මේ ග්‍රැෆික් ඩිසයිනිං හීනෙ මගේ පටං ගත්තේ අවුරුදු ගානකට කලින් ඉඳලා නිසා ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ Hiru Designs කියන නමට.... හැබැයි ඉතිං කසාද බැන්දට පස්සේ දෙන්නම එක්ක එකතු වෙලා කරන දෙයක් හින්දා, අපේ මහත්තයා ඒ නමට කැමති වෙයිද කියලා හිතේ පොඩි අවුලකුත් තිබ්බා...
කොහොම උනත් හිතුවට වැඩිය කාලයක් මේ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ උන නිසා ඇත්තටම මගේ ඩිසයිනිනං ස්කිල්ස් ගැන මටම විශ්වාසයක් නැතුව ඉන්න වෙලාවක, නොහිතපු විදියට මට කම්පියුටරයක් හම්බු උනා... ඒ මගේ පොඩි මස්සිනා තරිඳුගෙන්... ඩිසයිනිං වලට හීන මව මව ඉන්නවා කියලා දැනගෙනද මන්දා, එයා තියෙන හොඳම කම්පියුටරයක් හොයන්න ගිහින්, අරං ඇවිල්ලා තිබ්බේ iMac එකක්.. ඇපල් කම්පියුටරයක් අතපත ගාලාවත් නැති මට මේක නිධානයක් පහල උනා වගේ තමයි... මොකද මෙච්චරකල් පාවිච්චි කරපු හැම කමිපියුටරේකම තිබ්බ, ඩිසයිනර්ස්ලට හැමතිස්සෙම ලෙඩ වැටන, කලර් කැලිබ්රේෂන් ( Color Calibration ) එක්කම තියෙන මේ මැෂින් එක ඩිසයිනිං වලටම කියාපු එකක්...
කොහොම හරි හා හා පුරා කියලා ඕනේ කරන සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම කළේ පුරුදු වෙන්නත් එක්ක Hiru Designs LOGO එක හදපු එක....
ඔය පළවෙනියටම තියෙන එක තමයි මම මුලින්ම හදපු ලෝගෝ එක.. ඒක හදන්න මට විනාඩි 10ක් විතර ගියා මම හිතන්නේ... මගේ හිතේ තිබ්බ පාට වලින්, ඒ කිව්වේ Black & Orange ( Two color), පාවිච්චි කරලා මේක හැදුවේ....
මුල්ම ඩිසයින් එක...
අපේ මහත්තයාගේ අදහසක් තිබ්බා හිරු කියන නම නිසා මේකට අපි ඉරක් ( SUN) එකතු කරමු කියලා... ඒක නිසා මම මේ දෙවනි ලෝගෝ එක හැදුවා සාම්ප්‍රදායික, සරල ඉරක් එක්ක... මේක ඇත්තටම සරල ඩිසයින් එකක්... ඒකත් Two color logo එකක්..
තව ටිකක් එහෙට මෙහෙට කරකවන අතරේ අපේ මහත්තයත් ඇවිත් පොඩ්ඩක් මගේ ගාවින් වාඩි උනා... එයාගේ අදහස උනේ මේක Three colors වලින් කරමු කියලා... ඉතිං ඒ අනුව තමයි තුන් වෙනි එක පාට තුනකට ගියේ... අර මම කලින් දාපු ඉරටත් වඩා සරල ඉරක් දාන්න කියලා එයා අදහසක් දුන්නා, ඇත්තටම අපේ වැඩේ පුංචිම අඩියේ ඉඳලා පටං ගන්න යන නිසා... හරිම සරල, නිදහස්, නිර්මාණශීලී කියන අදහස් කීපයම එකතු කරලා මේ ඉර එකතු කරන අතරේ, හීන මවන නිර්මාණ කියන තේමාව යටතේ මේ ලෝගෝ එකට Designs from your dreams කියන එක එකතු කළා...
