Wednesday, December 5, 2012

මගේ පුංචි මුද්ද....


ඔයාට මතකද මේ කතාව... 

මට මතක ඇති කාලේ ඉඳලම රත්තරං බඩු වලට ආසාවක් තිබ්බේ නෑ කවදාවත්.. ඒ කිව්වේ මාල, වළලු වගේ දේවල් ගැන... සාර ඇඳිලි, බෝනික්කෝ සෙල්ලම් කිරිල්ලට අකමැති වෙච්ච මං, ඒවට ආසා නැති උන එක අරුමයක් නෙවෙයි කියලා තමා අම්මා නම් කිව්වේ... ඒත් ඉතිං අම්මට අහුවෙච්ච වෙලාවට මට ඕවා අරං දුන්නා... මං මාල, වළලු වලට ආස නැති උනාට ආස එක ජාතියක් තියෙනවා... ඒ පුංචි මුදු... 

ඔව්.. අර චූටි ගල් අල්ලලා තියෙන, ඇඟිල්ලේ තියෙනවද කියලා පේන්නේ නැති තරම් හීනි මුදු තමා... 

ඉස්කෝලෙ යන කාලේ බැඩ්මින්ට්න් ටූනමන්ට් එකකට කුරුණෑගල ගිහින්, එහෙදි ගත්ත චූට් ඉමිටේෂන් මුද්ද, ගෙදර ආපු ගමන් ගලවන්න උනා... මගේ ඇඟිලි වල හීනී වැඩි කම නිසා ටිකක් තද කරලා දගත්ත මුද්ද, ඒ වෙනකොටත් ඇඟිල්ලෙ හිරවෙලා තිබ්බේ.. ගෙදර ආපු ගමන් අම්මා කළේ කතුරක් අරන් මුද්ද දෙකට කපලා මගේ ඇඟිල්ල බේරගත්ත එක... 

මතකද මම ඔය කතාව ඔයාට කිව්වේ කොහෙදිද කියලා.... මට නම් මතකයි.... 

ඔයාට මතකද ඔයා ඊට පස්සේ මට කියපු දේ... 

මම පුළුවන් උනොත් ඔයාට මුද්දක් අරං දෙන්නම් කියලා ඔයා කිව්වා.. මං ඒකට හිනා උනා විතරයි... 

මුදු තෑගි දෙන්න තරම් දෙයක් අපි අතරේ ඒ වෙද්දි තිබ්බේ නෑ කියලා මට හොදටම මතකයි... 

අවුරුදු ගානකට පස්සෙ ඇත්තටම ඔයා මුද්දක් මගේ අතට දැම්මා.... ඒත් ඒ මගේ දකුණු අතේ මැද ඇඟිල්ලට... කවදාවත් මගේ වම් අතේ මුදු දාන ඇඟිල්ලට අයිතියක් ඔයාට තිබ්බේ නෑ කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා... 

ඒත් ඒ මුද්ද අද මට ගලවන්න උනා.... 

ඔව්.. අර පුංචි ඉමිටේෂන් මුද්ද වගේම... දෙකට කපලා ඇඟිල්ල බේර ගත්තා... දැං අවුරුදු කොච්චරක්ද මේ මුද්ද මගේ අතේ කොටසක් වෙලා..... මට හිතාගන්නවත් බැරි තරම් කල් වෙන්නැති... සමහර විට අද ඊයේ වෙන්නත් ඇති... මට හරියටම මතක නෑ... 

මුද්ද ඇඹරිලා ගිහින්... ඒත් අදටත් දිලිසෙනවා.... ඒකේ පුංචි නිල් පාට ගල තාම එදා තිබ්බා වගේමයි... 

ඒත් අර ඔයා ආස කරපු ලස්සන හීනි දිග ඇඟිලි... අද නම් ඒතරම් හීනි නෑ... ඔයා ආස කරපු සිනිදු බවත් අද මේ අතේ නෑ... මුද්ද හිර උනෙත් ඒක හින්දම වෙන්න ඇති... 

අද ඉඳලා මුද්ද මගේ අල්මාරි ලාච්චුවට වෙලා ඉඳියි... ඒත් ඔයාගේ මතකය එහෙම ලාච්චුවට දාලා වහන්න මට බෑ... තව කොච්චර කල් මම ජීවත් වෙයිද... ඔයාගේ මතකය මාත් එක්ක එදා වගේම ඉඳියි.... 

අර නිල් පාට මැණික් ගල වගේ ලස්සනට දිලිසි දිලිසි... 

----------------------------------------------------------------------------------

ප/ලි .අද උදේ ලාච්චුවක් අඳිද්දි හම්බුවුන මගේ පුංචි මුද්දට තෑග්ගක් විදියට මේ නිර්මාණය මගේ අතින් ලියවුණා..... 

ෆොටෝ එක හොයාගත්තේ මෙතනින්.... 

මේක පෝස්ට් කළාට පස්සේ ඉෂාන් මලයා දාපු පෝස්ට් එකකට ලින්ක් එකක් දාලා තිබ්බා.. උගෙන් අවසර ගන්නේ නැතුව මම මේ ලින්ක් එක පෝස්ට් එකට එකතු කරනවා... මං හිතන්‌නේ මේක කියවලා කවි තෙල් බොන්න හිතෙන කට්ටියට අඬන්න පුළුවන් පෝස්ට් එකක් ඒක... 

ඉෂාන්ගේ සටහන් 

ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)

139 comments:

  1. අද නම් මම එක :D

    ReplyDelete
    Replies
    1. සමහර තෑගි ඒවගෙ වටිනාකමට වඩා සෑහෙන්න වැඩියි.කියල නිම කරන්න බැරි තරම් වටිනාකම ලැබෙනව සමහර වෙලාවලදි. මගේ හොඳම උපන්දින තෑග්ග උණු ගිය අවුරුද්දෙ එයා මට එවපු sms එක වගේ

      Delete
    2. ඒක නම් ඇත්ත සමියෝ...

      Delete
  2. සිම්පල් කේස් එකක් නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් නම් මන් 2

      Delete
    2. සිම්පල් බට් පවර්ෆුල්.. හි හි..

