මධු මගේ පිටට පාරක් ගහලම ඇහුවේ ඒකගේ පුරුද්ද නිසා.. ඌ ළඟ ඉන්න එකා ගුටි කන එක සාමාන්‍ය දෙයක්...
“ ඩබල් තමයි... අරයට කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ ෆුට්බෝඩ් යන්න එපා කියලා... වවුල් පුරුද්දට එල්ලිලාමයි යන්නේ...”
“ හම්ම්... ඔය කට්ටිය ෆුට්බෝඩ් එක බදු අරන්නේ ඉන්නේ.. හැටි තමයි ඉතිං.. මොකද කරන්නේ....”
“ මේ.. අපිත් යන්ද ෆුට් බෝඩ්.....”
“ ඒ.. මාත් හෙන ආසයි අක්කේ... යන්කෝ....”
මධු කොහොමත් ඔය වගේ වැඩ වලට පැනලා තමා....
අපි දෙන්නා චණ්ඩි දෙන්නා වගේ ෆුට් බෝඩ් එකට ගිහින් කණුවක් අල්ලගෙන හේත්තුවක් දාගත්තේ බය හින්දම තමයි.. ඒත් ඉතිං ඒක පෙන්නන්න පුළුවන් යැ.... මං ගනන් පාට් එකක් දාන ගමන්, ටයි එක බෙල්ට් එකට යට කරන කොට කොල්ලො ටික හොල්මන් වෙලා බලාගෙන හිටියා...
“ ඒ .. කසුන්... උඹේ නංගි නේ අර ෆුට්බෝඩ් එකේ ඉන්නේ...”
කට ඇරන් බලං හිටපු සුජීව අයියට තමයි මුලින්ම සිහිය ආවේ...
“ ඔව් මං දැක්කා බං...”
සුදු අයියා බොහොම ඉවසිලිවන්තව කිව්වා...
“ අඩෝ කසුනයා... අර උඹලෑ නංගි ෆුට්බෝඩ් එකේ....”
තරිඳු අයියා කට දැම්මේ සුදු අයියගේ මූණ රතුවෙනවත් එක්කම තමයි.. අපෝ... ඔය නපුරු පාටට මං බයයි..... මං ගනන් ගන්නේ නැතුව එළිය බලා ගත්තා...
“ දැක්ක යකෝ... කෑ නොගහ හිටපං...ඔය මාත් එක්ක මළට වෙන්න ඕනේ..”
අයියලා සෙට් එකම අපි ළඟට ආවේ පොලිස්කාරයෝ ටිකක් වගේ... මගේ පපුව ‘ ඩොග්’ ‘ඩොග්’ ගාලා ගැහෙන්න පටං ගත්තා...
“ සුද්දි.. මොකෝ මේ ෆුට්බෝඩ් එකේ...... ගිහින් ඇතුලෙන් ඉඳගන්නවා....”
“ ඇයි ඔයාලට විතරද ෆුට්බෝඩ් යන්න පුළුවන්...ලියලා දීලා නෑ නේ....”
මං ගනං පාට් එකෙන්ම ඇහුවා...
“ ආ.. ඒකද මේ... ”
“ ඔව් ... ඒක තමයි.. මට අවවාද දෙන්න කලින් ඔයා හැදිලා ඉන්න...ඔයාටයි ඔයාගේ යාලුවෝ ටිකටයි ෆුට්බෝඩ් එකේම යන්න ඕනෙනේ... හිතාන ඇති මහ ලොකු වීරයෝ කියලා... වීරයෝ වෙන වගක් නම් මං දන්නෙ නෑ... හැබැයි කාඩ් බෝඩ් වීර ගතිය නම් හොඳට පේනවා....හිතාගෙන ඇති ලොක්කෝ කියලා හිතලා කෙල්ලො යාලු වෙයි කියලා... යාලු වෙයි.. මැන්ටලයක්... මොළයක් තියෙන කෙල්ලෙක්නම් පැත්ත බලන්නේ නෑ...”
මං එහෙම කිව්වේ කට්ටියගෙම චින්තනෙයි දර්ශනෙයි මං දන්න නිසා.. කෙල්ලන්ට පේන්න කරන වැඩ..... වෙනදට පැනගෙන තර්ක කරන කට්ටිය කටවල් ඇරගෙන බලං ඉන්නවා...
