කරන්නෙ මොකටද කියල.. ඒ උනාට මේක ලිව්වෙ මේ ආගම් ව්‍යාපාර කරගෙන අහිංසක මිනිස්සු රවට්ටගෙන හූරං කන එක බලං ඉඳල ඇති වෙලා.. ඒ මදිවට පැහැදිලිව පේන විදියට මේ මිනිස්සු දුවන්නෙ බුදුහාමුදුරුවො අතාරින්න කියපුවම බදාගන්නනේ කියල හිතෙනව... සමහරු ගෙවල් දොරවල් අතෑරල පන්සල් බදාගෙන ඉන්නෙ... කොයි වෙලේ බැලුවත් පන්සලේ... හාමුදුරුවන්ගෙ වැඩ.. හාමුදුරුවන්ට ඉන්න තැන් හදනව.. පන්සලේ ගොඩනැගිලි හදනව... අරකට මේකට දන් දෙන දේවල් හොයනව.. පන්සල දියුණු කරන්න කතාවෙන්නෙ... බුදු හාමුදුරුවො කිව්වෙ ඕවා අතාරින්න කියල නෙවෙයිද... අනේ මන්ද...

      Delete
    4. නැ වැරදියි.බෞද්ධ අධ්‍යයනය දර්ශණය කියන නමි දෙක විශ්වවිද්‍යාල වල එකම විෂයට භාවිතා කරන නමි දෙකක් විතරයි.පේරාදෙනියේ අධ්‍යයනය කියනවා.බෞද්ධ පාලි එකේ දර්ශණය කියනවා.මම හදාරන්න යෙදුනේ බෞද්ධ දර්ශණය සමග බෞද්ධ මනෝවිද්‍යාව.කොහොම උනත් බෞද්ධ අධ්‍යයනයෙන් කෙරෙන්නේ මුලාශ්‍රගත මුල්බුදුසම අධ්‍යයනයක්.මම දර්ශණය හදාරනකොට ඒකේදි බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය සියල්ලම වෙන්කරලා මුලු බුදුසමය විතරකම් හදාරන්න වෙනවා.හොදයි ඔබ දැනට ත්‍රිපිටකයෙහි අන්තර්ගත මුල් සූත්‍ර ගැඹුරින් අධ්‍යනය කරලා තිබෙනවද.කොටින්ම මට කියන්න තිබෙන්නේ අද බොහොදෙනෙක් මුල් බුදුසමය කොහොමවත්ම දන්නේ නැ කියන එකයි.සමාජ ජාලා අඩවි වල පලවෙන බෞද්ධ ලිපි බලපුවම ඒක ඉතාම පැහැදලිව පේනවා.ඔබත් එක තැනක කියනවා ...මේ මිනිස්සු දුවන්නෙ බුදුහාමුදුරුවො අතාරින්න කියපුවම බදාගන්නනේ කියල හිතෙනව...කියලා.මට පෙන්වන්න පිටකයෙහි අත්හරින්න කියන වචනය යෙදුන තැනක්.අනික මොනවද අපි අත්හරින්න ඔන.කොහොමද අත්හරින්නේ.ඇයි අත්හරින්නේ.ඔන්න ඔතන තමයි වරදින්නේ.අත්හරින්න වෙන්නේ අල්ලගත්තනමි නේද.බුදු සමයේ ඔය කියන දේවල් නැ.ඉතින් ඔයත් මුලු බුදුසමය කියලා අර උඩින් පේන සංස්කෘතික අදහස්ම නේද දන්නේ.ඕක නොවයි මුල් බුදුසමය.ඉතින් මට ලමයින්ට උගන්වන් ගියාම තියෙන අමාරැව දැන් පෙන්වා නේද.

      Delete
    5. කියෝල තියෙනව... ගැඹුරින් අධ්‍යනය කරල නෑ... ( ඔය ත්‍රිපිටකය කියවල තියෙන, ඒ ගැන ගැඹුරින් අධ්‍යනය කරල තියෙන හැමෝම බුද්ධ දර්ශණය තේරුම් අරගෙන ඉන්නෙ කියල මම හිතන්නෙත් නෑ...)

      මම පෝස්ට් එකේ ලිව්වෙ වෙන දෙයක් ගැන...