      Delete
  3. මේ වගේ පුංචි පුංචි දේවල් ජීවිතේට ගොඩාක් වටිනවා...ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. පුංචි දේවල් විතරයි මං ගාව තියෙන්නේ පුංචි කොල්ලො..

      දැක්කෙත් අද.. සාදරයෙන් පිළිගන්නවා...

      Delete
    2. හිරු අක්කගෙ බ්ලොග් පිටුව වටේ එහේ මෙහේ ගියාට කොමෙන්ටුවක් දාගන්න විදිහක් නැතුව හිටියෙ.දැන් ඒකත් හරි ඕං...

      සාදරයෙන් පිළිගත්තට තැන්කූ හොඳේ....

      Delete
  4. මුලින්ම හි හි ට කියන්ඩ තියෙන්නේ.. ඔය මුද්ද අර රූපේ තියෙන එක වගේ වටිනා එකක් නම් ලාච්චු වටල දාල තියල නිකන් හොර හතුරන්ගෙන් නැතිකර ගන්න එපා ,,,,

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. ඒක මේ 3500 චූටි මුද්දක්... ඇදවෙලා තියෙන නිසා ෆොටෝ එක දැම්මේ නැත්තෙ.. හි හි

      Delete
  5. අම්මේ හිරු, මනුස්සයානම් හෙන ලක් කාරයා බන්, රත්තරන් වලට කැමති නෑ කියන්නේ ඉතින් පඩි පැකට්ටුවෙන් සෑහෙන ප්‍රමානයක්ම ඉතිරියි කියන එකනේ.

    මටත් බැරි වුනානේ මුද්දක් කියලා එකක් දාගන්න, වෙදගිල්ලට තියා, සුළගිල්ලටවත්.

    ReplyDelete
    Replies
    1. පඩියෙන් කොහෙද බං රත්තරන් ගන්නේ.. පවුමකට පඩියම මදි... හි හි..

      Delete
  6. හදවතින් ම ලියැවිලා තියනවා. මේ පෝස්ටුව කියවද්දී ඒ අතීතය ගැන අපට ඉතා හොඳින් හිතාගන්න හැකියි.
    //කවදාවත් මගේ වම් අතේ මුදු දාන ඇඟිල්ලට අයිතියක් ඔයාට තිබ්බේ නෑ කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා...//
    මෙන්න මේ ටික කියවනකොට පුංචි දුකකුත් ඇතිවුණා.
    අයිතිය කෙසේ වෙතත් තාමත් ඒ සොඳුරු මතකය හා සිහිවටනය ඔබ ළග තියනවා කියන්නේ හිතේ කොනක රැදුන දුකක්ද කියලත් හිතෙනවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ නලීන් අයියේ.. ඔව්.. දුකක් තියෙනවා....

      Delete
    2. මට පෙනිච්ච කෑල්ලමයි මූත් දැකලා තියෙන්නෙ

      Delete
    3. මට පෙනිච්ච කෑල්ලමයි මූත් දැකලා තියෙන්නෙ.. දැන් ඔය වමෙයි දකුණෙයි දෙකේම දාගෙන හිටියද මෙච්චර කල් හැබෑට?

      Delete
    4. නෑ තිසර. දකුණු අතේ මැද ඇඟිල්ලට කියලා තියෙන එක පෙන්නේ නැද්ද හැබෑට.... හි හි

      Delete
  7. රත්තරන් වලට කැමති නෑ කිව්වට මට පේන්නෙ අර අහිංසකයට කියල තවත් මුද්දක් හදෝ ගන්න යනව වගේ... ;)

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඕකම තමයි

      Delete
    2. මොන පිස්සුද කොල්ලො.. රත්තරන් ගැන හිතන්නවත් පුළුවන්ද දැන්....

      Delete
    3. ඇත්ත මාතලන් මේක හෙන කපටි පෝස්ට් එකක් :))

      Delete
    4. මාතලන් නොව සාතන් !!

      Delete
    5. ඇයි රත්තරන් ඔච්චර ගණං?

      Delete
  8. හ්ම්ම්ම්ම් සොඳුරු සිහිවටයක්...අපූරු මතකයක්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං...

      Delete
  9. මම මුලින්ම හිතුව තඩි නයෙක්වත්ද කියල ලස්සනම නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. නයි නෑ කොමා මගේ.. දන්නවනේ.. හි හි..

      Delete
    2. අනිවා. පොඩි බයිට් එකක් දුන්නේ. අක්කව පොඩ්ඩක් අවුස්සන්න.

      Delete
  10. මාත් මුද්දක් දැම්මා යාලු වෙලා 1 වෙනි ඇනිවසරි එක දවසේ.මටත් මුද්දක් තෑගී හම්බුණා ඒ ගෑණු ළමයාගෙන්.එෆෙයාර් එක නැතිවුණාට පස්සේ මං මුද්ද අයින් කරා.

    මං අද දාපු පෝස්ට් එකත් ඔය වගේම ආදර සිහිවටන ගැනම තමා.මං නැට්ටක් එල්ලුවාට කමක් නැද්ද මන්දා? අවුලක් නෑ නේ හිරු අක්කා? දාන පළවෙනි හා අවසාන නැට්ට.. :)

    ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියව්වා.. අන්න මාත් පෝස්ට් එකක් තරං දිග කමෙන්ට් එකක් දාලා ආවා.. ඒක නම් මරු ඈ.....
      ( මේ මේක මම පෝස්ට් එකටම ඇමිණුවා කොල්ලෝ.. කමක් නෑ නේ.. හි හි)

      Delete
    2. මං කියෙව්වා කමෙන්ට් එක.මගේ බ්ලොග් එකේ ලියවුනු දිගම කමෙන්ට් එක. එළ!
      ඒකත් එකතු කරලා තවත් දේවල් දාලා පෝස්ටුවක් ලිව්වානම් හරිනේ. :)

      මගේ පෝස්ට් එකත් මේකට අමුනපු එකට කිසිම අවුලක් නෑ.මොකද මාත් ඇවිත් නැට්ටක් එල්ලලා ගියේ අහලා නෙවෙයිනේ. :)

      Delete
  11. අමරණීය සොඳුරු මතකයක් මුද්දෙන් මතු වුනු වගයි.... හි හි :)

    ReplyDelete
    Replies
    1. ඒ මුද්දේ තියෙන්නේ අමුතුම මතකයක් චන්දන.... ( හැබැයි මේ කතාව නෙවෙයි හොඳේ... හි හි)

      Delete
  12. මොකක්ද බං මේ "හිරු බෙල්ලේ වැල දා ගත්ත තැන්" කියල එකක් තියන්නේ.. මං දැන් නේ දැක්කේ ඒක. :):):)

    ReplyDelete
    Replies
    1. කියවලම බලපන්කො ඒක! මන් මේ බ්ලොගේට ආපු පලවෙනි දවසෙම බැලුවේ ඒකද කොහෙද!!

