අද දිණමින පත්තරේ පෙරලගෙන හෙව්වේ වෙන දෙයක්.. ඒත් ඊට කලින් මේ නිවුස් එක දැක්කම මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා.... ලියන්න හිතුව එක පස්සට දාලා මේ ගැන යමක් ලියන්න හිතුවා...
පහුගිය ටිකේ ඇති වෙන්න රියලිටි ෂෝස් දැක්කනේ... ඉතිං අන්තිමට එලිමිනේෂන් රවුන්ඩ් එකේදි දුකට අඩන එක, කලන්තෙ දාලා වැටෙන එක වගේම සතුටට බිම ඉදගෙන අඩන එක වගේ දේවල් බලා ඉන්නකොට මාත් ඕනෙ තරම් අඩලා තියෙනවා නොවැ... ඒත් පහු කාලෙකදි මම රියලිටි ෂෝස් බලන එක නැවැත්තුවේ සින්දු කියන එකයි නටන එකයි විකාරයක් වගේ වේගෙන එනවා කියලා මට හිතුන නිසායි... ඇත්තටම මේ වෙනකොට මම බලන එකම රියැලිටි ෂෝ එක ලංකාවේ එකක්වත් නෙවෙයි..
CSN චැනල් එකේ මේ ෂෝ එක පටන් ගනිද්දි මට හිතුන දේ තමයි ඔන්න ඒපාර රණවිරුවොන්ව විකුණගෙන කාලා දැන් ආබාධිතයන්ව විකුණගෙන කන්න යනවා කියලා.... කලින් ෂෝස් වලත් ඒ වගේ දේවල් උන බව හැමෝටම වගේ දැනුනනේ.... ඔය පොඩි අයගේ ඒවයේ එහෙම....
මගේ ප්‍රියතම චැනල් එකක් නොවෙන නිසා මේ ෂෝ එක බලන්න නම් හම්බුනේ නෑ....නමුත් කෝසල, මේඛලා වගේ තවත් දක්ෂයෙක්ට එළියට එන්න පුලුවන් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුනා....
ඒත් මේ සිද්ධිය වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා මට පොඩි බයක් ඇති උනා කියලා කිව්වොත් නයෙක් ඇරියා වෙන එකක් නෑ... ඇයි මට එහෙම හිතුනේ...?
මේ ෂෝස් වල මම දැකපු ලොකුම අඩුපාඩුවක් තමයි මේ තරගකරුවන්ව ජය පරාජය දරාගන්න සූදානම් නොකරන එක.... American idol, Britain got talent, So you think you can dance, Project Runway වගේ ෂෝස් වල අපි හැමවිටම දකින බැක්ස්ටේජ් සපෝර්ට් එක අපේ ෂෝස් වල තිබුනේ තරගකරුවන්ව තවත් පීඩනයට පත් කරන විදියකට.... අපිත් හුස්ම හිරකරන් බලන් හිටියානේ කමල්ගේ විකාර ඉවර වෙලා කවුද දිනුම් කියන කම් ඒ කාලේ.... හි හි...
ඇත්තටම සමහර ෂෝ වල අවසානයේදී ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවලදි තරගකරුවන් ඉන්නේ පුදුමාකාර තිගැස්සමකින්.. ඒක සාමාන්‍ය කෙනෙකුට අමාරුවෙන් හරි දරා ගන්න පුළුවන් දෙයක් උනත් මේ වගේ ආබාධිත කෙනෙකුට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්.... මට දැනෙන්නේ මේ සිද්ධියත් ඒ වගේ කියලා....
ආබාධිත දරුවෙක් එක්ක වැඩ කරපු කෙනෙක්ට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්... මානසික ආබාධයක් නොතිබුනත් දෑස් නොපෙනෙන කෙනෙක් එක්ක වැඩ කිරීමේදි ඉතාමත් ඉවසීමෙන් වැඩ කරන්න කියලා කියනවානේ... දැන් මේ දරුවෙක් නෙවෙයි, මානසික ආබාධිතයෙක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන් .... නමුත් මේ ඉන්නෙත් මුල ඉදලම අමාරුවෙන් ජීවිතේ එක්ක සටන් කරලා දිනපු කෙනෙක්... මේ වගේ අය මානසිකව ඉතාමත් සංවේදියි.... ඉතිං මේ වගේ අවස්ථාවක් ඉතාමත් සංවේදි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන තරගය සංවිධානය කලා නම් මේ සිද්ධිය වලක්වා ගන්න ඉඩක් තියෙන්න තිබුනා කියලයි මට හිතුනේ....