      Delete
    6. ඔවි ඔබ පෝස්ට් එකේ ලියලා තියෙන දේ වෙනයි.මම කියන්නේ ඔබ දක්වලා තිබුන අහසක් ගැනයි.ඒ වගේම කියන්න ඔනා මම ඔබ සමග කිසිදු අමනාපයකින් නොවෙයි මෙි කරැනු දක්වන්නේ.සංවාදය පිනිස පමනයි..හොදයි මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නමි.ඔබ බුද්ධ දර්ශණය තෙරැමි අරගෙනද.එහෙනමි තෙරැන විදිය දක්වන්න.නමුත් ඔබත් ..මේ මිනිස්සු දුවන්නෙ බුදුහාමුදුරුවො අතාරින්න.. කියන අදහස් දක්වල තිබෙනවා.ඒත් අත්හැරීම කියන එක සාපෙක්ෂ අර්ථ දැක්වීමක් මිස තනිවම භාවිත කරන්නැ බුදුන් වහන්සේ.මම ඔබෙන් අත්හැරීම ගැන අහලා තිබෙනවා.ඔබ මට පිලිතුරක් දෙනවද ඒ ගැන.බුදුන් වහන්සේ අතහරින්න කියලා කියපු තැනක් පිටකයේ කොතනක හරි තියනවද.මුලින් මෙයට පිලිතුරක් දෙන්න.දෙවනුව කියන්න මොකක්ද නිවන කියන්නේ කියලා අර්ථ දක්වන්න ඔබට පුලුවන්ද.ඔබ දෙන පිලිතුර අනුව ඔබ බුද්ධ දර්ශණය ගැන තෙරැමි අරගෙනද කියන එක පැහැදිලි වෙනවා.සරලවම කියන්න බුදුන් වහන්සේ මොනව ගැනද කියලා තියෙන්නේ කියලා.අද හුදකලාව ආරණ්‍යවාසිව යෝගිව වැඩඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා පවා හදන්නේ අත්හරින්න.ඒත් මොනවද අත්හරින්න ඔන කියලා ඒ අය දන්නෙත් නැ.අනික ඇයි ඉතින් අත්හරින්න ඔචිචර ට්‍රයි කරන්නේ.ඒක අහපුවම ඒක දන්නෙත් නැ.බුදුන් වහන්සේ දේශනාවත් කරලා නැති දේවල් හිතාගෙන ඉන්නවා.බනපොත් වල තියන දේවල් කරන්න ට්‍රයි කරනවා.Kaushi ඉතින් කියන්න ඔබ මොනවද දන්නේ මෙි ගැන කියලා.අත්හැරිම ගැන

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. ඔබ බුද්ධ දර්ශණය තෙරැමි අරගෙනද///

      අපොයි නෑ....

      Delete
    9. ඒ වගේම ඔබෙි ලිපියේ දක්වලා තිබෙන කරැනු ගැන මම එකග වෙනවා.ඒත් ඔබත් තවම සමිප්‍රදායිකයි කියලා පැහැදිලි වෙන තැන් තියනවා.ඔබ ඔබෙි ලිපිය ආරමිභයේදීම මෙහෙම දක්වලා තිබෙනවා....// ඇත්තටම කිව්වොත් බුද්ධාගමේ අන්තිම කාලෙ ගැන බුදු හාමුදුරුවොන්ටත් වැරදිලාද කොහෙද කියල හිතෙන කාලයක්... අවුරදු 5000ක්ද කොහෙද පවතිනව කිව්වලුනෙ... අනේ මන්ද... තාම 2500යි... කාලයක් තිස්සෙ හිත හිත හිටිය දෙයක් මේක../// Kaushi මෙිකත් ඔබ ඔය ප්‍රතික්ෂේප කරන බුද්ධාගමෙි තිබෙන දෙයක් මිස බුද්ධදර්ශනයේ තිබෙන දෙයන් නෙමෙයිනේ.බුද්ධදර්ශණයේ නැ වසර 5000ක කතාවක්.ඉතින් ඔබත් බුද්ධාගමයි බුද්ධ දර්ශණයයි පටලවාගෙන නේද ඉන්නේ.

      Delete
    10. ඒක නිකං කතාවට කියන දෙයක් මිසක් කොහෙවත් ලියල තියෙන දෙයක් නෙවෙයි නේද.... මං ලියල තියෙන්නෙත් එහෙමම තමයි... ඒකයි ලූ කියල දැම්මෙ.....

      Delete
    11. ඔක බුද්ධඝෝෂ හාමුදුරැවන්ගේ අටුවාවක තියෙන දෙයක්.බුදුන් වහන්සේ එහෙම කියලා නැ. අද ගොඩක් දේවල් කතා විතරයි.ගොඩක් ස්වාමින් වහන්සේලත් කරන්නේ ආයෝජන ප්‍රවර්ධන ක්‍රමයට ධර්මය දේශණා කරන එක.ධමිමචක්කය දේශනා කරනකොට දෙවිවරැ දහඅටකෝටීයක් හිටියා කියනවනේ.වැඩෙි කියන්නේ ඔකත් මහයාන සංකල්පයක් එක්ක ධමිසක් පැවතුමි දේශණාවට පසුකාලීනව එකතු වුන එකක්.බුදුන් වහන්සේට බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව කියන විශේෂ ණාමයන් එකතු වුනේ ඔය අදහස් එක්ක පසුකාලීනව.වෙන එකක් තියා සිද්ධාර්ථ කුමාරයා සතරපෙර නිමිති දැකලා ගිහිගෙයින් ගිය එක,අභිධර්මය දේශණා කරන්න දදෙවිලොවට වැඩිය එක වගේ තව දේවල් තියනවා.ඔවා කියලා මම ඒ දවස් වල ගෙදර අයගෙන් බැනුමි අහපුු තරමි.....හ්මි..ඔහොම තමයි ඉතින්.. Kaushi මගේ එක්ක අමනාප එහෙම නැතිව ඇති නේද.ඔයාගේ බිලොග් එකට අදනේ මම ආවෙි.ගොඩක් හොදයි.

      Delete
    12. අවුලක් නෑ... මාත් අද ගෙදර හින්ද දිගටම රිප්ලයි කරන්න පුළුවන් උනා...

