ඉස්සෙල්ලම ඉස්කෝලේ යනකොට ඉතිං එක එක ජාතියෙ ඒවා වෙනවානේ කට්ටියට.. හැබැයි ඕනේ ඔට්ටුවක් මට වෙච්ච වැඩේ නම් වෙන කිසිම කෙල්ලෙක්ට වෙලා නැතුව ඇති....
ඔන්න ඉතිං මාව දැම්මා එකේ පන්තියට.. මට මතක විදියට 1 වසර නෙලුම් සහ මානෙල් හරි තමයි... ෂුවර් නෑ... ඔය මොක හරි අපේ පන්තියේ හිටියේ කෙට්ටුම කෙට්ටු නපුරු මන්තරකාරියක් වගේ ටීචර් කෙනෙක්.... .
පන්තියේ උසම එකා මං... 5 වසරට යනකම් පෝලිමේ අන්තිමයා හැමදාම....
මං කොහොමත් දඟයා.... මොන්ටිසෝරියෙත් දඟමල්ලක්.... කොහෙ උනත් යාලුවෝ සෙට් එකක් හදා ගන්නවා... ඔන්න එක වසරට ගිය දවසෙම මට යාලුවෝ සෙට් එකක් හම්බුනා.. මොන්ටිසෝරියෙත් මාත් එක්ක හිටපු හසිතයා... ඉතිං ඉස්කෝලෙ කාලේ පටන් ගත්ත තැනම ඉදිරි අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් විදියට ඔන්න මම හසිතයා එක්ක අන්තිම පේලියට සෙට් උනා.... අනිත් කොල්ලෝ ටිකත් සෙට් කරන්...
අපොයි .. අනිත් කෙල්ලෝ අඩනවා.. අම්මලාගේ ඇඟේ එල්ලිලා... අම්මලා ඊට හපන්... අපේ අම්මා නම් මාව පන්තියට දැම්මා.. ටීචර් එක්ක ටිකක් කතා කලා... ගියා....
ටීචර්ටත් ඉතිං අම්මලා එක්ක කතා කරලා එහෙම වැඩ පටන් ගන්න ඕනෙ නිසා අපි දෙයියනේ කියලා සාජ්ජෙකට සෙට් උනා... ඔව් ඔව්.. මේ ඉස්කෝලේ එක වසරේ පළවෙනි දවසේ තමා.... හි හි...
ඉතිං පොඩියට සින්දුවක් කියාගෙන, මේසෙට තට්ටුවක් දාගෙන ඉන්න අතරේ අම්මලා යන්න ගියා... අපි ඉතිං අපේ ලෝකේනේ... ලෝකේ පෙරලුනත් අපි ජොලියේ.... ( මට මතක හැටියට ඇපි කිව්වේ මොන්ටිසෝරියෙ උගන්නපු සින්දුවක්...)
මෙන්න එකපාරටම මේ ගෑණි මාව කනෙන් ඇදන් ගිහින් පන්තියේ ඉස්සරහා දණගැස්සුවේ නැතෑ....... !!!
දැන් මට මල කොච්චරද කියනව නම් ගහන්න තරම් තරහයි... හැබැයි හසිතයා සහ අනිත් එවුන් ටික බිරන්තට්ටු වලා බලං ඉන්න හැටියට මට මොකවත් කරන්න බෑ.. කදුළුත් එනවා.... තරහට... මොන්ටිසෝරියෙදි අපි ඕනෙ තරම් සින්දු කියනවා.. මෙයා මොකටද මාව දණගැස්සුවේ... මොන්ටිසෝරියේ මම කවදාවත් දඩුවමක් විදපු කෙල්ලෙක් නෙවෙයි.. ෆාදර්ලා මට හරිම ආදරෙයි... මොකද මං දඟ උනාට කියන දේ අහන නිසා.... දැන් මං තොල හප හප කදුළු හිර කරගන්න හදනවා... කමක් නෑ...යමංකෝ ගෙදර.. ආයිත් නං එන් නෑ මේ ඉස්කෝලෙට.... ඔන්න මගේ තීරණේ...
11.30 ට ඇරුනම අම්මා ආවා මාව එක්කන් යන්න.. කොට්ටාවේ මහගෙදරට පයින් යන දුර... ගිය ගමන් කට්ටියම වට වෙලා කොහොමද ඉස්කෝලේ කියලා අහපි.... අපේ මාමායි, පුංචියි දෙන්නා තමයි මගේ වෛරක්කාරයෝ දෙන්නා.. ඒ දෙන්නගේ වැඩේ මාව අල්ලන් බයිට් කරන එක.... මේක කියලා තවත් බයිට් වෙන්නයැ... මං කිව්වා හොදයි කියලා...
ඊට පස්සේ තමයි අපි ගෙදර ගියේ.. ගිය ගමන් ඇද උඩ වාඩි වෙච්ච මං, සපත්තු දෙක ගලෝලා විසි කරලා දාලා අම්මට කිව්වා මං ආයිත් ඉස්කෝලේ යන් නෑ කියලා....
අපේ අම්මා කට ඇරන් ඉන්නවා මේ හොදයි කියපු ඉස්කෝලේ යන්න බෑ කියන්නේ මොකද කියලා... මං සද්ද නැතුව රෑ වෙනකම් හිටියම අම්මත් මගෙන් මුකුත් අහන්නෙ නැතුව තාත්තා එනකම් ඉදලා වාර්තාව දුන්නනේ ඉතිං.. “මෙන්න මෙයා ඉස්කෝලේ යන්න බෑ කියනවා...“ කියලා....
