අදත් නිවුස් කතාවක් ලියන්න හිතුවා.. ඇත්තටම ලියන්න හිටියේ වෙන දෙයක් ගැන.. ඒත් උදේ මේ නිවුස් එක ඇහුනාම එකපාරටම මතක් වෙච්ච එක ලියන එක හොඳයි කියලා හිතුනා...
ඔන්න හැම පත්තරේකම ඕක කියවෙනවා ඇහුනත් මුල පිටුවටම මේ කතාව ආපු දිනමිණ පත්තරේට ගිහින් බලන්න ඔන්න ලින්ක් එක...
මට ඔය කතාව ඇහෙද්දිම මතක් උනේ මීට අවරුදු කීපයකට කලින් සිද්ධ වෙච්ච තුන් නිවුන් දරු උපතක් වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධියක්.... ඒක නිසා මම දුවලා ඇවිත් බැලුවා දරුවන්ගේ තාත්තගේ රස්සාව මොකද්ද කියලා.... දෙයියන්ට මේ පාර නම් සිහිකල්පනාව තිබිලා වගේ... තාත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.. ඊට අමතරව පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියෙක් ලු....
හේතුව මේකයි... මම කලින් කියපු තුන් නිවුන් දරු උපතේදි තාත්තා කුලී වැඩ කරන බව තමා පත්තරවල තිබුනේ... කුලී වැඩ කරලා එදා වේල හම්බුකරගන්න මනුස්සයෙක්ට දරුවෝ තුන් දෙනෙක් කියන්නේ ලොකු බරක්.... කටින් එහෙම නොකිව්වට හිතේ ගින්දරක් ඇවිලෙනවා නොවැ අම්මලා තාත්තලගේ හිත්වල... ඒ පවුලට මුල කාලෙදි ගොඩක් දෙනා උදවු කළා... කිරිපිටි , ආහාර ජාති, දරුවන්ට අවශ්‍ය දේවල් දීලා... ගේකුත් හදා දුන්නද කොහෙද.. ඒක නම් මතක නෑ...
දැං මට ලියන්න හිතුනේ මේකයි....
අද කාලේ දරුවෙක් හදන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙම.... ඇයි ඉතිං... ළමයා බඩට එන්න කලින්ම කාගේ හරි ගෙයක් තමන්ගෙ නමට හරෝ ගන්න ඕනේ... නැත්තම් අවුරුද 6දි ඉස්කෝලේ දාන්නේ කොහොමද...... එහෙම නැත්තම් ලක්ෂ 10ක් විතර බැංකු පොතක දා ගන්න ඕනේ ඉන්ටනැෂනල් ස්කූල් එකකට දාගන්න.. මොකද ඒවට ඇතුලු වෙන්න ඔයිට අඩු උනත් මාසෙකට ලක්සයක් දෙකක් වියදම් කරන්න වෙනවානේ....ඕවා හිතෙනකෙට මට නම් ළමයි හදන්න භෑ කියලමයි හිතෙන්නේ...
ඔව් ඉතිං... ඕවා හිත හිත ළමයි නොහදා ඉන්නත් බෑ තමා... එන හැටියකට මූණ දෙමු කියලා හිත හදාගන්නත් බෑ... දරුවන්ටවත් අපිටවත් විඳවන්නේ නැති ජීවිතයක් නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන්නේ....
ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න කොයි තරම් සටනක් කරන්න වෙයිද....
ඉඩමක් ගන්න, ගෙයක් හදා ගන්න, දරුවන්ට හොඳට උගන්නන්න ..... හීන ලොට් එකක්.....
මට මතකයි අපේ අම්මයි තාත්තයි වැඩ කරපු විදිය.. අපේ තාත්තට මහා ලොකු පඩියක් ලැබුන්නෑ.... ඒ කාලේ හැටියට යන්තමි ජීවත් වෙන්න පුළුවන් උනා අපි හතර දෙනාට....
මට මතකයි දවස් ගානක් අපි බත් එකට ලූණු ගෙඩියක් සුද්ධ කරගෙන, අමුමිරිස් කරලක් එක්ක ලුණු ටිකක් ඉහගෙන කෑවා.... බත් එක අනලා කවනකොට අම්මගේ කදුළු බිංදුත් බත් එකට වැටුනා... ඒ මල්ලි පොඩි කාලේ... එයාට බේත් කරන්න වියදම් කලාට පස්සේ අපිට කන්න ගන්න සල්ලි තිබිලා නෑ...
අපේ ගේ හදන්න බිලොක් ගල් හැදුවේ අපේ අම්මා.... අදටත් තාත්තා ඒ බිත්තිය කඩන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඒ නිසා... පොඩි පොඩි ලෝන් අරගෙන ගේ හදන්න පටන් ගත්තේ.... මෑතක් වෙනතුරම ගෙට ගත්ත ණය ගෙව්වා.... මට මතක නෑ අම්මයි තාත්තයි කොහෙවත් ගිය දවසක් පහුගිය අවුරුදු 23ක් වගේ කාලයකදි.... මට මතක නෑ අම්මයි තාත්තයි කඩෙන් කෑමක් ගෙනල්ලා කනවා ඒ කාලෙදි... මට මතක නෑ අපේ අම්මා තනියෙන් ආනමාලු ගෙඩියක් කනවා ඒ කාලෙදි.... බැන්ද අවුරුද්දේ තාත්තා අරන් දුන්න සාරියට පස්සේ ආයිත් තාත්තා අම්මට සාරියක් අරන් දුන්‌ෙන් අවුරුදු 23කට පස්සේ....
හැමදාම පැන්සල් නැති කරගන්න මට අපේ අම්මා පැන්සල තුනට කපලා තමා දෙන්නේ... සුදු ගවුම අයන් කරන්න අයන් එකක් නැති නිසා කොට්ටෙ යට තියෙගෙන නිදා ගත්තේ.. තාත්තා නයිට් ඩියුටි දවසට අම්මා මාවත් තුරුළු කරන නිදා ගන්නේ බයෙන්... මොකද අපේ ගේ හදලා තිබුනේ ලෑලි වලින් නිසා... මට තාම මතකයි මම දැක්ක බය හිතෙන හීනයක් ඒකලේ.... අම්මයි මායි තනියෙන් ඉන්න දවසක අපෙ ගෙට හොරු පැනලා...
