මුලින්ම කියන්න ඕනේ නිදහසට කරුණක්....
මේ ටික ලියන්න හිතුවේ කලින් ලියපු කෝච්චි පොස්ට් එකේ දි කීප දෙනෙකුටම අනිවා ලියනවා කියලා පොරොන්දු උන නිසාවෙන්....
ටික දවසක් තිස්සේ මේ බ්ලොග් එකේ දාපු පොස්ට් වල කාටවත් මඩ ගහන විදියටවත්, කාටවත් සුදු හුණු ගෑමක් විදියටවත් පොස්ට් එකක්වත් දැම්මේ නෑ කියලා ඉතිං පරණ පෝස්ට් කියවපු කට්ටිය දන්නවානේ... සාමාන්‍යයෙන් මම කෙනෙකුගේ නමක් යොදා ගන්නේ ගොඩක් දුරට හිතලා.... බ්ලොග් ලියන කෙනෙකුගේ නමක් වත් සාමාන්‍යයෙන් මේකේ දාන්නේ නෑ මම ලින්ක් එකක් නොදා... ලියන්න ගත්තේ ළඟදි නිසා කට්ටියගේ මතවාද, අදහස්, කැමති අකමැති දේවල් ගැන මට ඒ තරම් දැනුමක් තාමත් නෑ...
සන්නස්ගල කියන චරිතය ගැන අවුරුදු 11කට කිට්ටු කාලයක් තිස්සේ එක එක මතවාද ගැන වෙච්ච සාකච්ඡා වලදි මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ නම මොනම දේකදි වත් යොදා ගැනීමේදී පුදුමාකාර විදියට පරිස්සමි විය යුතු බව.... සහ ගල් මුල් ප්‍රහාර, උණුසුම් සාකච්ඡා බලාපොරොත්තු විය යුතු බව.... ඒත් මම මේ ලියන්න හදන්නේ උපුල් ශාන්ත සන්නස්ගල නැමති චරිතය ගැන නෙවෙයි....ඒ කිව්වේ චිත්‍රපටි පිටපත් රචකයා හෝ කවියා හෝ නවකතා රචකයා හෝ ගීත රචකයා හෝ ඒ.ජා.පෙන් ඡන්දේ ඉල්ලන්න ගිහිල්ලා නූලෙන් ඒක අතෑරපු, අද වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කඩේ යන කෙනෙක් විදියට පේන පුද්ගලයා හෝ ගැන නෙවෙයි... 2003 ඒලෙවල් අපේ සිංහල පන්තියේ හිටපු ළමයෙක් හැටියට සන්නස්ගල නැමති ගුරුවරයා ගැන එදා මෙදා තුර මගේ හිතේ රැදුනු, ඇදුනු මගේ මතක සහ මගේ අදහස් ටික විතරයි.....
හරි.. නිදහසට කරුණු ඉවරයි.... දැං අතීත කතාවට.....
ගොඩක් කට්ටිය වැස්සකට හරි නුගේගොඩ රොටරි එක පැත්තේ ගිහිල්ලා ඇතිනේ... නැති අයට කියන්න තියෙන්නේ 2001දි අපේ සිංහල පන්තියේ ඔක්කෝම ළමයි ටික දාන්න පුළුවන් තරම් ලොකු හෝල් එකක් තිබුනේ නැති බව....(මේ කියන්නේ තියරි එක.. රිවිෂන් එකත් සෙට් උනාම කිට්ටු කරන්න බෑ...) ඉතිං පන්ති වල මුල දවස් වල බොහොම අමාරුවෙන් තමයි අපි වාඩි වෙලා හිටියේ... දැං ඔය කාලේ මං පන්ති ගියේ කලර්ඩ්... මොකද ඒ වෙනකොටත් මට ඉස්කෝලයක් හම්බුවෙලා තිබුනේ නෑ.... ඉස්සරහම පේලි වල හිටපු කෙල්ලෝ සෙට් එකේ සමාජිකයෙක් තමයි මාත්... හාපෝ.. එහෙම දුකක්... මතක් වෙනකොටත් ඇඩෙනවා....දවස් දෙක තුනක් යන කොට සුදු ගවුම් ගොඩේ කලර්ඩ් ගහලා හිටපු මාව සර්ට නෝට් උනා.. ඒ පළවෙනි පාරට.... තාමත් අහපු ටික මතකයි....
“ මොකද කෙල්ල පාට ඇදලා..... “
“ඉස්කෝලයක් හම්බුන් නෑ සර් තාම....“
“ ඇයි කලින් ගිය එක...“
“ එකෙන් අස් උනා සර්....“
“ ඇයි ඒක හොද මදිද....“
“ නෑ සර්... මං කරන සබ්ජෙක්ට් එකක් ඒකේ නෑ. ඒකයි....“
“ හම්මි... “
මාස දෙක තුනක් ගියා... දැං මට ඉස්කෝලයක් තියෙනවා... ළඟම එකක්... ටර්ම් නිවාඩු දෙන දවසේ සර් 1 ඉදලා ක්ලාස් දැම්මා.... අපේ ඉස්කෝලේ කට්ටියම එදාට ඉස්කෝලේ යන්න ඕනේ කියලා වැඩේට විරෝධය පෑවා..... මෙන්න මෙයා හෙන සද්දයක් දැම්මා එදාට ඉස්කෝලේ ගියත් වැඩක් කරන්නෙ නෑ නේ. පන්ති එන්න කියලා.... අපි ඒත් බෑ කිව්වා...හේතුව එදාට ප්‍රොෙජක්ට් ප්‍රපෝසල් බාර දෙන්න තිබ්බ එක.... ඒ පාර සද්දේ වහලා හා එහෙනම් කමක් නෑ. පරක්කු වෙලා එන්න. හැබැයි යුනිෆොම් ආවේ නැත්තම් ඇතුලට ගන් නෑ කිව්වා... ඔන්න පළවෙනි පාර සර් එක්ක වලි දාගත්තා....
