Monday, December 10, 2012

මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා...

ගොඩ දවසකට පස්සේ පොඩි විකාර කතාවක් ලියන්න හිතුනා... ගිය ටිකේ කට්ටියම පරණ පෙම් කතාවලට පැටලිලා, කවි, කතා, පරණ ස්ටෝරි ලිය ලිය, කවි තෙල් බි බී හිටියනේ... ( අම්මපා මාරයියව දැක්කෙත් නෑ ඊට පස්සේ.. හි හි) 

මේකත් ඉතිං මඟුල් කතාවක් තමයි..... 

අපේ අම්මගේ කේක් කතන්දරේ කට්ටිය දන්නවනේ... කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... බො‌ෙහාම පොඩියට, ලස්සනට, හිමීට කරගෙන යන වැඩක්.. ගොඩක් වෙලාවට හැම කෙනාම අම්මව හොයා ගෙන තමයි එන්නේ.. කඩේ වැඩ කරන ගර්ල්ස්ලා හිටියත් හැමෝටම අම්මා එක්ක කතා කරන්න ඕනේ ඕඩර්ස් දෙන්න... විශේෂයෙන් උපන් දින, මඟුල් වලට හදන කේක් වලට... ඩිසයින් තෝරන්න අම්මම ඕනේ.. මං හිටපු කාලේ නං මට ඒ තැන තිබ්බා.. ඒත් දැං නං අම්මම කරන්න ඕනේ ඔක්කොම.. 

ඔය එන කට්ටිය වෙලාවකට හෙන වාතත් වෙනවා..ඒත් ඉතිං එහෙමයි කියලා කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.. ඒක නිසා හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ.. 

ඔය ඕඩර්ස් බාර දෙන්න ආවාම අපිට මරු මරු වැඩ වෙනවා... 

ඔන්න දවසක් කොල්ලෙක් ඇවිත් බර්ත්ඩේ කේක් එකක් හදවගන්න... 

අපි ඉතිං විස්තර අහනවා... 

ගෑණු ළමයෙක්ටද ...  ඔව්

වයස කීයක එක්කෙනෙක්ද.... 15යි... 

ඉතිං සාමාන්‍යයෙන් ඒ වයසේ අයට හදන්නේ ‌ඩිසයින් වලට වඩා කන්න පුළුවන් කේක් නේ... හැබැයි මෙයාට ඕනේ කියන්නේ හාවෙක්.. අපිට සාමාන්‍යයෙන් ඉවර වගේ තේරෙනවා මෙතන මොකද වෙන්නේ කියලා... 

නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි

ඉතිං දැං අපි හාර හාර විස්තර අහනවා.... 

නෑයෙක්ද...     නෑ

යාලුවෙක් ද..... ( ඇඹරිලා.... ) ඔව්... 

හරි අපේ සැකේ කන්ෆ්ර්ම්.... හි හි

දැං මෙයාට ඕනේ මේ හාවව හදලා බොක්ස් එකක දාලා ගිහින් දෙන්න.. ඒ අලි තඩියව බොක්ස් වල දාන්න බෑ... ඒකා වීදුරුවක හදන්න ඕනේ... 

ඉතිං දැං මේකා ඇඹරි ඇඹරි විස්තරේ කියනවා... කේක් එක එයාගේ කෙල්ලටලු... ආදරේට කියන්නේ බනී කියලලු.. ඒක නිසාලු හාවෙක් ඕනේ.. ගෙදරට හොරෙන් ගෙනියන්න ඕනේලු... ඒක නිසාලු බොක්ස් එකක දාලා ඕනේ... 

අපිට හිනා මැරෙන්න.. කොහොම හරි ඉතිං අපි අවශ්‍යතාවය අනුව පොඩි පොඩි වෙනස් කම් කරලා කේක් එක හදලා දුන්නා.. ඒ වගේ ඒවට සපොට් කරන්න එපැයි.. නැද්ද මං අහන්නේ.... හි හි

ඔය වගේ හිනා යන තව කේක් ඕඩර් ජාතියක් තියෙනවා... 

ඒ තමයි මනමාලියෝ බලන්න යනකොට අරන් යන කේක්... 

ඔව් ඔව්.. ඒ වගේ කේක් ටිකක් විශේෂ විදියට තමයි හදන්නේ... හැබැයි ඒවා ඩිස්ප්ලේ එකේ නෑ... ඕඩර්ස් වලට විතරයි හදන්නේ.. ඉතිං ඕවට එන අය පටන් ගන්‌ෙන් මෙන්න මෙහෙම... 

චොක්ලට් කේක් කිලෝ එකක් කීයද...

රු.. මෙච්චරයි.. ( මට ඇත්තටම ගාන මතක නෑ දැං) 

බොක්ස් එකක දාලාද දෙන්නේ... 

ඔව්... 

වටේට අයිසින් කරලා එහෙම නේද... 

එහෙම නම් හදන්නේ ඕඩර්ස් වලට විතරයි.. ටික වෙලාවක් ඉන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන්.. හැබැයි ගාන ටිකක් වැඩියි.... 

