සෙනසුරාදා උදේ පාන්දර මායි අපේ මහත්තයයි රණ්ඩු උනා. හේතුව සුළු දෙයක්. අත් අල්ලගෙන හිනා වෙවී කතා කර කර, වැඩක් කරන්න අම්මලගේ ගෙවල් පැත්තේ ගියා.අපේ මහත්තයා විහිළුවට මට පාරක් ගැහුවා. ඒක මට රිදුනා. මමත් එයාට හිමීට පාරක් ගැහුවා. හස්බන්ඩ්ට අත උස්සනවද කියලා එයා ඇහුවා. වයිෆ්ට ගහන්න හොදද කියලා මං අහුවා. මං ඔයාට ගැහුවත් ඔයාට මට ගහන්න හොද නෑ කියලා එයා කිව්වා. එතකොට ඔයාට මට ගහන එක හොදද කියලා මට ඇහුවා. මං පිරිමියෙක්, පිරිමින්ට අත් උස්සන්න හොද නෑ කියලා එයා කිව්වා. කිසිම පිරිමියෙක්ට ගැණියෙකුට අත උස්සන්න හොදයි කියලත් කවුරැවත් කියලා නෑ කියලා මං කිව්වා. එයාට කේන්නි ගියා.
මට හොදටම හිත රිදුනා. එයාගේ පාරට වඩා මට ඒ කියපු දේට හිත රිදුනා.
පිරිමියෙක්ගේ පිරිමිකමට වඩා මගේ ගෑණුකමේ අඩුව මොකද්ද ? එයාට සෙල්ලමට මට ගහන්න හොද නං ඇයි මට ආදරේට එයාට පොඩි පාරක් ගහන්න හොද නැත්තේ?
ඔය කේන්තිය ටිකක් පරණයි. ඇත්තටම ඕක අපේ නැන්දම්මත් එක්ක තියෙන තරහක් විතරයි. ඒත් හැම පාරකදිම පෑරි පෑරි තවත් තුවාල වෙන කවදාවත් හොද වෙන් නැති තුවාලයක් වගේ මගේ හිතේ තියෙන දෙයක්.
ගෙදරදි මගේ අම්මා මම කෙල්ලෙක් මල්ලි කොල්ලෙක් කියලා කවදාවත් වෙනසක් කරලා නෑ. අපි දෙන්නා ගහගත්තත් කවදාවත් මල්ලි කොල්ලෙක් කියලා ඒකට ගහන්න එපා කියලා නං අපේ අම්මා කියලා නෑ. ආච්චි කොල්ලට මුලින්ම බත් බෙදන්න ඕනේ කියලා කිව්වම මං හැමදාම කියන්නේ ආ ආච්චි ඕවා කළාට බලමුකෝ කවදාහරි ආච්චිව බලාගන්න අන්තිමට ඉතුරැවෙන්නේ කොල්ලද කෙල්ලද කියලා. ආච්චි එතකොට නෝ කතා. ( ආච්චි ඉන්නේත් ලොකු දුව ගාවනේ.)ඒත් අපේ නැන්දම්මා බැදලා ආපු ගමන් මට ඔය කතාව කිව්වා. මල්ලි කොල්ලෙක් හින්දා එයාට අත උස්සන්න එපා කියලා. මට ගහන්න තරම් තරහක් ආවත් මං ඒක දරා ගත්තා. පන්සල ඔලුව උඩ තියාගෙන ඉන්න අපෙ මාමණ්ඩිත් ගෑණු පිරිමින්ට වඩා පහත් කියන අදහස තමා මට දුන්නේ. කතා කරන්න තරම් හයියක් ඒ වෙලාවේ මට නොතිබිච්ච හින්දා මං කට වහගෙන හිටියත් මට කියන්න දේවල් ගොඩක් තිබුණා.
මට කියන්න තිබුනේ මෙච්චරයි.
උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා.
ඒ ටික එයාට කියාගන්න මට හම්බුනේ නෑ. ඒත් එයා ඒක තේරැම් ගෙනද කොහෙද මෙග් අත මිරිකලා අල්ලගත්තා අම්මලා ආපු නිසා.