තාත්ත දන්නවා ලේසියෙන් මං බයට නම් පස්ස ගහන් නෑ කියලා... ඒ පාර ළඟට අරන් ටිකක් හුරතල් කරන කොට තමයි මං කට ඇරියේ...
“ ඒ ටීචර් හරි නපුරුයි... මාව පන්තිය ඉස්සරහා දණගැස්සුවා.....“ තාත්තා හොල්මන් උනාලු... මට පස්සේ කිව්වේ... මම කවදාවත් ඒ වගේ දඩුවමක් දෙන්න තරම් දඟ වැඩක් කරන කෙල්ලෙක් නෙවෙයි කියලලු හිතං හිටියේ...
“ ඔයා මොනා හරි නරක වැඩක් කලාද දන් නෑ නේ...මොනාද ඔයා කලේ කියන්නකෝ.. “
“ මුකුත් කලේ නෑ.. හසිතලා එක්ක සින්දුවක් කිය කිය හිටියේ.. ටීචර් පන්තියේ හිටියේ නෑ නේ.... මට නම් බෑ ආයිත් යන්න.. මාව වෙන ඉස්කෝලෙකට දාන්න... “ මං එහෙම කිව්වලු....
මං නිදා ගත්තට පස්සේ තාත්තා අම්මත් එක්ක කතාකරලා.... ඊළඟ දවසේ උදෙන්ම අම්මා මාවත් එක්කන් ප්‍රින්සිපල්ව හම්බුවෙන්න ගියා... මං ගියේ මඟ දිගට යන්න බෑ කිය කිය අඩ අඩ... ඊට පස්සේ වෙච්ච ඒවා මට දැන් මතක නෑ... අම්මා කියපු ටික තමා මට මතක.. මොකද මං එතන හිටියේ නෑ...
ටීචර්ව ගෙනල්ලා හොදටම බැන්නලු ප්‍රින්සිපල්.. “ මුල දවසෙම එහෙම කලාම ළමයෙක්ට ඉස්කෝල එපා වෙනවා නේද.. අනිත් එක අනිත් ළමයි අඩනකොට මේ වගේ සබකෝලයක් නැතුව අනිත් ළමයි එක්ක සෙල්ලමින් ඉන්න ළමයෙක්ට එහෙම දඩුවම් කරන්න ඕනේද.. කොච්චර නරක දඩුවමක්ද දීලා කියෙන්නේ ...“ කියලා හොදට දෙහි කැපුවලු....
පස්සේ ටීචර් ඇවිල්ලා මාත් එක්ක බොෙහාම ආදරෙන් කතා කලාට මං පන්තියට ගියේ නෑලු.... අම්මා බලෙන්ම මාව පන්තියට දාලා ගියාම ආයිත් ටීචර් මාව හසිතයා ළඟින්ම වාඩි කෙරෙව්වා... හසිත එතකොට මගේ හොදම යාලුවා... මගේ තරහා ටික ටික නිවුනා... මම දිගටම ඒ පන්තියේ හිටියා... ටීචරුත් එක්ක රණ්ඩු දාගත්තෙත් නෑ...
හැබැයි අදටත් මට ටීචර්ලා ගැන තියෙන්නේ හොද හැඟීමක් නෙවෙයි...
ඒ වගේම මගේ තිබුන ඒ ඉදිරිපත් වීමේ පුරුද්ද එතනින් නැවතුනා කියලා මම තේරුම් ගත්තේ ඒලෙවල් කාලෙදි....මොන්ටිසෝරියේ ආරධිත අමුත්තන් පිළිගැනීමේ කතාව ඉංග්‍රීසියෙන් කරපු මම, ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම කිසිම දේකට ඉදිරිපත් නොවිච්ච ළමයෙක් උනා... ඒක ඒ ටීචර්ගේ වැරැද්දද කියලා කියන්න මම දන්නේ නෑ... නමුත් එදා ඒ වෙලාවේ ඇති උන තරහා සහ ලැජ්ජාව නිසා මම කිසි දේකට ඉදිරිපත් නොවෙන ළමයෙක් උනා කියලා කියන්න පුළුවන්.... මම මාව තෝර ගත්තානම් ඒකට ගියා, යන්න කිව්වනම් ගියා, යන්න උනා නම් ඒකට ගියා... ඒ ඇරෙන්න හැම දේටම පැනලා ඉදිරිපත් උනේ නෑ... හැමෝම ඉවරවෙනකම් පැත්තකට වෙලා බලං හිටියා... පොතක් පෙන්නන්න වත් තරඟෙකට ගියේ නෑ... 4 වසරට යනකම්ම....පිස්සු නැටුවා... දැඟලුවා.. ඒත් මම වෙනස් කෙල්ලෙක් උනා...
හතර වසරෙදි මාව අපේ ආදරණිය අරුණසිරි සර්ගේ පන්තියට වැටුනා... හසිතත් ආයිත් මාත් එක්ක එකම පන්තියට වැටුනා....
සර්ගේ හොදම මතකේ තමයි මීටර් කෝදුව.... PT පීරියඩ් එක ඉවර වෙලා දෙවනි බෙල් එක ගහන්න කලින් පන්තියට නාවොත් පන්තියට ගන්නේ මීටර් කෝදුවෙන් අතේ ඇට ටිකට පාරක් දීලා.... හිතාගන්නකෝ කොහොමද කියා... මායි හසිතයයි සර්ගේ කකුල් දෙක අස්සෙන් රිංගලා හරි කෝදු පාර නොකා බේරෙනවා.... කොෙහාමද කියන්න තාමත් තේරුමක් නැති උනත් සර් මගේ රිදිලා තිබුණ හිත ටිකක් හැදුවා.. ඒකයි මම ශිෂ්‍යත්වේ පාස් උනෙත්..