අපිට මේ ගෙදරකට අරන් යන්න... ටිකක් හොඳට අරන් යන්න ඕනේ.... 

අපේ කට්ටියට මේ වෙනකොට සීන් එක තේරිලා ඉවරයි... ඉතිං අපි කෙලින්ම මාතෘකාවට බහිනවා... 

මනමාලියක් බලන්න යන්නද....? 

(අම්මා නම් හිනා වෙලා, කොල්ලා නම් ඇඹරිලා ) ඔව්....

ආ ඒකට අපේ ස්පෙෂල් කේක් එකක් තියෙනවා.. චොක්ලට්, කජු එහෙම දාලා... 

ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි

ඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්... 

ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එත‌ෙකාට තමයි වැඩේ.... හි හි

අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ... 

ඉතිං එයාලම අපිට විස්තරත් කියනවා.. එතකොට තමයි ඉතිං යාලු වෙලා හිටපු ඒවයේ ඉඳලම විස්තර එළියට එන්නේ... ඉතිං අපි ඒ වගේ ඒවත් අහගෙන තව කේක් එකක් හදනවා... කොල්ලව අල්ලගෙන නෝන්ඩිත් දානවා....අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... ( ඇයි දෙයියනේ තව වෙඩින් එකකුත් එනවනේ ඉතිං.. හි හි) 

යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි... 

ඔන්න ඔහොමයි කතා කරන විදියෙන් අපි කට්ටියව අඳුර ගන්නේ.. ඒ වගේ ඉවක් නැතුව බිස්නස් එකක් කරගෙන යන්න අමාරුයි.... 

අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා.. මොක උනත් කමක් නෑ.. ඔන්න මං දානවා.. නැත්තම් කට්ටිය කයි තෙල් බී බී, අතීත ප්‍රේම පුරණ මතක් කර කර ඉඳලම ලොකු අමාරුවක වැටෙනවා.... හි හි

අද දාන්න කේක් එකක් ඇත්තෙම නෑ වගේ.. ඒක නිසා ඔන්න පළවෙනි පාරට ම‌ෙග් වෙඩින් කේක් එක බ්ලොග් එකේ දානවා... 

101 comments:

  1. ඔන්න හිරුවෝ මේ කැල්ලට කියන්නේ
    //නිදිමතේ වැනි වැනි ඉන්න අපිට වෙන ජොලියක් කොහෙද.. ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා... හි හි//
    කොල්ලව හාව කරනවා කියලා...
    කොහොමත් අම්මයි දුවයි දෙන්නම බිස්නස් වලට නං කියාපු දෙන්නා කියලා පේනවා. ඒ වගේම තමයි ඔයාගේ වෙඩින් කේක් එකත් මාර ලස්සනයි. මනමාලිටත් වඩා ලස්සනද මන්දා....

    ReplyDelete
    Replies
    1. මම ඕක දැක්කෙත් ෆොටෝ වලින් නලීන් අයියේ... හි හි...

      Delete
    2. මොකේ බං ඒ හරුපේ.. තේරුන්නැතෝ...

      Delete
  2. මේ කේක් එක හැදුවෙ කවුද ? :D

    ReplyDelete
    Replies
    1. මං වචන 4ක් ගහන වෙලාවෙ නලින් අයිය ඇවිත් පේළි 7ක කොමෙන්ට් එකක් දාල. මේක අසාධාරණයි :( මමයි මුලින් ආවෙ..

      //මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා... // හික්ස්.. ජීවිතේටම එක පාරනෙ අනේ..

      Delete
    2. ඉතිං ඒක ඇත්තනේ නේද..... අමාරුවේ වැටෙන්න කට්ටිය කොච්චර ආසද.... හි හි...

      Delete
    3. ඕක හැදුවේ අපේ අම්මයි එයාගේ යාලුවෝ දෙන්නයි....

      Delete
  3. ඔක්කෝම වැඩ නවත්තලා මට උඹේ වෙඩිමේ කේක් එක ගැන විචාරයක් දෙන්න හිතයි...?

    ReplyDelete
    Replies
    1. ඉතිං දෙන්න.... මේකේ ඉඩ තියෙනවා ඕනෙ තරම්... හි හි...

      Delete
  4. අනේ පවුනේ අප්පා ඒ අහිංසක කොල්ලෝ... ඔහොම අසරණ කරන්න හොද නෑනේ ඉතිං...... :)

    බනි කිව්වම මට කෝරලේ මලයව මතක් වුනේ......

    වෙඩින් කේක් එක ලස්සනයි අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. අහිංසක නම් ඕවා කොරන්න දඟලයිද සමනලී... හි හි...

      තැන්ක් යු තැන්ක් යු....

      Delete
    2. මාත් මේ කල්පනා කර අර කොල්ලා කෝරලේ මලයාවත්ද කියලා..

      Delete
    3. අයියෝ සමනලී අක්කේ සයුරි අක්කේ මම නම් නෙවේ. මමත් අහිංසකයි රටක් වටියි.