      කො‌හොමත් ඔය ලොකු ගනං වලින් පරණ පොත් වල ලියල තියෙනව කියල කියපු දේවල්, දැනුම් තෙරුම් යන්තං තිබ්බ කාලෙ ඉඳල මං දැනගෙන හිටිය වන්දිභට්ට කතා විතරයි කියල...

      Delete
    13. ඉතාම හොඳ සංවාදයක් සහ යථාර්ථය අවබෝධ වන කරුණු පැහැදිලි කිරීම් සමුදායක් ඉදිරිපත් කිරීම පිළිබඳව, සුරංග බණ්ඩාරට සහ කෞශිට මගේ ප්‍රණාමය පුදකරනවා.

      Delete
    14. කෞෂි,

      බුද්ධාගම හෝ ආගමක් ගැන උප්පැන්නේ සඳහනක් නැත. Please check your birth certificate.

      Delete
  4. මමත් ආගමෙන් තරමක් ඈත්වෙන්න හේතුව ආගමට අයිතිකාරයෝ ඉඳීම.

    ආගම් ගැන පොදුවේ කියන්න දේ හුඟක් තිබුනත් සද්ද නැතුව නිකං ඉන්න තීරණය කලා.

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න මාත් ආසයි ඩූඩ්... ඒත් මේ වගේ අපේ වටේ ඉන්න අපි ආදරේ කරන මිනිස්සු නිකං හොරුන්ං අහුවෙල විනාස වෙනව බලං ඉන්න ගියාම කට වහගෙන ඉන්න හරි අමාරුයි...

      Delete
    2. හරියට නිකන් බ්ලොග් වලට අයිතිකාරයෝ/පොලිස් කාරයෝ ඉන්නවා වගේ නේහ්...:D

      Delete
  5. ඔබට බුද්ධ ධර්මයේ හැසිරෙන ස්වාමින් වහන්සේලා මුණ නොගැහි තිබීම ගැන කනගාටුවක් දැනෙනවා. නමුත් මැණික් ලැබෙන්නේ පතලක් හාරන අයෙක්ට මිසක් තණකොළ ගලවන්නන්ට නොවේ. උඩින් දහසක් තණකොළ තිබුනත් ඉල්ලම් තියෙන්නේ ගොඩක් යට. ඒකට තණකොළ පලිද?

    රහතන් වහන්සේලා වැඩ වාසය කරනවා. සතර මග සතර පල වල සිටින උතුම් මිනිසුන් තවමත් වසනවා. ඒ කොතනකින් වත් නෙවෙයි, මේ බුද්ධ සාසනෙන්ම බිහිවුණු උදවිය. බුදුහාමුදුරුවන්ට වැරදිලා නැහැ. තවමත් සාසනේ පවතිනවා කියන්නේ අන්න ඒකයි. සාසනේ කියන්නේ ඔබේ විස්තර කරන 'දෙයම' නොවෙයි. මැජික් කාරයින් එදත් හිටියා, අදත් ඉන්නවා, ඉදිරියටත් ඉන්නවා. සාසනේ පිරිහිලා බව හැබෑවක්, නමුත් තාම සාසනේ අතුරුදහන් ,වෙලා නැහැ, ධර්මය අතුරුදහන් වෙලා නැහැ.

    එපමණයි

    ReplyDelete
    Replies
    1. ධර්මය වෙනයි.. බුද්ධාගම වෙනයි උපේක්ෂා....

      Delete
    2. වෙනයි වෙන්න පුළුවන්.නමුත් ආරම්භය එකයි. ධර්මය වටා තමයි බුද්ධාගම තියෙන්නේ, නැද්ද? ධර්මය දේශනා කරන්නේ ස්වාමින් වහන්සේලා.. ඉතින් සම්බන්ධය තදයි. ගහට පොත්ත වගේ. වෙනයි තමයි, නමුත් එකිනෙකාට ස්වායත්තව ඉන්න පුලුවන්ද?

      Delete
    3. සෙවන් ෆියුනරල්ස් කීවලු...! - මෙච්චර කල් හිතං උන්නේ හිරු නැති හෝරාව ලියන්නේ උපේක්ෂා කියලා... නොසැලකිල්ල.. නොසැලකිල්ල... වෙන මොකවත් නෙමේ... :-(

      Delete
    4. ඒ ඒ කාලෙ උපේක්ෂා.. දැං ධර්මය කියන එක සාසනයෙ නෑ.... දැං ඉතුරු වෙලා තියෙන්නෙ ‘ආගමක්“ විතරයි... බුද්ධ දර්ශනයයි, බුද්ධාගමයි කියන්නෙ දෙකක්... සාසනය අයිති වෙන්නෙ බුද්ධාගමට මිසක් බුද්ධ දර්ශනයට නෙවෙයි... මට ධර්මයේ හැසිරෙන හාමුදුරුවරු මුණ ගැහිලා නෑ තමයි.... මම එහෙම අය හොයන්න යන්නෙත් නෑ... දැං ඔය මං කියපු තැන් වල ඉන්න හාමුදුරුවරු ගැන එයාලගෙ දායකයො කියන්නෙත් ඔයා කිව්ව වගේ හොඳට ධර්මයෙ හැසිරෙන අය කියල තමයි... හොඳට බණ කියනව.. එක එක බලයවල් තියෙනව.. අරක මේක කියල.. හැබැයි ඔය කවරුවත් එහෙම ඒවා දැකල නෑ... ( ඔය සාත්තරකාරයො එහෙම සාත්තර කිව්වම සමහරුන්ට ඒවා ටක්කෙටම හරියන්නෙ.. අන්න ඒ වගේ...) එහෙම විශ්වාස කරනව විතරයි.... එහෙම විශ්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ව හූරං කන ව්‍යාපාරය කරන අය ගැන මං මේ ලිව්වෙ.. ආගම්, දර්ශන ගැන විවාදයක් කරන්න නෙවෙයි....