      Delete
    2. හි හි.. ඕකේ තියෙන ලින්ක් දිගේ ගියාම මරු කතාවක් හොයා ගන්න පුළුවන්.. හි හි..

      Delete
    3. මරු කතාව මාත් කියෙව්වා...

      Delete
    4. එලම තමයි.. ඔන්න ෆලෝ පාරකුත් දාලම ආව.

      තිසරත් ඒක කියෙව්වද..?:)

      Delete
  13. Replies
    1. පරණ වෙන්නැති මතකයක් මධූ...

      Delete
  14. හිරුවා හෙට අනිද්දටම අපේ මහත්තයට කියල තව අලුත් මුද්දක් අරගෙන ඇගිල්ලට දාගත්තේ නැත්නම් මේ චමියා කපනවා කනක්..

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා...?? :ඕ
      චමියට මහත්තයෙකුත් ඉන්නවද..?? ;)

      Delete
    2. එහෙනං චමියෝ දැම්මම කපා ගනිං ඔය කන... හි හි...

      චමියා ඔය කියන්නේ අපේ මහත්තයා ගැන ප්‍රමුදි... හි හි

      Delete
  15. ලස්සන මතකයක් ලස්සන ලිපියක්

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ මලයා...

      Delete
  16. Replies
    1. මොක්කො................ හි හි....

      Delete
  17. මාත් ආස චුටිම චුටි හීනි මුදුවලට !
    :D

    ReplyDelete
    Replies
    1. හැබැයි මඟුල් මුද්ද නම් හැදුවා ටිකක් මහතට.. හි හි....

      Delete
    2. මට හිතුනා ආසා නැතෙයි කිව්වට ඒකනං ලොකුවට හදාගන්න ඇතියි කියලා... හි හි හි

      Delete
    3. ඒක එහෙම හදන්න එපැයි බං.. හීනි මුදු ටික කාලයක් යනකොට ඇඹරිලා චප්ප වෙලා යනවා... හි හි

      Delete
  18. හ්ම්ම්...හ්ම්ම්...මොනා කියන්නද මන්දා හිරු අක්කේ..... මටත් ඔය වගේ මුද්දක් තියෙනවා පරිස්සමෙන් ලාච්චුවේ දාල.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ... ලාච්චුවල තමා ඕවා තියෙන්නේ... හි හි

      Delete
  19. අන්තිමට යාළු වෙලා හිටිය ගෑණු ළමයව මතක් උනා... අපරාදේ කියන්න බැහැ රත්තරං වලටනං පුදුම අකමැත්තක් තිබුනේ... හැබැයි පාට පාට සුකුරුත්තං වලට හෙන මනාපයි... එක උපන් දිනේකට මම පාට පාට නූල්..පබළු... හීනි කාඩ් බෝඩ් තීරුවක්..ගම් ටිකක් එහෙම අරං ලස්සනට වැඩ දාලා හදලා දුන්නා අතේ බඳින පටි දෙකක්.. ඒ දෙක දාලා දෙන්න අර කන් හාරන කූරු දාන ප්ලාස්ටික් ටින් එකත් ආලවට්ටං දාලා සැරසුවා... කෙල්ලට රත්තරං මාල හතක් අරං දුන්නට වඩා සංතෝෂයක් ඒක දැකලා... ඒ දෙකට පාටක් මැච් වෙන ඇදුමක් අහු උන තැන අතේ බැඳගෙන ගියේ පුදුම ආසාවකින්...

    ඕං මට මතක් වෙන එවුවා... ආයේ අඩියක් ගහලා කල්පනා ලොව මල් වනේ සරන්න හිතෙන්නේ ඔය වෙලාවට...

    මහණ වෙන දවසේ උදේ අතේ කරේ තිබුන රත්තරං ටික ගලවලා අම්මා අතට දුන්නට පස්සේ ආයේ මේ වෙනකල් රත්තරංනං පැළදීමක් නැහැ... අරයගේ බල කිරීමට එයාම අරං ආව යකඩ වළලු වගයක්නං දාං හිටියා... ඒ ඉතිං එයා එක්ක කොහේ හරි යද්දී විතරයි.. ඒවත් දෙන්නට ගැල පෙන විදියට අරං එන හින්දා... බේරෙන්න බැරි කමට... ඒ ටිකනං තාමත් ඇති මගේ බෙඩ් කබඩ් එකේ යට ලාච්චුවේ... ඒ ඇර දැන්නං ඔරලෝසුවක්වත් අතේ බැඳිල්ලක් නැහැ... මේ ලගදී යාළුවෙක් අපි කට්ටියකටම තෑගි ගද්දී මටත් ඔරලෝසුවක් ගෙනත් තිබුනා..ඒකත් අර කිව්ව කබඩ් එකේම දෙවැනි ලාච්චුවේ...

    අදනං බොන්න හොඳ දවසක් අප්පා... ගෙදරයි ඉන්න තිබුනේ... හොඳ වෙලාවට වැඩ පොලේ...

    ReplyDelete
    Replies
    1. කවි තෙල් නම් බොන්නේ නෑ මාරයියේ.. අන්න මං පෝස්ට් එකට ලින්ක් එකක් ඇමිණුවා. ඒක දිගෙත් ගිහින් බලන්න..

      අපේ මහත්තයා දුන්නු ඔය වගේ එයාම හදපු ටිකක් ලොකු පහේ තෑගි ඔක්කොම වගේ අපේ මල්ලි කාබාසිනියා කළා.. පුංචි ඒවා විතරයි මං ගාව තියෙන්නේ...

