“ ඕයි ... නැගිටිනවා...... හතරාමාරයි ....”
ඔරලෝසුව කන ළඟ තියාගෙන නිදා ගන්න මේ මළ කරදර කාරයා හින්දා මං උඩ ගිහින් ඇහැරුනේ....
“ ඕක ඕෆ් කරනවකෝ සුදු අයියේ.... මං ඇහැරිලා ඉන්නේ... ”
මං නිදිමතේම ඇඳෙන් නැගිට්ටෙ සුදු අයියට පාරක් ගහන ගමන්.. නිදිමතේ වැනි වැනි ගිහින් මං බාත් රෑම් එකට රිංගගත්තා... මං දන්නවා තව ටික වෙලාවකින් සුදු අයියා බාත්රූම් එකේ දොර කඩන්න හදනවා කියලා ...
දොරට ගහපුවා ගනං නොගෙන, මං එයාට හිනාවෙවී බාත්රූම් එකෙන් එළියට එනකොට සුදු අයියා කකුල් දෙකත් පුටුවක් උඩ තියාගෙන ඔරෝගෙන හිටියේ ඔරං ඔටං කෙනෙක් වගේ.... ඊයා.. මුණේ හැටි.....
මං කුස්සියට ගියේ මගේ තේක හොයාගෙන... අම්මයි විමලක්කයි එක්ක කයියක් දාගෙන තේක බීලා එනකොට සුදු අයියා මට ගොරෝනවා...
මගේ ගවුම අයන් කරලා, අයන් බෝඩ් එක උඩම දාලා ගිහින්.. ඒ කියන්නේ මෙයාට හොඳටම කේන්ති ගිහින්... මං කාමරේට යනකොට සුදු අයියා කකුල් දෙකම ඇඳ උඩ තියාගෙන සපත්තු දානවා...
“ දැන් ද එන්නේ.... කුමාරිහාමිට ඔක්කොම වැඩ ටික කරලා දුන්නට පස්සේ එනවා මෙතන නැලවි නැලවි.... ”
“ ඊයා හලෝ... මොනාද ඔය කරන්නේ... සපත්තු දෙක ඇඳ උඩ තියාගෙන.... ඕකේ තියෙන හැම මළ ජරාවම බෙඩ් ෂීට් එකේ....”
හැමදාම කිව්වත් අහන්නෙ නෑ.. මං සපත්තු දෙක බිමට ඇඳලා දැම්මා...
“ ඕන් නැති වැඩ කරන්න එපා ඕයි..... තමුසේ නම් මහ වදයක් සුද්දි... ”
ඒක එයාගේ මන්තරේනේ... මං එයාට හිනාවෙලා ෂේප් උනා... තරහා ගියාම මෙයාගේ මූණ, අපේ බලුරාළට කවුරුහරි ගලකින් ගැහුවම වගේ....
සුදු අයියා සපත්තු දාලා ඉවර වෙලා ෂර්ට් එක අතට ගත්තා.. තියෙන සෝබනේ කොච්චරද කියනවා නම් සපත්තු දාලා ඉවර වෙලා තමයි ෂර්ට් එක අඳින්නෙත්... පොඩි නොවෙන්න.. පුළුවන් නම් කලිසම අඳින්නෙත් නැතුව සපත්තු දායි.. ඒ තරම් මෝස්තර කාරයා ....
මං එයාව ගනන් ගන්නේ නැතුව අල්මාරිය අරිනකොට සුදු අයියා ෂේප් එකේ කාමරෙන් එළියට ගියා...
“ සුද්දි... කෝ ඕයි පනාව....”
ඒ පාර කෑ ගහනවා එහා කාමරේ ඉඳලම...
“ ඔය ළමයි දෙන්නට ඔයිට වැඩිය හොඳ බාසාවක් නැද්ද කතා කරන්න... මොකද මේ ඕයි බෝයි ගගා කෑ ගහන්නේ...”
