Sunday, March 27, 2016

නෙළුම් යායෙන් අංශබාගෙට බෙහෙතක් ලැබුනු වගයි.... බලමු ලෙඩේ හොඳ වෙයිද කියල... හි හි


සම්මාන කතාවක් තියෙනව අහම්බෙන් වගේ දැක්ක නිසා, පස්සෙ ඇවිත් සම්මාන හම්බුවෙන කට්ටියට සුබ පතන්නං කියල පෝස්ට් එකක් දාලා ඊට පස්සෙ බ්ලොගර් පැත්ත පලාතෙ ගියෙ නැති හින්ද අන්තිම මොහොත වෙනකං වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ මං.. පහුගිය කාලෙ බ්ලොග් එකත් ලිව්වෙ අංශබාගෙ හැදිලා වගේනෙ... ඕකට පැහැදිලිවම වගකියන්න ඕනෙ ෆොන් එක... වෙනදට ගෙදර එන්නෙ කම්පියුටරේ ඔන් කරල මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර බලන්න.. දැං ඔක්කොම හදිසි වැඩ ටික ෆොන් එකෙන් බැලෙන නිසා ( දවලට අම්මටත් ඔය බ්ලොග් ටිකෙ පෙන්නන්න පුළුවන් පෝස්ට් ඔක්කොම හබ්ද නඟා කියවීම කරන නිසා ) ගෙදර ආවාම කරන්නෙ කලින් දවසේ ටීවී සීරීස් ටික බාගෙන බලන එක... ඉතිං බ්ලොග් කියවිල්ල අන්තිමටම අඩු වෙලා ගිහින්... 

ඔය අතරේ කවුද කොහොමද මන්ද මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හොයාගෙන ගෲප් මැසේජ් එකක් දාලා තියෙනව දැක්කෙ දවස් දෙකක් තුනක් තියල... ගිහින් බැලුව මෙන්න මගේ වෙඩිං කතා පෝස්ට් එකත් එතන තියනව... යන්න හෝ නොයන්න තියෙන දවස බැලුවම සොරි ඩොට් කොම් වෙන බව තේරුනා... වීක් එන්ඩ් එක... සෙනසුරාදා... අනිත් අයට නිවාඩු පාඩු දවස් කියන්නෙ කේක් හදන අපිට වැඩ වැඩි දවස්... උත්සව කාල කියන්නෙත් අපිට හොඳටම වැඩ වැඩි කාල.. අවුරුදු, අලුත් අවුරුදු කියන්නෙ පිස්සු හැදෙන කාල... ඒව ඉතිං එහෙම තමයි... ඔය අවුරුද්දට අපි කඩේ වහන දවස අහන අයට එහෙම මම දෙන උත්තරේ තමයි අනේ ඉතිං අපි අවුරුද්දට කඩේ වැහුවොත් අපිට ගෙදරත් ඉන්න හම්බුවෙන්නෙ නෑ කියන එක... 

කොහොමහරි අම්මට පොඩ්ඩක් විස්තරේ කියල යන්න පර්මිෂන් හදා ගත්ත කියමුකො.. ඊළඟට අනිත් එක... 

පෙරුම් පුරලා පෙරුම් පුරල මේ දවස් වල අපේ ගේ හදන්න පටන් අරං තියෙන්නෙ... මේ දවස් වල ඉන්නෙත් කුකුල් කූඩුවක් වගේ ඇනෙක්ස් එකක් රෙන්ට් එකට අරගෙන... මහ ලොකු සල්ලියක් අතේ තියාගෙන කරන වැඩක් නොවෙන හින්ද අපේ මාමණ්ඩියි නැන්දම්මයි පුළුවන් තරං සල්ලි පරිස්සම් කරගෙන (ලෝබ කමට එහෙම නෙවෙයි, අතේ තියෙන සල්ලි ටිකෙන් කාමරෙකුයි, බාත්රුම් එකයි හරි ඉවර කරගන්න හිතාගෙන ) වැඩ කරනව.. ඒ දෙන්න බාස්ලා වැඩ කරන දවස්වල උදේම බත් එකක් ඔතාගෙන, තේ එකක් බෝතලේට දාගෙන ඉඩමට එනව... මට නං පහුගිය මාස දෙකේම ඒ පැත්තට යන්නවත් හම්බුනේ නෑ... 