දැං ඉතිං මං මේ ෂෝ එක බැලුවෙ නැති නිසා මට මේ ගැන වෙන මුකුත් කියන්න බෑ... නමුත් මේ සිද්ධිය නිසා මේ ඇතිවෙලා තියෙන අනවශ්‍ය රියැලිටි ෂෝ රැල්ල ඉවර වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා...
කතාව ඇත්ත. මාත් පිළිගන්නවා.
ReplyDeleteහ්ම්ම්...
Deleteඒවගේම ළමයින් යොදාගෙන කරන රියැලිටි වැඩසටහන් වලදි උනත් අයහපත් බලපෑම් වෙන්න පුළුවන්.මම නං බලන්නෙ නෑ ඔය ජරාව
ReplyDeleteවෙන්න පුළුවන් නෙවෙයි රාජ් .. වෙනවා වෙනවා...
Deleteඅනිත් එක SMS මගින් ජයග්‍රාහකයා තෙරිමේදීත් සැහෙන්න අසාධාරණයක් වෙනවා කියලයි මට හිතෙන්නේ!ජනප්‍රියතාවය ගොඩක් වෙලාවට හරවත් දේ මග හැර යනවා!
ReplyDeleteමේ තරුණයා ගැන නම් ඇත්තටම දුකයි!ආබාධයක් එක්ක උනත් මෙච්චරකල් හොඳින් ජීවත් වෙලා මේ වගේ දෙයක් උනාම?
අසරණ ජීවිතයක්!
මම මේ තකාව ගැන මුකුත් කිව්වේ නැත්තේ කතාව මාකට් කරන්න ඕනේ නැති නිසා... නමුත් මේ වගේ සිද්ධ වලින් යම් කිසි පාඩමක් ඉගෙන ගත යුතුයි කියලා මම හිතනවා....
Deleteඅනේ අප්පෝ.. මේ වැඩසටහන් මිනිස් ජීවිත වල විනාශය ගං කරනවා.මටත් තේරෙනවා ඕවා සතපහකට වැඩැක් ඇති දේවල් නෙමේ
ReplyDeleteඅන්න හරි ...
Deleteමොනා කියන්නද මංදා හිරු.කාලෙක ඉඳන් මට රියැලිටි ෂෝ ගැන නම් පැහැදීමක් නෑ ඕං.අනිත් අය ගැන නම් මම දන්නේ නෑ මට හිතෙනවා එතන සුදුස්සාට සුදුසු තැන නෑ කියලා. ඒවගේම එතනින් පසුව ඔවුන්ගේ ඉරණම. ඔය නිසා මම ඒගැන උනන්දුවක් නෑ.
ReplyDeleteඒක තේරුනේ මුලදිම සරත් අයියේ..... මතකනේ අජිත් බණ්ඩාරට වෙච්ච දේ....
Deleteඅපෝ ඔය රියලිටි ගැන නම් කතා කරලා වැඩක් නෑ..මෙලෝ රහක් නැති වැඩසටහන් වගයක්... අන්තිමේදි වෙන්නේ දුරකථන සමාගම් ටිකයි ටීවී චැනල් එකේ කට්ටියයි පෝසත් කරන එක විතරයි.
ReplyDeleteතරඟයට සහභාගි වෙච්ච එවුන් අන්තිමේදි නන්නත්තාර වෙනවා.
දැන් අළුත්ම ටාර්ගට් එක තමා පොඩිම ළමයි ටික... උන් ටිකත් මොඩ් කරලා උන්ගේ ළමා කාලය නැති කරලා දානවා...
හොඳම උදාහරණේ තමා හිමාෂ මනුප්‍රිය. අයියෝ ඒකාගේ ළමා කාළය !!!!
හපොයි ඔව්... ඒ අම්මලට පිස්සුද මන්දා.... ළමයි නම් දක්ෂයි තමා... ඒත්..
Deleteමම ඔව්ව බලන්නෙ නෑති හින්ද මොකුත් දන්නෙ නැත...
ReplyDeleteහි හි.. අපි ඔක්කොම එහෙම තමා....
