
අපේ ගෙදර අලුත්ම සාමාජිකයා තමා මේ ඉන්නේ.... අපේ අම්මගේ පොඩි පුතා.. මොකද කිව්වොත් මෙයාගේ ඔක්කොම වැඩ කෙරෙන්නේ අපේ අම්මගේ අතින් තමයි...
මෙයාව ගෙදරට ගේන්න ප්‍රධාන හේතුව උනේ අපේ ගෙදරට කේක් කුඩු කන්න එන්න පුරුදු වෙච්ච කැලෑ පූසියෙක් තමයි... ඒත් ඒ කතාව මම පස්සේ කියන්නම්කෝ....
බුලට්... එහෙම නැත්තම් මම කියන විදියට බංකු බංකු... තාම අවුරුද්දක් වත් නැති බලු පැටියෙක් උනාට මෙයා කන්න නම් පොඩ්ඩක්වත් පුංචි නෑ... පොඩි කාලේ කනකොට ගත්ත පින්තූරයක් තමා ඔය තියෙන්නේ... කන කොට කකුල් දෙකටත් යනකං කන එක තමා මෙයාගේ පුරුද්ද..

අපේ ගෙදර කට්ටිය ඔක්කොම ගෙදර එනකොට පිලිගන්න මෙයාට ක්‍රම සහ විදි තියෙනවා.. අපේ තාත්තා ගෙදර එනකොට හැමදා ම එන්නේ කුස්සියෙ දොරෙන්.. මොකද මෙයා තාත්තා එන වෙලාවට දොර ළග රැකගෙන ඉන්නේ තාත්තගේ කරට පනින්න.. (අපේ තාත්තා අඩි 5 යි අගල් 4 යි උස... බුලට් නවතින්නේ තාත්තගේ ඔලුවට අත තියලා... ) අම්මා ගෙදර එනකොට මෙයා ඉන්නේ පුටුවක් යට ඔලුව හංගගෙන.. මොකද අම්මට තමයි මෙයා දවස තිස්සෙම කරලා තියෙන වැරදි වැඩ අහුවෙන්නේ.. එතකොට ගුටි පූජාව ෂුවර් නිසා මෙයා කොහොම හරි හැංගිලා ඉන්නවා මං එනකම්.. අපේ මල්ලි එනකොට මෙයා පැත්ත පලාතේ යන්නේ නැ... මොකද එයා හරකා වගේ ගහගෙන ගහගෙන යන නිසා... අනේ ඉතිං මෙයාගේ අතේ පයේ හිරි ඇර ගන්න බලං ඉන්නේ මං එනකං තමයි... මං ආවම මෙයාගේ වැඩේ මගෙ පස්සෙන් ඇවිදින එක තමයි...

අපේ ගෙදර TV, TELEPHONE, COMPUTER තියෙන්නේ කෑම කාමරේ... හරියටම කිව්වොත් කුස්සියේ තමා.. අපි වැඩිපුර ඉන්නේ එතන... ඉතින් අපි ඇවිත් පුටු වල ඉදගෙන අපේ වැඩ වලට බැස්සම ( තාත්තා ඉන්න දවසට TV එකේ. අම්මා හාන්සි පුටුවේ.. මම නැත්තම් මල්ලි COM එකේ... ) මෙයාගේ වැඩේ අපි කට්ටිය මැද්දෙන් ඉදගෙන එයාගේ කතන්දර කියන එක තමා.. ඇත්තමට මෙයා අපේ පවුලට එකතු උනායින් පස්සේ අපි කට්ටිය එකට ඉන්න එක වැඩි උනා කියලයි මට දැනෙන්නේ... එයාගේ වැඩ බල බල තමා අපි වැඩ කරන්නේ....
මෙයාට ලොකුම ලොකු ප්‍රශ්නෙ තියෙන්නේ පොල් සම්බන්ධව තමයි... පොල් ගෙඩියක්, පොල් ලෙල්‍ලක් විතරක් නෙවෙයි කොස්සක් උනත් මෙයාට පේන්න බෑ... අපේ ගෙදර අතුගාන්න ගියාම තමයි මෙයා වැඩිපුරම ගුටි කන්නේ... මොකද කොස්ස තියන තියන තැනට පැනලා ඒකෙ එල්ලෙන එක නවත්තන්න කොසු මිටෙන්ම දෙක තුනක් පත බාන්න ඕනේ... ඒක් ඉතිං සත්ත කරුණාව තියෙන මං වගේ අයට ඒ වැඩේ කරන්න හිත දෙන්නෙ නැති නිසා මට අපේ ගේ අතුගාන්න බෑ.. (ඒකට බැනුම් අහන්නේ බුලට් නෙවෙයි.. මම...)
