පළවෙනියට කියන්න ඕනේ මේක ලියවෙන්නෙ ලංකාවට අදාළව...
ලංකාව කියන්නෙ ඉතාමත් පැරණි, අනාදිමත් කාළයක ඉඳලා පැවතගෙන එන ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන රටක්.. මේ රටේ කාන්තාවන්ට දක්වපු සැලකිල්ල ඉතා ඉහල මට්ටමක තිබුණා..... මැණිකක් අතින් ගත් රෑමත් කාන්තාවකට රටේ මේ කොණේ ඉඳලා ඒ කොණට අතුරු ආන්තරාවක් නැතුව යන්න පුළුවන් සමාජයක්............... බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..............
නෑ ඒක නෙවෙයි....
අපි මේකට අදාළව ලංකාව ගැන යථාර්ථය කතා කරමු....
ලංකාව කියන්නේ නීතියක් තිබුනත් නීතියට පිටින් කරන දේවල් වැඩි රටක්.... ලංකාව තුළ තියෙන්නේ අනාදිමත් කාලයක මේ රටට බලෙන් පටවපු නීති පද්ධතියක්... ලංකාවේ තියෙන්නේ පිටින් ආපු සංස්කෘතියක්... කොටින්ම කිව්වොත් රටේ වැවෙන හාල් වලින් හදා ගන්න බත් වේල එක වේලකටත්, රටින් ගේන තිරිඟු පිටි වලින් හදන පාන් වලින් සහ ෂෝට් ඊට්ස් වලින් වේල් දෙකකුත් කන ජාතියක්....
එතකොට ලංකාවේ මිනිස්සු....
ලංකාවේ මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම ලැදියි... රටින් එන අයව විතරක් නෙවෙයි රටින් ගේන හැමදෙයක්මත් සාදරයෙන් පිළිගන්නවා... එන අය බොහොම ආදරෙන් ගෙනාපු දේවල් දීලා ගියාම, නොමිලේ දෙනවා නම් ඕනේ කුණු ගොඩක් බාර ගන්න මේ මිනිස්සු, ඒවත් සාදරයෙන් තමන්ගේ ගෙට අරන් පරිස්සම් ඇති තැනක තියනවා...
ඒ වගේම ලංකාවේ මිනිස්සු දැක්කත් නොදැක්කා වගේ ඉන්න දක්ෂ ජාතියක්... ඒ වගේම හැම දේකම වැරදි හොයන්න පුදුමාකාර දක්ෂතාවයක් තියෙන ජාතියක්.... තමන්ට නැතුව අනිත් අයට හොඳ දෙයක් වෙනවනම් ඉවසගෙන ඉන්න ආමාරු නිසා මොනවා හරි අතීත කුණු ගොඩක් ඇඳලා ඒ මනුස්සයව වට්ටන්න උත්සාහ කරනවා වගේම, තව කෙනෙක්ට වැරැද්දක් උනාම ඒ කෙනාගේ හත්මුතු පරම්පාරවෙම දොස් ටික ඉස්සරහට ගෙනල්ලා අර මනුස්සයාව තවත් අසරණ කරලා දාන්නත් මේ මිනිස්සු හරි දක්ෂයි... ( පිටින් පේන්නෙ නම් අනුකම්පාවෙන් උදවු කරන්න යනවා වගේ..)
ඔය මං කිව්වේ මේ කාරණාවට අදාළ දේවල් සම්බන්ධයෙන් විතරයි...
දැං තවත් යථාර්ථයක් ගැන කතා කරමු...
- ලංකාවේ කාන්තා ගණිකාවන් 50000 කට වැඩිය ඉන්නවා.. එතකොට එච්චර ප්‍රමාණයක් පිරිමි ගණිකාවන් ඇසුරු කරන්නත් එපැයි... ( මං මේ දවසකට එක්කෙනෙක්ට එක ගානේ ගනං හැදුවට ඉතිං ඇත්ත තත්වය දන්නවනේ.. මොකද නිකම් නොදන්නවා වගේ ඉන්නේ.. හි හි)
- මෑතකදි ඒඩ්ස් ව්‍යෘප්තිය වැඩි රටවල් වලින් එකක් ලංකාව...
- ලංකාවේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර සහ මිනි මැරැම් ප්‍රතිශතය ඉතාමත් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්නෙ...
හරි... අපි මේ ගැන දිගින් දිගටම කතා කරන්න අවශ්‍ය නෑ... තැන් දෙක තුනකම මේවා කතා කළානේ..
මේ සිද්ධ වෙන දේවල් වැරදියි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ... අපි බලමු මේවා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා...
මෙතන ඉදන් උපකල්පනය කරමු ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා කියලා..
අධ්‍යාපනය පැත්තෙන්....
- බාලිකා පාසල් සහ බාලක පාසල් වශයෙන් වෙන් කරන්නේ නැතුව හැම පාසලක්ම මිශ්‍ර පාසල් කරන්න ඕනේ...
ඒක ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ... මෙහෙම වෙන් කරලා තියෙන ඉස්කෝල වල උන්ට අනිත් උන්ට වඩා විසේ වැඩියි.. හි හි...
- පාසල් වල ලිංගික අධ්‍යාපනය 6 වසරේ ඉඳලා විශය නිර්‌ෙද්ශයට ඇතුලත් කරන්න ඕනේ...
මෙහෙම කියන්න එක හේතුවක් තමයි මීට ටික කාලෙකට කලින් ගැහැණු ළමයින්ගේ වැඩිවියට පත් වීමේ වයස අවුරුදු 12-13-14 වගේ කාලෙදි කියලා සැලකුවත්, ඒක මේ වෙනෙකාට අවුරුදු 10-11-12 වගේ කාලයෙදි සිද්ධ වීම් වැඩි වීම.. දෙවනි හේතුව දිගින් දිගටම සීමාවක් නැතුව රට තුළට එන දියුණු තාක්ෂණය... අම්මලා තාත්තලා පාවිච්චි කරන්න දන්නෙ නැති බඩු පාවිච්චි කරන්න පොඩි එවුන් දන්නවා.. ඉතිං උං මොනවා කරනවද කියලා කිසි කෙනෙක් දන්නේ නෑ... එතෙකාට ඒ කාලේ පින්තුරු පත්තරේකින් දැනුම හොයා ගත්ත කට්ටිය අද කරන්නේ ඉන්ටටෙට් එකෙන් ඒ දැනුම ගන්න එක.. ලබා ගන්නා දැනුමේ ලොකු වෙනසක් තියෙනවා කියලා පේනවනේ... නමුත් නිසි විදියකින් දැනුම ලබා දුන්නට පස්සේ කුතුහලය යම් තරමකින් අවම වෙන නිසා සහ දැනුවත් බව නිසා අපචාර වලට හසුවීමේ ඉඩකඩ අවම වෙන නිසා මේකෙන් හොදක් සිද්ධ වේවි... ( ඒ වගේම එක්ස්පෙරිමන්ට් කරන්න පටන් ගන්න වයසත් අවුරුදු කීපයකින් වෙනස් වෙනස් වේවි.. දැන් අවුරුදු 17 විතර වෙනකොට කරන ඒවා 15-16 දි කරන්න පෙළඹේවි..)
- හැම පාසලකට Health nurse කෙනෙක් සහ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ.. ( නාකි අය නෙවෙයි ළමයින්ට කතා කරන්න පුළුවන් තරමේ කෙනෙක්)...
