දෙසැම්බර් 30ත් වෙලා... 2013 ඉවර වෙන්න තව දවසයි... මේ ටිකේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා අද තමයි දිනේ කවද්ද කියලත් මතක් උනේ... කලින් දවසක පෝස්ට් එකක් ලිව්වා ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් කියන්නෙ මොන තරං ජොලි කාලයක්ද කියල... අද ලියන්න හිතුනෙ ඉස්කෝලෙ යන කාලේ දෙසැම්බර් 31 ගැන...
ඒ කාලේ වීසීඩී / ඩීවීඩි ප්ලෙයර් තිබ්බෙ නෑ නේ හැම ගෙදරකම... ඩෙක් පීස් ප්ලෙයර් එකක් තිබ්බෙත් එහෙමත් ගෙදරක තමයි... අපේ ගෙදරත් ටීවී එක තමයි සැපට දුකට හූනියම් පෙට්ටිය වෙලා හිටියෙ...ඉතිං 25 වෙනිද වෙනකොට පටං ගන්න නත්තල් ෆිල්ම් වල ඉඳලා 31 රෑ තියෙන බහුබූත ටික බලාගන්න සැදී පැහැදී ඉන්නෙ.... හි හි...
31 රෑ, ඡන්දෙ දවස් එහෙම කොච්චර ඇඩ් දැම්මත් රෑ එළිවෙනකං බෙල්ල කඩං බලන දවස් තමයි... මුලදි නං එක එක ෆිල්ම්ස් දැම්මත් පස්සෙ පස්සෙ මියුසිකල් ෂෝ දාන්න පටං ගත්තනෙ.. මට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක... ඒක මහපාරට ගෙනාපු එක තමයි විශේෂත්වයකට තිබ්බෙ මට මතක විදියට... ඒ භාතිය සන්තුෂ්ලා ආපු කාලේ... ඒ ඇරෙන්න මට නං මියුසිකල් ෂෝ අල්ලන්නෙම නෑ.. ඒක හින්ද 31 රෑ නිදා ගන්න පුරුදු උනා ඊට පස්සෙ...
ඊට පස්සෙනෙ ඔය රිදී රැයක් කතාව පටං ගත්තෙ... මතක විදියට මුලින්ම අනුග්‍රහය මන්චි එකෙන්.. එතකොට ඒක මන්චි රිදී රැයක්... දැන් නං ලංකාවෙ කලාකරුවො සංගම් දෙකක් වෙන වෙනම ෂෝ දෙකක් කරනවා මං දන්න විදියට... ඒක නං එක්තරා විදියක විකාරයක් විදියට මට පෙනුනට මං කලාකාරයෙක් නොවෙන නිසා ඕවයෙ ඇතුලේ කේස් දන්නේ නෑ...
කොහොම උනත් මං මේ කියන්න ගියේ රිදී රැයක් මුලදි මාර ගති... අපි හින්දි සහ ඉංග්‍රීසි ඔය වගේ ෂෝ බලලා තිබ්බට ලංකාවෙ නළු නිළියෝ, ගායකයෝ හති මුනි දාගෙන ස්ටේජ් එකක් උඩ නටනවා දැකලා තිබ්බෙ නෑ නේ කලින්... හි හි... මට හොදට මතක එකක් තමයි අර ආරිච්චි බෝරිච්චි සින්දුවට නළුෙවා ටිකක් ගෑණු වගේ ඇඳගෙන ආපු එක.. ඒක නං තාමත් මතක් වෙනකොට හිනා යනව... තව ලස්සන අයිටම් තිබ්බ බලන්න ආස හිතෙන විදියෙ.. ඒත් ළගකදි නං රිදී රැයක් එකත් බලන්න කම්මැලි ගතියක් තියෙනව.. මෙදා පාරත් ෂෝ එකක් තියෙන බව දැනගත්තට එච්චර උනන්දුවක් නෑ බලන්න නං... ඒත් ඉතිං ඔය වයෝවෘධ කලාකරුවන්ට උදවු කරන කතාවක් තියෙන නිසා සිනෙ රිදී රැයක් ෂෝ එක කරන එක නරක නෑ.. ( මට දැන් ඔය සංගම් දෙකේ ෂෝ දෙක මොනාද කියල තෝර බේර ගන්න බෑ... එකක් රූපවාහිනියේ යනවා, අනික ස්වාධීනෙ යනවා මං හිතන්නෙ..)