මළා... අම්මට ඇහිලා.... දැ ඉතිං පටං ගනී ධර්ම දේශනාව.....
“ මං කොහොමද දන්නේ... හොයා ගන්නවා...”
මේ පරක්කු වෙලා තියෙන අස්සේ මෙයත් පිස්සු කෙළිනවා... තරහා යන්නැද්ද ඉතිං...
“ ආ.. මේ තියෙනවා.. ඇවිල්ලා ගන්නවා...”
සුදු අයියගේ පනාව තිබ්බේ පොත් මේසේ උඩ... ඒ පාර කාමරේට අත දාගෙන ඉන්නවා දොර රෙද්ද අස්සෙන්...
“ මං ඇඳගෙන ඉවරයි හලෝ...”
මං එයාගේ අතින් ඇඳලම පනාව දුන්නා...
ඔය ඒපාර පනාවත් අරං කණ්ණාඩිය ඉස්සරහින් හිට ගත්තා... ට්‍රාන්ස්පේරන්ට් කියලා හිතාගෙනද කොහෙද.... මං හිමීට සුදු අයියගේ පිටට තට්ටුවක් දැම්මා..
“ මොකෝ...”
“ මං කොණ්ඩේ පීරන් නැද්ද...පැත්තකට වෙලා හැඩ වෙනවා..”
මං එයාව පැත්තකට තල්ලු කරලා දැම්මා...
“ මං හැඩ වෙලා ඉවරයි නංගියේ.....”
සුදු අයියා බටර් පාරක් දාගෙන මං ළඟට කිට්ටු වෙනකොටම මං පැත්තකට පැන්නා... මෙයාගේ වැඩි ආදරේ හොඳකට නෙවෙයි...
“ ඔහොම ඉන්නවා...”
සුදු අයියා මගේ ඔලුවෙන්ම අල්ලගෙන අතේ තිබ්බ ජෙල් ටික මගේ ඔලුවේ ගෑවා...
“ මොනාද මෝඩයෝ කරන්නේ... මොන මොට්ටයෙක්ද මන්දා.... ”
මං අල්ලගන්න කලින් සුදු අයියා කාමරෙන් එළියට පැන ගත්තේ “ ඉක්මණට කොණ්ඩේ පීර ගන්නවා .. ” කියලා මට නෝන්ඩියක් දාගෙන...
එයාට බැන බැන මං කොණ්ඩෙ පීරන කොට ආයිත් කඩං පාත් උනා කාමරේට... තනියම නෙවෙයි... කන්දක් තරං උස බත් එකක් බෙදාගෙන...
“ අරිනවා කට...”
“ මෙච්චර බත් ගොඩක් බෙදා ගත්තේ කාට කන්නද....”
“ මට නෙවෙයි.. ඔයාට...”
“ මට මෙච්චර කන්න බෑ...”
“ පැහිච්චකම තියලා මේක කනවා....”
සුදු අයියා අලි බත් කටක් මගේ කටේ එබුවා... බත් කට කවන්න යද්දි සුදු අයියගේ අතත් එක්ක කටත් ඇද වෙනවා.. ඒක දැක්කම හිනා යන්නේ මට විතරක් නෙවෙයි.. අම්මටයි විමලක්කටයිත් හිනා යනවා...
“ මෙහෙ දෙනවා මං කවන්න...”
අම්මා මගේ කොණ්ඩේ ගොතන්න ගත්ත නිසා මං බත් එක ගත්තා.. මෙයා කවන කොට හෙට එළිවෙයි..
“ නියම අයිඩියා එක....”
