Thursday, March 14, 2013

හිරු ලෝගෝ එකේ කතාව....


මේ ග්‍රැෆික් ඩිසයිනිං හීනෙ මගේ පටං ගත්තේ අවුරුදු ගානකට කලින් ඉඳලා නිසා ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ Hiru Designs කියන නමට.... හැබැයි ඉතිං කසාද බැන්දට පස්සේ දෙන්නම එක්ක එකතු වෙලා කරන දෙයක් හින්දා, අපේ මහත්තයා ඒ නමට කැමති වෙයිද කියලා හිතේ පොඩි අවුලකුත් තිබ්බා... 

කොහොම උනත් හිතුවට වැඩිය කාලයක් මේ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ උන නිසා ඇත්තටම මගේ ඩිසයිනිනං ස්කිල්ස් ගැන මටම විශ්වාසයක් නැතුව ඉන්න වෙලාවක, නොහිතපු විදියට මට කම්පියුටරයක් හම්බු උනා... ඒ මගේ පොඩි මස්සිනා තරිඳුගෙන්... ඩිසයිනිං වලට හීන මව මව ඉන්නවා කියලා දැනගෙනද මන්දා, එයා තියෙන හොඳම කම්පියුටරයක් හොයන්න ගිහින්, අරං ඇවිල්ලා තිබ්බේ iMac එකක්.. ඇපල් කම්පියුටරයක් අතපත ගාලාවත් නැති මට මේක නිධානයක් පහල උනා වගේ තමයි... මොකද මෙච්චරකල් පාවිච්චි කරපු හැම කමිපියුටරේකම තිබ්බ, ඩිසයිනර්ස්ලට හැමතිස්සෙම ලෙඩ වැටන, කලර් කැලිබ්රේෂන් ( Color Calibration ) එක්කම තියෙන මේ මැෂින් එක ඩිසයිනිං වලටම කියාපු එකක්... 

කොහොම හරි හා හා පුරා කියලා ඕනේ කරන සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම කළේ පුරුදු වෙන්නත් එක්ක Hiru Designs LOGO එක හදපු එක.... 

ඔය පළවෙනියටම තියෙන එක තමයි මම මුලින්ම හදපු ලෝගෝ එක.. ඒක හදන්න මට විනාඩි 10ක් විතර ගියා මම හිතන්නේ... මගේ හිතේ තිබ්බ පාට වලින්, ඒ කිව්වේ Black & Orange ( Two color), පාවිච්චි කරලා මේක හැදුවේ.... 



මුල්ම ඩිසයින් එක... 


අපේ මහත්තයාගේ අදහසක් තිබ්බා හිරු කියන නම නිසා මේක‌ට අපි ඉරක් ( SUN) එකතු කරමු කියලා... ඒක නිසා මම මේ දෙවනි ලෝගෝ එක හැදුවා සාම්ප්‍රදායික, සරල ඉරක් එක්ක... මේක ඇත්තටම සරල ඩිසයින් එකක්... ඒකත් Two color logo එකක්.. 





තව ටිකක් එහෙට මෙහෙට කරකවන අතරේ අපේ මහත්තයත් ඇවිත් පොඩ්ඩක් මගේ ගාවින් වාඩි උනා...   එයාගේ අදහස උනේ මේක Three colors වලින් කරමු කියලා... ඉතිං ඒ අනුව තමයි තුන් වෙනි එක පාට තුනකට ගියේ... අර මම කලින් දාපු ඉරටත් වඩා සරල ඉරක් දාන්න කියලා එයා අදහසක් දුන්නා, ඇත්තටම අපේ වැඩේ පුංචිම අඩියේ ඉඳලා පටං ගන්න යන නිසා... හරිම සරල, නිදහස්, නිර්මාණශීලී කියන අදහස් කීපයම එකතු කරලා මේ ඉර එකතු කරන අතරේ, හීන මවන නිර්මාණ කියන තේමාව යටතේ මේ ලෝගෝ එකට Designs from your dreams කියන එක එකතු කළා...  







