ඩූඩ් අයියගේ බට්ටගේ බයිසිකලේ කතාව කියවද්දි මතක් උනේ මටත් බයිසිකල් කතාවක්.. හි හි...
ඔන්න එහෙනං.... මේකත් පරණ රස කතාවක්ම තමයි...
මොන්ටිසෝරි යන කාලේ මාමා කෙනෙක් එක්ක බයිසිකලේ යන කොට, රස කර කර මොකද්ද කියන්න ගිහිල්ලා, හිටපු තැන අමතක වෙලා, කකුල ස්පෝක් අස්සේ ගිහින් විළුඹ කැඩිච්ච එක තමයි මගේ පළවෙනි බයිසිකල් අත්දැකීම... හා හා පුරා කියලා මාස දෙකක් විතර ගෙදර හිටියා කකුල බැඳගෙන ඒපාර.. හි හි..
දැං මං මේ කල්පනා කළේ තාත්තා මට බයිකලේ ගෙනත් දුන්නේ කොයි කාලෙද කියලා.. වටපිටාව ගැන මගේ හිතේ තියෙන සීන් ටික ගැන කල්පනා කරලා බලනකොට මට හිතෙන්නේ මේ මං 4 වසරේ විතර ඉන්න කාලේ වෙන්න ඇති...
ඔන්න ඉතිං අපේ තාත්තා ජීවිතේට මොනා හරි ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙන මනුස්සයෙක් නොවෙන නිසා මං දැනං හිටියේ නෑ තාත්තා බයිසිකලේ ගෙදරට ගේනකම්ම.. ඒත් ඒක දැක්ක ගමන්ම මගේ හිතේ බයිසිකලයක් ගැන තිබ්බ කප්පරක් බලාපොරොත්තු, අර කෑලි ගලෝලා හදන ප්‍රෙහේලිකාවක වගේ කෑලි කෑලි කැඩිලා, සී සී කඩ විසි වෙලා ගියා....
ඇයි ඒ කියලද ඇහුවේ... ඇයි දෙයියනේ... බයිසිකල් කිව්වම මං හිතේ මවාගෙන හිටියේ අර හැන්ඩ්ල් එකේ රුලි එල්ලෙන, පාට පාට රෝද තියෙන, ලස්සන සීට් එකක් තියෙන, සද්දේ දාන බෙල් එක්ක තියෙන එකක් නේ...
තාත්තා උස්සන් ඇවිත් තියෙන්නේ නිල් පාට, ලුමාලා, බාගේ බයික් එකක්... ( දැං බාගේ බයික් කිව්වම දන්නෙ නෑත්තම් අර ලොකු බයික් එකේම, ඊට වඩා ටිකක් පොඩි එකක් හොදේ...)
කොෙහාමත් ඕක දැක්කම හිතෙන්නේ මේ ලොකු අයගේ බයික් එකක් කියලනේ... අනිත් එක මේක මාර උසයි... මට නැග ගන්න තියා හැන්ඩ්ල් එක අල්ලගන්න විතරයි යන්නම් පුළුවන්...
ඉතිං මට දැක්ක ගමන් කිව්වා.... අනේ මේක නං මට එපා.. මේක ලොකු අයගේ බයික් එකක් නේ.. මට ඕනේ පොඩි අයගේ බයික් එකක් ... කියලා...
කොහොමහරි තාත්තා මාව ෂේප් කරලා, ඔය බයික් එක උඩට උස්සලා තියලා, ගේ ඇතුලේ රවුමක් දෙකක් යන කොට නම් ඔන්න මට හිනාවක් ගියා... ඒක ජොලි වැඩේ.... ( මොකද ඔය බයික් එක ගෙදර ගෙනාවෙ මහ රෑ.. තාත්තා වැඩ ඇරිලා එනකොට...
කොහොමින් කොහොම හරි මම මාස දෙකක් යනකොට බයික් එකට කොච්චර පුරුදු උනාද කිව්වොත් , අම්මා මාව කඩේට යවන්නෙත් බයික් එකේ.. හි හි...
හැබෑට දැං කල්පනා කරලා බැලුවම අපේ ගමෙන්ම මුලින්ම බයික් එකක් පැද්දේ මම වෙන්න ඇති ගෑණු ළමයෙක්ට.. හි හි...
ඔය කාලේ මට යාලුවෙක් හිටියා... අපේ තාත්තගේ හොඳම යාලුවෙක්ගේ පුතෙක්... ඒ කාලේ මගේ හොඳම යාලුවා ඉන්දික අයියා තමා... අපි දෙන්නා ඉස්කෝලෙ ඇරිලා ආපු වෙලාවේ ඉඳලා කරන්නේ ගම වටේට බයිසිකලේ රවුම් ගහන එක...
බයිසිකලේ කඩේට යනකොට අම්ම හැමදාම කියන්නේ පාරේ අයිනෙන් යන්න කියලා... පයින් යනවා වගේ බයිසිකලේ යන්න පුළුවනෑ... මම යන්නේ පාරේ මැද්දෙන්.. ඒ කාලේ ඉතිං වාහනත් අඩුයි නේ....
ඔන්න දවසක් මම කඩේ ඉදලා එනවා... ඉස්කෝලෙ පිට්ටනිය හරිය තියෙන්නේ හෙන පල්ලමක්... මම ඔය පල්ලමේ එන්නේ බ්රේක් වලට අත තියන්නෙවත් නැතුව... ඒ තරම් චණ්ඩියා....හි හි...
කුරුල්ලා වගේ තනි අතින් හැන්ඩල් එක අල්ලගෙන පල්ලමේ ආපු මට, ඉස්සරහින් ආපු කාර් එක පේන්න ටිකක් විතර පරක්කු උනා...
කලබලේට කොහෙට කැපුවද කියලා මතක නම් නෑ.... හැබැයි මට ඊළඟට මතක, කාණුවේ, කකුල් දෙක ඔලුව උඩ කියාගෙන ඉන්න කොට කාරෙකේ ආපු මනුස්සයා මාව උස්සලා ගොඩට ගන්නවා තමයි... හි හි...
මදෑ කොලා.. බලනකොට ඒ අපේ මාමා.... ඉතුරු හරිය නොකිව්වට කමක් නෑ... හි හි..
ඒ එක සීන් එකක්...
අනිත් එකත් පල්ලමක් හා සම්බන්ධයි...
ඒ පාරත් වැඩ දාන්න ගිහින් නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... ඒ පාර නම් නිවාඩු මාසෙන් බාගයක් විතර ඇදේම ඉන්න උනා...
කොහොම හරි අවුරුදු ගාණක් ඔය බයිසිකලේ මාත් එක්කම හිටියා.. පස්සේ තාත්තා මල්ලිට අර මං ආස කරපු විදියේ චොපර් බයික් එකක් ගෙනත් දුන්නම මට හරි ඊරිසියයි.. මොකද එතකොට මට ඒක පදින්න බැරි තරම් මං උස ගිහින්... හි හි..