      Delete
    5. [ඒ ඒ කාලෙ උපේක්ෂා.. දැං ධර්මය කියන එක සාසනයෙ නෑ.... දැං ඉතුරු වෙලා තියෙන්නෙ ‘ආගමක්“ විතරයි...]
      වැරදියි. මම හිතන්නේ අපි දෙන්නා ඉන්නේ සමාන්තර ලෝක දෙකක නෙවෙයි කියල. ධර්මය කියන එක සාසනේ තියෙනවා. සාසනේ නැතිවෙන්නේ ධර්මය නැති උන දාට. හරියට කැලේ වැවෙනකොට පාර අතුරුදහන් වෙනවා වගේ, සාසනේ නැති උනාම ධර්මය අතුරුදහන් වෙනවා. ( සාසනේ කියන්නේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස එක්ක හැදෙන නෙට්වර්ක් එක)

      [බුද්ධ දර්ශනයයි, බුද්ධාගමයි කියන්නෙ දෙකක්... සාසනය අයිති වෙන්නෙ බුද්ධාගමට මිසක් බුද්ධ දර්ශනයට නෙවෙයි...]

      වැරදියි. සාසනය පාදමක් වගේ. ධර්මය පිහිටන්නේ එතැන. බුදුහාමුදුරුවන් පිරිනිවීමෙන් ධර්මය ගුරුතන්හි තබන්න කියා දේශනා කලේ ඒකයි. භික්ෂුන් නෙවෙයි, ධර්මයයි මුල්කොට වෙන්න ඕනේ.

      [මට ධර්මයේ හැසිරෙන හාමුදුරුවරු මුණ ගැහිලා නෑ තමයි.... මම එහෙම අය හොයන්න යන්නෙත් නෑ...]
      සොයන්නාට මිස අයෙක්ට ලැබෙයිද? එවිට ලැබෙන දෙයින් සතුටු වන්නට සිදුවේ.

      [දැං ඔය මං කියපු තැන් වල ඉන්න හාමුදුරුවරු ගැන එයාලගෙ දායකයො කියන්නෙත් ඔයා කිව්ව වගේ හොඳට ධර්මයෙ හැසිරෙන අය කියල තමයි]
      දායකයෝ කුමක් කීවත් , තමන්ගේ හිතේ ධර්මය තිබේ නම් වෙනත් දෙයක් කුමටද?

      [හොඳට බණ කියනව.. එක එක බලයවල් තියෙනව.. අරක මේක කියල..]
      එක එක බලයන් තියෙන්නේ භික්ෂුන්ට විතරක්ද? ඒවා ධර්මයේ ප්‍රතික්ෂේප. ඉතින් ධර්මයෙන් පිට.

      කොටින්ම කිව්වොත් : බුද්ධ ධර්මයේ තිබෙන වටිනාකම පවා නොතේරෙන මිනිසුන්, නොදන්නා කමට පිස්සන් මෙන් හැසිරෙද්දී ( ගිහි පැවිදි) වටිනාකම තේරෙන මිනිසුන් ඒ අතරින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගන්න බලනවා. තවමත් පිරිසිඳු බුදුදහම පවතිද්දී, එසේ පවතින්නේ නැතියි කියා මිත්‍යාවේ ගැලී වෙසෙන එක කනගාටුවට කරුණක්. සාසනේ පිරිහිලා බව ඇත්ත, නමුත් භික්ෂුන් වහන්සේලා සරණ නොයා ධර්මය හොයන්න කියල මිනිස්සු පොළඹවන්න ඉතියෙන යොමුවට වඩා එක එක භික්ෂුන්ගේ නාඩගම් නිසා ධර්මය නාසන මිනිසුන් ගැන දුකක් දැනෙන එක වලක්වන්න අමාරුයි. භික්ෂුන් වහන්සේලා සරණ යන්න එපා. එහෙම කරන අය විවේචනය කරනවා වගේම, එහෙම නොකරන අය ගැනත් දැනුවත් වෙන්න. නැත්තම් වෙන්නේ, අද කාලේ දෙමවුපියන්ගේ කල්ක්‍රියාව බලලා 'දෙමවුපියන්ට සලකන එක මිත්‍යාවක්' කියල වගේ මිත්‍යාවකට වැටෙනවා 'භික්ෂුන්ට දන් දෙන එක වැඩක් නැහැ' වගේ එකකට. එහි වටිනාකම නොතේරෙන්නේ නියම භික්ෂුන් නොදැක සිටීමේ ප්‍රතිපලයක් විදියට. නියම ධර්මය අහලා නැති එකේ ප්‍රතිපලයක් විදියට. කොහොමත් තිසරණ පිහිටන්නේ නැති කෙනෙක් කොහොමත් බෞද්ධයෙක් නොවෙයි. ( තිසරණයේ එක කොටසක් තමයි සංඝයා වහන්සේ සරණ යන එක) මින් හාමුදුරුවන් කියන ඕනෙම දෙයක් අහන එක නෙවෙයි සරණ යනවා කියන්නේ.

