Monday, November 12, 2012
අද නම් ෆොටෝ විතරයි....
ඔන්න.. කට්ටිය මේ පැත්තේ යනවනම් පරිස්සමින් යන්න.. පේනවනේ.... කට්ටියව ෂුවර් නැති තරම...
කොහෙද කියලා හිතා ගන්න බැරි නම් මෙන්න උදව්වක්...
කොහොමද පැකිං.....
අපිට මොකටද ලොරි..
ගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට ගිහින් එන ගමන් මේක දැකලා තියෙන්නේ...
හයිවේ එකේ කියලා නෑ... ට්‍රැෆික් පොලිස් සිග්නල් එක නම් වදිනවා..හි හි...
ඔන්න හයිවේ එකේ ධරානිපාත වැස්සේ, රෑක තාම ගියේ නැත්තම් කියන්න තියෙන්නේ ඒ වෙලාවට නම් 60ට වඩා හයියෙන් යන එක ඇඟට ගුණ නෑ කියලා තමා...
ස්පිඩෝ මීටරේ කට්ට තියෙන තැන මට පෙන්නේ නෑ.. බලන්නකෝ ඔයාලට වත් පේනවද කියලා..
අදහස් සහ ෆොටෝ සැපයීම අපේ මහත්තයාගේ අද නම්... ( එතකොට පෝස්ට් එකත් එයාගේ වෙන්න ඕනේ.. මම කළේ අප්ලෝඩ් කරන එක විතරයි...) ෆොටෝ ටිකට අනුග්‍රහය අපේ මහත්තයාගේ ගමන් සගයා කපිල ගෙන්..
බ්ලොග් එක මතක් වෙලා තමයි අරන් ඇවිල්ලා තිබ්බේ.. හි හි...
Subscribe to:
Post Comments (Atom)
අර උඩින්ම තියෙන්නේ අයියගේ බයික් එක වෙන්න ඇති නේද!
ReplyDeleteහි හි... ඒකත් නියමයි නේ...
Deleteමාතර වගේ පේන්නේ.... ස්පීඩ් එක 110.... කීයද හැබෑටම ස්පීඩ් ලිමිට් එක?
ReplyDelete130 ට ගියාලු.. අනෙ මන්දා.... ස්පීඩ් ලිමිට් එක 100යි.. හි හි.. මාතර තමා...
Deleteෆොටෝ ටික අස්සෙන් සුදුපාට අකුරු ටිකක් පේනවා.. මොකක්ද අප්පා ඒ ...
ReplyDeleteඒක මේ පොඩි ගැජට් එකක්... හි හි
Deleteමරු ෆොටෝ ටික
ReplyDeleteහි හි.. තැන්ක්යු....
Deleteඅර උඩින්ම තියෙන බයිසිකලේ කවුරු පැදපු එකක්ද දන්නෑ නේද? :)
ReplyDeleteඒක නම් නිකම් හදපු එකක් වෙන්න ඕනේ....
Deleteඅද තමා ලේසියෙන්ම කියෝ ගත්තු පෝස්ට් එක තියෙන්නේ. වචන අඩුයි. :)
ReplyDeleteඒක නෙමේ අර උඩම තියෙන බයිසිකලේ කොහේද තිබ්බේ හිරු ?
කියෝලම නෑ නේ.. හි හි... මාතර ටවුන් එකේ...
Deleteඒක තමා අර බ්රේක් පලු හයේ බයිසිකලය
Deleteane hiruwooooo
ReplyDeleteඇයි බං...
Deleteඅපේ ගමනේ.
ReplyDeleteඇත්තෙයි. ඔහේ ඒ පැත්තෙයි.
Deleteමාතර කට්ටිය කළ එළි බහිනවා මේ ටිකේ... හි හි
Deleteමොකද්ද අප්පේ හිරු ඒ කථාව
Deleteඑහේ තමයි දේශකයෝ.මක්කයි ඔහේ කරන්නේ.
Deleteඇයි ගයනි.. අර මාරයියත් පොතක් ගැන දාලා මාතර කට්ටිය හෝගාලා එළියට පැන්නේ.. හි හි...
Deleteමම නේ නිකා දොඩෝනවා. හැක්..
Deleteහ:! අපේ පැත්තෙත් ඇවිල්ල තියෙන්නෙ.
ReplyDeleteබොලේ.. ඔහෙත් ඒ පැත්තෙයි. මෙන්නෝ මාතර උන් බිත්තර බිදගෙන එනවෝ..