      Delete
    4. අඩේ කෝරා .... මෙන්න ළිඳ ළඟ සංගමේ උඹව බයිට් එකට අරන්.

      Delete
    5. හැබෑට කෝමා හොද නිලි අක්කා බයිටින් පොරක්.. හිරුවෝ පරිස්සං වෙයං ආවම මේක අණ්ඩයා.

      Delete
    6. @ DDT මොනා කරන්නද මචෝ මම අසරණයා :P

      @ දේශකයා හරියට හරි මතකයි නේ ඒ උනාට අන්ඩයා කිව්වට මම එහෙමමත් නැහැ අප්පා.

      Delete
  5. මමත් අහන්නයි හැදුවේ අර හාවගේ කේක් එක හදව ගන්න ආවේ කෝරලේ ගොයියද කියලා..

    //මේ ඔක්කොම පිස්සු අමාරුවෙ වැටෙන්න ආස අය හින්දා...//
    හි හි.. ඔයත් වැටිලනේ..

    ReplyDelete
    Replies
    1. කෝරළයව මතක් උනා බනී මතක් වෙච්ච ගමන්... මේක වෙන කාලේ ඌ ලංකාවෙත් නෑ.. අනිත් එක ඌ කෙල්ලට අරන් ගියේ පණුවෝ ගහපු චොක්ලට් එකක් නේ.. හි හි

      Delete
    2. @ බන්ඩා
      අනේ මචන් තාම නම් යන්න බැරි උනා ඒත් යන්න බයේ ඉන්නේ. මුන් සැට් එක මාව බයිට් කලොත් මොන දෙයියොන්ට කියන්නද? ඉන්ජෙක්ෂන් ගහන්න කියලයැ.

      Delete
  6. "සඳ සාවී මගේ" කියල සින්දුවක් කියන්නේ ඒ කේක් එක අරන් ගිය කෙනා වෙන්න ඇති නෙහ්..:)

    පින්තුරේ තියන කේක් එක ලස්සනයි කිව්ව කියල අම්මට කියන්ට ඈ...

    ReplyDelete
    Replies
    1. හා හා කියන්නම්..

      සින්දු කියන අය කීපදෙනෙකුත් දිනපතා කේක් අරං යනවා... හි හි

      Delete
  7. අයියෝ..අර ආන්ටි දන්නවා නම් මේක මේ බ්ලොග් එකේ ආන්ටිගෙ ජොබ් එකේ රහස කියනවා කියලා...හි හි හී

    වැඩිය මෙව්ව කියන්න එපා. බිස්නස්වල කපටිකම දැනගෙන අම්මට කස්ටර්මස්ලා නැතිවෙයි...ඔන්න හිරුවො..මම නම් මගෙ වෙඩිමට කපන්නෙ කිරිබත්... එතකොට කේක් වලට යන වියදම ඉතුරු කරගන්න පුළුවන්..අනික ඉතින් ඕක කේක් එකතුත් නෙමේනෙ. රිජිෆෝම් එකක්නෙ...හි හි හී

    ReplyDelete
    Replies
    1. පල පල.. උඹ කොහෙද කිරිබත් කපන්නේ ... මං උඹේ කොල්ලව අල්ලගෙන දෙනවා ධර්ම දේසනාවක්.. දීලා කොහොම හරි කේක් එකක් ඇඟේ ගහනවා... හි හි..

      මේක නම් රිජිෆොම් තමයි.. අපිට නම් ගානක් නෑ නේ.. ඒත් මීට වඩා පොඩි, මේ වගේ එකක් කේක් වලින්ම හදන්න පුළුවන් ළිහිණි.... අවුලක් නෑ...

      Delete
    2. ඔය මැජිකල් කේක් වලට මොනවද දාන හින්ද බිස්නස් කස්සටරමයරයන් අවුලක් නෑලු.. අර උදේම කඩේ එන්න හොද නැති උන්දැල ඇර..හැක්

      Delete
  8. තවත් කේක් කතාවක්, මේව කියවනකොට කේක් බඩගින්නක් එන එකට වගකියන්න වෙයි ඔන්න.

    කේක් ගන්න ආවහම, බලන්න යන්න මනමාලියක් සෙට් කරන්න එහෙම බෑද.

    ReplyDelete
    Replies
    1. //බලන්න යන්න මනමාලියක් සෙට් කරන්න එහෙම බෑද.//

      ඉස්සර එහෙම කේස් තිබ්බා.. සමහර කොල්ලෝ හැමදාම එනවා කේක් ගන්න කෙල්ලො ටික ඉන්න නිසා... අපේ අම්මට කෙල්ලො ටික බේර ගන්න හෙන ගේමක් තියෙන්නේ...

      කොල්ලෝ කීපදෙනෙක්ම අම්මලව එවලා තිබ්බා අපේ අම්මව ෂේප් කරගෙන මං ගැන අහන්න. එයාලට නම් ඉතිං සොරි තමයි.... හි හි

      Delete
  9. මගේ වෙඩින් එකට කේක් එකක් හදාගන්න බැරි වෙයිද?තව කල් තියෙනවා ඔන්න හැබැයි අඩුවෙන් සල්ලි ගනින් ඈ :).

