Thursday, October 11, 2012

අපේ අම්මගේ තියරි සහ මගේ සොයා ගැනීම්......

මේක ලියන්න හිතුනේ කලින් දාපු පෝස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කීපයක් නිසා.... අලුතින් අත ගහපු වැඩකුත් තියෙන නිසා ලිය ලිය ඉන්නවට වඩා වැඩ තියෙනවා නේද කියලා මගේ ඔලුව සැරින් සැරේ මට මතක් කරලා දෙන නිසා, ලියනවද කියලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ ඕනෙ කෙහෙල්මලක් කියලා ලියන්න ගත්තා....

අපේ අම්මා කේක් ෂෝප් එකක් පවත්වගෙන යනවා කියලා මම කලින් කියලා තියෙනවානේ... ඕකේ වැඩ කිරිල්ල හරි ආමාරුයි...මොකද කිව්වොත් සිල්ලර කඩයක් කරනකොට ව‌ෙග් ලොරියෙන් බඩු ටික අරගෙන කඩේ රාක්ක වල අහුරලා විකුණන එක නෙවෙයි නේ කෙරෙන්නේ... ඔක්කොම දේවල් අපිම හදන්න ඕනේ.. කේක්, අයිසින්, මල්, ඒ අස්සට පෙට්ටි..... එතකොට වෙඩින් කේක් ස්ට්‍රක්චර් වල වැඩ... පොල් කේක්...ජෙලටින් වැඩ... හපොයි...හිටපු ගමන් මහන්නත් වෙනවා... ඒ අස්සට ඕඩර් ගන්න, එදිනෙදා කේක් විකුණන්න, බැංකුවලට වෙලාවට ණය ගෙවන්න, ස්ටොක් තියා ගන්න.. එතකොට වෙඩ්න් කේක් ස්ට්‍රක්චර් හෝටෙල් වලට ගෙනිහින් සෙට් කරන එක... ඔය හැම දෙයක්ම කලේ අපේ ගෙදර හතර දෙනා තමයි.... මම ඔය වැඩේ එපා වෙනකම් ඇද්දට පස්සේ තමයි අම්මගේ කේක් ව්‍යාපාරය මල්ලිටම කරගෙන යනවනං කරපං කියලා පැත්තකට උනේ.. හි හි... මට මතකයි එක පාරක් එතකොට ට්‍රාන්ස් ඒෂියා හොටෙල් එකේ (දැං නම වෙනස්) තිබ්බ වෙඩින් එකකට අම්මයි මායි තාත්තයි තුන් දෙනා කේක් එක අරං... ..ගිහින් සෙට් කරනකම් නම ගිය මල් සැරසුම් ආයතනයකින් ඇවිත් හිටිය කීප දෙනා වැඩ ඉවර කරලා පැත්තකට වෙලා බලං හිටියා... පස්සේ මනමාලිගේ අක්කා අපිට ගොඩක් ස්තූති කලා.. ඒ වගේම කිව්ව දෙයක් තමයි... “ ඔයාලා තුන් දෙනා වැඩ කරන කොට අපි ඔක්කොම පැත්තකට වෙලා බලං හිටියේ අම්මයි තාත්තයි දුවයි මේ වගේ වැඩක් කරනකොට තියන ලස්සන බලාගෙන..“ කියලා...

හරි හරි.. ඒ කතාව නෙවෙයි කියන්න ගියේ....චූටි පහේ නයෙකුත් රිංගුවද කොහෙද අස්සෙන්..හි හි

ඉතිං මම කාලයක් උදෙන්ම ගිහින් කඩේ අරින්න සෙට් උනා... අපේ ෂොප් එකේ තියෙන්නේ අපිම හදන කෑම ජාති විතරයි... කේක්, මාෂ්මෙලොස්, රැලං,කිරිටොපි වගේ ඒවා සහ හිටපු ගමන් පොඩි පොඩි විශේෂ දේවලුත් දානවා... අල ටොපි, අර ටොපි මේ ටොපි එක්ක එක එක ජාතියේ කේක් ජාතිත් දානවා.. හැබැයි දිනපතා හදන ජාති තමයි බටර් කේක්, චොක්ලට් ‌කේක්, කොෆි ‌කේක් සහ පොල් කේක්.... අම්මා ඔය ඔක්කොම ජාති හදන්නේ ගෙදර ඉඳන් නිසා මම ඇවිල්ලා පැය දෙක තුනක් ගියාම තමයි අම්මා එන්නේ.. සමහර දවසට මම දවසම තනියෙන්.. හි හි...

ඔන්න අපේ අම්මා හිටපු ගමන් මෙහෙම කතාවක් කියනවා ඒ කාලේ....

“ අර ........ ගෑණු කෙනා උදෙන්ම ආපු දවසට එයාට අලුත් කේක් එකක් කපලා දෙනවා නම් පොඩි පෙත්තක් කපලා මුලින්ම අයින් කරන්න .....“

“ ඒ මොකෝ අම්මේ... පෙත්තක් කැපුවොත් අඩු වෙනවානේ.....“

දැං ඔය මම කියපු එක ඔයාලට තේරෙන්නත් නැතුව ඇතිනේ... මෙහෙමයි... අපේ අවන් වලට දාන තැටියකට බටර් කේක් කිලෝ 4ක් අල්ලනවා... නමුත් කඩේට එන අය අරන් යන්නේ 500, කිලෝ 1 වගේ තමයි... එතකොට අපි කේක් එක කපලා කිරලා තමයි දෙන්නේ.. ඕක ඉතිං තිතට, නූලට කැපෙනවා හරි අඩුයි.. ඒක බඩු ගන්න අයත් දන්නවා... ඒක එච්චර ගානක් නෑ.. මොකද බරටනේ ගාන හැදෙන්නේ... ටිකක් අඩු වැඩි උනාට පුරස්නයක් නෑ...

දැං මං අම්මට එහෙම කිව්වේ පෙත්තක් කැපුවොත් කිලෝ 2කින්ම ග්‍රෑම් ගානක් අඩු වෙන නිසා... ඒක ඉතිං හොඳ නෑ නේ....

අම්මා දුන්න උත්තරේ තමයි මේක.....

“ ඔය මනුස්සයා මුලින්ම ක‌ෙඩ්ට ආපු දවසට අලුත්ම කේක් එකක් කපලා දුන්නොත් ඒ කේක් එක විකිණෙන්නේ නෑ....“

ඈ.... ඒ මොන කුණුහරැපයක් ද..... මං හොල්මන් උනා...