සර් පස්‌ෙස් කාලෙක අපේ මල්ලිටත් ඉගැන්නුවා.... මම මල්ලිගේ බැජස් දෙන දවසේ ඉස්කෝලෙට ගියාම සර්ව හම්බුනා... එතකොට මං ජොබ් එකක් කරනවා.. සර් එතකොටත් එහෙමම තමයි... ටිකක් තට්ටේ පෑදිලා... මල්ලි මාව සර්ගේ ක්ලාස් එකට ඇදගෙන ගිහින් “ සර් මේ අපේ අක්කා...“ කියලා මාව පෙන්නුවා... සර්ගෙත් මගෙත් දෙන්නගෙම ඇස් වලට කලුළු පිරුනේ එකපාරටම... ශිෂ්‍යත්වේ පාස්වෙලා ඉස්කෝලෙන් ගියාට පස්‌ෙස් මම සර්ව දැක්කේ ඒදාමයි... ඒත් සර් මං ගැන විස්තර මල්ලිගෙන් අහලා...
“ මේ කෙල්ලව දැක්ක කල්.... දැන් ලොකු කෙල්ලෙක් නේ..... “ කියලා සර් එකපාරටම කිව්වා... මට නම් මුකුත් කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා.... මං හිනා උනා විතරයි... අපි මොනාද කතා කලේ කියලා මට මතක නෑ... කොහොම හරි මම සර්ට වැන්දාම සර් මාව අල්ලලා නැගිට්ටෙව්වා.... ඊට පස්‌ෙස් මගේ අත් දෙක තද කරලා අල්ලගත්තා...
“ මල්ලි මට විස්තර කිවිවා... හරිම සන්තෝසයි ඔයාව දැක්කම...මං හිතුව විදියටම ගොඩක් ලස්සන කෙල්ලෙක් වෙලා නේද..“
“ මල්ලිත් හරිම දක්ෂයි ඔයා වගේම... ඔයත් ප්‍රිෆෙක්ට් කෙනෙක් උනාද....“
“ නෑ සර්.. මම ඒලෙවල් වලට වෙන ඉස්කෝලෙකට ගියානේ....“
“ අපරාදේ... ඔයා හොද දක්ෂ ළමයෙක්.. ඔයාට හොද ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න තිබුනා ...“
අපි කතා කරපු දේවල් වලින් මට මතක එච්චරයි... ඊට පස්සෙ දවසක මල්ලි කිව්වා සර් පැන්ෂන් ගියා කියලා...
මට හතර වසරේ උගන්නපු අරුණසිරි සර් මං ගැන ඒ තරම් තේරුම් අරන් තිබුනා කියලා මට තේරුනේ එදා....සමහරවිට මං ඒ ඉස්කෝලෙ දිගටම හිටියා නම් මම ගොඩක් ඉදිරියට ගිය කෙල්ලෙක් වෙන්න තිබුනා... නමුන් මම ශිෂ්‍යත්වෙන් වෙන පාසලකටත්, ඕලෙවල් වලින් වෙන පාසලකටත් මාරු උන නිසා මට ඒ වගේ අවස්ථා අහිමි උනා... මොකද මාව ඒ තරම් තේරුම් ගන්න පුළුවන් ගුරුවරුයෙක් ලැබුනේ නැති නිසා... ශිෂ්‍යත්වේ ෆේල් උනත්, ඕලෙවල් යන්තම් ගොඩදාගෙන, ඒලෙවල් එක විශයක් අනාගත්තත් මල්ලි අදටත් ඒ ඉස්කොලෙ ගුරුවරු ඔක්කොගෙම ආදරණීය ගෝලයෙක්... අමතර දේවල් ගොඩකට එයා ඉදිරිපත් උනා..ස්වීමින් කැප්ටන් උනා.... දුවන්න බැරි උනත් පනාගොඩ ඉදලා තිබ්බ මැරතන් එකටත් බාගයක් දුර දිව්වා... කෙල්ලෝ ගොඩක් වට කරගෙන ලයින් දැම්මා....ප්‍රිෆෙක්ට් කෙනෙක් උනා... ඌගේ සර්ටිෆිකේට් ෆයිල් එක දැක්කම මට ඊරිසියයි... තාමත් එයා ටීචර්ලාට ෆොන් කරනවා... බලන්න යනවා... .
ඔය මගේ ජීවිතයේ මට උගන්නපු, මට වටිනාම ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනා ගැන මම කලින් දවසක ලිව්වා....මේ දෙන්නම මගේ ජීවිතේ හරි මාර්ගවලට හරවපු ගුරුවරු දෙන්නෙක්...
මං කලින් දවසක ලිව්වා මගේ අකුරු කැතයි කියපු ටීචර් කෙනෙක් ගැන.. මට හම්බුන ටීචර්ලා ගොඩක් ඒ වෙග් උනත් මේ කියපු අරුණසිරි සර්ටයි, සන්නස්ගල සර්ටයි මම තාමත් ගරු කරනවා....
දැන් සිංදු කියන පුරුද්ද නැද්ද?.
ReplyDeleteකියමුද බලන්න සිංදුවක් අපිටත් අහන්න. අර මාරයිය දවසක් කියල තිබුනෙ.
ආයෙත් ඉස්කෝලෙමයි මතක් කලේ නේද?
හි හි... කියනවා කියනවා.. කාටවත් ඇහෙන්නේ නැති වෙන්න....
