Friday, March 8, 2013

මාතෘකා නැති කතා...



අද උදේ කාන්තා දිනේ කිය කිය වැඩසටහන් යනකොට, ඊයේ පෙරේදා නලීන් අයියා දාපු පෝස්ට් වලට ආපු කමෙන්ට් බලනකොට මට හිතුන දෙයක් තමයි මේ දින වෙන්කිරීම ගැන ගොඩක් අය දක්වන අප්‍රසාදය... මම මේකේ හොඳක් දකිනවා කිව්වොත් කට්ටිය මාත් එකක් තරහා වෙයිද..? 

අපි මෙහෙම හිතමුකෝ.... ඒඩ්ස් කියන්නේ හැමෝම දන්න දෙයක් මේ වෙනකොට... ඒත් ඒඩ්ස් මර්දන සතියක් ප්‍රකාශයක් පත්කරලා තියෙනවානේ... ඒ සතියෙදි හැමතැමනම ඒඩ්ස් ගැනමයි ඇහෙන්නේ.. මොන මළකරදරයක්ද කියලා හිතෙනවා නේද...අපිට අදාලත් නෑ.. ඒත් බලෙන් කනට වක්කරනවා.... 

ඔය සතියෙදි යන ප්‍රෝග්‍රැම් වලදි නිතරම කරන දැනුවත් කිරීමක් තමයි ඒඩ්ස් බෝවීමේ ක්‍රම ගැන.. ලිංගික සම්බන්ධතා වලින්,සිරින්ජර්ස්, බ්ලේඩ්ස් වගේ දේවල් වලින්,රැධිර පාරවිලයනයෙන් සහ මවුකිරි වලින් කියන ඒවනේ ප්‍රධානම.. මේ වගේ හේතු ගණනාවක් තියෙද්දිත් අදටත් අපේ ලංකාවේ ඒඩ්ස් හැදුන කෙනෙක් ගැන දක්වන ආකල්පය වෙනස් වෙලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද...? ඒඩ්ස් කියන්නෙ ලාදුරු වගේ බෝවෙන රෝගයක් නෙවෙයි... 

ඒත් නිකමට අපි කෙනෙක් පෙන්නලා මෙයාට ඒඩ්ස් තියෙනවා කිව්වොත් කී දෙනෙක් අඩි කීපයක් පස්සට යයිද..? 

මේ වගේ දින, සති , මාස, අවුරුදු ප්‍රකාශ කිරීමේ ප්‍රධානම හේතුව සමාජය තුළ ආකල්පයමය වෙනසක් ඇති කිරීම කියලා මම හිතන්නේ... ඇත්තටම අද වෙනකොට අපේ රටට ආකල්පමය වෙනස්කම් රාශියක් ඕනේ කියලා ඕනේ කෙනෙක් පිළිගනී... ඉතිං මේ ජ්‍යාත්‍යන්තර දින ප්‍රකාශ කිරීමෙන් අපිටත් වැඩක් ගන්න බැරි වෙයිද කියලා මම කල්පනා කරනවා... 

ගොඩක් අය කියන දෙයක් තමයි මවුවරුන්ගේ දින, පියවරුන්ගේ දින, කාන්තා දින, ළමා දින වලින් වැඩක් තියෙන්නේ බටහිර රටවලටනේ.. අපිට ඕවයින් වැඩක් නෑ කියලා... ඒත් ඒක ඇත්තටම එහෙමද... ? 

මට නම් මේ දින කියන්නේ යමක් මතක් කරලා දෙන දෙයක්.... උපන් දිනයක් වගේ... මෙන්න මෙහෙම දෙයක් මට අමතක උනා නේද කියලා... හැමදාම අපි ළඟ ඉන්න අයට විශේෂ සැලකීමක් කරන්න හිතෙන වැදගත් දිනයක් විදියට මම සලකනවා... අම්මා හැමදාම මං ළඟ ඉන්නවා.. හැමදාම මගේ වැඩපල ටික කරලා දෙනවා.. අම්මා අමුත්තෙක් නෙවෙයි මට... ඒත් අම්මගෙ උපන් දිනේට, මවුවරුන්ගේ දිනේට මම උදේ පාන්දරම අම්මව බදාගෙන කිස් එකක් දෙනවා... අම්මට හරි සතුටුයි ඒ විශේෂ සැලකිල්ල ලැබුනට.. එයාව සතුටු කරන්න මට කරන්න පුළුවන් පුංචිම දේ මම කළා කියලා මටත් සතුටුයි... 

දැන් අද මම ලියන්න හිතපු තව දෙයක් ගැන ලියන්න සුදුසු තැනට ආවා කියලා හිතෙනවා.. ඒ තමයි මං අර කලින් කිව්ව සමාජමය ආකල්ප වෙනස් කරන එක ගැන... කාන්තා දිනේ ගමුකෝ.. ( ඒක අද හින්දා.. හි හි) 

ඩූඩ් අයියා එක කමෙන්ට් එකක කියලා තිබ්බා අපි මේ පාර ඉඳන්වත් ගෑණුන්ට කෑල්ල බඩුව කියලා කියන එක නවත්තමුද කියලා... මං ඒ වෙලාවේ කල්පනා කළා ඇත්තටම මේ චවන පාවිච්චි වෙන්නේ ඇයි කියලා... 

අද තියෙන ලොකු ප්‍රශ්නයක්නේ කෙල්ලෙක්ට තියා කසාඳ බැදපු ගෑණියෙක්ට වත් නිදහසේ පාරක තොටක බැහැලා යන්න බෑ.. කුණුහරුප කියනවා.. විසිල් ගහනවා, මාරු බඩ්ඩ, මරු කෑල්ල, මරු ගල් දෙක කියලා කෑ ගහනවා... ත්‍රීවීල් ඇඟට කපනවා... ලොකු වාහන ඕනෙකමින්ම මඩ වලවල්වලට වට්ටනවා.. බස් වලදි ජැක් ගහනවා... රැකියා වලදි ලිංගික අල්ලස් ඉල්ලනවා... ඔය වගේ දේවල්... මෙතනදි ලොකුම හේතුව වෙලා තියෙන්නේ කාන්තාවන්ට තියෙන ගෞරවය නැති වීම නේ... මේකට වගකියන්න ඕනේ ඇත්තටම කවුද...? 

කාන්තාවට ගෞරව කරන්න ඕනේ කියන එක ළමයෙක්ගේ හිතට මුලින්ම ඇතුල්වෙන්නේ කොතනින්ද...? මං එහෙම ඇහුවොත් ... 

යම්කිසි අවස්ථාවක සමාජය තුළට ආපු මේ වචන දිගින් දිගටම භාවිතයේ රැඳිලා තියෙන්නේ අනුකරණය නිසා කියලා මට හිතෙනවා.. පොඩි අය ලොකු අය අනුකරණය කරන්න ආසයි... ලොකු අයියා මේ වචනේ පාවිච්චි කරනවා නම් පොඩි මල්ලිත් ඒක පාවිච්චි කරනවා.. එයත් ලොක්කෙක් වෙන්නනේ ආසා.. 

ඒත් කොහොමද තාත්තත් මේ වචනේ පාවිච්චි කරනවා නම් ඇතිවෙන තත්වේ....???

මට ඉන්නවා නානාප්‍රකාර නෑදෑයෝ... අම්මගේ පැත්තෙ නෑයෝ.. තාත්තගේ පැත්තේ නෑයෝ.. මහත්තයාගේ අම්මගේ නෑයෝ.. තාත්තගේ නෑයෝ.. ඔන්න ඔ‌ෙහාම... 300කට කිට්ටු වෙන්න ඉන්නවා ( ගාන හැදුවේ වෙඩින් එකේදි)  මේ ඒ අයගෙන් ගත්ත උදාහරණ... 