කොහොමින් කොහොම රට වටේම හොඳ ගඩොල් හොයලා, අන්තිමට අනුරාධපුරෙන් ගඩොල් ගන්න ලෑස්ති කරගෙන... සිකුරාදා 12 විතර වෙනකම් ෆවුන්ඩේෂන් එකට පස් ඇද්දෙ මායි අපෙ මහත්තයයි... මේ දවස් වල දවල්ට වැඩ කරනවට වඩා රෑට වැඩ කරන එක පහසුයි... ( අපිට කරගන්න පුළුවන් පොඩි පොඩි වැඩ අපි හතර දෙනා එකතු වෙලා කරනව සල්ලි ඉතුරු කරගන්න.) සෙනසුරාදා උදේම පස් ලොරි දෙකක් එනව කියල මං 7 වෙනකොට ඉඩමට ගියාට පස් ටික ආවෙ 11ට... වැඩේට යන්න බැරි වෙන පාටයි කියල, මං ගාව ෆොන් නම්බරේකට තියෙන්නෙ අටම්ගෙ නම්බරේ විතරයි නිසා කෝල් කරල කිව්ව මට මොනා හරි තිබ්බොත් ගන්න කියල... ගඩොල් ටික එනකං 12 වෙනකං බලං ඉදල කෝල් කළාම, තාම ලොරිය ආවෙ නෑ කිව්ව... ඒ කියන්නෙ අද ඒ වැඩේ කෙරෙන්නෙ නෑ කියන එක... ඒ පාර අපි දෙන්න ගෙදර ආව... 

හරි... එහෙනං බස් එකේ මං තනියෙන් හරි යනව කියල නාගන්න ලෑස්ති වෙද්දි මෙන්න වතුර මෝටරේ කැඩිලා.... ඒ අස්සෙ ඉවාන් කෝල් කරල කියනව කොහොම හරි එන්නලු... හි හි.... 

ඒකත් එහෙන් මෙහෙන් ෂේප් කරගෙන එන්න පාර අහගන්නකොට නං මට තේරුනා මං බස් එකේ ගියොත් අනිවා අතරමං වෙනව කියල... අනිත් එක මේ ගිනි ගහන අව්වෙ එළියට බහින එක ඔක්කොටම වඩා අමාරුයි... ඒ පාර ඔන්නොහෙ පෙරලුනා යන්නෙ නෑ කියල... ඒ අර මායම් හැට හතරෙන් මං ප්‍රගුණම කරල තියෙන එක.. “ හා හා... ලෑස්ති වෙනව මං ගිහින් දාන්නං ... හැබැයි 5 වෙනකොට එන්න ඕනෙ .. කියල, අනේ ඉතිං කවදත් වගේ අපේ මහත්තය ඔය ගැටේට අහු උනා... හි හි

ඉවාන්ගෙන් පාර අහගෙන ඔන්න ඔහොම මාත් නෙළුම් යායට ආවා... 

අඳුරගන්න පුළුවන් උනේ ඉතිං ෆේස්බුක් එකේ එහෙම දැකල තියෙන කට්ටියව විතරයි... මාතලන්, බස්සියි බස්සයි, අටම්, නුවන්, දිනේෂ් කට්ටිය එළියෙදිම හම්බුනා... 

බොරු කියන්නෙ මොකටද... සම්මාන දෙන ඒව අහගෙන ඉන්නවට වඩා කළේ කට්ටිය එක්ක කියෝ කියෝ හිටපු එක... හි හි... ඒක නිසා අර පළවෙනි ස්ථානෙට දෙන සම්මානෙට කියපු හැදින්වීම කියාගෙන යද්දි මං හිතුවෙම වෙන මොකක් හරි කියල... ගෘහස්ථ කාරණා පළවෙනි ස්ථානෙ කියල මගේ නම කියද්දි මට බකස් ගාල හිනා ගියෙ ඒකනෙ... හි හි... අම්මපා හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං ආවෙ නැත්තෙ... ආවා නං උන්දැ ඔය ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාටම මාව අරං යන්න කියල එවෙලෙම ගෙදර යනව... හි හි.... ( බ්ලොග් එකේ මං එයාව පතුරු ගහනව කියල දන්නව උනාට උන්දැ ඕක කියවන්නෙ නෑ නෙ ඉතිං.. හි හි) 


කොහොම හරි ස්ටේජ් එකට නඟිනකොට මං හිටියෙ හිත ඇතුලෙන් උඩ පැන පැන... කට්ටියට තේරෙන්නත් ඇති ඒක.. හි හි... 