ඔන්න ඔහොමයි හිරු ඩිසයින්ස් ලෝගෝ එක අපි දෙන්නා හැදුවේ... අපි දෙන්නම එකතු වෙලා කරන වැඩේට කිසි අවුලක් නැතුව මගේ නම විතරක් දාන්න කිව්ව අපේ මහත්තයගේ ඒ අදහස් වල‌ට ගෞරවයක් විදියට මම තුන්වෙනියට හදපු ලෝගෝ එක පාවිච්චි කරන්න තීරණය කළා... ඒකේ අදහස සම්පූර්ණයෙන්ම වගේ අපේ මහත්තයගේ... මම කළේ සොෆ්ට්වෙයාර් එකෙන් මේක හදන එක විතරයි... 

82 comments:

  1. හා හොදයි.. සරලයි... ලොගෝ ගහගෙන හිටියට වැඩ ගැන සයිට් එකෝ නැත.. සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. යප්.. ඒකටත් පෝස්ට් එකක් මඟ එනවා... හි හි

      Delete
  2. කරන වැඩ ගැනත් දැම්මනම් හොඳයි නේද?
    නිකන්ම මාකටින් පාරක් වැටෙනවනේ..........

    ReplyDelete
    Replies
    1. දානවා දානවා.. ඉවසපන් කොල්ලෝ.... හි හි

      Delete
  3. ෂා... ඕක තමයි මේ දවස් ටිකේම කලේ නේද?තමන්ගේ දෙයක් පටන් ගන්න තියනවා නම් කොයි තරම් හොදද? ඔන්න සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. මේක පටන් අරන් ටිකක් කල් නදිනි.. තෑන්ක්ස්..

      Delete
  4. තවත් විස්තර දාන්න හිරූ,ඩිසයින් එක ලස්සනයි ජයවේවා

    ReplyDelete
    Replies
    1. දාන්න ඕනේ තව විස්තර ටිකක් හැලපයියේ... තෑන්ක්ස්...

      Delete
  5. දැන් ඉතින් වැඩ පටන් ගනිමු අපේ සුබ පැතුම් ...

    ReplyDelete
  6. congratulations on your new venture ! Logo simple yet elegant !

    ReplyDelete
  7. අර වැඩ කිඩ බලාගන්න කියන තැනට මාත් ගිහින් බැලුවා. එතැනට වැඩ කිඩ ටිකක් දැම්මොත් හොඳයි නේද...

    අන්තීමට හදලා තියෙන ඩිසයින් එක කැතයි කියනවා එහෙම නෙමේ..ඒත් මගෙ හිත වැඩියෙන්ම ගියේ පළවෙනි එකට. Simple & Amazing :)

    ReplyDelete
    Replies
    1. සිරාවටම හිරු පලවෙනි එක නම් සෑහෙන්න professional
      පෙනුමක් තියෙනවා.. ඔයාගේ අනික් සයිට් එකට තව දේවල්
      add කරන්න .ඔතොකොට දකින අයට අවබෝදයක් ගන්න
      පුළුවන් ..මිල ගණන් එහෙමත් දාන්න..

      නැත්නම් මට මාසෙකට ලක්ෂ 30 විතර දෙන්නකෝ , මන්
      discount එහෙකුත් දීල පබ්ලිසිටියක් දෙන්නම් ..හි හි

      Delete
    2. කොහොමත් හැමතිස්සෙම වගේ මුලින්ම හදන ඩිසයින් එක සාර්ථක වෙන ගතියක් මම දැකලා තියෙනවා ළිහිණි.. මේකත් එහෙම තමා.. ඒක මගේ හිතේ තිබ්බ ලෝගෝ එක ඒක.. ඒත් පස්සේ හිතුනා අරකේ ඊට වඩා තේරුමක් තියෙනවා කියලා...

      ඈ සහන්... ලක්ෂ 30ක්... ????? ඕකට බින්දු කීයක් විතර තියෙනවදැ... හි හි

      Delete
    3. හිරු මන් දැන් දැක්කේ මගේ බ්ලොග් රෝලේ
      ඔයාගේ ලෝගෝ එක අප්ඩේට් වෙනවා..පලවෙනි
      එකට නැවත යන්න කියන යෝජනාව තමයි මට
      කරන්න තියෙන්නේ....ඒ තරම් වැදගත් පෙනුමක්
      තියෙන්නේ ඒ ලෝගෝ එකේ...