    ReplyDelete
    Replies
    1. හි හි.. අඩුවෙන් නම් හම්බුවෙන්නේ නැ කොල්ලෝ අපේ අම්මගෙන්.... ඔක්කොටම කලින් උඹ කෙල්ලෙක් හොයා ගනින්කෝ... හි හි

      Delete
  10. //යාලු වෙච්ච එවුන්ට නම් අපි අනන්ත හොරෙන් කේක් අරං යන්න උදවු කරලා තියෙනවා.. මොනවා උනත් ලවු එකකට උදවු කරන එක පිනක් නොවැ.. හි හි... //

    පෙනේද? :O

    හරිම රසවත් අප්ප මේ පෝස්ට් එක. කාටවත් නෑ කියන බෑ ඉතින්. කේක් නේ . හි හී :P

    ReplyDelete
    Replies
    1. හි හි.. කේක් එක දැම්මේ අද නම් අන්තිමයි පෝස්ට් එක කියයි කියලා බයේ සමී...

      Delete
  11. "කොහොම හරි ඕක ඇවිල්ලා ලොකුවම ඇඩ් දාගෙන කරන එකක් නෙවෙයි... " මේ දාන ඇඩ් එක මදැයි..

    "ඉතිං අපිත් අර කොල්ලව හොඳට අසරණ කරනවා..." මට නම් ඔය කඩවල එවුන් එක එක එව්වා ඇඟේ ගහන්න ආවොත් නම් මම කියනවා 'මේ ඔයාලගෙ බඩු මගෙ සල්ලි. මම ගන්නෙ මට ඕන දේ' කියලා.. මට යකා නඟිනම වැඩක් තමයි සමහර රෙදි කඩවලට ගියාම මේක හොඳයී කිය කිය ඇඟේ ගහන්න එන එක..

    කට්ටිය ගානට අන්දවලා සාක්කුවට බහිනවා නේද? :) බිස්නස් ට්‍රික්ස්.. රසවත්ව ලියලා තියෙනවා..

    Home mage Magical Cakes ද? Home made Magical Cakes ද?

    ReplyDelete
    Replies
    1. අකුරු මාරුවෙලා හරි... Home made තාමා.. හි හි...

      කො‌ෙහාමද තනියෙන් කොල්ලෙක්ව කෙල්ලෝ ගෙඩක් අල්ලගෙන බයිට් කරන්න ගත්තම... හි හි... ඇයි ඉතිං අපේ එවුන් හිනා වෙනවනේ ඕවා අහ අහ.... හැබැයි ඉතිං උනුත් හිනා වෙවී තමා ඕවා කියන්නේ.. මම ඉන්නකොට නම් ඌ අනිවා වෙඩින් කේක් එක හදන්නත් එන්‌ෙන් අපි ගාවටම තමයි.. ඒ තරමට ෆිට් කරගන්නවා...

      කොහොමත් හරී සමහරු ඉන්නවා අපිව අන්දන්න එන ඇන්ටිලා එහෙම... එක එක ඒ වගේ ගනං අහගෙන ගිහින් පස්සේ ඒ ගනං වලට කේක් හදවන්න එහෙම බලාගෙන එන පණ්ඩිත කේස්... එයාලට නම් දෙනවා බැෂ්ටිය ආයිත් නැ දුවන්නම... හි හි....

      Delete
  12. Replies
    1. තැන්ක් යූ නැන්දේ.. හි හි

      Delete
  13. එහෙනම් මමත් කේක් එකක් හදා ගන්න හිරුවා ගේ කඩේට එන්න ඕනේ! :D

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා විභාගේ ඉවර කරගෙන හිටු.... හි හි

      Delete
  14. කේක් ගන්න ඇවිත් බයිට් වෙන එකත් බලාගෙන ගියාම නරකම නෑ වගේ.
    මම කෝරලයාගෙන් ඇහුවා ඒ පැත්තෙ ආවද කීයලා කේක් එකක් ගන්න.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩූඩ් අයියේ... මේ කේස් එක වෙන කාලේ මං හිතන්නේ කෝරළයා රට.. අනිත් එක ඌ කෙල්ලට අරං ගියේ පණුවෝ ගහපු චොක්ලට් එකක් නේ.. හි හි...

      Delete
    2. @ ඩුඩ්
      අයියේ මම අනිවා යනවා ලන්කාවට ගිය ගමන් හාවෙක් හදව ගන්න. හැබැයි මම ගියොත් අක්කල සැට් එක අන්දොස් වෙන්නම බයිට් කොරලයි එන්නේ ඕන්......