Deleteමොනවා කරන්නද... ගොඩෙක් දේවල් ඉගෙන ගත්තේ ඒ කාලේ වෙච්ච දේවල්වල අත්දෑකීම් වලින්නේ.. ඒවා අමතක කරනවා බොරු.. හි හි
matath mage punchi kale mathak una oya lassanata liyala thiyenawa hiru maath mage 5 wasare teacher ta kamathi na
ReplyDeleteha amathaka unane oya goda dawasakin dakke na
Deleteමට නම් මතක ඇති කාලෙක හරි ගියේ ටීචර්ලා දෙන්නද කොහෙද... එක්කෙනෙක් 11 වසරේ ගණං උගන්නපු කාන්ති මිස්... එයාට අපේ වයසේ පුතෙක් හිටියා... උෟත් හිටපු ගමන් අපේ ඉස්කෝලෙට එනවා ඒ දවස්වල.. හි හි..
Deleteඅනිත් එක්කෙනා සමාජ අධ්‍යනය උගන්නපු බස්සා... ජපානේ යන්තම් මතක් කලොත් පීරියඩ් දෙකක් ඇදගත්තෑකි අවුලක් නැතුව... අපේ වැඩේ පොත් දිගඇරගෙන ටෙස්ට් ලියන එක... හි හි..
මට ගෝතමියෙදි හම්බුන චිත්‍ර ටීචර් නම් හොදයි... මම ආස විශය හින්දද කොහෙද 6 ඉදලා 11ට යනකම් මං ඉන්න පන්තියේ චිත්‍ර නායිකාව මම... අස් වෙන්න එපාම කිව්වේ ඒ ටීචර් තමයි...හි හි
නෑ නෑ.. මම කියෝනවා.. ඊට පස්‌ෙස් ටක් ගාලා මාරු වෙනවා... කමෙන්ට් දාන්න ගියේ නෑ... මෙගා එකක උනත් ඔය වගේ කෑලි යන කාලෙට මම ඒ පැත්ත බලන්නේ ඉන්ටවල් දීලා... ඔය වගේ සීන් වලට මට කේන්ති යනවා.. හි හි... මගේ කමෙන්ට් දැකලා ඔයාටත් කේන්ති යයි... හි හි.. එකයි දැම්මේ නැත්තේ...
පොඩි කාලේ මාර හපනියෙක්නේ ... හී හී...
ReplyDeleteබය නැති විත්තිය නම් හොඳටම පේනවා...
මට මතකයි අඬන්නේ නෑ කියලා, කයිවාරු ගහලා ගිහින්, අනෙක් ලමයි අඬනවා දැකලා බයවෙලා අඬපු හැටි. මතක් වෙනකොටත් ලැජ්ජයි. අඬන එක බෝවෙනවා මගේ හිතේ.
ඒ කාලේ නම් මම ෆුල් චණ්ඩියා තමයි... හි හි..
Deleteඔය එක වසරෙ පන්තියෙදි අපේ හිටපු අපතම අපත කොල්ලෙක්, උගේ නම චරක, ළඟ හිටපු එකාට කියලා පැන්සල හොදට උල් කරගෙන උගේ ඔලුවටම ඒකෙන් ඇන්නා ඔලුව හිල් වෙලා පැන්සල් තුඩ හිරවෙන්නම... ඒ වෙලාවේ මැද්දට පැනලා අර කොල්ලව බේර ගත්තෙත් මම තමා... පස්සේ ඒකව හොස්පිටල් ගෙනියන්න උනා.... මම චරකයට ඉල්ලලා දුන්නා හොද සම්බුවක්.. හි හි..
සුන්දර මතකයක් අවදිකර ඇත්තේ. මේ කකුල් දිග ළමයෝ එවයින් වැඩක් ගන්නකෝ. මේ මේ මම කිව්වේ දුවන්න වගේ දෙයක්.හික් හික්....
ReplyDeleteදුවනවලු හෝ ගාලා
Deleteඇඳ වටේ....
ඔය කියලා තියෙන්නේ මාතලන් මං දැන් දුවන හැටි.. හි හි...
Deleteහ්ම්ම්ම්... මට නම් ඔහොම ගුරුවරු හම්බු වුනේ කලාතුරකින්.. එහෙම අය හම්බු වුනෙත් 10වසරෙන් පස්සේ.. පොඩි කාලේ හිටපු අය නම් දෙවිවලු වගේ.. අපිට හිටියේ ඔක්කෝම ගුරුවරියෝ.. අම්මලා වගේම තමා.. ගුටි කලා බැනුම් අහලා තියෙනවා. ඒත් කවදාවත් නිකරුනේ දොස් කියලා නැ.. :)
ReplyDeleteමම ගුටි කෑවේ ඔච්චර තමයිද කොහෙද.. මතක විදියට.. හි හි..
Deleteබැනුම් නම් ඉතිං නිකනුත් අහනවානේ.. ඒවා ගානක් නෑ...
පාසල් ගිය මුල්ම දවසෙම එහෙම දෙයක් වුණ එක නම් හරිම කණගාටුදායකයි. ඒ වගේ දේවල් පුංචි ළමයෙක්ගේ හිතට වුණත් ලොකු බලපෑමක් ඇති කරලා තියෙනවා.
ReplyDeleteඅධ්‍යාපන මනෝ විද්‍යාව ගැන ගුරුවරු යම්තාක් දුරට හෝ හදාරන්න ඕනේ. ඒත් ඒ ගැන අහලවත් නැති එහෙත් හුඟක් හොඳ ගුරුවරු අපි අතරෙ ඉන්නවා.
ඒ කාලේ ඔය ලොකු ලොකු වචන කිව්වනම් පිනාටත් ගෙදර තමයි යන්න වෙන්නේ... හි හි..