ඔව් ඉතිං..ඔයාට මං කවනවා නං වෙන මුකුත් ඕනේ නෑ නේ... ඒ උනාට එක තැනක ඉන්න බැරි අමාරැවක් තියෙන නිසා සුදු අයියට කවන එක හරිම අමාරුයි... බත් කටවල් හතරක් පහක් කෑවට පස්සේ ඇති කියලා, ඔලුව හතර පැත්තටම වනලා, මාරු වෙලා පැන ගත්තම මං තමයි ඉතුරු ටික කන්න අහුවෙන්නේ.. ඉතිං මං හැමදාම අම්මගෙන් බැනුම් අහන්න ඕනේ බත් ඉතුරු කළා කියලා.... මෙයා නම් පුදුම වදයක්....
“ සුද්දි... පරක්කුයි... හයට දහයයි.. අද නං බස් එකේ තමයි යන්න වෙන්නේ... ”
“ මේ මට නං බෑ බස් එකේ යන්න... ඔයා හැඩ වෙවී තවත් පරක්කු වෙනවනේ... යංකෝ සුදු අයියේ...”
මං කුස්සියට දිව්වා වතුර බෝතලේ අරං එන්න... ලොකු කමට අයියා වතුර අරන් යන්නේ නෑ නේ... එයාගේ බෑග් එකේ පොත් තියෙනවද දන්නෙත් නෑ...
“ ආ ටයි එක... දාගන්නවා.. ”
හැමදාම මට වෙලාව මදි වෙන වැඩේ ඕක තමයි... ටයි එක නිකම් කරේ දාගෙන අපි දෙන්නම අම්මට වැඳලා එළියට බැස්සා.. දැං ඉතිං දුවන්න තියෙන්නේ ස්‌ටේෂන් එකට...
ටයි එක දාගන්නකම්ම අයියා මට බැන බැන යන්නේ... කරුවලේ ටයි දාන ගමන් දුවන්න පුළුවනෑ....
“ සුදු අයියේ..මාර වැඩේ.....”
මං එකපාරටම රේල් පාර මැද නැවතුනාම අයියා දන්නවා ලෙඩක් කියලා...
“ මොකෝ....”
“ ඉස්කෝලෙට රු 50ක් ගේන්න කිව්වා.. මට අමතක උනා අම්මට කියන්න...”
“ දැං ද මතක් වෙන්නේ.. ඉස්කෝලෙට ගියාම මතක් උනා නං මදිද..”
“ ආනේ සුදු අයියේ .. අපේ මිස් හරි සැරයි...”
“ ඉතිං මට කියන්නේ... මං මොනා කරන්නද..”
සුදු අයියා එහෙම ඇහුවේ පර්ස් එක අඳින ගමන්... මං දන්නවනේ එයා ගාව මාටියා ගහගත්ත සල්ලි තියෙනවා කියලා...
“ Thank you මගේ සුදු අයියේ...”
මං එයා දුන්න රු 50 අතට ගන්න ගමන් ඕනෙවට එපාවට වගේ කිව්වා...
“ අපෝ .. නොදී හිටිය නං ඉවරයි...”
මං දන්නවානේ තරහා ගියේ මොකද කියලා.... මං ඇඟිලි වලින් ඉස්සිලා, උරහිසේ එල්ලිලා කම්මුලට කිස් එකක් දුන්නා... ඇයි ඉතිං.. රිට වගේ උසනේ...
“ ඇතිද...”
“ හැචි ද ගාන්නේ... මගේ මූණත් ඉවරයි.. ෂර්ට් එකත් පොඩි කළා... චැක්...”
ආපෝ.. මෙහෙමත් නපුරෙක්....
පිස්සු නට නට දුවගෙන ඇවිත්, අපි දෙන්නා කෝච්චියේ එල්ලුනේ කොච්චිය අද්දනකොටමයි... ඒක ඉතිං හැමදාම වෙන එකනේ.. ඉක්මණටම අපි දෙන්න හොම්බකට තලා ගන්නවා මේ වැඩේ නිසා.. මෙයා හැමදාම පරක්කු වෙනවනේ...