      @ හිරු අක්කා

      අයියෝ අක්කේ මොනාද අනේ මාව කිච කරන්නේ මය පණු කේස් එකක් කියා කියා ලැජ්ජා නැද්ද අම්මපා. සිරාවට ඔය පණු චෝකෝ අරන් නේද අයියා ඔයාව බලන්න ආවේ :P

      Delete
  15. //ඉතිං අපි ගේමට එන්ටර් වෙනවා... හි හි

    ඉතිං ඔය අස්සේ අපි කට්ටිය කොල්ල තනියෙන් නම් ආවේ කතාවට අල්ලගන්නවා.. ගොඩක් වෙලාවට කොල්ලා එන්නේ යාලු වෙච්ච කෙල්ලගේ ගෙදර යනවනම්.. අම්මලා එන්නේ කතා කරපු මඟුලකට යනවනම්... ඕක කිව්වේ එක්ස්පීරීයන්ස් එකෙන්...

    ඉතිං දැං ඔය කතා කරන මඟුල් එකෙන් දෙකෙන් හරි යන්නේ නෑ නේ.. කීපෙකටම යන්න වෙනවනේ... අන්න එත‌ෙකාට තමයි වැඩේ.... හි හි

    අපිට ටක් ගාලා නෝට් වෙනවා ඒ වගේ අයව.. ගොඩක් අය අපි කොහෙන් හරි ඇඳුනුම් කමක් තියෙන අය.. අනිත් එක එන පළවෙනි වතාවෙම අපි කතාවටත් අල්ලගෙන ෆිට් කර ගන්නවානේ...//


    අම්මල දුවල හොද සුද්දෝධනලද කොහේද . පව් බොල ඔහොම හූරාගන කන්න

    දංවැල් කැලි දෙකක් අරගන ඉනවටේ ගැට ගහලා අනිත් කොන බිම ගෑවෙන්ඩ දාගන හිටපල්ලා දෙන්නා එක්ක , වහින වෙලාවට

    ReplyDelete
  16. ඉතිං අටම් ඕවා තමයි බිස්නස් ට්‍රික්... හි හි...

    ඕක ලස්සන මෙහෙම කියනකොට නෙවෙයි.. ඕක බලං ඉන්නකොට... අප්පේ ඇඹරෙන ඇඹරිල්ල... හි හි.... ඇයි ඔය විස්තර ටික අහගන්න අපි දඟලන දැඟලිල්ල... හි හි.. මම නම් තේරුන ගමන් අහනවා මනමාලියක් බලන්න යන්නද කියලා... අනිත් උන් ටික එහෙම අහන්නේ නෑ.. උනුත් ලැජ්ජයි.... හි හි

    ReplyDelete
  17. අර අහිංසක හාවට ඔහොම විහිළු කරන එක හරිද මන් අහන්නේ ?

    වෙඩින් කේක් එක නියමයි

    ReplyDelete
    Replies
    1. හාවා ගානට වැඩේ කරගත්තා මලයා.. හි හි..

      තැන්ක් යූ...

      Delete
  18. අඩේ ඔය ආපු කස්ටමර්ස්ලා ආපහු ඇඳුම් ඇඳගෙනද හිරුවො එන්නේ

    ReplyDelete
    Replies
    1. උන් අපිත් එක්ක හෙනට ෆිට් වෙනවනේ... ආයෙත් එනවමයි... හි හි

      Delete
  19. කේක් බඩගින්නක් ආවා.........

    ReplyDelete
  20. // අන්තිමට කොල්ලට විෂ් කරලා එහෙම තමයි අපි කේක් එක දෙන්නේ... //

    මටත් එකෙක් ඔහොම විෂ් කරලා කොන්තයක් දුන්නා.. ඒක දුන්නත් හරි වැඩේ හබක්.. :-) එදා ඉඳලා මම ඔය විෂ්කරන ඒවා ගනන් ගන්නෙ නෑ.. හැබැයි උගේ විෂ් එක හින්දනම් වැඩේ හබක් වුනේ මම ඌට ආත්ම ගානකට ණයගැතියි.. සත්තයි.. හැහ් හැහ්...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මේ වගේ දේකදි විෂ් කරන එක ,එන කෙනාට හිතට සතුටක්.. ඒ වගේම මතකත් හිටිනවා.... මේක ඇවිල්ලා බිස්නස් ට්‍රික් එකක් සෙන්නා.. අපේ අය ගාව මැනර්ස් අඩුයි නේ... නැත්තම් මේ වගේ දේවල් සාමාන්‍යයි වෙන රටවල නම්...

      Delete
    2. ඔහෙපලයන් මෙයා දන්න ඒවා...!!

      Delete
  21. මේක "හි හි නැති හෝරාව" වුනානම් නියමයි....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ සුමිත් අයියේ එහෙම කියන්නේ...