මං කොහොමත් එච්චර තරඟකාරී කෙනෙක් නෙවෙයි... ඒකට හේතුව මගේ තියෙන කම්මැලිකම... ඕනෙම දේකදි පස්සට වෙලා බලං ඉන්න එක සහ, කරන්න කෙනෙක් ඇත්තෙම නැත්තං ඒකට ඉදිරිපත් වෙන එක තමයි මගෙ ගතිය.. අනිත් අයගෙ පෙළඹවීමට පොඩි කාලෙ තරඟ වලට ඉදිරිපත් උනත් ඒවට තැනක් නොලැබුනාම පොඩි උදාසීන කමක් මිසක් වෙන අවුලක් මට ඇති උනේ නෑ.. මම විභාග උනත් ඒ තරං හිතට අරගෙන කරල නැ.. ඉතිං ඇත්තටම මට ස්ටේජ් එකකට නැගල තෑගි ගන්න හම්බුවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදි විතරයි... එකක් ඉන්ග්‍රින් එකේදි.. අනිත් එක මේ සම්මාන උළෙලෙදි...  ඉතිං ඇත්තටම ඒක ලොකු සතුටක්... 

ඒක නිසා කට්ටියටම බොහොම ස්තූතියි මේ අවස්ථාව ලබා දීම ගැන.... බ්ලොග් එක ලියන්න පටං ගත්තෙ මගේ බෙස්ට් ෆ්‍රෙඩා හින්ද.. ලියපං මචං උඹට පුළුවන් කිව්වෙ ඌ තමයි මුලින්ම... ඒත් අද මේක ලියාගෙන යන්නෙ අපේ මහත්තය හින්ද... වැඩිපුරම වස්තු බීජ සපයන්නෙත් ඉතිං එයානෙ... හි හි... ඒ උනත් ඇත්තටම මගේ මේ විකාර වැඩ වලට හිනාවෙලා ඔන්නොහෙ ඕනෙ එකක් කරගන්න කියල ඩොංගලේ බිලත් ගෙවල දාන එයා වගේ හබියෙක් නොලැබුනා මටත් බ්ලොග් ලියන්න හම්බුවෙන්නෙ නෑ.. හි හි... 

බ්ලොග් එක මට ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න අවස්ථාව දීලා තියෙනව... ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඉන්නෙ නැතුව ඒවා එළියට දාන්න අවස්ථාව හදල දීලා තියෙනව... මොකද මට යාලුවො ගොඩක් නැති හින්ද... හිටියෙ එකයි දෙන්නයි.. ඒකටත් හේතුව ඉතිං මගේ පිස්සු විකාර කම්මැලිකම තමයි... ඉස්සර යාලුවො එක්ක කියෝ කියෝ හිටපු මම දැං මේ බ්ලොග් එක කියවන ඕගොල්ලො එක්ක කියෝනව... අවුරදු 30 පැනපු ගොඩක් කසාද බැදපු ගෑණුන්ට අහිමි වෙන අවස්ථාවක් තමයි තමන්ගෙ හිතේ තියෙන දේවල් කියාගන්න ක්‍රමයක් නැති වෙන එක.. කියාගන්න කෙනෙක් නැති වෙන එක... ජීවිතේ ඒකාකාරී වෙන එක.. ජීවිතේ එපා වෙන වෙලාවලුත් තියෙනව.. බ්ලොග් එක කියන්නෙ එහෙම අයට එක ක්‍රමයක්.. මොකද මේක ආරෑඪ නාමයකින් උනත් කරගෙන යන්න පුළුවන් නිසා... 

ඒක නිසා කාලෙන් කාලෙට මේක ලිවිල්ල අතෑරැනත්, අංශබාගෙ හැදිල වගේ හරි මේක දිගටම ලියවෙයි.. කාලෙන් කාලෙට මගේ මූඩ් එකත් එක්ක, මගේ ආසාවල් එක්ක මේකත් වෙනස් වෙයි... මට ලියන්න හිතුනොත් මං ලියනව.. නැත්තං අතාරිනව... ගූගල් බ්ලොගර් නොමිලේ දෙනකං මේ ලිවිල්ල කෙරෙයි... කොච්චර එක එක දේවල් ආවාත් මාගල් ලියන්න පුළුවන් මේකෙ හින්ද මේක තමයි මට හරියනම වැඩේ... අනිත් එක මට අතින් ලියන්න ඕනෙ නැති හින්ද... මොකද මගේ අත් අකුරු හකුරු වගේ... හි හි...