ටික දවසකට පස්‌ෙසේ තමා අපිට අලුතින් හදපු ලොකු ශාලාවට යන්න හම්බුනේ... හෝල් එක පිරෙන්න ළමයි හිටියේ අපේ පන්තියේ විතරක් නිසා අපි ඒකට කිව්වේ සන්නස්ගල ශාලාව කියලා... දැන් නම් වෙන නමක් ඇති.... ඔන්න අපි දැන් අත පය දිගෑරලා ඉදගන්නවා. මෙන්න එක දවසක් එකපාරටම පන්තියට කඩන් පාත් වෙච්ච සර් කොල්ලන්ට බෝම්බයක් අතෑරියා... මොකද්ද ඒ.... පිටිපස්සේ සීට් අල්ලගෙන හොදට සැපසේ පිස්සු නට නට හිටපු කොල්ලො ටික ඉස්සරහාම ඩෙස් 12 ට හිර කරපු එක...... දැන් ඔය හෝල් එකේ සටේජ් එක ඉස්සරහා ඩෙස් පේලි 5ක් තියෙනවා... එතකොට කොල්ලන්ට ඩෙස් 60ක් නිකම්ම වෙන් වුනා... ඇයි හාමුදුරු කොල්ලො ටික.. ඒ කට්ටියත් ඉස්සරහා තමා... සිවුර පොරෝ ගත්තට ජාන වෙනස් වෙලා නෑ නේ..... ( මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... එතන වැඩිපුර හිටියේ හාමුදුරු කොල්ලො තමයි..අපි ඊට පිටිපස්සෙන් හිටපු නිසා අපි දන්නවා කට්ටියගේ වැඩ...)දැං කෙල්ලෝ පිටිපස්සේ...
ඔය කාලේ සන්නස්ගලගේ ක්ලාස් යනවා කිව්වම ඩෝං ගාලා ලැබිච්ච ප්‍රතිචාර තුනක් තිබුනා..... කටින් දෙකයි, හිතින් එකයි... කටින් මෙන්න මේ දෙක... “අපෝ... සන්නස්ගල සර් හරියට කුණුහරුප කියනවා නේ......“ “ සන්නස්ගලයගේ ක්ලාස් එකේ ගාන වැඩියි නේ.... පොත් සෙට් එකම මාර ගනන් ... මිනිහා ඒකෙන් හොදට ගරා ගන්නවා නේද.....“ එතකොට හිතින්.... “ සන්නස්ගලයා මොනවා කළත් හැබැයි විබාගේ නම් ගොඩ දානවා ෂුවර්....“
දැං ඉතිං මට හැමදාම එන පුරස්නේ එනවා...... පෝස්ට් එක දිග වැඩි වේගෙන එන්නේ..... මොකද කොරන්නේ...රස කතා ටික පැත්තකින් තියලා මාතෘකාවට බහිනවද......?
ඔන්නොහෙ ලියනවා... අතින් යන එකක් යෑ...
දැං ලියන්න යන්නේ මං හිතන විදියට මේකෙ වැදගත්ම දේ... ඒ තමයි ඒ දවස්වල අපේ සයිකලොජි එක....බර වචන වලින් කියනවා නම් ඒ දවස්වල ඒ ලෙවල් ක්ලාස් වල හිටිය එවුන්ගේ හිත් වල හැටි..... ( දැං එවුන් නම් මෙහෙමද දන් නෑ.... අපේ මල්ලි කියන විදියට නම් 2009 දි විතරත් ඒ තත්වෙම තමා තිබිලා තියෙන්නේ....)
මේ ක්ලාස් වලට නානාප්‍රකාර ඉස්කෝල වල ළමයි ආවානේ.... කාන්තා පාසල්, පිරිමි පාසල් සහ මිශ්‍ර පාසල් වගේම ලොකු ඉස්කෝල, පොඩි පහේ ඉස්කෝල සහ ඈත ඉස්කෝල... තව හොද ඉස්කෝල සහ චාටර් ඉස්කෝලත් හිටියා.... නම් කියන්න ඕනේ නෑ නේ.... ඊට පස්සේ හිටියා දෙවනි පාර විභාගේ කරන අය.... ( තුන්වෙනි පාර කරන අයත් හිටියා.. හැබැයි ටිකයි....)
දැං ආයිත් මතක් කරන්න ඕනේ දෙයක් තියෙනවා.... මේ හැම දෙයක්ම දිහා මං බැලුවේ මෙග් මට්ටමින් කියලා.....බහුතරයා මගේ මට්ටමේ තමා ඉතිං.... හි හි...
ඉතිං ඔතන වැඩිපුර හිටියේ අද ඊයේ සමාජෙට පය තිබ්බ නවකයෝ ටිකක් තමයි.... ඔව් ඔව්... ඒ කාලේ අපි ලොකු අය කියලා හිතාගෙන හිටියට දැන්නේ තේරෙන්නේ මොන මැට්ටෝ ටිකක්ද කියලා......ඒ කියන්නේ ඕලෙවල් වෙනකම් ක්ලාස් නොගියපු, එහෙම නැත්තම් ගෲප් ක්ලාස් වලට ගිය , ස්කූල් වෑන් එකෙන් පිට බස් එකක වත් නොගිය එහෙමත් නැත්තම් එදා වෙනකම්ම අම්මලත් එක්ක ඉස්කෝලෙ ගිය, ඉස්කෝල වල ප්‍රිෆෙක්ට් ලා වැනි හොද ළමයි සහ ඉස්කෝල වල නටන්න පුළුවන් නාඩගම් ඔක්කොම නටලා යන්තම් ඕලෙවල් ගොඩ දාගෙන ගනං වලට S එකක් අරං දෙන්නං කියලා ණයට ඒලෙවල් කරන්න ආපු අපත සෙට් එකකුත් හිටියා......( Art subjects විතරනේ එයාලට කරන්න දෙන්නේ.....)
හරි... දැං ඔය සෙට් එකටම සන්නස්ගල කියන්නේ වීරයෙක්.... (ම්ම්ම්.... දැන් නේ කතාවට එන්ටර් ද ඩ්‍රැගන් වෙන්නේ නේද....? කට්ටිය දන්නවානේ මම වටේ යන්න දස්සයා කියලා...)
ඇයි එහෙම වෙන්නේ....? ඔන්න මෙහෙමයි....
ඔය කාලෙදි කොල්ලන්ට කෙල්ලන්ට රෝල් මොඩ්ල් කියලා ජාතියක් ඕනේ වෙනවා කියලා සයිකොලොජි පොත් වල තියෙනවා.. ගොඩක් වෙලාව ඔය ගණයට වැටෙන්නේ ගුරුවරු,(ඉස්කෝල ගුරුවරියන් රෝල් මොඩ්ල් චරිත වෙනවා මම දැකලම නෑ... ඉන්න පුළුවන් ඒ උනාට...) ක්‍රීඩක ක්‍රීඩිකා, ගායක ගායිකා , නළු නිළි වගේ චරිත... (දේශපාලන චරිත රෝල් මොඩ්ල් වෙන්නේ කැම්පස් ගියාමනේ.. මේ කාලෙදි එහෙම අය ඉන්නේ ටික දෙනයි.. මොකද ගෙවල් වල තදබල දේශපාලනික පරිසරයක් තියෙන අයට විතරනේ මේ සබ්ජෙක්ට් එක අහුවෙන්නේ..)