      Delete
  8. නියමයි බන් . . ලොගෝ එක හරිම සරලයි ඒ වගේම මොටෝ එකෙන් කියන දේ පැහැදිලි කිරීමකුත් කරනවා වගේ..

    නියමයි මගේ උනුසුම් සුභ පැතුම් නගේ . . .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දුකා අයියේ...

      Delete
  9. ම්ම්.. තුන්වෙනි ලොගො එක ලස්සනයි. ඒත් මගෙ හිත ගියේ පළවෙනි ලොගො එකට. ඒකෙ අමුතුම ගතියක් තියෙනවා..

    කරන වැඩ ගැනත් දාන්න. සුබ පැතුම් ඔයාට..

    ReplyDelete
    Replies
    1. හි හි... තෑන්ක්ස් නගා..

      Delete
  10. දාන්නකො විස්තරේ.. අපිටත් ඕනෙ වෙන්න පුලුවංනෙ..

    ReplyDelete
    Replies
    1. දාන්නම් සරත් අයියේ...

      Delete
  11. අන්න බලන්න දැක්ක නේද මහත්තුරුන්ගේ තියන වටිනාකම.. :P

    අර ඩිසයින් සයිට් එකට ඊයෙ පෙරේදා දවසක මං හොම්බ (ගාමිණි අයියාගේ වචනයකි) දාල බැලුව. මොකුත් දාල තිබුනේ නෑනේ. දැන් නම් ඒකටත් පෝස්ට් එකක් වැටිලා තියන්නේ ඔය. ඩිසයින් එක ලස්සනයි... ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ///අන්න බලන්න දැක්ක නේද මහත්තුරුන්ගේ තියන වටිනාකම.. :P//

      පුහ්.. මේක පෙන්නන්න හොඳ නෑ... හි හි


      Delete
  12. ai ochchara adambara karana de kiyanna.mokak hari elakkayak thiyenawada.api dan ewasuwa athi hiru?

    ReplyDelete
    Replies
    1. ඈ.. කවුද බොල ආඩම්බර... හි හි... මං ඉතිං මේ ඩිසයිනින් නේ බං කරන්නේ.. ආයිත් ඕකේ මොනාද අමුතුවෙන් ආඩම්බර වෙන්න තියෙන්නේ.... හි හි

      Delete
  13. වැඩේ සාර්ථක වේවා.උණුසුම් සුබ පැතුම් හිරු අක්කේ....)))))

    ReplyDelete
  14. ඩිසයින් පිස්සුව නම් මටත් තියෙනවා හෙනටම..‍නෙට් එකෙන් අලුත් පැටන් හොයන් එව්වා උඩ ඇද ඇද පුරුදු වෙනවා.. මටත් හිතගියේ පළවෙනි එකට තමයි.ඒ උනත් ලෝගෝ එකකින් අපේ අරමුණු ඉදිරි ඉලක්ක වගේ දේවල් පෙන්වන නිසා මං හිතනවා තුන් වෙනි එක ගැලපෙනවා කියලා..යුනිලීවර් ලෝගෝ එක හදපු ඉන්දියන් මනුස්සයට කෝටි ගානක් ලැබුනලු. ඒ යූ අකුර ඇතුලේ තියෙන හැම කෑල්ලකටම ඒ පුද්ගලයා ඒ ආයතනයට අදාල වෙන විදියට අර්ථයක් දුන්නලු...

    අක්කගේ ව්‍යාපාරයට බට්ටි හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. මාත් ඕලෙවල් කාලේ ඉඳලාම කලේ එක එක ඒවා උඩ අඳින එක.. අත හුරු කරගන්න... පස්සේ තමයි ඩිසයින් පටන් ගත්තේ... හි හි... ඇත්ත නඟා.. ලෝගෝ එකක් කියන්නේ සංකේතයක්.. ඒකේ ලස්සනත් එක්කම දෙන අර්ථයත් වැදගත්...

      Delete
    2. තමුන්නාන්සේලා දෙන්නටම මම කොන්ත්‍රාත් එකක් දුන්නා. එක්කෙනක් නම් බෑ කිව්වා. අනිත් එක්කෙනාට මොකද වුනේ ?

      Delete
  15. ඇත්තටම ඒ අවසාන ඩිසයින් එක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයිලාෂ්...