Deleteඅපේ මාතර වාර්තාකරු ලියා එවූ මේ පුවත මුලින්ම පත්වුණේ මගේ අතට.මෙය පිටුවක් අතරට යනවද කුණු බක්කියට දානවාද තීරණය මගේ අතේ.ඒත් දෙවරක් හිතන්න කරුණු තිබුණා.අන්තිමට මේ ලිපිය කට්ටියක් අතරේ සාකච්චාවට බඳුන් වුණා.වැඩි මතය නොදා ඉන්න කියන තැන.ඒත් මාත් රන්ජන් අමරරත්නත් දැඩිව කියා සිටියේ මෙය පිටුවට ගතයුතුයි කියලයි.අවසානයේ මේ සිද්ධිය පුවතක් ලෙස මුල් පිටුවටත් කඳුළු කතාවක් ලෙස ඇතුළු පිටුවකත් දාන්න අපට හැකි වුණා. මේ කතාවට ඔබ වැන්නන් සංවේදී වීම තුළ මා අපමණ සතුටක් ලබනවා.
ReplyDeleteමට තේරෙන විදියට මේ වැඩසටහන් හැම එකේම කලේ හැඟීම් විකුණන එක... රණවිරු රියල් ස්ටාර් එක, සුපර් ස්ටාර් වගේම ආබාධිතයන්ව විකුණගෙන කන්න හදපු එකක් විතරයි වගේ... මේ හැම එකකම කලේ මිනිස්සුන්ගේ හැඟීම් මාකට් කරලා වැඩි ගාණට විකුණන එක....
Deleteමම කතාවට ලින්ක් එකක් විතරක් දාලා කතාව ගැන කතා නොකර හිටියේ ඒ නිසයි....
ඇත්තටම මට දැනුනේ දුකකට වඩා කළකිරිමක්... මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ කියලා හැඟීමක්.... ඇත්තටම මේක පළ කරන්න ගත්ත තීරණය හොද දෙයක්.... වැඩි පසුබිම් විස්තර නැතුව ලියලා තියෙන දෙයින් මගේ හිතට කා වැදුන දෙය මේ අහින්සකයාගේ ජීවිතය නිරපරාදේ නැති උනා විතරක් නෙවෙයි, අර ඇස් නොපෙනෙන තරුණ බිරිදගේ ජීවිතයත් විනාස උනේ වෙන කාගෙවත් බඩ වඩා ගැනීමකට කියලා....
කවදා හරි දවසක මුන්ගේ හෙලුව පෙනෙයි.
Deleteහපොයි ඇඟ සීතල වෙලා ගියා ඒක දැකලා....
ReplyDeleteමේ වාගේ ඒවා දැකලා නම් නෑ. නොදකින එක හොඳයි කියලා හිතෙනවා මේ වගේ ප්‍රවෘත්ති දැක්කාම...
වෙන කිසිම රටක මේ වගේ දේවල් වෙලා නෑ පොඩ්ඩි.. ඔන්ලි ඉන් සිරි ලංකා.....
Deleteදුක තමයි.. මම කතාව ගැන යමක් නොකිව්වේ මේ තියෙන වචන පේලි ටිකේ ඕනෙවටත් වඩා දුක තියෙනවා කියලා දැනුන නිසා.....
රියැලිටි වැඩසටහන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. සිද්ධිය ගැන ඇහුවාම නම් ලොකු කණගාටුවක් ඇති වුණා. ඒ දෙයින් වත් පාඩමක් ඉගෙන ගනියිද දන්නේ නෑ.
ReplyDeleteමගෙත් ප්‍රාර්ථනාව එච්චරයි සිතූ...
Deleteඕක ෂූට් කලේ යූත් එකේ...
ReplyDeleteඔය අයියාව මං දැක්කද මන්දා...
කොහොම හරි සමහර අයියලා අක්කලා ඉන්නවා හෙන පවු...
එක අතකට ඔය තරගෙ හොදයි, අනිත් අතට නරකයි කියන්න පුළුවං එවුවා ටිකකුත් මං එතකොට දැක්කා..
මොනා උනත් හරි පවු වැඩක්...
ඒ අයියට අපි නිවන් සුව පතමු!!!!!!!!!!!
මාත් පසුබිම ගැන ටිකක් දන්නවා.. මුලදි ඉදලම මට නම් පොඩි අවුලක් තිබුනා මල්ලි... මෙතනදි හැගීම් ඉදිරියට එනවා වැඩියි නේ....
