නින්ද නැති රැයේ....
සඳ කඳුළු මීදුමේ...
හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ......
මොන මඟුලක්ද.... පැයක් විතර පෙරලි පෙරලි ඉදලා නින්ද යන් නැති තැන ඇවිල්ලා කොම්පූටරේ දාගත්තා පරණ පෝස්ට් ටිකක් වත් කියෝනවා කියලා.. බලන බලන හැම තැනම 6% කතා...ශිෂ්‍යත්ව කතා.... ලේ රත් වෙන කතා කියවන්න බෑ කියලා හිතුනා මොකද, මේ වෙලාවේ ඕවා ලියන්න ගත්තොත් අද නිදා ගන්නම වෙන් නෑ මට...
ප්‍රථම ප්‍රේම කතා නම් ඉතිං අනේ මන්දා.... ඒවා මතකත් නෑ දැන්.... පොතේ හැටියට බැලුවොත් මගේ ප්‍රථම ප්‍රේමය තිබ්බේ 5 වසරේ ඉන්නකොටද කොහෙද.... හා හා පුරා කියලා කොල්ලෙක්ගේ ෂර්ට් එකක් හේදුවේ එයාගේනේ.. හි හි...
නෑ නෑ.. කැත විදියට හිතන්න ඕනේ නෑ.. අත්වැඩ පීරියඩ් එකේ ෂර්ට් එකේ කුකුල් සායම් හලා ගත්තම පන්ති නායිකාව විදියට මට ඒක කරන්න උනා... හි හි...
විභාගෙට ලියනකොට කොල්ලයි කෙල්ලයි එක ඩෙස් එකක... ටීචර්ලා හිතන්නේ අපි කොපි කරන එකක් නෑ කියලා.... හි හි.. අපි කරපුවා ඉතිං අපිම තමයි දන්නේ... හි හි.... මොනවා නැතත් කොල්ලා ජොලි පොරක්.. හි හි
මං ඉතිං ශිෂ්‍යත්වෙන් ඒ ඉස්කෝලෙන් ආවනේ... එයත් වෙන ඉස්කෝලෙකට ගියාලු...
හිනා යන වැඩේ මේකනේ.. අදටත් මට එයාගේ සම්පූර්ණ නමයි තාත්තගේ රස්සාවයි හොඳට මතක එකනේ... හා හා.. ඒක කියන්නේ නෑ... හි හි...
ඔන්න මගේ ප්‍රථම ප්‍රේමය... මල විකාර.. නැද්ද මං අහන්‌ෙන්... හි හි...
හද ගී පොතේ...
පිටුවක් ඉරා...
ලියා එවමි ආදරේ...
සඳ ඉර හා...
තරු එලියේ....
බලමි ලියමි ආදරේ...
ලවු ලෙටර්....
තවත් මල විකාර කතාවක්....
ඔය ලවු ලෙටර් කෙරුවාවට මං අහුවුනේ 10 වසරේදි... මුතු ඇට වගේ අත් අකුරින්, ලස්සන කාව්‍යමය අදහස් එක්ක ලියපු එක්සයිස් පිටු එකහමාරක ලියුමක්...
“ දහසක් පැතුම් පැතුවත් බලා සිටියෙමි ඔබ දෙස කියාගන්නට නොහැකිව....“ ඔන්න ඔහොම තමා පටන් අරං තිබ්බේ....
ඕක බැලුවේ බාත්රෑම් එකට රිංගලා... අම්මට මාට්ටු උනා නම් මං එදාම නිවාස අඩස්සියේ.. හි හි....
අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටික නම් කිව්වේ කොල්ලගේ අකුරු නම් ලස්සනයි කියලා... පස්සේ තමයි දැනගත්තේ යාලුවෙක්ට කියලා ලියවගෙන තියෙන්නේ කියලා.... හි හි.. මට අදටත් ෂුවර් නෑ අදහස් ටිකත් එයාගෙමද කියලා... හි හි... කියන්නේ නම් එහෙම තමා....
ඔව් ඔව්.. ඒ අපේ මහත්තයා තමා.....
එදා රෑ...
ගුවන් තොටුපලේදි මා...
වෙන් වී ගියේ...
සිතකින් නොවේ.....
අපේ මහත්තයා වෙන්ඩ මහත්තයා කාලේ රට ගියා නොවැ අවුරුදු ගාණකට... ඉතිං මාත් ගියා ඇරලවන්න... පුදුමේ කියන්නේ ඒ වෙලාවේ මට කිසිම දුකක් දැනුන් නැති එක... ඒක හරි සාමාන්‍ය දෙයක් වගේ දැනුනේ... නැන්දම්මට විහිළු කර කර මගෙ නෙවෙයි වගේ මම හිටියා...