“ හරි හලෝ... අපි සෙල්ලමට නේ යන්නේ.. වද නොදී ගිහින් ඉඳ ගන්නවකෝ ඇතුලෙන්.... ”
සුදු අයියා එහෙම කිව්වම මට ආව කේන්තිය......
“ සෙල්ලම තමයි කවදහරි ලෙල්ලම වෙන්නේ... ඔහොම එල්ලිලා යද්දි බැරි වෙලා හරි අතක් ලෙස්සලා ගියොත්... ආයි එල්ලිලා තියා කෙලින් හිටගන්නවත් පුළුවන් වෙයිද කියලා ඔයාලා හිතන් නෑ නේ....ඔයාලට මොනා හරි උනොත් අර අහිංසක අම්මලට මොනාද වෙන්නේ... මට මොනාද වෙන්නේ සුදු අයියේ.... ඕගොල්ලෝ ඔය මුකුත් හිතන්නේ නෑ.. සෙල්ලමයි විහිළුවයි විතරයි ඔයාලට ඕනේ..”
මගේ ඇස් දෙකට කඳුලු උනාගෙන ආවේ, කියන්න තව ගොඩක් දේවල් තිබ්බත් හිතේ තිබ්බ කේන්තියයි දුකයි හින්දා, කතා කරන්න හයියක් නැති උන නිසා... මං කඳුලු පිහිදගෙන සුදු අයියා දිහා බැලුවා...
“ සොරි සුද්දියේ...”
“ සොරි කිව්වම ඔක්කොම හරියනවද...”
මං සුදු අයියගේ අතින් අල්ලගන්න ගමන් ඇහුවා...
“ හරි හරි.. මං ප්‍රොමිස් වෙන්නම්... ”
“ ඔව් හරි... අපි ඔක්කොම පොරොන්දු වෙනවා.. දැංවත් ඇතුලට ගිහින් ඉඳගන්නවද... ඔයා මොනා හරි කරගත්තොත් මූ අපිව මරං කයි...”
ඒ පැන්නේ තරංග අයියා...
සුදු අයියා මගෙ අතින් අල්ලගෙන ආපහු අපි බෑග් තිබ්බ තැනට යනෙකාට මධුත් අඩියට දෙකට එතනට පැනලා ඉදගත්තා...
“ හොඳ අයියා...”
“ අපෝ.. වැඩිය බටර් එපා...”
මගේ ළඟින් වාඩි උන අරුණ අයියා මගේ කොණ්ඩෙන් ඇද්දා...
“ ඒ කසුන්... දැං අපි බහින්නෙ කොහෙන්ද......”
තරිඳු අයියා රුක් සටහනක් ගහගත්තා අරුණ අයියගේ කකුල උඩ...
“ ඇයි උඹට ඒකත් අමතක උනාද ඒ ටිකට....”
සුදු අයියගේ කටහඬ වෙනස් වෙලා කියලා තේරුනේ මට විතරද කොහෙද...
“ නෑ බං... දැං උඹලා ප්‍රොමිස් උනා නේද ෆුට්බෝඩ් යන්නේ නෑ කියලා... ඉතිං දැං අපි බහින්නේ ජනේලෙන්ද....”
තරිඳු අයියා ගානක් නැතුව කියලා දැම්මා...
“ ඔයා නං අන්තිම නරකයි තරිඳු අයියේ...”
මධු තරිඳු අයියව බිමට වැටෙන්නම තල්ලු කරලා දැම්මා... ඌ ළඟ ඉඳගත්තොත් ඔය වගේ එකක් වෙනවමනේ...
ඒ අස්සේ මං සුදු අයියගේ අතින් අල්ලගත්තා...
“ ආයිත් යන්නේ නෑ හොඳේ ෆුට් බෝඩ්.... ”
“ නෑ.... නෑ.. නෑමයි... ඇති නේ...”
සුදු අයියත් එහෙම කියාගෙනම මගේ ළඟින් ඉඳගත්තා...
මතු සම්බන්ධයි
අග මුල හොයා ගන්න මේ පැත්තට ගියා නම් පුළුවන්...