මට ඉන්නවා මල්ලිලා දෙන්නෙක්... පොඩි කාලේ ඉඳලා හිටියේ ඩේ කෙයාර් එකේ, මොන්ටිසෝරියේ, ඉස්කෝලේ... අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. තාත්තා එක්ක මෙලෝ යකෙකුට කතා කරලා බේරෙන්න බෑ... එයාගේ තනි මතේ විතරයි.. අම්මා ඒක නිසා තාත්තා එක්ක වැඩිය කතාවට යන්නේ නෑ.. තාත්තට රස්සාව තමයි තියෙන ලොකුම වගකීම.. ( ඇත්තටම එයාගේ රස්සාවත් ලොකු වගකීම් සහිත එකක්)  තමන්ගේ පාඩුවේ ළමයින්ගේ වැඩපලත්, රස්සාවත් කරගෙන ඉන්නවා.. කොල්ලෝ දෙන්නම කට ඇරියොත් කුණුහරුප විමානයයි....අම්මයි තාත්තයි දෙන්නා ගෙදරදි වැඩිය කතාබහ කරනවා අඩු නිසා ළමයි ගැන කතාබහ කෙරෙනවත් අඩුයි.. ඉතිං මේ කුණුහරුප කියවිල්ල නවත්තන්න ක්‍රමයක් නෑ.. 

මට ඉන්නවා මාමා කෙනෙක්.. මට වඩා එච්චර වැඩිමල් නෑ..දෙන්නගේ අදහස් නොගැලපීමක් නිසා පවුල ඇතුලේ ලොකු ගැටුමක් ඇති උනා.. එයාගේ මොන්ටිසෝරි යන වයසේ දුව පුදුමාකාර විදියට මුරණ්ඩුයි.. කියන දෙයක් අහන්නේ නෑ.. හිතුවක්කාරයි.. ඉල්ලුවොත් දෙයක් නොදී නම් බේරෙන්න බෑ... අම්මයි තාත්තයි දෙන්නා කතා කළොත් රණ්ඩුවක්... මේ දේ දැක්කේ පැත්තකට වෙලා බලං හිටපු අය... පැහැදිලි කරලා දුන්නම දෙන්නම තේරුම් ගත්තා.. ප්‍රශ්න විසඳගත්තා විතරක් නෙවෙයි අද අර දරුවා හරිම කීකරු, හුරතල් කෙල්ලෙක්....පවුල හරිම එකමුතුයි... 

තව පවුලක්... තාත්තා අම්මට ආදරේට තමුසේ කියනවා... නමුත් තමුසේ කියන්නේ නරක වචනයක් කියලා ඉස්කෝලේ උගන්නනවා.. දරුවා කල්පනා කරනවා තාත්තා කියනව නම් මේක නරක වචනයක් නෙවෙයි මම පාවිච්චි කළාට කියලා... ඉතිං දරුවත් කසාද බැන්ද දවසක තමුසේ කියලා බිරිඳට කතා කරයි... එයාගේ දරුවොත් ඒ විදියටම ගියොත්... කොතනකදි හරි ලොකු ගැටුමක් ඇතිවෙන එකක් නැද්ද ඔය වචනේ තදින් අප්‍රිය කරන බිරිඳක් ලැබුනොත්...

හරි ..ඔය ඇති නේ... 

මං කියන්න යන දේ තෙරුම් ගන්න පුළුවන් ඇති මේ වෙනකොට... හෑල්ල ලිව්වේ අද වැඩිහිටියෝ වෙලා ඉන්න පරම්පරා දෙකක් නැත්තම් තුනක් අපි කොහෙහරි වරද්දගෙන තියෙනවා කියලා මට හිතෙනවා කියන්නයි.... 

කොහෙද මේ වරද්දගත්ත තැන.... 

දෙමවුපියෝ දරුවෝ ඈත් වෙච්ච එකයි ඒ තැන කියලා මට හිතෙනවා.. දෙමවුපියෝ දරුවන්ගේ විභාග ගැන තියෙන අවධානය දරුවන්ගේ චරිත සංවර්ධනය ගැන දැක්වුවේ නැති නිසා කියලා හිතෙනවා... 

ඉස්සර තමුසේ කියලා මම වැරදිලා හරි කියපු වෙලාවක රිදෙන්න පාරක් දීලා අම්මා කිව්වා.. කරත්තකාරයෝ කතා කරන විදියටද කතා කරන්නේ කියලා... 

අද වෙනකොට අම්මා කියපු දේ ගැන මම හිතනවා කාටවත් කාරයා කියලා කතා කරන්න හොඳ නෑ.. ඒකත් රස්සාවක් විතරයි කියලා.... ඒත් කාරයෝ හැමතැනම ඉන්නවා... ත්‍රීවීල්කාරයෝ, බස්කාරයෝ, පොලිස්කාරයෝ, මාළුකාරයෝ......... මේවා මටත් කියවෙන වචන... ඇයි.. මේවා ඇහිලා ඇහිලම ජීර්ණය වෙලා... ඒත් දැන්.... මම දරුවෙක් ඉන්න තැන කතාකරනකොට‌ පරිස්සම් වෙනවා... එතනදි මම කල්පනාවෙන් කතා කරනවා... පොලිස් මාමා.... පාන් වෑන් එකේ මාමා.. මාළු ගේන අන්කල්... ඔය වගේ වචන පාවිච්චි කරනවා.. 

හැබැයි අර තමුසේ කිව්වම වැදුන පාර අදටත් මට මතකයි... මම තමුසේ කියන වචනේ කියන හැම පාරකම මට එනවා මං වැරදි චවනයක් කිව්වාකියලා හැඟිමක්.... ඒක නිසා මම වචනේ පාවිච්චි නොකර ඉන්න දඟලනවා... 

මේවා පුංචි දේවල්... සමාජයේ තියෙන දේවල්... එකපාරටම බැරි උනත් තව ටික කාලයක් යනකොට නැති කරන්න පුළුවන් දේවල්... හැබැයි මේවට මුල් වෙන්න ඕනේ දෙමවුපියෝ... අම්මට පරුෂ වචනයෙන් බනින තාත්තා කෙනෙක් ඉන්න පවුලක දරුවෝ තාත්තව ප්‍රිය නොකරන්න පුළුවන්.. මොකද අධ්‍යාපනය, සමාජය මඟින් පෙන්නනවා ඒක වැරදි දෙයක් කියලා.... අම්මා තාත්තව නොසලකාහරිනවා නම්, ගනං ගන්නේ නැත්තම් නම් දරුවෝ අම්මට අකමැති වෙයි.. ආදරය නොකර ඉඳියි...  

තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය බලං ඉන්න පිරිමි දරුවා, ලොකු වෙලා කසාදයක් බැන්ඳම බිරිඳට සලකන්නේ අර තමන් දැක්ක දේ අනුව... තාත්තයි අම්මයි එකිනෙකාට සලකන විදිය දකින ගෑණු දරුවා තමන්ගේ අනාගත සහකරුව මවාගන්නේ ඒ අනුව... අම්මගෙයි තාත්ත‌ෙගයි තමන්ගේ හැසිරීම් දරුවන්ගේ ඇහැට ප්‍රිය නම්, ආදරණීය නම් ඒ දරුවෝ සතුටින් ඉන්න ප්‍රීතිමත් දරුවෝ වෙයි.. ඔවුන් ගේ ජීවිත ප්‍රිතිමත්ව ගත කරන්න කැපවෙයි...

ඒ ව‌ෙග්ම ගැහැණු හෝ පිරිමි දරුවෙක්ගේ ඇහැට අම්මයි තාත්තයි එක හා සමානයි.... ඒ වගේම අම්මටයි තාත්තටයි ගෑණු දරුවෝ පිරිමි දරුවෝ එක හා සමාන විය යුතුයි... අර ආදි කාලේ ඉඳලා පොඩි එකා තමයි කවදහරි මං ගාව ඉන්නේ , ‌කෙල්ලෝ කසාද බැඳලා යනවනේ කියන කතාව, ලෝකේ වටේ ගියත් කොල්ලෝ කිරෙන් නාවලා ගන්න පුළුවන්. කෙල්ලෝ එහෙම බෑ කියන කතාව, කොල්ලන්ට වගේ කෙල්ලන්ට ඉහලට ඉගෙන ගෙන වැඩක් නෑ කියන කතාව වගේ සාම්ප්‍රදායික  මෝඩ කතා අපේ සමාජෙන් අයින් කරන්න කාලේ හරි කියලා මම හිතනවා.... 