ඒත් අවුරුදු ගාණක් උදේටයි හවසටයි බස් එකේ දෙන්නත් එක්ක ගිහින් පුරුද්දට පහුවෙනිදා ඉදන් සාංකාව වගේ.. බස් එකේ තනියෙන් යන්න බෑ වගේ.. හිත හදාගත්තේ බැන්දට පස්සේ නම් රට යන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටිය නිසා....
දෙවනි පාර යනකොට නම් මම ගියේ නෑ.... ඊළඟට ආවෙ වෙඩින් එකට තමයි.... කිව්වා වගේ ආපහු ආවේ අස් වෙලාම තමා... හි හි..
එනවා කිව්ව දවසට වඩා දවස් දෙකක් කලින් ඇවිත් එකපාරටම මං ඉස්සරහට පැනලා තව පොඩ්ඩෙන් මට හාට් ඇටෑක් හදෝනවා... හි හි.... .
සමහර සින්දු අහද්දි ජීවිතේ පොඩි පොඩි සිද්දි එකපාරටම ආයිත් මතක් වෙනවා... මේ රෑට ඒවා වැඩිපුරත් එක්ක මතක් වෙනවා....
අනේ මන්දා..............පිස්සු නේ....
නින්ද නැති රැයේ අක්කටත් හොද කතා ටිකක් මතක් වෙලා තියෙන්නේ.. ලවු ලෙටර් ගැන කිවුවම මතක් උනේ.. මාත් ඔය පිටු එකහා මාරේ විතර ලියලා දුන්න ලවු ලෙටර් එක කට රිප්ලයි එකක් හම්බුනේ නෑනේ.. අෆරාදේ...
ReplyDeleteඔය ලියුමට මම උත්තර දුන්නේ අවරුදු 10කට පස්සේ.. හි හි...
Deleteඉවසා ඉන්න.....
හිරුට නින්ද යන් නැත්නම් හොඳයි කියලා හිතෙනවා. ඒ මොකද දන්නවද එතකොට බොහොම අපුරු කතා ලියැවෙන නිසා.නිදි නැති හෝරාවේ ලියැවුණු මේ පොස්ට් එක හරිම සංවේදී ඉසව්කටත් යනවා.මතුපිටින් තවත් එක් ප්‍රෙම කතාවක් වගේ පෙනුනට ඇතුළාන්තයෙන් ඊට වඩා වැඩි සමාජ යථාර්තයක් විවරණයකෙරෙනවා.හිරු වෝ මේක නියමයි.
ReplyDeleteහපොයි මට හොඳට නින්ද යනවා නලින් අයියේ...... මේ ඉදලා හිටලා වෙන වැඩක් මේ උනේ....
Deleteමෙග් ආදරණීය නින්ද... හි හි....
ඈ හිරුවෝ... මහත්තයා මේ ටිකේ නයිට් ඩියුටිද..? මෙයා ඇදේ පෙරළි පෙරළි ඉන්නේ..? නිදා ගන්නේ නැතිව...
ReplyDeleteමොනවා උනත් උඹනං මගේ සහෝදරියක්ද කොහේද.. මට තිබුන ලෙඩ රෝග ඔක්කෝම වගේ අඩුවක් නැතිව තිබිලා තියෙනවා... (තාමත් තියෙන හැඩයි...)
එයා ගොරව ගොරව නිදි.. හි හි...
Deleteඒ ලෙඩ හොඳවෙන් නෑ මාරයියේ.... හොඳවුනොත් මං මං නෙවෙයි නේ... හි හි....
ඉස්සර මම ලියුම් කියෙව්වා.. ලැට් එකේ ගද ගගහා :)
ReplyDeleteමාර රසයි.. (ලියල තිබ්බ ඒවා)
මී ටූ..... හි හි...
Deleteඔච්චර තමයි ඉතිං මට හම්බුනේ... දුකේ බෑ දැං නං.. තව දෙකතුනක් එනකං ඉන්න තිබ්බා නේද හිත හදාගෙන... අපරාදේ....
පික්ෂු පීකුදු :)
ReplyDeleteඅපිට ඉතින් තාම ඔහොම එක්ස්පීරියන්ස් නෑලුනේ. එන්නෙත් නැති වෙයි. දැන් ලියුම් ලියන්නේ නෑනේ. ඊ මේල් එකක්වත් යවමු ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආදර හසුන් වල තියෙන ජොලිය උඹලට හම්බුවෙන් නෑ.. සොරි තමා.. හි හි....
