Tuesday, December 3, 2013

පොඩි පත්තර කතා දෙකක්.... Short NEWS stories...

අද පොඩි කතා දෙකක් විතරක් දාන්නෙ උදේ පාන්දරම නෙට් කනෙක්ෂන් එක කපලා, මගේ මූඩ් අවුට් ගියා හින්ද.... නැත්තං මේක මීට වඩා ලියන්න හිතං හිටියෙ.... 

මේ ටිකේම උදේට පත්තර කතන්දර අහද්දි හිතෙන්නෙම අපි ඔක්කොම කාටූන් විතරද කියලා... ඔන්න පත්තර වල හෙඩ් ලයින් ටිකයි, විස්තර ටිකයි කියෝනව... ඊට පස්සෙ ඇතුල් පිටු.. ඊළඟට එක එක ඒවා.. ඊළඟට කාටූන්.... 

හැමදාම කාටූන් ටික කියවද්දි මට හිතෙනවා මුළු පත්තරේම තියෙන දේවල් වලින් රටේ මිනිස්සුන්ගෙ හිත් වලට තියෙන දේවල් වලට තියෙන්නේ කාටූන් ටික විතරයි කියල... 


සූවාරිස් හැමදාම කෝටු කිතයියෙක්... අනිත් පැත්තෙ බඩ මහත මොකෙක් හරි... සරදම් එකෙත් එහෙම්මමයි... හිනා වැස්සෙයි පලා මල්ලෙයි නං යන්තං හමට යටින් මස් කළඳක් තියෙනවා වගේ පේනවා... 

ඒ මදිවට අනේ අපේ හිතේ තියෙන ටිකත් ඒ විදියටම ඔය ‌ගොයියො ටික කියනවනෙ... 

එහෙම බැලුවාම අනේ අපේ රට කරනවනවා කියලා කිය කිය, උදේ ඉඳන් හවස් වෙනකම්ම රට “අනුභව කරන”  උන්ට අපි පේන්නෙ කාටූන් චරිත විදියට විතරද.... ?


මේ අනිත් එක... 

මේක දැක්කෙ e-journalist කියලා බ්ලොග් එකක.... 



මෙන්න මේ පින්තූරෙ සහ ඒ අදාල සටහන කියෙව්වම මට හිතුනේ... බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් කියල විතරමයි... 

පොලිසියෙන් කරන්න ඕනෙ වැඩේට මොකටද හාමුදුරැවෝ....?

මේ ඊයේ පෙරේදා පරණ ෆිල්ම් ගොඩක් අවුස්සද්දි අහු උනා ෆිල්ම් එකක්.. ඒකෙ නම Footloose ... ( ෆිල්ම් දෙකක් තියෙනව.. එකක් 1984, අනික 2011... මම බැලුවෙ 2011 එක... 

පොඩි නගරෙක කාර් ඇක්සිඩන්ට් එකකින් හයිස්කූල් සීනියර්ලා පස් දෙනෙක් මැරෙනව.. සෙට් එක එන්නෙ ඩාන්ස් එකකට ගිහින්... 

එතන ඉන්න එකෙක්ගෙ තාත්තා‌ තමයි පල්ලියෙ ෆාදර්.. ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ බොහොම හැඟීම්බර දේශනාවක් තියල එදයින් පස්සෙ 18ට අඩු එවුන්ට ‌රොක් මියුසික්, ඩාන්සින් තහනම් කරනවා... අඩුම ගානෙ  Prom එකවත් නෑ... 

අවුරුදු 3කට පස්සෙ බොස්ටන් වලින් එන කොල්ලෙක් ඕක වෙනස් කරන්න හදන කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.. ඕකෙ මරු දෙබසක් තියෙනව පල්ලියෙන් හැම එකටම අතදාන එක ගැන... මං සිංහලෙන් මතක විදියට මෙතන දාන්නෙ.. හරියටම ට්‍රාන්ස්ලේෂන් නං නෑ... 

කොල්ලා අහනවා එයාගෙ මාමගෙන්... 

“ ඉරිදට ගේම් එකක් තියෙනවා නං ඔයා කොහොමද බියර් ගන්නෙ, එදාට පල්ලියෙන් බාර් වහලනේ ”

එත‌කොට මාම කියනව 

“ ඉරිද කියන්නෙ දෙයියන්ගෙ දවස, එදාට බියර් ගන්න බෑ.. ඔයාට බියර් ඕනෙ නං ඒක බියර් දවසෙදි ගන්න... බියර් දවස කියලා එකක් බයිබලේ තියෙනව.. ඔයාට ඕනෙ නං බලන්න ” කියලා... 