Deleteඒවා අහලවත් නැතුව ඇති තමා... ඊට වැඩිය මොන්ටිසෝරියේ ෆාදර්ලා ළමයින්ව ෂේප් එකේ තියාගන්න දන්නවා... මේ ගොල්ලෝ මේ ගෙවල්වල ඉන්න බැරුව උගන්නන්න ආපු අය... අපේ එහා ගෙදර ඉන්න ටීචරුත් ඒ ජාතියේ තමා.. ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි...
අර හසිතත් එක්ක කියපු සිංදුව ට"ටුවින්කල් ටුවින්කල්" ද අක්කේ...?
ReplyDeleteසිරාවටම මතක නෑ මලයෝ... හෙට අනිද්දට ඌ බදිනවා කියලා කේක් ඕඩරයක් දීලා ගියාලු අපේ අම්මට.. හම්බුනාම අහන්න ඕනේ ඒකටවත් මතකද කියලා.... හි හි...
Deleteඌටත් බඩු හරි එහෙනම්... හික්ස්..
Deleteඒ ටීචර්ගේ වරදක් නැහැ..මෙයා මෝල් ගහ වගේ උස හින්දා අනිත් ළමයින්ගේ ගානට සමාන කරන්නයි දණ ගස්සවලා තියෙන්නේ..සමානාත්ම තාවය අගය චීට කෙනෙක්...
ReplyDeleteඇත්තටම අතනින් හිරු කවුද කියලා හොයන්න බැහැනේ...:D:D:D
ඉදගෙන හිටපු මාව කොහොමද එහෙම පේන්නේ.. මාරයියාට පිස්සු... ඉහි ඉහි.... ඇඩෙනවා....
Deleteහතලිස් ඇදිරියනේ මාරයියේ.. කමක් නෑ...
අර දණ්ඩි කෙල්ල ඔයාද ?
ReplyDeleteහිහි.. ඔව් ඔව් අප්පා...
Deleteඔයත් සන්නගේ සිංහල පන්තියේ කෙනෙක්ද..? මගේ කෙල්ලත් මම ඉස්සුවේ ඕකෙන්මනේ. එලකිරි අතීතාවර්ජනය.! අපේ උන්දැත් තවම කියවනවා ඔය අතීත සිද්ධි. මමත් අහං ඉන්නවා ඉතින් එයාගේ සතුට නොවැ. හැබැයි ඉතින් ඔය කාලේ වෙනකොට අපි ලොකු එවුන්.
ReplyDeleteඅපිත් උගන්නලා තියනවා සමහරුන්ට අමතක නොවෙන පාඩම්. හැබැයි ඒ පොතපතින් නම් නෙමේ ඕං..!!! ජය.!!
මෙතනට දාන්න හිතාගෙන කොටපු කොමෙන්‍ටුව දැම්මේ වෙන තැනකට. ඕං ආයෙත් මෙතෙන්ටත් ඒකම දැම්මා. පෝස්‍ටු දෙකම ඔයාගේ නිසා අවුලක් නෑ.
ඒකත් බැලුවා... රිප්ලයි එකකුත් දැම්මා... හි හි..
Deleteමාත් මේ අයියාගේ පරණ ස්ටෝරිස් ටික මේ ටිකේ කියෝ කියෝ ඉන්නේ...
බිග් බර්ඩි කියලා කිව්වේ නැද්ද කවුරුත්...
ReplyDeleteනෑ නේ.... මං කෙට්ටුම කෙට්ටුයිනේ.... මට නම් නං මහා ගොඩක් තිබ්බා... ඒත් ඒ කාලේ නම් දඟමල්ල විතරයි මට මතක විදියට....
Deleteගුරුවරයෙක් වෙලත් මටත් කියන්න තියෙන්නෙ මගේ ජීවිතයෙනුත් මගෙ ළමයින්ගෙ ජීවිත වලිනුත් ගුරුවරු ගැන අයහපත් කතා තමයි. පුදුම කරුමයක් ඒක නම්.
ReplyDeleteඅඩ උඩ කමෙන්ට් එකක කියලා තිබ්බා නේද ගුරුවරු මනෝ විද්‍යාව ගැන ට්කක් හරි දැනගන්න ඕනෙ කියලා? ටිකක් නෙවෙයි ළමා විද්‍යාව ගුරු පුහුණුවේ අනිවාරය විෂයයක්. ඒවා කොහෙ තැන්පත් වෙනවද කියන එකයි ප්‍රශ්ණෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තට ඩූඩ් අයියේ හොද ගුරුවරු හිටියේ නැතුවා නෙවෙයි... පොඩි පන්තිවලට නාකි ටීචර්ලා හරි යන්නේ නෑ කියලයි මම හිතන්නේ... ටිකක් තරුණ, ලස්සන, හොද ඉවසීමක් සහ පුහුණුවක් තියෙන අය ඉන්න ඕනේ... නාකි උනත් කමක් නෑ ප්‍රියමනාප අයනම්... ඒත් ගොඩක් වෙලාවට ඔය පන්ති වලට වැටෙන්නේ වෙන කිසි දේකට යොදා ගන්න බැරි ටීචර්ලව... ඉස්කෝලෙම ඉන්න වැඩකටම නැති සෙට් එක.... අන්න ඒකයි අවුල...
Deleteමනෝ විද්‍යව නොදැන උනත් ළමයි ආදරේ ටීචර්ලා හිටියා... එක්කෙනෙක් තමයි අරුණසිරි සර්... එතකොටත් ඒ සර් වයසයි... කොණ්ඩේ සුදුයි... හැබැයි සර් හරිම ප්‍රියමනාපයි... ඕනවෙලාවක හිනා වෙලා ඉන්‌ෙන්... අවුරුදු ගාණකට පස්සේ දැක්කමත් ඒ සර් ඒ විදියම තමයි.. සර්ගේ කටු බයිසිකලේ තල්ලු කරන එක තමයි පන්තියේ කොල්ලෝ ආසාවෙන්ම කරන්නේ.. හි හි...