ඉතිං ගුරුවරු අතරින් එක්තරා විදියක රෝල් මොඩ්ල් චරිතයක් තමයි සන්නස්ගල කියන්නේ... ඇයි කියනවා නම් ගොඩක් ළමයින්ට මේ වගේ කතා කරන, මේ වගේ අදහස් තියෙන, මේ වගේ ...ම්ම්ම්.... අපි කියමු කුප්‍රකට කියලා.... චරිතයක් ගුරුවරයෙක් විදියට ලැබෙන්නේ ගොඩක් වෙලාවට පළවෙනි වතාවට..... හරියටම කියනවා නම් ළමයින්ට අව්‍යාජ වැඩිහිටියෙක් ව්දියට සහ පොරක් වගේ ගුරුවරයෙක් විදියට ඕනෙ දෙයක් අහන්න පුළුවන් කෙනෙක්.... ( මේ කාලෙදි තනි තටුවෙන් පියාඹන්න ඇවිල්ලා නෑ... අර වස්සාන සිහිනය චිත්තරපටිය ඇවිල්ලත් නෑ හොදේ....)
මුල දවස්වල කියන මෙන්න මේ දේ බලන්න...
“ මේ ඉන්න එකෙක්වත් මගේ ගෝලයෝ නෙවෙයි.... මම ගෝලයෝ හදන්නේ නෑ.. මම ගුරුවරුයෙක්... මට ඉන්නේ ශිෂ්‍යයෝ විතරයි.... එකෙක්වත් කියන් නෑ මම සන්නස්ගලගේ ගෝලයෙක් කියලා හරි ද....?
මෙන්න තව කතාවක් ළමයින්ගේ හිත් දිනා ගන්න.... මේක ටිකක් දිගයි...
එක කොල්ලෙක්ව අල්ලගන්නවා.. (අපි එකෙක් වත් සර් ඇඟිල්ල දික් කරලා පෙන්නුවට නැගිට්න්නේ නම් නෑ..ඒක මට නම් මුලදි ගොඩක් අමාරු උනා.. පුරුද්දට නැගිට්ටවෙනවා... )
“ කොල්ලෝ.... නිවාඩු දවසට උදේට නැගිට්ට ගමන් මොනාද කරන්නේ..... “
“ දත් මැදලා මූණ හෝදනවා....“ අන්දුන් කුන්දුන් වෙච්ච කොල්ලා ලේසියෙන් ගැලවෙනවා... එහෙමද... නෑ..... තව තියෙනවා...
“ හැබෑට.... කී දෙනෙක් එහෙම කරනවාද.....“
ඔන්න දැං කෙල්ලන්ට ලකුණු දා ගන්න කොල්ලෝ එක එකා සහ කොල්ලන්ට ලකුනු දා ගන්න කෙල්ලොත් ඔලු වනනවා.... හිමිං මං මං ගානවා...
“ ඇත්තට.... කී දෙනෙක් නැගිට්ට ගමන් කුස්සියට රිංගලා කන්න තියෙන්නේ මොනාද කියලා භාජන ඇර ඇර බලනව ද.... රොටියක් එහෙම තියෙනවනං කඩා ගෙන කන්නැද්ද.....“ හා... දැං දීපංකෝ උත්තර.. ඔක්කොම හොරට හිනා වෙනවා... ඇත්තට ඉතිං මාත් ඒ ජාතියේ තමා......හි හි... ( දැං ඔය අස්සට සර් එයාගේ පරණ දුක හිතෙන කතාවකුත් කියනවා... ඒකට ළමයි තවත් අහු වෙනවා... ඒ කාලේ විශ්වාස කලාට දැන් නම් ඒ තරම් විශ්වාසයක් ඕවා ගැන නැති හින්දා මම මෙතන කියන්නේ නෑ...)
අම්මට හුඩු... සර්කාරයා මේ වගේ ඒවා කියනකොට කොල්ලන්ට මාර ජොලි... ඇයි ඉතිං උන්ගේ ජාතියෙම නේ..... කෙල්ලන්ටත් ලැජ්ජාවෙන් උනත් පිළිගන්න වෙනවා අපිත් ඒ ජාතියේ තමා කියලා....
ආ ඇයි සරමේ කතාව... ඒකත් කියන්නම්කෝ... මේ කතාව එන්නේ මට මතක විදියට නූතන පද්‍ය එකේ එකක් කරන කොට...
( මේවා සර් කියන්නේ ඇක්ට් කර කර... මම පුළුවන් විදියට ඇක්ටින් පාරත් ලියන්නම් හොදේ... නැත්තම් ගතියක් නෑ... )
කොල්ලෝ නිදා ගන්න ගියාම සරම තද කරගෙන, රෙද්දත් පොරව ගෙන නිදා ගත්තට, නැගිටිනකොට රෙද්ද ඇද පල්ලේ... සරම යන්තම් කකුල් දෙකේ පැටලිලා තියෙනවා... ඉතිං නැගිටලා, මූණ හෝදගෙන සරමට යටින් කලිසම ඇදගෙන සරම රෝල් කරලා බිමට දාලා ඒක උඩින් පැනලා අනිත් ඇදුම් ටික ඇදගෙන යනවා ඉස්කෝලේ... හවසට ඇවිල්ලා අර වලල්ලට උඩින් පැනලා සරම කටින් අල්ලන් කලිසම ගලෝලා දාලා සරම ඇද ගන්නවා....
( දැං ඉතිං ඔය ටික ඇක්ට් කරනකොට කොහොමද අර කොට, අලි බඩගෙඩියකුත් එක්ක මනුස්සයෙක්, අඩි 4ක් විතර උස ස්ටේජ් එකක ඉදන්....)
හරි ඉතිං බොරුද.... අපි බඩවල් අල්ලන් හිනා වෙනවා... (අපේ මහත්තයා ඔය ටික ඔය විදියටම කරනකොට මට තාමත් ඔය කතාව මතක් වෙලා හිනා යනවා.....)
කෙල්ලන්ටත් ඔය වගේම කතාවත් කියනවා.. හැබැයි ඒක මේ තරම් හිනා යන් නෑ...
මට තාම මතක ගොඩක් ඔය වගේ කතා තියෙනවා.... ( මම කැම්පස් ගිය කෙනෙක් නෙවෙයි නේ....ඉතිං මේවා මට තාමත් රසවත්..)