අඩු ගානේ එත‌ෙකාට ඒ දරුවෝ ලොකු උනාම ඒ දේවල් තේරුම් ගනීවි.... අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ඉහලට ඉගැන්නුව ගෑණු ළමයෙක්ව කසාදෙන් පස්සේ ගෙදර නවත්තගන්න එක කොච්චර දුකක්ද කියලා පිරිමි ළමයි‌ තේරුම් ගනියි... අම්මා වගේම තාත්තා කියන චරිතයත් දරුවෙක්ට මොන තරම්ද පරමාදර්ශි විය යුතුද කියන එක, ඒ ළමයි තේරුම් ගනියි... එතනම ආදරණීය බැඳීමක් ඇති වෙනවා මුලින්ම... 

දරුවන්ගේ පරමාදර්ශය දෙමවුපියෝ... හොඳට හෝ නරකට.... කැරැල්ල පටන් ගන්නේ ගෙදරින්.... ඒ විප්ලවය හරි පැත්තට හැරවීම දෙමවුපියන්‌ෙග් යුතුකම, වගකීම.. මෙතන දෙමවුපියෝ කියන්නේ අම්මා නෙවෙයි... අම්මයි තාත්තයි දෙන්නම.... මේ වගකීම් තියෙන්නේ අම්මට විතරක් නෙවෙයි.. තාත්තටත් එක්ක... සල්ලි හම්බකිරීම වගකීමක් නෙවෙයි.. යුතුකමක්... ඒත් දරුවෝ හැදීම වගකීමක්... මේ යුතුකම සහ වගකීම අම්මටයි තාත්තටයි දෙන්නටම එක හා සමානව තියෙනවා... 

අම්මයි තාත්තයි දෙන්නා දරුවො ඉස්සරහා එක හා සමාන ආදරයකින් සලකනවා නම්, වගකීමකින් හැසිරෙනවා නම්, ඒ පවුල ප්‍රීතිමත්, ආදරණිය, සාර්ථක පවුලක් වෙයි.... 

අපි කොයි වෙලාවේ, කොයි විදියට, මොන දේ ගැන කතා කළත්, ඒ හැම වෙලාවකම අපේ ප්‍රධනම බලාපොරොත්තුව, ලොකුම ආසාව,  ලොකුම සතුට, ලොකුම වගකීම අපේ පවුල .. අපේ දරුවෝ.. නේද... ?

ඔන්න ඕක ගැන මට හිතෙන විදිය... 

84 comments:

  1. //ඉස්සර තමුසේ කියලා මම වැරදිලා හරි කියපු වෙලාවක රිදෙන්න පාරක් දීලා අම්මා කිව්වා.. “ කරත්තකාරයෝ කතා කරන විදියටද කතා කරන්නේ ” කියලා... //

    මේ කතාව සම්පූර්න ඇත්ත... මටත් මුලින්ම අපෙ අම්ම ඔහොම කියල තියෙනව... දෙවනුව මගේ මහී කාන්තාව කියල තියෙනව... මම දැන් කාවටවත් තමුසෙ කියල කියන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අන්න හොද ළමයෙක්... හි හි

      Delete
  2. දින, සති වෙන්කිරීම මම නම් දකින්නෙ බිස්නස් එකක් විදිහට විතරයි...

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා අපිට මේවා නවත්තන්න බැරි නිසා මගේ අදහස මේවයින් අපිට ගන්න පුළුවන් හරි දේ ගමු කියන එකයි ...

      Delete
  3. හිරු කියන හැම දේම සහතික ඇත්ත. දරුවන්ගේ පරමාදර්ශය දෙමවුපියෝ. ඔය කිව්වා වගේ අපේ සමාජෙන් අයින් කළයුතු සාම්ප්‍රදායික මෝඩ කතා ටික ටික අඩුවිගෙන එනවා මං හිතෙන හැටියට. අද වගේ දවසට ගැලැපෙන විදියට නියමෙට තියනවා හිරුගෙ පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. අඩුවක් නැ ෆාතිමා.. තාම තියෙනවා.. අඩු වෙනවා නම් හොඳයි තමයි....

      Delete
  4. වටින කියන පෝස්ට් එකක් අක්කේ..ඒත් මේක කියවලා කී දෙනෙක් ඒ දේවල් හිතට ගනීද ක්‍රියාත්මක කරාවිද කියන ප්‍රශ්නෙ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ම‌ෙග් එහෙම අදහසක් නෑ කිරිල්ලි... මේ මම හිතන විදිය විතරයි... කාටහරි වැඩක් ගන්න පුළුවන් නම් ගනියි.. ( මොකද අප්පා මේ තටු සිඳුනු කිරිල්ලී කියලා දගෙන තියෙන්නේ.. නම දැක්කමත් දුක හිතෙනවා.. )

      Delete
  5. කොච්චර ඒඩ්ස් සති තියල කිවුවත් ඒක සාමාන්‍ය ක්‍රම වලින් බෝවෙන රෝගයක් නෙමෙයි කියල මිනිස්සු තේරුං ගන්නෙ ඒක භයානක රෝගයක් කියල කියන කෑල්ල විතරයි.
    ලංකාවෙ මිනිස්සුංගෙ පැල් බැඳගෙන ඉන්න ආකල්ප වෙනස් කරන්නනං පාසල් අධ්‍යාපනයෙ ඉඳල ඔක්කොම වෙනස් කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රසා අයියේ....

      Delete
  6. //අපේ බොහොමයකගේ මතය, මේ දින තියෙන්නේ එදාට ඒ දිනයේදි මාතෘකාවට අදාල දේ කරලා සමරන්න කියලා. ඒ නිසා මේ දින ගැන ඔවුන් කතා කරන්නෙ උපහාසයෙන්. මව්වරුන්ගේ පියවරුන්ගේ දින තියෙන්නේ එදාට විතරක් අම්මලට තාත්තලට සලකන්න, ආදරවන්තයන්ගේ දිනය තියෙන්නේ එදාට විතරක් ආදරේ කරන්න වගේ මතයකින් තමයි ගොඩක් අය කතා කරන්නේ. නමුත් මේ දින තියෙන්නේ ලෝකයේ අඳුනාගත්ත ප්‍රශ්න මිනිස්සුන්ට නැවත නැවත මතක් කරදෙන්න, ඒ ගැන තියෙන කතිකාව අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් මතු කරන්න. අපි අලුත් අවුරුද්දට, උපන්දින, සංවත්සර වලට තෑගි දෙන්නේ පවුලේ අය එකතුවෙන්නේ එදාට විතරක් ආදරේ එකමුතු බව පෙන්වන්නද? නැහැනේ. එවැනි දින තුලින් අපි අවස්ථාවක් හදාගෙන තියනවා අපේ හිත ඇතුලේ තියන හැඟීම්, දිනපතා කාර්යබහුලත්වය නිසා අපට අමතක වූ දේවල් මතු කරලා දක්වන්න. පොඩි පොඩි තරහමරහ තිබ්බත් නෑදෑයෝ එකතු වෙන්න. එකම ගෙදර හිටියත් විශේෂයෙන් කියලා යමක් කරන්න බැරි උන සහෝදරෙක් සහෝදරියක් සතුටුකරන්න යමක් කරන්න.

    අපේ සමාජයේ 'බටහිර' ලේබලය ගහලා තියන මව්වරුන්ගේ, පියවරුන්ගේ, ආදරවන්තයන්ගේ දින අපේ රටට කොච්චර අවශ්‍ය ද? රැකියාව නිසා හෝ විවාහ නිසා වීම නිසා හෝ දෙමාපියන්ගෙන් වෙන්වෙලා ඉන්න අයට එදාට අම්මට තාත්තට අඩුම ගානේ කෝල් එකක් දීලා කත් කරන්න. සුළු තැග්ගක් අරන් දෙන්න, කෑමකට එක්කන් යන්න මේ දින හොඳ අවස්ථාවක්. කරනවද නැද්ද කියන එක තමන් සතුයි. ඒත් මේ දින වලට විරෝධය පාන එක නම් මෝඩ වැඩක්. ආදරවන්තයන්ගේ දිනය නම් අපිට අවශ්‍යම එකක් කියලා මට හිතෙන්නේ. ඔය ගොඩක් බටහිර රටවල ආදරවන්තයන්ට නැති ප්‍රශ්න අපේ රටේ තියනවා. සමරන්නේ කොහොමද කියන එක තමන්ගෙ වැඩක්. අර සෝම හාමුදුරුවෝ කලා වගේ ජෝඩුව ගිහින් සිල් ගත්තත් කමක් නෑ. ආදරවන්තයන්ට සමාජයේ පිළිගන්මක් ලබාදීමයි අවශ්‍ය.//

    උඩ තියෙන්නේ මං මාතලංගේ පෝස්ට් එකට දැම්ම කොමෙන්ටුව....