මට හිරුවව හොයාගන්න නම් බැරි වුනා අර පින්තූරෙ. අර හරි මැද්දෙ ඉන්න හෙන කැත කෙල්ල කවුද, අර ගුටිකන මූනක් තියෙන?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මූණ එහෙම උනාට ගුටි කෑවේ අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි හරිද.... හි හි..
Deleteහිරූට පොඩි කාලේ ෆොටෝත් තියෙනවා නෙව.
ReplyDeleteමගේ නම් ඔහොම එක ෆොටෝ එකක්වත් නෑ.. :(
අර උස ගෑල්ලමයා ඔහේ නේ ??
ඔව් නේ .. ඒ මම තමා.. අපේ අම්මලගේ මුළු පරම්පරාවටම බයිට් එකට ඒ කාලේ හිටියේ මං විතරයි.. හොද හොද ෆොටෝ ගොඩක් කියෙනවා... හි හි
Delete“ මල්ලි මට විස්තර කිවිවා... හරිම සන්තෝසයි ඔයාව දැක්කම...මං හිතුව විදියටම ගොඩක් ලස්සන කෙල්ලෙක් වෙලා නේද..“
ReplyDeleteඇත්තටම ගොඩාක් ලස්සනද ඔයා ?
ඉගැන්වීම වගේම ඉගැන්වීමේ විද්‍යාවත් ගුරුවරුන් හැදෑරිය යුතුයි. පළමු වසරේ ගුරුවරිය එය දන්නෙ නැතුව ඇති. මොන හිතකින්ද එක වසරෙ ළමයෙක්ට ඔහොම දඩුවමක් දෙන්නෙ...
ඔය කියන කාලෙ ඉස්කෝලෙ ගියෙ අම්මා එක්ක ස්කූටරෙන් නේද... මම දැකලා තියෙනවා ඒ දවස් වල...
සර් මාව දැක්කේ අවුරුදු 13කට විතර පස්සේ.. සාරියක් ඇදලා ගියේ... ඒ දවස්වල මම අම්මා වගේ... සර්ට ලොකු වෙනසක් දැනෙන්න ඇති.. ඒක නිසා වෙන්නැති එහෙම කිව්වේ...
Deleteකොෙහාමත් ඒ කාලේ මම ලස්සනයි... හි හි..
ඒ ගැන කවර කතාද ඉතිං.. ඒක තමා ප්‍රින්සිපලුත් කියලා තිබුනේ...
නෑ නෑ... මේ කාලේ ස්කූටරේ තිබුනේ නෑ... මම 7 වසරෙදි වගේ තමා ඒක ගත්තේ...
පොඩි කාලේ ළමයෙක්ට ටිච කෙනෙක් එපා උනොත් ටිච විතරක් නෙවෙයි උගන්නන විෂයත් එපා වෙලා යනවා.මොකද මට එහෙම කේස් එකක් වෙලා තියන නිසා හොඳට ඒ ගැන දන්නවා..
ReplyDeleteජය!
පොඩි කාලේ නෙවෙයි නඟා ලොකු කාලෙත් එහෙම තමයි...
Deleteමට ඉකෝන් එපා උනෙත් සර් කෙනෙක් හින්දා තමයි.. හි හි...
ලකියා නම් මොට්ටසෝරි ගිහින් නෑ.ඒකට හරියන්න අවුරුද්දක් වැඩිපුර ඉස්කෝලෙ ගියා.මොකද ලකියාගේ අම්මත් ගුරුවරියක් නිසා.වයස අවුරුදු 4 වෙද්දි ලකියා 1 වසරට ඇතුලත් කරා.ලකියා උසස් පෙල පන්තියේ වාඩි උනේ වයස අවුරුදු 1 විතර ඉදන්.මොකද අම්මා ඉගැන්නුවේ උසස් පෙල පන්ති වලට නිසා මමත් අම්මගේ සාරි පොටේ එල්ලිලා අමිමා එක්ක ගියා.1 වසරෙදි මට ඉගැන්නුවේ මාලනී කියලා ටීචර් කෙනෙක්.ගුරුවරියක්ගේ පුතෙක් නිසා අම්බානකට සැලකිලි ඉස්කෝලෙදි.ඒ උනාට මොකද පන්තියේදි කිඔුහුමක් ගියත් අම්මට දැනගන්න ලැබෙනවා.එතකොට තමා යකා නගින්නේ.ඇයි ඉතින් මොන දග වැඞක්වත් කරන්න බෑනේ.ඒ නිසා ඒ දවස්වල ලකියා සිරිමත්ටත් වැඩිය හොද ලමයෙක් (සිරිමත් කියන්නේ උදේම නැගිටින පාඩම් කරන ගුරුවරුන්ට කීකරු ලමයෙක්.පොර මගේ බුදු ෆිට් එකක් ඉස්සර.පස්සේ කවුදෝ කෙනෙක් පොර ගැන කවි වගේකුත් ලියලා තිබුනා.ගොඩක් අය හිතුවේ ඒ කවි ලිවේ ලකියා කියලා.ඒ කවි ඉස්සර 5 වසර පොත්වල තිබුනා.මට මතක මුල් පදේ විතරයි. සිරිමත් මගේ සකි යහපත් ලමයෙකි) කොහොම හරි 5හේ සිස්සත්තේ පාස් වෙලා ලකියා නුවර ටවුමේ පිරිමි පාසලකට ආවා.එතනින් පස්සේ තමා ලකියාගේ මල් සමය පටන් ගත්තේ.