Monday, December 9, 2013

තොප්පි වෙළෙන්දෙක් දවසක්.. තොප්පි ගොඩක් කරේ තියන්...


බ්ලොග්ස් කියවන්න අරන් දැනට අවුරදු 6ක් විතර වෙන අතරෙ ඒ ගැන මට මේ දවස්වල හිතෙන දේවල් ටිකක් ඔහෙ ලියලා දාන්න හිතුන... සමහර විට මටමත් මේවා අමතක වෙයි කියල හිතෙන නිසා පස්සෙ කාලෙක... 

පහුගිය අවුරුද්ද පුරාම අවකාශයෙ සැරිසැරුවෙ නිකම්ම සිංහල බ්ලොග් කියවන්න විතරක් නෙවෙයි... මගේ වැඩ වලට අවශ්‍ය දැනුම හොයාගන්නෙත් වැඩිපුරම බ්ලොග් අවකාශය තුළින්මයි... සමස්ත බ්ලොග් ලෝකයෙම එක එක ජාතියෙ බ්ලොග්ස් තියෙනව... මං හිතන්නෙ මේ සිංහල බ්ලොග් කියෝන වැඩිහරියක් අය නොදන්න පැති මහ ගොඩක් මේ බ්ලොග්ස් වලින් කවර් වෙනව... 

සිංහල බ්ලොග්ස් අතරේ වැඩිහරියක් තියෙන්නෙ සාමාන්‍ය දේවල් ලියවෙන බ්ලොග්ස්, කවි කතා බ්‌ලොග් සහ දේශපාලනික බ්ලොග්ස් කියල මං කිව්වොත් කවුරුවත් තරහා වෙන එකක් නෑ මං හිතන්නෙ.. ඒත් ඉංග්‍රිසියෙන් ලියන සිංහල බ්ලොගර්ලා මීට වඩා දේවල් බ්ලොග් ගත කරනව.. ඒ අතරේ අමතරව තියෙනව ෆොටෝ බ්ලොග්ස්, විඩියෝ බ්ලොග්ස් විදියට එක එක ෆීල්ඩ් ගැන දැනුම බෙදා ගන්න බ්ලොග්ස්...

මේ ටික කියද්දි මට හිතෙන්නෙ අපි මේ ගහ මරාගෙන, අරුන්ට මුන්ට කියලා බෙදාගෙන, උඩදාගෙන කියෝගෙන යන සිංහල බ්ලොග් අවකාශෙටමේ ඇවිල්ල තියෙන දුරට වඩා තව මහා දුරක් යන්න තියෙනව කියන එක... ඉන්න එවුන් ටික දෙනා ගහමරා ගන්නකොට ඒ දුර නං කවදාවත් යන්න වෙන්නෙ නෑ කියල බයකුත් දැනෙනව.. මේකට හේතුව අපි ඔය පට්ට ගගහා බැන බැන ඉන්න, කොච්චර දියුණුයි අරකයි මේකයි කිව්වත් තාම අපේ යටි හිතේ තියෙන දූපත් මානසිකත්වයද කියන එක මට ගොඩක් වෙලාවට හිතෙනව.... 

බ්‌ලොග් කියවන්නෙ දැනුම වර්ධනය කරගන්නවත්, බ්ලොග් ලියන්නෙ තමන් දන්න කියන දෙයක් බෙදාහදාගන්න නෙවෙයි ගොඩක් සිංහලෙන් ලියන බ්ලොග්කාරයො... කම්මැලිකමට... කාලෙ කන්න.. එහෙමත් නැත්තං ‌‌පොඩි පොර මානසිකත්වයක් හදාගන්න.. කවුද අකමැති දෙයක් කියවලා හිනාවෙලා, පිස්සු කෙලලා කාලෙ ගෙවාගන්න... කවුද අකමැති කවුරුහරි මං පොරක් කියලා හිතනවනං... ඒවා වැරදි නෙවෙයි... ඒත් ඊට වඩා දෙයක් මේකෙන් ගන්න පුලුවන් කියන එකත් දැනගන්න එක හොඳයි... 

තව වෙලාවකට ඔය සමහර දේවල් ගැන එක තැනක එකක් කියලා, තව තැනක තව එකක් කියන එක ගැන කතන්දර ගොඩක් තියෙනව... මං පේන හැටියට ඕකෙ පැති දෙකක් මං දකිනව... එකක් තමයි හරියට තේරුම් නොගෙන හිටපු දෙයක්, තේරුම් ගත්තම පැත්ත මාරු වෙන එක... මිනිස්සුන්ගෙ අදහස් කාලෙත් එක්ක වෙනස් වෙනව... ( සාමාන්‍යයෙන් මුල් බැහැගෙන ඉන්න අදහස් නම් වෙනස් වෙන්නෙ කළාතුරකින්.. ) ඔය කැම්පස් යද්දි පට්ට ‌ජේවීජීකාරයෝ ඒකෙන් එළියට ආවම නිකම්ම යූඑන්පීකාරයෝ වෙන්නෙ... (ඕක ඉස්සර අපේ තාත්ත කියපු කතාවක්... ) අනිත් පැත්ත තමයි තාප්පෙ උඩට වෙලා හැරෙන පැත්තට හෝයියා දාන එක.... ඕකෙන් කලින් කියපු එකට මං හරිම කැමතියි.. මොකද ඒකෙන් තේරෙන්නෙ තමන්ට වැරදුනා කියලා පිළිගන්න කොන්දක් තියෙන එකෙක් බව කියල මං හිතන්නෙ.. අනිත් උන් ගැන නං ඉතිං කතා කරලා වැඩක් නෑ මගේ පොතේ හැටියට නං.... 

දෙයක් ඉගෙන ගන්න, යමක් කරන්න උත්සාහ කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි... ඇත්ත.. අපි හැමෝම ජීවත් වෙන්න මහා අරගලයක් කරන්නෙ.. ඒකට පොඩි සපෝට් එකක් නැත්තං මේක ඇදගෙන යන්න බෑ.. ආර්ථිකව විතරක් නෙවෙයි, මානසිකවත්... මේක පිස්සු ලෝකයක්... ඒකෙ පිස්සු නොවැටි ජීවත් වෙන එකත් මාර යුද්ධයක්... ඒකට පොඩි වෙනසක් කරගෙන, කුනුහරුපයක් කියාගෙන, විහිළුවක් කරගෙන, බියර් එකක් ගහගෙන, ෂොපිං පාරක් දාලා, අනුන්ගෙ ඕපයක් හොයලා ආතල් එකක් ගන්න එක මගේ පොතේ හැටියට මහා වැරැද්දක් නෙවෙයි.... පරමාදර්ශි චරිත වෙන්න ගියාමත් අපි මහ වාත, බෝරිං,  හපෝ උදේ පාන්දර දැක්කත් දවසම මූසලයි ජාතියෙ චරිත වෙනව... 

හැබැයි ඒකෙත් තමන්ගේ මට්ටම, ඒ කිව්වෙ කතාවට කියනව වගේ ලිමිට් එක දැනගන්න ඕනෙ... 

හැමදාම ගෙදර එනගමන් බාර් එකෙන් බියර් එකක් ගහලා, වාහනේ එලෝගෙන ගෙදර එන එකා එදාට වැදගත් චරිතෙ වෙලා, ඌම ඉඳලා හිටලා පාටියකට ගිහින් කන පැලෙන්න බීලා එන ගමන් වාහනේ කාණුවක දාගෙන, කබරයා ගොඩේ එළිවෙනකං ඉඳලා මාට්ටු වෙන දවසට බේබද්දා වෙන්නෙ තමන්ගෙ ලිමිට් එකක් නැතිකමයි, තමන්ට ලිමිටි එකක් තියෙනව කියලා පිළිගන්න කොන්දක් නැති කම හින්ද මිසක් දකින මිනිස්සුන්ගෙ වැරුද්දක් හින්දවත්, ගෙදර මිනිස්සුන්ගේ වැරැද්දක් හින්දවත් නෙවෙයි.... හැබැයි ඒකම තව පාරක් කරගත්ත එකා හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෙ, ඒ කරන වැඩෙන් දුක් විඳින්නෙ උෟ වටේ ඉන්න, උට ආදරේ කරන, උෟ ආදරේ කරන එවුන් කියන එක තේරුම් ගන්න බැරි හරකෙක් නිසා විතරයි... 

පම්පෝරි ගහන්න කවුද අකමැති.. මං නං කැමතියි... තමන් කරපු දෙයක් කළාය කියල කියන්න බැරි, කොන්දක් නැති එකෙක්ට විතරයි.. ඒ ව‌ෙග්ම තමන් වැරැද්දක් කළා කියල තේරුම් ගන්න මිනිස්සු කියන ජාතියට ක්‍රම දෙකක් තුනක් විතර තියෙනව.. එකක් ඔය කරේ තියන් ඉන්න ආගම කියන එක... අනිත් එක සල්ලි නැත්නං බේරෙන්න බැරි නීතිය... තව එකක් තමයි තමන් වටේ ඉන්න එවුන්... ඔය ක්‍රම ටිකෙන් එකකින් හරි තමන් වැරැද්දක් කළාය කියලා තේරුම් ගත්ත නං, ඒක පිළිගන්න එකා කොන්දක් කියල එකක් තියෙන එකෙක්... 

එතකොට තමන් වැරැද්දක් කළාය කියලා පිළිඅරගන්න ගමන්, ඒ වැරැද්ද ගැන පම්පෝරි ගහන එකා මොකෙද්ද...? 

ගොඩක් අය තමන් කරන හරි දේවල් ගැන හැමෝටම කියන්න ආසයි... හැබැයි තමන් වැරැද්දක් කළාම ඒක සාමාන්‍යයෙන් කාටවත් කියන්නෙ නෑ.. නමුත් කාලාන්තරේකට පස්සෙ මොලේ ටිකක් පෑදෙන කාලෙට ලැජ්ජාව අඩු වෙලා, වෙච්ච දේට තමන්ටම හිනාවෙන්න පුළුවන් කාලෙදි, ඕක කිව්ව කියල නරකක් වෙන්නෙ නෑ ඒක වැරැද්දක් බව තව කාට හරි තේරුම් කරන්න නං... හරියට ඔය තාත්තලා කියන්නෙ  අපි ‌ඔය කාලෙ කරපු දේවල් වල හැටියට.... කියලා කෑල්ලක්.... එහෙමත් නැත්තං  අපිත් ඔය කාලෙදි ඕවා කළා, හැබැයි පුතේ... ” වගේ කෑලි.... 

නමුත් හරකෙක් නොවෙන, මොළයක් කියල දෙයක් තියෙන එකෙක් තමන් යමක් කියන්න කලින් ටිකක් හිතනව තමන් ‌කොරන කියන කෙහෙල්මල් වලින්, තමන් වටේ ඉන්න එවුන්ට මොනා හිතෙයිද කියල... හැට පැනපු නාකින්ට ටොකු ඇනලා කියල දෙන්න ඕනෙ නැ නේ... 

නැට්ටට කිරි උනන්නත් කලින් ඉඳලා හතර වටේ ඇන්ටිලයි අක්කලයි එක්ක වල් කමේ ගිය එක ඒ කාලෙ මහා ලොකු දෙයක් සම හරක්ට... හැබැයි ඒ කාලෙ පහු කරලා, කවුරුහරි පත්තිනි අම්මෙක් හොයාගෙන, පවුල් කාලා, දරු මල්ලො හදාගෙන, ඒ අස්සෙත් අහල පහල අහු වෙන ගෑණුන්ට සලකලා, අවුරුදු හැට හැත්තෑවක් උනාම තේරෙන්න ඕනෙ එදා කළේ වීරකමක් නොවෙන බව... ගොන් කමට කළා උනාට කරුමෙ ටිකක් හොඳ පැත්තට තිබ්බ නිසා ලෙඩක් දුකක් නොහැදි, හතර අතේ දරුවො ජාතක නොකර, තාම යහතින් ඉන්නව කියලා, තමන්ගෙ දරුවන්ට ලැජ්ජාවක් නැතුව කට ඇරලා  තාත්තේ.. සීයෙ කියන්න පුලුවන් කමක් කියෙන බව.... 

ඒත් ඒ කළ ගොංකං ගැන අදත් වීරකං වගේ පම්පෝරි ගහන පිරිමි උන්දැලා ටිකක් හරි කල්පනා කරනවනං  මගේ ගෑණි සබාවක් මැද්දට ගිහින්, මං මේ මිනිහව බඳින්න කලින් අහල පහල ගෙවල් වල උන්නු අන්කල්ලා, අයියලා ඔක්කොම එක්ක කරන්න තියෙන සෙල්ලම් ඔක්කොම දැම්ම, ඕවා නං අපිට එච්චර දේවල් නෙවෙයි, මගේ මිනිහා ඕවා ඔක්කොම දැනගෙනනෙ මාව කසාද බැන්දෙ කියල කිව්වනං මට මොනා හිතෙයිද ... කියලා.... ( ඒක අහන එවුන් අරූ දිහා බලලා  හපෝ මෙහෙමත් පොන්නයෙක්.. කියලා හිතන එක වෙනම කතාවක්....අරුන් මුන් හිතන ඒවා අපිට මොකටද...) 

( ඔය එකක්වත් නොකර, ඒත් තමන් වීරය වෙන්න අතිනුත් ලූණු ඇඹුල් දදා, උදේ හවස පෝන් වීඩියෝස් බලලා දැනගත්ත දේවල්, තමන් කළා වගේ කියන අය නං මේවා ගැන එච්චරම හිතන්න ඕනෙ නෑ.. වැඩිම උනොත් ගෑණීට කියන්න වෙයි... “ පිස්සුද අනේ..  ඔය මං බොරුවට කියෝන ඒවා.. ඔයා දන්නවනේ මං බෝ පැලේ වගේ මනුස්සයා කියල...... )

වක්කඩ කැඩුවා වගේ කියෙව්වට කමක් නෑ තමන් කරන කියන දේවල් වලින් බිංදුවක වත් හානියක් වෙන කෙනෙක් තමන්ගෙ ජීවිතේ පැත්ත පළාතක නැති, තමන්ගේ ජීවිතේ තමන් ඇරෙන්න වෙන විරයෙක් කියල එකෙක් නැති, එහෙමත් නැත්තං තමන් වටේ ඉන්න උන්ට ඕවා ගානක් නෑ කියලා හිතහදාගන්න පුලුවන් විදියෙ, හිතක් පපුවක් කියලා එකක් නැති එකෙක් නං... 

----------------------------------------------------------------------------------------------------









ප/ලි  - ඔන්න ඔ‌හොමයි මේ දවස්වල බ්ලොග් කියවන්නෙ... මේ දවස්වල කියෝනව විතරයි කමෙන්ට් කරන්න වෙන්නෙම නෑ... කෙම්ෆෙක්ස් ගම් එක්කනෙ වැඩ.. කී බෝඩ් එකට නං එච්චර කේස් එකක් නෑ ඉටි කොළයක් තියෙන නිසා.. ඒත් මවුස් එකට නං සොරි වෙලා තියෙන්නෙ.... ( දැං මේ වාක්කෙ විතරක් කට් ඇන්ඩ් පේස්ට් කරපල්ලකෝ කමෙන්ට් වලට....හි හි) 

මං ගැන කියනව නං මං දැං මේ දැනට කරගෙන යන ග්‍රැෆික් වැඩ ඇරෙන්න, අනිත් හෑන්ඩ් ක්‍රාෆ්ට් බිස්නස් එක මං තනිකරම ඉගෙන ගන්නෙ මේ බ්ලොග්ස් වලින්... ඔව්.. මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් වැඩ මම ඉස්කෝලෙ යන කාලෙදි කරලා තියෙනව.. ඒත් මේ වෙනකොට මේවායෙත් තාක්ෂණය දියුණු වෙලා... ඒත් වැදගත් දේ තමන්ගෙ නිර්මාණශීලීත්වය තමයි... මගේ පවුලේ ආර්ථිකේට පුංචි සපොට් එකක් දෙන්න මට මේකෙන් බැරි කමක් නෑ අද වෙනකොට.... 

මේක ලිව්වෙ මගේ සාමාන්‍ය සිස්ටම් එකටමත් නෙවෙයි.. කුණුහරුප කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි... ඒව වලට ඇඹරුනා පහේ පන්තියෙදි විතර.. ඊට පස්සෙ තේරුම් ගත්ත කුණුහරුප කියලා වීරයෝ වෙන්න හදන අය ව‌ගේ අය, ඇන්කර් පෙට්ටියක් ගත්තම තුන් හතර දෙනෙක් කපාගන්න පුලුවන් බව.... කුණුහරුප කියනව නං බජාර් එකේ සිස්ටම් එකටම කියන්න බැරිකමක් නෑ ෆිල්ම්ස් බලන තරමට... ඒත් මොකටද.. ඊට වඩා ලස්සනට කියන්න තියෙන දේ කියන්න පුලුවන්කම තියෙද්දි.... 

වීනස් දෙව්දුවත් ඉන්නේ පොඩි රෙදි කඩක් ඇඳගෙන... ෆිල්ම් එකක් පටන් ගනිද්දි සනී ලියෝනුත් ඉන්නෙ ඊට වඩා හොඳට වැහෙන ඇදුමක් ඇඳගෙන... හැබැයි වීනස් දෙව්දුව කලාකෘතියක්... එත‌ෙකාට අරක කලාකෘතියක් වෙන්නෙ නැද්ද.. කවුද එහෙම කියන්නෙ... වෙනවා වෙනව.. හැබැයි අන්තර්ගතය දෙකක්.. අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එකා විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... ( තේරුම් ගන්‌නෝ තේරුම් ගනිත්වා...!) 

149 comments:

  1. පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි කිව්වා...

    මේකනේ බං පරමාදර්ශි චරිත බොහොම අතලොස්සයි අපිට තියෙන්නේ.. අපිත් හැමදාම වැල අතට මැස්ස ගහන උන් නිසා ඔන්න කන බොන දෙයක් කාලා ඉන්න විදියට ඉම්මු සුදෝ...

    උඹ කියල තියෙන ඒවට උල තියන්නයි වටින්නේ... අහිංසක අපිට...

    ReplyDelete
    Replies
    1. මයිය අද කකා වගේ... හි හි.... අපි ඕවා කියෙව්වා.......

      පරමාදර්ශී චරිත කොහිද දේශෝ තියෙන්නෙ...

      Delete
    2. මයියා ගේ ලින්ක් එක දිගේ ගියවිට එතැණින් මගේ බ්ලොගයට ලින්ක් එකක් ඇති නිසා මට මෙතන අමුතුවෙන් කළ යුතු දෙයක් නැත.