අහල පහල ඇන්ටි කෙනෙක් බොහොම ආදරෙන් ඇන්තූරියම් වලට ආපු පොල් ලෙලි, ඇන්තූරියම් ගස් පිටින්ම උස්සගෙන එන එක තමයි මෙයාගෙ තියෙන් අනිත් නරක පුරුද්ද... ඒවා ගෙනල්ලා ගේ පුරාම විසි කරනවා විතරක් නෙවෙයි... මෙයා ගිය ටිකේම ඇන්තූරියම් හෙරෙක් ගැන බොරු බයකුත් ඇති කලා අපේ ඇන්තූරියම් Lovers ලා අතර... පස්සේ හොරා කව්ද කියලා හොයා ගත්තම මෙයා බේරුනේ ඇන්ටිලා හැමෝම මෙයාට ගොඩක් ආදරේ හින්දම තමයි...
මේ දැනුත් රෙදි පටියක් උඩ දදා ගේ වටේම යනවා... හි හි... ( ආ.. දැං අපේ ගෙදර ඔක්කොම නිදි... )
මෙයාව නිදා ගන්න දාලා මාත් නිදා ගන්න ඕනේ... මෙයාට රෑට හරිම සීතලයි..මදුරුවො කනවා... ඒක නිසා රෙද්දෙන් පොරවන්න ඕනේ... නැත්තම් මට නිදා ගන්න වෙන් නැ...
GOOD NIGHT ළමයි... ඕගොල්ලොත් නිදා ගන්න... නිදා ගන්නකොට නෙට් එකක් දා ගන්න.. මේ දවස්වල හරියට මදුරුවෝ...
මේ අර බලු පැටියගෙද ස්කූටරේ...
ReplyDeleteඩැල්මේෂන් නේද? මම ගාව ඉන්නේ ජර්මන් ෂෙපර්ඩ්. වැඩනම් මේ වගේම තමයි.
ReplyDeleteඩැල්මේෂන් තමයි... අපි දැන් කියන්නේ වලව්වේ හාමු කියලා...
Deleteආදරේ හිතෙනවා...:)
ReplyDeleteමම ලඟ ඉන්නේ Pomeranian එක්කෙනෙක්. චූටියි. ඒත් එයා හිතාන ඉන්නේ සිංහයෙක් කියලයි. පොඩ්ඩක්වත් කම්මැලි නෑ. දුවන එකයි, බුරන එකයි, කුරුල්ලෝ එලවන එකයි, ඇවිදින්ට යනකොට මිනිස්සුන්ට සද්ද දාන එකයි තමා මෙයාගේ වැඩේ.
මම එයාට හරිම ආදරේ...:D
පොමනේරියන් නම් පොඩ්ඩක්වත් පෙන්නන්න බැරි ජාතියක් පොඩ්ඩි මට... මම ආසා ටිකක් ලොකු බල්ලොන්ට... අපේ ගෙදර හිටපු බිංගොත් බීගල් කෙනෙක් උනත් ඔය පොඩිඩිගේ එක්කෙනා වගේ.. හිතං ඉන්නේ මං සිංහයා කියලා.. රෑලේ ගිහින් ආවේ නෑ.... මං හිතන්නේ මැරෙන්න ඇති.... එයාට ප්සසේ තමා මෙයාව ගෙනාවේ.. දැං නම් අලියෙක් වගේ....
Deleteහරිම ආදරේ හිතෙන කොල්ලෙක්...:)
ReplyDeleteකොල්ලෙක් නෙවෙයි... දැං තාත්තා කෙනෙක්... හි හි... මෙයාව ඉල්ලනවා ගොඩක් අය ක්‍රොස් කරන්න... එහෙම හම්බුවුන පැටවු 5 ක් හිටියා.. අපේ තාත්තා විකුණන්න කැමති නැති නිසා අපි හොඳට දන්න අදුනන, බල්ලන්ට ආස කට්ටියට දුන්නා... මෙයලෙව හදන එකත් ලේසි නැති නිසා හදන්න බැරි අයට දුන්නෙත් නෑ...
Delete