මං මගේ යාලුවෝ ටික ගාවට යනකොට අයියා එයාගේ අතිජාති මිත්‍රයෝ ටිකත් එක්ක ෆුට්බෝඩ් එකේම නැවතුනා... මට හරි තරහයි... ගියාට කමක් නෑ පොඩ්ඩක් ඇතුලට වෙලා.. මේකා යන්නෙම වවුලා වගේ එල්ලිලා.... ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නේ...
මෙයාට කොච්චර කිව්වත් අහන්නේ නෑ .. අම්මට කියන්න දෙන්නෙත් නෑ... කිව්වොත් නම් මාත් එක්ක තරහා වෙනවා ආයිත් යාලු නොවෙන්නම.. තරහා කරගත්තොත් මට නේ පාඩුව... ඒක නිසා අම්මට කියන්නත් බෑ.... ඉන්නවකෝ.. මං හොඳ වැඩක් කරන්නම්...
මතු සම්බන්ධයි
අගක් මුලක් හිතාගන්න බැරි නම් මෙන්න මෙතනට ගිහින් බලන්න....
man eka neda?
ReplyDelete
Deleteහොඳ වෙලාවට අර අන්තිමට ලින්ක් එක දාල තිබ්බේ..නැත්නම්
අගක් මුලක් හිතාගන්න බැහැ තමයි...( මේ ඒකට නොගිය හින්ද අහන්නේ
හැබෑවටම මේ මොකක්ද අහ් ? :D )
කියෙව්වා හිරු ඒ ටික ..මන් හිතන්නේ එතන තියෙන ටික මට
Deleteගොඩක් දැනුන.මොකද මාත් හැමදාම ආස කලා මට නංගි කෙනෙක්
හිටියනම් කියල.ඒ මතකය අලුත් උනා.බලමුකෝ ඉස්සරහට කතාව.
දිගටම ලියන්න හිරු ආසාවෙන් බලනවා ...
ලියලා තියෙන්නේ අනේ.. ටයිප් කරන්න ගමයි කම්මැලි... හි හි
Deleteඔය හොඳට ලියලා තියෙන්නේ!
ReplyDeleteතාම පටන් ගත්තා විතරයි.. හි හි
Deleteඔන්න බෑලුවා.... හොදයි නෙ හිරුවෝ... ඔන්න පලවෙනි පාටක අදහසද...නෑනේ මේ ඉන්නෙ කෙනෙක් ඉස්සරවෙලා.....:(
ReplyDeleteහලෝ මධාරා... :D
ReplyDeleteවඩුගේ ද ? එච්චරටම අවුල් නෑ නේද ?
Deleteමම ඕවා කියවලා නෑ.. ඒක නිසා ඕනේ එකක් කියන්න.. හි හි
Deleteඋඹට අයියෙක් හිටියා නම් ලියයි මෙහෙම... හා හා ඔහොම යංකෝ....
ReplyDeleteහිටියේ නැති හින්දානේ මෙච්චර අගේ තිසර.. හි හි
Deleteඇත්තෙන්ම හොඳයි ආසාවෙන් කියෙව්වෙ..!
ReplyDeleteමෙහෙම අයියල ඉන්නව නම් මරු බොලේ..!
ඇයි මෙහෙම නංගිලා... හි හි
Deleteෂික් මටත් නංඟියෙක් හිටයනම්...
ReplyDeleteහි හි....
DeleteAne mata asawe.........baruwa. Ape ayyai mamaith katha karanne uba, ban kiyala. Issara ayya mama kanakota awith ida gannawa lagin kata argena. Ayya kanankota mamath ehemai. Eya iskole giye nathnam mamath boru ledak aran nawathinawa gedara. Adum sodala denna oneth mama. Oluwe kakkuma hadunama ninda yanakam siddalepa gala atha ganawa. Ane ehemama mage ukula uda nida gannawa. Eth........dan.