ඒත් මට කිසිම අඩුපාඩුවක් උනා කියලා මතක නෑ.... මට අඩුපාඩුවක් නොදැනෙන්න ඒ දෙන්නා තමන්ගේ ජීවිතේම කැප කලා කියලා තේරුනේ ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ... කේක් ෂොප් එක හින්දා තමයි අද ඒ දෙන්නා සතුටක් විඳින්නේ... අම්මගේ අයියලා මල්ලිලා ටිකයි එයාලගේ ළමයි ටිකයි ඕනේ වෙලාවක අපේ ගෙදර.... මායි මල්ලියි හැම තිස්සේම ඒ දෙන්නව ට්‍රිප් යන්න උනන්දු කරනවා... ෆිල්ම් බලන්න යවනවා... හොඳ සංගීත ප්‍රසංග වලට ටිකට් අරං දෙනවා...එහෙම කරන්නේ ඒ දෙන්නගේ තරුණ කාලය අපි දෙන්නා වෙනුවෙන්ම කැප කරලා හිටපු එකට වන්දි ගෙවන්න.... අදටත් මට අපේ අම්මයි තාත්තයි තරුණයි....( 55යි කියන්නේ නාකියි යෑ නේද... හි හි)
ඒත් ඒ දෙන්නා අපි දෙන්නා ගැන හිතලා දුක් වෙනවා... මල්ලිට අසනීප උනොත් කියලා ඒකට සල්ලි ඉතුරු කරනවා... මටත් අරවා මේවා අරං එවනවා... හිටපු ගමන් කරෝල බැඳලා මාලු කෑල්ලක් උයලා මැල්ලුමක් එක්ක පරිප්පුවක් හදලා මං ආස විදියට කෙහෙල් කොලේ ඔතලා මල්ලි අතේ එවනවා.... අපේ මහත්තය වැඩ දවසක මට ගමනක් යන්න ඕනේ නම් ඇවිල්ලා එක්කං යනවා..... (ගෙයක් හදලා දෙන්නද, ඉඩමක් අරං දෙන්නද කියලා අහලා අපේ මහත්තයා ඒකට කැමති නැති නිසා දෙන්නම අපේ මහත්තයා එක්ක තරහා වෙලා ඉන්නේ... හි හි.. මගේ නමට තිබ්බ ඉඩමත් ආපහු අම්මගේ නමටම ලියන්න කිව්වා...)
මම පුංචි කාලේ ඉඳලම ඔය දුක දැක්ක නිසා ලොකු තීරණයක් අරං හිටියා මම නම් බඳින්නේ නෑ නෑමයි කියලා... මට ජීවිතේ විඳවන්න බෑ මයි කියලා මම හිතුවා... යාලුවුනත් බඳින්න හිතහදාගන්න ලොකු කාලයක් ගියා.... එහෙම කලෙත් අපේ මහත්තයාගේ මට තිබුණ ආදරේ හොඳටම තේරුම් ගත්ත නිසායි.... ඒත් තාමත් හිතෙනවා විඳවන්න නම් බෑ කියලා...... අපේ අම්මලා වින්දා වගේ මමත් දුක් වින්දොත් ඒ දෙන්නා ඒ දුකටම මැරිලා යයි.... එදා ඉඳලා දුකක් නොදී හදාගත්ත කෙල්ල මං... අදටත් මාමලා කියන්නේ මං ගැන කතා කලොත් දුකෙන් කතා කරන්නේ කියලා.... කොච්චර හොඳින් ඉන්නවා කියලා පෙන්නුවත් එයාලා හිතන්නේ මම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......
මෙච්චර හෑල්ලක් ලියවුනානේ ඉතිං... හයියෝ..... කපන්න දුකයි.. ඔන්නොහෙ දැම්මා.....
///ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///
උත්තරේ..... ලංකාවේ ඉඳලා නම් බෑ......
අපේ මහත්තයට යාලුවෝ කීප දෙනෙක්ම ආයිත් රට යන්න කතා කරනවා මේ ටිකේම.... ඒත් මම ඒකට කැමති නැත්තේ පවුලක් උනාම එකට ඉන්න ඕනේ කියන හැඟීම නිසා.... කොච්චර අමාරුකම් තිබුණත් රට යන අදහස අත්රින්න තියලා මම කිව්වේ ඒක නිසා... ඇත්ත...... අමාරුයි.... දුක් විඳින්න වෙනවා.... ඒත් සල්ලි වලින් මනුස්සයා නැති අඩුව පුරවන්න පුළුවන්ද.... අනිත් එක එයාම කියන විදය එකපාරක් රට ගියොත් ආයිත් යන්නම හිතෙනව... සල්ලි අඩුපාඩු දැනෙන්න පටන් ගන්නකොට.... ඒක නිසා මම කිව්වා රට යනවා නම් බදින්න කලින් ගිහින් කරගන්න පුළුවන් දෙයක් කරගමු කියලා....ගිහින් ආවානේ... ආයිත් නම් යන්න දෙන් නෑ.... දරුවන්ට තාත්තා කෙනෙක් ෆොටෝ එකකින් පෙන්නලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම.... අනේ මන්දා.... මං වැරදිද මන්දා....
හරි ... අඬ අඬ ටයිප් කලේ... ඒක නිසා හිතට හරි නෑ... ඔන්න මේ ළඟදි හදපු කේක් එකක ෆොටෝ එකක් හම්බුනා... ඒකත් එක්කම අපේ අම්මලගේ තනියට මේ දවස්වල ගෙයි රජ කරගෙන ගෙන ඉන්න මගේ වලව්වේ හාමුගේ ෆොටෝ ටිකකුත් මල්ලිගේ ෆේස්බුක් පේජ් එකේ තිබිලා හම්බුනා... ඔන්න යටින් දැම්මා.....
මේ ඉන්නේ වලව්වේ හාමු..... පේනවනේ රජ කරගෙන ඉන්න හැටි....
මේ කේක් එක නම් ගිය මාසේ වගේ හැදුවේ..... ඔය පබළු එහෙම ගන්න මාත් මල්ලිත් එක්ක ෂොපිං ගිය නිසා මමත් පොඩ්ඩක් විතර සම්මාදම් උනා... හි හි
මේ ලිපියටනම් මටත් සතුටුයි.මොකද මේක මුල් පුවතලෙස තෝරා ගත්තේ මම නිසා...(කොලර් එක උස්සමින්)...ඒයි බල්ලත් නියමයි.වෙන කොටන්න වෙලාව මදි මම යනවෝ.
ReplyDeleteහි හි.. මං හිතුවා අයියා තමයි මේක මුලටම ගන්න ඇත්තේ කියලා.... .....
Deleteජීවිතේ හැටි ඔහොම තමයි හිරු. 40000ක් නෙවේ 10000ක්වත් නැතුව ළමයි හදාගෙන ඉන්න අම්මල තාත්තල ඕන තරම් ඉන්නව. ඔයගෛ අම්ම තාත්ත ඒ කාලෙ කරපු කැපකිරීම එයාල කරනව ඇති. මොනව කරන්නද.
