ෂුහ්.... පාන්දර හතරාමාරට නානවා කියන්නේ ලේසි කෙලියක්ද...
අම්මා මුලින්ම මාව සීතලම සීතල, වතුසුද්ද මල් පුරෝපු වතුර කලේකින් නාවලා, ඊට පස්සේ උණු වතුරින් නෑව්වා...
කිරි බලන්න කියලා කොස් ගහට කොටලා ඇහැව්වා දැක්කද කියලා... මේ කලුවරේ මොන කිරිද... සීතලේ වෙවුල වෙවුල මං ඔලුව වැනුවා... පොල් ගෙඩියට නම් පළවෙනි පාරම දෙකට බිඳෙන්න කැත්තෙන් ගැහුවා...
පහන් දැල්ල අතින් නිවන්න ගිහින් තමයි මරු වැඩේ... අත් දෙක පහන ළගට කිට්ටු කරනකොට මට බයයි අත පිච්චෙයි කියලා.. කොහොමින් කොහොම හරි ඒකත් කරගත්තා....
මට අඳින්න කියලා තිබ්බේ සුදු පාට... අම්මා ලස්සන සුදු ළමා සාරියක් මහලා තිබ්බා... ඒකත් ඇඳගෙන ඉස්සරහට එනකොට මාට මාර ලැජ්ජයි.... අපේ ගෙදර කට්ටයයි, ලොකු නැන්දයි මාමයි ඔක්කොම එතන... ඒක අමුතුම හැඟීමක්...
අම්මා මුලින්ම මල් වටිට්යක් දුන්නා බුදු හාමුදුරුවන්ට පූජා කරන්න කියලා...
ඊට පස්සේ අම්මටයි තාත්තටයි ලොකු අය ඔක්කොටම වැන්දට පස්සේ අම්මා කිව්වා අයියටත් වඳින්න කියලා...
මෙයාටත් වඳින්න ඕනෙද...මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... චික්.. හිනාව විතරක්... මං හිතිං බැන බැනම සුදු අයියට වැන්ඳා...
ඒත් මට සුදු අයියගේ කකුල් දෙක අල්ලලා වඳින්න හම්බුනේ නෑ... එයා මගේ උරහිසෙන් අල්ලලා මාව ඇඟට තුරුළු කරගත්තා... මං සුදු අයියගේ මූණ දිහා බැලුවා... ඒ ඇස් දෙකේ කඳුළු...
“ මොනාද සුද්දිට මගෙන් ඕනේ...”
සුදු අයියා මගේ මූණ එයා දිහාට හරෝගෙන ඇහුවා...
“ මුකුත් එපා...”
මං බිම බලා ගත්තා... සුදු අයියා අප්පච්චි වගේම මගේ නළල ඉඹින ගමන් මගේ අතේ පුංචි පෙට්ටියක් තිබ්බා...
“ ආ...”
“ මොනාද...”
“ ඇරලා බලන්නකෝ...”
... තැල්ලක්... තනි ඉර අගට පුංචි මුතු ඇටයක් අල්ලපු හාට් එකක්...මේ වගේ ඒවා ඉස්කෝලේ ඩාන්සින් කරන කෙල්ලෝ නම් දානවා මං දැකලා තියෙනවා.. මේකක් මොකටද මට...
“ ලස්සනයි සුදු අයියේ... ඒත් මේකක් මොකටද මට...”
“ ඔයා මනමාලියෙක් වෙන දවසට දාන්න...”
මට එකපාරටම සුදු අයියගේ මූණ දිහා බැලුනා.. ඒ මූණේ තිබ්බ හිනාව.... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ....
ඒ එක්කම මට හිතුනා මට කවදහරි සුදු අයියවයි, අම්මවයි අප්පච්චිවයි දාලා, ගෙදරින් යන්න වෙනවා නේද කියලා... මට ඇඬෙන්න ආපු නිසා මා අම්මගේ ඇඟට තුරැළු වෙලා මූණ හංඟගත්තා...
මතු සම්බන්ධයි...