Deleteඑච්චර තමයි අපිට කරන්න පුළුවන් ඉතිං..
පව් අසරණ කොල්ලා. ඔය රියැටිලි කෙරුවාව මට නම් එපා උනේ ඉස්සර සිරස එකේ තිබ්බ බහු භූත වැඩ දැකලා. සින්දු කියන්න ආවම ඒ මනුස්සයව බයිට් කරන හැටි දැක්කම මට රියැලිටි ෂෝ එපා උනා. ඊට පස්සෙ බැලුවෙම නෑ. මම කොහොමත් ලේසියෙන් ටී වී බලන කෙනෙක් නෙමේ. ටී වී එක දාපු කාලයක් මතක නෑ.
ReplyDeleteකරන්නා වලේ කරන වැඩ හන්දා අපරාදේ තව අනික ඔය රියැලිටි ෂෝත් බිස්නස් එකක් කරගෙන තියෙන්නෙ. ටැලන්ට් එකට බලනවට වඩා මහ විකාර ගොඩක් කරනවනෙ. මොනා උනත් අපරාදේ තරුණ ජීවිතයක් ඉවරයි
හරියට හරි ලිහිණි.. ඔයා හරියටම කිව්වා....
Deleteලංකාව කියන්නේ උදේ ඉඳන් බන කියන රටක්, දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ග 24 පැයේම දෙසා බානවා. ඒ උනාට එකෙක් දිනන තරඟයකින් 24 වෙනියා වෙලා ඉවත් උනාමත් කඳුළු පුරවගෙන අඬනවා. මේකත් දැන් ඉසටයිල් එකක් වෙලා. උපන්න දවසේ ඉඳන් මරණේ ගැන අහල අහල කවුරු හරු මැරුණම ඌත් වලට පැනලා මැරෙන්න යනවා. මේ වෙන කිසි දෙයක් නෙමෙයි. මෝඩ කම. මේ වැඩ සටහන් මෙහෙයවන්නේ මෝඩයෝ. අද රටේ තැනක් තියෙන්නේ මේ වගේ මෝඩයන්ටයි බූරුවන්ටයි. අර මනස කියලා සඟරාවක් විකුනන කාළකන්නියෙක්. දරුවෝ බස් වලට නග්ගලා ඌ ප්‍රාඩෝ එකේ යනවා. ධනවාදි සිතුවිලි දෙන එකත් බිස්නස් කරගෙන. ආගමත් එක හේතුවක්. වාරනයට ලක් නොවේවා....
ReplyDeleteමේ බ්ලොග් එකේ අද වෙනකල් එක කමෙන්ට් එකක්වත් වාරණයට ලක් වෙලා නෑ.. හි හි...
Deleteමේ කියපු එක ගැන නම් මම සම්පූර්ණයෙන්ම එකඟයි.... මේ රටේ විතරක් නෙවෙයි ආසියාතික ගොඩක් රටවල් වැඩිපුරම මාකට් වෙන්නේ මිනිස්සුන්ගේ හැඟීම් සහ ආගම.... ඒකෙනුත් හැඟීම් විකුණන්න හරි ලේසියි.. ඒකට ඉතිං හේතුව මෝඩ කම තමා....
රියැලිටි වැඩසටහන් සහ මෙගා නාට්‍ය ලකියාගේ වචන සෙට් එකේ නැත.ලකියා ඒවා භාවිතයෙන් අයින් කර බොහෝ කල්ය.
ReplyDeleteටී.වී බැලීම එපා උනේද මේවා නිසාය.
හි හි.. ඇත්ත ලකියෝ..... මටත් ඒ සන්තෑසියම තමා...
Deleteබ්ලොග් එකට වැටුණු කොමෙන්ටුවෙන් ආවෙ අක්කේ... මම හිතන්නේ මම මීට කලින් මේ පැත්තේ ඇවිත් නෑ....
ReplyDeleteදකින්න ලැබුනු මුල්ම පෝස්ට් එක වැදගත් මාතෘකාවක් යටතේ ලියලා තියෙන්නේ.ඔක්කොමත් හරි මෙතන මම තවත් මහා විනාසයක් දකිනවා...
