ශිෂ්‍යත්වෙ පාස් වෙලා හිරුට යන්න උනානේ කොළඹ ඉස්කෝලෙකට.... එතකොට 6 වසරෙන් බාගයක් විතර ඉවරයි... මුල කාලේ කොහොමත් ඉස්කෝල වල වැඩක් කෙරෙන්‌නේ නෑනේ... අනිත් එක මං අලුතින් ගිය ඉස්‌කෝලෙ පටන් ගන්නේ 6 වසරේ ඉදලයි... පොඩි පන්ති නෑ... ඉතිං ඔක්කොම වගේ ශිෂ්‍යත්වෙ පාස් අය.... තව කීප දෙනෙක් හිටියා එහා වැටේ තිබුන පොඩි ඉස්කෝලෙන් ආපු... කොහොම හරි ඔක්කෝම අලුත්....
ඉතිං දැං පාසල් ගීයේ ඉදලම ඔක්කොම අලුතින් පාඩම් කරන්න එපැයි..මාර කරුමයක්....චිත්‍ර සෞන්දර්‌ය විශය විදියට තෝරගත්ත නිසා ඒකට වෙනම පන්ති කාමරයකට යන්න ඕනේ... ඒක තමයි මං ආසම විශය... හැබැයි ඉතිං මහ ලොකුවට චිත්‍ර අදින්න නම් බෑ....
අනිත් ආසම විශය ගැන තමයි ලියන්න ගත්තේ .... ඒ තමයි සිංහල...
පොඩි කාලේ ඉදලම පොත් කියවන්න ආස කරපු නිසා මගේ සිංහල දැනීම අපේ පන්තියෙ අනිත් ළමයින්ට වඩා ටිකක් හොදයි... ඒ කිව්වේ ඉස්පිලි පාපිලි යෙදීම, ව්‍යාකරණ හරියට යෙදීම, මහප්‍රාණ සංඥක අකුරු හරියට යෙදීම වගේ දේවල්... හැබැයි එක හෙනහුරෙක් හිටියා...
මගේ අකුරු අන්තිම කැතයි... දැං ඉතිං ගෑණු ළමයෙක්ගේ අකුරු කැතයි කිව්වම කට්ටිය ටිකක් නුහුරට බලනවනේ.... මේකයි හේතුව.... මගේ අකුරු පිළිවෙලක් නෑ... එකම අකුර තැන් දෙකක ලියනකොට දෙවිදියකට තමයි ලියවෙන්‌ෙන්.... ගෑණු ළමයි අකුරු ලියනකොට ඉතිං හැඩ කරලා, චූටි කරලා එක්කෝ රූල මැද ලියලා, ල උ ඉ යන්න ලොකු කරලා, ඔය එක එක ඒවා කරලා අකුරු හැඩ කරනවනේ... මට එහෙම බෑ...
එකක් මං ලියන වේගේ වැඩී.... පොඩි කාලෙත් ටීචර් බෝඩ් එකේ ලියන එක මම තමයි මුලින්ම කොපි කරගෙන ඉවර වෙන්නේ... ( අනිත් උන් ලියන කම් පැන්සල කටේ ගහන් බලන් ඉන්නවා ඊට පස්‌සේ..) අනිත් එක පෑනට හුරු නැති එක... ඔය කාලේ මට හරිගිය එකම පෑන් ජාතිය Lexi ද කොහෙද කියලා ආපු 0.5 පෑන...
කොහොම හරි අපේ පන්තියට සිංහල උගන්නන්න හිටියේ ශ්‍රීමතී කියලා මිස් කෙනෙක්.. මෙයා හරි සැරයි කියලා අක්කලා අපිට අනතුරු ඇඟෙව්වා... ඇත්ත තමයි... හරිම නපුරුයි.... කොණ්ඩෙ කොටට කපලා හිටපු මහත ටීචර් කෙනෙක්...