      Delete
  2. ඇයි නංගියෙ මේ..????????????????????
    (මට අහන්න හිතෙන්නෙ එච්චරයි..!) යමක් උනානම් හෝ මුහුනදෙන්න උනානම් ආවේගය මෙහෙම පිට නොකර ඉන්න තිබුන නේද..?

    මුල ටික කියවද්දි ආපහුත් ගිහින් බැලුව මම ඉන්නෙ හිරුගෙ බ්ලොග් එකේමද කියල..?

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙම කේස් එකක් නෑ වී... හිතිච්ච ඒවා ටිකක් විතරයි ලිව්වෙ...

      වෙනද ලියන ටෝන් එක ටිකක් වෙනස් කළා විතරයි...

      Delete
  3. හිරු ටිකක් ආවේගශීලී වැඩිවෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නෙ "දුපත් මන්ද මානසිකත්වය"කියල මල්ලි.
      ළමයි පොඩි කාලේදී කෂියා ගහල ඇවිල්ල තාත්ත කෑගහපු ගෙවල් වල ළමයින්ට භයට හැදෙන ලෙඩක්.

      Delete
    2. මොන අවේගද ඉවාන්.. ටෝන් එක පොඩ්ඩක් වෙනසක් කළා.. එච්චරයි...

      එහෙම ලෙඩත් තියෙනවද කෙන්ජි... හි හි

      Delete
  4. මම දන්න විදිය ට කැත කතා ලියන එකයි ඉන්නෙ එයා ගැනද දන්නෙ නැහැ මේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට එයා දැන් හොඳ වෙලානේ ,කැත කතාවක් තියා උඹ කියලවත් කියන්නේ නෑ , අපි පිකටින් පාරකුත් දැම්මා හොඳ වීමට විරුද්ධව

      Delete
    2. අපෝ නෑ කෙන්ජි... මහ ගොඩක් ඉන්නව.. කැත කතා ලියන අය නෙවෙයි.. හිතන්නෙ නැති අය... ඒ කට්ටිය ගැනයි ලිව්වෙ....

      මං දැක්ක ඉවාන්ලා පිකටින් කරනව... හි හි

      Delete
  5. හෝව් හෝව් හිරු , ...............................................
    මට කතා කරන්න පුළුවන් මේ කාරණේ ගැන නම්;
    සිංහල බ්ලොග් ලෝකයේ ප්‍රයෝජනවත් විස්තර කරුණු කාරනා, අද්යාපනික තොරතුරු, වෘත්තීය උපදෙස් පළ වෙන බ්ලොග් අඩවිනම් මදි තමයි

    ReplyDelete
    Replies
    1. හි හි... බ්රේක් අඩුයි මේ දවස්වල....

      Delete
  6. හිරූ... මොකද ලගදි හනිය කොහිල ගෙනාවෙ නැතෙයි.....

    මට හිතා ගන්න බැරි උනා මොකද වෙලා තියෙන්නෙ කියල....



    ""ඒත් මවුස් එකට නං සොරි වෙලා තියෙන්නෙ...."".

    මේකනම් ටිකක් වෙලා හිතද්දි තමා මීටරේට වැටුනෙ.... මම කොහොමත් ටියුබ් ලයිට් තමා

    ReplyDelete
    Replies
    1. මරු ටියුබ් ලයිට් එක... හි හි

      Delete
  7. අදනම් සැරටම දීල තියෙන පාටයි..මොනව වුනත් කතාව ඇත්ත.එච්චරයි..

    ReplyDelete
    Replies
    1. ටෝන් එකේ පොඩි වෙනසක් කළාම හෙනට දැනෙනව නේද... හි හි

      Delete
  8. ටිකක් විතර හිතාගන්න පුළුවන් සැරට ලියැවෙන්න හේතූව...


    ගල් පිලිම බොල් පිලිම කියලා දැන ගන්න කොට කාටත් වෙන දෙයක්....

    මේ තියෙන්නේ සිංහල බ්ලෝග් ගැන මට හිතුනු දේ....

    සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....

    ReplyDelete
  9. අම්මාපල්ල උඹ කියන එක සහතිකම ඇත්ත. බ්ලොග් වලින් අධ්‍යාපනයක් ලබාදෙන්ට ඕන නේන්නං..ඔන්න බලාපං මේ උඹ කියනකල් මම සනී ලියෝන් ගැන දැනගෙන හිටියෙ නෑ නෙව..වහාම දැම්ම සර්ච් පාරක්...අප්පට සිරි ගජ..මෙන්න බොලේ ..මේ ඉන්නෙ බැබලි බැබලි... මේක නෙව වැඩේ..තෑන්ක් යූ සෝ මච් හිරූස්..හි.හි.හි...මීට පස්සෙ උඹ ඔය බොදු බල සේනා වාගෙ එලොවටත් මෙලොවටත් වැඩක් නැති හාල් පාරුවො ගැන ලියන එක අල්ලල දාල ලියාපං සනී ලියෝන්ල වගෙ වගෙ ගිනි කිරිල්ලියො ගැන හොඳද?

    අද තමයි උඹේ බ්ලොග් එකෙන් අධ්‍යාපනික වටිනාකමක් තියෙන දෙයක් දැක්කෙ ඔන්න...හෙහ්, හෙහ්, මම හිතාගෙන මේ පාර බොලොක් සම්මාන උලෙලට නොමිනේට් කරන්ට උඹේ බොලොග් එක හොඳම අධ්‍යාපනික බ්ලොගය කැටගරි එකට..

    පලි - අපෙ අම්මණ්ඩි ඔය මූඩ් එකට එන්ටර් උන දවසට මගෙ තියනව වත්තෙ දාර අඹ ගහක් උඩ මම හදාගත්තු පොඩි පැල් කොටයක්...මම ඉන්නෙ පොත් දෙක තුනකුත් අරගෙන ගිහිල්ලා දවසම අන්න ඒකෙ..හවස් කොරේ කූල් ඩවුන් උනාම උන්දැම එනව ගහ මුලට " ආ, දැන් ගහෙං බැස්සනං මයෙ අප්පච්චි පරිස්සමට " කියල උඩ බලල හිනාවෙනව. මාත් " ආ එහෙමද මයෙ අම්මා? " කියල හෙමිහිට ගහෙං බහිනව.

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මපා මං පොතක් පතක් ගැන එහෙම කිව්වනං ඔය වගේ දුවල ගිහින් සර්ච් කරයිද මං අහන්නෙ ඈ.... අර අම්මණ්ඩිගෙ මූඩ් එකට එන්ටර් වෙන්නෙ ඔය වගේ වැඩ කළාම වෙන්න ඇති... හි හි....

      Delete
  10. අපි පාරේ යනකොට තියන බලු ගූ ගොඩවල් පාගාගෙන යන්නේ නැතුවා වගේ සමහර බ්ලොග් වල පලවෙනි පේලි දෙකතුන කියවනකොට තේරෙනවනේ ඒවා බලු ගූ ගොඩවල් කියලා. ඉතින් මගහැරලා යන එක තමයි අපට කරන්න පුළුවන් හොඳම වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං.. තමන්ට හොඳ දේවල් තෝර බේරගන්න තමන්ට පුළුවන් වෙන්න එපැයි

      Delete
    2. අන්න හරි විචාරක තුමා මමත් එහෙම තමයි කරන්නෙ...මොනවා උනත් හිරුවා කියන දේ හක්කෙ බොක්කෙ තියා නොගෙන කෙලින්ම කියන එක ඉස්තරම්...අපිට වඩා කාලයක් බ්ලොග් ලෝකෙ කරක් ගහපු එකියක් විදියට හිරු දන්නවා අපි බ්ලොග් ලියන්න එන කාලෙ මේකෙ තිබ්බ සුන්දරත්වය...ඒ සුන්දරත්වය විදින්න තමයි මම නම් තාමත් බොහොම ප්‍රිය.

      Delete
  11. කුණුහරුප කැමති අය කුණුහරුප බලයි,අකමැති අය වෙනත් ඒවා බලයි.හිරූ නිකං ආවේගශීලී වෙන්න අවශ්‍ය නෑ.
    හැබෑටම කුණුහරුප කියන වචනෙ නිරුක්තිය ගැන පෝස්ට් එකක් ලිව්වනං හොඳයි කියල මට නිකමට වගේ හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ හැලපයියෙ... එහෙම ආවේගයක් නෑ... ටිකක් ටෝන් එක වෙනස් කළා විතරයි...

      Delete
    2. පව් නේ හිරු... ගොඩාක් කෙන්ති ගිහින්.. වයසට යාවී නෝනේ..

      Delete
    3. පිස්සුද හලෝ.. ටිකක් බය නං හිතුන... කට්ටිය තරහා වෙයිද කියල දාඩියත් දැම්ම.. එච්චරයි... හි හි...

      Delete
    4. බය හිතිලා දාඩිය දැම්ම නං අදට ඇති,හෙට කොහොම වෙයිද දන්නෙ නෑ

      Delete
    5. අනේ ඔයා හොඳයිනේ හැලපයියේ.. හි හි.. දැං කොහොමද ඔයාට...

      ඒක නෙවෙයි.. කුණුහරුප කියන එකේ නිරුක්තිය ගැන ලියමුකො.... හැබැයි මට පහුගිය කාලේ වගේ එල්ලිලා කමෙන්ට් කරන්න හම්බුවෙන එකක් නං නෑ...

      Delete
    6. මාත් ආසයි හැමදාම අහන කුණුහබ්බ ටික නැතුව අලුත් ටිකක් අහන්න ඉදගෙන.. එහෙම නැත්තම් ඒ ගැන ලියපු තේරුම් ගන්න අමාරු ලිපියක් කියවන්න ,, :)
      කවුරුහරි ලියන කෙනෙක් මට මේල් කරන්න ඕනේ හොදද

      Delete
    7. අපූර්වි ඇයි ඉදගෙන කුනුහබ්බ අහන්න ආස.. ඇයි හිටගෙන ඇහුවම මක්ෙ වනවද?

      Delete
  12. මම කීප සැරයක්ම ගිහිල්ලා චෙක් කළා මම මේ බලන්නේ හිරු ගේ බ්ලොග් එකද කියලා.

    මේ බ්ලොග් කියන එක ලොකු වපසරියක් තුළ පැතිරුණ දැනුම් සම්භාරයක්. සිංහල බ්ලොග් අවකාශය මෙතරම් ව්‍යාප්ත වෙලා නෑ කියන එක නම් ඇත්ත. හැබැයි ටිකක් හොයලා බැලුවොත් එකක් දෙකක් හරි හම්බ වෙනවා. අද ගොඩාක් සිංහල බ්ලොග් රචකයෝ හිට්ස් බලාපොරොත්තුවෙන් ලිපි ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ නෑ ලියන එකම බ්ලොග් එකක්වත් වැඩකට නැති ඒවා කියල... ම්ම්ම්... කොපි පේස්ට් බ්‌ලොග් ඇරෙන්න.... ඒත් මීට වඩා දුර යන්න පුලුවන් කියල මට හිතෙනව... මොකද දැනටත් සිංහල බ්ලොග්කාරයෝ ඉංග්‍රිසි බ්ලොග් ලියනවා එයාගෙම සිංහල බ්ලොග් එකට වඩා වටිනාකමින් වැඩි කරුණු එක්ක... ඒක හරියට මාතලන් එකම පෝස්ට් එකේ සිංහල මාතෘකාවට 18+ ඉහල සහ ඉංග්‍රීසි මාතෘකාවට 13+ ඉහල කියලා දානව වගේ... ( උදාහරණයක් විතරයි) සිංහලට වැඩි වටිනාකමක් දෙන්‌ෙන නෑ....

      Delete
  13. සම හරක්ට මේ මහා ලොකුවට පෙන දේවල් මේ මහ ලොකු ආඩම්බරකාර සංස්කෘතියෙ සභ්‍යත්වය ඇතුලේ තියෙන දේවල්. ඒවා මේ අළුත් දෙවල් නෙමෙයි. අපි පයිසෙකට ගනන් ගන්නෙ නැති දේවල්, සමහර උන්ට මහා ළොකු දේවල් වෙලා පේන්න පුළුවන්. ඒ සමාජය නොදන්න අයට.

    මනසෙ බෙදීම හදාගෙන තියෙන එකාට. අළුතෙන් දෙයක් පටන් ගන්න කොට. ඉන්න පෙට්ටිය ඇතුලෙන් එලියට එන්න බෑ. මොකෝ උගෙ මනස ඇතුලේ අර බෙදීම තියෙන නිසා.. ඉතින් ඌ අනුන්ට කියනවා, අනේ මම නම් එහෙම හිතන්නේ නෑ.. ඇයි ඔයාලා මේ බෙදීමක් ඇති කරන්න යන්නේ කියලා..

    බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැති උනහම, සමහර අය නාගන්නවා.. ඔයා බ්ලොග් කියලා දකින දේ නෙමෙයි අපි බ්ලොග් කියලා දකින්නේ..

    හැබයි හිරුට මම ගරු කරන එක හේතුවක් තියෙනවා.. කියන්න ඕන එක වටේ යන්නෙ නැතුව කෙලින්ම කියනවා..

    ඔව් අපි කීප දෙනෙක් බය නැතුව කරපු දේවල් කියනවා ලියනවා. ඒ ඒවා අපිට එආ කාළෙවත් අදවත් මහ දේවල් නොවුන නිසා.. එදත් සමජයේ තිබුන අදත් සමාජයේ තියෙන දේවල් නිසා. රජ ගෙදර ඉඳලා හිඟන්නා ගාවට යනකන් ඒ දෙවල් වෙන නිසා. මේ දේවල් කරගන්න බැරි උන උන්ට මේවා මැජික්..

    ලොකු ඉස්කෝලෙකට ගියපු එකා අනික් උන්ට අරහන්. කැම්පස් යන්න බැරි උන එකාට කැම්පස් ගිය එකා අරහන්. ගල් ලෝඩ් එකක් බාගන්න බැරි උන එකාට. ඒවා කරපු උන් අරහන්.. සමහර විට මේ කොමෙන්ට් එකත් කපයි.. අවුලක් නෑ..

    හැබයි බ්ලොග් කියන්නේ මොනවද කියලා පෝඩ්ඩක් තව දුරටත් හොයලා බලන්න..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ...........

      හිරුගේ මාතෘකාව මොකක්ද කිව්වේ.....


      කම්මැලි නැතිව උඩට ස්ක්‍රොල් කරලා බලන්න ලාමායි.....

      Delete
    2. බලලා තමයි ලිව්වේ.. කෙලින්ම බ්ලොග් වල නම් කිව්වනම් ඉවරයිනේ.. මේවා ලියන්නේ. මම, කෙන්ජි, හැලපෙ, සහ අරූ පමණයි.. අපිට කාගෙවත් සැටිපිකට් ඕන නෑ.. අනික ඉතින් ඕන එකෙකුට තේරෙනවනේ මොකක්ද මේ කියන්නේ කියලා..

      Delete
    3. හරියටම හරි මාතලන් මේ බ්ලොග් කියන්නේ කාටවත් පාලනය කරන්න හැකි දේවල් නොවෙයි. අවශ්‍ය දේ ගත්තා අනවශ්‍ය දේ සිතින් ඉවත් කළා.. ඒත් ජීවිතය විදවන අය බ්ලොග් තුළින් ජීවිතය හොයනවා. තම සුන්දරම කාලයේ අහිමි වී ගිය දේවල් මේවා අස්සේ හොයනවා. ජීවිතය විදින අය ඒ වින්දනය බ්ලොග් හරහාත් පිටකරනවා. මේ දොගොල්ල අතර මේ විඳීමේ ඇති හැකියාවට හැකියාව නැත්තෝ වෛර කරනවා... ඒකත් ඉතින් දූපත් මානසිකත්වයම තමයි.
      මේක තොප්පිය හරියන කමෙන්ටුවක් නොවේ කෙළින්ම හිරුගේ අවධානයට කිව්ව එකක්.

      Delete
    4. මාතලන් මට නම් කියන්න ඕනෙ උනා නං මට එහෙම නොකියා ඉන්න ඕනෙ කමක් නෑ... මොකද මෙහෙම දෙයක් කිව්ව කියලා තරහා‌ෙවලා පිස්සු කෙලින එවුන් සෙට් එකකගේ නම් නෙවෙයිනෙ ඔයා ඔය ලියලා තියෙන්නෙ.... නමුත් මම මේක ලිව්වෙ එහෙම කාවවත් ටාගට් කරලා නෙවෙයි... මාස ගානක් තිස්සෙ බ්ලොග් සහ කමෙන්ට් කියවද්දි හිතිච්ච දේවල් කීපයක් විතරයි... අනිත් එක තමන්ට අදාල නැත්තං සීරියස් අරගන්න මේ ලෝකෙ දේකුත් මෙතන නෑ...

      අනිත් එක මෙච්චර කාලෙකට මේකෙ අදාල නැති කමෙන්ට් එකක් ඇරෙන්න වෙන කමෙන්ට් එකක් මකලා නෑ කියලා මං හිතන්නෙ ඔයා දන්නව...

      ඔයාගේ උඩ කමෙන්ට් එක ගැන කිව්වොත් මට කියන්නෙ වෙන්නෙ “ අපි ඉස්සරත් කළාය ” කියන එකෙන් කරපු දේ හරිය කියල සාධාරණීකරණය කරන්න බෑ කියන එක... ඕක ලස්සනට අරූ දවසක් කියල තිබ්බ... අර රස්තියාදු ගහපු කාලේ ගැන ලිව්ව පෝස්ට් එකේ කමෙන්ට් වලදි....

      Delete
    5. නලින් අයියට කියන්න වෙන්නෙ තව පාරක් පෝස්ට් එක කියවන්න කියල තමයි.... මට ඔතනදි කියන්න ඕනෙ උනේ කෙනෙක්ගෙ විඳීම එයාට ළඟම කෙනෙක්ගෙ විඳවීම වෙන්න පුලුවන් බව විතරයි..

      Delete
    6. @ මාතලන්,
      ++++++++++++++++++++++++++++++
      @ නලිය, ++++++++++++++++++++++++++++++
      @ මයියා, උඹ උඩ තියෙන තොප්පි ටික සේරම දාගෙන මෙහෙම හරි දකින එක සතුටුයි.

      Delete
    7. හප්පේ වැටවල් ගොඩ... හි හි...