      අපේ මහත්තයටත් ඔය වගේ වැඩ නියමෙට කරන්න පුළුවන්.. මං ගාව තියෙනවා කී ටැග් එකක් ම‌ෙග් නම ලීයක කැටයම් කරපු... හි හි... ඒවට තමයි මං වැඩිපුරම ආස...

      Delete
    2. මූ නම් අද සුවර් එකට කයිතෙල් බොනවා... හෙට මුගේ බ්ලොගේ කවි.... එළකිරි...

      Delete
    3. ෂික් මේ තිසරයා.... මාරයියේ ඔයා කියි තෙල් නොබී ලස්සන කයියක් ලියන්න.. මූ කියන ඒවා ගනං ගන්න එපා...

      Delete
  20. සොඳුරු මතකයක්... ලඟදීම තවත් මුද්දක් හිරු අක්කාට ලැබේවි...

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ නඟා... මේ මුද්දේ මතකය ආයිත් කවදාවත් ලැබෙන්නේ නෑ මට.. ඒක නිසා මඟුල් මුද්ද ඇරෙන්න වෙන මුද්දක් දාන්නෙ නෑ මම...

      Delete
  21. මං නම් මුදු වලට ආසම නෑ.. මං කැමති සිහිවටන වලට වඩා සුන්දර මතකයන්ට. සමහර වෙලාවට අමතක කරන්න ඕන මතකයන් සිහිවටන වලින් ආපහු මතක් කරන එක මහ කරදරයක්
    Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. අමතකම කරන්න ඕනේ මතකයන් තමා අමතක කරන්න ආමරුම මට... ඒක නිසා මම ඒවායේ හොද පැත්ත විතරක් මතක තියාගෙන, මතක් කර කර හිනා වෙනවා...

      Delete
  22. මගේ අතේ තියෙන්නේ පිරිත් නූලක් ,ජීවිතේ අමතක කරන්න මං වෙහෙසෙන ,ඒත් එහෙම කරන්න මට කවදාවත් බෑ කියල දන්නා මතකයක් ,දැන් සැහෙන කාලයක් මං මේක අතේ තියාගෙන ඉන්නවා ,ඒකෙ නූල් කෑලි කැඩී කැඩී යන විදිහට ඒ මතකය මා අතහැර යන්නේ නැහැ කියලත් මං දන්නවා

    ReplyDelete
    Replies
    1. හැමෝටම මේ වගේ සිහිවටන තියෙනවා වගේ දැං බලනකොට....

      Delete
    2. උඹට කියන්න හිරුවෝ දවසක් මට මේ පාහරයෙක් කිව්ව නෙව ඌ කෙල්ලට සිගරට් එකෙන් කලවෙ සිහිවටනයක් තිබ්බය කියලා. දැං තමා ඒක මතක් උනේ. පට්ට පාහරයෝ. පස්සේ ඌ කියනවා ඕකි බැන්දත් ඉතිං කම්බස් කරන්න පුළුවන්ය කියලා...

      Delete
    3. එවුන් තමා බන් වැඩිපුර ඉන්නේ.. උන් ඉතිං සත්තුන්ටත් අන්ත ජාතියක්නේ.. කෙල්ලන්ට පුළුවන් ඕවා රිටන් එකට දෙන්නත් හැබැයි....

      මගේ යාලුවෙක් දුන්නා ඔහොම රිටන් එකක්... ඌ කෙල්ලගේ ෆොටෝ වගයක් තියාගෙන බ්ලැක්මේල් කරන්න හැදුවා... කෙල්ල විස්තරේ තමන්ගේ කොල්ලට කියලා කසාද බැන්දා.. හැබැයි අරෑ ඊට පස්සෙත් පස්සෙන් එන්න හැදුවම කෙල්ල කළේ මූ කෝල් කර කර කියපු ඔක්කොම ටික රෙකෝඩ් කරගෙන ඌ එතකොට එන්ගේජ් වෙලා හිටපු කෙල්ලට ගිහින් දුන්න එක.. උගේ මඟුල එතනින්ම හබක්... ඒ කෙල්ල දැං මූට වෙන කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න දෙන්නේ නැතුව වද දෙනවලු.... ඒකිට කරපු ‌පාහර වැඩේට...

      Delete
    4. ඉදල හිටල වගේ ඔයවගේ කථාවක් අහන්නත් සතුටුයි. දෙන්න ඕනේ ඕකුන්ට ආයේ දුවන්න පාරවල් නැති වෙන්න.

      Delete
    5. ඔව් අප්පා.. කෙල්ලො බය නැති උන දවසට ඕවා කරන්න හම්බුවෙන්නේ නෑ.. කොහෙද.. මේ අපේ අක්කලගේ කට විතරනේ.. ඔය වගේ එකක් වෙච්ච ගමන් අඬන්න විතරයි මතක් වෙන්නේ.. මොළේ කල්පනා කරලා වැඩ කරන්න ‌තේරෙන්‌ෙන් නෑ...

      Delete
  23. රත්තරන් නම් ඉතිං සල්ලි දීල ගන්න වත්කමක්වත් ආසාවක්වත් මටත් නැහැ, කොහොමටත් එව්වයෙ වැඩි ආශාව තියෙන්නෙ බවලතුන්ටනේ. හැබැයි කරේ චේන් එකකි අතේ බ්‍රේස්ලට් එකකි තියෙනව, තාත්ත දුන්න එකකි අක්ක දුන්න එකකි.

    අපි ඔය ඉස්තිරි පරානත් එක්ක වැඩි භජනෙට යන්නෙ නැති ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ, ඒනිසා තෑගි ලැබුණු, දීපු අත්දැකීම් නම් නෑ ඔන්න. මටත් මේක කියවද්දි හිතුනෙ ඉතිං අර අසරණ අපේ මහත්තය දැන් ආයිත් මුද්ද හදවල දීපන්කො කියල.

    ReplyDelete
    Replies
    1. ආයිත් ඒ මුද්ද හදන්නේ නෑ DDT.. එහෙම කළොත් ඒ මුද්දෙ වටිනාකමක් නෑ...

