Wednesday, November 12, 2014

මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ.....


ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ... 

කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න දෙයක් හදල කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම කොට කොට ඉන්න හිතෙන්නෙ නෑ... ඔය ටීවී සීරීස් එකක් දාගෙන පැයක් ව්තර බලල, ගිහින් නිදා ගන්නව මිසක්... 

ඒ කොහොම උනත් ලියන්න දේවල් නං නෑ කියල කියන්න බෑ.. අපේ කඩේ ඉන්නකොට නානාප්‍රකාර චරිත හම්බුවෙනව.. ඒවා ඉතිං ලියන්න ඕනෙ කියල හිතාගත්තට ගෙදර එනකොට අමතක වෙලා... හි හි... 

ඒ උනත් මේ අද උදේ කට්ටියගෙ පුස් කාපු පෝස්ට් බලනකොට සිරා ලියපු පෝස්ට් එකකට කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැකල, කාලයක් තිස්සෙ ලියන්න ඕනෙ කියල හිතපු දෙයක් ලියල දාන්න හිතුන... වෙනදා වගේ ආරලු බුරලු දාන්න වෙලාවකුත් නැ...ඒක නිසා ඔන්නොහෙ කෙලින්ම කතාවට බහිමුකො... 

ඒ තමයි මේ අපේ රටේ වගේ රටවල් වල මිනිස්සු බොහොම කලාතුරකින්වත් කෝටිපතියො බිලියනපතියො වෙන්නෙ නැත්තෙ කකුලෙන් අඳින උන් වැඩි හින්ද කියන එක... 

ගිය ඉරිද ලංකාදීපෙ ඊයෙ උඩින් පල්ලෙන් බලනකොට ඒකෙ තිබ්බ පෝර වලට ගත යුතු මට්ටමේ කසල තේ දැං පිටරටටත් යවනව කියල.. මට ඇත්තටම ‘‘ ඇති යන්තං ‘‘ කියල කියවුනා. ඒ මොකද කිව්වොත් දැංවත් මේ යක්කු මේ වැඩේ නවත්තන්න මොනා හරි කරයි කියල හිතිච්ච නිසා... 

ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ... 

මට අර විදියට කියවුන එක ගැන කාටහරි වැරදියට හිතෙන්න පුළුවන්.. රටට නරක නාමයක් එනවට හොඳයි කියන්නෙ ඇයි කියල... ඒත් නිකමට කල්පනා කරලා බලන්න... 

අපි කන පළතුරු ගැන.. 
අපි කන එළවළු ගැන..
අපි කන හාල් ගැන... 
අපි බොන කිරිපිටි ගැන.. 


තව ගොඩක් ජාති තියෙනව... 

අම්ම අසනීප උනාම මේ දේවල් මාර විදියට දැනෙන්න ගත්ත... 

කඩෙන් කෙහෙල් ඇවරියක් ගෙනාවම ඒක නැට්ටෙ ඉඳලම කහ පාටයි... කෙහෙල් නැට්ටට වෙනකම්ම කහ පාට උනාම ගෙඩිය ඉදිල වැඩිවෙලා කඩං වැටෙනව.. ඒ උනාට මේවා හොඳ හයියයි... අනේ.. බලනකොට අපේ මේ කඩවල මිනිස්සු කෙහෙල් කැනට රසායනික බෙහෙත් ( කෑමට සුදුසු නැති) ස්ප්‍රේ කරල දවසක් තියල විකුණනව... 

මඤ්ඤොක්ක අපි ගෙදර වත්තෙ ගහක් උදුරපුවම අල හතරක් පහක්ම කැඩෙනව.. මෙන්න පොලේ තියෙනව සීරුමක් වත් නැති ලස්සන ලොකු මඤ්‌‌ෙඤාක්ක අල... අනේ.. බලනකොට මේ මඤ්‌ඤොක්ක උගුල්ලන්න කලින් පසට බෙහෙතක් ගහනව... පස බුරුල් වෙන්න ... ඒක ගහල සතියක් යනකං මඤ්ඤොක්ක උගුල්ලන්න හොඳ නෑ.. ඒත් මේ මිනිස්සු ඊළඟ දවසෙම උගුල්ලලා පොලට එන වෙළදුන්ට විකුණනවා.. අර බෙහෙතෙ සැර යන්නත් කලින් මඤ්ඤොක්ක ටික අපේ බඩේ... 

මම සාමාන්‍යයෙන් ගෙදරට ගේන්නෙ රෝස කැකුළු කියන හාල් ජාතිය... පොලෙන් දවසක් ගෙනාපු හාල් ටික හෝදන්න හෝදන්න වතුර ටික රෝසම රොස පාටයි.. අනේ.. බැලින්නම් මේවට ඩයි දාලා... 