ReplyDeleteඒක තමයි රාජ්... ඒක විඳවීමක් කියලමයි මට හිතෙන්නේ.... අපි දුක් විදලා ළමයි හැදුවා කියලා සන්තෝස වෙන්න පුළුවන් වෙයිද....
Deleteඅපේ අම්මලා අද දුක් වෙන්නේ අපි දුක් විඳලා ළමයි සැපෙන් තිබ්බට දැං උනුත් අපි වගේම දුක් විඳිනවා කියලා.... අනේ මන්දා......
//ඇත්තටම මාසෙකට 30000 - 40000 අතර වත්කමක් තියෙන පවුලකට දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙනන කොයි තරම් සටනක් කරන්න වෙයිද....///
ReplyDeleteමෙහෙම පවුල් ඉන්නවද? ඒකියන්නේ 3000ක් උපයන පවුල් නෑනේ.
තියෙනවානේ... ඔය දැම්මේ අපි දෙන්නගේ වත්කම... හි හි....
Deleteඒත් ඔයා දන්නවද.... ශිෂ්‍යාධාරේ දෙන්නේ මාසෙකට නෙවෙයි අවුරුද්දකට 30000 ට වැඩිය හම්බුනොකරන පවුල් වල ළමයින්ට මම දන්න විදියට.... හිනා වෙලා මැරෙන්නද මන්දා.....
හිරු, පලයන් පලයන් රට ලංකාවෙ ඉදලා හරියන්නේ නෑ,
ReplyDeleteහිරු කියන අත්දැකීම් මටත් තියෙනවා. ඔය පැන්සල දෙකට කපලා දෙන එක , ආයෙ පහු ගිය අවුරුද්දේ පොත්වල ඉඩ තියෙනව නම් ඉතින් ඊලග අවුරුද්දට ත් ඒ පොත් පාවිච්චි කරනවා.
තව දෙයක් ,මම මේ පෝස්ට් එකෙන් පස්සේ හිතාගත්තා අම්මලා ගැන අපි තව බලන්න්න ඕනෙ නේද කියලා. ඒකට හිරුට ස්තූතියි,
රට පලයන්.............
ඔන්න අද මේ පත්ත්ව් අවේ... ගොඩක් පොස්ට් එක දිගට කියව්වා..ගොඩක් ඒවා කසාද බැඳපු මාතෘකා නිසා මම ඉතින් නොදන්නා ඒවාට කට නොදා ඉන්නං...
Deleteරතූ.... රට යන්න ආසාව නම් තියෙනවා.... ඒත් මහත්තයට ජොබ් සෙට් වෙන්නෙම සෞදි රටවල් වල... කුවේට් වගේ නම් අවුලක් නෑ... අනිත් රටවල මං ගිහින් මොන මඟුලක් කරන්නද....? එහෙනං මාත් ජොබ් එකක් හොයාගෙනම යන්න ඕනේ... අනිත් එක ඒ වියදමත් ටිකක් සැරයි මෙයා කියන විදියට.... ඒක හරියන මඟුලක් නෙවෙයි... හි හි....
Deleteඇත්ත බං .... අපිට හැමදේම මතක තිබුනත් සමහර වෙලාවට මේවා අමතක වෙනවා....
මාල්.... අම්මෝ ... එහෙනං කියවන්න එපා... හි හි.. මේවා කියවලා බය වෙලා අන්තිමට අම්මලා තාත්තලා මට නඩු දායි.... හි හි.....
පෞද්ගලික ජීවිතේ බ්ලොග් එකට ගේන්නේ නෑ කියල දැඩි ප්‍රතිපත්තියක ඉන්න හින්දා හිතට ආපු කමෙන්ට් එක ගිල ගත්ත ( භාගෙට ටයිප් කරලම )
ReplyDeleteමේ හිරූ පොඩි ප්‍රෂ්නයක් තියෙනවා....
ඔයා හැම තිස්සෙම අපේ මහත්තය කියල කියන්නේ එයාව තව කට්ටිය එක්ක බෙදාගෙනද ඉන්නේ හි හි
ඒ ඉතිං ආදරේටනේ.. නැතුව මගේ ගොනා කියන්නයෑ... ඔය සමහර ගෑණු කියනවා වගේ.... හි හි
Deleteනෑ බොලව් මී ගොඩය කියන්නේ අපේ කියන්නේ නැතිව මගේ මහත්තය කියන්න බැරිද කියලා අක්ක පොඩ්ඩක් බට ලයිට් වගේ. :)
Deleteබට ලයිට් නෙවෙයි කෝරලයෝ.... මගේ මහත්තයා කියනවට වඩා අපේ මහත්තයා කියන එකේ රිදම් එක හොඳයි.... ඒකයි... හි හි....
Deleteඔය ප්‍රශ්නෙම මටත් හිතට දැනුනා කිව්වොත් හිරූ විශ්වාස කරයිද මන්දා. ඒ නිව්ස් එක දැක්ක ගමන් මමත් බැලුවේ දුප්පත් පවුලක්ද කියලා. මේ කාලේ හැටියට එක්කෙනෙකුට ජීවත් වෙන්නත් මොනතරමක් අමාරුද...එහෙව් එකේ දරුවො පස් දෙකුත් එක්ක අම්මයි තාත්තත් එකතු උනාම ...අම්මෝ...
ReplyDeleteඉස්සර ළමයින් ගැන කියද්දි කියන්නේ වැලේ ගෙඩි වැලට බර නෑ කියලා. ඒ උනාට දැන් ඒ කතාව වෙනස් කරන්න වෙනවා...
ඒකනේ නඟා... අනිත් එක ඕක කටට ආවට කියන දෙයක් විතරයි දැං නම්..... පොඩි කාලේ විතරක් නෙවෙයි... ලොකු වෙනකොටත් ප්‍රශ්න වැඩියි....
Deleteළමයි හදන්න අමාරුයි කියලා බෑ... සිංහල ජාතිය වද වේගන යන එකට විකල්පයක් ලෙස සිරා නම් ක්‍රිකට් ටීම් එකක්ම හදන්නයි හිතාගෙන ඉන්නෙ... ඒ කථාව ඇහුවාම තමා මගේ පෙම්බරියො ඔක්කොම මාව මග ඇරියෙ... ඒ දරුවො 5 දෙනා පොඩිකාලෙ හදාගන්න අමාරු බව ඇත්ත... ඒත් ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕනෙ.... නිරෝගී චිරජීවණය චූටි කොල්ලො 3 දෙනාට සහ චූටි කෙලි පැටව් දෙන්නට ලැබේවා !