පස්සේ කාලෙක තමයි මම ඔය බයිසිකලේ ඇත්ත කතාව දැන ගත්තේ...
ඒ කාලේ තාත්තට බයිසිකලයක් ගන්න වත්කමක් තිබිලා නෑ... ඒ දවස්වල තාත්තලගේ කම්පැණි එකෙන් පොඩි උදවුවක් කරලා තියෙනවා.. දුර ඉඳන් එන අයට ගෙවීමේ ක්‍රමයට බයික් ගන්න කම්පැණිය ඇප වෙලා... ඒ පාර තාත්තා එයාට බයික් එකක් ගන්න එක පැත්තකින් තියලා මට බයික් එකක් ගෙනල්ලා...
ඕක කියපු වෙලාවේ මං ඇහුවා ගෑනු ළමයි බයික් පැද්දේ නැති කාලෙක, මට බයික් එකක් අරං දෙන්න ඔච්චර ඕනේ උනේ ඇයි කියලා... තාත්තා හිනා වෙනවා විතරයි ඕක ඇහුවම... අනේ මන්දා...
ඒත් අර මං බයික් එක දැක්කම ඒක එපා කියපු එක නම් තාත්තට හොඳටම හිතට වැදුනලු... ඒත් දැං නං කියන්නේ, ඒ කාලේ තාත්තා හිතුවේ ගොඩක් කල් පදින්න පුළුවන් බයික් එකක් අරං දෙන එක ගැන විතරයි, ඒත් දැං තේරෙනවා ඇයි මං ඒක එපා කිව්වේ කියලා... හම්ම්.. ඔෙහාම තමයි ඉතිං තාත්තලා.. හි හි...
මම උදේ ඉඳලා මං ගාව තියෙන පරණ ෆොටෝ අල්බම් ටික ඇදගෙන හෙව්වා ඔය බයිසිකලේ පින්තූරයක් මේකේ දාන්න.. ම්හු... ගෙදර ගිය වෙලාවක අරන් ඇවිත් පස්සෙ ඇඩ් කරන්න තමයි වෙන්නේ..
ඔන්න බයිසිකලෙයි මගෙයි ෆොටෝ එකක් දැම්මා.. මේක හොයන්න ගිය වෙලාවේ තාත්තා ඔය ඔක්කොම විස්තර ටික ආයිමත් අපේ මහත්තයට රිපීට් කරලා මගේ නම්බුව කෑවා... හොඳ වෙලාවට මම කලින් කියලා තිබ්බේ.. නැත්තම් විනාසයි.. හි හි
පස්සේ කාලෙක මේ බයික් දෙකම වෙන කෙනෙකුට දීලා තිබුණා තාත්තා.. ඒ ළමයිනුත් ගොඩක් කල් පාවිච්චි කලාට පස්සේ මල්ලි ගේ බයික් එක නම් කැඩුනා... ඊට පස්සේ තවත් කෙනෙක්ට දීලා තිබ්බා... දැං මං ගෙදර යන දවසට තාමත් එක පොඩි එකෙක් මගේ බයික් එක පදිනවා මම දකිනවා...
එතකොට මට හරි ආඩම්බරයක් දැනෙනවා...
අද මම එක.
ReplyDeleteබයිසිකල් ගැන කිව්වම මතක් වෙන්නෙම අපේ අප්පච්චි අපට අරන් දීපු චොපර් එක. (චොපර් කිව්වෙත් බයිසිකල් ජාතියක් ඈ.) සෙනසුරාදා දවසක මායි මලයයි සරුංගල් අරින්න ගිහින් නූල කඩාගෙන යන සරුංගලය පස්සේ දුවලා බයිකලය පිට්ටනිය මැද්දෙම දාලා ගෙදර ආවා. දවස දෙකකට විතර පස්සේ තමා මතක් උනේ සයිකලය ගැන. එතකොට වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි.
Deleteඅපේ අම්මයි අප්පච්චියි නොසෑහෙන්න දෙහි කැපුවා.
සයිකල් පදින්න ගිහින් වැටිලා තුවාල කරගත්තුවා නැත්නන් වැඩක් තියේ යෑ..
මමත් බයිසිකලය කඩේ දාලා ආපු දවස් තියෙනවා..
Deleteඅපේ මල්ලිත් ඔය ජාතියේ තමා... එයාත් කිසිම පරිස්සමක් නෑ බයික් එකට..
Deleteහැබැයි මං නං ඇති වෙන්න තුවාල කරගෙන තියෙනවා බයික් එකෙන් වැටිලා... හි හි...
මට මේක කියවද්දි අහන්න එව්ව ගොඩක් හිතට ආවා.. එව්ව හිත ඇතුලෙම මරල දැම්මා....
ReplyDeleteමටැ පොඩි කාලෙ ඉඳන්ම රථගාය තිබ්බෙම නෑ.. තාමත් නෑ... ඒත් තාත්තා රට ඉඳන් එද්දි මට බයිසිකලයක් ගෙනාවා.. හිරූගේ ජාතිය එකක්.. ඒක පදින්න පුරුදු වෙන්න ගිහින් කම්බි වැටවල් දිගේ එහෙම ඕන තරම් ගියා... ටික කාලයයි පැද්දෙ ගලවල වහලෙ උඩට දැම්මා.. ( තෙමෙන්නෙ නැති තැනකට ) දැන්නම් කොහෙද මන්දා
අහන්න හිතට ආපු ජාති ටික ඇහුවොත් මට ඉල්ලං කන්න වෙයි කියලා හිත කියනවා.. ඒක නිසා අහන්නේ නෑ.. හි හි...
Deleteඅම්මෝ මං නම් කකුල් දෙක කරකවන්න පුළුවන් කාලේ ඉඳලම බයිසිකල් පදිනවා.. මුලින්ම අර රෝද තුනේ එක... ඊළඟට උසේ හැටියට.. හික්ස්... වැටිලා ඇත පය කැඩුන එවුව නම් එමටයි... ඒත් අතෑරියේ නෑ .. මගේ ආසම වැඩේ උනේ බයිසිකල් පදින එක.. දැනටත් බයිසිකලේ තීනවා දුවිලි වැදී වැදී... කම්මැලියි අප්පා පදින්න...
ReplyDeleteඅර අන්දපු චිත්‍රය නම් මරු... හී...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මං නං තාම ආසයි.. ඒත් මෙහෙ ඉතිං කොහෙද බයිසිකල් පදින්නේ.. අවුරුදු 25ක් විතර වෙනකම්ම මම බයිසිකල් පැද්දා හැබැයි...