ඔන්න ඔහොම සීන් එකක්.. මට ඔය ෆිල්ම් එක බලනකම්ම මතක් උනේ ඔය උඩ මම දාපු ෆොටෝ එකමයි... 

නීතියයි ආගමයි කියන්නෙ දෙකක් කියලා මේ අපේ මිනිස්සු කවදා තේරුම් ගනියිද කියලා මං මේ කල්පනා කරන්නේ.... 

85 comments:

  1. ගොඩක් වෙලාවට උදේට ලෑස්ති වෙනකොට රූපවාහිනියෙ කියන පත්තරවල කාටුන් ටික ඇහෙනවා. කාටුන් ශිල්පීන් පොඩි ඉඩක් ඇතුළෙ කරන වැඩේ අපූරු යි. දෙවෙනි කතාව ගැන කිව්වොත්, මිනිස්සු හිතන්නේ ආගම කියන්නෙ නීති මාලවක් කියලා. මේ තමයි මට හිතෙන හැටි.

    ReplyDelete
    Replies
    1. මාත් මේ පත්තර කතන්දර අහන්නෙ උයන ගමන් දිලිනි... ෂේප් එකේ අහගෙන ඉන්නවා ලේ ටික රත් කරගන්නෙ නැතුව... බැරි වෙලා හරි ලේ රත් වෙන ගතියක් දැනුනොත් මේකෙ නෝට් එකක් දානවා උයලා ඉවර වෙලා ලියලා දාන්න... වෙන මොනා කරන්නද...

      Delete
  2. Replies
    1. ඔව් බං..!( හිරුවව ටිකක් කේන්ති ගස්සන්නත් එක්ක..)) )

      Delete
    2. බියර් බීමට අගේන්ස්ට් නෑ මං... හි හි... ඕවා නෑමට තමයි අගේන්ස්ට්....

      Delete
    3. ශවර්වලින් බියර් එන තැනක් තියෙනවා නම් මටත් කියන්නකෝ.

      Delete
  3. කොහොමත් අපි දැන් රූකඩ වගේනෙ..බලමු ඉතින් කොච්චර කාලයක් ඔහොම දුවන්න පුලුවන්ද කියල

    ReplyDelete
  4. ඉරිදට කාගිල්ස් ඇරල !

    ReplyDelete
  5. ආගම් අන්තවාදය කියන දේ සීග්‍රයෙන් අප කරා පැමිණෙනවා.

    ReplyDelete
    Replies
    1. ආපහු ගල් යුගේට...

      Delete
    2. නීතියට වඩා පුළුල් පරාසයක් ආගමෙන් ආවරණැය වෙනවා නේද හිරුවෝ.ආගමෙන් හික්මෙන කෙනා එසේ හික්මෙන්නේ තම කැමැත්තෙන්මයි

      Delete
    3. දැං කරන්නෙ ආගම කරේ තියාගෙන යන එකනෙ යකා...

      Delete
  6. නීතියයි ආගමයි දෙකක්. දැන් වෙලාතියෙන්නේ ආගම නීතිය කරගත්තු එකයි.

    ReplyDelete
    Replies
    1. ආගම නිතිය අභිබවා ගිහින් කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
    2. ආගම නිතිය කරගෙන ඉන්න එකම කට්ටිය මුසල්මානුවෝය

      Delete
    3. රාළේ........මුසොල්මානුවෝ නෙමේ......මුස්ලිම් අන්තවාදියෝ.....

      Delete
    4. එකම කට්ටිය ඒ අය විතරක් නෙවෙයි රාළේ...

      “ කරගන්න යන එකයි“ කිව්වනං හරි ඉවාන්.... එතනයි වරද්දගන්නෙ....

      Delete
  7. හාන්දුර්වන්ට නිතිය අතට දීල තියෙන්නෙ බලු ආණ්ඩුවනේ.
    අර තොටළග/මරියකඩේ මාරකැට්ටුවල රෙදි උස්සන් රණ්ඩු වෙන වයලට්ටක්කල,බබිඅක්කල රන්ඩුවෙන ඉට්ටයිල් එකටනේ සාරලා කහ රෙද්ද උස්සන් හැසිරෙන්නේ.චැක්.....දැක්කම හිරිකිතයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ කෙන්ජි... ලැජ්ජයි කියන්නෙ.... ෂික්...