      ඇත්ත කෙන්ජි.. මයිය මෙහෙම හරි පේන්න එන එක ලොකු දෙයක්... ( මගේ රැවුල පත්තු වෙලා ඉන්න වෙලේ මයියා සුරුට්ටුත් පත්තුකරගෙන... ලින්ක් දෙකක්ම දාගෙන.... හි හි)

      Delete
    8. පෝස්ට් එක ඉතා හොඳින් කියෙව්වා හිරු../අරුන්ට මුන්ට කියලා බෙදාගෙන, උඩදාගෙන කියෝගෙන යන / මේ වදන කෙළින්ම අපට අදාළයි.
      අර උඩ තියන හෙඩිම නොදා මේක කෙළින්ම අහවලුන්ට කියල දැම්මනං නේ හොඳ.
      ඔව් අපි බොහොම පිරිසිදු හිතින් කරන්න ගත් වැඩක අනිටු ඵල තියේ කියලා මෙයිට වඩා නම්බුකාර විදියට සෘජවම බැලැක් ලේබල් අන්වර්ත නාමිකව හා රාජ් නාමිකවම ඇවිත් කියලා ගියා. අපද ඒ ගැන දෙවරක් සිතා බලා තමා කටයුතු කරන්නේ. ඒ මන්ද යත් මේ ඉන්නා සීමිත පිරිස අතර කිසියම්ම හෝ බෙදිමකට අප එකඟ නැති නිසායි. ඒත් දැන් මෙතැන හිරි කෙළින්ම බෙදීමක් ඇති කරලා තියනවා. ඒ බ්ලොග් ලියන හැටපැන්න අය හා හිරුලා වගේ නව යෞවනයේ අය කියලයි. හිරුගේම මේ වැකියෙන් එය පැහැදිලියි / / හැට පැනපු නාකින්ට ටොකු ඇනලා කියල දෙන්න ඕනෙ නැ නේ// ඒත් හිරුට අමතක ව ගිය දේ තමයි කවුරුත් වයසට යනවා කියන එක. ඒකට අමනාපයක් නෑ ඒ වගේම නාකි අපට අර බ්ලොග ලියන හතේ පන්තියේ ඉන්න දරුවත් එකයි අපේ වයසේ ඉන්න අරුණිත් එකයි.
      ඒ ඔක්කොමත් හරි // අන්න ඒක තේරුම් ගන්න පුළුවන් එකා විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ// මෙන්න මේ හිරුගේම වදනත් එක්ක කියන්න තියෙන්නේ පිරිමියෙක් ඕක කොරන්නේ මොන අවස්ථාවලද කියලා අපේ මහත්තයා අහිංසකයගෙන්ම අහගන්න කියලයි.

      Delete
    9. එල නලිය ....
      හිරු වයසත් එයා ගෙස් කරලා ලිපිය ලියල තියෙන එකනම් හරිම හිරිකිතයි...
      මම අපේ කොල්ලෝ සෙට් එකට පෙන්නුවාම කිව්වෙ,බැදපු එකාගෙන් ඕන දේවල් නොලැබෙන විට නාකි වෙලා බැන්ද පුන්ඩියෝ ඔහොම කියනව තමයි මචං කියල හැක්..හැක්..හේ...

      Delete
    10. නලින් අයිය මුලින්ම වරද්දගෙන.... පළවෙනි එක තමයි මේ කිව්වෙ එක බෙදීමක් ගැන විතරක් නෙවෙයි කියන එක.. මේකෙ බෙදීම් තියෙන්නෙ එකයි දෙකයිද නලීන් අයියෙ..? මේකෙ කොච්චර බෙදීම් තියෙනවද.... මතකනෙ යූත් එකේ බ්ලොග් ගෙට්ටුව... මම මුලින්ම මාතලන්ට කිව්ව වගේ මේක කෙනෙක්ව හෝ කට්ටියක්ව හෝ ටාගට් කරලා ලියපු දෙයක් නෙවෙයි.. ඒ වගේම අද ඊයේ වෙච්ච සිද්ධි දෙකතුනක් හින්ද ලියපු දෙයකුත් නෙවෙයි...

      මම හැට පැනපු නාකි කියන එකෙන් බෙදීමක් අදහස් කළේ නෑ.. ඒක අදහස් ඉදිරිපත් කිරීම ගැන කියපු දෙයක්... ඒක වයස සම්බන්ධ දෙයක් නෙවෙයි... මේකෙ අවුරදු 20 එවුනුත් හෙන පරිණත තාලේ පෝස්ට් ලියනව.. මොකෝ අපි උප්පැන්න බලන්නෙ නෑ නේ... මං කිව්වෙ ලියන දේවල් අනුව... අනිත් එක ඒක වයසට අදාලව බැලුවොත් දූ දරුවො ඉන්න කෙනෙක් වටේ, ඒ කෙනා කරන කියන දේවල ප්‍රතිපල විඳින පිරිස තරම් පිරිසක්, 20 කෙනා වටේ නෑ... මම මේ කියන දේ ගැන මට වඩා හොඳට නලීන් අයිය දන්නව...

      අන්තිම එක ගැන කියන්න තියෙන්නෙ මම ඒ ලිව්වෙ මේ පෝස්ට් එක තේරුම් ගන්න එක ගැන.. දැනට තේරෛන්නෙ ඒක කාටවත් තේරිලා නැති බව.. එක්කො නැත්තං තේරුම් ගන්න උවමනාවක් නැති කම...

      නලින් අයියගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා මේකට හිත් අමනාපකම් ඇති කරගන්න එපා කියල..

      ( මං මේ බයේ ඉන්නෙ මේක ලිව්ව කියල මට බැනුම් අහන්න වෙයිද කියල.. මෙයා මට ගුටිත් ඉල්ලලා දෙන්න ලෑස්ති වෙන්නෙ.. හි හි)

      Delete
    11. මතවාදී තලයේ සිදුවීමකට අමනාපවන කෙනෙක් නොවේ මම. ඒ වගේම තමා මේ නිදහස් මාධ්‍ය කලාවේ අංගයක් මෙවන් ලිපි. එකම අවුල නමින්ම ඉන්න ඔබ කෙළින්ම ඇගිල්ල දිගු නොකොට වටේ යාමයි. මේ නිදහස් මාධ්‍ය භාවිතයේ මෙයිට වඩා දේවල් වෙනවටත් මං කැමතියි. මගේ නිදහස වගේම අනෙකාගේ නිදහසත් මා හැමදාම ගරුකොට සළකනවා. මගේ වාරණයක් වෙතොත් වෙන්නේ තැනට නොගැලපෙන කුණු හරුප හා අන්‍ය පාර්ශ්වයක චරිත ඝාතනයක් නම් පමණයි.

      Delete
    12. සාමාන්‍යයෙන් බැඳපු එකාගෙන් ඕනෙ දේවල් නොලැබෙනකොට ගෑනු හතර වටේ යනවා මිසක් මේවා කියෝ කියෝ ඉන්නෙ නෑ කෙන්ජි... හැබැයි ගෑණියෙක් එහෙම ගියාය කියල මහ අවුලකුත් නෑ දැං පේන විදියට... මොකද ඒක එයාගෙ අයිතිය... ඉතිං පුන්ඩියෝ බැරි නං වෙන ඕනෙ මඟුලක් කිව්වට කමක් නෑ ... අනිත් එක හැට පැන්නත් පිරිමින්ට හතර වටේ කොට කොට යන්න පුලූවන් නං ගෑණියෙක් ගියාම මොකද්ද තියෙන අවුල.... හි හි...

      අනිත් පිරිමි, ගෑනු මහ ගොඩක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වනවා කියලා කියල එක වීරකමක් කියල සලකන පිරිමිම, ගෑණියෙක් පිරිමි දෙතුන් දෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වනව කියලා අපහාස කරනකොට සාමාන්‍යයෙන් මම නං එයාලට කියන්නෙ පොන්නයො කියල.. මොකද ගෑණියෙක් කියන්නෙ ජීවිතයක් තියෙන, අවශ්‍යතා තියෙන, හැඟීම් දැනීම් තියෙන “මනුස්සයෙක්” කියල තේරුම් ගන්න බැරි කෙනෙක් තමයි ඒ වගේ ගෑණියෙක්ට අපහාසයට කතා කරන්නෙ... ගෑණියෙක්ට අපහාස කරන්නෙ පොන්න පිරිමි තමයි...

      මං හිතන්නෙ මේකත් ඔයාගෙ කොල්ලො සෙට් එකට පෙන්නුවා නං හොඳයි කියල.. හි හි...

      ( වයස ගැන නලීන් අයියට කියපු ටික බලන්න කෙන්ජි... තරහකින් නෙවෙයි මේවා ලියන්නෙ හරිද...)

      Delete
    13. කොහෙත්ම කාටවත් ඇඟිල්ල දිගු කිරීමක් කළේ නෑ මම නලීන් අයියෙ.. මෙතන කිසි කෙනෙක්ට මම දොස් කියල නෑ.. මට හිතිච්ච දේ විතරයි ලියල තියෙන්නෙ... හොඳට කියෙව්වොත් තේරෙයි.... හැබැයි අවස්ථාව අනුව මේ කියන්නෙ මෙයා ගැන කියල ගෙස් කිරීමක් සිද්ධ උනා.. ඒක මම පෝස්ට් එක දාපු වෙලාවෙ වැරැද්දක්.. ( ඇත්තටම සින්ඩියේ කේස් එක මෙච්චර බරපතලෙට ගිහින් කියල මම හිතුවෙ නෑ... මම හිතිච්ච දේ එතන කියලා සින්ඩියත් ෆලෝ කරල ආවා.. පස්සෙ කමෙන්ට් දැක්කත් මං හිතුවෙ නෑ ඒක මෙච්චර තද කේස් එකක් වෙලා කියල.. මට ඒක එච්චර ලොකු අවුලක් විදියට දැනුනෙ නෑ.. මොකද මාතලන් සහ ඔයා කියන්නෙ සාමාන්‍යයෙන් කරන්න යන වැඩේ හරියට කරන්න දඟලන අය කියල මං දන්න නිසා හිටපු ගමන් පිස්සු කෙළියත්.. ඒක මම කමෙන්ට් ඔයාගේ පෝස්ට් එකෙත් මාතලන්ගෙ පෝස්ට එකෙත් කමේනට් වලදි කිව්ව...)

      Delete
    14. ඔබ ලොකු ඇම්මකින් ලියපු ලිපියක්.
      තමා බැදපු එකාව පොන්නය කරල,අපිව 60 ගණන් වලට දාල.
      ඔබට තිබෙන පැහැදිලි දෙය මා දුටිමි...
      දැන් මා දමා තිබෙන ලිපිය කියවන්න.
      ඕකට කියන්නේ පැහැදිලි අරක...
      තව කියන්නේ නැත නුඹට...

      Delete
    15. හි හි.. බැලුව බැලුව.. කමෙන්ට් එකකුත් දාලා ආවෙ.. ඔයාට ඉතිං සීයා කියලනෙ මම එදා ඉඳල කියන්නෙ... ඒ මොකටද කියල මම දවසක් කිව්ව මතකයිනෙ...

      සාමාන්‍යයෙන් මං පොන්නයෝ කියන්නෙ මොන වගේ පිරිමින්ටද කියල මං කලින් කිව්වනෙ.. ආයිත් කියන්න අවශ්‍ය නෑ මං හිතන්නෙ... මං දන්න විදියට එයා නං එහෙම කෙනෙක් නෙවෙයි.. ඔයත් හැට ගනං නෙවෙයි කියල මං දන්නව...

      ( ඒක නෙවෙයි.. මේ තරහා අරන් ලියන දේවල් නෙවෙයි නේ.. මට දැන් කෙන්ජිට තරහා ගිහින්ද කියලා හිතාගන්නත් බෑ..)

      Delete
    16. ඔයා නේද ලිංගිකත්වය ගැන පාසල් වල උගන්වන්නේ නෑ. ඒ ගැන සාඛඡ්චා යන්නෙ නෑ. පවුල් වල මේ ගැන ප්‍රසිද්ධියේ කතා වෙන්නේ නෑ. මාධ්‍යවලින් මේ දෙවල් කතා වෙන්නේ නෑ කියලා, ඇමතිවරුන්ට නිළධාරින්ට එහෙම බනින්නේ. එතකොට මේ මොකක්ද මේ පෝස්ට් එකෙන් කියන කතාව. සමාජය කියන්නේ විෂම විවිධවූ තැනක්. ඕන දේකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන. එක මතයක උන්නට කමෙක් නෑ. ඒත් දකුණු අත කරනදේ වම් අත පිලිගන්නෙ නැත්නම් එතන අවුලක් තියෙනවා නේද?

      Delete
    17. හයියෝ හයියෝ .... මේ මොක වෙලා තියෙන්නේ ....?

      Delete
    18. මේක ලිංගිකත්වය ගැන කතාවක් නෙවෙයිනෙ මාතලන්.. ඇයි පටලෝ ගන්නෙ.... මං මේකෙ කොහෙවත් කියල තියෙනවද එහෙම කතාවක්...

      Delete
    19. මාත් හිරුගේ සටහන් කියවන හින්දා ලියන්නේ. බ්ලොග් හා ජාල කියන්නේ, සම්ප්‍රදායික මාධ්‍ය හර, බැඳීම් හා සිමා මායිම් සුනේ සුන් කරපු සන්නිවේදන මාධ්‍යයන්. මෙතැනදී අප අවධානය යොමු කරන්න ඕනේ කියවන්නා/ලබා ගන්න කෙනා ගැන මිසක් ලියන හෝ ඉදිරිපත් කරන්නා ගැන නොවේ. ඔය හඩ්ඩා වගේම තමා. අහන්න කෙනෙක් නැත්නම්, බොරුවට උඩු බිරුවට නැහැ. එක නොවේ වෙන්නේ. අහන්න ගොඩක් ඉන්නවා. සාරුවට චන්දෙ දෙන බෝධි පුජා තියන ගොඩක් දෙනා ඉන්නවා.
      දැන් මාතලන්ම කියන බ්ලොග් ලිවීමේ නිදහස හිරුටත් එකසේම තියෙන්න ඕනේ. කුණුහරුප හෝ වෙනත් දෙයක් ලිවීමේ අයිතිය වගේම, එය විවේචනය කිරීමේ අයිතියත් අප පිලි ගනිමු. ඔබලා සියල්ලන්ටත් කේන්ති ගිහින්. එහිත් වරදක් නැහැ. හැබැයි ඔබල කියන, නිදහසේ මූලික සංකල්පය මෙතැනදී අමතකයි.
      හිරු කියන අනික් දේ, එනම් පිරිමියාගේ, ලිංගික නිදහස, එසේම ගැහැණියටත් හිමි විය යුතුයි කියන එක ගැන මොකද හිතෙන්නේ? තමන්ට නයි ඇරීමේ අයිතිය, අනික් ය කරන කොට පන්න පන්නා ගසිමගන මොකද හිතෙන්නේ? තමන්ට සිංහලෙන් නොවන වෙනත් භාෂා වලින් (සිංහල බ්ලොග් වල) අදහස් දැක්වීමට තියන අයිතිය, අනුන් එසේ කරන විට විවේචනය කිරීම ගැන මොකද හිතෙන්නේ? පොලිසියේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ගැන, ලියන සාටහනක ප්‍රතිචාරයකට, ප්‍රචණ්ඩ අදහස් ඉදිරිපත් කිරීම ගැන මොකද හිතෙන්නේ? ප්‍රතිචාර වලටම එරෙහිව ප්‍රචණ්ඩ වීම ත් ඒ වගේමයි.
      අප සාමාන්‍ය වහරේ කුණුහරුප කියා හඳුන්වන ලබන, එදිනෙදා එකිනෙකා කතා කරන විට පාවිච්චි නොකරන, වචන වලින් තොර අනෙක් අදහස් මා කුණුහරුප කියා සිතන්නේ නැහැ. හැබැයි ඒකීය පුද්ගලයන් වශයෙන්, මේවා තෝරා ගෙන කියවීම අපේ කාර්යයක්. ඒ වගේම තමා, අපගේ පාලකයන් තෝරා ගන්නා විටත්, ඔවුන් නරක වෙන්න පුළුවන්. හැබැයි තෝරා ගැනීම අපේ අතේ තියෙන්නේ (දිග කොමෙන්ටුවා, මා දැන් අඩුවෙන් ලියන නිසා). මාතලන් ඇතුළු අප සියල්ල පතන ප්‍රජාතන්ත්‍රවාදය පැතුරවීමට දායක වෙන ගමන්ම,තෝරා ගැනීම ගැනත් සිතමු!

      Delete
    20. කථාවේ සෑහෙන කෑල්ලක් මිස් වෙලා...

      ඒ වගේම රයිගම මං කියන්න යන දේත් ගොඩක් දුරට කියලා...

      මෙතැන කථා කරන හැමෝම කියන එකේ සරාංශය තමයි බ්ලොග් කලාවේ තියෙන 'නිදහස්' බව...කුණුහරුප ගැන කියනවා නම් තනිකරම ශුංගාරය හෝ විකෘතිකාමය උලුප්පන කුනුහරුඔප ලෙස සමාජ සම්මතේ පවතින දේ පමනක් ලියන බ්ලොගුත් සිංහල භාශාවෙන් ලියැවෙනවා....නමුත් කවුරුත් එවා වසා දැමිය යුතු යැයි කියන්නේ නෑ ..ඒවත් ඔහේ තියෙනවා....

      දැන් හිරුගේ ලිපියේ කාගේවත් නමක් සදහන් නෑ...එයා කිසියම් සීමාවක ඉදගෙන තමන්ගේ අදහස ලියලා තියෙනවා....තමන්ගේ අදහස හිරුට ලියා තියන්න, වෙන අයේකුට කුනුහරුපයක් තමන්ගේ බ්ලොගේ ලියන්න තියෙන නිදහස ම තියෙනවා.... ඒ වගේම එවා විවේචනය කරන්නත් කාටත් එම අයිතියම තියෙනවා...

      ඒත් හිරුගේ පෞද්ගලිකත්වය ඇදගෙන, ඒ වගේම හිරු කාන්තාවක් කියලා සිටිරියෝටයිප් කරලා කරන විවේචන පිලිකුලින් යුතුව බැහැර කරනවා. හිරු කාගේවත් නමක් සදහන් කර හෝ පෞද්ගලිකත්වය ගවා නොගෙන තම අදහස කියා තියෙනවා. ඒත් ඒක තමන්ට අදාලයි කියලා හිතාගෙන, හිරුගේ පෞද්ගලිකත්වය වෛශය්‍යා වෘතියේ යොදවමින් ඇයගේ පෞද්ගලිකත්වයට ගල් ගසන අය කෙලෙසා දමන්නේ තමන් ආරක්ශා කිරීමට උත්සහ කරන්නේ යැයි කියන'බ්ලොග් කලාවේ නිදහස' පිලිබද අයිතියි මයි කියලා මම විශ්වාස කරනවා..