Deleteචිත්‍රකාරයෝ චිත්‍රකාරියෝ වැහි වැහැලා නොවැ මේ බ්ලොග් අවකාශේ :D
ReplyDeleteෆොටෝ එකක් නැති කමට ඔය ඇඳලා දැම්මේ.. හි හි
Deleteසොඳුරු මතකයන අවදි කිරීමක්. ඉතින් පිං දෙන්න ඕන ඩූඩ් ට තමා. හිරුවව ෆෝම් කෙරුවට. හැබැටම සයිකල් පැද්දට මොනවත් වුනේ නැ නේද හිරුවෝ. ඕව බොරු කතා නේද. ඒ කාලෙ ගමේ කොල්ලො හිරුව සයිකලේ යනකොට තුත්තිරි ගහක් පාවෙනෝ කියලා කැ ගහනවලු.
ReplyDeleteඩූඩ් අයියට පිං තමා.. හි හි...
Deleteමාත් ඔය කතාව අහලා තියෙනවා නලීන් අයියේ.. මං නං ඉතිං බයිසිකල් පැද්දා, බැඩ්මින්ටන් ගැහුවා, ජිම්නාස්ටික් කලා... ඔය කියනවා වගේ අබග්ගයක් නම් උනේ නෑ... අනිත් එක ඔය කෙහෙල්මලක් ගැන හිතලා ස්පෝර්ට්ස් නොකර ඉන්න එක නම් ගොන් කමක්...
ඒ කාලේ අපේ ගෙවල් පැත්තේ මගේ වයසේ කොල්ලෝ හිටියේ නෑ... ඔක්කොම පොඩි උන්.. උන් එයිද මට පාට් දාන්න.. හි හි....
ඒ මරු හලෝ..චිත්රෙත් හි.....මට නම් ඉතින් කාලයක් ආසාවක් තිබුනා..ඒත් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් බැහැ නේ බයිසිකල් පදින්න මට..
ReplyDeleteහයියෝ... ඉදලා වැඩක් නෑ නඟා... හි හි... චිත්තරේ ජොලියට ඇන්දේ..
Delete
ReplyDeleteමේ පොස්ට් එකේ වැඩියෙන්ම වටින්නේ
"පස්සේ කාලෙක මේ බයික් දෙකම වෙන කෙනෙකුට දීලා තිබුණා තාත්තා.. ඒ ළමයිනුත් ගොඩක් කල් පාවිච්චි කලාට පස්සේ මල්ලි ගේ බයික් එක නම් කැඩුනා... ඊට පස්සේ තවත් කෙනෙක්ට දීලා තිබ්බා... දැං මං ගෙදර යන දවසට තාමත් එක පොඩි එකෙක් මගේ බයික් එක පදිනවා මම දකිනවා..."
අක්කා වගේම ඒ ළමයිනුත් බයික් එක නිසා ගොඩක් සතුටින් ඉන්න ඇති
ජය
ඔව් ළහිරු.. අපේ ගෙවල් පැත්තේ ගොඩක් ළමයි ඒ බයිසිකලේ පැද්දා.. ඒක පොඩි අයට පදින්න ලේසි නිසා... ඒකත් මාර අත්දැකීමක් ....
Delete// නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා...//
ReplyDeleteයකෝ මේකි හදලා තියෙන්නේ වානෙන්ද..? අර ගෙදර මනුස්සයා වැරදිලාවත් ඇගේ වදින්නේ එහෙම නැද්ද බං හිරුවෝ.. එහෙම වැදුනොත් අනේ මංදා.. උන්දැට සතියක් තෙල් බෙහෙත් සාත්තු කොරන්ට වෙයි ඔය කියන හැටැයටනං.. අනේ මංදා ඔව්වා...:D:D:D
ඒක නෙවෙයි අර චිත්තරේ ඇන්දේ කවුද..? ඒකනං අගෙයි...
ඒ පාර නං ෆුට්බෝලයක් වගේ තාප්පේ වැදිලා විසිවුනාට ඇත්තටම අතපය කැඩෙන තරම් අමාරුවක් උනේ නෑ.. ඇටකටු ටික විතරනේ තිබ්බේ... ඒත් වෙච්ච තුවාල වලට නම් ගොඩක් දවස් ඇඳේම ඉන්න උනා... දැං නං අපේ මහත්තයා යන්තම් මගේ ඇඟේ වැදුනොත් මාසයක් විතර මට පත්තු බඳින්න වෙනවා.. හි හි...
Deleteචිත්තරේ ඇන්දේ මං..... හි හි
හි හී...හිරුවා තමා හිරුවා... මම හිතාගෙන උන්නෙ බයිසිකල් එකෙන් කාණු දිගේ බඩගාලා තියෙන්නෙ මම විතරයි කියලා. බලන් ගියාම හුරුවත් ඒ ලෙසමයි නේ.
ReplyDeleteඉස්සර අපේ මාමලාගෙ ගෙදරට පාරක් නෑ. අපේ වත්ත උඩින් පැනලා තමයි එහෙට යන්නෙ. මාමා ඇවිත් එයාගෙ බයිසිකලය හේත්තු කරනවා අපේ වැටේ.එයාලගෙ ගෙදරට යන්න..
මම කරන්නෙ මාමා තියලා යන බයිසිකලය අරගෙන තල්ලු දාන එක. හයියෙන් තල්ලු කරගෙන යන්නෙ පදින්න දන්නෙ නැති හන්දා... සමහර දවස්වලට කෙල්ල අගල්වල බයිසිකලෙත් එක්කම...අපි සැලෙයිද ඕවායින්... ඇරියෙ නෑ ගෙම. කෙල්ල පුරුදු උනානෙ හොරාට බයිසිකලේ පදින්න. මාමා ඇවිත් බයිසිකලය හොයද්දී කෙල්ල නෑ..ඒකත් අරන් රවුමේ...හි හී...සමහර දවස්වලට චේන් එක පැනලා...දා ගන්න බැරුව මහ දුරක් තල්ලු කරගෙනත් එනවා..ඒ වෙලාවට අපේ අම්මා නම් කියන්නෙ " කෙල්ලෙක් උනාට ඉපදිලා තියෙන්නෙ කොළු නැකතක " කියලා...හි හී
මාත් කොලු නැකතක තමාලු බං...
Deleteඅපේ තාත්තා ගියාලු මගේ හදහන හදන්න.. ඒ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු මේ වෙලාවට නං කොහොමවත් ගෑණු ළමයෙක් ඉපදෙන්න විදියක් නෑ කියලා.. ඒ පාර තාත්තා හැරිලා ඇවිල්ලා..
මට හදහන හැදුවේ බඳින්න නැකත් ටික හදන්න ඕනෙ වෙච්ච නිසා.. ඒත් ඔය කම්පියුටරේකට දාලා ගත්ත එකක් තමා... ඒක අපේ මාමණ්ඩිට දුන්නනේ.. ඊට පස්සේ ඒක තාම ඇහැට වත් දැක්කේ නෑ... හි හි..
