පාරමී දම් පුරමු අප දෙදෙනා...
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා .. එකම මවු කුස..
සසර මතු දා.. උපත ලබනට...
පාරමී දම් පුරමු අප දෙදෙනා...
ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පළන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්..
මාව පාසල් .. එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වේවා...
ජාති ජාතිත් සංසාරේ..
පාරමී දම් පුරමු අප දෙදෙනා...
ළමා විය ඉක්මවා දවසක..
පංචකල්‍යාණියක වී මා..
සිරිත් ලෙස කුලගෙයට යන දා..
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...
පාරමී දම් පුරමු අප දෙදෙනා..
කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ..
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ...
පොඩි කාලේ.. වාගෙ අපී...
ඔන්න ඔට්ටුයි කියලා..
හැංගිමුත්තා හොයාලා..
හැංගෙමුදෝ අයියේ...
පුංචි හීනෙන් ගෝනි බිල්ලෝ .. නංගි අල්ලන් යන්න ඒවී...
මං බය නෑ නේ .. අයියා මා ළඟ ඉන්නේ.. තුන් යම රෑ පානේ...
කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ..
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ...
ඉරිඟු යායෙන් කිරළ ගාලෙන්.. කිරි වැදීලා කිරි ගොයමේ...
නෑ නෑ අයියේ .. ඒ පින මේ ගම්මානේ.. සෝවුරු පින් මහිමේ....
කීන දම් මිටක් කඩං ආවා .. මගේ නංගෝ..
කාට වත් නෙමෙයි නඟාටයි නංගෝ...
මිල්ටන් මල්ලවාරච්චි එක්ක නීලා කියන මේ ගීතයත් මට අවුරුදු 17ක් විතර වෙන කාලෙදි හිතට බොහොම තදින් වැදුන ගීතයක් උනා.. ඔය කාලෙදි ඇත්තටම මටත් අයියා කෙනෙක් හිටියා නං කොච්චර හොදද කියලා හිතිච්ච වාර අනන්තයි.. ඒක ඉතිං පස්සෙන් එන හැම එකාම එක්ක යාලු වෙන්න බැරි කමට හදාගත්ත දෙයක් කියලා කාට හරි හිතෙන්නත් බැරි නෑ.. ඒත් මම ඇත්තටම හිතන්නේ මට අයියා කෙනෙක් නැති එක ලොකු අඩුවක් කියලා මට දැනුන නිසා මම එහෙම හිතුවා කියලා.. කොහොමත් මගේ වටේට අයියලා රොත්තක් හිටියා ඒ කාලේ.. හි හි...
කොහොම හරි මේ පාරමී දම් කියන සින්දුවේ කතාව මගේ හිතට කොච්චර තදට වැදුනද කියලා කිව්වොත් මට මේකත් එක්ක ලොකු කතාවක් හිතේ ඇඳෙන්න පටන් ගත්තා... ඒ කලේ මට පොත් ලිවිල්ලේ ආසාවත් තදට හිතට වැදිලා තිබුනේ... මං මුලින්ම පොතක් ලියන්න පටන් ගන්නේ 8 වසරෙදි .. වීර කතාවක් වෙච්ච ඒක ඉවර උනේ 11 දි විතර.. මට වීර කතා ලියන්න පුළුවන් උනත් ආදර කතාවක් ලියන්න බැරි වෙයි කියන බය හිතේ තිබ්බා.. ඒකට හේතුව ආදර කතා ගැන මට එච්චර අත්දැකීම් නැති එක සහ මොන දේ ලියලා දැම්මත් රොමැන්ටික් සීන් ලියන්න ( සහ කියවන්නත් ) බැරි ගතියක් මගේ තිබ්බ එක... රොමැන්ටික් සීන් නිකම්ම විහිළු වලින් ලිස්සලා යන විදියක් තමයි මගේ අතින් ලියවිච්ච හැම කතාවකම තිබ්බේ....
ඒත් මට පුදුම විදියට ඕනේ උනා මේ කතාව ලියන්න... ඉතිං ඕලෙවල් පාස් වෙලා අනුලා එකට ආපු දවස් වලම ලියන්න පටන් ගත්ත මේ පොත, එක හුස්මට ලියාගෙන ගිහින් මාස 6ක් ඇතුලත ලියලා ඉවර කළා මම.. හැමදාම උදේට ඔය පොතත් තුරුළු කරන් ඉස්කෝලේ එන මං, ආපු ගමන් කරන්නේ මුල්ලක් අල්ලන් මේක ලියන්න ගන්න එක...