ඔන්න ඔහොමයි හිරු ඩිසයින්ස් ලෝගෝ එක අපි දෙන්නා හැදුවේ... අපි දෙන්නම එකතු වෙලා කරන වැඩේට කිසි අවුලක් නැතුව මගේ නම විතරක් දාන්න කිව්ව අපේ මහත්තයගේ ඒ අදහස් වලට ගෞරවයක් විදියට මම තුන්වෙනියට හදපු ලෝගෝ එක පාවිච්චි කරන්න තීරණය කළා... ඒකේ අදහස සම්පූර්ණයෙන්ම වගේ අපේ මහත්තයගේ... මම කළේ සොෆ්ට්වෙයාර් එකෙන් මේක හදන එක විතරයි...
හා හොදයි.. සරලයි... ලොගෝ ගහගෙන හිටියට වැඩ ගැන සයිට් එකෝ නැත.. සුභ අනාගතයක්...
ReplyDeleteයප්.. ඒකටත් පෝස්ට් එකක් මඟ එනවා... හි හි
Deleteකරන වැඩ ගැනත් දැම්මනම් හොඳයි නේද?
ReplyDeleteනිකන්ම මාකටින් පාරක් වැටෙනවනේ..........
දානවා දානවා.. ඉවසපන් කොල්ලෝ.... හි හි
Deleteෂා... ඕක තමයි මේ දවස් ටිකේම කලේ නේද?තමන්ගේ දෙයක් පටන් ගන්න තියනවා නම් කොයි තරම් හොදද? ඔන්න සුභ පැතුම්...
ReplyDeleteමේක පටන් අරන් ටිකක් කල් නදිනි.. තෑන්ක්ස්..
Deleteතවත් විස්තර දාන්න හිරූ,ඩිසයින් එක ලස්සනයි ජයවේවා
ReplyDeleteදාන්න ඕනේ තව විස්තර ටිකක් හැලපයියේ... තෑන්ක්ස්...
Deleteදැන් ඉතින් වැඩ පටන් ගනිමු අපේ සුබ පැතුම් ...
ReplyDeleteහි හි...
Deletecongratulations on your new venture ! Logo simple yet elegant !
ReplyDeleteThanks Weni uncle
Deleteඅර වැඩ කිඩ බලාගන්න කියන තැනට මාත් ගිහින් බැලුවා. එතැනට වැඩ කිඩ ටිකක් දැම්මොත් හොඳයි නේද...
ReplyDeleteඅන්තීමට හදලා තියෙන ඩිසයින් එක කැතයි කියනවා එහෙම නෙමේ..ඒත් මගෙ හිත වැඩියෙන්ම ගියේ පළවෙනි එකට. Simple & Amazing :)
සිරාවටම හිරු පලවෙනි එක නම් සෑහෙන්න professional
Deleteපෙනුමක් තියෙනවා.. ඔයාගේ අනික් සයිට් එකට තව දේවල්
add කරන්න .ඔතොකොට දකින අයට අවබෝදයක් ගන්න
පුළුවන් ..මිල ගණන් එහෙමත් දාන්න..
නැත්නම් මට මාසෙකට ලක්ෂ 30 විතර දෙන්නකෝ , මන්
discount එහෙකුත් දීල පබ්ලිසිටියක් දෙන්නම් ..හි හි
කොහොමත් හැමතිස්සෙම වගේ මුලින්ම හදන ඩිසයින් එක සාර්ථක වෙන ගතියක් මම දැකලා තියෙනවා ළිහිණි.. මේකත් එහෙම තමා.. ඒක මගේ හිතේ තිබ්බ ලෝගෝ එක ඒක.. ඒත් පස්සේ හිතුනා අරකේ ඊට වඩා තේරුමක් තියෙනවා කියලා...
Deleteඈ සහන්... ලක්ෂ 30ක්... ????? ඕකට බින්දු කීයක් විතර තියෙනවදැ... හි හි
හිරු මන් දැන් දැක්කේ මගේ බ්ලොග් රෝලේ
Deleteඔයාගේ ලෝගෝ එක අප්ඩේට් වෙනවා..පලවෙනි
එකට නැවත යන්න කියන යෝජනාව තමයි මට
කරන්න තියෙන්නේ....ඒ තරම් වැදගත් පෙනුමක්
තියෙන්නේ ඒ ලෝගෝ එකේ...
නියමයි බන් . . ලොගෝ එක හරිම සරලයි ඒ වගේම මොටෝ එකෙන් කියන දේ පැහැදිලි කිරීමකුත් කරනවා වගේ..
