Monday, June 10, 2013

වෙස්මූණු...




ආදරණීය අක්කේ...

අක්කගේ සැප සනීප කොහොමද..? අපි නම් හොඳින් ඉන්නවා... තාත්තට දැන් ටිකක් ගුණයි... වෙද මහත්තයා දුන්න බේත් තෙල් අපි දිගටම ගානවා... අර බේත් කොල දාලා තම්බපු වතුරෙන් නාවන්න කියපු එකත් කළා... ඒකෙන් පස්සේ ඇඳ වණ ටික නම් හොඳටම හොඳ උනා වගේ... 

මගේ නිවාඩු කාලේ ඉවර වෙන්න ළඟයි... ලබන සෙමෙස්ටර් එකේ ෆයිනල් එක... ඒ අස්සේ මේ ස්ට්‍රයික් එක නිසා සෙමෙස්ටර් එක තව ටිකක් දික්වෙලා... තාත්තගේ බේත් ටික ඉවර කරගන්න කම් නිවාඩුව තිබ්බනං හොඳයි කියලත් හිතෙනවා මෙච්චර කල් පරක්කු වෙච්ච එකේ... දැන් මං ගියාම අම්ම එපැයි තනියම හැම එකම කරගන්න ඕනේ... 

අම්මා දුක් විඳිනවා බලං ඉන්න අමාරුයි අක්කේ... ගෙදරින් ඉක්මණට යන්න තියෙනවා නම් හොඳයි කියලත් හිතෙනවා... මේ විභාග ඉවර වෙලා ඉක්මණට පත්වීමක් හම්බනොත් හරි... ඒත් දැන් ඒකත් ඒ තරම් ෂුවර් එකක් නෑ... පාස් වෙන හැමඑකාටම දෙන්න තරම් දොස්තර පත්වීම් තියෙනවද මේ ලංකාවේ... වෙලාවකට හිතෙනවා මම මෙඩිකල් කොලේජ් යන්න පාස් උනේ අපි කට්ටියගෙම කරුමට කියලා... නැත්තම් මං මෙලහකට කුලී වැඩක් හරි කරලා කීයක් හරි හම්බුකරනවා... මේ ඉගෙනිල්ලට වඩා මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්න එක වටිනවා අක්කේ... 

මං දන්නවා මං මෙහෙම කියද්දි අක්කගේ හිතත් රිදෙනවා කියලා... ඔයා ඉගෙනගැනිල්ලයි, අම්මලයි ඔක්කොම දාලා ඇවිත් දුක් විඳින්නේ මං ඉගෙන ගන්න නිසා කියලත් මං දන්නවා... ඒත් මොකද්ද අක්කේ අපි මේ පස්සෙන් දුවන මිරිඟුව...? ඔයා‌ෙග් තරණ කාලෙන් බාගෙකට වැඩිය දැන් ඔය ගාමන්ට් එකට දිය කරලා ඉවරයි... ඒත් ඔයාට කියලා දෙයක් කරගත්තේ නෑ නේ තාමත්... 

ගමේ අයට කිව්වේ ඔයා කොළඹ රස්සාවක් කරනවා කියලා විතරයි... ඒත් ගාමන්ට් එකක කියලා කිව්වේ නෑ... මට හිතෙනවා වෙලාවකට ඒකත් කියන්න... ගමේ උන් හිතන් ඉන්නේ ඔයා කොළඹ ලොකු රස්සාවක් කරලා සැපෙන් ඉන්නවා කියලා... අපිට සලකන්නෙ නෑ කියලා... මට එහෙම කියද්දි හොම්බට අනින්න හිතෙනවා අක්කේ... මුන් දන්නේ නෑ අපි විඳින දුක... 