:) හරිම සතුටු හිතුනා මේ කතාව කියවලා. මාත් ඇවිදින්න පුළුවන් කාලේ ඉඳලා බයිසිකල් පදිනවා. හැබැයි මටම කියලා බයිසිකලයක් තිබිලා නැ කවදාවත්.මොකද අක්කිට බයිසිකලයක් තිබුනා.එක එයා පැදලා ඉවර වෙනකොට මම පැද්දා.පස්සේ මල්ලිට රෝද තුනේ එකක් ගෙනත් දුන්නාම අවුරුදු 6ක් විතර වුනු මාත් එක පැද්දා.ඌට එක කරකවගන්න බැරි හින්දා.අනික මම සයිස් එකෙන් පොඩියි.පස්සේ මල්ලිට බයිසිකලයක් ගෙන කොටත් එයා පොඩි වැඩියි.ඉතින් අයෙත් එක මම පැද්දා. දැන් නම් ඉතින් මල්ලිගේ ලොකු බයිසිකලේ හිතුනාම පදිනවා.වත්ත වටේ ඕක පදින්න දැන් කම්මැලියි... :)
ReplyDeleteඔය ඉන්නේ තව මගේ ජාතියේ එක්කෙනෙක්... හි හි...
Deleteහිරුගේ බයිසිකල් මතක..... එල එල
ReplyDeleteමරු අප්පා ඒවා... හි හි
Deleteඒ කාලේ හොන්ඩා ජුලෝලා කියලා බයිසිකල් ජාතියක් තිබුනද? මට මේ එක්කෙනෙක් කීවේ. මාව අන්දවන්ට හැදුවද දන්නේ නැති නිසයි මේ අහන්නේ.
ReplyDeleteකොහොම උනත් හොඳ අත්දැකීම්...හම්මෝ මගේ ඇඟ නම් හිරි වැටෙනවා...:)
හපොයි... වස කුණුහරුපයක් නොවැ අහලා තියෙන්නෙ... දැනි ඉතිං වසලා හමාරයි..
Deleteබුහ්හා..... හහ් හහ් හා... කවුද පොඩ්ඩියේ ඒ අසමජ්ජාති කථාව අහපු එකා
Deleteහැක්..හැක්.. මැරෙන්ඩ හිනා..
Deleteනයි කයිද රෝස් පාන්! හොන්ඩා ජුලෝලා නේද? හෙහ් හෙහ් හෙහ් ....
Deleteඇයි බොලවු කවුරු හරි පුරස්නයක් ඇහුවම ඔහොම හිනා වෙන්නේ උත්තරයක් නොදී. එහෙම ජාතියක් තියෙනවා කුමාරිහාමි...? මේකලා ඔබතුමීව විහිළුවට ඇන්න නෙව..!!!
Delete"හොන්ඩා ජුලෝලා" හෙක් හෙක්... කවුද පොඩ්ඩිට ඔය බයික් ජාතිය ගැන කිව්ව එකා... ආයේ වෙලාවක අහන්ට ඒවා පදින්නෙත් "හොන්ඩා ජුලෝ ජුලෝද" කියලා...
Deleteහිරුවගේ පෝස්ට් එකත් හරි මේ කොමනුටුවත් හරි... දැක්කා විතරයි ස්ක්‍රීන් එක ස්ප්‍රේ උනා මටත් නොදැනිම... :D
@ මාරයා
Delete+++++++++++
පොඩ්ඩි ලොකු පන්තිවලට ගියාම ඕවා ඉගෙන ගන්න පුලුවන්. දැන්ම ඕන නෑ. හි හි............///
Deleteමට මතක හැටියට ඕක ලිව්වෙ කකා.
Deleteපොඩ්ඩි බබා පාට් එකෙන්ම කුණුහබ්බයක් ඇදබාලා.
තිබ්බා නේන්නම්... මාත් පැද්දෙම ඒ ජාතිය තමා... වයස 13, 14 ඉඳලා බඳිනකම්ම පැද්දා...
Deleteඇත්ත පොඩ්ඩියේ අපි තාමත් “හොන්ඩා ජුලෝලා“ බයික් එක තමා පදින්නේ.
Deleteහික්..හික්..
Deleteපොඩ්ඩි.. අපේ මහත්තයා කියනවා එහෙම එකක් තිබ්බා කියලා කියන්නලු.. තාම තියෙනවලු... අතිශයින්ම පිරිමින්ට පමණයි ලු... හි හි...
Deleteමෙන්න පොඩ්ඩි බබා අහනව හොන්ඩ ජුලෝල ගැන! බිපෙසි!
Deleteඅනේ කුමාරිහාමි, ඕක නොදන්න උඹ බබා?
Deleteපොඩ්ඩි..ඒ බයිසිකල් ජාතියක් නෙවෙයි කාර් ජාතියක් ලු. ගොඩක් පරණ මොඩ්ල් එකක් ලු :D :D
Deleteතේ උගුරක් නිදහසේ බොන්න නැති හැටි.
Deleteකවුද පොඩ්ඩි ඔයාට හොන්ඩා ජුලෝපු කතාව කියලා දුන්න කෙනා ?
ප.ලි. - පොඩ්ඩක් හිටින් මම මොන්ටරේ පිහිදන්න ටිෂූ එකක් අරගෙන එනකන්.
අලේ... 5 සිස්සත්තෙ පාස් උනාට පස්සෙ තමා නමෝවිත්තියෙන් තාත්තගෙ වියදමෙන් සිරා රථ හිමියෙක් වුනේ... තාත්තා පිටරටක සිටි නිසා යාලුවෙක් අතේ එවලා තිබුනෙ BMX රතුපාට බයිසිකලයක්... ඒක ලස්සනයි...අපේ පැත්තෙ එක කොලුවෙක්ටවත් ඒ ජාතියෙ එකක් තිබුනෙ නෑ..ඒ හින්දම සිරා ඒ දවස් වල හරිම ආඩම්බර කාරයා... ඒ බයිසිකලේ තිබුනෙ පැඩල් බ්‍රේක්.. ඒ කිව්වෙ පැඩල් එක පස්සට කරකවාපුවාම තමයි බ්‍රේක් වැදුනෙ... හැඩල් එකේ බ්‍රේක් ලිවර් නැති නිසාම වේගෙන් යන වෙලාවට, හිමින් පලයන් කොල්ලො බ්‍රේක් නැති බයිසිකලයක ඇරලා යනවා කියලා මට හැම එකාම බැන්නා, වතාවක් ඉතිං මමත් වංගුවක් කෙලින් කලා ඒ ගැන ඉස්සරහ දවසක කාමරෙන් කියන්නම්..
ReplyDeleteඅර පෙරලුනා කිව්ව තාප්පෙ මැටි වලින් හදපු එකක් වෙන්ට ඇති...
