Friday, September 14, 2012

රියැලිටි ෂෝ ගැන මට හිතුන දෙයක්...



අද දිණමින පත්තරේ පෙරලගෙන හෙව්වේ වෙන දෙයක්.. ඒත් ඊට කලින් මේ නිවුස් එක දැක්කම මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා.... ලියන්න හිතුව එක පස්සට දාලා මේ ගැන යමක් ලියන්න හිතුවා...


පහුගිය ටිකේ ඇති වෙන්න රියලිටි ෂෝස් දැක්කනේ... ඉතිං අන්තිමට එලිමිනේෂන් රවුන්ඩ් එකේදි දුකට අඩන එක, කලන්තෙ දාලා වැටෙන එක වගේම සතුටට බිම ඉදගෙන අඩන එක වගේ දේවල් බලා ඉන්නකොට මාත් ඕනෙ තරම් අඩලා තියෙනවා නොවැ... ඒත් පහු කාලෙකදි මම රියලිටි ෂෝස් බලන එක නැවැත්තුවේ සින්දු කියන එකයි නටන එකයි විකාරයක් වගේ වේගෙන එනවා කියලා මට හිතුන නිසායි... ඇත්තටම මේ වෙනකොට මම බලන එකම රියැලිටි ‌ෂෝ එක ලංකාවේ එකක්වත් නෙවෙයි..

CSN චැනල් එකේ ‌මේ ෂෝ එක පටන් ගනිද්දි මට හිතුන දේ තමයි ඔන්න ඒපාර රණවිරුවොන්ව විකුණගෙන කාලා දැන් ආබාධිතයන්ව විකුණගෙන කන්න යනවා කියලා.... කලින් ෂෝස් වලත් ඒ වගේ දේවල් උන බව හැමෝටම වගේ දැනුනනේ.... ඔය පොඩි අයගේ ඒවයේ එහෙම....

මගේ ප්‍රියතම චැනල් එකක් නොවෙන නිසා මේ ෂෝ එක බලන්න නම් හම්බුනේ නෑ....නමුත් කෝසල, මේඛලා වගේ තවත් දක්ෂයෙක්ට එළියට එන්න පුලුවන් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුනා....

ඒත් මේ සිද්ධිය වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා මට පොඩි බයක් ඇති උනා කියලා කිව්වොත් නයෙක් ඇරියා වෙන එකක් නෑ... ඇයි මට එහෙම හිතුනේ...?

මේ ෂෝස් වල මම දැකපු ලොකුම අඩුපාඩුවක් තමයි මේ තරගකරුවන්ව ජය පරාජය දරාගන්න සූදානම් නොකරන එක.... American idol, Britain got talent, So you think you can dance, Project Runway වගේ ෂෝස් වල අපි හැමවිටම දකින බැක්ස්ටේජ් සපෝර්ට් එක අපේ ෂෝස් වල තිබුනේ තරගකරුවන්ව තවත් පීඩනයට පත් කරන විදියකට.... අපිත් හුස්ම හිරකරන් බලන් හිටියානේ කමල්ගේ විකාර ඉවර වෙලා කවුද දිනුම් කියන කම් ඒ කාලේ.... හි හි...

ඇත්තටම සමහර ෂෝ වල අවසානයේදී ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවලදි තරගකරුවන් ඉන්නේ පුදුමාකාර තිගැස්සමකින්.. ඒක සාමාන්‍ය කෙනෙකුට අමාරුවෙන් හරි දරා ගන්න පුළුවන් දෙයක් උනත් මේ වගේ ආබාධිත කෙනෙකුට දරා ගන්න අපහසු වෙන්න පුළුවන්.... මට දැනෙන්නේ මේ සිද්ධියත් ඒ වගේ කියලා....

ආබාධිත දරුවෙක් එක්ක වැඩ කරපු කෙනෙක්ට මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්... මානසික ආබාධයක් නොතිබුනත් දෑස් නොපෙනෙන කෙනෙක් එක්ක වැඩ කිරීමේදි ඉතාමත් ඉවසීමෙන් වැඩ කරන්න කියලා කියනවානේ... දැන් මේ දරුවෙක් නෙවෙයි, මානසික ආබාධිතයෙක් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන් .... නමුත් මේ ඉන්නෙත් මුල ඉදලම අමාරුවෙන් ජීවිතේ එක්ක සටන් කරලා දිනපු කෙනෙක්... මේ වගේ අය මානසිකව ඉතාමත් සංවේදියි.... ඉතිං මේ වගේ අවස්ථාවක් ඉතාමත් සංවේදි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන තරගය සංවිධානය කලා නම් මේ සිද්ධිය වලක්වා ගන්න ඉඩක් තියෙන්න තිබුනා කියලයි මට හිතුනේ....