ReplyDeleteහිරු ටත් අඩුම තරමේ දුසිම් භාගයද වත් දරුවන් දැයට දායාද කරන්නට නුවණ පෑදේවා... අපේ මහත්තයත් මතක් කරා කියන්න...
ඔය සිරා කියන ඒව කරන්න ගිහින් විහින් අමාරුවෙ වැටෙනව නෙවෙයි ඔන්න, ජාතිය ගොඩදාන එක ඉතිං අපි ඔය සිරා වගේ සල්ලිකාරයොන්ට භාර දෙමු, උන් අපිටත් එක්ක ළමයි හදයි. මට මේ දැනුත් මැවිල පේනව සිරාගෙ අත් දෙකට ළමයි දෙන්නයි, බෙල්ලෙ එල්ලිල දෙන්නයි, අර තඩි බඩ උඩ දෙකයි, අහා ! කොයි තරම් අපූරු චිත්‍රයක්ද.
Deleteසිරා....
Deleteඅපේ මහත්තයත් මුලදි නම් ඔහොම තමයි කිව්වේ.. හැබැයි දැං නං එකා එකා හැලිලා දෙන්නගෙන් නතරවෙලා තියෙන්නේ... හි හි.... වදන්න නම් පුළුවන්..... ඒත් හදන්න තමා බැරි.... මොකෝ ළමයින්ට කන්න අඳින්න උගන්නන්න දෙන්න ආධාර දෙනවයැ.....( ආ.... ඒ කට්ටියට ඉගැන්නිල්ල ඒ තරම් ප්‍රශ්නයක් නෑ නේද... අමතක උනා..) හි හි...
DDT
මටත් මැවුනේ ඒකම තමා.... කොහොමත් ඔය තඩි බඩවලට පොඩි එවුන් හරි කැමතියි... අපෙත් අයියා කෙනෙක්ගේ පොඩි එකෙක් ඉන්නවා... ඌ සීසෝ පදින්නේ, නිදාගන්නෙ තාත්තගෙ බඩ උඩ... හි හි....
මගේ බඩට කරපු අපහාස වලට DDT ගොයියත් එක්වරම පස්දරු වේවා !!
Deleteබය හිතෙන කතා කියන්නෙපා බං.
Deleteඅවශ්‍යතා ටික යන්තමින් හරි ශේප් කරගෙන ජීවත් වෙන්න උනත් සෑහෙන සටනක් දෙන්න ඕනි තමයි. ආර්ථිකය ගැන කිව්වොත් නම් හැම මට්ටමකම අය ඒ ඒ මට්ටමින් හිර වෙලා ඉන්නේ කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteබලු තෙමේ මරු..කේක් එක පස්ට..!!
හරිම අමාරුයි චන්දන... හැම කෙනාම හිරවෙලා ඉන්නේ කියන එක ඇත්ත... සල්ලි කොච්චර තිබ්බත් අවශ්‍යතා ඉවරයකුත් නෑ.... ඒත් දරුවො හදනවා නම් උන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ.... දරුවො අතරමං කරන එක තරම් පවක් තවත් නෑ කියලා මට හිතෙන්නේ....
Delete//දරුවො අතරමං කරන එක තරම් පවක් තවත් නෑ කියලා මට හිතෙන්නේ.... //
Deleteඒක නම් සහතික ඇත්ත..
අදමද මන්දා මේ පැත්තේ ආවේ.
ReplyDeleteඅක්කගේ කතාව ටිකක් සංවේදියි.අපි හැමෝම ගාව කඳුළු කතාවක් තියෙනවා බලන් යද්දී.
හම්ම්... මාත් දැක්කෙ නම් අද තමා... හි හි.. එහෙනං Welcome කිව්වා... හි හි..
Deleteකඳුළු කතා නැති උනානම් අපි සංවේදී මිනිස්සු වෙන්නෙත් නෑ නේද නිශාන්....
ඔහේට තියෙන්නේ ඔහේගේ ටැලන්ට් එක පාවිච්චි කරලා දියුණු වෙන්න. අද ඔය වගේ දේවලට තියෙන ඉල්ලුම වැඩියි. මහත්තයත් වැඩ කරු නිසා එහෙම එකක් පටන් ගන්න පරක්කු වෙන්නේ නැතුව. මේ බොග් වැඩේට නම් ඇඩික්ට් වෙන්න එපා කම්මැලියෙක් වෙයි. එතකොට 3ක් නෙමෙයි 5ක් හම්බ උනත් අවුලක් නෑ.
ReplyDeleteමේ රටේම දියුණු වෙන්න ක්‍රම ඕන තරම් තවමත් තියෙනවා. අවශ්‍ය වන්නේ උත්සාහයයි, උනන්දුවයි, කැපවීමයි, ටැලන්ට් එකයි.. මම හිතන්නේ ඔය දෙන්නටම ඒ දේවල් තියෙනවා.
වැඩේ පටන් ගන්න. කල් දාන්න එපා. ගෙදරින් පටන් ගන්න.
දවසේ ධනාත්මක සිතුවිල්ල-
Deleteඑළ එළ
මාතලන්...
Deleteබදින්න කලින් යාලුවෝ ගෙඩාක් වටගරගෙන ගිරවා වගේ කියෝ කියෝ හිටපු මට එකපාරටම ගේ ඇතුලේ කොටු උන එක ටිකක් දරා ගන්න ආමරු උනා... දවස තිස්සේ කට රිදෙනකම් කියෝපු එකෙක්ට දවසම කතා කරන්න කෙනෙක් නැති උනාම එකෙන් උනේ කන, බොන, නිදාගන්න කම්මැලියෙක් වෙච්ච එක.... කම්පියුටරේ හම්බුවුන ගමන් බ්ලොග් එක ආපහු පටන් ගත්තේ ඒ අඩුව පුරවන්න... මේක ලියන්නෙත් ඒ නිසාවෙන් විතරයි...
අනිත් වැඩේ පටන් අරං තියෙන්නේ... ඒක මම ඉගෙන ගත්තෙම ගෙදර ඉඳන් කරන්නමයි..... මොකද මම ජොබ් එකකට යනවට මහත්තයා කැමති නෑ ඉස්සර ඉඳන්ම....
ජයවේවා.. සියළු ශක්තිය හා ධෛර්යය ලැබේවා. ඔහේට වරදින්නේ නෑ....
Deleteබොහොම ස්තූතියි මාතලන්...