ReplyDeleteනියමයි මගේ උනුසුම් සුභ පැතුම් නගේ . . .
තෑන්ක්ස් දුකා අයියේ...
Deleteම්ම්.. තුන්වෙනි ලොගො එක ලස්සනයි. ඒත් මගෙ හිත ගියේ පළවෙනි ලොගො එකට. ඒකෙ අමුතුම ගතියක් තියෙනවා..
ReplyDeleteකරන වැඩ ගැනත් දාන්න. සුබ පැතුම් ඔයාට..
හි හි... තෑන්ක්ස් නගා..
Deleteදාන්නකො විස්තරේ.. අපිටත් ඕනෙ වෙන්න පුලුවංනෙ..
ReplyDeleteදාන්නම් සරත් අයියේ...
Deleteඅන්න බලන්න දැක්ක නේද මහත්තුරුන්ගේ තියන වටිනාකම.. :P
ReplyDeleteඅර ඩිසයින් සයිට් එකට ඊයෙ පෙරේදා දවසක මං හොම්බ (ගාමිණි අයියාගේ වචනයකි) දාල බැලුව. මොකුත් දාල තිබුනේ නෑනේ. දැන් නම් ඒකටත් පෝස්ට් එකක් වැටිලා තියන්නේ ඔය. ඩිසයින් එක ලස්සනයි... ජයවේවා..!
///අන්න බලන්න දැක්ක නේද මහත්තුරුන්ගේ තියන වටිනාකම.. :P//
Deleteපුහ්.. මේක පෙන්නන්න හොඳ නෑ... හි හි
ai ochchara adambara karana de kiyanna.mokak hari elakkayak thiyenawada.api dan ewasuwa athi hiru?
ReplyDeleteඈ.. කවුද බොල ආඩම්බර... හි හි... මං ඉතිං මේ ඩිසයිනින් නේ බං කරන්නේ.. ආයිත් ඕකේ මොනාද අමුතුවෙන් ආඩම්බර වෙන්න තියෙන්නේ.... හි හි
Deleteවැඩේ සාර්ථක වේවා.උණුසුම් සුබ පැතුම් හිරු අක්කේ....)))))
ReplyDeleteතෑන්ක් නඟා...
Deleteඩිසයින් පිස්සුව නම් මටත් තියෙනවා හෙනටම..නෙට් එකෙන් අලුත් පැටන් හොයන් එව්වා උඩ ඇද ඇද පුරුදු වෙනවා.. මටත් හිතගියේ පළවෙනි එකට තමයි.ඒ උනත් ලෝගෝ එකකින් අපේ අරමුණු ඉදිරි ඉලක්ක වගේ දේවල් පෙන්වන නිසා මං හිතනවා තුන් වෙනි එක ගැලපෙනවා කියලා..යුනිලීවර් ලෝගෝ එක හදපු ඉන්දියන් මනුස්සයට කෝටි ගානක් ලැබුනලු. ඒ යූ අකුර ඇතුලේ තියෙන හැම කෑල්ලකටම ඒ පුද්ගලයා ඒ ආයතනයට අදාල වෙන විදියට අර්ථයක් දුන්නලු...
ReplyDeleteඅක්කගේ ව්‍යාපාරයට බට්ටි හදවතින්ම සුභ පතනවා...
මාත් ඕලෙවල් කාලේ ඉඳලාම කලේ එක එක ඒවා උඩ අඳින එක.. අත හුරු කරගන්න... පස්සේ තමයි ඩිසයින් පටන් ගත්තේ... හි හි... ඇත්ත නඟා.. ලෝගෝ එකක් කියන්නේ සංකේතයක්.. ඒකේ ලස්සනත් එක්කම දෙන අර්ථයත් වැදගත්...
Deleteතමුන්නාන්සේලා දෙන්නටම මම කොන්ත්‍රාත් එකක් දුන්නා. එක්කෙනක් නම් බෑ කිව්වා. අනිත් එක්කෙනාට මොකද වුනේ ?
Deleteඇත්තටම ඒ අවසාන ඩිසයින් එක හරිම ලස්සනයි.
ReplyDeleteතෑන්ක්ස් අයිලාෂ්...