      Delete
  16. මටත් එකක් හදලා ඕනා...ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ....

    ReplyDelete
    Replies
    1. හි හි... ඇදිල්ලේ දිග... හි හි... ඔච්චර අදින්න දෙයක් තියනවයි... මට මේල් එකක් දැම්මනං ඉවරනේ... ishk1984@gmail.com එකට... හි හි

      Delete
    2. සල්ලිත් ගන්නවද ? සමහරු නම් බර ගනන් ඉල්ලනවා.. අනී මට සල්ලි නෑනේ.... ණයට එකක් දෙන්නකෝ....

      Delete
    3. උඹ දැන් මේල් එකක් එව්වද...????


      (හි හි.... )

      Delete
  17. මොකක්ද අක්කා සොෆ්ට්වෙයා එක?.සරලයි වගේම ලස්සනයි ඔයා හදලා තියෙන ඒවා.මටත් ආසයි ඕවා කරන්න.මම දැන් පොටෝෂොප් ටික ටික අල්ලාගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕක නම් ඉලස්ට්‍රේටර් මලයා... ආසාව තියෙනවානං කරන්න බැරි දෙයක් නෑ.. උදවුවක් ඕනේ නම් මට මේල් එකක් දාන්න.. පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්...

      Delete
    2. හම්මියෝ උදව් නම් එපා අන්තිමට සල්ලි ඉල්ලයි :P

      Delete
    3. අනේ පල යන්න.. හි හි

      Delete
  18. මටත් පොඩි ග්‍රැෆික් උනක් නම් තියෙනව. කොරල් ඩ්‍රෝවල නම් මට සාමාන්‍යයෙන් ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉලස්ට්‍රේටර් නම් මමත් තවම ටිකක් පුරුදු වෙනව. ග්‍රැෆික්වලට කොරල්වලට වඩා ඉලස්ට්‍රේටර් තමා හොඳම කියල මට හිතෙන්නෙ.

    හුඟක් වෙලාවට මම දැකල තියෙන්නෙ සරල උනු තරමට ලෝගෝ එකක් වැඩිය ලස්සනයි කියල. හිරූ ඔය ටූ කලර්, ත්‍රී කලර් කරල තියෙන ඒව වන් කලර් උනා නම් ඊට හොඳයි කියල මට හිතෙනව. මොකද කළු පාට ගත්තොත් කළුත් එක්ක අළු පාටවල්, කළු 10 % - 90 % වෙනකම් පරාසයක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටූ කලර්වලින් පස්සෙ කෙලින්ම ෆෝ කලර්වලට යනව නම් තමා හොඳ. එතකොට හැඩතලවලින් එහාට ගිහින් කලර්වලින් ආර්ට්වර්ක් එකක් කරන්න පුළුවන්. මේක මට හිතුනු දේ විතරයි ඔන්න.

    ඔයාගෙ වැඩ ටිකකුත් දාන්ටකෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. කොරල් තමයි මගෙත් ආසම සොෆ්ට්වෙයා එක.. ඒත් දැන් නං ඉලස්ට්‍රේටර් වල තමයි වැඩ කරන්නේ.. ඉලස්ට්‍රේටර් ඇඩ්වාන්ස් උනාට සිම්පල් වැඩ වලට කොරල් තරම් එකක් නෑ අප්පා...