ඇත්තටම ඉක්මණට ලියලා ඉවර කළා උනත්, මේ පොත මම අවුරදු දෙකක් තිස්සේ, එක එක වෙනස් කම් කර කර, ආයිත් ලිව්වා.. අන්තිමට මේක කෙනෙක්ට කියවන්න දෙන තරමට සෑහීමකට පත් උනාට පස්සේ තමයි මං ඒ වැඩේ නැවැත්තුවෙ.. හි හි
ළඟදි ගෙදර ගිය දවසක පොත් රැක් එකේ තිබිලා ඕක ආයිත් මට අහුවුනා.. ගෙදර ගෙනල්ලා කියවගෙන යනකොට මටම හිනා සමහර ඒවා වලට.. ඒත් අදටත් මං ඒ පොතට ආසයි... හරිම මෝඩ, බොළඳ ගතියක් තිබ්බත්, නොමේරෑ ගතියක්, කවදාවත් වෙන්නේ නැති වගේ දේවල් තිබ්බත්, ඒ කාලේ මගේ හිතේ ස්වභාවය, මං ආස කරපු දේවල් සහ මං මවපු හීන මේ පොත ඇතුලේ තියෙනවා කියලා මං හිතෙන්නේ...
ඉතිං මාස දෙකක් විතර තිස්සේ කල්පනා කළාට පස්සේ මං හිතුවා කොටස් වශයෙන් මේ පොත බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා... ඇත්තටම මං මෙච්චර කල් මේක පස්සට දැම්මේ, මේක දැම්මට පස්සේ, හිරු කියලා කට්ටිය දැනගෙන ඉන්න කෙනාගේ ඇතුල් පැත්තේ ඉන්න මෝඩ කෙල්ලව හැමෝටම පේන්න ගනී කියලා බය වෙලා.. හි හි... ඒත් මේ පොත ලිව්වේ ඉස්කෝලේ යන කාලේ නිසත්, ඒ අවුරුදු 12කට විතර කලින් නිසත්, මේ කතාව ඒ වයසේ ඉන්න කෙල්ලෙක්ගේ මානසික මට්ටමෙන් කියවන්න පුළුවන් අය මේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලා හිතෙන නිසාත් මං මේ කතාව දානවා...
දැං ආපහු කියවන කොට, ආයිමත් කපලා කොටලා හදන්න හිතෙන තැන් ගොඩක් තිබ්බත් මං හිතනවා එහෙම කළොත් මේ කතාවේ තියෙන ලාමක ටිං ටිං ගතිය නැති වෙයි කියලා.. ( ඒක තමයි මට මේ පොත කියවපු ගොඩක් අයගෙන් ලැබිච්ච ප්‍රතිචාරේ.. හි හි ) ඒක නිසා ඔන්න ලියලා තිබ්බ විදියටම දාන්න හිත හදා ගත්තා... හි හි
මේ සටහන ලියවෙන්නේ මං ලියපු පාරමී දම් (නව) කතාවට පූර්විකාවක් විදියට... පුළුවන් විදියට මේ කතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න මං බලාපොරොත්තු වෙනවා.. ඉස්කෝලේ යන ළමයෙක්ගේ මානසික මට්ටමෙන් මේ කතාව බලන්න කියන්න ඕනේ නිසයි මෙච්චර දිග පූර්විකාවක් ලියන්න සිද්ධ උනේ... හි හි
ඔන්න අපේ නංගිලානං එකසිය ගාණට පාරමී පුරල තියෙනව මං වගේ රත්තරං.. වටින... ඉස්තරම... උගත්... බුද්ධිමත්.. ගින්දර වගේ අයියකෙනෙක් ලබන්න... :)))
ReplyDeleteඔන්න හිරූ අක්කට චාන්ස් තියෙනව අඩුමතරමෙ ලබන ආත්මෙවත් මල්ලි වත් කරගන්න... දැං ඉඳන්ම පාරමී පුරන්න වෙයි ඈ...
අර නවකතාව මේකෙද දාන්නේ...
Deleteමං එකලු ඈ...