Deleteතව එක්කෙනෙක්... හි හි
Deleteනැත නැත මා හම්බන්තොටයි.
Deleteහැබෑට... මරු නේ... හි හි
Deleteපෙනේද හම්බන්තොට උන්ගේ තරම?
Deleteඅනේද කියන්නේ..........
Deleteඅඩේ.... අක්කේ අයියත් මාරු වාර්තා කාරයෙක් වෙලානේ එල පොටෝ ටික ඈ..... හයි වේ එකේ පොටෝ දාන්න එපා මට ඉරිසියයි.
ReplyDeleteඅයියා හොඳ රිපෝටර් කෙනෙක් තමා... මගේ බ්ලොග් එකට ෆුල් සපෝට්... ආවම යන්න බැරියෑ ඔයාට...
Deleteමාත් මේ දවස්වල ෆොටෝ විතරයි දාන්නේ!
ReplyDeleteහි හි
Deleteචා. චා. බයියෝ කොළඹ ගිහිල්ලා. අර තඩි බයිසිකලේ නං තියෙන්නේ හරියටම මාතර බෝධිය ඉස්සරහ. එතන තියෙනවා ධර්මපාලතුමාගේ පිළිරුවකුත්. අනේ බං මමත් ඔය පින්තූරේ ගත්තා. චැක් උඹ මට ඉස්සර උනානේ.. අඩේ අප්ප ආශ්චර්ය මාවතෙත් ගිහිල්ල. කෝ සත පහ...
ReplyDeleteඔය ඉන්නේ හරියටම දන්න කෙනෙක්.. පේනවානේ ඒ පැත්තේ කට්ටියගේ තරම දන්න නිසා බයිසිකලේට දාලා තියෙන දංවැලේ තරම... හි හි....
Deleteඑතකොට අපේ මහත්තයා අපේ නොනව ගෙදර තියල හම්බන්තොට ගියා.....
ReplyDeleteඔෆිස් එකේ වැඩ වලට නේ නලීන් අයියේ...
Deleteපින්තුර කතාවක් වගේ නේ! එල එල!
ReplyDeleteහි හි.. අනුග්‍රහය අපේ මහත්තයගෙන්....
Deleteස්පීඩ් මීටරේ 100 නම් පැනල. එල ෆොටෝ ටික.
ReplyDeleteඒක තමයි ... බැනුම් අහන්න බලාගෙනම ෆොටෝ එක අරං ඇවිල්ලා.. හි හි..
DeleteLassana photo tika ne.
ReplyDeleteතැන්ක් යු නඟා..
Deleteෆොටො බලනවනම් මේ පැත්තෙත් එන්න
ReplyDeletekachasiththara.blogspot.com
ඒ පැත්තේ ගියා...
Deleteතව ෆොටෝ බ්ලොග් එකක් නේ.. ෂෝක්....
Lassana photo tika ne.
ReplyDeleteමහත්තයා හයිවේ එකේ ගිහින් වගේ...
ReplyDeleteඑයා ඉතිං සති දෙකකට සැරයක් විතර යනවා... ඉස්සර නං දවසක් ඉන්න බලාගෙන යන්නේ.... දැං නං උදේ ගිහින් එනවා..
Deleteමෙන්නෝ නීති කඩලා පින්තුරත් එක්ක කයියකුත් ගහනෝ !!
ReplyDeleteවැඩක් නෑ කියලා... හි හි
Deleteඅර ලෑන්ඩ්මාස්ටරේ දෙයියන්ගේ පිහිටෙන් ගමනාන්තයට ගියා කියලා දැන ගන්න විදිහක් නැද්ද හිරු අක්කේ....අර උඩම බයිසිකලේ වගේ එකක් තමයි මමත් පොඩි කාලේ පැද්දේ....! (මම හිතන්නේ මේ මගේ පලවෙනි කමෙන්ටුව)
ReplyDeleteලෑන්ඩ් මාස්ටරේ මරු නේ.. හි හි...
Deleteඔය හයි ස්පීඩ් ගිහිල්ලා, ස්පීඩෝ මීටරේ ෆොටෝ එකක් ගහලා පෙන්නන එක මෙහෙත් ජයටම නැගලා යන සිඟිති ආතල් එකක්..
ReplyDeleteහයි ස්පීඩ් නෙවෙයි බං... අර උඩ තියෙන ෆොටෝ ටික දැක්කේ නැද්ද...
Deleteඉතින් බන් උඹ බලන්ඩ කියපු එකනෙ බැලුවෙ.. හැක් හැක්..