Deleteමම නම් කිසිම දෙයකින් පසුබට වෙන කෙනෙක් නෙමේ හිරුවෝ. කිසිම දෙයක් මුල ඉඳ අගටම ප්ලෑනකට අනුව කරන්න පුළුවන්ද. සමහරු පුළුවන් කියයි.එහෙම අයට මම කියන්නේ මම කතා කරන්නේ ජීවිතය ගැන කියලා. මුල ඉඳන් අගටම හිතපු ප්ලෑන් කරපු විදිහට ගෙනියන්න පවත්වගෙන යන්න පුළුවන් දෙයකට නෙමේ හිරුවෝ ජීවිතේ කියන්නේ. හෙට කොහොම වෙයිද කියලා කියන්න අපි දන්නේ නෑ. ඒත් ඔය හෙට කියන දවස යහපත් කර ගන්න උත්සාහයක් නම් දරන්න පුළුවන්. අවුරුදු කීපෙකට කලින් සරා කියන්නේ මරණ වරෙන්තුව අතේ තියන් ඇවිදපු කෙනෙකුට. කවුරුවත් හිතුවේ නෑ සරා මෙතෙකල් වත් ඉඳීවි කියලා. අඩුම තරමේ මමවත්.ඒත් අද.. මම ඇතුළු හැමෝම වැරදියි. දයා රෝහණ මහත්තයාගේ එක පරිවර්ථන කෘතියක තිබුනා ඊයේ දේවල් හෙට ඒවත් එක්ක පොදි ගහලා අද කරේ තියන් යන එක හරි අමාරුයි, ඒක මහ මෝඩ වැඩක් කියලා. ඒ වෙනුවට අපූරු යෝජනාවකුත් තිබුනා. ඒ තමයි දවසේ මැදිරි තුල වාසය. තේරුනේ නෑ වගෙද..? මෙහෙමනේ මේක සිම්පල් ලයිෆ් තියරි එකක්. සරලව කියනවා නම් ඊයෙත් නැතුව හෙටත් නැතුව "අද" සතුටින් ඉන්න උත්සාහ කරනවා. එතකොට හැම දවසක්ම "අද" දවසක් කරගන්න අපිට පුළුවන්. ඔයාට මෙහෙම කරන්න අරහෙම කරන්න කියන්න මට බැහැ, මට එහෙම කියන්න අයිතියකුත් නැහැ. හැබැයි හිතට දෛර්යය ගන්න හැටි ගැන කියලා දෙන්න නම් පුළුවනි. දැන උගත් අය වෙච්ච ඔයාලා අනාගතේ ගැන බයෙන් වර්තමාණය ගෙවන එක ගැන තව පාරක් හිතන්න කියලා තමයි මට කියන්න වෙන්නේ. එතකොට ඔයාලටම දැනේවි අපි විඳිනවද විඳවනවද කියලා. අනෙක් කාරනාව වසර දෙකක් කියන්නේ මුළු ජීවිතයම නෙමේ. මගේ දැනුමට අනුව යමකට (පුංචි ව්‍යාපාරයකට, දෑතේ රැකියාවකට) අවශ්‍ය මූලික ධනයක් උපයා ගැනුමට දෙවසරක පමණ විදේශ රැකියාවකුත් ප්‍රමාණවත්. තීරණය ඔයාලගේ අතේ. කලින් මගේ කඩේ බිත්තියක ලොකු පෝස්ටරයක් ගහලා තිබුනා. මොකක්ද ඒකේ ලියලා තිබුනේ දන්නවද.....?
ReplyDeleteTHINK..!
මගේ නම් ප්ලෑන් එකක් තිබ්බා සරා අයියේ... ඒකට අනුව වැඩ කරන්නත් පුළුවන් උනා... ඒත් දැන් නම් බෑ... ඒකයි මට තියෙන දුක.....
Delete//ඔයාලා අනාගතේ ගැන බයෙන් වර්තමාණය ගෙවන එක ගැන///
ඇත්ත... පුදුමාකාර බයක් තියෙන්නේ... ඉස්සර ඕනෙ දේකට මූණ දෙන්න පුළුවන් උන කෙල්ලෙක්ට මෙහෙම උනේ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ... මං දිහා බලාගෙන සතුටු වෙන, දුක් වෙන අය වැඩි හින්දද කියලා මට තේරෙන්නේ නෑ...
මෙයා බඳින්න කලින් අවුරුදු 4ක් රට හිටියා සරා අයියේ... ඒකෙන් කරගත්තු දෙයක් නෑ... ඉතුරුවකුත් නෑ.. මමත් හිතුවා වැඩක් පටන්ගන්න හරි උත්සාහ ගනියි කියලා.... ඒත් නෑ.... දැං ගියත් ඔය ටිකම තමයි..... ඊට වඩා හොදයි මෙහෙට වෙලා ඉන්න එක....
දයා රෝහණ මහත්තයා අපේ මල්ලිලගේ ඉස්කෝලෙ දේශනයකට ආපු වෙලාවක ඔය ගැන කිව්වා.. මට ඒක හොදට මතකයි.... ඒත් මේ බය ලේසියෙන් නැති වෙන්නේ නෑ.... මට ඊෙය් අමතක කරන්න බෑ.... හෙට ගැන නොහිත බෑ...
THINK..!
අපේ මහත්තයා හැමදාම මට බනින්නේ මම හිතනවා වැඩියි කියලා... හි හි...
මෙහෙම හරි මේ වගේ අදහස් කියවනකොට මගේ හිතට ධෛර්‌යයක් එනවා... ඒකයි මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න හේතුව.... මොකද අපේ මහත්තයත් එක්ක මේ කිසිම දෙයක් කතා කරන්න බෑ... එයාට මේ වගේ දේවල් ගැන උනන්දුවක් නෑ....
ස්තූතියි සරා අයියේ.....
THINK FOR FUTURE ?
Deleteඅනේ මන්දා රතූ....
DeleteThinking too much is also bad නේ.... ඒක තමා මට තියෙන ලෙඩේ.....
හ්ම්ම් හ්ම්ම්...ඔය විවාහ පුරස්න නම් තාම නෑ ඉතිං.....ඒත් කතා ටිකනම් හිතට වැදුනා..
ReplyDeleteඅර වලව්වේ හාමු මහත්තයත් පට්ට ඈ!!
හි හි... කසාද බඳින්න හිතනවා නම් අඩු ගානේ ඉඩමක් අරං ගෙයක් හදාගන්නවත් පටං ගන්න ඊට ඉස්සෙල්ලා... අරවටයි මේවටයි නාස්ති කර කර ඉන්නේ නැතුව... හොඳේ... හි හි.... ( තාම කැම්පස් නේ..?.)
Deleteඔහොම හිතන්න එපා හිරුවො. එහෙම කලොත් නම් වැඩක්ම නෑ. ඔය සරත් හෙම කියලා තියෙන්නෙ ලස්සනට.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හම්ම්..........