දැං ඉතිං මං මේ ෂෝ එක බැලුවෙ නැති නිසා මට මේ ගැන වෙන මුකුත් කියන්න බෑ... නමුත් මේ සිද්ධිය නිසා මේ ඇතිවෙලා තියෙන අනවශ්‍ය රියැලිටි ෂෝ රැල්ල ඉවර වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා...

55 comments:

  1. කතාව ඇත්ත. මාත් පිළිගන්නවා.

    ReplyDelete
  2. ඒවගේම ළමයින් යොදාගෙන කරන රියැලිටි වැඩසටහන් වලදි උනත් අයහපත් බලපෑම් වෙන්න පුළුවන්.මම නං බලන්නෙ නෑ ඔය ජරාව

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් නෙවෙයි රාජ් .. වෙනවා වෙනවා...

      Delete
  3. අනිත් එක SMS මගින් ජයග්‍රාහකයා තෙරිමේදීත් සැහෙන්න අසාධාරණයක් වෙනවා කියලයි මට හිතෙන්නේ!ජනප්‍රියතාවය ගොඩක් වෙලාවට හරවත් දේ මග හැර යනවා!
    මේ තරුණයා ගැන නම් ඇත්තටම දුකයි!ආබාධයක් එක්ක උනත් මෙච්චරකල් හොඳින් ජීවත් වෙලා මේ වගේ දෙයක් උනාම?
    අසරණ ජීවිතයක්!

    ReplyDelete
    Replies
    1. මම මේ තකාව ගැන මුකුත් කිව්වේ නැත්තේ කතාව මාකට් කරන්න ඕනේ නැති නිසා... නමුත් මේ වගේ සිද්ධ වලින් යම් කිසි පාඩමක් ඉගෙන ගත යුතුයි කියලා මම හිතනවා....

      Delete
  4. අනේ අප්පෝ.. මේ වැඩසටහන් මිනිස් ජීවිත වල විනාශය ගං කරනවා.මටත් තේරෙනවා ඕවා සතපහකට වැඩැක් ඇති දේවල් නෙමේ

    ReplyDelete
  5. මොනා කියන්නද මංදා හිරු.කාලෙක ඉඳන් මට රියැලිටි ෂෝ ගැන නම් පැහැදීමක් නෑ ඕං.අනිත් අය ගැන නම් මම දන්නේ නෑ මට හිතෙනවා එතන සුදුස්සාට සුදුසු තැන නෑ කියලා. ඒවගේම එතනින් පසුව ඔවුන්ගේ ඉරණම. ඔය නිසා මම ඒගැන උනන්දුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තේරුනේ මුලදිම සරත් අයියේ..... මතකනේ අජිත් බණ්ඩාරට වෙච්ච දේ....

      Delete
  6. අපෝ ඔය රියලිටි ගැන නම් කතා කරලා වැඩක් නෑ..මෙලෝ රහක් නැති වැඩසටහන් වගයක්... අන්තිමේදි වෙන්නේ දුරකථන සමාගම් ටිකයි ටීවී චැනල් එකේ කට්ටියයි පෝසත් කරන එක විතරයි.
    තරඟයට සහභාගි වෙච්ච එවුන් අන්තිමේදි නන්නත්තාර වෙනවා.

    දැන් අළුත්ම ටාර්ගට් එක තමා පොඩිම ළමයි ටික... උන් ටිකත් මොඩ් කරලා උන්ගේ ළමා කාලය නැති කරලා දානවා...
    හොඳම උදාහරණේ තමා හිමාෂ මනුප්‍රිය. අයියෝ ඒකාගේ ළමා කාළය !!!!

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්... ඒ අම්මලට පිස්සුද මන්දා.... ළමයි නම් දක්ෂයි තමා... ඒත්..

      Delete
  7. මම ඔව්ව බලන්නෙ නෑති හින්ද මොකුත් දන්නෙ නැත...

    ReplyDelete
    Replies
    1. හි හි.. අපි ඔක්කොම එහෙම තමා....