මේ ඒ කාලේ නේ බං.. දැන් නම් මොකෙක්වත් නැති උනානම් හොඳයි කියලා තමයි හිතෙන්නේ.. හි හි
Deleteනියමයි හිරු. අපි බලමුකො කොහොමද කියලා. මම නම් කියන්නේ උඹ අර ලියලා තියෙන ටික ඒ විදිහටම දාන්නේ නැතුව පොඩි සංස්කරණයක් එක්ක පළ කෙරුවා නම් හොදයි කියලා.
ReplyDeleteඑහෙමනම් කෞෂි ආරියබන්දු ලියමු බලන්න.
මේක සංස්කරණය කරනවට වඩා ලේසියි රතූ ගිනි ගොඩක් ගහලා ඒකට දාන එක.. හි හි...
Deleteලියපං කෙල්ලේ අපි ඉන්නවා කියවන්න. හදවතින්ම සුබ පතනවා පළමුවෙන්ම. ඉතිං ඔයාගේ ඒ කාලේ ලාමක ටිං ටිං කියවන්න ආසාවෙන් ඉන්නවා. ගෙට්ටුවට කොහොම හරි මහත්තයත් එක්ක එන්න බලන්න.
ReplyDeleteහි හි.. තැන්ක් යූ නලීන් අයියේ...
Deleteඅපිත් එනෝ කියවන්න......
ReplyDeleteකියවලා බැනපල්ලකෝ මට.. හි හි
Deleteපාරමී දම් පුරමු අපි දෙදෙනා...වගේම කීන දම් මිටක් කඩන් ආවා සින්දු දෙකටම මම කොයි තරම් ආසා උනත්.... ඒවා මගේ නම් හිත රිද්දනවා විතරයි. හිරූට ඒ සින්දු ඇහෙද්දී අයියෙක් උන්නානම් හොඳයි කියලා හිතුනට...මට ඉන්න අයියගෙනුත් ඒ සෙනෙහස ලැබෙන්නෙ නෑනෙ... ඒ සහෝදර සෙනෙහස වචනවලට විතරක් කියලා මට හැම වෙලේම හිතුනා...
ReplyDeleteපොත නම් කියවලා නෑ හිරුවො. කොටස් වශයෙන් දාන එක නම් හොඳයි...ඔන්න අපි බලාගෙන ඉන්නවා කියවන්න...:)
මේ පොත උඹ කෙෙහාමත් කියවලා නෑ ළිහිණියෝ... තාම අතින් ලියපු එක විතරනේ තියෙන්‌ෙන්.. හි හි.... මේක කොටස් කඩන්න තමයි දැං අමාරු.... හිතුනොත් එකපාරටම දාලා දානවා...
Delete//මේ කතාව ඒ වයසේ ඉන්න කෙල්ලෙක්ගේ මානසික මට්ටමෙන් කියවන්න පුළුවන් අය මේ බ්ලොග් කියවන අය අතරේ ඉන්නවා කියලා හිතෙන නිසාත් මං මේ කතාව දානවා... //
ReplyDeleteෂෙහ්..මං වගේ විද්වත් විචාරකයෙකුටනං මේක කියවන්න බැරි වෙයි නේද..:D:D:D
ඔන්න නැවතිලා තියන උඹේ විචාර කලාවට පන දෙන්න කාලෙ හරි!
Deleteමාරයියගේ විචාරේ ගැන තමා මට වැඩිපුර බය තියෙන්‌ෙන්... හි හි
Deleteඑළ එළ! ඉස්සර ලිව්ව එකක් කපන්න ගියොත් අවුල්. ඒ නිසා අමුවෙන්ම තිබුනාවේ.
ReplyDeleteඒක තමා රාජ්... මං මේක කලපා හදන්න ගත්තොත් කතාවක් ඉතුරු වෙන්නේ නෑ... ඒක නිසා තමයි මෙච්චර දවසක් කල්පනා කළෙත්...
Deleteනියමයි හිරු අක්කේ....එහෙනම් ඉක්මනින්ම දාමු බලන්න.....අපි කියවනෝ..... :)
ReplyDeleteහරි හරි.. දාන්නම්... හි හි
Deleteසන්ස්කරනය කරන්න ගියොත් හොද නෑ හිරුවො... ඒ නිසා ඔහොම්මම දාන්න... කොහොමත් කෙල්ලන්ගෙ සිතුම් පෑතුම් කොල්ලන්ගෙ තරම් ඉක්මනට වෙනස් වෙන්නෙ නෑනේ... ඒ නිසා අවුලක් නෑති වෙයි...