කොහොම හරි මේ ලිව්වෙ ඉස්සර 31 රෑ ගත කරපු හැටි... දැං නං දෙසැම්බර් 31 කියන්නෙත් අනිත් මාස වල 31 වගේම තමයි.. විශේෂයක් නෑ... මොකද මේ ඩිසයින් වැඩේ එක්ක මට දවස් යනවා මතකයක් හිටින්නෙ නැති හින්ද... කොහොම උනත් සමහර ඩිසයින් වලට මසයක් විතර යනව... ඒ වෙලාවට නං හිතෙනවා අම්මපා ග්‍රැෆික්ම කරගෙන හිටියනං ඉවරයි කියල.. වැඩිම ලොකු වැඩකට උනත් ඕන්නං සතියක් යයි... හි හි...
ඒ උනාට හිතේ ආසාව තියෙන නිසා කරගෙන යනවා බිස්නස් එකක් විදියට නොවුනත්... බිස්නස් එකක් කියන්නෙ සල්ලි හොයන්න කරන දෙයක්නෙ.. දවසක් අර සහන් කිව්ව වගේ විනෝදාශයක් බිස්නස් එකක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.... එකක් අපේ රටේ ආර්ථිකය.. අනිත් එක මිනිස්සුන්ගේ මානසික මට්ටම...
කොහොම උනත් විනෝදාංශයක් විදියට කරපු දෙයක් බිස්නස් එකක් උනාම ඒකෙ කොලිටිය බාල වෙනව කියල මට හිතෙනව... අපේ රටේ ශ්‍රමයට සහ නිර්මාණශීලීත්වයට ලැබෙන්නෙ බොහොම අඩු මිලක්... ඒත් ඇත්තටම කොලිටිය තියෙනව නං වෙළඳපොළක් නිර්මාණය කරගන්න අමාරු නෑ කියල මම හිතනව.. ස්ථාවර වෙන්න යම් කාලයක් ගත උනත් ඒ වෙග් ව්‍යාපාරයක් යම් කාලයකදි සාර්ථක වෙනව... එතකං අල්ලං ඉන්න එකයි තියෙන්නෙ ... හි හි...
මේ ටිකේම ඇති වෙන්න බැනුම් ඇහනව... උදේ ඉඳන් ටීවී සිරීස් එකක් දාගෙන ඉන්නකෙට අපේ මහත්තයා බයිනවා ඕක දැං වත් ඕෆ් කරනවකෝ කියල... ඒත් මට ඒක ඕනෙ.. මොකද ටීවී සීරීස් එකක තියෙන රිදම් එකත් එක්ක මගේ වැඩෙත් එක දිගටම යන නිසා.. මට අහල පහල සද්ද බද්ද වලින් කන් දෙක නිදහස් කරගැනීමේ උවමනාව තියෙන නිසා... ෆිල්ම්ස්, සින්දු හරි යන්නෙ නෑ මේ වැඩේට... මේ දවස්වල White collar & The Mentalist තමයි මගේ උදව් කාරයෝ වෙලා ඉන්නෙ... අනිත් ඒවයෙ සද්ද බද්ද වැඩියි...
කොහොම උනත් ආපස්සට හැරිලා බැලුවාම 2013 මං හිතපු තරං නරක නෑ ... ඒ කියන්නෙ කොච්චර කලු වලාකුලක උනත් රිදී රේඛාවක් හොයාගන්න මට බැරි කමක් නෑ කියල එක කියල මට හිතෙනව.. මගෙ පැත්තෙන් බැලුවම ඒකම ලොකු ජයග්‍රහණයක්...