අයියෝ මේ එන්න බැරි වුන දවස් දෙක තුනය පෝස්ටුත් තුනක්ම දාලා නෙවැ. හැමදම කියවනව වගේ මං දවල් වෙලා ඇවිත් කියවලා කහට සීනි ඇතුව කමෙන්ටුවක් දාන්නමකෝ. දැන් නම් සමා වෙන්ඩ ඕනේ මේ පාන්දර හදිසියේ කරන්ඩ වැඩ කිහිපයක් තියෙන නිසයි යන්නේ.
ReplyDeleteකමක් නෑ .. හිමින් බලන්නකෝ... එච්චර වැදගත් දෙයක් යැ... හි හි
Deleteකතාව නැගලම යනවා හිරු. කොටස් දානවා වේගෙ වැඩි නැද්ද.නිතර එන යන අයට නම් ගානක් නෑ.
ReplyDeleteහා හා.... එහෙනං... හි හි
Deleteඅද වැඩ වැඩි දවසක්... රෑ වෙලාවත් ඇවිත් මේකට මගේ අර බහුශ්‍රැත (බහුබූක..?) විචාරේ දෙන්න බලඤ්ඤං...
ReplyDeleteවිචාරෙත් නෑ.. බහුබූතයත් නෑ.... හි හි
Deleteඔය ෆුට් බෝඩ් වැඩේ නම් මටත් පේන්න බෑ. දවසක් කළුතර යද්දී පානදුරේ හරියේ ඉස්කෝලේ යන මුස්ලිම් මල්ලි කෙනෙක් වැටුනා...අම්මෝ...ජීවිතේට හානියක් නොවුනත්...ශරීරයේ ගන්න දෙයක් නෑ..කතාවට උනත්..ඇත්තට උනත් ෆුට්බෝඩ් වැඩේ නොකරනවා නම් තමා හොඳ...
ReplyDeleteමෙහෙත් ෆුඩ් බෝඩ් එක කඩන් වැටිලා එකෙක් මලා. ඒ බස් එකක. කෝච්චියේ නම් අපිත් ෆුඩ් බෝඩ් යනවා හපුතලේ පැත්තේ යනකොට. ඒ පැත්ත මාර ලස්සනයි නේ. ඉතින් ඉබේම ෆුඩ් බෝඩ් එක පැත්තට ඇදෙනවා. :)
Deleteමං මේක ලියන කාලෙදි අපේ කෝච්චියෙන් වැටිලත් අයියා කෙනෙක් නැති උනා... ඒ සිද්ධියේ ඇති වෙච්ච බය තමයි මේකට වැටුනේ.. හි හි
Deleteඅපේ නංඟි නං කියයි පලයං ගිහින් අඬු ටික කඩං වරෙං කියල :P
ReplyDeleteහි හි... මං වගේ ....
Deleteඔන්න දැන් හිරුගේ මෙගා සීරිස් එක පටන් අරන් තියෙන්නේ...කොටස් දෙකම කියෙව්වේ අද....එල
ReplyDeletekiyawala husmak katak ganna idak nae ne. meki postuwak dala.
ReplyDeleteඅඩේ කතාව හොඳයි. එක ළඟ කතාව දන්නා එපා.එතකොට කතාවේ ගතියක් නැතිවෙලා යනවා.පොඩ්ඩක් අගේ කරලා දාන්න.සතියකට 2ක් නැත්තන් 3ක් වගේ.
ReplyDeleteඔන්න කියපු නිසා කල් ගත්තා.. හි හි
Deleteමාත් දෙපාරක් ෆුට්බෝඩ් එකේ ගිහින් තියෙනවා ට්‍රේන් එකේ නුවර යනකොට....මුල්ම පාර මගේ එකම අහිමි පෙම්වතා එක්ක....හික්....අනිත් පාර ගෙදර අයත් එක්ක. ආසාවට ගියාට ඉතිං හරි භයානක වැඩක් තමයි ඕක.....
ReplyDeleteමං නං තනියම තමයි ෆුට් බොඩ් ගිහින් තියෙන්නේ.. ඕකට යන්නත් අතක් ඕනෑ යෑ.. හි හි
Deleteහප්පේ අක්කන්දිත් දැන් සෑහෙන්න දියුණු වෙලානේ ඔහොම යන් ඔහොම යන්
ReplyDeleteඇයි හදිසි හිමීට ලියන්න. දවසකට බ්ලොග් සයිට් කීයක් බලන්න තියෙනවා ද?
