පහුගිය ටිකේ ලිවිල්ල කෙරැණේ ටිකක් අඩුවෙන්... නොලිව්වාමත් නෙවෙයි .. ඒත් බ්ලොග් එක ලියන්න පටන් ගත්ත හේතුවෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා කියලා දැනුනා... සාහිත්‍යමය පැත්තට යන්න උවමනාව තිබ්බ නිසා පොඩි පොඩි කතා කීපයක් ලිව්වත් සුපුරුදු ශෛලියෙන් බැහර වීම නිසා ලොකු අඩුවක් හිතට දැනෙන්න පටන් ගත්තා...
දැන් සති තුනකට විතර කලින් අපි ඉන්න ගෙදර වැඩ කරන්න ඉන්න කෙනාට ( අපි ඉන්නේ කුලියට... ) අනතුරක් උනා... රෑ හතාමාරට විතර ගේ ඉස්සරහම කහ ඉර උඩදි බයික් එකක් හප්පගෙන ගිහින්... ඒ බයික් එක නවත්තලා නැති උනත් ඊට පස්සෙ ආපු බයික් එකක් නවත්තලා ගෙදරට කතා කරලා... මුණියන්ඩිට අවුරුදු 60ක් විතර... මේ ගෙදර ඇන්ටි රෑ වෙලා කවුරුහරි ආවත් එළියට බහින්නේ නෑ.. මුණියන්ඩි තමයි හැමදේම බලන්නේ... ඇත්තටම බස් පාර අයිනේ තියෙන ගෙයක් නිසාත්, තනියම ජීවත් වෙන කෙනෙක් නිසාත් ඇන්ටි එහෙම එළියට බහින්නේ නැති එක සාධාරණයි... ඉතිං ඒ වෙලාවෙත් නෝනට කතා කරන්න කියලා මුණියන්ඩි කියලා, පාරෙ හිටපු අය කතා කරද්දි ඇන්ටි කලබල වෙලා මට කතා කරලා කිව්වම, මම එළියට බැහැලා බලද්දි තමයි සිද්ධිය දැනගත්තේ..
කොච්චර කිව්වත් රෑ වෙලා එළියට යන්න එපා කියලා මුණීයන්ඩිට ඉතිං අහල පහල අය එක්ක කියවන්න යන්නම ඕනේ... නාට්ටි ටික ගෙදර ඉඳන් බලන්න කිව්වට අහන්නෙත් නෑ... පහුගිය ටිකේම ඒකට ඇන්ටි බැන බැනත් එක්ක හිටියේ.....
මුණියන්ඩි වයසක මනුස්සයා නිසා අපි බය උනා ලොකු තුවාලයක් වෙලාද කියලා... ඉක්මණට තීවීල් එකක් කතා කරලා ළඟම තියෙන නර්සිං හෝම් එකට ඇන්ටිත් එක්ක පිටත් කරලා මං නැවතුනේ අපේ මහත්තයට කෝල් කළාට ආන්සර් කළේ නැති නිසා.. බයික් එකේ එනකොට ෆොන් එක ඇහෙන්නෙ නෑ. වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා...
අපේ මහත්තයා ආවම අපි දෙන්නම ගියා නර්සිං හෝම් එකට.. එතකොට 8ට විතර ඇති... අපි යනකොට එක්ස්රේ එකක් අරන් බලලා... වාසනාවට කැඩීම් බිඳීම් මුකුත් නෑ.. බත් කෙන්ඩ හරියෙක් පදාසයක්ම ගැලවිලා ගිහින්... මුණියන්ඩි නං කියනවා රිදෙන්නේ නෑ කියලා.. ඒත් තුවාලේ දැක්කම අපිට රිදෙනවා... මැහුම් 17ක් දාලා, පිටගැස්මට බේත් විඳලා, තුවාලේ වේලෙන්න බේතුත් අරන් ගෙදර එනකොට 10ට විතර ඇති...
ඇන්ටි මගෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා... මේ ගෙදර ලොකු වැඩ ගොඩක් නොතිබුනාට මුණියන්ඩි තමයි උයන්නේ එහෙම.. මං කිව්වා මුණියන්ඩිගේ ගෙදරට කතා කරලා කියන්න කියලා කෝකටත්... මොකද අමාරුවක් උනොත් ඇන්ටිටත් බැනගෙන එන්න පුළුවන් ඒ කට්ටිය කියලා.... තියෙන ප්‍රශ්නේ මුණීයන්ඩිට සිංහල පුළුවන් උනාට ගෙදර අයට සිංහල බෑ... මුණියන්ඩි ගෙදරට කියන්න කැමතිත් නෑ එයාලා කලබල වෙයි කියලා.. ( කියන්න අමතක උනා මුණීයන්ඩිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා.. දුව බැඳලා... අම්මයි, ඒ කට්ටියයි ඉන්නේ ටිකක් ඈත.. තලවාකැලේ පැත්තේ ) කොහොමහරි ගෙදරට කියන්න කිව්වම මුණියන්ඩි කියලා තියෙන්නේ පොඩි තුවලයක් උනා කියලා විතරයි...
