Tuesday, November 15, 2016

අහෝ බ්ලොග් එක.....

අහෝ මගෙ බ්ලොග් එක...

මොකද බං උඹට උනේ...

අගේට ලියාගෙන ආව ‌නේද...

උඹට කෙල උනේ Facebook එකයි TV Series හින්ද...

කතා දෙකක් නෑ...

රවියා ඉන්ටනෙට් වැඩි කලාම,

ආයිත් බ්ලොග් ලියන්න තමයි පටං ගන්න වෙන්නෙ...

හැබැයි එතකොට උෟටමයි පාඩු...

ෆිල්ම් බාන, ටීවී සීරීස් බාන උන්ගෙන් නේ ලොකුම ලාබෙ එන්නෙ ඉන්ටනෙට් කම්පැණි වලට..

අනේද කියන්නෙ....

සතොස කෑවා වගේ..

මේකත් කාල...

ඊට පස්සෙ ආයිත් හදන්න හදයි...

අන්න එහෙමයි ගොන් රවියගෙ වැඩ...

අපි නොදන්න රවියා....



P/S : මොට්ට ජීවිතේ මේ දවස්වල කම්මැලි උපරිම.... ඒ උනාට තාම මැරිලා නෑ.. හිරුවා තාම පණපිටිං....

Sunday, March 27, 2016

නෙළුම් යායෙන් අංශබාගෙට බෙහෙතක් ලැබුනු වගයි.... බලමු ලෙඩේ හොඳ වෙයිද කියල... හි හි


සම්මාන කතාවක් තියෙනව අහම්බෙන් වගේ දැක්ක නිසා, පස්සෙ ඇවිත් සම්මාන හම්බුවෙන කට්ටියට සුබ පතන්නං කියල පෝස්ට් එකක් දාලා ඊට පස්සෙ බ්ලොගර් පැත්ත පලාතෙ ගියෙ නැති හින්ද අන්තිම මොහොත වෙනකං වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ මං.. පහුගිය කාලෙ බ්ලොග් එකත් ලිව්වෙ අංශබාගෙ හැදිලා වගේනෙ... ඕකට පැහැදිලිවම වගකියන්න ඕනෙ ෆොන් එක... වෙනදට ගෙදර එන්නෙ කම්පියුටරේ ඔන් කරල මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර බලන්න.. දැං ඔක්කොම හදිසි වැඩ ටික ෆොන් එකෙන් බැලෙන නිසා ( දවලට අම්මටත් ඔය බ්ලොග් ටිකෙ පෙන්නන්න පුළුවන් පෝස්ට් ඔක්කොම හබ්ද නඟා කියවීම කරන නිසා ) ගෙදර ආවාම කරන්නෙ කලින් දවසේ ටීවී සීරීස් ටික බාගෙන බලන එක... ඉතිං බ්ලොග් කියවිල්ල අන්තිමටම අඩු වෙලා ගිහින්... 

ඔය අතරේ කවුද කොහොමද මන්ද මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හොයාගෙන ගෲප් මැසේජ් එකක් දාලා තියෙනව දැක්කෙ දවස් දෙකක් තුනක් තියල... ගිහින් බැලුව මෙන්න මගේ වෙඩිං කතා පෝස්ට් එකත් එතන තියනව... යන්න හෝ නොයන්න තියෙන දවස බැලුවම සොරි ඩොට් කොම් වෙන බව තේරුනා... වීක් එන්ඩ් එක... සෙනසුරාදා... අනිත් අයට නිවාඩු පාඩු දවස් කියන්නෙ කේක් හදන අපිට වැඩ වැඩි දවස්... උත්සව කාල කියන්නෙත් අපිට හොඳටම වැඩ වැඩි කාල.. අවුරුදු, අලුත් අවුරුදු කියන්නෙ පිස්සු හැදෙන කාල... ඒව ඉතිං එහෙම තමයි... ඔය අවුරුද්දට අපි කඩේ වහන දවස අහන අයට එහෙම මම දෙන උත්තරේ තමයි අනේ ඉතිං අපි අවුරුද්දට කඩේ වැහුවොත් අපිට ගෙදරත් ඉන්න හම්බුවෙන්නෙ නෑ කියන එක... 