“ පිස්සු කතා කියන්න එපා අම්මේ.... එහෙම වෙන්නේ කොහොමද... “

“ ඔයා බලන්නකෝ... ආවාම ඔක්‌කෝම කේක් ටික අතගාලා ගනං අහලා තව මොන හරි බයිලාවකුත් ගහලා අන්තිමට බටර් කේක් 250ක් හරි කප් කේක් 2ක් හරි අරං යන්නේ..... ඒක නම් කමක් නෑ.... ඒ උනාට මෙයා‌ෙග් කටවහ තියෙනවා.... “

අපේ අම්මට නම් පිස්සු තමා.... මං ඔ‌ෙහාම හිතලා කඩේට ගියා ...... ඔය ඇස්වහ කටවහ කතා මම නම් සත පහකට ගනන් ගන්නේ නෑ....

ඉතිං දවසක් වැඩ ඉවර වෙලා මම ගනන් බලනකොට වෙනදට වඩා කලෙක්ෂන් එක අඩුයි... එදා ටිකක් බිස්නස් තියෙන දවසක්... ම්ම්ම්... පොල දවසට එහෙම කට්ටිය එනවා වැඩියි... එහෙම තමා අපි අල්ලන් ඉන්නේ මේ වෙනකොට... සෙනඟ අඩුම දවසට තමයි කඩේ වහන්නෙත්... ( ඉස්සර නම් හැමදාම ඇරලා... ඕඩර් තියෙනවා නම් අරින්නම එපැයි.... අපේ අම්මත් එක්ක බෑ අප්පා ඒ දවස්වල...)

ඉතිං දැං අම්මා ඇවිත් කේක් ටික බලලා ......

ආ ඒ කතාවත් කියන්න එපැයි.... අපි හදන කේක් වලට කල් තියා ගන්න දාන ජාති මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් කල් තියා ගන්න බෑ... වැඩිම උනොත් සතියක් තියා ගත්තෑකි... ඒත් කඩේ තියෙන්නේ දවසක් නැත්තම් දෙකක් විතරයි...අද හදපු කේක් හෙට වෙනකොට විකිණිලා ඉවරයි.... දවස් දෙකකට වැඩිය තියාගන්න ඕනේ වෙන්නෙම නැති තරම්.. ඒත් එහෙම බැරි වෙලා හරි ඉතුරු උනොත් ඒවා අයින් කරන්න වෙනවා... මොනවා උනත් පරණ කේක් නම් දෙන්‌ෙන් නෑ අම්මා... අපේ කඩේ වටේට ඉන්න බලු රාළලා ටික අපේ අම්මට හරි ආදරෙයි ඉතිං.. මොකද අපිට උනත් එච්චර කේක් කෑමේ ආසාවක් තිබුනේ නෑ. උදේ ඉදලම කේක් ගොඩේ ඉඳලා... ඉතුරු වෙච්ච කේක් නැත්තම් අලුත් කේක් කෑල්ලක් හරි දෙනවා ඉතිං අම්මා හැමදාම කට්ටියට.... හි හි... අපේ ගෙදර ඉන්න වලව්වේ හාමුත් කේක් වලට පෙරේතයි....

ආයිත් පැන්නා.....

ඉතිං අම්මා ඇවිත් කේක් ටික බලලා මගෙන් ඇහුවෙ නැතැයි “ අද උදෙන්ම කඩේට ආවේ කවුද...‘ කියලා...

දැං ඉතිං කෙලියනේ තාප්පෙට.... මට තියෙන එක ලෙඩක් තමයි හැමෝගෙම මූණ මතක තිබුනට කාගේ කවුද, නම් ගම් වගේ දේවල් අමතක වෙන එක.... මම ගොඩක් වෙලාවට කරන්නේ අඳුරගත්තා වගේ ඇක්ට් කරලා පස්සේ අම්මාගෙන් අහන එක ... “ කවුද අම්මේ ඒ....? කියලා... එතකොට ඉතිං අම්මා බැන බැන විස්තර කරනවා.. ඊළඟ දවසේ මට ආයිත් අමතකයි...... හි හි

දැං ඉතිං උ‌ෙද්ම කඩේට ආපු කෙනා මතක උනත් කාගේ කවුද කියලා මම කියන්නේ කො‌ෙහාමද....?

ඉතිං මං විස්තර කරනවා..... “ අර අම්මේ මහත ඇන්ට් කෙනෙක් ඉන්නේ අර බතික් වගේ බාච්චු ගවුමක් ඇඳගෙන එන.... අර හැමදාම මොනාවා හරි විකාරයක් කියාගෙන එන්නේ... මහ ඇණයක් වෙන්නේ වෙලාවකට.... අර අනේ මේ ඉස්සරහා පාරේ ඉන්නේ.....මට මතක නෑ අප්පා කවුද කියලා.... අර හැමතිස්සෙම එන්නේ “

ඔ‌ෙහාම ඔහොම මම විස්තර කරනවා..... ඔන්න අම්මට මීටර් වෙන්නේ ටික වෙලාවකට පස්‌ෙස් තමා....

“ අර ...... ගෑණු එක්කෙනාද....“

“ ආන්න හරි... මට නම මතක නැතුව හිටියේ.....“

“ මම කිව්වා නේද එයා ආවොත් කේක් එක කපනවා නම් ටිකක් අයින් කරන්න කියලා .... කලාද...“

මලා....... මට මතක නැති උනානේ.. අනිත් එක මනුස්සයා මතක නැති එකේ මම කවුද කියලා දන්නේ නැනේ ආවත්.......

එදා අම්මගෙන් කන පැලෙන්න අහ ගත්තා... අම්මා කිව්වා වගේම ඒ කේක් කිලෝ4 න් 2යි විකිණුනේ... බල්ලන්ට රජ මඟුල්.....

එදයින් පස්සේ මම නිකම් ටෙස්ට් කරන්න වගේ ඕක මතක තියාගෙන බැලුවා .... හැබෑට මේ මනුස්සයා ආපු දවසට බිස්නස් අඩුයි...

ටික දවසකට පස්සෙ තමයි මට ‌තේරුනේ ඇයි අම්ම මේ වගේ කිව්වේ කියලා...

මේ මනුස්සයා කතා කරනකොට කතා කරන්නේ පණ දෙන්න වගේ...

“ අනේ රංජනී.... ඔයා දන් නෑ අනේ.... ඔයාගේ කේක් කන්න අපේ පුතයි මහත්තයයි හරිම කැමතියි අප්පා.. අපිට පුළුවනෑ මේවා හදන්න වියදම් කරන්න... අරං යන එක ලාබයි....“

ඔ‌ෙහාම කියලා පැය බාගයක් විතර කියෝ කියෝ ඉඳලා කේක් 250ක් අරං යනවා... අර ටික කියන්නේ හිතේ හොඳක් තියාගෙන නෙවෙයි... මූනිඡ්චාවට කතා කරනවා කියන්නේ.. අන්න එහෙම... හිත යටින් තියෙන්නේ තරහක්....