දැන් සති තුනක් තිස්සේ මායි ඇන්ටියි දවසක් ඇර දවසක් මුණීයන්ඩිට එක්කන් යනවා තුවාලෙට බේත් දාන්න.. දැන් නම් මැහුම් කපලා... ඒත් තාමත් තුවාලේ වේලිලා නෑ....
අවුරැදු ගානක් තිස්සේ මේ ගෙදර වැඩකරපු මුණීයන්ඩිට හැමෝම සලකන්නෙ පවුලේ කෙනෙක්ට වගේ... ඇන්ටිගේ නෑයෝ ඇවිත් උදේට දවල්ට රෑට කෑම හදලා දීලා යනවා.. දොස්තර පුතෙක් ඉන්නවා, එයත් දවල්ට ඇවිත් යනවා.... මුණීයන්ඩිෙග් වැඩ කරන්නත් ඇන්ටි වෙන කෙනෙක්ව සල්ලි දීලා ගෙනත් තියලා තියනවා දවල්ට ... ඒත් මුණීයන්ඩිගේ ගෙදරින් නම් තාමත් එක්කෙනෙක්වත් ආවේ නෑ බලන්න...
දැන් ටිකකට කලින් බ්ලොග් පෝස්ට් වගයක් කියව කියව ඉන්නකොට කල්පනා උනේ ඒ ගැන... මුණියන්ඩි මාසෙකට දෙතුන් සැරයක් පඩිය සැරින් සැරේ ගෙදරට යවනවා... එහෙ මොනවාහරි දෙයක් කිව්වොත් දුවගෙන යන්න දඟලනවා... දැනුත් යන්න දඟලනවා පුතාට මනමාලියෙක් බලන්න යන්න තියෙනවා කියලා.. ඇන්ටියි මායි බැනලා නවත්තගෙන ඉන්නේ තුවාල පිටින් ඔච්චර දුර යන්නත් බෑ. ගිහින් බේත් ටික කෙරෙන්නෙත් නෑ කියලා..
මිනිස්සු හරි පුදුමාකාරයි අප්පා... අම්මලා, තාත්තලා, ළමයි කියන්නේ හරිම සංකීර්ණ සම්බන්ධතාවයන් ගොඩක් ... එතන ආදරේද, කැපකිරීමද, යුතුකම්ද හැමදේම තියෙනවා.... ඒත් සමහර වෙලාවට ඒ බැඳීම් පේන්න මේ වගේ සිද්ධි අත්දකින්නම වෙනවා....
ප/ලි : මේ දවස් ටිකේ දොස්තරලා ගැන, ඉස්පිරිතාල ගැන ටිකක් දේවල් දැක්කා.. කලින් ලියවෙච්ච මල්ලිගේ ලියුම ඇතුලේ ඒ සිතුවිලි ඇතුලත් උනා...
Photo from http://mommymatters.co.za/parenting/will-you-be-around-for-your-kids-40th
වචනයෙන් විස්තර කළ නොහැකි ඒ හැඟීම් අකුරු කර ඇති හැටි අපූරු යි.
ReplyDeleteහ්ම්, කියන්න තියන සේරම කියල
ReplyDeleteතොපි ඉස්පිරිතාලේ නිකං ඉදල හිටල ගියාම ඔහොම හිතෙනවා. ඒ උනාට ඉස්පිරිතාලේ පදිංචි අයට ඕවා හරිම සිම්පල් ප්ලෑන්... හැම දේම සාපේක්ෂයි..
ReplyDeleteකෝ මේ දේශ්..
Delete//මිනිස්සු හරි පුදුමාකාරයි අප්පා... අම්මලා, තාත්තලා, ළමයි කියන්නේ හරිම සංකීර්ණ සම්බන්ධතාවයන් ගොඩක් ... එතන ආදරේද, කැපකිරීමද, යුතුකම්ද හැමදේම තියෙනවා.... ඒත් සමහර වෙලාවට ඒ බැඳීම් පේන්න මේ වගේ සිද්ධි අත්දකින්නම වෙනවා.... //
ReplyDeleteමේක හරියටම හරි හිරු.