      Delete
  22. කේක් එකනම් ලස්සනයි. මන්නම් ඉතින් කිරිබත් තමයි කැපුවේ. ගාන ශේප් :දී

    අර හාවා ගෙනිච්ච කොල්ලානම් පව් අනේ. අසරණයෙක් !!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. ඒ කොල්ලා ලස්සනට ගේම දීලා තිබ්බා.. හි හි...
      කිරිබත් වඩේ ලේසියි තමයි... ඒත් මගේ වෙඩින් තීම් එකටත් ඒක ගැලපුනේ නෑ... අම්මටත් හරි නෑ නේ.. හි හි

      Delete
  23. මම මේ කල්පනා කරේ හොද වෙලාවට cake එක ගෙනියපු එකා කෙල්ලට බනි කිවේ .බැරිවෙලාවත් සදා වගේ නමක් කිවනම් හිරු අක්කල අනාතයි .ඇයි ඉතින් හදපල්ලකෝ සදක් වගේ ලොකු cake එකක් හික් හික් හික් .ඊලග ප්‍රශ්නේ කොල්ල ඕක ගෙනියන්නේ මොකේ දාගෙනද ?
    weddin cake එකනම් ලස්සනයි .මමත් හිතන් ඉන්නේ රිජිෆොඅම් වලින් නැතුව සිරා cake වලින් ලොකු cake එකක් order කරන්න මගේ weddin එකට .හැබෙයි අර පොඩි පොඩි weddin cake දෙන් නෑ .ලොකු cake එක කපලා හැමෝටම දෙනවා කාපියව් කියලා .(තව ගොඩක් කල් තියෙනවා හොදද weddin එකට ,තාම කෙල්ලෙකුත් නෑ ලකියට .හැබෙයි ඉතින් මේ යන විදිහට අපේ කාලේ එනකොට පාන් කපන්න වෙයිද දන් නෑ .එතකොට order කරන්න වෙන්නේ weddin පාන් .හිරු ලගේ අම්මටත් වෙන්නේ cake shop එක වහලා bakery එකක් දාන්න weddin පාන් ,bday පාන් ,චොකලට් පාන් ,butter පාන් ,පොල් පාන් ,අයිසින් පාන් හදන .මරු නෙහ් ?)

    ReplyDelete
    Replies
    1. පානුයි කේකුයි එච්චර වෙනස් නෑ ලකී දැං කල්පනා කරලා බලනකොට... හි හි

      Delete
  24. මම මේ මතක් කරන්න මම වෙඩිමෙදි මොනවද කැපුවේ කියලා. මෙහෙම පතරංග බිල්ඩිමක් නම් තිබ්බ බවක් මතක නෑ. මේක දැක්කහම මට හිතෙන්නෙම මේක ඔන්න මෙන්න කඩං වැටෙයි කියලා. මේක වටේට කොඩිත් ගහලා නොවැ.

    මේකත් ඉතිං හැබෑ දස්සකමක් තමයි. අම්ම ඔහොම කේක් හදනකොට දූගෙ වෙඩිමට කිරිබත් කපන්න පුළුවනැයි නේද?

    කවි තෙලට තිත ද මේ? ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. ඒක නිසානෙ තිසර මේක හදන්න උනේ... නැත්තම් මාත් පොඩි කේක් එකකට තමයි ආසාවෙන් හිටියේ... අමම්ට මේක මට හොරෙන් නේ හැදුවේ... හි හි

      කයි තෙල් බීලා මුන්ට මොනා හරි උනොත් මට තමා වගකියන්න වෙන්නේ... හි හි

      Delete
  25. //අද මේ ලිව්වේ පිස්සු කතාවක්.. මේක වෙනදා ලියවෙන ඒවා වගේ රසවත් නැති වෙයිද මන්දා..// :D

    කතාවනම් ටිකක් විතර පිස්සු වගේ තමයි අක්කෙ...ඒ වුනාට ඇත්තටම අන්තිම කොටස දක්වාම රසවත්....

    ReplyDelete
    Replies
    1. තැන්ක්‍ යූ මලයා... හි හි

      Delete
  26. තමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඇඩ් දාගන්න බැරි නම් කාටද පුලුවන් නේ..:)
    වැරදිලාවත් ඔය පැත්තෙන් නම් කේක් ගන්නේ නෑ. වස චාටරේ නේ. මුන්දලාට කොල්ලෙක්ව බයිට් කරන තරම් වෙන රාජකාරියක් නැද්ද මන්දා. :)

    ReplyDelete
    Replies
    1. මට අහුඋනොත් නම් අනිවා බයිට් කරනවා ... ඒ වගේම ඉතිං සමහර වෙලාවට මං බයිට් වෙනවා... හි හි

      Delete
  27. තාම තියෙනවයි බං ඔය කේක් එක.. හරියට අලි රතිඤ්ඤ වගේ ඉරටි වල එල්ලල තියෙන්නේ... මේ බං අර පළවෙනි කොල්ලා නං මට හැකයි අපේ කෝරලයද කියලා.. ඌ තමා ඔය විදියට ඇඹරෙන්නේ.. අනිකා ඒකාගේ එකී බනිය නෙව..උඹ ඉතිං පරණ වෙච්චි කේක් කෑල්ලෙන් හරි වැඩක් ගන්නවා.. හිහි

    ReplyDelete
    Replies
    1. නෑ බං.. මේක එහෙම එච්චර කල් තියාගන්න පුළුවන් එකක් නෙවෙයි...
      නෑ නෑ.. කෝමා නෙවෙයි.... හි හි

      Delete
    2. හා හා මේ මම ඉන්නවා. බොලා දෙන්න හිතුවද මම ඇඹරෙන්න ගැහැණු පරානයක් කියල???? මල්ලි මම වැලිකඩ කෝමා හරිද?????????? මම ආවනම් බයිට් වෙන්නේ අක්කල සැට් එක.