අපිට කේක් හදන්න බෑ‌ෙන්... අපි හැදුවම කවුරුවත් මෙහෙම වර්ණනා කරන්නේ නෑ නේ... අපිට කොහෙන්ද මේවා හදන්න සල්ලි...

ඔය වගේ ‌දේවල් හිතේ හංගගෙන උඩින් බොරැවට කතා කරනවා.... එහෙම කියන කෙනෙක් අපිට හොදක් හිතනවා කියලා හිතන්න බැරි නිසා අම්මට එහෙම හිතනෙවා ඇති කියලා මට හිතුනා...

ඒකට හේතුව තමන් ගැන තියෙන හීන මානය... ඕක ඕනෙ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අමාරු කාලවලදි වගේ.... ඒත් සමහරු ඉන්නවා ජීවිත කාලෙම අනුන් ගැන ඉහලින් හිතලා තමන් පහත් කරගෙන හිතා ගෙන ඉන්න.... ඒ ව‌ෙග්ම අනුන්ට ඊරිසියා කරන.... ඒ වගේ කෙනෙක් ගේ වචන වල තියෙන නෙගටිවිටි එක ( Negativity) අපිට බලපානවා ඇති... හරියට පිරිත් වල තියෙන පොසිටිවිටි ( Positivity) එක අපිට බලපානවා වගේ.... ඔන්න ඔ‌ෙහාමයි මම ඒ කතාව තේරුම් ගත්තේ..

ඒ වගේම ඉතිං අම්මා කියපු විදියටම වැඩෙත් ඇත්ත උනා‌ෙන්.... හි හි....

කට්ටියම කියමුකෝ බලන්න මගේ අදහස ගැන ඔයාලගේ අදහසුත්....

ඔන්න... මේ තියෙන්නේ අර කිව්ව ට්‍රාන්ස් ඒෂියා එකේ වෙඩ්න් එකට හදපු කේක් එක.... මට මතක විදියට මේ කාලෙදි අපිට ලොකුවට වැඩ කරන මැෂින් එහෙම තිබුනේ නෑ.. මට මේ කේක් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය තාමත් මතක මේකට අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක් සහ අයිසින් කොළ, ගෙඩි සහ පුංචි මල් (ෆොගෙට් මී නොට් වගේ) ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් හදපු නිසා.... ඒ ඔක්කොම හැදුවේ අපි කට්ටිය.. අපේ අම්මා , ආච්චි, මල්ලි, නංගි සහ මම.....

81 comments:

  1. ස්ටෘක්චර් එක හරිම ලස්සනය් හිරු

    ReplyDelete
  2. හරිම ලස්සනයි. ඇත්තම ඇත්ත. ඔය ෂොප් එක තියෙන්නේ කොහෙද කියන්ටකෝ. ඇවිත් කේක් කෑල්ලක් කාලා යන්ට. කේක් කිලෝ දහයක් විතර අරගෙන යන්නම් නෑයන්ට බෙදන්ට.

    අර ඔයාලගේ වලව්වේ හාමු බලාගන්ට විදියක් නැද්ද? :)))

    ReplyDelete
    Replies
    1. ෂොප් එක තියෙන්නේ පාදුක්කේ පොඩ්ඩි.... ගොඩක් අය එහෙම තමයි කරන්‌ෙන් පොඩ්ඩි... ගමේ යනකොට කිලෝ 10 ක් විතර අරන් යනවා පරම්පරාවටම බෙදන්න කියලා....

      මෙන්න ඉන්නවා මගේ බුලට් එක

      Delete
  3. අක්කේ අන්තිමට තියන කේක් එක ලස්සනට හදලා තියනවා.. කේක් හදනවා කියන එකත් එක්තරා කලාවක් නැද්ද මන් අහන්නේ

    නියම ලිපියක්..

    ReplyDelete
    Replies
    1. කාලාවක් කියන්නේ බෙල්ල කැඩෙන කලාවක් මලයෝ..... අපේ අම්මටම තමා හරියන්‌නේ... හි හි.....

      Delete
  4. ඇස්වහ කට වහ ගැන නම් තාම විස්වාසයක් නෑ...

    ට්‍රන්ස් එශියා එකට ගෙනියපු කේක් එක මරු...

    මේ කඩේ නම තියෙන තැන කිව්වොත් නාකද.. අපිටත් හිරු කේක් කෑල්ලක් කාල යන්න

    ReplyDelete
    Replies
    1. කේක් කඩේ නම හිරු කේක් නෙවෙයි.. රංජනී කේක්... හි හි.. පාදුක්කේ තියෙන්නේ...... ලොකු සිරි පියරතනේ ඉස්සරහා...

      Ranjani Kariyawasam
      Home made magical cakes
      Tel 0094115611760
      යනවා නම් කෝල් එකක් දීලා ඕඩරයක් දාගෙනම යන්න.. හි හි.. නැත්තම් මට මේල් එකක් එවන්නකෝ....

      කඩ කරන අය නම් ඕවා විශ්වාස කරනවා මීයෝ... මම නම් තාම ඒ හැටි විශ්වාසයක් නෑ.... නමුත් නෑම කියලා කියන්නෙත් නෑ....

      Delete
  5. ඇස්වහක් කටවහක් නෑ කේක් කැල්ලක කන්න එනවා එනවාමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මීයට කිව්වා තැන.. යන්න යන්න.. ගිහින් සල්ලි දීලා කේක් කාලා එන්න.. මාව විකුණන්නේ නැතුව.... හි හි

      Delete
  6. කේක් එක නම් නියමයි. මමත් පොඩි කොම්පියුටර් ෂොප් කෑල්ලක් කරන හින්ද මහ ලොකුවට නැතත් ටිකක් විතර ඇස්වහ කටවහ විශ්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ඔය කඩේ පටන් ගත්තට පස්සේ තාම ඔ‌හොම කියන්න ගත්තේ.. හි හි

      Delete
  7. එහෙනම් බල්ලොන්ටත් කේක් දෙන පවුලක් ඈ.. අනේ ඒ පැත්තේ බල්ලෙක් වත් වෙලා ඉපදුනා නම්..

    ReplyDelete
    Replies
    1. පරණ කේක් කන්න ඔච්චර ආසදෑ මාතලන්... අපේ ගෙවල් පැත්තේ බල්ලෝ විතරක් නෙවෙයි මුගටි, පූසෝ සහ මයිනොත් කන්නේ කේක්.. හි හි.. හිටපු ගමන් ලේන්නුත් එනවා....

      ඒ ඉස්සර.. දැන් නම් නෑද කොහෙද.. ඔය ඉතුරු වෙච්ච කේක් කෑල්ලක් තමයි බල්ලන්ට හම්බුවෙන්නෙත්....