ReplyDeleteNana awata passe hamadema wenas una. Issara eha gedarata gihin awath "amme nangi ko" kiyala ahana ayya dan ane manda mata dukai. Oya palaweni kotasenma mawa adewwa. E athitheta mama godaaaaak adarei.
Mata wagema me kathawa lihinitath dukak wei. Kamak na ada ada hari asawen kiyawanawa ikmanin liyanna.
හම්මෝ.. ඇති යන්තම්.. මේ වගේ එක අයියා කෙනෙක් හරි මේ ලෝකේ ඇති කියලා මං දැනගෙන හිටියා... ඕහොම තමයි නඟා.. හැමදේම හැමදාම එකම විදියට තියෙන්නේ නෑ.. ජීවිතේ වගකීම්, කරදර වැඩි වෙනකොටත් මිනිස්සු දන්නෙම නැතුව වෙනස් වෙනවා...
Deleteමාත් නිකන් කොයිල් වුනා මුලදි.යකෝ මේක මාර සීන් එකක්නේ හෑ අනේ මන්දා ලියාගෙන යමුකෝ.
ReplyDeleteකතාව නම් එල වගේ!.
මාරී සීන් ලියන්නේ මාරයියනේ නිශාන්.. හි හි
Deleteහපෝයි අපේ ගෙදරත් ඔය බාතෲම් වලිය නම් තියෙනවා. මං ගියාම ඇවිත් දොර කඩන්න හදනවා
ReplyDeleteබාත්රෑම් වලිය ගොඩක් ගෙවල්වල තියෙනවා නේ... හි හි..
Deleteඅනේ මටත් අයියෙක් හිටියනම්...... අපේ අක්කා වාතෙත් ඉතිං නරකම නෑ...ඒත් මටත් අයියෙක් හිටියනම් ආසයි.....අපිට නැති දේවල් වලටමනේ ඉතිං අපි ආස....හික්....
ReplyDeleteකතාව නම් හොදයි වගේ හිරු අක්කේ....ඔහොම යන්....ඔහොම යන්..... :)
අක්කලාට වඩා අයියලා හොදයි... නැත්තම් හැමදාම නංගිලට hand me down බඩු තමයි හම්බුවෙන්නේ.. හි හි
Deleteමට නම් මුලදිම අගක් මුලක් හිතා ගන්න බැරිව ගියා. හිරු අක්කාට වැරදිලාවත්ද මේ පෝස්ට් එක පබ්ලිශ් කලේ කියලා. ඇයි ඉතින් කවදාවත් මේ වගේ කතා ලියලා නැහැනේ. හොඳ වෙලාවට ලින්ක් එකක් දාලා තිබුනේ එතනට ගියාම තමා ඔක්කෝම පැහැදිළි උනේ. ලස්සන කතාවක් හිරු අක්කේ දිගටම ලියන්න. ඒ ලාමක ටිං ටිං ගතිය නිසා තමා කතාව ලස්සන.
ReplyDeleteඅක්කා වගේම මමත් ලිව්වා පොඩි ආදර කතාවක්. ඒ මම A/L කරන මුල් අවුරුද්දේ. අගක් මුලක්,තේමාවක් නැතිව ලියපු කතාව ලියාගෙන යද්දි ලස්සන තේරුමක් ඇතිව ලියලා ඉවර කරන්න මට පුළුවන් උනා. මගේ හොඳම යාළුවා තමා ඒක ඉස්සෙල්ලාම කියෙව්වේ. එයාගෙන් පස්සේ මුළු පංතියම ඒ කතාව කියෙව්වා. අන්තීමට අතින් අත ගිය කතාව නැවතුනේ අපේ ව්‍යාපාර අද්‍යනය උගන්වපු මිස් ලඟ. අපිට පැවරුමක් දීලා මිස් මගේ කතාව කියෙව්වා මට තාම මතකයි. කතාව කියවලා මිස්ගෙන් මට ලකුනු ගොඩාක් හම්බ වුනා හැබැයි ඊට පස්සේ නම් ආයේ කතා ලියන්න පටන් ගත්තේ බ්ලොග් එකේ තමා. මෙහේ එන්න කලින් මගේ පොත් රාක්කයේ ඒ ෆුල්ස්කැප් පිටු ටික හංගලා ආවේ කවුරු හරි කියවයි කියන බයට... හි හි :)
ඔය කියනවා වගේ හොඳ සුදු අයියා කෙනෙක් මටත් උන්නා නම්.........