      Delete
  8. පොලිසියත් පිරිහිලා,
    අනෙක් පැත්තට දැන් වැඩක් නෑ.
    ජනතාව ඒ අයට වැඩියෙ සිල්වත්.

    ReplyDelete
    Replies
    1. කොහෙද බතී ගිහින් හිටියෙ...

      Delete
  9. ඒක වෙන්නෙ නං ජනප්‍රියත්වය ගැන නොහිතන ඊලඟ චන්දෙ ගැන නොහිතන මනුස්සකම ඔක්කොටම වඩා උඩින් තියන රජෙක් අපිට ආ දාටයි .. එතකල් ආගම් ජාති ඔක්කොම බලෙ ගන්න ඉනිමං.. මාධ්‍ය වලින් කෙලින් කියන්න බැරි දේ කාටූන්වලින්වත් ඉදිරිපත්කරන ඒ කලාකරුවන්ට මගෙ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත... කාටූන් විතරයි පත්තරේ ඇත්තකට තියෙන්නෙ වෙලාවකට....

      Delete
  10. අපි දේශ ද්‍රෝහියො වෙන්නෙ මේ වගේ දේවල් කියන්න ගියාමයි හිරු. උන් හිතන්නෙ හාමුදුරුවෝ පොලිසිය වුණාම ඒක ජාත්‍යාලය, බෞද්ධ ප්‍රෙබාදය කියල. පුක තමා..

    ජය වේව..

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන දේ කිව්වට පස්සෙ ඕනෙ එකක් කියාගත්තුදෙන් සෑම්...

      Delete
  11. නීතිය සහ ආගම එකක් ලෙස සලකන ආගම් තියනවා. ඒ ආගම් අදහන අය බලා ඉඳිද්දී පිරිහෙනවා. බෞද්ධ දර්ශනය අවබෝධයෙන් අධිෂ්ඨානයෙන් අනුගමනය කලයුතු දෙයක් විනා අදහන ආගමක් නොවේ. එය නොදන්නා සිවුරු පොරවාගත් උන්නැහේලා තමන්ගේ ආගමික සෙළුව පෙන්වමින් ඇවිදිනවා.

    ReplyDelete
  12. හිරු,

    ඔය බොදු බල සේනාවෙ හාමුදුරුවරුංගෙ බොඩිය කොහොමද?..:) :)

    ජපානෙ අර සුමෝ ක්‍රීඩාවට නම් නියම බඩු. හදිස්සියකට මස් කිලෝ තිහ හතලිහක් කපාගත්තෑකි උන්නාන්සෙලාට දැනෙන්නෙවත් නැතුව. ඔය ඉර හැරුනට පස්සෙ ආහාර නොගන්න කස්ටිය..... කොහොමද තුං වේලම කෑවනං එහෙම? මට හිතෙන්නෙ කන එව්වයෙ පෝෂ්‍ය ගුණය 99.99% විතර යනව ඇත්තෙ ඇත්තෙ ඔය බරසාර දේහය නඩත්තු කරන්ටයි ගිරිය යටිං බෙරිහං දෙන්ටයි කියල. ඉතුරු 00.01% තමයි මොලේ වර්ධනයට යෙදවෙනව ඇත්තෙ. සර් ජෝන් වගෙ මිනිස්සු නැති එකේ අඩු පාඩුව.

    අනික පොලීසියමයි මම හිතන්නෙ ඔය Bloody Bull Shit ලට ඔය වගෙ වැඩ ගැන ඔත්තුව දෙන්නෙ...මොකද ඔය බුදු හාමුදුරුවන්ගෙ රූපෙ පච්ච කෙටුවය , ටී ෂර්ට් එහෙක තිබ්බය කියල නීත්‍යානුකූලව දඬුවම් කරන්න බැහැ මම දන්න විදිහට. මම වැරදි වෙන්න පුළුවන්. ( එහෙම නීතියක් තියනවයි කියල දන්න කෙනෙක් කියනවනම් මම පිළිගන්න සූදානම්. )

    ආගමකට අපහාස කිරිම තහනම් පණතක් නම් තියනව. ඒක යටතෙයි ඔය පොලිසියයි නඩුකාරයොයි සෙල්ලං දාන්නෙ මම හිතන්නෙ.