බ්ලොග් කටුවෙත් මාසෙකට පෝස්ට් දෙකක් හරි අඩුම ගානෙ වැටෙන විදියට ලියවිලා තියෙනව.. දැනුත් වෙලා තියන්නෙ ලියන්න දේවල් නැතිකමක් නෙවෙයි.. වෙලාව මදි කමක්.... මොකද පෝස්ට් ලිව්ව වගේම කමෙන්ට් කියවන්න සහ රිප්ලයි කරන එකත් මගේ යුතුකමක් විදියට සලකන නිසා ඒකටත් කාලය වෙන් කරන්න ඕනෙ... පහුගිය ටිකේ පෝස්ට් කියවීම බොහෝ දුරට මඟෑරුනා.. ඒත් නොකියවාම හිටියෙ නෑ... කොහොම උනත් බ්ලොග් කියවීම පත්තර, පොත් කියවීම වෙනුවට ආදේශ වෙලා තියෙන නිසා ඒක අතෑරෙන එකක් නං නෑ මට...
දැං ඉතිං 2013ට බායි කියලා 2014ට වෙල්කම් කියන්න කාලෙ හරි.... හි හි..
අඩේ ඔන්න එහෙනම් හීරූටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDelete31 රෑ මට වාම් පාටි තමා....
වාම් පාටි වත් තිබ්බනං බැරියැ නේ... මං නං සුබ පතන්න පරක්කුයි මෙදා පාර...
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා හිරූ..
ReplyDeleteපටන් ගත්ත බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා..:)
රූ ටත් එසේම වේවා...
Deleteසියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් හිරු ඇතුළු සියලුම බ්ලොග් කරුවන්ට.
ReplyDeleteමම අලුත්ම අලුත් බ්ලොග් කරුවෙක් මගේ පළමු ලිපිය කවුරුවත් කලින් නොලියපු දෙයක් ගැන ඒ තමයි. අපි කප් ගැසුවේ sex වලින් පමණද? මගේ බ්ලොග් එකට නාව අය ඇවිත් කියවලා කමෙන්ට් කර සහය පලකරන්න.
එසේම වේවා... මං නං පරක්කුයි සුබ පතන්න...
Deleteකලින් කවුරුවත් නොලියපු...?? ෂුවර්ද.... හි හි....
එන්නං බලන්න...
අපි ඩෙක් එක කියලා කිව්වට ඕකේ නම වී.එච්.එස් ප්ලේයර් ද කොහෙද. ටේප් එක පුස්කන එක තමයි ඕකේ තියන ලොකුම අවුල. ටීවී ප්‍රොග්‍රෑම් බර ගාණක් රෙකෝඩ් කරලා තිබ්බත් කාලෙකින් ඒවා බලන්න බැරි වෙන්නම පුස් කාලා...
ReplyDelete31 රෑ... බොහෝ වෙලාවට යාලුවෝ ටිකක් එකතුවෙන දවසක් දැන් අවුරුදු කීපෙක ඉඳන්. හෙටත් එහෙම වෙයි වගේ...
හිරුටත් අපේ මහත්තයාටත් සුභ 2014ක් වේවා.
Deleteඔව් තිසර. ඕකට කියන නියම නම වී සී ආර් එක නොහොත් video cassette recorder. VHS සහ බීටාමැක්ස් කියලා ෆෝම්මැට් දෙකක් තිබ්බා ඔය ටේප් වල. ලංකාවේ ජනප්‍රිය වුනේ VHS.
ඔන්න දැනුයි මතක් උනේ ඒ නම්... හි හි...
Deleteපරක්කු වෙලා එසේම වේවා කියන්න තමයි ඉතිං වෙන්නෙ දැං...
මුල් කාලෙ රිදී රැයක් ස්ක්‍රිප්ට් එක ලිව්වෙ බන්දුල නානායක්කාරවසම්. මනුස්සය වගේ ඕකට දක්ෂ අය අඩුයි. දැන් ලියන්නෙ වෙන අය. ඒකයි මූලික වෙනස.