      Delete
  8. අපේ මාතර වාර්තාකරු ලියා එවූ මේ පුවත මුලින්ම පත්වුණේ මගේ අතට.මෙය පිටුවක් අතරට යනවද කුණු බක්කියට දානවාද තීරණය මගේ අතේ.ඒත් දෙවරක් හිතන්න කරුණු තිබුණා.අන්තිමට මේ ලිපිය කට්ටියක් අතරේ සාකච්චාවට බඳුන් වුණා.වැඩි මතය නොදා ඉන්න කියන තැන.ඒත් මාත් රන්ජන් අමරරත්නත් දැඩිව කියා සිටියේ මෙය පිටුවට ගතයුතුයි කියලයි.අවසාන‍යේ මේ සිද්ධිය පුවතක් ලෙස මුල් පිටුවටත් කඳුළු කතාවක් ලෙස ඇතුළු පිටුවකත් දාන්න අපට හැකි වුණා. මේ කතාවට ඔබ වැන්නන් සංවේදී වීම තුළ මා අපමණ සතුටක් ලබනවා.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන විදියට මේ වැඩසටහන් හැම එකේම කලේ හැඟීම් විකුණන එක... රණවිරු රියල් ස්ටාර් එක, සුපර් ස්ටාර් වගේම ආබාධිතයන්ව විකුණගෙන කන්න හදපු එකක් විතරයි වගේ... මේ හැම එකකම කලේ මිනිස්සුන්ගේ හැඟීම් මාකට් කරලා වැඩි ගාණට විකුණන එක....

      මම කතාවට ලින්ක් එකක් විතරක් දාලා කතාව ගැන කතා නොකර හිටියේ ඒ නිසයි....

      ඇත්තටම මට දැනුනේ දුකකට වඩා කළකිරිමක්... මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ කියලා හැඟීමක්.... ඇත්තටම මේක පළ කරන්න ගත්ත තීරණය හොද දෙයක්.... වැඩි පසුබිම් විස්තර නැතුව ලියලා තියෙන දෙයින් මගේ හිතට කා වැදුන දෙය මේ අහින්සකයාගේ ජීවිතය නිරපරාදේ නැති උනා විතරක් නෙවෙයි, අර ඇස් නොපෙනෙන තරුණ බිරිදගේ ජීවිතයත් විනාස උනේ වෙන කාගෙවත් බඩ වඩා ගැනීමකට කියලා....

      Delete
    2. කවදා හරි දවසක මුන්ගේ හෙලුව පෙනෙයි.

      Delete
  9. හපොයි ඇඟ සීතල වෙලා ගියා ඒක දැකලා....

    මේ වාගේ ඒවා දැකලා නම් නෑ. නොදකින එක හොඳයි කියලා හිතෙනවා මේ වගේ ප්‍රවෘත්ති දැක්කාම...

    ReplyDelete
    Replies
    1. වෙන කිසිම රටක මේ වගේ දේවල් වෙලා නෑ පොඩ්ඩි.. ඔන්ලි ඉන් සිරි ලංකා.....
      දුක තමයි.. මම කතාව ගැන යමක් නොකිව්වේ මේ තියෙන වචන පේලි ටිකේ ඕනෙවටත් වඩා දුක තියෙනවා කියලා දැනුන නිසා.....

      Delete
  10. රියැලිටි වැඩසටහන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. සිද්ධිය ගැන ඇහුවාම නම් ලොකු කණගාටුවක් ඇති වුණා. ඒ දෙයින් වත් පාඩමක් ඉගෙන ගනියිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රාර්ථනාව එච්චරයි සිතූ...

      Delete
  11. ඕක ෂූට් කලේ යූත් එකේ...
    ඔය අයියාව මං දැක්කද මන්දා...
    කොහොම හරි සමහර අයියලා අක්කලා ඉන්නවා හෙන පවු...
    එක අතකට ඔය තරගෙ හොදයි, අනිත් අතට නරකයි කියන්න පුළුවං එවුවා ටිකකුත් මං එතකොට දැක්කා..
    මොනා උනත් හරි පවු වැඩක්...
    ඒ අයියට අපි නිවන් සුව පතමු!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මාත් පසුබිම ගැන ටිකක් දන්නවා.. මුලදි ඉදලම මට නම් පොඩි අවුලක් තිබුනා මල්ලි... මෙතනදි හැගීම් ඉදිරියට එනවා වැඩියි නේ....
      එච්චර තමයි අපිට කරන්න පුළුවන් ඉතිං..