ReplyDeleteමොකක් කිව්වා...?
Delete// කෙල්ලන්ගෙ සිතුම් පෑතුම් කොල්ලන්ගෙ තරම් ඉක්මනට වෙනස් වෙන්නෙ නෑනේ...//
හනේ මයෙ කට... මෙන්න මයේ අග්‍රගණ්‍ය ගුරු දෝවෝත්තමයා විසින් කියනු ලැබූ කතා වස්තුවක්...
ඔන්න විවාහයට කලින් හැම කෙල්ලෙක්ම හිතනවළු “අනේ මගේ එක්කෙනා දැන් ඔය පිස්සු කෙලියට..(මෙතනදී පිස්සු කෙලීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ... යාළුවන් සමග එක් වී අඩියක් පුඩියක් ගැසීම... එක් රැස්ව කතා බහ කිරීම... ගමන් බිමන් යෑම... විනෝදයට සෙල්ලමට බර වීම ආදි දේය..) බැන්දට පස්සේ එයා වෙනස් වෙයි...
ආන්න එහෙම ගෑණු අය හිතද්දී අපේ පැත්තේ උදවිය හිතනවා මෙහෙම.. “අනේ මේ ගෑල්ලමයා බැන්දට පස්සෙත් මේ දැන් ඉන්නවා වගේම (එයින් අදහස් කරන්නේ බදින්න කලින් ඕනම ගෑණු ළමයකු තුල තියෙන ලස්සනට ඇද පැළඳ සිටිම.. පිරිසිදුතාවය.. ඇදුමේ පැලදුමේ හිටං සියළුම බාහිර අලංකරණ කටයුතු හා විනෝදයට බර කටයුතු ආදිය බව කරුණාවෙන් ෂලකන්න) නොවෙනස්ව හිටීවි“ කියලා...
ඒත් පින්වතුනි අවසානයේ සිදු වන්නේ කුමක්ද..?
හා දෙමුකෝ උත්තරේ...?
කෝ..කෝ..මේ පින්වතියො ටික....!!!!
Deleteඅපේ නෑ නගා.. කෙල්ලන්ගේ හිතුම් පැතුම් ඉක්මණට වෙනස් වෙනවා....
Deleteදැං බලන්න මේ මං.. බඳින්න කලින් දවසේ හිතුවා “ මීට පස්සේ මං නිදහස් කියලා...” බැන්ඳට පස්සේ දවසේ තේරැනා...“ අපෝ.. මේක හිර කූඩුවක්නේ ” කියලා... හි හි
මොනවා උනත් කෙල්ලන්ගේ හිතුම් පැතුම් කාලයට, කොල්ලන්ගේ විදිය අනුව වෙනස් වෙනවා.. එහෙම නැතුව මේ මෝඩ කොල්ලෝ එක්ක ඉහ ගහගෙන ඉන්‌ෙන් කොෙහාමද...
බඳිනකම් කියන්නේ “ මං හරි ආසයි ඔයා මේ ඉන්න විදියටම පොඩි එකෙක් වගේ ඉන්නවනං..” කියලා.. ඒත් බැන්ඳ ගමන් කියන්නේ “දැං ඔයා මං කියන විදියට ඉන්න ඕනේ.. ඉස්සර වෙග් සෙල්ලම් දාන්න එන්න එපා .. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා හරිද ” කියලා... හි හි
ඇත්තටම මේ පොත ලියන කාලේ තිබුනට වඩා ගොඩක් මගේ හිත දැං වෙනස් වෙලා... ඒකයි මේක මට හදන්නත් බැරි.. මොකද දැං මේක හදනවට වඩා හොදයි කුණු ගොඩට දාලා නිකම් ඉන්න එක...
හැබැයි මං මේ සින්දුවලටයි, ඒවයින් කියවෙන දේටයි නම් අදටත් හරි ආසයි... ඒ වෙග්ම ඒ වගේ ආදරයක් ලබන්තත් ආසයි.. ඒත් ඉතිං ඒවා හීන විතරයි....