      Delete
  8. හනේ මන්දා... එහෙම දේවලුත් ඇති නේද... අපිනම් කේන්දරවත් විශ්වාස කරන්නේ නෑ අප්පා... ඒක පුරුදුම වෙලා...

    හදලා තියෙන කේක් එක නම් මාර ලස්සණයි... හදන්ට සහභාගී වුණ ඔක්කොටම කියන්ටකෝ කේක් එක අගය කරා කියලා...

    ReplyDelete
    Replies
    1. මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ මලයා.. ඒත් ඉතිං විශ්වාස කරන කෙනෙකුට එපා කියන්න යන්නෙත් නෑ....

      හා හා .. ආච්චි නම් මලා... අනිත් අයට කියන්නම්....

      Delete
  9. ඔක්කෝමත් හොඳයි හිරුවෝ..මට ඔය කේක් හදන උන්දලත් එක්ක යකා නගින්නේ මහ පතරංගෙට කේක් එක තට්ටු ගනං හැදුවට කන්ට ගියාම වැඩි හරිය රෙජිෆෝම්නේ... අම්මපා එවෙලෙට එන කේන්තියක්...

    ReplyDelete
    Replies
    1. මාරෙගෙ කටේ මසුරං දාන්න වටිනවා. මටත් ඔය කේස් එකටනං මල පනිනවා.

      Delete
    2. ඉතිං ඒකනේ මරයියේ ඒකට කේක් ස්ට්‍රක්චර් එක කියන්නේ... ඔය ලොකුවට හදන කේක් එක ඇත්තටම ආකෘතියක් විතරනේ...

      අපේ අම්මා නම් ගොඩක් වෙලාවට කපල් එකක් ආවම කියලා දෙනවා මේක හදන එකේ තේරුමක් නෑ කියලා.. කොහොමත් අපේ පැත්තේ තියෙන හෝල් වලටයි ගෙවල් වල ගන්න වෙඩින් වලදියි මේ වගේ ලොකු කේක් හරියන්නේ නෑ... අපි වැඩිපුර කරන්නේ මේක කේක් වලින්ම හදන එක... මේ වගේ ‌ලොකුවට හදන එකක් ( මෙච්චර මල් දැම්මම කේක් එක බර වැඩියි) කේක් වලින්ම හදන්න බෑ.... අර මම කලින් දවසක දාපු කේක් එකත් ගෙදරක තිබ්බ වෙඩින් එකකට හදපු එකක්....

      නමුත් කොළඹ හෝල් වල තියෙන වෙඩින් වලට ටිකක් ලොකු කේක් එකක් ඕනේ.... අනිත් එක සල්ලි නැති අය ඒ හෝල් වල වෙඩින් ගන්න යන් නෑ නේ... ඒවට මේ වගේ ලොකු ඒවා හදනවා.... මේවයේ ගානත් ටිකක් වැඩියි....

      ඇත්තම කියනවා නලින් අයියේ නම් මේව‌ෙග් කේක් හැදිල්ල සෝබන වැඩක් විතරයි.....

      Delete
  10. කතාව බලලා ඤා...ව් වී ගිය ඇස් දෙක, කේක් ගෙඩිය නිසා යථාතත්වයට පත් විය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඇස් දෙකට මක් උනාද ඒ පාර....? රජාට වෙන වැඩ වෙන කාටවත් වෙන් නෑ නේ අප්පා....

      Delete
  11. කේක් කඩේ තියෙන තැන කියන්ඩෝ!කේක් කන්න එනෝ!!!!

    ReplyDelete
    Replies
    1. අන්න මීගොඩයට කිව්වා ... අහගන්නකෝ..... මට වඩා හොඳට ලෑන්ඩ් මාර්ක්ස් එක්කම කියලා දෙයි... හි හි...

      Delete
  12. බලාගෙන ගියාම කේක් කනවා වගේ නෑනේ කේක් හදන එක..:) ෆොටෝ එකේ තියන කේක් එක ලස්සනයි. ඕක හදන්න කොච්චර වගේ කාලයක් ගත වෙනවද..

    ReplyDelete
    Replies
    1. ඔය කේක් එකේ මල් වලට මාස 6ක වගේ කාලයක් ගියා මට මතක හැටියට... පිස්සුවක් වගේ.. ඒත් හදලා ඉවර උනාම ආසයි.... හි හි

      Delete
  13. මම නම් ඉතින් හිරුවේ කේක් වලට එතරම් මනාපයක් නෑ. ඒත් ඉතින් අර කිව්ව අර ටොෆි..මේ ටොෆී එහෙම නම් කන්න පුළුවන්. වෙලාවක කොට්ටාව පැත්තෙ එන්න ඕනෙ...හිරුවගෙ නම් විකුනලා අම්මගෙන් කන්න...හි..හී

    අපේ අයියගෙ වෙඩිම දවසදිත් ඔය වගේ ලස්සනට කේක් එකක් හදලා තිබ්බා. හම්මේ ඒකෙ ලොකු.ඒ උනාට ඉතින් කේක් තිබ්බේ ජෝඩුව කපන් තැන විතරයිද කොහෙද...අර මාරයියා කියනවා වගේ අනිත් ඔක්කොම රිජිෆෝම්...

    ReplyDelete
    Replies
    1. කොට්ටාවේ නෙවෙයි ළිහිණියෝ පාදුක්කේ තියෙන්නේ... හි හි....

      ඒ ඉතිං සෝබන කේක්.. හි හි..

      Delete
  14. ඔය වගේ දේවල් අපේ අම්මත් කියනවා.. අනේ මන්ද ඉතිං හැම වෙලේම හරියන්නේ නෑ නේ ඔවුව... මේ ලඟදි අර අරකටත් උනේ එහෙම වගේ දෙයක්ලු නේ.. ඔන්න මං පණුච්චි ගුටි නොකා මාරු ඈ..
    ජය වේවා!!
    සිනා බො වේවා!!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මාරු උනේ.. හි හි...

      ඕවා විශ්වාස කරන අයට වැඩිපුර වෙනවා මම හිතන්නේ.. හි හි

      Delete
  15. ඉතින් අරක හොඳ බිස්නස් එකක්නෙ හිරු. ඔය කියන්න අර වාසනා බේකර්ස් ගැන නෙවෙයිනෙ?
    අර කේක් එක හදන්න කාපු කට්ට මට හිතා ගත්තෑකි. ඒක මාර ගති.
    දැන් උඹේ බ්ලොග් පෝස් වලට ඉස්සෙල්ලම කමෙන්ට් දාන එකත් ටිකක් කල්පනාවෙන් කරන්න වෙයි වගේ. හෙහ් හෙහ්.
    උඹ දන්නවද අපි දෙන්නා පඩි ගත්තාම ඉස්සෙල්ලම කීයක් හරි දෙන්නෙ අපේ ළමයි දෙන්නගෙන් එකෙක්ගෙ අතට, ගෙවල් අයිතිකාරයින්ට හෝ වෙන මොනයම්ම දේකට ගෙවන්න කලින්. :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නැ නෑ.. අපොයි ඒ වාසනාව නෙවෙයි.... ඒකේ තියෙන්නේ ‌කේක් යෑ.....