      ලෝගෝ එකක් වන් කලර් වෙන එකේ අවාසිය තමයි සුදා ඒක කාගේ හරි ඔලුව ඇතුලේ රෙජිස්ටර් වෙනවා අඩු එක... දැන් කලු පාටින් ගැහුවම කාඩ් එකක් උනත් කලු පාට ලෝගෝ මහ ගොඩක් තියෙන නිසා ඒක මතක හිටිනවා අඩුයි... එහෙම කරනවා නම් වෙන ඇහැට හොඳට පේන පාටක් අල්ලන්න ඕනේ.. Red, blue, Green වගේ කලර්ස් හරියට ලෝගෝස් වල තියෙනවා... ඒක නිසත් එකපාරටම මතකෙට එන්නේ නෑ.. හැබැයි තව ඕනේ තරම් පාට තියෙනවානේ.. හි හි... නිකම් හිතන්න.. ඩයලොග් රතු පාටයි.. හච් තැඹිලි පාටයි, එටිසෙලාට් කොළ පාටයි, මොබිටෙල් කොළ නිල්, සන්ටෙල්, ලංකාබෙල් නිල්, එයාලා පාට තෝරගන්නේ ඇහැට වදින්න. මොකද හැම තැනම එයාලගේ ලෝගෝ එක ප්‍රදර්ශනය කරන්න කරන්න ප්ලෑන් කරන නිසා ඒ වගේ සිම්පල් ඒවා තෝරනවා.. ඒත් පොඩි බිස්නස් එකක එහෙම හැම තැනම ලෝගෝ එක ප්‍රදර්ශනය කරන්නේ නෑ නේ.. එහෙම උනාම ඒවා අදාළ කෙනෙක් දැක්ක ගමන් හිත යන විදියට තියෙන්න ඕනේ... විසිටින් කාඩ් එකක් දැක්කගමන්, නැත්තම් කොටේෂන් එකක් යවන ලෙටර් හෙඩ් එකක් එහෙම අතට ගත්ත ගමන් ඔලුවට වදින්න නම් ලෝගෝ එකේ පෙනුම මාර වැදගත්... අඩේ මේ අර කම්පැණිය නේ කියලා ඊලඟ පාරත් මතක් වෙන්න.. හි හි..

      ඔව්.. ඔයා කියන එක හරි.. මේක 3 කලර් වලට යනවට වඩා 4 කලර් වලට යන එක හොඳයි.. ලාබයි.. ඒක ප්‍රින්ටිං වලදි වාසියි... මේක මේ විදියට දැම්මේ කලර්ස් ඇහැට වදින්න ලේසි වෙන්න..

      Delete
  19. අන්තිම ලෝගෝ එක ලස්සනයි ^_^

    ReplyDelete
  20. දැන් හිරු තවමත් ඇත්තටම ග්‍රැ‍ෆික් ඩිසයින්ස් කරනවද?
    මම හිතුවේ අතෑරලා දාලා කියලා.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. හිමීට කරනවා ඩූඩ් අයියේ... හි හි.. වැඩිපුර කරන්නේ ටයිප් සෙටින් තමයි....

      Delete
  21. ලස්සනයි අක්කේ. ඔයාගේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා!!

    ReplyDelete
  22. තමන් හිසට තම අතමය සෙවනැල්ල..

    ReplyDelete
  23. මටත් පලවෙනි එක තමා හිතට වැදුනෙ. නිර්මාණශීලී ගතියක් තියේ.

    මටත් එකක් හදල දෙන්න බැරිද..??

    ReplyDelete
    Replies
    1. හදලා දෙන්නම් වී.. විස්තර ටික දාලා මට මේල් එකක් දාන්නකෝ... ishk1984@gmail.com

      Delete
  24. කියන්න දෙයක් නෑ නියමයි. ඩිසයිනින් වලින් ඉහලටම යන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ...

      Delete
  25. ලකියාගෙන් සුභ පැතුම් බොක්කෙන්ම . මට නම් ලෝගෝ 3ම ලස්සනයි . මොකද මට ග්‍රැපික ඩිසයින් බෑනේ :P

    ReplyDelete
    Replies
    1. හි හි..... ලකියව ගොඩ දවසකින් දැක්කේ....

      Delete
  26. බ්ලොග් එකටත් ලෝගෝ එකක් ගැහුව නං තමා හොඳ. මම කිව්වෙ උඩ තියෙන හෙඩිමට පැත්තකින් වගේ හිටින්ඩ

    ReplyDelete
    Replies
    1. හෙඩිම ලෝගෝ එක වගේ නැද්ද... බලමු බලමු.. මටත් එහෙම අදහසක් ඇවිල්ලා තියෙන්නේ... හි හි

      Delete
  27. එහෙනම් ලෝගෝ එකේ කතාව එහෙමයි.. ඩිසයිනින්ග් ගැනත් පස්සේ වෙලාවක හෙමීට කිවුවනම් තමයි හොද.. අපි කැමති දැන ගන්න..

    ඔය හවුලේ වැඩ කරන එක ගැනනම් කියන්න පුළුවන් දේවල් ඕනි තරම් මටත් තියේ..