කොෙහාම හරි මේ සන්නස්ගල කියන ගුරුවරයා ඕලෙවල් වලට එක කවියක් වත් පාඩම් කරපු නැති මට, කවි 108ක් තියෙන සැලළිහිණි සංදේශේ පාඩම් කෙරෙව්වේ දැනෙන්නේ වත් නැතුව.... සිංහල පීරියඩ් දෙකක් තියෙන දවස් වලට ( අපිට ඉස්කෝලේ සිංහලයි බුද්ධාගමයි දෙකම ඉගැන්නුවේ එකම ටීචර් කෙනෙක්.... ඒ ටීචර් අපි 11දි බබෙක් හමුබුවෙන්න හිටි නිසා ඉක්මණට පාඩම් ටික ඉවර කරන්න ඕනේ කියලා පීරියඩ් 3ක් සිංහල කලා කියලා මට මතකයි...) පන්තියේ මුල්ලක් අල්ලන් චිත්‍රයක් ඇද ඇද හරි, ඉස්සරහම පේලියට වෙලා ඩෙස් එකේ ඔලුව තියාගෙන නිදා ගත්ත එක හරි විතරක් කරපු මට, උදේ 7ට පටන් ගන්න පන්තිය හවස 5ට ඉවර කරනකම් නිදිමත නැතුව පාඩම් කලේ අදටත් ඒ දේවල් මතක තියෙන විදියට.... ව්‍යාකරණ කොච්චර කෙරෙව්වද කියනවනම් අදටත් කොහෙ හරි වැරැද්දක් තිබුනොත් අහුවෙනවා... කියවද්දි අකුරු වැරදි අල්ලන එක මගේ විනෝදාංශයක්..... ( අකුරු වැරදි තියෙන බෝඩ්, දැන්වීම් දැක්කම මාව නලියනවා සමහර වෙලාවට.) සිංහල භාෂාවට අද වෙනතුරු පවතින ගෞරවයක් මගේ හිතේ ඇති කෙරෙව්වා... ඒ වෙනතුරු එහෙම ගුරුවරයෙක් දැකලා නොතිබ්ච්ච මං වගේ තව ගොඩක් ළමයින්ට වීරයෙක් වෙන එක අහන්න දෙයක් යැ....
හැබැයි අපි පන්තියේ මරා ගත්තා... එලියෙදි සර්ට විරුද්ධව වචනයක්වත් කතා නොකරන අපි සර් වෙනුවෙන් හැමතිස්සේම නැඟී හිටියා.. හැබැයි පන්තිය ඇතුලේ..... කියන්න තියෙන දේ කෙලින්ම සර්ට කිව්වා... අර ඡන්දේ ඉල්ලන්න ගිය කතාව කට්ටිය දන්නවා ඇති නේ... අර විකාර විත්‍රපටිය හින්දා අපි බැනුම් අහනවා කියලා සර්ට එලිපිට චෝදනා කළාට පස්සේ හදගම සහ අනෝමා පන්තියට ඇවිත් මොනවාද මඟුලක් කතා කරලා ගියාම ළමයි ඒකටත් සර්ට බැන්නා.... ඒත් ඒ දවස්වල සර්ගෙ වැඩ ගැන එළියේ හිටපු අය කියපු ගොඩක් දේවල් බොරු කියලා පන්තියෙ ළමයි දැන ගෙන හිටියා.... බොරු රිසල්ට් ෂීට් හදපු එක... ? අර හිටපු ගමන් ඇර ගන්න දිනේෂ් සර් කරන විකාර වැඩ...?( අපි කට්ටියක් එකතු වෙලා දිනේෂ් සර්ට මරු වැඩක් කළා දවසක්... පස්සේ දවසක ඒකත් ලියන්න ඕනේ...) අර විකාර වස්සාන සිහිනේ.... ඒකට නලු නිළියෝ තෝරන්න ක්ලාස් කාඩ් එකෙන් ළමයින්ට වැලන්ටයින් දවසේ හිරු එකෙන් කරපු මොකද්ද එකට යන්න දෙනවා කියලා බොරු පැතිරෙව්ව එක....? අන්තිමටම කරපු බොරුව... පේපර් එක කලින් දුන්නා කියලා බොරු පතුරවලා අමාරුවෙන් අරගත්ත අපේ ඒ එක බාල්දු කරපු හැටි....?
තව ගොඩක් දේවල් තියෙනවා... මේ වගේ පොස්ට් එකකින් කියන්න බැරි තරමි හේතු... සන්නස්ගල ළමයෙක්ට උඹ කියලා කතා කළත්, පන්තිය ඉස්සරහා නෝණ්ඩි කළත් ළමයි ඒවා ගනන් ගත්තේ නැති වෙන්න හේතු.... වෙන කෙනෙක් එහෙම කතා කලා නම් කේන්ති යන එකේ වෙනසක් නෑ.... ළමයෙක් එළියෙදි වැරැද්දක් කළත් ඌව එළියෙදි සුද්ධ කරලා පන්තිය ඇතුලට අරන් කන පැලෙන්න බනින එක සර්ගේ සිරිතක්... එක සැරයක් ඩී.ඇස් එකේ සෙට් එකක් එක්ක වලියට ගිය ජෝන්ස් එකේ කොල්ලෝ සෙට් එකක් අල්ලන්න පොලිසියෙන් ආවම, ෂර්ට් ඉරිලා ලේ පෙරාගෙන හිටපු ජෝන්ස් සෙට් එකෙන් බාගයක් අජිත් සර්ගේ ක්ලාස් එකට දාලා, අනිත් බාගේ අපේ ක්ලාස් එකේ පිටිපස්සට දාලා පොලිසියෙන් බේරාගෙන, ඊට පස්‌ෙස් කන් රතු වෙනකම් බැනලා, අම්මලා ගෙන්නලා බාර දුන්න සිද්ධියක් උනා.නමුත් ළමයින්ට මේ “අපේ සර් නේ“ “ අපේ අප්පච්චි නේ“.. . ඔන්න සන්නස්ගලගේ සාර්ථකත්වයට හේතුව.... ( මං නං කවදාවත් අපේ සර් කිව්වා මිසක් අනිත් එක නම් කිව්වේ නෑ... මම ගුරුවරයෙක් හැටියට සර් දිහා බැලුවා විතරයි...)
හප්පේ... මේක දිග වැඩියි..... කියවන එකක්වත් නැද්ද දන් නෑ කවුරුවත්.... හා කමක් නෑ.. ඕන්න මං දුන්නු පොරොන්දුව ඉටු කලා....ස්ටේජ් එකට අරං චාටර් කළාට ඒ කොල්ලට ගානක් උනේ නෑ කියලා කිව්වේ මේන්න මේ හේතුව හින්දා....