තාත්තා ගුරුවරුයෙක් නිසා අම්මට රස්සාවක් කරන්න දුන්නේ නෑ.. .. අම්මට කඩයප්පන් ඕඩර් එකක් හම්බුඋනත් තාත්තා ඒක කරන්න දෙන්නෙත් නෑ... ඒක නිසා තාත්තගේ පෙන්ෂන් එකෙනුයි, අම්මගේ ඇදුම් මැහිල්ලෙනුයි තමයි ගෙදර වියදම් ටික පියව ගන්නේ... ඒත් දැන් අය ගොඩක් හැට්ට මහන්න යන්නේ ටවුන් එකේ අලුත් මනමාලියන්ට අන්දන තැනට... එතන අම්මා මහනවට වඩා ඉක්මණට මහලා දෙනවලු... අපේ අම්මා රෙදි පරිස්සම් කරගෙන, ගානට මිම්මට හැට්ට මැහැව්වට, ඒකට වඩා අලුත් ක්‍රම තියෙනවා ඉක්මණට වැඩේ කරන්න... ඔයා එවන සල්ලි මම පුළුවන් තරම් පරිස්සමෙන් ඉතුර කරගන්නවා... ගෙදර හිටපු ටිකේම ගමෙන් පිට පොඩි පොඩි වැඩ කරලා මාත් සල්ලි ටිකක් හොයා ගත්තා.. තාත්තා කැමති නෑ මම ගමේ කිසිම වැඩක් කරනවට... එයාගේ නම්බුව කන්න එපාලු මට....

මේ දොස්තරකම හම්බුවෙයිද කියලා ෂුවර් නැති එකේ හම්බුඋනොත් කරන්නේ මොනවද කියලවත් මට හිතාගන්න බෑ අක්කේ... කරන්න කියලා කොච්චර ජාති තියෙනවාද...? තාත්තගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙයිද මට... ? ඔයාව ගමට ගෙන්නගන්න මට පුළුවන් වෙයිද... මං දන්නවා ඔයා කොච්චර දුක් විඳිනවද කියලා... 

අපි මේ දෙවල් කරගන්න කොට අපේ තරුණ කාලේ ගෙවිලා තියෙයි අක්කේ... ඔයාගේ හොඳ වයසත් ගිහිල්ලා තියෙයි.. අපි මොනවට ඉපදුනාද කියලා හිතෙනවා වෙලාවකට අක්කේ... 


මට වෙලාවකට හිතෙනවා අක්කේ අපි මේ දාගෙන ඉන්න වෙස්මූණූ ගලවන්න... ලෝකෙට පේන්න ජීවත් වෙලා වැඩක් තියෙනවද...? අපි ජීවත් වෙන්න ඕනේ අපිට පුළුවන් විදියට... අපේ තාත්තලට මේවා තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා මට තේරෙන්නේ නෑ.. නැත්තම් එයාලා අපි ගැන හිතලද මේ හැමදෙයක්ම කරන්නේ..? මට එහෙම හිතෙන්නේ නෑ.... 

ඇයි අපිට බැරි මේ විදියට ලෝකෙට පේන්න බොරු කර කර ඉන්නේ නැතුව, තිත්ත උනත් හැමතිස්සෙම ඇත්ත කියලා, අපේ මේ ලෝකෙට ඕනෙ විදියට හිනාවෙන, ලෝකෙට පේන්න නම්බුකාරව ඉන්න මේ වෙස්මූණු ගලෝගෙන ඉන්න... එහෙම පුළුවන් උනානම් අපි කොච්චර සන්තෝසෙන් ජීවත් වෙයිද අක්කේ... එහෙම උනානම් අපිට ඇත්තටම මුළු හිතින්ම හිනාවෙලා ඉන්න පුළුවන් නේද අක්කේ... 

ඔයාට කෝල් එකක් අරගෙන ‌මේ දේවල් කියන්න බැරි හින්දයි මේ ලියුමක් ලිව්වේ අක්කේ... මේ හිතෙන දේවල් කියන්න මට වෙන කෙනෙක් නෑ කියලා අක්කා දන්නවානේ.. ඒත් මේවා ඔයාට කියලා ඔයාට බරක් දෙන්නත් මට දුකයි... ඒත් මම නම් කවදාවත් අපේ තාත්තලා අම්මලා වගේ ඇත්ත මූණ හංගගෙන, ඒ වෙනුවට ලස්සනට දිලිසෙන්න පාට කරලා, රැලි අල්ලලා, හැමිතිස්සෙම හිනාවෙන වෙස් මූණක් දාගෙන ජීවත් වෙන්නේ නෑ අක්කේ.... 