හැම එකාටම මිරිස් ගෙනල්ල වේලලා කොටාගන්න වෙලාවක් නෑ නේ.. අපි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පැකට් කරලා සුපර් මාර්කට් වල තියෙන මිරිස් කුඩු... මාත් එහෙම ගෙනාපු මිරිස් වගයක් බොහොම පොඩ්ඩක් දැම්මම ඇති, හොද්ද රතුම රතු පාටයි... ඒත් මෙලෝ සැරක් නෑ... අනේ බැලින්නං මේවට ඩයි දාලා පාට කරල...

මේ ඩයි කියන්නෙ කෑමට සුදුසු කලරින් කියන ජාති එහෙම නෙවෙයි... ගොඩක් වෙලාවට කෑමට නොගත යුතු වර්ණක... 

මේ බොහොම පොඩි කතා ටිකක්... 

මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ රටේ මිනිස්සු කවුරුහරි කන කෑමකට මේ වගේ දේවල් කරන්නෙ කියන එක... 

මම අපේ අම්මට හැමතිස්සෙම කියන දෙයක් තමයි ‘‘ ගනං වැඩි උනාට කමක් නෑ.. හැබැයි හරියට දෙන දේ දෙන්න කියන එක... 

ඒත් අපේ ගොඩක් මිනිස්සු හොයන්නෙ රස ගුණ නෙවෙයි... 

සෝබ‌නේ.... වටේ මිනිස්සුන්ට පෙන්නන්න කරන වැඩ... 

එක උදාහරණයක් මේ... 

ඔය මගුල් ගෙවල් වල දෙන කේක් කෑල්ල තියෙනවනෙ... වෙඩිං කේක් කෑල්ල කියන එක... ඕක ඉස්සර නං ටොපිය වගේ ඔතල දුන්න.. දැං පෙට්ටියක දානව.. 

සාමාන්‍යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ 25.00 විතර ඉඳන් බොහොම ලොකු ගනං වලට වෙනකං.. එක එක අමුදූව්‍ය වලින්, එක එක විදියට හදල...

ඉතිං ගිහින් හොයලා හොයල ගන්නවා රැ 50.00 විතර ලස්සනට හදල, නම ගම ප්‍රින්ට් කරපු පෙට්ටි.. තව රු 50 විතර වියදම් කරනවා වෙඩිං ඉන්විටේෂන් එක.. අනිත් ඒවා පැත්තක තියමුකො ඊට පස්සෙ.. 

අනේ අර පෙට්ටියට දාන්න කේක් කෑල්ල හොයං එනව රු 25- 30 කට විතර... 

ඒ වෙලාවට මම අහනව ඔයාලට කේක් පෙට්ටියට 50ක් වියදම් කරන්න පුළුවන් නං කේක් කෑල්ලට ඒ ගාන වියදම් කරන්න බැරිද කියල... එතකොට දෙන උත්තරේ තමයිනෑ ඉතිං .. කේක් පෙට්ටිය හැමෝම තියාගන්නවනෙකියන එක... 

අනේ මං දන්නෙ නෑ... බොහොම වෙලාවට මේ මං වගේ ඔය කේක් පෙට්ටි අරවා මේවා හදන අය මිසක් වෙන‌ කවුරුවත් ඔය කේක් පෙට්ටි දවසකට දෙකකට වගේ පරිස්සම් කරන්නෙ නෑ... 

අනිත් එක වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක.... ඒ ගැන නං වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

ඇයි හත්දෙයියනේ මේ රටේ වත් නොවිච්ච සම්ප්‍රදායක් කරන්න මේ තරං නහින්නෙ.... දෙනවලකො තේ එකක් එක්ක හොඳ චොක්ලට් කේක් කෑල්ලක්.. ඔය මල මඟුල් නැතුවට...

( සමහර දුප්පත් මිනිස්සු ණය වෙලා අමාරුවෙන් වෙඩිං කේක් කෑලි ගන්න හොයන් එනකොට මං පැහැදිලි කරල කියල දෙනව ඕක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. චොක්ලට් කේක් කිලෝ තුනක් ගෙනිහිල්ල කෑලි කපලා හවස තේ එකත් එක්ක කට්ටියට දෙන්න කියල... ඒ මිනිස්සු තේරුම් ගන්නවා... ) 

කොතනද අවුල තියෙන්නෙ කියන එක මට තාම හිතාගන්න බෑ... 

මේ තියෙන්නෙ බොහොම සිම්පල් වෙඩින් කේක් එකක්... රිජිෆොම් ඩමි නැත... බටර් කේක් කිලෝ 4යි... අඩි එකහමාරක් විතර උසයි... වැඩි විස්තර විකාර නෑ... රැ 8500 යි..  කෑලි 50කට ලේසියෙන්ම කපන්න පුළුවන්...