ආයිත් කියනවා... මේක සුදු හුණු ගැමක් නෙවෙයි.... මේ ගුරුවරයා ගැන මගේ හිතේ තියෙන අවංක අදහස කිව්වේ... හැබැයි මේ පුද්ගලයාගේ අනිත් චරිත ගැන මට තියෙන්නේ වෙනස් අදහසක්... ඒක මෙතනට වැදගත් නැති නිසා මම ලියන්නේ නෑ...( මම සන්නස්ගලගේ චිත්තරපටි බලලත් නෑ... එක නවකතාවක් බුක් ෆෙයාර් එකෙන් ගත්ත නිසා කියෙව්වත් ඒක මහ විකාරයක් කියලා හිතුන නිසා වෙන කිසිම පොතක් සල්ලි දීලා අරගෙනත් නෑ...)
(ඔය පින්තූරෙ “අ“ යන්නක් ඇදපු ටී ෂර්ට් එකක් ඇදපු කෙල්ලෙක් ඉන්නවා නේද....? නෑ නෑ.. ඒ මම නෙවෙයි.... ඒ ටී ෂර්ට් වල “අ“ යන්න ඇන්දේ මම... ක්ලාස් පාටි එකේදි ක්ලාස් එකෙන්ම එකතු කරලා හදපු ගෲප් එකට දුන්න ටී ෂර්ට් එක ඒක තමයි... ඒකෙන් තමයි මම මුලින්ම මගේ බය, ලැජ්ජාව සහ කම්මැලිකම පැත්තකින් තියලා ජීවිතේ ඉස්සරහට යන්න පටන් ගත්තේ....)
මේ පොස්ට් එක දැක්කා හරියට කියවන්න වෙලාව මදි. රැට කියවන්නම්. එතකන් මෙන්න
ReplyDeleteහිරුට සහ හිරු හිමාවිට......
අය්යෝ මට ඊයෙ කියන්න අමතක වුණා.සුළග වගේ ඇවිදින් පොත වගේම රසවත් තවත් හොඳ පොතක් තියනවා. උපුල් ශාන්ත සන්නස්ගල ලියූ මගේ කුළුඳුල් පෙම්වතිය. මේකත් හරිම රසවත්. අලුතෙන්ම පත්වීම අරගෙන ඉස්කෝලෙට ආව පුංචි ගුරුවරියට පෙම්කරන පාසලේ දක්ෂම සිසුවා ගැන ලියැවී තියෙන්නේ.සන්නා මේ කතාව ලිව්වේ එවකට මවිසින් සංස්කරණය කළ දිනමිණ පත්‍රය සමග එළි දුටු “භද්‍ර“ සගරාවට.මහා සුචරිතවාදී විදුහල්පතිවරයෙකුගේ පැමිණිල්ලක් හේතුවෙන් මේ කතාවේ අවසන් කොටස් 5 මගේ සඟරාවට එක් කරන්න බැරිවුණා.මේ හේතුව නිසාම මට රස්සාවත් නැතිවෙන තැනට වැඩ සිද්ධ වුණා. අවසානයේ මගේ නමටම පුදදෙමින් සන්නා සංහිඳ පොතක් ලෙස මේ පොත එළි දැක්වුවා.ඉහත කිව්ව පොත් දෙකටම මගේ දායකත්වයක් ලැබුනු නිසා මට සන්නාගේ පොත ගැන කියන්න ඊයේ අමතක වුණා.
මම සන්නගේ පොතේ කතාව අහලා කියෙනවා... කියවලා නම් නෑ...
Deleteදිනේෂ්ගේ පොත වැඩියත්ම ප්‍රිය උනේ මං හිතන්නේ ඒකේ පාසලේ පරිසරය විස්තර කරපු විදිය හින්දා කියලයි දැන් නම් හිතෙන්නේ. .. මට කොහොමත් ලවු ස්ටෝරි අරහං ඒ කාලේ... දැනුත් එහෙම තමයි...
හිමින් කියවන්න.. කමක් නෑ...
මේ කෑල්ල දාන්න අමතක උනා...
Deleteලෝකෙට පේන්න සුචරිතවාදි අය වැඩිහරියකගේ ජීවිත කුණු ගොඩවල් කියලා අපි දන්නවානේ... හිතේ කුහකකම හංඟගෙන සමාජෙට සුදනෝ වෙන්න හදන අය ඔය වගේ කුණු වැඩ කරනවා.... ඇත්තටම අර කලින් පොස්ට් එකේදි අපි කතා උනා වගේ අපිට අපේ අදහස් උනත් විවෘතව කතා කරන්න බැරි අන්න ඒ වගේ හොරු හින්දයි... කොහොම උනත් රස්සාව බේරුන එක ගැන සතුටු වෙනවා...
ඇත්ත කියනවානම් ලෙඩක් නැතුව උපාධියක් ගන්න හම්බුනානම් සන්නස්ගල කියලා ගුරුවරයෙක් බිහිවෙයිද....? ලෙඩ දාපු මිනිස්සු අද පසුතැවෙනවා ඇති ඒ ගැන...... අන්තිමට ඒක සන්නව ප්‍රමෝට් වෙන්න හේතුවක් උනා... (මේ කිව්වේ අර උපාධි තහනම් කරපු කතාව ගැන... )
ප්‍රශ්නයක්? එතකොට සන්නස්ගලගේ පොතේ අර දාන්න බැරිඋන කොටස් 5 තියෙනවද
Deleteඅපි ඉතින් ගම්පහ ඈයෝ නිසා නුගේගොඩ එවුවා නම් දන්නේ නෑ... ඒත් ගම්පහත් සන්නස්ගල සෑගේ ගෝලයෝ සෑහෙන්ඩ හිටියා. අපි එවුන්ව හොයාගන්නේ ටියුට් වලින්... :)
ReplyDeleteමට මට්ය්හකයි එක වතාවක් සන්නස්ගල සර්ගේ පංතියේ අන්තිම දවසක සිරසෙන් ලංච් ටයිම් ටීවි වැඩසටහනක් කලා... !!!!
හරි..... හිරූ කරලා තියෙන්නේ ආර්ට්ස් !!! :)
අපොයි ඔවු.. ටියුට් විකාරයි නේ.. එකක් දෙකක් මං ගාව ඇති ගෙදර...
Deleteලන්ච් ටයිම් ප්‍රෝගෑම් එක කලේ අපිට පස්‌ෙස්...