තරහා දරාගන්න බැරැව මට ඇඩුනත් ඊට පස්‌සේ එයා ඒක ගැන කතා කළේ නෑ. හවස් වෙනකම්ම අපි දෙන්නම මම ඔයා එක්ක තරහයි කිය කිය හිටියත් හවස් වෙනකොට මගේ තරහා නැති වෙලා ගියා.
ඒත් පෑරිච්ච තුවාලේ එහෙමමයි.
මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි.
කරකාර ගියාහම දෙන්නට දෙන්නා ගෞරවයෙන් සහ කැපවිමෙන් සිටිය යුතුමයි නැත්නම් කසාදේ අභාගේ තමා
ReplyDeleteඒක නම් එසේය.....
Deleteහිරුගේ කතාවට එකඟයි..හැබැයි මේ හැම දේටම දෙන්නා ගෝරි දාගන්න එකටනං අකමැතියි.මෙයා කොයි වෙලේ බැළුවත් මහත්තයා එක්ක ගේමටමනේ...
ReplyDeleteකතාව ඇත්ත මාරයියේ... මං ටිකක් ගෝරි බාස් තමා..... හැබැයි ඒ සමහර දේවල් වලට විතරයි.. මේ මාතෘකාව එයින් එකක් තමයි....
Deleteෂේප් එකේ ඉන්න කියන්නත් බැහැ. මොකද ඔයාට ටිකක් අසාධාරණයක් වෙනවා වගේ.එත ඔයාට එයාලව හදන්නත් බැහැ. කල්පානාවෙන් වැඩ කලොත් ප්‍රශ්න අඩු වෙයි.
ReplyDeleteඇත්ත කියන්න එපැයි... මට බැන්දට පස්සේ ටිකක් කෙන්ති යනවා වැඩියි... මං ජීවත් උනේ හැම දේකටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් පවුලක... ළමයින්ගේ අදහස් අහන අම්මලා කරන දේ වැරදි නං කෙලින්ම කියන්න පුළුවන් ඒ වගේම ගොඩක් වෙලාවට අපේ අදහස් අහන පවුලක... ඉතිං මට මේ වගේ අසාධාරණ කතා පෙන්නන්න බැ... මගේ මහත්තයත් යාලු වෙලා ඉන්න කාලේ මේ විදියට කතා කලේ නෑ... ඒත් බැන්දට පස්සේ ටිකක් වෙනස් උනා...
Deleteඅපිට මේවා ඉස්සරහට හොඳ පාඩම්...
ReplyDelete'උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා. '
ReplyDeleteමේ ටික වැදුන හිතට හොඳට..නියමයි..ඇත්ත කතාව..
"මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."
ReplyDeleteඔව්, මමත්...:)
"මම ගෑණියෙක්. ඒක ගැන මම ආඩම්බරයි..."
ReplyDeleteමාත් එසේමයි.
'උදේට ඔයා වැඩට යනකොට කකුල් දෙක අල්ලලා වදින්නේ මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි හින්දා මිසක් ඔයා පිරිමියෙක් හින්දා නෙවෙයි.මම ගෑණියෙක් නිසා ඔයාට වඩා පහත් කියලා ඔයා හිතනවනං මගෙන් කවදාවත් ඔයා පිරිමියෙක් කියලා හිතලා මගෙන් ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ඔයාගේ පිරිමිකමට මගේ ගෑණුකම යටත් නැ. මගේ ගෑණුකම කිසිම පිරිමියෙකුගේ පිරිමිකමට යටත් නෑ. ඒක නිසා ඔයා ආදරේට හරි මට පාරක් ගහනවනම්, මගෙනුත් ආදරෙන් දෙන පොඩ් පාරක් හිනාවෙලා ආසාවෙන් බාර ගන්න හිත හදාගෙන ගහන්න. එහෙම නැත්තම් මට ආදරේටවත් අත උස්සන්නේ නැතුව ඉන්න.මොකද මගෙ අතත් ඉස්සෙන්න ඉඩ තියෙන හින්දා. '
මේ ටිකත් සහතික ඇත්ත.