    නඩුකාරයොත් ඔය අල්ලගෙන එන අයට දඬුවම් කරන්නෙ බොබසේට බය හින්ද වෙන්න ඕන. කවුද අද රටේ කොන්ද පණ තියන නඩුකාරයෙක් ඉන්නෙ කෙලින්ම කියන්න මෙහෙම බුද්ධ රූපෙ තියන ටී ෂර්ට් ඇන්දට දඬුවම් දෙන්න බෑ කියල.අර මොකද්ද ගෝත්‍රික චින්තනය අනුවනෙ අද ඔක්කොම වැඩ කෙරෙන්නෙ.

    බුද්දාගමට අපහාස කොරන එවුං අල්ලනව නං මුලිම්ම හිරේ දාන්ට ඕන ඔය හන්දියක් හන්දියක් ගානෙ බෝ ගහක් බෝ ගහක් ගානෙ බුදු පිලිම හිටවන පිස්සු යක්කු..ඊටත් වැඩිය බුදු හාමුදුරුවන්ට කරන්ට පුලුවන් අපහාසයක් තියද? කාක්කො රෙන්නෙ පිළිමෙ කටේ...

    ඒයි හීරුස්...මට මෙහෙමත් හිතෙනව බොලේ..අනිවා පොලිස්සියයි හාංදුරුවොයි රාජකාරි මාරු කරගෙන වත්ද ඈ?...ඒ කියන්නෙ කඩවලට කඩා පැනල අත් වැසුං ටී සේට් වල බුද්ද රූප තියනවද කියල හොයන එක, මස් කඩ වටලල එව්ව අල්ලන එක බොබසේ බාරගන්ට ඇති. පාංසු කූලෙ දෙන එක පොලීසිය බාරගන්ට ඇති. කඹුරුපිටියෙ කේස් එක අනුව බොහොම පැහැදිලිව එහෙම දෙයක් පේන්ට තියනව.

    ReplyDelete
    Replies
    1. මරු කමෙන්ට් එක රවීයයියෙ... දෙගොල්ලො මාරු කරගෙන තමයි රාජකාරි... හි හි

      මිනිස්සුන්ව පිනට දහමට යොමු කරවිල්ල කෙසේ වෙතත් මුන්දැලා එකතු වෙලා අපේ ලේ ටික පුච්චන එක නං උදේ හවා කරනව.....

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++ රවී

      Delete
    3. මොකක් උනත් ඇත්තම කතාව අයියේ...

      Delete
    4. ඕය එකෙක් වත්...සමාවෙන්න එක්කෙනෙක්වත් තමන්ගෙ රාජකාරිය හරියට කොරන්නෙ නැහැනෙ ඒකනෙ...හැම මගුලකටම හැම එකාම අත දාන්නෙ.

      ඕය හැමතැනම බුදු පිලිම හදන එකෙත් රස කතාවක් තියෙනව ඒ තමයි...හන්දියෙ බුදු පිලිමයක් හදන්නෙ අනිවා..පන්සලත් එක්ක තරහ එකෙක්ම තමා...!ඌට ඕන පන්සල් යන්නැතිව එතනින් නිවන් යන්න. අනික...අඩියක් අඩියක් ගානෙ පන්සල් හදන එක..උදේට පිරිත් කවලං වෙනව හතර අතින්ම බණ...අනේ මන්ද අපි මේ කොයි යන්නේ..............???????????

      Delete
    5. @ රවි, නියම කොමෙන්ට් එක.

      Delete
    6. මටත් කියන්න ඕනෑ වුනේ Ravi කියලා තියෙන දේ තමයි අකුරක් නෑර.

      තව ටික කාලෙකින් හැම දේටම පර්මිට් ගන්න පන්සලට යන්න වේවි.
      කොසොල් රජුන් දුටු සිහිනය සැබෑවිණ

      Delete
    7. /////පාංසු කූලෙ දෙන එක පොලීසිය බාරගන්ට ඇති. කඹුරුපිටියෙ කේස් එක අනුව බොහොම පැහැදිලිව එහෙම දෙයක් පේන්ට තියනව.///////
      Ravi+++++++++++++++++++

      Delete
    8. හි හි.... ඔය කියලා තියෙන්නෙ කට්ටියම.. මේවයෙ මෙච්චර මේවා කියන්න අය ඉන්දැද්දි පත්තර වලට ලියන උන්දැලට එක්කො මේවා කියන්න හිතෙන්නෙ නැත්තෙ ඒ අයගේ ඇස් පොට්ට වෙලා, අතපය කොර වෙලා යනවා ඇති මේවා පේනකොට....