අන්තිම දවස මරු අප්පා.. මතක් වෙනකොටත් ජොලි....
ඕ යෑස්.... ආර්ට් තමා කලේ.......
මේ අපිත් ගම්පහ තමා අරිද ?
Deleteමම නම් ආර්ට්ස් කරපු කෙනෙක් නෙමෙයි... අපේ පාසලේ ආර්ට්ස් කරන අය හරිම අඩුවෙන් තමයි හිටියෙ... ඒ අය අතරත් අපේ යාලුවො වෙන උන් හිටියෙත් බොහොම පොඩ්ඩයි... අන්න උන්ගෙන් එකෙක් තමයි මේ කථාව කිව්වෙ.ගම්පහ සෝබෝන් එකේනෙ සන්නා සිංහල ඉගැන්නුවෙ...ඔය පන්තියේ ගෑල්ළමයි ඉන්න පැත්තට නිරතරම ගැරඩියෙක් එනවලු වහලෙන්.. දවස් කීපයක් මේ දිහා උපේක්ෂාවෙන් බලා හිටපු ඕගොල්ලන්ගෙ ගුරුතුමා කිව්වලු... ඔන්න බලන්න ළමයි ඒකෙත් හැටි.. සතා උනත් ගුල් තියෙන තැන් තමා හොයන්නෙ කියලා... පන්තිය ඉතිං සිනා සාගරයක් උනාලු ඊට පස්සෙ..
ඉස්සර සන්නගෙ පංතිය තියෙන වෙලාවට හිනාවෙන සද්දෙ ජා-ඇල ගම්පහ ප‍්‍රධාන පාරට ඇහෙනවා... වස්සාන සිහිනය චිත්‍රපටිය ආවෙත් සොබෝන් එක ඉස්සරහම තිබ්බ නයෝමි හෝල් එකට... ක්ලාස් ඉවර වෙච්ච කොල්ලො කෙල්ලන්ගෙන්ම ඒ කාලෙ හෝල් එක පිරිලා තිබුන හැටි මට තාම මතකයි.
ඔය වගේ කතා තමා ඉතිං කියන්නේ.. බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් නේ... හැබැයි ඕවා කුණුහරප ගණයට වැටෙන්නේ නෑ නේ.... ( සිංහල භාෂාවේ කණුහරප කියලා ජාතියක් නෑ කියලා තමයි සර් මුලින්ම කියන්නේ.. ඕනම වචනයක් තේරුම දෙපැත්තට එන විදියට යොදන්න පුළුවන්...)
Deleteඅපෙ පන්තියෙ හිටියා හැමදාම අත් කොට බ්ලවුස් ඇදලා එන කෙල්ලෙක්... හැමදාම සර් ඩෙස් අස්සෙන් අමාරුවෙන් රිංගන්.. ( සර්ගේ අලි බඩ ගෙඩිය ඩෙස් එකක් උඩින් උස්සලා තියලා, ඊට පස්සේ තමයි සර් ඒක අස්සෙන් රිංගන්නේ...) එන ගමන් ළඟපාත හිටපු අපි කට්ටියට කියපි “උඹලා රැපියල රැපියල එකතු කරලා මේ කෙල්ලට අත් දෙකක් දාලා දීපල්ලා... පවුනේ....“ කියලා.....
ඇත්තම කියනවා නම් වස්සාන සිහිනේ මම පොත බැලුවෙත් නෑ. මේ මෑතකදි මල්ලි සීඩි එකක් ගෙනාපු වෙලාවක ටිකක් බැලුවා චිත්තරපටිය නම්... මට ඒක ඇල්ලුවේ නෑ....හැබැයි මම සර්ගේ සින්දු වලට ආසයි....
සෝබෝන් ගියපු එවුන්ට මාර පල්ලම නේද....? ක්ලාස් ඉවර වෙලා( හෝ කට් කරලා) ෆිල්ම් එකක් බලලා ජොලියක් දාලා යන්න පුළුන්නේ.....
Deleteවස්සාන සිහිනය බොක්ස් ඔෆිස් තියන්න පුලුවන් චිත්‍රපටියක් වෙන්න ඉඩ තිබුනා හරියට අධ්‍යක්ෂණය කලා නම්.... ඒකෙ තිබ්බ සින්දු ඔක්කොම වගේ චිත්‍රපටිය තිරගත වෙන කාලෙදි පට්ට හිට්...චිත්‍රපටියෙ ඩබිං අන්තිම කසඩයි... දැන් තියෙන වෙඩිල්ලෙ සද්දෙ ඇහෙන්නෙ විනාඩියක් විතර ගිහිං... සෙනේෂ් බණ්ඩාරට නොදී බූඩි ට හරි හදගමට හරි දුන්නා නම් පස්ට චිත්‍රපටියක් බලාගන්න තිබ්බා... සන්නා පස්සෙදි පිළිගත්තා චිත්‍රපටය නවකථාවට සාධාරණයක් කලේ නෑ කියලා.. අර ගුරුතුමියට ආදරේ කරන සිසුවා ගෙ නවකථාවත් මම කියවලා තියෙනවා... ඒකත් මරු... මේ දාලා තියෙන ෆොටෝ එකේ ඔයා කොහෙද ඉන්නෙ ?
Deleteසෝබෝන් ගිය උන්ට චිත්‍රපටි හෝල් එකට අමතරව උණු උණු බනිස් කන්න බේකරියකුත් තිබුනා ඒ කාලෙ... අද ගුවන් පාලමට අහුවෙලා සෝබෝන් එකෙත් බෙල්ල විතරයි කද නෑ... බේකරිය නැත්තටම නෑ...
Deleteමම හිතුවේ ඒ ලෙඩේ තිබුනේ මල්ලි ගෙනාපු සීඩී එකේ කියලා...... ඒකත් එක හේතුවක් ඒ ෆිල්ම් එක එපා වෙන්න......
Deleteබිම ඉදගෙන ඉන්න දෙන්නගෙන් පාට ඇදලා ඉන්නේ මං....
ගුරුවරයෙක් විදිහට නම් මම සර් ව දන්නේ නැ.. අනිත් විදිහට දන්න දේවල් මට වැඩකුත් නැ.. කොහොම වුනත් නොදැන හිටපු ගුරුවරයාව ටිකක් විතර දැන ගත්තා කියලා නම් හිතෙනවා අක්කේ.. මාත් කලේ ආර්ට්ස්.. සිංහල, political science, economics.
ReplyDeleteජය වේවා හිරු අක්කේ.. :)
එහෙනම් එච්චරයි නඟා.....