      වෙන සිහිවටන නැද්ද.. මං ගාව තියෙනවා ස්කූල් බැජ් තුනක්, ක්ලාස් චිට් පෙට්ටියක්... ක්ලාස් කාඩ් කීපයක්... ඒ වගේ දේවලුත් සිහිවටන තමයි... හි හි...

      Delete
  24. මම නම් දුන්ෙනම ෙටඩීලා.. දැන් ඒයා ගාව ෙටඩීලා ෙගාඩක් ඉන්නවා. ෙහට අනිද්දට තව ඒකක් අරන් ෙදන්න කාෙල් හරි. මුද්දක් දාන්න තව කල් යාවි. ට්‍රිප් ගියාම අරන් ඒන සුකුරුත්තං ෙගාඩාක් ඒයා මට දීල තිෙයනවා. ෙදන ෙද් ෙනෙමයි වටින්ෙන් ඒයාට මාව මතක් උනා කියන ඒක තමයි මටනම් වටිනම ෙද්..

    ReplyDelete
    Replies
    1. මගේ එකම ලොකුම ලොකු ටෙඩියත් ගෙදර.... මගේ ඇඳ උඩ තියලා ආවා... අපේ තාත්තා කියනවා දැං මගේ කාමරේ පාලු මකන්නේ ඒ තඩි, කලු පාට ටෙඩියා කියලා... අපේ මහත්තයා රට යන්න ඉස්සෙල්ලා මට අරන් දීලා ගියේ.. අපේ ඇඳ උඩ ඉන්නවා කැත තාරාවෝ දෙන්නෙක්.. ( අපි දෙන්නට අමතරව.. හි හි) එකෙක් අපේ මහත්තයා මම ඉස්කෝලෙ යන කාලේ අරන් දුන්නේ.. අනිත් එකා අපේ වෙඩින් එක දවසේ හවස දුන්නේ... හි හි...

      Delete
  25. හිරුවට වෙන දේවල් ඇත්තට. අපේ මහත්තයට කියලා ෆ්ලෙක්සිබල් මුද්දක් හදෝ ගත්තනන් හරි. උඹ ජම්බෝල වෙන හැටියට ඒ මනුස්සයට මාස දෙකෙන් දෙකට ඔක්කොම රීසයිස් කොරන්න වෙනවනේ. හි හි...
    (හිරුවෝ මේක මගේ භාෂාව. බොලා අකමැති නෑ කියලා හිතාගෙන තමා දාන්නේ. අකමැතිනන් තව ටිකක් ශිෂ්ඨ විදියට දාන්නම්)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං.. හොඳ වෙලාවට මඟුල් මුද්ද ටිකක් ලෙකුවට හැදුවා.. නැත්තම් ඒකටත් ඔය සෙතේ තමයි.. හි හි..
      අනේ කමක් නෑ බං.. ඕනේ විදියට කිව්වම මොකෝ...

      Delete
  26. මගේ ලගත් තියනවා මීට අවුරුදු හතරකට විතර කලින් ලැබුන සැන්ට් කුප්පියක්...ඒක ඉවර උනාට මම තාම ආසාවෙන් කුප්පිය තියන ඉන්නවා........

    ReplyDelete
    Replies
    1. හි හි... ඒවා මගේ ගාවත් තිබ්බා ඉස්සර.. පස්සේ විසි කළා.. ඒවා ගොඩ ගහගෙන ඉන්න බැරි නිසා..

      Delete
  27. අපේ මහත්තයා වෙන්න ඇති ෂුවර් එකටම දෙන්න ඇත්තෙ.... ඒ වෙනුවට අලුත් එකක් දේවි කැලැන්ඩර් සීසන් එකෙන් පස්සෙ...

    මූණු පොතෙන් දෙවරක් ඉල්ලීම් කලත් තවමත් ඉටුවී නැත...අප සමග භජනයට අකමැතිද...

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා දුන්න එකක් නෙවෙයි සිරා.. කියෙව්වේ නැද්ද.. හි හි.. ( ඕක නිකම් හදපු කතාවක්... )

      මූණූ පොත පාවිච්චියක් නෑ සිරා.. මම ඔයාට මැසේජ් එකක් දැම්මා...

      Delete
  28. හොඳ නිර්මාණයක්...

    මමත් ආසම නැති වැඩක් තමා රත්‍රන් පළදින එක.. වෙඩින් රිංග් එක විතරමයි අදටත් අතේ තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මගේ අතේ නම් වෙඩින් රිංග් එකවත් නැහැ :)

      Delete
    2. ඒකෙ කිසිම ගැටලුවක් නෑ සයුරි.. තමන් බැඳලා කියලා තමන්ට මතකනම්.. සමහරු වෙඩින් රිංග් එක දාගනම බැඳලා නෑ වගේ හැසිරෙනවනෙ..

      Delete
    3. වෙඩින් රින්ග් එක මාත් දාන්‌ෙන් කොහෙ හරි වැදගත් ගමනක් යනකොට විතරයි... රෙදි හෝදන්න එහෙම ගියාම වදයක්... අපේ මහත්තයා නම් හරිම අකමැතියි ඒක දාන්න.. එයාගේ වැඩක් එක්ක කො‌ෙහාමත් දාන්න බෑ.. ග්‍රීස් යකා වගේ ගෙදර එන්නේ සමහර දවස් වලට.. හි හි..

      Delete
  29. මේක ඇත්ත කතාවක්ද බොරුවට ගොතපු එකක්ද කියලා හිතා ගන්න අමාරුයි. මොනා උනත් ඒක ලියපු විදියටනම් මම ලයික් :)

    ReplyDelete
    Replies
    1. ගොතපු එකක් සයුරි... හි හි... ඇත්ත කතන්දරේ වෙනස්.. හැබැයි ඒකත් දුකක් තමයි...