Deleteඇත්තටම දැන් ලියුම් සංස්කෘතිය නැත්තටම නැති වෙලා වගේ... දැන් ඉතින් ඒවට හරියන්න තියෙනවනේ ෆෝන් ඉන්ටර්නෙට් වගේ දේවල්...
ReplyDeleteෆොන් එකෙන් ලවු කරන එකත් ජොලි.. හැබැයි ඉතිං ලියුමක් හොරන් හොරෙන් පපුවේ බිත්තර තම්බ තම්බා කියෝන එකේ ජොලියත් කියලා වැඩක් නෑ....
Deleteඅනේ මන්දා කෙල්ලේ... මේ දවස්වල මමත් මගේ ප්‍රථම ප්‍රේමය අකුරු කරන නිසා වැඩි යමක් කියන්න යන්නෙ නෑ. මොකද කියන මඟුලක් ඒක ඉවර වෙලාම කියන්න ඕනෙ නිසා. ඉස්කෝලෙ යන කාලෙ ගැන නම් මතක් කරද්දිත් හිනා යනවා. අපි ඉතින් ගර්ල්ස් ස්කූල් වලනෙ. කොල්ලෙක් එක්ක බේතකට කතාවක් තිබුනේ නෑ. ඊටත් සිස්ටර් ප්‍රින්සිපල් එක්ක සෙල්ලම් බැරි හන්දා කෙල්ලො මාර බයයි කොල්ලෙක් එක්ක කතා කරන්නත්...ඒත් ඉතින් නේත්‍රා වලින් නම් ලව් කරන්න ඇති හිහේ කෙස් ගානට...
ReplyDeleteහිතන්න එපා සුදා.... මේවා මේ නින්දයන් නැතිකොට පේන හීන වගේ ඒවා.. හි හි...
Deleteමටනම් ආසාවට කොල්ලෙක්ට ලියුමක් ලියන්න වෙලා නෑ, හැබැයි අපේ පංතියේ ලව් කරපු කෙල්ලො සේරටම කොල්ලන්ට දෙනන් පැණි බේරේන කවි ලියලා දුන්නෙනම් මම තමා.
ReplyDeleteඒකනේ කවියෝ..... එහෙම එකෙක් තමා අපේ උන්දැටත් ලියුම ලියලා දීලා තියෙන්නේ මට හිතෙන විදියට.... හි හි
Deleteපරන සීන් කෝන් ටිකක්.. තව දවස් දෙක තුනක් ඔහොම නින්ද යන්නෙ නැති උනොත් මෙයා පෙර ආත්මෙත් කියවනවා ෂුවර්
ReplyDeleteමේවා ඒ වගේ තමා දැනුත් මීයෝ... හි හි.... මෙහෙම කාලයක් තිබුනා කියලා දැන් මතකත් නෑ....
Deleteලියුම් නේද.... හි හි ...
ReplyDeleteඒ කිව්ව විදියට නම් හොඳ ලියුම් ඉතිහාසයක් තියෙනවා වගේ..... හි හි
Deleteඅනේ මන්දා...
ReplyDeleteඇයි අප්පා.....
Deleteමේත් එයාම වෙච්ච නිසා බය නැතුව දැම්මෑකි නේදෝ? හික් හික්
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නැත්තම් මේවා මේ ප්‍රසිද්ධියේ කියන්න පුලුවනෑ ඩූඩ් අයියේ..... හි හි..
Deleteඑයාට 5 වසරෙ එක්කෙනා ගැන කිව්වම තමා පණ යනකම් හිනා උනේ....
කාටත් ඔහොම කාලයක් තිබුණා තමයි.
ReplyDelete"තිළිනේ ලෙසින් පිළිගන්වමි-ඉටි මල් මිටක් මා සැදූ...." ඔය සිංදුව ලියලා ගෑල්ළමයෙක් මුලින්ම ලියුමක් දුන්නා මතකයි. පස්සෙ ඉතින් තව කොච්චර ද ?
ඇත්තටම මාර සුන්දරයි නේ..?
කියලා වැඩක් නෑ.... ඒ කාලේ ඉවර වේචච එක ගැන නම් දැන් දුකයි.... ඒත් ඉතිං.... හැමැදාම ජොලි නෑ නේ.... නේද...
Deleteඑදා රෑ ගුවන් තොටුපලේදී
ReplyDeleteමමත් කැමතිම ගීතයක්... මම රතු කොණ්ඩෙට පස්සෙ කෙල්ලෙක්ට ලිව්වෙ එකම එක ලියුමයි.