අක්කා දැකලා තියේද ලමයිව නටවන නැටවිල්ල.සිරස දෙරණ වගේ මේ නාලිකා එකතුවෙලා මේ කරන්නේ අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න ලමයිව පිස්සු නටන ඉගෙනීමෙන් තොරව ඉදිරියට යන්න බලාගෙන ඉන්න පිරිසක් බවට පත්කරන එක නේද.අම්මලාත් මේ තමන්ගේ ලමයින්ට කරන්නේ විනාසයක් නේද කියලා නොදැනද මන්දා මේවට යවන්නේ.ඉස්සර අපේ අම්මලා තාත්තලට තිබුනේ පුතා/දුව හොඳ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කරන්න ඒ වුනාට අද හැම අම්මෙක්ම බලන්නේ රියැලිටි ෂෝ එකකට දක්කලා ලමයිගේ ලමා කාලයත් නැති කරන්න....
පොඩි ලමයින්ට පත හෑලි පමණට නොහොබිනා සිංදු කියන්න වගේම ඒ නටවන නැටවිල්ලට මම මාර විරුද්ධයි.මේ ලමයි කවද හරි ලොකු උනාම කවදාවත් හැදියාවක් ගැන හිතයිද.අඩු ගානේ අම්මා තාත්තට සලකයිද... හලේ මන්දා මේ විනාසේ
ලමයින්ට සුදුසු තරඟ නැතුවද මේවා සංවිධානය කරන්නේ.ඕනම පන්සලක භක්ති ගීත කණ්ඩායම් තෝරන්නේ ගද්‍ය පද්‍ය තරඟවලට ලමයිව යවනවා නේද.පාසල් මට්ටමින් නොයෙකුත් තරඟ තියෙනවා නේද.ඇයි අම්මලා තමන්ගේ ලමයිව ඒවට උනන්දු නොකර මුලු රටකට පේන්න තමන්ගේ ලමයා ලවා ජවුසන් නටවන්නේ....
මේවා කවද නතර වෙයිද මන්දා.හැබැයි ඒ නතර වුනත් වෙන්න ඕන හානිය දැන් වෙලා ඉවරයි කියලයි මම හිතන්නේ....
ලියලා තියෙන විදිය ගොඩක් හිතට වැදුනා....
ම්ම්ම් .. සාදරයෙන් පිලි ගන්නවා....
ReplyDeleteමම ඔය එකක්වත් බැලුවෙ නෑ මගේ ඇඟේ මාලු නටන්න ගන්න නිසා... ඒත් ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් පෙනුන ඒවා නිසා තමයි මේ ලියන්න හිතුනේ....
අම්මලට පිස්සු තමයි... ළමයින්ව විකාර අන්දවලා එවන්නේ... ඉස්සර නම් අවුරුද කුමාරි තරඟෙකට වත් යවන්නේ හරි පරිස්සමින්... දැන් කෙල්ලන්ට බාගෙන අන්දලා රටටම පේන්න ටීවී එකේ බැනර් පොස්ටර් වලයි දානවා.. ඊට පස්සේ රෙද්ද උස්සන් නටනවා පොඩි කෙල්ලෙක්ට වත් පාරේ යන්න බෑ කියලා.... ඔය එක පැත්තක්.....
මේවා නතර වෙන්න ඕනෙ තමයි ... ඒත් අපේ ගොන්නුන්ට හැමදාම ඉස්තාලේ වහන්න මතක් වෙන්නේ අස්සයා පැනලා ගිහින් උගේ පාරත් මැකිලා ගියාට පස්‌සේ.....
අපිට ඕවා නවත්තන්න බෑ එත් පොඩි උන්ට තියන එවයි අබාධිත අයට තියෙන තියෙන එවයි නැවැත්තුව නම් හරි.ඒ ගොල්ලොන්ට දරා ගැනීමේ ශක්තිය අඩු නිසා එක ගොඩක් බලපානවා.පොඩි උන් එහෙම පොඩි කාලෙදිම මානසිකව වැටුනම උට ලොකු වෙලත් හිතෙන්නේ මට කිසිම දෙයක් බෑ මන් නිකමෙක් කියලා විතරයි
ReplyDeleteමේ නැති වුන සහෝදරයට අපි නිවන් සුව පතමු...!
හම්ම්... අනේ මන්දා...
Deleteමේවා බලන කට්ටියකුත් ඉන්නවා නොවැ....
එච්චර තමයි අපිට කරන්න පුළුවන් කියලා හිතෙනකොටත් දුකයි මල්ලි...
වාසනාව පසුපස අවාසනාව ඇවිත් තියෙන හැටි :(
ReplyDeleteහම්ම්...