මාත් මේක සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.. අඩු ගානේ අපේ මහ්තයාවත් මේක කියවලා නෑ... එයාට නම් ඉතිං ඕනේ කමක් නැති නිසා... හි හි
Deleteඕයි ... නැගිටිනවා කිව්වම මම උඩ ගියා, පුදනකොටම කාපි යකා වගේ. හි හි
ReplyDeleteහැබෑට කිව්වත් වගේ ඔය තියෙන්නෙ ලියල අපූරුවට, යුගයේ ජනප්‍රියම මල් කතාව, තව ටික දවසක් යද්දි පැල් බැඳන් මල් කතා ලියන අනිත් කට්ටියට ඇපත් නැති වෙයිද මන්ද.
මම මේක ඉක්මණට දානවා DDTයෝ.... ඇදගෙන යන්න කොහෙත්ම අදහසක් නෑ....
Deleteමට නම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් හිතට ආවා. ඉදිරි කොටස් වලදී විසඳුම් ලැබෙයි නේ. ඒක නිසා දැන් අහන්නේ නෑ.
ReplyDeleteආරම්භය හොඳයි.. ඉදිරිය තවත් හොඳ ඇති කියල හිතනවා..
මං දන්නවා ප්‍රශ්න ටික.. හි හි...
Deleteමෙච්චර ගොඩක් දාන්ඩ එපා බං . මං වාගේ ටිකක් දාහං .
ReplyDeleteඑඩිට් කරොත් මරනවා
මේක ඇවිල්ලා හැමදාම පැය පැය යන කතාවක් අටම්... හි හි...
Deleteපොඩ්ඩක් එඩිට් කරනවා කොටස් කඩන්න ඕනේ තැන් වල.. ඒත් ගොඩක් චැප්ටර්ස් කොටස් දෙකකට විතර දාතෑකි.. ඒක නිසා එඩිට් කරන්න එච්චර දෙයක් නෑ...
ඔයය තියෙන්නේ හිරුවෝ සුපිරියටම පටන් ගැන්ම හොඳයි. නවත්තපු තැනත් හොඳයි.කුතුහලය ඇතිවෙනවා අනිත් කොටස කියවන්න. ජයම වේවා
ReplyDeleteතැන්ක් යූ නලීන් අයියේ...
Deleteඅපේ අම්ම වෙලාවට බ්ලොග් නොලියන්නේ..
ReplyDeleteසෑම්ගේ ගෙදරත් මේ යුද්ධෙ තියෙනවද.. හි හි
Deleteඇත්තටම හොඳයි හිරු අක්කේ ...සුදු අය්ය ගැන ලෝබත් හිතුණා අක්කේ ..අපේ අය්යත් ඔය වගේ වුනානම් මොකෝ ..ඒකාට මං ගැන ගානක් නෑ
ReplyDeleteමගෙ එකාට වඩා නම් හොඳ ඇති මගෙ හිතේ රෙහානියො ..
Deleteමටත් ලෝබයි රෙහානි... ඒකනේ මෙහෙම ලියවුනේ... හි හි...