මොකද ඒ ඉස්කොලෙදි ලකියාගේ අම්මා ගුරුවරියක් කියලා දැනන් හිටියේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ.ඉතින් අතපසු උන අවුරුදු 5ත් අල්ලලා ඇති වෙනකන් පිස්සු නැටුවා.ඉස්කෝලේ හැම මගුලටම හොට දැම්මා.අන්තිමේට ෆිෆෙට් පට්ටමකුත් ලැබුනා.මොනව උනත් ඒ ඉස්කෝලේ ගුරුවරු නම් අපිට ගොඩක් ආදරේ උනා.විසේසෙන්ම උසස් පෙල පන්ති වල ගුරුවරු අපිට අම්මලා අක්කලා වගේ උනා.අපි කොල්ලෝ සෙට් එක මොකක් හරි පින් අතේ වැඩක් කරලා මාට්ටු වෙලා පින් අනුමෝදන් කරවන්න පිනා අපිව ඔෆිස් එකට ගෙන්නුවම මැඩම්ලා තමා අපිව බේරගන්නේ.සමහර මැඩම්ලා ඔෆිස් එකට එන්නේ ඇස් වල කදුලු පුරවගෙන.අපිත් ඉතින් අපිට ආදරේ මැඩම්ලට පණ උනත් දෙන්න රෙඩි වෙලා හිටියේ (ලකියා ගියේ පිරිමි පාසලකට උනත් මැඩම් ලා තමා ගොඩක් හිටියේ.සර් ලා හරිම අඩුයි.පොඩි පන්තිවලට නිතරම වගේ අලුත් ගුරුවරු ආවා.ඒ අයට නම් වැඩි වයසකුත් නෑ අප්පා.ඒ දවස්වලට අපේ වැඩේ ඉතින් නිතරම පොඩි මල්ලිලාගේ දුක සැප බලන්න පොඩි පන්ති වලට යන එක.වෙන මොකවත් නෙවේ අනේ මල්ලිලා ගැන සහෝදර කැක්කුම ) ලකියා දැනට දාපු දිගම කමෙන්ටුව
ReplyDeleteඅපොයි අම්මාගේ ඉස්කෝලෙටම ගියොත් නම් ඔය පරිප්පුව කන්න වෙනවා තමා.... හි හි...
Deleteඅපේ මල්ලිත් මේ ටිකේ ඔය හින්දම කෙදිරි ගාගා ඉන්නවා... තාත්තා වැඩ කරපු කම්පැනියෙම තමා දැන් එයා වැඩ කරන්නේ.. ඉතිං මූ හැරිච්ච ගමන් ගෙදරට පණිවිඩේ එනවා.. හි හි...
අනෙ අප්පා අපේ ඉස්කෝලේ බේතකටවත් ලස්සන පහේ තරුණ සර්කෙනෙක් හිටියේ නෑ නේ.. හිටියනම් ඉතිං අපිත් ඒ පන්තියෙම කැරකි කැරකි ඉදියි....
පන්තියේ උසම කෙනා වෙන එක වෙලාවකට අවාසී.. අපේ පන්තියේ උසම මම.. සමහර කටු කන්න උනේ මට ඉතින්.. :)
ReplyDeleteපොඩි කාලේ විතරයි දිනේශ් මම උස... මට වඩා උස කට්ටිය හිටියා ලොකු වෙනකොට වැටුන පන්තිවල.. මම කාපු ලොකුම කට්ට තමා ජිම්නාස්ටික් වලට අහුවෙච්ච එක..( ඒක ජොලි ඉතිං...) ඒකත් නැවතුනා 5හෙන් වෙන ඉස්කෝලෙකට මාරු උනාම...
Deleteපුංචි කාලේ ගුරුවරුන්ගේ හැසිරීම දරුවන්ගේ අනාගතයට තදින් බලපාන බව දැන් නම් කවුරුත් දන්නා දෙයක් එත් අපි පහල පන්තිවල හිටි ඒ ඈත අතීතේ එහෙම නෙවෙයි.. අපේ දෑස් ඉදිරිපිට ගොඩක් දරුවෝ එහෙම අසරණ උනා. ඒ ගැන ඉතින් දැන් ලියල වැඩක් නැහැ. තාමත් එහෙමද මන්දා. දරුවන්ට ආදරේ කරන්න බැරි කිසි කෙනෙක් ගුරුවරයෙක් නොවියයුතුයි.. මම මුලින්ම ඉස්කෝලේ ගියේ තාත්තා උගන්න්නපු එකටයි... එහෙදි මට මතකයි තුනේ පන්තියේදී මට පන්ති භාර ටීචර්ගෙන් හරියට හිරිහැර තිබුනා. මොන හේතුවකටද කියල අදත් දන්නේ නැහැ.මගේ පොතේ ලොකු කතිර දානවා ගණන් වැරදියි කියලා බලන්නේවත් නැතුව.. මම තාත්තාට කිවුවේත් නැහැ.. ඔන්න ඔහොම ඉන්නකොට අලුත් ටීචර් කෙනෙක් ආවා ප්‍රනාන්දු කියලා. එයා පලවෙනි දවසෙම මගේ ගණන් උත්තර වලට ලකුණු සීයක් දුන්නාම මට පුදුම හිතුනා. එදා තමයි මම අම්මාට කිවුවේ ඉස්සර උන දේවල්.. ඒ කියන්නේ අර ටීචර් මට හරියට ලකුණු දීල නැහැ .. ප්‍රනාන්දු ටීචගේ මුණ මට අදත් මතකයි.. මාව කාලකන්නියෙක් නොවෙන්න හේතු උනේ ඇයයි ..
