Friday, February 26, 2016

හප්පා... මකුළු දැල් ගොඩ....

මකුළු දැල් බඳිනව කියල මෙහෙමත් කරන සිරිතක් තියෙනවද මං අහන්නෙ....

දැං ඉතිං මේක සුද්ධ කරන්නත් මාසයක් විතර යයි වගේ...... 

The X files revival එකත් එක්ක මේ මාසෙ ආයිත් ලියන්න පටං ගන්න හිතං හිටපු බ්‌ලොගේ වැඩේ තව කාලෙකට පස්සට දාන්න උනා.... කොහොමත් මට ඒ කාලෙ ඉඳල තදට තියෙන පිස්සුවක් තමයි X Files...   ඒ කාලෙ රෑ 10.30 - 11.00 වෙනකං පුදුම දුකක් විඳල ඇහැරගෙන ඉන්නව ඕක බලන්න... 

අපෙ මෙලෝ වැඩකට නැති මලයා, ( ආ.. ඌව ගිය මාසෙ බන්දල, ගෙයිනුත් එලෝල දම්ම....දැං යන්තං කනක් ඇහිල ඉන්නව...)  මං රස්සාවට යන කාලෙ පඩියෙන් බාගෙකට වඩා වියදම් කර කර ගොඩ ගහගෙන හිටපු DVD ටික හිතක් පපුවක් නැතුව යාලුවන්ට බෙදල දුන්නට පස්සෙ කාලයක් තිස්සෙ හිත හිත හිටියෙ මේ ටික ආයිත් ඩවුන්ලොඩ් කරන්න ඕනෙ කියල... සීසන් 10 එකත් එක්ක ආයිත් සීඩ්ස් තිබ්බ හින්ද ඉක්මණට බාගත්ත එපිසෝඩ් ටික බලලා ඉවර කරන්න මාසෙකට වඩා යයි වගේ...... ( අනිත් එක ඕක එක පාරක් දෙපාරක් බලන එකක් යැ... කටපාඩං කරනවනෙ... හි හි... )

පෙබරවාරි කියන්නෙ අඩු මාසයක් කියල කියන හින්ද මේ මාසෙ වෙඩිං අඩුයි.. යන්තං දවස් දෙකක් තුනක් නිවාඩු දාගන්න පුළුවන් අපෙ අම්මට කියල.... කොහොමත් පහුගිය මාස දෙකේ ඇති වෙන්න කට්ටක් කෑව... නත්තල්, ජනවාරි එක්කම මලයගෙ වෙඩිමත් සෙට් වෙච්ච හින්ද... කොහොම හරි ඒ ටික ඉවර වෙනකොට අපි දෙතුන් දෙනාගෙම හොඳ පණ හොඳටම ගිහිල්ල.... හි හි...




අපේ මලයගෙ වෙඩිං කේක් එක.... අනිත් අයට කේක් හදනකොට වගේ අන්තිම මොහොත වෙනකං කේක් එක අල්ලගෙන නටන්න බැරි හින්ද රිජි‌ෆොම් ස්ට්‍රක්චර් එකක් හදන්න සිද්ධ උනා.. ඒක ඉතිං පොඩියට හදන්නත් බැරි හින්ද ඔන්නොහෙ උසට උසේ හැදුව... 




හෝම් කමිං එකට හදපු එක... 
හොඳ වෙලාවට අම්මයි මායි කල්පනා කරල මේකට කප් කේක් ස්ට්‍රක්චර් එකකුත් හැදුවෙ... කපල් එක පැය ගානක් පරක්කු වෙලා හෝල් එකට එනකොට මේ ස්ට්‍රක්චර් එකෙන් බාගයක් විතර පොඩි උන් ටික ඉවර කරල තිබුන.... හි හි

26 comments:

  1. අක්කේ මේ දවස්වල බිසිනොස් බැහැලා නම් කේක් ඇඩ්ස් දාන්න තරුණි පත්තරේට. අපි එන්නේ බ්ලොග් කියවන්න මිසක් ඇඩ් බලන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්නොහෙ ඉඳල හිටල ඇඩ් එකක් බැලුව කියල මහ නරකක් වෙන්නෙ නෑ අනේ.... හි හි...