    //මේ වගේ දින, සති , මාස, අවුරුදු ප්‍රකාශ කිරීමේ ප්‍රධානම හේතුව සමාජය තුළ ආකල්පයමය වෙනසක් ඇති කිරීම කියලා මම හිතන්නේ//

    හරියටම හරි හිරු... අලුත් අවුරුද්දේ අපි කොච්චර තෑගි වලට වියදම් කරනවද? කවුරුත් කියන්නෙ නෑනේ අලුත් අවුරුද්ද වැඩක් නෑ, නිකං සල්ලි වියදම් වෙන දෙයක් විතරයි කියලා. වෙසක්, පොසොන් ඔය ඔක්කොම ඒ වගේ නෙමෙයිද? ඔය ඕනෙම දවසක් සමාජගත වෙනකොට ඒකට වාණිජ වටිනාකමක් ලැබෙනවා. ඒක වලක්වන්න බැහැ. ඒ දිනය හරි විදිහට, තමන්ට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න අපියි දැනගන්න ඕනේ.




    ReplyDelete
    Replies
    1. මාත් දින වෙන් කිරිල්ල ගැන හිතන්නේ ඔය විදියට තමයි තිසර... අපිට හිතට එකඟව නම් මේ වගේ දින වලට කරන්න පුංචි දේවල් ගොඩක් තියෙනවා තමයි... ඒත් වාණිජමය වටිනාකම තමයි අපේ වගේ රටවල ඉස්සරහට එන්නේ.. ඉතිං මිනිස්සුන්ට එපා වෙන එකත් සාධාරණයි.. හැබැයි හොඳට හිතලා බැලුවොත් ඇත්තටම මේ වගේ දේවල් අපිට අපේ විදියට හරවගෙන යම් හොඳ දෙයක් කරන්න පුළුවන්...

      Delete
  7. දින වල වැදගත් කම තියන්නේ අනෙක් දවස් වලටත් ඒ කාර්යයන් සිද්ධ වෙනවා නම් විතරයි. දිනේට මොනවා හරි කියල පස්සේ ආයේ ඒවා මතක් වෙන්නේ ඊ ළඟ දිනේට නම් ඒකෙන් ඇති වැඩක් නෑ.

    අර වචන වල වැරද්දක් නෑ නේ. තමුසේ - තමුන්නාන්සේ. කාරයා - ඒ කාරිය කරන කෙනා. බ්ලොග් කාරයා වගේ. :)

    ReplyDelete
    Replies
    1. එතන මං කියන්න හැදුවේ චන්දන මං එහෙම හිතන්න පටන් ගත්තේ අධ්‍යාපනය හින්දා කියලා ..

      අපිට කියලා දෙනවානේ හැමකෙනෙක්ම කරන්නේ රැකියාවක්.. රැකියාවක් කියන්නේ සමාජයට අවශ්‍ය සේවාවක්.. ඒ රැකියාවට අදාළ ගරුත්වය අපි දෙන්න ඕනේ කියලා ඉස්කෝල වල... මම ඒ දේ ඉගෙන ගත්තේ අධ්‍යාපනයෙන්.. ඒත් අම්මා අර පාරක් ගහලා කියපු එක සමාජයෙන් ආපු දෙයක් නේ...

      දැන් ඔය දෙකම මම දරුවෙක්ට කියලා දෙනවා කියන්නේ එයාට පොඩි කාලෙදි ඔය දෙකම ඉගෙනගෙන වැරැද්ද හදාගන්න අවස්ථාව ලැබෙනවනේ... ඒකයි...

      අනිත් එක ඇත්තටම මට නම් පොඩි දරුවෙක් ඒ වගේ තව කෙනෙක්ට කතා කරනවා අහන‌ෙකාට හරි අප්‍රසන්න හැඟීමක් එනවා... මට අනුව නම් ඔය විදියට කතා කරන එක වැරදියි.. ඒකෙන් කෙනෙක්ගේ හිත රිදෙන්න පුලුවන් නේ.. ( ඒක නමක් නෙවෙයි නම්.. හරියට කතන්දරකාරයා වගේ.. හි හි)

      Delete
    2. ශතකයට සුබ පැතුම්..! ඒක දැක්කේ පස්සේ නේ. :)

      Delete
    3. හෆ්ෆටසිලි, ඔව්නේ බං චන්දන. මෙයා සද්ද නැතුව 100 ගහලනේ. සුබ පැතුම් හිරූ.

      Delete
  8. ඒකෙන්ම එකඟයි හිරු අක්කේ.
    කියන්න දෙයක් නෑ,ඔයාගේ පෝස්ට් එකෙයි තිසරගේ කමෙන්ට් එකෙයි හැම දෙයක් මැ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි නඟා.... හි හි

      Delete
  9. තිසරත් තව අමතර පෝස්ට් එකක් ලියල තියෙනව නොවැ.හොඳයි හොඳයි අපි මොනව කියන්නද

    ReplyDelete
    Replies
    1. අදත් පැනලා ගිහින් .. අල්ලගන්නම් දවසක.. හි හි

      Delete
  10. අපිට සෙට් නොවන කෙල්ලන්ගේ දිනය සාතිශය ලෙස හෙලා දකිමු!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම කිය කිය ඉන්න.. එතකොට සෙට් වෙයි.... හි හි

      Delete
  11. ඔය "දින" වෙන් කිරීම සම්බන්ධයෙන්නම් මගේ විරෝධයක් නෑ. මිනිස් සංස්කෘතියක් තුල එවැනි දේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.සමාජය තුළ කතිකාවක් ඇතිවෙන්නෙ එවැනි ව්‍යාපෘති තියෙන නිසයි. අද මේ ගැන කතා කරලා හෙට අමතක කරනවයි කියන එක ඇත්තක් නෙවෙයි.
    ඒඩ්ස් දිනයෙදි ඇතිවන කතිකාව ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කරන්න ලොකු බලපෑමක් කරනවා. හැබැයි, අප්‍රිකාවෙ, දකුණු ඇමරිකාවෙ, අරාබියේ...පැපුවා නිව්ගිණියාවෙ වගෙම අර ගෝනි ඇතුලේ ඉන්න ගෝත්‍රිකයින්ටත් මේවා අදාල නෑ. මේවා අදාල වෙන්නෙ මිනිස්සුන්ට විතරයි.

    (හි හි ප්‍රතිශතය අඩු නිසා මේ පෝස්ට් එක බොහොම වටිනවා).

    ReplyDelete
    Replies
    1. මගේ හිනාවත් එක්ක සුමිත් අයියට පුදුම තරහක් නොවැ තියෙන්නේ.. හි හි

      Delete
  12. ඔය දින වෙන් කිරීම ගැන සතුටකුත් නෑ අසතුටකුත් නෑ වගේ හැඟීමක් තමා මට තියෙන්නේ. අද හිරූ උනත්, මාතලන් උනත්,නලින් අයියා උනත් ඒ ගැන කතා කලේ ඒ නිසානේ. ඒත් මේ ඊනියා මුදලාලිලා ඒකත් විකුනාගෙන කන එක තමා දිරවන්න බැරි. හොඳම උදා හරණය පෙම්වතුන්ගේ දිනය..