      අපේ අම්මගේ නමින් අපේ ෂොප් එක තියෙන්නේ...

      Ranjani Kariyawasam
      Home made magical cakes
      Tel 0094115611760

      අපේ මහත්තයා පඩි ගත්ත ගමන් ගන්න දේ ගැන කියන්න ඕනේ නෑ නේ ඩූඩ් අයියේ.. හි හි...

      අනේ මම නම් ඕවා විශ්වාස කරන්නේ නෑ... හි හි.. ඒක නිසා බයවෙන්න එපා..... හි හි

      Delete
  16. ඒ හිරුවො මේල් ඇඩ්‍රස් එක දෙන්නකො චැටක් දාන්න. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඔය ප්‍රොෆයිල් එක උඩට කෙටුවම එන්නේ නැද්ද...

      ishk1984@gmail.com

      Delete
  17. “ අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක් සහ අයිසින් කොළ, ගෙඩි සහ පුංචි මල් (ෆොගෙට් මී නොට් වගේ) ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් හදපු නිසා.“
    බුදු අම්මෝ..මෙච්චර මල් ගොඩක්.පිස්සු හැදිලා ආයේ හැදෙන්න ඇති නේ.මට මෙ දවස් වල රෝස මල් 20ක් හදන්න තියෙනවා.දැන් දවස් 3ක් තිස්සෙ හදනවා.තාම ඉවර නෑ.දවසට 5කට වඩා හදන්න ම බෑ.කම්මැලියි!! :D :D
    ඒ හැදුවත් ඉතිං මේ තරං ලස්සනට හදන්න බෑ..!!යන්තං එහෙං මෙහෙං අහලා ඉගෙන ගත්ත එවුවා නේ :D :D

    ReplyDelete
    Replies
    1. මටත් බෑ අප්පා.. මාර කම්මැලියි.. මලක් හදනවා... හති අරිනවා... රවුමක් දාන්න යනවා, ටීවී එකේ මොනාද තියෙන්නේ කියලා බලනවා... කන්න දෙයක් හොයනවා... හි හි... ඕවා හදලා වේලලා, ඊට පස්සේ කම්බි තියලා ඔතන කෝස් එක තමා මට වැඩිපුර සෙට් වෙන්නේ.....

      ඔතනින් පුංච් මල් සහ ගෙඩි වර්ග ගොඩක් හැදුවේ අපේ අම්මගේ අම්මා.. දියවැඩියව හ ප්‍රෙශර් නිසා රෙස්ට් කරන්න කියලා අපේ ගෙදර හිටියේ... උන්දැට ඇවිදගන්න බැරි එකේ එක තැනකට වෙලා ඕවා හදපු එක තමා කලේ... මගේ වැඩේ උන්දැත් එක්ක ජල්ලි අල්ලන එක තමා... හි හි..
      අනේ මගේ මඟුලට කලින් උන්දැ මලා.....

      Delete
  18. කේක් එක ලස්සනයි හිරු. මේ ඒක නෙමෙයි, මොකක්ද අර කේක් ස්ට්‍රක්චර් වල කථාව. ඒ කියන්නේ ඔය ෆොටෝ එකේ ලොකුවට තිබ්බට උඩ තට්ටුවෙයි, යට තට්ටුවෙයි තියෙන්නේ කේක් නෙමෙයිද?.මොකද කියනවානම් මම ලොකු වෙඩින් එහෙකට ගිහිම්ම නෑ :). ආ ඒ වගේම, අර ඔයා කියලා තියෙන කථාවනම් සම්පූර්ණයෙන් ඇත්ත. ඇස්වහ,කටවහ කාරයෝ කියන්නේ ඔය වගේ අයට තමයි. ඉතින්, වැරදිලාවත් පාදුක්ක පැත්තේ එවුනොත් ඔයාලගේ කඩෙන් කේක් කෑල්ලක් කාලා යන්න අනිවාර්යයෙන්ම එන්නම්. ජයවේවා!!!!!!!!!!..................

    ReplyDelete
    Replies
    1. නෑ අනේ... වැඩිපුර හදන්නේ රෙජිෆොම් ඩමිස් වලින්.... ඒත් අ‌ෙප් අම්මා නම් ගොඩක් සල්ලි නැති අයට කෙලින්ම කියනවා මේක කේක් වලින්ම පොඩියට හැදුවම කන්නත් පුළුවන් කියලා ...

      ඒත් මේ වගේ ලොකු කේක්, කේක් වලින්ම හදන්න බෑ.... මල් සෙට් කලාම බර වැඩියි.....

      යන්න යන්න.. හැබැයි අපේ අම්මා තමයි කඩේ ඉන්නේ.......

      එහෙනං මං විතරක් නෙවෙයි එහෙම හිතන්නේ නේද.... ? හි හි

      Delete
  19. ඇස්වහ කටවහ ගැනනං කතා කරලා වැඩක් නෑ..
    අපේ ලොකු අම්මා දවසක් ඔය කටවහ භාවිතා කරලා මගේ ගෝල්ඩ් පිස් මාවුවෝ 8 දෙනෙක්වම පැය භාගයක් ඇතුලත දිවියලෝකෙ යැවුවා...

    ReplyDelete
    Replies
    1. මචෝ අන්න පොයින්ට් එක, උඹලගෙ ලොකු අම්මට කියලා අපේ දියවන්නාවෙ ඉන්න උන් ටික ඔතනින් තොලොංචි කරලා දාන්න මොකක් හරි වැඩපිළිවෙලක් සෙට් කරන්න බැරිද ?

      Delete
    2. ඈ තරියෝ.....
      හි හි... අපෝ එහෙම අය නම් හැම පවුලකම වගේ ඉන්නවා නේද...... ?

      රතූ....
      දියවන්නාවේ උන් එලවන්න ඇස්වහ කටවහ කාරයෝ, දුම්මල කාරයෝ මදි බං..... හි හි

      Delete
  20. ඔහොම දේවල් මමත් වැඩිය විශ්වාස කරේ නෑ හිරු. ඒ උනාට ඉතින් ඒ වගේ පොඩි ඇත්තකුත් තියෙන්වා වගේ. බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි --කියලා කියනවනේ.ඔයා ලියන විදිහට කියවන්න ආසා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සුභ නිමිති බලුවේ එකකට විතරයි ජීවිතේ රතූ මම... ඒකත් සම්ප්‍රදායට ඕනෙ නිසා.... ඒකෙන් මගේ ජීවිතේම විනාස උනා....