මීට 
මල්ලි

71 comments:

  1. තිත්ත උනත් ඇත්ත ලියලා තියෙනවා . හංමූ...... භයානකයි :)

    ReplyDelete
    Replies
    1. භයානකයි නේන්නං.... හි හි

      Delete
  2. මෙව්වට මොනව හරි කිව්වොත් හිතක් පපුවක් නැති එකෙක් කියල කාඩ් වදිනෝ ;)
    එහෙමයි කියල නොකිය ඉන්නද ඉතිං... අනිත් මිනිස්සු (අම්මා තාත්ත වුනත්) සතුටු කරන්න කලින් තමන් සතුටු වෙලා ඉන්න ඕන කියල තේරුන දවසට ඕවා ප්‍රශ්න නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි... ඒත් කියන තරම් ලේසි නෑ කියන එකයි මගේ අත්දැකීම....

      Delete
    2. ඔය හිතන තරම් අමාරු නෑ කියන එකයි මගේ අත්දැකීම... ;)

      Delete
  3. "මීට, මල්ලි" නැතුව - මීට, නංගි.. කියලා තිබුණනම්....මොකද මේ ලියුමෙන් නැගෙන්නෙ ස්ත්‍රී හඬක්...

    "සේදෝනා" "ලැයිසා" වගේ ලස්සන ස්ත්‍රී කතා ලිව්ව ඊවා රණවීර "දීප්ත" ලියලා එතුමියගේ ප්‍රතිභාවට සෑහෙන්න හානි කරගත්තා.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියේ.. ඇයි එහෙම කිව්වේ? මල්ලි කෙනෙක් තමන්ට ගොඩක් ලං වෙච්ච අක්කා කෙනෙක්ට මෙහෙම හැඟීම්බර ලියමනක් යවන එක අතාත්විකද?

      Delete
    2. මටත් හිතෙන්නෙ සුමිත් කිව්ව හරි..!

      Delete
    3. පවුලක බර දරන පැත්තෙන් බැලුවාම ආපේ සම්ප්‍රදායික සමාජය තාමත් වැඩිපුර වදවෙන්නේ පිරිමි දරුවන්ගේ ඉගනීම, රස්සාව ගැන.... ඒ බර දැනෙන්නෙත් වැඩිපුරම පිරිමි දරුවන්ට.... මේ මම ලිව්වේ අපේ සම්ප්‍රදායික සමාජය ගැන... ඒ ගැන හිතලයි මල්ලි කෙනෙක් ලියන විදියට ලිව්වේ... මං හිතනවා ‌මේ වගේ මාතෘකාවකදි හැඟීම්බර වෙන එකට ගෑණු පිරිමි කියලා වෙනසක් නැතුව ඇති කියලා...

      Delete
  4. ඇත්තටම හිරූ... බොක්කටම වදින්න ලියල තියෙනවා... නියමයි....සම්පූර්න ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තැන්කියු මලයා...

      Delete
  5. ඔය විකාර අදහස් එන්නේ වැස්සට බොල.. වෙන මක්කටවත් නෙමෙයි.. වෙස් මුණු බලි රෑප, ආතුරයෝ හැම මගුලක්ම ලෝකේ තියෙන්න ඕන. ඒක තමා ලෝක ධර්මතාව..

    ReplyDelete
    Replies
    1. හා හා... ඒකත් එහෙමයි නේ...