Deleteඈ.....................
ReplyDeleteමොකෝ... හි හි
Deleteඑච්චර ඉක්මනට රේස් කාර් එකක් අරගෙන වගේ... පොඩි නයා පාරක්ද මන්දා...
ReplyDeleteඅපෝ නෑ.. ඔය ඔෆිස් එකේ වාහනේ....
Deleteඔක්කොමත් හරි අර තඩි බයිසිකලේ කාගෙද අප්පා.... ??
ReplyDeleteඋයාට රවුමක් පැදලා එන්න ඕන ද.... :D
Deleteදන් නෑ... හි හි
Deleteමං හිතන්‌ෙන් මාතරදි බයිසිකලේ උස්සපු එක්කෙනෙක් අනිත් අයට අනතුරු අඟවන්න හදපු එකක් වෙන්න ඕනේ.. හි හි
මිස් මාතර ඇවිත් වගේ... වැඩේ නම් කැතයි හැබැයි...........
ReplyDeleteමං ආවේ නෑ..... :(
Deleteඑහෙනම් ෆොටෝ උඩිං පාත් වුනා ද... :-/
Deleteඅපේ මහත්තයා ගියේ.. ඔය ෆොටෝ එයාගේ වැඩ.... ලියලා තිබ්බ ටික කියෙව්වෙම නැද්ද.. හි හි
Deleteඅර උඩින්ම තියෙන ෆුට් සයිකල් එකත් මාතර පැත්තෙද තියෙන්නේ ?
ReplyDeleteමාතර ටවුන් එකේ.. හි හි
Delete60ට යන්න සල්ලි ගෙවලා හයිවේ එකේ පලයන්කෝ...
ReplyDeleteඒත් මොකෝ.. ගැස්සිලි පැද්දිලි නෑ නේ... ලංකාවේ හදපු පළවෙනි හයිවේ එක... ප්‍රශ්න තියෙනවා තමා.. වැස්සයි මීදුමයි හින්දා ගිය ටිකේ ටිකක් පරිස්සමින් යන්න කිව්වේ ඒක හින්දා...
Deleteවැස්ස වෙලේ ගත්තයි කිව්වට එක වතුර බින්දුවක් පේන්න නැහැ.අපි බයික්කාරයෝ අපි බයික්කාරයෝ කියලා කෑගැහුවට ඔය කාර් එකක් තියෙන්නේ බොලේ.
ReplyDeleteඔෆිස් එකේ වාහනේ බං...
Deleteහයි ස්පීඩ් තමා 100 පැන්න ගමන්...ඒත් 130 වෙනකන් අල්ලන්නෙ නැහැ.
ReplyDeleteඒත් පාරෙ කොලිටි එකනම් අන්තිමයි. ඒ වගේම බල්ලො,තලගොයි.
වැස්ස දවසට නම් කතාකරල වැඩක් නැත. හතරවටේම තියෙන කුනු කන්දල් පාරෙ.
රන්න හරියෙ,බට අත හරියෙ..පාරවල් බලන්නකො. හයිවේ වගේ තමා.
එහෙම තමයි අපේ පැත්තට මහින්ද මාමා බොක්කෙන් වැඩ
Deleteවී.. අපේ මහත්තයා කියන්නේ ඔය පාරට ඉඩම් අහුවෙච්ච එවුන් තණ්හාවට ඇවිත් ආයිමත් වාහනවලට අහුවෙනවා කියලා.. හි හි...
Deleteබොරලු..
අඩු ගානේ එහෙම හරි පාරවල් ටික හැදෙන එක හොඳයි අප්පා.. සමහර තැන් තියෙනවලු පාරවල් වල අලි නාවන සයිස් වළවල් විතරලු ... ගිහින් ආවම හැමදාම තෙල් සාත්තු.. හි හි..
මලින්ද මාමා අයවැයෙන් රේසිං කාර් මිළ අඩුකලා විතරයි... අපේ මහත්තයා ඒවායින් එකක් ගන්න කලිං පෙර පුහුණුවක් කරන්න නේද මේ ගියෙ...
ReplyDeleteඔව් ඔව්.. දැං එකක් ගන්න ඕනේ කිය කිය ඉන්නේ.. හි හි
Deleteමෙන්න අපේ ගමට හොරු පැනලෝ,අල්ලපියව් http://apegamamathara.blogspot.com/
ReplyDeleteඒ පැත්තේ ඉන්න හොරුන්ගෙන් බේරගන්න වෙන්නැති නේ අර බයිසිකලේට අලි දංවැලක් දාලා බැදලා තියෙන්නේ .. හි හි...