මේ පාර නෙළුම් යායෙන් සම්මානය හම්බ උනු අපේ අනිත් සෙට් එකටත් මේ එක්කම මගේ සුබ පැතුමුත් එක්කරනව... කට්ටියටම මට වගේ සන්තෝසෙන් උඩ පනින්න චාන්ස් එකක් හම්බුනානෙ... හැබැයි ඉතිං හවස තේපැන් සංග්‍රහයට කලින් මාරු වෙලා එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුයි... කට්ටියත් එක්ක කතා කරන්න වැඩි වෙලාවක් හම්බුනේ නෑ ඒකෙන්...

ආ... තව චුට්ටෙන් අමතක වෙනව... මං වේලාසනින් පැනල එනකොට වතුර බෝතලයක්වත් දුන්නෙ නෑ කිය කිය දෝස් මුර දීදී හිටපු මාධ්‍ය සෙට් එකටත් තැන්කියු වේවා.... කට්ටිය තේ බීල එහෙම යන්න ඇතිනෙ... ( මම පස්සෙ තමයි දැනගත්තෙ තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරල තිබ්බ කියල... මං ඉතිං මේ වැ‌ෙඩ් ගැන වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නැති හින්ද ඒ වෙලාවෙ මුකුත් කරන්නවත් කියන්න වත් දෙයක් තිබුනෙ නෑ...) 

83 comments:

  1. හිහි ය හම්බෙන් නං කියල හිටියෙ රෝල් වෙවී ඉස්ටේජ් එකට නගිද්දි. කොහෙද අන්තිමට හොයාගන්නත් නෑ. ඔයයි ඔමයි තමයි කතාගරගන්න බැරිව මිස් වුණේ..
    ඔක්කටම වඩා හිහි කියල හිනාවෙන්නෙ කෝමද අඩේ කියල අහන්නං කියලමයි හිටියෙ කියාන්කො. හිහි.

    කතා කොරන්න නොලැබුණාට කණගාටුයි.
    දැං සම්මානෙකුත් තියන එකේ දිගටම ලීව නං..

    ජයෙන් ජයම වේවා..
    කම්මැලි කම් දුරුවේවා..
    ආවඩා ආයු‍බෝවේවා

    :-D:-D :-D :-P

    ReplyDelete
    Replies
    1. මාත් එක්ක කතා කරපු එක්කෙනෙක්ගෙන් අහගන්න.. කියල දෙයි... හි හි....

      ඒක තමා.. බලමු ඒ බේතෙන් වත් ලෙඩේ හොඳ වෙයිද කියල...

      Delete
  2. හිරු අක්ක එක්ක කතා කරන්න හම්බුනේවත් නෑ. සම්මානෙ ගත්ත දැක්කා. ඔක්කොම අකුලන් යනව දැක්ක.එච්චරයි :D.
    සුබ පැතුම!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. යන්න උනානෙ...

      ඔයාටත් සුබ පැතුම්...

      Delete
  3. හද පිරි සුභ පැතුම් නංගි !

    ReplyDelete
    Replies
    1. කට කහන බ්ලොගේට සම්මානයක් හම්බු උන වෙලාවෙත් මට උඩ පැනුනනෙ... හි හි...

      Delete
  4. //අම්මපා හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං ආවෙ නැත්තෙ... ආවා නං උන්දැ ඔය ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාටම මාව අරං යන්න කියල එවෙලෙම ගෙදර යනව... හි හි....// බුදු අම්මෝ.. වෙලාවට ආවේ නැත්තේ.. හි.හි..
    අපි බිසී නිසා කලින් ගිය අයට කතා කරන්න බැරි උනා. ඊයේ නෙලුම්යායට පලවෙනි සම්මානය හම්බ උනේ හිහි ගෙන්..

    ReplyDelete
    Replies
    1. ආ.. අහු උනා ලිව්ව එකා... හිටු මගේ අතට අහු වෙනකං.. හැඳි මිටෙන් ටොක්කක් දෙන්නෙ... හි හි...

      Delete
    2. මං ඒත් කිව්වා ඔය එනම් මනම් ලියන්න එපා කියල හිරු නංගියාට

      Delete
  5. හිරු වා ව දැක්කේ ඉතින් පලවෙනි වතාවට තමයි.
    කලින්ම ගිය නිසා කතා බහ කරන්න නම් චෑන්ස් එක ලැබුනේ නැහැ...