      Delete
  12. පව් අසරණ කොල්ලා. ඔය රියැටිලි කෙරුවාව මට නම් එපා උනේ ඉස්සර සිරස එකේ තිබ්බ බහු භූත වැඩ දැකලා. සින්දු කියන්න ආවම ඒ මනුස්සයව බයිට් කරන හැටි දැක්කම මට රියැලිටි ෂෝ එපා උනා. ඊට පස්සෙ බැලුවෙම නෑ. මම කොහොමත් ලේසියෙන් ටී වී බලන කෙනෙක් නෙමේ. ටී වී එක දාපු කාලයක් මතක නෑ.

    කරන්නා වලේ කරන වැඩ හන්දා අපරාදේ තව අනික ඔය රි‍යැලිටි ෂෝත් බිස්නස් එකක් කරගෙන තියෙන්නෙ. ටැලන්ට් එකට බලනවට වඩා මහ විකාර ගොඩක් කරනවනෙ. මොනා උනත් අපරාදේ තරුණ ජීවිතයක් ඉවරයි

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලිහිණි.. ඔයා හරියටම කිව්වා....

      Delete
  13. ලංකාව කියන්නේ උදේ ඉඳන් බන කියන රටක්, දුක, දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ග 24 පැයේම දෙසා බානවා. ඒ උනාට එකෙක් දිනන තරඟයකින් 24 වෙනියා වෙලා ඉවත් උනාමත් කඳුළු පුරවගෙන අඬනවා. මේකත් දැන් ඉසටයිල් එකක් වෙලා. උපන්න දවසේ ඉඳන් මරණේ ගැන අහල අහල කවුරු හරු මැරුණම ඌත් වලට පැනලා මැරෙන්න යනවා. මේ වෙන කිසි දෙයක් නෙමෙයි. මෝඩ කම. මේ වැඩ සටහන් මෙහෙයවන්නේ මෝඩයෝ. අද රටේ තැනක් තියෙන්නේ මේ වගේ මෝඩයන්ටයි බූරුවන්ටයි. අර මනස කියලා සඟරාවක් විකුනන කාළකන්නියෙක්. දරුවෝ බස් වලට නග්ගලා ඌ ප්‍රාඩෝ එකේ යනවා. ධනවාදි සිතුවිලි දෙන එකත් බිස්නස් කරගෙන. ආගමත් එක හේතුවක්. වාරනයට ලක් නොවේවා....

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ අද වෙනකල් එක කමෙන්ට් එකක්වත් වාරණයට ලක් වෙලා නෑ.. හි හි...

      මේ කියපු එක ගැන නම් මම සම්පූර්ණයෙන්ම එකඟයි.... මේ රටේ විතරක් නෙවෙයි ආසියාතික ගොඩක් රටවල් වැඩිපුරම මාකට් වෙන්නේ මිනිස්සුන්ගේ හැඟීම් සහ ආගම.... ඒකෙනුත් හැඟීම් විකුණන්න හරි ලේසියි.. ඒකට ඉතිං හේතුව මෝඩ කම තමා....

      Delete
  14. රියැලිටි වැඩසටහන් සහ මෙගා නාට්‍ය ලකියාගේ වචන සෙට් එකේ නැත.ලකියා ඒවා භාවිතයෙන් අයින් කර බොහෝ කල්ය.
    ටී.වී බැලීම එපා උනේද මේවා නිසාය.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඇත්ත ලකියෝ..... මටත් ඒ සන්තෑසියම තමා...

      Delete
  15. බ්ලොග් එකට වැටුණු කොමෙන්ටුවෙන් ආවෙ අක්කේ... මම හිතන්නේ මම මීට කලින් මේ පැත්තේ ඇවිත් නෑ....

    දකින්න ලැබුනු මුල්ම පෝස්ට් එක වැදගත් මාතෘකාවක් යටතේ ලියලා තියෙන්නේ.ඔක්කොමත් හරි මෙතන මම තවත් මහා විනාසයක් දකිනවා...