ගුරුවරුන්ට කොච්චර ලිංගික අධ්‍යාපනය තිබ්බත් ඩොක්ට කෙනෙක් මේවා ගැන කතා කරනෙකාට ළමයින්ගෙ අවධානය විශය පැත්තට හැරෙනවා වැඩියි... ( ගුරුවරුන්ගේ ලැජ්ජාව නැති කරන්නත් අමාරු වෙයි නේ... )
- හැම පාසලකටම මනෝ වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න ඕනේ... උපදේශකවරයෙක් විදියට...
ළමයින්ට ඇති වෙන මානසික ගැටළු අම්මලාට කලින් අහුවෙන්නේ ටීචර්ලට... වැඩි පුරම ඉන්නෙ ඉස්කෝලෙනේ... ඉස්කෝලෙන්ම මේ වගේ දේකට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා නම් ලොකු අමාරුවක් වෙන්න කලින් ප්‍රතිකාර වලට යොමු කරන්න පුළුවන්... ඒ වගේම ළමයින්ගේ ප්‍රශ්න ගැන ගුරුවරුන්ටත් උපදෙස් ගන්න පුළුවන් ඉක්මණටම... ( ලංකාවේ මිනිස්සු තාමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා කියලා හිතන්නෙ පිස්සුවට බේත් ගන්නවා කියලා.. එහෙම එකක් සමාජය දැන ගත්තොත් අර ළමයට අනාගතේදි කසාදයක් වත් කර ගන්න බෑ.... ඉතිං මනෝ වෛද්‍යවරයෙක් ගාවට යන්නත් බයයි...)
- අවුරුදු 15 සිට සියලුම ළමයින්ව ලිංගික රෝග සහ සමාජ රෝග පිළිබඳ දැනුවත් කරන්න ඕනේ....
දැං ඔය 3-4 දේවල් වලට අමතරව ගුරුවරුන්ටත් ළමා මානසික විද්‍යාව ගැන උගන්නන්න වෙනවා ගුරු පුහුණු වලදි.. ඒක අපි අමතරව තියාගමුකො....
හරි.. ඒ අධ්‍යාපනය පැත්තෙන් කරන්න පුළුවන් දේවල්.... මේ ටික වෙද්දි එක පරම්පරාවක් යනකොට දැනුවත් වීම් වෙලා ඉවරයි... ගතානුගතික සමාජය ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රමවත් ක්‍රියාමාර්ගයකින් විතරයි... නැත්තම් වඳුරට දැලි පිහිය දුන්න වගේ තියෙයි...
සෞඛ්‍ය පැත්තෙන්...
- සෞඛ්‍ය සේවය නොමිලේ දෙන එක නවත්තන්න ඕනේ... ( මේකෙදි විශේෂ අවස්ථාවලදි, ඒ කිව්වෙ ආබාධිත, විශ්‍රාමික අයවලුන් සම්බන්ධයෙන් විශේෂයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. )
උපදේශනය වගේ දේවල් නොමිලේ කළත් ප්‍රතිකාර වලට අය කරන්න ඕනේ.. හේතුව ප්‍රතිකාර වලට යන්නෙ වැඩිපුරම උපදේශනයේදි ඒවා ගැන දැනුවත් වෙලත්, ඒවා ගනං ගන්නෙ නැති අය නිසා වීම..
- Addictions සම්බන්ධයෙන් උපදේශන සේවා වැඩි වැඩියෙන් ඇති කරන්න ඕනේ.. ඒවා රෝහල් වලට විතරක් සීමා කරන්න හොඳ නෑ...
ඇල්කොෙහාල්, සිගරට්, සූදුව, විකෘති ලිංගික ක්‍රියාවල් වලට ඇබ්බැහි වීම් විතරක් නෙවෙයි, කාම චිත්‍රපට වගේ දේවල් වලට ඇබ්බැහි උන අයටත් උපදේශනය අවශ්‍යයි..
- ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ...
ලිංගික අධ්‍යාපනයේ දි මේක අතුරු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්... ඇරත් මේ වෙනකොටත් මේක රටේ අවශ්‍යතාවයක්..