      විවේචනය හොඳයි. සමබර වෙනවා නම්.

      මිට පසුව උත්තර නොබඳිමි. මම කියපු කිසිම දෙයක් පුද්ගලිකව ගන්න එපා හිරු. ( ඔබ එසේ නොවෙනවා කියල හිතලයි මෙහෙමවත් ලිව්වේ)

      Delete
    6. මම මෙතන බුද්ධාගම විවේචනය කරන්න හිතුවෙ නෑ ... කමෙන්ට් එකට උත්තර දෙද්දි ටිකක් ඒ පැත්තට ගියා... මම ලිව්වෙ වෙන දෙයක් ගැන උපේකෂා...

      Delete
    7. දෙන්නම හරි ඔය දෙන්නගේ අදහස් අතර ගැටුමක් මට පේන්නේ නෑ.. ඒත් හිරු ලියලා තියෙන්නේ ඇත්තටම සාමන්‍ය දෙයක් .. උපේක්ෂා මැතිණියත් හොඳ දැන උගත් අම්මණ්ඩි .. :D

      Delete
    8. ඔව් ඔමා.. සේම් කතන්දරේ.. ඒත් භාෂාව වෙනස්.... යොදා ගත්ත වචන වෙනස්.. උපේක්ෂා හිතන්නෙත් මං හිතන විදියටම තමයි... ඒකේ එච්චර වෙනසක් නෑ.. මං ලිව්ව මාතෘකාව නිසා නිසා පොඩ්ඩක් කතාව වැරදි පැත්තට යනව...

      බුද්ධාගම ගැනයි දර්ශනය ගැනයි මට හිතෙන දේ කියල කලින් පෝස්ට් එකක් ලියල තියෙන හින්ද මං ඒ ගැන වැඩිය ලිව්වෙ නෑ... වැරදි පේන පැත්ත විතරයි මේකෙ ලිව්වෙ....

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. ලලිත් කිව්වමයි ඒක මතක් උනේ.. ඔය මං කිව්ව එක අලුත් පන්සලක සිස්ටම් එක තමයි හාමුදුරුවරු පාංශුකූලෙට වඩින්නෙ නෑ... ගිහියො තමයි ඒව කරන්නෙ...

      ( ඔයා කමෙන්ට් එක ඩිලීට් කළාට මගේ මේල් එකට ඒකෙ බැකප් එකක් එනව... අයියෙ හිට්ස් ගන්න නං මේවද ලියන්න ඕනෙ අනේ... හි හි)

      Delete
  6. මම දැකපු හැටියට නම් වැඩිපුරම ඔය නාගරික, අර්ධ නාගරික මධ්‍යමපාන්තික පෙන්ෂන් අන්කල්ල ඇන්ටිල වගේ අය තමා මේ වගේ ගණින්නාසේල අාරාම - අසපු මොන නමකින් හරි අටවගෙන ඉන්න ආයතනවල නිත්‍ය අරමුදල් සපයන්නො. ඒවගේම ඉතිං නාකි නාකි කිව්වට එහෙමමත් නෙවි. මගේ යාළුවෙකුත් ඉන්නව ඔන්න මෙන්න සෝවාන් වෙන්න ඉන්න. තව චුට්ටයි ! ඉතිං මේ වෙන්ඩ සෝවාන් යාළුවත් එක්ක ආගම ධර්මය ගැන කතාකරන්න ගන්න හැම වෙලාවකම මට හිතිල තියෙනව මම දෙව්දත් ථෙරටත් එහා ගිය අපතයෙක් කියල. හැක් ....

    ඔය පැෂන් එකට ආගම අදහන බැතිමත්තු අඳුරගන්න තියෙන එක ක්‍රමයක් උන් බුද්ධාගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ලැහැස්තියි ‘කතාවෙදි‘. එයාලගෙ ශ්‍රද්ධාව ගැන වැටහුනාම හිනාවෙල පාඩුවෙ ඉන්න එක තමයි හොඳම වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නෙ... වැ‌ෙඩ් තියෙන්නෙ ඉතිං අපිවත් ඕවට ඇදගෙන යන්න දඟලන එකනෙ.. එහෙම නොගියම කියනව ඒ අපේ කරුමෙ හින්දලු....

      Delete
  7. මමනම් දැන් පන්සල් ගියත් යන්නේ ගෙදර උන්දැගේ වදේට...
    ඒ යන්නෙත් අවුරුද්දකට දවසක් හෝ දෙකක් විතර. සමහර විට එහෙමවත් නැහැ.

    මම යන්න ගොඩක් කැමති පන්සලක් තියෙනවා අපේ ගමේ, ඒ පන්සලේ හාමුදුරුවරු නැහැ, මිනිස්සු නැහැ. ගොඩනැගිල්ලි, බෝධිය වගේ බොහොම සරළ දේවල් පමණයි තියෙන්නේ.
    ඒක ෆන්ක්ෂන් වෙන්නේ පෝය දවසට විතරක් නිසා අනිත් හැම දවසෙම වගේ තියෙන්නේ මම කැමති විදිහට.
    ඒ පරිසරය බොහොම නිස්කලංකයි. මම පන්සලකින් බලාපොරොත්තු වෙන්නේ ඒ සුවය පමණයි. දැන් වෙලා තියෙන්නේ එහෙ යන්න වෙලාවක් නැති කම.