      Delete
  30. මම නම් ප්‍රතිපත්තියක් විදිහට මුදු දෙන්නේ නෑ කෙල්ලෙක්ටනම්.. මඟුල් දාට දාන එක ඇරෙන්න.. ඒකට පොඩි හේතුවක් තියෙනවා.. හැබැයි ඒක මෙතන කියන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි සුදා... මුදු මාරු කරන්න ඕනෙ බඳින දාට.. මාත් එහෙම තමා හිතන්නේ.. හි හි

      Delete
  31. අපේ රත්තරං හාමිනෙත් රත්තරං වලට කිසි ආසාවක් නෑ නොවැ... හැබැයි.. ඉඳහිට ඔය යකඩ පාට, කලු පාට, ලී පාට ඒවා දානවා... ඉතින් මාත් ඔව්වා අරං දෙනවා... මට නම් ආභරණ ඇලජික්.. දාපු වෙලේ ඉඳලා කසනවා... ඔල්ලෝසු කෑල්ලක්වත් නෑ...

    ReplyDelete
    Replies
    1. ආහ්.. ඔල්ලොසු නැති උනාට සපත්තු දානවනේ... ඉතිං හම් පටියක් තියෙන එකක් ගත්ත නම් ඉවරනේ....

      මම ඔය පාට පාට සුකුරුත්තන් ඒවටත් ආස නෑ.. ඒත් දාන්න ඕනෙ වෙලාවට දානවා...

      Delete
  32. හොදයි හොදයි. හරිම හැඩයි.. කියවන්නට ආසයි. ආසව උතුරා යයි. පෙල ගැසීම නියමයි... මේ ලෝකේ ලියවිච්චි හොදම පෝස්ට් එක.. ඔයා හරිම සුදුයි... හරිම ලස්සනයි.... ඔයාගේ බ්ලොගෙත් නියමයි අනේ. මං හරි ආසයි මේ පාට වලට. අනික ඔයා හරි ලස්සනට ලියනවනේ..




    ඒක නෙමෙයි අනේ රත්තරං වැඩක් නැත්නං අපිට දෙන්න..





    හික්... හික්....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      Delete
    2. අම්මෝ... බටර් පාර..

      Delete
  33. Lassana mathakayak neda. Kamak na lachchuwe hari parissamen thiyenawane. Nathi uana nam thamai duka. Aththatama oya godak mahathaida hiru.

    ReplyDelete
    Replies
    1. හි හි.. ජබ්බෙ වගේ.... ළඟකදි ගත්ත ෆොටො එකක් නෑ පෙන්නන්න.. කැමරාවට දාගන්න බෑලු අපේ මහත්තයට... හි හි...

      Delete
  34. මම හිතන්නේ මුද්ද ඒ දවස් වල 3500 මේ 2012 ?

    ReplyDelete
    Replies
    1. ඒක එච්චර වටින එකක් නෙවෙයි බොරලු... හි හි

      Delete
  35. මට නම් මතක් උනේ මුක්කං කොල්ලගෙ අක්කගෙ මුද්ද ළිදේ වැටිච්ච කතාව.

    ReplyDelete
    Replies
    1. මගේ මගුල් මුද්ද සෝමා එදිරිසිංහට දැම්මා....

      Delete
    2. ඒ මොකෝ... කොහෙ හරි වට්ටගත්තද...?

      Delete
    3. හෆ්ෆා....මාතලා කිව්වොත් ඔය වගේ කතාවක් තමා. හොද වෙලාවට හි හි මුක්කං කතාව දන්නෙ නෑ වගේ.

      මගේත් එක මුද්දක් සෝමක්කට දැම්මා ආෆ්ටර් ඒ ලෙවල් ට්‍රිප් එකක් යන්න ගෙදර බජට් පාස් වුනේ නැති නිසා.

      Delete
    4. ප්‍රෙටියට් කිව්වට පස්සේ තමයි ක්ලික් උනේ.... හි හි...

      කී දෙනෙක් සෝමක්කට මුදු දැම්මද දන්නෙ නෑ බලනකොට....

      Delete
  36. මගෙ ලඟත් මුද්දක් තිබ්බා... කාලයක්ම... එ කාලේ ඒ මුද්ද දිහා බැලුවම ඒකේ ද්‍රව්‍යමය වටිනාකමට වඩා සොඳුරු වූ දෙයක්, වචනයෙන් විස්තර කල නොහැකි, හදවතට පමණක් දැනෙන යමක් තිබ්බා හොඳට මතකයි...ඒත් පස්සෙ දවසක, රැවටීමකට අහු වුනා කියලා දැන ගත්තම, ආදරයක් තිබ්බද කියලාත් සැකයක් ඇති වෙනකොට, ඒක නිකම්ම නිකම් මුද්දක් වුනා... අලුත් ජීවිතයකට එනකොට ඒ මුද්ද මගෙ රූමිට දීල ආවා.. මට ඒක ලැබුනු විදිහවත්, දුන්න කෙනාවත් ඒ නංගි දන්නෙ නැහැ.. එයා ඒක තාමත් ඇඟිල්ලෙ දාගෙන ඉන්නවා දකිනකොට හදිස්සියේ අකුණක් ගැහුව වගේ ක්ෂනයකින් මට යමක් සිහිපත් වෙලා, ඒ එක්කම යටපත් වෙල යනවා..

    ReplyDelete
    Replies
    1. හම්ම්.. මේවා හැමෝටම වගේ තියෙන අත්දැකීම් බලාගෙන යනකොට....

      Delete
  37. මම සරල දිවිපෙවතක් නේ ගෙනියන්නේ. අතේ පිරිත්නුලක් විතරයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. නුලක්ද කඹයක්ද... හි හි..

      Delete
  38. මගේ මුද්දේ අනුවේදනීය කතාව ලියන්න මට මේ පොස්ට් එක බල කරනවා. මේ කතාවෙත් මට දුකක් ඇති වුනා. ඔහොම දකුණු අතක අන්ගිල්ලකට හරි මුදුවක් දමාගන්න ඇත්නම් කියල හිතුන කෙකෙන්ගේ ඇසුර.... බලමු අනාගතයේදී....

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට දුක හිතිලා මේ පෝස්ට් එකෙන්.. මේක නම් නිර්මාණයක්... ඒත් මගේ මුද්දේ කතාවත් දුක හිතෙන එකක්...

      මම හිතනවා ඒ කතාව ලියවෙයි කියලා ඉදිරියෙදි...