මොකද හිරු හැම වෙලෙම් මේ අපේ මහත්තයා කියන්නේ? අපේ මහත්තයාද එහෙම නැතිනම් මගේ මහත්තයාද?.
වචනේ හරි “අපේ මහත්තයා“ තමයි.. හිහි
Deleteඅපේ වෙන්නේ කොහෙද බොල ඒකිගේ මහත්තයා
Deleteඅපේ මහත්තයට තියෙන ඉල්ලුමක් බලාපල්ලකෝ ...ගෑණුන්ගෙන් නම් තව කමක් නැහැ..සංසාරේ සංසාරේ ....
Delete("සංසාරේ සංසාරේ" සඳහා කොපි රයිට් කකාගේ ඇනෝවෙක් සතුයි )
මගේ ගෙදර = අපේ ගෙදර
Deleteමගේ ළමයි = අපේ ළමයි
මගේ ගම = අපේ ගම
මගේ මහත්තයා = අපේ මහත්තයා
සරල සමීකරණයකි.
දේශකයෝ උඹේ සමීකරණයෙන් පොඩ්ඩක් හොල්මන් උනා බන්,
Deleteමගේ ගෙදර = මගේ සහ මගේ පවුලේ සැමගේ ගෙදර නිසා අපේ ගෙදර
මගේ ළමයි = මගේ සහ බිරිඳ දෙදෙනාටම අයත් නිසා අපේ ළමයි
මගේ ගම = මට සහ ඒ ගමේ සිටින සියලු දෙනාගේම ගම නිසා අපේ ගම
මගේ මහත්තයා = ???????????????????? එහෙම වෙන්නේ කොහොමද බන්.
ඉතුරු ටික හිහි නංගිම විසදපුවාවේ...
Deleteඅනේ අර අහිංසකයව කාලම දාලා නේ.. දැන් ඉතිං ඒ මහත්තයට නෝනල ගොඩයි කියන එකද මේ කියන්නේ.
Delete" අපේ මහත්තයට "නෝනලා කීයද කියන එක පැත්තකට දාන්නඩකෝ නලින් අයියේ ,ආයේ එව්වයේ මිම්මක් හොයන්ඩ බැහැ නෙව..බලන්ඩකෝ මහත්තෑන්ලම කීයක් පොර කනවද කියලා මෙතනම...
Deleteඅනේ මගේ අහිංසකයා... හි හි...
Deleteඇත්තට හිරු මමත් කල්පනා කලේ මේ මිනිස්සුන්ට ඔච්චරම ආත්මාර්තකාමී වෙන්න පුලුවන්ද කියලා. ඔයාලගේ ගේ අයිතිකාරිත් ඇත්තටම හොඳ මනුස්සයෙක් කියලා පේනවා.
ReplyDeleteහ්ම්ම්ම්ම්....කියන්න දෙයක් හිතාගන්න බෑ
ReplyDeleteලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්න නිසා තමයි ඒක ලස්සන..
ReplyDeleteඒක තමා මගේ මුලික ජීවන පාඨය
Deleteලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ ඕක තමයි.
ReplyDeleteඇත්තටම ලොකෙ හරි විවිදාකාර පුද්ගලයො ඉන්නව... අපි ඒ පුද්ගලයො කවුද කියල දැනගන්න ඕන...
ReplyDeleteමම හිතුවේ මුනියන්ඩි අසනීප වෙලා ඉන්න කාලෙට ගෙදර වැඩට කෙනෙක් හොයනවා කියල මොකද මමත් එන සතියේ ලංකාවට එනවනේ
ReplyDeleteඒ ඉන්න ටික කාලෙටත් පාර්ට් ටයිම් ජොබක් හොයනවද හැලප?
Delete// වයිබ්‍රේෂන් එක උනත් දැනෙන්නේ නෑලු හුළඟ නිසා...//
Deleteපොඩි එකීගේ පිටුවෙ මම නලක වචන නොකියමි.
Deleteහැලපයා එනවා කියලා කට්ටිය දැන්ම ඉඳන්ම පාටි දාන්න ලෑස්ති වෙලා ඉන්නේ.. එහෙම එකේ මෙහෙ ඇවිල්ලා කොහොමද.... හි හි
Deleteහැඟීම් බර වචන ටිකක් උනත් ගොඩක් දේ හිතන්න වගේම...අපිට .......සාපෙක්ෂව ලැබිච්ච අත් දැකීම්..පවා මතක් උනා..මා පිය දූ දරුවන් අතර නෙවේ හිරු..සහෝදර/සහෝදරියන් අතරෙත් ඔවැනි අත්දැකීම් එමටයි...!