Deleteපටන් ගැනීම නම් නියමයි හිරුවො. අනේ මට ඔහොම වලියක් දා ගන්න අයියෙක් උන්නෙ නෑනෙ...කොහෙද ඉන්න එකා සහෝදරයෙක් නෙමේ...යකෙක් ;/
ReplyDeleteඕක දැන් අත ඇරලා දාන්න ළිහිණි
Deleteඔහොම තමයි බං... නැති උන්ට අගෙයි වගේම, ඉන්න උන්ට වාත... ඕවා ඔහොම තමයි....
Deleteඅපිත් කියෙවාවා. ලියාගෙන පලයන්කෝ ඔහොම
ReplyDeleteහි හි...
Deleteමන්දා,,,මට නං ටිකක් අවුල් වගේ..මමගේ අවුලක් වෙන්න ඇති.එත් මේ අය්යා ගැන ලියලා තියන විදිහට මට හිතුනේ තමන්ගේ අය්යා ගැන ලියනවා වගේ නෙවෙයි කියලා..කොල්ලා ගැන කියනවා වගේනේ..ඇඳුම් අයන් කරලා දෙන අය්යලා ඉන්නවද මන්ද...
ReplyDeleteඑත් අවුලක් ගන්න එපා..මගේ ප්‍රශ්නයක් වෙන්න ඇති..
ඕක තමයි නඟා මටත් තියෙන ලෙඩේ... මේක එඩිට් කරන්නේ නැතුව දානවා කියලා හිතුවේ ඒකයි.. එඩිට් කරනවා නම් කතාවක් ඉතුරු වෙන්‌ෙන් නෑ.. හි හි
Deleteආ.. අපේ මල්ලි තමයි මගේ කලිසම් එහෙම ඉස්සර අයන් කරලා දෙන්නේ... ඒක නිසා මෙහෙම අයියලා ඉන්න පුළුවන් කියලා උපකල්පනය කරමු... හි හි
හරි අපි බහිමු විචාරෙට...
ReplyDeleteඇත්ත වශයෙන්ම මෙම කතාවෙහි ආරම්භය දෙස බැලු කල කෙටියෙන්ම කිව හැකිව ඇත්තේ මෙය මෙහි කතුවරියගේ දුර්වල මනෝඵාවයෙහි ප්‍රතිඵලයක් ලෙසයි... කතුවරියගේ පාරශවයෙන් ගෙන බැලූ විට ඇයට නැගනියක් හා මලනුවන් කෙනෙක් ඇතත් ඇයට වැඩුමහල් සහෝදරයකු නැති වීම නිසා එම අඩුව සිය රචනය තුලින් පිරවීමට ගත් උත්සහයක් ලෙසින් අර්ථ දැකිවය හැකිය... එහිදී ස්වාභාවිකත්වය ඉක්මවා ගොස් ඇයට උවමනා පරිදි එකී චරිතය ගොඩ නගා ඇති අතර පැහැදිලි වශයෙන්ම ඒ හරහා ඇය විසින් අයට අවශ්‍ය සහෝදරයකුගේ ගති ලක්ෂණ නිරූපණය කරයි. තාත්වික ලෝකයෙහි නොපවතින් අන්දමේ චර්ත ලක්ෂණ ගති ලක්ෂණ හා අනිකුත් දේ මත ගොඩ නගන සහෝදරයා ඇයගේම මනෝ භ්‍රාන්තියක් සේ සැලකිය හැකිය... ක්ත කාරණය සම්බන්ධව 1968 දී එංගලන්තයේ විසූ කීත් ෆ්ලින්ටොෆ් මහාචාර්ය වරයා විසින් මනා පැහැදිලි කිරීමක් කොට ඇත..එහිදී මහාචාර්ය වරයා පෙන්වා දෙන පරිදි..තමාට අවශ්‍ය දේ මනෝමය වශයෙන් ගොඩ නංවාගෙන බලහත්කාරයෙන් යුතුව චරතියක් තුලට ආරෝපණය කිරීම තුලින් නිර්මාණ කරුවන් විසින් සිය මනෝ භ්‍රාන්තිය පිටතට මුදා හරිනු ලබයි... එකී මතය නැවතත් තහවුරු කරමින් 1983 දී ප්‍රංශ ජාතික මනෝ විශේෂඥ රොබර්තෝ ගාර්සියෙස්ද කරුණු දැක්වීමක් කොට ඇත... ඒ අනුව බලනා කල්හී කතුවරිය විසින් අද්භුත චරිත සිය නිර්මාණය හරහා එළි දක්වා ඇති බව මනාව පැහැදිලි වේ...