ප/ලි - වැඩ ගොඩකට හිර වෙලා ඉන්න නිසා කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි කළේ නෑ.. අද හවස් වෙනකොට රිප්ලයි කරන්න පුළුවන් වෙයි... ඒත් දවස් ගානකින් පෝස්ට් එකක් දාපු නැති නිසා ඩ්‍රාෆ්ට් කරලා තිබ්බ එකක් දානවා අද... බනින්න එපා කට්ටියම සෙට් වෙලා.. හි හි....
හප්පා වැල පටන් අරන්... යං යං ඉතිං ඉතිං
ReplyDeleteහිටපිය අල්ලගන්න
කම්මැලියා.. ලියල ඉවර වෙලා තියෙන එකත් දාන්නෙ පරන කෑල්ල අමතක වෙනකල් ඉඳලයි..
ReplyDeleteමාත් වැඩ ගොඩකට හිරවෙලා නිසා මමත් මේකට කමෙන්ට් එකක් දානවද නැද්ද කියලා කල්පනා කලේ.
ReplyDeleteඒත් එකක් දාලා නෙව. හික්
Deleteයකෝ මේකිව නාවල තියෙන්නේ කිරි පිරිච්ච වතු සුද්දවලින්නේ.. අපේ පැත්තෙනම් නාවන්නේ සමන් පිචිචි මල්වලින්
ReplyDeleteසමන් පිච්ච වෙන්නැති නලීන් අයියේ.. මොකෝ ඔය කලුවරේ ඕවා පේනවයැ... සුදු පාට මල් ජාතියක් තියෙනවා දැක්කා.. මං හිතුවේ වතුසුද්ද කියලා... මේ ඉතිං ඒ කාලේ ලිව්ව විදියටම නේ ටයිප් කරන් ගියේ.... හි හි
Deleteඑක දිගට දාන්නෙ නැතුව මෙහෙම දපු එකත් හොදයි...චුට්ට චුට්ට දාන එක තමයි නරක,
ReplyDeleteසමන් පිච්ච වලින් නාවන බව තමයි මතක, මට නම් කල්පනාව තිබුනෙ හම්බවෙන තෑගි ගැන විතරයි..
මේකි ඒ කාලෙ ඉඳන්ම ලෝබියක් ද කොහෙද?
Deleteඔව් ඔව් හොදට බලාගෙන හිටියෙ ඊට කලින් අක්කලට හම්බ උන දේවල් ගැන අඩු උනානම් වලිය අදින්න හිටියෙ...
Deleteඅනේ ඉතිං මට නම් මොනවා හම්බුනාද මන්දා.... හි හි
Deleteතැල්ලක් කියන්නේ අර දෙමල අය දාන එකක් නේ. සිංහල අයට මොකටද තැලී
ReplyDeleteඔතන තැල්ල කියලා තියෙන්නේ නළල් පටයට බං... ඒකට තැල්ල කියනවා වගේම දෙමල අය කරේ බදින මාලෙට තැල්ල ( තාලි) කියනවා... ඕක මම වෙනස් කරන්නත් හදලා ඔන්න ඔහේ තිබ්බ විදියටම තිබ්බා...
Deleteකලිනුත් උඹට කියුවා මකන්නැ එක අකුරක්
Deleteමකන් නෑ බං අටම්... හි හි
Deleteඅයියෝ 6,7,8 කියෙව්වේ නැද්ද කොහෙද, දැන් හොයපල්ලකෝ එව්වා
ReplyDeleteඇයි අප්පා.. එච්චර ලොකු වැඩක් නෙවෙයි.. ඔය පැත්තකින් තියෙන්නේ තෝරලා බේරලා කාරිය.. ශි හි
Deleteමාර දිගයි නේ 9 වෙනි කොටස...
ReplyDeleteආවා විතරයි.. මෙන්න ඉවරයි :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි..... රජා මේ ටිකේ ගෙදරද....
Deleteමගේ අයියව මතක් උනා මේක කියවද්දි..එයා පුංචි කාලෙ කියනවලු ලොකු උනාම මට ලිප්ස්ටික්,කියුටෙක්ස් ඔක්කොම ජාති අරන් දෙනවා කියලා..කිව්වා වගේම එයා අද ඒ හැමදේම කරනවා..