ReplyDeleteසුභ 2014 වේවා!
එසේම වේවා...
Deleteමට අළුත් අවුරුද්දේ වීනස් ප්‍රතිමාවක් ඕන.. හැක්..
ReplyDeleteදැන් තියෙන එක ..?
Deleteඑච්චරයි අඩු වෙලා තියෙන්නෙ දැං... හි හි
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා හිරුවෝ......අළුත් අවුරුද්දටත් බිස්නස් එක ජයටම කර ගෙන යන්න හැකියාව ලැබේවා... ඒ වගේම තව අළුත් බිස්නස් කරන්න අදහසක් හිතේ තියේ නම් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේවා......
ReplyDeleteඑසේම වේවා බටිටියටත්...
Deleteමට හොඳට මතක එකක් තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහද කොහෙද මහ පාරෙ කරපු ෂෝ එක...
ReplyDeleteමේ වර්ශ 2000 ලබනකොට තියපු සගීත ප්‍රසංගය නේද ?? මට මතක ඒ විදියට
මතක අති කාලෙ ඉදං 31 රෑ අපි හිටියෙ පන්සලේ .. පිරිතක් කියනව වාර්ශිකව අලුත් අවුරුද්ද ලබන මොහොතේ.. ඉතින් නෝ ටී.වී.. නෝ ෆිල්ම්ස්...
සුභ නවවසරක් වේවා හිරු අක්කේ ..
//මට මතක ඒ විදියට මතක අති කාලෙ ඉදං 31 රෑ අපි හිටියෙ පන්සලේ//
Deletesame fate සමියෝ. බෑ කිවුවොත් කනෙන් ඇදගෙන හරි අපේ අම්මා පන්සලට එක්කගෙන යනවා පිරිත් අහන්න.
හොඳ වෙලාවට අපේ ගෙදර කට්ටියට පන්සල් යෑම අගුණයි තාම... හි හි
DeleteHNY2014
ReplyDeleteඅඩෝ උබ තවත් පොඩ්ඩක් කෙටියෙන් ලියපන් 2014 කියල විතරක්....
Deleteහා හා මේ අපේ කකාට එහෙම කියනවද !!
Deleteකකා තරහ අවසර ඕං !!
ගාලු...උඹ මටත් වඩා වයසින් අඩුයි...එහෙව් එකේ කකා වගේ වැඩිහිටියෙක්ට එහෙම කථා කරන එක කැතයි....
Deleteඅඩේ හැමෝටම සමාවෙන්න ඕන.... විශේෂයෙන් කකා අයියේ...
Delete... මොකද මම දන්නෙ නෑ වයස... මම හිතුවෙ ඇත්තටම සම වයස් කියල.... මගෙන් උන අත්වැරැද්දට හැමෝටම සොරි.....
අම්මපා කකා... හි හි
Delete2014 වසර තුළදී අපේ දිහාත් දෙන්නා තුන්දෙනා වෙන ලකුණු තියෙනවා... ලබන්නා වූ නව වසරට සුබාසිරි හිරු.... හිරුගේත් ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. වැඩි වැඩියෙන් වෙළඳපොළ තුළ සක්‍රීය දායකත්වයක් දැරීමට හැකි වේවා.. :)
ReplyDeleteඑහෙනං තුන්දෙනාටම සුබපැතුම්.
Deleteසහන් අයියාටත් එහෙනම් සුභපැතුම්.......!!! :)
Deleteකොල්ලෙක් උනොත් මගේ නම දාපං !!
Deleteආයෙ මොනාද සීදේවියට ඉඳී නමේ හැටියටම !!
බොරු නං දාල බලපං මං කීවට !!
එසේම වේවා....
Deleteකිරි දරුවෙක් අඬන සද්දේ අහන්න ලැබෙන සුබ නව වසරක් වේවා ! :)
ReplyDeleteඅපොයි එකක් නෙවෙයි... දෙතුන්දෙනෙක්ම ඉන්නවා බලාපොරොත්තුවෙන්... අහන්න බැරියැ ඇඬුම් සද්ද ඕනෙ තරං.. හි හි...