    මොනා වුඅන්ත් ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්...

    -----------------------
    //?කොහොම හරි ස්ටේජ් එකට නඟිනකොට මං හිටියෙ හිත ඇතුලෙන් උඩ පැන පැන//
    --අපෝ අපි දැක්කා හිත ඇතුලෙන් විතරක් නෙමෙයි බන් මුළු ඇගෙන් ම උඩ පැන පැන නේ ආවේ උඹ...

    ReplyDelete
    Replies
    1. උඩ පැනුනා බං.. හි හි... තාම ෆොටෝ එකක් වත් දැක්කෙ නැති හින්ද ගානක් නෑ...

      Delete
  6. සුපැතුම්..... හී හී.....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම පිං මාතා....

      අයියෝ ස්ටේජ් එකේදිත් මට හිනා ගියා අනේ ... හි හි

      Delete
  7. //"ඉන්ට්‍රඩක්ෂන් එක ලියපු එකාට ගෙදර ගෙනියන්න වෙනවා "// හුටා අර අහිංසක .... එක්කෝ ඕන නෑ . පස් ලොරියක් පිටින් දාලා එන්නේ නැතුව ඉන්න හැදුවේ නේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙ පාර කිවිල්ල කොච්චර හොඳයිද කියනව නං අපේ මහත්තයට තේරුනා මට ජීවිතේට ඔය පාර තනියෙන් හොයාගෙන යන්න බෑ කියල.. ඉතිං උන්දැ මාවා එක්කගෙන ආවා... නැත්තං එන්න වෙන්නෙ නෑ තමා... ඒක නිසා මං ඔය වැඩේට ආවෙ තනිකරම ඉවාන්ට පිං සිද්ධ වෙන්න තමා... හි හි

      Delete
  8. // ඉස්සර යාලුවො එක්ක කියෝ කියෝ හිටපු මම දැං මේ බ්ලොග් එක කියවන ඕගොල්ලො එක්ක කියෝනව... අවුරදු 30 පැනපු ගොඩක් කසාද බැදපු ගෑණුන්ට අහිමි වෙන අවස්ථාවක් තමයි තමන්ගෙ හිතේ තියෙන දේවල් කියාගන්න ක්‍රමයක් නැති වෙන එක.. කියාගන්න කෙනෙක් නැති වෙන එක... //

    මේක බොහොම සoවේදී කතාවක්, අපි නොහිතන නොදකින පැත්තක්.

    උඹට ජය, ආයි දිගට ලියහන්.

    ReplyDelete
    Replies
    1. සිංහයව දැක්කම බ්ලොග් ලියන්න පටං ගත්ත කාලෙ මතක් වෙනව...

      පිස්සු නේ.... හි හි

      Delete
  9. කම්මැලියි කිය කිය ඔය මාගලක් වගේ එකක් ලියල තියෙන්නෙ... හැක්!
    මගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කේ!

    ReplyDelete
    Replies
    1. මේව මාගල් වලට අඩුවෙන් ලියන්න මට තේරෙන්නෙ නෑ අනේ... හි හි

      Delete
  10. සුබ පැතුම් මැඩම්.....:)

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ඔයාට සුබ පැතුවා ඔන්න.... මං හක්ක රිදෙනකං කියෝන හින්ද දැං එයත් ඔයාගෙ හොඳ රසිකාවියක්... හි හි

      Delete
  11. සුභ පැතුම්.මට නං ඔයත එක්ක කතා කරන්න බැරි උනා.ලබන පාර හම්බෙමු

    ReplyDelete
    Replies
    1. තැන්කු යු... ගොඩක් අය මිස් උනා පරක්කු වෙලා ආවිල්ල වේලාසන ගිය හින්ද....

      Delete
  12. සුබ පැතුම් නංගියේ..මේ වෙලාවෙ නැති සුබ පැතුම් මක්කටෙයි...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වීයා.... ආයිත් අහල.. හි හි

      Delete
  13. Replies
    1. සී ඩී එක තියෙනව මං ගාව.. තාම ප්ලෙයර් එකක් හොයා ගන්න බැරි උනා... හි හි

      Delete
    2. ලැප් එකෙන් අහන්න පුළුවන්නේ

      Delete
  14. Replies
    1. මම මුලින්ම බිලොග් එකකට කොමන්ටුවක් කෙටුවේ මේ බිලොග් මෙන්න මේ පෝස්ට් එකට කොහේද ඉතින් පලමුවෙනි කොමන්ටුව දැම්ම දවසෙම මගෙත් එක්ක වලියට බර උනානේ. ඊට පස්සේ තමයි මටත් බිලොග් එකක් ලියන්න ආස හිතුනේ.