Deleteමටත් එකක් හදලා ඕනා...ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ....
ReplyDeleteහි හි... ඇදිල්ලේ දිග... හි හි... ඔච්චර අදින්න දෙයක් තියනවයි... මට මේල් එකක් දැම්මනං ඉවරනේ... ishk1984@gmail.com එකට... හි හි
Deleteසල්ලිත් ගන්නවද ? සමහරු නම් බර ගනන් ඉල්ලනවා.. අනී මට සල්ලි නෑනේ.... ණයට එකක් දෙන්නකෝ....
Deleteඋඹ දැන් මේල් එකක් එව්වද...????
Delete(හි හි.... )
මොකක්ද අක්කා සොෆ්ට්වෙයා එක?.සරලයි වගේම ලස්සනයි ඔයා හදලා තියෙන ඒවා.මටත් ආසයි ඕවා කරන්න.මම දැන් පොටෝෂොප් ටික ටික අල්ලාගෙන තියෙන්නේ.
ReplyDeleteඕක නම් ඉලස්ට්‍රේටර් මලයා... ආසාව තියෙනවානං කරන්න බැරි දෙයක් නෑ.. උදවුවක් ඕනේ නම් මට මේල් එකක් දාන්න.. පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්...
Deleteහම්මියෝ උදව් නම් එපා අන්තිමට සල්ලි ඉල්ලයි :P
Deleteඅනේ පල යන්න.. හි හි
Deleteමටත් පොඩි ග්‍රැෆික් උනක් නම් තියෙනව. කොරල් ඩ්‍රෝවල නම් මට සාමාන්‍යයෙන් ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉලස්ට්‍රේටර් නම් මමත් තවම ටිකක් පුරුදු වෙනව. ග්‍රැෆික්වලට කොරල්වලට වඩා ඉලස්ට්‍රේටර් තමා හොඳම කියල මට හිතෙන්නෙ.
ReplyDeleteහුඟක් වෙලාවට මම දැකල තියෙන්නෙ සරල උනු තරමට ලෝගෝ එකක් වැඩිය ලස්සනයි කියල. හිරූ ඔය ටූ කලර්, ත්‍රී කලර් කරල තියෙන ඒව වන් කලර් උනා නම් ඊට හොඳයි කියල මට හිතෙනව. මොකද කළු පාට ගත්තොත් කළුත් එක්ක අළු පාටවල්, කළු 10 % - 90 % වෙනකම් පරාසයක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටූ කලර්වලින් පස්සෙ කෙලින්ම ෆෝ කලර්වලට යනව නම් තමා හොඳ. එතකොට හැඩතලවලින් එහාට ගිහින් කලර්වලින් ආර්ට්වර්ක් එකක් කරන්න පුළුවන්. මේක මට හිතුනු දේ විතරයි ඔන්න.
ඔයාගෙ වැඩ ටිකකුත් දාන්ටකෝ බලන්න.
කොරල් තමයි මගෙත් ආසම සොෆ්ට්වෙයා එක.. ඒත් දැන් නං ඉලස්ට්‍රේටර් වල තමයි වැඩ කරන්නේ.. ඉලස්ට්‍රේටර් ඇඩ්වාන්ස් උනාට සිම්පල් වැඩ වලට කොරල් තරම් එකක් නෑ අප්පා...