      Delete
  6. අපි ඔක්කොම එක් එක ආකරයේ වෙස් මූනු එක් එක් හේතු නිසා දාගෙන තමයි ඉන්නෙ. සමහර වෙලාවට ඒ වෙස්මූනු හරිම ප්‍රයෝජනවත් හිරු.. ඒත් ගොලුබෙල්ලාට කට්ට නෙට්ඝුව ඉන්න බෑ වගේ අපිටත් වෙස්මූන මූනටම හයි උනාම ගලවන්න බෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔය වෙස්මූණු අපි දාගත්ත ඒවාත් නෙවෙයි සරත් අයියේ සමහර වෙලාවට.... ඒවාත් හරියට අත්තම්මා අම්මට දීලා, අම්මා දූට දෑවැද්දට දෙන පරම්පරාගත වෙස්මූණු ගොඩක් වෙලාවට...

      Delete
  7. මෙතන එක කතාවක් නෙවෙයි. සෑහෙන පැති තියෙනවා. දෙපැත්තටම තර්කත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඩූඩ් අයියේ... මේක කවදාවත් වේදිකාවෙන් එළියට විසිවෙන්නේ නැති නාට්‍යයක් වෙන්නේ...

      Delete
  8. කමක් නෑ මල්ලි. මල්ලි වෙනුවෙන් අපි කරන්නෙ ආයෝජනයක් කියල හිතාගන්නං. දොස්තර කෙනෙක් පවුලක ඉන්නව කියන්නෙ පවුලම ගොඩ කියන එකනෙ.
    මීට අක්කා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් හිතුවේ අක්කගෙ අදහස වෙන්නෙ කියලා... ඒකම තමයි රාජ් මේ කොල්ලගේ හිතට තියෙන ලොකුම බර මං හිතන්නේ..... ඇත්තටම අක්කා තමන් ගැන හිතන්නේ නැතුව මල්ලි ගැන හිතන්නේ ඔය අදහස නිසා... ඒත් මල්ලි දන්නවා තමන් දොස්තර කෙනෙක් උනත් තමන්ගේ පවුල ඉන්න තත්වෙන් ගොඩ ගන්න එක ලේසි නෑ කියලා...

      Delete
  9. දොස්තරලාට තවමත් රැකියා අහේනියක් නෑ...රජය තවමත් ඒ අයට රැකියා ලබාදෙනවා මම දන්න තරමින්...ඒ නිසා මේ උපාධියට කලා උපාධියක් ආදේශ කලා නම් මීට වඩා කථාව යථාර්තවාදී කියලා මට හිතෙනවා...උඩින් නලින් අයියා කියන දේටත් මම එකගයි...ලිපිය තුලින් නැගෙන්නෙ ස්ත්‍රී හඩක් තමයි. හිරුවා තව මෙවැනි දෑ දිගටම ලියහං..මීට වඩා ටිකක් දිගට...උඹට හොද හැකියාවක් තියෙන බව පේනවා කෙටි කථා මාදිලියේ කථා වලට..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනෙ..නලින් නෙමෙයි සුමිත් අයියා...පොඩ්ඩක් ටැපලිලා...

      Delete
    2. පිටරට ඉන්නකොටවත් ටිකක් අඩුවෙන් බීපං..!

      Delete
    3. නෑ සිරා.. මට ඕනේ උනේ දොස්තරලටත් අපි හිතන තරම් ලස්සන ජීවිත නැති බව කියන්න... තනිකරම දොස්තර උපාධිය ගත්ත ගමන්ම දොස්තර පඩියෙන්ම විතරක් ජීවත් වෙනවා නම් එයාලත් සාමාන්‍ය කලා උපාධිකාරයෙක් තරමෙම තමයි.. ඒත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන නිසා ලොකු ගාණක් හොයනවා... ඒ අතරේ ඉගෙන ගන්නවා... දොස්තරා කොච්චර මහන්සියක් වෙනවද කියන එක තේරෙනවා ඔය ප්‍රයිවට් ඩිස්පැන්සරි දාගෙන ඉන්න අය වැඩ කරන වෙලාවල් බැලුවම... සමහර තැන වල රෑ 9 ට පටන් අරන් 12 විතර වෙනකම් ලෙඩ්ඩු බලනවා... ආයිත් පාන්දර 4ට පටන් ගන්නවා... 7 ට ඉවර කරලා යනවා හොස්පිට්ල් එකට.. මේ මං දැක්ක දේවල් කියන්නේ...