මේකට නම් හිරුවො, No Comment කියලා දාන්න ගිහිල්ලා, එක දෙයක් කියන්න හිතුනා. වැඩිය නෑ වචන 4 යි.
ReplyDelete"වෙනම ගේක පදිංචියට යන්න."
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හි හි.... ඔව්.... වෙනම තමා දැනට ඉන්නෙ... ඒත් ආපහු යන්න වෙන තත්වයක් තියෙන නිසා මං බයේ ඉන්නේ...
Deleteඅදමයි මේ පැත්තට ආවේ...සමස්ථයක් වශයෙන් කියලා තියෙන දේ ඇත්ත..විහිලුවට පොඩි පාරක් හස්බන්ඩ් ඔයාට ගැහුවත් ඔයා හස්බන්ඩ ගැහුවත් මම වරදක් දකින් නෑ හැබැයි ඒ විහිලුවට නම් විතරයි..විහිලුව විහිලුවක් විදිහට දකින්න දෙන්නටම හැකියාවක් තියෙනවනම් ගැටලුවක් නෑ..එක්කෙනෙක්ට හරි ඒ හැකියාව නැත්නම් දෙන්නම දැනගන්න ඕන විහිලු නොකර ඉන්න..මම එහෙම විහිලු දන්නැති කපල් දැකලා තියෙනවා..වයිෆ් අතින් වැරද්දක් වෙලා හස්බන්ඩ් ගැහුවොත් ඒකට වයිෆ් අතඉස්සුවොත් නම් ඉතින් සොරි තමයි. ඒ වගේ වෙලාවට ඕනම පිරිමයෙක්ට තරහායන එකේ උපරිමය එන්නේ.හස්බන්ඩ් වැරැද්දක් කරලා වයිෆ් අත ඉස්සුවට හස්බන්ඩ් ආයේ ප්‍රතිචාර දක්වන්න යනවනම් ඒකත් වැරදියි ඊට පස්සේ වයිෆ්ට ආයේ තරහා යන එකත් සාධාරණයි (වැරද්දකට ගහන එක සාධාරණද අසාධාරණධ හරිද වැරදිද කියලා මම කියන්න යන්නෑ) ..හැබැයි එහෙම දෙයක් උනොත් රංඩුව දුරදිග ගිහින් කොහෙන් කෙලවර වෙයිද කියන එකනම් සැකයි..දෙන්නට දෙන්න හොදට හැදින ගෙන රංඩු අඩුකරගෙන ඉවසීමෙන් ජීවත් වෙනවනම් ජීවිතය සුන්දර වේවි..නැත්නම් ඉතින් ජීවිතෙත් එක්ක එපා වෙනඑකයි වෙන්නේ...පිරිමියාට ගැහැණිය විසින් ගරු කල යුතුයැයි මම කියන් නෑ නමුත් සැමියාට බිරිද විසින් ගරු කල යුතුයි ඒක අනිවාර්ය අවශ්‍යතායක් ඒකට ප්‍රතිචාරය සැමියා බිරිදට ගරු කිරිමයි..සැමියා යටතේ බිරිද සිටිය යුතුයි බිරිද යටතේ සැමියා සිටීම යනු ප්‍රශ්න වැලක ආරම්බයයි..බිරිදට දෙකට නැමී ජීවත්වන පිරිමියා සතු වන්නේ පිරිමිකමක් නොව නපුංසක කමකි..
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තේ ආවට...
Deleteඅදහස අගෙයි... නමුත් මගේ අදහස පවුල් ජීවිතයක් තුළ කිසිවෙක් කිසිවෙකුට යටත් නෑ කියන එකයි.. බිරිද සැමියාටත් සැමියා බිරිදටත් එක හා සමාන තත්වයක් තිබිය යුතුයි... මේ ජීවිතය දෙන්නාම එකට ගත් තීරණයක් මිසක කවුරැවත් කාටවත් යටත් වීමක් විදියට මම පිලිගන්නේ නෑ...