      Delete
  13. රවියගේ කොමෙන්ට් එක දැකලා මට මැ: හි:

    පොඩි පත්තර දෙකක කතාවක් කිව්වම මම හිතුවේ ඒ කාළේ තිබුන සිනා පත්තරේ කතාවක් කියලා. ඔය බුද්ධාගම ඔළුව උඩ තියාගෙන යනකන් මේ රටට සෙතක් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් මාතෘකාව පෝස්ට් කළාට පස්සෙ ඒක තේරුනේ.. ආයිත් වෙනස් කරන්න කම්මැලි හිතුනා... හි හි

      Delete
  14. දාස තමයි මගේ ප්‍රියතම කාටූන් ශිල්පියා...පරණ ජෙ.වී.පී පොරක් නිසාමදෝ මිනිහට වීරෙ මලයව තමයි පෙන්නන්න බැරි.....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... වීරෙ මලයව තමයි එයාට අහුවෙන්නෙම...

      Delete
  15. ඉස්සර කාටුන් බලලා අපි වගේ මිනිස්සු දේශපාලකයින්ට හිනා වුනා. දැන් ඒවා බලල උන් අපට හිනා වෙනවා. කාටුන් වල මොනවා ඇන්දත් දැන්නම් හැම පැත්තෙන්ම බයිට් වෙන්නේ අපිම තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල... අපි බයිට් වෙලාම ගිහින් තමයි දැන්...

      Delete
  16. අල්ලා ගේ රූපේ තියෙන සෙරෙප්පු දෙකක් දාගෙන අරාබි රටක ඇවිදින්න පුලුවන්ද. ජේසුගේ රුව සහිත සෙරෙප්පු දෙකක් දාගෙන බටහිර රටක ඇවිදින්න පුලුවන්ද බැහැ නේ නමුත් එම රටවල බුදුන්ගේ රුව සහිත සෙරෙප්පු දෙකක් දාගෙන ගියොත් අවුලක් වෙන්නේ නැහැ. නමුත් ලංකාවේ නම් ඔය 3 ටම නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්.

    කොහොමත් දැන් ඉන්නේ තමන්ගේ කාර්යය නොදන්නා හාමුදුරුවරු තමයි වැඩිහරියක්. හාමුදුරු කෙනෙකුගේ කාර්යය කුමක්ද හිරු?

    ReplyDelete
    Replies
    1. අල්ලාගේ රූපයක් හෝ මොහොමඩ් ගේ රූපයක් දැම්මොත් යටින් නම ගහන්නත් වේවි. මොකද එහෙම රූප මේ ලෝකේ නැති නිසා.

      Delete
    2. කකාට මතක් උන නිසා තමයි මටත් ඒක මතක් උනේ.. හැබෑට රෑප තිබ්බනං නොදාම ඉඳියිද කකා...? සංකේත වැඩි වෙනකොට අපහාස කරන්න චාන්ස් වැඩි වෙනවද කොහෙද...

      නීතිය වාතයක් වෙන්නෙත් ඔහොම උනාම තමයි විශ්ව...

      Delete
  17. අයියෝ ඔය film එක ළඟ තිබිලා බලන්න බැරි උණා. අපරාදේ මේ විදියේ කතාවක් කියලා දන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. මට ඕක බලන්න පටං ගත්ත වෙලාවෙ ඉඳලම මතක් උනේ මේ පෝස්ට් එක ලියන්න.... හි හි

      Delete
  18. මම අනිත් කමෙන්ට් නොබලයි මේක කොටන්නේ. අනිත් ආගම් ප්‍රධානව තියෙන රටවල් වල නීතිය සම්පාදනය වෙලා තියෙන්නේ ඒ ආගම් වලට මුල් තැන දීලා. ලංකාවේ එහෙම එකක් නෑ. නමුත් අපේ රටේ ඉන්න අන්‍යාගමික කොටස් මේ නීතිය තුල විඳින වරප්‍රසාද ඉවසන්න අපේ බෞද්ධයාටයි, භික්ෂුවටයි බැරි වෙලා තමයි ඔය තත්වේ ඇති වෙලා තියෙන්නේ. අන්තවාදී වෙන්න ගියොත් අපේ දහම්ගේ අගය හෑල්ලු කිරීමක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සෝබන බුද්ධාගම තමයි මුල සුදීක අයියෙ...

