මේක ලියන්න හිතුනේ කලින් දාපු පෝස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කීපයක් නිසා.... අලුතින් අත ගහපු වැඩකුත් තියෙන නිසා ලිය ලිය ඉන්නවට වඩා වැඩ තියෙනවා නේද කියලා මගේ ඔලුව සැරින් සැරේ මට මතක් කරලා දෙන නිසා, ලියනවද කියලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ ඕනෙ කෙහෙල්මලක් කියලා ලියන්න ගත්තා....
අපේ අම්මා කේක් ෂෝප් එකක් පවත්වගෙන යනවා කියලා මම කලින් කියලා තියෙනවානේ... ඕකේ වැඩ කිරිල්ල හරි ආමාරුයි...මොකද කිව්වොත් සිල්ලර කඩයක් කරනකොට වෙග් ලොරියෙන් බඩු ටික අරගෙන කඩේ රාක්ක වල අහුරලා විකුණන එක නෙවෙයි නේ කෙරෙන්නේ... ඔක්කොම දේවල් අපිම හදන්න ඕනේ.. කේක්, අයිසින්, මල්, ඒ අස්සට පෙට්ටි..... එතකොට වෙඩින් කේක් ස්ට්‍රක්චර් වල වැඩ... පොල් කේක්...ජෙලටින් වැඩ... හපොයි...හිටපු ගමන් මහන්නත් වෙනවා... ඒ අස්සට ඕඩර් ගන්න, එදිනෙදා කේක් විකුණන්න, බැංකුවලට වෙලාවට ණය ගෙවන්න, ස්ටොක් තියා ගන්න.. එතකොට වෙඩ්න් කේක් ස්ට්‍රක්චර් හෝටෙල් වලට ගෙනිහින් සෙට් කරන එක... ඔය හැම දෙයක්ම කලේ අපේ ගෙදර හතර දෙනා තමයි.... මම ඔය වැඩේ එපා වෙනකම් ඇද්දට පස්සේ තමයි අම්මගේ කේක් ව්‍යාපාරය මල්ලිටම කරගෙන යනවනං කරපං කියලා පැත්තකට උනේ.. හි හි... මට මතකයි එක පාරක් එතකොට ට්‍රාන්ස් ඒෂියා හොටෙල් එකේ (දැං නම වෙනස්) තිබ්බ වෙඩින් එකකට අම්මයි මායි තාත්තයි තුන් දෙනා කේක් එක අරං... ..ගිහින් සෙට් කරනකම් නම ගිය මල් සැරසුම් ආයතනයකින් ඇවිත් හිටිය කීප දෙනා වැඩ ඉවර කරලා පැත්තකට වෙලා බලං හිටියා... පස්සේ මනමාලිගේ අක්කා අපිට ගොඩක් ස්තූති කලා.. ඒ වගේම කිව්ව දෙයක් තමයි... “ ඔයාලා තුන් දෙනා වැඩ කරන කොට අපි ඔක්කොම පැත්තකට වෙලා බලං හිටියේ අම්මයි තාත්තයි දුවයි මේ වගේ වැඩක් කරනකොට තියන ලස්සන බලාගෙන..“ කියලා...
හරි හරි.. ඒ කතාව නෙවෙයි කියන්න ගියේ....චූටි පහේ නයෙකුත් රිංගුවද කොහෙද අස්සෙන්..හි හි
ඉතිං මම කාලයක් උදෙන්ම ගිහින් කඩේ අරින්න සෙට් උනා... අපේ ෂොප් එකේ තියෙන්නේ අපිම හදන කෑම ජාති විතරයි... කේක්, මාෂ්මෙලොස්, රැලං,කිරිටොපි වගේ ඒවා සහ හිටපු ගමන් පොඩි පොඩි විශේෂ දේවලුත් දානවා... අල ටොපි, අර ටොපි මේ ටොපි එක්ක එක එක ජාතියේ කේක් ජාතිත් දානවා.. හැබැයි දිනපතා හදන ජාති තමයි බටර් කේක්, චොක්ලට් කේක්, කොෆි කේක් සහ පොල් කේක්.... අම්මා ඔය ඔක්කොම ජාති හදන්නේ ගෙදර ඉඳන් නිසා මම ඇවිල්ලා පැය දෙක තුනක් ගියාම තමයි අම්මා එන්නේ.. සමහර දවසට මම දවසම තනියෙන්.. හි හි...