ඔන්න සුපුරුදු විදියට මගේ අත් අකුරු ප්‍රශ්නය මේ ටීචර් ලොකුවට හිතට ගත්තා... අරගෙන හැමදාම බලා ලීවීමක් කරන්න නියම කළා පිටු බාගයක්... දැං ඉතිං ඔය පිටු බාගේ මං හැමදාම පැය බාගයක් විතර අරගෙන ලියනවා.... සමහර දාට ගෙදරදි.. සමහර දාට උදේට ඉස්කෝලෙට ඇවිල්ලා... කොහොම කළත් මගේ සාමාන්‍ය අකුරු නම් හොද උනේ නෑ....
ටික දවසකදි ටීචර්ටම මේ වැෙඩ් එපා උනා... මගේ පොත විසි කරලා දාලා මට හොදටම බැන්නා... අනාවැකියකුත් කිව්වා මම කවදාවත් විභාගේ නම් පාස් වෙන්නේ නෑ කියලා.... එදා රිදුන හිත හැදුනේ මම ඕලෙවල් පාස් වෙලා සිංහල වලට ඩී එකකුත් අරගත්තට පස්‌සේ....
සිංහල වලටයි තවත් විශයන් 4කටයි ඩී ගත්තට පස්සේ මම ශ්‍රීමතී ටිචර් හම්බුවෙන්න ගියා... ඒ මම ඉස්කෝලෙන් අස් වෙන වෙලාවේ... ටීචර් බොහොම ආදරෙන් මට සුබ පැතුවට පස්සේ මගේ තරහා නිවුනා....
ඒ ලෙවල් වලටත් සිංහල තෝරගත්තාම මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් ඇති කරපු පන්තියකට සම්බන්ධ වෙන්න ලැබුනා... ඒ සන්නස්ගල සර්ගේ අපේ සිංහල පන්තිය...
දවසක් ඩෙස් අස්සෙන් අමාරුවෙන් රිංගගෙන යන වෙලාවක මගේ අකුරු දැක්ක සර් ...(ඒ වෙනකොටත් මම ලස්සන ශෛලියකට අකුරු ලියන්න නොවිදිනා දුක් විදිමින් හිටියේ..) “ කෙල්ල, රූළ උඩ අකුරු ලොකුවට ලියපන්... හැඩ කරන්න ඕනෙ නෑ... ඔය කූඹි අකුරු කියවන්න පේපර් මාකින් එන අයට බෑ... “ කියලා දවස් දෙක තුනක් මගේ අකුරු දිහා ඇහැ ගහගෙන හිටියා...
ඒ ක්‍රමය ලේසියි.... අකුරු ලොකුවට ලියනකොට ඉස්පිලි පාපිලි හැලෙන්නේ නෑ... කියවන්නත් ලේසියි...ඉක්මණට පිටුවත් පිරෙනවා.... ඔක්කොටම වැඩිය මට ඉක්මණට ලියාගෙන යන්න පුළුවන්.....
ඔන්න මම ඒලෙවල් වලටත් ඒ එකක් ගත්තා සිංහල වලට......
අදටත් මට ලස්සනට නම් අකුරු ලියන්න බෑ.... කොම්පීතරේ නිසා ගොඩක් වෙලාවට ඇඟබේර ගන්නවා.....
අඩේ මරු නේ.. හිරු කොහොමහරි ඩී එකක් ගත්තා එහෙනම්...
ReplyDeleteඅනිවා..... අනිත් ඔක්කොම ෆේල් උනත් සිංහග ෆේල් වෙන්න බෑ.... මාර නෝණ්ඩිය එහෙම උනා නම්.... ගෙදර හැමෝම මගේ සිංහල හැකියාව ගැන ඉහලින්ම වර්ණනා කර කර හිටපු කාලේ නේ...
Deleteඑකඟයි මගේ කැත අකුරුවලටත් මගේ හිතවත් ගුරුතුමියක් දීපු විසඳුම තමා මේක. අකුරු ලොකුවට ලියන්න. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි :D
ReplyDeleteඅපේ මල්ලිටත් යන්තම් ජාතියයි ආගමයි ආගමයි බේර ගන්න පුළුවන් උනේ ඕක හින්දා තමයි... ඒකගේ අකුරු ලස්සනයි... හැබැයි අකුරු වල කෑලි විතරයි....