      ලෙඩ්ඩු ඕනේ තරම් ඉන්න නිසා,මහන්සි උනොත් ඇති තරම් සල්ලි හොයන්න පුලුවන් වෙන නිසා දොස්තරලා වෙන එකයි, දොස්තර කෙනෙක් වෙලා ලෙඩ්ඩු හොඳ කරන්න ආසාවෙන් වැඩ කරන එකයි දෙකක් කියලා මට හිතුනා මේ ළඟදි වෙච්ච සිද්ධි කීපයකින්.....

      Delete
  10. ධර්මද්වීපයේ කුහකත්වය නිසා තමයි ඔහොම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යෑස්.. ඒක සහ සම්ප්‍රදාය, අධ්‍යාපනය වගේ දේවල් වල අඩුපාඩු නිසා...

      Delete
  11. ඇත්තට ම මේ ලෝකෙ මිනිස්සුන්ට කීයක්නම් මූණු තියනව ද?

    ReplyDelete
    Replies
    1. ලෝකේ පැත්තකින් තියමු... ලංකාවේ කොහොමද... හි හි...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මේකට මොනව කියන්නද? දහ අතේ කල්පනා කරමින්.

    ReplyDelete
    Replies
    1. facebookmania කියන දරුණු රෝගය වැලදි ඇති බව හැගේ.

      Delete
    2. නලින් අයියා ඔච්චර කල්පනා කරන්න ඕනේ නෑ... හි හි..

      අපෝ නෑ දේශකයෝ... ඒක නම් හැදෙන්නේ නෑ මට...

      Delete
    3. කලින් තිබ්බා දැන් නැ

      Delete
  14. හමෝම ළග වෙස්මුහුණු තියෙනවා කියල මට හිතෙනවා... වඩාත්ම නරක වෙස්මුහුණ කාලයක් යද්දි වෙස් මුහුණක් බව අමතක වෙලා ඇත්ත මුහුණ වීම.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මාත් එකඟයි.

      Delete
    2. එකඟ වෙනවා ඇර මොනවා කියන්නද.... හි හි

      Delete
  15. වෙස් මුහුණු ගලවන්න.. ඒ තමයි හොඳම බේත....

    ReplyDelete
  16. ලියුම හොඳයි.. ඔය පිම්මෙම.. පත්වීම අරං ලියුමකුයි.. පත්වීමෙන් අවුරුදු කීපයකට පස්සෙ.. ලියුමකුයි ලිවුවා නං අගෙයි..

    සුමිත් ගේ කතාවට එකඟ නොවෙමි.. මේකෙ නැඟෙන්නෙ කාන්තා හඩක්ම නෙවෙයි.. හැබැයි.. ලිවුවේ නංගිද මල්ලිද කියලා නොකියා ඉන්න තිබ්බා නං මීට වඩා හොඳයි.. එතකොට ලියුම අවසාන නෑ නෙව..

    අගෙයි හිරු..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක මුලින් හිතුවේ එක දිගට අම්මගෙයි අක්කගෙයි මල්ලිගෙයි ලියුම් තුනක් විදියට දාන්න... ඒත පස්සේ මෙහෙම ලිව්වේ.. ඩූඩ් කිව්වා වගේ මේ මාතෘකාවෙදි හැමෝටම සාධාරණ තර්ක තියෙනවා.... හතර දෙනාම තමන් වෙනුවෙනුයි, පවුල වෙනුවෙනුයි කරන/ නොකරන දේවල් බැලුවාම ඒ තර්ක සාධාරණයි.... ඒක නිසා එක පැත්තක් විතරක් මතු කළා....

      Delete
  17. ලියුම් වලින් නැතුව අක්කට කෙලින්ම කිව්ව නම් තමයි වැඩිය වටින්නෙ... කෙලින් කියන්න බැරි කමක් නෑනේ තමන්ගෙම අක්කට

    ReplyDelete
    Replies
    1. බැරි හින්දානේ බං ලියුම් ලියන්නේ.. ගෙදර ආවම අක්ක එක්ක ඕවා කතා කරන්න හම්බුවෙන්නෙත් නෑ.. කෝල් කරලා අඳ්‍රෝනා කියන්නෙත් නෑ නේ මල්ලිලා... හි හි...