      පිටත් වෙන නැකතට විනාඩි දෙකක් තියෙනවා කියලා වාහනේට නඟින්න එපා කිව්වා... ඒ චුට්ටට අපේ ගෙවල් දෙකේ උන් මරා ගත්තා... හැම දෙයක්ම ඉවර උනා එතනින්... මම නම් ආයිත් ජීවිතේ කිසිම දේකට කවුරු මොනවා කිව්වත් නැකත් නම් බලන්නේ නෑ....

      Delete
    2. අපේ මහත්තයාට ඕක තේරෙන්නේ නෑ රතූ... එයා මම මොනා කියන්නද ගියත් මුලින්ම කියන්නේ ෂෝට් ඇන්ඩ් සුවීට් කියන්න කියලා....

      වටේට ගිහින් මේ වගේ කතා කියන එකේ තියෙන රහ දන්නේ නෑ ඔය ෂෝට් අන්ඩ් සුවීට් කට්ටියට තේරෙන්නේ නෑ... . හි හි

      Delete
  21. දැං ඉතිං ඒ හාමිනේ ආවත් නාවත් බිස්නස් තියේවි. මට දුක "රන්ජනී" මකලා ලගදීම "හිරු නැති හෝරාව" මැජිකල් කේක්ස් කියල දාන්ට වෙයිද කියලා. ජය

    ReplyDelete
    Replies
    1. හි හි... මම කේක් හදන්න ආසා නෑ... ඒක නිසා මම මල්ලිට කිව්වා එයාට පුළුවන් නම් දිගටම කරගෙන යන්න කියලා.. අම්මලටත් කියලා තියෙන්නේ අම්මට බැරි නම් බඩු ටික විකුණලා බිස්නස් එක නවත්තන්න කියලා.... මම අම්මගේ බිස්නස් එක කරන්නෙ නෑ... හි හි.. ඒක නිසා තමයි මම ග්‍රැෆික් ඩිසයිනින් පටන් ගත්තේ....

      Delete
    2. හිරු ග්‍රැෆික් ඩිසයිනින් ද මටත් තියෙනවා පොඩීඊඊඊඊඊඊ.... ග්‍රැෆික් ඩිසයිනින් සෙන්ටර් එකක්. ඒත් කවුරුත් එන්නේ නෑ බන් ..වහලා දාන්න කියලා හිතාගෙන ඉන්නේ.

      Delete
    3. මගේ වැඩ ඔක්කොම හිර උනා රතූ වෙඩිමෙන් පස්සේ... දැන් තමා ආයිත් පටන් ගන්නේ......හි හි.. මම නම් ගෙදර ඉඳන් කරන දෙයක් තමා ඉතිං... ලොකුවට නෑ... හබීට හෙල්ප් එකක් දෙන්න.....

      Delete
  22. මගේ වෙඩිම ගන්න දවසක එහෙනම් මගේ ඕඩරෙත් ඔහෙට අරිද... තාම කෙල්ලෙකුත් නැති හින්දා කවදා බදීවිද කියලා ෂුවර් එකක් නෑ... ඒක නෙමෙයි අපේ සේනකයාටත් (පූසා) කේක් කන්න ආසයිලු.. ඔය පැත්තට ගෙනත් දාන්නද එයාවත්...

    අර කාන්තාව වගේ කාන්තාවක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා... එයාගෙ නිරීක්ෂණයට හසුවුනොත් ගස් වැල් දවස් දෙකෙන් වල පල්ලට යනවා... අත්දුටුවයි...

    ReplyDelete
    Replies
    1. හි හි.. හැම පැත්තටම ඒ වගේ කට්ටිය ඉන්නවා නේද...
      හා හා... වෙඩිම ගන්න කාලෙට මාව මතක තියෙයිද දන්නේ නෑ....

      යාලුවව ගෙනත් දාන්න... හැබැයි සල්ලි දීලා කේක් ගන්න කියන්න.. හරිද..
      මගේ නම විකුණුවට නම් අපේ අම්මා නොමිලේ කේක් දෙන් නෑ හොඳේ.... හි හි

      Delete
  23. අන්තිම ටික කියවනකොට මුල ටික මතක නෑ.. හී..

    ReplyDelete
    Replies
    1. අපේ මනුස්සයත් ඕක කියනවා අනේ...... හි හි....

      Delete
  24. අනේ මන්දා ඔයවගේ විශ්වාසයක්ගේ ඇත්ත නැත්ත මොකක්ද කියලා.. සමහර ඒවා ඇත්තවෙච්චි වෙලාවනුත් තියනවා තමා ඉතින්..
    //අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක්// හම්මෝ ඔය ඔක්කෝම අතින් නෙවි නේද හැදුවේ? අර කේක් එක නම් සිරා.. කඩේ කිට්ටුව පහතක වුණා නම් ඇවිල්ලා කේක් ටිකක් අරගෙනම යන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. හි හි.. අතින් තමයි ඉතිං... ඔක්කොම හැදුවේ ... ඕවට ඕනෙ කරන හැම ජාතියම ඒ කාලේ අම්මා ගව තිබුනෙත් නෑ... ඒත් අපි වැඩේ කලා... හි හි

      ඒකනේ වැඩේ .. ඇත්ත උනාම කියන්නත් බෑ බොරුවක් කියලා.. ඒත් පිළිගන්න හිතෙන්නෙත් නෑ... හි හි

      Delete
  25. ඇස්වහ කටවහ දෝෂ තියෙනවා. ඒවා නැහැ කියලා නොසලකා ඉන්න බැ.අනික් ඒවට වඩා ප්‍රබලයි.

    කේක් සොප් එක ජනප්‍රිය වෙන්නේ පාරිභෝගිකයන්ය හොඳින් සළකන නිසා. ඒකට හොදම හේතුව තමයි අර මල් 5000 ක් අයිසිං කිරීම.
    එහෙම කැපවිමක් නැත්නම් කොහොමද අගය කරන්නේ. අපොයි පාදුක්ක පැත්තේ ආදවසක එන්න ඕනේ කේක් ටිකක් ගෙනියන්න.

    මෑත දවසක පාදුක්ක පොලීසියේ පැය 04 ක් විතර ඉන්න වුණා. රියදුරා බීලා පොලීසියේ රිමාන්ඩ් කරල හිටිපු නිසා ඒකා එළියට ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.... ඕවා බොරු කියලා කියන්නත් බෑ අප්පා....