අඩේ මටත් තාත්ත ගෙනාවේ ඒකක්මයි.... ගමේ එවුන් කෑගහනවා.. බ්‍රෙක් නැති බයිසිකල්වල ගිහින් අඩු කඩාගන කියලා .. මම ඉතින් ආපහු හරවගෙන හයියෙන් ළන්නගට ඇවිත් ඇඟට කපල බ්‍රේක් ගහනවා පට්ට ආතල් ඈ
Delete@සිරා
Deleteදැන් නම් බයිසිකල් හප්පන්න ඕනේ නෑ, හිරු නිකන් හේත්තු උනත් තාප්ප පෙරලෙනවලු..!!:)
සිරා.... නෑ බං.. ඒවා ඔය මේ කොළඹ තියෙනවා වගේ පතරංග තාප්ප නෙවෙයි නේ.. ඒකයි මං බේරුනෙත්.. නැත්තං වැදුන පාරට හිරුවා හම්ටි ඩම්ටි වගේ චප්ප වෙනවා...
Deleteචන්දන..එච්චර මහත නෑ බං තාම.. හි හි..
ස්තුතියි හිරූ ලින්ක් එකට.
ReplyDeleteමේ කතාව නෙල්ලි ගෙඩියක් වගෙ. හැම රසයම තියෙනවා.
අන්තිමට තාත්තා බයිසිකලේ ගෙනත් තියෙන හැටි දැක්කම පපුව දාලා යනවා.
හුඟක් තාත්තලගෙ කතාව ඕක තමයි,
ඕක ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. තාත්තලගෙ ආදරය පිළිබඳ හොන්දම කතන්දරයක්.
අර චිත්‍රය මරුනෙ. ඇත්තටම බලන්න තියෙන ඩීටේල්ස්.
මෙහෙම කරන්න, ඔය චිත්‍රය තව තැනකට කොපි කරලා මයික්‍රොසොෆ්ට් පික්චර් මැනේජ එකෙන් අරින්න, ඇරලා ඔටෝ කරෙක්ට් බට්න් එක ඔබන්න. එතකොට එලිය වැටෙනවා. සේව් කරලා අවශ්‍ය නම්තව පාරක් ඒකම ඔබන්න. එලිය වැඩිනම් අන්ඩූ කරලා සේව් කරන්න. දැන් ඒක අප්ලෝඩ් කරලා මේක අයින් කරන්න.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
දැං ඉතිං මං හිතං හිටියේ ෆොටෝ එකක් හම්බුනාව චිත්තරේ අයින් කරන්න.. ඒක කරන්න බැරි වෙයි නේ මේ කමෙන්ට් හින්දා.. ඔන්න මං ෆොටෝ ෂොප් එකෙන් පොඩ්ඩක් හැඩ වැඩ කළා... ( ඩූඩ් අයියා කියපු සෙල්ලම මෙකේ දාන්න බෑ..) හි හි....
Deleteඅර කකාත් පහල කියලා තියෙන්නේ.. තාත්තා එහෙමයි....
jpeg file එකක් නම් බැරි වෙන්න හේතුවක් නෑ. හරි දැන් කොහොම හරි වෙඩේ කෙරුනනෙ. හැබැයි අනිත් ෆෝටෝ එක දැම්මත් මේක අයින් කරන්න එපෝ. මේක හොඳ චිත්‍රයක්.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පික්චර් මැනේජර් නෑ මේකේ.. ඒකයි... හි හි...
Deleteබාගන්න බලන්න ඕනේ.. මැක් වර්ෂන් එකක් තියෙනවා.. ඒත් හොයා ගන්න බෑ මට..
ඒ කාළේ මගේ වීරයා තමයි වින්කලේ බාස් ඌට එහා වීරයෙක් මට නෑ. ඇයි එතකොට, බොනී, ඇන්ඩර්සන්, සුමනවීර, ඒ පස්සෙ කාළේ. මගෙත් මරු බයිසිකල් කතාවක් තියෙනවා පස්සෙ වෙලාවක කියන්නම්.
ReplyDeleteඅන්න හොඳයි.... හි හි
Deleteනියම චිත්‍රය හිරු අක්කේ.. හැබැයි හැප්පෙන්න කලින්ම තරු විසික් වෙලානේ... හි:) හි:)...
ReplyDeleteහිරු අක්කා ආසාවෙන් උන්න බයිසිකලක් මට නම් තිබුනා. ඒක මට අරන් දුන්නේ අපේ තාත්තා එතකොට මම 3 වසරෙ. අපේ ගෙවල් කිට්ටුව තිබුනා ඩිස්පෙන්සරියක් සතියකට දවස් දෙක තුනක්වත් අපේ තාත්තා මාව එතනට අරන් යනවා වටිලා තුවාල වෙන ඒවට බෙහෙත් දන්න... හිරු අක්කාටත් මටත් වගේ පොඩි කාලේ බයිසිකල් පැදපු අයට නම් දැන් මේ පොස්ටුව කියවද්දි ඒවා මතක් වෙනවා ඇති
හැප්පුනේ නෑ නේ... මං ඊට කලින් කාණුවට කැපුවා... ඒකනේ දකින කොටම තරු විසි වුනේ... හි හි...
Deleteඔය තියෙන්නේ බයිසිකල් මතක බර තොගයක්... හි හි..
මේ ලිපිය කියෙව්වම මටත් මගේ ළමා කාලේ මතක සටහන් රැසක් මතක් වුණා.මටත් පොඩි බයිසිකලයක් එක්ක සෑහෙන්න ලොකු සම්බන්ද කමක් තිබ්බා පොඩි කාලේ.ලොකු වෙලත් ඇක්සිඩෙන්ට් වෙන්න ගිය ඒවා ඇක්සිඩෙන්ට් වුන ඒවා ඔක්කොම මතක් වෙනවා.
ReplyDeleteහි හි.. ලියමු වෙලාවක ඒවත්....
Delete//ඒ පාරත් වැඩ දාන්න ගිහින් නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... // හපොයි... හිරු අක්කා ඇතින්නක් විතර සයිස්ද?
ReplyDeleteමාත් බයිසිකල් අත්දැකීම් නම් බොහෝමයි.. මේ හිරු අක්කා නම් ලියන්න දේවල් මතක් කරනවා සෑහෙන්ඩ..
ඒකත් පිං කමක් නේ හරී.. හි හි
Deleteමගේ චොපර් බයික් එකනං තාම තීනවා...
ReplyDeleteඒක දේදුනු පාටයි....
රිම් එක රෝස පාටයි..
ඒකත් ලුමාලා....
හී....
මාත් ආසාවෙන් හිටියේ ඒ ජාතියේ එකකට තමා.... මට හරි ඊරිසියයි මල්ලිට ඒ ජාතියේ එකක් ගෙනවාම ඉතිං.. හි හි...
Deleteකෙල්ලොන්ටත් බයිසිකල් අත්දැකීම් තියෙනවනේ අපිට වගේ. මේක හරි අසාධාරණයි, අපිට කතාකරන්න දෙයක් නැති වෙනවනේ. මේක පුරුෂ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, හරිය.
ReplyDeleteමෙයාට චිත්‍රත් අඳින්න පුළුවන්නේ. කොහොමද ඇඳල පාටකරල ගත්තනම්.