කොහොමහරි අම්මට පොඩ්ඩක් විස්තරේ කියල යන්න පර්මිෂන් හදා ගත්ත කියමුකො.. ඊළඟට අනිත් එක... 

පෙරුම් පුරලා පෙරුම් පුරල මේ දවස් වල අපේ ගේ හදන්න පටන් අරං තියෙන්නෙ... මේ දවස් වල ඉන්නෙත් කුකුල් කූඩුවක් වගේ ඇනෙක්ස් එකක් රෙන්ට් එකට අරගෙන... මහ ලොකු සල්ලියක් අතේ තියාගෙන කරන වැඩක් නොවෙන හින්ද අපේ මාමණ්ඩියි නැන්දම්මයි පුළුවන් තරං සල්ලි පරිස්සම් කරගෙන (ලෝබ කමට එහෙම නෙවෙයි, අතේ තියෙන සල්ලි ටිකෙන් කාමරෙකුයි, බාත්රුම් එකයි හරි ඉවර කරගන්න හිතාගෙන ) වැඩ කරනව.. ඒ දෙන්න බාස්ලා වැඩ කරන දවස්වල උදේම බත් එකක් ඔතාගෙන, තේ එකක් බෝතලේට දාගෙන ඉඩමට එනව... මට නං පහුගිය මාස දෙකේම ඒ පැත්තට යන්නවත් හම්බුනේ නෑ... 

කොහොමින් කොහොම රට වටේම හොඳ ගඩොල් හොයලා, අන්තිමට අනුරාධපුරෙන් ගඩොල් ගන්න ලෑස්ති කරගෙන... සිකුරාදා 12 විතර වෙනකම් ෆවුන්ඩේෂන් එකට පස් ඇද්දෙ මායි අපෙ මහත්තයයි... මේ දවස් වල දවල්ට වැඩ කරනවට වඩා රෑට වැඩ කරන එක පහසුයි... ( අපිට කරගන්න පුළුවන් පොඩි පොඩි වැඩ අපි හතර දෙනා එකතු වෙලා කරනව සල්ලි ඉතුරු කරගන්න.) සෙනසුරාදා උදේම පස් ලොරි දෙකක් එනව කියල මං 7 වෙනකොට ඉඩමට ගියාට පස් ටික ආවෙ 11ට... වැඩේට යන්න බැරි වෙන පාටයි කියල, මං ගාව ෆොන් නම්බරේකට තියෙන්නෙ අටම්ගෙ නම්බරේ විතරයි නිසා කෝල් කරල කිව්ව මට මොනා හරි තිබ්බොත් ගන්න කියල... ගඩොල් ටික එනකං 12 වෙනකං බලං ඉදල කෝල් කළාම, තාම ලොරිය ආවෙ නෑ කිව්ව... ඒ කියන්නෙ අද ඒ වැඩේ කෙරෙන්නෙ නෑ කියන එක... ඒ පාර අපි දෙන්න ගෙදර ආව... 

හරි... එහෙනං බස් එකේ මං තනියෙන් හරි යනව කියල නාගන්න ලෑස්ති වෙද්දි මෙන්න වතුර මෝටරේ කැඩිලා.... ඒ අස්සෙ ඉවාන් කෝල් කරල කියනව කොහොම හරි එන්නලු... හි හි.... 

ඒකත් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන එන්න පාර අහගන්නකොට නං මට තේරුනා මං බස් එකේ ගියොත් අනිවා අතරමං වෙනව කියල... අනිත් එක මේ ගිනි ගහන අව්වෙ එළියට බහින එක ඔක්කොටම වඩා අමාරුයි... ඒ පාර ඔන්නොහෙ පෙරලුනා යන්නෙ නෑ කියල... ඒ අර මායම් හැට හතරෙන් මං ප්‍රගුණම කරල තියෙන එක.. “ හා හා... ලෑස්ති වෙනව මං ගිහින් දාන්නං ... හැබැයි 5 වෙනකොට එන්න ඕනෙ .. කියල, අනේ ඉතිං කවදත් වගේ අපේ මහත්තය ඔය ගැටේට අහු උනා... හි හි

ඉවාන්ගෙන් පාර අහගෙන ඔන්න ඔහොම මාත් නෙළුම් යායට ආවා... 