      Delete
  19. රවියගෙ කොමෙන්ටුව තමා කොමෙන්ටුව.... පොලිසියෙන් තමයි පාංශුකූලය දෙන්නේ, ඒක තමයි දැන් ක්‍රමය. වැඩි කල් යන්න කලින් අර ටයිම් සඟරාවෙ ගියා වගේ ටෙරර් ඔෆ් බුඩිසම් කියලා, අපේ හාමුදුරුගොල්ලගෙ පින්තුර දාන්න ගනියි. අර අම්මා ගැන සංගීත් බණ කියන එක හොඳයි මේවා එක්ක බැලුවහම.

    ReplyDelete
    Replies
    1. බණද සින්දුද තිසර... හි හි

      Delete
  20. අපොයි ඔය සිවුරු පොරොගත්ත අය ගැනනං කතා කරල වැඩක් නෑ. මිනිස්සු දානෙ දුන්නෙ නැත්තං පිස්ටල් එකක් පෙන්නල බලෙං ගන්න සයිස් එකේ කට්ටිය තමයි දැං ඉන්නෙ.

    ඔය කාටුන් වලින් හොඳම කාටුන් යන්නෙ ලංකාදීපෙ කියල තමයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හි හි... පිස්ටල් නොපෙන්නුවට මෙයාලා වෙන වෙන තගවල් දානවා ප්‍රසා අයියෙ....

      Delete
  21. මැදුම් පිළිවෙත හරය වෙච්ච ආගමක අන්තවාදී අනුගාමිකයන් ඉන්න එක, එක අතකින් බලපුවම මාරම විහිළුවක්. බුදුහාමුදුරුවන්ට, උන්වහන්සෙගෙ පින්තූරෙ කොහේ හරි ගහලා කියලා ඒ දවස් වලා ආරන්චියක් එහෙම ගියානම්, උන්වහන්සේ මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද ! අන්න ඒක වෙන්න ඕනා වර්තමාන ක්‍රියාමාර්ගයත්. ඒත් වෙන්නෙ වෙන එකක්.

    ReplyDelete
    Replies
    1. විහිළුවක් වෙන්නෙත් ඉල්ලගෙන... ඒකයි ලැජ්ජාව...

      Delete
  22. රටේ විනාසෙට ආගමික නායකයන් එකෙන්ම වග කිව යුතුයි. හැම ආගමකම වගේ අය.

    ReplyDelete
    Replies
    1. පත්තරකාරයෝ ඊට වඩා වගකියන්න ඕනෙ නලින් අයියෙ... මොකද අපේ මගේ රටක් යන පැත්තට මුද්‍රිත මාධ්‍ය වලට සෘජු වගකීමක් තියෙනව...

      Delete
  23. නිර්ආගමික ප්‍රතිශතය වැඩිවෙච්චදාට හාමුදුරුවරුත් “දහම“ ඉගෙනගනියි.

    ReplyDelete
    Replies
    1. නිර්ආගමිකයෝ වැඩි වෙන්නෙ නෑ සුමිත් අයියෙ අන්තවාදියෝ වැඩි වෙනව මිසක්...

      Delete
  24. //බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් කියල විතරමයි..//.
    කාටද කියන්නෙ හිරූ,ඔයා කියන කට ගලක උලාගන්න හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා කට පියාගෙන ඉන්න බැරිම තැන මේ ලිව්වෙ හැලප්ස්....

      Delete
  25. යකා කියන්නෙ බ්ලොග් ලෝකෙට අමුත්තෙක්.බ්ලොග් එකක් පටන් අරන් ඒක දියුණු කරගන්න හැටි ඝැන උපදෙස් පොඩ්ඩක් මන්දු කෙරුවනම්

    ReplyDelete
    Replies
    1. අර Praසන්ன ගෙන් අහන්න... එයා තමා සුදුසුම ඕකට...

      Delete
    2. හරි සිම්පල්....