    //මේ වගකීම් තියෙන්නේ අම්මට විතරක් නෙවෙයි.. තාත්තටත් එක්ක... සල්ලි හම්බකිරීම වගකීමක් නෙවෙයි.. යුතුකමක්... ඒත් දරුවෝ හැදීම වගකීමක්... මේ යුතුකම සහ වගකීම අම්මටයි තාත්තටයි දෙන්නටම එක හා සමානව තියෙනවා... //

    සහතික ඇත්ත. අම්මාගෙ වැඩි වගකීමක් දරුවන් උඩ තියෙනවා උනත්, තාත්තටත් ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ.

    ඔක්කෝටම වඩා ආකල්ප වෙනස් කරන්න වේවී. අල බැස්ස මුල් බැස්ස ආකල්ප එක්ක මොනා කලත්..ඒ දේ එදාට විතරයි..

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න හිටපු එකක් නෙවෙයි ළිහිණි.. නලීන් අයියගේ පෝස්ට් එකේදි මට පුදුම කළකිරීමක් දැනුනා... මිනිස්සු මොනවද මේ කතා කරන්නේ කියලා... ඩූඩ් අයියගෙ කමෙන්ට් එක දැකලා ඇත්තටම මොනවද මේ වගේ අවස්ථා වලින් අපිට ගන්න පුළුවන් හොඳම දේවල් කියලා කියන්න ඕනෙ නිසයි මේක ලිව්වේ.... කාන්තා, පුරුෂ හැම එකාගෙම සන්තෝෂය, අභිමානය කියලා කියන දේ ඇත්තටම තියෙන්නෙ පවුල ඇතුලේ කියන එක තේරුම් ගත්ත පරම්පරාවක් මේ රටවල ඉන්නවා කියල මං හිතන නිසා මේක ලිව්වා...

      Delete
  13. කියලා තියන දේට එකඟයි ඈ...

    ReplyDelete
  14. ශාන්ත බවින් හා එකමුතු බවින් පිරුණු නිවසක් නිර්මාණය කිරිමට හැකි සෑම දේම කරන්න.හොද ආරම්භයක් හිරු ඔයා පහදලා දුන්නේ.එත් මෙවැනි ලිපි අම්මලා තාත්තලා කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා වෙලා සහ වෙන්න ඉන්න අයට මේවා කල්පනා කරලා ගොඩක් දේවල් හරිගස්සන්න පුළුවන් ගයනි.. මායි අපේ මහත්තයයිත් ඇතුළුව... හි හි

      Delete
  15. අත්තිවාරම් හොඳනම් ගෙවල් කඩාගෙන වැටෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. යෑස්.. සහතික ඇත්ත මාතලන්.....

      Delete
  16. අද ඉඳන් මමත් හනී බනීට "තමුසේ" කියල කතා කරන්නෙ නෑලු ඉතිං.......

    ReplyDelete
    Replies
    1. අද ඉදන් කතා කරන්නෙ නෑ කියන්නෙ??? මෙච්චරකල් කතා කලද එහෙම? එහෙනම් ඔය ගෑණු දරුව ඔයා එක්ක ඉන්න එක ගැන සන්තෝස වෙන්න මල්ලි.. ඒ කියන්නෙ ඔය ගෑනු ලමය ඔය දරුවට ඇත්තටම ආදරෙයි.. මම නම් ඔය වගේ කතා කරන මිනිහෙක් එක්ක දවසක්වත් ඉන්න කැමති නෑ.. :P

      Delete
    2. යාලුවෝ වගේ ඉන්න කාලේ තමුසේ කියන එක පාවිච්චි වෙනවා නේ.. හැබැයි එෆෙයාර් එකකදි ටික කාලයක් ගියාම ඔය වගේ කතා කරන එක නිකම්ම නැවතෙන්න ඕනේ.. එහෙම උනොත් තමයි කසාද බැඳපු දවසක උනත් හිත් රිදීම් නැතුව ඉන්න පුළුවන්... හනී බනීට තමුසේ කියනවා එයාගේ අම්මලට එහෙම ඇහුනොත් හනී බනීටයි එයාගේ අම්මලටයි දුක හිතෙන එකක් නැද්ද....

      Delete
  17. මේ වෙනකොට ගෙදරින් ඇහෙන වචනවලට අමතරව බාහිර සමාජයෙන් දරුවන්ගේ කනට පුදුමාකාර වචන තොගයක්ම වැටෙනවා..ඒවයිනුත් බලපෑමක් එනවා දරුවන්ට. ඉතාම කාලෝචිත ලිපියක් හිරු..

    ReplyDelete
    Replies
    1. අර මං කිව්ව එක පවුලක තත්වේ ඒක තමයි නලීන් අයියේ.. වැඩේ කියන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම ඒවා ගැන හොයන්න බලන්න, ඒවා හොඳ නෑ කියලා කියලා දෙන්න වෙලාවක් නැති එක....

      Delete
  18. ඔව් සහෝදරවරුනි,සහෝදරියනි,පින්වතුනි
    මාත් අද ඉඳන් පොලිස් කාරයට පොලිස් මහත්තයා කියනවා,මාළු කාරයට මාළු මහත්තයා කියනවා.ඒ වගේම කා එක්ක හරි රණ්ඩු කරද්දීත් ඩාලින්,ස්වීටි,රත්තරන්,පණ වගේ වචන භාවිතා කරන බවට දිවුරා පොරොන්දු වෙමි.

    ReplyDelete
    Replies
    1. ගල් කාරයා , පොලු කාරයා, එව්ත් බැ හරිද මල්ලි

      Delete
    2. ඒකත් ගුටි කන වැඩක් නිශාන්... හි හි

      Delete
  19. මම හිතන්නෙ අද වගේ දිනක වැටෙන්න ඕන මේ වගේ පෝස්ට් තමයි..!
    අවංකව කියන්නම්..මමත් යමක් හිතට ධාරණය කරගත්තා හිරුගේ පෝස්ට් එක නිසා.හිතන්න දෙයක් පෙලඹුනා.

    ස්තුතියි...!

    ReplyDelete
    Replies
    1. හරි සන්තෝසයි.. එක්කෙනෙකුට හරි පලක් උනා නම් ඒක තමයි මගේ ලොකුම සතුට වී.... ඒ කියන්නේ තව පස් හය දෙනෙක් ඒකෙන් සන්තෝස වෙනවා කියන එක... එහෙන් ඔයාලගේ පවුලේ අය.. මෙහෙන් අපි දෙන්නා... හි හි

      Delete
  20. දින වෙන් කිරීම ගැන මගේ මතය ජනප්‍රිය මතය නොවෙයි. දිනයක් වෙන් කිරීමෙන් අවධානය ලැබිය යුතු යමකට විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒක නිසා ඒක හොඳ දෙයක් හැටියටයි මම දකින්නෙ.

    ඒවා වාණිජකරණය වීම අපිට නවත්වන්න බැහැ. එහෙනම් ආගමික උත්සව, සංස්කෘතික උත්සව යන හැම දේම වාණිජකරණය වෙලා තියෙනවා නේද?

    එතකොට අසීමිත බොළඳ කාරණා සඳහාත් දින තියෙනවා. Temporary Insanity Day වගේ. ඉතින් අපිට අවශය දේ විතරක් අපි කරමු.

    ඔව් කෑල්ල බඩුව කියන වචන භාවිතය (අත්‍යාවශ්‍යම අවස්ථාවක කතාවක දෙබසකදී හැර) පාවිච්චි නොකර ඉන්න මම තීරණය කලා.

    විවාහක ජෝඩු, පෙම්වතුන් තමුසේ කියලා එකිනෙකාට කතා කිරීම මට නම් අහගෙන ඉන්නත් අප්‍රිය දෙයක්. ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අයියේ සමහර දරුවො අම්මට තාත්තට ඔයා මෙයා කියල කතා කරන එක??? මම නම් ආසම නෑ. මම දන්න පවුලක ලමයි අම්මා තාත්තා මොනවහරි කිව්වම මේ ඔයා කට වහගෙන ඉන්න කියනවා. මට පැනල කටට ගහන්න හිතෙනවා..