ReplyDeleteඔව් ඔව්.. එහෙම කරන ටීචර්ලා ඉන්නවා.. අපිට හිතාගන්න බෑ මොකට එහෙම කරනවද කියලා.... එක එක්කෙනාගේ තරහා වලට අහක ඉන්න ළමයි තමයි පලි...හොද ටීචර් කෙනෙක් නොලැබුනොත් ඉතිං ළමයා විනාසයි...
Deletemekata comment ekak gedara gihin niwihenahille dannam.kiyanna godak thiyenawa.:)))
ReplyDeleteදාන්නකෝ දාන්නකෝ.... හි හි
Deleteහිරුවා වගේම මත් අපේ පන්තියේ උන්න උසම එකී. මගෙ දැන් උසත් එක්ක හිතා ගන්නකො. හැබයි ඉතින් මම නම් පන්තියේ උන්න සාන්ත දාන්ත තීන්ත කූඩුව. හරිම නිහඬයි. අනිත් ළමයි කෑ ගගහ උඩ පනිද්දී පැත්තක් අල්ලන් මම ඒ දිහා බලාගෙන විතරමයි.
ReplyDeleteමාත් එහෙම තමයි...ලොකු වෙනකොට.. හි හි...
Deleteඅපේ පන්තියේ එවුන් මට පුදුම වැඩ කරනවා මම පොතක් බදාගෙන ඉන්දැද්දී... රිබන් හොරකම් කරනවා, කොණ්ඩ කරල් ගලෝනවා..... උන් කොච්චර දැඟළුවත් මම නෙවෙයි ඔලුව උස්සලා බලන්නේ...මේ ලෝකේ සිහියක් නෑ මට ඒ කාලේ පොතක් අහුවුනාම..... හි හි
ඔය ඉන්නේ උසට උසේ වැදගෙන...
ReplyDeleteහි හි.. හරි හරි...
Deleteහිරු, ඔයාගේ පෝස්ට් එක නම් නියමයි.මතකය ගොඩාක් ඈත අතීතයට ගෙන ගිය පෝස්ට් එකක්. මේකට මම වැඩිය කමෙන්ට් නොදා ඉන්නම්. මේ ගැන ලියන්න ගියොත් කමෙන්ට් එකෙත් ඉඩ නැතිවෙයි මට :-).
ReplyDeleteතැන්ක්යු .. ඔයාව දැක්කේ අද නේද....? (රසික ද රසිකාද කියලා හිතාගන්න බෑ...)
Deleteඅනේ ඕනේ දෙයක් දාන්න... මේකේ මාගල් වගේ කමෙන්ට් දාන්න පුළුවන්... හි හි...
ඔයා නේද අර තඩි උස කෙල්ල ;)
ReplyDeleteඅපෝ ඔයාල පලවෙනි දවසෙම බජව් දැම්මද?අපි නම් අලි අහිංසක තාලෙට ඉගෙන ගත්තා ඇරෙන්න වෙන මක්කවත් කලේ නෑ ;)
මට පොඩි කාලේ ඉස්කෝලේ ගිය හැටි මතක් උනා අක්කේ මේක කියවලා.
හි හි.. මම තමා....
ReplyDeleteඑහෙනං එච්චරයි.... ඒ කාලේ නටපු නාඩගං මතක් වෙන්න තමයි මේක දැම්මේ.. හි හි
ඔය වගේ මොලයක් නැති ගුරුවරු තවම ඉන්නවා.. ඔය වයසේ ළමයෙක්ට ඔහොම කලහම ඇතිවෙන මානසිකත්වය තේරෙන්නෙත් නැති කෙනෙක් ගුරු වුර්තියට් කොහෙත්ම සුදුසු නැහැ... ඔයා නිසාම හොදා වෙන ළමයෙක්නම් ආයේ ඒ ඉස්කෝලෙට යවනවා බොරු..
ReplyDeleteකොහොමත් අපේ තාත්තා මාව ෂේප් කරන මන්තරේ දැනගෙන හිටියේ නැත්තම් මාත් යන්නෙම නෑ තමයි... හි හි
Deleteඉන්නවා ඉන්නවා... අපේ ඉතිං උගන්නන්න එන්නේ වෙන වැඩක් බැරි අයනේ ගෙඩක් වෙලාවට
කාටත්!! ඉස්කෝලෙ කාලෙ අවුල් සිද්ධ වෙනවා!
ReplyDeleteඒක හැබෑව...
Deleteඒක කියෙව්වම මගෙත් ඉස්කෝලෙ කාලේ මතක් වුණා... මටත් හිටියා ඔය වගේ ගොඩක් හොඳ ටීචර්ලා වගේම නපුරු ටීචර්ලා... හැබැයි ඒ නපුරු ටීචර්ලා නපුරු වෙන්න හේතු පාසලෙන් අයින් වෙලත් කාලෙකට පස්සේ වගේ දැන ගන්න ලැබුණා... ඒවා එයාලගේ පුද්ගලික ප්‍රශ්ණ... සමහරුන්ගේ ළමයි ලෙඩ වෙලා.. පවුල් ප්‍රශ්ණ... ඔයවගේ දේවල්... ඒවා තමා ඉස්කෝලෙට ආවම මොකුත් නොදන්න දරුවන්ගේ පිටින් ඔය විදිහට යැවෙන්නේ...
ReplyDeleteආ... ඒකත් එක හේතුවක් තමයි.. ගෙදර තියෙන ප්‍රශ්න ටික කරේ තියාගෙනනේ ඉස්කෝලේ එන්නේ... ඒත් සමහරු නම් උපතින්ම නපුරුයි මල්ලි.. හි හි...
Delete