ඔන්න අපේ අම්මා හිටපු ගමන් මෙහෙම කතාවක් කියනවා ඒ කාලේ....
“ අර ........ ගෑණු කෙනා උදෙන්ම ආපු දවසට එයාට අලුත් කේක් එකක් කපලා දෙනවා නම් පොඩි පෙත්තක් කපලා මුලින්ම අයින් කරන්න .....“
“ ඒ මොකෝ අම්මේ... පෙත්තක් කැපුවොත් අඩු වෙනවානේ.....“
දැං ඔය මම කියපු එක ඔයාලට තේරෙන්නත් නැතුව ඇතිනේ... මෙහෙමයි... අපේ අවන් වලට දාන තැටියකට බටර් කේක් කිලෝ 4ක් අල්ලනවා... නමුත් කඩේට එන අය අරන් යන්නේ 500, කිලෝ 1 වගේ තමයි... එතකොට අපි කේක් එක කපලා කිරලා තමයි දෙන්නේ.. ඕක ඉතිං තිතට, නූලට කැපෙනවා හරි අඩුයි.. ඒක බඩු ගන්න අයත් දන්නවා... ඒක එච්චර ගානක් නෑ.. මොකද බරටනේ ගාන හැදෙන්නේ... ටිකක් අඩු වැඩි උනාට පුරස්නයක් නෑ...
දැං මං අම්මට එහෙම කිව්වේ පෙත්තක් කැපුවොත් කිලෝ 2කින්ම ග්‍රෑම් ගානක් අඩු වෙන නිසා... ඒක ඉතිං හොඳ නෑ නේ....
අම්මා දුන්න උත්තරේ තමයි මේක.....
“ ඔය මනුස්සයා මුලින්ම කෙඩ්ට ආපු දවසට අලුත්ම කේක් එකක් කපලා දුන්නොත් ඒ කේක් එක විකිණෙන්නේ නෑ....“
ඈ.... ඒ මොන කුණුහරැපයක් ද..... මං හොල්මන් උනා...
“ පිස්සු කතා කියන්න එපා අම්මේ.... එහෙම වෙන්නේ කොහොමද... “
“ ඔයා බලන්නකෝ... ආවාම ඔක්‌කෝම කේක් ටික අතගාලා ගනං අහලා තව මොන හරි බයිලාවකුත් ගහලා අන්තිමට බටර් කේක් 250ක් හරි කප් කේක් 2ක් හරි අරං යන්නේ..... ඒක නම් කමක් නෑ.... ඒ උනාට මෙයාෙග් කටවහ තියෙනවා.... “
අපේ අම්මට නම් පිස්සු තමා.... මං ඔෙහාම හිතලා කඩේට ගියා ...... ඔය ඇස්වහ කටවහ කතා මම නම් සත පහකට ගනන් ගන්නේ නෑ....
ඉතිං දවසක් වැඩ ඉවර වෙලා මම ගනන් බලනකොට වෙනදට වඩා කලෙක්ෂන් එක අඩුයි... එදා ටිකක් බිස්නස් තියෙන දවසක්... ම්ම්ම්... පොල දවසට එහෙම කට්ටිය එනවා වැඩියි... එහෙම තමා අපි අල්ලන් ඉන්නේ මේ වෙනකොට... සෙනඟ අඩුම දවසට තමයි කඩේ වහන්නෙත්... ( ඉස්සර නම් හැමදාම ඇරලා... ඕඩර් තියෙනවා නම් අරින්නම එපැයි.... අපේ අම්මත් එක්ක බෑ අප්පා ඒ දවස්වල...)