      පුලුවන් තරම් කියවන්න... තමන්ට හිතෙන දේ කමෙන්ට් කරන්න... පුළුවන් තරම් ලියන්න...

      බ්ලොග් එකක දියුණුව කියන්නෙ තමන්ට දෙන්න තියෙන දේ දෙන හැටියි, ගන්න තියෙන දේ ගන්න හැටියි අනුව තමන්ටම හිතාගන්න පුලුවන් දෙයක් මිසක් ෆලොවර්ලාගෙන්වත්, කමෙන්ට් වලින් වත් මනින දෙයක් නෙවෙයි මගේ පොතේ හැටියට....

      Delete
    3. @ Hiru.....Well said.....That is the correct answer! (mage potheth hatiyata)

      Delete
  26. //හැමදාම කාටූන් ටික කියවද්දි මට හිතෙනවා මුළු පත්තරේම තියෙන දේවල් වලින් රටේ මිනිස්සුන්ගෙ හිත් වලට තියෙන දේවල් වලට තියෙන්නේ කාටූන් ටික විතරයි කියල.//. ඇත්තටම.. ඒතනදි අනින හීං ටොක්ක පංකාදුයි....හැබැයි ඉතිං ඒ දේවල්ම විවෘතව කතා වෙනව නම් දකින්න අඩුයි...

    හාමුදුරුවෝ දැං සමාජශීලි වෙන්නනේ යන්නේ...ඔය ඩ්‍රයිවින් එහෙම ඉගෙනගෙන...ඊළඟ රටේ ඇහිවෙන ලොකුම ප්‍රශ්නේ ආගම්වාදය වෙයි කියලා මට වෙලාව්කට හිතෙනවා මෙව්වා හින්දා

    ReplyDelete
    Replies
    1. තියෙන ප්‍රශ්න මදිවට....

      Delete
  27. දැන් වෙලා තියෙන්නේ නීතිය බල්ලට ගිහිං. බල්ලෝ පන්සල් ඇතුලට රිංගලා. සුනඛයෙකුටවත් උන්ගේ
    තත්වය ආරක්ෂා කරගෙන ඉන්න විදිහක් නෑ...

    ReplyDelete
  28. ෂා....මොනර නම් ලස්සනයි බොලේ...! දැන් ගොහින් බැලුවෙ.

    ReplyDelete
  29. බ්‍රිගේඩියර් ඥාණසාරව ජනාධිපති කරලා...අතුරලියේව ආරක්ෂක ලේකම් කරලා දැම්මාම වැඩේ හරි. උඩුවේ පිම්පියාට Ministry of Casinos & Brothels බාර දුන්නානම් වැඩේ ගොඩ...කාටුන් ශිල්පීන්ට නිවාඩු යන්න තිබුනා.

    ReplyDelete
  30. අපෙ උන් ආගමතමන්ගෙ බුදලයක් කියල එක රකින්න දගලනව මිසක් එකෙන් කියල තියෙන විදියට ජිවත් වෙන්න්න ඔනකමක් නැනෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලොකුම අවුල... සෝබනේ සෝබනේ...

      Delete
  31. හාමුදුරුවන්ටත් දැන් අපිද බණ කියන්න ඕනි ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සමී... හි හි

      Delete
  32. දැන් හැම දේටම ආගම ගාවගෙන.. ඇඳුම් පැලඳුම්, කෑම බීම... ඔහොම යනකොට ඉස්සරහට තව මොන මොනවට ආගම ගාව ගනියිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සිතූ... එපා වෙනව ඕවා හිතෙනකොට නං....

      Delete
  33. ලියන්න පරක්කු උනා වගේම මට කමෙන්ට් කරන්නත් පරක්කු උනා..
    මම නම් දැන් පත්තරේකට කියල බලන්නේ විදුසර විතරයි.. ලංකාදීප බැලෙනවා උඩහ ගෙදරට ගිය වෙලාවක. එච්චරයි. ටීවී රේඩියෝ ප්‍රවෘති නම් අහන්නෙම නැති තරම්..
    කොහොමත් අක්කේ, හෙනහුරා පාත් වෙන්නේ හිඟන්නාගේ පාත්තරෙටමනේ..

    ReplyDelete
    Replies
    1. මං ඉබලන්නෙත් නෑ.. අහනවා විතරයි...

      Delete
  34. දැන් ඉන්නේ "හාමු" දුරුවරු

    ReplyDelete