Deleteඅනේ මන්ද හිරූ මොනව කියන්නද කියල, මේ කාලෙ පවුල් පන්සල් වෙච්ච මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියල මට නම් හිතාගන්නවත් බෑ, මේ තනිකඩ අපිටත් ‘ජීවන බර‘ දැනෙන හැටියට. අර සූටි පැටව් පස්දෙනාට නිරෝගි සුව, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteඒ වගේම ඔයාලගෙ අම්ම, තාත්ත හරි උත්සාහවන්තයි හිරූ. අම්මල තාත්තල දරුවො වෙනුවෙන් මොනවද නොකරන්නෙ, එක අතකට ඒ දරුවො ඔයාල දෙන්න වෙච්ච එක කොච්චර දෙයක්ද, ඔයයි මල්ලියි අද ඒ දෙන්න ගැන හිතනව, ඔයාලට ඒ අතීතෙ මතක තියෙනව, ඒ ගැන අවබෝධයක් තියෙනව. අවාසනාවකට රටේ ලෝකෙ කොච්චර දෙමව්පියන් අසරණ වෙලා ඉන්නවද ඔය ටික අමතක කරපු දරුවො නිසා.
අමතක කරන්න අමාරු ඒ දුක් වේදනා ටික ගැන අපිට අවබෝධයක් තිබුණ නිසා.. සමහර ළමයිට වෙන්නේ ඒවා ගැන ගානක් නැති වෙනඑක...
Deleteපවුල් පන්සල් වෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සු නිසා මේ වගේ දේවල් හොද උනන්දුවෙන් බලන්නේ..
ReplyDeleteඅනිවා... බඳින්න කලින් සම්බොලයි බතුයි කාලා හරි ඉමු කිව්වට ඒක කරන්න අමාරුයි මේ කාලේ.... ගමේ ඉන්න මිනිස්සු බලන්නේ කොහොමහරි ටවුමකට කිට්ටුවෙන්න... මොන දේ කලත් දරුවන්ට හොඳම දේ දෙන්න... එතකොට සුරංගනා කතා අමතක වෙනවා.... හි හි...
Deleteලස්සන ලිපියක් හිරු. ලිපිය ලස්සන වෙලා තියෙන්නේ ඔයාට ඒ අතීතය දිහා බලලා මම මෙච්චර දුරක්, මේ විදියට ආවා කියලා සතුටුවෙන්ට පුලුවන් හන්දා. ඒ වගේම ඔය වගේ ආදරය කරන දෙමව්පියන් ඉන්න හන්දා.
ReplyDeleteලමයෙක් හදන්ට බයවෙන්ට කාරි නෑ. දෙන්නෙක් හොඳටම ඇති.:)
එයාලත් ඔය දෙන්නගේ ආදරේ එක්ක හොඳින් හැදෙයි. අර ගේ හැදුනු හැටි බලන්ට.
මේ... අපිට මේවට උත්තර බඳින්ට හොඳේ.:D
බයයි පොඩ්ඩියේ.. පරාණ බයයි... හි හි... ක්‍රිකට් ටීම් එකක් ඕනෙ කියපු එක්කෙනාගෙත් දැං ඉතුර වෙලා ඉන්නේ දෙන්නෙක් විතරයි... හි හි...
Deleteඇයි අප්පා.. මං හැමදාම උත්තර බඳිනවා නොවැ..... හි හි
අයියෝ පොඩි ප්‍රශ්නයක්නේ. අපි මේ 2500 නුත් ලමයි දෙතුන් දෙනෙක් හදාගෙන ඉන්ටෙ. බය කාරි නොම වන් බන්දුල නම් පිස්සු පණ්ඩිතයා සිටින කල්
ReplyDeleteඔය කතාව කවුරුහරි කියයි කියලා හිතුවා.. හි හි....
Deleteදරු සම්පත් වැඩිවෙන එකනම් රටේ වාසනාව නමුත් මෙන්ටෙන් කොස්ට් එකට ලොක බැංකුවෙනුත් ආධාර නැත අපුච්චේ
ReplyDeleteඅන්න ඒකනේ වැඩේ...... මේන්ටේන් කරන එකනේ අමාරුම....
Deleteහිරුවාගේ අතීත කතාව මගේ ඇස් වලට තෙතමනය ගේන්න සමත් උනා. ඇයි දන්නෙ නෑ. එහෙම උනා. මහත්තය කාරයට නම් රට යන්න දෙන්න එපා. සල්ලි වලින් හැම අඩුවම පුරවන්න බෑ. සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි.
ReplyDeleteනෑ මධුරංග... රට යන්න නම් අදහසක් නෑ....
Deleteඇත්ත සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි.. ඒත් සල්ලි නැතුව හරි අමාරුයි ජීවත් වෙන්න... මොකද දරුවො උනත් දුක් විදිනකොට බලං ඉන්න අපිට බෑ නේ.....
ඔන්න ඕක තමයි අක්කේ මටත් තියෙන ප්‍රශ්නේ අක්ක ඔය කියල තියෙන ගැන වගේ 10 ගුණයක් අරගෙනත් මට තේරෙන්නේ නැහැ කොහොම මැනේජ් කරගන්නද කියල එහෙන් කැම්පස් ෆී මෙහෙන් ගෙවල් කුලී. වාහනේට තෙල්. බනියගේ ඔපරේෂන් එකට සල්ලි අයියෝ මමත් මේ කල්පනා කලේ බැංකුවක්වත් කඩන්න. :( ලංකාවේ නම් කොහොමවත් ජීවත් වෙන්න බැහැ. ජීවන බර අහස උසට වැඩි වෙලා. මට ඇත්තටම දුක හිතුන හිරු අක්කේ. මගෙත් කාලයක් තිබුන ඔය වගේ. මම බඩගින්නේ අනුන්ගේ අගුපිල් වල වැටිලා නිදාගෙන තියෙනවා. දුක් වෙන්න එපා මම නම් හිතන්නේ අයිය රට යන එක හොඳයි ඔයත් එන්න ට්‍රයි එකක් දෙන්න එතකොට ෆැමිලි එකම මෙහෙ. මනසින් වැටෙන්න එපා.
ReplyDeleteආ.... කියන්න අමතක උන ඔය අපේ වලව්වේ සාමාජිකයාව මෙහාට එව්වනම්. එකාගේ පෙනුම පංකාදු පහයි නොවැ.
Deleteඔව් ඔව් මටත් අමතක වුනා. නැත්නං.. කෝරලේ මහත්තයාගේ වලව්වේ සුනඛ හාන්දුරුවෝ කොහොමද හිරු ගාව තියාගන්නේ..