ඉතිං දැං අම්මා ඇවිත් කේක් ටික බලලා ......
ආ ඒ කතාවත් කියන්න එපැයි.... අපි හදන කේක් වලට කල් තියා ගන්න දාන ජාති මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් කල් තියා ගන්න බෑ... වැඩිම උනොත් සතියක් තියා ගත්තෑකි... ඒත් කඩේ තියෙන්නේ දවසක් නැත්තම් දෙකක් විතරයි...අද හදපු කේක් හෙට වෙනකොට විකිණිලා ඉවරයි.... දවස් දෙකකට වැඩිය තියාගන්න ඕනේ වෙන්නෙම නැති තරම්.. ඒත් එහෙම බැරි වෙලා හරි ඉතුරු උනොත් ඒවා අයින් කරන්න වෙනවා... මොනවා උනත් පරණ කේක් නම් දෙන්‌ෙන් නෑ අම්මා... අපේ කඩේ වටේට ඉන්න බලු රාළලා ටික අපේ අම්මට හරි ආදරෙයි ඉතිං.. මොකද අපිට උනත් එච්චර කේක් කෑමේ ආසාවක් තිබුනේ නෑ. උදේ ඉදලම කේක් ගොඩේ ඉඳලා... ඉතුරු වෙච්ච කේක් නැත්තම් අලුත් කේක් කෑල්ලක් හරි දෙනවා ඉතිං අම්මා හැමදාම කට්ටියට.... හි හි... අපේ ගෙදර ඉන්න වලව්වේ හාමුත් කේක් වලට පෙරේතයි....
ආයිත් පැන්නා.....
ඉතිං අම්මා ඇවිත් කේක් ටික බලලා මගෙන් ඇහුවෙ නැතැයි “ අද උදෙන්ම කඩේට ආවේ කවුද...‘ කියලා...
දැං ඉතිං කෙලියනේ තාප්පෙට.... මට තියෙන එක ලෙඩක් තමයි හැමෝගෙම මූණ මතක තිබුනට කාගේ කවුද, නම් ගම් වගේ දේවල් අමතක වෙන එක.... මම ගොඩක් වෙලාවට කරන්නේ අඳුරගත්තා වගේ ඇක්ට් කරලා පස්සේ අම්මාගෙන් අහන එක ... “ කවුද අම්මේ ඒ....? කියලා... එතකොට ඉතිං අම්මා බැන බැන විස්තර කරනවා.. ඊළඟ දවසේ මට ආයිත් අමතකයි...... හි හි
දැං ඉතිං උෙද්ම කඩේට ආපු කෙනා මතක උනත් කාගේ කවුද කියලා මම කියන්නේ කොෙහාමද....?
ඉතිං මං විස්තර කරනවා..... “ අර අම්මේ මහත ඇන්ට් කෙනෙක් ඉන්නේ අර බතික් වගේ බාච්චු ගවුමක් ඇඳගෙන එන.... අර හැමදාම මොනාවා හරි විකාරයක් කියාගෙන එන්නේ... මහ ඇණයක් වෙන්නේ වෙලාවකට.... අර අනේ මේ ඉස්සරහා පාරේ ඉන්නේ.....මට මතක නෑ අප්පා කවුද කියලා.... අර හැමතිස්සෙම එන්නේ “
ඔෙහාම ඔහොම මම විස්තර කරනවා..... ඔන්න අම්මට මීටර් වෙන්නේ ටික වෙලාවකට පස්‌ෙස් තමා....
“ අර ...... ගෑණු එක්කෙනාද....“
“ ආන්න හරි... මට නම මතක නැතුව හිටියේ.....“
“ මම කිව්වා නේද එයා ආවොත් කේක් එක කපනවා නම් ටිකක් අයින් කරන්න කියලා .... කලාද...“
මලා....... මට මතක නැති උනානේ.. අනිත් එක මනුස්සයා මතක නැති එකේ මම කවුද කියලා දන්නේ නැනේ ආවත්.......