ඒකෙ අග ලිව්වෙ
රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නෙ
මිහිර සොයාගිය මගෙ ජීවය දැන් කදුලැලි හා ලත වන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
ඒ ගීතයට මම අදටත් ආසයි....
මේ අග ලිව්ව කෑල්ලත් ගීතයේ කොටසක්ද නැත්තම් සිරාගේ නිර්මාණයක්ද... ඒක හරි ලස්සනයි...
Deleteරතු කොණ්ඩේ මාත් කියෙව්වා නොවැ.. හි හි...
සමහර ගීත කවදාවත් අහද්දි දැනෙන හැඟීම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ...
නෑ හිරු ඒක කීර්ති පැස්කුවල් මුල් කාලයේ ගයපු ගීතයක් අහලා නැතිනම් මෙතැනින් ඩවුන්ලෝඩ් කරගෙනම අහලා බලන්න.. ඔබේ හදවතටත් දැනේවි හරිම ලස්සන පද පෙළක් / තනුවක් / ගායනයක්.....
Deleteතැන්ක්ස් සිරා.. දෙපාරක් විතර කියෝන කොට මීටර් උනා මේක අහලා පුරුදුයි කියලා...
Deleteඅපේ මහත්තයගේ සින්දු ගොඩ ඇදලා මම සින්දුව හොයා ගත්තා... හි හි...
මේ... රෑ වෙලා දැන්වත් නිදා ගන්න අදහසක් නැද්ද....?
ReplyDeleteමේ තනියහනේ-නිදි නැති පාළු රාත්‍රියේ...
මා සිතු දැහැනේ නොනිඳන කවුරු හෝ හිඳී...
පෙරදා පුරුදු සේ නොනිඳා හැඬූ නෙතින්.....
තාරුකා දැලින් එහා ඒ අහිමි විජිතයේ..
සිසිලසේ ගලා හැලෙන්නේ සුවඳ ආදරේ...
පීදෙනා යොවුන් සිනා මල් සැඟවෙනා පැයේ...
සුසුමදෝ හඬා වැටෙන්නේ බිඳුනු ස්නේහයේ...
නෑසෙනා හඬින් කියූ ඒ පෙම් කතා අපේ..
මේ සඳයි මමයි අසන්නේ තනිව මේ රැයේ...
කව්ළුවෙන් බලා සිනාසී නිසලවී හදේ...
කවුරුදෝ සෙමෙන් මැකීයයි කඳුලකින් නෙතේ...
කොච්චර ඇහුවත් මට එපා නොවෙන දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ලයාන්විත ගීයක්..!
මේක අහලා නැනේ මම.. හොයාගන්න ඕනේ.... ලස්සන පදවැලක්.....
Deleteමං දවසක් අස්වැන්නේදිත් කිව්වා.. ප්‍රේමය රසයි නම් විරහව කියන්නේ රස ගුලාවක් කියලා.. හි හි...
අපි මිලේනියම් පෙම්වතුන්ගේ ගණයට වැටුනනේ!හසුන්පත් ආදර යුගයෙන් තමයි ආදරය කරන්නේ!ඒ නිසා ලියුම් කියවන්න නම් අවස්ථාවක් ලැබුනේ නෑ!
ReplyDeleteනින්ද නැති රයේ සින්දුව ගැනත් මම ලිව්වා පොඩි අයිටම් එකක්!එකත් නිකන් වියෝවක් වගේ එකක් දවසේ ලිව්වේ!
පමා වූ පෙම්වත
ලින්ක් එකෙන් ගිහින් නුවන්වත් බලලා ඔන්න Follow පාරකුත් දාලා අවා... හි හි... ට
Deleteවිශ්වාස කරන්න මම තාමත් අපේ මහත්තයට ලියුම් ලියනවා.. හි හි.. හිටපු ගමන් බත් එක ඔතන ගමන් ඒකට පොඩි ලියුම් කෑල්ලක් දාලා තියනවා.... මොනවා උනත් ලියුමක තියෙන රසය SMS එකකින් ලැබෙනවා අඩුයි.... මට නම්.... ඒත් මටත් ඒවයින්ම යැපෙන්න වෙච්ච කාලයක් තිබුනා.. අපේ මහත්තයා රට හිටිය කාලේ....
මට තාම මේ කමෙන්ට් වලට ලින්ක් දැම්ල්ල තේරෙන්නේ නැ නේ.... ෂීක්....
ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි
Deleteඔතන "ලින්ක් එක" කියන තැනට දාන්න ඕන ලින්ක් එක දාලා..