      Delete
    2. ඔයා කියන එකනම් ඒක නම් නදිනි එහෙම අවුලක් හැටියට අපි කවදාවත් දැක්කෙ නෑ. අපි අම්මලට තාත්තලට කතා කලෙත්, අපේ ළමයි අපිට කතා කරන්නෙත් ඔයා කියලා තමයි. අපි කොහොමත් යාලුවො වගේ තමයි ආශ්‍රය කරන්නෙ. එහෙම නැතිනම් සෑහෙන අපහසුතාවයක් දැනෙනවා නේද. අම්මෙ අම්මගෙ රිස්ට් වොච් එක අම්මා ගත්තද? කියන්න වෙනව නේද අම්මේ ඔයාගෙ රිස්ට් වොච් එක ඔයා ගත්තද කියලා අහන්නෙ නැතිව?

      ඔයා කියලා නම් කියනවා මෙයා කියලා නම් කියවෙන්නෙ නෑ.

      නදිනි කියනවා වගේ "මේ ඔයා කට වහගෙන ඉන්න" කියන එක නම් අන්තිම රූඩ්. එතන වැ‍රැද්ද ඔයා කියන වචනේ නෙවෙයි ඒ හැර අනිත් වචන හතරෙ.

      හැබැයි ගම්බද අම්මට උඹ කියලා ඉන්න ළමයි ඉන්නවා නේද? සමහර විට ඒකත් ඒවගෙ ආදරණීය එකක් වෙන්නැති අපට නොතේරුනාට.

      නමුත් තමුසෙ නම් කැතයි වාගේ.

      Delete
    3. ඔව් ඒකත් ඇත්ත, දරුවන්ට අම්ම තාත්ත ලගයි වගේ ඒකෙන් දැනෙනවා. සමහර වෙලාවට එකම වචනෙ උනත් හොද විදිහට වගේම නරක විදිහටත් පාවිච්චි වෙනවනෙ නේද? ඒක රදාපවතින්නේ පවුල මත වෙන්න පුළුවන්. මොකද අයියල ඒක පාවිච්චි කලාට ඒකෙ අරමුණ වෙන්නෙ පවුල ශක්තිමත් වීම සහ දරුවන්ට යාළුවො වගේ සැලකීම නිසා දරුවො උනත් ඒක හොද විදිහට ගන්නවා, තව පැත්තකින් ඒක වැරදියට ගන්න පවුලෙ දරුවෝ තමන්ගේ තැනටම අම්ම තාත්ත දාගෙන අශිලාචාර දරුවො වෙන්නත් පුලුවන්. තමුසේ කියන එක නම් කැතම කැතයි, සමහර අය ඉන්නෙ පිට අයටත් එහෙම කියන. එයාල හිතන්නෙ ඒක විහිලුවක්නෙ කියල ඒත් ඒක නම් ඒ මනුස්සයගේ තත්වෙ පැහැදිලි කිරීමක් වගේ...

      Delete
    4. තමුසෙ කියන එක ඔච්චර අවුල් වචනයක් කියලා දැනුනෙම නැ, හැබුයි මම ඕක පාවිච්චි කරන් නැ

      Delete
    5. වචන වලදි ඒවා යෙදෙන විදියෙයි ප්‍රශ්නේ තියෙන්නේ මං හිතන්නේ.. ඒත් වචනේ නැවැත්තුවොත් ඒක යෙදෙන විදියත් නැවතෙනවා නේ... මටත් අම්මටයි තාත්තටයි ඔයා කියලා කතා කෙරෙන්නෙ අඩුවෙන්... ඒක අවශ්‍ය වෙලාවලදි කියවෙනවා.. වැඩි පුරම “ඔය දෙන්නා” කියන එක තමයි කියවෙන්නේ...

      ඕයි, තමුසේ කියන එක මල්ලිත් එක්ක මරා ගන්න වෙලාවට කියවෙනවා නේ.. ඇයි තව ගොනා, හරකා, බුරුවා.. හි හි.. හැබැයි අම්මලා ඉන්න තැන නම් ඒවා කියන්නෙත් නෑ.. බැඳලා කියලා නෑ අහුවෙන එකෙන් ගහනවා දෙන්නටම... හි හි

      Delete
  21. මේකට කමෙන්ට් එකක් කොටන්න ගියොත් සෑහෙන වෙලාවක් ගන්න ඕන කරනව. ඒ තරමට කතාකරන්න දේවල් තියෙනව. ඒත් දැන් එච්චර ලොකු කයියවල්වලට සෙට්වෙන්න බෑ හිරූ.

    මේ ඇත්තටම අරුන් දෙන්න ගෙදරදිත් කුණුහරුප කියනවද හිරූ. දීල අදින්න එපායැ පළවෙනි දවසෙම කණ රත්වෙන්න. අපි ඉස්සර ඔයිට අඩු ඒව කියලත් අම්ම හරි මාමා හරි අතුල්ලනව අමුමිරිස් කරල් කට වටේට. අප්පා මාර සනීපෙ. සීනි බෝතලේම කාල කට වටේටම සීනි අලවන් හිටියත් පැය ගානක් යනකන් දැවිල්ල අඩුවෙන්නෙ නෑ. ඒක මතක තියෙනකන් ආයෙ ඒව නෑ ගෙදරදි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ ගැනනම් කියල වැඩක් නෑ DDT .. මොන අමුමිරිස්ද..! ඉස්සර දැන්වගේ මිරිස් කුඩු තිබ්බෙ නැහැනෙ.ගලේ අඹරල මිරිස් තලි තිබුනෙ පොල්කට්ටෙ එයින් තලියක් උලන්නෙ..කටේ......අප්පා දැනෙන සනීපෙ..ගේ වටේ වට කීපයක් දුවල,කලිස්මේ චූත් යනව..පොල්තෙල් උලාගත්තාම තමයි ටිකක් හරියන්නෙ.

      දැන් ඕව කලොත්...පොලෝසියෙන් ගෙදරටම ඒනවනෙ...??????

      Delete
    2. අපේ අම්මා හැන්දක් රත්කරලා මගේ නිකටේ තිබ්බා බං

      Delete
    3. තාම මතයි කියන්නේ ඔය වචන කියවෙද්දී ඕවා මතක් වෙලා නිකම්ම නැවතෙන එක හින්දා නෙවෙයිද... හි හි

      අරුන් දෙන්නා ගෙදරදි කියන්නේ නෑ ඕවා.. තාත්තට මාර බයයි.. හැබැයි එතන තියෙන්නේ බයක් විතරයි.. ගෞරවයක් නෑ... මොකද මේක කරන්න එපා කියන්නේ මේක නිසා කියලා කියලා දෙන්නේ නෑ‌ෙන්.. කෑ ගහනවා, බනිනවා විතරයි... ඒක නිසා තාත්තට බයට සද්ද නැතුව හිටියට, තාත්තා නැති තැන වීරයා වගේ කියනවා... අම්මටත් කන්ට්‍රෝල් නෑ..

      Delete
  22. ප්‍රධාන මාතෘකාව පැත්තක තියලා වෙන ප්‍රශ්නයක් අහන්න හිතුනා :)

    මවුකිරිවලින් ඒඩ්ස් බෝ වෙන බවක් මම දැනගෙන හිටියේ නැහැනේ. මම හිතුවේ දරුවෙක් බිහිවෙන අවස්ථාවේදී විතරයි එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. එතැනදී රුධිරය මිශ්‍ර වීමක් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කෙ අදමයි..
      අම්මගෙ කිරි උරන කොට ලේත් එනවනෙ තනපුඩුවෙ...ඒ වගේ දේකින්වත්ද..???

      Delete
    2. ලේ එන්නෙ සමහර වෙලාවට

      Delete
    3. මෙන්න මෙහෙම මතයක් තියෙනවා සයුරි, වී....

      HIV/AIDS#Mother-to-child

      Delete
    4. එහෙම වෙනවලු සයුරි..ශරීරයේ කේඨය ඇර අනික්
      ගොඩක් ශ්‍රාව එක්ක ඒ වෛරස් එක තියෙනවලු..
      (සිප වැළන්ඳ ගැනීම් කරාට ප්‍රශ්නයක් නැහැ..)