      Delete
    21. කිසිම අයුරකින් පෞද්ගලික පහර දීමක් මා විසින් නම් කර නැත. ඇය හා පැවති මිතු දමද එසේමයි. මම හිතන්නේ හිරු මේ ළිපිය ලිවීම ගැන දැන් දුක් වෙනවා ඇති. මීට වඩා වටිනවා අපි වගේ කෙලින් කතා කරානම්.

      Delete
    22. මාතලන්, හිරු මේ කෙලින්ම තමයි කියලා තියෙන්නේ. කෙලින් කියන්න ඕනේ තමන්ගේ මතය මිසක්, කාව කාව අරමුණු කරගෙනද කියලා නෙමෙයිනේ. එහෙම නම් කරන්න ඕනේ ඒ ඒ කෙනාට ඊමේල් යවන එක. යම් කිසි ක්‍රියාවලියක් විවේචනය කරද්දි ඇයි අරයට මෙයාට කියනා නම් ගම් කියන්න ඕනේ? එතකොට ඒ විවේචනය අදාල වෙන්නේ ඒ නම් ගම් වලට විතරනේ. විවේචනයක් කල යුත්තේ මෙහෙම තමයි. ක්‍රියාව මිසක් කරන පුද්ගලයා මූලික කරගෙන නෙමෙයි.

      දැන් මාතලන් ලිව්වා... "නියෝෆෝබියාවෙන් තොර අයට කියලා"... දැන් ඔය තර්කයම මාතලන්ට අදාල කලොත්, මට අහන්න පුළුවන්නේ කවුද ඔය නියෝෆෝබියා කාරයෝ, නම් ගම් කියන්නෙ නැත්තේ ඇ‍යි කියලා. නමුත් ඒ ප්‍රශ්නය අහන්න අවශ්‍ය නෑ, නියෝෆෝබියාව කියන්න මොකද්ද කියලා කියලා තියන නිසා...

      Delete
    23. අවුලක් නෑ මයියා... සාමාන්‍යයෙන් ඔය ටික දැනගෙන තමයි මම කතාවෙ පලිය ලිව්වෙ..

      මම මෙතන ලිව්වෙ මට ඇත්තටම හිතෙන දෙයක්, මට දැනෙන දෙයක් විතරයි රයිගම්... මට ඕනෙ උන එකම දේ මේක තවත් කෙනෙක්ට මට දැනෙන විදියටම දැනෙන්න ඉඩ තියෙන බව පෙන්නන්න විතරයි... ඒක පෙනුනත් නොපෙනුනා විදියට ඉන්න අය සහ දැක්කා, ඇත්ත තමයි කියන අය ඉන්න බව මම කලින්ම දැනගෙන හිටියා... පිලිකුල සහ ලැජ්ජාව, ගනන් ගැනීම හෝ නොගැනීම කියන දේවල් එකම දේවල් නෙවෙයි... මේව බොහොම සිම්පල් දේවල්.. හැබැයි අවස්ථාව අනුව පටලෝගන්න පුලූවන්....

      මාතලන් හෝ කෙන්ජි හෝ නලීන් අයියා හෝ කිසි කෙනෙක් එක්ක මගේ නම් කිසිම අවුලක් නෑ.. මාතලන් කිව්වා වගේ කිසිම තරහකුත් නෑ... ඒ වගේම මේ පෝස්ට් එක ලිව්ව එක ගැනවත් ලියපු විදිය ගැනවත් මට කිසි දුකකුත් නෑ.. දුකක් තියෙන්නෙ මේක මම දාපු වෙලාව ගැන විතරයි... ඒකෙන් මේ කියන්නෙ මෙයා ගැන කියලා ගෙස් කිරීමක් උන එකෙන් කට්ටිය හිත් රිදෝගත්තා.. මම බලාපොරොත්තු උන කතිකාවත මේක ඇතුලෙ ඇති වෙන්නෙ නැති බව මම කලින්ම දැනගෙන හිටියා... මේක තනිකරම මගේ අදහස් ප්‍රකාශනයක් විතරයි... මම මේ කියන දේ ඇතුලෙ යම්කිසි ඇත්තක් තියෙනව කියලා කෙනෙක් තේරුම් ගන්නවා නං ඒ ඇති හොඳටම...

      Delete
    24. @ තිසර

      නියෝෆෝබියා කාරයන්ට නමක් නෑ නේ. උන්ගේ නම ඇනොනිමස්. අනික් අයට කොමෙන්ට් වලට රිප්ලයි දීලා ඇති. සමහර අයගේ හිත් රිදෙන්න ඇති. අපිත් පෘතග්ජන මිනිස්සුනේ. අපිටත් හැඟීම් දැනීම් තියෙනවා. වැරදි අඩුපාඩු කාගේ අතිනුත් වෙනවා.

      Delete
    25. //මම අපේ කොල්ලෝ සෙට් එකට පෙන්නුවාම කිව්වෙ,බැදපු එකාගෙන් ඕන දේවල් නොලැබෙන විට නාකි වෙලා බැන්ද පුන්ඩියෝ ඔහොම කියනව තමයි මචං කියල හැක්..හැක්..හේ...//

      එතකොට මේ මොන ෆෝබියා කාරයෙක්ගෙ කමෙන්ටුවක්ද මාතලන් මහත්තයො?

      Delete
    26. //මම අපේ කොල්ලෝ සෙට් එකට පෙන්නුවාම කිව්වෙ,බැදපු එකාගෙන් ඕන දේවල් නොලැබෙන විට නාකි වෙලා බැන්ද පුන්ඩියෝ ඔහොම කියනව තමයි මචං කියල හැක්..හැක්..හේ...//

      ඔය ලෙඩෙට කියන නම දන්නවද කෙන්ජි..? "පැලපදියම් වුන කන්යාබාවය".

      Delete
    27. ලෙඩ සම්බන්ධ දොස්තර කෙනෙක් නං මේක කිව්වෙ, එහෙම ලෙඩක් තියෙනවා කියලා දැනගන්න මෙතන කියපු එක හොඳයි... හි හි

      Delete
  14. පහුගිය දවස් ටිකේ බ්ලොග් කියවන්න බැරි වුන හින්දද මන්ද! මටං මුකුත්ම තේරුන් නෑ... :D

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ අනේ.... හි හි

      Delete
  15. අක්කා ඔක්කොම කියලා ආයේ මොකුත් ඉතුරු නැහැ ,, ඔබට ජය ,, මටත් ආවම ඕනේ මොනරෙක් හදලා , හොදේ

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවාද නෙලන එක නෙලලා හතර වටේට....මාත් ඉතිං මං ලියපු එව්වත් ආපහු කියවලා බැලුවා මටත් එක්කමද නෙලලා තියෙන්නේ කියලා.. :D

      Delete
    2. ඔමා හොස්පිට්ල් කියල ආරංචියක් ආව... මක් උනාද ඔයාට....

      Delete
    3. සෙම වැඩිවෙලා අමාරු වුණා අක්කේ අද ගෙදර ආවේ ..ස්තුති ඇහුවට

      Delete
    4. මේ පොස්ට් එකට වඩා බරපතලයිනෙ මීට ටිකක් උඩින් තියන කමෙන්ට් සෙට් එක ඈ :D

      Delete
    5. @ My life as a Gaijin! ඒකනේ මෙයා නෙලලා ඒකේ තොප්පි අපි දාගෙන ඉන්නකොට ඒගැන නොකියා මග අරිනවා.

      Delete
    6. තොප්පි දාගත්තට, දාගත්ත කියල කියන්න කිව්වෙ නෑ නේ නලීන් අයියෙ මම... හි හි...

      Delete
  16. ලෝකය ලස්සන වෙලා තියෙන්නේ පාට ගොඩක් තියෙන නිසා .... සමහරුන්ගේ ආසම පාට තවත් සමහරුන්ගේ කැතම පාට.... ඕක ඉතින් ලෝක ස්වභාවය හිරු.... බ්ලොග් ලෝකෙටත් ඕක එහෙන්මමයි
    ලෝකයේ ඉංග්‍රීසි භාවිත කරන ප්‍රතිශතයයි සිංහල ප්‍රතිශතයයි බැලුවම මමනම් හිතන්නේ සිංහල බ්ලොග් අවකාෂය හොඳ තැනක තියෙනවා (අපේ සාර්ක් රටවල් ටික එක්ක ගත්තත් අපි ප්‍රතිශතාත්මකව හොඳ තැනක ඉන්නවා
    හැබැයි කට්ටියට තමන් ලියන ඒවා වල ගුණාත්මක පැත්ත ගැන තව වරක් හිතන්න මේ වගේ පොස්ට් හරි වටිනවා

    ReplyDelete
    Replies
    1. ගුණාත්මක කිව්වේ...අර සම්භාව්‍ය ඝනයේ බයිස්කෝප් බලල හිසේ රුදාව හදන් යන ඒවායේ කතා වගේද?

      Delete
    2. ඒවා අවුලක් නෑ රාලේ... ඒත් නිකං සිංහල බ්ලොග්සුයි ඉංග්‍රිසි බ්ලොග්සුයි හරියට ඉංග්‍රීසි පත්තරයි සිංහල පත්තරයි වගේ ගතියක් තියෙනව.. ඒකයි මට කියන්න ඕනෙ උනේ... මම උනත් බිස්නස් එකකට බ්ලොග් එකක් පටං ගන්නවා නං වැඩිපුර පිරිසක් ඉලක්ක කරලා පටං ගන්න වෙන්නෙ ඉංග්‍රීසි බ්ලොග් එකක්... මොකද සිංහල බ්ලොග් කියෝන අයට ඒවගේ බ්ලොග්ස් එච්චර ගානක් ඇත්තෙම නෑ.. සර්ච් එකක් කරන්නෙත් ඉංග්‍රීසියෙන්නෙ අපි උනත්... අපේ තාමත් විවිධත්වය මදි කියල මට හිතෙන්නෙ...

      හපොයි කෙන්ජි.. ඔය කිව්වෙ සිංහල සම්බාව්‍ය ෆිල්ම්ස් ගැනද.... හි හි

      Delete
    3. ඉතිං අපටත් ඉගන ගන්න එක්ක ලියන්නකෝ ඒකට උදාහරණ විදියේ ලිපි කීපයක් හිරු අපිත් ආසයි දන්න කෙනෙකුගෙන් නොදන්නා දෙයක් අහගන්න

      Delete
    4. මම පටං ගන්න ඉන්නෙ නලීන් අයියෙ මම මේ ඩිසයින් වලට කරන මල් ගැන පොඩි පෝස්ට් ටිකක්... මට තාම ඒවා කරන හැටි ගැන එක බ්ලොග් එකක්වත් සිංහලෙන් හම්බුනේ නෑ.. ඉන්දියන් ඒවා නං හෙන ලොට් එකක් තියෙනව... පොඩි එවුන් එහෙම මාර ආසයි ඒවාට... පරක්කු වෙන්නෙ මට ෆොටෝ ගන්න විදියක් නෑ නේ... ඒකයි...

      Delete
  17. විවිධ මිනිස්සුන්ට විවිධ අදහස් තියෙන්නේ. ඒ නිසා මේ ගැන නං මුකුත් කියන්නේ නෑ. හැබැයි පහළින් තිබුණ කාඩ් නං හරිම ලස්සණ යි. ඒවා හදන හැටි ගැන පෝස්ට් එකක් දාන්න බැරිදෝ?

    ReplyDelete
    Replies
    1. දානව ධාරා.... ළඟදිම දාන්න හිතාගෙන ඉන්නෙ.. ෆොටෝ ටිකක් ගන්න ඕනෙ නිසා මේ වැඩේ පස්සට දාලා ඉන්නෙ....

      Delete
  18. මිනිස්සුන්ගේ අදහස් විවිධයි අක්කේ.. කවුරු කොහොම මොන දේ ලිවුවත් කුණු රසයට ආස පිරිසකුත් මේ අතරම ඉන්නවනේ බං අක්කේ.. මතක ඇති මේ කතාව අක්කමයි මට කමෙන්ට් එකකින් වතාවක් දැම්මේ.. හැම දේම සමසිතින් දාරාගමු අක්කේ..

    ඒ අර මොණරා මරු ඈ.. මටත් එකක්.. ;)

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ එන කාලෙක මාසෙකට විතර කලින් මට කියල තියන්න.. හදල දෙන්නං.. හි හි

      Delete
  19. මේ දවස් වල මට පෝස්ට් එකක් ලියන්න තරම් මූඩ් එකක් නෑ. ඒත් ඊයේ බ්ලොග් ලියන්න මල්ලි කෙනෙක් එක්ක කතා කලාම කොල්ලා එක පාරටම අහපු කතාවට මට හිනා ගියා.
    හා ඒ සම්බන්දව යමක් ලියන්න ඕනේ කිය කිය හිටියේ.
    මතක විදියට මම බ්ලොග් වලට එන්ටර් වෙන්නේ 2007 ජනවාරි. මම කවදාවත් ඇකඩමික් දේවල් ලියන්න මේ බුරු බබාගේ බ්ලොග් එක පටන් ගත්තේ නෑ. කොටින්ම මම මුලින්ම සිංහල කියාගන්න ලොකු දුකක් වින්දා. පස්සේ කාලෙක ලියලා කියවලා මම සෑහෙන්න ඩිවලොප් වුනා. ඒකට මේ බ්ලොග් අස්සෙම ඕනේ තරම් සාක්කි ඇති. ඒත් මේ ඊයේ පෙරේද දවසක ඉඳන් මගේ බ්ලොග් එක ගැන බොහෝ අයට අවුල් වෙලා තිබ්බා. නයි කතාවක් මගේ බ්ලොග් එකේ තියෙනවා කියලා.
    මුලින්ම මට දුක හිතුනා. මොකද මගේ ජීවිතේ මහ පිස්සු ජීවිතයක්. ඒක ඔය ඉටෑලියන් වලින් තියෙන නමින්ම මම කියනවා. ඒකේ තියෙන හැම මඟුලක්ම මම මගේ බ්ලොග් එකේ අතෑරිනවා. මවලා හෝ හන්ගලා කියන්න ඕනේ දේවල් ඇත්තෙන්ම මට නෑ.
    ඒත් පුරුද්දක් විදියට මම නරක වචන කියන්නේවත් කියලාවත් නෑ. කොටින්ම එහෙම ඒවා දැක්කම තාමත් මමත් ටිකක් අප්සට් යනවා. නයි නම් ඉතින් අපේ ජීවිතේ බොහොම සාමාන්‍ය දේවල් බොහෝ අයට නයි වෙන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. හැමෝම ස්වයංවාරණ දාගන්නවා නම් තම්න් ලියන දේවල් ගැන මේ ප්‍රශ්න ටිකක් අඩුවෙයි කියලා හිතනවා. අනේ මන්දා.
    ඊයේ අර කතා කරපු මල්ලි මගෙන් අහපු කතා එක්ක බ්ලොග් ලියන්න තියා ඇඳෙන් බහින්න මූඩ් එකක් නැතත් මේ ටික ලියන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. උදේ ඉඳන් හවස් වෙනකම්ම නෙට් එකේ ඉඳලත් බ්ලොග් කියන්නේ වැල සයිට් ජාතියක් කියල හිතාගෙන ඉන්න අය ඉන්නවා බූරු මෙහෙ.. ඒකෙ අමුත්තක් නෑ මේ රටේ හැටියට.. අනිත් එක නයි ඇරිල්ල... ඒක අපිට ජම්මෙන් ආපු දෙයක්.. පුටු සෙටිය ගෙදට්ට ගෙනල්ල සාරියකින් වහලා තිබ්බ, ෆ්‍රිජ් එක සාලෙන් තියල උඩින් මල් පෝච්චියකුත් තිබ්බ, එහා ගෙදරට අලුත් කාර් එකක් ගෙනාවම අපේ තියෙන එක විකුණලා ඊට වඩා හොඳ එකක් ණය වෙලා හරි ගන්න ජාතියක්නෙ අපි... අනිත් එකා වෙනුවෙන් තියෙන ඊරිසියාව... ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා උනත් ජම්ම ගති අපේ තාම තියෙනව..

      නරක වචන කියන්නෙ නෑ කියන එකයි කියන්න බෑ කියන එකයි දෙකක්.. ස්වයං තෝරා ගැනීමක් කරන්න පුලුවන් මොළයක් අපිට තියෙනවනෙ.. නරක වචන කියන්නෙ නෑ කියන්නෙ ඒක තමන්ගෙ තෝරා ගැනීමක්... ඒක කරන්‌ෙන තනිකරම තේරුම් ගැනීමෙන්.. ඒත් ඒක දුර්වලකමක් විදියට සමහරු දකිනව.. ඒකයි මම මේ කිව්වෙ...

      Delete

  20. මේ ලඟදි කව්ද මන්දා කිව්වා " ඔන්න තොප්පිය පා කරා . කැමති අය දාගන්න " කියලා .... මයියද මන්ද ....:P මාරයාගේ පෝස්ට් එකේදී තමයි සීන් එක උනේ .....

    __________________________

    "වල් ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුළන්ගේ බෙළි පෑගෙන්න පුළුවන්. අන්තිමට වල් ඌරෝ යාලු වෙනවා. හබන් කුකුල්ලු පොඩි වෙලා මැරෙනවා."

    රණ්ඩු වෙන අය යාලු වේවි... පැත්තක ඉන්න අය තරහ වේවි...ඔන්න ඕක තමයි මට කියන්න තියෙන්නේ....


    __________________________


    අම්මට සිරි දැනුයි අන්තිම සුට්ට දැක්කේ...මේක නම් පුතේ පට්ට ඇරියස් එකක් ........................... අනේ මම නම් ඔය කා එක්ක හරි වළියක් දාගෙන උන්නට ඔහොම වැඩ නම් කරලා නැහැ රත්තරනේ.... මාව නම් අල්ලගන්න එපා ඕවට ... මම ඔය පැත්තට බර නැහැ නෙව...

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ආදර්ශ පාඨෙද මැද තියෙන්‌ෙන.. හි හි

      Delete
    2. ඔව්.. ඕක අපේ ලොකුම ලොකුම අම්මා කියලා දුන්නේ...

      " පුතේ රණ්ඩු වලට නිකරුණේ මැදි වෙන්න එපා. අන්තිමට අර මිනිස්සු යාලු වේවි.. ඔයා ලෝකෙටම වැරදි කාරයා වේවි "

      කතාව ඇත්ත...