Deleteහිරුට සිතන පතන දේ එලෙසින්ම ඉටුවෙන, දීප්තිමත් නව වසරක් ප්‍රාර්තනා කරනවා!!! :)
ReplyDeleteපොඩ්ඩිටත් එසේම වේවා...
Deleteතවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙන
ReplyDeleteසුබ නව වසරක්!!
මටත් අර මොණරෙක් ඕන ඈ....
මොණරු නං බැරියැ... හි හි
Deleteසුභ පැතුම් නව වසරට අක්කෝ !!! කාලෙකින්ද මන්දා මේ ගොඩ වුණේ :)
ReplyDeleteමාත් මදාරව දැක්කෙ කාලෙකින් තමයි... හි හි
Deleteඅවුරුද්ද එනවා අවුරුද්ද යනවා. මම ජනවාරි පලමුවනිදට මගේ අඩවි දෙකෙන්ම කියන්නම් අවුරුද්ද ගැන මම හිතනදේ.
ReplyDeleteඅපේ උන්දැත් ටී.වී. එකේ යන ඉවුම් පිහුම් බලාගෙන දවස පුරාම පොත්වල ලියනවා. උයන දවසක් තමයි නැත්තේ. :D
විචාරක මහත්තයට පුලුවංනෙ ඒ ලියාගත්ත ඒව අත්හදා බලන්න. :D
Deleteහනෙ අම්මෙ... මං ඕවට නෑ... රෙසිපි පොතක් තියෙනව ඔය හදිස්සියට බලාගන්න.. හි හි
Deleteහිරූටත් සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවා.
ReplyDeleteඅපිටනං ඉතිං දෙසැ. 31 කියල වෙනසක් නෑ.
හි හි... එහෙම තමයි බිසි අයට...
Deleteවැඩි වැඩියෙන් හිරු පායන සුබ නව වසරක් වේවා..
ReplyDeleteඑසේම වේවා උමේෂ්ටත්...
Delete2014 බිස්නස් සාර්ථක වෙන සුබ නව වසරක් වේවා හිරු.
ReplyDeleteඑසේම වේවා.. මොකද මේ ටිකේ සද්ද බද්ද නැත්තෙ ඉවාන්.....
Deleteසුභ නව වසරක් වේවා හිරූ අක්කෝ.......!
ReplyDeleteඇයි එක පාරක් සංගීතායි ජැක්සන් ඇන්තනියි නැටුවේ මෆට් වගේ.."අහා හැඩයි රූපේ " සින්දුවට...මගේ හිත ගත්තේ ඒක තමයි වැඩිපුරම..
ඒක මටත් මතක යි! සංගීතා කොණ්ඩේ එහෙම ගොතලා දෙමළ ගෑනු ළමයෙක් වගේ නටපු එක නේද?
Deleteරෙහානිටත් එසේම වේවා....
Deleteඔය වගේ හිනා යන ඒවා තිබ්බ තමා...
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් .. ඔයාගේ අත්කම් නිර්මාණ වල වැඩි අගයක් ලබන වසරේදී එකතු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔමාටත්...
Deleteසතුට,සෞභාගය පිරි නව වසරක් වේවා!හිරුවෝ
ReplyDeleteශානුටත් එසේම වේවා.... මං නං මෙදා පාර හොදටම පරක්කුයි.. හි හි
Deleteඑළඹෙන 2014 නව වසර ඔබ දෙපලට සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteඅවුරුද්ද මුලදිම බොහොම දුක් සහිත ආරංචියක් ලැබුනත් ජීවිතේ තවදුරටත් ඉදිරියට යා යුතුයි කියල දන්න වැඩිහිටියෙක් හැටියට හැලපයියටත් පවුලෙ කට්ටියටත් 2014 සාර්ථක වසරක් වේවා කියල පතනවා....