      Delete
  23. ඔයා දන්නවනේ මට ඔයාගේ සමහර පෝස්ට් වලදී
    කට උත්තර නැති වෙනවා කියල..මේකත් ඒ වගේ හිරු..
    මන් අර ගිය මළ ගෙදර තිබුණ පැත්තෙත් තත්වේ මීට
    හපන්..හපන් කියන්නේ අන්තිම පහත් ..

    ඉන්නකෝ පෝස්ට් එකක්ම දාන්න..හැබැයි හරිම පිළිකුල් ...

    ReplyDelete
  24. ඔයා දන්නවනේ මට ඔයාගේ සමහර පෝස්ට් වලදී
    කට උත්තර නැති වෙනවා කියල..මේකත් ඒ වගේ හිරු..
    මන් අර ගිය මළ ගෙදර තිබුණ පැත්තෙත් තත්වේ මීට
    හපන්..හපන් කියන්නේ අන්තිම පහත් ..

    ඉන්නකෝ පෝස්ට් එකක්ම දාන්න..හැබැයි හරිම පිළිකුල් ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන වල මාත් දකින දේවල් වලට කළකිරෙනවා සහන්.. ඒත් මොනා කරන්නද.. මේ සමාජේ කොහෙ හරි වරද්දගෙන අපි...

      Delete
    2. පිස්සුද හිරුවෝ දේශප්‍රේමී සෙට් එකෙන් ගුටි කන්නද හදන්නේ.අපිට වැරදිලා නැහැ අපි අනුන්ගේ වැරදි විතරයි බැලිය යුත්තේ.
      බලන්න බටහිර රටවල් වල මොන තරම් නරක දේවල් ද වෙන්නේ ඒ ගැන කතා කරන්න අපේ වැරදි ගැන කියන එක දේශද්‍රෝහී ක්‍රියාවක් අපි තමයි ලෝකෙන් උතුම්ම මිනිස්සු කියල හිතන අපේ වැරදි පෙන්නුව ගමන් ගහන්න බලන් ඉන්න පරම්පරාවක් ඉන්න රටක් මේක. ඉතින් කවදාවත් අපේ අය වැරදි හදාගන්නේ නෑ,

      Delete
  25. //සල්ලි හම්බකිරීම වගකීමක් නෙවෙයි.. යුතුකමක්... ඒත් දරුවෝ හැදීම වගකීමක්... //

    මෙන්න මෙතන නම් මට පොඩි පටලැවිල්ලක් තියනවා. මං දන්නා විදිහට සල්ලි හම්බකිරිල්ල හැම තාත්ත කෙනෙකුටම නීතියෙන් බැඳිලා තියන වගකීමක්. රක්ෂාවක් නැත්නම් කුලී වැඩක් කරලා හරි මේ වගකීම ඉටු කරන්න හැම තාත්ත කෙනෙක්ම නීතියෙන් බැඳිලා ඉන්නවා. එහෙම කරන්න බැරිව හිරෙයන තාත්තල ඕනිතරම් ඉන්නවා. හැබැයි දරුවන් නිවැරදිව හදන එක යුතුකමක්. යුතුකම් වලට සීමා මායිම් නැ. හරියට ඉටු නොකළ කියල බලෙන් ලබාගන්න වත් දඬුවම් කරන්නවත් බැ. යුතුකම් වල සීමා මායිම් නැති නිසා තමයි කිරි දරුවන්ව අත ඇරල යන්න පුළුවන් වෙන්නෙත්, සමහර අම්මලා, ඇඳට වැටිල ඔත්පල වෙනකම්ම දරුවන්ගේ දරුවන් විතරක් නෙවෙයි, දරුවන්ගේ දරුවන්ගේ දරුවන් වත් බලා ගන්නේ. දරුවන්ව නිවැරදිව හදන එක දෙමාපියන්ගේ විතරක් නෙවෙයි ගුරුවරුන්ගේ, නෑදෑයින්ගේ, අසල්වාසීන්ගේත් යුතුකමක් විදිහටයි මටනම් හිතෙන්නේ.

    හිරුගේ ලිපිය ඉතාම කාලෝචිතයි. අර හොඳ මිනිස්සු ගාවයි, නරක මිනිස්සු ගාවයි හැදුනු ගිරව් දෙන්නගේ කථාව මතක් වුනා.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මම එහෙම කිව්වේ සල්ලි හම්බුකිරිල්ල පැත්තෙන් ඉතාම දුප්පත්, ඒත් දරුවෝ යහමඟට යන්න පැත්තෙන් ගොඩක් පෝසත් පවුල් ඉන්න නිසා.... ඔය සල්ලි හම්බු කිරිල්ලට තාත්තලා නීතියෙන් බැදිලා නෑ නේද.. ?... මං කිව්වේ ඒක අපේ සමාජ මතයක් විතරයි නේ... තාත්තා නැති පවුල් වල අම්මලා නේ කඩයප්පන් තම්බලා හරි පවුලට සල්ලි හොයන්නේ.... හැබැයි දරුවෝ වැදිල්ල මිසක් හැදිල්ල වගකීමක් හැටියට නොගන්න අය තමයි ගොඩක් වෙලාවට මේ වගේ වැරදි කරන්නේ...

      අපිට අනිත් අය ගැන බලාගෙන ඉන්න බැරි කාලයක් නිසා මේක, මම හිතනවා වැඩේ පටං ගන්න ඕනේ පවුල ඇතුලෙන කියලා....

      Delete
  26. පොඩි අය කොහොමත් ලොකු අයව අනුකරණය කරනවා. ඒකෙ ආයි කතා දෙකක් නෑ. ලොකු අය වැරදි කරාම ඒක බලන් ඉදලා ඒකම පොඩි එකා කලාම ගහලා බැනලා වැඩක් නෑ. ලොකු අය මුලින්ම හිතන්න ඕනි පොඩි අය ඉස්සරහ හැසිරෙන විදිය....

    ReplyDelete
    Replies
    1. ඊළඟ පරම්පරාව මෙහෙම හිතන එකත් ලොකු දෙයක්....

      Delete
  27. Mamath oya "thamuse" kiyana wachane nam ahannawath kamathi na. Ehema katha karanna kenek na hoda welawata. Aththenma demawpiyo athare thiyena gatalu lamainta sampoornayenma balapanawa thamai. Ehema nowenna api hodain inna one. Nathnam daruwa e maga yanawa witharak newei manasikawa watenawa.

    ReplyDelete
    Replies
    1. සමනලීට කියපු ටිකම තමයි ඔයාටත් කියන්න වෙන්නේ නංගි බබෝ... හි හි

      Delete
  28. කතා කරන්න උගන්වන එක ළමයෙක්ට පොඩි කාලේ ඉඳන් කරන්න ඕනේ දෙයක් ඒ දේ හරි වැදගත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකට දෙමවුපියෝ කටට බ්‍රේක් දාගන්න දැනගන්න ඕනෙ මුලින්ම කෝරළයෝ...

      Delete
  29. පොඩි ළමයි හැදෙන්නේ අනුකරණය කරලානේ, වචනේ වචනේ ගැටගහගෙන කතා කරන්නෙත් පෙර ආත්මෙන් ගෙනාපු දෙයකින් නෙමෙයිනේ, කියනවා ඇහිලානේ කියන්නේ...අන්න ඒ ඇහෙන තැන හරියට හැදුවනම් හරියටම හරි...තවත් දෙයක් සමාජ ආස්සරේ හින්දත් සමහරු ඔය කුණුහරුප වචන ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට කමක් නෑ ඒවා භාවිත වෙන්න ඕන තැනදී විතරක්.

    ReplyDelete
    Replies
    1. සමාජ ආශ්‍රයේදි ඉගෙන ගන්න ඒවා වල හොද නරක කියලා දෙන්න ඕනේ අම්මලා තාත්තලා පැතුම්...

      Delete
  30. //දරුවන්ගේ පරමාදර්ශය දෙමවුපියෝ...// හැම තැනදිම ඔහොම නූනත් බහුතරයක් තැන් වල වෙන්නෙ ඕක...

    ReplyDelete
  31. ඇත්ත..අපි අපේ සමාජ වගකීම් නිසි ලෙස තේරුම් අරන් ඒක පොඩි උන්ට කියලා දෙනවානම් ආයෙ අලුතින් උගන්වන්න දෙයක් ඉතිරිවන්නේ නෑ.