//හැබැයි මං මේ සින්දුවලටයි, ඒවයින් කියවෙන දේටයි නම් අදටත් හරි ආසයි... ඒ වෙග්ම ඒ වගේ ආදරයක් ලබන්තත් ආසයි.. //
Deleteමෙන්න මේ වගේ දේවල් ගෑනයි මම කිව්වේ... මාර අය්ය කිව්වේ ඈත්ත ඒත් මම කතා කලේ වගකීම් ගත්තත් මහ ගෑනියෙක් උනත් වෙනස් නොවන අපේ ගෑනු හිත් ගෑන... උදාහරනයක් කිව්වොත් අපි තාමත් අපි දෑනෙන්න ආදරේ කරනවට ආසයි... ඒක එදා අද කියල වෙනසක් නෑ... කොච්චර උනත් ඒ තියන බොලද කමට අපි ආසයි. ඒකයි මම කියන්නෙ අනික අපිව බරපතල විදිහට වෙනස් කරන්නේ බාහිර ලෝකය නෑත්නම් බෑන්ද කියල නෑහෑනෙ අපි අර ඉස්කෝලෙ යන කලේ වගේ සතුට විදින්න ආසයි ඒත් වටේ ඉන්න අය ඔයා දෑන් බෑදපු කෙනෙක් ඔයාට ඔහොම හෑසිරෙන්න බෑ කියද්දි හිතේ තියන දේවල් එහෙම්ම තියාගෙන අපි පිරිමියා විදිහට හෑඩගෑහෙනව..ඒත් අන්තිමට අපි අපේ සතුට හන්ගගෙන ඉන්නවා එයා එයාගෙ විදිහටම ජීවිතේ ගෙවනවා...( යාළුවන් සමග එක් වී අඩියක් පුඩියක් ගැසීම... එක් රැස්ව කතා බහ කිරීම... ගමන් බිමන් යෑම... විනෝදයට සෙල්ලමට බර වීම)
කොහොමටත් හිරූ අක්කි මේ පිලිබදව සන්වාදයක් පෑවෑත්තුවොත් හොද නෑද්ද්? බෑන්දට පස්සෙ වෙනස් වන්නේ ගෑහෑනියද? පිරිමියාද කියලා..... :D
ඔයා කියලා තියෙන කතාව ඇත්ත නඟා.. ඒ හීන පැත්තකට අතෑරලා දානවා මිසක් නැති වෙන්‌ෙන් නෑ... ඒවා තේරුම් ගන්න තරම් අපේ පිරිමින්ට මොලේ නෑ....
Delete//මේ පිලිබදව සන්වාදයක් පෑවෑත්තුවොත් හොද නෑද්ද්? බෑන්දට පස්සෙ වෙනස් වන්නේ ගෑහෑනියද? පිරිමියාද කියලා.....//
හි හි... කරමු කරමු... කොහොමත් ඔය ගැන මගේ හිතේ තියෙන අදහස ටිකක් වෙනස්....
@Nadini Abenayake
Deleteඉතින් ළමයො,නොබැද හිටියම ප්‍රශ්නෙ ඉවරනෙ....ආයෙ කෙහෙල්මල් සංවාදත් මොකටද....? (අපි නොදන්න සංවාද....!?)
ඒක නෙවෙයි..ඔය "අක්කි" කියන්නෙ අක්කා කියන පදයේ ස්ත්‍රී ලිංගික පදය ද...?
ලියන්න හිරු අක්කේ ...අපි එනවා කියවන්න ...හ්ම්ම් ...බලමුකෝ ඒ කාලේ කෙල්ලගේ අදහස් උදහස් :)
ReplyDeleteලැජ්ජයි අනේ.... හි හි
Deleteඕන වෙඩිමක් වෙච්චාවෙ කියලා දාන්න හිරුවෝ.ඊළඟට පොත ප්‍රින්ට් කරලා,බුක්ෆෙයා එකට දාමු ලබන සැරේ.සම්මානෙකුත් ගන්න ඇහැක් වෙයිනෙ.කට හරි දීලා පොත ෆිල්ම් එකකුත් කරලා දාමු.
ReplyDeleteමේක ප්‍රින්ට් කරන්‌ෙන් නෑ කොල්ලො.. හි හි...
Deleteඉක්මනටම දාමු වැඩිය කාලේ ගන්නේ නැතිව...
ReplyDeleteහා හා....
Deleteමට අද වගේ මතකයි මුලින්ම ඕය දංචූටිගේ චිත්‍රපටිය බලල පොඩිකාලෙ මට හෝල් එකේදි ඇඬුන.අය්යගෙයි නංගිගෙයි සෙනෙහස ඒ තරම් සංවේදියි...ඒකෙ බන්දු සමරසිංහ රඟපාන චරිතය තම්යි බන්දුගෙ මෙතෙක් දැකපු හොඳම රඟපෑම.