    අක්කා දැකලා තියේද ලමයිව නටවන නැටවිල්ල.සිරස දෙරණ වගේ මේ නාලිකා එකතුවෙලා මේ කරන්නේ අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න ලමයිව පිස්සු නටන ඉගෙනීමෙන් තොරව ඉදිරියට යන්න බලාගෙන ඉන්න පිරිසක් බවට පත්කරන එක නේද.අම්මලාත් මේ තමන්ගේ ලමයින්ට කරන්නේ විනාසයක් නේද කියලා නොදැනද මන්දා මේවට යවන්නේ.ඉස්සර අපේ අම්මලා තාත්තලට තිබුනේ පුතා/දුව හොඳ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කරන්න ඒ වුනාට අද හැම අම්මෙක්ම බලන්නේ රියැලිටි ෂෝ එකකට දක්කලා ලමයිගේ ලමා කාලයත් නැති කරන්න....

    පොඩි ලමයින්ට පත හෑලි පමණට නොහොබිනා සිංදු කියන්න වගේම ඒ නටවන නැටවිල්ලට මම මාර විරුද්ධයි.මේ ලමයි කවද හරි ලොකු උනාම කවදාවත් හැදියාවක් ගැන හිතයිද.අඩු ගානේ අම්මා තාත්තට සලකයිද... හලේ මන්දා මේ විනාසේ

    ලමයින්ට සුදුසු තරඟ නැතුවද මේවා සංවිධානය කරන්නේ.ඕනම පන්සලක භක්ති ගීත කණ්ඩායම් තෝරන්නේ ගද්‍ය පද්‍ය තරඟවලට ලමයිව යවනවා නේද.පාසල් මට්ටමින් නොයෙකුත් තරඟ තියෙනවා නේද.ඇයි අම්මලා තමන්ගේ ලමයිව ඒවට උනන්දු නොකර මුලු රටකට පේන්න තමන්ගේ ලමයා ලවා ජවුසන් නටවන්නේ....

    මේවා කවද නතර වෙයිද මන්දා.හැබැයි ඒ නතර වුනත් වෙන්න ඕන හානිය දැන් වෙලා ඉවරයි කියලයි මම හිතන්නේ....

    ලියලා තියෙන විදිය ගොඩක් හිතට වැදුනා....

    ReplyDelete
  16. ම්ම්ම් .. සාදරයෙන් පිලි ගන්නවා....

    මම ඔය එකක්වත් බැලුවෙ නෑ මගේ ඇඟේ මාලු නටන්න ගන්න නිසා... ඒත් ඔය පොඩ්ඩක් එහෙන් මෙහෙන් පෙනුන ඒවා නිසා තමයි මේ ලියන්න හිතුනේ....

    අම්මලට පිස්සු තමයි... ළමයින්ව විකාර අන්දවලා එවන්නේ... ඉස්සර නම් අවුරුද කුමාරි තරඟෙකට වත් යවන්නේ හරි පරිස්සමින්... දැන් කෙල්ලන්ට බාගෙන අන්දලා රටටම පේන්න ටීවී එකේ බැනර් පොස්ටර් වලයි දානවා.. ඊට පස්සේ රෙද්ද උස්සන් නටනවා පොඩි කෙල්ලෙක්ට වත් පාරේ යන්න බෑ කියලා.... ඔය එක පැත්තක්.....

    මේවා නතර වෙන්න ඕනෙ තමයි ... ඒත් අපේ ගොන්නුන්ට හැමදාම ඉස්තාලේ වහන්න මතක් වෙන්නේ අස්සයා පැනලා ගිහින් උගේ පාරත් මැකිලා ගියාට පස්‌සේ.....

    ReplyDelete
  17. අපිට ඕවා නවත්තන්න බෑ එත් පොඩි උන්ට තියන එවයි අබාධිත අයට තියෙන තියෙන එවයි නැවැත්තුව නම් හරි.ඒ ගොල්ලොන්ට දරා ගැනීමේ ශක්තිය අඩු නිසා එක ගොඩක් බලපානවා.පොඩි උන් එහෙම පොඩි කාලෙදිම මානසිකව වැටුනම උට ලොකු වෙලත් හිතෙන්නේ මට කිසිම දෙයක් බෑ මන් නිකමෙක් කියලා විතරයි
    මේ නැති වුන සහෝදරයට අපි නිවන් සුව පතමු...!

    ReplyDelete
    Replies
    1. හම්ම්... අනේ මන්දා...

      මේවා බලන කට්ටියකුත් ඉන්නවා නොවැ....
      එච්චර තමයි අපිට කරන්න පුළුවන් කියලා හිතෙනකොටත් දුකයි මල්ලි...