      ඒ කේක් එක ටිකක් නෙවෙයි ගොඩක් ගනන්... හි හි.. ඒකයි එච්චර මල් ප්‍රමාණයක් වැටුනේ... ආයිත් ඒ තරම් ප්‍රමාණයක් මල් වැටුනේ මගේ වෙඩින් කේක් එකට තමයි.. හි හි.. ඇත්තටම අපේ කේක් වල විශේෂත්වය ගෙදර කන්න අපි හදා ගන්න කේක් වල ප්‍රමිතියට හදන එක තමයි... කෘතිම දේවල් නොදා..... එන්න එන්න.. හැබැයි අපේ අම්මා තමයි කඩේ ඉන්නේ.....

      පාදුක්ක පොලිසිය ගැන නම් කතා ගොඩාක් තියෙනවා... හිනා වෙලා පණ යනවා එයාලගේ වැඩ වලට සමහර වෙලාවට.....

      Delete
  26. අපි පිළිනොගත්තට ඇත්ත වෙන දේවල් තියෙනව. මට නම් හුගක් දුරට ඇස්වහ කටවහ වැදිල තියෙනව...
    කොහොම වුනත් අහල පහළක තියෙන්නෙ කේක් ෂොප් එක. අම්මලගෙ ගමේ ගිය වෙලාවක මාත් ඇවිත් යන්න එනව.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඒක හැබැයි... අම්මලත් කියනවා....

      යන්න යන්න... ඔන්න අපේ අපේ අම්මා ඉන්නේ හරිද.... තාත්තත් ඉන්නවා සමහර වෙලාවට.... අනේ කට්ටියම ගිහින් මගේ කාඩ් කුඩු කරන්නේ නැතුව කේක් අරන් එන්න හොඳේ.... හප්පේ අර මීයට තමා කියන්න බැරි උනේ... හි හි

      Delete
  27. ඇස් වහ කටවහ, කේන්දර අනම් මනම් ගැන නම් මගෙත් කිසිම විශ්වාසයක් නෑ. ඒත් ඉතිං විශ්වාසකරන අයට ගරහන්න යන්නෙත් නෑ, නොදැක්ක වගේ ඉන්නවා.

    ඔය කේක් හැදිල්ලට ඉස්සර මමත් ආසයි (හදනවට වැඩිය, කන්න) ඒ දවස්වල අක්ක ගෙදරදි සමහරදාට හැදුව, ඒක බලං ඉඳල මාත් කීප දවසක් හැදුව, අවුලක් නැතුව ඉතිං ඇදල දැම්මා. පොඩි අවන් එකක් තිබුණෙ, ඒක කැඩුනට පස්සෙ ආයෙ හැදුවෙත් නෑ, කේක් හැදිල්ල එහෙම්මම චකබ්ලාස් වුනා. හිරූලගෙ බල්ලොන්ට පූසොන්ට වගේ අපිට කොහෙන්ද බැදපු මාළු, දැන් ඉතිං ඉඳල හිටල කඩෙන් කනවා. නිතර කන්නත් බෑ, පර්ස් එකට බර වැඩියි.

    අර එක්ලක්‍ෂ පන්දාහෙ මල්ගොඩ නම් ගති, ඈ ...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි....

      මාත් කේක් හැදිල්ලට ඒතරම් ආසා නෑ.... ඒ කිව්වේ අයිසින් කරන එකට.... හදන්න නම් පුළුවන්... හි හි.. ඒත් අයිසින් කරනන උනාම කරනවා... අම්මට පුළුවන් එකේ දුවට බෑ කියන්න බෑනේ... හි හි...

      තැන්කියු තැන්කියු... හි හි..

      Delete
  28. සිරි පියරතනේ ගාව කිවුවා. යකෝ මට කඩේ මීටර් වෙන්නේ නැති හැටි. දැන් කොච්චර කල් වෙනවද ලමයෝ කඩේට. මමත් කාලයක් පැල පදියම් වෙලා උන්න නොවැ ඔය සාවියේ. බැන්දටත් පස්සේ පාදුක්කෙන් ආවේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කම්පනා කොලේ.... ඒ පැත්තේ හිටියා නොවැ ඔය මූණූවර කියෙන මාස්ටර් කෙනෙක්..... මං හිච්චි එකා සන්දියේ.... හි හි.......

      කඩේ දැම්මේ ළඟදි සරා අයියේ.... 2004 විතර... ඉස්සර ඒ හරියේ තිබ්බේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරපු සිල්ලර කඩයක් එක්ක තව කඩ දෙකක්.. අනිත් ඒවා වහලා තිබ්බේ.. අපි එයින් එකක් ගත්තේ... හොස්පිට්ල් එක ඉස්සරහම වගේ.....

      Delete
    2. ඇයි බං මාස්ටර්ල හිටියේ අපේ තාත්තලා පොඩි කාලේනේ දැන් කොයින්ද මාට්ටර්ලා...?
      මේක නිවු ජෙනරේෂන් එකනේ.
      නොකියා කියන්නේ මම පට්ට නාකියා කියලද..
      අහුවෙන්න එපා මට වැරදිලාවත් අහල පහලකදි....!

      ටික දොහක් මම කඩේකුත් කොලා ඔය පාදුක්ක පර්නිචස් එක ලඟම. ඕකේ එකාලත් එක්ක බිසුනොස් අමාරුයි ආයිබෝං.. මම එක අකුලලා දැම්මා. කපිල හාමුවා මගේ හොඳ ගජයා...! අඳුනන්නේ නැතෙයි..!

      පරණ කඩ ටික නම් මතකයි. 2004 දි නම් ඉතින් දැනගෙන ඉන්නම ඕන. පුරස්නේ තියෙන්නේ කේක් කඩයක් වෙච්ච එකනේ. ඕං බාර් එකක් වයින් ස්ටෝර්ස් එකක් එහෙම නම් පටගාලා මීටර්. කියන්නද ටවුමේ වයින් ස්ටෝර්ස් එක තියෙන තැන. මම හැමදාම ඔතනින් යනකොට පඬුරු දාලා යන්නේ ඒකාලේ..!
      හිකිස්...!

      Delete
    3. හි හි.. ඔය තේරිලා තියෙන්නේ .........

      ඒ මොකද්ද අප්පා මං අහලා නැති පර්නිචස් එක.... MDK එකද....?

      සරා අයියට කියන්න මම මේ ළඟදි නේ ඔය වයින් ස්ටෝර්ස් එක තියෙන තැන දැනගත්තේ.... ඒකත් අහම්බෙන්... හි හි....

      හංදියේ නෙවෙයි නේ සරා අයියේ තියෙන්නේ.. ඒකයි මතක නැතුව ඇත්තේ... මේක තියෙන්නේ ‌හොස්පිට්ල් එක ළඟ පාරෙන් ඉස්සරහා.......