ReplyDeleteදැනටත් කීනදං මිටක් ගීතය ඇහෙනකොට මම පුදුම විදියට සංවේදීයි.
කියවන්න එනවා කියන එක ආයි කියන්නත් ඕනිද...උඹමොනව ලීවත් අපි කියවනව..!
හි හි.. තැන්ක් යූ වී...
Deleteඅනේ බං බුදු නංගියේ , උඹ නං දෙයියෙක් නෙමෙයි දේවාලයක් , රබර් පටියක් තියාගන අදිනවා කියලා මුං මාව මකවන්ඩ හදන වෙලාවේ , උමත් එහෙම එකක් දාලා මාව ගොඩ දාහන්
ReplyDelete(හැබැයි එක අකුරක් හරි එඩිට් කරලා දැම්මොත් මම උමව මකවනවා)
මට මතක නැති උනාෙන්.. නැත්තම් උඹේ ඔය රබර් පටිය ඇදිලා ඉවර උනාට පස්සේ මේක දාන්න තිබ්බා... හි හි
Deleteපස්සෙ ඇවිත් කියවන්නම් අක්කි. හෙට විභාගේ..
ReplyDeleteහරි හරි මලයා.....
Deleteහිරු ඔයා හැමදාමත් සුමිහිරි මතකයන් මතක් කර දිම ගැන අගය කරමි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හි හි...
Deleteලියා....න්ටකෝ එහෙනම් බලන්න. ඔය උඩ තියන 'පාරමී දම්' සින්දුවත් මං කැමතිම සින්දු වලින් එකක්..
ReplyDeleteලියලා තියෙන්නේ .. දාන්න තමයි මේ කල්පනා කරන්නේ... හි හි
Deleteමේ මේ එඩිට් කලොත් බලාගෙනයි ආ... මේක ඔරිජිනල් ලිවුව වගේම මේකේ දාන්න ඕන.. ඔන්න මාත් එනවා කියවන්න..
ReplyDeleteඒක තමා දිනේශ් බය.. මට එල්ලෙන්න වෙයිද දන්නේ නෑ.. හි හි
Deleteඅර පොතේ මුල පිටුවේ තියෙන ගෑනු ලමයගේ නම මොකක්ද? :)
ReplyDeleteනමක් ඉස්සුවා පොඩ්ඩි... හි හි
Deleteටිකක් විතර දිග කොමෙන්ටුවක් පාරමී දම් ගැන කොටන්න තමයි මේ සූජානම....දිග වැඩිනම් සමාව භජනය කරමි.
ReplyDeleteමේ පෝස්ටුවෙ නම දැක්ක ගමන්ම සිරා කොලුවා වන මට බොහොම ප්‍රබෝධයක් දැනුනා... ඒ මේ ගීතයට ඉතාමත්ම ප්‍රිය කරන රසිකයෙක් සිරා කොලුවා තුල ජීවත් වන නිසා...සිංහල ගිත සාහිත්‍යයේ අමරණීය ගීතයක් විදියටයි පාරමී දම් පුරමු අප දෙදෙනා ගිතය මම දකින්නෙ. එහි ගැබ්වෙලා තියෙන අපූරු අදහස ඉස්මතු කරන තවත් එවැනි සිංහල ගිතයක් මම තවමත් දැකලා නෑ...
බොහෝ අය හිතාගෙන ඉන්නෙ මෙය ගැහැණු දරුවෙකු විසින් ඇගේ සහෝදරයා වෙනුවෙන් ගායනා කරන, ඔහු මතු භවයේදීත් තමාගේම සහෝදරයා වී ඉපදෙන්නට කරනා පැතුමක් ගීතයේ ගැබ් වී ඇති බව, නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදියි. පෙර දිනයක ප්‍රේමයෙන් ලං වී සිට පසුකලෙක වෙන්වෙන තම ප්‍රේමවන්තයා ඊළග භවයේදී තමාගේම සහෝදරයෙකු ලෙස උපදීවා යැයි කරන දුර්ලභ ආකාරයේ පැතුමක් තමයි ගීතයේ අන්තර්ගතය. ඒ බැව් පිළිබද අපට යම් අදහසක් දෙන්නෙ //අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ// කියන පද පෙළෙන්.