      Delete
  18. වාසනාව පසුපස අවාසනාව ඇවිත් තියෙන හැටි :(

    ReplyDelete
  19. අනේ කාලේ වනේ වාසේ.. :(

    ReplyDelete
    Replies
    1. බෑ නේ ... වනයක් හොයා ගන්න නෑ නේ..

      Delete
  20. රියැලිටි රැල්ල නම් අනේ මන්ද................. :/

    ReplyDelete
  21. ඇත්තටම රියැලිටි කියන්නෙ රෙයැලිටි එකටද ?

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ සහ අබාධිතයන්ගේ තරඟ වල නම් නෑ... මොකද මේකට ඉදිපත් වෙන අයට වත් දෙමාපියන්ටවත් කිසිම තේරුමක් නෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා....

      Delete
  22. මොනවා උනත් ඔක්කොම යන්නෙ සල්ලි පස්සේ. මනුස්සකම කියන එක ගෑවිලාවත් නෑ

    ReplyDelete
  23. මේ වගේ එක එක කොට්ඨාශ වලට රියැලටි තරග තියන්නෙ ඒගොල්ලන්ට තියෙන ආදරේකට වඩා තමන්ගෙ මඩිය තර කර ගැනීමේ අරමුණින්.... මියගිය සහෝදරයා ගැන මටත් දුකයි...

    අපි වගේ පුංචි රටකට ඔරොත්තු නොදෙන තරම් සංඛ්‍යාවක් රියලැටි වැඩසටහන් ආරම්භ වෙච්ච නිසාම ජනතාවගේ ඒ කෙරේ තිබූ ආකර්ශනයත් දැන් නැත්තටම නැතිවෙලා... රුපියල් කෝටියක් අරන් සිරස සුපර් ස්ටාර් ආයෙත් එනවලු ඔන්න නොවැම්බර් මාසෙදි...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් තවත් මිනිස්සු මේවා බලනවද කියලා හිතෙන කොටම කවුරු හරි නාකි ආච්චි කෙනෙක් මෙගා ස්ටාර්, ලිට්ල් ස්ටාර් එකක් දා ගන්නවා “ මම නම් හැමදාම මේක බලනවා “ කියලා..... මෙලෝ වැඩකට නෑ.... ස්පෙලින් එකකුත් කියෙනවා නේද...... එකත් පොඩි ළමයි විකුණන්න පටන් ගත්තා එකක්....

      ඕවයින් ආපු එකෙක්වත් දැන් ඉතුරු වෙලා ඉන්නවද මන්දා.....

      Delete
  24. රියැලිටි ශෝ නම් එපා වෙලා.. දැන් මම බලන එකම ශෝ එක තමා Australia master chef :D හොඳ කෑම ටිකක් වත් බලාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මමත් බලනවා එකක්... Project Runway.. Fashion design කරන Professionals ලා ඉන්නේ... ලොකු තිගැස්සමක් දෙන්නේ නෑ ඒගොල්ලන්ට වත්.... ඒත් මේ පොඩි එවුන්ට කරන වැඩ දැක්කම එපා වෙනවා....

      Delete
  25. රියලිටි ෂෝ නම් දැන් හිසරදයක් වෙලා තමයි අක්කියෝ..
    දැන් පුංචි එව්න්ටත් රියැලිටි ..හ්ම් ... :(

    ReplyDelete
    Replies
    1. පුංච් එවුන්ට රියැලිටි තේරුන් නැති උනාට උන්ගේ මහ එවුන්ට තේරෙන්න එපායැ.... කොහෙද... නූගත් මිනිස්සු නම් කමක් නෑ.....

      Delete
  26. මමත් ඔය එකක්වත් බලන්න ඔහෙ හිටියෙ නැති එක ගෙන සන්තෝශයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියා නම් බේරිලා... ඒත් අපේ කට්ටිය තාමත් කට ඇරන් ඕවා බලනවානේ....

      Delete
  27. මමත් මේවා බලන්න ලංකාවේ නෑ..

    ReplyDelete
    Replies
    1. වෙලාව හොදයි මලයගේ..

      Delete
  28. කතාව නම් සහතික ඇත්ත........

    ReplyDelete
    Replies
    1. සචිත්ව අදනේ දැක්කේ.. මේ පැත්තට අලුත්ද මන්දා...

      මොනවා කරන්නද ඉතිං... ඇත්ත තිත්තයි නොවැ..

      Delete