Deleteරට යන එක අපි දෙන්නට හරි යන් නෑ මල්ලා... මොකද අපේ මේ අම්මලා තාත්තලා දෙගොල්ල මරා ගැනිල්ලත් එක්ක මට තනියෙන් ඔය කට්ටියව ආම්බාම් කරගනෙ ඉන්න බෑ... හි හි... අපි දෙන්නම ගියොත් ඉතුරුවක් කරගන්න හම්බුවෙන් නෑ.... ප්‍රස්න පත්තරයයි... හි හි...
Deleteඒකව ඉල්ලන්න ඕනේ අපෙ තාත්තෙගන් තමා... ඒක හරි යන් නෑ.... හි හි
හම්මපා දේශකයට විතරයි ඒක හිතන්න හිතුනේ.
Deleteඅක්කගේ පිය තුමාට මම තුමා කිව්වා කියන්න එතකොට හරි. මට ලංකාවට එන්න තියෙන්නේ මේ දෙසැම්බර් වල ඒත් එන්න විදියක් නැහැ. මොකද ලංකාවට ආවාකියල ඒමක් නැහැ වියදම් මිසක්. හැබැයි දෙවියනේ කියල බනියා ආවට පස්සේ මගේ පැටලිලි ටික හෙමෙන් හෙමෙන් බේරුම් කරගෙන යනවා. ඒ පැත්තෙන් හිතලයි මම කිව්වේ මොකද පිරිමියෙකුට තනියම මැනේජ් කොරගන්න අමාරුයි.
Deleteඔය කියෙව්ව අටමගලය නං මට තේරුනේ නැත.
ReplyDeleteඒත් අනේ අර බලු තඩියා....හොද නිරෝගී බලු මල්ලියෙක් ඈ
බලු මල්ලිට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තේරුනේ නැති උනාට කමක් නෑ.... හි හි.... තාම මේ සූටි වල් රජානේ.... හි හි
Deleteබලු තඩියව හැමදාම එක්සසයිස් කරවන්න ඕනේ.. නැත්තම් කන තරමට ප්‍රෙශර් හැදිලා තමයි උන්දෑ සෙත්තපොච්චි වෙන්නේ..... හි හි...
වලව්වේ හාමු කියන්නේ මේකයි.... ඔය ජාතියෙ එක්කෙනෙක් හදන්න නම් අනිවා මාසෙකට රුපියල් 5000ක් වත් එයාට වෙන් කරනන් පුළුවන් වෙන්න ඔනේ.. ඒ වගේම මෙයාව පටවගෙන යන්න ගෙදර වාහනයක් තියෙන්න ඕනේ.. මෙයාලා හරියට ලෙඩ වෙනවා... ඇඟේ එල්ලෙන, නටන, මහ හයියෙන් බුරන එක, ඇඳවල් වල නගින එක ඉවසගෙන ඉන්න පුළුවන් කට්ටියක් ගෙදර ඉන්න ඕනේ... හි හි.....
ඔන්න පොඩි කාලේ ෆොටෝ ටිකක් මෙතන තියෙනවා...
ඕ....අක්කේ මම නිවුන් දරුවෝ දෙන්නෙක් හදන්නයි හිතන් උන්නේ :)
ReplyDeleteආරංචියි ආරංචියි... හි හි... එකපාරින්ම වැඩේ ඉවර කර ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි වගේ....
Deleteදෙන්නගෙන් එක්කෙනෙක් රට යන එක නම් තරුණ ජෝඩුවකට හොඳ නැත. යනවානම් දෙන්නම යන්න. මාතලන් කිව්ව වගේ කේක් හැදිල්ල අද කාලේ හොඳ ආදායම් මාර්ගයක්. අනික එසේ මෙසේ කේක්ද? දැක්කහම පිස්සු හැදෙන කේක්නේ. හැම දේම සර්ව සම්පූර්ණ වෙනකන් ලමයි නොහදා ඉන්න එක මෝඩ වැඩක්. ඔයාල දුප්පත් අය නෙමෙයිනේ. මධ්‍යම පාන්තිකයෝ නේ. දන්නවනේ 35න් පස්සේ ලමයි හැදිල්ල ටිකක් රිස්කි බව. කොහොම හරි දෙන්නෙක් නම් හදා ගන්න. ඔයා ඔයාගේ අතීතය කියනවා වගේ ඔයගේ ලමයිනුත් දවසක කියයි එයාලගෙ අම්ම තාත්තා එයාලව හදපු හැටි.යම් තරමක දුක් පීඩා කියන්නේ නරක දෙයක්ම නෙවෙයි... සැපම විඳින මිනිසුන්ට වඩා මහපොලොවේ පයගහලා ඉන්න හයියක් ලමයින්ට ඒකෙන් ලැබෙයි. තමන්ගෙම අත්දැකීම් දිහා බලපුවහම හිතෙන්නේ නැද්ද ඒ කාලේ වින්ද යම් යම් දුක් කරදර වලින් ජීවිතයට පන්නරයක් ලැබුනා කියලා. ඒ අත්දැකීම ඊලඟ පරම්පරාවත් සතුටින් බාරගනීවි.
ReplyDeleteමාත් 5 හදන්න හිටියේ... නෝනා කිව්වා 3 ඇති කියලා, පස්සේ 4 කැමති කරවගත්තා. එකෙක් හැදුවා.. උගේ රඟේ පේනකොට මම කිව්ව ඔය ඇති කියලා, දැන් නෝනා කරදර කරනව අඩුම ගානේ තව එකෙක්වත් හදමු කියලා.... මම මේ තාම හිතනවා...
කේක්...?????? අපෝ නෑ..... කේක් අම්මගේ ජොබ් එක..... මම පටං ගන්නේ ග්‍රෑෆික් ඩිසයිනින්... හි හි...
Deleteඔය වයස පුරස්නෙත් තියෙනවා තමා... 27 වෙනකොට එකෙක් හදනවා කියලා හිතං හිටියේ ඒත් ඒක කරගන්න බැරි උනා.... දරුවන්ට දුක් විඳින්න වෙනවා කිව්වේ ඉගෙනගෑනීම වගේ දේවල් ගැන.. වැටිලා ඉන්න හරිහමන් තැනක් තියෙන්න ඕනෙ කියන එක.... කොහොමත් මගෙත් අදහස දරුවෝ යම්තරමකින් පොලවේ පය ගහලා ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ කියන එක....
///මාත් 5 හදන්න හිටියේ... නෝනා කිව්වා 3 ඇති කියලා, පස්සේ 4 කැමති කරවගත්තා. එකෙක් හැදුවා.. උගේ රඟේ පේනකොට මම කිව්ව ඔය ඇති කියලා, දැන් නෝනා කරදර කරනව අඩුම ගානේ තව එකෙක්වත් හදමු කියලා.... මම මේ තාම හිතනවා...////
හි හි... අපේ මහත්තයත් ඉස්සර කිය කිය හිටියේ ඔහෙම තමා.. දැං නං එයාගේ ගාණත් 2ට බැහැලා... හි හි....