      Delete
  18. ගාමන්ට් පටන් ගත්ත කාළේ ඉඳන් තියෙන කතාවක්. අළුතෙන් යමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට පෙනුනේ ගාමන්ට් එක විතරද... මම හිතුවා ඊට වඩා දෙයක් පෙනෙයි කියලා...

      Delete
  19. මධ්‍යම පාන්තිකයො කවුරුත් ජීවත් වෙන්නෙ වෙස්මුහුනු දාගෙන තමා. තමන්ගෙ අභිමානය ‍රැකගෙන ජීවිතය ගෙනියන්න කොච්චර අමාරුද..? අන්තිමට ලමයින්ටත් එකෙ කොනකට අත්වැල් අල්ලන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වීයෝ ප්‍රශ්නේ .. කැමැත්තෙන් දාගන්න වෙස් මූණු සහ පරම්පරාවෙන් උරුමවෙන වෙස්මූණු...

      Delete
  20. වෙස් මූනු නැති කට්ටිය ලංකාවෙ ඉන්නවද????තමාගෙ වත්කම තරමට වෙස්මූනු වැඩි වෙනවා...ගෙදරට,කාර්යාලයට,යාලුවන්ට,අසල්වැසියන්ට,සමාජයට,පන්සලට පල්ලියට,ලොකු ලොක්කන් මුන ගැහෙද්දි,සොක්කො තමාව හොයගෙන ආපුවාම....ඔය හැම වෙලාවටම ගැලපෙන වෙස්මූනු කොච්චර තියෙනවද???

    වෙස්මූනු දාගත්ත කට්ටියට දැන් කොහොමවත් ඕවා ගලවන්න බෑ....නොකා නොබී හරි Status Maintain කරන්නත් එපායැ

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ... හි හි

      Delete
  21. ලියවිල්ල නම් සුපිරියි.
    වෙස් මුහුණු කාරයො නම් අද සමාජයෙ හැම තැනම.
    හැබැයි සමහරු නම් එහෙම හැසිරෙන්නෙ සමාජයෙන් තමාව කොන්වෙයි කියන බියට නිසා බවයි මගේ හැගීම.

    ReplyDelete
    Replies
    1. සමහරු නෙවෙයි කෙන්ජි.. හැමෝම එහෙම කරන හේතුව ඒක තමයි...

      Delete
  22. Me samaaja gamanath dan 1 way gamanak wela.. Wes moonu daagannawa witharayi. Galewwa kiyanne eyaa sung.. Meka thamayi yathaarthaya. Ehema nathuwa jeewath wenna puluwannam godak hondayi.. Habayi amaaruyi.

    ReplyDelete
    Replies
    1. පුළුවන්, ඒත් අමාරුයි කියන එකයි මගේ හැඟීමත්..

      ඒක නෙවෙයි ... මේවා කියවිල්ල පැත්තක කියලා විභාගේ කරලා හිටු... හි හි...

      Delete
  23. අද හැම තැනම වෙස් මුණු කාරයෝ තමයි..

    ReplyDelete
    Replies
    1. යෑස්.. ඒකනේ මේක ලියන්න හිතුනේ... හි හි

      Delete
  24. සමහර වෙස් මූණු ගලෝලත් බෑ තියාගෙන ඉදලත් බෑ......