අඳුරගන්න පුළුවන් උනේ ඉතිං ෆේස්බුක් එකේ එහෙම දැකල තියෙන කට්ටියව විතරයි... මාතලන්, බස්සියි බස්සයි, අටම්, නුවන්, දිනේෂ් කට්ටිය එළියෙදිම හම්බුනා... 

බොරු කියන්නෙ මොකටද... සම්මාන දෙන ඒව අහගෙන ඉන්නවට වඩා කළේ කට්ටිය එක්ක කියෝ කියෝ හිටපු එක... හි හි... ඒක නිසා අර පළවෙනි ස්ථානෙට දෙන සම්මානෙට කියපු හැදින්වීම කියාගෙන යද්දි මං හිතුවෙම වෙන මොකක් හරි කියල... ගෘහස්ථ කාරණා පළවෙනි ස්ථානෙ කියල මගේ නම කියද්දි මට බකස් ගාල හිනා ගියෙ ඒකනෙ... හි හි... අම්මපා හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං ආවෙ නැත්තෙ... ආවා නං උන්දැ ඔය ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාටම මාව අරං යන්න කියල එවෙලෙම ගෙදර යනව... හි හි.... ( බ්ලොග් එකේ මං එයාව පතුරු ගහනව කියල දන්නව උනාට උන්දැ ඕක කියවන්නෙ නෑ නෙ ඉතිං.. හි හි) 


කොහොම හරි ස්ටේජ් එකට නඟිනකොට මං හිටියෙ හිත ඇතුලෙන් උඩ පැන පැන... කට්ටියට තේරෙන්නත් ඇති ඒක.. හි හි... 

මං කොහොමත් එච්චර තරඟකාරී කෙනෙක් නෙවෙයි... ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකම... ඕනෙම දේකදි පස්සට වෙලා බලං ඉන්න එක සහ, කරන්න කෙනෙක් ඇත්තෙම නැත්තං ඒකට ඉදිරිපත් වෙන එක තමයි මගෙ ගතිය.. අනිත් අයගෙ පෙළඹවීමට පොඩි කාලෙ තරඟ වලට ඉදිරිපත් උනත් ඒවට තැනක් නොලැබුනාම පොඩි උදාසීන කමක් මිසක් වෙන අවුලක් මට ඇති උනේ නෑ.. මම විභාග උනත් ඒ තරං හිතට අරගෙන කරල නැ.. ඉතිං ඇත්තටම මට ස්ටේජ් එකකට නැගල තෑගි ගන්න හම්බුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදි විතරයි... එකක් ඉන්ග්‍රින් එකේදි.. අනිත් එක මේ සම්මාන උළෙලෙදි...  ඉතිං ඇත්තටම ඒක ලොකු සතුටක්... 

ඒක නිසා කට්ටියටම බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දීම ගැන.... බ්ලොග් එක ලියන්න පටං ගත්තෙ මගේ බෙස්ට් ෆ්‍රෙඩා හින්ද.. ලියපං මචං උඹට පුළුවන් කිව්වෙ ඌ තමයි මුලින්ම... ඒත් අද මේක ලියාගෙන යන්නෙ අපේ මහත්තය හින්ද... වැඩිපුරම වස්තු බීජ සපයන්නෙත් ඉතිං එයානෙ... හි හි... ඒ උනත් ඇත්තටම මගේ මේ විකාර වැඩ වලට හිනාවෙලා ඔන්නොහෙ ඕනෙ එකක් කරගන්න කියල ඩොංගලේ බිලත් ගෙවල දාන එයා වගේ හබියෙක් නොලැබුනා මටත් බ්ලොග් ලියන්න හම්බුවෙන්නෙ නෑ.. හි හි... 