පසුව එකතු කිරීමකි /
මේ කතාවෙදි මම මුලින් හිතුවට වඩා වැඩි පිරිසක් ගබ්සාව පිළිබඳව අදහස් පල කරලා තිබුණා.. මම හිතුවා මේ තැන මගේ අදහස පහු වෙලා හරි පෝස්ට් එකට එකතු කරන එක හොඳයි කියලා... ඇත්තටම මම මේ අදහස පැහැදිලි කළා මදි කියලා හිතෙන නිසා...
මේ තියෙන්නේ මම DDTට දුන්නු උත්තරේ.. මම හිතනවා මේකෙන් මම අදහස් කරපු දේ පැහැදිලි වෙයි කියලා...
ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...
අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....
නීතිමය පැත්තෙන්...
- ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය යොදා ගන්න පුළුවන් වෙන විදියට නීති පද්ධතිය අලුත් කරන්න ඕනේ...
නඩු විභාග වලදි සහ අපරාධ පරීක්ෂනයේදි ලෝකයේ තියෙන දියුණු තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් වෙන අලුත් නීති වගේම ඒ ක්‍රම යොදා ගන්න පහසුකම් නීති ආයතන වලට ලබා දෙන්න ඕනේ... දැනට ලංකාවේ DNA පරීක්ෂණයක්වත් කරන්න පහසුකම් නෑ මම දන්න විදියට... තිබුණත් ඒක කරලා රිපෝර්ට් එක ගන්න මාස 6ක් වත් යනවා... අපරාධ නඩු තීන්දු ලබා දීම සඳහා යන කාලය අවම කරන්නත් මේ මඟින් පුළුවන් වෙයි...
- ළමා හා කාන්නා ආරක්ෂාව පිළිබඳ නව නීති හදන්න ඕනේ..
ඒ කිව්වේ කැපකරු මාපිය ක්‍රමය වගේ දේවල්... අපචාරයට පත් ළමයි, කාන්තාවන් සඳහා උපරිම නීතිමය රැකවරණය දෙන්න අවශ්‍යයි.. ඒ වගේම මේ වගේ නඩු විභාග වලදී උපරිම රහස්‍යතාවය තිබිය යුතුයි... සමහර විට කාන්තාවක් නම් අලුත් අනන්‍යතාවයක් ගන්න.. දරුවෙක් නම් වෙනත් සුදුසු යුවලකට හදාගන්න දෙන්න වගේ දේවල්... මේකෙදි පුළුවන් ඩිවෝස් එකකදි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ළමයි බාර දෙන්න සුදුසු නැත්තම් ළමයි රජයට පවර ගන්න, අපචාරයකට පත් ළමයෙක්ට ගබ්සාවක් කරන්න බැරි නම්, උපදින දරුවා නිවාසයකට යොමු කරන්න.. දුප්පත්කම නිසා හෝ වෙනත් ප්‍රහ්න නිසා දෙමාපිය දෙන්නම දරුවන් රැකබලා ගන්න සුදුසු නැත්නම් දරුවන් ඒ අයගෙන් අයින් කරන්න නීති මඟින් පුළුවන් විය යුතුයි... ඒ වගේ මවුපියන් උපදේශනයට යොමු කිරීමත් නිති මඟින්ම කළ හැකියි...
- ගබ්සාව නීතිගත කරන්න ඕනේ..
නීත්‍යානුකූල නොවෙන විදියට කරන්න ගිහින් ජීවිත අනතුරු කරගන්න එක නවත්තගන්න වගේම, ගබ්සාවක් කරපු මවකගේ මානසික තත්වය නඟා සිටවන්න උපදේශනයට යොමු කරන්න මේ මඟින් පුළුවන්...
- දැං අපේ මතෘකාව ... ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ...
මෙතනදි නීතිමය රාමුව ඉතාමත් වැදගත්...
මේ වෘත්තියේ යෙදෙන අය ලියාපදිංචි කළ යුතුයි...