Deleteමම නම් ආසම අර බයිසිකලේට. මම ඉස්සෙල්ලම හිතුවෙ අර පන්සල්වල පහන් පත්තු කරන්න තියෙන එකක් කියලා. ඕක පාක් කකද තියෙන්නෙ?
ReplyDeleteමම ඔය එක්ස්ප්‍රස්වේ එකේ ගියා ගිය පාර , හැබැයි දවල්.
//බැනුම් අහන්න බලාගෙනම ෆොටෝ එක අරං ඇවිල්ලා.. හි හි.. //
ට්‍රැෆික් පොලෝසියෙන් බේරුනත් ගෙදර ආපුවාම බේරෙන්න බෑ අපේ මහත්තයට නේ? :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බයිසිකලේ තියෙන්නේ මාතර බෝධිය ගාව ,දර්මපාලතුමාගේ පිළිමයට පිටුපසින් ,යතොත් වෙලාවක බලන්න
Deleteඔය හසරැල් කියලා තියෙන්නේ තියෙන තැන හරියටම..
Deleteඅනේ ඩූඩ් අයියේ මෙයාට කොච්චර කිව්වත් ස්පීඩ් ලිමිට් එකට යන්නෙ නෑ නේ.. ඒ මදිවට හැමදාම දඩත් කනවා.. ඒකයි මට තරහා.. උදේ ඉඳන් මැරීගෙන ඩ්‍රයිව් කරලා අතින් දඩ ගෙවාගෙන යන වැඩෙන් ඇති වැඩක් නෑ නේ.. කිව්වට අහන්නේ නෑ...
ඇත්ත නෙව මේව අපේ මහත්තයට තේරෙන්නේ නැතිවා...
Deleteඒනං බ්ලොගේ නම වෙනස් කරානං හරි නේ...
ReplyDeleteහිරු නැති හෝරාව විත් මාත්තියා...
දැං පෝස්ට් දාන්නේ හස් බන්ඩනේ......
හි හි.. එයාගේ ෆොටෝ විතරයි.. කම්පියුටරේ අල්ලන්නවත් කම්මැලියෙක් එයා...
Deleteමාර ප්‍රශ්නේ කියන්නේ හම්බන්තොට ටවුන් එකට මහත්තයා ගියාද දන්නැ? අපි හම්බන්තොට වෙලත් අපිටත් පාර වරදිනවා වරාය හරියේ පාරවල් අගලෙන් අගලට. අද යන පාරේ නෙමේ හෙට යන්න තියෙන්නේ
ReplyDeleteඒක නං ඇත්තලු.. හි හි... හැබැයි ඉතිං මෙයාලා හැමතිස්සේම වගේ ඔය පැත්තේ යනවනේ දැං.. ඒක නිසා වරදින් නෑලු... හි හි.. ඉස්සර ඔය වැඩ වලට යන්න ඕනේ ර නවතින්න බලාගෙන.. දැං නං එක දවසින් වැඩේ කරලා එනවා..
Deleteඔය තියෙන්නේ .වැඩේ වටිනවා කෙල්ලේ.
ReplyDeleteදැන් එතකොට හස්බන්ඩත් පොස්‍ටුවට අත හිත දෙනවා.
නරකදෑ උන්දැටත් බ්ලොග් එකක් අටවලා දුන්නා නම්.
හි හි..... එයා මෙච්චර කාලෙකට මේ කම්පියුටරේ ටයිප් කරලා තියෙන්නෙ එක වාක්‍යයි... මේ කමෙන්ට් ටික කියවන්නත් කම්මැලියි.. මම තමයි කිව්වේ මේවා මේවා කියලා තියෙනවා කියලා.. කොච්චර කමෙන්ට් තිබ්බද කියලා නං ඇහුවා.. හි හි... අනිත් බ්ලොග් වල තියෙන ඒවත් මම තමයි කියන්න ඕනේ.. හි හි.
Deleteතව තව...
Deleteඅර උඩම තියෙන බයික් එක මරුනේ.. කවුද දන්නේ නෑ හැදුවේ?
ReplyDeleteදන්නෑ බං.. ඒක බැඳලා තියෙන දංවැලේ සයිස් එකත් මරු තමා.. හි හි
Deleteසෝයි බයිසිකොලේ...
ReplyDeleteහික්ස්..
ජය..
ඇයි අර දඩ දංවැල... හි හි
Deleteට්‍රැෆික් පොලිසිය මේ බ්ලොග් එක බලනවද දන්නෙ නෑ !!!!!