ලින්ක් එක දාන්න ඕනේ වචනය හරි ඡේදය හරි කියන තැනට ඔයාට ඕන දෙයක් දාගන්න..ස්පේස් අහක් කරන්න.. " ලකුණු අහක් කරන්න...
හුටා..ඒක දාන්න බැහැ..ඒ දැම්මත් ලින්ක් එකක් වෙනවා... ඉන්න වෙන විදියක්වත් බලන්න...
Delete
Deleteමෙතනින් ගිහින් බලන්න
මාරයියේ .. මේ වැඩේ උන දෙවනි පාර නේද මේ..... හයියෝ....
Deleteහිනා වෙලා කදුළුත් ආවා අප්පා ඔයාට වෙන වැඩ වලට...
හරිද බලමු
Deleteඑළ එළ... වැඩේ ගොඩ.. අම්මේ මාරයියට පිං සිද්ධවෙච්චාවේ..........
Deleteඅඩේ අපිත් ලිවුවනේ ලියුං...
ReplyDeleteෂැක්...
අපරාදේ...
ලිව්වද.... එහෙනං මොකෝ අපරාදේ..... හි හි
Deleteපහේ පන්තියේදී එකට හිටිය කෙල්ලකගේ මුණ මට තවම මතකයි.. පහේ පන්තියේදී හමු උනාට පස්සේ ඊළඟට හමු උනේ අවුරුදු විස්සකට විතර පස්සේ බස් එකේදී.. එයා අම්ම...අතේ එල්ලිලා හිටියේ දුව... පහේ පන්තියේ තරම් වයසේ. අර වගේමයි හැඩරුව .. එතකොට එයාගේ පන්තියෙත් මන් වගේ කොල්ලෙක් ඉන්නවා ඇත්ද කියල මට නිකමට හිතුනා.
ReplyDeleteඇති ඇති.. හි හි
Deleteඅපේ මල්ලි 4දි විතර කෙල්ලෙක් ගැන කියෝනවා කියෝනවා ඉවරයක් නෑ.... පස්සේ බලද්දි ඒ ළමයා මාත් එක්ක 5 හිටපු කොල්ලෙක්ගේ නංගි කෙනෙක්.. මගේ මල්ලි කියලා දැනගත්තම ඌ මට නෝණ්ඩි දානවා.. අක්කා වගේම නැතැයි මලයත් කියලා... හි හි...
නින්ද නොඑන රැයකදි හිතට දැනෙන ගිතයක් දෙකක් ඇහුනාම දැනෙන සහ මැවෙන සිතුවිලි සමහර වෙලාවටකවියක් ගියක් වගේම සුන්දර අත්දැකිමක් කිය හිතෙනවා. සමහර වෙලාවට ඒ අත්දැකිම් නොව්නදත් ඇතැම් සිතුවිලි අත්දැකිම් තුලම කෙදිනක හෝ විඳ ඇති යැයි හිතෙනවා..ඒක ස්වභාවිකයි.
ReplyDeleteඇත්ත...
Deleteඒ වගේ වෙලාවට හිතට එන දේ ලියා ගන්න පුළුවන් නම් සුන්දර නිර්මාණ බිහි කරන්නත් පුළුවන් ඉතිං..
ලියාගන්න බැරි වෙන එකනේ වැඩේ.... හි හි
නියමම මතක ටිකක්නේ අවුස්සලා අරගෙන තියෙන්නේ...
ReplyDeleteමේවා එහෙම අමතක වෙන්නෙත් නෑ අප්පා.... යටපත් වෙනවා විතරයි... ටක් ගාලා මතක් කරගන්න පුළුවන්.. හි හි
Deleteනියමයි අප්පා..ඔයාව නම් දවසක හම්බවෙන්න ඕන අනිත් යාළුවො එක්ක..මායි,මගේ හොඳම යාළුවෙකුයි කතා උනා ඊයෙත් ඔයා ගැන අක්කෝ..:)
ReplyDeleteහ්ම්ම්..දවල්ට,උදේට සහ රෑට ඔක්කොම හිතෙන හැටි වෙනසක් වෙනවා අප්පා..මොකෝ මන්ද ඒ..
ජය!
මොනාද අප්පේ මං ගන කතා උනේ... හි හි...
Deleteහයියෝ මුදල්! නාඩියා තුමාටත් පලවෙනි මෙව්වා එක තිබ්බේ 5 හෙදි!
ReplyDeleteඔක්කොම එක ජාතියේ වගේ නේද බැලුවාම... හි හි
Delete