ගිතය ලිව්වෙ ආචාර්ය අජන්තා රණසිංහ මහතා, සංගිතය සරත් දසනායක මහතා... නීලා වික්‍රමසිංහයන්ගෙ භාව පූර්ණ කටහැඩෙන් ගැයෙනා මනරම් ගීතාවලියේ සිරා කොලුවාගේ සංවේදී හිත වඩාත් පැහැර ගත් ගීත දෙකක් තියෙනවා... පළමුවැන්න මෙය, දෙවැන්න දරුවෝ නැති අම්මලා ගීතය...
හරසුන් බොල් පරඩැල් වැනි ගීත රාශියක් අතරේ මෙවැනි ගිතයකින් ලබාදෙන මිහිර වචනයෙන් කිව නොහැකි තරම්...
වරක් පුංචි පහේ මධුවිතකින් සප්පායම් වෙලා සිරා නිවසට එනකොට නීලා වික්‍රමසිංහයන් සහභාගි වුනු සුරම්‍ය රාත්‍රී වැඩසටහන විකාශය වෙන්න පටන් ගත්තා... මමත් ඉතිං නිකමට වගේ ඇමතුමක් ගත්තා මගේ ප්‍රියතම ගීතය ගැන මතක් කරන්න...මෙන්න බොලේ පළමු උත්සාහයෙන්ම ඇමතුම සම්බන්ධ වෙලා එහා කොනෙන් නීලා ගෙ කටහඩ ඇහෙනවා... මගේ ඩෝප් බැස්සා... පාරමී දම් ගැන මගේ අදහස් කිව්වට පස්සෙ නීලා වැඩසටහන මෙහෙයවපු මහේෂ් නිශ්ශංක ට කිව්වෙ අනුමානයක් නෑ මේ ඉන්නෙ මට ඉන්නෙ හොදම රසිකයෙක් කියලා... ඒ වගේම එදා ඇය ඒ ගීතය ගායනා කරන අවස්ථාවේදී නැවතත් මා මතක් කොලා....
පාරමී දම් තුලින් ඉදිරියේ අප හමුවට එන කෞෂි ආරියබන්ධු ලේඛිකාවට සුභ අනාගතයක් පතමි. පාරමී දම් ගීතයට මගේ චිත්ත සන්තානය තුල ඇති අසීමිත කැමැත්ත නිසාම ගී විචාරයක් මා වෙතින් ලියැවුනු බව සලකනු මැනවි.
ම්ම්ම්.. ඔය සින්දු දෙකේම තේරුම් තමයි මගේ හිතේ තිබ්බේ සිරා මේ පොත ලියද්දි...
Deleteමේ සින්දුවට ගොඩක් අය කැමතියි.... මං හිතන්නේ මේ සින්දු එක්ක තියෙන ලිස්ට් එකම හැමෝම ආස සින්දු වෙන්න ඕනේ...
//මෙන්න බොලේ පළමු උත්සාහයෙන්ම ඇමතුම සම්බන්ධ වෙලා එහා කොනෙන් නීලා ගෙ කටහඩ ඇහෙනවා... මගේ ඩෝප් බැස්සා... //
හි හි......
ඔන්න අපෙනුත් සුබ පැතුම්....!
ReplyDeleteඅඩුම ගණනෙ දවස් 2න් 2ටවත් පෝස්ට් කරන්න...නැත්නම් කතාවක් බ්ලොග් එකක කියවන එක අමාරුයි...
ඉක්මණට දාලා දානවා සුමිත් අයියේ....
Deleteඔන්න පරිච්ඡේද දෙක තුනක් දිගට අඬන,
ReplyDeleteසුදූ, පැටියෝ, රත්තරනේ, මයේ අම්මා, චූටි කුකූ, මයේ බව්වා පැට්ටා, මයේ මැටි හරකි වගේ ඒවා කිය කිය තොදොල් වෙන කතාවක් නම් මම් කියවන්නේ නෑ හරි. ඒ නිසා ඒ කෑලි කලින්ම අයින් කොරලා ලස්සනට ලියන්න.
ජ ය වේ වා !
හි හි .. කොල්ලට සුජීව ප්‍රසන්න ආරච්චි පාචනේ වෙලාද කොහෙද.