      ( ලොකු අම්මගේ ඇඟිල්ල දිහා බැලීමෙන් වළකින්න )

      Delete
  21. හිරු........මේ ඔබේ බ්ලොගයයි......ඒ අදහසින් බැලූවිට මේ ඔබේ ආත්ම ප්‍රකාශනයයි...ඔබට යම්කිසි අදහසක් ප්‍රකාශ කිරීමට යම් අයිතියක් ඇත්තාසේම අන් අයටද ඒ අයිතිය එලෙසින්ම පවතී..පෘථග්ජන මිනිසුන් හැටියට ඔවුනොවුන් තමන්ට රිසිසේ ජීවත් වෙන්නත්,කන්නත්,බොන්නත්,ලියන්නත් කැමැත්තෝය..ඔවුන් බ්ලොග් ලෝකයේ ලියන්නේ හෝ අදහස් ප්‍රකාශ කරන්නේ තමන් කැමති අයුරින්ය. මේ තුල සීමා මායිම් නැති නිසා රිසිසේ අදහස් කියා සිටී. එකිනෙකාගේ ජීවිත රටාවන් වෙනස්ය.......මම විවාහවෙන්නේ ගණිකාවක් නම්,මම ඒ පිලිබඳ දැණුවත් නම් අනිකුන් මොන මල ඉලව්වක් කිව්වත් ,මට ඒ දේවල් වලින් වැඩක් නැත. ඕකේ අනිත් පැත්තත් එලෙසමය.

    විවෘතව අදහස් දැක්වීම සහ කොලේ වසා ගැසීම සහ මොකක්ද එක තියාගෙන මොකක්ද එකෙන් කෙලීමේ කලාව එකිනෙකට අනුව වෙනස්ය. හංගගෙන ගහන එකා හංගන් ගැහුවා කියා මට කේන්ති නැත. මම අදහස් ප්‍රකාශ කරන්නේ විවෘතවය. සමහරුන්ට එය නොරුස්සනු ඇත. තව කෙනෙක් එයට කැමති වනු ඇත. බ්ලොග් අතරේ උපදෙශන බ්ලොග් කියා වර්ගයක් තිබුනා නම් කවුරුත් ඇවිත් කියවා යනවා මිස රිසිසේ අදහස් ප්‍රකාශ කරණු නැතිවේ.

    හිරු මොන අරමුණකින් මෙය ලීවා දැයි මම නොදණිමි. නමුත් මේ ඔබේ ප්‍රකාශනයයි...ඔබ මෙය මෙසේ විවෘතව තබා ඇත්තේ කැමති කෙනෙකුට කැමති විදිහට අදහස් ප්‍රකාශ කිරීමටයි....අනිකුත් බ්ලොග් කරුවන් තම තමන් කැමති විදහට කරන්නේද ඕකමයි. මා නිතරම හිතනා එක කරුණක් ඇත.ඒ නම්.........බ්ලොග් ලෝකයේ විනිශ්චයකාරවරු නැත.....උසාවියත් තමාමය....විනිශ්චකරුවාත් තමාමය.....අප සියල්ලෝම වැඩිහිටියෝය..ප්‍රතිරූප ගල් හෝ බොල් වේවා වන්දනාමාන කිරීමනම් පට්ටපල් ගොන් කමක්ය.

    ReplyDelete
    Replies
    1. එමෙන්ම පැමිණිල්ල හෝ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝද බ්ලොග් අවකාශයෙහි සිටින්නෝය. අවසාන විනිශ්චය දීමේ බලය ඔබ සතු වුවත්, පැමිණිල්ල හෝ විත්තිය වෙනුවෙන් මොවුන් ඉදිරිපත් කරන කාරණා ඒ විනිශ්චයට බලපෑමක් කරණු ඇත. මේ සියලු දෙයටම නියමිත වටිනාකම ලැබෙන තැන යුක්තිය ඉෂ්ඨවනු ඇත.

      Delete
    2. මම විවාහවෙන්නේ ගණිකාවක් නම්,මම ඒ පිලිබඳ දැණුවත් නම් අනිකුන් මොන මල ඉලව්වක් කිව්වත් ,මට ඒ දේවල් වලින් වැඩක් නැත. ඕකේ අනිත් පැත්තත් එලෙසමය.///

      මෙච්චරයි අරූ... ගණිකාවක් එක්ක විවාහ උනාට පස්සෙ, එයාගේ වෘත්තීය ජීවිතේ එයා මෙච්චර මිනිස්සු ගානක් එක්ක හිටිය, ඒ ඒ අයගේ හැසිරීම් මෙහෙමයි, මේ මේ දේවල් මාර ආතල් කියලා ඒ ඩීටේල්ස් එයා අඳුරන හැමෝම එක්ක කිය කිය යනවනං පිරිමියෙක් විදියට ඔයාට මොනවා හිතෙයිද.. පොළවෙ පය ගහන්නෙ නැති, පට්ට රැඩිකල් පැත්තට යන්න ඕනෙ නෑ... සාමාන්‍ය විදියට හිතුවොත් ඇති...

      ඔන්න ඕක තමයි මම කියන්න උත්සාහ කරපු දේ....

      Delete
    3. @ Thisara...////.පැමිණිල්ල හෝ විත්තිය වෙනුවෙන් මොවුන් ඉදිරිපත් කරන කාරණා ඒ විනිශ්චයට බලපෑමක් කරණු ඇත. මේ සියලු දෙයටම නියමිත වටිනාකම ලැබෙන තැන යුක්තිය ඉෂ්ඨවනු ඇත./////

      මට උපුටා දක්වන්නට අවශ්‍යවූයේ තිසරගේ අවසන් වාක්‍යයයි..අනිකුත් කොටස්ද ඈඳාගත්තේ ඔබගේ අදහසට අසාධාරනයක් වේ යැයි සිතාය.

      ////නියමිත වටිනාකම ලැබුනු තැන යුක්තිය ඉෂ්ඨ වෙනු ඇත./////

      අපි අදහස් ප්‍රකාශ කරනවාට වඩා , අපේ අදහස් සනාථ කරගැනීමට වෙර දරනා මිනිසුන් වෙමු. සංවාදයට වඩා ගැටුමට කැමැත්තෝ වෙමු. එම නිසා තමන් ලියන දේ ලියන්නත්...නිදහස් මතයන්ට සැරිසරන්න ඉඩ සලසා දෙමිනුත් ඉහතකී යුක්තිය ඉෂ්ඨ වෙන තුරු බලා සිටිමු.

      Delete
  22. අක්කෙ මේකනම් ලියල තියනව ආයෙ වදින්ඩම ඈ :)

    ReplyDelete
  23. කලු පාට තැන් වලට කලුපාට අය යයි.. සුදු පාට තැන් වලට සුදුපාට අය යයි.. කලු තැන් වලට වැරදිලා හරි සුදු අය ගියාම කැපිල පේනව වගේම සුදු තැනට කලු අය ආවමත් කැපිල පේනවා.. හැබැයි ඔය කැපිල පේන විදියත් අවස්තාව අනුව දෙවිදියක්.. එක්කො හොද විදියට.. එක්කො නරක විදියට :)

    භාශනයේ නිදහස තියනවා.. ඉතින් මිනිස්සු කතා කරනවා.. මිනිස්සු සම්මතය ලෙස සලකන්නෙ හොද දේවල්.. සම්මතය පිලිගන්න අය සම්මතය වෙතට නැබුරු වෙන අතරෙ අසම්මතයේ පස්සෙ යන අය ඒ දේවල් වටා රොක් වෙනවා..

    මේ සම්මතය හොදයි අස්ම්මතය නරකයි තමයි.. නමුත් අපිට අවශ්ය විදියට අසම්මත කෙනෙක් සම්මතයෙහි පිහිටවන්නත් බෑ.. එහෙම කරන්න පුලුවන් නම් ඒ කෙනාගෙ පොඩි කාලෙදි තමයි.. මේ තමයි සමාජය කියල හිතන්න විතරයි අපිට ඉතුරු වෙන්නෙ

    ReplyDelete

  24. කියන්න බැරි උනා මේ පෝස්ට් එක මගෙ රෝලෙ අප්ඩේට් වෙලා තිබුනෙ නෑ :(
    ඇයි ඒහෙම උනේ ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ අහිංසකයට ඇයි කව්රුත් රිප්ලයි එකක් දාලා නැත්තේ ...?

      ඇයි එහෙම උනේ ?

      Delete
  25. අපිත් ඉස්කෝලෙ යන කාලේ වැඩිහිටි පත්තර කියෙව්වා. හොරෙන් ෆිල්ම් බැලුවා. යම් යම් ආකාර වල ලිංගික අත්දැකීම් ලැබුවා. නමුත් ඒවා උත්කර්ෂයට නංවන්න මම කැමති නැහැ. තමන් කුඩා කාලේ ලබපු අත්දැකීමක් ගැන කතා කිරීමේ වැරැද්දක් මම දකින්නේ නෑ. හැබැයි ඒක ඒකට සුදුසු පරිසරයක් ඇතුලේ සාකච්ඡා වෙන්නේ ඕනේ කියන මතයේ මම ඉන්නේ. අද කාලේ, අපරාධ, දූෂණ පවා උත්කර්ෂයට නැංවෙන කාලයක්. තමන් ගැහැණු 100 එක්ක හිටියා කියලා සාරුවා සුනිල්ලා පාටි දාන්නේත් ඒ මානසිකත්වය නිසා. අපි යමක් වැරදි බව දැනෙගෙන, ඒ දේ කිරීමෙයි, ඒකම සමාජයේ සාමාන්‍යය දෙයක් කියලා හිතාගෙන කිරීමෙයි ප්‍රතිඵල වෙනස්.

    සමාජයේ දෙයක් සුලභව සිදුවීමෙන් පමණක්, ඒ සිද්ධිය සිද්ධවුණාට කමක් නැති දෙයක් බවට පත්වෙන්නේ නෑ. ඒ වගේම එවැනි සිද්ධිවලට මුහුණ දීලා, අද හොඳින් ඉන්නව කියන එකෙන් අදහස් වෙන්නේ නෑ, ඒ සිද්ධි නිසා තමයි අද හොඳින් ඉන්නේ කියන එක. ඒ වගේම ලිංගික අධ්‍යාපනය සහ ලිංගික විවෘතභාවය කියන්නේ වැඩි පිරිසක් එක්ක ලිංගිකව හැසිරීම නෙමෙයි. ඒ සංකල්ප තියෙන්නේ සමාජයේ සමානාත්මතාවය, පිළිගැනීම, මානව අයිතීන් රැකෙන යහපත් සමාජයක් බිහිකිරීමට මිසක් ලිංගික අත්දැකීම් වැඩියෙන් දෙන්නවත්, ඒවගේ විවිධත්වය වැඩි කිරීමටවත් නෙවෙයි.

    ඔය මම හිතන හැටි. හැබැ‍යි මේකෙ අවසාන වගකීම තියෙන්නේ කියවන්නාට. මේවා කියවන වැඩි දෙනෙක් 18 වැඩි අය නිසා, ලියලා තියන දේ මොකක් උණත් ඒවා තම තමන්ගේ නැණ පමණින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි 23+ දාන්නේ.. ඉතින් ඊට අඩු අය කියෙව්වම හරි වනේ.. නැවතත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ 23 ට අඩු නම් ඒ පැත්ත පලාතේ එන්න එපා. ලංකාවේ වැඩිහිටියොත් ඉස්කෝලේ යන රටක්නේ. එහෙම බැලුවම මේහෙම පෝස්ට් ලියවෙන එකේ වරදකුත් නෑ..

      නමුත් බ්ලොග් කියන්නේ මොකක්ද කියන එක, අපේ උන් තාම දන්නෙ නෑ.. මේ වගේ හරක් තමයි.. මාළුවෙකුටවත් නිදහසෙ ඉගිලෙන්න දෙන්නේ නැත්තේ. හාස්‍යට කාරණය නම්, මේ චූටී බබලා ඒ වෙලාවට නම් වැඩිහිටියෝ වෙලා මහා හඬක් නගන එක.

      Delete
  26. ඇ බං හිරුවෝ උඹ පෙන්නපු දේ නෙමෙයි නේද බං කට්ටිය දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඉතිං ලොකු වෙනසක් නෑ නේ අටම්... සාමාන්‍යයෙන් හැමතිස්සෙම වෙන්නෙ ඔය ටිකනේ... තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා....! හි හි

      Delete
    2. @ අටම්

      අනේ නිකන් යන්න මෙයා යන්න ... අපි දැක්කා... ඒ උනාට අපි පෙන්නන්න කැමති නැහැ දැක්කා කියලා ...

      Delete
  27. මට තේරෙන්නෙම නැත්තෙ විවේචනයක් දරාගැනීමේ ශක්තිය මෙච්චරටම අඩු මොකද කියල...විශේෂයෙන් මේ අද ඊයෙ පොඩි එවුන් නෙවෙයි. ඥාණවෘද්ධ වැඩිහිටියන්ගෙ. දැන් මගෙ ඇඟට ගොඩ වෙන්ට එපල්ල නම් කිව්වෙ නෑ කියල. නම් නොකිව්වත් ඔහේලම එව්ව තමන්ටමයි කිව්වෙ කියල පොළවෙ පස් කාල දිවුරන හින්ද මේකත් එහෙමම හිතාගන්න.

    නව ප්‍රවණතාවයකුත් මම දැක්ක. සාමාන්‍යයෙන් වෙන්නෙ විවේචනයක් කලාම අම්ම මෝ නැතුව බැණ අඬගහන්නෙ නම් කිව්වොත්නෙ. සාමාන්‍යයෙන් එහෙමනෙ. මෙතන යන්නෙ අමුතුම සීන් එකක්. හිරුව මරං කන්න හදන්නෙ නම් කිව්වෙ නෑය කියල. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

    සරලව සම්පිණ්ඩනය කලොත් මෙතන උනේ මෙහෙමනෙ. හිරුට යමක් කියන්න ඕන උනා. සෑහෙන කාලයක් තිස්සෙ බ්ලොග් කියවල අද මේ යන ට්‍රෙන්ඩ් එක ගැන හොඳට හිතල බලල මෙහෙම ලිව්වොත් මේක ගවුම උස්සල නයිකූඹි ගුලක් උඩ වාඩිවෙනව වගෙය කියල හොඳාකාරවම දැන දැනත් හිරූ ඒ වැඩේ කලේ ඒ තරමටම මොකවත් නොකිය ඉන්න එක හිතට වද දෙන්න පටන් ගත්ත නිසයි කියලයි මට හිතෙන්නෙ.

    ඒ වගේම ඒකම තමයි උනේ. මේ යෝදි මේ කියන්නෙ මොකද්ද? ඒකෙ යම් ඇත්තක් තියනවද? එහෙනම් ඒ ගැන මොකද කරන්නෙ? ඒ කියන එක ඇත්ත උනත් බොරු උනත් අපිට මොකෝ.... අපිට ඕන විදිහටයි අපි වැඩ කරන්නෙ..අන්න එහෙමනෙව හිතන්න ඕන.අපේ ගමන අපි යන්වා අපේ පාඩුවේ..හෙහ්,හෙහ්, මේක එහෙමද? තොප්පි විසි කරන්ඩත් ඉස්සරවෙලා අර යෝදිගෙං උදුරල තොප්පි අරගෙන දාගන්නෙ. දාගන්නව විතරක් නම් බැරිය. ..මචංලා..මෙහෙ වරෙල්ලා..උඹලටත් හරියටම හරි මේ තොප්පිය කියල තව අයටත් තොප්පි පලන්දනව. ඒ ඔකොමත් හරි කියමුකො තව කස්ටිය ඉන්නව තොප්පිය ගලවල කෙලින් කටින් ඉඳගෙන තොප්පියෙ රෙනව..අම්මපාල්ල බලන්ට අප්පිරියාවයි.ප්‍රසිද්දියෙ රෙන්න එපා මහත්තයො, හරිම අජූවයි.බලං ඉන්ට අප්‍රසන්නයි.

    අන්තිමට උනේ මේ මනුස්සය කියන්ට ගිය එක තේරුම් ගන්ට කිසිකෙනෙකුට උවමනාවක් නෑ. තම තමන්ගෙ න්‍යායපත්‍ර අනුව හිරු හැදුවෙ මෙහෙම දෙයක් කරන්නයි, ඒකට අපි ඉඩ දෙන්නෙ නෑ කොහොමවත්ම..කියල රට පටලවගත්ත ඔක්කොමල එකතුවෙලා.

    කුණුහරප බ්ලොග් වල ලියන එක එව්ව ලියන අයගෙ අයිතිය. මම එව්ව කියවන්නෙ නෑ. ඒක මගේ අයිතිය. එච්චරයි. ඒ වගේම එව්ව කියවල එව්ව ගැන විවේචනය කරන එක හිරුගෙ අයිතිය. ඒ විවේචන වලට උත්තර දෙන්ට ඕනනං දෙන එක නැත්තං ප්‍රති විවේචනය කරන එක, ඒ මොකවත් නැත්තං ඔන්න ඔහෙ ඕන එකක් කියපුවාවෙ අපිට ඕන එකනෙ අපි කරන්නෙ කියල පරණ පුරුදු විදිහටම වැඩේ ගෙනියන එක හිරු ඒ කියන්නෙ තම තමන් ගැනය කියල නිගමන වලට එලඹිලා ඉන්න අයගෙ අයිතිය. මෙන්න මෙතනට එනකල් ඔක්කෝටම තියනව තම තමන්ටම අයිතීන්. අනුල්ලංඝනීය වූ..... ඒත් කිසිම කෙනෙකුට නෑ හිරුගෙ පෞද්ගලික ජීවිතය ඇදල අරගෙන අසභ්‍ය යයි සම්මත වචන උයොදාගෙන විවේචනය කරන්න අයිතියක්. අන්න එතනදි කියන්න වෙනවා මහත්තයො දැං ඇති ඔතනිං නවත්තන්න කියල.

    මහත්වරුනි, කරුණාකරල තමන් මහත්වරුන් කියල පාවිච්චි කරන වචන වලින් ඔප්පු කරන්න!!!

    ReplyDelete
    Replies
    1. රවී මහත්තයා විවේච්නය බොහොම දරුණුයි. ඔයාට මේක දැනෙන්නේ නෑ. ඔයාට මේක අදාල නොවන නිසා. නමුත් මට මේ දේ අදාලයි. ඒ නිසා ඔයාට පේනවා ඇති අපි තොප්පියේ රෙනවා කියලා. ඔයාව බල්ලෙක් වගේ විවේචය කරපු දවසට ඔයාට තේරේවී එකේ රඟේ..