Deleteඉස්සර අපේ මතයක් තිබුන අකුරු කැත ලමයි හොඳට ඉගෙනගන්නව අකුරු ලස්සන ලමයි ෆේල් වෙනව කියල. :) හේතුව හොඳට වැඩකල බොහෝ දෙනෙකුගෙ අකුරු කැතවීම.
ReplyDeleteහි හි.....
Deleteහිකිස්...
ReplyDeleteහි හි....
Deleteමට නම් පුළුවනි ටිකක් ලස්සනට ලියන්න :) හී හී..
ReplyDeleteලස්සනට ලියන්න නම් බැරියැ... ඒත් වෙලාව යනවානේ... ඒකයි මට තිබුණ අවුල.... හි හි...
Deleteකොහොමත් ඔය නඟාගේ ලිවීම දැක්කම හිතුනා බොහොම ලස්සන අකුරු තියෙන ළමයෙක් වෙන්න ඇති කියලා....
අපේ බොහොමයක් ගුරුවරුන්ට අද්‍යාපන මනෝ විද්‍යාව ඉගෙන ගෙන සමත් වෙලා එන්න ඕන කියලා පනතක් ගෙන්න කාලේ හරි . .
ReplyDeleteළමයින්ව ළමයින්ගේ දස්කම් අඳුනගන්න ඇහැකි ගුරුවරු ඉන්නේ හරිම අඩුවෙන් . .
ඒකටත් ස්ට්‍රයික් කරයිද දන්නේ නෑ දුකා අයියේ....
Deleteඅනිත් එක ඔය කියන අධ්‍යාපන මනෝ විද්‍යාවක් ගැන අහලා තියෙන ටීචර් කෙනෙක්වත් ඉන්නවද කියලා හිතන්න බෑ.....
ගොඩක් ළමයි ජීවිතේ මුල අවධියෙදිම අධ්‍යාපනය එපා කරගන්න මූලික හේතුව වෙන්නේ ළමයෙක්ගේ මානසිකත්වය ගැන මෙලෝ අවබෝධයක් නැති ගුරුවරු නිසා.... (දුකා අයියගේ මොන්ටිසෝරි කතාව මම කියෙව්වා... ඒකේ කියලා තියෙන දේවල් සහතික ඇත්ත...)
කොහොමද කොම්පූටරෙත් අපි ලියන විදියටම ලිවිවොත්... අපිට හිරු නැති හෝරාව කියවන්න පරණවිතානව ගෙන්නන්න වෙයි... ඔය කිව්වට මගෙත් එහෙම තමා... දැං ඉස්පිලි පාපිල න ණ ල ළ මතක තිබුනට අකුරු ලියන්න බැරි වේගෙන යන්නේ... අද ඉඳන් බලා ලිවීම පටන් ගන්න වෙනවා... :D
ReplyDeleteහික් හික්..... ඒක නම් හැබෑව..... මොනා හරි ලියන්න ගියාම හිටපු ගමන් වම් අතින් ctrl+z වදිනවා අප්පා..... ඒ මදිවට ඉංග්‍රීසි වල ෂෝට් කෑලිත් ලියවෙනවා......
Deleteක්‍රමේ හරි :)
ReplyDeleteමම පොඩි කාලේ අකුරු ලස්සන නැහැ. අම්මයි ආච්චි අම්මයි හැමදාම බනිනවා.
තුන වසරේදී විතර ලොකුවට වේගෙන් ලියන යාලුවෙක් දිහා බලාගෙන මම ම ඉතින් ඔය ලියන ක්‍රමේ ඉගෙන ගත්තා. යාලුවා එක්ක පුංචි තරඟයකුත් තිබුන ඉතින් :D පහ වසරට එනකොට අත් අකුරු හොඳට හැඩ වුනා.
අන්තිමට පන්තියේ ලස්සනම අකුරු තියෙන ළමයෙක් වෙලයි නැවතුනේ. :)