    ReplyDelete
  25. //ඒත් මම නම් කවදාවත් අපේ තාත්තලා අම්මලා වගේ ඇත්ත මූණ හංගගෙන, ඒ වෙනුවට ලස්සනට දිලිසෙන්න පාට කරලා, රැලි අල්ලලා, හැමිතිස්සෙම හිනාවෙන වෙස් මූණක් දාගෙන ජීවත් වෙන්නේ නෑ අක්කේ.... //
    තරහ වෙන්න එපා හිරු, ඔබේ කතාවෙන් දෙමාපියන්ගේ මෙතරම් බොරු සෝබනයක් කියවෙන්නේ නැත. මෙඩිකල් කොලෙජ් යවන්න තරම් උගන්වපු දෙමාපියන් සෝබන කාරයන් ලෙස මට නම් හැඟෙන්නේ නැත. දුක කියෝ කියො පාරෙ යන්නෙ මොකටද? කිව්ව කියල මිනිස්සු හිනාවෙන්න බලන් ඉන්නව මිසක්ක උදව් කරන අය අඩුයිනේ!

    ReplyDelete
    Replies
    1. දොස්තරකම ස්ටේටස් එකක් විතරක් වෙච්චි කොට එතන සෝබනයක් නැති වෙන්නේ කොහොමද බතී... අපේ පුතා දොස්තරකෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා ආඩම්බර වෙන එකනේ ගොඩක් දෙමවුපියෝ කරන්නේ.... නමුත් අක්කා ගාමන්ට් එකක වැඩ කරලා පවුල රැක ගන්නවා, මල්ලිට උගන්නවා කියන්න ලැජ්ජයි...

      ඇත්තටම අක්කට ඊට වඩා ඉගෙන ගන්න පුළුවන් උනා නම්... අක්කා වෙනුවෙන් මේ තරම් දේවල් කෙරෙන්නේ නෑ අපේ සම්ප්‍රදායික සමාජයේ..... ගෑණු ළමයි කවදහරි බැඳලා යනවා.. ‌කොල්ලා තමයි අපිව බලාගන්නේ කියන තැන ඉන්න පවුලක් විදියට මං මේ පවුල මැව්වේ.... ඒකයි අම්මා කඩයප්පන් තැම්බන එකට තාත්තගේ විරුද්ධ වෙන එක සහ අක්කගේ ගාමන්ට් එකක වැඩ කරන බව ගමේ අයට වසන් කිරීම වගේ ආකල්ප ගැන පොඩි පැහැදිලි කිරීමක් ඇතුලත් කළේ....

      මට කියන්න ඕනේ උනේ ළමයි ආකල්පමය අතින් දෙමවුපියන්ට වඩා ඉදිරියෙන් හිටියත්, ඒ ඒටේටස් මේන්ටේන් කිරීමේ බර එයාලගේ ඔලුව උඩත් තියෙනවා.... ඒ බර නිසා තමයි මේ මල්ලි අර අන්තිම ටික ලියන්නේ....// මම “ කවදාවත්” // කියලා කියන හේතුව තමයි මල්ලි දන්නවා තාත්තයි අම්මයි ඉන්නකම් එයාට ඒ තමන්ගේ ආකල්පයට අනුව ජීවත් වෙන්න බැරි බව... තමන්ට ඒ වෙස්මූණ දාගන්නම වෙනවා අම්මයි තාත්තයි වෙනුවෙන්....

      එයා එහෙම නොකලොත් බතී වගේ හිතන කෙනෙක් කියන්න පුළුවන් “ අර අම්මයි තාත්තයි මෙච්චර මහන්සි වෙලා ඉගැන්නුව එකේ ගුණේ වත් මේ ළමයා තිබ්බේ නෑ.. පවුලේ නම්බුව නැති කළා ...“ කියලා....

      Delete
  26. ඔබේ කතාව කියෙව්වා. කෙටි කතාවක් වුනත් මෙය බොහෝ අයගේ ජීවිත ගැන ලියවීමක්. ඇත්තටම යතාර්ථය පෙන්වා දීමක් හිරු. ඒත් පාස් අවුට් වෙන හැම දොස්තර කෙනෙක්ටම තවමත් රජයෙන් පත්වීම් දෙනවා. සීමාවාසික කාලයෙන් පසුත් තාම ඒ අවධානම නම් නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ. අපි කොයි තරම් නම් පාට පාට අලවගෙනද ඉන්නේ කියලා හොඳින් තේරුණත් වැඩිහිටි පරම්පරාවේ අයගේ හිත් රිදවන්න බැරි නිසා.සමාජය පුරුදු වෙලා තියෙන්නේ ඒ විදිහටයි.අපි සුපිරිවට ජීවත් වෙනවා කියලා අනික් අයට ඒත්තු ගන්වන්න කොයි තරම් නම් දත කනවද මිනිස්සු. බොහොම සුළු කාලෙකට නේ මේ සේරම