      Delete
    3. ඕනේ එකක් අක්කේ ඊයේ එක මලබාරියෙක් මට කියනවා මිස්ටර්. අත කෝ රාල ලු මට ඉතින් මේ තියෙන්නේ කියල පෙන්වන්න හිතුනා. ඔන්න ඔහේ කැමති දෙයක් කියන්නකෝ. හිකිස්...... කෝමා කිව්වොත් ඒක නිකන් ලෙඩක් වගේ නේද අක්කේ?

      Delete
    4. හත්වලාමයි මට ඒක අමතක උනා. මොකෝ බං උඹේ තදියමට උනේ. චෙක්පොත් දෙක ගෙනාවැයි... වෙලාවට. නැත්නං පයින්ම ගියාද???

      Delete
    5. ඊයේ රාම බක්කි කරත්තෙත් ගත්ත අලුත් එක අද ඔෆිස් ආවේ ඒකේ :)

      Delete
    6. කෝරලේ මලයට වාසි ව‌ෙගයි නේ.. හි හි

      Delete
  28. ලස්සන කේක් එක .

    ReplyDelete
  29. යකෝ අක්කේ බෙල්ල මිරිකනවා. මේ ඔය උඩින්ම කියල තියෙන්නේ මගේ ගැන එහෙම නෙවෙයි නේද? හාවා???????? අයියෝ...... මමත් ලංකාවට ආවම අනිවා එනවා හාවෙක් හදව ගන්න. නැත්නම් මගේ හාවි මාව හාවා කරයි. හිකිස්..................

    ReplyDelete
    Replies
    1. උඹ කිටීනේ බං... මං කිව්වේ බනියෙක් ගැන.. හි හි...

      එන්න එන්න.. හැබැයි අපේ අම්මා තමයි ඉන්නේ හරිද.... හි හි

      Delete
  30. වෙඩින් කේක් එක ලස්සනයි.අම්මගෙයි දුවගෙයි මකටින්ග් පාර නියමයි.කොල්ලව ටිකක් බයිට් කරලා ගානට බිස්නස් එකත් කරගන්නවා.මේක කියවනකොට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි කේක් මතක් වෙලා බඩගිනි වෙන එක.

    ReplyDelete
    Replies
    1. කේක් කන්න ආස කට්ටිය මෙච්චර ඉන්නවා නේ... හි හි

      Delete
  31. කොල්ලන්ව බයිට් කිරීම තරයේ හෙළා දකිමි ! ඇයි වදේ සල්ලි දීලා කේක් කෙල්ලො ඉස්සරහ හාවො වෙන්ට මුන්ට පිස්සුද?

    හිරු දැන් ෂොප් එක පැත්තට පායන්නෙ නැති නිසා කොල්ලො හිතේ සැනසීමෙන් කේක් ඕඩර් කරන්න යනව ඇති මගේ හිතේ. දැන් හිරුව ගෙදර ඉඳන් අපේ මහත්තයව හාවා කරගෙන.




    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයා හාවා උනේ ගොඩක් කාලෙකට කලින්... හි හි...
      කොල්ලන්ටත් කෙල්ලෝ ගොඩක් මැද්දට වෙලා කියව කියව ඉන්න තියෙනවා නම් ඉතිං වෙන දෙයක් තියෙනවද... හි හි

      Delete
  32. කේක් කන්න අමාරුනං උදව්වට මේ රජා ඉන්නවා...
    නොමිලේ සේවාව..
    අයකිරීම් නොමැත..
    අමතන්න... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි.. අපෝ ඔයයි ඔයාගේ අර යුව රජයි ආවොත් නම් ඉතිං කඩේම ඉවර කරළා යයි තමයි... හි හි

      Delete
  33. වෙඩින් කේක් එක ලස්සනයි. :) ඒත් කොච්චර ලොකුවට හැදුවත් කන්න හම්බවෙන්නේ පොඩි කෑල්ලක්නේ.

    ReplyDelete
    Replies
    1. මේක නම් ඔය සිද්ධිය තමයි.. හැබැයි මේක කේක් වලින්ම හදන්න පුළුවන් ඉෂාන්...

      Delete
  34. හපෝයි. කේක් බඩගිනියෝ. පොල්කේක් ටිකක්වත් කාපු කාලයක් මතක නෑ. ඔබ පැත්තේ ආවොත්වත් හම්බෙයිද?