බ්ලොග් එක මට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න අවස්ථාව දීලා තියෙනව... ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්නෙ නැතුව ඒවා එළියට දාන්න අවස්ථාව හදල දීලා තියෙනව... මොකද මට යාලුවො ගොඩක් නැති හින්ද... හිටියෙ එකයි දෙන්නයි.. ඒකටත් හේතුව ඉතිං මගේ පිස්සු විකාර කම්මැලිකම තමයි... ඉස්සර යාලුවො එක්ක කියෝ කියෝ හිටපු මම දැං මේ බ්ලොග් එක කියවන ඕගොල්ලො එක්ක කියෝනව... අවුරදු 30 පැනපු ගොඩක් කසාද බැදපු ගෑණුන්ට අහිමි වෙන අවස්ථාවක් තමයි තමන්ගෙ හිතේ තියෙන දේවල් කියාගන්න ක්‍රමයක් නැති වෙන එක.. කියාගන්න කෙනෙක් නැති වෙන එක... ජීවිතේ ඒකාකාරී වෙන එක.. ජීවිතේ එපා වෙන වෙලාවලුත් තියෙනව.. බ්ලොග් එක කියන්නෙ එහෙම අයට එක ක්‍රමයක්.. මොකද මේක ආරෑඪ නාමයකින් උනත් කරගෙන යන්න පුළුවන් නිසා... 

ඒක නිසා කාලෙන් කාලෙට මේක ලිවිල්ල අතෑරැනත්, අංශබාගෙ හැදිල වගේ හරි මේක දිගටම ලියවෙයි.. කාලෙන් කාලෙට මගේ මූඩ් එකත් එක්ක, මගේ ආසාවල් එක්ක මේකත් වෙනස් වෙයි... මට ලියන්න හිතුනොත් මං ලියනව.. නැත්තං අතාරිනව... ගූගල් බ්ලොගර් නොමිලේ දෙනකං මේ ලිවිල්ල කෙරෙයි... කොච්චර එක එක දේවල් ආවාත් මාගල් ලියන්න පුළුවන් මේකෙ හින්ද මේක තමයි මට හරියනම වැඩේ... අනිත් එක මට අතින් ලියන්න ඕනෙ නැති හින්ද... මොකද මගේ අත් අකුරු හකුරු වගේ... හි හි...

මේ පාර නෙළුම් යායෙන් සම්මානය හම්බ උනු අපේ අනිත් සෙට් එකටත් මේ එක්කම මගේ සුබ පැතුමුත් එක්කරනව... කට්ටියටම මට වගේ සන්තෝසෙන් උඩ පනින්න චාන්ස් එකක් හම්බුනානෙ... හැබැයි ඉතිං හවස තේපැන් සංග්‍රහයට කලින් මාරු වෙලා එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුයි... කට්ටියත් එක්ක කතා කරන්න වැඩි වෙලාවක් හම්බුනේ නෑ ඒකෙන්...

ආ... තව චුට්ටෙන් අමතක වෙනව... මං වේලාසනින් පැනල එනකොට වතුර බෝතලයක්වත් දුන්නෙ නෑ කිය කිය දෝස් මුර දීදී හිටපු මාධ්‍ය සෙට් එකටත් තැන්කියු වේවා.... කට්ටිය තේ බීල එහෙම යන්න ඇතිනෙ... ( මම පස්සෙ තමයි දැනගත්තෙ තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරල තිබ්බ කියල... මං ඉතිං මේ වැ‌ෙඩ් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැති හින්ද ඒ වෙලාවෙ මුකුත් කරන්නවත් කියන්න වත් දෙයක් තිබුනෙ නෑ...) 