      මොළේ කළඳක් තියෙන එකෙකුට තේරෙනවා හිරු මොකක්ද කියන්නේ කියලා. ඒයා දැන් කියනවා එයා ලිව්වේ ඇනෝලා ගැනලු. මේකේ එහෙම දෙයක් තියෙනවද රවී මහත්තයා..

      මම කැමති නෑ පැටලෙන්න උඹ වගේ සුන්දර මිනිස්සු එක්ක. නැත්නම් උඹේ කොමෙන්ට් එක කරුණු නොදැන් දාපු කොමෙන්ට් එකක්. එ කියන්නේ මේ දවස් වල උන දේවල් දන්නෙ නැතුව.

      Delete
    2. මාතලන්,

      සමාවෙන්න විවේචනය දරුණුයි කියල හිතෙනවනම්..ඒ වගේම ඔබ කියන එක ඇත්ත. මෙහි පසුබිම කිසිසේත් නොදනිමි. මම කතාකලේ ඒ ගැන නෙවෙයි.

      ගැහැණියකගේ ( ගැහැණියකගෙ කියල කියන්නෙ ගැහැණුකම උලුප්පල දක්වන්න නෙවෙයි , හිරු කියන්නෙ ගැහැණියක් හින්ද, පිරිමියෙකුට උනත් මේ කතාව මෙහෙම්මම අදාලයී ) පෞද්ගලික ජීවිතය පිළිබඳව අසභ්‍යයයි සම්මත වචන ( ඒ වචන අසභ්‍ය නොවේයයි ඔබට තර්ක කල හැකියි, ඒත් කාරණාව ඒක නෙවෙයි, අසභ්‍ය කියල සම්මතයක් තියනව. අපි කැමති උනත් නැති උනත්. සභාවකට සුදුසු නොවන ඒ කියන්නෙ ප්‍රසිද්ධියේ පැවසිය නොයුතු ) යොදාගනිමින් අදහස් පල කිරීම. මගේ විවේචනය ඒ ගැන පමණි.

      ඔබ පැවසුවාක් මෙන් මෙහි පසුබිම නොදනිමි. ඒත් ඒ කිසිම කාරණයකින් අර වගෙ හැසිරීමක් සාධාරණීය කල නොහැක. මම කියන්නෙ එච්චරයි. අනික හිරුගෙ පෞද්ගලික ජීවිතය සම්බන්ධව අසභ්‍ය වචන යොදාගෙන අදහස් ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තුව මොකක්ද? උදෑසන ඉර එලිය සේ පැහැදිලියි. උඹ වහාම අපිව විවේචනය කරන එක නවත්තපං.නැත්තං ඉස්සරහටත් උඹට මේ වගෙ දේවල් තමයි අහන්ට වෙන්නෙ..ඒක නේද? මෙතන තියෙන්නෙ මාතලන් බලහත්කාරය මිසක් වෙන මොකක්ද?

      මම සුන්දර මනුස්සයෙක් කියල කිව්වට ස්තූතියි මාතලන්, ඒ සුන්දර කම නිසාම තමයි මම මේ වගෙ දෙයක් ලිව්වෙ. අපේ වටපිටාවෙ අයුතු දේවල් සිද්ද වෙනවනම් ඒවා විවේචනය කිරීමත් සුන්දර මනුස්සයෙක්ගෙ වගකීමක් කියලයි මම හිතන්නෙ...ආයෙමත් සමාවෙන්න හිත රිදුනනම්...

      Delete
    3. පටලෝගන්න එපා මාතලන්...

      ආයිත් කියන්න වෙන්නෙ මේක ලිව්වෙ කාවවත් ටාගට් කරලා නෙවෙයි කියන එක.. අනිත් එක බ්ලොග් කිව්වම ඇනෝ කියන එකත් අයිතියි තමයි.. ඇනෝ ගැන මට තියෙන්‌ෙන එක ප්‍රශ්නයයි.. ප්‍රොෆයිල් එකක් නැතුව ඇනෝ ඇවිත් කෙල්ලන්ට කුණු කතා කියන සෙට් එකක් ඉන්නවා මේකෙ... ඒ අයට කියන්න ඕනෙ උනේ කෙල්ලො කුණුහරුප වලින් බයකරන්න හැදුවට වැඩක් නෑ කියන එක.. ඒක තමයි මම මේ පෝස්ට් එකේ ඇනෝ ගැන ලියපු කතාව...

      මේකෙ බෙදීම් තියෙන්නෙ එකක් දෙකක් නෙවෙයි.. අර සෙට් එක, මේ සෙට් එක, එකට බොන සෙට් එක, එක වයසෙ සෙට් එක, කෙල්ලො සෙට් එක, කබ්බො සෙට් එක, ප්‍රවීනයෝ සෙට් එක, මල් ගස් වටේ දුවන සෙට් එක, සම්බාව්‍ය කතා ලියන සෙට් එක, පරණ සෙට් එක, අලුත් සෙට් එක... ඕවා තමයි මේකෙ ලේබල් ගහලා තියෙන බෙදීම්... මේවා අද ඊයේ ඒවා නෙවෙයි.. මේකෙ ඉන්නවා “ අපෝ උන් සෙට් එකගේ බ්‌ෙලාග් අපි බලන්නෙ නෑ ” කියන මතයෙ ඉන්න අය...

      අනිත් දේ මම කිව්වෙ තමන් කරන කියන දේවල්, තමන් වටේ ඉන්න අයගේ හිත් වලට, ජීවිත වලට බලපාන බව තේරුම් කරන්න... ඒක මේ එක දෙයක් සම්බන්ධව විතරක් නෙවෙයි.. ගොඩක් දේවල් සම්බන්ධයෙන් කියන දෙයක්... නිකමට හිතන්න.. මෙතන සිද්ධ උනේ මං කියපු දේම නෙවෙයිද... ඔයාගේ පෝස්ට් වලත්, මගේ පෝස්ට් වලත් අපි හැමතිස්සෙම කතා කරපු “ගැහැණිය” කියන චරිතය වෙනුවෙන්, ගැහැණු සහ පිරිමි පෙනී ඉන්න සිස්ටම් එකේ අවුලක් තියෙනව කියලා තේරුම් ගන්න බැරිද ඔයාට... කෙන්ජිගෙ උඩ කමෙන්ට් එකට මම දීපු උත්තරේ බලන්නකො... එතන නැද්ද මං මේ කියපු දේ.. ඇත්ත.. පිරිමි හැටියට ඔයා ගැහැණියක් වෙනුවෙන් පෙනී ඉන්නවා ගොඩක් වෙලාවට.. ඒත් ගැහැණියකගේ තැන ඉඳලා පිරිමියෙක් කරන දෙයක් ගැන ගැණියෙක් හිතන දේ ගැන මම ලියපු දේ, ඔයාට තේරුම් ගන්න බෑ හරියට... මේක මම හිතන දෙයක් වෙන්න පුලූවන්.. හැබැයි මේක මම විතරක් හිතන දෙයක් නෙවෙයි... අන්න ඒකයි මම කියන්න උත්සාහ කළේ... එක්කො ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ.. එහෙම නැත්තං ඔයාට මේක තේරුම් ගන්න අවශ්‍යතාවයක් නෑ... ඒකයි ඔයා මේකට මේ ලිංගිකත්වයක් සහ ඇනෝ කතාවක් පටලෝ ගන්නෙ... මේක ලිංගිකත්වය ගැන කතාවක් නෙවෙයි.. මේක ගැහැණු සහ පිරිමි හිත් ගැන කතාවක්...

      මෙතන මම සිම්පල් විදියට කිව්වෙ කසාද බැඳපු පිරිමියෙක්, බඳින්න කලින් ගෑණු එක්ක ලිංගිකව හිටපු වාර ගනන ( මේක කලින් ගෑනු කීයක් එක්ක යාලු වෙලා හිටියද කියන තත්වෙදිත් තියෙනව) වීරකමක් වගේ සබාවක් මැද්දෙ කියන කොට, ඒ පිරිමියගේ කසාද බිරිඳට මොන වගේ දෙයක් හිතෙයිද කියන එක.. ඒකම අනිත් පැත්තට සිද්ධ උනොත් පිරිමියට මොනවා හිතෙයිද කියන එක විතරයි..

      ඉතිං ඕක අදාළ අය ඉන්නවා, නැති අය ඉන්නවා... සමහර අයට මේවා ගානක් නෑ.. සමහර අයට ගෑණි මොනවා හිතුවත් මට මොකද කියල හිතෙනව.. සමහර අයට ඇත්ත තමයි කියලා හිතෙනව... ඔච්චරයි ඔතන තියෙන්නෙ.. එහෙම නැතුව මේක එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම කළාය කියලා, ඒක මම නම් ගම් ඇතුව කිව්ව කියලා කාටවත් ඇති වැඩක් තියෙනවද..?

      මට මේක හිතුනෙ බ්ලොග් සහ පත්තර කියවද්දි හින්ද මං ඒ ගැන ඒ විදියට ලිව්ව...

      මෙතන මම ලියලා තියෙන්නෙ අපේ සමාජේ තියෙන ලෙඩ කීපයක් ගැන විතරයි.. බ්ලොග් කියන්නෙත් මේ සමාජයෙම කොටසක්.. මම බ්ලොග් ලියන, කියවන කෙනෙක් විදියට මේ බ්‌ෙලාග් ඇතුලෙ මට පේන ලෙඩ ගැන ලිව්ව... එච්චරයි...

      Delete
    4. මම නම් එහෙම ලියලා නෑ. එහෙම ලියන්නෙත් නෑ. හිරුට මේ ගැන පෞදගලිකවත් කරුණු කිව්වා. මෙහෙමයි රවී. උඹ වාරණයක් පනවගෙන තියෙනවනේ. උඹ බලන්නෙ නැතො කොටසක් ගැන. උඹ ඒ ගැන බලන්නේ නෑ වගේම. උඹ ඒ ගැන විවේචන කරන්න යන්නෙත් නෑ. ඔය ලියන එකෙක්වත් කිසිම දවසක හිරුට ගහලා නෑ. එහෙම එකේ හිරු මේ වගේ දෙයක් පොදුවේ ලියන එක වැරදියි තොප්පි කතාවක් දාලා. ගහනවනම් කෙලින් ගහන්න ඕන.

      දැන් අන්තර්ජාලේ ගත්තහම බල්ලෝ එක්ක සෙක්ස් කරන ඒවත් තියෙනවා. නමුත් ඒවා මම බලන්නෙ නෑ. ඒ කියලා ඒවා අන්තර්ජාලෙන් අයින්කරන්න කියලා කියන්නෙත් නෑ. මොකෝ ඒවා බලන්න කැමති උනුත් ඉන්න නිසා. අපි අනිකගෙ දේටත් ඉඩ දෙන්න ඕන. මෙතන මෙයා මේ ලියන මිනිස්සුන්ට වාරණ දාන්න හදන්නේ. එහෙම කරන්නෙ කොහොමද මේ නිදහ්ස් මාධ්‍ය තුල. අකමැති නම් නොබලා ඉන්න. නැත්නම් කෙලින් කියන්න. එහෙම කෙලින් කියන අය ඉන්නවා. ඒකයි වටින්නේ. මම රවීගෙ කවිකාරිගෙ කතන්ද්‍රේ කෙලින්ම කිව්වා, මම ඒක කියවන්නේ නෑ. අර අතුරු කතා විතරයි කියවන්නේ කියලා.

      එහෙම නැතුව. බ්ලොග් ලෝකයේ කයි කතන්දර ලියන කස්ටියක් ඉන්නවා.. එයාලා ලව් කරපු හැටි අපිට මොකටද.. උන් ලව් කරාම අපිට පාන්ද.. මේක මේ එක එක එකාගේ ලව් ලෙටර්වල ප්‍රබුද්ධ බව පෙන්නාන්න තියෙන තැනක් නෙමෙයි.. අර විදියට ලියන්න.. මේ විදියට ලියන්න.. බ්ලොග් කලාවට හෙන ගස්සන්නේ නැතුව තොප්පි දාගන්න කිව්වාම උඹට තේරෙනවා නේද ඒ උඹේ තොප්පිය කියලා.. කොහොමද ඒ වෙලාවට පනින මල.. මොකෝ උඹත් සංවේදී මනුස්සයෙක්නේ..

      දැන්වත් උඹට තෙරුනයි..

      එහෙම නීතී දාන්න මේකේ එකෙකුටවත් බෑ.. ඕන නම් නොබලා ඉන්න.. ඒ වගේම.. ගහනවනම් කෙලින් ගහන්න.. එහෙම ගහන එක කැතයි..

      Delete
    5. මාතලන් තොප්පිය දාගත්තනෙ.. දැං ඉතිං මම මෙච්චරයි කියන්නෙ.. මේක ඔයාට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙක්ට ලිව්ව එකක්.. හරිනෙ... ඒ ඒ අය දන්නව ඇති තමන්ගෙ හිත ඇතුලෙන් තමන්ට තොප්පිය හරි කියල... ඉතිං මං මේක මේ ලියන්නෙ මාතලන් ගැන කියලා ලිව්ව නං ඒක පෞද්ගලික මඩ ගැහීමක් වෙන්නෙ නැද්ද...

      මේක කාටවත් මඩක් නෙවෙයි.. මට හිතුන, දැනුන දෙයක් විතරයි.. .

      Delete
    6. මචං මාතලන්....

      උඹ කියනවා..//එහෙම නීතී දාන්න මේකේ එකෙකුටවත් බෑ..// කියලා

      එහෙම කියලා අනිත් පැත්තට උඹ කියනවා ගහනව නම් කෙලින් ගහපං...තොප්පි කථා ඔට්‍ටු නෑ කියලා....

      ඒක හරියට උඹ කලින් කියලා තියෙන වම් අත කරන දේ දකුණු අත පිලිගන්නේ නෑ වගේ විකෘතියක්...

      මෙකේ නීතී නැත්තං...කාට හරි පුළුවන් කෙලින් නම කියලා අභියෝග කරන්නත්, ඒවගේම,, අර තිසර කියලා තියෙනවා වගේ, නම කියන්නෙ නැතුව වැඩේ විතරක් විවේචනය කරන්නත්...


      අනිත් එක මල පැන්නයි කියලා පණිවුඩකරුවගේ පුද්ගලිකත්වය ඇදලා අරං කෙලින්න හදන එක අප්‍රසන්නයි...ඒත් ඒකත් කරන්න පුලුවන්..මොකද මේකේ නීති නැති හින්දා...ඒත් අප්‍රසන්න ගතිය නම් අඩු වෙන්න නෑ...

      Delete
    7. Mathalan,

      / මෙතන මෙයා මේ ලියන මිනිස්සුන්ට වාරණ දාන්න හදන්නේ. එහෙම කරන්නෙ කොහොමද මේ නිදහ්ස් මාධ්‍ය තුල. අකමැති නම් නොබලා ඉන්න. නැත්නම් කෙලින් කියන්න. /

      ඉතිං බොලේ වාරණ දාන එකට විරුද්ධයි බ්ලොග් කියන්නෙ නිදහස් මාධ්‍යයක්ය කියල කියන උඹම ඒ එක්කම ඊළඟ වාක්‍යයෙන් කරන්නෙ මොකද්ද? විවේචනය කරන මිනිස්සුන්ට වාරණයක් දාන එක නේද?

      අකමැතිනම් නොබල ඉන්න. ඒක හරි...ඒත් ඊලඟට කියනව නැත්නම් කෙලින් කියන්න කියල...ඒ කියන්නෙ කෙලින්ම නම් ගම් ඇතුව නැත්තං විවේචනය කරන්න එපා එහෙමනෙ...මාතලන් බ්ලොග් ලියන අයට කැමති දෙයක් ලියන්න තියන නිදහස බ්ලොග් විවේචනය කරන කෙනෙකුට කැමති විදිහට විවේචනය කරන්නත් තියෙන්න ඕනය කියල හිතෙන්නෙ නැද්ද?

      අනික බං උඹල හිතාගෙන ඉන්නෙ හිරුය කියන්නෙ කවුරු කියලද?..යකෝ මේ උඹල අපි වගේම තවත් බ්ලොග් එකක් ලියන මනුස්සයෙක් විතරයි..ඉතිං හිරු උඹව විවේචනය කරාම කියලු. අනේ උඹ බම්බු ගහගනිං කියල උඹට ඕන විදිහට උඹ ලියාගෙන පලයං..කොහොමත් එහෙමනෙ වෙන්නෙ. අර සින්ඩි සීන් එකේදි මට මතකයි උඹ කිව්ව කවුරු මොනව කිව්වත් මම මේ වැඩේ වෙනස් කරන්නෙවත් නවත්තන්නෙ වත් නෑය, දිහටම කරගෙන යනවය කියල..ආන්න හරි. එහෙම නෙව ඉන්න ඕන. ඒ තියරි එකම මෙතනටත් දාපං..ඔහෙ ඕන එකක් කියපං මට ඕන විදිහටයි මගෙ බ්ලොග් එක. කොණ්ත නෝනා සහ කොණ්ඩය..හෙහ්, හෙහ්,

      අඩේ බං මම නොදන්න මොකවත් මෙතන තියනව වත්ද? නෑ..මේ මම් කිව්වෙ උඹල ඔක්කොම හිරුට මේ හැටි බයවෙලා දඟලන්නෙ බොලේ මේ අම්මණ්ඩිට තියෙනව වත්ද බ්ලොග් වාරණය කිරීමේ නැත්තං තහනම් කිරීමේ බලයක්...

      එහෙමත් නැත්තං මෙහෙම වෙන්නත් පුලුවන්..හිරු කියල තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත හින්ද කෙලිම්ම උන්ඩුකපුච්චෙටම වැදුන වෙන්ටත් පුලුවන් ….හෙහ්,හෙහ්,

      Delete
    8. Ravi ගෙ සියලුම අදහස් වෙනුවෙන් +++++++++++++++++++++++++++++++++++

      Delete
    9. දැන් තේරෙනවා නේ රවී මහත්තයා.. ඕහේටත් අරෙහෙම කියන කොට පොඩ්ඩක් රෙදෙනවා.. සාමදානෙට ආවට. ඒ අස්සෙ ගොටු අල්ලන හාල් පාරුවොත් ආතල ගන්නවා.. මෙහෙමයි රවි.. කෙටියෙන් කියනවනම්..

      ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උන එකාට ඒවා ගැන කතා කරන කොට රිදෙනවා. එහෙම ඒවා බොරු කියලා හිතන්නේ.. ගෙවල් වල තිබුන වාහන ගැන ලියන කොට එහෙම නැති එකාට රිදෙනවා.. එහෙම වාහන තියෙන්න බෑ කියලා හිතනවා.. කැම්පස් ගැන ලියනකොට එහෙම වෙන්න බෑ එහෙම දේවල් වෙනවද කියලා හිතනවා.. ඒ වගේ තමයි නියම ගම නොදන්න එකාට අපි ලියන ඒවා මැජික්.. එක්කෝ.. එයාලත් ඒවා කරලා.. පත්තිනි මැනීවරු.. උපාසක මහත්තුරු වෙන්න යනවා.. අපි කියන්නේ නෑ ගම්වල ඉන්න හැම එකාමමෙහෙමයි කියලා.. නමුත් හැම එකාම ඉන්නවා කිසි අවුලක් නැතුව..

      අපි හිරුගේ පොඩි කාළේ දුක් විඳපු ජීවිතේ ගර්හාවට ලක් කරලා නෑ නේ.. එයාගේ ලව් කතා ගර්හාවට ලක් කරලා නෑ නේ.. ඇයි මේ... මෙහම අය නම් මහා ලොකු සමාජය උඩු යටි කුරු කරන්න යන ගොබ්බයෝ පිරිස.. එහෙම උන් නම් අපේ ඒවට එන්නෙ නැති තරමට හොඳයි..

      Delete
    10. දැං නං ඇති අප්ප.. මටත් එකම කියල ඇති වෙල.. කැම්පස් කතන්දරේ ගැන මම කලින් කිව්ව.. ආයිත් කියන්න බෑ...

      මේ ලියපු එක තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. බැරි පිරිසක් ඉන්නව.. මං ඒක දැනගෙන තමයි ලිව්වෙ.. ලියපු දේ තේරුම් ගැනීමයි, හිතේ මවාගෙන තියෙන දෙයක් ගැන කතා කිරීමයි දෙකක්...

      ///අපි කියන්නේ නෑ ගම්වල ඉන්න හැම එකාමමෙහෙමයි කියලා.. ///

      ඕක තමයි ඉතිං මම මෙතන කිව්වෙත්.. පිරිමි මෙහෙම හැසිරෙනකොට ගෑණියෙක්ට මම කියපු විදියට හිතෙන්නෙ බැරිද... ඔච්චරයි... දෙපැත්තක් තියෙනව, දෙපැත්තටම කතා කරන්න පුලුවන්...

      Delete
    11. මටත් හති.. මොකක් බෙදා ගන්න බැරුවද.. මට නම් ලොකු කනගාටුවක් ආවා.. ළෝකේ වෙනස් කරන්න රට වෙනස් කරන්න දඟලන්නේ මේහෙම අයත් එක්කද කියලා.. මම මේ මල් කඩන්න යනවා.. නෑ නෑ වයසට ගිහිනුත් තියෙන මනමාල කමකට නෙමෙයි. හැන්දෑවට පන්සල් යන්න. ලොකු හාමුදුරුවන්ට පොරොන්දු වෙනවා මීට පස්සෙ හැම පෝයටම සිල් ගන්නවා. හැබයි නිදා ගන්නෙත් නෑ. පඩ අරින්නෙත් නෑ කියලා.. මම නම් මේ පෝස්ට් එක නිසා මාර විදියට චේන්ජ් උනා.. මට මම ගැනම දුක හිතුනා. අපි කොච්චර වනචර මෝඩ යක්කුද කියලා.. මාත් බ්ලොග් ලිවිල්ල නවත්තලා, ඉන්ගිරිසි බ්ලොග් කියවනවා..

      ඕගොල්ලොත් එන්න මල් වට්ටියට අත ගහන්න.. අතේ ගහන්න නෙමෙයි ඕයි අත ගහන්න...

      බුදු පෙරහර.. සාධූ සාධූ...

      Delete
    12. පිරිමි වෙනස් කරන්නේ ගෑනුය කියනවනේ.. අනේ සාදු.. සාදු බණක් ඇහුව වගේ..සිව්ර අස්සේ අත දාගෙන..

      Delete
    13. දේශක තුමාගේ කට ශික් ඉදගෙන.

      Delete
  28. මට නම් ටියුබ් ලයිට් වගේ .. කාලෙකට පස්සේ බ්ලොග් කියවන හින්දද මන්දා ..

    ReplyDelete
  29. හුග දවසකට පස්සේ හිරුවගේ පෝස්ට් එකක් කියෙව්වා... (ඔව් ඔව් ඉතං වලියක් යනවා කියලා කිව්ව හින්දා තමා.. :D )
    කමෙන්ට් ටිකත් උඩින් උඩින් වගේ කියවං ආවා...

    රයිටෝ මුලින්ම බහිමු මාතෘකාවට.. තොප්පි දැමිල්ලක් ගැනනේ කියන්නේ.. ඒ කියන්නේ ආයේ කෙලින් කිව්වේ නැතිවට කාව කාව හරි අරමුණු කරගෙනම තමා ලියලා තියෙන්නේ.. “අනේ එහෙම නෙවෙයි“ කියලා කියන්න දෙයක් නැහැ... තොප්පි තැමීම කියන දේ ගැන සිංහල බාෂාවේ දැන් පාවිච්චි වෙන තේරුං එක්ක ගත්තම හිරුගේ අරමුණ එහෙම නෙවෙයි කියලා කියන්න බැහැ නෙව...

    ඉතිං මාත් බැළුවා මටත් හරියන තොප්පියක් තියේද කියලා... තියෙනවා නෙව... 6 වෙනි ඡේදේ... :D ආයේ ඉතිං ඔය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව.. මේ ඊයේ පෙරේදා දවසක මාත් ඉන්න.. හිරුත් ඉන්න.. තව මෙතන කමෙන්ට් කරලා තියෙන බ්ලොග් හිතවතෙකුත් ඉන්න සමූහ චැට් එහෙකදී මං ඔය කතාව හිරුට කිව්වා නෙව... ඉතිං ඒක කියලා දවස් දෙක තුනක් යද්දි හිරු මෙහෙම කියද්දී ඒ තොප්පිය මටත් හරි වගේ කියලා හිතෙනවා නෙව... හැබැයි ඔය එක්කම තව එක පැහැදිලි කිරීමක් කරන්න ඕනන.. මොකද මං ඔය දේ හිරුට කියන්න කලින් තවත් කවුරු හරි කියලා තිබුනා කියලා මට හොඳට මතකයි... හැබැයි ඒ ඇනෝ කෙනෙක් විය යුතුයි මගේ මතකේ හරිනං... ආන්න ඒ හින්දා තොප්පිය දෙකට බෙදිලා යනවා.. ඒත් මං පස්සේ කල්පනා කලා මං ඕක හිරුට කිව්වට පස්සේ මේකි හිතයිද දන්නේ නැහැ කලින් ඇනෝ කෙනෙක් (ඇනෝ කෙනෙක් නෙවෙයිනං අවුලක් නැහැ මට මතක ඒ වගේ) හැටියට ඕකම කිව්වේ මංද කියලා හිතයිද කියලා... ඒත් ඉතිං ඔය වගේ දෙයක් කියන්න මට ඇනෝ එන්න උවමනාවක් නැති බව හිරුවට තේරුම් ගන්න තරං බුද්ධියක් ඇතිනේ කියලා හිතලා මං ඒක එතැනින් අමතක කලා...

    ඒත් දැන් මේ තොප්පි යැවිල්ල අතරේ ඔය ගැන මේ ලග ලගම කිව්වම මට හිතුනේ මං මේ ඊයේ පෙරෙදා හිරුවට කෙලින්ම කියපු දේට හිත රිද්දවගෙන වගේ තමා කියලා... එව්වටනං ඉතිං මක්කා කියලා කොරන්නද... බ්ලොග් ලියද්දී ඇනුං බැනුං විවේචන කොයි තරංනං අහන්න වෙනවද කියලා හොඳටම දන්න එකෙක් නෙව මං... ඕවට කේන්ති ගන්න ගියොත් ආයේ ජීවත් වෙන්න වෙන්නෙත් නැහැ.. බ්ලොග් ලියන්න වෙන්නෙත් නැහැ... කොටින්ම සමාජයේ ජීවත් වෙන එක නවත්තලා ගුලකට හරි බෙනයකට හරි රිංගලා තමා ඉන්න වෙන්නේ.. ඒ හින්දා හිරුවා ඒක කොහොම බාර ගත්තා උනත් අවුලකුත් නැහැ.. කාලෙත් එක්ක හිරුවට අදට වඩා ඒක පැහැදිලි වෙයි නෙව...

    ලිපියේ අනිත් ඒවා ගැනනං මංදා.. ඒත් පේන හැටියට ඒවත් අර කිව්වා වගේම මේ දවස්වල හිරුට අහන්න දකින්න ලැබෙන දේවල් එක්කම හිතේ තිබුන තවත් කාරණා වෙන්න නැතෑ... ඒ තොප්පිත් හරියන අය ඇති අනිවාර්යයෙන්ම... එහෙම නැතිව තොප්පි හිස් අහසට විසිකරන්නේ අජටාකාසේ ඉන්න උන්ට අල්ල ගන්න නෙවෙයි නෙව... මේ බ්ලොග් ලියන උන්ටම අල්ල ගන්න නෙව.. එහෙම තොප්පි අල්ලගෙන කවුරු හරි ඒ වෙනුවෙන් පෙනී හිටිද්දී ආයේ “අනේ නැහැ“ කියලා කිය කිය මහන්සි වෙන්න ඕනත් නැහැ.. මොකද ඒ වෙද්දි ඒ ඒ අයිතිකාරයෝ ඒවා යම් යම් කාරණෘ උඩ හරියට අල්ලගෙන නෙව කතා කරන්නේ... මොකදෑ බබ්බුයෑ මේවා ලියන්නේ කියවන්නේ.. හා නැද්ද..?

    කොහොම උනත් හිරුවා වටේටම නෙළුවා හිතේ හැටියට... (ඔය මටත් නෙලලා තියෙන්නේ :D ) හැබැයි මගේ චෝදනාව වෙච්ච දේට සමානවම කමෙන්ට් මගින් ආයෙම ෂේප් න්‍යායත් පෙන්නුම් කරලා තියෙනවා දැක්කම ආයෙම හිනත් ගියා... කොහොම උනත් අපි කවුරුත් මනුස්සයෝ නෙව... බනින්න කැමති උනාට අපිට බනිද්දි ටිකක් අමාරුයි... ඕක තමා ඇත්ත... හා හා ඔය මදෑ...

    දැන් ඔන්න අනිත් අයට කිව්වා වගේ නැහැ නැහැ මේක කාවවත් අරමුණු කොරගෙන නෙවෙයි ලිව්වේ කියලා බටර් ගාන්ට කාරි නැහැ... බය නැතිව ඔව් ඔව් බොට තමා කියලා සිංහ සෙයියාවෙන් කියලා මේ උගුලෙන් ගැලවියං... අඩුම ගානේ මගේ චෝදනාව මෙතනදී මගේ කොමෙන්ටුවට දක්වන ප්‍රතිචාරෙන්ම බොරු කොරලා හරි පෙන්නහං... :D

    ඔන්න පිත්තටම පන්දුව.. දැන් නෙලන එකයි ඇත්තේ වැටට උඩින්ම යන්ට...
    :D :D :D

    ReplyDelete
    Replies
    1. හික්.. ඒ තොප්පිය නං ඔයාට පමණක් නෙවෙයි මාරයො.. තව කීප දෙනෙක්ටම . විශේෂයෙන් මටත් එක්ක.. හැබැයි මට අදාලවම නෙවෙයි.. මොකද ඔයා මට කියන්න කලින්, මටම ඒක තව කීපදෙනෙක් ගැන හිතිලා, ඊට පස්සෙ මමම තර්ක කරලා තේරුම් ගත්ත දෙයක්... හොඳට කියෙව්වොත් මම කියපු දේ තේරෙයි.. මුල් බැහැගත්ත අදහස් වෙනස් වෙන්න කලාන්තරයක් ගත උනත්, ( යුඑන්පී ජේවීපී කතාව ඒක ගැන..) මිනිස්සුන්ගෙ සමහර අදහස් දැනුම් තේරුම් ගනිද්දි වෙනස් වෙනව...

      ෂේප් න්‍යායක් මෙතන නෑ... මුල ඉඳලා බැලු‌වොත් පෝස්ට් එකේ කියලා තියෙන ටිකම කමෙන්ට් වලත් ඇති... පෝස්ට් එක සැරට ලිව්වට මට කමෙන්ට් වල ඒ සැර තියාගන්න උවමනාවක් නෑ.. මොකද කමෙන්ට් කියන්නෙ සංවාදයක් විතරයි... නමුත් මම ලියලා තියෙන කරුණු එකම තමයි...

      තොප්පි විසි කරන්නෙ නැතුව මේක ලියන්න මට බෑ මාරයියෙ.. මේක ලිව්වෙ මෙයා‌ට, මේක ලිව්වෙ මෙයාට කියල ලියන්න මට ඕනෙ කමකුත් නෑ... මේ එක දෙයක් වත් මං එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් දැක්ක දේවල් නෙවෙයි... අද ඊයෙ දැක්ක දේවල්වත් නෙවෙයි...

      පෙනී හිටිය අයට මම කිව්වෙ “ ඒ අය වෙනුවෙන්ම” ලියපුවා නොවන බව විතරයි...

      Delete
    2. චිකේයියා... දුන්නා නේද ආයෙමත් පතෝල බණ්ඩක්කා දෙක සම සමව උයලා... සික්.. මං හිතුවා දෙයි වැටට උඩින්ම යන්ට කියලා.. මෙලෝ රහක් නැහැ.. මං යනවා යන්ට... :D

      Delete
    3. හිතුවද මං එකපාරටම කොච්චි මිරිස් ගහම හූරයි කියලා.. ඒවා කොහෙද මාත් එක්ක...

      එහෙනං යන්ට.... ටටා....

      හි හි....

      Delete
  30. (මම ටිකක් පරක්කුයි)
    1.ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න තියන අයිතිවාසිකම වගේම එයාල ලියන දේවල් විවේචනය කිරීමේ අයිතිය අනෙක් අයටත් කියවන්නන්ට සංවාදයට සහභාගී වීමේ අයිතියත් තියනව. නමුත් ලියන දේවල් වලින් පෞදිගලික ජීවිතය ඇදල අරගෙන ගැහිල්ල නං අන්තිම පජාතියි. මෙතන හිරුට‍ ගහන්න පාවිච්චි කරපු සමහර දේවල් ගැන කියන්න තියෙන්නෙ එච්චරයි.

    2.ලියන දේ කුමක් වුවත් තමන්ගේ අදහස කුමක් වුවත් තමුන්ගෙ යාළුවගෙ මතවාදය වෙනුවෙන් පෙනී සිටීම ඊටත් වඩා අවලස්සනයි. මේක අර එක සැරයක් අගමැති මුත්ත කියපු "ඥාති හිතවත් සැලකිල්ල" ම තමයි. වැඩේ තියෙන්නෙ ඒව විවේචනය කරන මිනිස්සුම ඒව කරන එකයි.

    3.ලංකාවෙදි නං ලිංගිකත්වය ගැන කතා කිරීම ටිකක් විතර නූතනවාදී කාරණාවක්. නමුත් ලිංගිකත්වය කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති පොල් බූරුවන් එක්ක සංවාද කරල වැඩක් නෑ.

    ReplyDelete
  31. හිරු.මම බ්ලොගක් ලියන්නෙ බොහොම මැතක ඉදන්.හැබැයි ගොඩක් කල් ඉදන් කියවනව.එක නිසා කියවන්නගෙ පැත්තෙන් කියන්න.මම කැමැතියි හැම ජාතියෙම බ්ලොග් තියෙනවට.සමහර අත්දැකිම් කියෙවුවමයි දන්නෙ එවගෙ දෙවල් වෙනව කියල.එවගෙම දැනුම ලැබෙන එවත් ගොඩාක් වටිනව.හැබැයි දැනුම දෙන එව විතරක් තිබුනොත් මෙතන නිකන්පට්ට බොරින් තැනක් වෙනව.මිනිසා ස්බවෙයෙන්ම ඔපදුප වලට කැම්තියි.එකනිසා තමයි ඔය කතන්දර කියල එකක් මිනිස් ඉතිහාසය තරම්ම ඇත අතිතයෙ ඉදල තියෙන්නෙ.ෆිල්ම්, ටෙලි ,නවල්,ස්ටෙග් ඩ්‍රමා වගෙ නොයෙක් විදියට දියුනු වෙච්ච කර්මාන්ත තියෙන්නෙ මිනිසාගෙ එ ආශව නිසා තමයි.

    ReplyDelete
    Replies
    1. දැනුම කියන්නෙ අපි හැමතිස්සෙම හිතනවා වගේ අධ්‍යාපනය, රැකියාව නෙවෙයිනෙ දමිත්.. අපි ඔලුවට ගන්න හැම දෙයක්ම දැනුම තමයි... කියවන, අත්දකින ප්‍රමාණය වැඩි වෙනකොට දැනුම වැඩිවෙනව... ඉන්ටර්නෙට් කියන්නෙත් ඒකට එක මාර්ගයක් විතරයි... රේස් කොලෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලූවන්... සීනි ඔතන් ආපු කොළෙත් කියෝපු අය හිටියනෙ...

      Delete
  32. මටනම් මේ පෝස්ට් එකේ කිසි අවුලක් පෙනෙන්න නෑ. කියලා තියෙන කිසි දෙයක් බොරුත් නෙවෙයි.

    දහසක් මල් පිපේවා - දහසක් මත ගැටේවා.....!!!

    ReplyDelete
  33. මේ වගේ දෙයක් ලියන්න උඹට තිබ්බ නිර්භීත භාවය ගැන මම නම් බොහොම ආඩම්බරයි හිරු...

    ReplyDelete
  34. අපි උඹට සළකනවා මදිනෙ. අර ඩිසයින් ටික බොහොම ඉස්තරම්.....

    ReplyDelete
  35. කියන්න තියෙන දේවල් අඩුපාඩුවක් නැතුව කියල තියෙනව... ටෝන් එක වෙනද වගේම ගියා නම් සමහර විට වල්ගෙ පාගගත්තු සමහරු එහෙම නොකරගන්නත්, හිරූට මතුකරන්න ඕන වුන කාරණාව ඉස්මතු වෙන්නත් මීට වඩා ඉඩ තිබුන කියල හිතනෝ...

