මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....
දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ......
The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files... ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න...
අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...) මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )
පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...
පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...
අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජිෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව...
අක්කේ මේ දවස්වල බිසිනොස් බැහැලා නම් කේක් ඇඩ්ස් දාන්න තරුණි පත්තරේට. අපි එන්නේ බ්ලොග් කියවන්න මිසක් ඇඩ් බලන්න නෙවෙයි.
ReplyDeleteඔන්නොහෙ ඉඳල හිටල ඇඩ් එකක් බැලුව කියල මහ නරකක් වෙන්නෙ නෑ අනේ.... හි හි...
Deleteඅර අන්තිම කේක් එකනං මරු. X-Files අන්තිම කාලේ නම් එපා වුනා
ReplyDeleteමාත් අන්තිම කාලෙ බැලුවෙ නෑ... ඒ කාලෙ ලව් ඉලවු ඔලුවට ගහල තිබ්බෙ... හි හි
Deleteහැමදාම ඇවිත් හප්පා මකුළුදැල් කියල කේක් ගෙඩියක් දෙකක් පෙන්නලා යනවා මිසක්..... ඒකත් පින්තුර! අම්මප මෙහෙමත් වැඩක්!
ReplyDeleteඒක තමයි මචෝ මමත් කිව්වේ. මේ දවස්වල මෙයාගේ බිසිනොස් බැහැලා ඇති. ඒකයි අපිට කේක් පෙන්නලා පබ්ලිසිටි දෙන්නේ.
Deleteහි හි.... කම්මැලියි හලෝ ලියන්න...
Deleteහරි හරි, ආයෙ පාරක් බඳින දවසට කේක් ඕඩර් එක දෙන්නංකො. හැක.. හැක..
ReplyDeleteඅන්න හොද වැඩේ... හි හි
Deleteලස්සනයි කේක් ටික...
ReplyDeleteරිජිෆෝම් කේක් වෙනුවට කප් කෙක් ස්ටක්චර් එකක් හදන්නකොට අඩු ගානේ කේක් කෑල්ලක් හරි කන්න පුළුවන් නේද .. ඒකට යන වියදමේත් ලොකු වෙනසක් නෑනේ..
රිජිෆොම් කේක් එක කොහොමත් වැඩක් නෑ තුශානි... හැබැයි ඉති ලොකුවට හදන්න ඕනෙ නං කේක් වලින් හදල වැඩකුත් නෑ.. ඔච්චර කේක් ගොඩක් මොකාද කන්නෙ... හි හි... ඔය මල්ලිගේ කේක් එක එහෙම හදන්න ගියොත් කේක් කිලෝ 50කට වැඩ්ය යනව... තට්ටු 2-3 වගේ කේක් නං කේක් වලින් හදන එක තමයි හොඳ... ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ...
Deleteඕවා හැදුවා වගේ නෙමෙයි උස්සන් යන එකනේ පන යන වැඩේ..
ReplyDeleteමටත් හිතුනේ එකම කියහන්කෝ...
Deleteමොකෝ ඔව්වා මේකි උස්සං යනව කියල යැ , නිකං හරි උස්සං යන එකාල වැට්ටුවොත් එල්ලෙන්ඩ තමා වෙන්නේ
Deleteඔය ෆොටෝ එකේ තුන් දෙනත් මගෙන් බැනුං අහ අහ තමයි ඔය උස්සගෙන එන්නෙ.. හි හි...
Deleteඅන්තිම කේක් එක පට්ට........... කපල් එක ආවත් නැතත්.. (පොඩි උන්ට විතරක් නෙමෙයි) යන එන ගමන් හොරොන් කෑල්ලක් උස්සං ගිහින් කන්න ඇහැකිනේ........
ReplyDeleteහොරෙන් නෙවෙයි... අපිම දුන්න... හි හි
Deleteඔව් අප්ප.. මුන් එනකං අපි බඩගින්නෙ ඉන්නයැ... අම්මයි මායි උදේට වත් කාලා නෑ එදා...
මකුළු දැල් කැඩීම වෙනුවට කේක් පින්තූර දාලා අපිව නොමඟ යවනවා...
ReplyDeleteඅපි එහෙමයි....
Deleteහි හි...
අනේ උඹත් එනවා මකුළු දැලක් දෙකක් කඩනවා වහලා යනවා. මේ බ්ලොගට දාහං කැප්පෙටියා අත්ත වගේ නමක්.
ReplyDeleteහි හි...
Deleteකම්මැලියි ඩූඩ්...
ස්කලී
ReplyDeleteදෙන්නම දෙන්නම... හි හි
Deleteකේක් පින්තූරුනම් පංකාදු පහයි! ඒ වුනාට පින්තූරවලින් මකුළුදැල් කැඩීම ගැන අපේ බලවත් විරෝධය ඈ...
ReplyDeleteස්ක්‍රීන් එක කාපන්... හි හි
Deleteලස්සන කේක් එකක්. ආපහු බඳින්න හිතෙනවා.
ReplyDelete