ReplyDeleteඒ මනුස්සය පවුලට කොච්චර භක්තිමත්ද කියල තේරෙනව ඔයා ලියල තියෙන ටික දෙයින් උනත්..1
මුණියන්ඩි කියන්නේ ඇත්තම නමද හිරු? නෑ මම ඒක ඇහුවේ ගෙදරක වැඩ කරන මනුස්සයාට තියෙන්නේ ඔය වගේ ම්ම තමයි නවකතා කෙටිකතාවල.
ReplyDeleteඇත්ත නම තමයි රතූ... ඒක සර්නේම් එකක්ද දන්නෑ...
Deleteමේ ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද හිරු...? ඔය මිනිස්සුන්ගේ ජීවිත අපිට සාපේක්ෂව සරළයි..ඉපදෙනවා, ලොකු වෙනවා , දෑවැදි හොයනවා , කසාද බන්දනවා ... ( ඔය ටික කරගන්න රටේ නැති ඒවා කරන එක වෙනම කතාවක් )
ReplyDeleteපිරිමි කෛනක් සහන්...
Deleteඉතිං හිරුවෝ මං හැමදාම හැමතැනම කියන්නේ ආදරය කියලා දෙයක් නැ ඇත්තේ ගනුදෙනු කියලා ඔයදේම තමයි.මුණියන්ඩිය වුණෙත් ඒතම තමා. මෙහෙන් සැලකිල්ල ඔයාගේ ඇතුළුව උගේ මෙහේ චර්යාව. මේ දේවල් වෙනස් වෙන්න යන්නේ තප්පරයයි. එය ඔබටත් මටත් සැමටත් වලංගුයි.
ReplyDeleteඇන්ටිට හොඳ නෑයෝ ටිකකුත් ඉන්නවා වගේ.
ReplyDeleteමෙහෙම චරිත ගැන හිතනකොටනම් දුකයි. ලෙඩක් වෙච්ච වෙලාවකවත් තමන්ගේ කෙනෙක් ළඟ ඉන්නවනම් කොයි තරම් දෙයක්ද
කොහොමත් වතු වලින් වැඩට එන අය මළත් මිනිය ගෙනියන්න වත් එන්නෙ නැහැ.වැඩ කරපු තැන අයම ගිහිල්ල දෙන්න ඕන.ඒ තරමට ඒ මිනිසුන්ට අග හිග කම්.
ReplyDeleteකෙන්ජි ගේ මේ කතාව නම් බොහෝම ඇත්ත. වතුවල ජීවත්වන මිනිස්සු ගෙවන ජීවිතේ ගැන දන්නේ ඒ මිනිස්සුම තමයි. මුණියන්ඩිගේ පවුලේ අයට වුණත් එන්න උවමනාව තිබුණත් එන්න විදිහක් නැතුව ඇති. පවුලේ පිරිමි කෙනෙකුත් නැහැයි කීවා නේ?
Deleteඑක ඇත්ත මිනිස්සුන්ගේ හැගීමවල ඒ මිනිස්සු ජීවිතයට මුහුණ දෙන විදිහ සැගවිලා තියෙනවා. එක වෙනමම කතාවක් වගේ.
Deleteකෙන්ජි කියපු කතාව ඇත්ත... ඒක මටත් ඊයේ හිතුනා... අපිට අමුතුවට හිතුනට ඒක එයාලට ලොකු දෙයක් නෙවෙයි..
Deleteමේ පුංචි රටේ ජීවත් වෙන තුන් විදියක මිනිස්සු මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා මට ඊයේ තේරුනා...
Ow. Mamath oya de punchi kaale athdakala thiye. Anathura okak nowunath, siddiya samaanayi.
ReplyDeleteමේක නම් බොහොම සාමාන්ය දෙයක් හිරූ.. අපේම පවුල් වලත් මේ දේවල් තියනවා. සමහර වෙලාවට ඒ දේවල් දකිද්දි අපි ආදරේ කරන අය ගැන පවා මටනම් අනන්ත කලකිරීම් දැනිල තියනවා...
ReplyDeleteමේ කතාවෙ හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ගැනත් කියවෙනවා.. ඉතින් ගානට බැලන්ස්.. ලෝකෙ ඉතින් ඔහොම තමා...
ReplyDeleteහොද මිනිස්සුම විතරක් හරි නරක මිනිස්සුම විතරක් හරි හිටිය නම් ලෝකෙ මීට වඩා ගොඩක් නීරස තැනක් වෙනවා.....
ReplyDelete