එදා අම්මගෙන් කන පැලෙන්න අහ ගත්තා... අම්මා කිව්වා වගේම ඒ කේක් කිලෝ4 න් 2යි විකිණුනේ... බල්ලන්ට රජ මඟුල්.....
එදයින් පස්සේ මම නිකම් ටෙස්ට් කරන්න වගේ ඕක මතක තියාගෙන බැලුවා .... හැබෑට මේ මනුස්සයා ආපු දවසට බිස්නස් අඩුයි...
ටික දවසකට පස්සෙ තමයි මට තේරුනේ ඇයි අම්ම මේ වගේ කිව්වේ කියලා...
මේ මනුස්සයා කතා කරනකොට කතා කරන්නේ පණ දෙන්න වගේ...
“ අනේ රංජනී.... ඔයා දන් නෑ අනේ.... ඔයාගේ කේක් කන්න අපේ පුතයි මහත්තයයි හරිම කැමතියි අප්පා.. අපිට පුළුවනෑ මේවා හදන්න වියදම් කරන්න... අරං යන එක ලාබයි....“
ඔෙහාම කියලා පැය බාගයක් විතර කියෝ කියෝ ඉඳලා කේක් 250ක් අරං යනවා... අර ටික කියන්නේ හිතේ හොඳක් තියාගෙන නෙවෙයි... මූනිඡ්චාවට කතා කරනවා කියන්නේ.. අන්න එහෙම... හිත යටින් තියෙන්නේ තරහක්....
අපිට කේක් හදන්න බෑෙන්... අපි හැදුවම කවුරුවත් මෙහෙම වර්ණනා කරන්නේ නෑ නේ... අපිට කොහෙන්ද මේවා හදන්න සල්ලි...
ඔය වගේ දේවල් හිතේ හංගගෙන උඩින් බොරැවට කතා කරනවා.... එහෙම කියන කෙනෙක් අපිට හොදක් හිතනවා කියලා හිතන්න බැරි නිසා අම්මට එහෙම හිතනෙවා ඇති කියලා මට හිතුනා...
ඒකට හේතුව තමන් ගැන තියෙන හීන මානය... ඕක ඕනෙ කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අමාරු කාලවලදි වගේ.... ඒත් සමහරු ඉන්නවා ජීවිත කාලෙම අනුන් ගැන ඉහලින් හිතලා තමන් පහත් කරගෙන හිතා ගෙන ඉන්න.... ඒ වෙග්ම අනුන්ට ඊරිසියා කරන.... ඒ වගේ කෙනෙක් ගේ වචන වල තියෙන නෙගටිවිටි එක ( Negativity) අපිට බලපානවා ඇති... හරියට පිරිත් වල තියෙන පොසිටිවිටි ( Positivity) එක අපිට බලපානවා වගේ.... ඔන්න ඔෙහාමයි මම ඒ කතාව තේරුම් ගත්තේ..
ඒ වගේම ඉතිං අම්මා කියපු විදියටම වැඩෙත් ඇත්ත උනාෙන්.... හි හි....
කට්ටියම කියමුකෝ බලන්න මගේ අදහස ගැන ඔයාලගේ අදහසුත්....
ඔන්න... මේ තියෙන්නේ අර කිව්ව ට්‍රාන්ස් ඒෂියා එකේ වෙඩ්න් එකට හදපු කේක් එක.... මට මතක විදියට මේ කාලෙදි අපිට ලොකුවට වැඩ කරන මැෂින් එහෙම තිබුනේ නෑ.. මට මේ කේක් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය තාමත් මතක මේකට අයිසින් රෝස මල් 5000කට කිට්ටු ප්‍රමාණයක් සහ අයිසින් කොළ, ගෙඩි සහ පුංචි මල් (ෆොගෙට් මී නොට් වගේ) ලක්ෂයකට කිට්ටු ප්‍රමාණයක් හදපු නිසා.... ඒ ඔක්කොම හැදුවේ අපි කට්ටිය.. අපේ අම්මා , ආච්චි, මල්ලි, නංගි සහ මම.....