මටත් ඕක හිතුනා.. බ්ලොග් ලියන කෙල්ලෝ (කෙල්ලෝ කියන්ඩත් බෑ ඉතින්) ඔක්කොටම වගේ බයිසිකල් පදින්නත් පුළුවන්නෙ.. අනික් පොදු කාරණේ මුන්ට මහන්ඩ උයන්ඩ බෑ.. :)
Deleteඅන්න හරී හරි, දාපං මචං පහක්.
Delete+++++++++++
Deleteහික් හික්, ඇයි බං සැබෑ ජීවිතෙත් එහෙම තමයි. කේක්, පීට්සා හදනවා කිසිම ගින්නක් නැතුව (අවන් එකේනෙ හෙහ් හෙහ්). සම්බලයක්, ලුණුමිරිසක්, හිඟුරල අල, පොළොස් කරියක් හදන්න වුනොත් පුප්පගෙන, හප්පනවා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න වැරදි කතාවක්.... වැඩක් කරන්න පටන් ගත්තම තමයි ඒක පුළුවන්ද බැරිද කියලා තේරෙන්‌නේ.. අපි පොඩි කාලේ බයිසිකල් පැද්දා.. ඉතිං අපිට පුළුවන්... පොඩි කාලේ මැහුවෙ, ඉව්වේ නෑ නේ.. අම්මලා අපි කුස්සියට ගියාම එළවන තත්වයක්නේ තිබ්බේ.. හි හි
Deleteඒත් ඔන්න ඩුඩ් අයියේ මට හොඳට උයන්න නම් පුළුවන් දැං හරිද... මහන්න නම් බෑයිද කොහෙද... ඔය පොඩි පොඩි වැඩක් කරගන්නවා ඇරෙන්න හෝම් සයන්ස් වලට මැහුවට පස්සේ මහලම නැති නිසා....
Ammala thaththala ehema thamai hiru. Eyala hamadama balanne apiwa sathutin thiyanna.
ReplyDeleteඒකනේ නඟා... කොහොමත් ඕවා ඉතිං තේරෙන්නේ ටිකක් ලොකු උනාම...
Deleteමටත් තිබුනා චොපර් බයිසිකලයක්.. මේ පෝසට් එක කියවනකොට පරණ සිද්ධි නිකන් චිත්‍රපටියක් වගේ මතක් උනා.. ඒ සූටි කාලේ හරි සෝයි.. මමනම් ගිහින් හප්ප ගත්තෙ නවත්තල තියෙන කාර් එකක.. පාරෙ අයිනෙ නවත්තල තිබුන මමත් ඇරල තියල ලගින්ම ගියා. එක පාරටම ඇතුලෙ එකෙක් දොර ඇරියනෙ.. දවසක් ඉස්පිරිතාලෙත් හිටියා.. හි හි..
ReplyDeleteඅම්මල තාත්තල අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරනවද..
ජය..
හි හි... බයිසිකල් මතක ගොඩක් එකතු වෙච්ච පෝස්ට් එක්ක උනා අන්තිමට මේක.. ඒක තමයි මම ආසම දේ... හි හි..
Deleteබණ්ඩා පාදුක්ක පැත්තේ කියලා කොහෙහරි කියලා තියෙනවා මම දැක්කා.. හැබෑද....?
ඇත්තම ඇත්තද?අප්පේ වෙච්ච දේවල්.මගේ බයිසිකලේත් මතක් උනා.පුංචි කාලේට ආයේත් ගියා.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බයිසිකල් මතක... හි හි.. හරි ජොලි නේද... දැං ළමයින්ට හිතේ හැටියට බයිසිකලයක් පදින්නවත් තැනක්, වෙලාවක් නෑනේ...
Deleteහප්පේ මේක කියවනකොට මටත් මතක් වුණා මගේ බයිසිකල් අත්දැකීම් ටිකක්..
ReplyDeleteඑක පාරක් කම්බි වැටක් උඩ. එක පාරක් බෝක්කුවක් අස්සේ...
දැන් නම් නිකමටවත් බයිසිකලේ පදින්න කම්මැලි.. අසරණ බයිසිකලේ නිකං මලකඩ කනවා. පව්...
ආයිත් පටං ගත්ත නං හරි සුද්ධ කරලා අරගෙන... හි හි.... ඒක මාර ජොලි වැඩේ.. හි හි....
Deleteහ්ම්හ්.. මදැයි ඉතින් ඔයින් ගියා අතක් පයක් නොකැඩී. මම නම් අඬු හතරම කඩාගෙන තියනවා. තාමත් නොමැරී ඉන්නේ බළල් පණක් තියෙන නිසා කියලයි දන්න අය නම් කියන්නේ.
ReplyDeleteමමත් කොච්චර තුවාල කරගත්තත් අඬුනම් කැඩුනේ නෑ.. විළුඹ කැඩිච්ච එක විතරයි සැලකිය යුතු එකකට උනේ.. ඒකත් මොන්ටිසෝරි කාලෙනේ.. ඒක නිසා අවුලක් නැතුව හොඳ උනා...
Deleteහලේ ...මටත් ච්ත්‍ර අදින්න ආසාවක් ආවෝ....!!!
ReplyDeleteමහ යකඩ කෙල්ලෙක් නොවැ..!
අඳිමු අඳිමු..ඔය මං ෆොටෝ එකක් නැති කමට යන්තම් කුරුටු ගාපු එකක් නේ... දැං ඒක අයින් කරනන් වෙන්නේ නෑ.. හි හි...
Deleteඉස්සර නම් යකඩ තමා.. දැං නං ඉතිං.............. හි හි...
බයිසිකලේ මගේ ඉතිං ප්‍රියතම වාහනේ! අවාසනාව කියන්නේ මේ ලඟදි මගේ බයිසිකලේ හොරකම් කලානේ! :(
ReplyDeleteඈ... තාම බයිසිකල් හොරකම් කරන අය ඉන්නවද....
Deleteඅනේ...මට බයිසිකල් පදින්න පුළුවන් වුනාට ළග හරවන්න බෑ වැටෙනවා...... කොච්චර ට්‍රයි කොලත් ඕක කොර ගන්න බෑනේ මට...... :(
ReplyDeleteහි හි.. එහෙම අය ඉන්නවා.. අඩු ගානේ ඔයාට පදින්න හරි පුළුවන් නේ... ඒකත් ලොකු දෙයක්...
Deleteකාන්තාවන්ගේ පුට් සයිකල් පැදිල්ල ගැන මෙහෙම ලිව්වම මට මතක් වුනේ අපේ මහප්පගෙ දුව පොඩි කාලෙ මාව දාගෙන පල්ලමක ගිහින් ඇන්ටි කෙනෙක්ගේ ඇගට කපලා. ඒ ඇන්ටි වෙලට වැටිලා. අපි පාරෙ පෙරලිලා බැනුම් අහපු විදිහ !