ReplyDeleteම්.... දෙබස් ටිකක් වැඩියි වාගේ. අනේ එහෙම කියුවාට මට නව කතා විචාරය කරන්න තේරෙන්නේ නෑ.
ලබන්නාවූ අලුත් අවුරුද්දටත් සුභ පතනවා! මේ ගමන්ම.
ඔයාටත් එසේම වේවා...
Deleteහි හි.. කට්ටිය කියපු නිසා ඔන්න ටිකක් කල් ගත්තා... මේකේ දෙබස්ම තමයි නිර්මලා තියෙන්නේ.. මොකද මන්දා.. ඒ කාලේ හැටියට හිතට ආපු විදියටනේ ලිව්වේ... හි හි
පෝස්ටු පෝලිමට එනවනේ. දවස් තුනක් වත් දෙන්ඩෝ..
ReplyDeleteඅද කතාව ෆුට්බෝඩ් එකේ. හි හි
ReplyDeleteමොකද මෙච්චර හදිසියක්. දවසක් ඇර දවසක්වත් දැම්ම නම් තමා හොඳ. නැත්නම් කියවන අපිට මඟ ඇරෙන්නත් පුළුවන්නේ. දැනට යන හැටියට නම් මේක ඔරිජිනල් රබර් එකක් වෙන්ටෝන. හි හි
රබර් මන් දන් නෑ... තියෙන ටික එහෙම පිටින්ම දානවා.. පොඩ්ඩක් වෙනස් කරනවා කොටස් කඩන්න වෙන තැන් වල... එච්චරයි....
Deleteකියවන්නෙ නැතුව අහක බලාගෙනම ගිහින් අයෙත් ඇවිත් කියෙව්වා.. නොකියව ඉන්න හැදුවෙ බ්ලොග් වල නවකථා ලියන උන් භාගෙට ලියල අත ඇරල දාන හින්දා...
ReplyDeleteහැබැයි මේකත් අතර මැද ඉවරයක් නැතුව නැවැත්තුවොත් එහෙම ලියනව වස් කවියක්... බ්ලොග් එක සුන්නත් ධූලි වෙලා යන්න
මේක ලියලා ඉවර කරපු එකක්නේ මියෝ.. ඒක නිසා ඉවර වෙනකම් ඔයාලා මොනවා කිව්වත් මං දානවා.. හි හි... මේ කට්ටියට කියවන්න අමාරු නිසා කඩ කඩ දාන්‌ෙන්.. නැත්තම් එක පාරටම දාලා දානවා.. හි හි
Delete"oyalata mona hari unoth ara ahinsaka ammalata monada wenne........ Mata monada wenne sudu ayye......." me tika nam thadetama hithata waduna hiru. Hamadama danawa nam mama nam asai. Godak thiyenawane navel ekak unama.
ReplyDeleteApi nam issara gampaha class yanne petti dekak ekathu wena thana. Epe un tika ethana badhu gannawa e vinadi 20ta.
කොහොමත් අපි යන කෝච්චි දෙකම අපිට ලියලා දීලා වගේ තමා තිබුනේ ඒ කාලේ.. හිටගෙන ද, ඉඳගෙනද, ෆුට්බෝඩ්ද.. අපිට කැමති එකක්... හි හි... ඉස්කෝලේ ළමයිම විතරයි හිටියේ ... හෙන ජොලි ඉතිං... හි හි
Deleteෆුට් බෝඩ් එකේ ඉන්නැතුව ඇතුල් වෙන්ඩලා !
ReplyDeleteබොලේ එන්න පරක්කු වෙද්දි කතාවේ කොටස් දෙකක්ම දාලා.. අපි වගේ වැඩ වැඩි අය ගැන හිතන්න අක්කේ...
ReplyDeleteමුල හොයාගන්න යන්න උනා.....එල ඈ...අහ් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteමට හිතුනා.. හි හි..
Deleteඔයාටත් එසේම වේවා..
ආ.. කතාව නැගලම යන්නෙ මේ ෆුඩ් බෝඩ් එකෙ.
ReplyDeleteඅර පොඩි එකී ලියපු කතාවනේ. ඔය බහ්ශෘත ඕෆ් කරලා රස විඳිමු..
ReplyDelete