    ReplyDelete
    Replies
    1. හි හි... කියන්නම් කියන්නම්....

      Delete
  28. ඇයි දෙයියෝ මෙච්චර මහන්සි වුනේ. අර හිරු චැනල් එකේ ලෝගෝව ඉස්සුව නම් ඉවර නේ

    ReplyDelete
    Replies
    1. චික්.. එතනත් කොපි කිරීමේ ජරා හිත... හි හි....

      Delete
  29. Gedarata wela uyala kala bila paluwe innawata wada thamangema kiyala deyak karagena inna eka kochchara sathutakda neda? Digatama sarthakawa karagena yanna magenuth suba pathum.

    Hiru paramidam kotas tika okkama balanawa hode. Coment karannaththe parakku wela awa nisai.

    ReplyDelete
    Replies
    1. තාම බොහොම හිමින් යන්නේ වැඩේ.. පරණ කන්ටැක්ට් ඔක්කොම වගේ නැති වෙලා දැන්.. ඒත් පාලුව යන්නත් එක්කම තමයි මේ වැඩේ කරන්නේ.... හි හි....

      Delete
  30. මටනම් හොඳ තුන් වෙනි එක. ඉස්සරහට සුපිරි ඩිසයින් කරන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රර්ථනා කරන්නව ඈ. මගෙත් එකම අභිප්‍රාය Graphic Journalist කෙනෙක් වෙන එක..මොකද කියනවනම් මට පොඩි කාලේ ඉඳන්ම සහලෝලා ග්‍රැෆික් උණ.

    ReplyDelete
    Replies
    1. මට ඕලෙවල් කරන කාලේ තමයි මේ ලෙඩේ හැදුනේ.. අවුරදු ගානක් වැඩ කළානේ.. හි හි.. දැං ගෙදරට වෙලා නිදහසේ මේ වැඩේ කරන්න තමයි අයිඩියා එක... අභිප්‍රාය හොඳයි.. එළෝගෙන යන්න... හි හි

      Delete
  31. මට පෙනෙන විදියද මන්දා. පලවෙනි එකේ වැඩියෙන්ම ඉස්මතු වෙන්නේ එතන තියෙන ෆොන්ට් එක. ඒ වගේමයි අර එක තැනක් ෆේඩ් කරලා තියෙන එක කෙනෙකුට ප්රින්ටින්ග් වැරදුන එකක් කියලා හිතෙන්න පුළුවන්. තුන්වෙනි එකේ නිර්මාණශීලී ගතියක් වගේම දැකල පුරුදු ගතියකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අයියට ඔය ගානට තේරිලා තියෙන්නේ... හි හි...

      Delete
  32. උඹ දස්සි නෙව කොහොමත්.අපිටත් බැරියෑ මොනවා හරි තිබුනොත් හිරුවට බාර දෙන්න.

    ReplyDelete
    Replies
    1. අන්න හොද වැඩක්... හි හි

      Delete
  33. ලෝගෝ එකේ කතාව....
    සහයෝගෙන් දිගටම වැඩ කරගෙන ජීවිතය ජය ගැන්මට ලැබේවා.

    ReplyDelete
  34. Replies
    1. තැන්ක්ස් අනේ.. හි හි

      Delete
  35. පළවෙනි ලෝගෝ එකට තමයි මමත් කැමති. ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.

    ReplyDelete
  36. එල එල හැබැයි මේ මැක් කියන්නේ ලෙඩක් අප්පා. අපිට

    ReplyDelete
  37. තුනම හොඳයි එත් පලවෙනි එක මගේ තේරීම.
    තුන්වැනි ලෝගෝ එකේ හිරු කියන එකට වඩා ඩිසයින් කියන අකුරු ලොකු නිසා එතනට වැඩි අවධානයක් යනවා වගේ කියලයි මට හිතෙන්නේ. කමක් නෑ හිරු ඔබේ කැමැත්තක්

    ReplyDelete
  38. ලස්සනයි ඩිසයින් ටික. පළවෙනි එකයි, අන්තීම එකයි තමා මට හිතට ඇල්ලුවේ.

    මේක මම ආසම field එකක්.

    ReplyDelete