ලියාපදිංචි කිරීමෙන් මේ අය සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාව ලැබෙනවා වගේම, ලියාපදිංචියෙන් තොරව කරගෙන යාමේ හැකියාව අඩු වෙනවා...ඒ වගේම ඒ අයට නීතිමය රැකවරණය ලබා ගනීමටත් හැකියාව වැඩියි...
තැරැව්කරුවන් නැති කළ යුතුයි..
උපරිම ප්‍රතිලාභ සේවය සපයන්නා වෙත ලැබීමේ අවස්ථාව වැඩියි..
තමන්ගේ කැමැත්ත නොමැතිව මේ සඳහා යොදා ගැනීමට අවස්ථාව නැති විය යුතුයි..
කෙනෙක්ව බලෙන් ( තර්ජනය බය ගැන්වීමෙන්, බ්ල්ක්මේල් කිරීමෙන්, රැවටිමෙන්) මේ සඳහා යොදා ගන්න අවස්ථාවක් නැති වෙන්න ඕනේ.. ඒ වගේ අවස්ථාවල වැරදිකාරයාට සියලුම වැරදි වලට අදාළව ( අපචාරයට ලක් කිරීම යටතේ වැරදි කීපයක්ම තියෙනවනේ..) දඬුවම් දෙන්න ඕනේ...
මේ අයෙග් සෞඛ්‍ය වාර්තා නිසි පරිදි අලුත් කළ යුතුයි..
සමාජ රෝග පිළිබඳ වාර්තා, ගර්භනී වීම්, ගබ්සා කිරීම්, ගන්නා ලද ඔෟෂධ වර්ග, ආසාත්මිකතාවයන්, වෙනත් රෝගී තත්වයන් පිළිබද තොරතුරු අවශ්‍ය විටෙක ලබා ගැනීම සඳහා රජය සතුව තිබිය යුතයි... ( මේ මගින් මිනි මැරුම් විසඳා ගැනීම, හදිසි අවස්ථා වෙග්ම හදිසි අනතුරු වලක්වා ගැනීම වගේ දෙවල් කරන්න පුළුවන්.. හදිසි අවස්ථාවකදි ගනුදෙනුකරුවාටම උනත් නිර්නාමික 119 කෝල් එකකින් හරි දැනුම් දෙන්න පුළුවන් නේ.. නීතිමය අතින් ප්‍රශ්නයක් නෑ නේ...)
ගණිකාවන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳ යම් වාර්තාවක් තබා ගත යුතුයි...
මේකත් රජයේ සහ සමාජයේ අවශ්‍යතාවය සඳහා කරන්න ඕනේ දෙයක්... විශේෂයෙන්ම ගණිකාවක් යම් බෝවෙන රෝගයකින් පෙලෙනවා කියලා හදුනා ගත්තට පස්සේ, එයාගෙන් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරීමේ අවධානම අඩු කරන්න සහ ඒ අයගෙන් තවත් කෙනෙකුට බෝ වෙන එක වලක්වන්න මේ මඟින් පුළුවන්... ( මම හිතන්නෙ කරන්න අමාරුම දේ මේක තමයි.. නමුත් සමාජයේ යහපත පැත්තෙන් මේක කළ යුතුමයි..)
මීට අමතරව සාමාජයීය වශයෙන් එකතු කළ යුතු තවත් එක නීතියක් තියෙනවා..
ඒ තමයි දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන අවස්ථාවලදි සහ විවාහයකදී දෙන්නාගෙම සෞඛ්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම...