    හැබැයි සමහරුන්ගෙ වෙස් මූණු වලට වුන දේ දැක්කහම නම් මේ වුන විදිහ හොඳයි කියලත් හිතෙනෝ..

    ReplyDelete
  36. @ හිරු සහ අපි සැමට.......

    අද හිටන් බ්ලොග් ලියන අයටත්, බ්ලොග් කියන මාධ්‍ය පටන්ගත් පලවෙනි දවසේ පටන් බ්ලොග් ලෝකයේ සැබැවින් හා නින්දෙන් සැරිසරනා ජ්‍යේෂ්ඨ, කනිෂ්ඨ සියල්ලන්ටම පොදුවේ ලියමි......

    අපි දන්නා සියළුම වැඩ කිඩ දමමින් නෙල්සන් මැන්ඩෙලා ගැන කතා කරන්නෙමු..බ්ලොග් ලියන්නෙමු...දේශන පවත්වන්නෙමු...නමුත් මේ සුන්දර සරල මිනිසා කියාදුන් ජීවිතයේ සරල පාඩම නැවතී කියවා බලන ලෙස ඉල්ලමි. අපි සියල්ලෝම පොතේ ගුරුන්ය..ප්‍රායෝගික නැත.

    ආත්ම වංචාව නැමති විෂය සාපේක්ෂය. එය විග්‍රහ කර හැකි මාවත් බොහෝය. එය කෙසේ විග්‍රහ කරත් අප සියල්ලෝම එම වංචාවේ කොටස් කරුවෝ වෙමු. එය එසේ නොවේ යැයි කියන්නේ නම් ඒ තවත් ආත්ම වංචාවක් නොවේ නම් අන් කවරක්ද?

    හිරූ මම සහ අනිකුත් අදහස් පල කරන්නවුන් හැමෝම මේ කරන්නේ අප අපගේ මතවාද උස්සා තැබීමයි. එය එසේ නොවේ නම් සිදුවන්නේ මතවාදී නිර්වින්දනයයි. අපි මෙයටද කැමති නැත්තෝ වෙමු. වාසනාවකට හෝ අවාසනාවකට සිදුවන්නේ, වක්‍රව හෝ සෘඝුව (ඩිරෙක්ට් )... කුල්මත්වීම නැමති අශ්වයාට තව හොඳින් දුවන්නට කස පහරක් දීමයි. මෙය වරදක් නොවේය. නමුත් සිදුවන්නේ....අශ්වයා දුවන්නත් ඕනය, නමුත් කසෙන් ගැසීම සත්ව හිංසාවක්ය යන ප්‍රාථමික සිතුවිල්ල අතපත ගෑමය..

    බුදුන් ගැන කතාකරන බෞද්ධයෝත්, ක්‍රිස්තූන් ගැන කතාකරන කතෝලිකයෝත්, ජූලියස් පූචික් ගැන කියවන මාධ්‍ය කරුවෝත්, මැන්ඩෙලා ගැන කතා කරන අති උත්තම මානව වාදියෝත් කරන්නේ තවත් විකුණාකෑමේ සොඳුරු භාවිතයන්ය. පලමු ටොක්ක හොඳ හයියෙන් තම තමන්ම ඇන ගත්තොත් ,හුජ්ජ යන්නේ තම තමන්ගේම ජංගි ලන්කට්වල බව මතක තබා ගත යුතුය. ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නෑ අරූ මේ කරන්නෙ මතවාද උස්සා තැබීමක් කියල.. මේක මතවාද ඉදිරිපත් කිරීමක් විතරයි... මේක මට හිතුනා, හිතිලා හිතේ තියාගෙන හිටිය නං මෙතන කතාවක් ඇති වෙන්නෙ නෑ... මම මේක ඉදිරිපත් කරපු එකෙන්, ඒක හෙලා දැකීම සහ උස්සා තැබීම කියන දෙකම සිද්ධ උනා... මේක ප්‍රොසෙස් එකක්නෙ.. වෙන්න අවශ්‍යත් ඒකම තමයි...

      අරූ අන්තිමට කියල තියෙන උදාහරණෙන්ම කියනව නං ටොක්ක තමන්ම ඇනගෙන හරි වෙන කෙනෙක් ඇන්නම හරි, හුජ්ජ ගියාම ෂේප් එකේ ගිහින් හෝදගෙන ඇවිත් මුකුත් නොවුන වගේ ඉන්න එකයි, අනිත් මිනිස්සුන්ට ගඳ ඇවිල්ල නහය වහගන්නකොටත් මට නෙවෙයි ගියෙ කියලා අත උස්සන එකයි ඊට පස්සෙ දෙන ප්‍රතිචාර දෙකක්..

      මේක මම ලිව්වෙ මගේ සාමාන්‍ය ලිවීම් වල විදියට නෙවෙයි.. ඒක කළේ මගේ සාමාන්‍ය ටෝන් එක ෂේප් ටෝන් එකක් හින්ද.. මට සැර ටෝන් එකක් ගන්න ඕනෙ උනා... මොකද මේ ලිව්වෙ මට රිදුන දෙයක් හින්ද නිසා.. නමුත් ලියද්දිම මම දැනගෙන හිටිය මට මෙතන ඕනෙ කරන සංවාදය ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩු බව... ඒ හිතුවා වගේම මෙතන මම ඉදිරිපත් කරපු කරුණු ගැන සංවාදයක් ඇති උනේ නෑ ඇත්තටම.. නිකම් එකා එකා බැන ගත්ත, කුණුහරුප කියා ගත්ත මිසක්.. ලිවීමෙ ටෝන් එක, ඒකෙන් වෙච්ච හිත් රිදීම් ගැන හෝ ගාලා කතා කළා මිසක් ලිව්ව කරුණු ගැන මේකෙ තියෙන කමෙන්ට් එකසිය ගානෙන් කීයක විතරද පොඩි හරි කරුණු දැක්වීමක් තියෙන්නෙ..? මම බලාපොරොත්තු උනා මතවාද, කමෙන්ට් ගැන අදහස් දැක්වීමකට වැඩිය, මම පෝස්ට් එකෙන් ඉදිරිපත් කරපු කරුණු ගැන අදහස් දැක්වීමක්...

      Delete
    2. >> මම ඉදිරිපත් කරපු කරුණු ගැන සංවාදයක් ඇති උනේ නෑ ඇත්තටම.. නිකම් එකා එකා බැන ගත්ත, කුණුහරුප කියා ගත්ත මිසක්.. <<

      ඉතින් බන්ස් හැමදාම වෙන්නෙ ඕකනෙ. ඔච්චර බ්ලොග් හා බ්ලොග් කරුවන්ගේ හැසිරීම ගැන ලියපු උඹ ඕක ගැන දැනගෙන හිටියෙ නැතෙයි ?? :D

      Delete
    3. ඔව් බං.. දැනං තමයි ලිව්වෙ.... මොනා කරන්නද.. මේක ලංකාවනෙ... හි හි

      Delete
    4. බ්ලොග් වල කොමෙන්ට්ස් ලියන්න කොටුවක් තියෙන්නේ ඒකයි. එතනදි තම මතය බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන. මේ බ්ලොග් කලාව නෙමෙයි. මේ පරන පුවහ් පත් කළාව. ඒ කාලේ නම් වෙනම ළිපියක් ලියන්න ඕන.

      Delete
    5. ඒකනෙ ඉතිං කමෙන්ට් ලියන්න දීලා උත්තරත් දුන්නෙ මාතලන්... හි හි... මොකද්ද මේකෙ පරණ පුවත්පත් කතාවක් තියන්නෙ.. දැං මෙතන එක කමෙන්ට් එකක්වත් අයින් කරලා නෑ නේ... මම කමෙන්ට් වලින් කියන්න දෙයක් මට ඉතුරු කරගන්නෙ නැතුව පෝස්ට් එක ලිව්වෙ.. ඔයාලා පෝස්ට් එකට අදාලව හෝ නැතුව හෝ කමෙන්ට් දාපුවට මම රිප්ලයි කරලා තියෙනව..

      Delete
    6. අරූගේඅඩවියේ කොමෙන්ටුව හා එකඟයි. අපි මේ කරන්නේ ආත්ම වංචාවක් තමයි. අපිවම පුම්බා ගැනීමක්

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. ලිපිය කියෙවුවාට මොනවා ලියන්නද කියලා අදහසක් නෑ. මොකද පහුගිය කාලේ බ්ලොග් ලෝකේ මොනවා වුනාද නොදන්නා නිසා ඉහත කමෙන්ට් වලින් කියවෙන දේවල් පවා මට වටහා ගන්න බෑ. ඒ ගැන සමා වෙන්න. කොහොම වුණත් කියන්න තියන දේ කෙලින්ම කීම පිළිබඳව සන්තෝෂය පමණක් පිලි ගන්න.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකියවා පෝස්ට් එක කියෙව්වනං බට්ටිට පෝස්ට් එක තේරුම් ගන්න පුලුවන් වෙයි.. කමෙන්ට්, පෝස්ට් එකට එච්චරම අදාල නැති පැත්තකට ගියෙ... හි හි

      Delete
    2. \\\\\\\\\\\\කමෙන්ට්, පෝස්ට් එකට එච්චරම අදාල නැති පැත්තකට ගියෙ... හි හි\\\\\\\

      මෙහෙම දෙයක් උනාමද මන්දා මේ පාර ... :)

      Delete
  39. මෙතනත් වලියක් ගිහින්ද. මේ දවස්වල බ්ලොග් නොකියවන අඩුපාඩුව තමයි. මොනවා වෙලාද කියලා කිසිම අදහසක් නෑ.මුකුත්ම නොදැන පෝස්ට් එක විතරක් කියවලා බැලුවොත් මට තේරෙන විදියටනම් කියලා තියන දේවල් ඇත්ත. +1 හිරු

    ReplyDelete
  40. හිරු, මම බ්ලොග් ලියන්න අලුත් උනත් කියවන්න අලුත් නෑ. ඉංග්‍රිසි බ්ලොග් වගේම සිංහල බ්ලොග් කියවන කෙනෙක් හැටියට මටත් ඔයා දක්වලා තියෙන අඩුව පෙනුනා. සංචාරය කරන තැන් ගැන ජීවිතයේ සිදුවන දේ ගැන පින්තූර සහිතව බ්ලොග් ලීවත් මට ලැබෙන ප්‍රතිචාර සහ, යන එන පිරිස (හිට් කවුන්ට් එක නම් වැඩි) ගැන සැලකුවාම, මේ සටහන් මෙහෙම ලිව්වට මාර හුදෙකලායි කියලා හිතෙන්න ගත්තා. අලුත් මට පරණ බ්ලොග් කියෙව්වම සෑහෙන්න උපදෙස් සහ ක්‍රමවේද තේරුනා. ඔයා කිව්ව දේ නම් ඇත්ත හිරු. කුණුහරුප ලියන්න, කැත කතා ලියන්නම බ්ලොග් වෙන් වෙලා වගේ. ඒවට තමයි මිනිස්සු ඇදිලා යන්නේත්. නමුත් ඉංග්‍රිසි බ්ලොග් රෝල් වල මේ ගතිය අඩුයි. පින්ටරෙස්ට් වගේ සයිට් වලිනුත් ඔබ දැක්වූ ආකාරයේ බොහොම වටිනා උපදෙස් ලබාගන්න පුළුවන් අත් වැඩ සඳහා. මම නම් ඒකත් භාවිතා කරනවා. මමත් චිත්‍ර අංශයේන් වැඩ කරන කෙනෙක්. එනිසා ඒ ගැන අත්දැකීම් ඉදිරියේ ලියන්නත් හිතන් ඉන්නවා. ඔබ දැක්වූ පින්තූර වල ඇති නිර්මාණ ඉතා උසස් ඝනයේ ඒවා. බොහොම දක්ෂයි ඒකනම් . keep it up , කෙලින් කතා කරන ඔයාගේ මේ බ්ලොග් පෝස්ට් එක නම් නියමයි. !

    ReplyDelete
  41. පට්ට වලියක් නෙව. . .

    ReplyDelete
  42. ලේ වලින් අපි හැමෝම සමාන වුනාට අපේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. බටහිර රටවල රටාව තමයි විදිමින් ජීවත් වීම. බටහිර රටවල මිනිස්සු වර්ථමානය තුල සැබැවින්ම ජීවත් වෙනවා. නමුත් ලංකාව වගේ ආසියාතික රටවල මිනිස්සු මතකයන් තුල වඩාත් ජීවත් වෙන්නට නැඹුරු වෙනවා.

    බටහිර රටවල ජීවිත අධික ලෙසින් වේගවත්. ඒ අය අපි හිත හිත ඉන්නකොට වැඩ කරලත් ඉවරයි. ඒ බටහිර සංස්කෘතික රාමුව තුල සෙක්ස් කියන්නෙ හරියට කොන්ඩෙ කපනවා වගේ සරලම දෙයක්.
    ඒත් ආසියාතික මතකයන් මූලික කරගනෙ ජීවත් වෙන මිනිස්සුන්ට සෙක්ස් කියන්නෙ තවත් එක කොන්ඩෙ කපනවා වගේ සරල දෙයක් නෙමෙයි. ඒකවටා බොහෝ දේවල් තිබෙනවා.

    මෙහේ දි දෙන්නෙක් සෙක්ස් කරනවා කියන්නෙ මහ ලොකු දෙයක් වෙලා. ඒ නිසාම වැඩි වාරගනන් වැඩි ක්‍රමගානක් යොදාගෙන වැඩිවෙලාවක් සෙක්ස් කිරීම වීරකමක්වෙනවා. ඒවගේම වැඩි ගනනක් ගැහැනු සමග බුදියාගැන්ම මෙහෙ තවමත් වීරකමක් විදියට දැක්වෙනවා. නමුත් මේ වගේ යුගයක් පහුකරලා තියෙන යුරෝපයේදී මේ වගේ ගතිසොබාව තියෙන ගෑනු පිරිමි සෙට් වෙන්නෙ නව යොවුන් හෝ යොවුන් වියේදි විතරයි..

    ඉන් පස්සෙ ඒ අය සෙක්ස් අත ඇරලාවෙන දේවල් පිටිපස්සෙ යනවා. නමුත් ලංකාවෙ අපිට තිබෙන සෙක්ස් බැරියර් නිසා හෝ සෙක්ස් කියනෙ ද් මැජික් වීම මත අපි ජීවිත කාලෙන් හතරෙන් තුනක්ම සෙක්ස් පිටුපස්සෙ පිස්සු බල්ලන් වගේ දුවනවා.. ඒකෙ අනිත්‍යය වටහාගන්න තරම් අපිට සෙක්ස් ලැබෙන්නෙත් නැහැ.. ඒ වගේම ලැබුනත් ඒක අර බටහිර සමාජයේදී වගේ සාමාන්‍ය කරනය වෙන්නෙත් නැහැ..

    මේ කමෙන්ට් එක ඇතුලෙ මුලු අදහස දාන්න බැහැ. මොකද මගේ අදහස දිග වැඩියි. පුලුවන් සුලු කොටසක් දැම්මා. මං හිතනවා ඒකෙන් පොඩි මෙව්වා එකක් වේවි කියලා.

    ReplyDelete
  43. මටනම් දැන් තියන සිංහල බ්ලොග් අවකාසේ හොඳා............යි.

    ReplyDelete
  44. කියෙව්වෙමි. මොකුත් නොකිය යන්න හිත නෑ. ඒ හිංද කුරුටු ගාන්නං
    එකේක අයගේ මානසිකත්වය වෙනස්නෙ. නැද්ද. සමහර අයට පොරක් වෙන්න සමහර අයට තමංගෙ ගොං වැඩ ගැන කියල ආතල් ගන්න ඕන. ඒ ඒ අයගෙ මානසිකත්වය. මෙතන වෙලා තියෙන්නෙත් ඔයා පොරක් කියල නොකිය කීමක් නෙ.
    මං නං කියන්නෙ හරි නං කරන්න ඕන කරගන්න එකාට කරගන්න දෙයක් කරගන්න ඇරල හොද නරක අනුව සහය දැක්වීම. අපිට ඕන දේවිතරක් ඕන තැනිං අරං එපා දේ හලල දාන එක
    සහ එපා උන්වද හලල දැමීම. වැඩක් නෑ කියල දැනගෙන අපි පරන වලා කටු එකතු කරන්නෙ නෑනෙ නැද්ද ආයිබංඩ

    ReplyDelete
    Replies
    1. සොරිය යමක් වැරදී ඇත. වලා කටු නොව වලං කටු ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. මං මෙතන ලියලා තියෙන්නෙ කට්ටිය කරන කියන දේවල් ගැන මට හිතෙන දේවල් ටිකක් විතරයිනෙ... ඕකෙ ඉතිං හරි නං හරි කිව්වා වැරදි නං වැරදි කිව්වා, එහෙමත් නැත්තං මුකුත්ම නොකියා හිටියා කියල මට අවුලක් නෑ මෙතනදි.. කෙනෙක් මේ ගැන යමක් හිතන්න පෙළඹෙනවා නං එච්චරයි... අනිත් එක කවුද අකමැති තව කෙනෙක් තමන් පොරක් කියල හිතනවට... පෝස්ට් එකෙත් කියලා තියෙන විදියට මං නං කැමතියි.. (පෝස්ට් එක කියෙව්වනං ඒ කෑල්ල අහු වෙන්න තිබ්බ හැබැයි... හි හි... )

      Delete
  45. විනස් දෙව්දුව දිහා බලාගෙන අතේ ගහන්න යන්නේ නෑ... මරු කියුම හැබැයි මේ පිළිමෙ එක්ක සංසර්ගයට යන්න හිත නැති වුණාට හොරකම් කරන්න තියෙනවනම් කියල නම් හිතයි.ඒ කලාකාතියක් තියාගන්න තියෙන ආදරණීය බැදීමෙන් නෙමෙයි.කාට හරි දීලා කීයක් හරි හොයා ගන්න.මිනිස්සු කියන්නෙ දෙබිඩ්ඩො.ඒකත් භාවිතා කරන්නෙ ආත්මාර්ථයෙන්.ගැටළුව එන්නෙ එතන.බිරිදට හැංගෙන එක වගේම සැමියට හංගෙන එකත් බොහොම අහිංසක ද්විත්ව චරිත.සමහර වෙලාවට මේ සංස්කෘතික අන්‍යතාවය අපි ඒකට මැදිහත් කරලා තියෙනවා.නමුත් උදාහරණයකට කල්පනා කරන්නකො කලාකාරයො සහ මාධ්‍යකාරයොම අරගෙන අවසානයෙ සිය සිවිල් බලය රැගෙන යන්නෙ කොහාටද කියලා..

    ReplyDelete