      සම්මාන උළෙලෙදි Kaushi කියන නම කියවෙනකොට මම දැක්කා අලි පැටියෙක් වගේ නැලවි නැලවි වේදිකාවට සම්ප්‍රාප්ත වෙනවා. සම්මානයට සුභ පැතුම්

      Delete
    2. අපි එහෙමයි.. වලියට නං වලියට.. හි හි....

      දෙයියනේ.. එතන අලි නං කීයක් හිටියද... මං එච්චර මහත නෑ නේ......

      Delete
  15. සුබ පැතුම් හිරු.මම එතන හිටියෙ නැතුවට ඔයා සම්මානය ගන්නව බලාගෙන හිටියෙ.

    ReplyDelete
    Replies
    1. Live feed එකක් තිබ්බ කියල මම දැනගෙන හිටියෙත් නෑ... ඒ නැතත් ඉතිං පිළිවෙලට ඔය වගේ වැඩක් කරන්න ලොකු පුරුද්දක් මට නෑ නේ... හි හි...

      බොහොම ස්තූතියි..

      Delete
  16. මට හිරුට කතා කරන්න බැරි උනානෙ. ලබන පාර හම්බවෙමු.
    ඒ එක්කම සුභ පැතුම්!!!! හිරුව ස්ටේජ් එකේ උඩ පනිද්දි මට මතක් උනේ මගෙ පොඩි එකීව, සතුටු හිතිච්ච ඕනෙ වෙලාවක දෙපාරක් උඩ පනින එක එයාගෙත් පුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය වගේ වෙලාවලදි උඩ පැනිල්ල නවත්තගන්න බෑ අප්ප මට....

      Delete
  17. Replies
    1. තන්ක්ස් අනේ... හි හි

      ආවෙ නැති හොර ගෙඩියා.... ඔයාටත් මගෙන් සුබ පැතුම්...

      Delete
  18. සුබ පැතුම්...!

    ReplyDelete
  19. සුබ පැතුම් !!
    කරගෙන යන ගෙවල් හැදීමේ වැඩෙත් ඉක්මනින් සාර්ථකවෙන්න කියල පතනව.

    ඔයයි මහත්තයයි වගේ අපි පස් අදින්න ගියානං කෙලවෙනව. අත්තිවාරම ගොඩ කරන්න පස් කියුබ් 400 ක් විතර. හැක්..

    ReplyDelete
    Replies
    1. හිරුව පස් ගොඩ උඩ දෙපාරයිලු ඇවිද්දෙ අඩිය අගලට තැලුනලු.. බාස කිව්වලු වැරදිලාවත් අත්තිවාරම උඩට නං නගින්නෙපා කියල. ඕ යේස්

      Delete
    2. අපෙත් එහෙම තමයි ප්‍රසා අයියෙ.. මේ වෙනකොට පස් කියුබ් 45ක් විතර දාලා තියනව.. සල්ලි දීලා කරන්න ගියානං 50000ක් විතර ගිහිල්ල... එහෙම විසි කරන්න තරං සල්ලි අතේ තියාගෙන කරන වැඩක් නෙවෙයි මේක...

      බෑ බං... තව ටිකක් බර වැඩි කරගන්න වෙනව ඒකට... හි හි...

      Delete
    3. මගෙනුත් ගෙයි වැඩේට සුභ පැතුම්.

      Delete
  20. සුබ පැතුම්... දැන්වත් දිගටම ලියන්නකො අප්පා..

    ReplyDelete
  21. ලැබුනාවූ සම්මානයට, උණුසුම් සුබපැතුම් හිරූ.. !!

    දැන් අංශබාගෙ හොඳනෙ, ඔය පිම්මෙම ඇදගෙන යමු නවත්වන්නැතුව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙන්න...

      තව තෙරපි කරන්න වෙනව.. බේත විතරක් මදිනේ... හි හි

      Delete
  22. සුභ පැතුම් හිරූ..දිගටම ලියන්න අංශබාගේ හොඳවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රූ ... බලමුකෝ... නේද...