      අපේ අම්මා නං ඔය දැං ඔක්කොම කට්ටියව අල්ලගෙන හොඳට බිස්නස් කරං යන්‌ෙන්.. හි හි... හංදියේ ඔක්කොම කඩ කාරයෝ කේක් ගන්නේ අපෙන්... ලක්ෂ්මි හොටලේ අයිතිකාරයා ළමයින්ට දෙන්න කේක් අරන් යන්නෙත් අපේ අම්මගෙන්.... හි හි....

      Delete
  29. මොනවා වුණත් ඔයා සෑහෙන්න පින් කරලා තියනවා.ගෙදර කේක් කඩයක් තියනවනං තව වෙන මොනවද ඕනේ....හි හි. හැමදාම පෙරලි පෙරලි කේ කන්න පුළුවන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙම උනාම කෙක් එපා වෙනවා මලයා... හි හි... අපේ මල්ලි විතරයි කේක් කන්න ආසා ඒ දවස්වල.. දැන් නම් හම්මුවෙනවා අඩු නිසා මාත් ආසයි....

      Delete
  30. කේක එක නම් හරිම ලස්සනයි අක්කේ... ජය වේවා..:)

    ReplyDelete
  31. ඒ අක්කේ ඇත්තට එහෙම වෙන්නත් පුලුවන්ද ඒ කියන්නේ..හ්ම්ම්...කොහොම හරි මට අන්තිමටනම් හිතුනේ ඔයාලගේ ගෙදර ආවනම් හොඳයි කියල.හි හි :)ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. අ‌ෙප් ගෙදර නම් ඇවිල්ලා වැඩක් නෑ... ඒහෙ ඉන්නෙ බුලට් ලොක්කා විතරයි දවල් දවසම.... කඩේට තමයි එන්නෙ ඕ‌ෙන්..... හි හි

      Delete
  32. කතන්දරේ වගේම කේක් එකත් රස ඇති ...ඇත්තටම ඔබ හැකියාවන් රැසක එකතුවක් වගේ ..
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේවා මගේ වැඩ නෙවෙයි අයියේ... අපෙ අම්මගේ වැඩ... හි හි...

      Delete
  33. අවුලක් නෑ බං අක්කේ පොඩි නයෙකුත් මැද්දෙන් ඇරියේ නැත්නම් මෙලෝ රහක් නෑ.මේ ඇත්තට සමහර අය ඉන්නවා තමා උදේට දැක්කොත් දවසම බඩට බතුත් නෑ,ඒ වගේම තමා වාචාල කටවල් තියෙන අය.මං සමහර වෙලාවට ඇස් වහ ගැන විස්වාස කරනවා

    ReplyDelete
    Replies
    1. හි හි.. නයි නැත්තම් කිසි ගතියක් නෑ නේද....

      විශ්වාස නොකරත් බෑ සමහර වෙලාවට ඕවා....

      Delete
  34. අපේ අපාර්ට්මන්ට් එකෙත් ඉන්නවා ඔය කියන ජාතියේ ඩයල් එකක් ගම කොස්ගොඩලු. වැරදිලාවත් උදේට මේ ගෑනිව දැක්කොත් අම්ම එන්නේ ආවේස උන කපුවා වගේ බැන බැන ඕකට මමයි තාත්තයි හැමදාම කින්ඩිය දදා හිටියේ මනස්ගාත කියලා එකදවසක් මම බනියව ඩ්‍රොප් කරන්න එයාලගේ ගෙදර යන්න යනකොට ගිය අවුරුද්දේ එයා මෙහෙ ඇවිත් හිටි වෙලාවේ. අනේ කරුමෙට එලියට බැහැල එනවත් එක්කම ඉස්සරහට සෙට් උනේ මේ ගෑනු කෙනා අවුරුදු 13 ඉඳන් වාහන පැද්දා කිසිම කෙස් එකක් නැතිව. ලයිසන් නැතුවත් පැද්දා මෙන්න බලන්න එදා උන දේ. https://www.facebook.com/media/set/?set=a.1771206317549.2094178.1160981200&type=3 එදා ඉඳල. ඒ ගෑනු කෙනා එනවා දැක්කොත් මම වෙන පැත්තකින් යනවා. ජීවිතේට ඉස්සරහට සෙට් වෙලානම් යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක බැලුවට මට රිප්ලයි කරන්න අමතක උනානේ..... හි හි

      Delete
  35. කොළඹ මහජන පුස්තකාලෙ ලඟ ඉඳලා ගෙදරට එනකං මෙ පෝස්ට් එකට වෙනකං, බලු හාමුගෙ පෝස්ට් එකත් එක්ක ඔක්කොම පෝස්ට් කමෙන්ට් එක්කම කියෙවුවා. හිරු කියන්නෙ මේ බ්ලොග් අවකාසෙ මගෙ හිතට දැනුන, වැදුන. චරිතයක් කියල කෙටියෙන්ම කිවුවොත් ඒක හරියටම හරි.

    ReplyDelete
  36. හෑ අඩවි රජ කියද්දී ආයෙම බැලුවේ කොහෙද කේක් එකක් තිබ්බේ කියල ..
    බලද්දී තියෙනවා නෙන්නම් .. අපිට හුරු ඉතින් නිකන් පොඩි සිංහයා කේක් නේ ..
    ඔයාගේ කේක් එක මුලින් දැක්කේ කැන්ඩියන් ඇඳන් ඉන්න මනාලියක් වගේ ..

    ReplyDelete
    Replies
    1. හපොයි.. ඇස් දෙක බලව ගන්න වෙයි වගේ.. හි හි..
      අයියෝ.. ඒවා කේක් යෑ.... වේලිලා තියෙන හැටියට කන්න පුළුවන් යෑ... ඊට හොඳා බිස්කට් එකක් කනවා...

      Delete
  37. නැහැ නැහැ මන් පාවීච්චි කරනවා dr . ඒත් ගෙදර ඉන්න වෙලාවට
    දාන්නේ නැහැ ..මගේ ඇස් පෙනීම එන්න එන්න අඩු වෙනවා ..
    විහිලු නෙවේ ඇත්තට කිව්වේ ..
    මේ ඔයාද මගේ එකේ follow කරලා ඉන්න හිරු ?
    මේකේ හිරුල වැඩියි ඈ

    ReplyDelete
    Replies
    1. ඇස් පෙනීම ගැන නම් ටිකක් පරිස්සම් වෙන්න.. අපේ මල්ලිත් ‌බෝතල් අඩි සයිස් කණ්ණාඩි දාන්නේ...

      මං තමයි.. වෙන කොහෙද හිරු ලා ඉන්නේ.... හම්ම්.. මගේ නම උස්සන්න..?? ඒවා කොහෙද මාත් එක්ක..
      හි හි....

      Delete