Deleteතුන්කියු වේවා....
මගෙ අම්මේ මාගල...
ReplyDeleteමාගල් මගේ මාක් එක.... හි හි...
Deleteඑව්වටනං එන්න එපා..මාගල්වලට පේටන්ට් තියෙන්නේ මට... :D
Deleteඒවා කොහෙද මාත් එක්ක.... මම ඔයාව පරාද කලා..... ඒකනේ ඔයා මගේ අම්මේ මාගල කිව්වේ......
Deleteහි හි.....
දිග වුනාට ඔන්න කියෙව්වා ඈ....
ReplyDeleteඒකනේ.... ලියද්දි දිග උනානේ...
Deleteතැන්කියු වේවා...
කියන්න හිතුවදේ කියන්න ලැබුනෙ නෑ පලි ය නිසා.
ReplyDeleteපලි දැම්මේ නැති උනාට තේරුනා නේද...?
Deleteඑක හුස්මට කියෙව්වා.. පස්සේ දැක්කේ මාගලක් කියලා. ඒක ඔහේගේ දක්ෂතාවය. මටත් මිනිහෙකුගේ පෞද්ගලික ජීවීතය අදාල නෑ. මම ඔය පොර ඇහින් දැකලා තියෙන්නේ දෙසරයයි. එක සැරයක් නම් කතා කලා. ඒ මගේ ආශාව නිසා. සන්නස්ගල කියන්නේ පොරක්, ලංකාවේ අයිකොන් එකක්. ඒ නිසා පොර කිව්වට අමනාප වෙන්න එපා.
ReplyDeleteඅනිවා... අපේ සර් පොරක් තමයි... එදාත් අදත්....
Deleteමමත් ඒ කථාවට එකගයි... ලංකාවෙ පොර වෙන උන් තමයි වැඩිපුරම විවේචනය වෙන්නෙ... ආර්ට් කරපු උන් අනාථයි කියන සමාජෙක සන්නා කරලා තියෙන දේවල් බලපුවාම මිනිහා පොරක් කියන්න සාධක ඕනෑවටත් වැඩියි..
Deleteඅපිත් ඔය පන්තියට ගිහින් තියනවා එකම දවසක් නියම පන්තිය හැබැයි දිගටම ගියෙ නෑ කරේ වෙන සබ්ජෙක්ට් නෙ.ලස්සන කෙල්ලො ඉන්න නිසා අපිත් ගියා
ReplyDeleteහා... ඒ වගේ කට්ටිය හිටියා තමා... කුණු හරුප අහන්න ආසාවට පන්තියට ඇවිල්ලා සිංහල වලට ආස හිතිලා විශයන් මාරු කරපු කට්ටියත් හිටියා...... ලස්සන කෙල්ලෝ......????? ඒක නම් මට මතක නෑ... මං බැලුවේ කොල්ලෝ දිහානේ.... ලස්සන කොල්ලොත් හිටියා...
Deleteඒක නම් ඉරිසියාවට කියපු කතාවක්ද කොහෙදො
Deleteඅපිට බලන්න කෙල්ලො හිටියෙ නෑනෙ අක්කා නුවර වැව රවුමෙ යනකොට ලස්සන කෙල්ලො ඔය පන්තියට යනවා පේනවා. අපි කරේ mathsනෙඒවයෙ ඉතින් නෑ හිටියත් උන් බලන්න දුක හිතෙනවා
Deleteඇයි අනේ ලස්සන කෙල්ලො දැක්කනං කියනවා ... ඒත් දැක්කේ නෑ නේ... ඔච්චර කොල්ලෝ ගොඩක් ඉන්දැද්දි කෙල්ලෝ දිහා බලනවයැ... මන්දා.. මං නං බැලුවේ නෑ....හි හි...
Deleteඔවු නේ... කෙල්ලෝ මැත්ස් කරනවා අඩුයි නේ....
ඔය සර් එක්ක අපේ සර් තරහයි.හච්චෝ..................
ReplyDeleteඔයා අපේ පන්තියට ආවනම් ඔයාගේ ගායන හැකියාවෙනුත් වැඩක් ගන්න තිබුනා.... සින්දු කියන්න පුළුවන් අයව කම්මැලි දවස්වලට ස්ටේජ් එකට අරං සින්දු කියවන වැඩකුත් අපේ සර්ගේ තිබුනා... අපේ පන්තියේ එ වගේ දෙතුන් දෙනෙක්ම හිටියා... ( මම කිව්වේ ක්ලාස් පාටි එකට ගෲප් එක හැදුවේ ක්ලාස් එකෙන්මයි කියලා... සින්දු කිව්වෙත් අපේ එවුන්ම තමයි....)
Deleteකවුද අප්පේ සර්... බෝසෙත් සර් ද..., දිනේෂ් සර් ද..., ඒ කාලේ නම් පරාණ වෛරක්කාර ඔය දෙන්නා තමයි සිංහල උගන්නපු අයගෙන්.. තව හිටියා පූජිත සර් එහෙම... හැබැයි ඉතිං ළමයින්ට පාට් දාලා පන්තියෙන් එළියට ගියාම ඔය ඔක්කොම කරේ අත දාගෙන ඉන්නේ කියලා ළමයි කිව්වා... ( ඇත්තද බොරුද කියලා මම දන්නෑ.. )
මට මතක් වුනේ දවසක් මික්ඩාඩ් සර් කිව්ව කතාව. හේමප්‍රිය කවිරත්න සර්ට මනමාලියක් බලන්න සන්නයි. මික්ඩාඩ්වත් එක්කගෙන ගිහින්. අන්තිමට මනමාලි ඇවිත් හෙප්පුව ඇල්ලුවේ සන්නාටලු :D
Deleteසන්නත් ඔය කතාව කිව්වා... මම එදා ඉදලා අද වෙනකම් හිතන් හිටියේ සන්නා ඕක අතින් දාලා කියපු කතාවක් කියලා.. බලනකොට කතාව ඇත්ත වෙග්.. ඒ කාලේ සන්නගේ ඔච්චර බඩක් තියෙන්න නැතුව ඇති නේ.....7
Delete@ හිරු
Deleteහැබැයි ඉතින් අපිට මික්ඩාඩ් ලොක්කා ඔය කතාව කිව්වේ 2006 වගේ....
ඕවා ඉතිං කට්ටිය අවුරුදු ගනං පට්ට ගහන කතානේ.. හි හි...
Deleteදිග වැඩී වගේ අක්කේ :)
ReplyDeleteඒ උනාට අපිනං නොබලා ඉදී :))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක දන්නවනේ.... නැත්තම් හති දාගෙන ලියනවයෑ....... හි හි...