    ඔය ස්පීකර් දාගෙන ඩෙඟා නටන සද්දේ වැඩි පන්සලකට මම ගියත් යන්නේ යන්නන් වාලේ.
    අනිත් මිනිස්සුන්ගේ උවමනාවට.
    ඊට වඩා ලොකු සුවයක් මට කොහේ හරි කැලේකට ගියාම දැනෙනවා.

    ReplyDelete
  8. කොහොම උනත් ඔයාගේ බිලොග් එකට මම අද තමයි මුලින්ම ආවෙි.අද විවෙික දවසේ පසුගිය ලිපි කීපයක් මම බැලුවා.හොද ලිපි පෙලක් තිබෙනවා.ඔයාගේ ඉදිරි ලිපිත් කියවන්න බලාපොරොත්තු වෙනවා.සුභ පැතුමි Kaushi

    ReplyDelete
  9. හැමදේම වාණිජකරණයවෙල තියෙන්නෙ. ඒකයි හේතුව. ඒ වගේම අපේ මිනිස්සු අම්බ ගොබ්බයි. බුද්ධාගම ගැන කලකිරෙන්න එපා. කිසිම හාමුදුරුවෙක්ගෙන් බණ අහන්නත් එපා. ගන්න ත්‍රිපිටක. අරන් මුල ඉඳල කියවන්න. අදහන්නෙපා, ගවේශණය කරන්න. රකින්න පන්සිල් පද පහ. ආයෙ පන්සලක් පැත්ත හැරිලවත් බලන්නෝනි නෑ. හිතට කරදර වෙලාවට හඳ පායපු හැන්දෑවක පන්සලට ගිහින් පහනක් පත්තුකරන්න. බෝධියේ වැල්ලෙ වාඩිවෙලා බෝ කොල අස්සෙන් එබෙන හඳ දිහා බලන් ඉන්න. බුදුහාමුදුරුවො කිව්ව නිසා නෙවෙයි, තමන් හින්දම.

    ReplyDelete
  10. දැං කාලේ බුදුහාමුදුරුවෝ (බෝධිසත්වයා) ඉපදුනානං උන්වහන්සේ ඉපදුනු ගමන්ම කෙලින්ම බුදු වෙනවා මේ හැතිකරේ දැකලා.මුංගේ විකාර, මහනුවර මැදම අටවං ඉන්නවා අර නිකාය මේ නිකාය කියලා කියාගෙන.මටනං පන්සලකට ගියපු කාලයක් මතක නෑ ඔය විකාර හින්දම.එකෙක් අර මල් පූජාව තියනකොට තව එකෙක් වෙන මල් පූජාවක් තරගෙට තියනවා.අවබෝද‍ෙන් නැතිව කරන්නම් වාලේ එහෙම නැත්නම් කියන්නං වාලේ අපේ උපාසක ඇත්තොත් නිවං යන්න හදනවනේ සල්ලි වලට

    ReplyDelete
  11. අර තැන ෆුල් ඒසී තමා.............. අාය මොන කතාද?????

    ReplyDelete
  12. නිකන් උඩින් පල්ලෙන් ලියලා දැම්මට ඉතාම වැදගත් මාතෘකාවක් මේ බ්ලොගයේ අයිතිකාරිය සාකච්චාවට අරගෙන තියෙන්නේ.
    ඇත්තටම " මම ඔයාගේ බුද්ධාගමේ නෙවෙයි" කියන කියමන තුලම මුළු ලිපියේ හරය තියෙනවා. ඒ වගේම ලිපියේ ඇති වැදගත් කම නිසාම ඒ ලිපිය වටා විශාල සාකච්චාවක් ගොඩ නැගෙන බවකුත් පෙනෙනවා. ඒ ගැන මගේ සුභ පැතුම්.
    සාකච්චාවේ මුල් හරියේදී බුද්ධ දර්ශනය කියන වචනය නිරතුරු යෙදුනත් ක්‍රමයෙන් පසුවට එය ධර්මය බවට පත් වෙනවා ඒක ඉතා හොඳ නිවැරදි වීමක්.
    ඇත්තෙන්ම මේ සියළු ව්‍යසන වලට මුල ලෙස මම දකින්නේ අද වන විට බොහෝ භික්ෂූන් විනය පිටකය නොසලකා හැරීමමම්යි. එද දිනයේ මා දුටුවා ප්‍රවෘත්තියක් මැදදී ප්‍රකට භික්ෂුවක් අගමැතිට උපදෙස් දෙනවා වැරදි කරන උන්ට වසපානය කරන්නට උපදෙස් දෙන ලෙසට. හරියට බැලුවොත් එතැනදීම උන් වහන්සේ පාරාජිකයි. මෙන්න මේ නොසැලකිලිමත් කම හෙවත් යෝනිසෝ මනසිකාරයේ නොපිහිටීම තමා සියල්ලට හේතුව.
    ඒත් මෙහි යමෙකු ලියා තිබූ පරිදි දහම තවමත් ජීවමානයි, රහතුන් මග ඵල ලාබීන් වැඩ වසන බව පිළිගැනීමට සුදුසුයි කියන එක මමත් පිළිගන්නවා ඒත් ඒ රහතුන් හෝ මගඵල ලාබීන් අහවලුන්යැයි සහතික දීමට ඉදිරිපත් වීම නම් නොසුදුසු බවකුයි පෙනෙන්නේ.
    ඒ වගේම මෙවන් විප්‍රකාර වලට යොමු වීම ගැන නාකින්ට (අපිත් ඇතුළුව ) දෝශාරෝපනය කිරීම නිවැරදි නැහැ. ඇත්තෙන්ම මේවා පසු පස දුවන්නේ බොහෝවිට ඉහල මධ්‍යම පාන්තික "පොරක්" ලෙස කැපී පෙනීමේ උන්මාදයෙන් පෙලෙන්නන් බවයි මා නම් දකින්නේ. මේ තත්වය අද ඊයේ ඇතිවූවක්ම නොවෙයි නේද?
    මීට කලකට පෙර තිබුනායැයි කියන නීලපට දර්ශණය, මේ මෑතක තිබුනායැයි කියන තාපස නිකාය, අප තරුණ කල ඉතා බලවත්ව තිබුනු දැන් ආගිය අතක් සොයා ගැනීමට නැති විනය වර්ධනය ආදී නොයෙකුත් විප්‍රකාර කලින් කල එනවා යනවා. කෝ අද දොලුකන්දේ පිරිත් පැන්? මේවා ගැන වැඩිය කලබල වන්නට එපා. හැකිතාක් තෙවලා දහම හා රැඳෙනවානම් භික්ෂූන් විවේචනය කිරීමෙන් අප වලකිනවානම් සසුනත් දහමත් අපත් නිරුපද්‍රිතයි, තව බොහෝ කලකට.