Deleteසුබ නව වසරක් වේවා හිරුටත්
ReplyDeleteඑසේම වේවා නලීන් අයියටත්...
Deleteහිරු අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2014 දී හරි අර මොනරා හදන හැටි අපිට කියලා දුන්නා නං :)
ReplyDeleteහරි සිම්පල්.. ෆොටෝ ගන්න බැරි කේස් එකක් තමයි තියෙන්නෙ ඒකට... හි හි
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
හනේ දෙයියනේ... ඇයි අප්ප නොවෙන දේවල් මතක් කරන්නෙ අවුරුද්ද මුලම.... හි හි
Deleteමේක කියවද්දී මට අර පරණ විදුසර (1990 ගණන්) වල ගිය දිනපොත ද මොකද්ද ඒ සටහනේ තිබ්බ ගතිය මතක් උනා. මේ අවුරුද්ද නම් අපෝ.... කියන්න වෙන අවුරුද්දක්. වැඩිම කියන්නේ මේ සටහන උදේ කියෙව්වේ වහලේ උඩ ඉඳල. මේ කමෙන්ට් එක දාන්නේ සාලේ කොනකට වෙලා.. අපූ මහා එපා කරපු අවුරුද්දක්. බ්ලොග් එක නම් ලියවුනා තමයි මගෙත්. ඒ උනාට අනික් ඒවා නම්....
ReplyDeleteඅක්කටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
හි හි... ඕවා ඔෙහාම තමයි මලයා... ගනං ගන්න එපා.. ජීවිතේට අවුරදු ගොඩක් තියෙනව...
Deleteහිරුට පට්ට බිසි කියන්නෙ ඉතිං සරුයි කියන එකනෙ..මම කිව්වෙ ව්‍යාපාරය දියුනුයි කියන එකනෙ. සතුටුයි..!
ReplyDeleteමට නම් මල මගුලක් ඕය රිදී රෙයක් කියන්නෙ..(රෙයක්ම තමා) වයසක ඇන්ටිලා බූත විදියට නටනව දැක්කම හිනා යනව..!
මනෝහාරී වගේ වැඩසටහන් නම් මරු.
මහත්තයාටත් ඔබටත් සුබ නව වසරක් වේවා..!
එසේම වේවා වී...
Deleteහිරුවටත් මහත්තයටත් සුබම සුබ 2014ක් වේවා !!
ReplyDeleteසෙන්නටත් එසේම වේවා....
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
රිදී රැයක් බලද්දි මොලේ මඥ්ඥං වෙනවනෙ හිරු අක්කෝ... අර වයසක තඩි ඇන්ටිලා සිංදු වලට පැද්දෙනව දකිද්දි අවුරුද්දම ඉවරයි.
ReplyDelete31 රෑ ගෙදර හිටියොත් අපේ අම්මා අනිවාර්යෙන් අපිව ඇදගෙන යනවා පන්සලට. මේ පාර නම් බෝඩිමට වෙලා දොයියන්නයි වෙන්නෙ 31 රෑට.
හිරු අක්කාටත්, පවුලෙ හැමෝටමත් ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා! වැඩි වැඩියෙන් පෝස්ට් ලියන්නට සිතේවා!! බිසිනොස් සරුසාර වේවා!!!
හි හි... ඒකෙ ජොලිය තියෙන්නෙ ඇන්ටිලගේ වැඩ වලට තමා ඉතිං...
Deleteඑසේම වේවා බස්සිටත්...
මමත් ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් "රිදී රැයක්" ඒත් පස්සේ ඒක බලන එක මඟහැරිලම ගියා..
ReplyDeleteහිරු අක්කටත් පවුලේ හැමෝටමත් 2014 සුබම සුබ නව වසරක් වේවා!
එසේම වේවා සිතූටත්...
Deleteහිරු ඇන්ටී
ReplyDelete2014 සුබ නව වසරක් වේවා !!
දුවපිය ගෙම්බා.... හි හි..
Deleteඑසේම වේවා...
2014 වසර හිරුටත්
ReplyDeleteහිරුගේ පවුලේ සැමට සුභ නව වසරක් වේවා කියා පතමි!