Deleteහිරු බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනවා..හිර වෙනවා..මොනවා නමුත් අවුලක් තියේ..මේකේ බර වැඩි වේගන එනවද මංදා..ටිකක් අනිත් අයගෙනුත් අහලා බලලා සුදුස්සක් කරන්න...
ReplyDeleteහා බලන්නං.. තැන්කියු වේවා...
Deleteමට තේරෙන්නේ නෑ මොනවා වෙලාද කියලා...
කවුරු හරි උදව්වක් කලොත් හොදයි....
එහෙම දෙයක් නම් පෙන්නේ නැහැ මාරයා අයිය ජාලේ අවුල්ද දන්නේ නැහැ. මට නම් නොර්මල්
Deleteඑහෙනං එච්චරයි.....
Deleteතැන්කියු වේවා....
හොඳට රසකරල ලියල තියෙනවා.
ReplyDeleteකෝරලේ මහත්තැනුත් එහෙම කිව්වනං කාරිය හරි නොවැ....
Deleteසන්නස්ගල ගෙන් මම ඉගෙන ගෙන නෑ.. ඒත් සොදුරු කතා නම් අහලා තියෙනවා.. ඔය මගේ මදාරත් රස කර කර කියන්නේ ඒ කතා..
ReplyDeleteඔව්... අවුරදු 12ක් ගිහිල්ලත් මටත් ඒවා තාමත් මතක් වෙනකොට හිනා යනවා..... අපේ මහත්තයා හිනාවෙනවා සන්නගේ කතා තාම ඉවර නැද්ද කියලා.....
Deleteඉස්කෝල වල නටන්න පුළුවන් නාඩගම් ඔක්කොම නටලා යන්තම් ඕලෙවල් ගොඩ දාගෙන ගනං වලට S එකක් අරං දෙන්නං කියලා ණයට ඒලෙවල් කරන්න ආපු අපත සෙට් එකකුත් හිටියා......// එතකොට ගණන් ෆේල් වෙන්නේ නාඩගම් නටපු අයද? මන් ඒ කතාවටනම් විරුද්දයි යාලු.එහෙම කියන්න හොඳ නැහැ.එක එක එක කෙනාගේ හැකියාවේ සහ බුද්ධි මට්ටමේ ප්‍රමාණය අනුව වෙන දෙයක්..
ReplyDeleteඔයා මාව හරියට තේරුම් අරන් නෑ නේ නඟා...
ReplyDeleteමම කිව්වේ ඔය කියන ජාති දෙකම ඔය පන්තියේ හිටියා කියන එක.... හොද නරක, දක්ෂ අදක්ෂ දෙකම... මොකද මේක ආර්ට් ක්ලාස් එකක්... ඒ 10ක් අරගෙන ආර්ට් කරන්න එන ළමයිනුත් හිටියා.... ඔය කියපු තත්වෙන් එන ළමයිනුත් හිටියා.... එතකොට ඒ කාලෙදි නෙවෙයි අදත් රිසල්ට්ස් අඩු උනාම කරන්න ඉතුරු වෙන්නේ ආර්ට් විතරයිනේ.... එතකොට බයෝ හරි මැත්ස් හරි වගේ නෙවෙයි.. මෙතන ලොකු වෙනසක් තියෙනවා ළමයින්ගේ.... ඇත්තටම වැඩ අමාරු ළමයිනුත් ගණන් ෆේල් වෙනවා තමයි... මේක ද්වීතිය අධ්‍යාපනයේ අන්තිම විභාගේ..මේ වෙනකොට ළමයින්ගේ පුළුවන්කම් බැරි කම් තේරුම් අරන් ඉන්නේ... අනිත් එක මේ ක්ලාස් වල වැඩිපුර ඉන්නේ ශිෂ්‍යත්වෙන් කොළඹ ඉස්කෝලවලට ආපු ළමයි.... ඒකයි මෙතන මම කිව්වේ ගොඩක් වෙලාවට ඉස්කෝල වල පිස්සු නටන අය තමයි මේ ගණයට වැටෙන්නේ කියලා... ඒ කිව්වේ නරක ගොඩ..... පිස්සුත් නටලා විභාගෙත් ගොඩ දාගන්න කට්ටියකුත් හිටියා....
තව හිටියා.. අන්තිම මොහොතේ පොඩි පොඩි අවුල් වෙලා විභාගේ අනාගත්ත අය, එතකොට විභාගේ දවසේ අසනීප වෙලා හරියට ලියා ගන්න බැරි උන අය.. එහෙම අය මේ ගණයට දාන්න බෑනේ.. ඒකයි මම මේ කොට්ඨාසය වෙන් කරන්න මෙහෙම ලිව්වේ....
ඔයාගේ හිත රිදුනනම් මම සමාව ඉල්ලනවා.....
ඩෝන්ට් මෙන්ෂන් යාලු..
ReplyDeleteතේරුනේ.........දැන් තමයි..හි හි :D :D
ඔයත් සන්නගේ සිංහල පන්තියේ කෙනෙක්ද..? මගේ කෙල්ලත් මම ඉස්සුවේ ඕකෙන්මනේ. එලකිරි අතීතාවර්ජනය.! අපේ උන්දැත් ත්වම කියවනවා ඔය අතීත සිද්ධි. මමත් අහං ඉන්නවා ඉතින් එයාගේ සතුට නොවැ. හැබැයි ඉතින් ඔය කාලේ වෙනකොට අපි ලොකු එවුන්.
ReplyDeleteඅපිත් උගන්නලා තියනවා සමහරුන්ට අමතක නොවෙන පාඩම්. හැබැයි ඒ පොතපතින් නම් නෙමේ ඕං..!!! ජය.!!
ඒවා අමතක වෙන් නෑ සරත් අයියේ... ඔය සරමේ කතාව මට හැමදාම උදේට මතක් වෙනවා අපේ මහත්තයගේ වැඩ වලින්... හි හි... මම හිනාවෙනකොට තමයි එයාට මීටර් වෙන්නේ මොකදට මම බඩ අල්ලන් හිනා වෙන්නේ කියලා....
Deleteනියම ලියමනක්නෙ මේක.
ReplyDeleteමාත් ඔය සන්නස්ගලගෙ ක්ලාස් එක දැකල තියෙන්නෙ අර සිරසෙ ලන්ච් ටයිම් කරපු එකෙං තමයි.
නොස්ටැල්ජියාව හෙවත් අතීතාවර්ජනය උපරිමයටම !
ReplyDelete