      Delete
  39. ඇයි රත්තරං....................................... වලට ආස නැත්තේ හිරූ. බොහොම කලාතුරකින් දකිය හැකි කාන්තා චරිත ලක්ෂණයක්. නිර්මාණයට හේතුව මොක උනත් ලස්සනයි.

    කාලෙකින් ආවේ, ඉතිරිවත් කියවලා එන්නම් හොඳේ.

    ReplyDelete
    Replies
    1. රත්තරං තිබුනේ නැති නිසා සරා අයියේ... පොඩි කාලේ කනේ තිබ්බ කරාබු දෙක විතරයි.. ඒලෙවල් පාස් උනාම මාමා පොඩි චේන් එකක් අරං දුන්නා.. අදටත් මගේ කරේ තියෙන්නේ ඒ චේන් එක... මේ ඊයේ පෙරේදා කරබු දෙකෙන් එකක් හැලුනා.. ඔය මඟුල් මාල, වළලු එකක්වත් මං ගාව නෑ.. ඔක්කොම නැන්දම්මා ගාව.. හි හි..

      රත්තරං විතරක් නෙවෙයි, වෙන කිසිම බඩු මුට්ටුවක් වත් එකතු කරන්න මම ආස නෑ... අවශ්‍ය නැති දෙයක් කඩෙන් ගන්නවත්, බදාගෙන ලෝබ කමට තියාගෙන ඉන්නවත් මම ආස නෑ... මම එකතු කරන්න ආස පොත්, ෆිල්ම්ස් වගේ දේවල් විතරයි....

      Delete
    2. ඒවා ලියන්න එපා බං.

      Delete
    3. හි හි.. ඒ ඇයි අප්පා....

      Delete
  40. මේ කතාව පුංචි වුනාට හරි ලස්සනයි අක්කේ....ඒවගේ සිහිවටන ජීවිතේ පරණ මතක අලුත් කරන විදිහ හරිම පුදුමාකාරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මලයා.. ඉෂාන්ගේ පෝස්ට් එකෙයි මේකෙයිම විතරක් කොච්චර කතා තියෙනවද....

      Delete
  41. මගේ අතේ මුදු දෙකක් තියෙනවා සුදු යකඩ ඒත් දැන් ඒවා බුරුල් මගේ ඇඟිලිත් හීනි වෙලා අෆ්ෆා :(

    ReplyDelete
    Replies
    1. එහෙමටම කෙට්ටු වෙන්නත් එපා නිශාන්... ඊට පස්සේ කෝටුකිතයියා වගේ ඉඳියි.... හි හි

      Delete
  42. මුද්ද ඉමිටේෂන් එකක් වුනත් ඒකට ලියල තියෙන සටහන නම් හරිම ආදරණිය හටහනක්. මට මේ සටහන කියනකොට ඒ ආසන්නයෙන් යන ලස්සන ගිතයක් සිහියට නැගුණා..

    දම්පැහැ ගැන්වුනු පුංචි වලල්ලක්
    ඔබට මතක නැති මට අමතක නැති
    පුංචි වලල්ලක් මා ළග තවම තියේ...

    මේක කිව්වේ සුජාතා අත්තනායක වගේ කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය සින්දුවේ වළල්ල රතු පාට උනා නම්.............

      Delete
  43. මයේ කටට ආපු එක මෙතන කොටන්ඩ බැරියෝ

    ReplyDelete
    Replies
    1. බොට හැමදාම ඔය මගුල වෙනවනේ. අටාමෝ... හිරුවෝ මෙන්න මේකාට ප්‍රතිචාර දැක්විය හැකි යම් දෙයක් දාන්ට අනේ...

      Delete
    2. ඕක ඔය අටම්පහුරිට බයේ බං..... හි හි

      Delete
  44. හරි අහිංසක මතකයක්.
    මට මුද්දක් දුන්නෙ හතේ පන්තියෙදි මගෙ ළඟ පුටුවෙ වාඩි වෙලා හිටිය යාළුවා. අපේ ඉස්කෝලෙ ටක්ෂොප් එකේ රුපියල් දහයට විකුණුව, පුංචි සුදු ගලක් අල්ලපු මුද්දක්. ගත්තු දවසෙම ඒකෙ ගල හැලුණා. ඒක අරන් දුන්නෙ වාරාවසාන දවසක. මගෙ ළඟ සල්ලි තිබුණෙ නැති හින්ද යාළුවත් මුද්දක් අරන්, එයා දෙකටම සල්ලි ගෙව්වා. නිවාඩුව ඉවර වෙලා ඇවිත් සල්ලි දෙන්න හැදුවහම යාළුවා කිව්ව, ඕන නෑ, මං ඒක ඔයාට අරන් දෙන්න හිතුවා කියලා :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...... ඒක අමුතුම මතකයක් නේද නලිනි...

      Delete
  45. කාලෙකට පස්සේ ලකියටත් හිතුනා කමෙන්ටුවක් දාන්න .හිරු අක්කගේ හැම පොස්ට් එකම වගේ කියෙවුවට පහු ගිය ටිකේ කමෙන්ටු දාන්න කම්මැලි හිතුනා .ඔන්න ලකිය අයෙත් පටන් ගත්තා .පලවෙනියට කියන්න ඕනේ අනේ මන් ලගනම් ඔය ආදර සිහිවටන මහා ගොඩක් නෑ .නැත්තේම නෙති තරම් .ගොඩක්ම තියෙන්නේ යාළුවොත් එක්ක පිස්සු නටපුවගේ සිහිවටන .ඒ උනාට තියෙන ආදර සිහිවටන ටිකටනම් මහා ගොඩක්
    ආදරෙයි .ගොඩක්ම ආදරේ එක්කෙනෙක් එවුව sms වගේකට .ඒ වගේම ඒ ටික තියෙන මොබයිල් එකට.ඒ මොබයිල් එක කැඩෙයි කියන බයට දැන් ඒක පාවිච්චි කරන නැතුව අලුත් එකක් ගත්තා .පරණ sms බලන්න හිතුනම විතරක් පරණ මොබයිල් එක on කරනවා .බලමු ඉතින් ඉස්සරහට .ලකියට තව කල් තියෙනවනේ .මේ වැඩත් එක්ක කොහෙද ඉතින් love කරන්න වෙලාවක් . ඉස්සරහට ගහන්නම්කො ආදර සිහිවටන කන්දක්

    ReplyDelete
    Replies
    1. කම්මැලි ලකියා...... හි හි

      මාත් තියං හිටියා ඕවා ටිකක්.. ෆොන් එක නැති උනානේ.. ඒ ටිකත් නැති උනා....