    ReplyDelete
    Replies
    1. අපේ අම්මගෙන් තමයි ඉල්ලගන්න වෙන්නේ.. හි හි

      Delete
  35. අපරාදේ. නුවරට කිට්ටුවේ වත් තිබ්බා නම්. වෙඩිං කේක් වැඩේ හිරුවට දෙන්න තිබ්බා. මොනා කරන්නද හිරු. කොළඹ ඉදන් නුවරට කේක් අරන් යන්න පුලුවනෑ. අර කේක් එක නම් ලස්සනයි හිරු. ඒ කේක් එක වගේම උබලගේ ජීවිතත් ලස්සන වෙන්න ඕන කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. නුවරටත් අරං යනවා මින් අපේ කේක්.. ඒත් ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න කට්ටියගේ ඕඩර්ස් තමයි එන්නේ අපිට...

      තැන්ක් යු....

      Delete
  36. මේ ඇහුනද....? අරුන්දැගේ ඔය බ්ලොග් කෙරුවාව නිසා වැඩි දොහක් නොගිහින් මගේ මේ බිසුනොස් එකටත් කනකොකා හඬනවා..! ඕං මං නොකීවයි කියන්නෙපා..

    හිරුවගේ අම්මා

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ සරා අයියේ.. අපෙ අම්මා හරි කැමතියි.. නිකම් ලැබෙන පබ්ලිසිටියනේ.. හි හි..

      Delete
  37. මේ මේ ඔය බයිලා වැඩක් නෑ... අපි ඕඩරේ දුන්න දවසට අනං මනං අප්සැට් ටෝක් නැතුව ඉල්ලන සතා කොටු කරලා බොක්ස් එකට දාල දෙන්නයි තියෙන්නෙ අරිද...

    මේ සිරා ඔදට ඔදයි...නරකට ඊටත් වඩා ඔදයි....

    ReplyDelete
    Replies
    1. හරි හරි.. සිරාට බැරියැ අලියෙක් වත් බොක්ස් එකට දාලා දෙන්න.. හොයා ගනින්කෝ ඉක්මණට කෙල්ලෙක්.. හි හි..

      Delete
  38. අන්න කස්ටමර්ස්ලව අල්ල ගන්න හැටි. ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ. වැඩේ වෙඩ්න් එක දක්වාම ෂුවර්.

    ReplyDelete
  39. මේ ලොකු කේක් හදන්න වැඩි ගානක් යන්නෙ නෑ නේද හිරූ.මොකද ඉතිං තනිකර රිජිෆෝම් නේ...එවෙලෙට කපන්නේ වෙඩින් කේක් කෑල්ලක් ....

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අලි පත ‌කේක් හදන්න පුළුවන් එහෙම විතරයි බට්ටි.. ( යට තට්ටු වලට බර දරා ගන්න බෑ නේ නැත්තම්..) හැබැයි ඔයිට වැඩිය පොඩියට, තට්ටු කේක් හදන්න පුළුවන් කේක් වලින්ම... අපි ගොඩක් වෙලාවට හදන්නේ එහෙම...

      Delete
  40. අඩේ මේකට මන් කමෙන්ට් එකක් දැම්මේ නැද්ද? නැත්නම් ස්පෑම් වෙලාද? යකෝ අද ආවේ රිප්ලයි බලන්නනේ.

    තට්ටු කේක් එකක් හදන්න පන් හය දාහක් වියදම් කරලා, සුට්ටන් කෑල්ලක් කාලා ආයේ ඒකෙ ඉතුරු ටික ගිහින් දෙන්නත් එපැයි. අන්තිමට බලනකොට හයර් එකට අරන් තියෙන්නේ. ඒ මදිවට හාවත් වෙලා. හුහ්.. මන් හදනවා සිමෙන්තියෙන්. නැත්නම් ෆයිබර් වලින්. පොඩ්ඩක් බර වැඩිවෙයි. ඒත් කමක් නෑ. ජීවිත කාලෙම තියා ගත්තෑකිනේ.
    අපි අහු වෙයි හිරුවට. :P

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා නෑ...

      මේවයේ තියෙන ඒවට යන වියදම හැටියට බඩු ටිකත් එක්කම දෙන්න පුළුවන් දැං දෙන ගාන වගේ තුන් හතර ගුණේකට විතර... හි හි..

      කේක් එක ආපහු ගෙන්න ගන්නේ නෑ .. අපි ගිහින් අරං එනවා... හි හි.... හැබැයි අකම් අපි නම් එකම කේක් එක දෙන්නෙකුට දෙන්නේ නෑ.. හැම තිස්සේම අලුතින් කේක් එක හදනවා.. මොකද එක්කෙනෙකුට එහෙම කළොත් අනිත් අයත් හයර් එකට ගන්න හදන නිසා... ඒක නිසා අපේ ෂොප් එකේ කේක් හයර් එකට නෑ... හි හි...

      Delete
  41. Lassssana cake eka. Awulak na post eka hodai cake eka nisa rasawath una. Nodanna aya hari dana gaththane hawo wenawa oya wage welawata kiyala.

    ReplyDelete
    Replies
    1. හි හි.. හාවෝ වෙන්නේ නෑ.. අපි හාවෝ කරනවා... හි හි...

      Delete