Deleteඅනේ කාලේ වනේ වාසේ.. :(
ReplyDeleteබෑ නේ ... වනයක් හොයා ගන්න නෑ නේ..
Deleteරියැලිටි රැල්ල නම් අනේ මන්ද................. :/
ReplyDeleteඅනේ මන්දා ...
Deleteඇත්තටම රියැලිටි කියන්නෙ රෙයැලිටි එකටද ?
ReplyDeleteළමයින්ගේ සහ අබාධිතයන්ගේ තරඟ වල නම් නෑ... මොකද මේකට ඉදිපත් වෙන අයට වත් දෙමාපියන්ටවත් කිසිම තේරුමක් නෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා....
Deleteමොනවා උනත් ඔක්කොම යන්නෙ සල්ලි පස්සේ. මනුස්සකම කියන එක ගෑවිලාවත් නෑ
ReplyDeleteහ්ම්මි..... ඒක ඇත්ත..
Deleteමේ වගේ එක එක කොට්ඨාශ වලට රියැලටි තරග තියන්නෙ ඒගොල්ලන්ට තියෙන ආදරේකට වඩා තමන්ගෙ මඩිය තර කර ගැනීමේ අරමුණින්.... මියගිය සහෝදරයා ගැන මටත් දුකයි...
ReplyDeleteඅපි වගේ පුංචි රටකට ඔරොත්තු නොදෙන තරම් සංඛ්‍යාවක් රියලැටි වැඩසටහන් ආරම්භ වෙච්ච නිසාම ජනතාවගේ ඒ කෙරේ තිබූ ආකර්ශනයත් දැන් නැත්තටම නැතිවෙලා... රුපියල් කෝටියක් අරන් සිරස සුපර් ස්ටාර් ආයෙත් එනවලු ඔන්න නොවැම්බර් මාසෙදි...
ඇත්තම කිව්වොත් තවත් මිනිස්සු මේවා බලනවද කියලා හිතෙන කොටම කවුරු හරි නාකි ආච්චි කෙනෙක් මෙගා ස්ටාර්, ලිට්ල් ස්ටාර් එකක් දා ගන්නවා “ මම නම් හැමදාම මේක බලනවා “ කියලා..... මෙලෝ වැඩකට නෑ.... ස්පෙලින් එකකුත් කියෙනවා නේද...... එකත් පොඩි ළමයි විකුණන්න පටන් ගත්තා එකක්....
Deleteඕවයින් ආපු එකෙක්වත් දැන් ඉතුරු වෙලා ඉන්නවද මන්දා.....
රියැලිටි ශෝ නම් එපා වෙලා.. දැන් මම බලන එකම ශෝ එක තමා Australia master chef :D හොඳ කෑම ටිකක් වත් බලාගන්න පුළුවන්..
ReplyDeleteමමත් බලනවා එකක්... Project Runway.. Fashion design කරන Professionals ලා ඉන්නේ... ලොකු තිගැස්සමක් දෙන්නේ නෑ ඒගොල්ලන්ට වත්.... ඒත් මේ පොඩි එවුන්ට කරන වැඩ දැක්කම එපා වෙනවා....
Deleteරියලිටි ෂෝ නම් දැන් හිසරදයක් වෙලා තමයි අක්කියෝ..
ReplyDeleteදැන් පුංචි එව්න්ටත් රියැලිටි ..හ්ම් ... :(
පුංච් එවුන්ට රියැලිටි තේරුන් නැති උනාට උන්ගේ මහ එවුන්ට තේරෙන්න එපායැ.... කොහෙද... නූගත් මිනිස්සු නම් කමක් නෑ.....
Deleteමමත් ඔය එකක්වත් බලන්න ඔහෙ හිටියෙ නැති එක ගෙන සන්තෝශයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඩූඩ් අයියා නම් බේරිලා... ඒත් අපේ කට්ටිය තාමත් කට ඇරන් ඕවා බලනවානේ....
Deleteමමත් මේවා බලන්න ලංකාවේ නෑ..
ReplyDeleteවෙලාව හොදයි මලයගේ..
Deleteකතාව නම් සහතික ඇත්ත........
ReplyDeleteසචිත්ව අදනේ දැක්කේ.. මේ පැත්තට අලුත්ද මන්දා...
Deleteමොනවා කරන්නද ඉතිං... ඇත්ත තිත්තයි නොවැ..