Deleteමධූ දන්නවනේ.. මට සුජීව ප්‍රසන්නාරච්චි අප්පිරියයි කියලා... හි හි
Delete@DDT :
Deleteඅපොයි ඔවු. මට නම් අරහන් !
@හිරු :
එහෙනම් සතුටුයි හිරු. මම දිගටම කියවන්න එනවා හිරු. පොඩි ඉල්ලීමක් කරන්ඩ ඕනා. ඒ තමා කතාව අවසානයේදි කතාව pdf එකක් විදිහට බාගන්ඩ අවස්ථාවත් හදලා දෙන්ඩ.
-ස්තුතියි-
යකඩෝ ... මෙහෙම එකක් දාලම බලන්නෙපාය කට්ටිය ඔක්කොගෙම ප්‍රකෘති ආදර හැඟීම් එළියට එන අපූරුව. හි හි ...
ReplyDeleteඅපේ ගෙදරත් ඔහොම පොතක් තිබුණා අපේ අක්කා 10 වසරෙ විතර ඉද්දි ලියපු එකක්. මතක හැටියට පිටු 120 පොතක් පිරෙන්න තිබ්බා කතාව, කාලයක්ම ඒ පොත තිබුනෙ මගේ ගාව, ඔයා කිව්වම තමා ආයෙ මතක් වුනේ, හොල බලන්න ඕන ඒක තාම තියෙද කියල.
හොඳයි හොඳයි දාන්ටකෝ බලන්න කෞෂි ආරියබන්දු කියන කතාව.
මට තිබ්බේ වීර කතා, රහස් පරීක්ෂක කතා ලියන පිස්සුවක්... හි හි... ඒත් මගේ අක්කා කෙනෙක් ලිව්වා මම 8 විතර ඉන්න කාලෙදි ආදර කතාවක්... නැත්තම් මම ඒවා කියවන්න ආස වත් නෑ... මට ඕනේ උනේ වෙනස්ම විදියේ ලවු ස්ටෝරියක් ලියන්න... හි හි...
DeleteMage nam vinodanshaya navel balana eka. Mata mathaka widiyata awrudu 12, 13 idan navel baluwa. Adtath asai. Ikmanin danna kiyawanna balagena innawa.
ReplyDeleteමට නම් ලවු ස්ටෝරි අරහං නඟා.. හි හි.. තාමත් එහෙම තමයි...
Deleteසූටි කාලේ ආදරේ බොළද ආදරයක් කියනවානේ.. ඒ උනත් ඒ ආදරේ සාර්ථක කරගත්ත එවුන් කොච්චර ඉන්නවද.. සූටි කාලේ සූටි ආදරයක් ගැන සූටි විදිහට ලියපු කතාවත් කියපු නිසාම මටත් මාරම ආසාවක් ආවා කියවන්න..
ReplyDeleteකොමෙන්ට් වලට උත්තර කොටන්න කලින් කතාව දැම්මනම් මොකද??
පාරමී දම් සිංදුවට අනුව නම් කතාවේ අවසානය ශෝකාන්තයක් වගේ.. මම නම් ඒවට කැමති නෑ.. ඒ නිසා අන්තිම කොටස කියවන්නේ නෑ..
මේක ලිව්වේ නිදහසට කරුණු කියන්න බණ්ඩෝ... හි හි.... මුලින්ම නිදහසට කරුනු කියලා පටන් ගත්තම හොඳයි කියලා හිතුනා... හි හි
Deleteමම පරක්කුයි වගේ... දැන්මම පලවෙනි කොටස පලවෙලානෙ.... තාම කියෙව්වෙ නෑ...
ReplyDeleteලියන්න. නමුත්, කතාව බොලඳ වෙන්න දෙන්න එපා. පුළුවන් උනෝත් පොතක් ප්‍රින්ට් කරලා දාමු.
ReplyDeleteඅම්මෝ මට මිස් වෙච්ච ගොඩක් තියෙනවා කියවන්න. මෙන්න ඒ අස්සෙ නව කතාවක් !
ReplyDeleteපොතක් ලියන එක නම් මගෙත් හීනයක් බන් . . මැරෙනන් කලින් එආක්ත් කොහොම හරි කර ගන්න ඕන . . හරි ඕන් මේ පාරමී දම් කෑල්ල කෑල්ල නිවාඩු තියෙන වෙලාවල කියවන්නම් ඈ
ReplyDelete