එකයි මම කිව්‌වේ කකුල් දෙක අල්ලා වදින්නේ එයා පිරිමියෙක් හින්දා නෙවෙයි කියලා... එයාට මගේ හිතේ තියෙන ආදරේ ගෞරවය හින්දයි...
බිරිදට දෙකට නැමී ජිවත් විය යුතුයි කියලා මම කියන් නෑ... හැබැයි බිරිද තමන්ට දෙකට නැමී ජීවත් විය යුතුයි කියන අදහසටත් මම එකග නෑ...
කවුරු කාටවත් යටත් වෙන්න ඕනෑ නෑ.ඒත් බැඳගත්තු බෙරේ ගහන්නත් ඕනැනේ.කසාදය කියන්නනේ සෙල්ලමක් නෙමෙයි.ඉවසිමෙන් කටයුතු කරන්න.
ReplyDeleteඅපොයි... මේ වලිය දැන් පොඩ්ඩක් ෂේප් වෙලා.. මේ කේස් එකෙන් පස්සේ එයා ටිකක් වෙනස් උනා....හි හි..
Deleteඅද 2වෙනි ඇනුවසරි එක.... ඇදගෙන යන එක තමයි ඉතිං තියෙන්නේ....
හිරු
ReplyDeleteමේ ලිපිය ඉතාම වටිනවා.
බිරින්දැවරුන්ට හා බිරින්දැවරු වෙන්න ඉන්න අයට
මෙවැනි ලිපියක් කියවන්න ලැබීම ඒ අයට පුර්ව වාසනාවක්
!!!!
මම අද තමයි මුලින්ම ඔයාගෙ එක පැත්තේ ආවේ. මේක කියවල මම එකම එක දෙයයි කියන්නේ. "මාත් ඔයා වගේ හිතන, ඔය වගේම දෙවල් වලට මුහුණ දෙන කෙල්ලෙක්, අසරණ වුනාම කේන්තියට අඩනවා ඇරෙන්න වෙන මට කරන්න දෙයක් නෑ"
ReplyDeleteබැන්දහම දෙන්නෙක් වෙනම පදිංචි වෙන එක තමයි සුදුසු ... එතකොට වලි සහ ලව් දෙකම දෙන්න දෙමහල්ලෝ අතර විතරයි ... තමන්ගේම පවුලේ උදවිය හරි නෑදෑයෝ එක්ක හරි ඉන්නවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් !
ReplyDeleteමොනවා කලත් හැමෝවම සතුටු කරන්න බෑ :)
අපේ අම්මයි, තාත්තයි බැඳල මේ අවුරුද්දට 40 සැමරුම. මට මතක ඇති කාලෙ ඉඳල නත්තලට අපි ගෙදර වඳිද්දි අම්ම තාත්තට වඳිනවා. තාත්තා ඉතින් බදාගෙන හාදුවක් දෙනවා. කාලෙක එයාල අතර ප්‍රශ්න තිබුණා. නොරිස්සුම්, අමනාපකම්... ඒ වගේ දේවල්... ඒත් ඒව ඇදගෙන ගිය වගක් නම් දැක්කෙ නැහැ. මේ වෙද්දි නම් යාළුවො වගේ, අලුත් ආදරවන්තයො වගේ, වෙලාවකට විහිළුකාරයො වගේ දෙන්න ඉන්නවා.
ReplyDeleteඅවුරුදු 40 ක් එකට ජීවත්වීම කියන්නෙත් මහා ජයක් කියල මට හිතෙනවා හිරූ...
ජයක් කියන්නෙ තරුවො මේක මීටර් 100 වගේ දඩ බඩ ගාලා ඉවර වෙන්නෙ නෑ නේ... මීටර් 10000 මැරතන් එකක් වගේ... 40 කියන්නෙ ලේසි නෑ... අපේ දෙන්නත් ඔහොම තමයි.. මට අර ෆොටෝ එක දැකල ඕක මතක් උනේ.. මාත් මුලදි වැන්ද.. පස්සෙ අතෑරල දැම්ම... අවුලකට නෙවෙයි.. නැවෙන්න බෑ බං... අලියා වගේනෙ... හි හි...
Delete