දැනට ලංකාවේ සිදුවන හැම විවාහයක්ම සිදුවෙන්නේ විශ්වාසය මත... නමුත් මේ නීති වලින් පස්සෙ මේ සමාජයේ Living together වගේ, teen pregnancy වගේ තත්ව වැඩි වෙන්න පුළුවන්... ඉතිං ඒ වගේ තත්ව යටතේ විශ්වාසය කියන එක වැදගත් සාධකයක් වෙන්නෙ නෑ... මේකෙන් සමාජ රෝග පැතිරීම වලක්වන්න සහ විශේෂයෙන් දැනට වෙනත් රටවල ඇති වෙලා තියෙන නවතත්ගන්න බැරි බරපතල ලෙඩ රෝග දරුවන්ට ඇති වීම, ළමයින් අසරණ වීම, කාන්තාවන් අසරණ වීම වගේ දේවල් යම් තරමකින් හරි වලක්වන්න පුළුවන්...ඒඩ්ස් හැදුන කෙනෙකුට උනත් එයාෙගන් දරුවන්ට ඒක නොහැදී ඉන්න පුළුවන් බෙහෙත් තියෙනවා.. ලෙඩක් තියෙනවා කියලා දැනගෙන ළමයි හදනෙකාට අඩු ගානේ ළමයින්ට හරි ලෙෙඩ් නොහැදී බේරගන්න පුළුවන්...
ලොකු ලිස්ට් එකක් නේද... නමුත් කරනවා නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ... වැරැද්ද උනාට පස්සේ නහයෙන් අඬනවාට වඩා වැරද්ද වෙන්න කලින් පරිස්සම් වෙන එක සුදුසුයි...
මට කියන්න ඕනෙ උනේ මේකයි ප්‍රධානවම.... සමාජය දැනුවත් කිරීමන් පස්සේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් වෙන යහපත වැඩියි... නමුත් අනිත් කිසි දෙයක් නොකර මුලින්ම මේක නීතිගත කළොත් සිද්ධ වෙන්නේ වැරැද්දක් විතරයි...
කාන්තාවක් හැටියට මම මේ ගැන දකින්නේ මෙන්න මේ විදියට... ඒ හැමදෙයක්ම එක්ක අපි මේ කතාකරන්නේ ලංකාව ගැන කියලත් අමතක කරන්න හොඳ නෑ....
ඔව්.. මේ ඔක්කොම කරන්න ගියොත් ඉතිං තව කාලාන්තරයක් යයි තමයි... එතකොට පෙරහැර ගිහින් තියෙයිද... නැත්තම් අපි මුලින් කරන්න ඕනේ දේවල් කරන්න පටන් ගන්න දැං කාලේ හරිද..... ??
මම මුලින්ම කිව්වා මේ බ්ලොග් එකේ ලියවෙන්නේ බොහොම සරළ, සාමාන්‍ය මාතෘකා ගැන... මේකත් ඒ වගේ දෙයක් තමයි කියලා.... නමුත් මෙච්චර කාලෙකට මේ තරම් විවාදාත්මක මතෘකාවක් ගැන මම මේ බ්ලොග් එකේ ලියලා නෑ... අනිත් බ්ලොග් වල වලි දාගත්තට... සංයමයෙන් කමෙන්ට් කරයි කියලා බලපොරොත්තු වෙනවා...
මේ තියෙන්නේ මේ පෝස්ට් එක දාන්න හේතු භුත වෙච්ච පිරිමි පාර්ෂවය විසින් ලිව්ව පෝස්ට් දෙක.. මේ කියවන්නේ මොන මඟුලක්ද කියලා හිතාගන්න බැරි නම් ඔන්න ගිහින් පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි වෙලාව අරගෙන කියවන්න පුළුවන්...
මේ තියෙන්නේ මේ පෝස්ට් එක දාන්න හේතු භුත වෙච්ච පිරිමි පාර්ෂවය විසින් ලිව්ව පෝස්ට් දෙක.. මේ කියවන්නේ මොන මඟුලක්ද කියලා හිතාගන්න බැරි නම් ඔන්න ගිහින් පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි වෙලාව අරගෙන කියවන්න පුළුවන්...
සිරා ලියපු ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි)
මාතලන් ලියපු