Tuesday, March 1, 2016

ඩිප්‍රෙෂන් පෝස්ට්.... ( ඇඩ් නැති, නමුත් කියවීමේදි විශාදය ඇතිවීමට ඉඩ ඇති බවට කාරැණික අවවාදයයි )


ඉතිං... මේ දවස් වල මොනාද කතා කරන්න තියෙන්නෙ.... ඉඳල හිටල ෆේස්බුක් එකේ කරක් ගහද්දි තේරෙන්නෙ නං ක්‍රිකට්, මාර පාලන -යහපාලන කතා, මෛත්‍රී-රනිල්-මහින්ද වාද, මුස්ලිම්-සිංහල වලි... (ඉන්දියන්කාරයන්ට රස්සා දෙන කතාවකුත් දැක්ක )ඕවා තමයි වැඩිපුරම විකිණෙන්නෙ කියල... 

ඒ අස්සට ඒඩ්ස් නමට බයේ ළමයි ඉස්කෝලෙ නොයව ඉන්න ගොන්නු රැලක් ගැනත් කතාවක් යනව... 

තව ඒ මදිවට අවුරුද්ද පටං ගත්ත දවස්වල ඉඳලම දන්න කියන මිනිස්සු අවසන් ගමන් යනව....අබිලිං, එන්සිනා එක්ක අජන්තා රණසිංහ කියන අපි ආදරේ කරපු චරිත කීපයක්ම අපෙන් සමුගත්ත... 

වැලන්ටයින් කතාත් දැක්ක... කොහෙද මන්ද තිබ්බ වැලන්ටයින් එකට ලංකාවෙ කෙල්ලො කොච්චරද ගානකට අඬන්න සිද්ධ වෙනව කියල... කොහෙන්ද දන්නෑ ඔය ගොසිප් සයිට් සංඛ්‍යා ලේඛණ හොයා ගන්නෙ.... ඒ අතරෙ කට්ටිය පරණ පෙම් කතාත් ලියල තිබ්බ දැක්ක.... 

බ්ලොග් වලත් ගොඩක් දේවල් ලියවිලා තියෙනව දැක්ක... සම්මාන උළෙලක් ගැනත් කොහෙදි හරි දැක්ක මතකයි... 

ඒ මදිවට අර සෞඛ්‍ය ඇමතිකම දීල තියෙන හරකට බයිපාස් එකක් කරන්නත් පිටරට යන්න ඕනෙ උනා.. මේ රටේ කී දෙනෙක් මැරෙනවද දන් නෑ දවසකට ඔය මැෂින් හරියට වැඩ කරන්නෙ නැති හින්ද... අපෙ ලොකු මාමට angiogram එක කරන්න තිබ්බෙ පෙබරවාරි 3... ඒත් එදා අනුරාධපුරේ ඉස්පිරිතාලෙ මැෂින් එක කැඩිල කියල වැඩේ කල් ගියා.. අපි බල බල ඉන්නෙ නැතුව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක ටෙස්ට් එක කළාම තත්වෙ හොඳටම බරපතලයි... එදාම ඔපරේෂන් එකට ගත්ත... අපිට හදිස්සියට සල්ලි ටික හොයා ගන්න උගස් තියාගන්න ඉඩං කෑල්ලක් හරි තිබ්බ හින්ද මාම තාම ජීවත් වෙනව... 

කොහොම කොහොම උනත් මේ රටේ වෙන දේවල් ගැන නං ලියන්න තියා හිතන්නවත් හිතෙන්නෙ නැති තරං එපා වෙලා දැං තියෙන්නෙ... ටීවී එක නං දෙයියනේ කියල කැඩිලා ගියා... පත්තර නං ඔය තාත්ත ගන්න ඒව උඩිං පල්ලෙන් බලනව.... එච්චර තමයි.... 

ඕනෙ බම්බුවක් කරගන්න එකයි ඇත්තෙ කියල කට පියා ගෙන ඉන්න එක තමයි මම මේ දවස් වල කරන්නෙ... ඕව හිතල බ්ලොග් ලියන්න ගියාම මගේ ඇගේ ලේ ටික තමයි නාස්ති වෙන්නෙ... 

අනිත් එක මොනව කියල ලියන්නද... 