ReplyDeleteමට අයියා කෙනෙක් නැති හින්දා හිතාගන ලිව්වා.. මේකේ පළවෙනියටම ලියපු පූර්විකාවේ මේ කතාව ලියවෙන්න හේතුව මං ලිව්වා කිරිල්ලි...
Deleteපාරමී දම් වලට පූර්විකාවක්...
කථාව මට තවම ප්‍රේෙහලිකාවක්.මේක අමතක වෙන්න කලින් අනිත් කොටස දාන්න.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හි හි..... මුලම ඉදලා බැලුවොත් ප්‍රෙහේලිකාව විසඳෙයි.... ඔය පැත්තකින් ලේබල් ගහලා තියෙන්නේ...
Deleteකලින් කොටස් අටට වඩා මේක දිගයි තමා :)
ReplyDeleteහි හි.... ගනං ගන්න එපා බං....
Deleteකියවන්න හැදුව විතරයි ඉවරයි....ඉස්සෙල්ල කෑලිත් මතක නෑනෙ දැන්...හි හි තමා
ReplyDeleteහි හි....
Deleteම්.... මේ පාර කොටස කොටයිනෙ.... ඇත්තටම මට දැන් මුල (මෙම කතාවේ) මතකයේ අවුල්. දාන්නකො උඩම ඡේදයෙන් පෙර අධියර පොඩි ලඝු කිරීමක් කර.
ReplyDeleteලඝු කරන්න නේ... ම්ම්ම්.... ඒක කරන්නේ කොහොමද... එච්චර ලොකු දෙයක් වෙලා නෑනේ කතාවේ තාම..... හි හි.. බලමු මොකක් හරි කරන්න...
Deleteකොටස් කොට වැඩියි ලියාපිය මං වගේ දිගට
ReplyDeleteහ්ම්හ් චේද තුනයි අකුරු එකසිය පණහයි ලිවුවනම් හොඳටම ඇති. ආයේ ඌ කියලා ඊට වැඩියෙන් ලියනවයෑ. හිකිස්... !! ඕං ආදරුසෙට ගන්න මිනිස්සු
Deleteහරි එක්කෙනා මට කියන්නේ... කෝ අර හොල්මනගේ කතාව... අපිට දැන් මතකත් නෑ... හි හි
Deleteකම්මැලි උනාම ඔහොම තමා..
ReplyDeleteඅපිටත් කම්මැලියි වගේ...:))
කම්මැලි නෑ වී... පොඩි වැඩකට හිර වෙලා...
Deleteහැමදාම පාන්දර හතර හමාරට නාවන්න තිබුණෙ.
ReplyDeleteමං නාන්න මාර කම්මැලියි... ( ඒ කාලේ අද කාලේ කියලා වැඩි වෙනසක් නෑ... හි හි)
Deleteහපොයි ඔය නාවන එක තමා වැඩේ නේද.මගේ අක්කා කෙනෙක්ට නැකත තිබුණේ පාන්දර තුනයි ගාණකට...)))))DDD ...හැබැයි වතුසුද්ද නෙවෙයි පිච්ච මල් තමයි නාවන්න නම් ගන්නේ මං හිතන්නෙ.තව මොනාද බෙහෙත් ජාති වගයකුත් දානව නේද වතුර එකට?
ReplyDeleteමොන මොනවද දානවා තමයි.. අනේ මන්දා... මාව හිරිවැටිලා ගියා ඒ වතුරේ සීතලට... හප්පා.. මතක් වෙනකොටත් ගැහෙනවා.... හි හි
Deleteපිච්ච වෙන්නැති.. මට ඕවා පෙනුනේ නෑ.. මං හිතුවේ වතුසුද්ද කියලා.. ඒ විදියටම ලිව්වා කතාවේ...
හරි හරි ඔන්න අපි බනින්නේ නෑ... හැබැයි ඔය පලි ලියන වෙලාවේ කතාව තව ටිකක් ලියන්න තිබ්බා.
ReplyDeleteහි හි.. ඔතනින් ඒ චැප්ටර් එක ක්ලොස් තිසර.. ඒකයි කොට උනේ....
Deleteකම්න්ට් එකක් දිගේ අදමයි ආවෙ ..
ReplyDeleteලස්සන කතාවක් ඔන්න එකහුස්මට කියෙව්වා..