Deleteලෝගෝ එකක් වන් කලර් වෙන එකේ අවාසිය තමයි සුදා ඒක කාගේ හරි ඔලුව ඇතුලේ රෙජිස්ටර් වෙනවා අඩු එක... දැන් කලු පාටින් ගැහුවම කාඩ් එකක් උනත් කලු පාට ලෝගෝ මහ ගොඩක් තියෙන නිසා ඒක මතක හිටිනවා අඩුයි... එහෙම කරනවා නම් වෙන ඇහැට හොඳට පේන පාටක් අල්ලන්න ඕනේ.. Red, blue, Green වගේ කලර්ස් හරියට ලෝගෝස් වල තියෙනවා... ඒක නිසත් එකපාරටම මතකෙට එන්නේ නෑ.. හැබැයි තව ඕනේ තරම් පාට තියෙනවානේ.. හි හි... නිකම් හිතන්න.. ඩයලොග් රතු පාටයි.. හච් තැඹිලි පාටයි, එටිසෙලාට් කොළ පාටයි, මොබිටෙල් කොළ නිල්, සන්ටෙල්, ලංකාබෙල් නිල්, එයාලා පාට තෝරගන්නේ ඇහැට වදින්න. මොකද හැම තැනම එයාලගේ ලෝගෝ එක ප්‍රදර්ශනය කරන්න කරන්න ප්ලෑන් කරන නිසා ඒ වගේ සිම්පල් ඒවා තෝරනවා.. ඒත් පොඩි බිස්නස් එකක එහෙම හැම තැනම ලෝගෝ එක ප්‍රදර්ශනය කරන්නේ නෑ නේ.. එහෙම උනාම ඒවා අදාළ කෙනෙක් දැක්ක ගමන් හිත යන විදියට තියෙන්න ඕනේ... විසිටින් කාඩ් එකක් දැක්කගමන්, නැත්තම් කොටේෂන් එකක් යවන ලෙටර් හෙඩ් එකක් එහෙම අතට ගත්ත ගමන් ඔලුවට වදින්න නම් ලෝගෝ එකේ පෙනුම මාර වැදගත්... අඩේ මේ අර කම්පැණිය නේ කියලා ඊලඟ පාරත් මතක් වෙන්න.. හි හි..
ඔව්.. ඔයා කියන එක හරි.. මේක 3 කලර් වලට යනවට වඩා 4 කලර් වලට යන එක හොඳයි.. ලාබයි.. ඒක ප්‍රින්ටිං වලදි වාසියි... මේක මේ විදියට දැම්මේ කලර්ස් ඇහැට වදින්න ලේසි වෙන්න..
අන්තිම ලෝගෝ එක ලස්සනයි ^_^
ReplyDeleteදැන් හිරු තවමත් ඇත්තටම ග්‍රැෆික් ඩිසයින්ස් කරනවද?
ReplyDeleteමම හිතුවේ අතෑරලා දාලා කියලා.
ජය වේවා.
හිමීට කරනවා ඩූඩ් අයියේ... හි හි.. වැඩිපුර කරන්නේ ටයිප් සෙටින් තමයි....
Deleteලස්සනයි අක්කේ. ඔයාගේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා!!
ReplyDeleteතෑන්ක්ස් නඟා...
Deleteජය වේවා !!
ReplyDeleteහි හි...
Deleteතමන් හිසට තම අතමය සෙවනැල්ල..
ReplyDeleteඅනිවා.. හි හි
Deleteමටත් පලවෙනි එක තමා හිතට වැදුනෙ. නිර්මාණශීලී ගතියක් තියේ.
ReplyDeleteමටත් එකක් හදල දෙන්න බැරිද..??
හදලා දෙන්නම් වී.. විස්තර ටික දාලා මට මේල් එකක් දාන්නකෝ... ishk1984@gmail.com
Deleteඑවන්නම්.
Deleteකියන්න දෙයක් නෑ නියමයි. ඩිසයිනින් වලින් ඉහලටම යන්න ලැබේවා..
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ...
Deleteඑල එල නියමයි....
ReplyDeleteලකියාගෙන් සුභ පැතුම් බොක්කෙන්ම . මට නම් ලෝගෝ 3ම ලස්සනයි . මොකද මට ග්‍රැපික ඩිසයින් බෑනේ :P
ReplyDeleteහි හි..... ලකියව ගොඩ දවසකින් දැක්කේ....
Deleteබ්ලොග් එකටත් ලෝගෝ එකක් ගැහුව නං තමා හොඳ. මම කිව්වෙ උඩ තියෙන හෙඩිමට පැත්තකින් වගේ හිටින්ඩ
ReplyDeleteහෙඩිම ලෝගෝ එක වගේ නැද්ද... බලමු බලමු.. මටත් එහෙම අදහසක් ඇවිල්ලා තියෙන්නේ... හි හි
Deleteඑහෙනම් ලෝගෝ එකේ කතාව එහෙමයි.. ඩිසයිනින්ග් ගැනත් පස්සේ වෙලාවක හෙමීට කිවුවනම් තමයි හොද.. අපි කැමති දැන ගන්න..