බතීටත් සුබ නව වසරක් වේවා... පරක්කු විෂස්.... හි හි
Delete31 රෑ අපි නම් පාරේ.. ඊට පස්සේ වෙන දේවල් ඕන නෑ..
ReplyDeleteඑහෙනම් සුභ 2014 වේවා.. දෙන්නා තුන්දෙනා වේවා.. ^_^
කාණුවෙද... හි හි
Deleteඑසේම වේවා...
අම්මේ අපිත් ඉතිං ඔලුව නිදහස් කරගෙන ඉන්නේ ටීවී සීරිස් හින්දා තමයි. දත කට මැදගෙන ඉන්නේ හෙට ඉදලා සීසන් එක පටන් ගන්න කල්.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා
හි හී.... කියලා වැඩක් නැත....
Deleteඑසේම වේවා කලූටත්...
හිරු ඇතුලු "හිරු නැති හෝරාව" රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
එසේම වේවා ...
Deleteසුභම සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා නාඩියටත්... හි හි
Deleteඑළඹෙන නව වසරේ...ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ! වැඩිපුර රෝස මල් හැදේවා....අපේ මහත්තයට සහ බොට කිරි ඉතිරේවා...අපිට ජය වේවා !
ReplyDeleteබොටත් කිරි ඉතිරේවා... හි හි
Deleteසියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා අක්කේ...
ReplyDeleteඔයාටත් එසේම වේවා මලයෝ...
Deleteසුබ නව වසරක් වේවා.....! :)
ReplyDeleteඔයාව නං දැක්කෙත් අද තමයි.... එසේම වේවා....
Deleteසිතු පැතුම් ඉටු වන සුබම සුබ නව වසරක් වේවා!!!!!!
ReplyDeleteඅද ඉදන් දිගටම ගොඩ වදින්න අවසර...
අද ඉඳන්... ඇයි ඉස්සර ආවෙ වෙන ෂැගියෙක්ද...
Deleteහිරුට සුභ නව වසරක් වේවා.....!!!
ReplyDeleteදෙක තුන වේවා....!!!
එසේම වේවා මාතලන්ටත් ගෙදර කට්ටියටත්...
Deleteහාරිච්චි බෝරිච්චි රංගනයට මහේන්ද්‍ර පෙරේරත් හිටිය නේද? මම කැමතිම නළුවෙක්...:)
ReplyDeleteඊයෙ බැලුව රිදී රැයක්..මළ විකාරයක් දැං ඒක...:(
සුබ නව වසරක් හිරූස්!!!!!
එසේම වේවා රවී...
Deleteනළුවෙක් කියල ඕනෙ තැනට ලැජ්ජ නැතුව කියන්න පුලුවන් නළුවෙක් තමයි මහේන්දු...
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා ගයනි.. බ්ලොග් එකත් ලියමු නේ.... හි හි
Deleteමේ ඔයා පැය විසිහතරෙම ඔන්ලයින්ද හිහි.ඔයා මේ ලෝකෙ තියෙන හැම සයිට් එකේම කොමෙන්ට් දැම්මට මගෙ සයිට් එකට තව ඇවිත් නෑනෙ.එන්නකො
ReplyDeleteමම සින්ඩියෙ චාරිකාවක් ගියා.ඔයා නැති බ්ලොග් එකක් නෑ.කොයි වෙලාවෙ බැලුවත් නෙට් එකේ.හොඳයි හොදයි
පැය විසිහතරම ඔන් ලයින් තමයි.. නෙට් කනෙක්ෂන් එක කැපුවොත්, කරන්ට් එක ගියොත් විතරයි මං මේකෙන් විසි වෙන්නෙ... හි හි
Deleteමේ ටිකේ බ්ලොග් හන්ටින් යන්නවත්, කමෙන්ට් දාන්නවත් විදියක් නැතුව ඉන්නෙ.. ඔක්කොම කියෝනව.. කමෙන්ට් දාන්නෙ නං අඩුවෙන්.. ඒ පැත්තෙත් රවුමක් දාන්න එන්නං...
කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා...
ReplyDelete( මේ කෙහෙල්මලේ බයිට් ටික හම්බුවෙන්නෙ අනිද්දට හින්දා මේ ටිකේ ස්ලෝ හොඳටම... ඒක නිසා මෙන්න මෙහෙම එක කමෙන්ට් එකෙන් රිප්ලයි දාලා ෂේප් වෙන්න වෙලා මෙදා පාර.. අවුරුද්ද මුලම සොරි.කොටි තමයි.... හි හි)
හයියෝ හයියෝ මදැයි අලුත් අවුරුද්දේ ගෙදරකට ගොඩ උනා... තේ උගුරක් තියා දොරවත් ඇරියේ නැහැ නෙව මේ දැරිවි ...
Deletesuba nawa wasarak wewa !!
ReplyDeleteiskole yana kale kuch kuch hotha hei pennuwa mathakai 31st night. ekkenekwath miss kare na edanam.
ridi reyak math kipa gamanak baluwa. dannam mukuth balanne na...
මාත් එහෙම දවසක තමයි ඒක බැලුවෙ මුලින්ම... මුලු පන්තියම බැලුවද කොහෙද ... හි හි
Deleteහිරු ඇතුලු පවුලේ සැමට, සුභ නව වසරක් වේවා.....!
ReplyDeleteඑසේම වේවා ...
Deleteහිරු ඇතුලු පවුලේ සැමටම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteහහ්, ඇදල ඇරිය නේද කොපි-පේස්ට් පාරක්. අම්මපා , හපන්න හිතෙනව ඔහෙගෙ නැට්ට
Deleteඇත්තම කිව්වොත් , මාත් කලේ ඕකම තමා :)
එසේම වේවා අරෑ... මාත් කොපි පේස්ට් තමයි... දැං නං ඇති වෙලා බොල... හි හි
Deleteමම එද්දි බොහෝ දේ මිස් වෙලා... හිරු ලිපි හෙමින් කියවනවා, කමෙන්ට් කරන්න බැරි වුනාට. සුභ නව වසරක් වේවා යි පතමි.
ReplyDeleteඔයාට ඉතිං වැඩනේ.. හිමින් කියෙව්වට කමක් නෑ.... එසේම වේවා....
Delete31 රෑ මඤ්ඤං රෑ... රිදී රැයක් පජාත රැයක්. හින්දි සිංදු වලට පණුවො වගේ ඇඹරෙණ හැටිද ලස්සනයි කිව්වෙ ඈ. මට නං ඔය සිලව්ගෙ හොදයි කියන්න දෙයක් නෑ අම්මපා. මේ දවස් වල කාටුන් බලනව විතරයි සිරාවටම ටෙලි නං බලන්නෙත් නෑ. ලංකාවෙ බලන්න දෙයක් නෑ. මොනා උනත් පුළු පුළු වං වෙලාවට දාන්න පෝස්ටුවක්. මං අදයි මේ පැත්තෙ ආව එන්නං මීට පස්සෙ දිගටම.
ReplyDeleteසකල පැතුම් ඉටුවන ශ්‍රී සුභ නව වසරකට ආසිරි...
මාත් උදේට ටීවී එක දාන පැය දෙක විතරයි .. ඒත් බලන්නෙ නෑ.. අහගෙන ඉන්නවා විතරයි... ඒකත් උයන ගමන්.... හි හි
Deleteඑසේම වේවා....
හිරුට සුබ නව වසරක් වේවා.අපි බ්ලොග් ලෝකෙට හාපුරා කියල එන්නයි මේ මුට්ටිය දැම්මෙ.ඉහ ගහන්න පුළුවන් වෙයිද මන්ද හිහි
ReplyDeleteඅපෝ පුළුවන්... හි හි..
Deleteඑසේම වේවා....
(හම්මෝ ඇති යන්තං.. ඉවරයි.... හි හි... )