ReplyDeleteහි හි.... අනේ ලියමුකෝ සෑම් දවසක ඒකත්...
Deleteඑකනේ පාරේ අයිනෙන් යන්න එපැයි ඉතින්.
ReplyDeleteඑහෙනං ඉතිං අවුලක් නැතුවම කාණුවේ ලැග්ගහැකි... හි හි...
Deleteමම බයිසිකල් පදින්න පුරුදු වෙන කාලෙ පලපුරුදු එකෙක් ආවා මට වෙට්ටු දාන්න, මම බයිසිකලේ අයිනට ගත්තා. මිනිහා ආපු වේගය මිනිහටම කොන්ට්‍රෝල් කරගන්න බැරිවුනා.මගේ බයිසිකලේ වැදුන පොර අඩි පහක් හයක් උඩින් ගිහින් පාර මැද පත බෑවුනා. ...ම්හ්...හ් ගෑවා එච්චරයි. මම හිතුවා බඩු හරි තමා කියලා. කොහොමහරි පොරට දවස් තුනකට පස්සෙ යාන්තම් සිහිය ආවා. ඒත් මගේ කම්පනය සමහන් වුනේ නෑ. එයින් පස්සෙ සෑහෙන කාලයක් යනකල් බයිසිකලයක් අතින් ඇල්ලුවේ නෑ.
ReplyDeleteලොකු කොල්ලෝ එහෙම කරනවා තමයි... දවසක් කොල්ලෙක් එහෙම මාව හප්පන්න ඇවිත් තාත්තා පැනලා මගේ බයික් එකේ හැන්ඩ්ල් එක අල්ලගත්ත පාර මම වැටුන් නෑ.. හැබැයි අර බයික් එක හැප්පිලා තාත්තගේ අතට පත්තු බඳින්න නම් උනා...
Deleteඑහෙම උනාම ආයමත් පාරට බහින්නත් බය වෙනවනේ... මට නං ඔය කේස් එකෙන් එහෙමකට අවුලක් උනෙ නෑ... කන ගැලවෙන්න බැනුම් ඇහුවා මිසක්.... හි හි...
චිත්‍රය මරු.. තරු එහෙමත් පෙනිලා තියන්නේ. :)
ReplyDeleteමගෙත් තිබ්බ පුංචිම කාලේ රෝද තුනේ බයිසිකල් එකක්. අම්ම මට බත් කවන කොට මං එක බත් කටක් කාලා රවුමක් පැදලා එනවා ආයේ බත් කටක් කන්න.
පොඩි කාලේ පල්ලම් වල බයික් පදින කොට ආයේ වෙන කල්පනාවක් නෑනේ. ස්පීඩ් එක තමයි බලන්නේ.:D අනේ ඉතින් ඉස්සරහින් එන වාහන කාරයෝ අපේ ඥාතීන් සිහිපත් කරනවා ඇති ඒ වෙලාවට.
අනේ මම පැදලා නෑ නේ ට්‍රයිසිකලේ..
Deleteඅප්පා ඔව්.. හයියෙන් යන එකම තමා හිතේ තියෙන්නේ.. ඒත් මම නං ඉතිං ටිකක් අයිනෙන් යන්න බලනවා.. මොකද අඩු කඩා ගත්තම දොස් මුරේ හම්බුවෙනවනේ....
හැබැයි කොච්චර දැගළුවත් අම්මා බයිසිකලේ පැදිල්ල තහනම් කරන්නේ නෑ.. මොකද හදිස්සියට කඩේට වත් යවාගන්න ඉන්නේ මං විතරනේ... හි හි...
/* ඒ කාලේ තාත්තට බයිසිකලයක් ගන්න වත්කමක් තිබිලා නෑ... ඒ දවස්වල තාත්තලගේ කම්පැණි එකෙන් පොඩි උදවුවක් කරලා තියෙනවා.. දුර ඉඳන් එන අයට ගෙවීමේ ක්‍රමයට බයික් ගන්න කම්පැණිය ඇප වෙලා... ඒ පාර තාත්තා එයාට බයික් එකක් ගන්න එක පැත්තකින් තියලා මට බයික් එකක් ගෙනල්ලා...*/
ReplyDelete= තාත්තා!
ඔව් කකා...
Deleteඇත්තටම පුංචි පුංචි මතකයන් තමයි අපිව ජීවත් කරන්නෙ .............
ReplyDeleteමාත් 1 වසරෙදි වගේ අපේ මාමලාගෙ ගෙදර ගියපු වෙලේ මාමාත් එක්ක පුස්සයිකලේ යද්දී කකුල රෝදෙ අස්සට ගිහින් අඩලලු !............ඒත් බීම එකක් අරන් දුන්නම සේරම කදුලු වාෂ්ල වුණා කියලයි මාමා අදටත් විහිලු කරන්නෙ!.......
අනේ මන්දා !...........නේ
ජය!..........
හි හි... එහෙම තමයි.. ඔය වෙලාවට අඬන්නේ අමාරුවට නෙවෙයි.. බයට... බය නැති කළාම අමාරුව හොදයි.. ඇඬිල්ලත් ෂේප්...
Delete//ඒ පාරත් වැඩ දාන්න ගිහින් නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... ඒ පාර නම් නිවාඩු මාසෙන් බාගයක් විතර ඇදේම ඉන්න උනා... //
ReplyDeleteයකෝ මේකි පොඩි පහේ ලොරි බාගයක්වත්ද?
මාත් සිස්සත්වෙන් ගොඩ ගියාම තාත්තා අරන් දුන්න ලුමාලා බයිසිකලයක්.... පහුවදාම අක්කා පැදලා, වැටිලා, අක්කගෙ කකුල ලෙලි ගිහින් අඬ අඬ එනවා බයිසිකලේ තල්ලු කරන්. අපොයි දෙයියනේ බයිසිකලේ හීරිලා... අක්කගෙ කකුල වගේද බයිසිකලේ... බැන්නා බැනිල්ලක් උන්දැට... කොච්චර බැන්නද කියනවනං කාලයක් යනකං අම්මාගේ දඬුවම් වලින් මාව බේරගන්න ආවෙත් නැහැ.
ඒ කලේ නං ඇටකටු ගොඩ විතරයි... හි හි... ඒක හින්දා වෙන්නැති බේරුනෙත්....
Deleteඅනේ බං උඹත් බලං ගියාම එක ජාතියක හොන්ඩා ජුලෝලා එකක් නේ. කතා පෙටිටිය නං හොදයි බං. මාරයා වගේ ටැබක් දාපං මගේ පුස්බයික් වීරක්‍රියා කියල.. මොකද මේ ටිකේ අපේ පැත්තේ ආවේ නැත්තේ
ReplyDeleteදැං නං ලේබල් ගහන්න වෙයි වගේ.... කතා ටිකක් තියෙනවානේ..