    ReplyDelete
  13. අර මාස තුනෙන් "නිවන් " පෙන්නන කෝස් එක කලේ නැද්ද?

    ReplyDelete
  14. මම නං ඔය වගේ මිනිස්සු ඉන්න තැං වලින් කැපිල යනව
    මොකද ඒක ඇගට වැඩිය හිතට හොදයි...
    මිත්‍යාව අධර්මය බහුලවම තියෙන්නෙ ඔය වගේ හිත් තුළ... බුදු දහමේ මූලික හරය වන මැදුම් පිළිවෙත හෙවත් උපේක්ෂාව කියන දේ ගැන හිතන්නෙ වත් ඒ අනුව ක්‍රියා කරන්නෙ වත් නැති තරං
    අනුකම්පා කටයුතුයි

    ReplyDelete
  15. අපි දවසක් ගියා කුරුණෑගල දඹුල්ල පාරෙ තියෙන මහමෙවුනාවකට. අර කිරිබත්ගොඩ ඥානානන්ද ("න" යනු ගාන හරි නේද?) මුදලාලිගෙ නමෝ බුද්ධාය සාප්පුවකට. ඒකෙ බඩම පිරෙන්න සෙනඟ. ඒ අයට දානෙ ගෙනාවෙ ලොරි වලින්.

    ඒකටම අල්ලපු වැටේ විතර තිබ්බෙ "චූලක ලෙන් විහාරය" කියන ගමේ පරණ පංසල. ඒකෙ සිල් අරගත්ත අය හය දෙනෙක් විතර හිටියා. එක හාමුදුරු නමක් වැඩ හිටියා පංසලේ. දානෙ නම් ගෙනාපු බවක් පේන්න තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. /ඒකෙ බඩම පිරෙන්න සෙනඟ/

      බඩම නෙවෙයි, ඉඩම. (වැරදීමකි)

      Delete
    2. ඇත්තට ඒ අසපු සීන් එකත් මාර සීන් එකක්. අළුතෙන් එකක් ගහන්නේම ගමක පරණ පන්සලක් ලඟින්ම. හොඳම උදාහරණේ මාලඹේ කහන්තොට හංදියේ ලඟදි ඕපන් කරපු එක. ඒක කෙලින්ම පාරෙන් එහා පත්තේ තියෙන්නේ ඒ පැත්තේ මිනිස්සු දන්න කාලෙ ඉඳන් ගියපු පරණ පන්සල. දැන් ඒකට යන දායකයෝ දෙකට කැඩිල හරියට සන්ධානේ වගේ.

      Delete
  16. ආතුරයන් අතර අනාතුරව ඉන්න තමා උත්සහකරන්න ඕනා කෞෂි

    ReplyDelete
  17. හිරු මෙතන ප්‍රශ්නේ ඔය බෞද්ධ කියන බොහොමයක් අය බෞද්ධ නොවෙන එක.
    කොටින්ම හාමුදුරුවන්ගේ පටන් ආපහු ඒ අය මුලටම ගිහින් බෞද්ධවීම ගැන ඉගෙන ගන්න ඕනේ.