      Delete
  23. අපුච්චේ......මාත් දැක්කා ඔය ඇත්තී බොහොම කඩි කුලප්පුවෙන් එහාට මෙහාට ගියහැටි. මක්කැයි අච්චරම පස්සේ ආසනේකට ගියේ. අහල පහලක හිටියනම් වචනයක් හරි කතා කොරන්න තිබුනා.

    හෙහ් හෙහ්, එහෙම කිව්වට මමත් කලින් පැන්නා.

    ReplyDelete
    Replies
    1. විචාව දැක්කෙත් පස්සෙනෙ.. පුටුවෙ එරිලද කොහෙද හිටිය... හි හි...
      විචාරකටත් සුබ පැතුම්.. අපි දෙන්නටම හම්බුනෙ හීනෙන්වත් නොහිතපු කැටගරි වලට නේ... හි හි...

      Delete
  24. සම්මානෙට සුභ පැතුම් වේවා!
    ආපෝ ගෙවල් හැදිල්ල නම් මතක් කරන්න එපා. අපිත් 2008 ඉඳන් 2014 වෙනකල් කට්ට කෑවා. ඇත්තටම තාම කනවා. මට නම් ගෙවල් හැදිල්ල එපාම උනා. හදිසියේ මට නම් ගෙයක් හදන්න උනොත් මම නම් කරන්නේ කටු මැටි වලින් ගෙයක් හදන එක කිසි සැකයක් නෑ ඒකෙ. ඇයි යකෝ..
    බ්ලොග් එක ලියන එක හොඳයි. මේ බ්ලොග් එක, පොඩි කුමාරිහාමි, මාරයා එහෙම නැත්තම් මමත් බ්ලොග් එක ලියන්නේ නෑ. 2013 මට මතකනේ කට්ටිය මම සිංග්ලිෂ් වලින් දාන කමෙන්ට් හිටං ඉවසා වදාරලා හිටියා.. :D

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ කොල්ලෝ... හි හි

      Delete
  25. සුබ පැතුම් හිරුවෝ ! දැන් ඉතින් කම්මැලි නැතිව ලියන්න. අර හි හි එක පෙන්න නැතිකොට හරි පාලුයි

    ReplyDelete
    Replies
    1. හි හි... බොහොම ස්තූතියි....

      Delete
  26. සුභ පැතුම් කෞෂියෝ... හි හි... දැන් දන්නවා... මේ ඇගයීම කරුණාබර, ආදරණීය හදවතට ! admire your good qualities ..you have a golden heart !

    ReplyDelete
    Replies
    1. ඒක දැං මගේ සිග්නේචර් එක වගේ වෙල.. හි හි...

      Delete
  27. අපිට එන්න බැරි උනාට සහභාගී වෙන්න ලැබුන උදවියගේ සතුටු කතා ඇහෙනකොට අපිටත් ඉතින් බොක්කෙන්ම සන්තෝසයි.. මෙවන් සත්කාරයක් කළාවූ පුරෝගාමීන්ට තව තවත් මෙවන් සත්කාරයක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු අපි..

    ReplyDelete
    Replies
    1. මාත් අන්තිම මොහොතෙ තමයි ගියෙ... මට තියෙන අවුල මේ මල අව්වෙ බස් වල යන එක තිත්ත වෙලා තියෙන එක... අනිත් එක බස් මාරු කර කර ගියා නං ඔය තැනට එන්න මට පැය දෙක තුනක් යනව... පැය බාගෙන් බයික් එකේ ආවෙ...

      Delete
  28. බොහොම සතුටුයි හිරු... උඹලට නම් අංශ බාගෙ... අපිට අංශ පූර්ණෙ.... සම්මානයක් ගත්ත කියන්නේ දැන් ඉතිං ලියන්න වෙනවා...

    ReplyDelete
  29. සුභපතනවා හිරුස්...

    අපේ ගේ හදද්දිත්, මායි ඩ්‍රැකියානියි හරි හරියට වැඩකලා නයිට්. රෑ තිස්සෙ වැඩකරල උදේට නාගෙන වැඩටත් ගියා. හෆූ කාපු කට්ටක්... ඒ උනාට දැං අපි සෝයි එකට ජීවත් වෙන්නෙ එහෙම හදාගත්ත ගෙදරනෙ ඉතිං.

    ReplyDelete
    Replies
    1. මම නං පොඩ්ඩක් අයිස් ගහනව... හි හි.. ඒ උනාට අපිටත් එහෙමම තමයි ගේ හදා ගන්න වෙන්නෙ...