Deleteආවා ආවා... අප්ඩේට් වෙලා තිබ්බ එක අතුරුදහන් වෙලා තිබ්බා.. ඒක නිසා හැරිලා ආවා....
ඒක අයිං කරල දැම්ම බං. මටම තේරුනා කොමන් සෙන්ස් නැති කතාවක් දාලා හිත් රිදවන්න හොද නෑ කියලා. ෆෙන්ෂුයි වික්‍රමයක් දැම්මා ඒ වෙනුවට.
Delete"
ReplyDeleteඒ පාරත් වැඩ දාන්න ගිහින් නැවතුනේ කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... ඒ පාර නම් නිවාඩු මාසෙන් බාගයක් විතර ඇදේම ඉන්න උනා..."
අම්මෝ.. මහත්තයා පරෙස්සමෙන් ඉන්න එක හොඳයි.. මේ තාප්ප එක්ක හැප්පිලා එවුවා බිම දාපු අංගනාවක් හොඳේ !
හි හි .. දැං එහෙම නෑ සරත් අයියේ.. දැං ඒ හයිය නැති වෙලා... හි හි...
Deleteමමත් ඉස්සෙල්ලම බයික් පැදපු හැටි මතක් වෙනවා ..හික්..හික්..
ReplyDeleteහි හි.. මේ වගේමද...
Deleteඅදනම් පොස්ටුව කියවල හිනා ගියත් දැනුන දුකත් එක්ක සලකා බලන කොට ඒ හිනාව හරි පොඩ්ඩක් වගේ. තාත්තා කෙනෙක් කරන කැපවීම් හරිම නිහඬයි. එයා පයින් ගිහින් ඔයාට බයික් එකක් අරන් දුන්නා. ඔය එපයි කිව්වේ හිතේ තිබුණු පොඩි කමටනේ ඉතින් එයා එච්චර කැපවීමක් කරලා ගත්තා බයික් එක ඔය එපයි කිව්වම දුක හිතෙන්නේ නැද්ද? මේ ඔය එහෙම අයියගේ බයික් එකට ත තියනවා එහෙම නොවෙයි. ඒ අහිංසකයාගේ බයික් එකටට් හ්දෙවියන්ගේම පිහිටයි ඔය පැද්දොත්........ :P
ReplyDeleteඅයියගේ බයික් එකත් මං පුරුදු වෙනවා... ඒක නං ඉතිං අවුලක් නෑ.. හි හි...
Deleteතාත්තලා එහෙම තමයි.. ඒත් තාත්තට තේරුනාලු මං අප්සට් උනේ ඇයි කියලා පස්සේ.. ඒත් ඉතිං තාත්ත කරපු වැඩෙං නරකක් උෙන් නෑ නේ.. ඒකනේ අදටත් ඒ බයික් එකෙන් ළමයි වැඩ ගන්නේ....
හිරු පැද්ද බයික් එකට බ්රේක් පලු 6ක් තිබ්බා කියන්නේ ඇත්තද
ReplyDeleteදන් නෑ අටම්..... හි හි...
Delete//කාණුවක වැටිලා, තාප්පෙක වැදිලා, තාප්පේ කැඩිලා, වත්තකට විසි වෙලා, පොල් ගහක වැදිලා... //
ReplyDeleteමේ බ්ලොග් එක ලියන්නෙ Xena ද ?
අපරාදේ... ඒ නම මුලින්ම මතක් උනා නං දා ගන්න තිබ්බා... හි හි
Deleteබයිසිකල් ගැන මමත් ලියනව පෝස්ටුවක්.
ReplyDeleteලියමු ලියමු.... හි හි
Deleteඇයි අපි.. අපිත් හොද හොණ්ඩා ජුලෝලා බයික් පදින අය හරිය. (පොඩ්ඩි පේන්න ඉන්නවද හිරුවෝ)
Deleteහිරුගේ චිත්‍ර නම් මල් හතයි. බයිසිකලේට බ්රේක් නැතිවුණාට කාර්එකට බ්රේක් තිබුනනේ.ඇති ඔයින් බේරුනා.කානුවෙන් ගොඩට ගන්නකොට නම් දෙලොවම පේන්න ඇති.
ReplyDeleteචිත්‍රෙ නම් නිනම් කටු සටහනක් විතරයි... හි හි
Deleteඅප්පා.. මට දුවන්න හිතෙන්නේ කට්ටිය තාම ඕක මතක් කර කර, රස කරලා කිය කිය මාව නෝණ්ඩි කරන කොට තමා... හි හි
මාත් බයිසිකල් පදින්න ගිහින් ඔය තරම්ම දරුණුවට නොවුනත්....ඇක්සිඩන්ට් නම් කරගෙන තියෙනවා.
ReplyDeleteගොඩක් කල් අම්මට බයිසිකලේ පස්සෙන් අල්ලාගෙන එන්න උනා. තාත්ත එක්ක යද්දී නම් එයා මටත් නොකියම අතාරිනවා...ඔහොම ගිහින් දවසක් අපේ ගෙදර ආපු නෑදෑ අයියල කට්ටියක් මගේ බයිසිකලේ පදින්න ගත්ත මට නෝන්ඩි දදා (එතකොට මට හරියට පැදගන්න බෑ). මම එතකොට දෙක වසරේ විතර...මට උන් එක්ක තිබ්බ කෙන්තියටම ඒ පාර තනියම පැදලා පෙන්නම් කියල ගියා. ඉතින් එදා ඉඳන් පදින්න පුළුවන්! :D
ආ... එහෙම වෙච්ච කට්ටියත් ඉන්නවා අපේ ගොඩේ.. ඇයි අපේ නඟා.. ඌ නං මාව පරද්දන්න ගිහින් අඬු කඩා ගත්තට පස්සේ ආයිත් බයිසිකලේ ඇල්ලුවෙවත් නෑ... හි හි
Deleteමම නම් බයිසිකල් පැදලම දනිස්ස ලෙලි ඇරගෙන තිඋනා. එහෙම නත් සයිකල් පදින ආසාව නන් නැති උනේ නෑ..
ReplyDeleteමං නං ඒ තරම් වැටුනේ නැද්ද කොහෙද... ටක් ගාලා වැඩේ අල්ල ගත්තා.. වෙන වෙන චණ්ඩිකං කරන්න ගිහින් දණහිස් ලෙලි ගිය පාරවල් නං තාම තියෙනවා...
Deleteහපොච්චියේ... හිරුටත් වෙන වැඩ.
ReplyDeleteතාත්තගේ ආදරේ තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි බන්.
දැන් රෑ උනා වැඩියි. හෙට එන්නම් කමෙන්ට් බලන්න.
ආ.. දෙයක් අමතක උනානේ. මන් මේ ළඟඳී කොලොම්පුරේ ගාටනකොට ලමිස්සියක් ෂෝර්ට් ඩෙනිම් ස්කර්ට් එකක් ගහගෙන ස්කූටියක යනවා ඒ.සී. ඕන කරගෙන. හි හි...