    ඕක කියන්න ගියාම ඒ අයට රිදෙනවා. ඒත් බෞද්ධයෙක් හෝ යම් ආගමක් අදහන අය ඊලඟ එක්කෙනාට ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නෑ. ඒත් අහෝ දුකකි කියලා අපේ හාමුදුරුවන්ගේ ඉඳන් වෙන්නේ ඒක.
    පන්සලකට දානේ දෙන්න යන්න. හාමුදුරුවෝ වැඩි පිළිගැනීමක් කරන්නේ මුදලේ අගයට. දුප්පත් කෙනෙක්ගේ දානේ ගෙදරකටවත් එන්න අද හාමුදුරුවෝ කැමති නෑ. මේක කොයි ආගමෙත් අඩුවෙන් හෝ වැඩියෙන් තියෙනවා. ඒත් බුද්ධාගමේ පිල් බෙදෙන ප්‍රමාණය වැඩියි වෙන්න ඕනේ. ඒක වැඩියෙන්ම එහෙම වුනේ අන්තිම අවුරුදු දහය පහලොවේදි කියලත් මට නම් හිතෙනවා.
    සමාජයක් වශයෙන් අපි පිරිහීමකට ලක්වෙනකොට පන්සල විතරක් ඉතිරි වෙන එකක් නෑ නේ.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. "ඛීණනිරයෝම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති."

    ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

    කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.

    ආර්යන් කෙරෙහි වූ බුදුන් විසින් දේශනා කරන ලද සද්ධර්මය තේරුම් ගැනීමේ පෘතග්ජනයින්ට අසමාන හැකියාවක් ඔහු කෙරෙහි පවතී. නමුත් ඔහු නොදන්නා බොහෝ දේ ඇත. ඔහුගේ පාලි බස පිළිබද අවබෝධය මද බැවින් සහ කෙලෙස් පූර්ණ ලෙස ප්‍රහානය නොකර ඇති බැවින් ඔහුට තේරුම් ගැනීමට නොහැකි දහම් කරුණු බෙහෙවින්ම පවතී. චතුරාර්ය සත්‍යය අවබෝධය පිනිස පමණක් උත්සාහ කරන ලද බැවින් ඔහු තුල සෘද්ධිමය බලයන් කිසිවක් නොමැත.

    VISIT

    ReplyDelete
  20. මම නම් ඉඳල හිටලා යන්නෙ ගමේ පන්සලට විතරයි. ඒකටත් කැමති සෙනග ගොඩක් නැති දවසකට යන්න විතරයි. කියල තියෙනවා වගේ උගත් බුද්ධිමත් කියන උන් තමා ඔය පොෂ් කියල පෙන්නන්න එක එක ජාතියෙ අළුත් පන්සල් කඩ වලට යන්නෙ.

    ReplyDelete
  21. පන්සිල් පද පහ හරියට සුරකින කෙනකුට හැර අනෙකකුට මෙයට උත්තර දිය නොහැක. එනිසා මුනිවත රකිමි.

    ReplyDelete
  22. මේකත් හරියට අන්ධයො අලියා ගැන කීව වගේ.
    බුදු හාමුදුරුවොත් එක් තැනක දේශනා කරල තියෙනවා ධර්මයත් හරි තැනින් අල්ල ගත්තෙ නැතිනම් සර්පය වගෙ කියල.

    ඔය කියන කොයි හාමුදුරුවොත් දේශනා කරනදේ තම තමන්ගේ ණුවනින් විමසා බැලුව නම් තමා හොඳ. ඒකට රාමු කරපු නැති මනසකින් ඒ ඒ දෙවල් ගැන විමසුවාම නුවනැත්තාට අවබෝධ වෙයි.

    ReplyDelete
  23. මෙතන වෙලා තියෙන්නෙ උඹට බුදුදහම තෙරුම් ගන්න තරම් මොලයක් නැතිකම. මේ පෝස්ට් එකෙන් කරන්නෙ උඹේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම.

    ReplyDelete
    Replies
    1. හැබෑට.. පිංසිද්ධ වෙච්චාවෙ ඒක කිව්වට...

      Delete
    2. උඹේ පුක තඩියට තිබුනට බලපං ඒකෙ අබ ඇටයක් තරම වත් මොලයක් තියනවද කියල

      Delete
    3. හි හි ... අනේ ගොනෝ...

      Delete
    4. නිකං බොකක් අටවගෙන රෙන්නෙ නැතුව පට්ට ඩාන්ස් එකක් තියෙනවා මෙන්න ට්‍රයි කරල බලහං. උඹට හරියන්නෙ ඒක තමා. වල් ඊරි.

      https://www.facebook.com/JakeBoysVideos/videos/915596118609428/?hc_ref=NEWSFEED

      Delete
    5. තෝ නෙ යකෝ ගොනා තෝ නෙ කෞ (cow)

      කෞෂී = කෞ + ෂීෂීෂීෂීෂීෂීෂී

      කෞෂී = එළදෙන + පලයන්/දුවපිය

      කෞෂී = දුවපිය එළදෙන

      Delete
  24. ශ්‍රී සත් දර්මය දැනගන්න, තෙරුවන් සරණ යන්න පින තියෙන කෙනාට, ඕන කම තියෙන කෙනාට පිරිසිදු බුදුදහමත් තෙරුවන් සරණත් ලැබෙනවා... ජිවිතයේ පළමු කාරනවා චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගන්නවා කියන අයට තෙරුවන් නිසැකවම හමු වෙනවා...දහම් ඇස පහල වේවා...(සත් ධර්මය වෙතට එන්න කැමති අය වෙනුවෙන්
    0770600014... )

    ReplyDelete