      Delete
  30. සුබ පැතුම් හිරු.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ බින්දි...

      Delete
  31. මගේ ඩෙනිමෙන් හිරු නැති හෝරාවට සුණ පැතුම්.

    හපෝයි බං අකුරුවල කැත! :D

    ReplyDelete
    Replies
    1. හි හි ... දැං තේරෙනවනෙ මගේ අකුරු ගැන කලින් ලියපු පෝස්ට් බොරු නෙවෙයි කියල....

      ඔයාටත් සුබ පැතුම් ඩූඩ්...

      Delete
  32. ඔහේ පලයන්... හිරුට සමානයක් හම්බ වෙලාද?
    ඔහේ අන්තිම කාලේ ලිව්වැයි. මට නම් කිසිම අප්ඩේට් එකක් ආවේ නෑ නේව. මම දැනුත් බැලුවා අප්ඩේට් වෙන්නේ නෑ. RSS feeds මරු කලා හෙමද?
    (අඹගහයට ) ඒක පොඩ්ඩක් බලන්නකෝ.
    සුභ පැතුම් හිරු.

    ReplyDelete
    Replies
    1. ඔවුනෙ .. හි හි ...

      ලිව්වෙ ආවරෙට පොල් හැලෙන්න වගෙ... මුකුත් වෙනස් කලේ නෑ බූරු...

      Delete
  33. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3500-2016-04-02-23-13-03

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තෑන්ක්ස් අජිත්..

      මුල ඉඳලම මං විරුද්ධ උන, මුළු පෝස්ට් එකම උස්සන් ගිහින් වෙබ් එකේ පළ කරන එක තාමත් කරනව නේද.. පෝස්ට් එකම දාන්නෙ නැතුව මුල කොටස හෝ, එතනට වැදගත් වෙන කොටස හෝ උපුටා දක්වල, ඊට පස්සෙ ඔරිජිනල් පෝස්ට් එකට ලින්ක් එක දෙනව නං හොඳයි.. මුළු පෝස්ට් එකම එතන තියෙද්දි ආයිත් මෙතන ඇවිල්ල කියවන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනේ අජිත්..

      ලින්ක් එක ඔන්න ඔතන්ට දාලා, මුල ‘‘ කොමාව වහන්න. මෙතනට ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ජේදය හරි දාන්න

      Delete
    3. ඒක වැරදුනා.. මෙන්න මෙතන බලන්න...

      <a href="https://picasaweb.google.com/117141416879734392445/ysfPoB#6269183659729070530> ලින්ක් දාන හැටි </a>

      Delete
    4. හරි ගියා වගේ... නැත්තං ඔය උඩ තියෙන ලින්ක් එකේ

      ">ලින්ක් දාන හැටි ( උඩ කොමාව වහන්න) එතකොට හරි..

      Delete
    5. අයියෝ ඔයා කොක්කක් නේ. අනේ ළමයෝ මට එහෙම දාන්න පුළුවන්. මම දන්නවා දාන විධිහ. ලෙක්චර්ස් අවශ්‍ය නැහැ. මට කම්මැලියි ඕව කරන්න. ලේසියට කෙලින්ම ඔක්කොම කොපි කරලා ලින්ක් එක දානවා. මට ඇත්තටම වෙලාවක් නැහැ සුකුරුත්තම් කරන්න. ඒකයි මෙතන ප්‍රශ්නේ.

      Delete
    6. අනිත් වැදගත්ම පොයින්ට් එක මේකේ. අපි හැම වෙලෙමේ ලින්ක් එක දානවා. ඔයාට ඕනේ නම් කව්ෂි අරියබන්දු කියලත් ලියන්න පුළුවන්. අපි දැකපු දෙයක් තමයි නෙලුම් යයෙන් කියවන හැම කෙනෙක්ම නොවුනත් හුඟක් අය බ්ලොග් අඩවියට එන බව. බොරු නම් අර මාතලන් මම හෙම දාල තියෙන ඇප් එක දාගන්න. නැත්නම් ගූගල් අනලයිසිස් බලන්න. ඔයාට පෙනෙයි නෙලුම් යයෙන් ෆීඩ් එකක් තියෙනේ බව. කොහොමත් ඔය වැඩේ කරන්න බලන්නම්.වෙලා තියෙනේ විධිහට තමයි හැබැයි.

      Delete
  34. කවුද මේ.. යාන්තමට මතකයි මතකයි වගේ..

    ReplyDelete