අවුල්ක නෑ අර කතාවක් තියෙනවානේ ගහේ වැලේ හැදෙන ගෙඩි ගහට වැලට බර නෑ කියලා. අනේ හරි වාසනාවං. කොහොම වුනත් එකෙක් අඬල ඉවර වෙනකොටම අනිකා අඬනවා. අන්න නියම සංගීතේ අම්මට නැලවිලි ගී කියලම හොද ගායිකාවක් වෙන්න පුළුවන් වේවි.
ReplyDeleteදුක් වින්ද කාලෙට පස්සේ සැප විදින්න හම්බ වෙනවා කියක කතාව ඇත්ත.
නියම සංගීතේ නේන්නං.. ඇයි ලෙඩ වෙන්න ගත්තමත් පොලිමටනේ ලෙඩ වෙන්නේ... හි හි...
Deleteඅපිටත් තියෙන්නේ අර වගේ අතීතයක් තමයි හිරු.. ඒ අතීතයේ ඉන්නේ බෝදිසත්ව පාරමිතා පුරපු අම්මෙක් සහ තාත්තෙක්.. අපිට ඒ තරම් දුකක් විඳින්න නැහැ කියල හිතෙන්නේ නැද්ද ? රට යන්නද නැද්ද කියන එකට හරි පිළිතුරක් නැහැ.. අපි ඇවිත් කලේ කොටි වලිගයක් අල්ල ගත්ත එක. ළමයි ලොකු වෙනකොට ඒ අයට අද්‍යාපනය දිගට ගෙනියන්න ඕන නිසා අපිට මෙහෙම හිර වෙන්න උනා. අන්තිමට අපි හරියට විදේශිකයෝ වගේ.. මට නම් තාම ලංකාවේ ගියදාට ඉන්න ගෙයක් වත් නැහැ.. එක අතකට එකත් මොකටද කියල හිතෙනවා. ඔවුවත් දාල යන්න එපාය.. ඔය ප්‍රශ්න ගැන ගොඩක් දුරට හිතල හිත ඔද්දල් කරගන්න එපා. අද ගැන හිතල ඉස්සරහට යන්න. හැබැයි මහත්තයා රට යනවා නම් නෝනාත් එක්ක යන්න පුළුවන් තැනකට යන්න කියන්න.. මම නම් කලේ එහෙමයි..ජීවිතේ හොන්දම් කාලේ ගෑනියි මිනිහය් දෙපැත්තක ඉන්න නම් මොකටෙයි කසාද බඳින්නේ ? තනියෙන් කට්ට කන්න සල්ලි මොකටද ? ඉතිරි නොකලත් පවුල ප්‍රශ්නයකින් තොරව එකට ඉඳීම සැපයි ..
ReplyDeleteඅපේ මහත්තයත් කියනවා ඔය කතාව.. රට යන ගොඩක් අයට ආයිත් ලංකාවේ ඉන්න බෑ කියලා.. මොකද ගෑනුන්ට උනත් එහෙම සල්ලි හම්බුනාට පස්සේ සල්ලි අඩුවෙන් ජීවත් වෙන්න අමාරුයිලු... ගෙයක් හදාගන්න කියලා යන මන්සුසයට ඒක ඉවර උනාම තව මොකක් හරි අවශ්‍යතාවයක් එනවලු... එයාලගේ කම්පැනි එකේ හිටියලු ඒ වගේ අවුරුදු 20 / 30 එහෙ හිටපු අය.... ළමයි එයාලව දන්නේ වත් නෑලු... එහෙම ජීවත්වෙලා වැඩක් නෑ කියලමයි මට හිතෙන්‌ෙන්...
Delete///ඉතිරි නොකලත් පවුල ප්‍රශ්නයකින් තොරව එකට ඉඳීම සැපයි ..///
මේක තමා මාත් හිතන්නේ.. මොකද අපේ මේ අම්මලා දෙගොල්ල මැද්දේ මම තනියම හිරවුනොත් ඉවරයි.... හි හි....
වලව්වේ හාමුගේ ඇස් දෙක මොකො නිකන් ලයිට් දෙකක් වගේ...
ReplyDeleteකතාවනම් සම්පුර්ණ ඇත්ත..
ළමයි හදන්න ලේසියි ..ලොකු කරන්න තමයි අමාරු (තේරුනාද මන්දා )
ෆ්ලෑෂර් එක වැදුනම එයාගේ ඇස් එහෙම තමා... හි හි..
Deleteඔව් ඔව්... මොකෝ නොතේරෙන්න.. ටියුබ් ලයිට් කියලා හිතුවද....
අක්කේ ඔයාගේ කතාවට මං එකෙන්ම ලයික්
ReplyDeleteඅම්මලා තාත්තලා උනාම මාර වගකීමක් තියෙනවා නේ අක්කේ
අපිට ඉක්මනටම ඔය තත්වේ උදා වෙයි නේ
අම්මපා බැන්දට පස්සේ මිනිහා රට යන එකට මාත් කැමති නෑ
පොඩි එකාට තාත්තගේ ආදරේ තමා ගොඩාක් වැදගත් වෙන්නේ
ඒකනේ... මාර වගකීමක්.. අනේ මන්දා... හි හි.. හිතනකොටත් බයයි...
Deleteරට යෑම නම් මටත් ඉස්සර ඉඳලම අල්ලන්නේ නැති දෙයක්.... යනවනං එහේ ඉන්නම බලාගෙන පවුල පිටින්ම තමා... හි හි
අනේ මන්ද අක්කි.. මේක කියෙවුවම අපි ඉස්සර හිටපු විදියත් මතක් උනා... රට යන විදියට මොනවා කරන්නද මන්ද..
ReplyDeleteකොහොද හරි මේ ගේම් එක දිනන්නම වෙනවා.. පැරදුනා කියන්නේ හිගා කන්න වෙන එක තමයි..
දෙන්නටම ජයෙන් ජයම වේවා.. වෙන කියන්න දෙයක් නෑ..
දිනනවා දිනනවා.. ඒක නොකෙරුවොත් ඉඳලා වැඩක් නෑ... හි හි...
Deleteඔන්න මම තනියෙන් හිටියා නම් මෙලහට රට ගිහින් ... හැබැයි ඉතිං ආයිත් පැත්ත පලාතේ එන්නේ නෑ... හි හි... (කනක් ඇහිලා ඉන්න හම්බුවෙන්නේ නෑ අම්මලගෙන්... හි හි)