    අනෙක් අතට ලංකාව වගේ රටවල බහුතරයක් දෙමව්පියන්ට සලකනවා. ඉතා සිමිත පිරිසක් විතරයි ඒ වගකීම පැහැර හරින්නේ ඒනිසා ආයෙ ඒ වැඩිහිටියන් වෙනුවෙන් දින වෙන් කරන්න වුවමනා නෑ.

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන්ට සලකන එක නෙවෙයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ... එකක් දරුවෝ ලොකු මහත් උනාමත් අල්ලලා බැඳලා තියාගන්න හදන සම්ප්‍රදායන් තියෙන එක.... දෙවනි එක ආර්ථික ප්‍රශ්න එක්ක දරුවන්ට අම්මලා තාත්තලා ගැන බලන්න විදියක් නැති වෙන එක...

      අපේ රටේ අම්මලා තාත්තලා අතේ තියෙන සබ්බ සකලමනාවම දරුවන්ට වියදම් කරලා උගන්නලා, කසාද බන්දලා දීලා තමන්ගේ අන්තිම කාලේ දරුවෝ තමන්ට සලකයි කියලා බලාපොරොත්තු වෙනවා... මම හිතන්නේ ඕකත් ප්‍රශ්නයක්... බහුතරයක් එහෙමයි.... දරැවොත් උත්සාහ කරනවා ඒ යුතුකම් කරන්න.. හැබැයි ඊට වඩා හොඳයි මම හිතන විදියට නම් 23 -24 පැන්නට පස්සේ දරුවන්ට ස්වාධීන වෙන්න දෙන්න ඕනේ .... එතකොට දෙමව්පියන්ට අවශ්‍ය වෙලාවට දරුවො දෙපයින් හිටගෙන ළඟ ඉන්නවා...

      දැන් වෙලා තියෙන්නේ කසාද බැන්ද ළමයින්ට වත් තනියෙන් තීරණයක් යන්න බැරි සමාජ ක්‍රමයක් අස්සේ ඔක්කොම පටලෝගෙන... වගකීම්: යුතුකම්: අවශ්‍යතා: සල්ලි: අම්මලා තාත්තලා: දුවලා පුතාලා :මුණුපුරැ මිණිපිරියෝ ....

      Delete
  32. ආකල්පමය වෙනසක් ඉතා ඉක්මණින්ම කරන්න ඕනි කියන මතයේ මාත් ඉන්නවා. පාසල් විෂය නිර්දේශය ඔය අතරින් ප්‍රධාන එකක්. ගිරා පෝතකයින් හදන විභාග ඉලක්ක කර ගත්තු අධ්‍යාපනයක් මිසක් ගතිගුණ වලින් පොහොසත්, සමාජයට වැඩදායී යහපත් පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයක් අපිට නෑ.

    අපේ ගෙදර වැඩට එන සේවකයන්ටවත් නම කියලා ලතා කරන්න අපේ තාත්තලා ඉඩ දුන්නෙ නෑ. ඒත් දැන් පාසල් ගුරුවරයටත් මිස්ට කෑල්ලක් මුලට දාලා එහෙමත් නැත්නම් ඒකවත් නැතුව ආමන්ත්‍රණය කරන තැනට වැඩ සිද්ධ වෙලා. (ඩූඩ් ගේ FAQ ලිස්ට් එක කදිම උදාහරණයක්. ලංකාවෙත් උසස් අධ්‍යාපනය මීට ආසන්නයි)
    ඉස්සර ගුරුතුමා, වේද මහත්තයා, පන්සලේ හාමුදුරුවෝ කියන දෙයක් ගමේ හැම කෙනාම ඉස මුදුනින් පිළිගත්තා. ඒත් දැන් ගමේ උන්ට උපදෙසක් දෙන්න මේ අයට පුලුවන්ද? එයාලත් තමන්ගේ තත්ත්වය රැකගන්න කටයුතු කරලා තියෙනවද?

    රටේ ප්‍රධානියාට ඉස්සර අයගේ තිබුණු භය පක්ෂපාතීත්වය දැන් කෝ? සාමාන්‍ය මිනිහටත් රටේ ප්‍රධානියාව බල්ලෙක් ගානට දාලා වවේචනය කරන්න පුළුවන්නම් එතනින් එහාට ඒ සමාජය ගැන කියන්න දෙයක් තියෙනවද? ඒ වගේම රටක නායකයා වෙච්ච කෙනත් තමන්ගේ නම්බුව රක ගන්නැතුව ඕන දහදුරා වැඩක් කරනවනම් එතනින් එහාට ඒ සමාජය ගැන හිතලා වැඩක් තියෙනවද?

    මෙහෙම දින දාන එක හොඳයි කිව්වත් ඒකෙන් වාසි ගන්නේ මුදලාලිලයි, මාධ්‍ය ආයතනයි, දේශපාලකයොයි. අදාළ පාර්ශවය තව දුරටත් පීඩාවේ. කම්කරු දිනය හොඳම උදාහරණයක්. අපි ආකල්ප වෙනස් කරගන්නවානම් වෙනම දින ඕනි නෑ. අපේ රටේ මිනිස්සු "දෙවැනි බුදුන් අම්මා" කියන පාඨය යෙදුවේ කාන්තා දිනය සමරන්නද?

    ප.ලි. උපන් දින එහෙම කියන්නේ යම් කඩ ඉමක් පසු කරන ස්ථිර දින. එකෙත් මේකෙත් සමාන කමක් මට නම් පේන්නෙ නෑ.
    මටනම් මේ දින පේන්නෙ තැපෑල ස්ට්‍රයික් කරන කොට ඒකත්, බස් ස්ට්‍රයික් කරනකොට ඒකත්, ප්‍රීමා ස්ට්‍රයික් කරනකොට පාන්පිටිත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරන අතීසාරෙට අමුඩ ගහන වැඩ වගේ. ඒත් හාල් අත්‍යාවශ්‍ය සේවාවක්ද?
    (ඇත්තටම උත්තරේ මාත් දන්නෙ නෑ.)

    ReplyDelete
    Replies
    1. හුටා..... පෝස්ට් එකක්ම ලියවිලා. කමෙන්ට් බලන්න හෙට එන්නම්..... දැන්නම් නිදිමතා.....යි.

      Delete
    2. හෆ්ෆට සිලි. සීයකුත් කෙළලා නොවැ. බොක්කෙන්ම සුභ පැතුම්!!

      (මොකෝ දැන් අපේ එව්වට රිප්ලයි නැත්තේ... ග්ර්ර්ර්..)

      Delete
    3. ඔය තිසර කිව්වා වගේ අවුරුද්ද, වෙසක්, පොසොන් ඔක්කොම මුදලාලිලා අල්ලගෙනනේ ඉන්න අකම්... ඉතිං මේවා එහෙම නොවී තියෙයිද... අපිට ගන්න පුළුවන් වැඩක් ගන්න එක ඇරෙන්න... නැත්තම් බටහිරට බැන බැනම ඉමු... හි හි

      ඔවු නේ.. කියලා වැඩක් නෑ...

      Delete
  33. අපේ ගෙදරත් වචන පරිස්සමින් තමයි කතා කලේ. තවමත් කරන්නේ.
    මොන තරම් කරදර ආවත් තාත්තාවත් අම්මාවත් වචන වරද්ද ගත්තේ නැත.

    මම නම් විශ්ව විද්‍යාලෙ ගිහින් තමයි ඕන්නැති වචන පුරුදු උනේ.
    හි. හි.

    ReplyDelete
    Replies
    1. ‌ගොඩක් අය ඕවා ඉගෙන ගන්තේ වී වී එකෙදී තමයි නේද...

      Delete
  34. සෑහෙන්න වටිනවා හිරු අදහස. හුගක් අයට හිතුවත් ඕවා අමතක වෙනවා සැනින්. ඒකයි පුරස්නේ. ඔය කතාව නිසා මටත් එකක් මතක් උනා තැන්කුයි... සීයට ඇන්නයි.. සන්තෝසයි... හෙක්...

    ReplyDelete