      Delete
  46. මගේ වටිනාම තෑග්ග තමයි.. කුක් අයිලන්ඩ් වලින් ගෙනාපු පොඩි ගල් කැටයක්..අර මතකද ක්‍රිස් චර්ච් ඒරියා එකම විනාස උනේ භූමි කම්පාවකින්..ඒක උනු දවසෙ එතන ඉන්න සැලසුම් කලත් ෆ්ලයිට් වල ප්‍රමාදයක් නිසා යන්ඩ බැරි වෙලා ජීවිතේ බේරා ගත්ත..එයා..ඒ සැරේ මට ගෙනාව තෑග්ග..එකෙන් ක්‍රිස් අයිලන්ඩ් එකේ විනාශෙ දැක දැක මන් මෙහෙ පිච්චි පිච්චි දවස් තුනක්ම හිටියා එකම එක එස් එම් එස් එකක් හරි කෝල් එකක් හරි නැතුව..මොකද මන් දැනන් හිටියා මේ විනාසෙ වෙනකොට හරි නම් එයා හරියටම එතනයි ඉන්න ඕනි කියලා..ජීවිතේ අවිනිශ්චිතවම, අසරණවම ගෙවිච්ච පැය 72 කට පස්සෙ ආපු කෝල් එක එක්ක ඒ ගත කරපු මතකය එක්ක බැඳිලා තියෙන මේ ගල් කැටය තමයි මට ලැබිච්ච ලක්ශ ගානක් වටිනා හොම්බ දිග කැමරාවටත් වඩා මට වටින්නෙ.. ඒ වගේ තමයි හිරු හැමොටම !

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ එන්නේ නෑ කිය කිය වෙනි අන්කල් පස්සේ පැන්නුවට පස්සේ, මේ කමෙන්ට් එක තමයි ඔයා මට දුන්න හොඳම සිහිවටනය.... ඇත්තමයි වෙනි අන්කල්...

      Delete
  47. මතකය කොච්චර සොදුරුද කිව්වොත් ඒ වගේ මතකයන් ආයෙත් මතක් කරන්නවත් කැමති නැත.

    මුදු ගැන කිව්වොත් මෙසේය.

    1. පළමු මුද්ද - නැන්දගේ දුව බැදපු එකාගේ කකුල හෝදල (දැනට සෝමක්කා ගාව )
    2. දෙවන මුද්ද - ලොකු අම්මගේ දුව බැදපු එකාගේ කකුල හෝදල (ආගිය අතක් නැත )
    3. තුනවන මුද්ද අපේ මස්සිනාගේ කකුල හොදල (අප්පට සිරි කෝ ඇත්තට ඒක, අම්ම ගාව වත්ද )
    4. ඒ කාලේ ඉස්ටයිල් එකට දාපු රු.10 පෙන්ත කොස්ත සුදු යකඩ මුද්ද (ඉස්කෝලෙ ඩී.ඇච්.පී අයියා කෙනෙක් ගලෝ ගත්තා )
    5. අපලෙට දාපු සුදු යකඩ මුද්ද (තාමත් මේ ඇගිල්ලේ තියේ)
    6. මගුලෙ මුද්ද (දැනට මහජන බැංකුවේ දේපලකි, අපලෙට දාපු මුද්ද හරියට වැඩ කලානම් ඒ මුද්දත් නෑනේ)

    මුද්ද කිව්වහම ආස හිතෙන්නේ 'රන්මුද්ද' ට විතරයි. නාන්න නියම පොට් එක.

    ReplyDelete
    Replies
    1. මුදු රජෙක්නේ මේකා.... දැං එතකොට මඟුල් මුද්ද මහජන බැංකුවට දැම්මේ ................... නෑ නෑ.. ඒක ඕන් නෑ.. හි හි..

      Delete
    2. පවුලේ එකම පුත්තර රත්නයේ වීමේ වාසනාව බොල. මහජන බැංකුවේ තියෙන්නේ කන්න බොන්න සල්ලි නැති වෙලා හිටපු නිසා බං.

      Delete
    3. රන් මුද්ද අපේ අහනේ. උඹත් ඒ වැයික්කියේද යාළුවා.

      Delete
    4. රන් මුද්ද කියන්නේ කොහෙද....???

      Delete
    5. The Modern Patriot අපේ මගුල් මුදු දෙකටත් ඔය සන්තැසියම තමා බං, තව මාසයකින් උන්දලා ඒක තියාගනි ආයේ නොදී

      Delete
    6. ඈ අටම්... මඟුල් මුද්ද...??????

      Delete
  48. මගේ අතේ දෙකයි
    පොඩි කාලෙ පොඩි අපලෙට හා
    ලොකු උනාම ලොකුම අපලෙට, හනේ කරගත්ත දේ..

    ReplyDelete
    Replies
    1. දෙකම අපල නේ.... හි හි

      Delete
  49. අඩේ! කවදාද මුද්ද්දක් දාන්නේ කියල කම්පනා කර කර ඉද්දි මෙයා අපිව අවුස්සනවා!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. උඹ ඉස්සෙල්ලා විභාගේ කරළා හිටු...

      Delete
  50. දවස් දෙකකට කලින් තමා මේ බ්ලෝග අහුවුනේ.අම්මෝ යන්තන් කියෙඋව මුල ඉඳලම.නියම බ්ලොගක්.කතා ටික නියමයි.කොමෙන්ට් නම් එකක්වත් කියුවේ න.ඒවා කියවන්න ගියානම් තව මාසයක්වත් යි වගේ.ලස්සනට ලියල තියෙනවා. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හි හි.. කමෙන්ට් කියවන්න ගියානම් මාසෙකින් ඉවර කරගන්න බැරි වෙයි..

      තැන්ක් යූ... අදනෙ දැක්කේ... සාදරයෙන් පිළිගන්නවා....

      Delete