ReplyDeleteඔය හවුලේ වැඩ කරන එක ගැනනම් කියන්න පුළුවන් දේවල් ඕනි තරම් මටත් තියේ..
හි හි... කියන්නම් කියන්නම්....
Deleteඇයි දෙයියෝ මෙච්චර මහන්සි වුනේ. අර හිරු චැනල් එකේ ලෝගෝව ඉස්සුව නම් ඉවර නේ
ReplyDeleteචික්.. එතනත් කොපි කිරීමේ ජරා හිත... හි හි....
DeleteGedarata wela uyala kala bila paluwe innawata wada thamangema kiyala deyak karagena inna eka kochchara sathutakda neda? Digatama sarthakawa karagena yanna magenuth suba pathum.
ReplyDeleteHiru paramidam kotas tika okkama balanawa hode. Coment karannaththe parakku wela awa nisai.
තාම බොහොම හිමින් යන්නේ වැඩේ.. පරණ කන්ටැක්ට් ඔක්කොම වගේ නැති වෙලා දැන්.. ඒත් පාලුව යන්නත් එක්කම තමයි මේ වැඩේ කරන්නේ.... හි හි....
Deleteමටනම් හොඳ තුන් වෙනි එක. ඉස්සරහට සුපිරි ඩිසයින් කරන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරන්නව ඈ. මගෙත් එකම අභිප්‍රාය Graphic Journalist කෙනෙක් වෙන එක..මොකද කියනවනම් මට පොඩි කාලේ ඉඳන්ම සහලෝලා ග්‍රැෆික් උණ.
ReplyDeleteමට ඕලෙවල් කරන කාලේ තමයි මේ ලෙඩේ හැදුනේ.. අවුරදු ගානක් වැඩ කළානේ.. හි හි.. දැං ගෙදරට වෙලා නිදහසේ මේ වැඩේ කරන්න තමයි අයිඩියා එක... අභිප්‍රාය හොඳයි.. එළෝගෙන යන්න... හි හි
Deleteමට පෙනෙන විදියද මන්දා. පලවෙනි එකේ වැඩියෙන්ම ඉස්මතු වෙන්නේ එතන තියෙන ෆොන්ට් එක. ඒ වගේමයි අර එක තැනක් ෆේඩ් කරලා තියෙන එක කෙනෙකුට ප්රින්ටින්ග් වැරදුන එකක් කියලා හිතෙන්න පුළුවන්. තුන්වෙනි එකේ නිර්මාණශීලී ගතියක් වගේම දැකල පුරුදු ගතියකුත් තියෙනවා.
ReplyDeleteඅයියට ඔය ගානට තේරිලා තියෙන්නේ... හි හි...
Deleteඋඹ දස්සි නෙව කොහොමත්.අපිටත් බැරියෑ මොනවා හරි තිබුනොත් හිරුවට බාර දෙන්න.
ReplyDeleteඅන්න හොද වැඩක්... හි හි
Deleteලෝගෝ එකේ කතාව....
ReplyDeleteසහයෝගෙන් දිගටම වැඩ කරගෙන ජීවිතය ජය ගැන්මට ලැබේවා.
තැන්ක්යු... හි හි
Deleteසුභ පැතුම්.
ReplyDeleteතැන්ක්ස් අනේ.. හි හි
Deleteපළවෙනි ලෝගෝ එකට තමයි මමත් කැමති. ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.
ReplyDeleteඑල එල හැබැයි මේ මැක් කියන්නේ ලෙඩක් අප්පා. අපිට
ReplyDeleteතුනම හොඳයි එත් පලවෙනි එක මගේ තේරීම.
ReplyDeleteතුන්වැනි ලෝගෝ එකේ හිරු කියන එකට වඩා ඩිසයින් කියන අකුරු ලොකු නිසා එතනට වැඩි අවධානයක් යනවා වගේ කියලයි මට හිතෙන්නේ. කමක් නෑ හිරු ඔබේ කැමැත්තක්
ලස්සනයි ඩිසයින් ටික. පළවෙනි එකයි, අන්තීම එකයි තමා මට හිතට ඇල්ලුවේ.
ReplyDeleteමේක මම ආසම field එකක්.