      Delete
  2. අර අන්තිම කේක් එකනං මරු. X-Files අන්තිම කාලේ නම් එපා වුනා

    ReplyDelete
    Replies
    1. මාත් අන්තිම කාලෙ බැලුවෙ නෑ... ඒ කාලෙ ලව් ඉලවු ඔලුවට ගහල තිබ්බෙ... හි හි

      Delete
  3. හැමදාම ඇවිත් හප්පා මකුළුදැල් කියල කේක් ගෙඩියක් දෙකක් පෙන්නලා යනවා මිසක්..... ඒකත් පින්තුර! අම්මප මෙහෙමත් වැඩක්!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචෝ මමත් කිව්වේ. මේ දවස්වල මෙයාගේ බිසිනොස් බැහැලා ඇති. ඒකයි අපිට කේක් පෙන්නලා පබ්ලිසිටි දෙන්නේ.

      Delete
    2. හි හි.... කම්මැලියි හලෝ ලියන්න...

      Delete
  4. හරි හරි, ආයෙ පාරක් බඳින දවසට කේක් ඕඩර් එක දෙන්නංකො. හැක.. හැක..

    ReplyDelete
    Replies
    1. අන්න හොද වැඩේ... හි හි

      Delete
  5. ලස්සනයි කේක් ටික...

    රිජිෆෝම් කේක් වෙනුවට කප් කෙක් ස්ටක්චර් එකක් හදන්නකොට අඩු ගානේ කේක් කෑල්ලක් හරි කන්න පුළුවන් නේද .. ඒකට යන වියදමේත් ලොකු වෙනසක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. රිජි‌ෆොම් කේක් එක කොහොමත් වැඩක් නෑ තුශානි... හැබැයි ඉති ලොකුවට හදන්න ඕනෙ නං කේක් වලින් හදල වැඩකුත් නෑ.. ඔච්චර කේක් ගොඩක් මොකාද කන්නෙ... හි හි... ඔය මල්ලි‌‌ගේ කේක් එක එහෙම හදන්න ගියොත් කේක් කිලෝ 50කට වැඩ්ය යනව... තට්ටු 2-3 වගේ කේක් නං කේක් වලින් හදන එක තමයි හොඳ... ලොකු ගානක් වැඩි වෙන්නෙ නෑ...

      Delete
  6. ඕවා හැදුවා වගේ නෙමෙයි උස්සන් යන එකනේ පන යන වැඩේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ එකම කියහන්කෝ...

      Delete
    2. මොකෝ ඔව්වා මේකි උස්සං යනව කියල යැ , නිකං හරි උස්සං යන එකාල වැට්ටුවොත් එල්ලෙන්ඩ තමා වෙන්නේ

      Delete
    3. ඔය ෆොටෝ එකේ තුන් දෙනත් මගෙන් බැනුං අහ අහ තමයි ඔය උස්සගෙන එන්නෙ.. හි හි...

      Delete
  7. අන්තිම කේක් එක පට්ට........... කපල් එක ආවත් නැතත්.. (පොඩි උන්ට විතරක් නෙමෙයි) යන එන ගමන් හොරොන් කෑල්ලක් උස්සං ගිහින් කන්න ඇහැකිනේ........

    ReplyDelete
    Replies
    1. හොරෙන් නෙවෙයි... අපිම දුන්න... හි හි

      ඔව් අප්ප.. මුන් එනකං අපි බඩගින්නෙ ඉන්නයැ... අම්මයි මායි උදේට වත් කාලා නෑ එදා...

      Delete
  8. මකුළු දැල් කැඩීම වෙනුවට කේක් පින්තූර දාලා අපිව නොමඟ යවනවා...

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි....

      හි හි...

      Delete
  9. අනේ උඹත් එනවා මකුළු දැලක් දෙකක් කඩනවා වහලා යනවා. මේ බ්ලොගට දාහං කැප්පෙටියා අත්ත වගේ නමක්.

    ReplyDelete
    Replies
    1. හි හි...

      කම්මැලියි ඩූඩ්...

      Delete
  10. Replies
    1. දෙන්නම දෙන්නම... හි හි

      Delete
  11. කේක් පින්තූරුනම් පංකාදු පහයි! ඒ වුනාට පින්තූරවලින් මකුළුදැල් කැඩීම ගැන අපේ බලවත් විරෝධය ඈ...

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රීන් එක කාපන්... හි හි

      Delete
  12. ලස්සන කේක් එකක්. ආපහු බඳින්න හිතෙනවා.

    ReplyDelete