ReplyDeleteබලන් නැතුව ඇති නේ.. හි හි
Deleteඅපූරු පිංතූර ටික. හයිවේ එකේ වගේම අර බයිසිකලේ එකත් ලංකාවේ කියලා දැනගත්තාම
ReplyDeleteඒ බසියිකලේ නම් ඇත්තටම හරි අපූරු වැඩක් කියලා අපේ මහත්තයා කියන්නේ.. හි හි... හයිවේ එකත් හොඳ වැඩක් තමයි...
Deleteපින්තූරවලින් ලොකු කතන්දරයක් කියනව වගේ.
ReplyDeleteට්‍රැෆික් මහත්තුරුත් බලනව මේ බ්ලොග් එක?
නෑ නෑ.. ට්‍රෆික් කට්ටිය නෑ... හි හි..
Deleteහෆොයි මට වහ කන්න හිතෙනවා..මන් මේ බ්ලොග් එකට මීට ඉස්සෙල්ලා ඇවිත්ම නැද්ද ? කමෙන්ට් කරලම නැද්ද අප්පේ ?
ReplyDeleteෆොටෝ ටික නම් නියමයි !
ඔවුනේ.. වෙනී අයියව මේ පැත්තේ දැක්කමයි... හරි සන්තෝසයි අප්පා ආවට.. හි හි....
Deleteඋඩම ෆොටෝ ටික මොනවද. කොහෙද තියෙන්නේ.
ReplyDeleteමාතර ටවුන් එකේ නොවැ.. හි හි
Deleteබොලේ මොකෝ මේ අපේ පැත්තේ ෆොටෝ දමාගෙන , මාතර වගේ සිරා පැත්තක් ලංකාවේ කොහෙවත් නෑ නේ අක්කේ :)
ReplyDeleteහි හි.. ඒක තමයි ඔය බයිසිකලේට අලි බඳින දංවැලක් එහෙම දාලා තියෙන්නේ .. නේද මලයෝ.... හි හි
Deleteඔය රෑට වාහනේ අස්සේ ෆොටෝ ගහන එකනම් ඩේන්ජර්. මොකද ඇහැ ගිණිකන වැටෙනවා.
ReplyDelete"අපේ මාත්තියාට ඔපීසියෙන් කාර් එකක් තියෙනවා.
අපේ මාත්තියාට රට වටේ ඇවිදින්න පුළුවන්.
අපේ මාත්තියාට හයියෙන් යන්න පුළුවන්.
අපේ මාත්තියා ළඟදීම රේසින් මෙව්වා එකක් යනවා.
හූ හූ!"
හිරු නැති වෙලාවේ මාත්තියා දාපු පොස්ට් එකේ හිරුවා දාන කමෙන්ට් එක තමයි මේ.
(just a joke.)
හි හී... ඇයි බං ටෙක්නිකල් ටීම් එකට වාහනයක් නොදී කොෙහාමද රට වෙට් තියෙන වැඩ වලට යන්නේ... හයියෙන් යෑම ගැනනම් ඔය පෝස්ට් තුන හතරක්ම මං ලියලා තියෙන්නේ... රේසින් එකක් ගන්න ඕනෙලු.. වැඩේ තියෙන්නෙ තියෙන රෝද දෙක විකුණුවාම වැඩට යන්නේ මොකේද කියන එක.. ඒක නිසා ඕනේ නෑලු... හි හි...
Deleteආ.. අපේ මහත්තයා දාන පෝස්ට්... අනුග්‍රහය එයාගේ.. පෝස්ට් එක මගේ... හි හි
ෆොටෝ අරන් තියෙන්නෙ අපේ මහත්තයගේ සගයා.. කපිල.... හි හි
අර උඩ ෆොටෝ එකේ තියෙනවා වගෙ බයිසිකලයක් මාත් ගන්නෝනැ.ඉදගන්න තියෙන සීට් එක නිකං ෂට්ල් කොක් එකක් වගේ.ඒක තමයි එකම අවුල.නැත්තං නං මරු බයිසිකලේ!
Deleteසීට් එක තියෙන්නේ උඩ නේද.. ෂට්ල් කොක් එක වගේ තියෙන්නේ කූඩයක් වගේ මට පේන්නෙ.. හි හි.. ෂෝක් නෙ පාරේ පැදගෙන ගියොත්. කට්ටිය කටවල් ඇරගෙන බලං ඉඳියි.. හි හි..
Delete