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ පත්වීම කියන්නේ දිව්‍ය ලෝක වරප්‍රසාදයක් නෙවෙයි කියලා දොස්තර කෙනෙක් විදියට ඔයත් දන්නවානේ.. කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියන එක ඔයාගේ ලිපි කියෙව්වම තේරෙනවා.. ( ඊයේ රෑ මම ඔයාගේ බ්ලොග් එකේ මුළ ඉඳලා කියවන්න පටන් ගත්තේ...)

      මට කියන්න ඕනේ උනේ දොස්තර කෙනෙක් කියන්නේ ස්ටේටස් එකක් කරගත්ත මිනිස්සු ගැන... ඒ ගැන ඔයත් අල්ලගෙන තියෙනවා...

      මට මතු කරන්න ඕනේ උන අනිත් අදහස තමයි ස්ටේටස් එක ගැන, හම්බකරන්න පුළුවන් වීම ගැනම හිතලා දොස්තරලා වෙන එකට වඩා, දොස්තර කෙනෙක් විය යුත්තේ මිනිස්සු ගැන හැඟීමක් තියෙන, ලෙඩෙක් සනීප කරලා හිතට තෘප්තියක් ලබන්න පුලුවන් කෙනෙක් දොස්තර කෙනෙක් වෙන එක හොඳයි කියන එක... අද දොස්තර කමේ ස්ටේටස් බැහැලා තියෙන්නේ ඒක නිකම්ම නිකම් හම්බකරන්න පුළුවන් රස්සාවක් විතරක් වෙලා තියෙන නිසා කියලා මට හිතෙන්නේ...

      Delete

  27. හැම කෙනෙකුගේම ජීවිත අභ්‍යන්තර සුන්දර නැහැ අපි හිතනවාට වඩා කම්කටොලු වලින් වැසුනු ජිවිත හමුවෙන්නේ.

    මට දැනේනේ මේ කතා පුවතේ අභ්‍ය්න්තරයේ නැගෙන්නේ පිරිමි හඪක් නෙවේ ස්ත්‍රී හඬක්.නංගියෙක් අක්කට කියන සිදුවිමක්

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයෙක්ගේ රස්සාවකට වඩා පිරිමි ළමයෙක්ගේ රස්සාවක් ගැන අපේ සම්ප්‍රදායික සමාජයේ තියෙන අදහස් වලට, අත්තටම මනුස්සයෙක් විදියට කෙනෙක්ට දැනෙන දෙයක් ලියන්නයි මට ඕනේ උනේ අයියේ.... හැඟීම්බර වෙන්න ගැහැණු පිරිමි භේදයක් තියෙනවා කියල මම හිතන්නේ නෑ... හැබැයි ඒක කෙලින්ම කියන්න පිරිමියෙක් හැටියට තියෙන අමාරුකම නිසා තමයි මේක ලියුමක් විදියට ලියලා යවන්නේ... මං ඒ ආකෘතිය තෝරගත්තේ ඒ හින්දා...

      Delete
  28. මූණු ගොඩක්...

    ReplyDelete
  29. හැම තැනකම වගේ වෙස් මුණු දා ගත්ත මිනිස්සු තමා බහුතරය.... හොදට හෝ නරකට....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මූණක් නම් නෑ තමා හොයන්න... තිබුනත් හරිම අමාරුයි අදුරගන්න.. හි හි

      Delete
  30. අලුත් දෙයක් නම් නෑ තමා. ඒත් ආකෘතිය හොඳා. මතුකරන දේ ටත් වඩා, ඒකෙ අවශ්‍යතාවය තමා හොඳම.

    ReplyDelete