තවත් ඩිප්‍රෙෂන් වැඩි කරගන්න පිස්සුයැ ... 

මේකෙ ඉන්නෙ හොර දේශපාලුවො මදිවට උන්ව පත් කරගත්ත ගොන් මොට්ට හරක් රැලක් එක්ක, ළමයෙක්ගෙ අධ්‍යාපනේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කොන්ද පණ නැති අධ්‍යාපන නිළධාරීන් එක්ක, අවුරුදු ගානක් තිස්සෙ කරන දැනුවත් කිරීමුත් එක්කම අඩු ගානෙ පොතක් පත්තරයක් කියවන්නවත් දැනුම තියෙන- ඒත් ඒ දැනුමින් සහපහක වැඩක් ගත්තෙ නැති මොට්ට මොංගල් දෙමවුපියො රැලක්... 

( ඔව් ... ඔය ඉස්කොලෙ නැතුව වෙන ඉස්කෝලෙකට දැම්මත්, කොච්චර උගත් උනත් ඒ දෙමවුපියො ටික කරන්නෙ මේ හරක් ටික කරපු දේම තමයි.... )

----------------------------------------------------

එක්ස් ෆයිල්ස් සීසන් 10 එකත් ඉවර උනා... ඒ ගැන පෝස්ට් කෑල්ලක් ලිව්වනෙ ඉතිං... හි හි... 

ඒ උනාට ඒ අස්සෙ අපි ඉස්කෝලෙ යන කාලෙ ගොඩක් කෙල්ලන්ගෙ ක්‍රෂ් එකක් උන ලියනාඩෝ ඩිකැප්‍රියෝට නාමයෝජනා 6කට පස්සෙ ඔස්කාර් සම්මානයක් ලැබිලා.... ඒ දවස්වල මට වෙන ක්‍රෂ් එකක් හිටිය හින්ද ( ඔව් ඔව්... මෝල්ඩර් තමා... දැං නාකි උනාට ඒ කාලෙ හෙන හැන්ඩියා...) ලියෝ ගැන එච්චර ගානක් තිබ්බෙ නෑ... හි හි.... ඒත් පස්සෙ කැච් මී ඉෆ් යූ කැන් බලද්දි මනුස්සයගෙ රඟපෑම් ගැන ආසාවක් ඇති උනා... 

Congratulations to Leo DiCaprio for finally winning an Oscar... 

------------------------------------------------------------

මං මේ ඇත්තටම කියන්නෙ.... 

මා‌ෙවල් යුනිවර්ස් එකට හරි වෙලා ඉන්න එක සැපයි මේ රටේ ඉන්නවට වඩා.... ඒකෙ ඉන්න එවුන් අඩු ගානෙ බිල්ඩිං කුඩු කර කර හරි , ඒලියන්ලා එක්ක ෆයිට් කර කර හරි යුක්තිය සාධාරණේට වැඩ කරනව... දේශපාලුවො හොර වැඩ කළත් සාධාරණේට වැඩ කරන්න සුපර් හීරෝස්ලා ඉන්නව.... 



( මට මේ දවස් වල Loki පිස්සුවක් ගහලා තියෙන්නෙ.. ඒක් හින්ද කොමික් රෙෆරන්ස් එච්චර ගනං ගන්න එපා කියල අවවාදයක් දෙන්න වෙනව.. හි හි) 

Friday, February 26, 2016

හප්පා... මකුළු දැල් ගොඩ....

මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....

දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ...... 

The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files...   ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න... 

අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...)  මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )

පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...




අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජි‌ෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව... 




හෝම් කමිං එකට හදපු එක... 
හොඳ වෙලාවට අම්මයි මායි කල්පනා කරල මේකට කප් කේක් ස්ට්‍රක්චර් එකකුත් හැදුවෙ... කපල් එක පැය ගානක් පරක්කු වෙලා හෝල් එකට එනකොට මේ ස්ට්‍රක්චර් එකෙන් බාගයක් විතර පොඩි උන් ටික ඉවර කරල තිබුන.... හි හි