--------------
හප්පා මහන්සියි... තව ස හෙන කොටස් මේකේ තියෙයි නේද... වචන ඉතිරි කරගන්න ඕන.. ඒ වගේම මහාචර්යවරු හා දාර්ශනිකයින්... ඒ හින්දා අදට ඇති...
--------------
විශේෂ දැන්වීමක්...
ඔබත් මානසිකව වැටි අත පය කඩාගෙත් අයකුද..වහා හමුවන්න අධ්‍යාත්ම වේදී මනෝ විශ්ලේෂක මාරයා තුමා...
C.S.O.
M.D.
M.B.B.S.(sri lanka)
G.B.M.S(sri lanka)
W.D.P.(sri lanka)
H.S.A.(sri lanka)
H.Y.K.S.(SLAF)
B.P.(C.T.B)
N.E.K.S.(FB)
I.A.V.(sri lanka)
K.S.W.G.(Google blog)
යකෝ .... මේක මාර විචාරයක්නේ. මෙහෙම විචාරය කරන්න ගියොත් ඔළු පලාගන්න වෙන්නෙ.
Deleteනියමයි නේ මාරයියේ.. ඔය දීලා තියෙන්නේ නියමෙට විචාරේ... හි හි
Deleteටිකක් ඉතුරු කරගන්න.. හොද හරිය කමින් සූන්... හි හි...
දැන් ඉතින් කොටි වලිගෙ අල්ලගත්තනේ...ලියන එකයි තියෙන්නේ .....මෙගා ටෙලියක් විදියට නොලිය ඕන හරුපයක්.
ReplyDeleteඅනේ පව් අර අහිංසක "අපේ මහත්තයා "
ඇයි අනේ අපේ මහත්තයා පවු.... එයා නම් මේක කියවලා නෑ... හි හි
Deleteඅහා.. මේ තියෙන්නේ. පලවෙනිම කොටස කියෙව්වා ලස්සනයි හිරු.
ReplyDeleteඉක්මනටම ඉතුරු හරියත් ලියමු ඈ.
niyamai... kiyana parakkuwata palaweni kotasa dala..
ReplyDeleteme aiyath ara dan chooti aiya wage kenek neda??
me kotasa kiyewwama prashna kotiyak withra awa. idiriyedi wisadum labewine.. a nisa ahanne na.
yaluwekuge gedarin log une. a nisa sinhala na ;)
ඔන්න පලවෙනි කොටස බැලුවා....ලස්සනයි....
ReplyDeleteඅත්දැකීම් ගොන්නකුත් එක්ක ලියවිච්ච කතාවක්ද මන්දා.. කියවං යද්දි ගොඩක් සමීප බවක් දැනුනා. මම ගෙදර එකම ළමයා. නංගියෙක් මල්ලියෙක් අයියෙක් අක්කෙක් නැති පාලුව මට හොදට දැනෙනවා. මේ වගේ කතා කියවද්දි ඊරිසියයි..
ReplyDeleteලබා උපන් හැටි..
ලස්සනම ලස්සන කතාවක්... අදනෙ ආවෙ. කියවමුකො ඉස්සරහටත්.
ReplyDeleteඅයියෙක් හිටියානං ලියවෙන්නේ වෙනම කතාවක් ..හික්ස්.. හැබැයි ලියන හැටි නම් අපූරුයි හිරු..
ReplyDelete